හතර වටෙන් ශ්‍රී ලංකාවේ සුරතලුන්ට හිතකාමී හෝටල් සහ නවාතැන් …

ශ්‍රී ලංකාවේ සුරතලුන්ට හිතකාමී හෝටල් සහ නවාතැන් …

2022 May 31

ඉතිහාසයේ සිට මේ දක්වාම මිනිසුන් සහ සුරතල් සතුන් අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඔබ ඔබේ සුරතලාට ආදරය කරනවා හා සමානව සුරතලාද ඔබට ආදරය කරනවා.  සුරතලා තම ස්වාමියා සමග ඇතිකරගන්නා ඒ  බැඳීම සුරතලාගේ යහපැවැත්මට ඍජුවම බලපාන බව ඔබ දන්නවාද?
ඔබටත් සුරතලෙකු සිටිනවානම්, ඔබේ සුරතලා නැතුව කොහේ හෝ තැනක නිවාඩුවක් ගතකරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද සුරතල් සතුන් රැගෙන යන්න පුළුවන් ස්ථාන ලංකාවේ තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ හේතුව නිසා ඔබේ සුරතලා සමග නිවාඩුවක් ගතකිරීමට ලංකාව වටා ඇති සුරතලුන්ට හිතකාමී හෝටල් list එකක්ම අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.
Hilton Colombo Residence

 

 

කොළඹ ජීවත්වෙන අයටනම් Hilton Colombo Residence කියන්නෙ ආගන්තුක තැනක් නෙමෙයි.  H අක්ෂරය සහිත දැවැන්ත පුවරුවක් ඇති ගොඩනැගිල්ල කොළඹ පිහිටා ඇති අනෙක් ගොඩනැගිලි අතරින් ඉතාමත් ප්‍රසිද්ධයි. ඔයාට පුළුවන් ඔයාගේ සුරතලත් එක්කම ගිහින් Hilton එකේ නිවාඩුවක් ගතකරන්න.
ස්ථානය – 200, යුනියන් පෙදෙස, කොළඹ 02
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 011 534 4644
Foozoo Mantra – Lake Gardens

 

 

Royal Colombo Golf Club එක අසල පිහිටා ඇති Foozoo කියන්නේ නිවාඩුවක් ගත කිරීම සහ විනෝදාස්වාදය සඳහා අද්විතීය අත්දැකීමක් ලබා දෙන ඒ වගේම ආගන්තුක සත්කාර වලින් පිරිච්ච ස්ථානයක්. ඉතින් ඔයාගේ සුරතලාවත් ගෙනියන්න පුළුවන් ස්ථානයක් තමයි Foozoo Mantra කියන්නේ.
ස්ථානය – 40/12, Lake Gardens off Lake Drive, Colombo 08
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 076 044 5030
Plumeria Luxury Villas – Udawalawa

 

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට කිලෝමීටර 12ක් දුරින් පිහිටි නිස්කලංක පරිසරයක මෙම Villa එක පිහිටා තිබෙනවා. Plumeria Luxury Villas කියන්නේ සුරතල් සතුන් රැගෙන යන්න පුළුවන් ස්ථානයක් වගේම සුපිරි පහසුකම් සපිරි ආගන්තුක සත්කාර වලට ප්‍රසිද්ධ ස්ථානයක්.
ස්ථානය – 194/3, Maddyama Adoluwa, Udawalawa
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 076 305 0918
O2 Villas – Weligama

 

මනස්කාන්ත භූමි දර්ශනයකට මුහුණලා පිහිටා ඇති මේ O2 Villas – Weligama නිදහසේ සුවපහසු නිවාඩුවක් ගතකිරීමට කියාපු ස්ථානයක්. BBQ පහසුකම් වල සිට උද්‍යාන සහ ටෙරස් පහසුකමද තිබීම මෙහි විශේෂත්වයක් . ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ සුරතලා සමග නිවාඩුවක් ගත කරන්න මෙතන හොඳම තැනක්.
ස්ථානය – කල්දේරම වත්ත, වැලිගම
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 077 729 6051
Roseland Cottages – Bandarawela

 

 

මනරම් කඳු පන්තියකට මුහුණලා පිහිටා ඇති මෙම නවාතැනේ අපූරු අවන්හලක් වගේම සුවපහසු කාමර පහසුකම් සමන්විත වෙනවා. ඔබට ඔබේ සුරතලාද රැගෙනයා හැකි වීම මෙහි අනෙක් විශේෂත්වයයි.
ස්ථානය – Roseland Estate, Ambadandegama, Bandarawela
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 077 333 0950
Beach Wave Hotel – Arugam Bay

 

 

ආරුගම්බේ සර්ෆ් පොයින්ට් එක ආසන්නයේ පිහිටා ඇති මෙම හෝටලය ඔබේ සුරතලා සමග beach side එකේ නිවාඩුවක් ගත කිරීමට  ඔබ යා යුතුම ස්ථානයක්.
ස්ථානය – 43, Water Music Road, Sinna Ullai, Arugam Bay
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 075 273 3380
Highbury Colombo

 

 

 කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති නමුත් නිදහසේ නිවාඩුවක් ගතකරන්නට නියම තැනක් තමයි Highbury Colombo . ඒ වගේම කොළඹ තියෙන තරඟකාරී වටපිටාවෙන් ඈත් වෙලා නිදහසේ ඔබේ සුරතලාවත් රැගෙන නිවාඩුවක් ගතකරන්නට කියාපු ස්ථානයක්.
ස්ථානය – 14, ස්කෙල්ටන් පාර, කොළඹ 03
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – USD 10
ක්ෂණික ඇමතුම් අංකය – 077 436 6273
Dots Bay House – Dikwella

 

පාරාදීසයක් වගේ ලස්සන තැනක පිහිටා තිබෙන Dots Bay House ගියොත් ඔබට සුන්දර අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. ඒ  වගේම ඔබේ සුරතලාවත් මෙම ස්ථානයට ඔවුන් සාදරයෙන් පිළිගන්නවා.
ස්ථානය – හිරිකැටිය වෙරළ, දික්වැල්ල
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 077 770 0926

ඔබට ඔබේ සුරතලා සමග සුවපහසු නිවාඩුවක් ගතකරන්නට හොඳම තැන් ලැයිස්තුවක් මෙම ලිපිය තුළ අන්තර්ගතයි. මීට අමතරව ඔබ දන්නා විශේෂ ස්ථාන තිබෙනවා නම් පහලින් සඳහන් කරන්නට අමතක කරන්නට එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here