රස ගැස්ම Dessert වලට ජනප්‍රිය Torta Cafe…

Dessert වලට ජනප්‍රිය Torta Cafe…

2024 Aug 15

Open Time:

Daily, 11 am to 11 pm

Address

59, Ward Place, Colombo 07

directions

Down Ward Place just next to Burning Bird

Contact No

0777 078 787

Menu

Dessert වලට ජනප්‍රිය Torta Cafe…

 

 

Baking කියන්නේ ගොඩදෙනෙක්ට නැති ආසාවක්. ඒත් ඒ දේ ආසාවෙන් කරන කිහිප දෙනෙක්ම ඉන්නවා. Torta Cafe කියන්නෙත් ඒ වගේ Baking වලට ආස කරන කෙනෙක්ගේ desserts වලටම වෙන්වුණ අපූරු තැනක්. ඔහුගේ ගෙදර පටන්ගත්ත Torta Cafe එක, මේ වෙද්දි කොළඹ නගරයේ පිහිටා තිබෙන desserts වර්ග වලට ප්‍රසිද්ධ අවන්හලක් වනවා.

එස්. තුෂ්‍යන්ත්‍රන් සහ ශාන්තන් දෙපළ පවත්වාගෙන යන Torta Cafe කියන්නේ අතුරුපස ලෝලීන්ට පාරාදීසයක් කිව්වොත් හරියටම හරි. Desserts වර්ග වලටම වෙන් වුණ සිත් ඇදගන්නා සුළු Cafe එකක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වුණා. ඒ වගේම අපි හැමෝම කැමති සාම්ප්‍රදායික රසයන් ඔවුන් වෙනස්ම විදිහකට පිලිගන්වනවා. ඔවුන්ගේ tagline එකත් තියෙන්නේ “කේක් ලෝලීන්ට සතුට අරන් එන තැනක්” කියලා. ඒ විතරක් නෙමෙයි Torta Cafe එකේදි පොතක් කියවන ගමන් විවේක ගන්න වගේම සරල games කිහිපයක් කරන්නත් ඔයාට පුළුවන්.

 

CAKES

 

Carrot Cake – LKR 1,450 (5/5)

 

 

මගේ ජීවිතයේ මම කවදාවත් Carrot Cake එකක් Try කරලා නැහැ කියලා ඔබ විශ්වාස කරනවද? මොකද Carrot Cake සම්බන්ධව එහෙම ලොකු කැමැත්තක් මට කවදාවත් දැනිලා නැහැ. ඉතින්, මේ මම Carrot Cake Try කරන පළවෙනි වතාව වගේම ඒක මේ තරම් රසවත් කියලා දැනුණම මම පුදුම වුණා. මතුපිටින් ඝනකම් පෙනුමක් තිබ්බත් මේ Carrot Cake එක ගොඩක්ම Soft ගතියකින් තිබුණා. කුරුඳු, සාදික්කා සහ ඉඟුරු යන කුළුබඩු මිශ්‍ර රසක් මේ Carrot Cake එකේ සෑම කටකින්ම හොඳින්ම දැනුණා. Carrot Cake එකත් සමග Fluffy cream cheese frosting එක හොඳින්ම ගැලපුණා වගේම Cake එක මතු පිටින් එකතු කරලා තිබුණ Nuts වර්ග නිසා රස තවත් වැඩියෙන් දැණුනා. පුංචි පුංචි කැරට් කෑලි මේ කේක් එකේ පේන්න තිබුණත් එකේ රස වෙනම දැනෙන්නෙ නැති හින්දා මම ගොඩක් ඒකට කැමති වුණා.

 

Choco Torta – LKR 1,300 (4/5)

 

 

Chocolate Sponge Cake Layers හතරක් එක්ක Chocalate Mousse එකතු කරලා හදලා තියනෙ මේ Choco Torta එක දැක්ක ගමන් හරිම රසයි කියලා හිතුණා. මේ Soft Moist Chocolate Sponge වැඩිපුර Dark Chocolate පැත්තට බර නිසා පැණි රස ගතිය ගොඩක් වැඩියෙන් දැනෙන්නෙ නැහැ වගේම Silky Chocolate Mousse එකකුත් නෙමෙයි මේකෙ තියෙන්නෙ. ඒ වගේම Chocolate Whipped Cream උඩින් එකතු කරලා තියෙන නිසා මේ Choco Torta එකට හරිම ලස්සනක් එකතු වෙනවා. මේ කේක් එක ගොඩක්ම පැණි රස කන්නේ නැති අයට ගැලපෙනවා. හැබැයි මම එහෙම කියන්නෙ මේකෙ තියෙන Dark Chocolate ගැන වැඩියෙන් හිතලා. ඒ වුණාට ඉතින් chocolate කන්න ආස නැති කෙනෙක් නැති තරම්නෙ.

 

Fun Fetti – LKR 1,350 (4/5)

 

 

මේ කේක් එකේ නම වගේම පෙනුමත් ටිකක් වෙනස්. බටර් සහ වැනිලා රස හොඳට එක් කරලා තිබුණ නිසා කේක් එකට මෘදු ස්වභාවයක් ගෙන එනවා. Pink frosting සහ විවිධ පාට sprinkles උඩින් ඉසින නිසා එයට ආකර්ෂණීය පෙනුමක් එක් කරනවා විතරක් නෙමෙයි පොඩි කාලයේ කාලා තියෙන පාට පාට කේක්, ආයෙත් ඔයාට මතක් කරලා දෙනවා. මට හිතුණා මේ කේක් එකට තව pink frosting එකතු වුණා නම් රස වැඩි වෙයි කියලා.

 

DESSERT

 

Latin Tres Leches – LKR 1,850 (4.5/5)

 

 

උඩින් විපින් ක්‍රීම් තට්ටුවක් එක් වුණ කොක්ටේල් වීදුරුවක පිළිගන්වන මේ Dessert එක ඇත්තටම රසවත්. ඔයා එක පාරක් හරි මේක try කරලා බැලුවොත් කේක් සහ කිරි වල මික්ස් එකක් රස විඳින්න පුළුවන්. ඔයාට කේක් එක තව රස කරගන්න ඕන නම් කිරි වර්ග තුනක් එක්ක try කරලා බලන්නත් පුළුවන්. ඇත්තටම මේ Dessert එක ඔයාගේ රස නහර ප්‍රබෝධමත් කරනවා.

 

Brownie Nutella Trifle – LKR 1,750 (5/5)

 

 

වීදුරු tumbler එකක පිළිගන්වන මේ අතුරුපස ඇත්තටම විශිෂ්ටයි. මේ trifle එකේ තට්ටු තුනක් තියෙනවා: Nutella chocolate mousse, sweet brownie cubes සහ චොකලට් සෝස් එක් වුණ විපින් ක්‍රීම් තට්ටුවක්. ඒ තුනම මුසු වුණාම ඔයාට අපූරු Nutella chocolate රසයක් විඳින්න පුළුවන්.

 

DRINKS

 

Green Apple Margarita Mojito – LKR 1,650 (5/5)

 

 

පලවෙනි උගුර බොද්දිම දැනුන ප්‍රබෝධමත් සහ සිසිල් බව මට තාමත් මතක් වෙනවා. ඇපල් එකතු වුණ මින්චි කොළ සහ දෙහි slices නිසා අපූරු සම්මිශ්‍රණයක් ලබා දෙනවා. මේ දවස් වල තියෙන කාලගුණයටත් මින්චි එකතු වුණ ඇපල් රසැති ස්ප්‍රයිට් එකක් වගේ Green Apple Margarita Mojito නියමෙට ගැලපෙනවා.

 

Strawberry Cheese Cake Frappuccino – LKR 1,850 (5/5)

 

 

වීදුරුවක ස්ට්‍රෝබෙරි චීස් කේක් එකක් ඔයාට බොන්න ලැබුණොත් කොහොමද? ඇත්තටම මේ ස්ට්‍රෝබෙරි සිරප් එකේ ආකර්ෂණීය පෙනුම වගේම ස්ට්‍රෝබෙරි රසය අපිව පුදුම කළා. වැනිලා සහ විපින් ක්‍රීම් එකතු කරලා තිබුණ නිසා මෘදු ස්වභාවයක් ගෙන එනවා. චීස් කේක් වගේම පැණි රසයෙන් හා මෘදු ස්වභාවයෙන් අනූන Strawberry Cheese Cake Frappuccino එකට හැපෙන සුළු බවක් ගෙන එන්න බිස්කට් කැබලි එක් කර තිබීමත් විශේෂත්වයක්.

 

වටපිටාව

 

 

අවන්හලට ඇතුල් වෙද්දිම එහි දක්නට ලැබෙන සැරසිලි නිසා ඔයාට කේක් රස බලන්න තියෙන ආසාව තව වැඩි කරනවා කිව්වොත් හරියටම හරි. කුඩා විලී වොන්කා සාප්පුවක වගේ රෝස සහ නිල් බිත්ති ඔයාට මුලින්ම දැකබලා ගන්න පුළුවන්. ඊට පස්සේ රත්තරන් පාට රාක්කවල තියලා තියෙන රෝස පාට නිල් පාට floral tea sets වගේම ඊට පහලින් විවිධ වර්ගයේ කේක් දැක ගන්න පුළුවන්.

මල් රටා ඇඳලා තියෙන බිත්තිය වගේම රෝස සහ නිල් පාට කුෂන් වලින් සරසලා තියෙන ගෘහ භාණ්ඩ අලංකාර පැස්ටල් වර්ණයක් එකතු කරනවා. ජනේල සහ බිත්තිවල එල්ලලා තියෙන desserts වල ලස්සන පින්තූර අවන්හලට හුරුබුහුටි පෙනුමක් එක් කරනවා. ඇත්තටම අවන්හලේ ඇතුලත පරිසරය නිදහසේ කේක් වල රස බලන්න විතරක් නෙමෙයි මනස සැහැල්ලු කරන්නත් උපකාර වෙනවා කිව්වොත් නිවැරදියි.

 

ඔබ දන්නවාද?

  • @tortacafe වෙත DM කරලා ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔයා කැමති කේක් වර්ග ලබා ගන්නත් පුළුවන්.
  • ඒ වගේම ඔවුන් Uber Eats සහ PickMe Food හරහා ද බෙදා හරිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here