Blog Page 10

විදුලිය විසන්ධි වුණ අවස්ථාවකදී වැඩ කරන්න යන්න හොඳම තැන් මෙන්න…

ඔයාට office එකේදී හරි එහෙම නැත්නම් ඉගෙන ගන්න දේවල් වල වැඩ ගොඩ ගැහුණු දවසක විදුලිය නැති වුණොත් ඒක ඔයාට කොයිතරම් නම් බලපෑමක් වෙයිද ? අනිවාර්යයෙන්ම ඔයාගේ දවසම උඩු යටිකුරු කරන්න ඒක හේතුවක් වෙයි. ඉතින් හැමදාම වගේ මේ ප්‍රශ්නෙටත් ඔයාලා වෙනුවෙන්ම ගැස්ම අපි විසඳුමක් හොයාගෙන ආවා.

විදුලිය නැති වේලාවට ඔයාගේ වැඩ ටික කරගන්න වගේම ඒ වේලාව chill එකේ ඉන්න හොඳම තැන් කිහිපයක ලැයිස්තුවක් තමයි මේ.

 

1.Co-nnect (Shangri-La)

 

Shangri-La එකේ පිහිටා තියෙන Co-nnect කියන්නේ විදුලිය ඇනහිටි වේලාවට ඔයාගේ මනස සන්සුන් කරගෙන වැඩ ටික කරන්න තියෙන සුදුසුම ස්ථානයක් කිවුවොත් හරියටම හරි.

මිළ – LKR 1000 සිට ඉහළට
දුරකථන අංකය – 011 788 8288
ලිපිනය – Level 1, Shangri-La, Colombo-02
විවෘත වේලාවන් – 8:00am සිට 7:00pm දක්වා
Website – https://www.co-nnect.info
Instagram – https://www.instagram.com/shangrilacolombo/

 

2)The Office

මෙතැන නම් වෘත්තීයභාවය පදනම් කරගත්ත කාර්යාලීය වටපිටාවක් වගේම ඉතාම ඉහළ මට්ටමේ සුවපහසුවක් ගෙන දෙන තැනක්. එයාලගේ සුඛෝපභෝගී ආසන සැකසීම නිසා අනිවාර්යයෙන්ම ඔයාට දිගටම වැඩ කරන්න අවශ්‍ය අමතර motivation එකක් ලබා දෙනවා.

මිළ – LKR 1000 සිට ඉහළට
දුරකථන අංකය – 011 269 9869
ලිපිනය – No. 03, Cambridege Terrace, Colombo-07
විවෘත වේලාවන් – 8:00am සිට 6:00pm දක්වා
Website – https://www.theofficesrilanka.com
Instagram – https://www.instagram.com/theofficecolombo/?hl=en
Facebook – https://www.facebook.com/theofficecolombo/

 

3)Home Tree Coworking

Home Tree කියන්නේ ඔයාට දෙපාරක් නොසිතාම යන්න පුළුවන් Coworking space එකක්. සුවපහසු මේසයක් ලබාගෙන ඔයාගේ වැඩේට බහින්න තියෙන හොඳම තැනක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්.

මිළ – LKR 1500 සිට ඉහළට
දුරකථන අංකය – 077 002 5343
ලිපිනය – No. 16, Station Road, Colombo-04

විවෘත වේලාවන් – 9:00am සිට 8:00pm දක්වා (සඳුදා – සිකුරාදා)

සති අන්තයේ වසා ඇත.

Website – https://hometree.lk
Instagram – https://www.instagram.com/hometreecoworking/?hl=en
Facebook – https://www.facebook.com/hometreecoworking/

 

4)Worx

Worx කියන්නේ සෞන්දර්යාත්මක ගෘහ නිර්මාණ ශිල්පයත් එක්ක මුසු වුණු ටිකක් වෙනස් විදිහේ මිශ්‍රණයක් තියෙන coworking space එකක්. worx පිහිටලා තියෙන පරිසරය නිසාම ආතතියෙන් තොරව වැඩ ටික කරගන්න ඔයාලටත් පුළුවන් වෙයි.

මිළ – LKR 1500 සිට ඉහළට
දුරකථන අංකය – 011 723 5232 (Jawatte),
ලිපිනය – 47/1 Jawatte Road, Colombo – 05

විවෘත වේලාවන් – 9:00am සිට 6:00pm දක්වා
Website – https://worxsl.com
Instagram – https://www.facebook.com/worx.sl/
Facebook – https://www.facebook.com/worx.sl/

 

5)Hatch

Hatch පරිශ්‍රය තුළ සමාගම් ගණනාවක් පිහිටලා තියෙනවා වුණත් විදුලිය විසන්ධි කිරීමකදී ඔයාගේ හැම වැඩක්ම කරගන්න ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් එයාලා සතුව තියෙනවා.

මිළ – LKR 10,000 සිට ඉහළට (මාසිකව)
දුරකථන අංකය – 011 765 2500
ලිපිනය – No. 14, D.B. Jayatillaka Mawatha, Colombo
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Website – https://hatch.lk
Instagram – https://www.instagram.com/hatch.works/?hl=en
Facebook – https://www.facebook.com/hatchWorksLK/

 

6)WorkStudio Co-working Space

WorkStudio එකෙන් වෙනස් විදිහේ Co-working අත්දැකීමක් ලබාගන්න පුළුවන් . එයාලගේ මාසික සාමාජිකත්වයත් ඒ මුදලට ඉතාමත්ම වටිනවා.

මිළ – LKR 12500 සිට ඉහළට (මාසිකව)
දුරකථන අංකය – 077 773 1371
ලිපිනය – No. 219/ Stanley Tilakaratne Mawatha, Nugegoda
විවෘත වේලාවන් – 24*7 සතියට දවස් 7 ක්)
Facebook – https://www.facebook.com/workstudiocolombo/

 

7)HUB9

කොළඹ නගරයේ ඔබට පහසු තැන් දෙකකම පිහිටලා තියෙන HUB9 කියන්නෙත් එයාලටම ආවේණික වෙනස් තැනක්. සාධාරණ මිල ගණන් සහිත මේ ස්ථානයේ ඕනෑම කෙනෙකුට, විදුලිය ඇනහිටීම් වලදී විවේකයෙන් ඉන්න ගමන් වැඩ කටයුතු කරගන්නත් ගැළපෙනම තැනක්.

මිළ – LKR 1000 සිට ඉහළට
දුරකථන අංකය – 077 729 2950 (HUB9 සහ Nest සඳහා ඇත්තේ එකම දුරකථන අංකයකි)
ලිපිනය – No. 09, Park Gardens, Colombo-05
No. 07, Turnour Road, Colombo-08
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Website – https://hub9.space
Instagram – https://www.instagram.com/hub9coworking/?hl=en
Facebook – https://www.facebook.com/hub9colombo/

 

8)Likuid Spaces

කොල්ලුපිටියේ පිහිටලා තියෙන likuid spaces ඉතා සාධාරණ මුදලකට වැඩ කරන ඔයාලා සඳහාම ඉඩක් ලබා දෙන්න සුදානම් කරලා තියෙනවා.

මිළ – LKR 2000 සිට ඉහළට
දුරකථන අංකය – 077 608 3621
ලිපිනය – No. 05, Charles Place, Colombo-03
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Instagram – https://www.instagram.com/likuidspaces/?hl=en
Facebook – https://www.facebook.com/LikuidSpaces/

 

9)WeHive

WeHive සාධාරණ මිලකට හොට් ඩෙස්ක් පැකේජ පිරිනමනවා, ඔයාගේ වැඩ නිම කරන ගමන් නිදහසේ ඉන්න මෙතැන හොඳම තැනක් වෙයි.

මිළ – LKR 900 සිට ඉහළට
දුරකථන අංකය – 077 707 9969
ලිපිනය – No. 435, Longden Hill, Colombo-05
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක් )
Instagram – https://www.instagram.com/wehivelk/?hl=en
Facebook – https://www.facebook.com/wehivelk/

 

10)KOLAB

KOLAB කියන්නේ තමන්ගේ දවසේ වැඩ කර ගන්න තැනක් හොයන ඕනෑම කෙනෙක්ට සුදුසු හොඳම place එකක්. එයාලගේ මාසික සාමාජික පැකේජයක් ඔයාටත් ලබාගන්න පුළුවන්.

මිළ – LKR 12000 සිට ඉහළට
දුරකථන අංකය – 077 781 2044ක
ලිපිනය – 198/7 Siriwimal Garden, Nugegoda
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Instagram – https://www.instagram.com/kolab_coworking/?hl=en
Facebook – https://www.facebook.com/kolab.coworking/

 

11)Collaborate Coworking

Collaborate කියන්නේ වෙහෙස මහන්සියෙන් තමන්ගේ වැඩ රාජකාරි කරන අයට තමන්ගේ වැඩ ටික නිදහසේ කරගන්න යන්න තියෙන සුවිශේෂී තැනක්. එයාලගේ ගාස්තු සාධාරණයි වගේම විදුලිය විසන්ධි වුණත් ඔයාගේ වැඩකටයුතු කරගන්න එයාලා අනිවාර්යයෙන්ම ඔයාට ඉඩ සලසනවා.

මිළ – LKR 1500 සිට ඉහළට
දුරකථන අංකය – 076 787 1432
ලිපිනය – No. 387, Vijaya Kumarathunga Mawatha, Colombo 05
විවෘත වේලාවන් – 7:00am to 10:00pm (සඳුදා සිට සෙනසුරාදා දක්වා), ඉරිදා දින වසා ඇත
Instagram – https://www.instagram.com/collaborate.coworking/?hl=en
Facebook – https://www.facebook.com/collaboratesl/

ඔන්න තියෙනවා මේ කරදරකාර විදුලි කප්පාදුවෙන් පාඩු නොවෙන්න වැඩ කරගන්න යන්න තියෙන හොඳම තැන් කිහිපයක්ම. ඒ වගේම හැමෝම දන්න Coworking Spaces අපිට මග හැරී තියෙනවා නම් ඒ ගැන අපිට දන්වන්න අමතක කරන්න එපා. මේ විදුලි කප්පාදුව ඔයාගේ ජිවිතේ දියුණුවට බාධාවක් ඇති නොවෙන්න, මේ ලිපිය උදවුවක් වෙයි කියලා ගැස්ම අපි විශ්වාස කරනවා.

කොළඹ අවට නියම Indian Taste එක…

ඉන්දියානු කෑම කියන්නෙ ලෝකයෙන්ම ගොඩක් රසවත් ඒ වගේම හිතාගන්න බැරි සුවඳක් තියෙන එක එක ජාතියේ වෛයිවාරන කෑම ජාති රැසක මුසුවක් . ඒ නිසාමයි ලෝකේ වටෙන්ම ඉන්දියානු Restaurant වලට ලොකු ඉල්ලුමක් තියෙන්නේ. කොළඹ අඟලෙන් අඟලට කොච්චර ඉන්දියානු Restaurant තිබුනත් නියම ඉන්දියානු ටෙස්ට් එක ,ඒ ඉන්දියානු හැගීම එන හොඳම අවන්හල් තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් මේ අමාරු කාලේ ඔයාලගෙ අතේ ඇති ගානට හිතේ හැටියට Enjoy කරන්න පුළුවන් කොළඹ අවට තියෙන සුපිරිම ඉන්දියන් අවන්හල් සෙට් එක මොකක්ද කියලා හොඳ Idea එකක් ගන්න මේ article එක අන්තිම වෙනකන් කියවන්න. ඒ මොකද කිවුවොත් උතුරු ඉන්දියාවේ , දකුණු ඉන්දියාවේ , මදුරාසි , මුග්ලායි , බොම්බේ කෑම කන්න යන්න හොදම place එක මොකක්ද කියලා ඔයාලට මේ article එකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන්.

 

1.Dindigul Thalappakatti Restaurant

අපේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ දිනදී ගුල් තලපත්කට්ටි restaurant එක. ඔයාගේ අතේ 1500-2000 වගේ තියෙනවනම් මෙන්න try කරන්න නියම තැන. “ඉන්දියානු සහකරු” යන තේරුම දෙන මේ restaurant එක ඔයා නියම ඉන්දියන් food lover කෙනෙක්නම් මේ වෙනකොටත් අනිවාර්යෙන් try කරල තියෙන්න ඕනේ.

දුකථන අංකය – 011 487 8787
ලිපිනය – 08, Fonseka Place, Colombo-04
වෙනත් ශාඛා – Mount Lavinia, Rajagiriya, One Galle Face Mall
විවෘතව තබන වේලාව – 11:00am to 4:00pm, 6:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/thalappakattisl/?hl=en
Facebook – https://www.facebook.com/thalappakatti.srilanka/

 

2. Indian summer

ඔයා වෙජිටේරියන් කෙනෙක්නම් මෙතන නියම තැනක්. වෙජිටේරියන් විතරක් නෙමෙයිනම් වේජීස්ලටත් මෙතන හොඳ ආහාර සංකලනයක් තියෙනවා. අනෙක් විශේෂත්වය තමයි කොළඹ පිහිටි පළවෙනි උතුරු ඉන්දියානු අවන්හල තමයි ඉන්දියන් සමර් කියන්නේ. ඕනෑම ඉන්දියානු ආහාරයක් අතේ ඇති මුදලට මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඔයා ළඟ 800-1500 අතර මුදලක් තියෙනවනම් මෙතනට ඇවිල්ල රසවත් ඉන්දියානු ආහාරවේලක රස විඳගන්න පුළුවන්.

දුකථන අංකය – 011 266 2112
ලිපිනය – 11, Palm Grove, Colombo-03
වෙනත් ශාඛා – Beruwala, Nuwaraeliya, Kandy
විවෘතව තබන වේලාව – 11:00am to 11:00pm
Instagram – https://www.instagram.com/indiansummerlk/?hl=en
Facebook – https://www.facebook.com/IndianSummerLK/

 

3. Madras Masala

ඉන්දියාවේ නියම මදුරාසි කෑම try කරන්න කැමතිද? ඔවුන්ටම අවේනික වුන කුළුබඩු සුසන්යෝජනයකින් හදන ප්‍රණීත මදුරාසි ආහාරවේලක් රසවිදින්න මැඩ්‍රාස් මසාල කියන්නේ නියම තැනක්. ඔයා මෙතනට එනවනම් රුපියල් 1000 – 2000 අතර මුදලකට ඔයාට සුපිරි ඉන්දියානු ආහාරවේලක රස බලන්න පුළුවන්.

දුකථන අංකය – 011 236 1226
ලිපිනය – 11, Dr E A Cooray Mawatha, Colombo-06
වෙනත් ශාඛා – none
විවෘතව තබන වේලාව – 11:00am to 3:00pm, 7:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/madras_masala_colombo6/?hl=en

 

4. Thalis

Thalis කියන්නේ 100% නිර්මාංශික අවන්හලක්. වේජීස්ලට හිතේ හැටියට තෝරාගන්න කෑම ජාති ගොඩක් මේ අවන්හලේ තියෙනවා. කොළඹ park road එකේ තියෙන මේ අවන්හලේ දකුණු හා උතුරු ඉන්දියානු කෑමවල හොඳ සුසංයෝගයක් දකින්නට පුළුවන්. 1000-2000 අතර ගානක් අතේ තියෙනවනම් තාලිස් එකෙන් බඩ පැලෙන්න කන්න ඒ හොඳටම ඇති.

ලිපිනය – 05, 155 Park Road, Colombo-05
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 7:00am to 11:00pm
Facebook – https://www.facebook.com/Thalis-Restaurant-100441728825923/

 

5. Shanmugas

නිර්මාංශික අයට යන්න තවත් සුපිරි ඉන්දියානු අවන්හලක්. 1000-1500ක් වගේ තියෙනවනම් ඔයාට ඇතිවෙන්න ඉන්දියානු කෑම කන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවන්හල ගොඩක්ම ප්‍රසිද්ධ paper dosai වලට. මේ වෙනකන් මේ restaurant එක try කරලා නැත්තම් පරක්කු නොකර ඉක්මනටම try කරන්න.

දුකථන අංකය – 011 236 1384
ලිපිනය – 53/3 Ramakrishna Road, Colombo-06
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 10:00am to 10:00pm
Instagram – https://www.instagram.com/shanmugas.colombo/?hl=en
Facebook – https://www.facebook.com/shanmugas.restaurant/

 

6. Chana’s

මෙය උතුරු ඉන්දියාවේ පවුලකට අයත් ව්‍යාපාරයක්. ආහාර වල රසය වගේම ගුණාත්මකභාවයත් ආරක්ෂා කරමින් මේ වෙනකන් ඔවුන් ව්‍යාපාරය උසස් තත්ත්වයන් පවත්වාගෙන යනවා. 1000-2000 අතේ තියෙනවානම් නියම ඉන්දියානු ආහාර වේලක රසය ඔයාට Chana’s එකෙන් විඳගන්න පුළුවන්.

දුකථන අංකය – 011 793 9788
ලිපිනය – 54, W. A. Silva Mawatha, Colombo – 06
වෙනත් ශාඛා – 16, 5th Lane, Nawala
විවෘතව තබන වේලාව – 11:00am to 11:00pm

 

7. Chola Lily Avenue

ශ්‍රී ලාංකික හා ඉන්දියානු රසය එකට මුසු කරලා Chola Lily Avenue ඔවුන්ගේ ආහාර වට්ටෝරු නිර්මාණය කරලා තියෙනවා. මාංශ , නිර්මාංශික දෙගොල්ලොන්ටම මෙතන ඉන්දියානු ප්‍රනීත ආහාර වේලක රසය විඳගන්න පුළුවන්. මෙතනට එනවනම් මෙයාලගේ එළුමස් ව්‍යංජනය try කරන්නනම් අමතක කරන්න එපා. කලින් තැන් වල වගේම තමයි 1000-2000 ඔයාගේ අතේ තියෙනව නම් ඔයාට මෙතනින් බඩ පැලෙන්න ඉන්දියන් කෑම කන්න පුළුවන්.

දුකථන අංකය – 011 436 3118
ලිපිනය – 37, Lily Avenue, Colombo – 06
වෙනත් ශාඛා – Level 5 One Galle Face
විවෘතව තබන වේලාව – 11:30am to 11:00pm
Instagram – https://www.instagram.com/chola_colombo/?hl=en
Facebook – https://www.facebook.com/CholaRest/

 

8. Kandoori

මෙතන මාංශ , නිර්මාංශ දෙගොල්ලොන්ටම කෑම තිබුණත් ගොඩක්ම නිර්මාංශ අයට තමයි මෙතන ගැලපෙන්නේ. කංදූරි අවන්හලේ දකුණු ඉන්දියාවේ ආහාර විශාල ලැයිස්තුවක් තියෙනවා. චිකන් මසාලා , බටර් චිකන් මසාල වගේ කුළුබඩු බහුල ආහාර list එකක්ම ඔයාට මේ අවන්හලේ දී බලාගන්න පුළුවන්. මෙතනින් කන්න ඔයාට 1500 – 2000ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් ඔයාට ඒ වැය කරන මුදල ගැනනම් පසුතැවෙන එකක් නැහැ.

දුකථන අංකය – 077 751 1911
ලිපිනය– 17, Charlemont Road, Colombo – 06
වෙනත් ශාඛා – 428, Galle Road, Hettimulla, Beruwala
විවෘතව තබන වේලාව – 11:30am to 11:00pm
Instagram – https://www.instagram.com/kandoori.lk/?hl=en
Facebook – https://www.facebook.com/Kandoori.lk/

 

9. Amirthaa restaurant

100% නිර්මාංශික ආහාර ලැයිස්තුවකට හිමිකම් කියන අම්රිතා ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ family restaurant එකක් විදිහට. ඒ නිසාම මේ අවන්හල ටිකක් busy. 500-1000 වගේ පොඩි ගානකට හොඳට බඩ පුරවගන්න මෙතනට ආවොත් ඔයාට පුළුවන්.

දුකථන අංකය – 011 259 0254
ලිපිනය – 256 A, Galle Road, Colombo -04
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 6:00am to 10:30pm
Facebook – https://www.facebook.com/Hotel-New-Amirthaa-111255490570752/

 

10. Chutneys – Cinnamon Grand

පොෂ් විදියට ඉන්දියන් කෑම කනවනම් චට්නිස් කියන්නේ මරු place එකක්. සිනමන් ග්රෑන්ඩ් restaurant එකේ තමයි මේ ඉන්දියන් restaurant එක තියෙන්නේ. රුපියල් 1500-2000 වගේ ගානකට මෙතනින් ඔයාට හොඳ quality service එකක් එක්ක සුපිරි ඉන්දියන් කෑම වේලක රස විදගන්න පුළුවන්.

දුකථන අංකය – 011 249 7372
ලිපිනය – Cinnamon Grand, Colombo
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 2:30pm, 7:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/cinnamongrandcolombo/?hl=en
Facebook – https://www.facebook.com/CinnamonGrandC/

 

11. Flavours – Galadari Hotel

නමෙන්ම ඔයාට restaurant එක ගැන අදහසක් ගන්න පුළුවන්නේ. මේ අවන්හලේ කෑම වල රසයනම් වෙනමම ලෙවල් එකක තියෙනවා කියලයි මේ අවන්හලට යන එන අයනම් කියන්නේ. 1000-1500 අතර ගානකින් සුපිරි ඉන්දියානු අවන්හලක රසය ඔයාට අත්විදගන්න පුළුවන්. ගලදාරි එකට යනවනම් මෙතනනම් මිස් කරගන්න එපා.

දුකථන අංකය – 011 254 4544
ලිපිනය – 64, Lotus Road, Colombo-10
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 3:00pm, 7:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/galadarihotel/?hl=en
Facebook – https://www.facebook.com/GaladariHotel/

 

12. Bombay Borough Colombo

බොම්බේ කෑම හොයාගෙන යන අයට මෙන්න නියම තැනක් . vegetarian , non – vegetarian දෙගොල්ලන්ටම මෙතන හිතේ හැටියට තමන් කැමති ආහාර තෝරාගන්න පුළුවන් ආහාර list එකක්ම මේ අවන්හලේ තියෙනවා. නියම ඉන්දියානු බොම්බේ රසය ලංකාවේ අපිටත් අත්විදින්න පුළුවන් මෙන්න මෙතනට ආවොත්.

දුකථන අංකය – 076 761 1011
ලිපිනය – Level 1, One Galle Face
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 10:00pm
Instagram – https://www.instagram.com/bombayborough.lk/?hl=en
Facebook – https://www.facebook.com/bombayboroughcolombo/

 

13.The Mango Tree

කොළඹ තියෙන පරණම ඉන්දියන් restaurant එකක් තමයි කොල්ලුපිටියේ mango tree restaurant එක කියලා කියන්නේ. ඒක නිසා විශ්වාසයෙන් අපිට යන්න පුළුවන් හොඳම තැනක් තමයි මෙතන. මේ අවන්හලට ඔයා යනවනම් 1000-1500ක් වගේ අතේ තියාගෙන යන්න, ගිහින් එක එක ජාතියේ ඉන්දියන් කෑම try කරලම බලන්න.

දුකථන අංකය – 011 762 0620
ලිපිනය – 10, Deal Place, Colombo – 03
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/_the_mango_tree_/
Facebook – https://www.facebook.com/TheMangoTreeSriLanka/

 

14. Indian Kitchen

තමන්ගේ කස්ටමර්ස්ලට හොඳට සලකන තැනක් තමයි Indian Kitchen කියන්නේ. ඔයාට හොඳ ප්‍රනීත ආහාර වෙලක් දෙන්න මේ restaurant එක කැපවෙලා ඉන්නවා. ඔයාට නියම කේරල තමිල්නාඩු රසයක් ඕනෙ නම් මෙන්න මෙතන අනිවාර්යෙන් try කරන්න.

දුකථන අංකය– 011 711 2334
ලිපිනය – 357, R.A. De Mel Mawatha, Colombo-03
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 3:00am
Instagram – https://www.instagram.com/indian_kitchen_colombo/?hl=en
Facebook – https://www.facebook.com/indiankitchencolombo/

 

15. Agra Colombo

ඉන්දියාවේ පරණ මුග්ලායි වට්ටෝරු වල රසය විඳගන්න ඕනෙ නම් අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි අග්‍රා කියන්නේ. 1500-2000 වගේ මුදලකට හිතේ හැටියට රස විදින්න පුළුවන් ආහාර වට්ටෝරු ගොඩක් මෙතන තියෙකනවා.

දුකථන අංකය – 011 488 6000
ලිපිනය – 1A, Rajakeeya Mawatha, Colombo-07
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 11:30am to 2:30pm, 6:30pm to 11:30pm
Instagram – https://www.instagram.com/maharajapalace_sl/?hl=en
Facebook – https://www.facebook.com/MaharajaPalaceColomboSriLanka/

තායි, චයිනීස් වගේම බටහිර කෑම එකම තැනින් කන්න The Cake Boutique යමු…

Stratford මාවතේ පිහිටලා තියෙන මේ හුරුබුහුටි Restaurant එක ලංකාවේ කෑම වගේම තායි, චයිනිස්, බටහිර කෑම වලට කැමති ඔයාලටම කියාපු තැනක්. ඉතින් මෙතැන අපි විඳගත්ත අත්දැකීම ඔයාලත් එක්ක බෙදා හදාගන්න කියලා හිතුවා.

 

Breakfast

Mixed Berry Protein Smoothie Bowl (LKR 1550)

මේ පෝෂදායි Mixed Berry Protein Smoothie Bowl එක නම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න කැමති, ඇඟ ගැන හිතන අයට ගැළපෙනම කෑමක්. දැක්ක ගමන් හිත් ඇදගන්නා සුළු විදිහට ලස්සනට රෝස පැහැයක් තිබුණ මේ Smoothie Bowl එකේ රසයෙනුත් අඩුවක් නම් තිබුණේ නැහැ. Yougurt වල ඇඹුල් රසයට ගැළපෙන්න මී පැණි ,ඕට්ස් සහ බෙරි මේකට එකතු කරලා තිබුණා. Chocolate Chips, Sunflower Seeds, Pumpkin Seeds වගේ Seeds වර්ග කිහිපයක්ම මේ Smoothie එකේ රසය වගේම ගුණයත් දෙගුණ කළා කිවුවොත් හරියටම හරි. සෞඛ්‍ය සම්පන්නව බඩපිරෙන්න කන්න කැමති හැමෝටම, මේ රසවත් Smoothie Bowl එක කොතරම් හොඳද කියලා විශේෂයෙන් පැහැදිලි කරන්න නම් අවශ්‍ය වෙන එකක් නැහැ.

 

Mains

Creamy Mushroom and Spinach Pasta (LKR 1950)

නමේ හැටියටම Creamy ගතියට තිබුණ මේ Pasta එක නම් ඉතාලි කෑම වලට කැමති අයට කියාපු Dish එකක්. Shitake, Button Mushrooms, Bell Pepper සහ නිවිති එකතු කරලා තිබුන නිසා මේකේ රසයෙන් වගේම වර්ණවත්ව පෙනුමෙනුත් අඩුවක් තිබුණේ නැහැ. මේකත් එක්ක පිළිගන්වපු සාමන්‍යයෙන් පැණි රස පැත්තට ටිකක් බර Garlic Bread පෙති දෙකත් මේ Dish එකට නියමෙටම ගැලපුණා.

 

Buttered Pita Bread (LKR 1600)

අතින් හදපු Pitas තුනක් සමග Jaffna ක්‍රමයට සාදපු සැර Meatball Masala Curry එකක් සහ Creamy Potato Curry එකක් සමග මේ Dish එක අපිට පිළිගැන්වුවා . මේකත් සමග ලැබුණ නයි මිරිස් පොල් සම්බල් එක මේ Dish එකේ හැම රසයක්ම Balance කරන්න සමත් වුණා. The Cake Boutique එකේ Dishes අතරින් මේක මගේ ප්‍රියතම කෑම ලැයිස්තුවට අයිති නොවුණත් Pita වලට කැමති කෙනෙක් නම් මේක උත්සහ කරලා බලන්න අමතක කරන්න එපා.

 

Spicy Meatball Submarine Loaded with Cheese (LKR1500)

මේක නම් සාමාන්‍ය ප්‍රමාණයේ Submarine එකකට වැඩිය ප්‍රමාණයෙන් වැඩියි. Air Fry කරපු Fries ලොකු Portion එකක් සමග තක්කාලි සෝස් එක්ක මේක අපිට පිළිගැන්වූවා. Coriander වලින් සරසලා තිබුණ මේ Submarine එකට ඔවුන්ම හදපු රසම රස Meatballs, Cheese සහ Gravy එකතු කරලා තිබුණා. The Cake Boutique එකේ කෑම අතරින් මේක නම් මගේ ප්‍රියතම කෑම එකක් වුණා.

 

Spicy Nai Miris Rice Kottu with Prawns and Egg (LKR 2200)

කොත්තු වලට කොයි වෙලාවකවත් නෑ බෑ නොකියන, සැර කෑමට කැමති මට නම් මේක මගේ ප්‍රියතම Dish එක වුණා. නමට සාධාරණයක් වෙන විදිහට සෑහෙන ඉස්සන් ප්‍රමාණයක් එකතු කරලා හදලා තිබුන මේ කොත්තු එක ලූණු,තක්කාලි, මින්චි වගේම කොච්චි වලිනුත් සරසලා තිබුණා. කොත්තුවටම ගැළපෙන Thick Chicken Gravy එකක් මේ සමග අපිට පිළිගැන්වූවා. මේ කොත්තුවේ විශේෂත්වය තමයි හාල් පිටි වලින්ම හදලා තිබුණ එක.

 

Desserts

 

Salted Caramel Cake (LKR 700)

The Cake Boutique එකේ අනිත් කෑම වගේම මේකේ Portion එකත් ප්‍රමාණයෙන් වැඩියි. මේකේ රසයෙන් අඩුවකුත් තිබුණේ නැහැ. ඔයත් සාමන්‍ය ප්‍රමාණයෙන් කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කේක් කෑල්ල ඔයාට තව කෙනෙක් එක්ක බෙදාගන්න පුළුවන්. පැණි රස වගේම ලුණු රසත් සම සමව තිබුණ මේ කේක් එකේ නැවුම් , Spongy ගතියක් තිබුණා. Caramel Mousse තවරපු Layers තුනට උඩින් කජු වලින් සරසපු රසම රස Salted Caramel Layer එක කේක් එකේ රස පෙනුම තවත් වැඩි කළා.

 

Red Velvet Cake (LKR 960)

හිත් ඇදගන්නා සුළු රතු පාටකින් තිබුණු මේ Cake Slice එකේ Mascarpone සහ Cream Cheese Thick Layers තුනක් තිබුණා. Cake එකේ ඇති Creamy ගතියට වගේම ගොඩක් Spongy සහ Fresh ගතිය නිසා අපි හැමෝගෙන්ම මේකට ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. ඉතින් මෙතනට ගියොත් මේකේ රස බලන්නත් අමතක කරන්න එපා.

 

Drinks

 

Butterfly Pea Hawaiian Mojito (LKR 1300)

දැකපු ගමන්ම ලස්සන පාටට තිබුණ නිසාම මේ Mojito එකේ රස බලනකන් අපිට ඉවසිල්ලක් තිබුණේ නැහැ. හැබැයි ඒ නොඉවසිල්ල වැඩි වුනේ මේකට එකතු කරලා තිබුන දේවල් Cake Boutique එකේ Staff එකෙන් අහලා දැනගත්තම. Drink එකේ යට කොටස සුදු පාටිනුත්, උඩ කොටස ලස්සන නිල් පාටකිනුත් තිබුණේ මේ Mojito එකට එකතු කරලා තිබුන නිල් කටරොඩු මල් සහ පොල් කිරි නිසයි. Mix කලාම ලස්සන Lavender පැහැයක් ආපු මේ Drink එකේ පොල් වල රස සහ මින්ට් රස කැපී පෙනුනා වගේම පැණි රසත් ගානට තිබුණා.

 

Black Forest Shake (LKR 1200)

Chocolate Ice Cream, Chocolate Syrup, Whipped Cream සහ Cherry කැබලි එකතු කරලා හදල තිබුණ මේ Shake එක Thick සහ ගොඩක් Creamy විදිහට තිබුණා. ඔයත් Chocolate රසට වගේම Cherry රසට කැමති කෙනෙක් නම් මේ Shake එක අනිවාර්යෙන්ම Try කරලා බලන්න අමතක කරන්න එපා.

 

Cookie Creme Brulee Frappe (LKR 1050)

පොඩි Coffee රසක් තිබුන නිසාම Coffee වලට කැමති මට නම් මේක මගේ කැමතිම Drink එක වුණා. නමේ හැටියටම Cookie Creme Brulee රසට තිබුණ මේ Creamy Frappe එකේ Cookie කැබලිත් යහමින් එකතු කරලා තිබුණ නිසාම අපිට දැනුණේ හරියටම Cookie එකක් බිවුවා වගේම හැඟීමක්. මේකට එකතු කරලා තිබුණ Whipped Cream නිසා මේ Frappe එක ගොඩක් උකු ගතියට තිබුණා. ඔයත් Cookies සහ Coffee වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම එයාලගේ මේ Frappe එක උත්සහ කරන්න අමතක කරන්න එපා.

 

Achcharu Mojito (LKR 930)

මේකනම් අච්චාරු කන්න කැමති හැමෝටම රස පණිවිඩයක් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. එයාලටම ආවේණික වුණු මේ Drink එක හරියටම කිවුවොත් අපි කවුරුත් බොන්න කැමති අච්චාරු වල අන්තිමට ඉතුරු වෙන සාරය වගෙයි. ඇඹරැල්ලා, අන්නාසි සහ පේර වගේ පලතුරු මේකට එකතු කරලා තිබුණා වගේම Drink එකට ගැළපෙන සැර රසට මම ගොඩක් කැමති වුණා. ඉතින් සැරට කැමති අයට නම් මේක කියාපු බීමක් වෙයි.

 

Ambience

හරිම නිදහස්ව විවේකිව කාලය ගත කරන්නත්, යාලුවෝ සමග Studies කරන්නත් ගැළපෙනම තැනක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙතැන Cooperate Lounge එකක් සහ Shisha Lounge එකකුත් තිබීම විශේෂත්වයක්. Cake Boutique Staff එක හරිම Friendly නිසාම කෑම ගැන අපි අහපු හැම ප්‍රශ්නයකට එයාලා කිසිම පැකිලීමක් නැතුව පැහැදිලි කිරීම් කළා. Slow Music සහ කලබල නැති පරිසරය අපි හැමෝගෙම හිත් ගන්න සමත් වුණා.

Tip – මෙතැන කෑම අතරින් බොහෝ කෑම ප්‍රමාණයක් එක අයෙකුට ප්‍රමාණයෙන් වැඩි නිසා ඇනවුම් කිරීමට පෙර ඔවුන්ගේ සුහදශීලි Staff එකෙන් අදහස් ලබාගන්නත් අමතක කරන්න එපා.

පරිප්පු කරිය …

 

 

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් මේස හැඳි 1
සුදුළූණු බික් 3ක්
වියළි මිරිස් කරල් 3ක්
ලොකු ළූණු 1 (සාමාන්‍ය)
කරපිංචා + රම්පේ
අබ තේ හැඳි 1/2ක්
ලුණු තේ හැඳි 1/2ක්
උම්බලකඩ තේ හැඳි 1ක්
කහ තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
කරි පවුඩර් තේ හැඳි 1ක්
කෑලි මිරිස් තේ හැඳි 1/2ක්
සෝදා ගත් පරිප්පු කෝප්ප 1ක්
අමු මිරිස් කරල් 2ක්
පොල් කිරි කෝප්ප 2ක් (උකුවට)

සාදා ගන්නා ආකාරය ..

Rice cooker එක ගෙන එයට තෙල් මේස හැඳි 1 එක්කර ගන්න.
සුදුළූණු බික් 3ක් , වියළි මිරිස් හා ලොකු ළූණු එක්කර ගන්න.
කරපිංචා + රම්පේ සමග අබ හැඳි 1/2ක් එකතු කරන්න.
ලුණු අවශ්‍ය ප්‍රමාණයට හා උම්බලකඩ එක්කර ගන්න.
දැන් කලවම් කර ගන්න.
එයට කහ කුඩු ,මිරිස් කුඩු ,කරි කුඩු හා කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයන්ට එක්කර ගන්න.
මිශ්‍රණයට සෝදා ගත් පරිප්පු එක්කරන්න.
සිහින්ව කපා ගත් අමු මිරිස් එකතු කර ගන්න.
හොඳින් කලවම් කර ගන්න.
උකු පොල් කිරි කෝප්ප 2ක් එක්කර හොඳින් පිස ගන්න.

එදත් අදත් ගොඩයන්න හොඳම තැන IdeaHell Turns 5 …

නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් හෙබි මෙරට තාරුණ්‍යයට ඩිජිටල් අවකාශය තුළ ඔවුන්ගේ නවමු නිර්මාණ රිසි සේ සමාජගත කිරීම සදහා ඉඩ හසර ලබා දෙමින් ඇරඹුණු IdeaHell ආයතනයට අදට වසර 5 ක් සපිරෙනවා.
2017 වර්ෂයේදී ආරම්භ වූ IdeaHell ආයතනය 2018 වර්ෂයේදී YouTube හවුල්කාරීත්වය හිමිකර ගනිමින් Multi Channel Network එකක් බවට පත්වුණා.
100% ක් ශ්‍රී ලාංකික, ප්‍රථම හා එකම Multi Channel Network එක වන්නේ IdeaHell ආයතනයයි.
පසුගිය වසර පහ තුළ ජනප්‍රිය YouTube සන්නාම රාශියක් බිහි කිරීමට IdeaHell සමත් වුණා.
මේ වනවිට YouTube නාළිකා 200 කට අධික සංඛ්‍යාවක් IdeaHell යටතේ පවතින අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ආයතන, ජනප්‍රිය තරු මෙන්ම නිර්මාණශීලින් රැසක් සතු නාළිකා ඒ අතර වනවා.
ඉදිරියේදීද ඩිජිටල් ලෝකයේ නවතම පෙරළි සිදුකිරීමට IdeaHell ආයතනය සැලසුම් කර තිබෙනව.
එහි පළමු අදියර දියත් කරමින් අවුරුදු පහ සම්පූර්ණ වීමට සමගාමීව IdeaHell Membership ලබා දීම, ක්‍රම හතරක් යටතේ නැවත ආරම්භ කළා.

මෑ කරල් සමග කොස් ඇට කරිය …

 

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් තේ හැඳි 1 1/2ක්
සුදුළූණු බික් 3ක්
සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ළුෑණු ගෙඩි 1ක්
රම්පේ කරපිංචා
කහ කුඩු තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
කොස් ඇට 15ක්
මෑ කරල් 300g
අමු මිරිස් කරල් 2ක්
ලුණු තේ හැඳි 3/4ක්
Maggi Real පිටිකල පොල්කිරි මේස හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට තෙල් තේ හැඳි 1 1/2ක් එක්කර ගන්න.
සුදුළූණු බික් 3ක් හා ලොකු ළුෑණු ගෙඩියක් එක්කර ගන්න.
එයට කරපිංචා + රම්පේ එක්කර ගන්න.
අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු + කෑලි මිරිස් එක්කර ගන්න.
දැන් එයට කොස් ඇට එකතු කර ගන්න.
හොඳින් කලවම් කර එයට මෑ කරල් එකතු කර ගන්න.
අමු මිරිස් හා පදමට ලුණු එකතු කර ගන්න.
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 1ක් උකුවට එක්කර හොඳින් පිසගන්න.

රාජ අල කරිය …

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය …

දම් පාට අල (රාජ අල) 500g
සුදුළූණු 2
ලොකු ලූණු
අමු මිරිස් කරල් 2
කරපිංචා රම්පේ
උළුහාල් තේ හැඳි 01
කහ තේ හැඳි 1/2
කරි පවුඩර් තේ හැඳි 01
මිරිස් කුඩු තේ හැඳි 01
ලුණු තේ හැඳි 01
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 2 (දියට)
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 1 (උකුවට)
තෙම්පරාදු කරගත් ලොකු ළුණු ගෙඩි 1 (කුඩා)
තෙම්පරාදු කරගත් වියළි මිරිස් කරල් 1 (කුඩා)
තෙම්පරාදු කරගත් සුදුළූණු කරාබුනැටි 2 ක්
තෙම්පරාදු කරගත් කරපිංචා

සාදා ගන්නා ආකාරය …

කපා ගත් රාජ අල භාජනයකට දමා ගන්න.
ලොකු ලූණු හා සුදුළූණු එක්කර ගන්න.
අමු මිරිස් කරල් 2ක් සිහින්ව කපා එක්කර ගන්න.
කරපිංචා + රම්පේ එක්කර ගන්න.
උළුහාල් තේ හැඳි 1ක් එක්කර ගන්න.
අවශ්‍ය ප්‍රමාණයට කහ,කරි පවුඩර්,මිරිස් කුඩු එක්කර ගන්න.
ලුණු තේ හැඳි 1 එක්කර ගන්න.
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 2ක් දියට එක්කර තැම්බෙන්නට හරින්න.
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 1ක් උකුවට එක්කර හොඳින් පිසගන්න.
ලොකු ලූණු + වියළි මිරිස් + සුදුළූණු + කරපිංචා තෙම්පරාදු කරගන්න.
තෙම්පරාදුව ව්‍යංජනයට එක්කර ගන්න.

මේ විදියට Love කරන Couple ඔයාටත් මුණගැහිලා තියෙනවාද …?

ප්‍රේම සම්බන්ධයක් ඇතිව හෝ නැතිව, අනිත් couple එක්ක කාලය ගත කරන එක විනෝදජනක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙකුට මීට සම්පූර්ණ වෙනස් අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත්, තනිවම හෝ තුන්වෙනි පාර්ශවකරුවෙක් විදිහට අපි මේ කතා කරන්න යන දේ ගැන අවබෝධයක් තියන එක වැදගත් වේවි. අපි මෙතනදි කියන්න යන්නෙ ලංකාවෙදි අපට හමුවන විවිධ couple කිහිපයක් ගැන. ඔයාගෙ ජීවිතයේදී ඔයාගෙ මිතුරන් හිතවතුන් අතරින් අපි මේ කියන විවිධ වර්ගවල අය හමුවෙලා ඇති. සමහර විට ඔයත් මේ එක වර්ගයකට හෝ කිහිපයකට අයිති වූ අවස්ථා ඇති. ලංකාවෙ අපට හමුවන විවිධ විදියේ couple ගැන විග්‍රහයක් කරන එක ඔයාට ඔයා ගැනමත් හොඳ තක්සේරුවකට එන්න උදවුවක් වෙයි කියල අපි හිතනවා.

 

 

Social media couples

 

 

අපි මේ කියන couples නම් ඕනෑ තරම් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වර්ථමානයේ මේ විදිහේ අය නිතර මුණගැහෙනවා. මේ පුද්ගලයින් ඒ අයගෙ Smart phone එකත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිල ඉන්න බව හඳුනා ගන්න පුළුවන්. දවසේ හැම කටයුත්තක්ම වීඩියෝ විදිහට නැතිනම් පින්තූර විදිහට සටහන් කිරීම ඔවුන්ගෙ මූලික ලක්ෂණයක් වනවා. ඒ අයගේ ප්‍රේමය ලෝකයටම දැකගත හැකි Blog එකක් වගේ කිවුවොත් නිවැරදියි. එතරම්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය වල සටහන් තියෙනවා. ඔයා, Social media news feed එකක් බලද්දි මේ වර්ගයේ අයගේ නොනවතින Selfies, Snaps දැකගන්න ලැබෙනවා නේද..? Facebook සහ Instagram මාධ්‍ය වලට ලැබෙන Likes, Comments තමයි මේ වර්ගයේ අයගේ දවස පවත්වාගෙන යන්නෙත්.

නිබ්බා සහ නිබ්බී – Teenage couples

 

 

නව යොවුන් වියේ ඉන්න couples මේ කාණ්ඩයට අයත් වනවා. එදිනෙදා දේවල් ගැන සරළ ප්‍රාථමික මට්ටමින් සිතන පතන තත්වයක් මේ අයගෙන් හඳුනාගන්න පුළුවන්. මේ අයගෙ ප්‍රේමය ගැන හොඳින් නිරීක්ෂණය කළොත් මගේ පණ, බබා, පැටියා, සුදු අම්මියා, සුදු තාත්තියා වගේ සීනි බෝල වචන ඕනෑ තරම් හඳුනාගත හැකියි. තමන්ගෙ වටපිටාව කුමක් වුවත් මේ අය අනිකා වෙත තියෙන මේ බොලඳ ආදරය පැණි බේරෙන විදිහට ප්‍රකාශ කරන්න වගබලා ගන්නවා ඔයාට දකින්න ලැබේවි.

“බොක්ක” – හොඳම මිතුරන් වැනි පෙම්වතුන්

 

 

මේ වර්ගයේ පෙම්වතුන් සමග කාලය ගත කිරීම ඉතාම සාමාන්‍යයි සහ විනෝදජනක වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වර්ගයේ යුවලක් ඇත්තටම පෙම්වතුන්මද කියල හිතෙන්න පවා පුළුවන්. ඒ තරමටම ඔවුන් සාමාන්‍ය මිතුරන් වගේ හැසිරෙනවා දකින්න හැකියි. මේ අය බොහෝවිට කලක් තිස්සේ හොඳම යහළුවන් වීමෙන් පස්සෙ පෙම්වතුන් වූ බව නිරීක්ෂණය කරන්න හැකිවේවි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රේමයට වඩා මිත්‍රත්වය පිටතට පෙනීමේ සම්භාවිතාව වැඩියි. මේ වර්ගයේ පෙම්වතුන් එක්ක කාලය ගතකරන එක තුන්වැන්නකු විදිහට ඉතාම ලෙහෙසි කටයුත්තක් වේවි. එකිනෙකාව පහසු කරවාගන්න අතරම තමන් අවට ඉන්න අනික් මිතුරන්වත් පහසු කරවන්න ඔවුන් ඉතා හොඳින් දන්නවා වගේම නිතැතින්ම ඔවුන් අතින් එය සිදුවනු ඇති.

නිතර රණ්ඩු කරන couples (වලි couples)

 

 

මේ වර්ගයේ පෙම් සම්බන්ධතා නිතරම යුධමය කලාපයක සිටින බවක් දනවනු ඇති. ඕනෑම දෙයක් ගැන ඕනෑම මොහොතක වාදයකට එළඹෙන්න ඔවුන් සූදානම් වගේම ඒ වාද ඉතා බරපතල අවසානයක් කරා ගෙන යන්නත් ඔවුන්ට පුළුවන්. බොහෝවිට මේ මතබේද පදනම් වන්නේ නොසලකා හැරිය හැකි මට්ටමේ අනවශ්‍ය හේතුවක් මූලික කරගෙන බව හඳුනගත හැකියි. තැන නොතැන නොබලා වටපිට ඉන්නේ කවුරුන්දැයි නොසිතා මොවුන් මේ මතගැටුම් ඉදිරියට ගෙන යනවා දැකගන්න පුළුවන්. මේ විදිහේ යුවලක් සමග ගැවසීම ඉතාම අපහසු කටයුත්තක්. විශේෂයෙන්ම තුන්වැන්නකුට මෙවැනි යුවළක් සමග සිටීම ඉතා වේදනාකාරී විය හැකියි. ඕනෑම මොහොතක මත ගැටුමක් ඇතිවී “බබා” “යකෝ” බවට පෙරලිය හැකි නිසා ඉතා අපහසුවෙන් එවැනි දෙදෙනෙක් එක්ක ඉන්න ඔයාට සිදුවේවි.

දුරස්ථ ප්‍රේම සම්බන්ධතා (ප්‍රේම අරගල)

 

 

මේ වර්ගයේ ප්‍රේමයන් පවතින්නේ තාක්ෂණය මත පමණයි. තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ ඇමතුම් අරගෙන දවසේ කටයුතු ගැන කතා කිරීමේ සිට සියළුම දේවල් සිදුකිරීම ඔවුන්ගේ විදිහ වනවා. සියළු ශාරීරික අවශ්‍යතා සමග මුළු ජීවිතයම වීඩියෝ කෝල් එකකට ලඝු කරමින් ජීවත් වීම මොන තරම් අසීරු දෙයක් වුනත් ඔවුන් එය කරනවා දැකගන්න පුළුවන්. බොහෝ වෙලාවට වෙනත් රටවල හෝ ඉතා දුර බැහැර ඉන්න මේ අයට මේ දෛනික වීඩියෝ කෝල් එකටත් වඩා එයට පහසු වෙලාවක් සොයා ගැනීම අපහසු වනවා. අනික් පාර්ශවය කතා කරමින් ඉද්දිම එක පාර්ශවයක් මොබයිල් ෆෝන් එකත් එක්කම නිදා ගැනීම මේ සම්බන්ධතා වල සාමාන්‍ය තත්වයක්. බොහෝ වෙලාවට මේ සම්බන්ධයන් දිගු කාලීන නොවුනත් සමහර විට ඒවා අවසානයක් කරා ගෙනයන අයත් නැතුවාම නොවෙයි.

අයියා – නංගී පෙම් යුවල

මේ වර්ගයේ අය අනිකාව හඳුන්වන්නේ, ආමන්ත්‍රණය කරන්නේ වෙනමම තලයකින්. වයසින් වැඩි පෙම්වතෙක් තමන්ට වඩා බාල වයසේ පෙම්වතියක් එක්ක පෙම්වතුන් වීමට පෙර හිතවතුන් වනවා. ඒ අය “අයියා” සහ “නංගී” ලෙස අමතා ගැනීම සාමාන්‍යයි. අවසානයේ පෙම්වතුන් වීමෙන් පසුවත් මේ ඇමතීමේ වෙනසක් වන්නේ නැහැ. සමහරු විවාහයෙන් පසුවත් මේ හැඳින්වීමම කරනවා දකින්න පුළුවන්. නමුත් ආදරය, ආරක්ෂාව, අවබෝධය වගේ කාරණාවන් මේ මත රඳා පවතියි කියල පුර්ව වින්ශ්චයන්ට එන්න නම් කාටවත් බැහැ. ඒවා එකිනෙකා මත රඳා නොපවතින දේවල්.

විටින් විට එක්වන පෙම් යුවල

මේ වර්ගයේ පෙම්වතුනුත් අපට නිතර මුණ ගැහෙනවා. ඒ දෙන්නා එකට ඉන්නවද නැද්ද කියල කවුද දන්නෙ, කියන ප්‍රශ්නය ඔයාටත් ඇතිවෙලා ඇති. මේ සතියේ ආදරයෙන් ඉන්න යුවල ඊලඟ සති අන්තය වෙද්දි විරසකයි. නැවත සතියකින් ඔවුන් පෙම්වතුන්. මෙවැනි couple එකකට ට්‍රිප් එකකට, සාදයකට ආරාධනා කරන එක ඉතා අමාරු කටයුත්තක්. ඒ මොකද කිව්වොත් ආදාළ දවස වෙද්දි ඒ දෙන්නාගෙ ප්‍රේමයේ තත්වය කාටවත්ම විශ්වාසයක් නැති නිසයි. මේ නාට්‍ය දිහා බලා සිටීම විනෝදජනක විය හැකි වුවත් එක මට්ටමකින් පස්සෙ තුන්වැන්නකුට එය බලා සිටීමත් අපහසු වනු ඇති.

ටියුෂන් couples

 

 

ටියුෂන් පන්තියේ couples ඔයාට අලුත් අත්දැකීමක් වෙන්න විදිහක් නැහැ. බොහෝවිට මේ අය එකම ටියුෂන් පන්තිය තෝරගන්නෙත් එකිනෙකා සමග වෙලාව ගත කිරීමේ උවමනාව නිසාමයි. ව්‍යාපාර කළමනාකරණය හදාරන සමහර couples සතියකට පැය දෙක තුනක් රසායන විද්‍යා පන්තියක වෙලාව ගත කරන්න වෙන හේතුවක් උවමනාද..? ටියුෂන් ප්‍රේමය කියන්නෙම එවැනි දේකට. සදාකාලික ආදරයක් වෙනුවෙන් ප්‍රේමයෙන් බැඳෙන මෙවැනි පෙම්වතුන් මාස කිහිපයක ටියුෂන් අරගලයකින් පස්සෙ වෙනත් පෙමකට මාරු වීමත් සාමාන්‍ය දෙයක්.

රහස් couples

 

 

මෙවැනි අයත් ඔයාට හමුවෙලා තියනවා නේද..? එකිනෙකා සමග ප්‍රේම සම්බන්ධතාවක් තියන බවට ඔවුන් දෙදෙනාම හෙළිදරවු කරන්නෙ නැහැ. එකිනෙකාගේ ඇස් වලින් කියන රහස් ගැන, ඉඟි බිඟි ගැන, අමුතු කතා ගැන වටපිටාව දන්නෙ නැහැ කියලත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. නමුත් ඒ බොහෝ දෙනෙක් මෙවැනි යුවලකගේ හැසිරීම් වල අමුත්ත ඉතා ඉක්මනින් තේරුම් ගන්නවා. මේ අය තමන්ගේ ලඟම මිතුරන් සමග ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන්න නිතරම උත්සාහ කරනවා. තමන් පෙම්වතුන් නොවෙයි සාමාන්‍ය යහළුවන් පමණයි කියන හැඟීම පිටතට දනවන්න කරන අසාර්ථක උත්සාහයක්. ඒ නමුත් බොහො දෙනෙක් මෙවැන්නන්ගේ රහස් ඉක්මනින් නිරීක්ෂණය කරගන්නවා.

හොඳම couples

 

 

 

තමන් වඩා හොඳම couple එක බව ඔප්පු කරන්න දඟලන පෙම්වතුන් දැක නැති වෙන්න බැහැ. ඔයා අවට ඕනෑ තරම් එවැනි අය ඇති. තමන්ගේ හොඳම යහළුවන් අතර වුවත්, හොඳම පෙම්වතුන් තමන් බව ඔප්පු කරන්න ඔවුන්ට අවශ්‍යයි. වඩා ආදරයෙන් විශ්වාසයෙන් අවබෝධයෙන් ඉන්නෙ තමන් දෙදෙනා බව ඔප්පු කරන්න මේ අය හුඟක් මහන්සි වෙනවා. සමහර විට එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරනවාටත් වඩා මෙලෙස “හොඳම” කපල් එක බව පෙන්වීමේ අරගලයට කාලය වෙන් කරනවා. ඔයාගෙ ආදරය පවත්වාගෙන යන්නෙ කොහොමද කියල නිතර විමසන මේ අය ඔවුන්ගේ සම්බන්ධය ඊට වඩා හොඳින් පවත්වා ගන්නා ආකාරය ගැන අත්දැකීම් වලින් ඔයාට උගන්වන්නත් උත්සාහ කරනවා. තමන් වඩා හොඳ වෙන්නෙ ඇයි කියල ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරන්න මෙවැනි පෙම්වතුන් කටයුතු කරනවා.

මේ ලක්ෂණ කියවද්දි මේ එක් එක් වර්ගයට අයත් පෙම්වතුන් ඔයාගෙ මතකයට නැගෙන්න ඇති. ඒ වගේම, තමන් තුළ හෝ තමන්ගෙ පෙම්වතා / පෙම්වතිය තුළ ඇති එවැනි ලක්ෂණ ගැන මතකයට නැගෙන්නත් ඇති. කිසිවක් හොඳ හෝ නරක ලෙස වර්ග කිරීමක් අපි මේ ලිපියෙන් අපේක්ෂා කරන්නෙ නැහැ. නමුත් වඩා සුදුසු සහ ප්‍රායෝගික තලය තෝරා ගන්න මේ ලිපියෙන් උදවු ලබාගන්න ඔයාටත් හැකියාව තිබෙන බවත් මතක් කළ යුතුමයි.

ආදර සම්බන්ධයක් බිඳ වැටුනොත් ජීවිතේම එපා කරගන්නවාද…?

ගැස්ම අපි අද කතා කරන්න හිතුවා Relationship Breakups ගැන. Breakup එකක් කියන්නෙ මොකද්ද? කොහොමද Breakup එකක් වෙන්නෙ? Breakup කරන කෙනාට සහ Breakup එකට මුහුණදෙන කෙනාට දැනෙන්නෙ මොනවද? මේ දේවල් ගැන කතා කරන එක ගොඩක් වැදගත් වෙයි කියලා අපිට හිතුණා.

 

 

අපේ Relationship එක නැත්නම් ඒ bond එක හදාගත්තට පස්සෙ අතරමඟදි කුමන හෝ හේතූන් නිසා ඒ දෙන්නා වෙන්වෙන එක තමයි සරලවම Breakup එකක් කියන්නෙ. ඒක ඕන කෙනෙක් දන්නවා. නමුත් Breakup එකක් ඇයි pain එකක් විදියට දැනෙන්නෙ? ඒකට ප්‍රධානම හේතුව තමයි Addiction එහෙමත් නැත්නම් ඇබ්බැහිවීම. මොකද Attachment එක හදාගන්නකොට ඒක chemical Reaction එකක් වෙනවා Brain එකේ. ඒක එතකොට වෙනම comfortable level එකක්. හිතන්නකො, drugs use කරනකොට මුලින්ම comfortable level එකක් දැනෙනවා වගේම ඒක continue කරගෙන යන්න හිතෙනවා. ඒකත් එක්ක Addict වෙනවා. සමහරවිට Addict වුණාට පස්සෙ අවබෝධයෙන් තීරණ ගන්න එක අඩුයි සහ Addiction level එක වැඩියි. එතකොට අවබෝධෙන් අපිට පේන දේ අපිට practically use කරගන්න බැහැ. තමන් දන්නවා මම ඉන්න bond එක මෙන්න මේ වගේ කියලා. දන්නවා මම drugs වලට addict වෙලා ඉන්නෙ කියලා. ඒ වගේම තමයි මෙහෙම ගියොත් මගේ life එකට මෙහෙම වෙනවා කියලා දන්නවා. ඒ වගේම තමයි වෙන අය කියන දේවල් සහ තමන්ගේ life එකත් එක්ක compare කලාට පස්සෙ තමන්ට වෙන effect එක හොඳට තේරෙනවා.ඒ වගේ තමයි bond එකකට addict වුණාට පස්සෙ තේරෙනවා මේක toxic ද? මගෙ life එක ආපස්සට යනවද? නැත්නම් breakup එකක් වුණාම life එකට වෙන්නෙ මොකද්ද කියලා. නමුත් addiction එක නිසා කොච්චර අවබෝධයක් තිබුණත් ඒක practically use කරගන්න බැහැ. අපිට තියෙන knowledge එක education level එක කොච්චර වැඩි වුණත් මොන විදියේ සමාජ ස්ථරයක හිටියත් අපිට ඒ දේවල් practically use කරගන්න බැහැ. ඒක addiction එකක හැටි.

එතකොට breakup එකක් වෙනවා කියන්නෙ, එක්කෙනෙක් decide කරනවා එතනින් අයින් වෙන්න. සමහරවිට එක්කෙනෙක් හෝ දෙන්නම decide කරනවා මෙතනින් අයින් වෙන්න. නමුත් මෙතනින් ලොකුවට වේදනාවට පත්වෙන එක්කෙනෙක් ඉන්නවා අනිත් කෙනාට වඩා.

 

 

Breakup එකක් වෙන්න ප්‍රධානම හේතුව තමයි ආකර්ෂණය නැතිවීම (attraction faded). ඒක එක හේතුවක් විතරයි. සමහරවිට වෙන වෙන පාරිසරික හේතූන් නිසාත් Breakup එකක් වෙන්න පුළුවන්. Attraction faded වෙනවා කියන්නෙ මුලදි තිබ්බ thrilled එක ටික ටික අඩුවෙලා ගිහිල්ලා අනිත්කෙනා ගැන තියෙන උනන්දුව තවදුරටත් continue කරගෙන යන්න තියෙන ආසාව නැතිවෙලා යන එකට. මේ හේතුත් එක්ක කෙනෙක් අයින් වෙන්න හදනවා. හැබැයි අනිත් කෙනා breakup pain එක experience කරනවා. එතකොට addiction එකක ඉන්න නිසා brain එක හැමවෙලේම අනිත්කෙනාගෙ feelings ඉල්ලනවා. ඒකෙන් තමයි ජීවත්වෙනවා වගේ වාතාවරණයක් හැදිලා තියෙන්නෙ. හරියටම කිව්වොත් drug addiction එකක ඉන්න කෙනෙක් වගේම තමයි.

නමුත් brain එකෙන් ඒක ඉල්ලුවට reality එකේ ඔයා experience කරනවා ඒ මනුස්සයා නැහැ කියලා. Brain එකට කොයිවෙලේ හරි confirm Massage එකක් ගියොත්, තවදුරටත් ඒ මනුස්සයා ඔයත් එක්ක continue වෙන්නෙ නැහැ කියලා, එයා වෙන affair එකක් කරනවා නැත්නම් එයා අතරමඟදි ඔයාට අපහාස කරනවා සහ හිතපු නැති විදියේ හැසිරීම් පෙන්නනවා කියලා. ඒ confirm massage එක ඔලුවට ගිය ගමන් confusion එකක් පටන් ගන්නවා ඔයාගෙ full protecsional එක දෙනවා. කන බොන එක, නිදාගන්න එක, වැඩවලට attention එක දෙන එක සාමාන්‍ය ජීවිතයේ එහෙම් පිටින්ම නවත්තලා full protecsional එක දෙන්නෙ අර relationship එක continue කර ගන්න. මොකද ඔයා addiction එකක ඉන්න නිසා. එයා toxic ද? නැද්ද? මේක breakup වෙන්න තිබ්බ එකක්ද? Breakup වෙච්ච එකෙන් ඔයාට හොඳක් සිද්ධ වෙනවද? කිසිම දෙයක් අදාළ නැහැ. කොහොමහරි try කරන්නෙ එයා පස්සෙන් ගිහිල්ලා Attachment එක හදාගන්න. ඒක තමයි addict වුණාට පස්සෙ හැටි. එතකොට reality එකේ ඒ මනුස්සයා Move වෙනවා කියන දේ ඔයා experience කරනවා. නමුත් brain එකෙන් ඒ attachment එක තියෙන විදියට තමයි ඔයාව move කරවන්නෙ. ඔයාව සාමාන්‍ය ජීවිතයේ ආයෙ back to normal කරන්න සාමාන්‍ය විදියට ඔයාට ජීවත්වෙන්න සලස්වන්න ඒ කෙනාවම ඕනේ කියලා හිතෙනවා. Addiction එක කියන්නෙ ඒ වගේ දේවල්.

 

 

අපේ ජීවිතයට අත්‍යවශ්‍ය නැති නමුත් ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි කියලා brain එක recognize කර ගත්ත දේවල් තමයි addiction කියලා කියන්නෙ. ඒ මනුස්සයගෙ දේවල් විශේෂීකරණය කරලා වෙන් වීමක් සිදු කරනවා. මොකද addiction එකක ඉදලා එකපාරටම ඒ ගැන බලාපොරොත්තු නැතිවෙනවා කියන massage එක ඔළුවට ගියපු ගමන් අපේ හිත කරන්නේ එයාගෙ තියෙන විශේෂිත ගුණාංග ලොකු කරලා පෙන්නනවා. එයාගෙ පෙනුමද? එයා වෙන කෙනෙක් එක්ක යයිද? එතකොට සිංදුවක් ඇහුවත් ඒක feel වෙනවා. වැඩකට attraction එක දීගන්න බැහැ. Lost වුණා වගේ feel එකක් එනවා. මගේ වැරැද්දෙන් එයා lost වුණාද කියලා හිතෙනවා. Last Seen බලන්න හිතෙනවා. Follow up එක දෙන්න හිතෙනවා. ඔය වගේ සාමාන්‍ය ජීවිතයේ ඉන්න level එකට වඩා ලොකු confusion එකක් ඇති කරනවා මනුස්සයගෙ නැති විශේෂත්වයකුත් ගුණනය කරලා හදලා පෙන්නනවා. ඔයාව එතනට තල්ලු කරනවා attachment එක continue කර ගන්න.

මොකද ඔයාගෙ Body process එක පුරුදු වෙලා තියෙන්නෙ එයාගෙ ජීවිතය මතින් depend වෙන විදියට. ඉතින් ඒක තමයි ප්‍රධානම හේතුව. එතකොට Breakup එක කරන කෙනාට ඇත්තටම ලොකු pain එකක් නැහැ. මොකද එයා දන්නවා ඔයා පස්සෙන් එනවා කියලා සහ එයාට attraction fade වෙලා තියෙන්නෙ. එයා decide කරනවා Breakup කරන්න. නමුත් එයා mentally breakup එක කරන්න කියලා physical Attachment එක නැවැත්තුවට mental disconnect වෙලා නැහැ. Mental Disconnect වෙන්න යම්කිසි කාලයක් යනවා. එතකොට එයා තමයි breakup කරනවා කියලා ලොකුවට decide කරන්නෙ. නමුත් අනිත් කෙනාට මම අර කිව්ව හැමදෙයක්ම experience කරන්න සිද්ධ වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික breakup pain එක experience කරනවා කියලා එයා අත්විදින්නෙ අර painful කාල පරාසයක්. ඉතින් මේක තමයි attachment එකකින් පස්සෙ breakup එක කරන කෙනාට සහ breakup එක initiate කරන කෙනාටත් මුහුණ දෙන්න වෙන අත්දැකීම. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාට අවබෝධයක් එන්න ඇති කියලා. අපි ඉදිරියේ දී තවදුරටත් මේ ගැන කතා කරමු.

 

නදිමාල් එදිරිසූරිය – relationship counselor

පොලොස් කරිය …

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

පොලොස් ගෙඩියක්
ලොකු ලූණු 1ක්
අමු මිරිස් කරල් 2ක්
කුරුඳු
එනසාල්
උළුහාල් තේ හැඳි 1/2
ලුණු තේ හැඳි 1 1/2
මිරිස් කුඩු තේ හැඳි 2 1/2
කරපිංචා + රම්පේ
ගොරකා 3ක්
පොල් කිරි කෝප්ප 2 (පළමු වරට)
පොල් කිරි කෝප්ප 2 1/2 (දෙවන වර)

සාදා ගන්නා ආකාරය ….

පොලොස් ගෙඩියක් ගෙන කැලි වලට කපා ගන්න.
ලොකු ළුණු ගෙඩියක් හා අමු මිරිස් කරල් 2ක් එක් කර ගන්න.
කුරුඳු , එනසාල් හා උළුහාල් එක්කර ගන්න.
ලුණු තේ හැඳි 1 1/2ක් හා මිරිස් කුඩු තේ හැඳි 2 1/2 ක් එයට එක් කර ගන්න.
රම්පේ +කරපිංචා + ගොරකා කැබලි 2ක් එක්කර ගන්න.
එයට පොල් කිරි කෝප්ප 2ක් එක්කර තැම්බෙන්නට හරින්න.
නැවත පොල් කිරි කෝප්ප 2 1/2ක් එක්කර හොඳින් පිසගන්න.

ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය …

“Jack of all trades, master of none” මේ කියමන බොහෝ දෙනෙකුට අදාළ කර ගත හැකි කියමනක් වෙනවා. එය ඔබට මට වුවත් එසේමයි. ඕනෑම පුද්ගලයෙකුට විවිධ ආකාරයේ කාර්යයන් කිරීමේ හැකියාව තිබුනත් ඒ බහු කාර්යයන් සඳහා අවශ්‍යය වන දක්ෂතාව හැමෝටම නැහැ. නමුත් ධනුෂ්ක කුමාරතුංග කියන්නේ මේ කාණ්ඩයට අයත් නොවන බහු විධ කුසලතා සඳහා එක ලෙසම දක්ෂතාවයක් ඇති පුද්ගලයෙක්. ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු සැබවින්ම බොහෝ කුසලතා ඇති අයෙක්. මෑතකදී ඔහු වෘත්තීය කැමරාවක් වෙනුවට ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූප සමඟ Essence නමින් ඡායාරූප සඟරාවක් ආකාරයෙන් කලා කෘතියක් නිර්මාණය කර තිබෙනවා. ඉතින් මේ පිළිබඳ කුතුහලයෙන් සිටි ඔබ දැනුවත් කිරීමට මේ සොඳුරු මිනිසා සමඟ කතාබස් කිරීමට අපි තීරණය කළා.

 

 

 

1. ඔබ, ඔබව හඳුන්වන්නේ කෙසේද?

කලාව තුළින් ජීවිතය දකින, සරල නමුත් කල්පනාකාරීව සිතන කෙනෙක්. ඒ වගේම එදිනෙදා ජීවිතය තුළ දක්නට ලැබෙන කලාත්මක බව අගය කිරීමට කාලය ගත කරන කෙනෙක්.

 

 

2. කලාව කියලා ඔබ හඳුන්වන්නේ කුමක්ද ?

මම හිතන්නේ මානව වර්ගයාගේ නිර්මාණශීලීත්වය කියන විශාල සාගරය ආවරණය කරන්නේ කලාව මගින්.කලාව මූලික වශයෙන් සෞන්දර්යය වුවත් , එය පුද්ගලයෙකුගේ හැකියාව හෝ දක්ෂතාවය ද වෙන්න පුළුවන්.

3. ඔබ නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවකට යොමු වුණේ කොහොමද?

මම විවිධ වර්ගයේ සංගීත සඳහා පද රචනා කරලා තියෙනවා.ඒ වගේම මම සංගීත වීඩියෝ අධ්‍යක්ෂණය කිරීමට දක්ෂයි, මගේ සංගීත පසුබිම එන්නේ එතැනින්. මම ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙසත් වෙළඳ නාම කිහිපයක් සමඟ වැඩ කර තිබෙනවා. ඊට අමතරව, මම විවිධ පුවත්පත් සහ මාධ්‍ය ආයතන සඳහා නිදහස් මාධ්‍යවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

4. මෙම කෘතිය සම්පාදනය කර ප්‍රකාශයට පත්කිරීමේ දී ඔබේ අත්දැකීම් කෙසේද ?

මම මුලින්ම උනන්දු වුණේ ජංගම දුරකථන ඡායාරූපකරණය සහ ඒ සමඟ විවිධ අත්හදා බැලීම් කරන්න. මෑතකාලීනව රට තුළ ඇති වූ lock down තත්ත්වයත් සමඟ මට එය කිරීමට හොඳම අවස්ථාවක් උදා වුණා.

මෙහිදී මම තෝරාගත් ගමට ළඟා වීම තරමක් දුෂ්කර වුණා. නමුත් එය මට ඉතා සුවිශේෂී ජීවන රටාවක් සමීපව හා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඉඩ ලබා දුන්නා. මම හිටියේ වල් අලි ගැවසෙන කැලයක් මැද වූ නිසා ඒ අත්දැකීම තරමක් බියකරු වුණා. කොහොම වුනත් මේ සියලු අංග එකතු වීම මගේ ජිවිතයට විශිෂ්ට අත්දැකීමක් වුණා.

 

 

 

5. ඔබ Essence හරහා අල්ලා ගැනීමට උත්සාහ කළේ කුමක්ද?

Essence නියෝජනය කරන්නේ නිදහස, සමාජ-සංස්කෘතික වටිනාකම සහ අපට අහිමි වූ විස්මිත ග්‍රාමීය දර්ශනය. ඒ වගේම ස්වභාවධර්මයට ඉතා සමීපව ජීවත් වන ප්‍රජාවක අත්දැකීම් සහ හැසිරීම් ද එහි ප්‍රදර්ශනය කරනවා. මෙය නාගරික ප්‍රදේශවල අපට නොපෙනෙන දෙයක්. මේ සියලු අවස්ථා ග්‍රහණය කර ගැනීමට මම තෝරා ගත්තේ ජංගම දුරකථනයක්. ජංගම ඡායාරූපකරණයට වෙනස් දෙයක් නිර්මාණය කළ හැකියි. එපමණක්ද නොව, මම ජංගම දුරකථනයේ ඇති මෘදුකාංග භාවිතයෙන් එම ඡායාරූප සියල්ල සංස්කරණය කරනු ලැබුවා. ඒ වගේම තමයි Essence හි ඇත්තේ වෙනස් මෝස්තරයක්. එහි පිටු බටහිර සඟරා ආකෘතියක් අරගෙන තිබෙනවා. එය නරඹන්නාට ආශ්වාදයක් ලබා දිය හැකි නිර්මාණයක්.

 

 

6. ඔබට වඩාත් තදින්ම දැනුන පොතේ එක් කොටසක් ගැන අපට පැවසිය හැකිද?

හේන් ගැන මම ලියපු කොටස මට ගොඩක් විශේෂයි. අපට රාත්‍රිය ගත කිරීමට සිදු වූයේ ගසක් මත වූ කුඩා ලී පැල්පතක, උදෑසන හිරු උදාවේ සුන්දරත්වය මට එතරම් ජීවමාන බවක් දැනුනා. එය ඉතා දුර්ලභ අත්දැකීමක් වුණා.

7. වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස, ජංගම දුරකථන කැමරාවක් භාවිතා කිරීමේ වෙනස කොහොමද?

වෘත්තීය කැමරා සහ ජංගම දුරකථන කැමරා අතර තාක්ෂණික වෙනස්කම් තිබෙනවා. අධි තාක්‍ෂණික උපකරණයකින් වුවද, අප ක්‍රියා කරන ආකාරය සහ එය හසුරුවන ආකාරය අනුව අපට ප්‍රතිඵලය ලැබෙනවා. එබැවින් අධි තාක්‍ෂණික කැමරාවකින් වුවද, එය හැසිරවිය යුතු ආකාරය ඔබ නොදන්නේ නම් ඔබට අවශ්‍ය පින්තූර ගැනීමට නොහැකි වනු ඇත. ජංගම දුරකථන කැමරාවක් භාවිතයෙන්, මිනිසුන්ගේ ස්වභාවික හැඟීම් සහ ස්වභාවික හැසිරීම් ග්‍රහණය කර ගැනීම පහසුය. ඒ වගේම වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් විදියට මම ලබාගෙන තිබුණු දැනුම නිසා නිවැරදි ආලෝකය යොදාගෙන නිර්මාණශීලී ඡායාරූපයක් ගන්න මට පහසු වුණා.

 

 

8.මෙම ව්‍යාපෘතිය ගීත රචකයෙකු ලෙස ඔබේ හැකියාවන් සමඟ සමපාත වන්නේ කෙසේද?

අපි කරන හැම දේකම කලාව තියෙනවා. අප මුලින්ම සිතිය යුත්තේ අප තෝරා ගන්නා මාධ්‍ය තුළ නිර්මාණාත්මක චින්තනය සහ දෘශ්‍යකරණය නිසි ලෙස බෙදා හරින්නේ කෙසේද යන්නයි. පොතේ ලිඛිත භාෂාව ගීත රචනයෙන් පැන නගින අතර දෘශ්‍යකරණය ඡායාරූපකරණය හරහා සිදු කෙරේ. මගේ දෘශ්‍ය කෘති වචන ඇතුළත් කෘතිවලට පරිවර්තනය කිරීමට මෙම ව්‍යාපෘතිය මට හැකි වුණා කියලා මම හිතනවා.

9. මෙම ව්‍යාපෘතිය අතරතුර ඔබ මුහුණ දුන් දුෂ්කරතා මොනවාද? ඔබ ඒවා ජයගත්තේ කෙසේද?

ගමේ මිනිසුන්ට හානියක් හෝ බාධාවක් නොවන අයුරින් සංවේදී මිනිස් හැසිරීම් ග්‍රහණය කර ගැනීම දුෂ්කර වුණා. මුල් දින කිහිපය තුළ මට ඔවුන් සමඟ සිටිමින් ඔවුන්ගේ සිරිත් විරිත්වලට අනුගත වීමට සිදු විය. ඉන් අනතුරුව ඒ පිරිස අප සමඟ අත්දැකීම් බෙදා ගැනීමට අදහස් කළා. මම ජංගම දුරකථන භාවිතා කිරීමට හේතුව එයයි. වාසනාවකට මට ඒ අවස්ථාවේදීත් වන සතුන්ගෙන් කිසිම ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

 

 

10. ඔබේ අනාගත සැලසුම් මොනවාද?

මේ කෘතිය හරහා මම ලබපු අත්දැකීම් එක්ක තව තවත් පොත් මාලාවක් විදියට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එය moving art ස්වරූපයෙන් ද පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

කැරට් සහ අර්තාපල් සමඟ චිකන් ස්ටූ …

 

 

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් මේස හැඳි 1ක්
එනසාල් 3ක්
කුරුඳු
සූදුරු + උළුහාල් තේ හැඳි 1/2
සුදුළූණු බික් 3ක්
ලොකු ළූණු 1ක්
කරපිංචා + රම්පේ
කහ තේ හැඳි 1/2
කටු රහිත කුකුල් මස් 500 ග්රෑම්
ලුණු තේ හැඳි 1ක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
කරි පවුඩර් තේ හැඳි 1ක්
අර්තාපල් 2ක්
තක්කාලි 3ක්
මැගී නියම පොල් කිරි පිටි කෝප්ප 1 යි
අමු මිරිස් කරල් 3ක්
කැරට් කෝප්ප 1/2
maggi real coconut milk powder මේස හැඳි 1ක් + වතුර කෝප්ප 1ක්
maggi real coconut milk powder මේස හැඳි 2ක් + වතුර කෝප්ප 1ක්

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.

එනසාල්,කුරුඳු,සූදුරු,උළුහාල්,සුදුළූණු,ලොකු ළූණු ,කරපිංචා ,රම්පේ එක්කර තෙම්පරාදු කර ගන්න.

කහ ස්වල්පයක් එක්කර කටු රහිත මස් එක්කර ගන්න.

ලුණු හා ගම්මිරිස් එක්කර ගන්න.

මිරිස් කුඩු ,කරි කුඩු, එක්කර හොඳින් පිස ගන්න.

අර්තාපල් හා තක්කාලි එක්කර කවලන් කර ගන්න.

maggi real coconut milk powder වතුර කෝප්පයක් සමග මිශ්‍ර කර එය පිසගත් ව්‍යාංජනයට දමා හොඳින් පිස ගන්න.

කපාගත් කැරට් එක්කර ගන්න.

maggi real coconut milk powder වතුර කෝප්ප 2ට මිශ්‍ර කරගන්න.

අවසාන වශයෙන් උකු පොල් කිරි කෝප්පය ව්‍යාංජනයට එක්කර එයට කපාගත් අමු මිරිස් එකතුකර හොඳින් පිස ගන්න.