Open Time:
Daily, 12 pm to 3 pm | 7 pm to 10 pmAddress
The Blue Water Hotel and Spa — Thalpitiya Bridge, Wadduwa
directions
Contact No
What we had
Appetizers
Must-have Dishes
Dragon Boat අවන්හල කියන්නේ, රසවත් චීන ආහාර වර්ග පිරිනමන The Blue Water Hotel and Spa හි පිහිටා තිබෙන අවන්හලක්. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ මෙනුවේ Szechuan සහ Yunnan වගේ තැන් වලින් විතරක් ලැබෙන පැණි රස, ඇඹුල් රස සහ මිරිස් රස එක්වූ කෑම වර්ග බොහොමයක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ටම විශේෂ වූ කොක්ටේල් වර්ග ද මෙහිදී පිළිගන්වනවා.
Note: මිල ගණන් වලට බදු ඇතුළත් නොවේ.
Appetisers
Vegetable Spring Rolls — LKR 1,300 (5/5)
රන්වන් පාට වන තුරු බදින ලද සහල් Wrap කර සාදා තිබෙන මේ Roll එක හැපෙන සුළු නිසා හොඳ ආරම්භයක් ලබා දෙනවා. Roll එක ඇතුලේ තිබෙන නැවුම් එළවළු, පැණි රස සහ මිරිස් රස එක්වූ සෝස් සමඟ පිළිගන්වන නිසා ආහාර රුචිය ඇති කරවනවා. අපි ඒවා කොච්චර ආසාවෙන් රස වින්දද කියනවා නම් portion එක බෙදාගන්න එකත් ප්‍රශ්නයක් වුණා.
Prawn Toast with Sesame — LKR 1,600 (5/5)
ටෝස්ට් කළ පාන් වලට ඉස්සන් පේස්ට් එකක් එකතු කර තිබූ අතර ඉස්සන්ගෙන් එන පැණි රස සමතුලිත කරන්න තිත්ත රසයක් ගෙන එන තල ඇටද එකතු කර තිබුණා. මේ රසවත් ටෝස්ට් එක ඔබට ආහාර රුචියක් ඇති කරනවා වගේම බඩගින්නට ක්ෂණික විසඳුමක් කිව්වොත් හරියටම හරි.
Deep Fried Lion Seafood Balls — LKR 1,600 (5/5)
මෙය cutting rice paper වල අඹරන ලද ඉස්සන් සහ කොත්තමල්ලි පුරවා funky-shaped එකට සාදා තිබෙනවා. ඒවා පිටතින් හැපෙන සුළු වන අතර ඇතුල රසවත් වීමට ගැඹුරු තෙලේ බැඳලා තිබෙනවා. ඒ වගේම portion එකත් දෙන්නෙක්ට හොඳටම ප්‍රමාණවත් වෙනවා.
Crab and Sweet Corn Soup — LKR 1,200 (5/5)
කකුළුවන් සමඟ ඉරිඟු සුප් ඇත්තෙන්ම රසවත් වන අතර portion එකත් හොඳටම ප්‍රමාණවත්. උණුවෙන්ම පිළිගන්වන නිසා අනිවාර්යෙන්ම Try කරලා බලන්න හිතෙනවා.
Szechuan Hot and Sour Chicken Soup — LKR 950 (5/5)
මෙම Szechuan එක කකුළුවන් සහ ඉරිඟු සුප් වලට වඩා ගොඩක් වෙනස්. එයට හතු, බෝංචි කිරි, bamboo shoots, කැරට්, පැක් චෝයි සහ චිකන් ස්ටොක් එකතු වී තිබෙන නිසා ඇඹුල් සහ සැර රසයක් ලබා දෙනවා. black විනාකිරි සහ සෝයා සෝස් සමග හොඳින් කලවම් කර තිබෙන නිසා එය ඔබව ප්‍රබෝධමත් කරනවා.
Sides
Assorted Mushroom with Oyster Sauce — LKR 1,400 (4/5)
මෙම ආහාරය button, shiitake සහ oyster හතු සමඟ පිළිගන්වන අතර හතු වලට ආස කරන අයට පරිපූර්ණ කෑමක් කිව්වොත් හරියටම හරි. ඒවා සුදු ළූණු මුසු වූ oyster සෝස් වල මුසු කර තිබෙන අතර pak choy වලින් සරසලා පිළිගන්වනවා. ඒ වගේම ඕනෑම ප්‍රධාන ආහාර වේලක් එක්ක ගැළපෙනවා.
Steamed Whole Garoupa Hunan Style — LKR 2,800 (5/5)
අඩු ලුණු සහ ඇඹුල් රස එක් වූ මෙය ඇත්තටම පෙනුමට වඩා රසයි. ඒ නිසාම වෙනස් අත්දැකීමක් ලබා ගන්න මේ dish එක අනිවාර්යෙන්ම try කරලා බලන්න.
Sweet and Sour Fish — LKR 2,400 (5/5)
විශාල කැබලි වලට කපා පිළිගන්වන මාළු කැබලි සෝස් සමඟ එක්වූ විට seafood fried noodles සමඟ රසයෙන් අනූන වනවා.
Szechuan Style Stir Fried Prawns — LKR 2,800 (5/5)
මිරිස්, ගම්මිරිස් සහ කුළුබඩු සමඟ එන Szechuan style එකට පිසින ලද විශාල ඉස්සන් තරමක් හැපෙන සුළු වන අතර, එකකින් වුණත් ප්‍රණීත රසයක් ලබා දෙනවා. දෙදෙනෙක් අතර පහසුවෙන් බෙදා ගන්නත් පුළුවන්.
Hot Butter Cuttlefish — LKR 2,600 (5/5)
මේ ආහාරය පැණිරස, කුළුබඩු සහ තරමක් ලුණු රස එක් වූ පරිපූර්ණ මිශ්‍රණයක් කිව්වොත් හරියටම හරි. එය සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාරයක පරිපූර්ණ රසය ලබා දෙනවා. මේ Cuttlefish එකේ පිටත හැපෙන සුළු වන අතර දෙදෙනෙක් අතර පහසුවෙන් බෙදා ගන්න පුළුවන්.
Chilli Chicken with Cashew Nuts and Red Chilli — LKR 2,400 (4/5)
Chilli Chicken කියන්නේ, රතු මිරිස් සෝස්, ketchup, කුළුබඩු එක්වූ කෑමක් වන අතර එය ලූණු, තක්කාලි සහ ඉස්ම සහිත කුකුල් මස් කැබලි රාශියක් සමඟ මිශ්‍ර කර තිබෙනවා. එය රසවත් වන අතර ඕනෑම ප්‍රධාන කෑමක් සමඟ හොඳින් ගැලපෙනවා. අමතරව හැපෙන රසයක් එක් කරන්න බැදපු කජුත් එක් කර තිබීම විශේෂත්වයක්.
Wok Fried Sliced Beef with Kang Kung — LKR 3,200 (5/5)
සිහින් ව කපා හොඳට පරිපූර්ණ ලෙස පදම් කර තිබූ හරක් මස් කං කුං සමඟ මුසු කර තිබෙන නිසා අලංකාර පැහැයක් වගේම පෙනුමක් ලබා දෙනවා. තක්කාලි පෙති මලක් මෙන් සකස් කර සරසා තිබෙන නිසා ඡායාරූප වලටත් ලස්සනයි.
Mustard Honey Pork — LKR 2,400 (5/5)
දෙවරක් පිසින ලද ඌරු මස් රන්වන් දුඹුරු පාටක් සහ පැණි රසයක් ගෙන එනවා. එය ඉක්මනින් අපගේ ප්‍රියතම ආහාරයක් වීමත් විශේෂත්වයක්.
Fried Sliced Lamb with Cumin — LKR 4,500 (5/5)
මෘදු ගතියට සහ උණුසුම්ව පිළිගන්වන නිසා කන්න නම් දෙපාරක් හිතන්නෙ නැහැ. කුළුබඩු හොඳින් එක් වුණ මේ Fried Sliced Lamb එක මේ තරම් රසට හදන්නේ කොහොමද කියන එක ඇත්තටම හිතාගන්න අමාරුයි.
Mains
Spicy Mixed Fried Rice — LKR 2,600 (5/5)
ඔයාගේ ආසම ෆ්‍රයිඩ් රයිස් වර්ග මොනවාද? ඔයාට ඕන කරන්නේ මොන වර්ගයෙන්ද, ඒ හැම දෙයක්ම මෙහි තිබෙනවා. එළවළු, බිත්තර, මුහුදු ආහාර සහ කුකුල් මස් වලින් පිරී ඇති අතර, සෝයා සෝස් සමඟ එකතු වුණාම සාම්ප්‍රදායික චීන ආහාර වල රස ගෙන එනවා.
Seafood Fried Noodles — LKR 2,600 (3.5/5)
බොහෝ වෙලාවට අපිට seafood ගොඩක් කන්න අමාරුයි. මේ Seafood Fried Noodles ඉස්සන් සහ දැල්ලන් වලින් පිරී ඇති අතර, එය අමතර ලුණු රසයක් සහ ලස්සන පාටක් එකතු කරනවා. මම බලාපොරොත්තු වුන රසයට වඩා ටිකක් අඩුවෙන් කුළුබඩු එක් කරලා තිබුණත් පැණිරස හා ඇඹුල් රස මුසු වූ මාළු වලින් සෝස් ටිකක් එකතු කිරීමෙන් එය රසයෙන් අනූන වුණා.
Desserts
Chinese Crepes, Lychee, Mango, Salsa with Coconut and Mint Ice Cream — LKR 1,200 (5/5)
මෙම Chinese crepes එක මෘදු ගතියට හා සිහින්ව කැපූ නැවුම් පැණි රස අඹ සල්සා වලින් සරසා තිබෙනවා. සිහින්ව
කැපූ හැපෙනසුළු crepes, lychees දෙකක් සමඟ පැමිණෙන නිසා අයිස්ක්‍රීම් එක් කිරීම අත්‍යාවශ්‍යම නැහැ.
Salted Peanut Chocolate, Fruit and Nut with Green Tea Ice Cream and Gold Leaves — LKR 1,200 (4/5)
මේ tart එකේ creamy ගතිය නිසා ඉක්මනින්ම දිය වෙනවා. ඒ වගේම ග්‍රීන් ටී අයිස්ක්‍රීම් එකත් tart එකත් එක්ක නියමෙට ගැලපෙනවා. සාමාන්‍යයෙන් මම ග්‍රීන් ටී වලට කැමති නැති වුණත්, මේ විදිහට පිළිගන්වනවා නම් කන්න දෙපාරක් හිතන්නේ නැහැ.
Drinks
Sulzer — LKR 2,750 (5/5)
මේ කොක්ටේල් එක වොඩ්කා, ඉඟුරු, lemongrass සිරප්, ලෙමන් සහ පැෂන් ෆෘට් එක් කර සාදා තිබෙනවා. එය නැවුම් සුවඳක් සහ දීප්තිමත් කහ පැහැයක් ගෙන එන අතර තරමක් උස වීදුරුවක පිළිගන්වනවා. පැණිරස lemongrass සිරප් එක tart එකේ රස සමතුලිත කරන නිසා චීන කෑම සමඟ නියමෙට ගැළපෙනවා.
Gangway — LKR 2,750 (4/5)
Gangway මල් සුවඳකින් සහ මෘදු රෝස පැහැයෙන් යුත් පානයක් වනවා. හැබැයි රස try කරලා බැලුවොත් ඔයාට අනිවාර්යෙන්ම ශක්තිමත් පානයක් කියලා දැනෙනවා. ඒ විතරක් නෙමෙයි යාළුවොත් එක්ක විනෝද වන රාත්රියකටත් නියමෙට ගැළපෙනවා.
Purifier — LKR 2,750 (5/5)
මේ නිල් කොක්ටේල් එක ජින්, ලෙමන්, රෝස වතුර, චෙරි බ්‍රැන්ඩි සහ blue curaçao එක් කර සාදා තිබෙනවා. එය නැවුම් සහ සැහැල්ලු පානයක්ද වනවා. වෙනස් දෙයක් ගන්න හිතුවත් මේ drink එකත් try කරලා බලන්න අමතක කරන්න එපා.
Ambience
The Dragon Boat අවන්හලේ එක් පැත්තක සුන්දර උද්‍යානයක් සහ අනෙක් පැත්තෙන් සිත් ඇදගන්නාසුළු වෙරළක් පිහිටා තිබෙනවා. ඒ වගේම අවන්හල චීන පහන් කූඩුවලින් සරසා ඇති අතර ඇතුලත වටපිටාවද සුවපහසු හැඟීමක් ගෙන එනවා.
අලංකාර ලෙස සරසා තිබෙන අවන්හල, විවේකී නිවාඩුවක් ගත කිරීම සඳහා වඩාත් සුදුසු වනවා. මිත්‍රශීලී කාර්යමණ්ඩලයක් සිටින නිසා ඔබට හොඳ අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්.