හතර වටෙන් දැයේ හෙට දවසට සුදුසු පරිපූර්ණ නායකත්වයක් බිහිකිරීම වෙනුවෙන් අද දවසේ වෑයම…

දැයේ හෙට දවසට සුදුසු පරිපූර්ණ නායකත්වයක් බිහිකිරීම වෙනුවෙන් අද දවසේ වෑයම…

2022 Dec 13

AISEC සංවිධානය ලංකාවේ දැවැන්තම නායකත්ව සංවර්ධන වැඩසටහන සංවිධානය කිරීමට දායකත්වය දක්වනවා. තරුණ අංකුර නායකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම උදෙසාම පැවැත්වෙන Amplifier 2022 වැඩසටහන මෙලෙස ඔවුන්ගේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නක්.

AISEC Sri Lanka සංවිධානය, මෙරට තරුණ තරුණියන්ට ජාත්‍යන්තර සීමාවාසික පුහුණුව සහ නායකත්ව අත්දැකීම් ලබාගැනීම උදෙසාම පවතින ගෝලීය අවකාශයේ කොටසක්. 1948 වර්ෂයේ දී ආරම්භ කෙරුණු AISEC සංවිධානය රටවල් 110කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්තවී තිබෙන ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක්. තරුණ ශක්‍යතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරුණයන් විසින්ම පවත්වාගෙන යන්නක් වීමත් මේ සංවිධානයේ විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ AISEC සංවිධානය 1995 වසරේ දී ආරම්භ කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර මව් සංවිධානයේ මෙරට ශාඛාවක් ලෙසිනුයි. මව් සංවිධානයේ සාමාජිකයකු ලෙස ක්‍රියාත්මක වෙමින්, ඔවුන්ගේ අවස්ථාවන් හරහා සම්බන්ධ වෙමින් ලෝකයේ යහපැවැත්ම සහ වඩා යහපත් හෙට දවසක් උදෙසා ධනාත්මක බලපෑමක් ඇතිකරමින් සිටිනවා.

AISEC Sri Lanka සංවිධානය මගින් පැවැත්වෙන Amplifier 2022 වැඩසටහන දෙසැම්බර් 4 සහ 6 දෙදින තුළ නිළ වශයෙන් ආරම්භ කෙරුණා. පාසල් හැරගිය සිසුන් සහ උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන් පිරිසක් මෙවර වැඩසටහනට සම්බන්ධ වී සිටිනවා. මේ වැඩසටහන යටතේ එළඹෙන ජනවාරි 15 වැනිදා දක්වා ඔවුන් මෙලෙස පුහුණුව ලබනු ඇති. Amplifier වැඩසටහන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තරුණ තරුණියන් උදෙසා සමාරම්භක වැඩසටහන්, විවිධ සම්මන්ත්‍රණ සහ වැඩමුළු ගණනාවක් හරහා ක්‍රියාත්මක වෙමින් වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් පරිපූර්ණ තරුණ නායකයකු නිර්මාණය කිරීම උදෙසා ක්‍රියාත්මක වනවා.

Induction Day 01 (4th of December)

Induction Day 02 (6th of December)

Amplifier 2022 වැඩසටහනේ පෙළගැස්ම සකස් වී ඇති ආකාරය මෙසේයි.

Training 01 – 11th December 2022
Training 02 – 14th December 2022
Workshop – 18th December 2022
Assessment Day 01 – 21st December 2022
Assessment Day 02 – 8th January 2023
Open Discussion & Award Ceremony – 15th January 2023

වැඩසටහනේ පළමු වැඩමුළුව සහ පුහුණු සැසිය මගින් දැනුම් හුවමාරු කරගැනීම සහ විචාරාත්මක චින්තනය ඔස්සේ අභියෝගාත්මක අත්දැකීම් ලබාගැනීමට Amplifier සාමාජිකයින් හට අවස්ථාව සලසා දී තිබෙනවා. වැඩමුළුවේ සාමාජිකයින්‍ට තමන් උගත් දේ ප්‍රායෝගිකව පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලැබීමත් මෙහි තවත් විශේෂත්වයක්.

දෙවැනි අදියරේදී සාමාජිකයින්ට නායකයකු ලෙස සෙසු සාමාජිකයින්ට වගේම සාමාන්‍ය ජනතාවට තම අදහස් ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබා දෙනවා. නායකත්වය සම්බන්ධ නොයෙක් විශයානුබද්ධ කරුණු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම මෙන්ම දෙවනුව එලෙස ඉදිරිපත් කෙරෙන අදහස් සහ මතවාද සැසඳීම සහ සමාලෝචනය කිරීම සිදුවෙනවා.

සමාජයීය ගැටළු නිරාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් ලබාදීම වෙනුවෙන් විශේෂ ක්‍රියාකාරකම් මේ වැඩසටහනට ඇතුළත්. පුහුණුව ලබන සාමාජිකයින් විවිධ කණ්‍ඩායම් වලට වෙන්කොට ඔවුන්ට සමාජීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී, එවැනි සිදුවීම් වලට ඔවුන්ගේ දායකත්වය කෙබඳුද යන්න නිරීක්ෂණය කෙරෙනවා. එම නිරීක්ෂණයන් අනුව අවසන් වැඩසටහනේදී සාමාජිකයින් ඇගයීම සිදුකෙරෙනු ඇති.

හෙට දවසට අවශ්‍ය බලවත් සහ ශක්තිමත් නායකයකු බවට පත්වීම උදෙසා සාමාජිකයින් දිරිමත් කිරීම මේ වැඩසටහන ඔස්සේ Amplifier අපේක්ෂා කරනවා. ඔබත්, ලෝකයේ පවතින සමාජ ගැටළු විසඳීම කෙරෙහි උනන්දුවක් දක්වන අයෙකු නම්, නායකයකු ලෙස ඉදිරියට පැමිණීමට කැමැත්තක් ඇති අයෙකු නම් සහ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති අයෙක් වීමට කැමති නම්, AISEC Amplifier 2022 සමගින් සම්බන්ධ වන ලෙස ඔවුන් ඇරයුම් කර සිටිනවා.

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here