රස ගැස්ම අපූරු කෑම හදන පුංචි cafe එක

අපූරු කෑම හදන පුංචි cafe එක

2024 Jan 28

Open Time:

Monday - Friday, 4 pm to 10 pm | Saturday - Sunday, 9.30 am to 1 pm and 4 pm to 11 pm

Address

No. 30/36, Longdon Place, Colombo 07

directions

Go straight on Malalasekara Mawatha for about 600 m and the cafe is on the right tucked in the residential area.

Contact No

O773592789

අපූරු කෑම හදන පුංචි cafe එක

ඔයාට නිදහසේ කාලය ගෙවන්න පුළුවන් ගොඩක් නිස්කලංක cafe එකක් හොයනවා නම් Longdon Cafe එක කියන්නේ කියාපු තැන.

මේ cafe එක පිහිටලා තිබෙන්නේ එයාලගේ නිවසේම කොටසක. ඒ නිසාම සමහරවිට මේ cafe එකේ අයිතිකාරිනිය වන නිම්නාගේ ආදරණීය දරුවන් හමුවෙන්න පුළුවන් වගේම cafe එක සහ ඇය ආපු ගමන් මග ගැන ඇගේ කතාව ගැන අපූරු කතා දැනගන්නත් පුළුවන්.

Longdon Cafe කියන්නේ රස කෑම වගේම ආදරේ පිරුණ තැනක්.

අපි Longdon Cafe එකෙන් කාපු කෑම තමයි මේ

Appetizers

Cheesy Chicken Fries – LKR 1150 (5/5)

Cheese වලට කැමති කෙනෙක්ට නම් මේ Cheesy Chicken Fries bowl එක කියාපු කෑමක්. Chicken කැබලි, තක්කාලි සෝස්, චීස්, මයෝනිස් එකතු කරලා sesame seeds වලින් සරසලා තිබුණ මේ potato fries dish එක අපිව සෑහීමකට පත් කළා කිවුවොත් හරි. Juicy වගේම මෘදු ගතියට තිබුණ chicken, මේ fries එක්ක හොඳටම පෑහුනා.

Mains

Mini Pancake Platter – LKR 1960 (5/5)

හරි පදමට උයපු මස් සහ මාළු පුරවපු mini-smiley Pancake තුනක් මේ Mini Pancake Platter එකට එකතු කරලා තිබුණා. ඒ chilli chicken සහ Thai chicken සහිත chicken pancakes දෙකක් සහ tuna pancake එකක්. මම වැඩිපුරම කැමති වුණේ Juicy ගතියට තිබුණු Chicken pancakes දෙකට කිවුවොත් හරියටම හරි. Thai chicken එක ටිකක් පැණි රසට තිබුණ වැඩිපුරම සැර Dish එකක් වුණා. මෙහි Chicken අපිට ඇති තරමට තිබුණා. Buttery ගතියට තිබුණ Tuna Pancake එකත් රසය අතින් ගොඩක් ඉහළයි. මාළු සහ මස් මැදි කරගත් pancake තුනත් fluffy වගේම නියම ප්‍රමාණයට තිබුණා.

Creamy Prawn Pasta – LKR 2250 (5/5)

cheesy fries වලට පස්සස් බැදපු Juicy ඉස්සන් සහ Creamy Spaghetti එකතු කරලා හදලා තිබුණු ,අපි කාපු රසම dish එක තමයි මේ. barbeque සහ mustard sauce එකතු කරපු soft ඉස්සන් සහ sesame seeds වලින් සරසලා තිබුන නිසාම මේ dish එක නම් දැක්ක ගමන් ගොඩාක් රස පාටට තිබුණා. Creamy Sauce සහ Cherry Tomatoes මේ spaghetti එකේ රසය තවත් වැඩි කළා. දෙන්නෙක්ට සෑහෙන්න තරමේ ලොකු portion එකක් මේ dish එකේ තිබුණා කිවුවොත් හරි.

Desserts

Brownie – LKR 450 (5/5)

මේ Brownie කන්න ආස නම් මම ආපහු මෙතැනට අනිවාර්යෙන්ම යනවා. ගොඩක් thick එකට තවරපු Gooey Caramel සහ Biscoff නිසාම අපිට නම් මේක දැක්ක ගමන් කන්න හිතුණා. මම කාලා තියෙන Brownies අතරින් මිලට උපරිම සාධාරණයක් වෙන තරම් ගොඩක් රසට මේ Brownies තිබුණා කිවුවොත් හරියටම හරි. මේකට උඩින් දාපු කජු මේ brownie එක තවත් රසවත් කළා. මම නම් මේ Brownie එකට ගොඩාක් කැමති වුණා.

Lava Cake with Vanilla Ice Cream – 750 (5/5)

මේ café එක අයිති නිම්නාස් කියන විදිහට මේක එයාගේ Dessert experiments වල ප්‍රතිඵලයක්. chocolate ගොඩාක් මැදි කරගත්ත මේ Cake එක ගොඩාක් moist සහ fudgy.

වැනිලා අයිස්ක්‍රීම් සහ නැවුම් ස්ට්‍රෝබෙරි add-ons විදිහට මේ Lava Cake එකත් එක්ක ලබාගන්න පුළුවන් නිසාම අපි හිතුවා Ice cream එක්ක මේක try කරලා බලන්න. රසම රස කටේම දිය වෙලා යන chocolate එකත් එක්ක Brownie එකත් හොඳටම ගැලපුනා කිවුවොත් හරියටම හරි.

Drinks

Blue Lagoon – LKR 900 (5/5)

මේ “Blue Lagoon” නම් Drink එකේ ඔයාසේ ප්‍රියතම ස්ප්‍රයිට්, දෙහි, මින්ට් සහ blue curacao පානයත් එකතු කරලා තියනවා. ඒ නිසා Blue Lagoon Drink එක දීප්තිමත් නිල් පාටක් ගන්නවා වගේම මේ Drink එකේ ඇඹුල් දොඩම් රසයකුත් දැනෙනවා. මේ Drink එක ලුණු සහ ලෙමන් භාවිතා කරලා Garnish කරපු නිසා CItrus රසයක් දැනෙනවා.

Biscoff Latte – LKR 890 (5/5)

බිස්කොෆ් කුඩු එකතු කරමින් හදල තියෙන මේ Biscoff Latte පානය කෝපි වලට ආස කරන ඕනෑම කෙනෙක්ගේ හිත යන පානයක්. Biscoff රසයත් එක්ක Creamy කැරමල් රසයකුත් රස විඳින්න නම් අනිවාර්යෙන් මේ Latte එක Try කරලා බලන්න.

Black Mojito – LKR 900 (5/5)

සෝඩා, මින්ට්, කෝලා සහ දෙහි සියල්ලෙන්ම සහිත මේ Black Mojito පානය රසවත් Refresher එකක්. Black Mojito උණුසුම් කාලගුණයට ගැලපෙනම Drink එකක්.

සේවාව සහ පරිසරය

Longdon Café එක ගොඩක් සුවපහසුයි වගේම පවුලේ අය සමග හෝ මිතුරන් සමග සාදයකටත් ගොඩක්
ගැලපෙනවා. Café එක අලංකාර ලෙස සරසලා තිබුනා වගේම Smoking Area එකකුත් වෙන් කර තිබුනා.
කාර්යමණ්ඩලය මිත්‍රශීලී සහ උපකාරශීලී නිසා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔවුන්ගෙන් ඉල්ලන්න පුළුවන්.

ඔබ දන්නවාද ?

ඔබට දැන් Longdon Cafe හිදී waffle sticks සහ Dutch Pancakes රැසක් Try කරන්න පුළුවන්.
Uber Eats සහ PickMe භාවිතා කර ඔබේ නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here