Blog Page 8

ඉන්දියානු විදියට රසම රස බිරියානි කන්න Biryaniwaala යන්න …

Biryaniwaala – ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර

බිරියානි වලට කැමති සියලුම දෙනාටම වගේම රසවත් ඉන්දු-පකිස්ථානු කෑම රස විදින ඔබට මෙය සුදුසුම ස්ථානයක්. මේ Biryaniwaala Resturant එක වැල්ලවත්තේ පිහිටා තිබෙනවා. පළපුරුදු සූපවේදීන් විසින් ඉන්දියානු කුළුබඩු එක් කර සාදන ඉන්දියානු සහ පකිස්ථානු රසැති මෙම ආහාර, ඔබට නියම බිරියානි රස ලබා දෙන බව අපට විශ්වාසයි.

මෙම Biryaniwaala Resturant හිදී ඉන්දු-පකිස්ථානු බිරියානි පිළිබඳ විශේෂ අවානයක් යොමු කරනවා. ඒ වගේම ප්‍රථම වතාවට ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර Biryaniwaala Resturant මගින් මහජනතාවට පිළිගන්වනවා.

අපි මේ Resturant එකේ හොඳම ආහාර මෙනු එක බලමු.

පානි පූරි  – LKR 500 (4/5)


ඉන්දියානු වීදි ආහාරවල ගොඩක් දෙනෙක් රස බලන ප්‍රණීතම කෑමක් තමයි පානි පූරී. මෙම ප්‍රණීත ආහාරය අර්තාපල්, කඩල, ළූණු සහ කොත්තමල්ලි චට්නි සමඟ ක්‍රිස්පි රසට හැපෙන සුළු shell එකක් තුළ පුරවා ඇති අතර, ඊට ඉහළින් සියඹලා චට්නි සහ ඇඹුල් වතුර (මින්චි, කොත්තමල්ලි සහ වෙනත් කුළුබඩු) වලින් සමන්විතයි.

දායි පූරි – LKR 600 (5/5)


පානි පූරි රසය දන්න කෙනෙක් පානි පූරි වලින් පමණක් නතර වෙන්නේ නෑ . එය dahi (curd) pori දක්වා ම යනවා. මිරිස් කුඩු කලවම් කරපු කිරි එකතු කරලා උඩින් ඉසින චාට් මසාලා එකත් එක්කම හදන මේ පූරි එකත් හරිම රසයි.

ප්‍රධාන ආහාර

එළුමස් බිරියානි – LKR 1,900 (5/5)


එළුමස් බිරියානි කියන්නේ ප්‍රණීත ආහාරයක්. මෙය කුංකුම කිරි මිශ්‍ර කළ බත්, එළුමස්, අර්තාපල් සහ මසාලා සමග පිරිනමනු ලබන අතර එළුමස් මෘදු සහ රසවත් ලෙස පිසිනු ලබනවා. Raita (රයිටා) සමග කන විට ළූණු, මිරිස් සහ වෙනත් විවිධ කුළුබඩු රසය එකතු වීමෙන් මේ එළුමස් බිරියාන් එකේ රසය තවත් වැඩි කරනවා.

තන්දූරි චිකන් බිරියානි – LKR 1,600 (5/5)


බත් මත තබා ලබා දෙන තන්දූරි කුකුල් මස් ආහාර වට්ටෝරුවේ සැර වගේම රසයෙන් පිරි කෑමක් වනවා. කෑම පිඟානේ සුවඳ වගේම රසයත් ඔබ බලාපොරොත්තු වෙන විදියට එක වගේම තියෙනවා. මේ බිරියානි එකට යොදා ඇති අමුද්‍රව්‍ය, එළුමස් බිරියානි සමග සමාන වුවත් මෙයට යොදා ඇති කුකුල් මස් මෙහි වැඩි රසයක් ගන්නවා. ඒ වගේම තන්දූරි චිකන් බිරියානි එක බිරියානි වලට වැඩි කැමැත්තක් දක්වන අයට අනිවාර්යයෙන්ම ගැලපෙන දෙයක්.

 

තන්දූරි කඩා  (Quail) – LKR 1,100 (4/5 )

බොහෝ දෙනෙක් රස විදීමට කැමති ආහාරයක් තමයි “Tandoori Kada” කියන්නේ. යෝගට් සහ අච්චාරු දැමූ මෙම ආහාරය සම්පූර්ණ කුළුබඩු යෙදීමෙන් අපූරු රසයක් ලබා දෙනවා. මෙය ඉස්ම සහිත ස්වරූපයක් ගන්නා අතර ගෙදර සාදන බැදපු කුකුල් මස් වලට සමානයි. මින්ට් චට්නි සමග මෙම “Tandoori Kada” වඩාත් ගැලපෙන රසවත් කෑමක් වනවා.

පනීර් ටික්කා – LKR 800 (3/5)

පනීර් කියන්නේනම් ප්‍රසිද්ධ නිර්මාංශ ආහාරයක් බව අපි හැමෝම දන්නවානේ. තන්දූරි මසාලා හා කිරි පදම් කර ගත් මෙම පනීර් ටික්කා අඟුරු මත හොඳින් පිස තිබුණත් මෙය තවත් රස ගන්වා තිබුණානම් හොඳයි කියලා හිතුනා. කොහොමවුනත් මෙය නිර්මාංශ අය සඳහා හොඳ ආහාරයක්.

 

අතුරුපස

ජලේබි – LKR 250 (5/5)


උණුසුම් හා හැපෙනසුළු ලෙස මට ලැබුණු මේ අතුරුපස ප්‍රියතම රසයක් එක් කළා. සිරප් වල පෙඟවීමෙන් පසු තිරිඟු පිටි බැටරය සමග මිශ්‍ර කර ගැඹුරු ‌තෙලේ බැදීමෙන් පසු සාදන ලද මෙය ඔයත් අත්හදා බලන්න අමතක කරන්න එපා.

 

කැරට් හල්වා – LKR 450 (5/5)

කැරට් හල්වා යනු උකු කිරි, ගිතෙල් සහ කුළුබඩු කිහිපයකින් පිසූ කැරට් වලින් සාදන ලද ජනප්‍රිය ඉන්දියානු ප්‍රණීත ආහාරයක්. ඇදහිය නොහැකි තරම් creamy සහ සිනිඳු බවක් ගත් මේ කැරට් හල්වා එක ඇට වර්ග එකතු කිරීමත් එක්ක හැපෙනසුළු බවක් දැනුනා.

බීම වර්ග

Nimbu Paani (දෙහි යුෂ) – LKR 400 (4/5)


විසිතුරු අලංකාර වීදුරු වල ඉදිරිපත් කෙරූ මෙය ඉතාමත් ආකර්ශනීය බවක් ඇති කළා. විදුලි බුබුලක හැඩැති වීදුරුවක දමා ඉදිරිපත් කරන මෙම බීම වර්ගය පැණිරස දෙහි යුෂ වලින් සමන්විත වනවා. මෙම පානය ඔබට වඩාත් අවශ්‍ය වන්නේ උණුසුම් හා අව්ව සහිත දිනයකයි.

ලුණු දැමූ ලැසි – LKR 600 (5/5)

ඔබ බොහෝ විට පැණි රස ලැසී බීලා තිබුණත් කවදාකහරි ලුණු දැමූ ලැසී එකක් බීලා තියෙනවාද? ඔයාට එහෙම අත්දැකීමක් අරගෙන නැත්නම් බිරියානිවාලා Restaurant එක තමයි ඒකට හොඳම තැන. යෝගට් වලට ලුණු දමා සෑදූ මෙම පානය ඔබේ oder එකට ගැලපෙන්නේ නෑ කියලා හිතනවානම් ඔයත් ගිහින් Try කරලා බලන්න.

මසාලා චායි – LKR 350 (5/5)


වැසි දින වලදී මෙම පානය වඩාත් සුදුසුයි. මෙම “මසාලා චායි” කුළුබඩු හා පැණිරසයෙන් අනූන හේතුවෙන් මෙම පානය බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නා සුළු පානයක් වනවා. සාදික්කා, කුරුඳු, කරදමුංගු සහ තවත් බොහෝ විශේෂ කුළුබඩු වලින් සාදන ලද මෙය වඩාත් රසවත් පානයක්.

පරිසරය

බිත්තිවල පින්තාරු කරන ලද බිතුසිතුවම් මෙන්ම අනෙකුත් අලංකරණ බොහෝ දෙනාගේ සිත් ගන්නා ස්ථානයක් වන අතරම ඔවුන්ගේ සිත් ගන්නා සුළු පිළිගැනීම නිසා ඔයාට හොඳ අත්දැකීමක් එකතු කරනවා. කෙසේවෙතත්, අවන්හල තරමක් කුඩා ඉඩකින් සමන්විත වන නිසා මෙහි ආසන ධාරිතාව නම් සීමා සහිත වනවා. සමස්තයක් ලෙස ගත් කල, බිරියානිවාලා යනු දේශීය කෑමට ආදරය කරන අප වැනි අයට කදිම ස්ථානයකි

ඔබ දන්නවාද ?

  •  අවන්හලේ සීමිත ධාරිතාව හේතුවෙන්, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා වෙන් කිරීම් සිදු කරන්න පුළුවන්. නමුත් සිකුරාදා සිට ඉරිදා දක්වා වෙන් කිරීම් සිදු කරන්න බැහැ.

මුරුංගා ව්‍යංජනය

https://www.youtube.com/shorts/79HhsicjtJ4

මුරුංගා කියන්නෙ සරල ව්‍යංජනයක් වුණාට ඒ මගින් අපේ ශරීරයට ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා.

ඉතින් අපි අද Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කියලා දෙනවා ශරීර සෞඛ්‍යයට ගොඩක්ම හිතකර මුරුංගා ව්‍යංජනයක් හදන විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය:

මුරුංගා 500g ක්
දිය පොල් කිරි කෝප්ප 1 1/2 ක්
උළුහාල් තේ හැඳි 1/2 ක්
අමු මිරිස් කරල් 2 ක්
ලොකු ළූණු ගෙඩි 1 ක් (පොඩි)
කහ කුඩු තේ හැඳි 1/2 ක්
තුනපහ තේ හැඳි 1 ක්
ලුණු තේ හැඳි 1 ක්
සුදුළූණු ගෙඩි 3 ක්
කරපිංචා + රම්පේ
රතු ළූණු ගෙඩි 5 ක්
උකු පොල් කිරි කෝප්ප 1 1/2 ක්
දෙහි යුෂ

සාදන ක්‍රමය:

භාජනයක් ලිපේ තියලා ඒකට මුරුංගා, දිය පොල් කිරි, උළුහාල්, අමු මිරිස්, ලොකු ළූණු, කහ කුඩු, කරපිංචා, ලුණු, සුදුළූණු, කරපිංචා සහ රම්පෙ එකතු කරන්න.

ඒ සියල්ලම හොඳින් මිශ්‍ර කර, හුමාලයෙන් තැම්බෙන්න පියනෙන් වසා තබන්න.

ඊළඟට, තැම්බූ මුරුංගා වලට කුඩා රතු ළූණු සහ උකු පොල් කිරි එකතු කර නැවත මිශ්‍ර කරන්න.

එය පිස අවසන් වූ පසු, ලිප නිවා දමා දෙහි ගෙඩි භාගයක යුෂ ව්‍යංජනයට මිරිකා ගන්න.

එය නැවත වරක් හොඳින් මිශ්‍ර කර , පිළියෙළ කර ගත් සෞඛ්‍ය සම්පන්න මුරුංගා ව්‍යංජනය කෑම මේසයට පිරිනමන්න.

Pork කන්න කැමති අයට නියම තැනක් – Pancetta

ඔවුන් මේකට Pancetta කියලා හඳුන්වන්නේ නිකන්ම නෙමෙයි…

Pancetta කියන්නේ ඌරු මස් වලට කැමති ඕනෑම කෙනෙකුගේ ආශාවන් තෘප්තිමත් කරන ඌරු මස් වලින් සෑදු කෑම වර්ග සඳහා විශේෂිත වූ කොළඹ නගර මධ්‍යයේ පිහිටලා තියෙන Restaurant එකක්.

Pancetta වල එක විශේෂත්වයක් තමයි එකේ තියෙන විවිධාකාර කෑම වර්ග. වෙනස්ම ආකාරයට එකතු කරපු බේකන් වගේම ශ්‍රී ලාංකේය, මෙක්සිකානු, ඉංග්‍රීසි, ඉතාලි සහ චීන ඇතුළු විවිධ ආහාර වර්ග Pancetta වලින් ලබාගන්න පුළුවන්.

අනෙකුත් restaurants වලට වැඩිය Pancetta වල විශේෂත්වය තමයි එතැන ඔබට, මට වගේම ඌරු මස් ලෝලීන්ටම කියාපු තැනක් වීම. ඒ වගේම තමයි ඔබට Delivery පහසුකම තුළිනුත් මේ Pancetta Restaurant එකේ කෑම වර්ග ලබා ගන්න පුළුවන්.

Mains
Bacon Pollo Croccante Burger – LKR 2,450 (5/5)

මේක නම් ගොඩක් රස පාටට තිබුණා. Pancetta එකේ bacon සහ crispy chicken burger නම් ඇත්තටම කාලා බලන්නම ඕනේ burger එකක්. juicy තක්කාලි , tangy gherkins, නැවුම් iceberg lettuce සහ ඔවුන්ම සාදපු සුදු ළූණු mayo sauce පදමට එකතු කරලා හදලා තිබුණ මේ burger එකත් එක්ක fries සෑහෙන්න එකතු කරලා තිබුනා. ඒ නිසාම මේ dish එක recommend කරන්න අපි නම් දෙපාරක් හිතන් නැහැ.

No 28 Kottu – LKR 1,800 (4.5/5)

මේ නයි මිරිස් සහ බේකන් කොත්තු එකත් ගොඩක් රස dish එකක් කිවුවොත් හරියටම හරි. එළවළු, ඌරු මස් වගේම පදමට spices එකතු කරලා හදලා තිබුන මේ කොත්තු එකට එයාලම හදපු චීස් sauce එකතු කරලා තිබුණා. සැරට කන්න කැමති කෙනෙක්ට නම් මේකට තව නයි මිරිස් ටිකක් එකතු වුණා නම් නියම පදමට තියෙයි. කොහොම වුණත් බඩ පිරෙන්න කන්න කැමති අයට නම් මේක කියාපු dish එකක්.

Dang Dang noodles – LKR 2,400 (4.5/5)

පෙනුමෙන් සැර අඩු බවක් පෙනුනත් සැරට කන්න කැමති අයට නම් මේ Dang Dang noodles එක අනිවාර්යෙන්ම try කරලා බලන්නම ඕනේ dish එකක්. ඔවුන්ම සාදන ලද chilli sauce එකට උඩින් හරි පදමට උයාගත් spaghetti සහ පැත්තකින් කැබලි කරගත් ඌරු මස් අතුරා තිබුණා. Bok choy වල නැවුම් බවෙන් මේ dish එකේ රසයන් තවත් වැඩි වෙලා තිබුණා. මිරිස් සෝස් වලින් හැම කටකටම අමුතුම රසයක් එකතු කළා වගේම තිබුණ ඌරු මස් portion එකේ ප්‍රමාණය වැඩි වුණා නම් මේ dish එකේ රසය තවත් වැඩිවෙයි.

Beverages

Passion Mojito – LKR 900 (5/5)

Pancetta වල තියෙන මේ Passion Mojito එකනම් ඔයාට හොඳ ප්‍රබෝධයක් ගේන drink එකක් වෙයි. පැෂන් ෆෘට් වල ඇඹුල් ගතිය මේකට එකතු කරලා තිබුණ මින්ට් රසය සහ පැණි රසත් එක්ක හරි පදමට ගැලපුන නිසාම මේ drink එකෙන් අපිට හොඳ නැවුම් ගතියක් ලැබුණා. මගේ කෑම එකත් එක්ක මේ drink එක හොඳටම ගැලපුනා කිවුවොත් හරියටම හරි.

Milo Shake – LKR 1,200 (4/5)

අන්තිමටම අපි try කලේ pancetta එකේ Milo Shake එක. ඔයත් Chocolate malt වලට කැමති කෙනෙක් නම් මේ drink එක ඔයාට හොඳටම ගැළපෙනවා. Milo සහ කිරි හරි ගානට එකතු කරලා තිබුන නිසාම මේ shake එක ගොඩක් creamy විදිහට තිබුණා. සීනි ටිකක් අඩු වුණා නම් මේකේ රසය තවත් වැඩිවෙයි කියලා අපිට හිතුණා.

Ambience

Restaurant එකට ඇතුළු වෙනකොටම මෙතන ගොඩක් ඉඩ පහසුකම් තියෙන තැනක් කියලා අපිට පෙනෙන්නට තිබුණා. ගොඩක් relax වෙන්න වගේම comfortable විදිහට කෑම ගන්න mood එක හැදෙන විදිහට මෙතන lighting කරලා තිබුණා. Pancetta එකේ private dinning area එකක් වගේම indoor සහ outdoor dinning area එකකුත් තිබුණා.

Pancetta එකේ කාර්යය මණ්ඩලයත් ගොඩක් මිත්‍රශීලී පිරිසක් වගේම අපිට උණුසුම් පිළිගැනීමක් සහ හොඳ සේවාවක් ලබා දෙන්නත් එයාලා අමතක කලේ නැහැ.

Menu එක ගැනත් එයාලට හොඳ අවබෝධයක් තිබුණා කියලා අපිට හිතුනේ අපි අහපු ප්‍රශ්න වලට එයාලා නොපැකිලිව පිළිතුරු දුන්න නිසාමයි.

ඔයාගේ ආදරවන්තයින් එක්ක හෝ යාළුවොත් එක්ක හොඳ කෑම වේලක් ගන්න pancetta කියන්නේ ගැලපෙනම තැන කිව්වොත් හරියටම හරි.

 

අතරමං නොවී දැනගෙන රට යන්න ටිප්ස් ටිකක්….

රැකියා සඳහා විදෙස් ගතවීම අලුත් දෙයක් නොවුණත් මෑතකාලීනව ලංකාවේ පවතින ආර්ථික ගැටලු නිසාම බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වීමට වැඩි වශයෙන් යොමු වන ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මේ ප්‍රවණතාවය නිසාම බොහෝ දෙනෙක් හරිහැටි අවබෝධයක් නැතුව රට යන්න උත්සාහ කිරීමෙන් අමාරුවෙ වැටෙන ආකාරයත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඔබ රැකියාවකට විදෙස් ගතවනවා නම් ඒ පිළිබඳ සියලු විස්තර සොයා බලා දැනුවත් වීම ඉතාම වැදගත්.

සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා විදෙස් ගතවන අයෙක් පළමුවෙන්ම විදෙස් ගමන් බලපත්‍රයක් සාදාගත යුතුබව ඔබ දන්නවා. ඉතින් මේ විදෙස් ගමන් බලපත්‍රය නිසි පරිදි දෝෂ රහිතව සකසා ගැනීම වැදගත්. මීළඟට ඔබ යම් ආයතනයක් හරහා විදෙස් ගතවන්නේ නම් අදාළ රැකියා වීසා බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ සේවාව ලබා ගන්නා ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවක් ද යන්න ද සොයා බැලීමට සැලකිලිමත් වන්න.

ඔබේ රැකියාවේ ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න. වැඩ කිරීමට ඇති පැය ගණන, නිවාඩු දින සහ ඔබේ කාර්‍යභාර්යය කුමක් යන්න පිළිබඳව ඔබට එරටට යෑමට පෙර අවබෝධ කරගත යුතුයි.

ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන රට තුළ ඔබට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් පිළිබඳව සොයා බලන්න. රැකියා ස්ථානයෙන්ම නවාතැන් පහසුකම් සපයන අවස්ථා මෙන්ම ඔබට නවාතැන් පහසුකම් සපයා ගැනීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම ගමනා ගමන පහසුකම් සහ ඒවා භාවිත කරන ආකාරය රටින් රටට වෙනස් විය හැකියි. ඒ පිළිබඳවත් සොයා බලන්න.

ආගන්තුක රටක ජීවත් වීමේදී දේශගුණය හා ආහාර රටා නිසා ඔබට විවිධ සෞඛ්‍ය ගැටලු අතිවීමට ඉඩ ප්‍රස්ථාව වැඩියි. රට තුළ ඔබට සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි ආකාරය පිළිබඳව සොයා බලා දැනුවත් වන්න. විදෙස් ශ්‍රමිකයන්ට එම රට තුළ ලබා දෙන සෞඛ්‍ය පහසුකම්, රක්ෂාණාවරණ පිළිබඳව සොයා බැලීම ඔබට ඉතාමත් වැදගත් වනවා.

විදෙස් රැකියාවකට බොහෝ දෙනා පිටත් වන්නේ යම් මුදලක් ඉතිරි කර ගැනීමට සහ අනාගතය සුරක්ෂිත කර ගැනීමටයි. එම නිසා මීළගට ඔබ ගමන් කරන රට තුළ ජීවත් වීමට මාසිකව වියදම් වන මුදල කොපමණ ද යන්න සොයා බලන්න. ඔබ බලාපොරොත්තු වන රැකියාවේ වැටුප, එම වියදම සමඟ සසදන්න. ඔබට ඉතිරි කළ හැකි මුදල පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.

ඔබ ගමන් කරන රට තුළ සම්බන්ධතා ජාලයක් ඇති කරගැනීමට උත්සාහ ගන්න. එම රට තුළ ඔබේ රැකියා ක්ෂේත්‍රයේ සිටින ලාංකිකයන් මෙන්ම තවත් පුද්ගලයන් හඳුනා ගන්න. මේ සඳහා ඔබට Twitter සහ Linkedin යන සමාජ මාධ්‍ය ජාලා යොදා ගන්න පුළුවන්. ඒවායේ වෘත්තීයමය ස්වභාවය නිසා ඒවා වඩාත් සුදුසුයි.

ඒ වගේම එම රටේ සංස්කෘතිය පිළිබඳව ද සොයා දැන ගන්න. එය ඔබට අලුත් පරිසරයකට හුරු වීම පහසු කරයි. එමෙන්ම එම රටේ පවතින නීති පද්ධතිය පිළිබඳව ද සොයා බලන්න. මේවා පිළිබඳව ඔබට එරට සිටින පුද්ගලයන් මඟින් හෝ ගූගල් සෙවුම් මඟින් සොයා ගැනීමට පුළුවන්.

මේ ආකාරයට ඔබ සෑම දෙයක් පිළිබඳවම සොයා බලා විදෙස් රැකියාවකට අයදුම් කර විදෙස් ගතවීම තුළින් ඔබගේ වටිනා මුදල් සහ කාලය රැක ගත හැකියි. ඒ වගේම ඔබට නුපුරුදු රටක ජීවත් වීම තරමක කාලයක් යනතුරු අපහසු අත්දැකීමක් වුවත් මේ සියලු කරුණු සොයා බලා විදෙස් ගත වීම තුළ ඔබේ අපහසුතා අවම කරගැනීමට හැකියාව ලැබෙයි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

පැණි පොල් අග්ගලා …

https://www.youtube.com/shorts/7QfKBGDW3Os

අවශ්‍ය ද්‍රවය …

සහල් කෝප්ප 2 ක්
ගම්මිරිස් ඇට 6 ක්
පොල් පැණි කෝප්ප 3/4 ක්
සීනි කෝප්ප 1/4 ක්
ගාගත් පොල් කෝප්ප 1 1/2 ක්

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට සහල් සහ ගම්මිරිස් එක්කර රන්වන් පාට වන තුරු හොඳින් බැද ගන්න.

රන්වන් පාට වන තුරු බැද ගත් සහල් සිහින්ව කුඩු කරගන්න.

ඉන්පසු පැණි පොල් සෑදීම සඳහා භාජනයක් ලිපේ තබා එයට පැණි, සීනි හා ගා ගත් පොල් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

දැන් එම මිශ්‍රණයට සිහින්ව කුඩු කර ගත් සහල් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

භාජනය ලිපෙන් බා මිශ්‍රණය කුඩා බයිට් ප්‍රමාණයේ බෝල සාදා ගන්න.

පළමු වතාවටද රටකට යන්නෙ? ගුවන් ගමන් නීති වලට අනුව Baggage එක හදමු …

මේ දිනවල බොහෝ දෙනෙක් රැකියා සඳහා විදෙස් ගත වෙන බව අපි හැමෝම දන්න කාරණාවක්. ඔබත් ළඟදී රට යන්න බලා සිටින කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. විදෙස් ගත වෙන්න සූදානම් වන බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි කොහොමද හරියටම තමන්ගෙ ගමන් මලු සූදානම් කරගන්නේ කියන එක. ඒ නිසාම අපි හිතුවා ඒ ගැන ඔබව දැනුවත් කරන්න.

ගුවන් ගමන් සඳහා වන ගමන් මලු නීති රෙගුලාසි නිතර වෙනස් වන නිසා ඔබ ගුවන් ගමනක් සඳහා සූදානම් වනවා නම්, ඔබ ගුවන් ගමන් සේවාව ලබා ගන්නා සමාගමේ වෙබ් අඩවිය පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසුයි. මොකද ඔබ ගමන් කරන ගුවන් සමාගම සහ ඔබේ ගුවන් ප්‍රවේශ පත අනුව ඔබට ගෙන යා හැකි බර ප්‍රමාණයන් ඇතැම් විට වෙනස් විය හැකි නිසා. එසේත් නොමැතිව ඔබ ගමන් මලු සූදානම් කළොත් ඔබ ගෙන යන වැඩිපුර බර ප්‍රමාණයට අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවේවි.

ගුවන් ගමන් සඳහා සූදානම් වීමේදී ඔබට අතේ ගෙන යා හැකි බෑගයක් සහ ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරන කොටසේ තැන්පත් කර ගෙන යා හැකි ගමන් මලු වශයෙන් වර්ග දෙකක් ගෙන යා හැකියි. මේවායේ ගෙන යා හැකි බර ප්‍රමාණයන් එකින් එකට වෙනස් විය හැකි බව අපි පෙර සඳහන් කළා.

 

 

ඔබ ගුවන් ගමනකට සූදානම් වෙනවා නම් පිහි හෝ කතුරු වැනි තියුණු වස්තූන්, ලෝහවලින් නිෂ්පාදිත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ ආදිය ඔබට අතේ ගෙන යන ගමන් මල්ලේ ගෙන යා නොහැකියි. ඒවා ඔබ ගෙන යන අනෙක් ගමන් මල්ල තුළ අසුරා ගත යුතුයි.

විවිධ දියර වර්ග, ජෙල් වර්ග, ඩියෝඩ්‍රන්ට් වැනි ද්‍රව්‍ය, කුඩු වර්ග ද අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ ගෙන යා නොහැකි අතර විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෑගයක වෙන වෙනම අසුරා ගත යුතුයි. ඒ වගේම මෙම ද්‍රව්‍ය ගෙන යා හැකි ප්‍රමාණවල සීමාවන් පවතිනවා. ඒවා ගැන සැලකිලිමත් වීමද ඔබට වැදගත් වෙයි. ඒ වගේම ළදරු ආහාර, ඖෂධ සහ විශේෂ ආහාර අවශ්‍යතා සඳහා මෙම සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඔබ ඉන්සියුලින් වැනි ඖෂධ භාවිත කරන කෙනෙක් නම් ඒ සඳහා වන සිරින්ජර් වැනි වෛද්‍ය උපකරණ ගෙන යාමට වෛද්‍ය නිර්දේශය ලිඛිතව ලබා ගෙන ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම ඒවා නිසි ලෙස ඇසුරුම් සහිතව ලේබල් කර තිබිය යුතුයි නැත්නම් පරීක්ෂාවේදී ඒවා ඉවත් කිරීමට සිදු වෙනවා.

 

 

ඔබ ගෙන යන අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ (ලැප් ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්) ආරකෂක මුරපොලවල්වලදී වෙන වෙනම ඉදිරිපත් කිරීමට සිදුවිය හැකි නිසා අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ තබා ගත යුතුයි.

ඔබේ අනෙක් ගමන් මලු නැතිවුවහොත් ඔබට අවම වශයෙන් ජීවත් වීමට අත්‍යාවශ්‍ය දෑ ඔබ අතේ ගෙන යන ගමන් බෑගය තුළ තබා ගැනීම නුවණට හුරුයි. එය දිගු ගුවන් ගමනක් නම් යට ඇදුම්, සාමාන්‍ය ඇදුමක්, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය එහි තිබීම ඔබට ප්‍රයෝජනවත් විය හැකියි. ඒ වගේම ඔබගේ වටිනා කියන දේවල් ද මේ තුළ තබා ගැනීම සුදුසුයි. ඒ වගේම ඔබගේ වැදගත් ලේඛන (හැදුනුම්පත, ගමන් බලපත්‍රය ආදිය) ද මේ තුළ තබා ගත යුතුයි. ඔබට අවශ්‍ය විය හැකි ප්‍රථමාධාර කට්ටලයක් ද ඒ තුළ තිබීම වැදගත්. උදාහරණ ලෙස වේදනා නාශක පෙති, වෙළුම් පටි, ටිෂූ, ආසාත්මිකතා සඳහා ඖෂධයක්.

ඔබ ඇඳගෙන යන ඇඳුම් පැළදුම් සහ සපත්තුවල බර ගණනය නොකරන නිසා ඔබට ඇඳුම් කිහිපයක් ඇඳගෙන යා හැකියි. උදාහරණ ලෙස ටී ෂර්ට් එකක් ඇද ඊට උඩින් ඝනකමින් යුතු ජැකට් එකක් ඇඳීම, ඩෙනිම් ඇඳීම, සපත්තු පැළඳීම දැක්විය හැකියි. ඔබේ ගමන් මල්ල සූදනම් කරන විට ඇඳුම් රෝල් කර අසුරන්න එය ඔබට ඉඩ ඉතිරි කරන ක්‍රමයක් වෙයි. ඒ වගේම බර වැඩි දේවල් යටින් අසුරන්නත් මතක තබා ගන්න. ඔබ ගෙන යන ලිපි ද්‍රව්‍යවල පිටපත් මෙම ගමන් මල්ලේ අසුරන්න. එය ඔබව වඩාත් සුරක්ෂිත කිරීමට උපකාරී වෙයි.

 

මේ සියල්ලම දෙවරක් පරීක්ෂා කරමින් සූදානම් කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම අමතර ප්ලාස්ටික් බෑගයක් හෝ දෙකක් ඔබේ ගමන්මල්ලට එක් කරගන්න අමතක කරන්න එපා. එය ඔබට හදිසි අවාස්ථාවකදී ප්‍රයෝජනවත් විය හැකියි. මේ සියලු කාරණා ගැන සැලකිලිමත් වීමෙන් ඔබට වඩාත් ආරක්ෂිත සුව පහසු ගුවන් ගමනක් ලබා ගත හැකිවනවා නොඅනුමානයි.

 

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

මුල් ළමාවිය සංවර්ධනය කිරීමට නිවසේදී මේ දේවල් කරන්න …

තම දරුවන් නිරෝගී හොද අධ්‍යාපනයක් සහිත යහපත් දරුවන් ලෙස සමාජගත කිරීම සියලුම මව්පියන්ගේ එකම අපේක්ෂාවයි. ඉතින් මේ සඳහා දරුවාගේ කායික හා මානසික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි.

 

 

 

කුඩා දරුවන් සෙල්ලම් කරන්න බොහොම කැමතියි. මේ නිසාම දරුවාගේ සෙල්ලම් කිරීම අර්ථවත් විදියට සිදු කරන්න උත්සාහ ගැනීමෙන් දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කරගැනීමට මව්පියන්ට පුළුවන්. මේ සඳහා නිවස තුළ සහ නිවසින් පිටත පරිසරයේ දරුවා සෙල්ලම් කිරීමට යොමු කරවීම වැදගත්.

පිරිසිදු වැලි සමග සෙල්ලම් කිරීමට යොමු කිරීම, ලෙගෝස් සමග සෙල්ලම් කිරීමට යොමු කිරීම ආදිය තුළින් දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වීම සිදුවනවා. ඒ වගේම ‘සයිමන් කියනවා’ (Simon Says) වැනි ක්‍රීඩාවන් දරුවා සමග කිරීම තුළින් දරුවාගේ සංජාන හැකියා වර්ධනය කරගන්නත් පුළුවන්. එපමණක් නොවෙයි බෝලයක් විසි කිරීම ඇල්ලීම ආදී සරල ක්‍රියාකාරකම්වලින් ද දරුවා බොහෝ දේ ඉගෙන ගන්නවා.

 

 

ඒ වගේම රූප පාට කිරීම, විවිධ ඇට වර්ග යම් රූපයක් මත ඇලවීම වැනි ක්‍රියාකාරකම් කිරීමේදී දරුවා වර්ණ හා හැඩතල හඳුනා ගැනීම මෙන්ම දරුවාගේ අතැඟිලි හොඳන් ක්‍රියා කිරීමටද හුරු වනවා. මීට අමතරව දරුවාට නිදහසේ තමන් කැමති චිත්‍ර අඳින්නට ඉඩ දීමද ඉතාම සුදුසුයි. මෙම ක්‍රියාකාරකම් කිරීමේදී විශේෂයෙන්ම දරුවාට ස්වාධීනව එම ක්‍රියාකාරකම්වල නිරතවීමට ඉඩදීම ඉතාම වැදගත්.

දරුවාට සංගීතයට සවන්දීමට සැලැස්වීම, ළමා ගීත ගායනා කිරීමට හුරු කරවීම, රිද්මයානුකූලව චලනය වීමට පෙළඹවීම වැනි ක්‍රියාකාරම් ද මුල් ළමාවිය සංවර්ධනයට යොදා ගත හැකි ක්‍රියාකාරකම් ලෙස පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා.

දවසේ සුදුසු වේලාවක් තෝරාගෙන දරුවාට ඇසෙන්නට පොතක් කියවීම සහ ඒවායේ ඇති රූප සටහන් පෙන්වමින් ඒවා විස්තර කිරීම ද ඔබට කළ හැකියි. මෙය දරුවාගේ පරිකල්පන ශක්තිය වර්ධනය වීමට බලපාන ක්‍රියාකාරකමක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

 

ඒ වගේම ඔබ ගෙවත්තේ කරන පැල සිටුවීම, පැලවලට වතුර දැමීම වැනි දෛනික ක්‍රියාවලදී දරුවාට හැකි, සුදුසු අයුරින් එම ක්‍රියාකාරකම් සඳහා දරුවාව සම්බන්ධ කර ගැනීම ද දරුවාගේ කායික හා මානසික සංවර්ධනයට හේතු වනවා.

මෙවැනි සරල ක්‍රියාකාරකම්වල ඔබේ දරුවාව නිරත කරවීම මගින් දරුවාගේ මොළය වර්ධනයට හා කායික හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙම ක්‍රියාකාරකම් තුළින් නීරෝගී, නිර්මාණශීලී මෙන්ම ක්‍රියාශීලී දරුවෙක් නිර්මාණය කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා.

 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

Cosmotini Cocktails with Valerie …

 

https://www.youtube.com/shorts/-xV4oG5JLJo

අවශ්‍ය ද්‍රව්‍ය ….

වොඩ්කා 60 ml ක්
elderflower liqueur සිරප් 25 mlක්
ක්රැන්බෙරි යුෂ 50 ml ක්
අයිස් කැට 4ක්
චෙරි ගෙඩි 2ක්

සාදා ගන්නා ආකාරය …

වීදුරුවක් ගෙන එයට වොඩ්කා එක්කර ගන්න.
එයට elderflower liqueur සිරප් එකතු කරන්න.
ඉන්පසු එයට ක්රැන්බෙරි යුෂ හා අයිස් කැට එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
දැන් ඔබට පුළුවන් රසවත් කොස්මොටිනි කොක්ටේල් එකක රස විඳින්න.

බ්ලුබෙරි කොක්ටේල් …

https://www.youtube.com/shorts/SSp_Uv6R-Dk

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

බ්ලුබෙරි 6ක්
සුදු සීනි තේ හැඳි 2ක්
අයිස් කැට 4ක්
බ්ලුබෙරි රසැති වොඩ්කා 50 ml
සෝඩා

සාදා ගන්නා ආකාරය …

වීදුරුවක් ගෙන එයට බ්ලුබෙරි 4ක් එක්කර ගන්න.
එයට සුදු සීනි එකතු කර මිශ්‍ර කර ගන්න.
ඉන්පසු එයට අයිස් කැට සහ වොඩ්කා එක්කර ගන්න.
දැන් එම මිශ්‍රණයට සෝඩා එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
දැන් ඔබට පුළුවන් රසවත් බ්ලුබෙරි කොක්ටේල් එහෙක රස විඳින්න.

කාෂි හල්වා …

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

අළු පුහුල් කෝප්ප 2 1/2ක්
සීනි කෝප්ප 1 1/2ක්
එනසාල් කුඩු තේ හැඳි 1ක්
කජු
වියළි මිදි
ගිතෙල් මේස හැඳි 2ක්
ආහාර වර්ණක 1/8ක් (කහ වර්ණය )

සාදා ගන්නා ආකාරය ….

අළු පුහුල් ගෙන ග්‍රේට් කර පොඟවා ගන්න.
භාජනයක් ගෙන ලිපේ තබා එයට ග්‍රේට් කර ගත් පුහුල් එක්කර එයට සීනි එක්කර ගන්න.
මිශ්‍රණය හොඳින් හැඳි ගා එයට එනසාල් හා ආහාර වර්ණක එක්කර ගන්න.
නැවත භාජනයක් ගෙන එයට ගිතෙල් එක්කර එයට කජු හා වියළි මිදි එක්කරන්න.
කජු හා වියළි මිදි , පුහුල් මිශ්‍රණයට එක්කර ගන්න.
දැන් ඔබට පුළුවන් රසම රස කාෂි හල්වා රස විදින්න.

සක්කර පොංගල් …

https://www.youtube.com/shorts/lmW3ZNAc4Ls

අවශ්‍ය ද්‍රව්‍ය ….

කැකුළු සහල් කෝප්ප 1 ක්
මුං පියලි කෝප්ප 1/4 ක්
හකුරු 250g ක්
වතුර කෝප්ප 4 1/2 ක්
රත් කරන ලද කිරි කෝප්ප 1 ක්
එනසාල් කුඩු තේ හැඳි 1 ක්
ගිතෙල්
කජු
වියළි මිදී

සාදා ගන්නා ආකාරය ….

හකුරු 250gක් ගෙන හොඳින් උණු කර මිශ්‍රණයක් සාදා ගන්න.
මුං පියලි ගෙන කබලේ බැදගන්න.
කැකුළු සහල් කෝප්පයක් භාජනයකට එක්කර එයට බැදගත් මුං පියලි හා වතුර එක්කර පිස ගන්න.
එම මිශ්‍රණයට රත් කරන ලද එළ කිරි කෝප්පයක්, උණුකර ගත් හකුරු හා එනසාල් එකතු කර පිසගන්න.
තවත් භාජනයක් ගෙන එයට ගිතෙල් එක්කර කජු ,වියළි මිදි දමා හොඳින් බැදගන්න.
බැදගත් කජු හා වියළි මිදි ,පිස ගත් පොංගල් බතට එක්කර ගන්න.

පල්ගෝවා …

 

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

ගිතෙල් කෝප්ප 1 ක්
පිටි කෝප්ප 2 ක්
සීනි කෝප්ප 1ක්
කරදමුංගු 3ක්

සාදා ගන්නා ආකාරය ….

ගිතෙල් කෝප්ප 1ක් පාන් පිටි කෝප්ප 2ක් සමග හොඳින් මිශ්‍ර කර අඩු ගින්දරේ පිසගන්න.
සීනි කෝප්ප 1ක් කරදමුංගු සමග බ්ලෙන්ඩ් කර ගන්න.
බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය පිටි මෝලියට එකතු කර ගන්න.
එය හොඳින් මිශ්‍ර කර ට්‍රේ එකකට ඇසුරුම් කර ගන්න.
ඉන්පසු විනාඩි 30ක් ශීතකරණයේ තබන්න.
ශීතකරණයේ තබා අර ගත් පල්ගෝවා කොටු හැඩයේ කෑලි වලට කපා රස විදින්න.