හතර වටෙන් ආදර සම්බන්ධයක් බිඳ වැටුනොත් ජීවිතේම එපා කරගන්නවාද…?

ආදර සම්බන්ධයක් බිඳ වැටුනොත් ජීවිතේම එපා කරගන්නවාද…?

2022 Feb 26

ගැස්ම අපි අද කතා කරන්න හිතුවා Relationship Breakups ගැන. Breakup එකක් කියන්නෙ මොකද්ද? කොහොමද Breakup එකක් වෙන්නෙ? Breakup කරන කෙනාට සහ Breakup එකට මුහුණදෙන කෙනාට දැනෙන්නෙ මොනවද? මේ දේවල් ගැන කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියලා අපිට හිතුණා.

 

 

අපේ Relationship එක නැත්නම් ඒ bond එක හදාගත්තට පස්සෙ අතරමඟදි කුමන හෝ හේතූන් නිසා ඒ දෙන්නා වෙන්වෙන එක තමයි සරලවම Breakup එකක් කියන්නෙ. ඒක ඕන කෙනෙක් දන්නවා. නමුත් Breakup එකක් ඇයි pain එකක් විදියට දැනෙන්නෙ? ඒකට ප්‍රධානම හේතුව තමයි Addiction එහෙමත් නැත්නම් ඇබ්බැහිවීම. මොකද Attachment එක හදාගන්නකොට ඒක chemical Reaction එකක් වෙනවා Brain එකේ. ඒක එතකොට වෙනම comfortable level එකක්. හිතන්නකො, drugs use කරනකොට මුලින්ම comfortable level එකක් දැනෙනවා වගේම ඒක continue කරගෙන යන්න හිතෙනවා. ඒකත් එක්ක Addict වෙනවා. සමහරවිට Addict වුණාට පස්සෙ අවබෝධයෙන් තීරණ ගන්න එක අඩුයි සහ Addiction level එක වැඩියි. එතකොට අවබෝධෙන් අපිට පේන දේ අපිට practically use කරගන්න බැහැ. තමන් දන්නවා මම ඉන්න bond එක මෙන්න මේ වගේ කියලා. දන්නවා මම drugs වලට addict වෙලා ඉන්නෙ කියලා. ඒ වගේම තමයි මෙහෙම ගියොත් මගේ life එකට මෙහෙම වෙනවා කියලා දන්නවා. ඒ වගේම තමයි වෙන අය කියන දේවල් සහ තමන්ගේ life එකත් එක්ක compare කලාට පස්සෙ තමන්ට වෙන effect එක හොඳට තේරෙනවා.ඒ වගේ තමයි bond එකකට addict වුණාට පස්සෙ තේරෙනවා මේක toxic ද? මගෙ life එක ආපස්සට යනවද? නැත්නම් breakup එකක් වුණාම life එකට වෙන්නෙ මොකද්ද කියලා. නමුත් addiction එක නිසා කොච්චර අවබෝධයක් තිබුණත් ඒක practically use කරගන්න බැහැ. අපිට තියෙන knowledge එක education level එක කොච්චර වැඩි වුණත් මොන විදියේ සමාජ ස්ථරයක හිටියත් අපිට ඒ දේවල් practically use කරගන්න බැහැ. ඒක addiction එකක හැටි.

එතකොට breakup එකක් වෙනවා කියන්නෙ, එක්කෙනෙක් decide කරනවා එතනින් අයින් වෙන්න. සමහරවිට එක්කෙනෙක් හෝ දෙන්නම decide කරනවා මෙතනින් අයින් වෙන්න. නමුත් මෙතනින් ලොකුවට වේදනාවට පත්වෙන එක්කෙනෙක් ඉන්නවා අනිත් කෙනාට වඩා.

 

 

Breakup එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි ආකර්ෂණය නැතිවීම (attraction faded). ඒක එක හේතුවක් විතරයි. සමහරවිට වෙන වෙන පාරිසරික හේතූන් නිසාත් Breakup එකක් වෙන්න පුළුවන්. Attraction faded වෙනවා කියන්නෙ මුලදි තිබ්බ thrilled එක ටික ටික අඩුවෙලා ගිහිල්ලා අනිත්කෙනා ගැන තියෙන උනන්දුව තවදුරටත් continue කරගෙන යන්න තියෙන ආසාව නැතිවෙලා යන එකට. මේ හේතුත් එක්ක කෙනෙක් අයින් වෙන්න හදනවා. හැබැයි අනිත් කෙනා breakup pain එක experience කරනවා. එතකොට addiction එකක ඉන්න නිසා brain එක හැමවෙලේම අනිත්කෙනාගෙ feelings ඉල්ලනවා. ඒකෙන් තමයි ජීවත්වෙනවා වගේ වාතාවරණයක් හැදිලා තියෙන්නෙ. හරියටම කිව්වොත් drug addiction එකක ඉන්න කෙනෙක් වගේම තමයි.

නමුත් brain එකෙන් ඒක ඉල්ලුවට reality එකේ ඔයා experience කරනවා ඒ මනුස්සයා නැහැ කියලා. Brain එකට කොයිවෙලේ හරි confirm Massage එකක් ගියොත්, තවදුරටත් ඒ මනුස්සයා ඔයත් එක්ක continue වෙන්නෙ නැහැ කියලා, එයා වෙන affair එකක් කරනවා නැත්නම් එයා අතරමඟදි ඔයාට අපහාස කරනවා සහ හිතපු නැති විදියේ හැසිරීම් පෙන්නනවා කියලා. ඒ confirm massage එක ඔලුවට ගිය ගමන් confusion එකක් පටන් ගන්නවා ඔයාගෙ full protecsional එක දෙනවා. කන බොන එක, නිදාගන්න එක, වැඩවලට attention එක දෙන එක සාමාන්‍ය ජීවිතයේ එහෙම් පිටින්ම නවත්තලා full protecsional එක දෙන්නෙ අර relationship එක continue කර ගන්න. මොකද ඔයා addiction එකක ඉන්න නිසා. එයා toxic ද? නැද්ද? මේක breakup වෙන්න තිබ්බ එකක්ද? Breakup වෙච්ච එකෙන් ඔයාට හොඳක් සිද්ධ වෙනවද? කිසිම දෙයක් අදාළ නැහැ. කොහොමහරි try කරන්නෙ එයා පස්සෙන් ගිහිල්ලා Attachment එක හදාගන්න. ඒක තමයි addict වුණාට පස්සෙ හැටි. එතකොට reality එකේ ඒ මනුස්සයා Move වෙනවා කියන දේ ඔයා experience කරනවා. නමුත් brain එකෙන් ඒ attachment එක තියෙන විදියට තමයි ඔයාව move කරවන්නෙ. ඔයාව සාමාන්‍ය ජීවිතයේ ආයෙ back to normal කරන්න සාමාන්‍ය විදියට ඔයාට ජීවත්වෙන්න සලස්වන්න ඒ කෙනාවම ඕනේ කියලා හිතෙනවා. Addiction එක කියන්නෙ ඒ වගේ දේවල්.

 

 

අපේ ජීවිතයට අත්‍යවශ්‍ය නැති නමුත් ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි කියලා brain එක recognize කර ගත්ත දේවල් තමයි addiction කියලා කියන්නෙ. ඒ මනුස්සයගෙ දේවල් විශේෂීකරණය කරලා වෙන් වීමක් සිදු කරනවා. මොකද addiction එකක ඉදලා එකපාරටම ඒ ගැන බලාපොරොත්තු නැතිවෙනවා කියන massage එක ඔළුවට ගියපු ගමන් අපේ හිත කරන්නේ එයාගෙ තියෙන විශේෂිත ගුණාංග ලොකු කරලා පෙන්නනවා. එයාගෙ පෙනුමද? එයා වෙන කෙනෙක් එක්ක යයිද? එතකොට සිංදුවක් ඇහුවත් ඒක feel වෙනවා. වැඩකට attraction එක දීගන්න බැහැ. Lost වුණා වගේ feel එකක් එනවා. මගේ වැරැද්දෙන් එයා lost වුණාද කියලා හිතෙනවා. Last Seen බලන්න හිතෙනවා. Follow up එක දෙන්න හිතෙනවා. ඔය වගේ සාමාන්‍ය ජීවිතයේ ඉන්න level එකට වඩා ලොකු confusion එකක් ඇති කරනවා මනුස්සයගෙ නැති විශේෂත්වයකුත් ගුණනය කරලා හදලා පෙන්නනවා. ඔයාව එතනට තල්ලු කරනවා attachment එක continue කර ගන්න.

මොකද ඔයාගෙ Body process එක පුරුදු වෙලා තියෙන්නෙ එයාගෙ ජීවිතය මතින් depend වෙන විදියට. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. එතකොට Breakup එක කරන කෙනාට ඇත්තටම ලොකු pain එකක් නැහැ. මොකද එයා දන්නවා ඔයා පස්සෙන් එනවා කියලා සහ එයාට attraction fade වෙලා තියෙන්නෙ. එයා decide කරනවා Breakup කරන්න. නමුත් එයා mentally breakup එක කරන්න කියලා physical Attachment එක නැවැත්තුවට mental disconnect වෙලා නැහැ. Mental Disconnect වෙන්න යම්කිසි කාලයක් යනවා. එතකොට එයා තමයි breakup කරනවා කියලා ලොකුවට decide කරන්නෙ. නමුත් අනිත් කෙනාට මම අර කිව්ව හැමදෙයක්ම experience කරන්න සිද්ධ වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික breakup pain එක experience කරනවා කියලා එයා අත්විදින්නෙ අර painful කාල පරාසයක්. ඉතින් මේක තමයි attachment එකකින් පස්සෙ breakup එක කරන කෙනාට සහ breakup එක initiate කරන කෙනාටත් මුහුණ දෙන්න වෙන අත්දැකීම. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාට අවබෝධයක් එන්න ඇති කියලා. අපි ඉදිරියේ දී තවදුරටත් මේ ගැන කතා කරමු.

 

නදිමාල් එදිරිසූරිය – relationship counselor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here