හතර වටෙන් මේ විදියට Love කරන Couple ඔයාටත් මුණගැහිලා තියෙනවාද …?

මේ විදියට Love කරන Couple ඔයාටත් මුණගැහිලා තියෙනවාද …?

2022 Mar 6

ප්‍රේම සම්බන්ධයක් ඇතිව හෝ නැතිව, අනිත් couple එක්ක කාලය ගත කරන එක විනෝදජනක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙකුට මීට සම්පූර්ණ වෙනස් අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත්, තනිවම හෝ තුන්වෙනි පාර්ශවකරුවෙක් විදිහට අපි මේ කතා කරන්න යන දේ ගැන අවබෝධයක් තියන එක වැදගත් වේවි. අපි මෙතනදි කියන්න යන්නෙ ලංකාවෙදි අපට හමුවන විවිධ couple කිහිපයක් ගැන. ඔයාගෙ ජීවිතයේදී ඔයාගෙ මිතුරන් හිතවතුන් අතරින් අපි මේ කියන විවිධ වර්ගවල අය හමුවෙලා ඇති. සමහර විට ඔයත් මේ එක වර්ගයකට හෝ කිහිපයකට අයිති වූ අවස්ථා ඇති. ලංකාවෙ අපට හමුවන විවිධ විදියේ couple ගැන විග්‍රහයක් කරන එක ඔයාට ඔයා ගැනමත් හොඳ තක්සේරුවකට එන්න උදවුවක් වෙයි කියල අපි හිතනවා.

 

 

Social media couples

 

 

අපි මේ කියන couples නම් ඕනෑ තරම් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වර්ථමානයේ මේ විදිහේ අය නිතර මුණගැහෙනවා. මේ පුද්ගලයින් ඒ අයගෙ Smart phone එකත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිල ඉන්න බව හඳුනා ගන්න පුළුවන්. දවසේ හැම කටයුත්තක්ම වීඩියෝ විදිහට නැතිනම් පින්තූර විදිහට සටහන් කිරීම ඔවුන්ගෙ මූලික ලක්ෂණයක් වනවා. ඒ අයගේ ප්‍රේමය ලෝකයටම දැකගත හැකි Blog එකක් වගේ කිවුවොත් නිවැරදියි. එතරම්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය වල සටහන් තියෙනවා. ඔයා, Social media news feed එකක් බලද්දි මේ වර්ගයේ අයගේ නොනවතින Selfies, Snaps දැකගන්න ලැබෙනවා නේද..? Facebook සහ Instagram මාධ්‍ය වලට ලැබෙන Likes, Comments තමයි මේ වර්ගයේ අයගේ දවස පවත්වාගෙන යන්නෙත්.

නිබ්බා සහ නිබ්බී – Teenage couples

 

 

නව යොවුන් වියේ ඉන්න couples මේ කාණ්ඩයට අයත් වනවා. එදිනෙදා දේවල් ගැන සරළ ප්‍රාථමික මට්ටමින් සිතන පතන තත්වයක් මේ අයගෙන් හඳුනාගන්න පුළුවන්. මේ අයගෙ ප්‍රේමය ගැන හොඳින් නිරීක්ෂණය කළොත් මගේ පණ, බබා, පැටියා, සුදු අම්මියා, සුදු තාත්තියා වගේ සීනි බෝල වචන ඕනෑ තරම් හඳුනාගත හැකියි. තමන්ගෙ වටපිටාව කුමක් වුවත් මේ අය අනිකා වෙත තියෙන මේ බොලඳ ආදරය පැණි බේරෙන විදිහට ප්‍රකාශ කරන්න වගබලා ගන්නවා ඔයාට දකින්න ලැබේවි.

“බොක්ක” – හොඳම මිතුරන් වැනි පෙම්වතුන්

 

 

මේ වර්ගයේ පෙම්වතුන් සමග කාලය ගත කිරීම ඉතාම සාමාන්‍යයි සහ විනෝදජනක වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වර්ගයේ යුවලක් ඇත්තටම පෙම්වතුන්මද කියල හිතෙන්න පවා පුළුවන්. ඒ තරමටම ඔවුන් සාමාන්‍ය මිතුරන් වගේ හැසිරෙනවා දකින්න හැකියි. මේ අය බොහෝවිට කලක් තිස්සේ හොඳම යහළුවන් වීමෙන් පස්සෙ පෙම්වතුන් වූ බව නිරීක්ෂණය කරන්න හැකිවේවි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රේමයට වඩා මිත්‍රත්වය පිටතට පෙනීමේ සම්භාවිතාව වැඩියි. මේ වර්ගයේ පෙම්වතුන් එක්ක කාලය ගතකරන එක තුන්වැන්නකු විදිහට ඉතාම ලෙහෙසි කටයුත්තක් වේවි. එකිනෙකාව පහසු කරවාගන්න අතරම තමන් අවට ඉන්න අනික් මිතුරන්වත් පහසු කරවන්න ඔවුන් ඉතා හොඳින් දන්නවා වගේම නිතැතින්ම ඔවුන් අතින් එය සිදුවනු ඇති.

නිතර රණ්ඩු කරන couples (වලි couples)

 

 

මේ වර්ගයේ පෙම් සම්බන්ධතා නිතරම යුධමය කලාපයක සිටින බවක් දනවනු ඇති. ඕනෑම දෙයක් ගැන ඕනෑම මොහොතක වාදයකට එළඹෙන්න ඔවුන් සූදානම් වගේම ඒ වාද ඉතා බරපතල අවසානයක් කරා ගෙන යන්නත් ඔවුන්ට පුළුවන්. බොහෝවිට මේ මතබේද පදනම් වන්නේ නොසලකා හැරිය හැකි මට්ටමේ අනවශ්‍ය හේතුවක් මූලික කරගෙන බව හඳුනගත හැකියි. තැන නොතැන නොබලා වටපිට ඉන්නේ කවුරුන්දැයි නොසිතා මොවුන් මේ මතගැටුම් ඉදිරියට ගෙන යනවා දැකගන්න පුළුවන්. මේ විදිහේ යුවලක් සමග ගැවසීම ඉතාම අපහසු කටයුත්තක්. විශේෂයෙන්ම තුන්වැන්නකුට මෙවැනි යුවළක් සමග සිටීම ඉතා වේදනාකාරී විය හැකියි. ඕනෑම මොහොතක මත ගැටුමක් ඇතිවී “බබා” “යකෝ” බවට පෙරලිය හැකි නිසා ඉතා අපහසුවෙන් එවැනි දෙදෙනෙක් එක්ක ඉන්න ඔයාට සිදුවේවි.

දුරස්ථ ප්‍රේම සම්බන්ධතා (ප්‍රේම අරගල)

 

 

මේ වර්ගයේ ප්‍රේමයන් පවතින්නේ තාක්ෂණය මත පමණයි. තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ ඇමතුම් අරගෙන දවසේ කටයුතු ගැන කතා කිරීමේ සිට සියළුම දේවල් සිදුකිරීම ඔවුන්ගේ විදිහ වනවා. සියළු ශාරීරික අවශ්‍යතා සමග මුළු ජීවිතයම වීඩියෝ කෝල් එකකට ලඝු කරමින් ජීවත් වීම මොන තරම් අසීරු දෙයක් වුනත් ඔවුන් එය කරනවා දැකගන්න පුළුවන්. බොහෝ වෙලාවට වෙනත් රටවල හෝ ඉතා දුර බැහැර ඉන්න මේ අයට මේ දෛනික වීඩියෝ කෝල් එකටත් වඩා එයට පහසු වෙලාවක් සොයා ගැනීම අපහසු වනවා. අනික් පාර්ශවය කතා කරමින් ඉද්දිම එක පාර්ශවයක් මොබයිල් ෆෝන් එකත් එක්කම නිදා ගැනීම මේ සම්බන්ධතා වල සාමාන්‍ය තත්වයක්. බොහෝ වෙලාවට මේ සම්බන්ධයන් දිගු කාලීන නොවුනත් සමහර විට ඒවා අවසානයක් කරා ගෙනයන අයත් නැතුවාම නොවෙයි.

අයියා – නංගී පෙම් යුවල

මේ වර්ගයේ අය අනිකාව හඳුන්වන්නේ, ආමන්ත්‍රණය කරන්නේ වෙනමම තලයකින්. වයසින් වැඩි පෙම්වතෙක් තමන්ට වඩා බාල වයසේ පෙම්වතියක් එක්ක පෙම්වතුන් වීමට පෙර හිතවතුන් වනවා. ඒ අය “අයියා” සහ “නංගී” ලෙස අමතා ගැනීම සාමාන්‍යයි. අවසානයේ පෙම්වතුන් වීමෙන් පසුවත් මේ ඇමතීමේ වෙනසක් වන්නේ නැහැ. සමහරු විවාහයෙන් පසුවත් මේ හැඳින්වීමම කරනවා දකින්න පුළුවන්. නමුත් ආදරය, ආරක්ෂාව, අවබෝධය වගේ කාරණාවන් මේ මත රඳා පවතියි කියල පුර්ව වින්ශ්චයන්ට එන්න නම් කාටවත් බැහැ. ඒවා එකිනෙකා මත රඳා නොපවතින දේවල්.

විටින් විට එක්වන පෙම් යුවල

මේ වර්ගයේ පෙම්වතුනුත් අපට නිතර මුණ ගැහෙනවා. ඒ දෙන්නා එකට ඉන්නවද නැද්ද කියල කවුද දන්නෙ, කියන ප්‍රශ්නය ඔයාටත් ඇතිවෙලා ඇති. මේ සතියේ ආදරයෙන් ඉන්න යුවල ඊලඟ සති අන්තය වෙද්දි විරසකයි. නැවත සතියකින් ඔවුන් පෙම්වතුන්. මෙවැනි couple එකකට ට්‍රිප් එකකට, සාදයකට ආරාධනා කරන එක ඉතා අමාරු කටයුත්තක්. ඒ මොකද කිව්වොත් ආදාළ දවස වෙද්දි ඒ දෙන්නාගෙ ප්‍රේමයේ තත්වය කාටවත්ම විශ්වාසයක් නැති නිසයි. මේ නාට්‍ය දිහා බලා සිටීම විනෝදජනක විය හැකි වුවත් එක මට්ටමකින් පස්සෙ තුන්වැන්නකුට එය බලා සිටීමත් අපහසු වනු ඇති.

ටියුෂන් couples

 

 

ටියුෂන් පන්තියේ couples ඔයාට අලුත් අත්දැකීමක් වෙන්න විදිහක් නැහැ. බොහෝවිට මේ අය එකම ටියුෂන් පන්තිය තෝරගන්නෙත් එකිනෙකා සමග වෙලාව ගත කිරීමේ උවමනාව නිසාමයි. ව්‍යාපාර කළමනාකරණය හදාරන සමහර couples සතියකට පැය දෙක තුනක් රසායන විද්‍යා පන්තියක වෙලාව ගත කරන්න වෙන හේතුවක් උවමනාද..? ටියුෂන් ප්‍රේමය කියන්නෙම එවැනි දේකට. සදාකාලික ආදරයක් වෙනුවෙන් ප්‍රේමයෙන් බැඳෙන මෙවැනි පෙම්වතුන් මාස කිහිපයක ටියුෂන් අරගලයකින් පස්සෙ වෙනත් පෙමකට මාරු වීමත් සාමාන්‍ය දෙයක්.

රහස් couples

 

 

මෙවැනි අයත් ඔයාට හමුවෙලා තියනවා නේද..? එකිනෙකා සමග ප්‍රේම සම්බන්ධතාවක් තියන බවට ඔවුන් දෙදෙනාම හෙළිදරවු කරන්නෙ නැහැ. එකිනෙකාගේ ඇස් වලින් කියන රහස් ගැන, ඉඟි බිඟි ගැන, අමුතු කතා ගැන වටපිටාව දන්නෙ නැහැ කියලත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. නමුත් ඒ බොහෝ දෙනෙක් මෙවැනි යුවලකගේ හැසිරීම් වල අමුත්ත ඉතා ඉක්මනින් තේරුම් ගන්නවා. මේ අය තමන්ගේ ලඟම මිතුරන් සමග ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන්න නිතරම උත්සාහ කරනවා. තමන් පෙම්වතුන් නොවෙයි සාමාන්‍ය යහළුවන් පමණයි කියන හැඟීම පිටතට දනවන්න කරන අසාර්ථක උත්සාහයක්. ඒ නමුත් බොහො දෙනෙක් මෙවැන්නන්ගේ රහස් ඉක්මනින් නිරීක්ෂණය කරගන්නවා.

හොඳම couples

 

 

 

තමන් වඩා හොඳම couple එක බව ඔප්පු කරන්න දඟලන පෙම්වතුන් දැක නැති වෙන්න බැහැ. ඔයා අවට ඕනෑ තරම් එවැනි අය ඇති. තමන්ගේ හොඳම යහළුවන් අතර වුවත්, හොඳම පෙම්වතුන් තමන් බව ඔප්පු කරන්න ඔවුන්ට අවශ්‍යයි. වඩා ආදරයෙන් විශ්වාසයෙන් අවබෝධයෙන් ඉන්නෙ තමන් දෙදෙනා බව ඔප්පු කරන්න මේ අය හුඟක් මහන්සි වෙනවා. සමහර විට එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරනවාටත් වඩා මෙලෙස “හොඳම” කපල් එක බව පෙන්වීමේ අරගලයට කාලය වෙන් කරනවා. ඔයාගෙ ආදරය පවත්වාගෙන යන්නෙ කොහොමද කියල නිතර විමසන මේ අය ඔවුන්ගේ සම්බන්ධය ඊට වඩා හොඳින් පවත්වා ගන්නා ආකාරය ගැන අත්දැකීම් වලින් ඔයාට උගන්වන්නත් උත්සාහ කරනවා. තමන් වඩා හොඳ වෙන්නෙ ඇයි කියල ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරන්න මෙවැනි පෙම්වතුන් කටයුතු කරනවා.

මේ ලක්ෂණ කියවද්දි මේ එක් එක් වර්ගයට අයත් පෙම්වතුන් ඔයාගෙ මතකයට නැගෙන්න ඇති. ඒ වගේම, තමන් තුළ හෝ තමන්ගෙ පෙම්වතා / පෙම්වතිය තුළ ඇති එවැනි ලක්ෂණ ගැන මතකයට නැගෙන්නත් ඇති. කිසිවක් හොඳ හෝ නරක ලෙස වර්ග කිරීමක් අපි මේ ලිපියෙන් අපේක්ෂා කරන්නෙ නැහැ. නමුත් වඩා සුදුසු සහ ප්‍රායෝගික තලය තෝරා ගන්න මේ ලිපියෙන් උදවු ලබාගන්න ඔයාටත් හැකියාව තිබෙන බවත් මතක් කළ යුතුමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here