හතර වටෙන් ලස්සනට ඉන්න කැමති ඔබ දෙපා ගැනත් සැලකිලිමත්ද? …

ලස්සනට ඉන්න කැමති ඔබ දෙපා ගැනත් සැලකිලිමත්ද? …

2022 Oct 10

දෙපා නිරෝගීව තබා ගැනීම ඔබේ සෞඛ්‍යයට බලපාන බව ඔබ දැන සිටියා ද ?කාන්තා ඔබ වගේම පුරුෂ පාර්ශවයත් අවධානය යොමු කළ යුතු පොදු තත්ත්වයක් තමයි යටි පතුල් පැලීම කියන්නෙ. ඉතින් ගැස්ම අපි අද කතා කරන්න හිතුවා විලුඔ එසේත් නැතිනම් යටි පතුල් ඉරිතැලීම නිසා ඔබ විදින ශාරීරික අපහසුතාව පිළිබදව කතා කරන්න.මේ කියන්න යන්නෙ යටි පතුල් පැලෙන්නෙ ඇයි කියන හේතුව වගේ ම යටි පතුල් පැලීම නිසා වේදනාකාරීව ඉන්න ඔබට නිවසේ දී ම කරන්න පුලුවන් පහසු ප්‍රතිකාර ක්‍රම මොනවද කියල.
ඔබේ දෙපා වලට විශේෂ අවධානයක් ලබා දීම අනිවාර්යෙන් ම කළ යුතු දෙයක් .දෙපා ලස්සනට තබා ගැනීම මෙන් ම පිරිසිදුවට තබා ගැනීම නිසා ඔබට සිදුවන අපහසුතා වගේ ම ඔබේ නිරෝගී බවත් රැකගන්න පුලුවන්.

 

 

යටි පතුල් පැලීම සිදුවන්නේ ඇයි
1.ඔබ වියළි සමක් ඇති පුද්ගලයෙක් නම් ඔබේ සමේ තෙතමනය අඩු වූ විට
2.විටමින්ඛනිජ ලවණ හා සින්ක් ඌණතාවය නිසා
3.අධික බර තරබාරු බව නිසා කකුල් මත ඇති තෙල් ග්‍රන්ථි මත ඇති වන තෙරපුම් නිසා
4.දියවැඩියාව තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්ත්ව නිසා
5.උෂ්ණාධික ආහාර අනවශ්‍ය ලෙස ලබා ගැනීම නිසා
6.එකම ඉරියව්වකින් වැඩි වේලාවක් සිටගෙන වැඩ කිරීම

යටි පතුල් පැලෙන්න මෙන්න මේ වගේ හේතු ගොඩාක් තියෙනවා.මේ හේතු විවිධ තත්ත්ව තුළ ඔයාට බලපානවා වෙන්න පුලුවන්.සමහරවිට වියළි දේශගුණික තත්ත්ව වල මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.මේ හේතු වලින් එකක් හරි ඔයාට බලපාලා තියෙනවා ඇති .මේ වේදනාකාරී අත්දැකීමෙන් මිදෙන්න නම් …..
දෙපා වල පිරිසුදුකම ගැන නිතරම හිතන්න.

යටි පතුල් පැලීම සුව කරගත හැකි ස්වාභාවික ප්‍රතිකාර මොනවාද?

 

 

01.ලෙමන් ලෙලි සත්කාරය
• සාමාන්‍ය ප්‍රමාණයකින් යුතු ලෙමන් ගෙඩියක යුෂ මිරිකා හැර ලෙල්ල අරගන්න.
• එම ලෙල්ල මේස් එකක් ආධාරයෙන් විලුඔ වැසෙන ලෙස පැයක් පමණ තබන්න.
• ලෙමන් වල ඇති සංඝටක නිසා වියළි හා ඉරි තැලුනු සම ඉවත් කරයි.
02.ලෙමන් යුෂ සත්කාරය
• ජලය සහිත භාජනයකට ලෙමන් යුෂ එකතු කර විනාඩි 20 පමණ දෙපා තබා ගන්න.
• ඉන්පසු ස්ටෝන් එකක් ආධාරයෙන් යටි පතුල් හොදින් ස්ක්‍රබ් කරන්න.
• යටි පතුල් හොදින් සෝදා පිරිසිදු තුවායකින් වියළා ගන්න.

 

 

03.රෝස වතුර සහ ග්ලිසරින් සත්කාරය
• රෝස වතුර සහ ග්ලිසරින් යටි පතුල් සදහා හොද ප්‍රතිකාරයක්.ග්ලිසරින් සම මෘදු කරනවා වගේ ම රෝස වතුර වල අඩංගු සංඝටක සම සුවපත් කරයි.
• රෝස වතුර ග්ලිසරින් සමාන ප්‍රමාණයක් මිශ්‍ර කර දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර යටිපතුල් වල ආලේප කර හොදින් පිරිමදින්න.

 

04.කහ සහ මී පැණි සත්කාරය
• මී පැණි මේස හැදි 01 ,කහ තේ හැදි 02 ට ,අබ තෙල් මේස හැදි 01 mix කරලා යටි පතුල් වල ආලේප කරලා පැය භාගයකින් සෝදා හරින්න.

 

05.කෙසෙල් සහ පොල්තෙල් සත්කාරය
• පොල්තෙල් මේස හැදි 03 ට හොදට පොඩි කරගත්ත කෙසෙල් ගෙඩි 02 දාලා mix කරගන්න.
• දෙපා වල තවරා විනාඩි 20 සෝදා හරින්න.

 

 

06. එළකිරි සත්කාරය
• හරිම ලේසි ක්‍රමයක් ඔයාට කරන්න තියෙන්නෙ එළකිරි ටිකක් අරගෙන ඔයාගෙ පැලුනු යටි පතුල් වල ආලේප කරල විනාඩි 30 පස්සෙ සෝදා හරින්න.

එදිනෙදා කටයුතු කරගෙන යාමේදී සිදුවන පැලීම් නිසා විවිධ ආසාදන ඇතිවිය හැකියි.මේවා ගැන සැලකිලිමත් නොවී සිටියහොත් කුනු දූවිලි ඇතුලු වීම නිසා විවිධ ආසාදන තත්ත්ව සිදු විය හැකියි.මීට අමතරව හොදින් ජලය පානය කිරීම ,ශරීරය සිසිල් කරන ආාහාර භාවිතා කිරීම, දිනපතා ස්නානය කිරීමත්, යටි පතුල් පිරිසුදුව තබා ගැනීමත් යන කරුණු කෙරෙහි වැඩි අවදානයක් පවත්වාගතහොත් ඔබට පැලුන දෙපා සුව කරගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

 

සිතාරි නිමේෂා මහීපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here