Blog Page 21

Equipment’s නැතුව ගෙදරදීම කරගන්න පුළුවන් Leg Workouts‍…

මේ විඩියෝ එකෙන් අද අපි ඔයාලට කියලා දෙන්නේ Fat එක ඉක්මනින් burn කරන්න පුළුවන් Leg Workouts කරන විදිය ගැනයි. ඔයාට ලේසියෙන්ම කිසිම equipment එකක් නැතිව මේ Workouts ගෙදරදීම කරගන්න හැකියාව තිබෙනවා.

 

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?

වෛරස් පවුලට එකතු වුණ අලුත් ම සාමාජිකයා තමයි කොරෝනා කියන්නෙ. ඉතින් කොරෝනා වෛරසය අනික් වෛරසයන්ට වඩා ගොඩක් ලොකු බලපෑමක් කරනවා. අපි මේ වෙනකොට ලබපු අත්දැකීම් එක්ක ඒ ගැන අපිට තේරෙනවා. ලොව බලවත් රටවල් පවා කොරෝනා වෛරසය ඉස්සරහ අසරණ වෙලා ඉන්නවා. අපේ රටත් පුංචි ම පුංචි දිවයිනක් වුණාට කොරෝනා වෛරසයෙ බලපෑමට ලක් වෙලා. නේද? කවුරුත් කොහොමවත් ම හිතුවෙ නෑ ඇහට නොපෙනෙන වෛරසයක් මේ තරම් දුක් ගොන්නක් දෙයි කියලා. ඇහැට පේන හතුරෙක්වත් නොකරන හතුරුකමක් තමයි කොරෝනා කරන්නෙ. අපි අපේ ජීවිත ආපස්සට ගිියා කියලා හිතුවට ඒක අපිට විතරක් වුණ දෙයක් නම් නෙමෙයි. මුළු ලෝකෙට ම ඒ දේ වුණා. කොරෝනා කාලේ හිතේ නිදහස නැති වෙයි කියලා ඔයත් බයෙන් නේද ඉන්නෙ? ගැස්ම කියවන ඔයාට කොරෝනා කාලේ . . . . හිතේ නිදහස ඒ විදිහට තියාගන්නෙ කොහොමද කියල මං කියන්නම්

 

හිත සැහැල්ලු කරගමු

ඔයාගෙ හිතේ ඇ`දුන . . . . ඔයාට වටින විිදිහෙ චරිත කවුද? කොරෝනා නිසා එයාට ඔයාව අමතක වෙලාද? නැත්තං ඔයා ගැන හැම මොහොතෙම හොයලා බලනව ද? ඔයාගෙ හිතේ සමහර චරිතවලට ආදරයක් ඇති වුණාට ඒ අයගෙ හිතේ ඔයා චරිතයක් වෙනවද නොවෙනවද කියල බලන්න වෙනවා. කොරෝනා කියන්නෙ සොබාදහමෙ සරදමක්. අපිට එකිනෙකා එක්ක ගතින් ළංවෙන්න බැරි වුණාට හිතින් ඊට වඩා ළංවෙන්න පුළුවන්. ඔයාගෙ හිතේ ආලේ වුණා චරිත එක්ක හිත සැහැල්ලු කර ගන්න ඔයාටත් පුළුවන්. කොහොමද ඉතින් හිත සැහැල්ලු කරගන්නෙ?

 

සිංදුවක් අහමු

කොරෝනා නිසා ගෙදරට කොටු වෙලා ඉන්න ඔයා හුදකලා වෙලා නම් . . . . කරන්න තියෙන්නෙ හුදකලා බව නැති කරගන්න මහන්සි වෙන එක. අපේ කාලෙ සිංදු අහලා ඔයාට සතුටක් දැනෙනවා නං ඒක කරන්න. ඔයා කැමති පරණ සිංදු අහන්න නං . . . . පරණ සිංදු අහන්න. මොනවා වුණත් සිංදු කියලා කියන්නෙ අපේ ප්‍රශ්න අමතක කරන්න තියෙන හො`දම ක්‍රමය. සමහර සිංදුවලට පුළුවන් ප්‍රශ්න අපේ මතකයෙන් තුරන් කරල ම දාන්න. ඒත් තවත් සමහර සිංදු තියෙනවා හිටියට වඩා ප්‍රශ්න ගාලක අපිව පටලන. කොරෝනා නිසා මට මගෙ ජීවිතේ ම එපා කියලා හිතන අයට ඒ හැ`ගීම නැති කරලා දාන්න නං හිතට සැහැල්ලුවක් ඕනෙම යි. ඉතින් . . . . ඒකට හො`දම විදිහ මේක තමයි.

 

ඔයාගෙ සැගවුණ දක්ෂතාවයක් හොයා ගමු

ඔයා දන්නෙ නෑ ඔයාට ලස්සනට කවි ලියන්න පුළුවන් කියලා. නිසදැස් ලියන්න පුළුවන් කියලා. නටන්න, ගයන්න, රඟන්න පුළුවන් කියලා. ඔයාට ඔයාගෙ දක්ෂතා එක්ක ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන්. ඔයාගෙ හිත සැහැල්ලු කරගන්න නං මෙන්න මේ වගේ සැගවුණ දක්ෂතාවයක් හොයා ගන්න. කොරෝනා නිසා කාර්යබහුල ජීවන රටාවෙන් ඈත් වුණ ඔයාට තනි නොතනියට කරන්න තියෙන හොඳම දෙයක් තමයි මෙන්න මේ දේ. කොරෝනා ඇවිත් අපි හැමෝගෙම ජීවිත නැති කළා කියන පහත් සිතුවිල්ල හිතින් මකලා දාන්න. කොරෝනාට දිනන්න ඉඩ දෙන්න එපා. කොරෝනා පරද්දන්න අරගල කරන්න. ඔයාගෙ හිතේ සැනසීමට කොරෝනා තමයි එකම හේතුව. එහෙම තමයි ඔයා හිතන් ඉන්නෙ? ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒත් . . . . අපි ධනාත්මකව හිතන්න ගමු. කොරෝනා කාලේ ගොඩක් අයට ගොඩක් පාඩම් කියලා දුන්නා. සමහරුන්ගෙ ජීවිත කතා එහෙම්පිටින් ම වෙනස් කළා. ඒ වෙනස් වුණේ මං මේ කියපු සැගවුණ දක්ෂතාවයක් හොයා ගත්ත නිසා. සමහරු චිත්‍ර ඇදලා ලෝකෙම දන්න චරිතයක් වුණා. කොරෝනා නිසා තමයි ඒ ජයග්‍රහණය ලැබුණෙ කියල කොරෝනාවට ම අභියෝග කළා. ඉතින් අපි හැමෝටම මෙහෙම හිතන්න පුළුවන් නම්. . . . අන්න ඒ දේ තමයි වැදගත් ම පොයින්ට් එක. තවත් අය වගා කරන්න ගත්තා. ඔයාට මතක ද? රැල්ලට වගා කරා. ඒක රැල්ලක් වුණත් අන්තමට අපේ සමාජෙටම මාරම පාඩමක් ඉගැන්නුවා. කඩ සාප්පු සවාරි ගිය අපි ගෙදර තියෙන පුංචි ඉඩක හරි අපිට අත්‍යඅවශ්‍ය ම දේ වගා කරගත්තා. ඉතින් . . . . මෙන්න මේකත් සැගවුණු දක්ෂතාවයක් තමයි. හිතේ පොරකන ඍනාත්මක අදහස් කටුගාලා දාන්න පුළුවන්කම මෙන්න මේවට තියෙනවා.

 

තමන්ගෙ ආගමත් එක්ක සම්බන්ධ වෙමු

ඔයාගෙ ආගම මොකක් වුණත් ඒ ආගම වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. හිත්වලට නිදහස ගේන හොඳම විදිහ ආගමත් එක්ක තමයි ලැඛෙන්නෙ. අපේ දුකට පිහිටක් වෙන්න ආගමට පුළුවන්. ඒ අපේ මනසට නිදහස ගේන නිසා. ඒක හරි අමුතු පුදුමාකාර දෙයක්. මොනවා වුණත් කොරෝනා කාලේ ආගම අමතක කරපු අයට ආගම මතක් කරලත් දුන්නා. එහෙම නේද? සල්ලි හොය හොය උදේ ඉදන් රෑ වෙනකං මහ ම`ග ඔට්ටු වුණ ගොඩක් අයට ආගම අදහන්න වෙලාවක්වත් තිබුණෙ නෑ. ගෙදර බුදු කුටි මකුළු දැල්වලින් උඩු වියන්, කඩතිර ඇඳලා. කොරෝනා නිසා ගෙදරට කොටු වුණාම බුදු කුටි ලස්සන කරන්න වෙලාවක් හම්බ වුණා. කොරෝනා කාලේ තමයි ආගම එක්ක මිනිස්සුන්ව තදින් ම සම්බන්ධ කරේ. ඔයාගෙ හිතේ සැනසීම වෙනුවෙන් ආගම එක්ක පුළුවන් හැම වෙලාවක ම කාලෙ ගත කරන්න. අනිවාරයෙන් ම ඔයාගෙ හිතට නිදහස දැනෙනවාමයි.

කොරෝනා කාලේ ගෙදරටම වෙලා ඉන්න කියලා කිව්වට ඒක කරන්න තියෙන නියම දේ නං නෙමෙයි නේද? මානසිකව අපි හැමෝම පිස්සො වගේ ජීවත් වුණා . එහෙම ඉන්න කොරෝනා කාලේ හිතේ නිදහස නැති වෙයි කිය කිය පසුතැවිලි වෙන්න එපා. හිතට නිදහස ඕනෙම නං මං මේ කිව්ව දේවල් කරලා බලන්න. කොරෝනා කාලේ හිතේ ආලේ නැති කරගන්න නං එපා. හිතට වැදුන ආදරණීයන් එක්ක තව තවත් බැ`දීම් ශක්තිමත් කරගන්න. කොරෝනා මාරයා පරාද කරන්න නං ඔයාගෙ හිත ශක්තිමත් වෙන්න ම ඕන. ඒ ශක්තිමත්බව ඔයාගෙ හිතට නිදහස, සැහැල්ලුව අරන් එයි. ඉතින් . . . . කොරෝනාට දිනන්න ඉඩ දෙනවද? ඔයා දිනනවද? කොරෝනා කාලේ හිතේ සැනසීම නැති කරගන්න හදන්න එපා. හිතේ සැනසීම ඇති කරගන්න ගැස්ම කියවන ඔයා මං කියපු දේවල් කරන්න. කොරෝනා කාලේ මිස් වෙන පොයින්ට් අතරෙ මේ පොයින්ට් එක මිස් නොකර ඉන්න. . . . කොරෝනා ඉස්සරහ දණ ගහල හිටපු අපි දැන් . . . . නැගිටිමු නේද . . . .

– සදුනි අරවින්දිනී –

ජීවිතේට එන ප්‍රශ්නවලට හොඳම විසඳුම හොයන්න දන්නව ද ?

හුස්මක් කටක් ගන්න නිදහසක් නැතුව එක හැල්මේ ජීවිතේ කියන රේස් එක දිනන්න ඔට්ටු වෙන අපි හැමෝම ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙනවා. මට කවුරුත් නෑ කියන මානසිකත්වය එක්ක අපිවට අපිට අමතක වෙනවා. හුදකලා වෙන්න වෙන්න අපේ ජීවිතේට බලපෑම් කරන ප්‍රශ්න ඇත්තට ම අපිව භාගෙට මරලා දානවා. හරියට ඉතින් පණ පිටින් මරලා දානවා වගේ තමයි. ප්‍රශ්න හරියට අපේ ජීවිතේ ලොස්ට් කරන්න එන මාරයා වගේ තමයි අපිට දැනෙන්නෙ. මොනව වුණත් ප්‍රශ්නවලින් පැනලා යන්න අපි කාටවත් පුළුවන් කමක් නෑ. ගොඩක් අය ප්‍රශ්නවලින් බේරෙන්න පුළුවන් හොඳම විසදුම විදිහට තෝර ගන්නෙ ජීවිතෙන් වන්දි ගෙවන එක. ගැස්ම කියවන ඔයා වුණත් මාත් එක්ක එකඟවෙයි. ඒක තමයි ගන්න තියෙන නරකම, මෝඩම විසදුම කියලා. එහෙම නේද? ඔයාගෙ ජීවිතේට එන ප්‍රශ්නවලින් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනෙ කියලා බලමු ද?

 

ප්‍රශ්නෙට හේතු වුණ මුදුන් මුල හොයාගමු

Serious thoughtful man making assumption, looking right and thinking Free Photo

ඔයාගෙ හිතට වද දෙන ප්‍රශ්නෙ ගැන හිත හිත කාලෙ විඩංගු කරනවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තට ම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න මොකද්ද හේතුව කියන දේ හොයා ගන්න එක ගොඩක් වැදගත්. සමහර වෙලාවට අපි ප්‍රශ්න කරගත්ත ගොඩක් දේවල් ඇත්තට ම ප්‍රශ්න නෙමෙයි. හිතින් අපිම මවාගත්ත විකාර. දහඅතේ කල්පනා කර කර දුක් විදින ගොඩක් ප්‍රශ්න ඉතින් අන්න ඒ වගේ ඒවා තමයි. ප්‍රශ්නෙට හරියට ම හරියන විසදුම හොයා ගන්න නම් ප්‍රශ්නෙට මුල් වෙච්ච පොයින්ට් එක මොකද්ද බලන්නම වෙනවා. නියපොත්තෙන් ගලවන්න පුළුවන් දේ පොරවෙන් කපන තැනට දුරදිග යන්නෙ මෙන්න මේ පොයින්ට් එක මිස් වුණහම තමයි. ඔයාගෙ ප්‍රශ්නෙ වෙන කෙනෙක් ගාවට අරන් යන්න කලින් ඔයාම දෙතුන් වතාවක් පුළුවන් නම් සිය දහස් වතාවක් හරි ඒ ගැන හිතන්න. ප්‍රශ්නෙට හේතු වුණ මුදුන් මුල හොයා ගන්න ඔයාට පුළුවන් කියන්නෙ තන්තු මුල්වලට යන්න ඔයාට ලේසියි කියන එක. ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න එක හේතුවක් බලපානවා කියලා හිතුවට ඇත්තට ම හේතු ගොඩක් එක්ක තමා ප්‍රශ්නයක් හැදෙන්නෙම. ඉතින් තන්තු මුල් කියලා මං කිව්වෙ අන්න ඒ අනික් හේතුවලට.

 

ප්‍රශ්නෙ විසදගන්න ඔයාටම පුළුවන් ද බලමු

Woman sitting in yoga pose on the beach Free Photo

ඔයාගෙ හිතේ නළියන, ඔයාව නැති කරන්න හදන ප්‍රශ්නෙ ඔයාටම විසදගන්න පුළුවන් ද බලන්න. මෙන්න මෙතනදි ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ඒ විතරක්ම නෙමෙයි. එයාගෙ ඉවසීම ගොඩක් ප්‍රබල වෙන්න ඕන. ඔයාට ප්‍රශ්නෙ විසදගන්න හොඳම ක්‍රමය හොයා ගන්න කලින් ක්‍රම ගොඩක් හම්බවෙනවා. ඒකනම් ෂුවර්. එන්න ඒ ක්‍රම අතර ඔයා දෝලනය වෙද්දි ඔයාගෙ හැකියාවත් එක්ක හොඳම දේට යන්න පාර හැදෙනවා. අන්න ඒ හැකියාව තමයි වැදගත්ම දෙය. ඔයා හොඳයි කියල හිතන ක්‍රමය තවත් ප්‍රශ්න ගොඩක් මවන ඉත්තෙක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න මෙතනදි ඔයා ගණුදෙනු කරන්නෙ ඔයාගෙම හිතත් එක්ක විතරක් ම කියන දේ.

 

ඔයාට බැරි නම් වෙන කෙනෙක්ට කියලා බලමු

Support of friend Free Photo

මං තනියම මගේ ප්‍රශ්න ගැන බලාගන්නවා කියල හිතන ගොඩක් අයට ජීවිතේ නැති කරගන්න වුණා. අන්න එතනදි තමා එයා සියදිවි හානි කරගන්න තැනට ගියෙ. තමන්ට වදපු අම්මා, හදපු තාත්ත අමතක කරලා, ඒ මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් දුක් කන්දක් දීලා, ජීවිතේට නැවතීමෙ තිත තිබ්බ අය තමන්ම ප්‍රශ්න විසදගන්න ගියා. මං තනිවෙලා, මට කවුරුත් නෑ කිය කිය හිතින් හුදකලා උන ඒ අය ජීවිතේම තමන් හුදකලා බව හිතුවා. මොනව වුණත් මේක නම් නෙමෙයි කරන්න තියෙන දේ. ඔයාට හිතවත්, ඔයා ළගින් ම ඉන්න ආදරණීයන්ට ඔයාගෙ ප්‍රශ්නෙ කියන්න පුළුවන්. ඔයා මෙතනදි තෝර ගන්න කෙනා විශ්වසනීය වෙන්නම ඕන. ඔයා දුකින් ඉන්න කොට ඔයාට පිහිටට එන දුක්ගිනි නිවනරාළ කියන කෙනා කොහොමද කියන දේ ගැන ඔයා දැනගෙන ඉන්න ඕන. හොඳ මූණ පෙන්නගෙන එන ගොඩක් අය ඔයා එරිලා ඉන්න මඩ ගොඩින් ඔයාව ඇදලා ගන්න මුවාවෙන් එන්නත් පුළුවන්. හැබැයි එහෙම අය එන්නෙ වෙස් මූණක් දාගෙන. ප්‍රශ්න නිසා අතරමං වුණ ඔයාට වතුර උගුරක් දීලා සනසන්න එන හැමෝම යාලුවො නම් නෙමෙයි. ඒ නිසයි විශ්වාසය වැදගත් කියල මං ඔයාට කිව්වෙ. ඔයාගෙ ප්‍රශ්න විහිළුවක් නොකර ගන්න හොඳම කෙනෙක් ඔයා තෝරගන්න. තමන්ගෙ අම්මා, තාත්තා තරම් මෙතනදි වැදගත් වෙන කවුරුත් මට නම් මතකෙට එන්නෙ නෑ. මොනව වුණත් ඔයාගෙ ප්‍රශ්න ඔයා ළඟම ඉන්න කෙනෙක්ට කියලා හිත සැහැල්ලු කරගන්න බලන්න.

 

ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. අපි කැමති දේවල් අපිට ඒ විදිහට ම ලැබෙනවා නම් අපි හැමෝගෙම ජීවිත කතා උඩු යටිකුරු වෙනවා. ජීවිතේ කියන පොත රෝස අකුරෙන් ද කළු අකුරෙන්ද ලියන්නෙ කියන එක ඔයාගෙ තීරණයක්. මොනවා වුණත් ප්‍රශ්න නැතුව රෝස මල් යහනක් වගේ ජීවිත ගෙවන කවුරුත් මේ ලෝකෙ නෑ. අන්න ඒක තමයි තිත්ත ඇත්ත. ඔයාට එන ප්‍රශ්නවලදි මං කිව්ව දේවල් කරල බලන්න. අනිවාර්යයෙන් ම ඔයාට සුබවාදී ළුලයක රස ලැබෙනවාමයි. දුකින් ඉන්න හැම වෙලාවක ම සතුටට මගක් හොයන්න. සිංදුවක් කියලා, විහිළුවක් කරලා, තාලෙට අඩියක් තියලා ප්‍රශ්න අමතක කරන්න බලන්න.

– සුඳුනි අරවින්දිනී

බඩජාරිකමට හැමදේම කනවාද? කෑම වලට limit එකක් නැද්ද ?

“වියළි මිදී ගෙඩියක් ගන්න – පිඟානක් මත තබන්න. දැන්, වාඩි වෙලා ඒ වියළි මිදී ගෙඩිය හොඳින් පරීක්ෂා කරන්න. ඒකේ සුවඳ විඳින්න. ඒක ඔයාගේ ඇඟිලි අතර රෝල් කරන්න. ඔයා ඒ වියළි මිදී ගෙඩිය සම්පූර්ණයෙන්ම විඳගත්තා කියලා ඔයාට තේරුණාම ඒක ඔයාගේ කටට දාගන්න. සෙමෙන් හපමින් ගිලින අතරතුර ඒකේ රසය ගැන සලකා බලන්න…”

සිහිකල්පනාවෙන් ආහාර ගන්න පුහුණු කරන්න අවශ්‍යම ක්‍රියාකාරකමක් තමයි අපි ඔයාට කිවුවේ. සෞඛ්‍යමය වාසි වලට විද්‍යාත්මකව වැඩි වැඩියෙන් පාවිච්චි කරන භාවනා ක්‍රමයක් විදිහට ඒක සලකනවා. අනිත් සිහිය පිහිටුවන භාවනා ක්‍රම වගේම, ඒක ඔයාගේ සිතුවිලි, හැඟීම් සහ සංවේදී අත්දැකීම් ගැන විනිශ්චය රහිත දැනුවත් කිරීමක් අවධාරණය කරනවා වගේම අපි හැමෝටම (දිනකට කිහිපසැරයක් ) කරන වැඩ ගැන අවධානය යොමු කරන්න ඒක ඔයාට උදවුවක් වෙනවා.

විශේෂඥයින් කියන විදිහට අපේ ශරීරයේ මොළයේ සිට බඩවැල් වෙනකන් ගොඩක් කොටස් වලට හිතලා මතලා ආහාර ගන්න එකෙන් ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. ලියාපදිංචි ආහාරවේදියෙකු,ලාභ නොලබන ආයතනයක සම-නිර්මාතෘ වෙන සහ මනසින් ආහාර ගැනීම ගැන පොත් පහක කතෘ වෙන මෙග්‍රෙට් ෆ්ලෙචර් කියන විදිහට නම් රූපවාහිනිය, දුරකථන හෝ වෙනත් බාහිර දේ නිසා අවධානය ගිලිහිලා තියෙන කොට ආහාර ලබා ගනිද්දී අපිට ශරීරයෙන් බඩගින්න සහ බඩපිරුණු බවට දෙන සංඥා රැසක් මඟ හැරෙනවා. නමුත් මනසින් ආහාර ගත්තොත් ඒ සංඥා මඟ නොහැර ඒ සංඥා එක්ක සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම වඩා හොඳ ආහාර තේරීමක් කරන්නත් ඒක ඔයාට උදවුවක් වෙනවා. “සිහියෙන් යුතුව ආහාර ගන්න එකේ ප්‍රධාන වාසිය තමයි ඒක ආහාර වෙනස් කරන්න තියෙන තිරසාර ප්‍රවේශයක්” කියලත් ඇය කියනවා.

සිහියෙන් යුතුව ආහාර ගන්න එක ඔයාගේ ආහාර වගේම සෞඛ්‍යයත් වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා අපි බලමු

 

  • මනසින් හිතලා ආහාර ගන්න එක ඔයාට අඩුවෙන් ආහාර ගන්න උදවුවක් වෙනවා.

සායනික පෝෂණ ගැන ඇමරිකානු ජර්නලයේ ප්‍රකාශයට පත් කරලා තියෙන අධ්‍යයන 24 ක එක් සමාලෝචනයක දක්වලා තියෙන විදිහට “අවධානයෙන් ආහාර ගැනීම”, ගන්නා ආහාර වේලේ ප්‍රමාණය අඩුවට ගන්න මිනිසුන්ට උපකාරී වෙනවා. ඒ වගේම “නොසැලකිලිමත් ලෙස ආහාර ගැනීම” ගොඩක් දෙනෙක්ට ආහාර වේල අතරතුරදී සහ ආහාර වේලෙන් පස්සේ ආහාර වැඩිපුර ගන්න හේතු වෙලා තියෙනවා.

ඔයාගේ අවධානය වෙනතකට යොමු වෙලා තියෙද්දිත් ආහාර ගන්න එක ඔයාගේ බඩ පිරුණායින් පස්සෙත් බලපෑමක් ඇති කරනවා කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවද?.මනෝවිද්‍යාව පිළිබඳ ෆ්‍රොන්ටියර්ස් සඟරාවේ පළ වූණු රූපවාහිනී නරඹන්නන් ගැන කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ රූපවාහිනී වැඩසටහන් නරඹන ගමන් ආහාර ගත්තොත් නොදැනීම පමණටත් වඩා ආහාර ගන්න එයාලා නැඹුරු වෙනවා කියලයි.

මේ විදිහට “සිහිය නැතිව” ආහාර ගන්න එක දවස පුරාම වැඩිපුර ආහාර ගන්න ඔයාව පොළඹවනවා. American Journal of Clinical Nutrition හී සමාලෝචනයේ පළවෙනි කතුවරයා සහ Liverpool විශ්ව විද්‍යාලයේ චර්යාත්මක විද්‍යාඥයෙකු වෙන එරික් රොබින්සන් කියන විදිහට නම් ” ඔයා ගන්න කෑම එක ගැන ඔයා දක්වන අවධානය අඩුවෙන්න අඩුවෙන්න ඔයා කෑම ගන්න ප්‍රමාණයත් වැඩිවෙනවා”. ඒ වගේම චර්යාව පිළිබඳ විශේෂඥයෙක් වෙන එක්සත් රාජධානියේ ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රොබින්සන් කියන්නේ ඔයා ආහාරයට ගත් දේ ගැන ඔයාගේ මතකය ඔයාගේ ආහාර රුචිය නියාමනය කිරීමේදී වැදගත් කාර්යභාරයකුත් ඉටු කරනවා කියලයි.

දවල්ට ආහාරයට ගත්ත කෑම ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න කියලා පිරිසකගෙන් ඉල්ලීමෙන් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙන විදිහට නම් එයාලා ඒ විදිහට සිහිපත් කරපු නිසා හවස තේ වෙලාවට ගන්න කෙටි කෑම අඩුවෙන් අනුභව කරන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. වෙනත් පර්යේෂණ වලිනුත් කියලා තියෙන විදිහට ඔයාට දැනෙන බඩගින්නේ තරම මැන ගන්න පුළුවන් වෙන්නෙත් ඔයා කෑම කද්දී කොච්චර සිහිකල්පනවකින් කෑම කනවද කියන එකෙන් මිසක් ඔයා කොච්චර කෑම ප්‍රමාණයක් කෑවද කියන එකෙන් නෙමෙයි.

ඉතින් ඔයා ආහාරයට ගත්ත දේවල් ඔයාගේ මතකයේ තියාගන්න සිහියෙන් යුතුව ආහාර ගත්තොත් ඔයාට පුළුවන් වේවි. ඒක ඔයාගේ ආහාර රුචිය පාලනය කරගන්න වගේම වැඩි කාලයක් ඔයාගේ බඩගින්න පාලනය කරගන්නත් ලොකු උදවුවක් වෙයි.

 

 

  • ඒක ඔයාගේ කෑම වලට තියෙන අධික ආසාව අඩු කරයි.

සැන් ෆ්රැන්සිස්කෝ වල තියෙන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක අංශයේ සහකාර මහාචාර්ය ඇෂ්ලි මේසන් කියලා තියෙන විදිහට නම් “සිහියෙන් යුතුව ආහාර ගන්න පුහුණු වෙන එකෙන් කෑම වලට තියෙන පෙරේතකම සහ කෑම කන එක අතර තියෙන සම්බන්ධය බිඳ දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් අපි කෑමක් ගැන තියෙන පෙරේතකම ගැන සිහියෙන් සහ ඒ කෑම එකෙන් කටක් කෑවම අපිට දැනෙන විදිහ ගැන සිහියේ තියාගෙන චොකලට් කේක් කැබැල්ලක් ගත්තොත් කේක් කැබැල්ලෙන් කටවල් කිහිපයක් විතරක් අරගෙන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්.”

මේසන් ගේ පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මිනිසුන් සිහියෙන් ආහාර ගන්න පුරුදු වුණාම එයාලගේ කෑම වලට තියෙන අධික ආසාවේ තරමට කෑම නොකා, අඩුවෙන් ආහාර අරගෙන තියෙනවා. මේක එයාලගේ දේහ බරේ පොඩි වෙනසක් කරන්න හේතු වෙලා තියෙනවා.

සිහිකල්පනාවෙන් ආහාර ගත්තොත් සිතුවිලි සහ චිත්තවේගයන් ගැන දැනුවත්භාවය ඇතිවෙනවා. ඒ සිතුවිලි එන්නේ කොහෙන්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කරන්න අපිට උදවුවක් වෙනවා. ඒ වගේම මේසන් කියන විදිහට අපිට කෑම ගන්න තියෙන අධික ආසාව,පෙරේතකම සමහර විට අපි මානසික ආතතියෙන්, වෙහෙසට පත්වෙලා හරි වෙනත් ආකාරයකින් අපහසුතාවයට පත්වෙලා හරි නිසා ඇතිවෙන කෑම රුචියක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ දැනෙන රුචිය කෑම ගැනීමත් එක්ක කිසිසේත්ම සම්බන්ධයක් නැති මොනවහරි ව්‍යායාමයක් ලබා ගන්න හෝ නින්දක් ලබාගන්න අවශ්‍ය වුණාම ඇතිවෙන හැඟීමක් නිසා දැනෙන රුචියක් වෙන්නත් පුළුවන්.

 

 

  • ඒක ඔයාගේ ශරීරයට සහ බඩවැල් වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඔබගේ පිඟානේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන එකෙන් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ඔයාට ලැබෙනවා. සමහර අය කියන විදිහට මේ ක්‍රියාව ආහාර හපන්නට හා රස විඳීමට දිරිගන්වනවා වගේම ආහාර වේලක වේගය අඩු කරන්න හේතු වෙනවා. හෙමින් ආහාර ගැනීම හෝ හොඳින් හපා ආහාර ගන්න එක ආහාර දිරවන්න උදවු වෙන බඩවැල් හෝමෝන මුදා හරින්න උදවු වෙනවා කියලා පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. අධ්‍යයන වලින් හොයාගෙන තියෙන විදිහට සිහිකල්පනාවෙන් කෑම ගත්තොත් බඩවැල් රෝග තියෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ අඩු කර ගන්න පුළුවන්. වෙනත් අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා දියවැඩියාව තියෙන පුද්ගලයින්ට රුධිරයේ සීනි වැඩිවීම පාලනය කරන්නත් සිහියෙන් ආහාර ගැනීම උදවු වෙනවා කියලා.

 

 

  •  හිතාලා ආහාර ගැනීම ඔයාගේ බර අඩුවෙන්න හේතු නොවෙන්න පුළුවන්.

බර අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය හිතා මතා කෑම කන එක නොවෙන්න පුළුවන්. සමහර අධ්‍යනයන් වලින් කියන විදිහට අඩුවෙන් කෑම ගැනීම බර අඩුවෙන්න හේතුවක් වෙන අතරම තවත් සමහර අධ්‍යයන ඒක බර අඩුවෙන්න හේතුවක් කියලා සදහන් කරන්නේ නැහැ. සැහීමකට පත්වෙන්න පුළුවන් තරම් සාක්ෂි මේ ගැන ලැබිලා නැති නිසා මේ ගැන අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් කරුණ තමයි අපි අඩු ප්‍රමාණයක් කෑම ගන්න නම් සිහියෙන් කෑම ගන්න එක ලොකු උදවුවක් වෙනවා.

ඇඟේ Fat එක ඉක්මනින්ම අඩු කරගන්න Hiit Workouts…

කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ කියලා ඔයා පසුතැවිලි වෙනවාද ?. ඉතින් අපි  ඒකට හේතුව මොකක්ද කියලා කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා. මේ විඩියෝ එකෙන් අද අපි ඔයාලට කියලා දෙන්නේ Fat එක ඉක්මනින් burn කරන්න පුළුවන් Hiit Workout කරන විදිය ගැනයි.

 

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

අතේ ඇති ගාණට ඇතිවෙන්න rice කන්න හොඳම තැන Sylvester’s…

Sylvester’s කියන්නේ ආහාර fresh පිට delivery කරන ඒ වගේම හොඳ රසක් තියන ආහාර වර්ග take-out කරන්න හොඳ තැනක්. බත් කන්න කැමති ඔිනම කෙනෙක්ට ව්යාංජන වර්ග 13ක් තෝරගන්න හැකියාව තිබෙනවා. දැරිය හැකි මුදලට ආහාර ලබාගන්න හැකියාව වගේම PICK ME හරහා ආහාර ගෙන්වා ගන්න හැකියාව තිබෙනවා.

 

Drinks Iced Milo (LKR 180)

The chocolate malt drink හොඳ සීතලක් ඇතිව අපිට පිළිගැන්වුවා. රස්නෙ වෙලාවෙම මේ drink එක බොන්න ලැබුණ එක ගැන අපි ඇත්තටම සතුටුවෙනවා. රසත් හොඳයි. ඒ වගේම ගාණටත් වටිනවා.

 

Milk Tea (LKR 50)

මේ Tea එක දැක්ක ගමන් අපි කඩවල් වලින් බොන රසක් නැති Tea එකක් කියලා හිතන්නම් එපා. මොකද Sylvester’s ලගෙ Tea එක ගෙදර හැදුවා වගේම රසයි. ඒ වගේම ශරීරයට හොඳ ප්රාණවත් ගතියක් මේ Tea එකෙන් ලැබෙනවා.

 

 

Fried Rice 

Fried Rice Fried Rice Chicken (LKR 300)

 

අලුත් රසයක් තිබුණේ නැති වුණත් මේ Fried Rice එක හොඳින් පිසගන තිබුණා. කන කටක් ගානේ හොඳට හැපෙන්න කුකුල් මස් එක්කරලා තිබුණා. ඒ වගේම ගානට ලීක්ස්, කැරට් බිත්තරත් මේ Fried Rice එකට එකතු කරලා තිබුණා.

 

Fried Rice Bacon (LKR 360)

හොඳම බේකන් බෙදාහරින්නේ Sylvester’s කියලා ගොඩක් අය කියනවා. ඒ නිසා අපිට අවශ්ය වුණා බේකන් ෆ්රයිඩ් රයිස් එක අත්හදා බලන්න. මේ Rice එකට අපිට 4/5 දෙන්න හැකියාව තිබෙනවා. හොඳට බේකන් දාලා මේ Fried Rice Bacon එක පිළිගන්වා තිබුණ අතර එකම අඩුපාඩුව තමයි බේකන් වලට ටිකක් ලුණු වැඩි ගතියක් අපිට දැනුනා.

 

Mongolian

Mongolian Mixed Mongolian (LKR 750)

 

Sylvester’s වල තියෙන මිලෙන් වැඩි Rice එක තමයි Mixed Mongolian එක. හොඳට කුළුබඩු ඒ වගේම මස් ඉස්සන් දැල්ලො එකතු කරලා හරිම රසවත්ව මේ Mixed Mongolian එක ඔවුන් විසින් සාදා තිබුණා. මේක ඇත්තටම ගොඩක් රසවත්. ඒ වගේම මුදලටත් වටිනවා.

 

Kottu Corner

Kottu- Kalu Pol Pork and Cheese (LKR 560)

අපි උනන්දුවෙන් බලාගෙන හිටියේ Kottu- Kalu Pol Pork and Cheese කෑම එක try කරලා බලන්න. ඇත්තටම රසවත්. අපේ බලාපොරොත්තු නැතිවුණේ නැහැ. හොඳට Cheese යොදලා මේ dish එක ඔවුන් නිර්මාණය කරලා තිබුණා. පොඩි අඩුපාඩුවකට තිබුණේ මේකේ Cheese වැඩි නිසා අපිට ටික වෙලාවකින් කන්න තියන ආසාව පොඩ්ඩක් අඩුවුණ එක විතරයි. ඒ ඇරෙන්න මෙය ඇත්තටම රසවත් ආහාරයක්.

 

Kottu- Bacon and Cheese (LKR 520)

අපි වැඩියෙන්ම කැමති වුණේ මේ Kottu එක කිවුවොත් හරියටම හරි. අපි ඇත්තටම කැමති වුණේ මේකේ තිබුණ chewy and chunky ගතිය සහ චීස් එකට. ඔයා office ඉන්න වෙලාවට යාළුවොත් එක්ක කොත්තු කන්න හිතුනොත් මේ කොත්තු එක order කරන්න අමතක කරන්න එපා. මොකද හොඳ පෝෂන් එකක් වගේම හොඳ රසකුත් එක්ක Sylvester’s ලා මේ කෝත්තු එක අපිට deliver කරනවා.

 

Rice And Curry

Rice and Curry Chicken (LKR 200)

ගෙදර බත් එක කනවා වගේම Sylvester’s ලාගේ Rice and Curry Chicken කෑම එක දැන් ඔයාට කන්න පුළුවන් . කෑම එකේ ප්රමාණෙත් ලොකුයි ඒ වගේම චිකන් කෑල්ලත් ලොකුයි. ගොටුකොළ, පරිප්පු වගේ සුපුරුදු කෑමත් අපිට දුන්නු කෑම එකේ තිබුණා.

 

Yellow Rice – Chicken (Rs 200)

කහබත් වලට කවුද අකමැති නේද? මේකත් හොඳ portion එකක් එක්ක ගොඩක් රසවත්ව පිළිගන්වනවා. office එකට එද්දි කෑම ගේන්න අමතක වුණානම් මේ Yellow Rice එක order කරන්න කියලා අපි recomond කරනවා.

 

Yellow Rice – Pork (Rs 320)

අපි මේ කෑම එකටත් ගොඩක් කැමති වුණා. මේකෙදි අපිට කහබත් එක්ක රස pork කෑල්ලකුත් ලැබෙනවා. කුළුබඩු සංයොජනයත් ඉතාම හොඳයි. ඔයා pork කන්න ආස කෙනෙක්නම් මේ Yellow Rice – Pork එක try කරලා බලන්න.

ආදි, නිලූ, කෞෂිගේ කවුරුත් හොයපු වීඩියෝව…

 

Tv Derana මගින් මේ දිනවල විකාශය කෙරෙන “පොදු ” ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් අතර වැඩි කතාබහට ලක්වෙලා තිබෙනවා. මේ නිසා අපි හිතුවා එහි ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායකවන   රන්දික ගුණතිලක  ( ආදි  )  ළහිරුනී සල්වතුර  (නිලු) සහ  මනෝජා ප්‍රනාන්දු (කෞෂි) සමග එකතු වී ” හදගැස්ම” වැඩසටහන සිදුකරන්න. මේ බොහොදෙනෙකු  බලාසිටි එම  වීඩියෝවයි..

 

 

ලියෝදහම තුළින් නව ලොවක් කරා…

 

 

සංවර්ධනය, නව තාක්ෂණය, නවෝත්පාදනය සමග වඩා උසස් ලොවක් කරා යන අප කෙරෙන් අතීතයේ පටන් පැවත ආ අප රැකගත් සාරධර්ම, මොහොතින් මොහොත වියැකී ක්ෂය වී යන බව නො රහසකි. එදිනෙදා ක්‍රියාකරකම් හේතුවෙන් අතිශය කාර්යබහුල වීම නිසා අගහිඟකමින් පීඩිත, සරණක් අවැසි අයවලුන් දිගුකරන දෑත අප විසින් නොසලකා හරින බව ඔබ දන්නවා ද? සියලු මනුෂ්‍ය වර්ගයා කිසියම් අරමුණක් සාක්ෂාත් කිරීම වෙනුවෙන් මෙලොවට බිහිවන බව අප තරයේ විශ්වාස කරමු. අප අතරින් ඇතැමෙක් මේ දිවියේ අරමුණ සොයා වටහා ගෙන ඇතිවාක් මෙන්ම ඇතැමෙක් එසේ නොමැත. අනෙකා හඹා යමින් එකිනෙකා පරයා සාර්ථකත්වය කරා දිව යන ගමනේ තරඟකරුවන් වී සිටින අපට කුඩා විවේකයක දී  හෝ “මේ දිවියේ අරමුණ කුමක් ද?” යන්න සිතීමට පවා සිහි නොවන බව අකැමැත්තෙන් හෝ පිළිගත යුතු වන්නේම ය.

ඔබ ඉපැයූ මුදල්, ඔබ ලැබූ ප්‍රසිද්ධිය හෝ ඔබ පැතිරවූ බල පරාක්‍රමය යන කිසිවක් ඔබේ මරණ මංචකයේ දී ඔබට සිහි නොවනු ඇත. ඔබට සිහිවනු ඇත්තේ ඒ සියල්ල මිත්‍යාවක්ම බව ම පමණි. ඔබ ලැබූ සාර්ථකත්වය සේම ඔබට වැදගත් විය යුතු වන්නේ ඔබ විසින් අන් අයගේ ජීවිත තුළ ඇති කළ බලපෑමයි. අවසන එය ඔබ මෙලොව නිෂ්ඵලව ගත නොකළ බවත්, අන් ජීවිතවලට සතුට සැනසුම ගෙන දෙමින් නැවුම් ලොවක් තැනීමට දායක වූවෙක් බවත් සිහිපත් වන සැනසුම් සිතිවිල්ලම වනු ඇත. එක ඔබේ දිවිය ආලෝකවත් කිරීමට මං පෙත් විවර කරනු ඇත.

ලියෝ දහම ද එසේ අන්ධකාරයෙන් ආලෝකයට මං පෙත් විවර කරන තෝතැන්නකි. ලියෝ දහම යනු කුමක් ද? වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නායකත්ව වර්ධනය, සේම බොහෝ අවස්ථාවන් සොයා සාක්ෂාත් කරගැනීමට බිහි වී ඇති වේදිකාව ලියෝ දහම ලෙස අපි හඳුන්වමු. ලියෝ සාමාජිකයන් යනු සමාජය තුළ වෙනසක් සිදුකරන, ඊට ආශාව සහ කැමැත්ත ඇති තරුණ ප්‍රජාවකි. ශ්‍රී ලංකාව ද මේ වනවිට එසේ සමාජ දායකත්වය, සේවය ලබා දෙන ලියෝවරුන් 8,500 ගෙන් සමන්විත ය.

 

ලියෝවරුන් ලෙස අප සෑම විටම එකම පවුලක් ලෙස අත්වැල් බැඳ ගනිමින් සැමට ජීවත්වීමට අවැසි සාධාරණ, ආරක්ෂිත සහ තිරසර සමාජයක් බිහි කිරීමට දායක වී සිටින්නෙමු. බාධක බිඳලමින්, නිර්භය ව අභියෝගයන්ට මුහුණ දෙමින්, ජය ගනිමින් අප ශක්තිමත් ව ඉදිරියට ගමන් කරන්නෙමු. ලෝකය තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීමෙහි ලා කටයුතු කිරීමේ සාඩම්බර කොටස්කරුවන් අතර ලියෝවරුන් ද සිටින බව අවිවාදයෙන් ම පිළිගත යුත්ත කි.

ශ්‍රී ලංකාව තුළ ලියෝ සමාජ ආරම්භය 1969 දක්වා අඩ සියවසකටත් එපිටට දිව යයි. ඒ, මෙරට පළමු ලියෝ සමාජයේ ආරම්භය සනිටුහන් කරමිනි. එසේ ඇරඹුණු ලියෝ දහම මේ වනවිට සිංහ බහුමණ්ඩල දිස්ත්‍රික් 306 හරහා පාලනය වෙමින් ලියෝ බහුමණ්ඩල දිස්ත්‍රික් 306 යටතේ ලියෝ දිස්ත්‍රික්ක 6 ක් ලෙස ව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතී.

සමාජයට සේවයක් සිදුකිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට නව සාමාජිකයන් අධික සංඛ්‍යාවක් ලියෝ දහමට එක් වෙයි. 2020 වසරේදී ද දැනට මුහුණ දෙමින් සිටින දරුණු වසංගත තත්ත්ව කාල සීමාවක් තුළ වුව ද නවක සාමජිකයන් 2,500 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලාංකීය ලියෝ සමාජයන්ට එක් වීමෙන් එය මොනවට පැහැදිලි වේ.

 

නැගී එන තරුණ ජවයට උරදෙමින් අලුත් ලොවක් බිහි කිරීමට නිරන්තර අතහිත දෙන ලියෝ දිස්ත්‍රික් බහුමණ්ඩලය විසින් වාර්ෂිකව විවිධ අවස්ථා, සුහද හමු, පා ගමන් මෙන්ම නායකත්ව ගුණාංග තව තවත් වැඩිදියුණු කිරීමට අවැසි වැඩමුළු ද සංවිධානය කරමින් ශ්‍රී ලංකාව තුළ ලියෝවරුන් අතර එකමුතුව, සහයෝගීතාවය හා සහෝදරත්වය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව කිවයුතුම ය.

ශක්තිමත් සාමාජිකත්වය සමග නොවෙනස් ව ඉදිරියට යාමට දිරිගැන්වීම්, අගය කිරීම හා පිළිගැනීම් අත්‍යවශ්‍ය ය. එසේ සමාජය කෙරෙහි ලියෝවරුන් විසින් ලබාදෙන සේවයන්, සංවිධානය වන ව්‍යාපෘතීන් හා ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය අගය කරමින් වාර්ෂිකව ලියෝ දිස්ත්‍රික් බහුමණ්ඩල සමුළුව සංවිධානය කරනු ලබයි. එය ලියෝවරුන් ගෙ අප්‍රතිහත ධෛර්යය, කැපවීම හා අධිෂ්ඨානය ඇගැයීමට ලක්වන අවස්ථාවක් බව කිවමනා ය.

සමාජය තුළ වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් විවිධාකාරයේ සේවා ව්‍යාපෘතීන් දිවයින පුරා දියත් කරමින් ශ්‍රී ලාංකීය ලියෝවරුන් වෙහෙස වී ක්‍රියාකොට උපයන්නේ කුමක්දැයි ඔබ සිතනු ඇත. ඒ, සෙනෙහසේ දෑත අවැසි ජනයා වෙනුවෙන් තම දෑත දිගුකොට එම ජීවිත නගා සිටුවීමෙන් ලබන තෘප්තිය බව සඳහන් කළ යුතු ය. හැකි පමණින් සරණක් අවැසි පීඩිත ජීවිත නගා සිටුවීමට හැකිවීමෙන් අප ලබන ආත්ම තෘප්තිය වෙනත් කිසිවකට සමකළ නොහැක. එසේම, එය තවත් අයෙකුට දෙනු ලබන උපකාරය කෙතරම් වැදගත් ද යන්න අපට පසක් කරවයි. තිරසර සමාජයක් උදෙසා යන ගමනේ තම දායකත්වය තව තවත් ලබාදීමට එය ශ්‍රී ලාංකීය ලියෝවරුන්ට ලැබෙන මනා උත්තේජනයක් ම වන්නේ ය.

ලියෝ සාමාජිකයන් ලෙස අප මින් උකහා ගනු ලබන්නේ සමාජ සේවය පමණක්ම නොව, කුසලතා සංවර්ධනයට විවර වන මාහැඟි අවස්ථාවයි. නායකත්ව ගුණාංග වර්ධනය මෙන්ම සන්නිවේදන කුසලතා වැඩිදියුණු කරගත්, දැනුමෙන් පොහොසත් තරුණ ප්‍රජාව ශ්‍රී ලාංකීය සමාජයට දායාද කිරීම ලියෝ දහමේ අරමුණයි. එය ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ සාර්ථකත්වයට මංපෙත් විවර කරන තෝතැන්නක් වන්නේ එබැවිනි.

 

මෙම ගමනේ දී මුහුණදෙන බිඳවැටීම්, අසාර්ථක වීම් මෙන්ම අසමත් වීම් ද අප ලියෝ සාමාජිකයන් ලෙස තව තවත් ශක්තිමත්ව නැගී සිටීමට පන්නරයක් වනු ඇත. ඒ සියල්ල අපට තවත් අවස්ථාවක් උදා කරන්නාක් සේම නොසැළී ඉදිරියට යාමට අත්වැලක්ම වන්නේ ය.

ලෝකයේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය වන ලියෝ සමාජය, සමාජයට සේවයක් කිරීමේ අද්විතීය අරමුණෙන් ක්‍රියාත්මක වේ. මනා ගුණාංගයන්ගෙන් පිරිපුන් තරුණ ජවය ලොවට දායාද කරන ලියෝ දහම හා එක්වී පියවරෙන් පියවර සොඳුරු ලොවක් ගොඩනැගීමට ලියෝවරුන් ලෙස අප හා එක් ව පියමනින්නට සහෝදරත්වයේ දෑත් අප මෙලෙස දිගුකොට ඔබට ආරාධනා කරමු.

 

ලියෝ විනුරි සෙට්ඨිනායක

Voice of Leos Team

 

කොවිඩ් 19 නිසා නත්තල සමරන්න බයෙන්ද..?

නත්තල, කියන්නේ ගොඩක් උත්සවාකාරයෙන් සමරන උත්සවසමයන්ගෙන් එකක්!

ඒක අවුරුද්දේ කාර්යබහුලම කාලයන්ගෙන් එකක් බවට නම් කිසිම සැකයක් නැහැ. හැම අවුරුද්දකම සාප්පු සංකීර්ණ, හෝටල් සහ අවන්හල් නත්තල සමරන පවුල් සහ මිතුරන්ගෙන් පිරී තියෙනවා. ඒ වගේම පිටරට ඉන්න ආදරණීයයන්ගේ පැමිණීමත් අපිට ලොකු ප්‍රබෝධයක් ගෙන දෙනවා!

අවාසනාවට, මේ අවුරුද්දේ අපි නත්තල සමරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. COVID-19 වසංගත තත්ත්වය නිසා, 2020 දී ගෝලීය සංචරණයක් සිදුවෙලා තියෙන නිසා, අපිට ගොඩක් සීමාවන් ඇතිවෙලා තියෙනවා වගේම ප්‍රවේශම් වෙන්න සිදුවෙලා තියෙනවා – කෙසේ වෙතත් නත්තල බොහෝ දෙනෙක් එකතුවෙලා සමරන උත්සව අතර කේන්ද්‍රස්ථානය වීමත් එක්ක, මේ වගේ කාලයකදී නත්තල් සතුට නැති කරගන්නේ නැතුව අපි නත්තල සමරන්නේ කොහොමද?

COVID-19 මධ්‍යයේ නත්තල් උත්සවය සමරන්න සහ COVID-19 මාර්ගෝපදේශ ගැන නීති අනුගමනය කරමින් නත්තල සමරන්න ඔයාට වැදගත් වෙයි කියලා හිතන උපදෙස් කිහිපයක් ගැන අද අපි කතා කරනවා.

 

 

1) Online Shopping සහ සුපුරුදු වේලාවන් මගහැර බඩු මිළදී ගැනීම

50+ Breathtaking Online Shopping Statistics You Never Knew

නත්තල කියන්නේ තෑගී දීමේ කාලයක්. ඉතින් තෑගී දෙන්න නම් සාප්පු යෑම අවශ්‍ය වෙනවා.තෑගි වලින් එකිනෙකා පුදුමයට පත් කරන්න ඉවසිල්ලක් නැති අයගෙන් වලින් සියලුම වෙළඳසැල් පිරී යනවා. මේ අවුරුද්දේ දී නම් ඒක ගොඩක් අවදානම් සහිත බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. වාසනාවකට මෙන්, අපට විකල්ප කිහිපයක් තියෙනවා. ඉතින් පැහැදිලිවම පහසු ක්‍රමය තමයි Online Shopping.

COVID-19 නිසා ගොඩක් ඔන්ලයින් Online ක්‍රම දැන් විවෘත කරලා තියෙනවා.ඒවායින් බොහොමයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වගේ සමාජ මාධ්‍යවල තියෙනවා. Online Shopping කරන්න ඔයාට බැහැ කියලා හිතෙනවානම් අපි ඔයාට වෙන විසඳුමක් දෙන්නම්. තවත් විශ්වාසදායක විකල්පයක් තමයි මිනිසුන් විශාල වශයෙන් රැස්වෙන තැන් මඟ හැරලා බොහෝ දෙනෙක් Shopping කරන වෙලාව මග ඇරලා Shopping කරන එක . ඉතිං මේ විදිහට කෙළොත් ඔයාට ආතතියෙන් හා කරදරයකින් තොරව ඔයාගේ තෑගී සහ ඇඳුම් ගන්න යන කාලය වෙන් කරගන්න පුළුවන්.

 

02)ආහාර සහ බීම සඳහා ඉවත දමන්න පුළුවන් පිඟන් භාණ්ඩ ආදේශක භාවිතය

Orange Party Supplies, Paper Plates, Cup- Buy Online in Sri Lanka at  Desertcart

ඉවත දැමීමට හැකි පිඟන් භාණ්ඩ පාවිච්චි කිරීම විෂබීජ පැතිරීම සම්බන්ධයෙන් සනීපාරක්ෂාවට උදවු වෙනවා විතරක්ම නෙමෙයි, පිරිසිදු කරන්න ගතවෙන කාලය හා ශ්‍රමය ඉතිරි කරන නිසා ඒක ශයාට ගොඩක් ලොකු පහසුවක් වෙනවා. ඒවා දැරිය හැකි මිළකට සුපිරි වෙළඳසැල් වලින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි පරිසර හිතකාමී ඒවා ලබා ගන්නත් වග බලා ගන්න!

 

 

03)අමුත්තන්ගේ නම් වලින් පිඟන් භාණ්ඩ ලේබල් කිරීම

Laser Cut Rose Gold Name Placecards | Personalised Favours

කිසිම කෙනෙක් එකම පිඟන් කෝප්ප පාවිච්චි නොකරන්න වග බලා ගන්න අමුත්තන්ගේ නම් වලින් ඒවා ලේබල් කරන්න ඔයාට පුළුවන්. මේක විෂබීජ පැතිරීම පාලනය කරන්න උදවුවක් වෙයි! ඒ වගේම ඒක ඔයාගේ අමුත්තන්ට විනෝදජනක නත්තල් ක්‍රියාකාරකමක් වෙන්නත් පුළුවන්.

 

 

04)සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම

Holiday Eye Makeup Looks That Work with Masks | Martha Stewart

හැමදේකටම වැඩිය පැහැදිලි වගකීමක් තමයි තවමත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම.

හෝටල්වල සහ අවන්හල්වල විශාල සාද පැවැත්වීම වෙනුවට ඔයාට නිවසේදී කුඩා සාද පවත්වන්න පුළුවන්. රැකවරණය, ආදරය සහ තෑගී දීමේ නත්තල් සතුට පවත්වා ගන්න නම්, අපි එකිනෙකා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා, විශාල පිරිසක් වෙනුවට, සමහර විට මේ අවුරුද්දේ අපිට කුඩා පවුල් විදිහට එකතු වෙන එක ගැන අවධානය යොමු කරන්න පුළුවන් වගේම තාක්‍ෂණයට ස්තූතිවන්ත වෙන්න අපිට ඔන්ලයින් ක්‍රම වලින් අපිට මිතුරන්ට ආරාධනා කරන්න පුළුවන්. ඔයාගේ ආදරණීයයන් එක්ක ඔයාගේ නත්තල් ලැයිස්තුවේ, විශිෂ්ට ආහාර සහ උත්සව අලංකරණයත් එක්ක ඔයාට සමාජ දුරස්ථභාවය සහ ගුණාත්මක නත්තල් උත්සවයක් පවත්වන්න පුළුවන්!

කිහිපදෙනෙක්ම උත්සවයට සහභාගී වෙනවා නම් mask එකක් දාගන්නත් වග බලා ගන්න. මුහුණු ආවරණ වෛරසයට එරෙහිව පූර්වාරක්ෂාවක් විදිහට විතරක් ක්‍රියා කරනවා වගේම විනෝදජනක වේලාවට ඒක බාධාවක් වෙන්නේ නැහැ.

 

 

05)Food Delivery සහ අන්තර්ජාල සිල්ලර බඩු බෙදා හැරීම් උත්සාහ කරන්න

Dindigul Thalappakatti Restaurant

මෙහෙම කළොත්, ඒක ඔයා දේශීය ව්‍යාපාරයකට උදව් කරනවා විතරක්ම නෙමෙයි, ඔයාගේ පවුලේ අය එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න මුළුතැන්ගෙයින් එළියට එන්නත් පුළුවන්.

ගෙදර හැදූ ආහාර වේලකට කැමති පවුල්වලට නම් සිල්ලර බඩු මිලදී ගන්න අවශ්‍ය වෙන නිසා සමහර සුපිරි වෙළඳසැල් ඔන්ලයින් සිල්ලර බඩු ලබා දෙන ක්‍රමයන් ඇති කර ඇති නිසා ගබඩාවට නොයා ඔයාගේ අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්!

මේක කාලය ඉතිරි කර දෙනවා වගේම සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නත් ලොකු උදවුවක් වෙනවා

 

06)අමුත්තන් කුස්සියෙන් බැහැරව තබන්න

Dinner Party Ideas: 19 Recipes That Look Fancy but Are Super Easy

ආහාර දූෂණයෙන් ආරක්ෂා කර ගන්න වගේම සනීපාරක්ෂාව වැඩි දියුණු කරගන්න අමුත්තන් මුළුතැන්ගෙයින් ඈත් කර තබන්න වග බලා ගන්න. අමුත්තන්ට ආහාර ස්පර්ශ කරන්න හෝ නියැදීමට දීමෙන් වළකින්න. ආහාර පිළියෙළ කර ඉවර වුණාම පමණක් පිළිගන්වන්න.

කේක් මිශ්‍ර කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවා! ඒ නිසා පිළිස්සීමේදී හෝ සූදානම් කරද්දී එක්කෙනෙක් පමණක් ඒක සිද්ධ කරන බවට වග බලා ගන්න. බුෆේ ක්‍රමයට පිළිගන්වනවා වෙනුවට, ආහාර සපයන්න වගේම පිලිගන්වන්නත් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් නම් කරන්න

 

 

07)පොදු ස්ථාන වලදී හැන්ඩ් සැනිටයිසර් පාවිච්චි කරන්න

Pros and Cons of Hand Sanitizer | Franciscan Health

හැමතිස්සෙම ඔයාගේ අත් පිරිසිදුව හා සනීපාරක්ෂාව ඇතුව තියාගන්න නම් ඔයාගේ අමුත්තන්ට සැනිටයිසර් එකක් තියලා තියන්න. ඔයාගේ ගෙදර ඇතුල්වෙන දොර, විසිත්ත කාමරය, කෑම කාමරය, සේදීමේ කාමර සහ අමුත්තන් ඉන්න ඕනෑම තැනක සැනිටයිසර් තියන්න ඔයාට පුළුවන්. අත් සෝදන්න අතිරේකයක් විදිහට සැනිටයිසර් පාවිච්චි කරන්න.

 

 

Bonus Tip

අමුත්තන් පිළිගැනීමේදී, වැළඳගැනීම් සිදුකිරීම මගහරින්න. ඒ වෙනුවට සාම්ප්‍රදායික අයුබෝවන් සහ වන්ක්කම්! කියා අචාර කරන්න.

වසංගතයක් මැද වුනත් නත්තල සමරන්න ඔයාට කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ. මේ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුට පහසු වුනේ නම් නැහැ. ඒ නිසා අවුරුද්දේ අවසානයත්, පවුලේ අය ගැන වගකීමෙන්, සහ අවධානයෙන් ජීවිත කාලය පුරාවටම වටිනා මතකයන් නිර්මාණය කරන ගමන් නත්තලේ අසිරිය විදගමු.

ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…

යකඩ කියන්නේ අපේ ශරීර වර්ධනයට වැදගත් වන ද්‍රව්‍යයක්. හිමොග්ලොබින් උත්පාදනයට වගේම යකඩ රුධිරයේ පවතින ද්‍රව්‍ය වන අතර අපගේ මොළයට හා අනෙකුත් අවයව වලට ඔක්සිජන් රැගෙන යන්න උපකාරී වෙනවා.

රුධිරය ඔක්සිජන් කිරීම , ඩී එන් ඒ සංශ්ලේෂණය, මයිටොකොන්ඩ්‍රීය ශ්වසනය, ස්නායු සම්ප්‍රේෂණය සහ මයිලින් සංශ්ලේෂණය සහ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වාගන යන්න යකඩ අවශ්‍ය වෙනවා. ඛනිජ, අක්මාව, ප්ලීහාව, ඇටසැකිලි මාංශ පේශි සහ වෙනත් ප්‍රදේශවල ගබඩා කර ඇති අතර එය දරුවෙකුගේ සංජානන වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා.

 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් 2014 දී කරන ලද සමීක්ෂණයකට අනුව මාතලේ, පුත්තලම, මාතර සහ ගාල්ල වැනි ප්‍රදේශ වල ළමුන් 15.1% ක් රක්තහීනතාවයෙන් පෙළෙන අතර 52.3% ක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා. සමීක්ෂණයේ පෙන්වා ඇති පරීක්ෂණ ප්‍රතිළුල වලට අනුව මෙම දරුවන් තුළ රක්තහීනතාවයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ යකඩ ඌනතාවයයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ආහාර වේලක් හරිත එළවළු, මාළු, ධාන්‍ය වර්ග සහ වෙනත් මස් ද්‍රව්‍ය වලින් සමන්විත බැවින් එය සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක් යැයි සලකනු ලැබුවද, යකඩ ඌනතාවය තවමත් ප්‍රජාව තුළ ප්‍රමුඛ ප්‍රශ්නයක් වී තිබෙනවා.

 

 

මෙම ප්‍රශ්නය අපගේ අවධානයට යොමුවිය යුත්තේ ඇයි ?

 

මාස 6 ත් 5 ත් අතර ළමුන් තුළ යකඩ ඌනතාවය වඩාත් ප්‍රචලිත යැයි කියනු ලැබෙනවා. මොකද ළදරුවෙකු මව්කිරි හැරුණු විට සාමාන්‍ය ආහාර වේලකට ඒ කාලයේ හැඩගැසීමට පටන් ගන්නවා. ළදරුවෙකු උපත ලබන විට ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණවත් තරම් යකඩ ප්‍රමාණයක් තිබෙනවා . ඒ යකඩ ප්‍රමාණය මුල් මාස 6 තුළ ළදරුවන්ගේ ශරීරයේ අඩංගු වෙනවා. ඉන්පසු යකඩ ප්‍රභවයන් ඔවුන්ගේ ආහාර වේලට හඳුන්වා දීම වැදගත් වෙනවා. දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 90% ක් මෙම කාලය තුළ සිදුවන බව කියනවා. යකඩ නොමැතිකම මොළයේ වර්ධනයට සහ එහි බුද්ධි වර්ධනයට විශාල බලපෑමක් සිදුකරනවා.

ඒ වගේම වැඩිහිටි දරුවන් ද යකඩ ඌනතාවය නිසා අවදානමට ලක්වෙන්න පුළුවන්. විශේෂයෙන් වැඩිවියට පත්වන ගැහැණු ළමයින්ට මෙහි බලපෑම වැඩියි. මෙහිදී ඔසප් වීමේ ආරම්භය මෙන්ම ආහාර වේලෙහි වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්.

සියලුම සමාජ, ආර්ථික කණ්ඩායම් වල සිටින ළමුන් තුළ යකඩ ඌනතාවය දක්නට ලැබෙනවා. බොහෝ විට, ධනවත් කුටුම්භවල ළමයින්ට යකඩ ඌනතාවය ඇතිවීමේ ඉඩකඩ වැඩියි. මොකද ඇතිවෙන්න සල්ලි තියන පවුල් වල අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය බහුලයි . ගම්වල ළමයින් වඩාත් සමබර හා පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවද, මස්වල මිල නිසා ඔවුන්ට යකඩ ඌනතාවය ඇතිවී තිබෙනවා .

 

 

අප කළ යුතු දේ

 

ළමුන්ට අවශ්‍ය යකඩ ලබාගැනීම සදහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ආහාර ද්‍රව්‍ය වන්නේ ධාන්‍ය වර්ග, කිරි, කුකුළු මස්, මාළු, වියළි මාළු සහ රතු මස් වර්ග, බිත්තර සහ වෙනත් හරිත එළවළු.

ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය යකඩ වර්ග දෙකක් නිපදවයි, එනම් ‘‘haem iron’’ සහ ‘non-haem iron’. haem iron නිෂ්පාදනය කරනු ලබන්නේ රතු මස් සහ අනෙකුත් මස් වලින් වන අතර, non-haem iron නිශ්පාදනය වෙන්නේ ධාන්‍ය වර්ග නිවිති සහ ගොටුකෝල වැනි හරිත එළවළු වලින්. දරුවා සමබර ආහාර වේලක් ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම ආහාර ද්‍රව්‍ය සමානුපාතික කොටස් වලින් දරුවාට ලබා දිය යුතුයි.

මෙය තක්සේරු කරනු ලබන්නේ නව මව්වරුන්ට ඔවුන් යන සායනය මගින් ලබා දෙන ‘ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තා’ හරහා වන අතර, එමඟින් දරුවා ඔවුන්ගේ ආහාර වේල මගින් සමබර පෝෂණ මට්ටම් ලබා ගන්නේද යන්න තක්සේරු කිරීමට හැකියාව ලැබෙනවා.

ළමයින්ට සහ දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය සහ දැනුවත්භාවය ලබාදීම වැදගත් වෙනවා. දරුවෙකු තමන් කන දේ ගැන දැනුවත් කිරීම , උද්යෝගමත් කිරීම සහ දිරිගැන්වීම ධනාත්මක පරිවර්තනයකට මග පාදනවා.

 

රෝග ලක්ෂණ සහ ප්‍රථිකාර

රක්තහීනතාවයේ සමහර රෝග ලක්ෂණ මව්වරුන්ට හඳුනාගන්න හැකියාව තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔවුන් නිවසේදී වඩාත් ක්‍රියාශීලී විය යුතු වුණත් තම දරුවා නිතරම නිදිමත හා උදාසීන බවෙන් ඉන්නවානම් ඒ දරුවාට යකඩ ඌනතාවයක් ඇති බවට දෙමාපියන්ට නිගමනය කරන්න පුළුවන්. මෙම අවස්ථාවේ දී, වෛද්‍යවරුන් මව්වරුන්ට තම දරුවාගේ ආහාර වේලෙහි යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිරීමට උපදෙස් දෙන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී , ටැබ්ලට් සහ කුඩු ලෙස යකඩ ලබා දීමට නියම කරනවා.

කථනයේ ප්‍රමාදය, කෙටි අවධානයක්, සුදුමැලි සම, කලාන්තය, හෘද ස්පන්දනය සහ විශාල වූ ප්ලීහාව ද යකඩ ඌනතාවයේ රෝග ලක්ෂණ අතර වෙනවා. යකඩ ඌනතාවයට පොදුවේ ප්‍රතිකාර කරනු ලබන්නේ පෝෂණය ලබාදීම මගිනි.

 

COVID-19 නිසා වර්තමාන තත්ත්වය

අවාසනාවකට මෙන්, යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ලබා ගන්න අපි හිතන තරම් ලේසි නැහැ. විශේෂයෙන් කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් බොහෝ ගෘහස්ථ ආදායම්වලට දැඩි ඝෘණාත්මක බලපෑමක් ඇති කළ අතර සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය වලද හිඟයක් ඇතිවී තිබෙනවා. කටුක යථාර්ථය තමයි, ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ කුටුම්භයන් දිනපතා යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හා මිල දී ගැනීමට වෙහෙසෙන බව. කොහොමවුණත් බොහෝ ශ්‍රී ලාංකික පවුල්වල, කිරි ප්‍රධාන ආහාරයක් වන නිසා යකඩවලින් ශක්තිමත් කළ කිරි හොඳ යකඩ බහුල ආදේශකයක් කරගන්න හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් පවතින මෙම යකඩ ඌනතාව පිළිබඳව දැනුවත් කිරීම, අවශ්‍ය විසඳුම් ලබාදීම අතිශයින්ම වැදගත් වන අතර එමඟින් අපේ රටේ අනාගතය සෞඛ්‍ය සම්පන්න පරම්පරාවක් බවට පත්කළ හැකියි.

Diet කරන ගමන් workout කරන්නේ කොහොමද ?

අත්වල, බඩේ සහ පිටේ තියෙන fat එක අඩුකරගන්න එක හැමකෙනෙකුටම වගේ  තිබෙන ලොකු ප්‍රශ්ණයක්. ඉතිං ඒ  fat එක කොහොමද අඩු කරගන්නේ කියලා කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. Diet Management එකත් එක්ක කරන්න හොඳ workouts ගැන Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka ) ඔයාලට මේ වීඩියෝව හරහා කියලා දෙනවා .

 

ඉවසන්න බැරි දත් කැක්කුමක්ද? එහෙනම් මේ tips ටික කරලා බලන්න…

දත් කැක්කුම කියන්නේ අපගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එකපාරක් හරි අපි අත්විඳපු දෙයක්. සමීක්ෂණයකට අනුව, වැඩිහිටියන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට අනිවාර්යයෙන් යම් දත් දිරායම් වලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. වර්තමානයේ බාල ,මහළු කියලා නැහැ ගොඩක් දෙනෙක් මේ දත්කැකුම් වලට මුහුණ දෙනවා.

ඔබට දත් කැක්කුමක් ආවොත් වෛද්‍යවරයෙකුට විශාල මුදලක් වියදම් කරන්න සිදුවෙන්නේ නැති වෙන්න ගෙදරදීම දත් කැක්කුම් අඩු කරගන්න පුළුවන් පිළියම් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. නමුත් අපි තරයේ නිර්දේශ කරන්නේ ඔබ ගර්භණී කාන්තාවක් නම් නැත්තම් කිරි දෙන අම්මා කෙනෙක් නම් හෝ ස්වාභාවික ඖෂධ වලින් බලපෑම් වලට ලක්වෙන කෙනෙක්නම් , කරුණාකර මෙම පිළියම් භාවිතා කිරීමට පෙර දන්ත වෛද්‍යවරයා හමුවන්න මතක තියාගන්න.

 

01 – ලුණු වතුර

Coronavirus: Researchers to trial salt water as Covid-19 treatment - BBC News

ලුණු වතුර ස්වාභාවික විෂබීජ නාශකයක් වන අතර දත් කැක්කුම සුව කිරීමට පහසු සහ ළුලදායී ක්‍රමයක් ලෙස ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාට කරන්න තියෙන්නේ උණුසුම් වතුර වීදුරුවකට ලුණු මේස හැඳි 1/2 මිශ්‍ර කර කට සෝදන්න. මෙමගින් විදුරුමස් ඉදිමීම වළක්වන අතර දත් කැක්කුම අවට ප්‍රදේශය පිරිසිදු කරනවා. දත් කැක්කුම අඩුවෙනකම් මේ ක්‍රමය කීපවතාවක් සිදු කරන්න .

 

 

02- හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

Hydrogen Peroxide 3%, Topical USP, 16 Ounce Bottle, Each | McGuff Medical  Products

 

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වේදනා නාශකයක් වන අතර අපහසුතාවයන් පාලනය කිරීමට ඔයාට ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම plaque අඩු කරනවා පමණක් නෙවෙයි විදුරුමස් වල ලේ ගැලීමද නතර කරනවා. ඔබට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් කට සෝදන්න පුළුවන් . හරියට ඉහතින් සඳහන් කලා වගේ ලුණු වතුරෙන් කට සෝදනවා වගේ ඔයාට මේකත් කරන්න හැකියාව තිබෙනවා.

ඉතිං කොහොමද මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කට සෝදන්න භාවිතා කරන්නේ. ඔයාට කරන්න තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 3% ජලය සමග මිශ්‍රකර කට සෝදන්න භාවිතා කරන්න. මතක තියාගන්න මේක ගිලින්නනම් එපා.

 

 

03-කරාබු නැටි හෝ කරාබු නැටි තෙල්

කරාබු නැටිවල දෙගුණ වූ ගුණ

කරාබු නැටි වල ස්වාභාවික විෂබීජ නාශක ගුණයක් වන eugenol ඇති නිසා වසර ගණනාවක් තිස්සේ දත් කැක්කුමට ප්‍රතිකාර කරන්න යොදාගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ කරාබු නැටි 1ක් අරගෙන හපලා කැකුක්ම තියන දත උඩින් තියාගන්න එක. එහෙම නැත්තම් කරාබු නැටි කිහිපයක් හපලා කටේ තියාගන ඉන්න. ඒ වගේම කරාබු නැටි තෙල් බිංදු දෙකක් වේදනාව තියෙන දතේ තියාගන්න.

 

 

04- අයිස් තෙරපුම

Get Instant Relief through Tooth Pain Natural Remedies

අයිස් තියනවා කියන එක ගොඩක් ප්‍රසිද්ධ වේදනා නාශක ප්‍රතිකාරයක්. අයිස් පැකට්ටුවක් භාවිතා කර හෝ ප්ලාස්ටික් බෑගයක අයිස් දමා තුනී රෙද්දකින් ඔතා, ස්නායුව හිරිවැටීම සඳහා මිනිත්තු 15 ක් වේදනාකාරී දත මත තියන්න. එයින් දැවිල්ල හා ඉදිමීම ද අඩු කරනවා.

 

 

05-සුදුළූණු

Mistakes everyone makes when cooking with garlic

සුදුළූණු වල ඖෂධීය ගුණය හානිකර බැක්ටීරියා විනාශ කරන අතර වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා. එය භාවිතා කිරීමට ඇති හොඳම ප්‍රවේශය නම්, එය පේස්ට් එකක් සාදා කැක්කුම ඇති දතේ තියන්න. එහෙමත් නැත්තම් ඔයාට පුළුවන් ඒක හෙමින් හපන්න. වේදනාව නැති වන තෙක් දින කිහිපයක් මේ ස්වාභාවික ප්‍රතිකාරය නැවත නැවත සිදුකරන්න.

 

 

06 – පේර කොළ

Have a sip of guava leaf tea and keep healthy and glowing | TheHealthSite.com

පේර කොළ වල බැක්ටීරියා විනාශ කරන ගුණයක් තිබෙනවා. ඒ වගේම දත් කැක්කුම සුව කරනවා පමණක් නෙවෙයි මුඛයේ ඇති වන තුවාල සහ විදුරුමස් ඉදිමීමද වළක්වනවා.

ඔයාට කරන්න තියෙන්නේ දත් කැක්කුම ආව වෙලාවට පේර කොළ දෙකක් වගේ අරගෙන යුෂ ටික හොඳට දත මත වැඩ කරනකන් හෙමීට හපන්න.

 

 

07-තිරිඟු කොළ

Consuming Wheatgrass during Pregnancy: Health Benefits & Side Effects

තිරිඟු කොළ වල ප්‍රතිබැක්ටීරීය ගුණය ඇති අතර එමඟින් දත් දිරායාම හා වේදනාව වළක්වනු ලබනවා. එයින් කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙනවා වගේම හොඳම ප්‍රතිළුලයක් ලබා ගැනීමට තිරිඟු කොළයක් හපන්න එහෙමත් නැත්තම් එහි යුෂ මුඛ සේදීමක් ලෙස භාවිතා කරන්න. එය විදුරුමස් වලින් විශ ඉවත් කරන අතර බැක්ටීරියා වර්ධනයද අඩු කරනවා.

 

 

08- ලූනු

The health benefits of onions - BBC Good Food

ලූනු වල ෆයිටො කෙමිකල්ස් අඩංගු වන අතර එය දත්වල ආසාදනයට හේතුවුණ යුතු විෂබීජ විනාශකර කැක්කුම නැතිකරන්න උපකාරී වෙනවා.

ලූනු භාවිතා කරන්න හොඳම විදිය තමයි ,ලූනු කෑල්ලක් දත් වේදනාව තියන පැත්තෙන් හපන එක. එතකොට ලූනූ යුෂ දත තුළට ගිහින් වේදනාව සමනය කරනවා . දතේ වේදනාව හපන්නට බැරි තරම් තත්ත්වයක තියෙනවා නම් , ඔබට ඇඟිල්ලක් භාවිතා කර ළූනු කැබැල්ල සෘජුවම බලපෑමට ලක් වූ දතෙන් තියාගන්න හැකියාව තිබෙනවා.

 

ඔබේ දත් ශක්තිමත් හා පිරිසිදු බවක් පෙනෙන්නට තිබුණත් ඔබට මේ ආකාරයේ රෝගාබාධවලට මුහුණ දීමට අවස්ථාව තිබෙනවා. ඒ නිසා හදිසි අවස්ථාවකදී දත් කැක්කුමට ප්‍රතිකාර කරන්න මේ පිළියම් මතක තබාගන්න අමතක කරන්න එපා.