Blog Page 20

Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?

අපේ දෛනික ජීවිතයේ හුඟක් දේවල් වලට ලොකු බලපෑමක් කරනන හැකියාවක් තියෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කෑමට ගන්න දේවල්. ශරීර සෞඛ්‍ය වගේම තවත් හුඟක් කාරණාවන්ට සාධනීය බලපෑමක් කරන්න අපේ ආහාර රටාවට හැකියාවක් තියෙනවා. කෑමට ගන්නේ මොනවද කියන දේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. අපේ සමහර කෑම පුරුදු හෝ ඇබ්බැහිවීම් ඉතාම භයානක ප්‍රථිපල අත්කර දෙන බව ඔබ නොදන්නවා වෙන්න බැහැ. Junk Food කියන්නේ එවැන්නක්.

 

Asian women refuse fast food because of slimming on pink

 

මොනවද මේ Junk Food කියන්නේ..? වැඩි කැලරි ප්‍රමාණයක් සහිත සෞඛ්‍යාරක්ෂිත නොවන කෑම තමයි Junk Food වලට දිය හැකි හොඳම හඳුන්වාදීම වන්නේ. සාමාන්‍යෙන් මේ කෑම වර්ගවල වැඩි කැලරි ප්‍රමාණයක්, සීනි ප්‍රමාණයක් සහ මේද ප්‍රමාණයක් අඩංගු වනවා. ප්‍රෝටීන, ෆයිබර්, විටමින් වගේ සංඝටක ඉතාම අඩුයි. ඒ අනුව වර්ගීකරණය කරගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේ අපි බොහෝ ක්ෂණික කෑම (Instant Foods) මේ වර්ගයේලා සැලකෙනවා. බොහෝවිට මේවා සැකසූ ආහාර (Processed Food) වීමත් තවත් විශේෂත්වයක්. සමහර වර්ගීකරණ වලදී HFSS කාණ්ඩයේ කෑම වර්ග කියලත් හඳුන්වා දෙනවා. එනම් High in fat, salt & sugar කියන අදහසින්. කොහොම නමුත් මොනවද මේ Junk Food කියන්නේ කියල මේ තොරතුරු ඇසුරින් ඔබට නිගමනයකට එන්න පුළුවන් වේවි.

 

මේ ආහාර වල තියෙන සෞඛ්‍ය සම්පන්න නොවීම නිසාම මේවායින් හැකි තරම් වළකින්න කියල බොහෝවිට වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් අවවාද කරනවා. නමුත් එක ඒ තරම්ම ලෙහෙසි පහසු කටයුත්තකුත් නොවෙයි. ඒ වගේම ඒ වෙනුවෙන් වන පියවර විදිහට සමහර රටවල් මේ Junk Food විකිණීම වෙනුවෙන් දැඩි නීතිරීති සහ සීමාවන් පනවා තිබෙනවා. තවත් සමහර රටවල් මේවා පිලිබඳ ප්‍රචාරණය කිරීම (Advertise) තහනම් කොට තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය පිලිබඳ රජයක් සතුවන වගකීම වෙනුවෙන් ඔවුන් එවැනි පියවර ගත්තා වූවත් Junk Food භාවිතයට සිමා පනවා ගනිමින් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න වෙන්නේ පුරවසියන්ටමයි. ප්‍රධානම කාරණය මෙවැනි ආහාර හේතුවෙන් ස්ථුලතාව (Obesity) වගේම තවත් රෝග ගණනාවක් ඇතිවීමට හැකියාවක් තිබීම. දෙවැන්න මෙවැනි ආහාර නිසා සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබී යාම සහ අනවශ්‍ය ලෙස සමහර පෝෂක කොටස් ලැබීම නිසා තුලනාත්මක සිරුරක් පවත්වා ගැනීමට නොහැකි වනවා පමණ නොවෙයි එමගින්ද වෙනම සෞඛ්‍ය ගැටළු ඇති වනවා. මේ සියල්ල සලකා බැලුවොත් Junk Food භාවිතයෙන් හැකිතාක් වැලකි සිටීම වඩාත් සුදුසු තීරණයක් වනවා.

Obese overweight young european redhead man dressed in undersized tank top, with mouth stuffed with marshmallow, putting hand into big glass jar, taking some more sweets Free Photo

නමුත් මෙතැනදී පැනනගින ප්‍රධානම ගැටලුව තමයි මෙවැනි ආහාර රටාවන්ට පුරුදු වුන කෙනෙකුට ඉන් අත්මිදීම එතරම්ම පහසු වන්නේ නැහැ. බොහෝවිට මෙවැනි කෑම වලට ඇබ්බැහි වීමක් සිදු වනවා. ඉතිඉන් Junk Food වලට ඇබ්බැහි වෙලා ඉන්න ඔබට ඉන් අත්මිදෙන්න සරළ පියවර කිහිපයක් අද gasma.lk අපි, ඔබට ඉදිරිපත් කරනවා. ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව වගේම සිරුරේ හැඩය ගැනත් සැලකිලිමත් වන්න කියල අපි ඔබට මතක් කරනවා.

කොහොමද මේ Junk Food වලට ඇබ්බැහි වීම නතර කරන්නේ….? මේ සරළ කාරණා කිහිපය ගැන ඔබේ අවදානය යොමු කරොත් ඔබට ඒ වැඩේ ඒ තරම්ම අමාරු වෙන එකක් නැහැ. අපි මෙතැනදී ඔබට කියන්නේ Junk Food වලින් වැලකි ඉන්න ඔබේ මනස පුහුණු කරගන්නේ කොහොමද කියන දේ ගැන. ඔබට කන්න හිතෙන වෙලාවට ඒ කෑම ප්‍රතික්ෂේප කරන්න ඔබේ මනස ශක්තිමත් වගේම සුදානම් විය යුතුමයි. ඒ නිසා එවැනි මානසික සුදානමක් ඇති කරගන්න පියවර මොනවාද කියන දේ ගැන අපි මෙතැනදී කතාබහ කරනවා. ඔබේ මනස ගැන හොඳින්ම දන්නා කෙනා ඔබ. ඒ වගේම ඔබේ සිතීමේ ක්‍රියාවලිය සහ ඔබේ සිතිවිලි ක්‍රියාත්මක වන විදිහත් හොඳින්ම දන්නේ ඔබ. ඉතිං, ඔබ Junk Food වලට ප්‍රියකරන කෙනෙක් නම් මුලින්ම කළ යුතු වන්නේ මෙන්න මේ කරුණ තේරුම් ගැනීම. ඔබේ මනසින් එවැනි කෑම වර්ගයක් ඉල්ලන මොහොත මොකක්ද කියන එක සහ ඊට හේතුව ගැන අවබෝදයෙන් ඉන්න. එවැනි කෑමකට කොතරම් ප්‍රිය වුනත් තාර්කිකව එක ප්‍රතික්ෂේප කරන්න තරම් ඔබ මනසින් ශක්තිමත් වන්න අවශ්‍යයි.

Dieting concept. healthy useful food. beautiful young women choosing between fruits and unhealthy fast food at studio. human emotions and comparison concepts Free Photo

අවසානයේ ඔබේ ඉලක්කය හැඩති සිරුරක් සහ සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් නේද.. එහෙම නම් ඔබ ඔබේ මූලික පියවර ගත යුතුමයි. මුලින්ම Junk Foods වලින් ඉවත් වීමේ අදහස ඔබේ මනසට හුරු කරවිය යුතුයි. ඔබේ පැන්ට්‍රි එකට යන්න. ශීතකරණය පරික්ෂා කරන්න. මොන තරම් සෞඛ්‍යාරක්ෂිත නොවන ක්ෂණික කෑම වර්ග සහ Junk Foods තියෙනවාද..? ඔබේ පන්ට්‍රියේ තැනින් තැන ගබඩා කොට තිබෙන සියල්ල ඉවතට ගන්න. ඒවා ඔබට නොපෙනෙන හෝ මුණ නොගැසෙන විදිහට ඉවත් කරන්න. එවිටයි ඔබ ඉන් ඉවත් වනවා කියන මූලික විධානය ඔබට දැනෙන්නේ. එහෙම නම්, පළමු පියවර දැන්මම ආරම්භ කරන්න.

Young serious woman in blue t-shirt choosing between fresh fruit vegetables or sweets in the kitchen. choice between healthy and unhealthy food. dieting. diet. healthy food Premium Photo

ඊළඟ පියවර විදිහට ඔබට කරන්න තියෙන්නේ ඔබට පහසුවෙන් හසුවන ළඟපාතක මෙවැනි කෑම වර්ග තබා නොගැනීම. ඔබේ පන්ට්‍රියේ කෑම වර්ග ගබඩා කරගැනීමේදී, එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, තිරිඟු නිෂ්පාදන වගේ කෑම වර්ග ලඟින් තබාගැනීමට අමතක කරන්න එපා. පර්යේෂකයින් පවසන අන්දමට ඔබ පහසුවෙන් ලඟාවීමට හැකි කෑම වර්ග නිතර කෑමට පෙළඹෙනවා. ඒ නිසා පහසුවෙන් ලඟාවිය හැකි ඔබේ පන්ට්‍රිය, ශීතකරණය Junk Food වලින් තොර කලාප කරගන්න මතක තබාගන්න. ඒ වගේම ගෙදර පැන්ට්‍රි එක කොහොම වෙනස් කරගත්තත් ඔබේ කාර්යාලය අසල මෙවැනි කෑම අලෙවිසැල් තියෙනවා විය හැකියි. ඔබට හැකිතාක් එවැනි තැන් මගහැරීමට උත්සාහ කරන්න. ඔබේ මනස මේ කෑම ප්‍රතික්ෂේප කිරීමට හුරුවන තෙක්ම එවැනි දේ මගහරින්න වගබලා ගන්න. තුන්වැනි කාරණය ඔබ මිතුරන් සමග පිටතට යෑම, විනෝද සවාරියක් හෝ රාත්‍රී භෝජන සංග්‍රහයක් වැනි දෙකට යන්න සූදානම් වනවා නම් Junk Food නොමැති අවන්හලක් තෝරාගන්න අමතක කරන්න එපා. එවැනි සරළ ක්‍රම මගින් යම් තත්වයක් දක්වා ඔබේ මනස හුරුකරවා ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

Waiter man holding a big plate of ravioli with arugula leaves, parmesan cheese Free Photo

ඊළඟ කාරණය ඔබේ මිළදී ගැනීමේ රටාව වෙනස් කිරීම. ඔබ යමක් කරන්න හිතුවොත් ඔබට ඒ වෙනුවෙන් සැළසුමක් අත්‍යවශ්‍යයි. ජීවිතයේ ඕනෑම කටයුත්තකදී ඒ තත්වය පොදුයි. ඉතින් ඔබ Junk Foods වලින් ඉවත් වෙන්න අවශ්‍යයි කියල තීරණය කළාට පසුවත් එවැනි සැළසුමක් අත්‍යවශ්‍යයි. ඔබේ මනස ටිකින් ටික එවැනි ආහාර ප්‍රතික්ෂේප කරන මට්ටමට පුහුණු කරන්න මේ පියවරයන් ඉතාමත් වැදගත්. දැන් ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීම ගැන හිතන්න. ඔබ සමහරවිට ඔබට හිතෙන විටෙකදී වෙළඳ සලකට ගිහින් අවශ්‍ය කෑම වර්ග මිළදී ගන්න හුරුවෙලා හිටියා වෙන්නත් පුළුවන්. දැන් මේ පුරුදු සියල්ල වෙනස් කරගන්න කාලය ඇවිත්. ඔබ මුලින්ම ඔබේ ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව සකස් කරගන්න. මේ ලැයිස්තුව හදන්නේ සතියකටද මාසයකටද කියන කාරණය වැදගත් නැහැ. අවශ්‍ය වන්නේ ඔබ කන්නේ මොනවද ඒ රටාව කුමක්ද කියන දේ තීරණය කිරීමයි. ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව සකස් කරන්න. ඒ අනුව ඔබේ ලැයිස්තුව නැවත පරික්ෂා කරන්න. එයට ඇතුලත් වුනු Junk Foods සියල්ලම ඉවත් කරන්න. දැන් ඔබේ ආහාර ගැනීමේ රටාව් නැවත සකස් කරන්න. මේ විදිහට සති කිහිපයක් ඔබේ shopping list එක සකස් කරගනිමින් Junk Foods ගෙදරට එමෙන් පවා වලකින්න උත්සාහ කරන්න. දිගින් දිගටම මෙවැනි පියවරක් අනුගමනය කරද්දී ඒ කටයුත්ත ඉබේටම ඔබේ පුරුද්දක් බවට පත්වේවි.

Good looking woman standing in front of vegetable shelves choosing what to buy Free Photo

. ඔබ කෑමට ගතකරන කාලය අඩු කිරීමත් තවත් වැදගත් පියවරක්. සාමානයෙන් කෑම ගැනීම ආරම්භ කරලා මිනිත්තු 20ක් ඇතුලත කෑම අවසන් බවට ශරීරයට ඉඟියක් ලැබෙනවා කියලයි විශේෂඥයින් කියන්නෙ. ඒ නිසා මේ කාලය තුළ කෑම හොඳින් හපමින් වෙලාව අරගෙන කන්න කියන කාරණයත් ඔවුන්ගේ මතය වී තිබෙනවා. ඒ වගේම තමයි දවස තුළ ඔබට කෑමට ලැබෙන වෙලාව අවම කරගන්න. හුඟක් දෙනෙකුගේ පුරුද්දක් ප්‍රධාන ආහාර වේලට අමතරව මේ Junk Foods මොනවාහෝ අතරතුර ආහාරයට ගැනීම. ඒ පුරුද්දෙන් වලකින්න මනස හුරු කරගන්න තවත් ඵලදායි ක්‍රමයක් තමයි එවැනි කෑමකට වෙලාවක් වෙන් නොකිරීම. කොහොමත් ඔබේ දෛනික කටයුතු අතරතුර එවැනි වෙලාවක් නොතබා වැඩ සැලසුම් කරගන්න. ඒ විදිහේ ක්ෂණික කෑමකට වෙලාවක් නැති බව මනසට තේරුම් යන්න ඉඩ හරින්න. ඒකත් ඔබට ප්‍රථිපලදායක ක්‍රමයක් වේවි.

රතු, කහ, තැඹිලි වර්ණ ඔබේ කෑම කාමරයට, පන්ට්‍රියට භාවිතා නොකරන්න කියන එකත් මනස හුරු කරවීමේ එක ක්‍රමයක්. ඔබට නැති බඩගින්නක් ඇති කරන්න මේ වර්ණ සමත් වන බවත් විශේෂඥයින් සඳහන් කරනවා. බොහෝවිට කෑම වර්ග අළෙවි කරන brands බොහොමයක් මේ වර්ණ භාවිතා කරනවා ඔබ දැක ඇති. ඒ වගේම සමහර ආපනශාලා කෑම ඇනවුම් කිරීමෙන් පස්සේ අනවශ්‍ය තරම් ඔබව නිකරුනේ ආයතනය තුළ රඳවා ගන්නවා ඔබට දනිලත් ඇති. ඒකත් ඔවුන්ගේ උපක්‍රමයක් බව පැවසෙනවා. ඔබට තව තවත් කෑම ඇණවුම් කරන්න සිතිවිලි ක්‍රියාත්මක කරවීම ඔවුන්ගේ අරමුණ වන බව කියවෙනවා. ඉතින් මේ උපක්‍රම වලින් ගැලවී සිටීමට ඒ ගැන අවබෝදයෙන් සිටීමත් වැදගත් වනවා.

Interior design for kitchen area in modern style Premium Photo

Junk Foods ගැන කියවෙන තොරතුරු ඕනෑ තරම් ඔබට සොයාගැනීමේ හැකියාවත් තිබෙනවා. අපි දැන් ඉන්නේ තොරතුරු ලෝකයක. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් ඇඟිලි තුඩු වලින් සොයාගත හැකි තරමට පහසු වී තිබෙනවා. ඉතින්, ඔබට තවත් හොඳම පියවරක් මේ ගැන තොරතුරු සොයාගෙන කියවන්න. අදාළ වීඩියෝ නරඹන්න. ඔබට Junk Food ප්‍රතික්ෂේප කිරීමට තරම් මානසික එකාග්‍රතාවක් හදාගන්නත් ඒ තොරතුරු ඉවහල් වේවි. අවසානයේ සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් වෙනුවෙන් මනස හුරුකර ගැනීම ඔබේ ඉලක්කය නම් මනසට ඒ පිලිබඳ පුහුණුව ලබාදෙන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න. මේ තොරතුරු අපි ඔබට ගෙන එන්නේ ඔබට වඩා සුවපහසු සහ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජිවන රටාවක් සකස් කරගැනීම වෙනුවෙන්. ඉතින් ඔබ මුලින්ම ඒ වෙනුවෙන් මනසින් සුදානම් විය යුතුමයි. එහෙම නම් අද සිටම මේ පියවර කිහිපය අනුගමනය කරන්න වගබලා ගන්න. ප්‍රගතිය ඔබටම අත්විඳින්නට ලැබේවි.

 

-ඒන්. වෙහෙරදූව-

වතුර බෝතල්වලින්, ගෙදරට ගේන හාල් ගෝනිවලින් Strengthening Workouts කරන්න…

ගෙදර ඉදන්, ගෙදර තියන දේවල්ම යොදාගන Strengthening Workouts කරන්න පුළුවන් විදිය ගැන තමයි අද ගැස්ම workout challenge  එකෙන් කියලා දෙන්නේ.

 

ගිහින්, යහතින් එන්න පුළුවන් වෙයි කියලවත් විශ්වාස කරන්න බැරි ලෝකයේ භයානකම ස්ථාන…

පරණ බලකොටු, අතහැර දාලා තියෙන ගෙවල්, පරණ සුසාන භූමි සහ වනාන්තර – ලෝකයේ හොල්මන් තියෙනවා කියන ගොඩක් තැන් අතරට මේ වගේ තැන් එකතු වෙලා තියෙනවා. මේ වගේ අමුතු හැඟීමක් ඇති කරන ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්නවා කියලා ප්‍රසිද්ධ ඛේදජනක අනතුරු සහ අවතාර මිනිස්සු පියවි ඇසෙන් දැකලා තියෙන සිදුවීම් ගැනත් ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා.

 

 

ඉතින් අපි මේ ලෑස්තිවෙන්නේ අසල්වැසි ඉන්දියාවෙන් පටන්ගෙන යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාවේ හොල්මන් ඉන්නවා කියන ඒ වගේ භයානක තැන් සහ ඒවායේ බිහිසුණු කතා අහන්න ලෝකය පුරා සංචාරයක් යන්න.

 

1) පැරණි චැංගි රෝහල සහ සිංගප්පූරුවේ චැංගි බීච්

Haunted Changi - Infocomm Media Development Authority

1935 දී ඉදිකරලා තියෙන චැංගි වෙරළ සහ පරණ රෝහල හොල්මන් වලට ප්‍රසිද්ධ තැනක් විදිහට සලකනවා. ගොඩක් චීන සොල්දාදුවන් ජපන් ජාතිකයින් විසින් මේ චැංගි වෙරළේදී මරා දාලා තියෙනවා. ජපන් කෙම්පෙයිටායි (ජපන් අධිරාජ්‍ය රහස් පොලිසිය) මේ රෝහල අත්පත් කරගෙන දෙවන ලෝක යුද්ධ කාලයේදී ඒක වධ කඳවුරක් බවට පත් කරලා තියෙනවා. දැන් අතහැරලා දාලා තියෙන මේ රෝහලේ චීන සොල්දාදුවන්ගේ ආත්මයන් හොල්මන් කරනවා කියලා මිනිස්සු අතර ඉතාම ප්‍රසිද්ධ කාරණාවක්.

Changi Beach: Massacre, Executions and Haunting - Amy's Crypt

රෑට වෙරළ තීරයේ හිස් නැති සොල්දාදුවන් සැරිසරනවා කියලත් වාර්තා වෙනවා.

 

2) කාසල් ඔෆ් ගුඩ් හෝප්, දකුණු අප්‍රිකාව

Castle of Good Hope - Wikipedia

මෙහෙම ලස්සනට එළියෙන් පේන්න තිබුණට මෙතනත් හොල්මන් සැරිසරන තැනක් කියලා තමයි ප්‍රසිද්ධ. 16 වෙනි ශතවර්ෂයේ කේප් ටවුන් වල ලන්දේසි ඊස්ට් ඉන්දියා සමාගම විසින් 1666 ඉදන් 1679 වෙනකන් අවුරුදු 13 ක කාලයක් තිස්සේ මේ කාසල් ඔෆ් ගුඩ් හෝප් වල ඉදිකිරීම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඉතින් දකුණු අප්‍රිකාවේ දැනට තියෙන පැරණිතම යටත් විජිත ගොඩනැගිල්ල තමයි මේ. සොල්දාදුවන්, ස්වේච්ඡා සේවකයන්, වහලුන් සහ සිරකරුවන් විසින් ඉදිකරලා තියෙන මේ ගොඩනැගිල්ලේ පල්ලියක්, බේකරියක් සහ විසිත්ත කාමර, සාප්පු සහ බන්ධනාගාර පිහිටලා තිබුනා විතරක්ම නෙමෙයි අනෙකුත් පහසුකම් කිහිපයක්ම ලබාදෙන ගොඩනැගිල්ලක් වුණා. කොහොම වුණත් 1936 දී මේ ගුඩ් හෝප් මාලිගය ජාතික ස්මාරකයක් විදිහට ප්‍රකාශයට පත්කළා. ඉතින් දැන් අවුරුදු ගණනාවක තිස්සේ රාජකාරියේ නියුතු මුරකරුවන් ගේ අවතාර, කෑගසන කාන්තාවකගේ අවතාර , උස පිරිමි පුද්ගලයන්ගේ අවතාර වගේම කළු බල්ලෙකුගේ අවතාර මිනිස්සු විටින් විට දැකලා තියෙනවා. හැබැයි කෑගසන කාන්තාවගේ අවතාරය නම් මාලිගාව ළඟ කාන්තාවකගේ සිරුර කැණීමෙන් පස්සේ පේන එක නැවතිලා තියෙන බව වාර්ථා වෙනවා.

 

3) ටැට් තක් පාසල, හොංකොං

Hong Kong's abandoned villages to explore

පාසලක හොල්මන් ඉන්නවා කියලා අහන්න ලැබෙන එක ලංකාවේ අපිට නම් ඉතින් සාමාන්‍ය සිදුවීමක්නේ. මොකද අර ඉස්කෝලේ හොල්මන් ඉන්නවලු, හොස්ටල් එක වහලා තියෙන්නේ හොල්මන් නිසාලු, පරණ කැන්ටිම පැත්තේ එහෙමත් නැත්නම් පරණ පුස්තකාලේ හොල්මන් දැකලා තියෙනවලු වගේ කතා ගොඩක් ඉස්කෝලේ යන කාලේ අපේ පාසල ගැනම නොවුණත් අවට පාසලක් ගැන හරි අපි අනිවාර්යයෙන්ම අහලා තියෙනවා. ඉතින් ලංකාව,ඉන්දියාව හෝ වෙනත් රටක් වේවා මේ විදිහට හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධ පාසල් ගොඩක් ලෝකයේ තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඇත්තටම ටිකක් වෙනස් අතීතයක් තියෙන පාසලක් ගැන.

පාසල පිහිටා තියෙන ගමට තියෙන්නේ ඛේදවාචක ඉතිහාසයක්. ගම්වැසියන්ව එයාලගේ භූමියෙන් ඉවත් කරන්න බ්‍රිතාන්‍ය දරපු උත්සාහයට විරුද්ධ වුන නිසා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරල මේ ප්‍රදේශයේ වළලා තියෙනවා. 1941 දී ජපනුන් විසින් ගම්වාසීන් විශාල පිරිසක් සමූල ඝාතනය කරලා තියෙනවා වගේම එයාලගේ දේහයන් පාසල ළඟ කඳුකරයේ ඉදිකරලා තියෙන සොහොන් වල තැන්පත් කරලා තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම මේ පාසලේ රතු පාට ඇඳුමකින් සැරසී හිටපු ගුරුවරියක් ගැහැණු වැසිකිලියේදී ගෙල සිර කරගෙන දිවි නසා ගෙන තියෙනවා. ඉතින් රතු පාට ඇදුමකින් සැරසුණු කාන්තාවකගේ හොල්මනයක් මේ ගමේ ගොඩක් අයට ඇහැ ගැටිලා තියෙනවා. 2001 අවුරුද්දේදී ගැහැණු ළමයින් 8 දෙනෙක් සහ පිරිමි ළමයින් 4 දෙනෙක්ගේ කණ්ඩායමක් අතහැර දාලා තියෙන පාසල ගැන ගවේෂණයකට මේ පාසලට ගිහින් මුහුණ දුන්නේ හරිම භයානක සිද්ධියකට. කණ්ඩායමේ හිටපු එක ගැහැනු ළමයෙක් රතු ඇඳුමක් ඇඳගෙන හිටපු කාන්තාවක් පාසල අසල සොහොන් පිටියේ සොහොන් ගලක් ඉස්සරහ හිටගෙන ඉන්නවා දැකලා තියෙනවා. කණ්ඩායමට මේ ගැන කිවුවායින් පස්සේ හැමෝම එතැනින් ඈතට පැන ගිහින් තියෙනවා.ගැහැණු ළමයාගේ කෑගැසීම ඇහුණ නිසා ටිකක් දුරට ගිහින් නැවතුණු අනිත් පිරිසට ඇය තමන්ගේ අතින්ම බෙල්ල සිර කරගන්න උත්සහ කරගන්නවා දකින්න ලැබුණා.කණ්ඩායමේ හිටපු පිරිමි ළමයෙක් ඇයට හානි කරගන්න එක වළක්වන්න උත්සහ කරද්දී ඔහුව සපා කා තියෙනවා. ඉතින් සොහොන් වලින් වට වෙලා තියෙන හොල්මන් ඉන්නවා කියලා ප්‍රසිද්ධ මේ පාරේ යන්න සමහර කැබ් රියදුරන් පවා ප්‍රතික්ෂේප කරනවා.

 

4) අකිගහාරා වනාන්තරය, ජපානය

G.W. Mullins Paranormal Blog: Mystery Of The Suicide Forest in Japan (Documentary)

ජපානයේ ෆුජි කන්ද ළඟම පිහිටලා තියෙන මේ වනාන්තරය අපි අහලා තියෙන අනිත් වනාන්තර වලට වැඩිය ටිකක් වෙනස් තැනක්. මොකද මිනිස්සු මෙතනට යන්නේ පරිසර අසිරිය විඳගන්න නම් නෙමෙයි තමන්ගේ ජීවිතය අවසන් කරගන්න. ඒ නිසාම මෙතැන “Suicide Forest” කියලත් හඳුන්වනවා. මේ කැලේ ගොඩක් ඝනට ගස් පිරිලා තියෙනවා වගේම ආලෝකය පවා කැලේ ඇතුළට වැටෙන්නේ හරිම අඩුවෙන්. මේ කැලේ ඇතුලේ ඇවිදින එක ගොඩක් භයානක දෙයක් මොකද පොළොවේ සුදුපාට ලණු ගොඩක් අපිට දැකගන්න පුළුවන්. ඒකටත් හේතුව හරිම ඛේදනීයයි. මිනිස්සු තමන්ගේ ජීවිතය අවසන් කරගන්න කැලේ ඇතුලට යද්දී එයාලා ගහක මේ ලණුව ගැටගහලා ලණුවත් ඇදගෙනම කැලේ ඇතුළට ගමන් කරනවා. ඒ දිවිනසා ගන්න තමන් ගත්ත තීරණය වෙනස් වුණොත් ආපහු ආරක්ෂා සහිතව කැලෙන් එළියට එන්න පාර සොයා ගන්න. ඉතින් මේ තරම්ම සියදිවි නසා ගැනීම් ගොඩක් මෙතන සිද්ධ වෙන නිසා ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන මෙතැන කියලා සැලකෙනවා. මේ කැලේ අවුරුද්දකට සිද්ධ වෙන සියදිවි නසා ගැනීම් ගණන දෙවෙනි වෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල ගෝල්ඩන් ගේට් පාලමේ සිද්ධ වෙන සිය දිවි නසා ගැනීම වලට විතරයි.

 

 

5) ශාන්ත ඔගස්ටින් ප්‍රදීපාගාරය , ඇමරිකා එක්සත් ජනපදය

St. Augustine Lighthouse and Maritime Museum - YouTube

19 වන සියවසේ ඉදිකරලා තියෙන ෆ්ලොරිඩාවේ ප්‍රදීපාගාරය තවමත් ක්‍රියාත්මක මට්ටමේ තියෙනවා . කොහොම වුණත් මෙතන සැරින් සැරේ වාර්තා වුන අද්භූත දර්ශන නිසාම ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන් ගැන කරපු ශ්‍රේණිගත වලට මෙතැනත් එකතු වෙලා තියෙනවා. අවතාර කිහිපයක් ගැනම මෙතනට ආපු අමුත්තන් වාර්තා කරලා තියෙනවා. මේ ප්‍රදීපාගාරයේ හිටපු පාලකයා දුම් වැටියක් උරමින් හොල්මන් කරන බවත්, නිල් පාට වෙල්වට් ගවුමකින් සැරසුණු කාන්තාවක් උදවු ඉල්ලා අඬමින් කෑ ගසමින් අවතාර කරන බවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු ගේ අවතාර ප්‍රදීපාගාරය අවට සැරිසරන බවටත් වාර්තා වෙලා තියෙනවා.

 

6)එඩින්බරෝ කාසල්, ස්කොට්ලන්තය

Edinburgh Castle is a historic fortress which dominates the skyline of the city of Edinburgh, Scotland fr… | Edinburgh castle, Most haunted places, Scotland castles

දවසින් දවස සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න තැනක් විදිහට එඩින්බරෝ කාසල් සංචාරකයන් අතර ජනප්‍රිය තැනක්. හැබැයි ඒ විතරක්ම නම් නෙමෙයි කළු පාට අවතාර බල්ලෙක්ට, හිස නැති බෙර වාදකයෙක්ට වගේම හොල්මන් නළා වාදකයෙක්ට මෙතැන වාසස්ථානයක්. 2001 දී මේ මාලිගාවේදී සිද්ධ කරපු දින 10 ක විද්‍යාත්මක සමීක්ෂණයකදී ස්වේච්ඡා සේවකයන් හා විද්‍යාඥයින් කිහිපදෙනෙක්ම අවතාර දැකලා තියෙන බවට වාර්තා වුණා. එතැන් ඉදන් මිනිස්සු එඩින්බරෝ මාලිගාව ලෝකයේ හොල්මන් ඉන්න තැනක් විදිහට ගොඩක් තදබල ලෙස විශ්වාස කරන්න පටන් ගත්තා.

 

 

7) චැටෝ ඩි බ්‍රිසැක්, ප්‍රංශය

Château d'If - Wikipedia

11 වෙනි සියවසේ මේ මාලිගය මේන්-එට්-ලොයර් හි පිහිටලා තියෙනවා. පිටතින් හරිම රාජකීය පෙනුමක් තිබුනත් මෙතැන ලෝකයේ වඩාත්ම හොල්මන් ගැවසෙන ස්ථානයන් අතරට එකතු වුණ තැනක්. මේ සුන්දර මාලිගාවේ මිනී මැරුම් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. කටකතා වල විදිහට නම් කාන්තාවක් මේ මාලිගාව පුරාවට සැරිසරනවා. කොළ පැහැති ඇඳුමකින් සැරසුණු විකෘති මුහුණක් තියෙන මේ කාන්තාව දැක්ක බවට මිනිස්සු කිහිප සැරයක්ම වාර්තා කරලා තියෙනවා.

ඉතින් ඇත්ත හෝ හුදු කටකතා වේවා මේ කිසිම දෙයක් නිශ්චිතව නිශ්චය කරන්න නම් බැහැ. නමුත් ලෝකයේ ගොඩක්ම හොල්මන් ඉන්න තැන් කියලා මේ තැන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අද්භූත දේවල් මේ තැන් වල සිද්ධ වෙනවා මිනිස්සු දැකලා තියෙන නිසා මේ තැන් ගවේෂණය කරන්න හිතෙනවා නම් ටිකක් සෝදිසියෙන් ඉන්න වෙනවා. ඔයත් මේ වගේ තැනක් ගැන දන්නවනම් ඒ ගැන අපිට කියන්න අමතක කරන්න එපා.

-සචිනිකා තත්සරණි-

අනිවාර්යයෙන්ම ඔබ රස විදිය යුතුම යුරෝ‌පීය ආ‌හාර දැන් Olive වෙතින්…

Olive වෙතින් යුරෝපීය රසවත්  සරල හා සමබර ආහාර  Pick Me හා Uber හරහා දැන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ගුණවත් වගේම ඉතා රසවත් ආහාර නොමසුරුව ඔයාලට පිළියෙල කරලා දෙනවා .

දැන් තියෙන කාලගුණ වාතාවරණයත් එක්ක ඔයාට උයන්න කම්මැලි ගතියක් දැණුනු ගමන්ම තව කෙනෙක්ගේ කෑම වල රස බලන්න හිතුනො‌ත්, ඔයාගේ දො‌රකඩ ලගටම ගෙන්න ගන්න අවස්ථාව ඔයාට තියෙනවා.

Olive කෑම හරිම ඉක්මණින් ඔයාලට ලබා ගන්න පුලුවන් වගේම කෑම Open කරන්න ලේසි වෙන්න එයාලා සරලව හා පිළිවලකට ඇ‌සුරැම් කරලා දෙනවා.

කෑම Order කරන්න ලේසි වෙන්න Olive’s ලට call කරලා ඔයාලට Pick up order එකක් දා ගන්න පුළුවන්. ඔයාලගේ order එක තවත් ලේසි වෙන්න එයාලගේ Full menu එක @Olive_cmb වලින් ඔයාලට බලාගන්න පුලුවන්.

 

Appetizers

Sicilian Nourish Soup Meal (chicken breast) (LKR 700)


ලංකාවේ රැ.700 මිලකට මේ වගේ රසවත් සුප් එකක් රස විදින්න ලැබුණූ එක මට දැණුනේ මං හො‌රකමක් කලා වගේ. ඒ‌ තරමටම ඒ‌ සුප් එක ලාබයි. zucchini, කැරට්, බෙල් පෙපර්, සැල්දිරි, ඔලීව්, අර්තාපල් හා චිකන් breast වලින් මේ සුප් රස කර ගෙන තිබුණා. තක්කාලි හා Red wine mix එක සුප් එකේ රහ තවත් වැඩි කලා. එලවළු ලො‌කුවට කපලා තිබුණ නිසා එක හැන්දක රස මුළු කට පිරෙන්නම තිබුණා. කො‌හො‌ම වුනත් chicken breast එක ටිකක් dry විදියට එන්න හො‌දට cook කරලා තිබුණත් මුළු සුප් එකේ රහ එතනම රැදුනේ නෑ.

 

Starters

Chicken Souvlaki (LKR 760), Mini Greek Salad (LKR 270), Tzatziki (LKR 150), Pita (LKR 75)


Souvlaki කියන්නේ, යුරේපීය Street food අතර ජනප්‍රිය කෑමක්. Marinated කරපු මස් විවෘත උණූහුමක Cook කරලා පිටා පාන් හා සලාද එක්ක පිළියෙල කරලා තියෙනවා. Olive’s ලාගෙන් Souvlaki ඔයා කැමති විදියකට හරි මේ වගේ Plate එකක් විදියකට හරි පිළියෙල කර ගන්න පුළුවන්.චිකන් එක මෘදුයි.හො‌දට Seasoned වෙලා තියෙන නිසා grill එකේ තියෙන char එක්ක එකතු වුනාම හො‌ද උණුසුම් රසයක් දෙනවා. පිටා පාන් එක්ක souvlaki මෘදුයි වගේම හො‌දට හැපෙනවා.Tzatziki එක්ක පිපිඤ්ඤා හා olive oil වල mix එක නම් දිවට ගෙනෙන්නේ පුදුමාකාර රසයක්. ග්‍රීක් සැලඩ් එක නැවුම් රසයක් වගේම හො‌ද Colourfull එකක් dish එකටම ගෙනාවා. Salad එක ලො‌කුවට කපලා තිබුණ නිසා එකේ රසය හො‌දට දිවට දැණුනා.

 

St.Blue(Beef) LKR900, Spiced Seasoned Wedges (LKR 220)


ගොඩක් blue cheese වලට ආස කෙනෙක් විදිහට මට නම් මේ බර්ග එක මගහරින්න බැරුව ගියා. මම මේක කියන්නම ඕනි, මේ flavour එක නම් හැමෝටම නෙමේ හැබැයි තද රසයන් වලට කැමති අයටම විතරයි. මොකද, මේක නමේ අර්ථයටම Blue cheese වල රසය ගොඩක් දැනෙන බර්ග එකක්. Thick crust bread සහ Sweet onion jam බර්ග එකේ රසය තවත් වැඩි කරන්න සමත් වෙලා තියෙනවා. මේ සුසංයෝගත් එක්ක Blue cheese වල රසයට කිසිම හානියක් වෙලා නම් නෑ. හැබැයි මේ තද රසයන් සියල්ලත් එක්කම beef වල රසය මදක් සැඟවී තිබුණත් එහි රසය පිටතින් විඳිද්දී හොඳට Caramelized කරපු හොඳ meaty ගතියක් දැනුනා.

 

Mediterranean Kofta Lamb (LKR 1100)

Lamb kofta එක නිර්මාංශ වූ සැලඩ් වලින් වටකරලා අතුරලා තිබුණා. එයින් එහි රසය තවත් වැඩි කළා. Meat එකේ හොදට Seasoned වුනු Buttery ගතිය මෙයට අද්විතීය බවක් එක් කලා කිව්වොත් මං හරි. මේ Kofta patties එක කැරට් සහ ළූණු, යුරෝපීය කුළුබඩු සාරයෙන් Mix වෙලා එයින් සුපුරුදු යුරෝපීය Savoury එකක් ලබාදෙන්නවා. ඔයත් බැටළු මස් කන්න ගොඩක් ආසයිනම් මේ Dish එක අනිවාර්යයෙන්ම ඔයාටයි. කාල නැති කෙනෙක්ට වුණත් Try කරන්න කියාපු Dish එක.

 

Pesto Cheese Vegetarian (LKR 680)


මේ Wrap එක මගේ favorite ම එකක්. හරිම නැවුම් සහ සැහැල්ලු බවක් ඇති මේ wrap එක අද්විතීය සහ තද රසයන්ගෙන් fill වෙලා තිබුණා. Menu එකට vegetarian options ගොඩක් තිබ්බෙ නැති උනත් චීස් paste සහ එළවළු වලින් පිරිච්ච basil එක් වුනු මේ vegetarian dish එක නම් menu එකටම ඇති. නැවුම් එලවලු වලට herbs රසය එක් වෙලා චීස් වලින් එන තියුණු රසය මේ Dish එකේ රහසයි.

 

Dessert

Cream Brulee (LKR 275)


මෙය පිළිගන්වන්නේ foil එකකින් කවර් කරලා. LKR 275 වැනි පුංචි මුදලකට ඇත්තටම මෙය වටිනවා. Cream Brulee එකේ top එකේ හොඳ පෙනුමක්, එළියක් තියෙනවා. Plastic Cutlery වලින් ඒක කඩද්දී පෙන්නේ හරියට glass එකක් වගෙයි. පහලින් තියෙන කස්ටඩ් එක හරිම මෘදුයි, caramel වල තියෙන පුංචි තිත්ත ගතිය මගහරින්න කස්ටඩ් වල තියෙන creamy ගතියට තියෙන්නේ පුදුම හැකියාවක්.

 

Lemon Meringue Tart (LKR 400)

 

ලස්සන හැඩෙකින් යුත් බටර් රස පේස්ට්‍රියක් Lemon curd වලින් topped කරලා හරිම රසවත් විදියට පිළියෙල කරලා තියෙනවා. Dessert එකේ තියෙන ලස්සන වගේම Flavors වල එකතුව දිවට මිහිරි රසයක් ගෙනවා කිව්වො‌ත් මං හරි.

 

Tips- ඔයාත් Pesto cheese vegetarian wrap එක Try කරලා බලන්න.

කඩෙන් කුකීස් ගන්නේ නැතුව ගෙදරදීම Coconut Milk Cookies හදාගමු…

හැමදාම කඩෙන්ම අරගෙන බිස්කට් කන එක බෝරිං නේද .. ඔන්න අද අපි කියලා දෙනවා ගෙදරදීම රසම රස බිස්කට් එකක් හදාගන්නේ කොහොමද කියලා

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 1/2

බේකිං පවුඩර් මේස හැඳි 1

ලුණු මේස හැඳි 1/4

දුඹුරු සීනි කෝප්ප 3/4

ලුණු අඩංගු නැති බටර් කෝප්ප 1/2

බිත්තර කහ මද 2

පොල් කිරි කෝප්ප 1/2

ගාගත් වියළි පොල් 1/4 කෝප්පයක්

චොකලට් චිප්ස් කෝප්ප 3/4

වැනිලා මේස හැඳි 1

 

සාදාගන්නා ආකාරය:

භාජනයකට පිටි, බේකිං පවුඩර්, ලුණු, දුඔුරු සීනී, බටර්, බිත්තර සහ පොල් කිරි එකතු කරගෙන හොඳින් මිශ්‍රකරගන්න. ඒකට ගාගත් පොල්, චොකලට් චිප්ස් සහ වැනිලා ටිකත් එකතු කරගෙන නැවත හොඳින් මිශ්‍රකරගන්න. අයිස්ක්‍රීම් හැන්දක් භාවිතා කරමින් සාදාගත් බැටර් එක කොටස් වශයෙන් තබන්න. ඒ මතට ගාගත් වියලි පොල් ටිකක් ඉසගන්න . අවසානයට මිනිත්තු 12 සිට 15 දක්කවා බේක් කරගන්න.

Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?

ටික් ටෝක් කියන්නේ තාරුණ්‍යයේ උන්මාදය. ඔයා මොකද හිතන්නේ ඒ ගැන ? තාරුණ්‍යය අතර විතමක් ම නෙමෙයි ඉතින්. ටික් ටෝක් ගොඩක් අයගේ ජිවිත අලුත් පෑනකින් ලියෙව්වා. සමහරු පාට පාට පෑන්වලින් ජිවිතේ Design කර ගනිද්දී සමහරු කළු පෑනෙන් ම ජිවිත කතා Design කර ගත්තා. ඔයාට තේරුණේ නැද්ද ඒක ?

අහන්නකො …

ටික් ටොක් එක්ක ගොඩක් අය එයාලගෙ ජීවිත වෙනස් කර ගත්තා.අලුත් ම විදිහකට. හැබැයි ටික් ටොක් නිසා සමහරු කළු පැල්ලම්, නැත්තම් අදුරු පැල්ලම් ජීවිතේට ලං කර ගත්තා. මොනවා වුනත් ගැස්ම කියවන ඔයාට මං කියන්නෙ ටික් ටොක් එක්ක ජිවිතේ වෙනස් ම විදිහකට , අලුත් ම විදිහකට ලියන්න කියලා.

 

ඔයා කැමති නටන්න ද ? සින්දු කියන්න ද ? රඟපාන්න ද ?

Some Professional Dancers Let It Go on TikTok: 'Is This the Future?' - The New York Times

ටික් ටෝක් එක්ක ඔයා කැමති මේ වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් . ඔයාගේ කැමැත්ත එක්ක .
දැනටමත් ඔයා ටික් ටොක් කරනවත් ඇති ඉතින් ….. ඉස්සර ටක් ටික් ටුක් කියලා අල්ලන සෙල්ලම්, හැන්ගිමුත්තන් කරපු අතීතයක් සුළුතරයකට තිබ්බට අද කාලේ ඉන්න බහුතරයකට ඒවා ආගන්තුක දේවල්. ඒත් ටික් ටෝක් එක්ක නම් අද බහුතරය මාරම ලෙන්ගතුකමක් ඇති කරන් ඉන්නවා. ඒ ගැන ආයෙ වචන දෙකක් නෑ ඉතින්. මොන දේ වුනත් ඔයා ඔයාගේ ප්‍රතිරූපයට හානියක් නොකර ගන්න තැනට වගබලා ගන්න ඕනමයි.

ඔයා හදා ගත්ත ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්න, ප්‍රතිරූපය වෙනස් විදිහකට ගොඩ නගා ගන්න, ප්‍රතිරූපය නැති කර ගන්න එකත් ඔයාගේ අතේ ම තියන වැඩක් . අන්න ඒ දේ නම් හොදට මතක තියාගන්න. ගොඩක් අයට අමතක වෙන දෙයත් , මතක තියා ගත යුතුම දෙයත් , වැදගත් ම දෙයත් අන්න ඒක තමයි. ටික් ටෝක් කරනවා නම් හොද සිහි බුද්ධියෙන් කරන්න ඕන. තමන් කවුද ? කරන්නේ මොනව ද ? කියන දේ ඔයාට අමතක වෙනවා නම් ඔයා කාන්තාරයක අතරමන් වුනාටත් වඩා අසරණ වෙනවා. කවුරුත් කරන නිසා ඔයා ටික් ටොක් කරන්න ඕනේ නෑ . ඔයාගේ කැමැත්ත, ආසාව ටික් ටෝක් එක්ක නම් කවුරුත් නිසා ඔයා ඒකට තිත තියන්නත් එපා. ඔයාගේ ජිවිතේ අයිති ඔයාට නම් සමාජයට ඕන විදිහට ඔයාගේ ජිවිතේ තීරණ ගන්න එපා. සමාජේ තීරණ ගන්න පළවෙනි නිර්ණායකය කර ගන්න එපා. ලෝකේ පුරාම හැම අස්සක් මුල්ලක් නෑරම ටික් ටෝක් බද්ධ උනා කියන දේ හොදට ම පේනන තියන දෙයක්. ඉතින් අපේ ලංකාවේ තත්ත්වෙත් ඊට දෙවැනි නම් නෑ .එහෙම නේද ? මෙහෙම තත්ත්වෙක ඔයා ඔයාගේ ගැන පමණ ඉක්මවා හිතන්න අමතක කරන්න නම් එපා . ටික් ටොක් කියන අයිස් කුට්ටියේ උඩ තියෙන කොටස ගැන හැමෝම වද උනාට …ඊට යට නොපෙනෙන කොටසකුත් තියෙනවා. අන්න ඒ කොටස ගැනත් ඔයා හැම මොහොතේම හිතන්න.එහෙම නේද ?
ඔයාගේ හිත ඉල්ලන විදිහට ඕන ඕන සින්දු හොයං තාලෙට බැරි නම් ආතල් එකට හරි එහෙට මෙහෙට වැනෙන්න ඔයාට පුළුවන් . ඔයා කැමති නටන්න නම් නටන්න , සින්දු කියන්න කැමති නම් සින්දු කියන්න , රඟපාන්න කැමති නම් රඟපාන්න ……….. මෙන්න මේක තමා ඉතින් ටික් ටොක්වල එකම කෙරුවාව ………..

 

ඔයාට ජනප්‍රිය වෙන්න ඕනෙද ?

Top 10 TikTok stars in India in 2020 - DigiHunt

ටික් ටෝක් කරපු , කරන ගොඩක් අය ජනප්‍රිය උනේ අමුතු විදිහකට …. අලුත් ම , වෙනස් ම විදිහකට. සමාජේ ඉන්න අය හරිම වචනෙන් කියනව නම් ලෝකයා ඔයා ගැන නරක කියා කියා කතා කරනවා නම් , අන්න එතැනදී ඔයාට හිතන්න දෙයක් තියෙනවා . ඔයා ගිය පාර හරිද නැද්ද කියන එක. ඔයා තෝර ගත්ත පාර හරි නම් කවුරුත් ඔයාට දොසක් නම් කියන්නෙ ම නෑ .අන්න ඒක නම් ඉර හද වගේ ෂුවර්. ඔයාට වගේම සමාජෙට ම යහපතක් වෙන විදිහට තමයි ඔයා ජනප්‍රිය වෙන්න ඕන . ටික් ටෝක් කරලා ඔයා බලාපොරොත්තු වෙන්නේ හැමෝම අතර ජනප්‍රිය වෙන්න විතරම ද ? ඔයා නටපු නැටුම දැකලා තව කෙනෙක්ගේ ඇස්වලට සතුටක් ගේන්න පුළුවන් නම් අන්න ඔයා දිනුම්. මං මෙහෙම කියන්නම්කො ….අපේ අනන්‍යතාව කියා පාන උඩරට , පහතරට, සබරගමු නැටුමක් කරා නම් .. කී දෙනෙක් ඔයාගේ නැටුම නිසා සතුටු වෙනවාද ?

එක අතකින් ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් විතරක් ටික් ටොක් කරනවා වෙන්න පුළුවන්. ඒත් නොදෙනුවත්ව ම මෙහෙම දෙයක් වෙනවා කියන්නේ ඔයා මාරම පොරක් තමයි ඉතින් .ඔයා සමහරවිට දන්නෙත් නෑ ඔයා හැමෝම අතර කතාබහට ලක්වෙනවා කියන දේවත්. ‘තාක්ෂණයත් එක්ක ගහට පොත්ත වගේ බද්ධ වෙලා ඉන්න අපි , අපේ කම ආගන්තුකයන්ගේ ගොඩට දානකොට . අපිට පුළුවන් ටික් ටොක් එක්ක ඒවා රැකගන්න. ප්‍රශ්න කියන නූල් පන්දුවල පැටලිලා ඉන්න අපිට ටික වෙලාවකට හරි ඒ හැමදේම අමතක කරන්න ටික් ටෝක්වලින් පුළුවන්. මොනවා උනත් ඔයා කැමති ටික් ටොක්වලින් ජනප්‍රිය වෙන්න නම් හොදම විදිහ ඔයා ම තීරණය කරන්න ඕන . ලෝකයේ ගොඩක් රටවල නළු නිළියෝ ටික් ටෝක් කරනවා උනාට ලංකාවේ ටික් ටෝක් කරලා ගොඩක් අය නළු නිළියෝ වෙනවා .
ඔයාගේ ආසාවත් අන්න එකට try නම් කරලා බලන්න .

 

අපේ දේ රැකගන්න පුළුවන් අය හොයා ගමු

Getting to know Sri Lankans in the UAE | Asia – Gulf News

අපේ නැටුම් නටන්න හැමෝටම බෑ . ඒත් ඉතින් ඒකෙ රස ලබන්න අපි කවුරුත් කැමති. ටික් ටොක් එක්ක ඔයාට පුළුවන් ඒ වගේ නැටුම් කරන්න . ඒ රසය විදින්න කැමති අයට ආසාවෙන් ඒ රසය දෙන්න . වෙහෙසකර ජිවිත ගෙවන අයගේ හිතට මෙහෙම දෙයක් කරලා හරි ඔයාට පුළුවන් පුංචි ම පුංචි සතුටක් ගෙනත් දෙන්න.ටික් ටොක් කරන අයට අනිත් අයගේ ආදරේ ආදරෙන් ලබා ගන්න පුළුවන් හොදම විදිහ තමා මේ. මේ එක මිස් නොකර ටික් ටොක් කරන කෙනා මාරයි ඉතින් . අපේ දේ රැක ගන්න පුළුවන් අය කියල මං කිව්වේ අපි වගේ එවයින් ඇත් නොඋන ඒවා එක්කම ජිවත් වෙන අය . අනිත් අය අපේ දේ නැති කරනවා නෙමෙයි. දුරස් වෙනවා . ගෙවන තප්පරයක් ගානෙ වෙන්නේ අන්න ඒ දේ තමයි. ඉතින් ඒ වගේ විශේෂ අය ටික් ටොක්වලින් හොයා ගත්ත්ම අපිට පුළුවන් අලුත්ම ලෝකයක් හදන්න … වෙනස්ම විදිහකට …. නේද ?

 

 

ඔයාට ගැළපෙන යාළුවො හොයාගමු

👬 Best friends 👭 forever// Bff💞💞//Tik tok videos on friendship... - YouTube

ටික් ටොක් නිසා අලුත්ම යාලුවෝ Set එකක් Set කර ගන්න පුළුවන් . ඕනම රටක , ඕනෑම යාලුවෙක් එක්ක ඔයාට වෙන්නත් පුළුවන්
.මෙතැනදී ඔයා සැලකිලිමත් වෙන්නම ඕන .ඔයාට හම්බුවෙන කෙනාගේ බාහිර ස්වරුපය දැකල එයාව යාලු කර ගන්න ඔයා හිතනවා නම් ..
ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න මුදුන් මුල වෙන්න පුළුවන් . බාහිර ස්වරුපය අතරින් එයාගේ අභ්‍යන්තරය දකින්න ඔයා අමතක කරන්න නම් එපා .
ඔයා ඒ දේට දක්ෂ නොවෙන්න පුළුවන් . ඒත් ඒ දේට ඉවක් ඔයා ඇති කර ගන්න ම ඕන . අලුත් යාලුවෝ හොයන් , අලුතෙන් ජිවිතේ පටන් ගන්න හිතන ඔයා මෙතැනදී කල්පනාවෙන් …

tik tok එක්ක අලුත් විදිහට හිතන්න ගැස්ම කියවන ඔයාත් අමතක කරන්න එපා . tik tok account එකක් හදන් අනිත් අයගේ අඩුපාඩු හොය හොය කාලේ ගත කරන්න නම් එපා …  tik tok එක්ක ඔයා කැමති විදිහට , අලුත්ම විදිහට ජිවිතේ වෙනස් කර ගන්න…. tik tok ගැන සමාජේ මොන වගේ කතා තිබ්බත් එක තේරුම් අරන් ඒකෙ රස ඔයා විදින්න …. tik tok දිහා වෙනස්ම පැත්තකින් බලන්න .Tik tok රැල්ලේ උන්මාදයට අහු වුන කෙනෙක් නොවී ජිවිතේ අලුතින් design කරන්න…ගැස්ම කියවන ඔයාට මම මේ කිව්වේ පොඩි tips ටිකත්  try කරලා බලන්න …

සඳුනි අරවින්දිනී

කටට රසට බටු මෝජුවක් හදාගමු..

බටු මෝජුව කියන්නේ අපි අනිවාර්යෙන් විශේෂ කෑම වේලකදී සාදාගන්න විශේෂ කෑමක්.. ඉතිං අද අපි බලමු කොහොමද හරියටම බටු මෝජුව හදාගන්නේ කියලා..

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:

වම්බටු බැදීමට තෙල්

වම්බටු ග්‍රෑම් 500

අමු මිරිස් කරල් 4 ක්

හාල්මැස්සො ග්‍රෑම් 100

කෑලි මිරිස් මේසහැඳි 2

ලුණු මේසහැඳි 1

ඉඟුරු + සුදුළූණු මේස හැඳි 1

විනාකිරි මේස හැඳි 1

වතුර තේ හැදි 3

අඹ චට්නි තේ හැඳි 1 1/2

සීනි මේසහැඳි 1/2

බැදපු වම්බටු

බැදපු අමු මිරිස්

රතු ළූණු ග්‍රෑම් 100

 

සාදාගන්නා ආකාරය:

තෙල් ටික රත්කරගෙන ඒකට බටුටික එකතු කරලා රන්වන් පාට වෙනකම් බැඳගන්න. ඊට පස්සේ කපා ගත්ත අමු මිරිස් ටිකයි, සෝදාගත්ත හාල් මැස්සො ටිකයි වෙන වෙනම බැද ගන්න.
භාජනයකට කෑලි මිරිස්, ලුණු, ඉඟුරු, සුදුළුණු, විනාකිරි, වතුර, අඹ චට්නි සහ සීනි ටික එකතු කරගෙන මදගින්නේ පිසගන්න .
දැන් ඒකට බැදගත්ත බටු ටිකයි, අමු මිරිස් ටිකයි, රතු ළුණු සහ හාල් මැස්සො ටික එකතු කරගෙන හොඳින් මිශ්‍රකරගන්න. අවසානෙට ටික වෙලාවක් මද ගින්නේ පිසගන්න.

අමුත්තන්ට අලුත්ම විදිහට සංග්‍රහ කරන්න Coconut Eggnog…

ගෙදරට එන අමුත්තන්ට හැමදාම තේ දෙන එකේ වෙනසකටත් එක්ක අලුත්ම drink එකකින් සංග්‍රහ කරන්න තියෙනවනම් ගොඩක් හොඳයි. ඉතිං අපි හිතුවා වෙනස්ම විදියේ ඒ වගේම ලේසියෙන්ම හදාගන්න පුළුවන් Coconut Eggnog එක හදාගන්න හැටි කියලා දෙන්න.

 




කොකනට් එග්නොග්

අවශ්‍ය ද්‍රව්‍ය:

හෙවි ක්‍රීම් කෝප්ප 1/2
බීට් කරගත්ත බිත්තර 2
පොල් කිරි කෝප්ප 1
ටින්කිරි කෝප්ප 1
කුරුඳු කුඩු මේස හැඳි 1
කරුබු නැටි කුඩු මේස හැඳි 1/2
රම් කෝප්ප 1


සාදාගන්නා ආකාරය:

හෙවි ක්‍රීම් සහ බීට් කරගත්ත බිත්තර විනාඩි 4ක් ඩබල් බොයිල් කරගන්න. 
ඊට පස්සේ ඒකට පොල්කිරි, උකු ටින්කිරි සහ කුරුඳු කුඩු එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් ඒකට කුඩු කරගත් කරාබු නැටි සහ රම් ටික එකතු කරගෙන  පිළිගන්වන්න.

ඔයා කන්න කැමතිම චොකලට් මූස් එකක් ගෙදරදීම ලෙහෙසියෙන් හදාගන්නේ මෙහෙමයි

පොල් කිරි

හේසල් නට් ග්‍රෑම් 25

කොකෝ පවුඩර් තේ හැඳි 2

රටඉදි කෝප්ප 1/2

වැනිලා මේස හැඳි 1

මූස් එක සරසා ගන්න ගාගත්ත චොකලට් සහ හේසල් නට් හේසල්නට්

පොල්කිරි, කොකෝ පවුඩර්, රටඉදි, වැනිලා, එකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. සාදාගත් මූස් එක භාජනයකට එකතු කරලා ශීතකරගන්න . ඊට පස්සේ කෝප්පයකට මූස් වත්කරගෙන හේසල් නට් සහ ගාගත්ත චොකලට් වලින් සරසා ගන්න.

 

නිදහසේ Ice Cream එකක් කන්න යමුද Yasmin’s Cafe…

Yasmin කියන්නේ අයිස්ක්‍රීම්, sorbets, gelato, frozen yoghurt හා කේක් වල නිවහනයි. ආගන්තුක සත්කාරක කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන යස්මින් කාඩර්ගේ අතුරුපස වලින් ඔයාට රසවත් dessertery අත්දැකීමක් ලබා දෙන බව නම් නොවනුමානයි. ක්‍රීමී හා අලුත් විදියේ අයිස්ක්‍රීම් flavors 16ක්ම Yasmin සතුයි.ඔවුන්ගේ ice cream වල තියෙන හැපෙන සුළු ස්වභාවික බව අපේ රටේ වැවිලි කර්මාන්තයටත් උදව් කරනවා.

 

Carino ice cream හදන්න ජෙලටින්, වර්ණක හා රසකාරක වගේ දේවල් භාවිතයට ගන්නේ නෑ. ඒ වෙනුවට එයාලා අයිස්ක්‍රීම් එක රස ගන්වන්න මී පැණි, කිතුල් හකුරු, පොල් කිරි, ආමන්ඩ් කිරි හා කජු කිරි මිශ්‍ර කරනවා.එයාලා භාවිතයට ගන්න ස්වභාවික අමුද්‍රව්‍ය නිසාම ඒ අතුරුපස වල රස බලන්න අපි කාගෙත් හිත් ඇදී ගියා. ඒ නිසා carino scoop එකක අපි ලබපු අත්දැකීම ඔයාලත් එක්කත් බෙදාගන්න අපි හිතුවා.

 

Drinks

Cafe Mocha (LKR 350)

මේ බීම එක හරි ලස්සනට අපිට serve කරා. caffeine ගතිය වැඩිපුර දැනුන නිසා ඒ ඩ්‍රින්ක් එකේ සැහැල්ලු හෝ බර ගතියක් අපට දැනුනේ නෑ.

 

Cafe Latte (LKR 320)

Caffeine ගතිය වැඩිපුර දැනේනවාට කැමති නැද්ද ? එහෙනම් worry වෙන්න එපා. මේ බිම එකේ කෝපි රසයක් තියෙන නිසා කිරි හා espresso එකට එකතු උනාම දිවට දැනෙන්නේ පුදුමාකර රසයක් .

 

Ice Cream

Fig and Honey (LKR 400)

ice cream හැන්දක් කටට ගත්තාම එන මී පැණි හා අත්තික්කා වල රස අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා. මට මගේ පොඩි කාලේ මතක් වූණා . A.A.මිල්න් ගේ කාලේ yasmin ලග මේ flavor එක තිබුණා නම් විනි ද පූ එයගේ ටියුබ් එකෙන් අයිස්ක්‍රීම් වල රස විඳලා …එයා නිතරම කියන මේ වචන ටික කියාවි ..” මේ රස අකුරු කරන්න බැහැ එකේ රස විඳින්නම ඕන” කියලා.

 

Pistachio – Almond (LKR 400)

මේ අයිස්ක්‍රීම් එකේ රසය ගැන කිව්වොත් ඒකෙ තියෙන නැවුම් crunch ගතිය නිසාම අපේ දිවේ අමුතු රසවත් අත්දැකීමක් මවනවා.ආමන්ඩ් ඇට වල තියෙන ගුණය ආරක්ෂා කරමින්,එහි තියෙන බටර් රසය අයිස්ක්‍රීම් වලට එකතු වෙලා අද්වීතිය රසයක් ලබා දෙනවා.

 

 

Chocolate and Almond (LKR 400)

අයිස් ක්‍රීම් එක එක්ක චොක්ලට් වල එකතුව අපිට දැනුනේ හරියට කේක් එකක් රහ බලනවා වගේ .ආමන්ඩ් ඇටවල තියෙන පහසු හැපෙන සුළු crunch ගතිය නිසාම අයිස්ක්‍රීම් එකේ රස තවත් වැඩි වුණා.

 

Coffee Almond Fudge (LKR 400)

Yasmin ice cream වල තිබුණු අපේ favorite flavour ඒක තමයි coffe almond fudge කියන්නේ.මිහිරි කෝපි සුවඳ හා රසය නිසාම අපි හිතේ තැන නතර වුණා කිව්වොත් හරි.ආමන්ඩ් වල තියෙන හැපෙන සුළු ගතිය අයිස්ක්‍රීම් එකේ රසය තවත් වැඩි කළා.

 

Salted Caramel (LKR 300)

මේ අයිස් ක්‍රීම් එකේ තියන කැරමල් රසය ඔයාව කුණාටුවක් මැදින් වුණත් ගෙනියනවා නිසැකයි.අයිස්ක්‍රීම් එකේ මෘදු ගතිය හා කැරමල් රසය එකට එකතු උනාම දිවට අමුතුම රසයක් එක් කරනවා.

 

Vegan Vanilla Fudge Brownies (LKR 300)

Vegan ice cream flavours හරි කම්මැලියි කියලා හිතන අයට මේක try කරන්න පුලුවන්.මෙහි රසය අද්විතීයයි. ඇළෙන සුළු සහ හැපෙන සුළු ගතියත්, වැනිලා සහ චොකලට් flavours වල තියෙන balance එකත් මෙහි ඇති මිහිරි රසයට හේතූන් ලෙස පෙන්වන්න පුළුවන්.

 

Chocolate Fudge Brownies (LKR 300)

මෙහි scoop එකකින් rich chocolate flavour එකක රසය ඒ ආකරයෙන්ම විදගන්න ඔයාට පුලුවන්. බ්‍රොව්නිස් වලට කැමති අයව පුදුම දනවන ලෙස මේ අතුරුපස සාදා තිබෙනවා.මේක ඔයා රසවිඳලා තියෙන හොඳම chocolate fudge ice cream එක වේවි. අයිස් ක්‍රීම් වලට වඩා බ්‍රොවුනීස් වැඩිය තිබ්බත්, එයින් එහි රසය තවත් වැඩි කරන්න සමත් වෙලා තිබෙනවා.

 

ටින් කිරි (LKR 300)

දේශීය වගේම හරි intresting flavour එකක් තියෙන අයිස් ක්‍රීම් එකක් මං කැමතිම විදියේ flavour එකක් නොවුණත්, මේ අයිස් ක්‍රීම් එක රසවිඳලා අමුතුම අත්දැකීමක් ලබා ගන්න මට හැකි වුණා.මෙය සියුම් සහ මෘදු කෙඳි රැසකින් සමන්විතයි.

 

Rose Kulfi (LKR 300)

ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි හැබැයි මේ Rose Kulfi අයිස් ක්‍රීම් එක ගැන නම් එහෙම කියන්න බෑ .රෝස වතුර ,රෝස තෙල් ,රෝස ඉටිපන්දම් වලින් සරසලා තියෙනවා ඔයාලා මෙහෙට ආවොත් දකින්න ලැබෙයි. වෙනස්ම ආකාරයේ රසයක් මවන රෝස වතුර, nuts සහ ක්‍රීම් වල තියෙන සුවඳ කවදාවත් අපි නොවිඳපු රසවත් අත්දැකීමක් මවනවා.මේ අයිස් ක්‍රීම් එක ඇත්තටම මාව නින්දට පත් කළා.

 

French Vanilla (LKR 300)

මෙය ලෝකයේ තියෙන හොඳම region එකකින් ලැබෙන වැනිලා එකක්, සියුම් සහ මෘදු textured තියෙන අයිස් ක්‍රීම් එකක්,Yasmin’s ළඟ වැනිලා රසැති අතුරුපස බොහෝ තිබුනත්, මේක තමයි වැනිලා ලෝලීන්ට කියාපු අතුරුපස.

 

මයිලෝ (LKR 300)

මං දැක්ක ගමන් මොකක්ද flavor එක කියලා අඳුනගත්තා. මේක නම් නියම මයිලෝ treat එකක්.ශ්‍රී ලාංකික මවුවරුන්ට නම් උදෑසන මයිලෝ පානයට කිසිම ආදේශකයක් නැහැ.නමුත් මෙය ඊට හොඳම තෝරාගැනීමක්. හොදට උඩින් ඉහළා තියෙන මේ චොක්ලට් හා මෝල්ට් මිශ්‍ර වූ ක්‍රීමි අතුරුපසේ රස නම් කියා නිම කළ නොහැකියි. තවත් රසවිඳින්න හිතෙන තරම් රසයක් මේ තුළ තියෙනවා.

 

Decadent Chocolate (LKR 300)

අපි රසවිඳපු අතුරුපස අතරින් මෙය අධික ලෙස චොක්ලට් රසයක් දැනෙන අතුරුපසක් කිව්වොත් මං හරි. අයිස්ක්‍රීම් එකේ පාට සහ ස්භාවය නම් හරිම සුවිශේෂියි. මෙය නම් ඇත්තටම හොඳ චොකලට් සම්බධතාවක් ඇති අතුරුපසක්.

 

 

Praline and Cream (LKR 300)

හොඳයි, මේක නම් සම්පූර්ණයෙන්ම nuts වලින් හදලා තියෙන්නේ. ඔයාට crunchy සහ creamy රසයක් ලබා දෙන්න මේ වැනිලා, කජු සහ ආමන්ඩ් ඇට වලින් හදලා තියෙන අතුරුපස නම් කදිමයි. එකම එක හැන්දක රසකින් මං කියන දේ වටහා ගන්න ඔයාට පුළුවන් වේවි.

 

Coconut Cream (LKR 300)

මේ desert එක නම් “Yasmin’s stop” එකක් කිව්වොත් නිවැරදියි. රසවිදපු අතුරුපස අතරින් මේ coconut cream අතුරුපසෙත් අද්විතීය රසයක් තියෙනවා. පොල් කෑලි වල එකතුව නිසාම මෘදු හැපෙන සුළු රසයක් මෙමගින් ලබා දෙනවා. ඒ වගේම මේ අතුරුපස ගොඩක් creamy!!..මේ අයිස් ක්‍රීම් එකෙන් Tub එකක් ඔයාලගේ ගෙදර ගෙනිහින් බලන්න. ගෙදර කට්ටිය මේකට කොච්චර ආස කරයිද කියලා ඔයාටම දැකගන්න පුළුවන්.

 

Strawberry Sorbet (LKR 300)

දිනපතාම mouthwatering sorbet එකක රස බලන්න ඔයාටත් ඕනිද? එහෙනම් මෙන්න!. ඊට සුදුසුම අතුරුපස. Jagro එකෙන් ලබාගත්ත ස්ට්‍රොබෙරි එක්ක sorbet කොළ mix වෙලා එන smoky සුවදත් එහි රසයත් හරිම අපූරුයි.

 

Lemon Sorbet (LKR 300)

ටැංජි හිම බෝලයක්!.. මේ sorbet එක හරිම රසවත්. ඔයා ආසම lemon mojito එකක් රසවිඳිනවා වගේ ඔයාට දැනෙයි. රස්නේ නසන්න කියාපු අතුරුපස.

 

 

Ice Cream Trifle (LKR 650)

එක ලේයර් එකක් උඩ තව dreamy flavour layer එකක්..ස්වර්ගීය හැගීමක් මවනවා!..මිදි, වැනිලා අයිස්ක්‍රීම්, චෙරි සහ crumble වල ගැලපීම අතුරුපසේ දැකුම්කළු දසුනක් එක් කරනවා. පලතුරු සංයෝගයේ රසයත්, richly flavoured trifle එකක අත්දැකීමක් ලබාගන්න පුළුවන් නිසාම මෙම මිළට එයට ඉතා සාධාරණයි.

 

 

Chocolate Eton Mess (LKR 650)

පලතුර චුට්ටයි, චොක්ලට් ගොඩක්!!.. අපි ඇත්තටම එහෙම කැමතිද? ඇත්තවශයෙන්ම.. මෙය හරියට මෘදු රසැති මිහිරි සංගීතයකට එකතුවෙලා අපේ කට ඇතුළේ ගායනය කරනවා වගේ හැගීමක් ලබා දුන්නා. ඔන්න අපි ඔයාටම මේ රසය විද එය දැනෙන විදිහ පහළින් comment කරන ලෙස ඇරයුම් කරනවා.

 

Cakes

Ribbon Cake (LKR 400)

සාමාන්‍ය රිබන් කේක් එකක තියෙන විවිධ රසයන් අඩංගු layers වලින් වෙනස් වී moist එකත් එක්ක පැණි රසයක් තියෙන හොඳම රිබන් කේක් එක කිව්වොත් මම නිවැරදියි. මෙය සරල අලංකරණයකින් යුත් අද්විතීය කේක් එකකි.

 

 

Perfect Chocolate Cake (LKR 450)

හරි.. නමින්ම එය තේරුම් කරනවා.මේක තමයි නියමම චොක්ලට් කේක් එක.මේ moist චොක්ලට් කේක් එක rich chocolate flavour අත්දැකීමක් ඔයාට ලබා දෙනවා.එක පාරක් ඉඳගත්තාම කෑලි දෙකකට වඩා නම් ඔයාට කන්න බැරි වේවි…

 

Coffee Cake (LKR 480)

ඔයා මීට කලින් නම් කෝෆි කේක් කාල ඇති හැබැයි මේ වගේ කේක් එකක් නම් රසවිඳලා නැතුව ඇති, මෙය සරල සහ අලංකාර සැරසිල්ලකින් යුත් creamy smooth කේක් එකක්.

 

Ambiance

මේ shop එකේ interior එක නම් නියමයි.අපි හිතුවට වැඩිය වෙනස්ම ලස්සනක් තිබුණා.නව්‍යකරණ දේවල් සහ සංස්කෘතික දේවල් මනාව ගලපමින් එම ලස්සන ගන්න ඔවුන් සමත් වෙලා තිබුණා. දහවල් කාලයට ගැළපෙන ලෙස ස්වභාවික ආලෝකකරණයක්ද, රාත්‍රී කාලයේ දී නවීන ක්‍රමයේ ආලෝකකරණයකින්ද shop එක ලස්සන කරලා තිබුණා. පැස්ටල් වලින් පාට කර පුටු ද,නිර්මාණාත්මකව සෑදූ පැරණි ගෘහ භාණ්ඩ ද ෂොප් එකට තවත් ලස්සනක් එකතු කළා. පැණිරස වලට ආස අයට සෞඛ්‍යාරක්ෂිතව එය ලබාගන්න පුලුවන් හොඳම place එකක් විදියට Yasmin’s shop එක අපි recommend කරනවා.

Creme, Addict, Guilt-Free, Chill Out, After Dark කියන carino අයිස්ක්‍රීම් වර්ග පහක් yasmin’s පිලිගන්වනවා.50කටත් වඩා වැඩි carino flavours අවශ්‍යතාවයන් මත තම පාරිභෝගිකයන්ට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.කෝපි අන්තර්ගත බීම වර්ගයන්ට අමතරව බොහෝ දේවල් ඔවුන්ගේ menu එකේ අඩංගුයි. 20 දෙනෙකුට පමණ එම ස්ථානයේ රැඳී සිටීමට පහසුකම් සපයා දී තිබෙනවා. date එකකට වගේම යාලුවොත් එක්ක තියෙන meetups වලටත් මේ තැන හොඳට ගැලපෙනවා.

දැරිය හැකි මිලකට සුඛෝපභෝගී අත්දැකීමක් ලබාගන්න මෙන්න ඔබටත් දැන් අවස්ථාවක්.

Tip: coconut සහ rose kulfi වැනි විදේශීය රසයක් තෝරාගෙන පෙරදිග රසයක මිහිර විද ගන්න. Chocolate ranges ටික ට්‍රයි කරන්නත් අමතක කරන්න එපා.

බොන වර්ගයට හරියන්න වීදුරුව තෝරාගන්න දන්නවද..?

විවිධ උත්සව අවස්ථාවන් වලදී විවිධ වර්ග වල බීම සූදානම් කරලා තියෙන ආකාරය ඔබ දැකල සහ අත්විඳලා ඇති. මේ බීම වර්ග පිළිගන්වන්න ලැහැස්ති කරද්දී විවිධ හැඩයේ වීදුරුත් වෙනුවෙන් සූදානම් කරන ආකාරය ඔබ දැක ඇති. විශේෂයෙන් ඔබ තරු පන්තියේ හෝටලයක බෝජන සංග්රහයකට හෝ වෙනත් උත්සවයකට ගියොත් නැතිනම් cocktail party එකකට ගියොත් මේ අත්දැකීම විඳින්න ඔබට සිදුවනවාමයි. මේ විදිහට විවිධ හැඩයේ වීදුරු ලැහැස්ති කරන්න හේතුව මොකක් වෙන්න ඇති කියලද ඔබ හිතුවේ..? සමහරවිට ඔබ ගැන සිතා නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඔබට පිළිගැන්වෙන බීම වර්ගය අනුව සඳහා ගැලපෙන වීදුරුව තමයි මේ විදිහට ලැහැස්ති කොට තිබෙන්නේ. ඔබ මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ් වනවා. හේතුව යම් අවස්ථාවක මේ විදිහේ විශේෂිත සාදයක්  සංවිධාන කරන්න අවශ් වුනොත් වෙලාවටත් මේ ගැන නිවැරදිව දැනගෙන සිටීම ඔබට වැදගත් වනවා.

මේ ආකාරයට බීම වර්ගයට හරියන විදිහට වෙනස් වෙනස් වීදුරු සුදානම් කරන්න විශේෂ හේතු ගණනාවක් තියෙනවා. අලංකාරය නිසා පමණක් නොවෙයි මෙවැනි දේවල් භාවිතයට ඇවිත් තිබෙන්නේ. කාරණා විද්යාත්මක ඒවා වගේම සංස්කෘතික ඒවාද වනවා. අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වන්නේ මේ බීම වර්ග වලට ගැලපෙනම හැඩයේ සහ වර්ගයේ වීදුරු තෝරා ගැනීම පිළිබඳවයි. මෙතැනදී අපි විශේෂයෙන් කතා කරන්නේ ඇල්කොහොල් සහිත බීම වර්ග (liquor) සහ ඒවා මගින් සාදාගන්නා බීම වර්ග ගැනයි. සමහර බීම වර්ග ඒවාට අදාළ උෂ්ණත්වයේ පවත්වා ගැනීම වැදගත්. එහෙම වුනොත් තමයි බීම වර්ගය නිසි රසයෙන් යුතුව බොන්න හැකියාව ලැබෙන්නේ. වගේම තවත් සමහර බීම වර්ග එහි සුවඳ එක්කම බීම අවශ් වනවා වගේම සමහර ඒවායේ සුවඳ නොදැනී බීමට ගැනීම වාසිදායක වනවා. මෙන්න මේ වගේ කාරණා ගැන සැළකිලිමත් වෙමින් තමයි මේ බීම වර්ගයට ආදාල වන වෙනස් හද වලින් යුතු වීදුරු නිර්මාණය කොට තිබෙන්නේ. අපි සමහර වීදුරු අල්ලන විදිහ අනුවත් වීදුරුවේ උෂ්ණත්වය රැඳෙන ප්රමාණය වගේ කරුණු තීරණය වනවා වගේම අනුව අදාළ බීම වර්ගයේ රසය සහ ක්රියාකාරීත්වයත් තීරණය වනවා. නිසා මේනිවැරදිහැඩයේ වීදුරුව තෝරාගැනීම විද්යාත්මකවත් වැදගත් කරුණක් වනවා.

 

රතු වයින් සඳහා

Bartender holding glass of red wine Free Photo

 

රතු වයින් බොහෝ දෙනෙක් ප්රිය කරන බීමක් වගේම ඕනෑම සාදයකදී පිළිගැන්වෙන බීම වර්ගයක්. රතු වයින්පිළිගන්වන්න ඔබට සිදු වුනොත් වෙනුවෙන් පාවිච්චි කරන වීදුරුව කුමක් විය යුතුද කියල ඔබ දැනගෙන සිටිය යුතුමයි. තරමක විශාල රවුම් හැඩයකින් යුතු වීදුරුවක් මේ වෙනුවෙන් පාවිච්චි කෙරෙනවා. වගේම දිග බඳක් සහිත වීදුරුවක් විය යුතුයි. වයින් බඳුන කරකවමින් සුළි ඇතිකරමින් වයින් පානය කිරීමට හැකිවන්නේ එවැනි වීදුරුවක පමණයි. වගේම වයින් වාතය සමග නිසි ලෙසින් මිශ් වන්නේත් එවිටයි. නිසා වයින් පානය කිරීමට මෙවැනි වීදුරුවක් අනිවාර්යෙන්ම භාවිතා කළ යුතුයි.

 

 

සුදු වයින් වීදුරුව

Front view glass of wine white wine with fresh fruits on light white desk drink alcohol bar water fruits Free Photo

 

සුදු වයින් පානය කිරීමට ඔබ භාවිතා කළ යුත්තේ මීට වඩා හැඩයෙන් වෙනස් වීදුරුවක්. දිගටි හැඩයක් සහිත උස වීදුරුවක් වන මෙය මුව තබන කොටස වඩා පටු වනවා. ඒකට බලපාන විද්යාත්මක හේතුවක් තිබෙන බව ඔබ සමහරවිට නොදන්නවා විය හැකියි. වීදුරුවේ ඇතුළත ඇති වයින් ඉක්මනින් ඔක්සිකරණය වීම වළක්වා ගැනීම සඳහා මේ විදිහේ විදුරු භාවිතා කෙරෙනවා.

 

Sparkling වයින්

Couple celebrating with champagne on dark Free Photo

 

Sparkling වයින් වලදී වැදගත්ම දේ වන්නේ එහි බුබුළු එලෙසින්ම පවත්වා ගනිමින් බීමට ගැනීම. නිසා වෙනුවෙන් පාවිච්චි කරන්නේ තරමක සිහින් දිගටි වීදුරුවක්. මේ වීදුරුව නලාවක හැඩය ගන්නවා වගේම පතුලත් ඉතා කුඩායි. මුව තබන කොටසත් පටුයි. මේ සියලු දේවල් වලින් සලකා බැලෙන්නේ වයින් වල බුබුළු එලෙසින්ම රඳවා ගනිමින් පානය කිරීම. එහි නියම රසය සහ තෘප්තිය ලැබීමට නම් නිවැරදි හැඩයේ වීදුරුවක්ම පාවිච්චි කළ යුතු වන්නේ නිසයි.

 

කොක්ටේල් වීදුරුව

Fruit cocktail with fresh strawberry Free Photo

 

කොක්ටේල් සාදා කියන්නේ සාමාන්යෙන් ඔබට නිතර සහභාගී වන්න ලැබෙන දෙයක් විය හැකියි. එවැනි අවස්ථාවකදී මොන විදිහේ වීදුරු භාවිතා කළ යුතුයිද නැතිනම් කොක්ටේල් වෙනුවෙන් හැඩයේ වීදුරුම භාවිතා කරන්නේ ඇයි කියල දැනගෙන ඉඳීමත් වැදගත් වනවා. පුනීලයක හැඩයෙන් යුතු මේ වීදුරුව අල්ලා ගැනීමට දිගටි බඳක් සහිතයි. සිහින් බඳක්. මෙවැනි වීදුරු සාම්ප්රදායික කොක්ටේල් වර්ග පිළිගැන්වීමට භාවිතා කරනවා. සාමාන්යෙන් සාම්ප්රදායික කොක්ටේල් වල අපූරු සුවඳක් තිබෙන බව ඔබ දන්නවා. ඉතින් මේ ඉමිහිරි සුවඳ බීමට පෙර නහයට හොඳින් විඳගැනීමට ලැබුනොත් බොන්න තියෙන කැමැත්ත වැඩි කරන්නත් හැකියාවක් තිබෙනවා. වගේම මේ රසවත් කොක්ටේල් එක මුවට හොඳින් විවරව තබමින් පානය කරන පුද්ගලයාට එහි රසවත් බව දැනවීමටත් මේ වීදුරු නිර්මාණය කිරීමේදී සලකා බලා තිබෙනවා. නිසා පුනීලයක වැනි පළල් විවරයක් සහිතව මේ වීදුරුව නිර්මාණය කොට තිබෙන බව සඳහන් වනවා.

 

 

Martini වීදුරු

 

Kiwi fruit cocktail in martini glass garnished with apple slices on bamboo skewer Free Photo

අතීතයේ මේ බීම වර්ගය වෙනුවෙන් පාවිච්චි කෙරුනෙත් සාම්ප්රදායික කොක්ටේල් වීදුරුවක්ම වුනත් 90 දශකයෙන් පසුව එය තරමක් වෙනස් වුන බවක් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන්ම Martini සමග විවිධ වොඩ්කා වර්ග මිශ් වීම නිසා මේ තත්වය ඇතිවුනා විය හැකියි. කොක්ටේල් වීදුරුවට තරමක් සමාන වුනත් මේ වීදුරුවේ පතුල කෙතුආකාර ලෙස නිර්මාණය කොට තිබෙනවා. වීදුරුවේ මථුඔඉත විවරය නම් කොක්ටේල් වීදුරුවේ මෙන්ම විශාලව රවුම්ව සකස් කොට තිබෙනවා.

 

 

Margarita වීදුරුව

Side view margarita cocktail with slice of lime in the glass Free Photo

 

තමන්ගේම විශේෂිත හැඩයක වීදුරුවක් තියෙන තවත් බීම වර්ගයක් තමා Margarita. මේ වෙනුවෙන් පාවිච්චි කරන වීදුරුවත් තරමක් කොක්ටේල් වීදුරුවේ හැඩයට සමානයි. නමුත් වීදුරුවේ විෂ්කම්භ දෙකක් සහිත පියවර දෙකකින් සකස් කොට තිබෙනවා. ඉහළ විවරය නම් රවුම්ව සහ විශාලව සැකසී තිබෙන්නේ කොක්ටේල් වීදුරුවේ විදිහටමයි. සාමාන්යෙන් මේ විදුරු නිවෙස් වල භාවිතා වනවා අඩු වුනත් සාදයකදී හෝ resturant එකකදී ඔබට මෙවැනි වීදුරු වල margarita පානය කරන්න අවස්ථාව ලැබිය හැකියි.

 

 

Snifter වීදුරු

Cold whiskey Free Photo

මේ වීදුරුවත් රවුම් විශාල bowl හැඩයේ උඩ කොටසකින් යුක්තයි. වගේම මුව විවරය තරමක පටු ගතියකින් යුක්ත වනවා. වීදුරුවේ බඳ, කියන්නේ අල්ලන කොටස සිහින්ව නිර්මාණය කළා වුනත් එය තරමක කෙටිව තමයි සකස් කෙරෙන්නේ. බීම වර්ගය රසවිඳීමට වගේම සුවඳ හොඳින් ආග්රහණය කරන්නත් හැකිවීමට මෙවැනි විදුරු නිර්මාණය කෙරෙනවා වගේම වයින් වලදී වගේම සුළි ඇති කරමින් වාතය සමග මිශ් කරවමින් රසවිඳීමට හැකිවන අයුරින් වීදුරුව නිර්මාණය කෙරෙනවා. බ්රැන්ඩි සහ විස්කි වර්ග පානය කිරීම සඳහා මෙවැනි හැඩයේ වීදුරු විශේෂයෙන් නිර්මාණය කොට තිබෙනවා.

 

ඔබ ඕනෑ තරම් සාද, සම්භාෂණ වලදී මෙවැනි විවිධ බීම වර්ග පාවිච්චි කොට තිබෙනවා විය හැකියි. වෙනුවෙන් අපි මේ සඳහන් කළ වර්ගයේ වීදුරු භාවිතා කර ඇතුවාට සැකයක් නැහැ. නමුත් ඒවා භාවිතා කිරීමේ නිවැරදි හේතුව ඔබ දන සිටියාදැයි සැක සහිතයි. නමුත් දැන් ඔබ පිළිබඳ හොඳින්ම දැනුවත්. වගේම මිතුරු හමුවක් හෝ සාදයක් ඔබේ නිවසේ හෝ වෙනත් ඕනෑම තැනක සංවිධාන කිරීමට ඔබට සිදු වුනොත් අදාළ බීම වර්ගයට විශේෂයෙන් නිර්මාණය කෙරුණු වීදුරුව කුමක්දැයි නිවැරදිව තෝරා ගැනීමට දැන් ඔබ දැනුවත්.

SOS ළමා ගම්මානවලට ඔයාගේ උදව් අවශ්‍යයි !

ජීවිතයේ කාත් කවුරුවත් නැතිව තනිවෙච්ච වයස අවුරුදු අටක පොඩි දරුවෙක් ගැන හිතන්න ? මේ දරුවා මොනවා කරන්න උත්සාහ කරයිද? කවදාවත් දැකලා නැති අඳුරන්නේ නැති අයගෙන් උදවු ඉල්ල ඉල්ලා වීදි වල ඇවිදිනවාද? අඬමින් හෝ නිර්භීත වෙන්න උත්සාහ කරනවාද? මේක මානසිකව මේ දරුවාගේ මනසට මොන විදිහේ බලපෑමක් ඇති කරයිද? හැමදේටම තියෙන බය සහ ආරක්ෂාවක් නොමැතිකම දරුවා මතට පැටවෙන නිසා මේ දරුවා දුර්වල වෙනවා. ඔයාට මේ වගේ අසරණ දරුවෙකු හමු වුනොත් ඔයා කරන්නේ මොකද්ද ? මේ වගේ දරුවෙක්ව දැක්කොත් අනිත් අය මොනවා කරයිද?

ශ්‍රී ලංකාවේ ඇති SOS ළමා ගම්මාන පහුගිය අවුරුදු 39 ක් තිස්සේ දෙමාපියන්ගේ රැකවරණය නැති දරුවන් රැකබලා ගන්නවා. විවිධ හේතූන් නිසා දෙමාපියන්ගේ රැකවරණය අහිමි වුණු අවාසනාවන්ත දරුවන්ට දිගු කාලීන රැකවරණයක් ලබා දෙන අවුරුදු හැත්තෑවකට අධික ගෝලීය විශේෂඥතාවයක් තියෙන සංවිධානයක් විදිහට මේ සංවිධානය හඳුන්වන්න පුළුවන්. SOS ළමා ගම්මාන කියන්නේ ඔස්ට්‍රියාව පදනම් කරගත්ත ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයක්. 1949 ආරම්භයේ ඉදන් මේ වෙද්දී එය ලොව පුරා රටවල් 136 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කාලේ ළමා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා විදිහට කටයුතු කරපු මල්සිරි ඩයස් මහත්මියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම SOS ළමා ගම්මානය පිලියන්දල ප්‍රදේශයේදී 1981 දී ආරම්භ කළා.

2020 වෙද්දී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන හයක් ආරම්භ කරලා තියෙනවා වගේම මේ වෙද්දී දරුවන් 800 කට අධික ප්‍රමාණයක් දෙමාපියන්ගේ රැකවරණය නැතුව මෙම ගම්මාන හරහා රැකබලා ගන්නවා. මෙම ගම්මාන 06ට නීතිමය මාර්ගෝපදේශ හා රෙගුලාසි වලට අනුව ශ්‍රී ලංකාවේ ළමා පරිවාස දෙපාර්තමේන්තුව හරහා දරුවන් ගෙන එනු ලබනවා.

SOS ළමා ගම්මාන ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ධනාත්මක විදිහට බලපාන වෙනත් සමාජ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. ගොඩක් දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ට නොමිලේ රැකියා විශේෂිත වෘත්තීය පුහුණුවක් ශ්‍රී ලංකාවේ තියෙන SOS වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හතර මගින් ලබාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. තරුණ තරුණියන් 1800 කට වැඩි පිරිසක් මෙ පුහුණු වැඩසටහන් වලින් පුහුණුව ලබාගෙන තියෙනවා වගේම ඔවුන්ට සුදුසු ස්වයං රැකියාවන්ද සොයාගෙන තියෙනවා . මීට අමතරව ‘පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන’ නමින් තවත් ව්‍යාපෘතියකින් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් දිළිඳුකමින් මුදවන්න අවධානය යොමු කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ අවසාන පරමාර්ථය තමයි දරිද්‍රතාවය හේතුවෙන් පවුල් මුහුණ දෙන ගැටලු රැසක් හේතුවෙන්  “ළමයින්, ළමා ආරක්ෂණ ආයතනවල නොසිටීම සහතික කිරීම”. දුප්පත් පවුල්වල අයව කුසලතා හා දැනුමෙන් පෝෂණය කරලා එයාලව ශක්තිමත් කරන්න SOS අවධානය යොමු කරනවා. ඒ එයාලට හොඳ ආදායම් මාර්ග සොයා ගන්න උදවුවක් වෙන නිසා එමඟින් ගැටළු නොමැතිව තම දරුවන් රැකබලා ගන්න ඒ පවුල් වලට හැකියාව ලැබෙන නිසයි. මේ වෙද්දී ඒ වගේ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් 3300 කට අධික සංඛ්‍යාවකට මේ වැඩසටහන මගින් දරිද්‍රතාවයෙන් මිදෙන්න සහ මූල්‍ය නිදහස සහ ආරක්ෂාව ලබා ගන්න උදවු කරලා තියෙනවා.

කොහොම වුණත්,කොරෝනා වෛරස් වසංගතය නිසා මෙම සංවිධානයට ලැබෙන පරිත්‍යාග වලට බලපෑමක් එල්ලවෙලා තියෙනවා. ඒ වගේම මේ වසංගතය ගෝලීය වශයෙන් බලපා ඇති නිසා විදේශ පරිත්‍යාග පවා අඛණ්ඩව ලැබෙන එකත් දැන් අවදානමට ලක්වෙලා තියෙනවා. ඒ නිසා, දෙමව්පියන්ගේ රැකවරණය නැති දරුවන් රැකබලා ගන්න SOS ළමා ගම්මාන විසින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම උදවු බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං අවශ්‍යතා තියෙන දරුවන්ට උදවු කරන්න ඔයත් කැමතිනම් 076 322 7422 හෝ 071 869 3208 අමතන්න.