Blog Page 11

කොරියානු කෑම රස හොයන ඔබට යන්න හොඳම තැන් …

ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශ සහ විවිධ පළාත්වලට ආවේණිකව නොයෙකුත් රසයන්ගෙන් ආහාරපාන සැකසෙනවා.එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ රවල් වල අනුභව කරන ආහාරපාන වර්ගද සැකසෙනවා. මේ අතර ඉන්දියානු ආහාර හා චීන ආහාර බොහොලෙස කැපී පෙනෙන අතර මේ වන විට කොරියානු කෑම සඳහාද ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ කොරියානු කෑම ඉතා ජනප්‍රියවී තිබෙනවා.

ඉතින් කොරියානු ආහාර වර්ග වලට වැඩිපුර කැමති ඔබට, තෝරා ගත හැකි කොරියානු අවන්හල් රාශියක් කොළඹ පිහිටා ඇති බව ඔබ මීට කලින් දැන සිටියාද? කොරියානු ආහාර ලෝලියනි! ඔයාලටත් අවස්ථාව තියෙනවා මෙම අවන්හල් වලින් ඔබේ ප්‍රියතම කෑම වර්ග වන Kimchi, Bibimbap, Tteokbokki හා Bulgogi ආහාර වල රස විඳින්න.

Kang’s Kitchen

 

 

මෙය කොළඹ ඇති හොඳම කොරියානු ආපන ශාලාව විය හැකි බැවින් මේ සඳහා පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ගේ Jajangmeon (කළු නූඩ්ල්ස්) සහ Tteokbokki කෑම ඉතා ජනප්‍රියයි. ඒ වගේම තමයි Kang’s Kitchen හි පිරිනමන කෑම ඉතාම ප්‍රණිතයි.

Address: 28/1, Horton Place, Colombo 7
Contact number: 0112 697 216
Open times: Monday to Saturday 12 pm – 2.30 pm, 6 pm – 9.30 pm; closed on Sunday

Han Gook Gwan

 

 

Han Gook Gwan ආපනශාලාව 1991 වර්ෂයේ සිට කොරියානු ආහාර වර්ග ශ්‍රී ලාංකිකයින් සමඟ බෙදා ගනු ලබනවා. කෙතරම් පැරණි වුවත් මෙහි ආහාර වල රසයේ නම් අඩුවක් නැහැ.මෙම අවන්හලට ගිය අයගේ පොදු මතය වුණේ ඔවුන්ගේ ත්‍යාගශීලී බවයි. එබැවින් ඔවුන්ගේ කෑම වර්ග ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර රුචිය සංසිඳුවාලන බව නිසැකයි.

Address: 25, Sri Sambuddhatva Jayanthi Mawatha, Colombo 5
Contact number: 0112 587 961
Open times: 11.30 a.m.- 2.30 p.m., 5.30-10.30 p.m.

The Bibim

 

 

The Bibim අවන්හල විශේෂයි . ඊට හේතුව නම් මේ අවන්හල නම් කරලා තියෙන්නෙම ජනප්‍රිය කොරියානු ආහාරයක් වන Bibimbap නමින්. එය විවිධ එළවළු, මස් සහ බැදපු බිත්තරයක් සහිත රසවත් බත් බඳුනක්. මස් වර්ග රාශියක් තිබෙන නිසා Bibim වැඩියෙන්ම අලෙවි වන කෑමක් වීම පුදුමයක් නම් නෙමෙයි.

Address: 375, R.A. De Mel Mawatha, Colombo 3
Contact number: – 0767 584 406
Open times: 11 a.m.-11 p.m.

Arirang 5th

 

 

කොරියානු කෑමලෝලී ඔබට පහසුවෙන්ම සොයා යෑමට හැකි ස්ථානයක් තමයි තිඹිරිගස්යාය පාරේ පිහිටා ඇති Arirang 5th. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මොවුන්ගේ කොරියානු ආහාර ලැයිස්තුවයි. පුද්ගලයන් දෙදෙනෙකු ,තිදෙනෙකු හෝ හතර දෙනෙක් විදියට ඔබ මේ අවන්හලට යනවා නම් ඔවුන්ගේ සෙට් මෙනු එකේ රසවත් ආහාර රස විදින්න පුළුවන්.
Address: 181, Thimbirigasyaya Road, Colombo 5
Contact number: 0115 882 661
Open times: 11.30 a.m.-9 p.m.

Kim’s Family Korean Restaurant

 

 

මෙහිදී නම් නම ඇසු පමණින්ම ඔබට හැඟෙන්නේ හදවතට සමීප බවක්. මෙම විශේෂිත කොරියානු ආපන ශාලාව ඔවුන්ගේ පාරිභෝගිකයින්ට ඉතා සුහද පිළිගැනීමක් ලබා දෙනවා. ඔවුන්ගේ පුළුල් මෙනු එකේ ජනප්‍රිය කෑම වර්ග දෙකක් වන Japchae හෝ Bibimbap පමණක් වුවත් රස විඳිමින් ඔබට සුවපහසුවක් දැනෙන අයුරින් ඔබේ ආහාර වේල බුක්ති විඳින්න පුළුවන්.

Address: 14-14 R.A. De Mel Mawatha, Colombo 4
Contact number: 0763 425 053
Open times: Monday to Saturday 11 a.m.-9 p.m.; 11.30 a.m.-8.30 p.m. Sunday

Seoul Restaurant

 

 

Seoul Restaurant සෑම විටම සුපිරි කොරියානු භෝජන සංග්‍රහයක් පිරිනැමීමට බැඳී සිටිනවා. devilled and hot butter dishes පිරිනමමින් ලාංකීය තාලයට සංග්‍රහ කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් ආනයනය කරන ලද කොරියානු භාණ්ඩ විකිණීම සිදුකරන බැවින් කොරියානු භාණ්ඩ වලට ප්‍රියතාවයක් දක්වන ඔබට එය වඩාත් වැදගත් වෙයි.

Address: 375 R. A. De Mel Mawatha, Colombo
Contact number: 0117 021 215
Open times: 10 a.m.-10 p.m.

KBQ Korean Barbecue

 

 

මෙහිදී නම් ඔබට ප්‍රියතම කොරියානු බාබකියු නැතිනම් KBQ රස විඳින්න පුළුවන්.කොරියානු බාබකියු ඇදහිය නොහැකි තරම් රසයෙන් යුක්ත වන අතර නියම කුළුබඩු ඒ සඳහා ඔවුන් යොදා ගන්නවා. සෑම ආහාරයකටම කුළුබඩු ටිකක් වැඩියෙන් බලාපොරොත්තු වන ලාංකිකයන් වන අපට මේ කොරියානු බාබකියු එක නම් ඉස්තරම්!!! chicken රසට කැමති ඔයාලට යන්න හොඳම තැන තමයි KBQ Korean Barbecue.

Address: Jana Jaya City Mall Rajagiriya (JJC Mall) Jinadasa Niyathapala Mawatha, Sri Jayawardenepura Kotte
Contact number: 0114 341 782
Open times: 9 a.m.-10 p.m.

Robata Grill

 

 

Movenpick හෝටලයේ පිහිටා ඇති Robata Grill විස්මිත ආසියාතික ආහාර වර්ග 7ක් සඳහා ප්‍රසිද්ධයි. මම පුද්ගලිකව Robata වෙත කිහිප වතාවක් ගොස් ඇති අතර, ඔවුන්ගේ මෙනුවේ ඇති Bulgogi කන්න ඔයා ආසාවක් දක්වනවා නම් ඒ ඔයා ගන්න හොඳම තීරණය කියලා මට කියන්න පුළුවන්.

Address: A2, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 7
Contact number: 0117 450 450
Open times: 12-3 p.m., 7-11 p.m.

Hancook Kitchen

 

 

Hancook Kitchen හිදී ඔබට පුළුවන් Korean grub වලින් සකසන ආහාරයක රස බැලීමට. මෙය කොළඹ තදාසන්න ප්‍රදේශවල ජීවත් වන ඔබට කොරියානු ආහාර සඳහා කියාපු ස්ථානයක්.

Address: 501/1/A New Kandy Road, Thalangama
Contact number: 0113 657 777
Open times: Monday to Saturday 12-10 p.m.; closed on Sunday

Korean Fried Chicken Hut

 

 

ඔබත් කැමතිද කොරියානු ෆ්‍රයිඩ් චිකන් සහ කිම්චි සලාදයක රස විඳින්න? එහෙනම් ඔබට මේ කොරියානු ෆ්‍රයිඩ් චිකන් හට් එකට යන්න පුළුවන්. ඔවුන්ගේ සීමිත් කොරියානු dishes කිහිපයක් තිබෙන අතර සිය පාරිභෝගිකයන් හට නිහතමානීව සේවය කරන ආපනශාලාවක් වනවා.

Address: No. 4a, Second Lane, Off Park Road, Mount Lavinia
Open times: 4-10 p.m.

එහෙනම් ඔන්න අපි ඔබේ කොරියානු රුචියට අවශ්‍යය හොඳම කොරියානු අවන්හල් ලැයිස්තුව ඔබට ලබා දුන්න. ඉතින් ඔබටත් පුළුවන් ඔබ කැමතිම කොරියානු ආහාරය රස විඳින්න.

වැඩිපුර වියදම් නොකර රුපියල් 1000ක් අරන් ඇවිදින්න යමුද? …

මෙහෙම හිතන්නකො, අද තමයි පඩි වැටෙන දවස! බැංකු ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල දැකපුවම සන්තෝසෙ බෑ නේද?… “ආයෙම හොඳ ගාණක් අතේ තියෙනවා” වගේ හැඟීමක් දැනෙනව නේද?

හැබැයි එකපාරටම…

දුරකථන ගාස්තු.. ප්‍රවාහන වියදම්.. ඇයි? අර ගන්න බලාගෙන හිටපු සපත්තු කුට්ටම… Uber Eats ඕඩරයකුත් දැම්ම නේද? ඒ ඔක්කොටම වැඩියෙන් අර තාම ගෙවන්න බැරි වුන බාර් බිල් එක එහෙම…

ආයෙමත් අතේ සතේ නැහැ! දැන් ඉතින් ආයෙමත් ඔයාගෙ අතේ තියන්නෙ මාසෙ ඉතුරු දවස් ටික ගැට ගහගන්න පුංචි මුදලක් විතරයි. සමහර දවස්වලට නම් කිසිම දේකට වියදම් නොකර ඉන්නත් වෙයි වගේ…

බොරුවට දුක්වෙන්නෙපා! අඩු ගාණකට මාසේ ඉතිරි දවස් හොඳට විනෝද වෙන්න පුළුවන් කොළඹ අවට තැන් කිහිපයක් ගැන අපි ඔයාට කියන්නයි යන්නේ. දෙන්නෙක් ගියත් සම්පූර්ණ වියදම රුපියල් 1000ක් පනින්නෙ නැහැ!

1) ඉස්සෝ වඩේ කන ගමන් ගෝල්ෆේස් එකේ ඇවිදිමුද?

 

 

 

පොඩ්ඩක් මතක් කරල බලන්න. අන්තිම වතාවට ඔයා ගෝල්ෆේස් වෙරළ තීරය දිගේ ඇවිදගෙන ගියේ කවදද?
ලස්සන හැන්දෑවක, ඉර බහින වෙලාවක ඒ කොළපාට තණකොළ තීරය දිගේ ඔහේ ඇවිදගෙන යනකොට,
ඔයාලා දෙන්නටම ඇතිවෙන්න ඉස්සො වඩේ ගත්තත් රුපියල් 200ක් වැය වෙයි ඕනෙ නම්. නිදහසේ සෙල්ලම් කරන ළමයි දිහා බලාගෙන නිස්කලංක සන්ධ්‍යාවක් ගත කරන්න එහෙම කැමති නැත්ද?

ඒ වගේම තමයි සති ගාණක් යනකන් ඔයාට ඒ හැන්දෑව මතක තියේවි.

2) ෆොටෝ පිරුණ නෙළුම් පොකුණ

 

 

විහාර මහා දේවී උද්‍යානය අසල තියෙන නෙළුම් පොකුණ පෙදෙස, කොළඹදි දැකගන්න පුලුවන් සුන්දරම ස්ථානයක්. ගාම්භීරව පෙනෙන නෙළුම් පොකුණ තෙක් විහිදී තිබෙන කොළ පැහැති සුන්දර මාවත, ෆොටෝස් ගන්න කැමති අයට නම් ගැලපෙනම ප්‍රදේශයක් වේවි. තමන්ට සුන්දර මතකයක් එකතු කරගන්න ලස්සනම තැනක් වුණත්, මේ වෙනුවෙන් ඔයාට සතයක්වත් වියදම් වෙන්නෙ නැහැ!

3) බෙල්ලන්විල උද්‍යානයේ බයිසිකල් සවාරියක්

 

 

මේ වගේ තැනක නම්, නිදහසේ බයිසිකලයක් පදිනවා තරම් දෙයක් නැහැ. ඔයාලා බෙල්ලන්විල උද්‍යානය පැත්තට ගියොත් පැයට රුපියල් සීයක මුදලට කුලියට දෙන සයිකල් දෙකක් අරගෙන වැව වටේම නිදහසේ පදින්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි. එතනම විවෘත කර තියෙන Food Stallsවලින් අඩු ගාණකට රහ කෑම වේලක් භුක්ති විඳින්නත් ඔයාලා දෙන්නට පුළුවන්. හැමදෙයක්ම රුපියල් 1000ට අඩුයි!

4) ඔබ වෙනුවෙන් විවෘත වූ කොළඹ ජාතික කෞතුකාගාරය

 

 

විවිධ කාල වකවානුවල පෞරාණික කෞතුක වස්තුවලින් පිරී තිබෙන කොළඹ ජාතික කෞතුකාගාරය පැය ගණනක් රැඳී සිටිය හැකි ස්ථානයක්. අලුත් අලුත් දේ ගැන හොයලා බලන්න කැමති නිර්මාණශීලී දෙදෙනෙකුට නම් මෙතන තවත් ගැලපේවි.

5) දියත උයනේ පැළ ප්‍රදර්ශනය

 

 

ඔයයි ඔයාගෙ සහකාරියයි ගෙවතු වගාවට යොමු වුන දෙදෙනෙක්ද?ගහකොළ පිරි කොළ පැහැති වටපිටාවකට පිස්සුවෙන් වගේ ආදරේ කරනවාද?
එහෙනම් අමතක නොකර දියත උයනට යන්න. ප්‍රදේශය පුරා සිටින පැළ වගාකරන්නන් තමන්ගේ විසිතුරු පැළ රැගෙන, සෑම සති අන්තයකදීම නොවරදවාම දියත උයනට එනවා. අලංකාර විසිතුරු පැළ මෙන්ම දුර්ලභ වටිනා ශාක රාශියක්ම බොහොම සාධාරණ මිලකට ඔබට මිලදී ගන්න පුළුවන්.

6) කොළඹ Pubවල Happy Hour Offers

 

අපි ශ්‍රී ලාංකිකයයි මත්පැන් බොන්න බොහොම කැමතියි. හැබැයි මත්පැන්හල්වල අන්තිමට ගේන බිල්පත දැක්කහම තමයි අපිට තරු පේන්නේ!
එහෙම බලනකොට Happy Hour කියන්නේ ත්‍යාගයක් වගේ දෙයක්ද කියලත් හිතෙනවා. සමහර මත්පැන්හල්වල ” Buy 1, Get 1 Free” offers දෙනකොට ඇතැම් තැන්වල තෝරාගත් cocktailsවලට ඇදහිය නොහැකි වට්ටම් දෙනවා. ඉතින් හොයලා බලලා මෙහෙම තැනකට ගියොත් නම් රුපියල් 1000ක්වත් වියදම් කරන්නෙ නැතුව ලේසියෙන්ම beers mugs දෙකක් ඔයාට ලැබේවි.

7) දියත උයනේ හංස බෝට්ටු පදිමුද?

 

 

හංස බෝට්ටු ගැන අමුතුවෙන් මොනවා කියන්නද. ඔබේ ආදරණීයන් සමඟ හරිම නිදහස් සහ සාමකාමී මොහොතක් ගත කරන්නට මේ තෝරාගැනීම හරියටම ගැලපේවි. වැව් රළ මැද්දේ ඔබේ කාලය ඔබට අවැසි ලෙසටම ගත කරන්න නම් දියත උයනේ හංස බෝට්ටුවකට ගොඩ වෙන්න.

8) ඔබට සිතැඟි මල් කළඹක් – ඩීන්ස් පාරෙන්

 

 

ඩීන්ස් මාවත මුල සිට අග දක්වාම පිරී තියන්නේ විවිධ ආකාරයේ මල් සාප්පු රොත්තකින්. ඩීන්ස් මාවතේ දී ඔබ කැමතිම මල් වර්ග වලින් සපිරි අලංකාර මල් කළඹක් වෙනුවෙන් රුපියල් 1000ක්වත් වියදම් වෙන්නෙ නැහැ.

(මල් කිව්වොත් ඉතින් සමහරු මොනවා නොකරාවිද 🙂

9) ක්‍රීඩා පිරුණු Ground Zero, One Galle Face

 

 

Gamers… මෙතන දෙවනත් කරන්නට ඔබ සූදානම්ද? තෝරා ගත හැකි එකිනෙකට වෙනස් පුළුල් ක්‍රීඩා ඉසව් රාශියක් සමඟින් One Gall Face හි පිහිටා තිබෙන Ground Zero අංගණය, ඔබටත් ඔබේ සහකාරියටත් සෞඛ්‍යාරක්ෂිත ,විනෝදාත්මක මොහොතක් එක් කරාවි.

10) Mount Lavinia වෙරළේ රසවත් වයින් තොල ගාන්නට

 

 

එක් අයෙකුට රුපියල් 1000ක්වත් වැය නොකර ඔබට ලැබිය හැකි ආදරණීයම සහ සරලම පෙම් හමුවක් Mount Lavinia වෙරළේ අත් විඳින්නට නම්,
රුපියල් 2000කට අවම රතු / සුදු වයින් බෝතලයක් රැගෙන සුන්දර සන්ධ්‍යාවක් ගත කිරීමට Mount Laviniaවට ගොඩ වන්න අමතක කරන්නත් එපා. හිරු බසින අතරෙහි ඔබේ පෙම් හමුව විඳ ගන්න…

11) මරදාන පරණ පොත් කඩ පේළියට ගොඩ වුනාද?

 

පොත්ගුල්ලනි, පරිස්සමෙන්!!

රුපියල් 1000කට එහා වියදම් කරන්නට ඔබේ හිත පෙළඹෙන්නට ගනීවි. දූවිලි පිරුණු මරදාන පරණ පොත් කඳු අස්සෙන් හොයා ගන්නට අතිශය අමාරු දුර්ලභ මැණික් හමුවෙන්නටත් ඉඩ තියෙනවා. කතා කරපු ගමන් පොත් ගැන විස්තර කියන සුන්දර මිනිසුන් කිහිපදෙනෙක්ම එතනදි ඔබේ උදව්වට පැමිණේවී.

12) Bowling නම් Excel World… Excel World නම් Bowling

 

 

අපි තව මොනවා කියන්නද? Bowling කියන්නෙම විනෝදයක්; සතුටක් සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න හොඳම විදිහක්.

13) සල්සා රාත්‍රියකට ගොඩ වදිමු

 

 

The Irish සහ Playtrix සමාජ මාධ්‍ය ගිණුම් වෙත ඇහැ දැම්මොත් සල්සා රාත්‍රියක් හොයා ගන්නට අමාරු වෙන්නෙ නැහැ. ඇතැම් රාත්‍රීන් වලදී ඔවුන් කිසිදු වයස් භේදයක් නැති, විනෝදකාමී සල්සා රාත්‍රීන් සංවිධානය කරනවා. සහකාරියත් එකතු කරගෙන විනෝද වෙන්නට හොඳම විදිහක්!
සල්සා නටන්න දන්නැතිද? ලැජ්ජා වෙන්නෙපා, එතන සිටින අයට ඔබ ගාවටම ඇවිත් කියලා දෙයි. කිසිම වෙනසක් නැතිව සල්සා නටන්න. ඔබේ වාරය ඊළඟට…

14) Crystal Shopping

 

 

අධ්‍යාත්මය වෙනුවෙන් වෙහෙසෙන ඔබට;

Stratford Avenue හි පිහිටා තිබෙන House of Siris අධ්‍යාත්මික මන්දිරයෙන් නොමිලේම ඔබේ ඕරා වළල්ල ගැනත් දැනුවත් වෙන්න හැකියි. සමබර ජීවිතයක් වෙනුවෙන් නොමිලේම ඔවුන්ගෙන් අදහස් ගන්නට ඔබට එහිදී හැකියාව තිබෙනවා. රුපියල් 1000කට වඩා අඩු මුදලක් වැය කර ලබා ගත හැකි crystals වර්ග රාශියක්ම එහි දැකගන්න පුළුවන්.

(අවැසි නම් Blue Lace Agate 1200ක් වැනි මුදලකටත්, Rose Quartz හෝ Red Jasper වැනි පාෂාණයක් රුපියල් 400 මිලකට අලෙවි වනවා.)

15) Carnival Ice Cream

 

 

වසර ගණනක් තිස්සේ රහ බෙදූ Carnival Ice Cream මිහිර විඳින්නට කවුද ඉතින් අකමැති? ඉතාම සාධාරණ මිල ගණන් යටතේ විවිධ Ice Cream වර්ග රාශියක් එහි ඇතුළත් වනවා.

ලස්සන හුරුබුහුටි Instagram post එකකටත් භාවිතා කරන්න බැරි යැ…

16) ඩාන්ස් නැත්නම් යෝගා පන්ති

 

 

අලුත් දේවල් කරන්නට උත්සාහ ගන්නවා කියන්නෙ වරදක් නෙමෙයිනෙ! විනෝදයෙන් පිරුනු ඩාන්ස් ක්ලාස්; එහෙමත් නැත්නම් ශරීරයට සැහැල්ලුවක් ගෙන දෙන යෝගා පන්තියකට එකතු නොවෙන්නෙ ඇයි එහෙම නම්..?
කවුද දන්නෙ, සමහරවිට ඒ ඔබේ අලුත්ම විනෝදාංශයේ පළවෙනි පියවර වෙන්නත් පුළුවන්. බොහෝමයක් තනි යෝගා පන්තිවල මුදල රුපියල් 1000කට අඩුයි.

එහෙමත් නැතිනම්, ඔබේ හොඳම යාලුවාත් අල්ලගෙන එකතු වෙන්න කියෝෂි පෙරේරාගේ නර්තන පුහුණුවීමකට. කාන්තාවන්ට පමණක් වෙන් වුනු මේ පුහුණුවීම්වලදි Latin, Hip Hop, Afro, movement සහ traditional ඇතුළු නර්තන විලාස 05ක්ම ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා.

17) උණුහුම් තේ සපිරි Chaiwala

 

 

එහා මෙහා ගැවසෙන මිනිසුන් අතරේ උණුහුම් තේ පානයක රස මිහිර විඳින්නට ඔබ යා යුතුම Marine Drive පෙදෙසේ Chaiwala වෙතයි.
මතකයේ රැඳෙන ඡායාරූප කිහිපයක් ගන්නත් ඔබ එන තෙක් එතැන බලා සිටිනවා.

18) කෝපි උගුරකින් සැනහෙන Caramel Pupmkin

 

 

කෝපිලෝලීනි,

උසස්ම තත්ත්වයේ උණුහුම් කෝපි පානයක් රසවිඳිය හැකි Carmel Pumpkin වෙත ඔබ තාම ගියේ නැද්ද?

19) දෙහිවල සත්වෝද්‍යානයට පිය නඟන්න!

 

 

ඔබ හා ඔබේ සහකාරිය සතුන්ට වැඩිපුර ඇල්මක් දක්වනවද? දෙහිවල සත්වෝද්‍යානය එවැනි අයට ගැළපෙනම තැන් කිහිපයෙන් එකක්.
ගිනියම් හැන්දෑවකට වඩා සත්වෝද්‍යානය පුරා යන රාත්‍රී සංචාරයක් ඔබේ විඩාව මඟ හරිනු ඇත.

20) ග්‍රහලෝකාගාරය තවමත් අමතක නැහැ!

 

“හඳට පියාසර කරන්න. මට තරු අතරෙහි සෙල්ලම් කරන්න ඉඩ දෙන්න”
Frank Sinatraගේ මේ කතාව මේ තරම්ම ජනප්‍රිය වෙන්න හේතුවක් තියෙනවා.

Fitness හදාගන්න Equipment සහ Supplements ගන්න හොඳම ස්ථාන මෙන්න …

නත්තල් කාලේ සහ ඒ ගමන්ම වගේ ලබපු අලුත් අවුරුද්ද නිසා අපි ගොඩක් තෙල් කෑම වර්ග ආහාරයට ගත්තා. ඉතින් දැන් ඒ අහිතකර මේදය ඉවත් කරගන්න කාලේ තමයි මේ ඇවිත් තියෙන්නේ. මේකටනම් ඔයාට gym එක්කට යන්න අවශ්‍ය වේවි. ඒ වුණාට gym යන්න ඔයාට වෙලාව නැත්තම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පහසු වෙලාවක පහසු ස්ථානයක ව්‍යායාම කිරීමට ඉඩ සලස්වා ගැනීම.නමුත් ඔබට උපකරණ නොමැති නම් කුමක් කළ යුතුද? නැතහොත් එම supplements ලබා ගන්නේ කොහෙන්දැයි ඔබ නොදන්නව නම් ඔබ කුමක්දකල යුත්තේ? ඔබටත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා පිළිතුරු මෙන්න. යෝග්‍යතා උපකරණ සහ supplements මිලදී ගැනීමට කොළඹ ඇති හොඳම ස්ථාන කිහිපයක් ගැන අද අපි ඔබව දැනුවත් කරනවා.

Fitness Equipment

 

Eser Marketing

 

 

 

Tel: 0774 645 777
Web: https://www.eser.lk/
Insta: @eser_international
Facebook: https://www.facebook.com/esermarketingInternational/
Address: No 02, Jaya Road, Colombo 04

GS Sports

Tel: 0775 551 000
Web: https://gssports.lk/
Insta: @gssportsofficial
Facebook: https://www.facebook.com/gs.sports.official/
Address: No 445A, Galle Road, Colombo 03

 

 

Decathlon

Tel: 0112 785 330
Web: https://decathlon.lk/
Insta: @decathlon.lk
Facebook: https://www.facebook.com/DecathlonSL/
Address: 323, Union Place, Colombo 02

Quantum Fitness

Tel: 0115 964 964
Web: https://quantum.lk/
Facebook: https://www.facebook.com/QuantumTeleShopping/?fref=ts
Address: No 05, Anderawatte Road, Colombo 05

Bansons

Tel: 0112 821 803
Web: http://www.bansons.lk/
Insta: @bansons
Facebook: https://www.facebook.com/bansonssrilanka
Address: No 51, Mihindu Mawatha, Colombo 12

Life Fitness

 

Tel: 0703 202 800
Web: http://lifefitnesssrilanka.com/
Address: No 6/1/1, Gothami Road, Colombo 08

Supplements

 

Supplement Warehouse

 

Tel:
Web: https://supplementwarehouse.lk/
Insta: @supplementwarehouse_srilanka
Facebook: https://www.facebook.com/supplementwarehouselk/
Address: No 23.A, Second Floor, 7 Maitland Crescent, Colombo 07

Life Supplements

 

Tel: 0750 121 880
Facebook: https://www.facebook.com/LifeSupplements.lk
Address: 69, Cotta Rd, Colombo 08

Bodybuilding.lk

 

Tel: 0777 686 820
Web: https://www.bodybuilding.lk/
Insta: @bodybuilding.lk
Facebook: https://www.facebook.com/bodybuilding.lk
Address: 609, Galle Road, Mount Lavinia

Supplement Factory

 

Tel: 0775 564 422
Web: @supplementfactory.lk
Insta: https://www.instagram.com/supplementfactory.lk/
Facebook: https://www.facebook.com/supplementfactory.lk
Address: 229/1/7, Santosh Plaza, Main Street, Colombo 11

Fitness Island

 

Tel: 0777 294 033
Web: https://store.fitnessisland.lk/
Insta: @fitnessisland_store
Facebook: https://www.facebook.com/Fitnessisland.Store
Address: 29, 17 Stratford Ave, Colombo 06

Supplement Shop

 

Tel: 0777 987 395
Web: http://www.supplementshop.lk/
Facebook: https://www.facebook.com/supplementshop.lk
Address: 177D, Stanly Thilakarathna Mawatha, Nugegoda

ZF Store

Tel: 0772 353 357
Web: https://zfstore.lk/d41d8-neve-fitness-contact/
Insta: @zfstore.lk
Facebook: https://www.facebook.com/zurifitnessstore
Address: 180, Highlevel Road, Nugegoda

Vitawell

Tel: 0114 503 503
Web: https://www.vitawell.lk/
Insta: @vitawell.lk
Facebook: https://www.facebook.com/vitawell.lk
Address: LG30, One Galle Face Mall, Colombo 01

 

Strong.lk 

 

 

Tel: 0712 309 690

Web: https://strong.lk/ 

Instagram: @strong.lk

Facebook: @info.strong.lk

Address: 247/1 High Level Rd, Nugegoda

මෙහිදී ඔබ මෙම උපකරණ හා supplements නිසි දැනුමෙන් සහ අවබෝධයෙන් භාවිතා කිරීමට වග බලා ගැනීම අවශ්‍යම දෙයක් වෙනවා. ඔබට උපකාර සහ මග පෙන්වීම අවශ්‍ය නම් වෘත්තිකයෙකු සම්බන්ධ කරගන්න.

ඉතින්, 2022 වසර වඩාත් යෝග්‍ය සහ ජව සම්පන්න වසරක් කර ගැනීමට ඔබටත් පුළුවන්!

කාර්යබහුල තරුණියන්ට රුව රැක ගැනීමට පහසු ක්‍රම …

හැමදාම පැහැපත්ව ලස්සනට ඉන්න මොන තරුණියද අකමැති? රූ සපුවත් , තාරුන්‍යයත් ඔප්නංවන රූපලාවණ්‍ය සත්කාර සඳහා කාලය වැය කරන්නට කාර්යබහුල තරුණියන්ට ප්‍රමාණවත් කාල වේලාවක් නැහැ .එම නිසා බොහෝ වෙලාවට රූ සපුව ගැන හිතන්නට ඔබට අතපසු වෙනවා ඇති .එහෙත් හරිම සරල ක්‍රම භාවිතයෙන් වුවත් රූ සපුව වර්ධනය කරගැනීමට හැකි බව දැන් වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.පිරිමින්ට වඩා කාන්තාවන් සම ගැන බොහෝ සෙයින් උනන්දු විය යුතුය .මන්දයත් වියපත් වීමේදී කාන්තාවන්ගේ මුහුණේ රැළි ගැසීමේ ප්‍රවණතාව පිරිමින්ට වඩා ඉහළයි .එයට හේතුව තමයි මුහුණේ සම පිරිමින්ට සාපේක්ෂව තුනී වීම හා එහි අඩංගු කොලජන් ප්‍රතිශතය සාපේක්ෂව අඩු වීම. එම නිසා සම රැක ගැනීමට තරුණියන් සහ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

තාරුණ්‍යය රැකදෙන ඇපල්

 

 

සම රැලි ගැසීම හෝ වියපත් වීම ගැන කතා කරද්දි කාර්යබහුල තරුණියකට වඩාත්ම පහසුවෙන් සම රැක ගැනීම සඳහා කර හැකි සත්කාර මොනවාද ?

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න. ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම තාරුණ්‍යය රැක දෙන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා හැරෙන්නට ඇපල් සතු පෝෂණ ගුණය සමෙහි පැවැත්මට දායක කරගන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ ඇපල් සයිඩර් විනාකිරි රූපලාවණ්‍ය සත්කාර සඳහා එක්කර ගැනීමයි.ඇපල් වල ඇති බැක්ටීරියා නාශක ගුණය හා සමේ පි.එච් අගය සමබර කිරීමේ හැකියාවත් නිසා සමේ ස්වාභාවික සුන්දරත්වය හා තරුණ පෙනුම රැකගන්න ඒක කදිම සංඝටකයක් .

ඇස් යට කළු වීමට තිත තබන කහ

 

 

 

 

සුන්දර ශරීර අවයවයක් ලෙස සලකන දෑස් පිළිබඳ ලියැවුණු වර්ණනා ඉහටත් උඩින්ය.නමුත් බොහෝ අයගේ දක්නට ඇති ඇස් යට දුර්වර්ණයට කදිම බෙහෙතක් තමයි යෝගට් සහ කහ.

මුලින්ම පිරිසිදු භාජනයකට යෝගට් තේ හැඳි දෙකක් එකතු කරගන්න.එයටම කහ කුඩු ස්වල්පයක් දමාගන්න .හොඳින් මිශ්‍රකර ඇස් යට ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න .මෙම ආලේපනය සතියට දෙවතාවක් තුන් වතාවක් කිරීමෙන් ඇස් වටා පෙදෙස් වල සැබෑම වෙනසක් ඔබටම දැක ගන්න පුළුවන් .

ආකර්ශනීය පැහැයක් ලබා ගැනීමට කෝපි ක්‍රීම්

 

 

 

ඉතාමත් ඉහළ කැෆෙන් අගයක් පවතින කෝපි යනු ජනප්‍රිය බීමක් මෙන්ම රූපලාවන්‍යය කටයුතු සඳහා යොදා ගන්නා සාර්ථක ආලේපනයක්.
කෝපි cream වෙනදාට ඔබ භාවිතා කරන ක්‍රීම් වර්ග මෙන් සමේ බොහෝ වෙලාවක් රඳවා ගත නොහැකිය .උදේ සවස ආලේප කර ටික වේලාවක් තබා සෝදා ගත හැකිය. ස්වාභාවිකව සකස් කරගත් මේ cream දිනපතා ආලේපනය කිරීමෙන් තරුණ පැහැපත් සමක් හිමිකර ගත හැකි වේ.

කෝපි cream සකස් කරගන්නා ආකාරය.

 

 

පිරිසිදු කෝපි කුඩු මේස හැඳි දෙකක්

ඇලෝ ජෙල් මේස හැඳි එකහමාරක්

විටමින් E කැප්සියුලයක්

සියල්ල ක්‍රීම් එකක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න .ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ වැඩි වේලාවක් මිශ්‍ර කර ගැනීමෙනි .මේ ආකාරයට සකස් කර ගත් කෝපි ක්‍රීම් එක ඔබේ මුහුණේ ආලේප කර දින කිහිපයකින් පැහැපත් පෙනුමක් ලබාගන්න .

Blackheads whiteheads ඉවත් කරන toothpaste

 

 

 

Blackheads සහ whiteheads මුහුණට ගෙන දෙන්නේ ඉතා අවලස්සනක් .එම නිසා මෙම කරදරකාරී blackheads සහ whiteheads පහසුවෙන්ම කාර්යබහුල තරුණියන්ට ඉවත් කර ගත හැකි ක්‍රමයක් ඔබට කියලා දෙන්නම්.

පිරිසිදු භාජනයකට toothpaste කඩල ඇට දෙකක ප්‍රමාණයක් දමා ගන්න . ඊට පසුව ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න .හොඳින් කවලම් කර එය ටික වේලාවක් තිබෙන්නට හැර වෙනම බඳුනක් ගෙන එයට මද උණුසුම් ජලය දමා ගන්න .පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එය මඳ උණුසුම් ජලයේ පොඟවා ගන්න.පසුව blackheads whiteheads තිබෙන තැන් හොඳට තවා ගන්න .ඉන්පසු කවලම් කරගත් ආලේපනය ගෙන මුහුණේ ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම ආලේපනය ආලේපකර පහසුවෙන්ම blackheads whiteheads ඉවත් කරගන්න.

රුව අලංකරනයට මුළුතැන්ගෙයින් මෙන්ම ගෙවත්තෙන් ද වස විස නැති අතුරු ආබාධ නැති ස්වාභාවික අමුද්‍රව්‍ය බොහෝමයක් සොයාගන්නට හැකි වුවද වර්තමානයේ කාන්තාවන් මෙම ක්‍රම වලින් ඈත් වී සිටිනු දකින්නට ලැබේ .ස්වාභාවික රුව අලංකරන සත්කාරක ක්‍රම අනුගමනය කර සුන්දර නිරෝගී සමක් තබා ගැනීමට උනන්දු වීමෙන් දිගුකාලීන ස්වාභාවික සුන්දරත්වයක් ලබාගත හැකිය.

මන්දාකිනි පතිරණ.

අන්තර්ජාලය ඇසුරිනි.

නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න…

නව වසරේ නව පෙනුමකින් හැඩ වෙන්න අපි හැම දෙනාම ආසා කරනවා. ඒ තුළින් ඔබට ලැබෙන ආත්ම විශ්වාසයත් කියා නිම කරන්නට බැහැ. ඒ නිසාම ඔබට උසස් ගුණාත්මක තත්වයේ සේවාවක් ලබා ගත හැකි කොළඹ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාර ලැයිස්තුවක් සකසන්නට අපි සිතුවා…

1. Chagall Colombo

 

සුඛෝපභෝගී රූපලාවන්‍යාගාර අත්දැකීමක් විඳ ගන්නට, පාර්ක් වීදියේ පිහිටා තිබෙන Chagall Colombo..!

33, පාර්ක් වීදිය, කොළඹ 02
077 735 3177
https://www.instagram.com/chagall_park.st/
Instagram: https://www.instagram.com/chagall_park.st/ (DM them for appointments)

2. Ramani Fernando Salons

 

 

සැමවිටම තම පාරිභෝගිකයින්ට උසස්ම සේවාවක් ලබා දෙන Ramani Fernando රූපලාවන්‍යාගාර ජාලය, මෙරට වෙළඳපොළට නම් ආගන්තුක නැහැ. කොළඹ පුරා විහිදී තිබෙන පුළුල් ශාඛා ජාලයක් ඔවුන් සතුයි.

ප්‍රධාන ශාඛාව –
32, එලිබෑන්ක් පාර, කොළඹ 05
011 258 2176
https://www.instagram.com/ramanifernando.salons/
Instagram: https://www.instagram.com/ramanifernando.salons/

3. Mosh

 

 

2022දී ඔබ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට සිතාගෙන සිටිනවා නම්, Mosh ඔබ යා යුතුම ස්ථානයයි.

49/1, වෝඩ් පෙදෙස, කොළඹ 07
011 269 0549
https://www.instagram.com/mosh.lk/
Instagram: https://www.instagram.com/mosh.lk/

4. Capello Salons

 

 

වෙනස්ම ආකාරයේ රූපලාවන්‍යාගාර අත්දැකීමක් විඳ ගන්නට ඔබ සිතනවා නම්, Capello Salons වෙන් වෙන්නේ ඔබ වෙනුවෙන්මයි!

24, විජේරාම මාවත, කොළඹ 07
011 250 2729
https://www.instagram.com/capellosalonslk/
Instagram: https://www.instagram.com/capellosalonslk/

5. Salon KESS

 

උසස්ම සේවාවක් සොයන ඔබට උසස්ම හැඩ ගැන්වීමක් Salon KESS වෙතින්…

තෙවන මහල, රොස්මීඩ් පෙදෙස, කොළඹ 07
011 267 6855
https://www.instagram.com/kess_salon/
Instagram: https://www.instagram.com/kess_salon/

6. The Cutting Station

 

 

ඔබේ හිසකෙස් ගැන බලා ගන්න ඔබ සිතනවටත් වැඩිය තැනක්, The Cutting Station…!

65/3A, කිරුළ පාර, කොළඹ 05
011 258 8769
https://www.instagram.com/thecuttingstationsl/
Instagram: https://www.instagram.com/thecuttingstationsl/

7. Rumours

 

ඒ කටකතා ඇත්ත!! ඔබ බලාපොරොත්තු වන අයුරෙන්ම ඔබට අවැසි සේවාව සපයන්න ඔවුන්ට පුලුවන්.

467, යූනියන් පෙදෙස, කොළඹ 02
011 266 9898 / 077 340 2076
https://www.instagram.com/rumours_sl/
Instagram: https://www.instagram.com/rumours_sl/

8. Salon Liyo

 

 

2020 දී ඔබ කැමතිම විලාසිතාවකට හැඩවෙන්න හොඳම විසදුම තමයි Salon Liyo ..

224A, හයිලෙවල් පාර, කොළඹ – මඩකලපුව මාර්ගය, නුගේගොඩ 10250
077 388 5122
https://www.instagram.com/liyo_dhanushka/
Instagram: https://www.instagram.com/liyo_dhanushka/

9. Salon 7th Avenue

 

 

කොළඹ සිටි සෙන්ටර් හි ෂොපින් කරන ඔබ, Salon 7th Avenue හි නතර වෙන්නත් අමතක කරන්න එපා!

කොළඹ සිටි සෙන්ටර් – දෙවන මහල, 137, ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02
011 432 3347 / 077 731 1229
https://www.instagram.com/salon_7th_avenue/
Instagram: https://www.instagram.com/salon_7th_avenue/

10. Scalp Hair and Beauty

 

 

 

හිසකෙස් කියන්නෙ අපේ වැඩි අවධානයක් යොමුකල යුතු තවත් දෙයක්. Scalp Hair and Beauty කියන්නේ ඔයාගේ හිසකෙස් වලට අනර්ඝ සේවාවක් සපයන හොදම තැනක්.

55, කුරුප්පු මාවත, කොළඹ 08
077 315 8182
https://www.instagram.com/salonscalp_/
Instagram: https://www.instagram.com/salonscalp_/

11. Cheveux Salon

 

 

ඔබ ගැන නිතරම සැලකිලිමත් වීම වරදක් නෙමෙයි! Cheveux Salon රූපලාවන්‍යාගාර ජාලයේ unisex ශාඛාවක් කොළඹ සිටි සෙන්ටර් හි පිහිටා තිබෙනවා.

124, බාන්ස් පෙදෙස, කොළඹ 04
011 720 7008
https://www.instagram.com/cheveuxlk/
Instagram: https://www.instagram.com/cheveuxlk/

12. Salon Looks

 

 

 

Salon Looks ඔබේ ආකර්ෂණීය ගතිය තවත් වැඩි කරමින් ඔබේ ආත්ම ශක්තිය තවත් ඉහළ නංවාවි…

259, හයිලෙවල් පාර, මහරගම, කොළඹ
0112 160 770 / 075 770 5308
https://www.instagram.com/lookssl_salon/
Instagram: https://www.instagram.com/lookssl_salon/

13. BC Lifestyle Studio

 

 

 

කලක සිටම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන British Cosmetics ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ! සැමදා මතකයේ රැඳෙන හැඩ ගැන්වීමක් ඔවුන් ඔබට ලබා දේවි.

වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය, 1A, ප්‍රධාන පාර, කොළඹ 02
0112 422 588
https://www.instagram.com/bclifestylestudios/
Instagram: https://www.instagram.com/bclifestylestudios/

14. The Chopping Block

 

 

 

 

ඔබේ සත්කාරය සඳහාත් Chopping Block වෙත පිවිසෙන්න. උපරිම ආශ්වාදයකින් පිටතට පැමිණෙන්න.

1, 43 Maitland Crescent, කොළඹ 07
011 576 6516
https://www.instagram.com/thechoppingblock__/
Instagram: https://www.instagram.com/thechoppingblock__/

15. Scissors Salon

 

 

 

Scissors Salon කාලයට පටන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සිටින ප්‍රබල තරඟකරුවෙක්… ඔවුන් සමඟින් අලුත් නැවුම් පෙනුමකට මාරු වෙන්න ඔබටත් පුලුවන්!

300, හැව්ලොක් පාර, කොළඹ 05
011 430 8967 / 011 488 8295
https://www.instagram.com/scissorslk/
Instagram: https://www.instagram.com/scissorslk/

16. The Hair Studio

 

 

 

ඔබේ හිසකෙස් සඳහා ගුණාත්මක තත්වයේ සේවාවක් ලබා ගැනීමට The Hair Studio වෙත පිය නඟන්න. වසර මුලම ඔබට නව ජීවයක්… නව ආකර්ෂණයක්…

2, 6 සභා ලේන්, කොළඹ 05
077 162 3097
https://www.instagram.com/thehairstudio_byanusha/
Instagram: https://www.instagram.com/thehairstudio_byanusha/

17. You by The Wax Museum

 

 

කණගාටු වෙන්නෙපා, ඔවුන් ඔබව ඉටි රූපයකට හරවන්නෙ නැහැ. නමුත් ෂැම්පු වෙළඳ දැන්වීමක වැනි සුමුදු කෙස් කළඹක් ඔබට ලබා දේවි.

25/4, පළමු පටුමඟ, කොස්වත්ත පාර, 10100
072 742 2200
https://www.instagram.com/you_by_thewaxmuseum/
Instagram: https://www.instagram.com/you_by_thewaxmuseum/

18. The Rush Hair Salon

 

 

 

ඔබේ විලාසිතාවට ගැළපෙන ම රූපලාවන්‍යාගාරයක් සොයා ගැනීම පහසු දෙයක් නෙමෙයි. ඔබ සිතනවාටත් වඩා වැඩි ආකර්ෂණීය පෙනුමක් The Rush Hair salon ඔබට ලබා දෙනු ඇත.

කොළඹ – මඩකලපුව මාර්ගය, නුගේගොඩ
011 219 9299
https://www.instagram.com/the_rush_hair/
Instagram: https://www.instagram.com/the_rush_hair/

19. Naturals

 

 

 

ඇතුළතින් සහ පිටතින් ඔබව රජුන්.. රැජිනියන්.. කරන Naturals රූපලාවන්‍යාගාරය ඕනෑම අයෙකුට විවෘතයි.

290, ජෝර්ජ් ආර්. ද සිල්වා මාවත, කොළඹ 13
0112 444 160
https://www.instagram.com/salonnaturals_unisex_salon/
Instagram: https://www.instagram.com/salonnaturals_unisex_salon/

20. Salon Nayana

 

 

 

හිතේ තියන කොණ්ඩා මෝස්තරය/වර්ණය සැබෑවක් කර නොගන්නේ ඇයි? Salon Nayana ඔබේ ආශාව සැබෑවක් කරාවි…

18, සෙන්ට් ලුසියා මාවත, කොළඹ 13
0112 441 088
https://www.instagram.com/salonnayana/
Instagram: https://www.instagram.com/salonnayana/

21. Leena Hari Salon 

 

මෙම නව වසරේ ඔබේ හිසකෙස් රැකබලා ගැනීමට ඔබේ සුන්දරත්වය ඔබට දැනෙන්න සලස්වාලීමට Leena Hariram සුදානමින් ඉන්නවා.

60 එඩ්මන්ටන් පාර, කොළඹ 5

Telephone number: 076 223 4776 

Instagram: @leenaharipromakeup.hair.beauty

 

ඔබ කැමති සියළුම ආහාර එකම වහලක් යට!…

වැල්ලවත්තේ කාර්ය බහුල වීදියක සුපුන් ආකේඩ් ගොඩනැඟිල්ලේ නව වන මහලේ Area 56 restaurant එක පිහිටලා තියෙනවා. විවිධ ආහාර රැසක් එයාලාගෙන් ලබාගන්න පුළුවන් නිසාම නොයෙකුත් වර්ගවල ආහාර රස විදින්න ඔයාට මෙහිදී අවස්ථාව ලැබෙනවා. ඉතින් එයාලගේ රසම රස අපේ සිත් ගත්ත ආහාර කිහිපයක් ගැන කියන්න තමයි මේ සූදානම.

 

Drinks
Iced Coffee (LKR 450)

 

 

 

 

Caffeine වලට ඇබ්බැහි වෙලා ඉන්න ඕනෑම කෙනෙකුට මේ drink එක ඉතා වටින එකක් වෙයි. ඕනෑවට වඩා පැණි රස නැති මේ drink එකේ තද coffee රසක් තිබුණා වගේම දැණුනු සුළු condensed milk (උකු කිරි) රස මේ drink එකේ රසය ඉහළ නංවන්න සමත් වුණා. මේ iced coffee එක රස්නේ වේලාවක බොන්න කියාපු බීමක්.

 

Chocolate Milkshake (LKR 600)

 

 

පැණි රසට කැමති වුණත් ඕනෑවට වඩා වැඩි පැණි රසට අකමැති කෙනෙක් නම් මේ chocolate milkshake එක ඔයාට කදිමයි. හොඳ චොකලට් ගතියක් වගේම කිරි රසක් මේකේ තිබුණත් මේ drink එකේ මම කැමතිම දේ වුණේ අනිත් කෑම වලටත් අපේ බඩේ ඉඩකඩ තියෙන විදිහට මේක ඇඟට සැහැල්ලු බීමක් වුණ එක. ඉතින් මේක උත්සහ කරන්නම වටින drink එකක්.

 

Starters

Pepper and Mustard Beef (LKR 1000)

 

 

 

අබ වලට කැමති කෙනෙකුට වඩා ලොකු කැමැත්තක් නැති කෙනෙක්ට නම් මේ dish එක වඩාත් ගැලපෙන විදිහට රසවත්ව සාදා තිබුණා. මේකේ තිබුණ අබ රසය ගම්මිරිස් වල සැර රසය එක්ක කදිමට ගැලපුනා. ප්‍රධාන ආහාරයට ඔයාව සූදානම් කරන්න හොඳ dish එකක් විදිහට මේ dish එක හඳුන්වන්න පුළුවන්.

 

Grilled Prawns (LKR 1100)

 

 

seafood ලෝලීන්ට කියාපු dish එකක් තමයි මේ. මේකේ ඉස්සන් මනාව සකස් කරලා තිබුණා වගේම ඒකෙන් ආපු smokey flavor එක මේ dish එකේ රසය තවත් වැඩි කළා. මේ dish එකට එකතු කරලා තිබුණ vinaigrette සියලුම රසයන් balance කරන්න සමත් වුණා. කොහොම වුණත් zesty zing ටිකක් මේ dish එකට එකතු කළා නම් ලේසියෙන්ම මේ dish එක ප්‍රියතම එකක් වෙයි කියලා අපිට හිතුණා. කොහොම වුණත්, උත්සාහ කළ යුතු දෙයක්!

 

Mains

Mutton Pizza (LKR 2200)

 

 

පුද්ගලිකව මේක මගේ ප්‍රියතම කෑම එක වුණා කිවුවොත් හරියටම හරි. මට සම්පුර්ණ pizza එකක්ම තනියම කන්න හිතුන නිසාම මේක ආපහු කන්න යන්න මම තීරණය කළා . මේකට සාම්ප්‍රධායික italian pizza එකකට වඩා ටිකක් වෙනස් ලාංකික රසයන් එකතු කරලා තිබුණා.චීස් මිශ්‍ර කරලා තිබුණ මේ pizza එකේ එකට ගැලපෙන curry flavour එකක් තිබුණා. වැඩි තෙල් ගතියක් නොතිබුණු මේකේ තිබුණු අනෙකුත් juicy රසයන් වලට වඩා ඉස්මතු වුණු එළු මස් රසයක් තිබුණා. මේක අනිත් හැමදේකටම වැඩිය වෙනස් රසයක් ගෙන දුන්න නිසාම මේක උත්සහ නොකළොත් ඒක ඔයා කරන ලොකු අපරාධයක් වෙයි.

 

Pad Thai (LKR 1100)

 

 

 

සැරට කන්න කැමති ලංකාවේ අපිටම කියාපු කෑමක් තමයි මේක. හරිම මෘදු noodles එක්ක තිබුණ ඉස්සන් සහ සැර ගතිය මේ dish එකට හොඳටම ගැලපුනා. කොහොම වුණත් සාම්ප්‍රධායික Pad Thai dish එකක තියෙන peanut රස සහ පැණි රස වගේම ලුණු රස මේකට එකතු කරලා තිබුනා නම් මේ dish එක තවත් රසවත් වෙයි කියලා මට හිතුනා. හැබැයි මේ dish එක try නොකර ඉන්න ඒක හේතුවක් කරගන්න නම් එපා.

Butter Chicken (LKR 1200)

 

 

සැර කෑමට උපන් හපන් ලංකාවේ අපි කාලා බලන්නම ඕනේ dish එකක් තමයි මේ. නැවුම් බාස්මති බත් එක්ක පිළිගන්වපු butter chicken හොඳටම ගැලපුනා කිවුවොත් හරියටම හරි. සැර, creamy, buttery වගේම කිරි රසයත් එකතු වෙලා රසයන් ගෙන් පිරිලා තිබුණ මේ curry එකේ රස balance කරන්න බත් එකට පුළුවන් වුණා. curry එකට තව ඉන්දියානු මසාලා එකතු කළා නම් තවත් හොඳයි කියලා අපිට හිතුණා. කොහොම වුනත් මේ dish එකේ හැම කටක් කටක් ගානේම අපි රසවින්දා කිව්වොත් හරියටම හරි.

Desserts

Fruit Salad with Ice Cream (LKR 500)

 

 

අපි හැමෝම කැමති දෙයක් තමයි ලංකාවේ විදිහට හදපු fruit salad සහ ice cream කියන්නේ. නැවුම් පලතුරු උඩට දාපු creamy ice cream ඔයාගේ කෑම වේලට ඇත්තටම හොඳම අවසානයක් වෙනවා නිසැකයි.

 

Ambience

 

 

මේ restaurant එක balcony එකක පිහිටලා තියෙන නිසා කොළඹ නගරයේ සුන්දර view එකක් එක්ක ඔයාට ඔයාගේ කෑම වේල රස විදින්න පුළුවන් වෙයි. වෙහෙසකර දවසක අවසානයේ ඔයාගේ අදරණීයයන් එක්ක සන්ධ්‍යාවේ සීතල විදින්න මෙතැන කියාපු තැනක් වෙයි. කාර්ය මණ්ඩල සාමාජිකයනුත් ඉතාම සුහදශීලි වගේම කාර්යක්‍ෂම වුණා වගේම ගනුදෙනුකරුන්වන්ට විශිෂ්ට සේවාවක් ලබා දුන්නා. මෙහිදී අපි හොඳ අත්දැකීමක් ලබාගත්තා වගේම අනිවාර්යයෙන්ම නැවත වරක් මේ restaurant එකට යන්න නම් පසුබට වෙන්නේ නැහැ.

tip – අනිවාර්යයෙන්ම mutton pizza එක රස බලන්න අමතක කරන්න එපා.

ස්වභාවික රුව රකින්න හොඳම ඖෂධය මීපැණි …

ලස්සනට ඉන්න, පැහැපත් සමක් ලබාගන්න අකමැති කවුද..? ඕනම කෙනෙක් කැමති තමන් වඩාත් සුන්දරව පිටතට පෙන්වන්න. ලස්සනයි කියන සාධකය සාපේක්ෂ දෙයක් කියන එක ඇත්තක් වුනත්, ඕනෑම පුද්ගලයකුට ආවේණික සුන්දරත්වයක් තිබෙනවා. ඒ සුන්දරත්වය නිසි ලෙසින් පවත්වාගෙන යෑම ගැනයි අපි මේ තොරතුරු ගෙන එන්නේ.

සුන්දරත්වය රැකගැනීමේ ක්‍රියාවලියේදී කොටස් ගණනාවක් තිබෙනවා. පිටතට ඔබව පෙනෙන ආකාරය, ඒ කියන්නෙ ඔබේ භාහිර රූපය කියන්නෙ ඉන් එකක් පමණයි. නමුත් ඔබව දකින ඕනෑම කෙනෙක් මුලින්ම නිරීක්ෂණය කරන්නෙත් මේ පිටතින් දකින රූපය වන නිසාම අපි ඒ ගැන සැළකිලිමත් විය යුතුයි.

එදිනෙදා ජීවිතයේ අපි පාවිච්චි කරන, නිවසේ නිතරම වගේ තිබෙන දෙයක් ඔබේ රුව රැකගැනීමට භාවිතා කරන ආකාරය ගැන අද gasma.lk මගින් ඔබව දැනුවත් කරන්න අපි අදහස් කළා.

 

මොකක්ද මේ රහස් ඖෂධය..?

 

සරළව කිවුවොත් මේක රහසක් නොවෙයි. අපි ඉතා හොඳින් දන්නා මීපැණි ගැනයි අපි මේ කතා කරන්න යන්නෙ. නමුත් මීපැණි මගින් කළහැකි රුව රැකගැනීමේ මැජික් එක ඔබට රහසක් වූවාට සැක නැහැ.

අපේ සම දිනපතා අපවිත්‍ර වනවා. විශේෂයෙන්ම සමේ මැරුණු සෛල සම මතම තැම්පත්ව තිබීම සහ පිටතින් සම මත රැඳෙන කුණු දූවිලි හේතුවෙනුත් මෙලෙස සම අපවිත්‍ර විය හැකියි. ඔබ පාවිච්චි කරන සබන් හෝ Facewash භාවිතා කිරීම මගින් මුහුණ සේදීමෙන් පමණක් ඔබේ සම පිරිසිදු වන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔබ සම හොඳින් Clenser කළ යුතුයි. මීපැණි කියන ස්වභාවික ඖෂධය වැදගත් වන්නෙ එතැනදීයි. මීපැණි ඔබේ සම මත ස්වභාවික ක්ලෙන්සර් එකක් ලෙස ක්‍රියා කරන බව ඔබ බොහෝවිට නොදැන සිටියා විය හැකියි. නමුත් නිතරම ඔබේ නිවසේ තිබෙන මේ මී පැණි භාවිතයෙන් ඔබට ඔබේ සම සම්බන්ධයෙන් තිබෙන ගැටළු රැසක් විසඳා ගැනීමට හැකියාව තිබෙන බව ඇසුවොත් පුදුම වේවි.

 

 

මීපැණි මගින් සමට කෙරෙන ප්‍රතිකාර මොනවාද…?

 

මුහුණ සේදීමට ඔබ විවිධ අලේපන වර්ග භාවිතා කරනවා නේද..? නමුත් ඒවා 100% ස්වභාවිකද සහ සමට හිතකරද කියන කාරණය ගැටළුවක්. නමුත් මිපැණි කියන්නෙ අතිශය ස්වභාවික වගේම ඖෂධීය ගුණ සහිත දෙයක්. අනිකුත් සියළු ක්‍රම අතරේත් සතියකට වරක් හෝ දෙවරක් මීපැණි යොදා මුහුණ සෝදන්න. වඩාත් සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.

 

 

 

ඒ වගේම තක්කාලි කියන්නෙ කෑමට ගන්නවා තරම්ම රුව රැක ගැනිමේ ක්‍රම වෙනුවෙනුත් පාවිච්චි කළ හැකි දෙයක්.මී පැණි සහ තක්කාලි එකට ගෙන අඹරා ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් ආලේප කර තබා ඉන්පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි, දීප්තිමත් සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි.

 

 

 

 

අපි කලින් සඳහන් කළා වගේම කිසිවක්ම මිශ්‍ර නොකරන ලද මී පැණි කියන්නෙ ඉතා වටිනා ඖෂධයක්. එලෙස මීපැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබාදී සම වියළි සහ ඉරිතැළුණු ස්වභාවයට පත්වීම වළක්වනු ඇති.

රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණ පිරිසිදු කර මී පැණි ස්වල්පයක් ආලේප කරන්න.මිනිත්තු 15කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා දමන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

 

 

 

රෝස වතුර කියන්නෙත් අතීතයේ පටන් ස්වභාවිකව රුව රැකගැනීමේ ප්‍රතිකාර වලට භාවිතා කළ දෙයක්. මී පැණි කෝප්ප ¼ කට රෝස වතුර හැඳි තුනක් පමණ දමා හොඳින් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට ඔබට හැකිවනු ඇති.

 

 

 

 

 

මීපැණි මේස හැන්දකට යෝගට් මෙස හැඳි 2,3ක් මිශ්‍ර කර හොඳින් කළවම් කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමේ වියපත් අවපැහැ ස්වභාවය නැතිවී ගොස් වඩා දීප්තිමත් සමක් ලබාගැනීමට ඔබට හැකිවේවි.

සම සඳහා විතරක්ම නෙමෙයි. මේ වටිනා ඖෂධය ඔබේ හිසකෙස් වලටත් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකියි.

ඔබේ හිස කෙස් සේදූ පසු conditioner එකක් ලෙස හිසකෙස් මත මී පැණි ආලේප කර සෝදා හරින්න. සිනිඳු හා දිදුලන කෙස් කළඹක් ලබාගැනීමට මේ ප්‍රතිකාරය වැදගත් වනු ඇති.

 

 

 

 

මී පැණි සහ ඔලිව් තෙල් සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍රණයක් සකස් කරගන්න. එය හිස කෙස් මත අතුරා පැයක් පමණ කාලයකට පසු හොඳින් සෝදා හරින්න. හිස කෙස් සවිමත් වීමට මෙය උපකාරී වේවි.

ඔබේ නිවසේ නිතරම සොයාගත හැකි මීපැණි වලින් ඔබේ පිටත පෙණුම කෙතරම් වෙනස් කරගත හැකිදැයි ඔබට අදහසක් ලැබෙන්නට ඇති. අපි අවට පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය භාවිතා කරමින් ස්වභාවිකවම රූපය රැකගැනීම කළ හැකියි. ඒ වගේම එමගින් අතුරු ආබාධ ආසාදන වැනි කිසිවකින් ඔබට කරදර වන්නේත් නැහැ. අනවශ්‍ය වියදම් වගේම අවදානමිනුත් වළකිමින් හැකි තරම් ස්වභාවික ක්‍රම අනුගමනය කරන්න යැයි අපි ඔබට යෝජනා කරනවා.

ටෙක් Lover කෙනෙක්ට නත්තලට දෙන්න හොඳම තෑගි…

නත්තල් කාලෙයි අළුත් අවුරුද්දයි එක්ක ටෙක් ගැජට් වලට කැමති යාළුවෙක් එහෙමත් නැත්නම් පවුලෙ කෙනෙක් වගේ ඉන්නවනම් එයාට තෑග්ගක් තෝරගන්න ඔයාට ටිකක් අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා වැඩිය තාක්ෂණය පැත්තට බර නැති කෙනෙක් නම් මේ වැඩේ ටිකක් සංකීර්ණයි. ඉතින් මේ තියෙන්නේ එළඹෙන උත්සව කාලෙදි Tech Lover කෙනෙක්ට දෙන්න පුලුවන් තෑගි කිහිපයක්. මෙතන සඳහන් කරල තියෙන හැම Item එකක්ම වගේ ලංකාවෙ ගොඩක් තැන්වලින් මිලට ගන්න පුලුවන් වගේම රුපියල් 5000ට අඩුවෙන් හෝ ඊට ආසන්න මුදලකට මිලදී ගන්න පුලුවන්.

 

Wireless Earbuds

 

 

නිතරම සින්දු අහන්න කැමති කෙනෙක්ට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් තමයි මේක. මේ ගැජට් එක ගැන හැඳින්නුවොත් මේක සාමාන්‍ය EarPhone එකක් වගේම තමයි ඒත් වයර් නැතුව Bluetooth හරහා මේක වැඩ කරන්නෙ. මේ වගේ Wireless Earbuds වෙළඳපොලේ රුපියල් 1000 වගේ ඉඳලා 50,000 වගේ වෙනකල් මිලදී ගන්න පුලුවන්. ඒ වුනාට Noise Cancellation වගේ පහසුකම් නැති Chinese Brand වලට අයිති හොඳ සවුන්ඩ් කොලිටි එකක් සහ බැට්‍රි ලයිෆ් එකක් තියෙන Wireless Earbuds එකක් රුපියල් 4000ත් 5000 ත් අතර මුදලට ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.

 

Smart Wristband

 

 

තාක්ෂණය වගේම සෞඛ්‍ය ගැනත් හිතන කෙනෙකුට දෙන්න හොඳම තෑග්ගක් තමයි මේ Smart Wristband එකක් කියන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 4000-7000 ත් අතර වගේ ගාණකට හොඳ Smart Wristband හොයාගන්න පුලුවන්. මේ හරහා Heart Rate එක, රුධිරයේ ඔක්සිජන් තත්ත්වය, දවසකට ඇවිදපු පියවර ගාන ඇතුලු සෞඛ්‍ය සම්බන්ධ ගොඩක් දේවල් වගේම ‍ෆෝන් එකට Connect කරල Call Answer කරන්න, SMS බලන්න වගේ දේවලුත් කරන්න පුලුවන්.

 

Power Bank

 

 

මේ කාලෙ නිතරම ලයිට් යන නිසා අඩු බැටරි කැපෑසිටි එකක් තියෙන ෆෝන් එකක් අයිතිකෙනෙකුට ගොඩක් වටින ගැජට් එකක් තමයි පවර් බෑන්ක් එකක් කියන්නෙ. වෙළඳපොලේ පහසුවෙන්ම හොයාගන්න පුලුවන් වුනාට පවර් බෑන්ක් එකක් තෝරගන්න ගියාම ගොඩක්ම ලේසියෙන් ස්කෑම් වලටත් අහුවෙන්නනම් පුලුවන්. පවර් බෑන්ක් එකක් ගන්නකොට 10,000mAh හෝ ඊට වැඩි කැපෑසිටි එකක් තියෙන පවර් බෑන්ක් එකක් ඕනෙ කෙනෙක්ට ගැලපෙනවා. ඒ වගේම පවර් බෑන්ක් එකක් ගනිද්දි හොඳ වගකීමක් දෙන විශ්වාසවන්ත තැනකින් විශ්වාසවන්ත බ්‍රෑන්ඩ් එකකින් ගන්නත් කටයුතු කරන එකනම් නුවණට හුරු වැඩක්.

 

LED Light Strips

 

මේක නම් ගොඩක්ම ටෙක් පැත්තට බර නොවුනත් Teenager කෙනෙක්ට වගේ ගොඩක්ම ගැලපෙන Gift එකක්. Room එක ලස්සන කරගන්න, තමන් වැඩ කරන මේසෙ ලස්සන කරගන්න වගේම TikTok, Youtube වගේ කරන කෙනෙක්ට ලස්සන Background එකක් හදාගන්නත් RGB Light Strips ගොඩක් උදව් වෙනවා. මේ Light Strips සාමාන්‍යයෙන් රුපියල් 1000ත් 3000ත් අතර මුදලකට ලංකාවෙ ගොඩක් තැන්වලින් මිලදී ගන්න පුලුවන්.

 

 

USB Type C Dongle

 

දැන් එන ලැප්ටොප්, ෆෝන් හැම එකකම වගේ අනිවාර්යයෙන් දකින්න පුලුවන් Port එකක් තමයි USB-Type C කියන්නෙ. ඉතින් මේ Type C Port එකේ තියෙන විශේෂත්වය තමයි මේ හරහා HDMI, USB වගේ සිග්නල් ‍වර්ග ගොඩක් Out කරගන්න පුලුවන් එක. ඉතින් මේ USB Type C Port එකේ මේ සඳහන් කරපු m%fhdackh ගන්න මේ විදිහෙ Type C Dongle එකක් ඕනෙ වෙනවා. කලින් සඳහන් කරපු විදිහට මේ වගේ Dongle එකක් Student කෙනෙක්ට වගේ ගොඩක් m%fhdackවත් වෙනවා Projector වලට සම්බන්ධ කරන්න, USB Flash Drive Plug කරන්න වගේ දේවල් වලට.

අතේ ඇති ගානට නත්තල සමරන්න කියාපු තැන් කිහිපයක් මෙන්න…

කොච්චර වයසට ගියත් නත්තල සමරන්න අපිට තියෙන ආසාවේ නම් අඩුවක් වෙන්නේ නැහැ. මෙදා සැරේ නම් නත්තල සමරන්න මුදල් ප්‍රශ්නය බොහෝදෙනෙක්ට බලපාලා තියෙනවා. ඉතින් අත මිට සරු නැති වුණත් අඩු මුදලින් සරුවට නත්තල සමරන්න යන්න හොඳම තැන් ලැයිස්තුවක් තමයි මේ.

Shopping 

1. C-MAX Christmas Festival (food and shopping)

 

 

 

C-MAX Christmas Festival කියන්නේ අඩු මුදලින් නත්තල සමරන්න shopping කරන්න තියෙන ලොකුම festival වලින් එකක් කිව්වොත් හරි.

JOY community එක C-max Channel, Lassana Flora, VIP insurance සහ තවත් ආයතන කිහිපයක් සමඟ එකතුවෙලා මේ festival එක සංවිධානය කරලා තියෙනවා. නොයෙකුත් මාදිලියේ වෙළෙදුන්, තරඟ වගේම Zero Music Band එකත් සමඟ සජිත ඇන්තනී, රිද්ම වීරවර්ධන සහ කාංචනා අනුරාධිගේ සංගීත අත්දැකීමක් මෙහිදී ලබාගන්න පුළුවන්.

දිනය – 2021 දෙසැම්බර් 25, සෙනසුරාදා

වේලාව – ප.ව. 5.00 – ප.ව. 11.30

ස්ථානය – Arcade Independence Square, Independence Square, Colombo, Sri Lanka

අමතන්න : 071 896 9523

 

2. Annual Christmas Bake Sale

 

 

 

අඩු මුදලකට ඔයාගේ නත්තල රසවත් කරන්න sugar shack සූදානමින් ඉන්නවා. නත්තලට ගැලපෙන්න සරසපු රසවත් නැවුම් කේක් , කප් කේක්, කුකීස් , බ්‍රවුනිස් වගේම නත්තලට තෑගි දෙන්න සහ 25 වෙනිදාට ඔයාගේ නත්තල් කෑම මේසය සරසා ගන්න සාම්ප්‍රධායික Christmas Cake, Breudher & Yule Logs මෙහිදී ඔයාට ලබාගන්න පුළුවන්.

දිනය – 2021 දෙසැම්බර් 24

වේලාව – පෙ .ව. 10:30– ප.ව. 5:00

ස්ථානය – No. 20, de Fonseka Road, Colombo 5

අමතන්න : 0114 331 565

Christmas Meals

 

1. Christmas Eve Brunch සහ Christmas Dinner at The Admiral

 

සාක්කුවට නොදැනෙන්න ඔයාගේ Christmas Eve Brunch එක ගන්න ඕනේ නම් යන්න හොඳම තැන තමයි The Admiral.

The Blue Water Hotel, Wadduwa, Sri Lanka | Halal Holidays

 

ඔයාගේ budget එකට ගැලපෙන්න Christmas Eve dinner එකක් The Blue Water hotel එකේ The Admiral වෙතින් සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව Rose, Red සහ White wine glass එකක් නොමිලේ ලබාගන්න පුළුවන්. වයස අවුරුදු 6 ට අඩු ළමුන් සඳහා ඇතුල්වීම නොමිලේ.

Christmas Eve Dinner

දිනය – 2021 දෙසැම්බර් 24

වේලාව – ප.ව. 7: 30 – ප.ව. 10:00

මිල – Rs. 5,000 (එක් පුද්ගලයෙකු සඳහා )

Christmas Brunch

දිනය – 2021 දෙසැම්බර් 25

වේලාව – පෙ .ව. 7: 30– ප.ව. 3:00

මිල – Rs. 4,800 (එක් පුද්ගලයෙකු සඳහා )

වෙන් කරගැනීම සඳහා – 0761 809 944 | 0760 897 112

 

2. Christmas dinners at Galadari

 

Galadari Hotel, Colombo Hotel Price, Address & Reviews

 

නත්තල් කෑම කියන්නේ කාටත් අතිවිශේෂ දෙයක්. Galadari හෝටලයෙන් මේ නත්තලට ඔයාට ගැලපෙන මුදලට Christmas Day Dinner එකක් ලබාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.

Christmas Day Dinner

Dinner Buffet at the Coffee Stop

මිල : රු. 4,250 වැඩිහිටියන් සඳහා

මිල: රු. 2,200 ළමුන් සඳහා

වෙන් කරගැනීම සඳහා : 0114 790 615

Budget Christmas dinners ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න :

Christmas Dining in Colombo

Entertainment

1. Santa Chase

Hilton

 

 

 

සැන්ටා කියන්නේ ලොකු කුඩා කොයි කවුරුත් වයස් බේදයක් නැතුව දකින්න කැමති ආස කරන චරිතයක්. Hilton Colombo හෝටලයේ Lobby හෝ the Graze Kitchen එකට තනියම හෝ ඔයාගේ පොඩිත්තාවත් රැගෙන එන්න අමතක කරන්න එපා.

දිනය – දෙසැම්බර් 24 සහ 2021 දෙසැම්බර් 25

වේලාව – ප.ව. 7: 00– ප.ව. 9:00 (දෙසැම්බර් 24) ප.ව. 12:00– ප.ව. 3:00 (දෙසැම්බර් 25)

මිල – නොමිලේ

අමතන්න – 0112 492 492

2. Lydia and Tilaka

 

සංගීතය, නත්තල් සිරිය ලබාගන්න තියෙන හොඳම ක්‍රම වලින් එකක්. Lydia සහ Tilaka husband සහ wife දෙපල Hilton Colombo හෝටලයේ lobby එකේදී වයලීනයේ සහ බටනලාවේ මිහිරි නාදයෙන් ඔයාව නත්තලේ අසිරිය විදගන්න winter wonderland එකට රැගෙන යාවි.

දිනය – 25 දෙසැම්බර් 2021 දක්වා

වේලාව – ප.ව. 7: 00– ප.ව. 8:00

ස්ථානය – Lobby, Hilton Colombo.

මිල – නොමිලේ

අමතන්න – 0112 492 492

3. Choro Calibre

ඔයාගේ ආදරණීයයන් සමගින් drinks සහ dinner ලබා ගන්න අතරවාරයේ එයාලගේ මිහිරි කටහඬින් ඔයාගේ නත්තල ආදරණීය කරන්න මේ choir එක සුදානම් වෙලා ඉන්නවා.

දිනය: 24th දෙසැම්බර් 2021

වේලාව – ප.ව. 8:00– ප.ව. 8:30

ස්ථානය – Lobby, Hilton Colombo

මිල : නොමිලේ

අමතන්න : 0112 492 492

නිරෝගිමත් පිරිපුන් කෙස් කලඹක් ලබාගැනීමට ක්‍රම 3ක්…

කාන්තාවකට හිමි රූ සපුවේ අලංකාරය ඔප්නංවන්නේ ඇයට හිමි වරලසයි.. රූපය ගැන උනන්දු වෙන සෑම කෙනෙකුම කොණ්ඩයටත් අවධානය යොමු කළ යුතුමයි.ඉතාමත් ලස්සන ඝන හිසකෙස් වලින් පිරි වරලසක් හිමි තැනැත්තිය ඕනෑම තැනක කැපී පේනවා.නිරෝගී ලස්සන කොණ්ඩයකට හිමිකම් කියන්නට මොන කාන්තාවද අකමැති නේද? .එහෙත් හිසකෙස් වලට ඇතිවන ගැටළු නිසාම කොණ්ඩයේ තිබෙන ආකර්ෂණීයභාවය හීනවී යන්න පුළුවන් .හිසකෙස් රැකගන්න එක ඒ තරම් ලේසි පහසු වැඩක් නොවන බව අපි හැමෝම දන්නවා .විශේෂයෙන්ම තරමක් දිග කොණ්ඩයක් තියෙන යුවතියන්ට හිසකෙස් ගැටලු නැතුව වුණත් තමන්ගේ කොණ්ඩය පරිස්සම් කරගන්න තරමක් වෙහෙස මහන්සියක් දරන්න සිදුවෙනවා .මෙසේ හිසකෙස් ආශ්‍රිත බොහෝ ගැටලු ස්වාභාවික සත්කාර වලින් නිරාකරණය කරගත හැකියි. හිසකෙස් අලංකරණයට මුළුතැන්ගෙයින් මෙන්ම ගෙවත්තෙන් ද වස විස නැති, අතුරු ආබාධ නැති ස්වාභාවික අමුද්‍රව්‍ය බොහෝමයක් සොයාගන්නට හැකි වුවද වර්තමානයේ දී කාන්තාවන් මෙම ක්‍රම වලින් ඈත් වී සිටිනු දක්නට ලැබෙනවා. ස්වභාවිකවම හිසකෙස් පෝෂණය කර අලංකාර කරන සත්කාර ක්‍රම අනුගමනය කර සුන්දර නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට උනන්දු වීමෙන් දිගු කාලීනව ස්වාභාවික සුන්දරත්වයක් හිසකෙස් වලට ලබා ගැනීමට හැකිවෙනවා.

 

 

තුනී බවෙන් තොර කෙස් කළඹකට උළුහාල් සත්කාරය…

උළුහාල් කියන්නේ ගෙදරදීම සාදාගත හැකි අත් බෙහෙතක්. ඔබට තියෙන්නෙ තුනී කොණ්ඩයක් නම් එහෙමත් නැත්තම් ඉක්මනින් කැඩෙන කොණ්ඩයක් නම් මේ ප්‍රශ්න වලට උළුහාල්වලින් ඉතාමත් ගුණදායක සහ හිතකර සත්කාරයන් කළ හැකියි . මුලින්ම උළුහාල් hairspray එකක් විදියට භාවිතා කරන්න පුළුවන් ආකාරයට සාදා ගත යුතුයි .

 

 

සාදාගන්නා ආකාරය

කුඩා භාජනයක් ගෙන එයට උළුහාල් දමා ඉන්පසු වතුර දමන්න. රැයක් පුරා පෙගෙන්නට ඉඩ හරින්න. ඊළඟ දවසේ උළුහාල් පෙඟුන වතුර විතරක් spray එකකට දමා කොණ්ඩය shampoo කරාට පස්සේ conditioner එකක් විදිහට කොණ්ඩෙට ස්ප්‍රේ කරන්න .එසේ ස්ප්‍රේ කර විනාඩි දහයක් පමණ කොණ්ඩය හොඳින් සම්භාහනය කරගන්න .පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට තුන් පාරක් පමණ කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි .

කොණ්ඩය වැවීමේ වේගය දෙගුණ කරගන්න පුළුවන් කරපිංචා සත්කාරය

 

 

කරපිංචා වල අඩංගු පෝෂණය නිවැරදිව කොණ්ඩයට ලබා දීමෙන් අපේ කෙස්ගස් වර්ධනය වන වේගය වැඩි කරන්න හැකියාව තිබෙනවා.

කරපිංචා සත්කාරය සාදාගන්නා ආකාරය

කරපිංචා කොළ 20 ක ප්‍රමාණයක්

උළුහාල් මේස හැඳි එකක්

නෙල්ලි ගෙඩියක මදය කොටස පමණක්

මෙම සියල්ල තලපයක් වනතුරු හොඳින් කොටාගන්න. පසුව හිස්කබල පුරාම තුනීයට මෙම තලපය ආලේප කරගන්න. විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර වතුරෙන් පමණක් සෝදා හරින්න. සතියට දෙවතාවක් තුන් වතාවක් වගේ මාසයක් පමණ මෙම සත්කාරය කිරීමෙන් පැහැදිලි වෙනසක් දැකගත හැකි වේ.

නළල ආසන්නයේ හිසකෙස් ගැලවී යාම නවතාලීමට ඔලිව් තෙල්

 

 

නළල අවට හිසකෙස් වැටී යාමෙන් කාන්තාවන් බොහෝ අපහසුතාවන්ට පත් වෙනවා. එසේ වැටී යන හිසකෙස් නැවත වර්ධනය කරගන්න ඔලිව් තෙල් සත්කාරය සතියකට තුන් වතාවක් පමණ භාවිතා කරන්න.

ඔලිව් තෙල් සත්කාරය සාදාගන්නා ආකාරය

ඔලිව් තෙල් මේස හැඳි දෙකක් ගෙන එය සුළු වේලාවක් රත්කර ගන්න . රත් කරගත් ඔලිව් තෙල් නළල ආශ්‍රිත හිසකෙස්වල ගා හොඳින් සම්භාහනය කර ගන්න. පසුව විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර ඉතිරි වූ තෙල් යළිත් හිසේ තවරා විනාඩි පහළවක් තබන්න. ඉන්පසු සල්ෆෙට් අඩංගු නොවන ෂැම්පු වර්ගයක් දමා ඇල් ජලයෙන් සෝදා හරින්න.

ඔබත් කොණ්ඩයට ආදරය කරනවා නම් ඒ වෙනුවෙන් විශේෂ කාලයක් වෙන් කරගෙන මෙම සත්කාරයන් කිරීම සිදුකරන්න. අපි කොණ්ඩයට ආදරේ කරන තරමටම කොණ්ඩය ලස්සනට වගේම නිරෝගීව තබා ගන්නට හැකි වෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි

මන්දාකිනි පතිරණ .

මුහුණේ ඇතිවන ගැටළු වලට කදිම විසඳුම් මෙන්න …

කාන්තාවකට හිමි රූ සපුවේ ඉතා වැදගත් කොටසක් ලෙස සම හැඳින්විය හැකිය. එය ශරීරයෙහි විශාලතම ඉන්ද්‍රිය ලෙස ද හැඳින්වෙයි.මේ නිසා රූපය ගැන උනන්දු වන සෑම කෙනෙකුම සමේ පැහැපත් බව සහ ආකර්ශනීය බව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.හැමදාම ලස්සනට ඉන්න මොන කාන්තාවද අකමැති.වෙනදාමෙන් සිතූ පැතූ වෙලාවට විලාසිතාගාර වලට යන්නට බැරි නිසා බොහෝ කාන්තාවන්ගේ සමයෙහි එක් එක් ගැටළු මතු වෙන්නට පටන් අරන්.කාන්තාවකට හම කියන්නේ ඇය සතුව තිබෙන ලොකුම ආභරණයයි.ආකර්ෂණීය, පිරිපුන් ,පැහැපත් ,නිකැලැල් සමක් තියෙන කාන්තාව වාසනාවන්තියකි. මේ අතරින් මුහුණේ සම හරි විශේෂයි .මුහුණ දුර්වර්ණ වී ලප කැළැල් මතුවෙන්නට පටන් ගත්තොත් ඒ ගැන කාන්තාවන් බොහෝ විදිහට වද වෙනවා සහ සිත්තැවුල් ගන්නවා .

 

 

 

විශේෂයෙන්ම මුහුණේ සමට සත්කාර කිරීමේදී අප සෑම අතින්ම ප්‍රවේශම් විය යුතුයි. වෙළෙඳපොලේ තියන ක්ෂණිකව ලස්සන සුදු වෙන ආලේපන භාවිතා කිරීමෙන් නොදැනුවත්වම සම සුදුමැලි වී රැළි වැටෙන්නට පටන් ගන්නවා.

 

 

සම රැලි වැටී සුදු මැලි වූවායින් පසු ඔබ වයසට වඩා වයසයි වගෙයි පෙනෙන්නේ. එම නිසාම විශේෂයෙන්ම කාන්තාවන් මුහුණේ සමට සත්කාර කිරීමේදී අවධානය දිය යුත්තේ ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගැනීමට නොව කලක් ගියත් හොදම ප්‍රතිඵලය ලබා ගැනීමටයි. පැහැපත් සමකට හිමිකම් කියන්නට සෑම කාන්තාවක් පාහේ ම කැමතියි.එහෙත් සමෙහි මතුවන ලප කැලැල්, කුරුලෑ ,රැලි වැටීම් ,සමේ වියළි බව මුළුමනින්ම නැති කරගන්නට ස්වභාවික දේවල් වලින් සත්කාර කළ හැකි.

මුහුණ සුසිනිදු කිරීමට කෝපි

 

 

මුහුණෙහි ඇතිවන ලප කැළැල් සහ අදුරු ස්වභාවයට කදිම විසඳුමක් තමයි කෝපි කියන්නේ. ඉහල කැෆෙන් අගයක් පවතින කෝපි කියන්නෙ රුපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා අතිසාර්ථක ආලේපනයක්.වයසට ගියත් ලස්සනට ඉන්නයි කාන්තාවන් කැමති.වයස අවුරුදු 50 ඉක්මවා ගිය කාන්තාවන්ගේ ඇතිවන අඳුරු ලප කැළැල් මකා දමන්නට පවා කොපි ෆේෂල් වලට හැකියි. රුධිර ගමනාගමනය වැඩි කර සමෙහි දීප්තිය රැක දෙන කෝපි වලින් මුහුණේ ඇතිවන ගැටලු වලට කෝපි ෆේෂල් එකක් සහ ක්‍රීම් එකක් සාදා ගන්නා අකාරය ගැන ඔබට කියලා දෙන්නම්.

කෝපි ස්ක්‍රබ් සකස් කිරිම

අවශ්‍ය ද්‍රව්‍ය.

* කෝපි කුඩු මේස හැඳි 1ක්

* දුබුරු සීනි මේස හැන්දක්

* පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

මේ සියල්ල එකතුකර මිශ්‍ර කරගන්න. ඔබේ මුහුණේ මැරුණු සම ඉවත්කර ගැනීම සඳහා මේ කෝපි ස්ක්‍රබ් එක භාවිතා කර ඇඟිලි තුඩු අගින් මුහුණ හොඳින් මසාජ් කළ පසු සෝදා හරින්න.එයින් ඔබේ මුහුණට නව දීප්තියක් ලැබෙයි.

කෝපි ෆෙස් මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය

* කෝපි කුඩු මේස හැදි 1 ක්

* නැවුම් කිරි හෝ යෝගට් මේස හැඳි 1ක්

* මී පැනි මේස හැදි 1 ක්

* කඩල පිටි මේස හැදි 1 ක්

* දෙහි බිංදු කිහිපයක්

මේ සියලු ද්‍රව්‍ය එකට එක්කර තලපයක් වන ලෙස හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව සම්පූර්ණ බෙල්ලෙ සහ මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ සිටින්න. පසුව මද උණු වතුරෙන් සෝදා හරින්න. ඔබේ මුහුණේ ඇති අදුරු පැහැය දුරුකරගෙන ආකර්ෂණීය පැහැයක් ලබා ගැනිම සඳහා මසකට දෙවරක් මෙම කෝපි ෆේෂල් සත්කාරය සිදු කර එහි වෙනස වටහා ගන්න. මුහුණ සුසිනිදු කර පැහැපත් ස්වාභාවික වර්ණයක් සමට ලබාගත හැකි වේ.

 

ඇපල් කන්න වගේම ආලේපන කරන්නත් පුළුවන්.

 

 

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා හැරෙන්නට ඇපල් සතු පෝෂණ ගුණය සමෙහි පැවැත්මට දායක කරගන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ ඇපල් සයිඩර් විනාකිරි රූපලාවන්‍ය සත්කාර සඳහා එක්කර ගැනීමයි. ඇපල් වල සාරයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම අපූරු ද්‍රාවනය සතු බැක්ටීරියා නාශක ගුණය හා සමීප එච්.පි අගය සමබර කිරීමේ හැකියාවත් නිසා සමේ ස්වාභාවික සුන්දරත්වය හා තරුණ පෙනුම රැකගන්න එය කදිම සංඝටකයක්.ඒ වගේම වියපත් වීමත් සමග සමෙහි හටගන්නා අඳුරු ලප කැළැල් අකා මකා දාන්නත් ඇපල් සයිඩර් විනාකිරි වලට හැකි.

 

දීප්තිය වඩවන නිල් කටරොළු

 

 

රුව රකින රහස් වට්ටෝරුවක් නිල් කටරොළු මලට හිමියි.ඉතා පහසුවෙන්ම සොයාගැනීමට හැකි නිසා භාවිතයටද ඉතා පහසුයි .විශේෂයෙන්ම සම වයස් ගත විම පාලනයට ආලේපනයක් ලෙස යොදා ගනු ලබයි. පර්යේෂණ මගින් සොයාගෙන ඇති අන්දමට නිල් කටරොළු මල් සතුව ප්‍රති ඔක්සිකාරක ගුණයක් පවති. සමෙ කොලැජන් වර්ධනය කර සම වයස් ගත විම වලක්වයි. තවද, මෙම නිල් පැහැති මල්වල ඇති බැක්ටීරියා නාශක ගුණය සමෙහි ඇතිවන කුරුලැ පාලනය කල හැකි ස්වාභාවික සත්කාරයකි. නිල් කටරොළු මල් සමට සිසිලක් ලාබා දෙන අතරම සම වියලීම වලක්වා සමෙ තෙතමනය ද ආරක්ෂා කරයි . සමෙ තෙතමනය ආරක්ෂා කරන අතර දිප්තිය වර්ධනය කරයි.

මෙම සත්කාරය සියල්ලම කරන අතරතුර ශරීර උෂ්ණත්වයද පාලනය කරන ආහාර ලබා ගැනිම ද බොහෝ වැදගත් බව මතක තබා ගත යුතුය. එසේම දිනකට වතුර ලිටර් 2 ක් පමණ පානය කිරිම වැදගත් වන අතර යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමද ඔබේ රූ සපුව වර්ධනයට ඉවහල් වේ.

අන්තර්ජාලය ඇසුරෙනි.

මන්දාකිනි පතිරණ .

ඔබට මෙන්ම ඔවුන්ටත් ඇති අයිතිය – ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමේ දිනය අදයි …

ලෝකය අයිති වන්නේ මිනිසුන්ට විතරමද..?

අයිතීන් සුරැකිය යුත්තේ මිනිසුන්ගේ විතරමද…?

ලෝකය පුරා ක්‍රියාත්මක වන සත්ව අයිතීන් සුරැකීමේ සංවිධාන මේ ප්‍රශ්නය නිරන්තරයෙන් අසමින් සිටිනවා. නමුත්, කොතෙක් දුරට ප්‍රායෝගිකව මේ සත්ව අයිතීන් ආරක්ෂා වනවාද යන්න ගැටළුවක්.

මේ නිසාම ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමෙ දිනයක් සමත කරගෙන තිබෙන බව ඔබ දන්නවා ඇති. දෙසැම්බර් 10 වැනිදා, එනම් ලෝක මානව හිමිකම් දිනය යෙදෙන දවසේම මෙම සත්ව අයිතීන් සුරැකීමේ දිනයත් යෙදී තිබීම දෛවෝපගත යැයි කිව හැකියි.

 

 

ලෝකය පුරා සිටින සත්වවේදීන් මෙම සත්ව අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි අනවරත අරගලයක නිරත වනවා.සතුන්ටද ඔබට මට මෙන්ම ජීවත් වීමේ අයිතිය තිබෙන බව පිළිගත යුතුයි.

ඔබට මෙන්ම ඔවුන්ටද ආහාර, ජලය සහ වාසස්ථාන සම්බන්ධයෙන් ඇති අයිතියට මිනිසුන් ලෙස අපි ගරු කරනවාද..? මෙය සැබෑම ගැටළුවක්.ලෝකය අයිති මිනිසුන්ට පමණක්ම යැයි සිතා හිතුමනාපයේ සත්ව අයිතීන් උල්ලංඝනය කිරීම ලෝකය පුරා සිදුවන්නක්.

වනාන්තර විනාශ කිරීම, ගිණි තැබීම ආදිය මගින් සෘජු ලෙස සත්ව අයිතීන් උල්ලංඝනය වනවා සේම ආහාර සහ ජල සම්පත් හිඟ වීමට මිනිස් ක්‍රියාකාරකම් බලපෑම මගින් වක්‍ර ලෙස සත්ව අයිතීන් උල්ලංඝනය වනවා.

 

 

සතුන්ට වේදනාව දැනෙන බව, හැඟීම් සහ දැනීම් තිබෙන බව සමහර විට මිනිසුන් වන අපට අමතකව යනවා. නමුත් ඒ සියල්ල මිනිසුන් මෙන්ම සතුන්ටද පොදු කරුණාවන් වනවා.

සතුන් ඔබේ සුරතලුන් ලෙස සිතීම තුළම ඔවුන්ගේ අයිතීන් උල්ලංඝනය වන බව සත්වවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් ඔබේ සුරතලුන් නොව ලෝකයේ ජීවත් වන ඔබ මෙන්ම සමාන ජීවී කොටසක් ලෙස නැතිනම් සමානයින් ලෙස සලකන ලෙස සත්වවේදීන් යෝජනා කරනවා.

 

මස් පිණිස, ලොම් පිණිස සහ සම් පිණිස සතුන් යොදා ගැනීම ලොකයේ අනාදිමත් කාලයක සිට සිදුවන්නක්. ලෝකයේ මිළ අධික පාරිභෝගික භාණ්ඩ අතරට මේ සත්ව සම් සහ ලොම් මගින් කළ නිෂ්පාදන ඇතුළත් වනවා. මෙය සත්ව අයිතීන් අමු අමුවේම උල්ලංඝනය වීමක් බව ලෝක සත්වවේදීන් පවසනවා.

ඒ වගේම විවිධ සෞඛ්‍යමය අත් හදා බැලීම් සඳහා සතුන් භාවිතා කිරීම තුළ ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම සහ නිදහස සීමා කිරීම කෲර හිංසනයක් බව සත්වවේදීන් සඳහන් කරනවා.

අශ්වාරෝහක සංදර්ශන, සර්කස්, විවිධ විනෝදාත්මක ක්‍රීඩා සහ ආගමික ඇදහිලි වෙනුවෙන් ලෝකය පුරාම විවිධ සංස්කෘතීන්හි සතුන් භාවිතා කරනවා. මේවා සත්ව අයිතීන් උල්ලංඝනය වීම් ලෙස සැළකෙනවා.

මෙවැනි හිංසා කිරීම් සහ අයිතීන් උල්ලංඝනය කිරීම් නවතන ලෙස ලෝක ප්‍රජාවට බල කරමින් සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා සත්ව අයිතීන් සුරැකීමේ දිනය ක්‍රියාත්මක වනවා.

එදිනට වීදි බසින සත්ව ලෝලීන් ඉටිපන්දම් දල්වමින්, සටන් පාඨ කියමින්, පුවරු ඔසවමින් සතුන් වෙනුවෙන් හඬ නගනවා. සත්ව ආහාර අනුභවයෙන් වැළකෙමින් නිර්මාංශ වීම මගින්ද ඇතැම් පිරිස් මෙම සටනට එක් වනවා.

PETA නැතිනම් People for the Ethical Treatment of Animals සංවිධානය සෑම වසරකම මේ සත්ව අයිතින් සුරැකීමේ දිනය වෙනුවෙන් ලෝකය පුරා විවිධ වැඩසටහන් සංවිධාන කරනවා. සියළු සත්ව ආහාර වලින් වැළකෙමින් මේ දිනය සැමරීමට එක්වන ලෙස ඔවුන් නිරන්තරයෙන් ජනතාව පොළඹවනවා. එමගින් සතුන් විශාල ප්‍රමාණයක ජීවිත බේරාගැනෙන බව එම සංවිධානය පවසනවා.

කෙසේනමුත් දියුණු ජන සමාජයක් ලෙස මිනිසුන්ට මෙන්ම සතුන්ටද, එක හා සමාන ලෙස ජීවත් වීමේ අයිතිය පවතින බව පිළිගත යුතුයි.
එහෙයින් වගකීම් සහගත පුරවැසියන් ලෙස හැකි සෑම විටම සත්ව අයිතීන් සුරැකෙන පරිදි කටයුතු කිරීම අප සැමගේ වගකීමක්.

තවදුරටත් සතුන් යනු මිනිසුන්ගේ ප්‍රදර්ශන භාණ්ඩ හෝ පරිභෝජන භාණ්ඩ ලෙස නොසිතන, ඔවුන්ද සමාන අයිතිවාසිකම් සහිත තවත් ජීවී ප්‍රභේද ලෙස සිතන ජන සමාජයක් නිර්මාණය වනදාක ජාත්‍යන්තර සත්ව අයිතීන් සුරැකීමේ දිනය සැබෑ ලෙසම අර්ථ ගැන්වෙනු ඇති.