රස ගැස්ම සාම්ප්‍රදායික රස වෙනස්ම විදිහට Zambar වෙතින්…

සාම්ප්‍රදායික රස වෙනස්ම විදිහට Zambar වෙතින්…

2024 Aug 30

Open Time:

11 am to 12 am (Monday - Thursday) | 3 pm to 12 pm (Friday - Sunday)

Address

Arcade Independence Square — 30/6, Independence Avenue, Colombo 07

directions

Located at the entrance into the Arcade building near the outdoor food court

Contact No

0777 826 179

සාම්ප්‍රදායික රස වෙනස්ම විදිහට Zambar වෙතින්…

 

 

වෙනස්ම වූ පබ් සංස්කෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම අරමුණ කරගත් Zambar අවන්හල, FHIIT හි නිර්මාතෘ විනෝද් විශ්වලිංගම් සහ යොහාන් මනෝජ් රත්නායක විසින් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම යොහාන් සමබර ජීවන රටාවක් ගැන විශ්වාස කරන අතර එය Zambar අවන්හල නිර්මාණයටද තේමාව කරගෙන තිබෙනවා.

2023 දෙසැම්බරයේ විවෘත කල Zambar අවන්හල කෙටි කාලයක් තුළ ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා. එය ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ආහාර සඳහා වෙනස්ම අත්දැකීමක් ලබා දෙන අතර විනෝද වෙන්න කැමති අයට විශේෂ කොක්ටේල් වර්ගත් පිළිගන්වනවා. ඒ වගේම Zambar අවන්හල අවධානය යොමු කරන්නේ, ශ්‍රී ලාංකේය කෑම වර්ග සහ දේශීය පාන වර්ග කෙරෙහි පමණක් වන අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කෙරෙහි යොහාන්ට තිබෙන විශ්වාසයත් එයින් ඉස්මතු කරනවා.

 

 

APPETISERS

 

Calbora Beef – LKR 2,390 (4/5)

 

 

මෙය Zambar අවන්හලෙන්ම විතරක් ලැබෙන නිසා ඔයා Google එකේ search කරලා බැලුවත් “Calbora” නම් හමුවන්නේ නැහැ. ඒ වගේම මේ curry එක ඔයා කලින් දැකලා තියෙන beef curry වලට වඩා ගොඩක් වෙනස්. සාම්ප්‍රදායික beef curry එක වෙනුවට හරක් මස් white චීස් සෝස් සමඟ මුසු කර පිස තිබෙනවා. මෙම ආහාරය රසවත් කිරීමට චීස් හා නැවුම් බේසිල් කොළ උඩින් ඉස තිබෙනවා. මේ ඇත්තෙන්ම රසවත් බවක් ගෙන එනවා. එමෙන්ම එය දෙදෙනෙකුට හොඳටම ප්‍රමාණවත් වන අතර අමතර කෑමක් ලෙස හෝ ඔබේ ප්‍රධාන ආහාර වේල සමඟින් ආහාරයට ගන්න පුළුවන්.

 

 

Chicken Satay – LKR 2,690 (5/5)

 

 

මේ pot stickers ගොඩක් රසයි. හැබැයි හැම පිඟානකම pot stickers පහකට වඩා තිබුණ නම් මේ dish එකට අපි තවත් කැමති වෙන්න තිබුණා. කුකුල් මස් එකේ ඇලෙන සුළු, පැණිරස marinade හදන්න රටකජු බටර් සමඟ මිශ්‍ර කළ විශේෂ කුළුබඩු යොදා ගෙන තිබුණා. ඉස්ම ගතියට තිබෙන කුකුල් මස් වලට තල ඇටත් එක් කර තිබුණ නිසා පොඩි තිත්ත රසයක් නම් ආවා.

 

 

 

Loaded Nachos (Chicken) – LKR 2,390 (5/5)

 

 

බැලූ බැල්මට cliché විදිහට පෙනුනත් මේ නැචෝ එක ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම තක්කාලි, jalapenos (මිරිස් වර්ගයක්), parmesan, කුළුබඩු එක්වූ සැර මිරිස් සෝස්, කුකුල් මස්, capsicum (මාළු මිරිස් වර්ගයක්) සහ බේසිල් වැනි රසවත් ටොපිං වලින් පිරිලා තිබුණා. කුළුබඩු එක්වූ පැණි රස nachos වලට ගම්මිරිස්, මයෝ සෝස් ටිකකුත් එකතු කරලා තිබුණ නිසා රසයෙන් පරිපූර්ණ වනවා. ඒ විතරක් නෙමෙයි පිළිගන්වන හැම එකකම කුඩා ප්‍රමාණයේ nachos අටක් තිබීමත් විශේෂත්වයක්.

 

 

MAINS

 

Yellow Rice (Beef) – LKR 1,690 (4.5/5)

 

 

ඔවුන්ගේ දිවා ආහාර මෙනුවේ තිබුණ සරල කහ බත් එකට අපි හැමෝම කැමති වුණා. කහ බත් එකේ රසයි සුවඳයි එක්ක අමු මිරිස් ටිකකුත් එකතු වුණාම රසයෙන් අනූන වුණා. කුළුබඩු මුසු වූ හරක් මස් ව්‍යංජනයත් බත් එකේ රස තවත් වැඩි කළා. මිරිස් කුඩු ඉසූ පපඩම් එක්ක පිලිගැන්වුව කෑම එකට උඩින් එකතු වෙලා තිබුණ බටු බැදුම සහ හොඳට හැපෙන රටකජු කහ බත් එක පරිපූර්ණ ආහාර වේලක් වුණා.

 

 

Two Grilled Chicken Whole Legs with Mashed Potatoes – LKR 3,250 (4/5)

 

 

අනිවාර්යෙන්ම portion එකේ size එක නිසා බැලූ බැල්මටම ඔයා පුදුම වෙනවා. දෙදෙනෙක් අතරේ බෙදාගන්න බැරි තරම් එය ප්‍රමාණ‍යෙන් වැඩියි. එය අඳුරු පාට වෙනකන් ග්‍රිල් කර BBQ සෝස්ද එක් කර ඇති අතර ප්‍රණීත රසයක් ගෙන දුන්නා. හොඳට කලවම් කෙරුව අර්තාපල් සහ පිපිඤ්ඤා පෙති මිශ්‍රණය මෙහි රස සමතුලිත කරන නිසා BBQ ලෝලීන් සඳහාම dish එකක් කිව්වොත් හරියටම හරි.

 

 

DRINKS

 

King Ragnar – LKR 2,490 (4/5)

 

 

මේ drink එකට ජින් සහ tangerine කැබැල්ලක් එකතු වුණ නිසා රසයෙන් පරිපූර්ණ පානයක් වනවා. ඇපල්, පැඟිරි සහ මින්ට් එක්වූ විට නැවුම් රසයක් ලබා දුන් අතර මෙයට ජින් එකතු කල නිසා dehydrating වීමේ හැකියාව අඩු කරනවා.

 

Loki – LKR 2,100 (5/5)

 

මම නම් Marvel ලෝලියෙක් නිසා blackcurrant සහ අන්නාසි යුෂ එකතු වුණු මේ වොඩ්කා කොක්ටේල් එක හරිම ආසාවෙන් try කරලා බැලුවා. මුලදී ඔයාට වොඩ්කා සහ blackcurrant නිසා තිත්ත රසක් දැනුනත් අන්නාසි වලින් පැණි රසක් ගෙන එනවා. වීදුරුව සමඟ පිළිගන්වන කළු පාට අන්නාසි පෙත්තත් අමතර පැණි රසක් එක් කරනවා.

 

Floki LKR – 3,400 (3.5/5)

 

 

tequila කොක්ටේල් කියන්නේ වෙඩිල්ලක් වගේ සැර බීමක් කිව්වොත් හරියටම හරි. එයට triple sec, blackcurrant සහ passion syrup එක් කර තිබෙනවා. ටිකක් ඇඹුල් රසයට කැමති කෙනෙක්ට ගැලපෙනම පානයක් වන අතර, එය මින්ට් කොළ වලින් සරසලා තිබෙනවා. සිත් ඇදගන්නා විදිහට පිළිගන්වන එකත් කැපී පෙනෙන දෙයක් වුණා. ඇත්තටම ටිකක් වැඩිපුර බිව්ව නිසා මට ඇඹුල් රසය වැඩි බවක් දැනුණා. ඒත් ඔයා පැඟිරි රස වලට කැමති කෙනෙක් නම් tequila කොක්ටේල් එක ඔයාට නියමෙට ගැලපෙනවා.

 

Milo Martini – LKR 3,900 (4/5)

 

 

 

මයිලෝ, වොඩ්කා සහ බේලිස් එක්වුණු මෙය ගොඩක් ශක්තිමත් පානයක් වනවා. හැබැයි දවල් කාලයට නම් හොඳ තෝරා ගැනීමක් වෙන්නේ නැහැ. වොඩ්කා සහ බේලි එකතු වුණාම රසයෙන් අනූන වනවා. ගොඩාක් පැණි රසත් නැති නිසා බේලිස් වලින් නත්තල් කාලයක හැඟීමක එකතු කරනවා. මෙය ඔවුන්ගේ ජනප්‍රියම කොක්ටේල් වර්ග අතරට අයත්. මෙහි උඩින් මයිලෝ powder එක් කර “Zambar” ලෙස සටහන් කරලා තිබීමත් විශේෂත්වයක් වනවා.

 

 

වටපිටාව

 

 

 

ඇතුළට යන ඔයාට මුලින්ම බාර් එකේ තිබෙන රොබින් හුඩ් තේමාව සහිත හර්න් රූපය දැක ගන්න පුළුවන්. එය ඔවුන්ගේ ලාංඡනයේ M අකුර එක්කත් නියමෙට ගැළපෙනවා. කාමරයේ දෙපස තිබෙන මධ්‍යතන යුගයේ knight armours දෙක නිසා රොබින් හුඩ් තේමාව තවත් කැපී පෙනෙනවා.

සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන පබ් වලට වඩා ඉඩකඩ අඩු වුණත් මෙහි ඇති චොක්ලට් පාට ආසන, උස පුටු සහ ලී ඇත්තම බාර් එකක පෙනුම ගෙන දෙනවා. වැඩ අවසන් නොකළ ගඩොල් බිත්තිය සහ සිවිලිම සුවපහසු සහ සරල බවක් ගෙන එනවා.

පසුබිමෙන් ඇසෙන සංගීතය විවේකී පරිසරයක් නිර්මාණය කරන අතර පවුලේ අය සමඟ හෝ මිතුරන් සමඟ නිදහස් රාත්‍රී කාලයක් ගත කරන්න ගැලපෙනම තැන කිව්වොත් හරියටම හරි. ඒ වගේම ඔවුන්ගේ මිත්‍රශීලී කාර්යමණ්ඩලය විශිෂ්ට සේවාවක් ලබා දෙනවා.

 

 

ඔබ දන්නවාද?

ඔබ සති අන්තයේ පැමිණියොත් DJ අත්දැකීමක් ලබන්නත් පුළුවන්.
උපන්දින සාද සඳහා ඔබට promotions ලබා ගන්නත් පුළුවන්.
ඒ වගේම පෙම්වතුන්ගේ දිනය සහ අනෙකුත් විශේෂ දින සඳහා ද promotions ලබා දෙනවා.
වසර පුරාම dart game එකක් තිබෙන නිසා නොමිලේම drinks වර්ග ගන්නත් පුළුවන්.
Uber Eats හරහාද බෙදාහරිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here