හතර වටෙන් තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…

තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…

2022 Dec 29

මිනිස්සුන්ට විවිධ හැඟීම් තියෙනවා. දුක, සතුට, ආදරය වගේ විවිධ හැඟීම් මිනිස්සුන්ට දැනෙනවා. ඒ අතරේ ටිකක් නරකම දෙයක් තමයි තරහා කියන්නේ. කෝපය, ක්‍රෝධය, ද්වේශය වගේ සමාන තේරුම් තියෙන වචන මේ හැඟීමට කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ‘Anger’ කියල හඳුන්වන මේ හැඟීම බොහෝ වෙලාවට ඇති වෙන්නෙ කතාබහ නිසා හෝ ක්‍රියාවක් නිසා.

 

අපි සමාජයේ මිනිසුන් සමග නිරන්තරව ගැටීමේදී බොහෝ අවස්ථාවන්වලදී ද්වේශ සහගත හැඟීම්වලට අපි භාජනය වනවා.නමුත් ගැටුමක ආරම්භක අවස්ථාවක් ලෙස පුද්ගලයා තුළ තරහව ඇතිවීම මුල් අවස්ථාවන්වලදී වළක්වා ගැනීම තුළින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට අපට හැකි වනවා. ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි පුංචි පියවර හතක් ඔබේ හදගැස්මට අපි එකතු කරනවා.

‘කතා කරන්න කලින් හිතන්න’

 

වචනවලට කෙනෙක්ව ජීවත් කරන්නත්,කෙනෙක්ව එසැණින් මරා දමන්නත් හැකියාව තිබෙනවා. යම් අයෙකුට අප ආමන්ත්‍රණය කරන විට ඔහු හෝ ඇය සිටින මානසික මට්ටම සහ වටපිටාව හොඳින් තේරුම් ගැනීම මෙහිදී වැදගත් වනවා. අප පිට කරන වචන බොහෝ අවස්ථාවලදී ඒ මොහොතේ කෙනෙකුට කේන්තියක් ඇති නොකරන්නට පුළුවන්. නමුත් ඒ පුද්ගලයා පසුව කල්පනා කරන විට දී එය තරහව ඇති කරන වචන නම් ඒවා පිළිබඳව අප කෙනෙකුට කතා කිරීමට පෙර හොඳින් සිතා බලා වචන පිට කිරීම මෙහිදී වැදගත් වෙනවා.

තරහා පාලනය එහෙමත් නැත්තම් “anger management” කියන්නේ අද වෙනකොට ලෝකෙ වෙනම විෂයක්. මිනිස්සු කාර්යබහුල වෙනකොට කේන්ති එනවා. මතවාදී ගැටුම් එක්ක බොහෝමයක් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔබ නිතරම තරහා යන කෙනෙක් නම් ශරීරයට ඉතා කුඩා ව්‍යායාම දෙන්න ඔබට පුළුවන්. තරහා එන වෙලාවට එළියේ පොඩ්ඩක් ඇවිදින්න, උදේ හවස දුවන්න, තමන්ගේ සමීපතමයන් එක්ක එකතු වෙලා විනෝද වෙන වැඩ කරන්න, සිංදු අහන්න,පොත් කියවන්න මේ වගේ කුඩා ව්‍යායාම තරහා පාලනය කරගන්න ඉතාම වැදගත්.

හිත එක තැනකට ගන්න “භාවනාව”

 

ඔයාගේ ආගම මොකක් වුණත් එක තැනක ඉඳගෙන හුස්ම ගන්න එක ගැන විතරක් හිතලා දවසට විනාඩි 5 – 10ත් අතර භාවනා කරන්න පුළුවන් නම්, හිතේ කලබල ගතිය වගේම නිතර ඇති වෙන තරහව පාලනය කරගන්න පුළුවන්. තමන්ගේ මනස අවුල් වෙනකොට වගේම නිතර වැඩ ගොඩගැහෙනකොට තරහා එන්න පුළුවන්. ඒවා සන්සුන් මනසකින් කරනවා නම් ඒකට අවශ්‍ය පසුබිම භාවනාවෙන් ලැබෙනවා. එතකොට තරහව ඉබේම පාලනය වෙනවා.

තමන්ටම පුදුමකරවීම් දෙන්න

මේ කියන්නේ Self-Surprise ගැන. ඒ කියන්නේ, මහන්සි වෙන ඔයාට ඉඳහිට තනියම හෝ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා එක්ක කෑමකට එළියට යන්න, ගමනක් යන්න, තමන්ට ලස්සන ඇඳුමක් ගන්න වගේ දේවල්වලින් තමාට තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන්. මේක වක්‍රව තරහා පාලනය වෙන ක්‍රමයක්. තරහව නිතර එනකොට අපේ ඇඟේ ශක්තිය දහනය වනවා, හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ නිසා සතුටු වීම තමන් තුළම හදා ගන්නකොට ඒත් එක්කම නිතරම හිනා වෙලා ඉන්න පුළුවන්. එතකොට අනවශ්‍ය විදියට එන තරහව ඉබේම අඩු වෙනවා.

තරහව උපරිමේටම තියෙනවා නම් ඔයාට පුළුවන් විනෝදාංශයක් පටන් ගන්න. ඒක සෞන්දර්ය එක්ක බැඳුන දෙයක් නම් හොඳටම හොඳයි. ඒ වගේම සුරතලෙක් ඇති කරනවා නම් එයාල නිසා අපේ හිතේ තරහව අඩු වෙනවා. සුරතලුන් කියන්නෙත් තරහට හොඳ ඖෂධයක්.

මෙන්න මේ වගේ දේවල්වලින් ඔයාගෙ තරහා පාලනය කරගන්න පුළුවන්. තරහව නැති,සතුට පිරුණ ජීවිතයක් ඔයාටත් ලැබෙන්න මේ දේවල් උත්සහා කරලා බලන්න.

 

මීනු ගුණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here