Blog Page 12

මේ විදියට Love කරන Couple ඔයාටත් මුණගැහිලා තියෙනවාද …?

ප්‍රේම සම්බන්ධයක් ඇතිව හෝ නැතිව, අනිත් couple එක්ක කාලය ගත කරන එක විනෝදජනක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙකුට මීට සම්පූර්ණ වෙනස් අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත්, තනිවම හෝ තුන්වෙනි පාර්ශවකරුවෙක් විදිහට අපි මේ කතා කරන්න යන දේ ගැන අවබෝධයක් තියන එක වැදගත් වේවි. අපි මෙතනදි කියන්න යන්නෙ ලංකාවෙදි අපට හමුවන විවිධ couple කිහිපයක් ගැන. ඔයාගෙ ජීවිතයේදී ඔයාගෙ මිතුරන් හිතවතුන් අතරින් අපි මේ කියන විවිධ වර්ගවල අය හමුවෙලා ඇති. සමහර විට ඔයත් මේ එක වර්ගයකට හෝ කිහිපයකට අයිති වූ අවස්ථා ඇති. ලංකාවෙ අපට හමුවන විවිධ විදියේ couple ගැන විග්‍රහයක් කරන එක ඔයාට ඔයා ගැනමත් හොඳ තක්සේරුවකට එන්න උදවුවක් වෙයි කියල අපි හිතනවා.

 

 

Social media couples

 

 

අපි මේ කියන couples නම් ඕනෑ තරම් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වර්ථමානයේ මේ විදිහේ අය නිතර මුණගැහෙනවා. මේ පුද්ගලයින් ඒ අයගෙ Smart phone එකත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිල ඉන්න බව හඳුනා ගන්න පුළුවන්. දවසේ හැම කටයුත්තක්ම වීඩියෝ විදිහට නැතිනම් පින්තූර විදිහට සටහන් කිරීම ඔවුන්ගෙ මූලික ලක්ෂණයක් වනවා. ඒ අයගේ ප්‍රේමය ලෝකයටම දැකගත හැකි Blog එකක් වගේ කිවුවොත් නිවැරදියි. එතරම්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය වල සටහන් තියෙනවා. ඔයා, Social media news feed එකක් බලද්දි මේ වර්ගයේ අයගේ නොනවතින Selfies, Snaps දැකගන්න ලැබෙනවා නේද..? Facebook සහ Instagram මාධ්‍ය වලට ලැබෙන Likes, Comments තමයි මේ වර්ගයේ අයගේ දවස පවත්වාගෙන යන්නෙත්.

නිබ්බා සහ නිබ්බී – Teenage couples

 

 

නව යොවුන් වියේ ඉන්න couples මේ කාණ්ඩයට අයත් වනවා. එදිනෙදා දේවල් ගැන සරළ ප්‍රාථමික මට්ටමින් සිතන පතන තත්වයක් මේ අයගෙන් හඳුනාගන්න පුළුවන්. මේ අයගෙ ප්‍රේමය ගැන හොඳින් නිරීක්ෂණය කළොත් මගේ පණ, බබා, පැටියා, සුදු අම්මියා, සුදු තාත්තියා වගේ සීනි බෝල වචන ඕනෑ තරම් හඳුනාගත හැකියි. තමන්ගෙ වටපිටාව කුමක් වුවත් මේ අය අනිකා වෙත තියෙන මේ බොලඳ ආදරය පැණි බේරෙන විදිහට ප්‍රකාශ කරන්න වගබලා ගන්නවා ඔයාට දකින්න ලැබේවි.

“බොක්ක” – හොඳම මිතුරන් වැනි පෙම්වතුන්

 

 

මේ වර්ගයේ පෙම්වතුන් සමග කාලය ගත කිරීම ඉතාම සාමාන්‍යයි සහ විනෝදජනක වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වර්ගයේ යුවලක් ඇත්තටම පෙම්වතුන්මද කියල හිතෙන්න පවා පුළුවන්. ඒ තරමටම ඔවුන් සාමාන්‍ය මිතුරන් වගේ හැසිරෙනවා දකින්න හැකියි. මේ අය බොහෝවිට කලක් තිස්සේ හොඳම යහළුවන් වීමෙන් පස්සෙ පෙම්වතුන් වූ බව නිරීක්ෂණය කරන්න හැකිවේවි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රේමයට වඩා මිත්‍රත්වය පිටතට පෙනීමේ සම්භාවිතාව වැඩියි. මේ වර්ගයේ පෙම්වතුන් එක්ක කාලය ගතකරන එක තුන්වැන්නකු විදිහට ඉතාම ලෙහෙසි කටයුත්තක් වේවි. එකිනෙකාව පහසු කරවාගන්න අතරම තමන් අවට ඉන්න අනික් මිතුරන්වත් පහසු කරවන්න ඔවුන් ඉතා හොඳින් දන්නවා වගේම නිතැතින්ම ඔවුන් අතින් එය සිදුවනු ඇති.

නිතර රණ්ඩු කරන couples (වලි couples)

 

 

මේ වර්ගයේ පෙම් සම්බන්ධතා නිතරම යුධමය කලාපයක සිටින බවක් දනවනු ඇති. ඕනෑම දෙයක් ගැන ඕනෑම මොහොතක වාදයකට එළඹෙන්න ඔවුන් සූදානම් වගේම ඒ වාද ඉතා බරපතල අවසානයක් කරා ගෙන යන්නත් ඔවුන්ට පුළුවන්. බොහෝවිට මේ මතබේද පදනම් වන්නේ නොසලකා හැරිය හැකි මට්ටමේ අනවශ්‍ය හේතුවක් මූලික කරගෙන බව හඳුනගත හැකියි. තැන නොතැන නොබලා වටපිට ඉන්නේ කවුරුන්දැයි නොසිතා මොවුන් මේ මතගැටුම් ඉදිරියට ගෙන යනවා දැකගන්න පුළුවන්. මේ විදිහේ යුවලක් සමග ගැවසීම ඉතාම අපහසු කටයුත්තක්. විශේෂයෙන්ම තුන්වැන්නකුට මෙවැනි යුවළක් සමග සිටීම ඉතා වේදනාකාරී විය හැකියි. ඕනෑම මොහොතක මත ගැටුමක් ඇතිවී “බබා” “යකෝ” බවට පෙරලිය හැකි නිසා ඉතා අපහසුවෙන් එවැනි දෙදෙනෙක් එක්ක ඉන්න ඔයාට සිදුවේවි.

දුරස්ථ ප්‍රේම සම්බන්ධතා (ප්‍රේම අරගල)

 

 

මේ වර්ගයේ ප්‍රේමයන් පවතින්නේ තාක්ෂණය මත පමණයි. තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ ඇමතුම් අරගෙන දවසේ කටයුතු ගැන කතා කිරීමේ සිට සියළුම දේවල් සිදුකිරීම ඔවුන්ගේ විදිහ වනවා. සියළු ශාරීරික අවශ්‍යතා සමග මුළු ජීවිතයම වීඩියෝ කෝල් එකකට ලඝු කරමින් ජීවත් වීම මොන තරම් අසීරු දෙයක් වුනත් ඔවුන් එය කරනවා දැකගන්න පුළුවන්. බොහෝ වෙලාවට වෙනත් රටවල හෝ ඉතා දුර බැහැර ඉන්න මේ අයට මේ දෛනික වීඩියෝ කෝල් එකටත් වඩා එයට පහසු වෙලාවක් සොයා ගැනීම අපහසු වනවා. අනික් පාර්ශවය කතා කරමින් ඉද්දිම එක පාර්ශවයක් මොබයිල් ෆෝන් එකත් එක්කම නිදා ගැනීම මේ සම්බන්ධතා වල සාමාන්‍ය තත්වයක්. බොහෝ වෙලාවට මේ සම්බන්ධයන් දිගු කාලීන නොවුනත් සමහර විට ඒවා අවසානයක් කරා ගෙනයන අයත් නැතුවාම නොවෙයි.

අයියා – නංගී පෙම් යුවල

මේ වර්ගයේ අය අනිකාව හඳුන්වන්නේ, ආමන්ත්‍රණය කරන්නේ වෙනමම තලයකින්. වයසින් වැඩි පෙම්වතෙක් තමන්ට වඩා බාල වයසේ පෙම්වතියක් එක්ක පෙම්වතුන් වීමට පෙර හිතවතුන් වනවා. ඒ අය “අයියා” සහ “නංගී” ලෙස අමතා ගැනීම සාමාන්‍යයි. අවසානයේ පෙම්වතුන් වීමෙන් පසුවත් මේ ඇමතීමේ වෙනසක් වන්නේ නැහැ. සමහරු විවාහයෙන් පසුවත් මේ හැඳින්වීමම කරනවා දකින්න පුළුවන්. නමුත් ආදරය, ආරක්ෂාව, අවබෝධය වගේ කාරණාවන් මේ මත රඳා පවතියි කියල පුර්ව වින්ශ්චයන්ට එන්න නම් කාටවත් බැහැ. ඒවා එකිනෙකා මත රඳා නොපවතින දේවල්.

විටින් විට එක්වන පෙම් යුවල

මේ වර්ගයේ පෙම්වතුනුත් අපට නිතර මුණ ගැහෙනවා. ඒ දෙන්නා එකට ඉන්නවද නැද්ද කියල කවුද දන්නෙ, කියන ප්‍රශ්නය ඔයාටත් ඇතිවෙලා ඇති. මේ සතියේ ආදරයෙන් ඉන්න යුවල ඊලඟ සති අන්තය වෙද්දි විරසකයි. නැවත සතියකින් ඔවුන් පෙම්වතුන්. මෙවැනි couple එකකට ට්‍රිප් එකකට, සාදයකට ආරාධනා කරන එක ඉතා අමාරු කටයුත්තක්. ඒ මොකද කිව්වොත් ආදාළ දවස වෙද්දි ඒ දෙන්නාගෙ ප්‍රේමයේ තත්වය කාටවත්ම විශ්වාසයක් නැති නිසයි. මේ නාට්‍ය දිහා බලා සිටීම විනෝදජනක විය හැකි වුවත් එක මට්ටමකින් පස්සෙ තුන්වැන්නකුට එය බලා සිටීමත් අපහසු වනු ඇති.

ටියුෂන් couples

 

 

ටියුෂන් පන්තියේ couples ඔයාට අලුත් අත්දැකීමක් වෙන්න විදිහක් නැහැ. බොහෝවිට මේ අය එකම ටියුෂන් පන්තිය තෝරගන්නෙත් එකිනෙකා සමග වෙලාව ගත කිරීමේ උවමනාව නිසාමයි. ව්‍යාපාර කළමනාකරණය හදාරන සමහර couples සතියකට පැය දෙක තුනක් රසායන විද්‍යා පන්තියක වෙලාව ගත කරන්න වෙන හේතුවක් උවමනාද..? ටියුෂන් ප්‍රේමය කියන්නෙම එවැනි දේකට. සදාකාලික ආදරයක් වෙනුවෙන් ප්‍රේමයෙන් බැඳෙන මෙවැනි පෙම්වතුන් මාස කිහිපයක ටියුෂන් අරගලයකින් පස්සෙ වෙනත් පෙමකට මාරු වීමත් සාමාන්‍ය දෙයක්.

රහස් couples

 

 

මෙවැනි අයත් ඔයාට හමුවෙලා තියනවා නේද..? එකිනෙකා සමග ප්‍රේම සම්බන්ධතාවක් තියන බවට ඔවුන් දෙදෙනාම හෙළිදරවු කරන්නෙ නැහැ. එකිනෙකාගේ ඇස් වලින් කියන රහස් ගැන, ඉඟි බිඟි ගැන, අමුතු කතා ගැන වටපිටාව දන්නෙ නැහැ කියලත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. නමුත් ඒ බොහෝ දෙනෙක් මෙවැනි යුවලකගේ හැසිරීම් වල අමුත්ත ඉතා ඉක්මනින් තේරුම් ගන්නවා. මේ අය තමන්ගේ ලඟම මිතුරන් සමග ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන්න නිතරම උත්සාහ කරනවා. තමන් පෙම්වතුන් නොවෙයි සාමාන්‍ය යහළුවන් පමණයි කියන හැඟීම පිටතට දනවන්න කරන අසාර්ථක උත්සාහයක්. ඒ නමුත් බොහො දෙනෙක් මෙවැන්නන්ගේ රහස් ඉක්මනින් නිරීක්ෂණය කරගන්නවා.

හොඳම couples

 

 

 

තමන් වඩා හොඳම couple එක බව ඔප්පු කරන්න දඟලන පෙම්වතුන් දැක නැති වෙන්න බැහැ. ඔයා අවට ඕනෑ තරම් එවැනි අය ඇති. තමන්ගේ හොඳම යහළුවන් අතර වුවත්, හොඳම පෙම්වතුන් තමන් බව ඔප්පු කරන්න ඔවුන්ට අවශ්‍යයි. වඩා ආදරයෙන් විශ්වාසයෙන් අවබෝධයෙන් ඉන්නෙ තමන් දෙදෙනා බව ඔප්පු කරන්න මේ අය හුඟක් මහන්සි වෙනවා. සමහර විට එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරනවාටත් වඩා මෙලෙස “හොඳම” කපල් එක බව පෙන්වීමේ අරගලයට කාලය වෙන් කරනවා. ඔයාගෙ ආදරය පවත්වාගෙන යන්නෙ කොහොමද කියල නිතර විමසන මේ අය ඔවුන්ගේ සම්බන්ධය ඊට වඩා හොඳින් පවත්වා ගන්නා ආකාරය ගැන අත්දැකීම් වලින් ඔයාට උගන්වන්නත් උත්සාහ කරනවා. තමන් වඩා හොඳ වෙන්නෙ ඇයි කියල ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරන්න මෙවැනි පෙම්වතුන් කටයුතු කරනවා.

මේ ලක්ෂණ කියවද්දි මේ එක් එක් වර්ගයට අයත් පෙම්වතුන් ඔයාගෙ මතකයට නැගෙන්න ඇති. ඒ වගේම, තමන් තුළ හෝ තමන්ගෙ පෙම්වතා / පෙම්වතිය තුළ ඇති එවැනි ලක්ෂණ ගැන මතකයට නැගෙන්නත් ඇති. කිසිවක් හොඳ හෝ නරක ලෙස වර්ග කිරීමක් අපි මේ ලිපියෙන් අපේක්ෂා කරන්නෙ නැහැ. නමුත් වඩා සුදුසු සහ ප්‍රායෝගික තලය තෝරා ගන්න මේ ලිපියෙන් උදවු ලබාගන්න ඔයාටත් හැකියාව තිබෙන බවත් මතක් කළ යුතුමයි.

ආදර සම්බන්ධයක් බිඳ වැටුනොත් ජීවිතේම එපා කරගන්නවාද…?

ගැස්ම අපි අද කතා කරන්න හිතුවා Relationship Breakups ගැන. Breakup එකක් කියන්නෙ මොකද්ද? කොහොමද Breakup එකක් වෙන්නෙ? Breakup කරන කෙනාට සහ Breakup එකට මුහුණදෙන කෙනාට දැනෙන්නෙ මොනවද? මේ දේවල් ගැන කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියලා අපිට හිතුණා.

 

 

අපේ Relationship එක නැත්නම් ඒ bond එක හදාගත්තට පස්සෙ අතරමඟදි කුමන හෝ හේතූන් නිසා ඒ දෙන්නා වෙන්වෙන එක තමයි සරලවම Breakup එකක් කියන්නෙ. ඒක ඕන කෙනෙක් දන්නවා. නමුත් Breakup එකක් ඇයි pain එකක් විදියට දැනෙන්නෙ? ඒකට ප්‍රධානම හේතුව තමයි Addiction එහෙමත් නැත්නම් ඇබ්බැහිවීම. මොකද Attachment එක හදාගන්නකොට ඒක chemical Reaction එකක් වෙනවා Brain එකේ. ඒක එතකොට වෙනම comfortable level එකක්. හිතන්නකො, drugs use කරනකොට මුලින්ම comfortable level එකක් දැනෙනවා වගේම ඒක continue කරගෙන යන්න හිතෙනවා. ඒකත් එක්ක Addict වෙනවා. සමහරවිට Addict වුණාට පස්සෙ අවබෝධයෙන් තීරණ ගන්න එක අඩුයි සහ Addiction level එක වැඩියි. එතකොට අවබෝධෙන් අපිට පේන දේ අපිට practically use කරගන්න බැහැ. තමන් දන්නවා මම ඉන්න bond එක මෙන්න මේ වගේ කියලා. දන්නවා මම drugs වලට addict වෙලා ඉන්නෙ කියලා. ඒ වගේම තමයි මෙහෙම ගියොත් මගේ life එකට මෙහෙම වෙනවා කියලා දන්නවා. ඒ වගේම තමයි වෙන අය කියන දේවල් සහ තමන්ගේ life එකත් එක්ක compare කලාට පස්සෙ තමන්ට වෙන effect එක හොඳට තේරෙනවා.ඒ වගේ තමයි bond එකකට addict වුණාට පස්සෙ තේරෙනවා මේක toxic ද? මගෙ life එක ආපස්සට යනවද? නැත්නම් breakup එකක් වුණාම life එකට වෙන්නෙ මොකද්ද කියලා. නමුත් addiction එක නිසා කොච්චර අවබෝධයක් තිබුණත් ඒක practically use කරගන්න බැහැ. අපිට තියෙන knowledge එක education level එක කොච්චර වැඩි වුණත් මොන විදියේ සමාජ ස්ථරයක හිටියත් අපිට ඒ දේවල් practically use කරගන්න බැහැ. ඒක addiction එකක හැටි.

එතකොට breakup එකක් වෙනවා කියන්නෙ, එක්කෙනෙක් decide කරනවා එතනින් අයින් වෙන්න. සමහරවිට එක්කෙනෙක් හෝ දෙන්නම decide කරනවා මෙතනින් අයින් වෙන්න. නමුත් මෙතනින් ලොකුවට වේදනාවට පත්වෙන එක්කෙනෙක් ඉන්නවා අනිත් කෙනාට වඩා.

 

 

Breakup එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි ආකර්ෂණය නැතිවීම (attraction faded). ඒක එක හේතුවක් විතරයි. සමහරවිට වෙන වෙන පාරිසරික හේතූන් නිසාත් Breakup එකක් වෙන්න පුළුවන්. Attraction faded වෙනවා කියන්නෙ මුලදි තිබ්බ thrilled එක ටික ටික අඩුවෙලා ගිහිල්ලා අනිත්කෙනා ගැන තියෙන උනන්දුව තවදුරටත් continue කරගෙන යන්න තියෙන ආසාව නැතිවෙලා යන එකට. මේ හේතුත් එක්ක කෙනෙක් අයින් වෙන්න හදනවා. හැබැයි අනිත් කෙනා breakup pain එක experience කරනවා. එතකොට addiction එකක ඉන්න නිසා brain එක හැමවෙලේම අනිත්කෙනාගෙ feelings ඉල්ලනවා. ඒකෙන් තමයි ජීවත්වෙනවා වගේ වාතාවරණයක් හැදිලා තියෙන්නෙ. හරියටම කිව්වොත් drug addiction එකක ඉන්න කෙනෙක් වගේම තමයි.

නමුත් brain එකෙන් ඒක ඉල්ලුවට reality එකේ ඔයා experience කරනවා ඒ මනුස්සයා නැහැ කියලා. Brain එකට කොයිවෙලේ හරි confirm Massage එකක් ගියොත්, තවදුරටත් ඒ මනුස්සයා ඔයත් එක්ක continue වෙන්නෙ නැහැ කියලා, එයා වෙන affair එකක් කරනවා නැත්නම් එයා අතරමඟදි ඔයාට අපහාස කරනවා සහ හිතපු නැති විදියේ හැසිරීම් පෙන්නනවා කියලා. ඒ confirm massage එක ඔලුවට ගිය ගමන් confusion එකක් පටන් ගන්නවා ඔයාගෙ full protecsional එක දෙනවා. කන බොන එක, නිදාගන්න එක, වැඩවලට attention එක දෙන එක සාමාන්‍ය ජීවිතයේ එහෙම් පිටින්ම නවත්තලා full protecsional එක දෙන්නෙ අර relationship එක continue කර ගන්න. මොකද ඔයා addiction එකක ඉන්න නිසා. එයා toxic ද? නැද්ද? මේක breakup වෙන්න තිබ්බ එකක්ද? Breakup වෙච්ච එකෙන් ඔයාට හොඳක් සිද්ධ වෙනවද? කිසිම දෙයක් අදාළ නැහැ. කොහොමහරි try කරන්නෙ එයා පස්සෙන් ගිහිල්ලා Attachment එක හදාගන්න. ඒක තමයි addict වුණාට පස්සෙ හැටි. එතකොට reality එකේ ඒ මනුස්සයා Move වෙනවා කියන දේ ඔයා experience කරනවා. නමුත් brain එකෙන් ඒ attachment එක තියෙන විදියට තමයි ඔයාව move කරවන්නෙ. ඔයාව සාමාන්‍ය ජීවිතයේ ආයෙ back to normal කරන්න සාමාන්‍ය විදියට ඔයාට ජීවත්වෙන්න සලස්වන්න ඒ කෙනාවම ඕනේ කියලා හිතෙනවා. Addiction එක කියන්නෙ ඒ වගේ දේවල්.

 

 

අපේ ජීවිතයට අත්‍යවශ්‍ය නැති නමුත් ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි කියලා brain එක recognize කර ගත්ත දේවල් තමයි addiction කියලා කියන්නෙ. ඒ මනුස්සයගෙ දේවල් විශේෂීකරණය කරලා වෙන් වීමක් සිදු කරනවා. මොකද addiction එකක ඉදලා එකපාරටම ඒ ගැන බලාපොරොත්තු නැතිවෙනවා කියන massage එක ඔළුවට ගියපු ගමන් අපේ හිත කරන්නේ එයාගෙ තියෙන විශේෂිත ගුණාංග ලොකු කරලා පෙන්නනවා. එයාගෙ පෙනුමද? එයා වෙන කෙනෙක් එක්ක යයිද? එතකොට සිංදුවක් ඇහුවත් ඒක feel වෙනවා. වැඩකට attraction එක දීගන්න බැහැ. Lost වුණා වගේ feel එකක් එනවා. මගේ වැරැද්දෙන් එයා lost වුණාද කියලා හිතෙනවා. Last Seen බලන්න හිතෙනවා. Follow up එක දෙන්න හිතෙනවා. ඔය වගේ සාමාන්‍ය ජීවිතයේ ඉන්න level එකට වඩා ලොකු confusion එකක් ඇති කරනවා මනුස්සයගෙ නැති විශේෂත්වයකුත් ගුණනය කරලා හදලා පෙන්නනවා. ඔයාව එතනට තල්ලු කරනවා attachment එක continue කර ගන්න.

මොකද ඔයාගෙ Body process එක පුරුදු වෙලා තියෙන්නෙ එයාගෙ ජීවිතය මතින් depend වෙන විදියට. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. එතකොට Breakup එක කරන කෙනාට ඇත්තටම ලොකු pain එකක් නැහැ. මොකද එයා දන්නවා ඔයා පස්සෙන් එනවා කියලා සහ එයාට attraction fade වෙලා තියෙන්නෙ. එයා decide කරනවා Breakup කරන්න. නමුත් එයා mentally breakup එක කරන්න කියලා physical Attachment එක නැවැත්තුවට mental disconnect වෙලා නැහැ. Mental Disconnect වෙන්න යම්කිසි කාලයක් යනවා. එතකොට එයා තමයි breakup කරනවා කියලා ලොකුවට decide කරන්නෙ. නමුත් අනිත් කෙනාට මම අර කිව්ව හැමදෙයක්ම experience කරන්න සිද්ධ වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික breakup pain එක experience කරනවා කියලා එයා අත්විදින්නෙ අර painful කාල පරාසයක්. ඉතින් මේක තමයි attachment එකකින් පස්සෙ breakup එක කරන කෙනාට සහ breakup එක initiate කරන කෙනාටත් මුහුණ දෙන්න වෙන අත්දැකීම. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාට අවබෝධයක් එන්න ඇති කියලා. අපි ඉදිරියේ දී තවදුරටත් මේ ගැන කතා කරමු.

 

නදිමාල් එදිරිසූරිය – relationship counselor

පොලොස් කරිය …

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

පොලොස් ගෙඩියක්
ලොකු ලූණු 1ක්
අමු මිරිස් කරල් 2ක්
කුරුඳු
එනසාල්
උළුහාල් තේ හැඳි 1/2
ලුණු තේ හැඳි 1 1/2
මිරිස් කුඩු තේ හැඳි 2 1/2
කරපිංචා + රම්පේ
ගොරකා 3ක්
පොල් කිරි කෝප්ප 2 (පළමු වරට)
පොල් කිරි කෝප්ප 2 1/2 (දෙවන වර)

සාදා ගන්නා ආකාරය ….

පොලොස් ගෙඩියක් ගෙන කැලි වලට කපා ගන්න.
ලොකු ළුණු ගෙඩියක් හා අමු මිරිස් කරල් 2ක් එක් කර ගන්න.
කුරුඳු , එනසාල් හා උළුහාල් එක්කර ගන්න.
ලුණු තේ හැඳි 1 1/2ක් හා මිරිස් කුඩු තේ හැඳි 2 1/2 ක් එයට එක් කර ගන්න.
රම්පේ +කරපිංචා + ගොරකා කැබලි 2ක් එක්කර ගන්න.
එයට පොල් කිරි කෝප්ප 2ක් එක්කර තැම්බෙන්නට හරින්න.
නැවත පොල් කිරි කෝප්ප 2 1/2ක් එක්කර හොඳින් පිසගන්න.

ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය …

“Jack of all trades, master of none” මේ කියමන බොහෝ දෙනෙකුට අදාළ කර ගත හැකි කියමනක් වෙනවා. එය ඔබට මට වුවත් එසේමයි. ඕනෑම පුද්ගලයෙකුට විවිධ ආකාරයේ කාර්යයන් කිරීමේ හැකියාව තිබුනත් ඒ බහු කාර්යයන් සඳහා අවශ්‍යය වන දක්ෂතාව හැමෝටම නැහැ. නමුත් ධනුෂ්ක කුමාරතුංග කියන්නේ මේ කාණ්ඩයට අයත් නොවන බහු විධ කුසලතා සඳහා එක ලෙසම දක්ෂතාවයක් ඇති පුද්ගලයෙක්. ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු සැබවින්ම බොහෝ කුසලතා ඇති අයෙක්. මෑතකදී ඔහු වෘත්තීය කැමරාවක් වෙනුවට ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූප සමඟ Essence නමින් ඡායාරූප සඟරාවක් ආකාරයෙන් කලා කෘතියක් නිර්මාණය කර තිබෙනවා. ඉතින් මේ පිළිබඳ කුතුහලයෙන් සිටි ඔබ දැනුවත් කිරීමට මේ සොඳුරු මිනිසා සමඟ කතාබස් කිරීමට අපි තීරණය කළා.

 

 

 

1. ඔබ, ඔබව හඳුන්වන්නේ කෙසේද?

කලාව තුළින් ජීවිතය දකින, සරල නමුත් කල්පනාකාරීව සිතන කෙනෙක්. ඒ වගේම එදිනෙදා ජීවිතය තුළ දක්නට ලැබෙන කලාත්මක බව අගය කිරීමට කාලය ගත කරන කෙනෙක්.

 

 

2. කලාව කියලා ඔබ හඳුන්වන්නේ කුමක්ද ?

මම හිතන්නේ මානව වර්ගයාගේ නිර්මාණශීලීත්වය කියන විශාල සාගරය ආවරණය කරන්නේ කලාව මගින්.කලාව මූලික වශයෙන් සෞන්දර්යය වුවත් , එය පුද්ගලයෙකුගේ හැකියාව හෝ දක්ෂතාවය ද වෙන්න පුළුවන්.

3. ඔබ නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවකට යොමු වුණේ කොහොමද?

මම විවිධ වර්ගයේ සංගීත සඳහා පද රචනා කරලා තියෙනවා.ඒ වගේම මම සංගීත වීඩියෝ අධ්‍යක්ෂණය කිරීමට දක්ෂයි, මගේ සංගීත පසුබිම එන්නේ එතැනින්. මම ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙසත් වෙළඳ නාම කිහිපයක් සමඟ වැඩ කර තිබෙනවා. ඊට අමතරව, මම විවිධ පුවත්පත් සහ මාධ්‍ය ආයතන සඳහා නිදහස් මාධ්‍යවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

4. මෙම කෘතිය සම්පාදනය කර ප්‍රකාශයට පත්කිරීමේ දී ඔබේ අත්දැකීම් කෙසේද ?

මම මුලින්ම උනන්දු වුණේ ජංගම දුරකථන ඡායාරූපකරණය සහ ඒ සමඟ විවිධ අත්හදා බැලීම් කරන්න. මෑතකාලීනව රට තුළ ඇති වූ lock down තත්ත්වයත් සමඟ මට එය කිරීමට හොඳම අවස්ථාවක් උදා වුණා.

මෙහිදී මම තෝරාගත් ගමට ළඟා වීම තරමක් දුෂ්කර වුණා. නමුත් එය මට ඉතා සුවිශේෂී ජීවන රටාවක් සමීපව හා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඉඩ ලබා දුන්නා. මම හිටියේ වල් අලි ගැවසෙන කැලයක් මැද වූ නිසා ඒ අත්දැකීම තරමක් බියකරු වුණා. කොහොම වුනත් මේ සියලු අංග එකතු වීම මගේ ජිවිතයට විශිෂ්ට අත්දැකීමක් වුණා.

 

 

 

5. ඔබ Essence හරහා අල්ලා ගැනීමට උත්සාහ කළේ කුමක්ද?

Essence නියෝජනය කරන්නේ නිදහස, සමාජ-සංස්කෘතික වටිනාකම සහ අපට අහිමි වූ විස්මිත ග්‍රාමීය දර්ශනය. ඒ වගේම ස්වභාවධර්මයට ඉතා සමීපව ජීවත් වන ප්‍රජාවක අත්දැකීම් සහ හැසිරීම් ද එහි ප්‍රදර්ශනය කරනවා. මෙය නාගරික ප්‍රදේශවල අපට නොපෙනෙන දෙයක්. මේ සියලු අවස්ථා ග්‍රහණය කර ගැනීමට මම තෝරා ගත්තේ ජංගම දුරකථනයක්. ජංගම ඡායාරූපකරණයට වෙනස් දෙයක් නිර්මාණය කළ හැකියි. එපමණක්ද නොව, මම ජංගම දුරකථනයේ ඇති මෘදුකාංග භාවිතයෙන් එම ඡායාරූප සියල්ල සංස්කරණය කරනු ලැබුවා. ඒ වගේම තමයි Essence හි ඇත්තේ වෙනස් මෝස්තරයක්. එහි පිටු බටහිර සඟරා ආකෘතියක් අරගෙන තිබෙනවා. එය නරඹන්නාට ආශ්වාදයක් ලබා දිය හැකි නිර්මාණයක්.

 

 

6. ඔබට වඩාත් තදින්ම දැනුන පොතේ එක් කොටසක් ගැන අපට පැවසිය හැකිද?

හේන් ගැන මම ලියපු කොටස මට ගොඩක් විශේෂයි. අපට රාත්‍රිය ගත කිරීමට සිදු වූයේ ගසක් මත වූ කුඩා ලී පැල්පතක, උදෑසන හිරු උදාවේ සුන්දරත්වය මට එතරම් ජීවමාන බවක් දැනුනා. එය ඉතා දුර්ලභ අත්දැකීමක් වුණා.

7. වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස, ජංගම දුරකථන කැමරාවක් භාවිතා කිරීමේ වෙනස කොහොමද?

වෘත්තීය කැමරා සහ ජංගම දුරකථන කැමරා අතර තාක්ෂණික වෙනස්කම් තිබෙනවා. අධි තාක්‍ෂණික උපකරණයකින් වුවද, අප ක්‍රියා කරන ආකාරය සහ එය හසුරුවන ආකාරය අනුව අපට ප්‍රතිඵලය ලැබෙනවා. එබැවින් අධි තාක්‍ෂණික කැමරාවකින් වුවද, එය හැසිරවිය යුතු ආකාරය ඔබ නොදන්නේ නම් ඔබට අවශ්‍ය පින්තූර ගැනීමට නොහැකි වනු ඇත. ජංගම දුරකථන කැමරාවක් භාවිතයෙන්, මිනිසුන්ගේ ස්වභාවික හැඟීම් සහ ස්වභාවික හැසිරීම් ග්‍රහණය කර ගැනීම පහසුය. ඒ වගේම වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් විදියට මම ලබාගෙන තිබුණු දැනුම නිසා නිවැරදි ආලෝකය යොදාගෙන නිර්මාණශීලී ඡායාරූපයක් ගන්න මට පහසු වුණා.

 

 

8.මෙම ව්‍යාපෘතිය ගීත රචකයෙකු ලෙස ඔබේ හැකියාවන් සමඟ සමපාත වන්නේ කෙසේද?

අපි කරන හැම දේකම කලාව තියෙනවා. අප මුලින්ම සිතිය යුත්තේ අප තෝරා ගන්නා මාධ්‍ය තුළ නිර්මාණාත්මක චින්තනය සහ දෘශ්‍යකරණය නිසි ලෙස බෙදා හරින්නේ කෙසේද යන්නයි. පොතේ ලිඛිත භාෂාව ගීත රචනයෙන් පැන නගින අතර දෘශ්‍යකරණය ඡායාරූපකරණය හරහා සිදු කෙරේ. මගේ දෘශ්‍ය කෘති වචන ඇතුළත් කෘතිවලට පරිවර්තනය කිරීමට මෙම ව්‍යාපෘතිය මට හැකි වුණා කියලා මම හිතනවා.

9. මෙම ව්‍යාපෘතිය අතරතුර ඔබ මුහුණ දුන් දුෂ්කරතා මොනවාද? ඔබ ඒවා ජයගත්තේ කෙසේද?

ගමේ මිනිසුන්ට හානියක් හෝ බාධාවක් නොවන අයුරින් සංවේදී මිනිස් හැසිරීම් ග්‍රහණය කර ගැනීම දුෂ්කර වුණා. මුල් දින කිහිපය තුළ මට ඔවුන් සමඟ සිටිමින් ඔවුන්ගේ සිරිත් විරිත්වලට අනුගත වීමට සිදු විය. ඉන් අනතුරුව ඒ පිරිස අප සමඟ අත්දැකීම් බෙදා ගැනීමට අදහස් කළා. මම ජංගම දුරකථන භාවිතා කිරීමට හේතුව එයයි. වාසනාවකට මට ඒ අවස්ථාවේදීත් වන සතුන්ගෙන් කිසිම ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

 

 

10. ඔබේ අනාගත සැලසුම් මොනවාද?

මේ කෘතිය හරහා මම ලබපු අත්දැකීම් එක්ක තව තවත් පොත් මාලාවක් විදියට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එය moving art ස්වරූපයෙන් ද පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

කැරට් සහ අර්තාපල් සමඟ චිකන් ස්ටූ …

 

 

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් මේස හැඳි 1ක්
එනසාල් 3ක්
කුරුඳු
සූදුරු + උළුහාල් තේ හැඳි 1/2
සුදුළූණු බික් 3ක්
ලොකු ළූණු 1ක්
කරපිංචා + රම්පේ
කහ තේ හැඳි 1/2
කටු රහිත කුකුල් මස් 500 ග්රෑම්
ලුණු තේ හැඳි 1ක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
කරි පවුඩර් තේ හැඳි 1ක්
අර්තාපල් 2ක්
තක්කාලි 3ක්
මැගී නියම පොල් කිරි පිටි කෝප්ප 1 යි
අමු මිරිස් කරල් 3ක්
කැරට් කෝප්ප 1/2
maggi real coconut milk powder මේස හැඳි 1ක් + වතුර කෝප්ප 1ක්
maggi real coconut milk powder මේස හැඳි 2ක් + වතුර කෝප්ප 1ක්

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.

එනසාල්,කුරුඳු,සූදුරු,උළුහාල්,සුදුළූණු,ලොකු ළූණු ,කරපිංචා ,රම්පේ එක්කර තෙම්පරාදු කර ගන්න.

කහ ස්වල්පයක් එක්කර කටු රහිත මස් එක්කර ගන්න.

ලුණු හා ගම්මිරිස් එක්කර ගන්න.

මිරිස් කුඩු ,කරි කුඩු, එක්කර හොඳින් පිස ගන්න.

අර්තාපල් හා තක්කාලි එක්කර කවලන් කර ගන්න.

maggi real coconut milk powder වතුර කෝප්පයක් සමග මිශ්‍ර කර එය පිසගත් ව්‍යාංජනයට දමා හොඳින් පිස ගන්න.

කපාගත් කැරට් එක්කර ගන්න.

maggi real coconut milk powder වතුර කෝප්ප 2ට මිශ්‍ර කරගන්න.

අවසාන වශයෙන් උකු පොල් කිරි කෝප්පය ව්‍යාංජනයට එක්කර එයට කපාගත් අමු මිරිස් එකතුකර හොඳින් පිස ගන්න.

මේ වගේ ආහාර කවදාවත් වැඩියෙන් ගන්න එපා …

ආහාර රටාව නැතහොත් කෑම, ජීවිතයේ එක් ප්‍රධාන අංගයක්.පවුලේ සෑම අයෙකුම එකම රටාවකට කෑම කෑමට අකමැති නිසා එක් එක් ආකරයෙ ආහාර රටාවලට යොමු වී සිටිනවා. එක් අයෙකු කිරට, තවත් අයෙකු තෙලට ,තවත් අයෙකු මිරිසට කන්න කැමතිනම් ඒ ඒ රස වලට ඉව වැටුණු පසු ඒ ආහාර පසුපසම දිවයයි. මේ සියල්ලටම කට පරිස්සම් විය යුතුයි .නැත්නම් ලෙඩ ඇඳේ තමයි නවතින්නට වෙන්නේ.සමහර ආහාර වර්ග තියෙනවා ඒවායේ ප්‍රමාණය ඉක්මවා ගතහොත් සෞඛ්‍යයට අහිතකර පෝෂපදාර්ථ එක්කර ශරීරය දුර්වල කරන ,එම නිසාම ආහාරයට ගන්නා බත් ඇටය ගැන පවා අප සැලකිලිමත් විය යුතුයි.

 

 

ඔබ දන්නවාද ?කාන්තා ඔබ පිරිමින්ට වඩා පිළිකාවට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව .පිළිකාවක් හෝ එහි මූලික අවස්ථාවේ සිටින බව යමෙකු දැන ගැනීමෙන් පසු, ජීවිතය ඉතාමත් කෙටි බව ඔවුන්ට දැනෙන්නට පටන් ගන්නවා.ඒ එහි ඇති මාරාන්තික බව නිසා.එහෙත් පිළිකාවක් සමග පොරබදා ජය ගන්නා අය ද නැතුවාම නොවේ. එහෙත් අතීතයේ සිටි මිනිසුන් මෙවන් අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දුන්නේ නැත. ඊට හේතු වූයේ වස විසෙන් තොර ආහාර වලට හුරු වී සිටි නිසාය.

 

 

ඇතැම් ආහාර පිළිබඳ නොදැනුවත් කම මෙන්ම දැනුවත්කම තිබුණද ඒ කෙරෙහි ඇති ගිජු බව නිසාම ඒ ආහාර සති පතා ම ආහාරයට ගනියි .ඉහත කී ආකාරයේ පිළිකා ඇතිවීමට බලපාන ආහාර අතර ප්‍රධාන වශයෙන් සකස් කළ මස් වර්ග වලට ලැබෙන්නේ ප්‍රධාන තැනක් .බෙකන් ,සොසේජස් ,හොට්ඩොග් ඊට උදාහරණ කිහිපයක්.මේ මස් වර්ග නිතර නිතර ආහාරයට ගැනීම නුසුදුසු වන්නේ ඒ නිසා. මේ ආකාරයෙන් මස් වර්ග සෑදීමේදී අධික තාපයට හා අධික පීඩනයට ලක් කරන බැවින් ඒවායේ ඇති ප්‍රෝටීන වර්ග වල වෙනස් වීම් සිදුවෙනවා . මේ නිසා සිරුරේ වෙනසක් ඇති කරමින් පිළිකා හට ගැනීමට මාර්ගය පහදා දෙනවා.එසේම අධික පීඩනයට ලක් කරන අර්තාපල් ද පිළිකා කාරක ඇති කරන බවට සොයාගෙන තිබෙනවා.

 

 

 

තවද ආහාර රස ගන්වන සමහර රසකාරකද පිළිකා කාරක වන අතර ,monosodium, glutamate හෙවත් එම්. එස් .ඩී ප්‍රධාන තැනක් ගන්නවා .ආහාර වර්ණ ගන්වන වර්ණක ද පිළිකා ඇතිකිරීමට හේතුවන තවත් ද්‍රව්‍යයක්. වර්තමානයේ දී බොහෝ ආහාර වර්ග සාදා ගනු ලබන්නේ මේ ආකාරයෙන් බව රහසක් නොවෙයි .රස කාරකවලට බොහෝ දෙනකු ප්‍රිය කරන බව අප කවුරුත් දන්නා කරුණක්. විශේෂයෙන් කුඩා දරුවන් ඒ අතර බහුලයි.මේ ආකාරයෙන් අපි නොදැනුවත්කම නිසා නිවසෙන් බාහිරව ලබා ගන්නා රසකාරක සහිත ආහාරවල පිළිකා කාරක ද අඩංගුව පැවැතීම කනගාටුවට කරුණක්.

 

 

ඇතැම් ආහාර සැකසීමේදී යොදා ගන්නා රසකාරක පිළිකා කාරක බව ද තහවුරු කරගෙන තිබෙනවා .දිනපතා ආහාරයට ගැනීමට පුරුදුව තිබෙන කෙටි ආහාර ද පිළිකාවකට අතවැනීමක් බව ඔබ දන්නවාද? එවන් ආහාර සාදා ගැනීමේදී හෝ එවැනි රසකාරක යෙදීම, වරක් භාවිත කළ තෙල් නැවත නැවතත් භාවිත කිරීම, ගැඹුරු තෙලේ බැදීම ද පිළිකාකාරක ඇති කිරීමට පහසු කරනවා .තව ද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ නියම පොල්තෙල් ද නොවේ. පොල්තෙල් සාදා ගැනීමට භාවිතා කරන පොල් වියළීමේදී පුස් වර්ග ඇති වීමට තිබෙන ඉඩ වැඩියි. එම පුස් වර්ගයේ ඇත්ලටොක්සින් නම් පිළිකා සාදන විෂකින් යුක්ත වෙනවා. මෙවැනි පුස් සහිත තෙල් වර්ග ආහාරයට ගන්නා විට එම විෂ සිරුරට ඇතුළු වන්නේ නිරායාසයෙනි. එසේම බඩ ඉරිඟු, රටකජු වැනි ධාන්‍ය වර්ග ද කල් තබා ගැනීමට සැකසීමේදී නිසියාකාරව වේළි නොතැබීම හේතුවෙන් හෝ ගබඩා කරන තබන ස්ථානය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා ද ඉහත ආකාරයෙ පුස් වර්ග ඇතිවෙනවා.

 

 

මෙම හේතූන් නිසා ඔබ මේ කියු ආහාර ද්‍රව්‍යයන් පමණට වඩා ආහාරයට නොගත යුතුයි. තවද මේ පිළිකා හට ගැනීමට හේතු වන ,

* ධාන්‍ය කල්තබා ගැනීමේ දී හැදෙන පුස් වර්ග

*ඉවක් බවක් නැතිව ආහාර ගැනීම

*පළිබෝධ නාශක මිශ්‍ර එලවලු පලතුරු වලින්

*ගැඹුරු තෙලේ බදින ආහාරවලින්

*ආහාර වර්ණ ගන්වන වර්ණක වලින්

*පලතුරු කල් තබන රසායනික සංයෝග වලින්

*ප්ලාස්ටික් වතුර බෝතල් නැවත පාවිච්චි කිරීමෙන්

*අහිතකර රසකාරක අඩංගු කෑම බීම වලින්

*කෙටි කෑම මගින්

මේ එකී නොකී සෑම ආකාරයකින්ද ඔබේ ශරීරයට පිළිකාකාරක ඇතුළු විය හැකියි.එම නිසාම ඉහත කී ආකාරයෙන් සෑදූ ආහාර කවදාවත් වැඩියෙන් ආහාරයට ගන්නට යන්නට එපා. එමඟින් ඔබට නැති වී යන්නේ ඔබේ සෞඛ්‍යය සම්පන්න ජීවිතයයි.

Nutella පිරුණු Crepes කන්න Crepe Runner යමුද…?

ඔයා crepe කන්න කැමති කෙනෙක්නම් ඒකට හරියනම තැන තමයි Crepe Runner. ඔවුන්ටම ආවේණික වුණු කෑම සහිත food truck outlet 4ක් මේ වෙනකොට ඔවුන් සතුව තිබෙනවා. 2019 දී ඔවුන් SLIM Brand Excellence සම්මානය දිනාගනිමින් ඔවුන්ගේ නාමය ඉදිරියෙන්ම තබාගෙන සිටිනවා. ඒ වගේම තවත් හොඳම experience එකක් තමයි ඔවුන්ගේ open crepe stations එක. ඉතින් ඔයා එතනට ගියොත් එයාලා මේ රසම රස sweet  සහ savoury crepes හදන හැටි ඔයාගෙ ඇස් දෙකෙන්ම ඔයාට බලාගන්න පුළුවන්. අපිත් ගියා එයාලගෙ බම්බලපිටිය outlet එකට රසම රස Crepe experience එක ලබාගන්න.

 

 

Classic Sweet Crepes

Strawberry Maniac (LKR 480) 

සමහර අය strawberries වලට කැමතියි. තවත් සමහර අය ඒකට කැමති නැහැ. හැබැයි ඔයා strawberries වලට කැමති කෙනෙක්නම් මේ strawberrie කෑලි වලින් පිරිලා තියෙන ඒ වගේම තව strawberry corn flakes එකතු කරපු, ඇතිවෙන්න Nutella වලින් fill කරලා තියෙන Strawberry Maniac එකට අනිවාර්යයයෙන් කැමති වේවි.  ඒ වගේම ඔයාට පුළුවන් මේ crepe එක milk chocolate option එකෙන් වුණත් try කරලා බලන්න.  අපි නම් රස වර්ග දෙකම enjoy කළා.

 

 

Combo Sweet Crepes

Choco Blast (LKR 680)

නමේ විදියටම chocolate පිරිලා තියෙන crepe එකක් තමයි Choco Blast.  KitKat, Kinder සහ Cadbury කියන රස තුනම ඔයාට මෙහිදී රස විඳින්න පුළුවන්.  මේ crepe එක වටේම crispy එකට සහ මැදට වෙන්න soft ගතිය තියෙන්න හරිම විදියට හදලා තිබුණා. ඒ වගේම මැද fill කරලා තිබුණ gooey chocolate layers ටික හොඳින් held කරලා තිබුණ නිසා perfect bite එකක්, පළවෙනි පාරම Choco Blast එක try කරනකොට ඔයාට ලබා ගන්න පුළුවන්.  ඉතින් මේ Choco Blast එක මේ මුදලට හොඳටම වටිනවා කියලා තමයි අපිට හිතුනේ.

 

 

Peanut Butter Banana (LKR 460)

 

ඔයත් මම වගේම Peanut Butter වලට කැමති කෙනෙක් නම් ආයෙ හිතන්න දෙයක් නැහැ මේ Peanut Butter Banana crepe එක order කරන්න ඔයා පසුබට වෙන්න එපා. මේක simple crepe එකක් වුණාට ඇතිවෙන්න peanut butter, banana සහ Nutella fill කරලා තිබුණ නිසා ගොඩක් රසවත් වුණා කිව්වොත් හරියටම හරි. මේකේ තියෙන තවත් plus point එකක් තමයි peanut butter වැඩියෙන් පැණි රසත් නැහැ වැඩිය තිත්ත රසයකුත් නැහැ.

 

 

Milk Choco Crepes

Cheese Cake (LKR 550)

මම cheese cake වලට ගොඩක් කැමති කෙනෙක්. Crepe Runner එකට ආපු මට හිතුනා cheese cake wrap කරන්න හොඳම විදිය crepe එක්ක කියලා. මේ crepe එක vanilla cheese cake pieces, chocolate සහ strawberry jam වලින් fill කරලා තිබුණා. ඇත්තටම මම, මේ Cheese Cake crepe එකට ගොඩක් කැමති වුණා කිව්වොත් හරියටම හරි.

 

 

Savoury Crepes

Stuffed Chicken  (LKR 690)

මෙහිදී මුලින්ම කියන්න ඕනේ  presentation එකට සහ  flavour එකට 10/10ම දෙන්න පුළුවන් කියලා. මොකද මේ crepe එක cheese, chicken, chips සහ herbs වලින් පුරවලා තමයි අපිට ලැබුණේ. Chicken එක හොඳින් cook කරලා තිබුණා වගේම සැරත් හොඳ ගානට තිබුණා. අපි මේ වෙනකොට try කරපු crepe වලින් හොඳම filling එක තිබුණේ මේ crepe එකේ තමයි. ඔයත් Crepe Runner එකට ගියොත් මේ Stuffed Chicken crepe එක අනිවාර්යයෙන් try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

 Prawn/Isso (LKR 550)

සරලව පිළිගන්වලා තිබුණ මේ crepe සහ prawn combination එකේ prawn pieces හොඳ මෘදුවට හැපෙන්න තිබුණා. මේ Juicy සහ spicy prawn pieces වලට cheese සහ herbs නියම savoury රසක් මේ crepe එකට එකතු කරලා තිබුණා. මම ආයෙත් Crepe Runner එකට ගියොත් මේ crepe එක අනිවාර්යයෙන් try කරන්න අමතක කරන්නෙ නම් නැහැ.

 

 

Loaded Potato Chips

Chicken chips (LKR 500)

Chicken, chips සහ cheddar cheese ගොඩක් එකතු කරලා හදලා තිබුණ මේ snack එක ඔයා කාටවත් දෙන්නේ නැතිව තනියම රසවිඳිනවා කියලනම් මට විශ්වාසයි. මොකද කිව්වොත් පෙනුම වගේම රසත් ඉස්තරම්. Cheese සහ chicken හොඳින් Rancrisp chips උඩට ‍ melt වෙලා  තිබුණා. මේ chips හිතන්නත් කලින් ඉවර වුණා. මොකද රස නිසා ඉක්මනින් කන එක මට නවත්තගන්න බැරිවුණා.

 

 

Hot Coffee

Cappuccino (LKR 380)

මේ Coffee එකේ aroma එකයි art එකයි හොඳ වුණත් මම මීට කලින් try කරලා තියෙන Coffee තරම් හොඳ වුණේ නැහැ. හැබැයි මේක  decent drink එකක්.

 

 

Nutella Shake (LKR 380)

රස වගේම දරන්න පුළුවන් මුදලකට තියෙන මේ Nutella shake එක මට හිතුනේ මීට වඩා මිලකට මෙය ඔවුන්ට විකුණන්න පුළුවන් නේද කියලා. මොකද මේ shake එකට ලෝබ නැතුව Nutella ගොඩක් එකතු කරලා තිබුණා. ඇත්තටම මම මේ shake එක ගොඩක් enjoy කලා . ඔයත්  Crepe Runner ආවොත් මේ shake එක try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Ambience and Service

 

මේ branch එකේ staff members ලා පස් දෙනෙක් මහන්සියක් බලන්නේ නැතිව customers ලා වෙනුවෙන්ම වැඩ කරනවා. මේසයට කෑම ටික ගෙනාපු ගමන් වගේ කූඹි මේසේ පුරා දුවන්න ගන්නවා. ඒ නිසා කූඹි ගැන කල්පනාවෙන් ඉන්න. අපි crepes ටික එයාලගෙන් බේර ගන්න උත්සහ කලත් එක කරන්න පොඩ්ඩක් අමාරු වුණා. මොකද ඒ දැනෙන පැණි රස සුවදට කූඹින්ටවත් ඔවුන්ව පාලනය කරගන්න බැරි වුණා.

 

 

කොහොම වුණත් මේ දේවල් කාලා බීලා බඩ පිරුණේ නැති වුණොත් එයාලගෙ mojito එකයි slider එකයි try කරලා බලන්න අමතක කරන්න එපා. මෙතන ඔයාට ඔයාගෙ පවුලත් එක්ක එහෙම නැත්තම් යාළුවො එක්ක වෙලාව ගත කරන්න ඉඩපහසුකම් තියෙනවා. ඒ වගේම ඔයාට වුණත් තනිම ගිහින් මෙතන ඉදන් enjoy කරන්නත්  පුළුවන්.

Bambalapitiya, Mount Lavinia, Maharagama (Cool Planet), Galle Road සහ Kollupitiya යන තැන්වල තමයි  Crepe Runner branches පිහිටලා තියෙන්නේ. ඒ වගේම PickMe සහ UberEats හරහා oder කරන්නත් ඔයාට හැකියාව තිබෙනවා.

කොරියානු කෑම රස හොයන ඔබට යන්න හොඳම තැන් …

ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශ සහ විවිධ පළාත්වලට ආවේණිකව නොයෙකුත් රසයන්ගෙන් ආහාරපාන සැකසෙනවා.එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ රවල් වල අනුභව කරන ආහාරපාන වර්ගද සැකසෙනවා. මේ අතර ඉන්දියානු ආහාර හා චීන ආහාර බොහොලෙස කැපී පෙනෙන අතර මේ වන විට කොරියානු කෑම සඳහාද ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ කොරියානු කෑම ඉතා ජනප්‍රියවී තිබෙනවා.

ඉතින් කොරියානු ආහාර වර්ග වලට වැඩිපුර කැමති ඔබට, තෝරා ගත හැකි කොරියානු අවන්හල් රාශියක් කොළඹ පිහිටා ඇති බව ඔබ මීට කලින් දැන සිටියාද? කොරියානු ආහාර ලෝලියනි! ඔයාලටත් අවස්ථාව තියෙනවා මෙම අවන්හල් වලින් ඔබේ ප්‍රියතම කෑම වර්ග වන Kimchi, Bibimbap, Tteokbokki හා Bulgogi ආහාර වල රස විඳින්න.

Kang’s Kitchen

 

 

මෙය කොළඹ ඇති හොඳම කොරියානු ආපන ශාලාව විය හැකි බැවින් මේ සඳහා පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ගේ Jajangmeon (කළු නූඩ්ල්ස්) සහ Tteokbokki කෑම ඉතා ජනප්‍රියයි. ඒ වගේම තමයි Kang’s Kitchen හි පිරිනමන කෑම ඉතාම ප්‍රණිතයි.

Address: 28/1, Horton Place, Colombo 7
Contact number: 0112 697 216
Open times: Monday to Saturday 12 pm – 2.30 pm, 6 pm – 9.30 pm; closed on Sunday

Han Gook Gwan

 

 

Han Gook Gwan ආපනශාලාව 1991 වර්ෂයේ සිට කොරියානු ආහාර වර්ග ශ්‍රී ලාංකිකයින් සමඟ බෙදා ගනු ලබනවා. කෙතරම් පැරණි වුවත් මෙහි ආහාර වල රසයේ නම් අඩුවක් නැහැ.මෙම අවන්හලට ගිය අයගේ පොදු මතය වුණේ ඔවුන්ගේ ත්‍යාගශීලී බවයි. එබැවින් ඔවුන්ගේ කෑම වර්ග ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර රුචිය සංසිඳුවාලන බව නිසැකයි.

Address: 25, Sri Sambuddhatva Jayanthi Mawatha, Colombo 5
Contact number: 0112 587 961
Open times: 11.30 a.m.- 2.30 p.m., 5.30-10.30 p.m.

The Bibim

 

 

The Bibim අවන්හල විශේෂයි . ඊට හේතුව නම් මේ අවන්හල නම් කරලා තියෙන්නෙම ජනප්‍රිය කොරියානු ආහාරයක් වන Bibimbap නමින්. එය විවිධ එළවළු, මස් සහ බැදපු බිත්තරයක් සහිත රසවත් බත් බඳුනක්. මස් වර්ග රාශියක් තිබෙන නිසා Bibim වැඩියෙන්ම අලෙවි වන කෑමක් වීම පුදුමයක් නම් නෙමෙයි.

Address: 375, R.A. De Mel Mawatha, Colombo 3
Contact number: – 0767 584 406
Open times: 11 a.m.-11 p.m.

Arirang 5th

 

 

කොරියානු කෑමලෝලී ඔබට පහසුවෙන්ම සොයා යෑමට හැකි ස්ථානයක් තමයි තිඹිරිගස්යාය පාරේ පිහිටා ඇති Arirang 5th. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මොවුන්ගේ කොරියානු ආහාර ලැයිස්තුවයි. පුද්ගලයන් දෙදෙනෙකු ,තිදෙනෙකු හෝ හතර දෙනෙක් විදියට ඔබ මේ අවන්හලට යනවා නම් ඔවුන්ගේ සෙට් මෙනු එකේ රසවත් ආහාර රස විදින්න පුළුවන්.
Address: 181, Thimbirigasyaya Road, Colombo 5
Contact number: 0115 882 661
Open times: 11.30 a.m.-9 p.m.

Kim’s Family Korean Restaurant

 

 

මෙහිදී නම් නම ඇසු පමණින්ම ඔබට හැඟෙන්නේ හදවතට සමීප බවක්. මෙම විශේෂිත කොරියානු ආපන ශාලාව ඔවුන්ගේ පාරිභෝගිකයින්ට ඉතා සුහද පිළිගැනීමක් ලබා දෙනවා. ඔවුන්ගේ පුළුල් මෙනු එකේ ජනප්‍රිය කෑම වර්ග දෙකක් වන Japchae හෝ Bibimbap පමණක් වුවත් රස විඳිමින් ඔබට සුවපහසුවක් දැනෙන අයුරින් ඔබේ ආහාර වේල බුක්ති විඳින්න පුළුවන්.

Address: 14-14 R.A. De Mel Mawatha, Colombo 4
Contact number: 0763 425 053
Open times: Monday to Saturday 11 a.m.-9 p.m.; 11.30 a.m.-8.30 p.m. Sunday

Seoul Restaurant

 

 

Seoul Restaurant සෑම විටම සුපිරි කොරියානු භෝජන සංග්‍රහයක් පිරිනැමීමට බැඳී සිටිනවා. devilled and hot butter dishes පිරිනමමින් ලාංකීය තාලයට සංග්‍රහ කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් ආනයනය කරන ලද කොරියානු භාණ්ඩ විකිණීම සිදුකරන බැවින් කොරියානු භාණ්ඩ වලට ප්‍රියතාවයක් දක්වන ඔබට එය වඩාත් වැදගත් වෙයි.

Address: 375 R. A. De Mel Mawatha, Colombo
Contact number: 0117 021 215
Open times: 10 a.m.-10 p.m.

KBQ Korean Barbecue

 

 

මෙහිදී නම් ඔබට ප්‍රියතම කොරියානු බාබකියු නැතිනම් KBQ රස විඳින්න පුළුවන්.කොරියානු බාබකියු ඇදහිය නොහැකි තරම් රසයෙන් යුක්ත වන අතර නියම කුළුබඩු ඒ සඳහා ඔවුන් යොදා ගන්නවා. සෑම ආහාරයකටම කුළුබඩු ටිකක් වැඩියෙන් බලාපොරොත්තු වන ලාංකිකයන් වන අපට මේ කොරියානු බාබකියු එක නම් ඉස්තරම්!!! chicken රසට කැමති ඔයාලට යන්න හොඳම තැන තමයි KBQ Korean Barbecue.

Address: Jana Jaya City Mall Rajagiriya (JJC Mall) Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte
Contact number: 0114 341 782
Open times: 9 a.m.-10 p.m.

Robata Grill

 

 

Movenpick හෝටලයේ පිහිටා ඇති Robata Grill විස්මිත ආසියාතික ආහාර වර්ග 7ක් සඳහා ප්‍රසිද්ධයි. මම පුද්ගලිකව Robata වෙත කිහිප වතාවක් ගොස් ඇති අතර, ඔවුන්ගේ මෙනුවේ ඇති Bulgogi කන්න ඔයා ආසාවක් දක්වනවා නම් ඒ ඔයා ගන්න හොඳම තීරණය කියලා මට කියන්න පුළුවන්.

Address: A2, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 7
Contact number: 0117 450 450
Open times: 12-3 p.m., 7-11 p.m.

Hancook Kitchen

 

 

Hancook Kitchen හිදී ඔබට පුළුවන් Korean grub වලින් සකසන ආහාරයක රස බැලීමට. මෙය කොළඹ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන ඔබට කොරියානු ආහාර සඳහා කියාපු ස්ථානයක්.

Address: 501/1/A New Kandy Road, Thalangama
Contact number: 0113 657 777
Open times: Monday to Saturday 12-10 p.m.; closed on Sunday

Korean Fried Chicken Hut

 

 

ඔබත් කැමතිද කොරියානු ෆ්‍රයිඩ් චිකන් සහ කිම්චි සලාදයක රස විඳින්න? එහෙනම් ඔබට මේ කොරියානු ෆ්‍රයිඩ් චිකන් හට් එකට යන්න පුළුවන්. ඔවුන්ගේ සීමිත් කොරියානු dishes කිහිපයක් තිබෙන අතර සිය පාරිභෝගිකයන් හට නිහතමානීව සේවය කරන ආපනශාලාවක් වනවා.

Address: No. 4a, Second Lane, Off Park Road, Mount Lavinia
Open times: 4-10 p.m.

එහෙනම් ඔන්න අපි ඔබේ කොරියානු රුචියට අවශ්‍යය හොඳම කොරියානු අවන්හල් ලැයිස්තුව ඔබට ලබා දුන්න. ඉතින් ඔබටත් පුළුවන් ඔබ කැමතිම කොරියානු ආහාරය රස විඳින්න.

වැඩිපුර වියදම් නොකර රුපියල් 1000ක් අරන් ඇවිදින්න යමුද? …

මෙහෙම හිතන්නකො, අද තමයි පඩි වැටෙන දවස! බැංකු ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල දැකපුවම සන්තෝසෙ බෑ නේද?… “ආයෙම හොඳ ගාණක් අතේ තියෙනවා” වගේ හැඟීමක් දැනෙනව නේද?

හැබැයි එකපාරටම…

දුරකථන ගාස්තු.. ප්‍රවාහන වියදම්.. ඇයි? අර ගන්න බලාගෙන හිටපු සපත්තු කුට්ටම… Uber Eats ඕඩරයකුත් දැම්ම නේද? ඒ ඔක්කොටම වැඩියෙන් අර තාම ගෙවන්න බැරි වුන බාර් බිල් එක එහෙම…

ආයෙමත් අතේ සතේ නැහැ! දැන් ඉතින් ආයෙමත් ඔයාගෙ අතේ තියන්නෙ මාසෙ ඉතුරු දවස් ටික ගැට ගහගන්න පුංචි මුදලක් විතරයි. සමහර දවස්වලට නම් කිසිම දේකට වියදම් නොකර ඉන්නත් වෙයි වගේ…

බොරුවට දුක්වෙන්නෙපා! අඩු ගාණකට මාසේ ඉතිරි දවස් හොඳට විනෝද වෙන්න පුළුවන් කොළඹ අවට තැන් කිහිපයක් ගැන අපි ඔයාට කියන්නයි යන්නේ. දෙන්නෙක් ගියත් සම්පූර්ණ වියදම රුපියල් 1000ක් පනින්නෙ නැහැ!

1) ඉස්සෝ වඩේ කන ගමන් ගෝල්ෆේස් එකේ ඇවිදිමුද?

 

 

 

පොඩ්ඩක් මතක් කරල බලන්න. අන්තිම වතාවට ඔයා ගෝල්ෆේස් වෙරළ තීරය දිගේ ඇවිදගෙන ගියේ කවදද?
ලස්සන හැන්දෑවක, ඉර බහින වෙලාවක ඒ කොළපාට තණකොළ තීරය දිගේ ඔහේ ඇවිදගෙන යනකොට,
ඔයාලා දෙන්නටම ඇතිවෙන්න ඉස්සො වඩේ ගත්තත් රුපියල් 200ක් වැය වෙයි ඕනෙ නම්. නිදහසේ සෙල්ලම් කරන ළමයි දිහා බලාගෙන නිස්කලංක සන්ධ්‍යාවක් ගත කරන්න එහෙම කැමති නැත්ද?

ඒ වගේම තමයි සති ගාණක් යනකන් ඔයාට ඒ හැන්දෑව මතක තියේවි.

2) ෆොටෝ පිරුණ නෙළුම් පොකුණ

 

 

විහාර මහා දේවී උද්‍යානය අසල තියෙන නෙළුම් පොකුණ පෙදෙස, කොළඹදි දැකගන්න පුලුවන් සුන්දරම ස්ථානයක්. ගාම්භීරව පෙනෙන නෙළුම් පොකුණ තෙක් විහිදී තිබෙන කොළ පැහැති සුන්දර මාවත, ෆොටෝස් ගන්න කැමති අයට නම් ගැලපෙනම ප්‍රදේශයක් වේවි. තමන්ට සුන්දර මතකයක් එකතු කරගන්න ලස්සනම තැනක් වුණත්, මේ වෙනුවෙන් ඔයාට සතයක්වත් වියදම් වෙන්නෙ නැහැ!

3) බෙල්ලන්විල උද්‍යානයේ බයිසිකල් සවාරියක්

 

 

මේ වගේ තැනක නම්, නිදහසේ බයිසිකලයක් පදිනවා තරම් දෙයක් නැහැ. ඔයාලා බෙල්ලන්විල උද්‍යානය පැත්තට ගියොත් පැයට රුපියල් සීයක මුදලට කුලියට දෙන සයිකල් දෙකක් අරගෙන වැව වටේම නිදහසේ පදින්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි. එතනම විවෘත කර තියෙන Food Stallsවලින් අඩු ගාණකට රහ කෑම වේලක් භුක්ති විඳින්නත් ඔයාලා දෙන්නට පුළුවන්. හැමදෙයක්ම රුපියල් 1000ට අඩුයි!

4) ඔබ වෙනුවෙන් විවෘත වූ කොළඹ ජාතික කෞතුකාගාරය

 

 

විවිධ කාල වකවානුවල පෞරාණික කෞතුක වස්තුවලින් පිරී තිබෙන කොළඹ ජාතික කෞතුකාගාරය පැය ගණනක් රැඳී සිටිය හැකි ස්ථානයක්. අලුත් අලුත් දේ ගැන හොයලා බලන්න කැමති නිර්මාණශීලී දෙදෙනෙකුට නම් මෙතන තවත් ගැලපේවි.

5) දියත උයනේ පැළ ප්‍රදර්ශනය

 

 

ඔයයි ඔයාගෙ සහකාරියයි ගෙවතු වගාවට යොමු වුන දෙදෙනෙක්ද?ගහකොළ පිරි කොළ පැහැති වටපිටාවකට පිස්සුවෙන් වගේ ආදරේ කරනවාද?
එහෙනම් අමතක නොකර දියත උයනට යන්න. ප්‍රදේශය පුරා සිටින පැළ වගාකරන්නන් තමන්ගේ විසිතුරු පැළ රැගෙන, සෑම සති අන්තයකදීම නොවරදවාම දියත උයනට එනවා. අලංකාර විසිතුරු පැළ මෙන්ම දුර්ලභ වටිනා ශාක රාශියක්ම බොහොම සාධාරණ මිලකට ඔබට මිලදී ගන්න පුළුවන්.

6) කොළඹ Pubවල Happy Hour Offers

 

අපි ශ්‍රී ලාංකිකයයි මත්පැන් බොන්න බොහොම කැමතියි. හැබැයි මත්පැන්හල්වල අන්තිමට ගේන බිල්පත දැක්කහම තමයි අපිට තරු පේන්නේ!
එහෙම බලනකොට Happy Hour කියන්නේ ත්‍යාගයක් වගේ දෙයක්ද කියලත් හිතෙනවා. සමහර මත්පැන්හල්වල ” Buy 1, Get 1 Free” offers දෙනකොට ඇතැම් තැන්වල තෝරාගත් cocktailsවලට ඇදහිය නොහැකි වට්ටම් දෙනවා. ඉතින් හොයලා බලලා මෙහෙම තැනකට ගියොත් නම් රුපියල් 1000ක්වත් වියදම් කරන්නෙ නැතුව ලේසියෙන්ම beers mugs දෙකක් ඔයාට ලැබේවි.

7) දියත උයනේ හංස බෝට්ටු පදිමුද?

 

 

හංස බෝට්ටු ගැන අමුතුවෙන් මොනවා කියන්නද. ඔබේ ආදරණීයන් සමඟ හරිම නිදහස් සහ සාමකාමී මොහොතක් ගත කරන්නට මේ තෝරාගැනීම හරියටම ගැලපේවි. වැව් රළ මැද්දේ ඔබේ කාලය ඔබට අවැසි ලෙසටම ගත කරන්න නම් දියත උයනේ හංස බෝට්ටුවකට ගොඩ වෙන්න.

8) ඔබට සිතැඟි මල් කළඹක් – ඩීන්ස් පාරෙන්

 

 

ඩීන්ස් මාවත මුල සිට අග දක්වාම පිරී තියන්නේ විවිධ ආකාරයේ මල් සාප්පු රොත්තකින්. ඩීන්ස් මාවතේ දී ඔබ කැමතිම මල් වර්ග වලින් සපිරි අලංකාර මල් කළඹක් වෙනුවෙන් රුපියල් 1000ක්වත් වියදම් වෙන්නෙ නැහැ.

(මල් කිව්වොත් ඉතින් සමහරු මොනවා නොකරාවිද 🙂

9) ක්‍රීඩා පිරුණු Ground Zero, One Galle Face

 

 

Gamers… මෙතන දෙවනත් කරන්නට ඔබ සූදානම්ද? තෝරා ගත හැකි එකිනෙකට වෙනස් පුළුල් ක්‍රීඩා ඉසව් රාශියක් සමඟින් One Gall Face හි පිහිටා තිබෙන Ground Zero අංගණය, ඔබටත් ඔබේ සහකාරියටත් සෞඛ්‍යාරක්ෂිත ,විනෝදාත්මක මොහොතක් එක් කරාවි.

10) Mount Lavinia වෙරළේ රසවත් වයින් තොල ගාන්නට

 

 

එක් අයෙකුට රුපියල් 1000ක්වත් වැය නොකර ඔබට ලැබිය හැකි ආදරණීයම සහ සරලම පෙම් හමුවක් Mount Lavinia වෙරළේ අත් විඳින්නට නම්,
රුපියල් 2000කට අවම රතු / සුදු වයින් බෝතලයක් රැගෙන සුන්දර සන්ධ්‍යාවක් ගත කිරීමට Mount Laviniaවට ගොඩ වන්න අමතක කරන්නත් එපා. හිරු බසින අතරෙහි ඔබේ පෙම් හමුව විඳ ගන්න…

11) මරදාන පරණ පොත් කඩ පේළියට ගොඩ වුනාද?

 

පොත්ගුල්ලනි, පරිස්සමෙන්!!

රුපියල් 1000කට එහා වියදම් කරන්නට ඔබේ හිත පෙළඹෙන්නට ගනීවි. දූවිලි පිරුණු මරදාන පරණ පොත් කඳු අස්සෙන් හොයා ගන්නට අතිශය අමාරු දුර්ලභ මැණික් හමුවෙන්නටත් ඉඩ තියෙනවා. කතා කරපු ගමන් පොත් ගැන විස්තර කියන සුන්දර මිනිසුන් කිහිපදෙනෙක්ම එතනදි ඔබේ උදව්වට පැමිණේවී.

12) Bowling නම් Excel World… Excel World නම් Bowling

 

 

අපි තව මොනවා කියන්නද? Bowling කියන්නෙම විනෝදයක්; සතුටක් සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න හොඳම විදිහක්.

13) සල්සා රාත්‍රියකට ගොඩ වදිමු

 

 

The Irish සහ Playtrix සමාජ මාධ්‍ය ගිණුම් වෙත ඇහැ දැම්මොත් සල්සා රාත්‍රියක් හොයා ගන්නට අමාරු වෙන්නෙ නැහැ. ඇතැම් රාත්‍රීන් වලදී ඔවුන් කිසිදු වයස් භේදයක් නැති, විනෝදකාමී සල්සා රාත්‍රීන් සංවිධානය කරනවා. සහකාරියත් එකතු කරගෙන විනෝද වෙන්නට හොඳම විදිහක්!
සල්සා නටන්න දන්නැතිද? ලැජ්ජා වෙන්නෙපා, එතන සිටින අයට ඔබ ගාවටම ඇවිත් කියලා දෙයි. කිසිම වෙනසක් නැතිව සල්සා නටන්න. ඔබේ වාරය ඊළඟට…

14) Crystal Shopping

 

 

අධ්‍යාත්මය වෙනුවෙන් වෙහෙසෙන ඔබට;

Stratford Avenue හි පිහිටා තිබෙන House of Siris අධ්‍යාත්මික මන්දිරයෙන් නොමිලේම ඔබේ ඕරා වළල්ල ගැනත් දැනුවත් වෙන්න හැකියි. සමබර ජීවිතයක් වෙනුවෙන් නොමිලේම ඔවුන්ගෙන් අදහස් ගන්නට ඔබට එහිදී හැකියාව තිබෙනවා. රුපියල් 1000කට වඩා අඩු මුදලක් වැය කර ලබා ගත හැකි crystals වර්ග රාශියක්ම එහි දැකගන්න පුළුවන්.

(අවැසි නම් Blue Lace Agate 1200ක් වැනි මුදලකටත්, Rose Quartz හෝ Red Jasper වැනි පාෂාණයක් රුපියල් 400 මිලකට අලෙවි වනවා.)

15) Carnival Ice Cream

 

 

වසර ගණනක් තිස්සේ රහ බෙදූ Carnival Ice Cream මිහිර විඳින්නට කවුද ඉතින් අකමැති? ඉතාම සාධාරණ මිල ගණන් යටතේ විවිධ Ice Cream වර්ග රාශියක් එහි ඇතුළත් වනවා.

ලස්සන හුරුබුහුටි Instagram post එකකටත් භාවිතා කරන්න බැරි යැ…

16) ඩාන්ස් නැත්නම් යෝගා පන්ති

 

 

අලුත් දේවල් කරන්නට උත්සාහ ගන්නවා කියන්නෙ වරදක් නෙමෙයිනෙ! විනෝදයෙන් පිරුනු ඩාන්ස් ක්ලාස්; එහෙමත් නැත්නම් ශරීරයට සැහැල්ලුවක් ගෙන දෙන යෝගා පන්තියකට එකතු නොවෙන්නෙ ඇයි එහෙම නම්..?
කවුද දන්නෙ, සමහරවිට ඒ ඔබේ අලුත්ම විනෝදාංශයේ පළවෙනි පියවර වෙන්නත් පුළුවන්. බොහෝමයක් තනි යෝගා පන්තිවල මුදල රුපියල් 1000කට අඩුයි.

එහෙමත් නැතිනම්, ඔබේ හොඳම යාලුවාත් අල්ලගෙන එකතු වෙන්න කියෝෂි පෙරේරාගේ නර්තන පුහුණුවීමකට. කාන්තාවන්ට පමණක් වෙන් වුනු මේ පුහුණුවීම්වලදි Latin, Hip Hop, Afro, movement සහ traditional ඇතුළු නර්තන විලාස 05ක්ම ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා.

17) උණුහුම් තේ සපිරි Chaiwala

 

 

එහා මෙහා ගැවසෙන මිනිසුන් අතරේ උණුහුම් තේ පානයක රස මිහිර විඳින්නට ඔබ යා යුතුම Marine Drive පෙදෙසේ Chaiwala වෙතයි.
මතකයේ රැඳෙන ඡායාරූප කිහිපයක් ගන්නත් ඔබ එන තෙක් එතැන බලා සිටිනවා.

18) කෝපි උගුරකින් සැනහෙන Caramel Pupmkin

 

 

කෝපිලෝලීනි,

උසස්ම තත්ත්වයේ උණුහුම් කෝපි පානයක් රසවිඳිය හැකි Carmel Pumpkin වෙත ඔබ තාම ගියේ නැද්ද?

19) දෙහිවල සත්වෝද්‍යානයට පිය නඟන්න!

 

 

ඔබ හා ඔබේ සහකාරිය සතුන්ට වැඩිපුර ඇල්මක් දක්වනවද? දෙහිවල සත්වෝද්‍යානය එවැනි අයට ගැළපෙනම තැන් කිහිපයෙන් එකක්.
ගිනියම් හැන්දෑවකට වඩා සත්වෝද්‍යානය පුරා යන රාත්‍රී සංචාරයක් ඔබේ විඩාව මඟ හරිනු ඇත.

20) ග්‍රහලෝකාගාරය තවමත් අමතක නැහැ!

 

“හඳට පියාසර කරන්න. මට තරු අතරෙහි සෙල්ලම් කරන්න ඉඩ දෙන්න”
Frank Sinatraගේ මේ කතාව මේ තරම්ම ජනප්‍රිය වෙන්න හේතුවක් තියෙනවා.

Fitness හදාගන්න Equipment සහ Supplements ගන්න හොඳම ස්ථාන මෙන්න …

නත්තල් කාලේ සහ ඒ ගමන්ම වගේ ලබපු අලුත් අවුරුද්ද නිසා අපි ගොඩක් තෙල් කෑම වර්ග ආහාරයට ගත්තා. ඉතින් දැන් ඒ අහිතකර මේදය ඉවත් කරගන්න කාලේ තමයි මේ ඇවිත් තියෙන්නේ. මේකටනම් ඔයාට gym එක්කට යන්න අවශ්‍ය වේවි. ඒ වුණාට gym යන්න ඔයාට වෙලාව නැත්තම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පහසු වෙලාවක පහසු ස්ථානයක ව්‍යායාම කිරීමට ඉඩ සලස්වා ගැනීම.නමුත් ඔබට උපකරණ නොමැති නම් කුමක් කළ යුතුද? නැතහොත් එම supplements ලබා ගන්නේ කොහෙන්දැයි ඔබ නොදන්නව නම් ඔබ කුමක්දකල යුත්තේ? ඔබටත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා පිළිතුරු මෙන්න. යෝග්‍යතා උපකරණ සහ supplements මිලදී ගැනීමට කොළඹ ඇති හොඳම ස්ථාන කිහිපයක් ගැන අද අපි ඔබව දැනුවත් කරනවා.

Fitness Equipment

 

Eser Marketing

 

 

 

Tel: 0774 645 777
Web: https://www.eser.lk/
Insta: @eser_international
Facebook: https://www.facebook.com/esermarketingInternational/
Address: No 02, Jaya Road, Colombo 04

GS Sports

Tel: 0775 551 000
Web: https://gssports.lk/
Insta: @gssportsofficial
Facebook: https://www.facebook.com/gs.sports.official/
Address: No 445A, Galle Road, Colombo 03

 

 

Decathlon

Tel: 0112 785 330
Web: https://decathlon.lk/
Insta: @decathlon.lk
Facebook: https://www.facebook.com/DecathlonSL/
Address: 323, Union Place, Colombo 02

Quantum Fitness

Tel: 0115 964 964
Web: https://quantum.lk/
Facebook: https://www.facebook.com/QuantumTeleShopping/?fref=ts
Address: No 05, Anderawatte Road, Colombo 05

Bansons

Tel: 0112 821 803
Web: http://www.bansons.lk/
Insta: @bansons
Facebook: https://www.facebook.com/bansonssrilanka
Address: No 51, Mihindu Mawatha, Colombo 12

Life Fitness

 

Tel: 0703 202 800
Web: http://lifefitnesssrilanka.com/
Address: No 6/1/1, Gothami Road, Colombo 08

Supplements

 

Supplement Warehouse

 

Tel:
Web: https://supplementwarehouse.lk/
Insta: @supplementwarehouse_srilanka
Facebook: https://www.facebook.com/supplementwarehouselk/
Address: No 23.A, Second Floor, 7 Maitland Crescent, Colombo 07

Life Supplements

 

Tel: 0750 121 880
Facebook: https://www.facebook.com/LifeSupplements.lk
Address: 69, Cotta Rd, Colombo 08

Bodybuilding.lk

 

Tel: 0777 686 820
Web: https://www.bodybuilding.lk/
Insta: @bodybuilding.lk
Facebook: https://www.facebook.com/bodybuilding.lk
Address: 609, Galle Road, Mount Lavinia

Supplement Factory

 

Tel: 0775 564 422
Web: @supplementfactory.lk
Insta: https://www.instagram.com/supplementfactory.lk/
Facebook: https://www.facebook.com/supplementfactory.lk
Address: 229/1/7, Santosh Plaza, Main Street, Colombo 11

Fitness Island

 

Tel: 0777 294 033
Web: https://store.fitnessisland.lk/
Insta: @fitnessisland_store
Facebook: https://www.facebook.com/Fitnessisland.Store
Address: 29, 17 Stratford Ave, Colombo 06

Supplement Shop

 

Tel: 0777 987 395
Web: http://www.supplementshop.lk/
Facebook: https://www.facebook.com/supplementshop.lk
Address: 177D, Stanly Thilakarathna Mawatha, Nugegoda

ZF Store

Tel: 0772 353 357
Web: https://zfstore.lk/d41d8-neve-fitness-contact/
Insta: @zfstore.lk
Facebook: https://www.facebook.com/zurifitnessstore
Address: 180, Highlevel Road, Nugegoda

Vitawell

Tel: 0114 503 503
Web: https://www.vitawell.lk/
Insta: @vitawell.lk
Facebook: https://www.facebook.com/vitawell.lk
Address: LG30, One Galle Face Mall, Colombo 01

 

Strong.lk 

 

 

Tel: 0712 309 690

Web: https://strong.lk/ 

Instagram: @strong.lk

Facebook: @info.strong.lk

Address: 247/1 High Level Rd, Nugegoda

මෙහිදී ඔබ මෙම උපකරණ හා supplements නිසි දැනුමෙන් සහ අවබෝධයෙන් භාවිතා කිරීමට වග බලා ගැනීම අවශ්‍යම දෙයක් වෙනවා. ඔබට උපකාර සහ මග පෙන්වීම අවශ්‍ය නම් වෘත්තිකයෙකු සම්බන්ධ කරගන්න.

ඉතින්, 2022 වසර වඩාත් යෝග්‍ය සහ ජව සම්පන්න වසරක් කර ගැනීමට ඔබටත් පුළුවන්!

කාර්යබහුල තරුණියන්ට රුව රැක ගැනීමට පහසු ක්‍රම …

හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න මොන තරුණියද අකමැති? රූ සපුවත් , තාරුන්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ .එම නිසා බොහෝ වෙලාවට රූ සපුව ගැන හිතන්නට ඔබට අතපසු වෙනවා ඇති .එහෙත් හරිම සරල ක්‍රම භාවිතයෙන් වුවත් රූ සපුව වර්ධනය කරගැනීමට හැකි බව දැන් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.පිරිමින්ට වඩා කාන්තාවන් සම ගැන බොහෝ සෙයින් උනන්දු විය යුතුය .මන්දයත් වියපත් වීමේදී කාන්තාවන්ගේ මුහුණේ රැළි ගැසීමේ ප්‍රවණතාව පිරිමින්ට වඩා ඉහළයි .එයට හේතුව තමයි මුහුණේ සම පිරිමින්ට සාපේක්ෂව තුනී වීම හා එහි අඩංගු කොලජන් ප්‍රතිශතය සාපේක්ෂව අඩු වීම. එම නිසා සම රැක ගැනීමට තරුණියන් සහ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

තාරුණ්‍යය රැකදෙන ඇපල්

 

 

සම රැලි ගැසීම හෝ වියපත් වීම ගැන කතා කරද්දි කාර්යබහුල තරුණියකට වඩාත්ම පහසුවෙන් සම රැක ගැනීම සඳහා කර හැකි සත්කාර මොනවාද ?

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම තාරුණ්‍යය රැක දෙන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා හැරෙන්නට ඇපල් සතු පෝෂණ ගුණය සමෙහි පැවැත්මට දායක කරගන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ ඇපල් සයිඩර් විනාකිරි රූපලාවණ්‍ය සත්කාර සඳහා එක්කර ගැනීමයි.ඇපල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය හා සමේ පි.එච් අගය සමබර කිරීමේ හැකියාවත් නිසා සමේ ස්වාභාවික සුන්දරත්වය හා තරුණ පෙනුම රැකගන්න ඒක කදිම සංඝටකයක් .

ඇස් යට කළු වීමට තිත තබන කහ

 

 

 

 

සුන්දර ශරීර අවයවයක් ලෙස සලකන දෑස් පිළිබඳ ලියැවුණු වර්ණනා ඉහටත් උඩින්ය.නමුත් බොහෝ අයගේ දක්නට ඇති ඇස් යට දුර්වර්ණයට කදිම බෙහෙතක් තමයි යෝගට් සහ කහ.

මුලින්ම පිරිසිදු භාජනයකට යෝගට් තේ හැඳි දෙකක් එකතු කරගන්න.එයටම කහ කුඩු ස්වල්පයක් දමාගන්න .හොඳින් මිශ්‍රකර ඇස් යට ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න .මෙම ආලේපනය සතියට දෙවතාවක් තුන් වතාවක් කිරීමෙන් ඇස් වටා පෙදෙස් වල සැබෑම වෙනසක් ඔබටම දැක ගන්න පුළුවන් .

ආකර්ශනීය පැහැයක් ලබා ගැනීමට කෝපි ක්‍රීම්

 

 

 

ඉතාමත් ඉහළ කැෆෙන් අගයක් පවතින කෝපි යනු ජනප්‍රිය බීමක් මෙන්ම රූපලාවන්‍යය කටයුතු සඳහා යොදා ගන්නා සාර්ථක ආලේපනයක්.
කෝපි cream වෙනදාට ඔබ භාවිතා කරන ක්‍රීම් වර්ග මෙන් සමේ බොහෝ වෙලාවක් රඳවා ගත නොහැකිය .උදේ සවස ආලේප කර ටික වේලාවක් තබා සෝදා ගත හැකිය. ස්වාභාවිකව සකස් කරගත් මේ cream දිනපතා ආලේපනය කිරීමෙන් තරුණ පැහැපත් සමක් හිමිකර ගත හැකි වේ.

කෝපි cream සකස් කරගන්නා ආකාරය.

 

 

පිරිසිදු කෝපි කුඩු මේස හැඳි දෙකක්

ඇලෝ ජෙල් මේස හැඳි එකහමාරක්

විටමින් E කැප්සියුලයක්

සියල්ල ක්‍රීම් එකක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න .ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ වැඩි වේලාවක් මිශ්‍ර කර ගැනීමෙනි .මේ ආකාරයට සකස් කර ගත් කෝපි ක්‍රීම් එක ඔබේ මුහුණේ ආලේප කර දින කිහිපයකින් පැහැපත් පෙනුමක් ලබාගන්න .

Blackheads whiteheads ඉවත් කරන toothpaste

 

 

 

Blackheads සහ whiteheads මුහුණට ගෙන දෙන්නේ ඉතා අවලස්සනක් .එම නිසා මෙම කරදරකාරී blackheads සහ whiteheads පහසුවෙන්ම කාර්යබහුල තරුණියන්ට ඉවත් කර ගත හැකි ක්‍රමයක් ඔබට කියලා දෙන්නම්.

පිරිසිදු භාජනයකට toothpaste කඩල ඇට දෙකක ප්‍රමාණයක් දමා ගන්න . ඊට පසුව ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න .හොඳින් කවලම් කර එය ටික වේලාවක් තිබෙන්නට හැර වෙනම බඳුනක් ගෙන එයට මද උණුසුම් ජලය දමා ගන්න .පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය මඳ උණුසුම් ජලයේ පොඟවා ගන්න.පසුව blackheads whiteheads තිබෙන තැන් හොඳට තවා ගන්න .ඉන්පසු කවලම් කරගත් ආලේපනය ගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම ආලේපනය ආලේපකර පහසුවෙන්ම blackheads whiteheads ඉවත් කරගන්න.

රුව අලංකරනයට මුළුතැන්ගෙයින් මෙන්ම ගෙවත්තෙන් ද වස විස නැති අතුරු ආබාධ නැති ස්වාභාවික අමුද්‍රව්‍ය බොහෝමයක් සොයාගන්නට හැකි වුවද වර්තමානයේ කාන්තාවන් මෙම ක්‍රම වලින් ඈත් වී සිටිනු දකින්නට ලැබේ .ස්වාභාවික රුව අලංකරන සත්කාරක ක්‍රම අනුගමනය කර සුන්දර නිරෝගී සමක් තබා ගැනීමට උනන්දු වීමෙන් දිගුකාලීන ස්වාභාවික සුන්දරත්වයක් ලබාගත හැකිය.

මන්දාකිනි පතිරණ.

අන්තර්ජාලය ඇසුරිනි.

නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න…

නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න අපි හැම දෙනාම ආසා කරනවා. ඒ තුළින් ඔබට ලැබෙන ආත්ම විශ්වාසයත් කියා නිම කරන්නට බැහැ. ඒ නිසාම ඔබට උසස් ගුණාත්මක තත්වයේ සේවාවක් ලබා ගත හැකි කොළඹ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාර ලැයිස්තුවක් සකසන්නට අපි සිතුවා…

1. Chagall Colombo

 

සුඛෝපභෝගී රූපලාවන්‍යාගාර අත්දැකීමක් විඳ ගන්නට, පාර්ක් වීදියේ පිහිටා තිබෙන Chagall Colombo..!

33, පාර්ක් වීදිය, කොළඹ 02
077 735 3177
https://www.instagram.com/chagall_park.st/
Instagram: https://www.instagram.com/chagall_park.st/ (DM them for appointments)

2. Ramani Fernando Salons

 

 

සැමවිටම තම පාරිභෝගිකයින්ට උසස්ම සේවාවක් ලබා දෙන Ramani Fernando රූපලාවන්‍යාගාර ජාලය, මෙරට වෙළඳපොළට නම් ආගන්තුක නැහැ. කොළඹ පුරා විහිදී තිබෙන පුළුල් ශාඛා ජාලයක් ඔවුන් සතුයි.

ප්‍රධාන ශාඛාව –
32, එලිබෑන්ක් පාර, කොළඹ 05
011 258 2176
https://www.instagram.com/ramanifernando.salons/
Instagram: https://www.instagram.com/ramanifernando.salons/

3. Mosh

 

 

2022දී ඔබ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට සිතාගෙන සිටිනවා නම්, Mosh ඔබ යා යුතුම ස්ථානයයි.

49/1, වෝඩ් පෙදෙස, කොළඹ 07
011 269 0549
https://www.instagram.com/mosh.lk/
Instagram: https://www.instagram.com/mosh.lk/

4. Capello Salons

 

 

වෙනස්ම ආකාරයේ රූපලාවන්‍යාගාර අත්දැකීමක් විඳ ගන්නට ඔබ සිතනවා නම්, Capello Salons වෙන් වෙන්නේ ඔබ වෙනුවෙන්මයි!

24, විජේරාම මාවත, කොළඹ 07
011 250 2729
https://www.instagram.com/capellosalonslk/
Instagram: https://www.instagram.com/capellosalonslk/

5. Salon KESS

 

උසස්ම සේවාවක් සොයන ඔබට උසස්ම හැඩ ගැන්වීමක් Salon KESS වෙතින්…

තෙවන මහල, රොස්මීඩ් පෙදෙස, කොළඹ 07
011 267 6855
https://www.instagram.com/kess_salon/
Instagram: https://www.instagram.com/kess_salon/

6. The Cutting Station

 

 

ඔබේ හිසකෙස් ගැන බලා ගන්න ඔබ සිතනවටත් වැඩිය තැනක්, The Cutting Station…!

65/3A, කිරුළ පාර, කොළඹ 05
011 258 8769
https://www.instagram.com/thecuttingstationsl/
Instagram: https://www.instagram.com/thecuttingstationsl/

7. Rumours

 

ඒ කටකතා ඇත්ත!! ඔබ බලාපොරොත්තු වන අයුරෙන්ම ඔබට අවැසි සේවාව සපයන්න ඔවුන්ට පුලුවන්.

467, යූනියන් පෙදෙස, කොළඹ 02
011 266 9898 / 077 340 2076
https://www.instagram.com/rumours_sl/
Instagram: https://www.instagram.com/rumours_sl/

8. Salon Liyo

 

 

2020 දී ඔබ කැමතිම විලාසිතාවකට හැඩවෙන්න හොඳම විසදුම තමයි Salon Liyo ..

224A, හයිලෙවල් පාර, කොළඹ – මඩකලපුව මාර්ගය, නුගේගොඩ 10250
077 388 5122
https://www.instagram.com/liyo_dhanushka/
Instagram: https://www.instagram.com/liyo_dhanushka/

9. Salon 7th Avenue

 

 

කොළඹ සිටි සෙන්ටර් හි ෂොපින් කරන ඔබ, Salon 7th Avenue හි නතර වෙන්නත් අමතක කරන්න එපා!

කොළඹ සිටි සෙන්ටර් – දෙවන මහල, 137, ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02
011 432 3347 / 077 731 1229
https://www.instagram.com/salon_7th_avenue/
Instagram: https://www.instagram.com/salon_7th_avenue/

10. Scalp Hair and Beauty

 

 

 

හිසකෙස් කියන්නෙ අපේ වැඩි අවධානයක් යොමුකල යුතු තවත් දෙයක්. Scalp Hair and Beauty කියන්නේ ඔයාගේ හිසකෙස් වලට අනර්ඝ සේවාවක් සපයන හොදම තැනක්.

55, කුරුප්පු මාවත, කොළඹ 08
077 315 8182
https://www.instagram.com/salonscalp_/
Instagram: https://www.instagram.com/salonscalp_/

11. Cheveux Salon

 

 

ඔබ ගැන නිතරම සැලකිලිමත් වීම වරදක් නෙමෙයි! Cheveux Salon රූපලාවන්‍යාගාර ජාලයේ unisex ශාඛාවක් කොළඹ සිටි සෙන්ටර් හි පිහිටා තිබෙනවා.

124, බාන්ස් පෙදෙස, කොළඹ 04
011 720 7008
https://www.instagram.com/cheveuxlk/
Instagram: https://www.instagram.com/cheveuxlk/

12. Salon Looks

 

 

 

Salon Looks ඔබේ ආකර්ෂණීය ගතිය තවත් වැඩි කරමින් ඔබේ ආත්ම ශක්තිය තවත් ඉහළ නංවාවි…

259, හයිලෙවල් පාර, මහරගම, කොළඹ
0112 160 770 / 075 770 5308
https://www.instagram.com/lookssl_salon/
Instagram: https://www.instagram.com/lookssl_salon/

13. BC Lifestyle Studio

 

 

 

කලක සිටම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන British Cosmetics ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ! සැමදා මතකයේ රැඳෙන හැඩ ගැන්වීමක් ඔවුන් ඔබට ලබා දේවි.

වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය, 1A, ප්‍රධාන පාර, කොළඹ 02
0112 422 588
https://www.instagram.com/bclifestylestudios/
Instagram: https://www.instagram.com/bclifestylestudios/

14. The Chopping Block

 

 

 

 

ඔබේ සත්කාරය සඳහාත් Chopping Block වෙත පිවිසෙන්න. උපරිම ආශ්වාදයකින් පිටතට පැමිණෙන්න.

1, 43 Maitland Crescent, කොළඹ 07
011 576 6516
https://www.instagram.com/thechoppingblock__/
Instagram: https://www.instagram.com/thechoppingblock__/

15. Scissors Salon

 

 

 

Scissors Salon කාලයට පටන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සිටින ප්‍රබල තරඟකරුවෙක්… ඔවුන් සමඟින් අලුත් නැවුම් පෙනුමකට මාරු වෙන්න ඔබටත් පුලුවන්!

300, හැව්ලොක් පාර, කොළඹ 05
011 430 8967 / 011 488 8295
https://www.instagram.com/scissorslk/
Instagram: https://www.instagram.com/scissorslk/

16. The Hair Studio

 

 

 

ඔබේ හිසකෙස් සඳහා ගුණාත්මක තත්වයේ සේවාවක් ලබා ගැනීමට The Hair Studio වෙත පිය නඟන්න. වසර මුලම ඔබට නව ජීවයක්… නව ආකර්ෂණයක්…

2, 6 සභා ලේන්, කොළඹ 05
077 162 3097
https://www.instagram.com/thehairstudio_byanusha/
Instagram: https://www.instagram.com/thehairstudio_byanusha/

17. You by The Wax Museum

 

 

කණගාටු වෙන්නෙපා, ඔවුන් ඔබව ඉටි රූපයකට හරවන්නෙ නැහැ. නමුත් ෂැම්පු වෙළඳ දැන්වීමක වැනි සුමුදු කෙස් කළඹක් ඔබට ලබා දේවි.

25/4, පළමු පටුමඟ, කොස්වත්ත පාර, 10100
072 742 2200
https://www.instagram.com/you_by_thewaxmuseum/
Instagram: https://www.instagram.com/you_by_thewaxmuseum/

18. The Rush Hair Salon

 

 

 

ඔබේ විලාසිතාවට ගැළපෙන ම රූපලාවන්‍යාගාරයක් සොයා ගැනීම පහසු දෙයක් නෙමෙයි. ඔබ සිතනවාටත් වඩා වැඩි ආකර්ෂණීය පෙනුමක් The Rush Hair salon ඔබට ලබා දෙනු ඇත.

කොළඹ – මඩකලපුව මාර්ගය, නුගේගොඩ
011 219 9299
https://www.instagram.com/the_rush_hair/
Instagram: https://www.instagram.com/the_rush_hair/

19. Naturals

 

 

 

ඇතුළතින් සහ පිටතින් ඔබව රජුන්.. රැජිනියන්.. කරන Naturals රූපලාවන්‍යාගාරය ඕනෑම අයෙකුට විවෘතයි.

290, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවත, කොළඹ 13
0112 444 160
https://www.instagram.com/salonnaturals_unisex_salon/
Instagram: https://www.instagram.com/salonnaturals_unisex_salon/

20. Salon Nayana

 

 

 

හිතේ තියන කොණ්ඩා මෝස්තරය/වර්ණය සැබෑවක් කර නොගන්නේ ඇයි? Salon Nayana ඔබේ ආශාව සැබෑවක් කරාවි…

18, සෙන්ට් ලුසියා මාවත, කොළඹ 13
0112 441 088
https://www.instagram.com/salonnayana/
Instagram: https://www.instagram.com/salonnayana/

21. Leena Hari Salon 

 

මෙම නව වසරේ ඔබේ හිසකෙස් රැකබලා ගැනීමට ඔබේ සුන්දරත්වය ඔබට දැනෙන්න සලස්වාලීමට Leena Hariram සුදානමින් ඉන්නවා.

60 එඩ්මන්ටන් පාර, කොළඹ 5

Telephone number: 076 223 4776 

Instagram: @leenaharipromakeup.hair.beauty