Blog Page 30

වසංගතය හමුවේ සේවකයෙකු රැකියාව පිළිබඳ තිබෙන්නා වූ අධිෂ්ඨානය පවත්වා ගෙන යාමට නායකයෙකු ලෙස ගත හැකි ක්‍රියා මාර්ග

Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ රැකියා ස්ථානයේ වාතාවරණය නොවෙනස් ව තබාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගැනීම සඳහා කළමණාකරන මනෝවෛද්‍යවරියක් වන ඉරාංජලී අබේරත්න මහත්මියව අප සම්බන්ධ කර ගත්තා. ඇයගේ උපදෙස් මත Covid-19 වසංගතය හමුවේ සේවකයින්ගේ චිත්තවේගය ආරක්ෂා කර ගනිමින් වගකීමක් සහිත නායකයෙක් විදිහට කටයුතු කලයුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා.

 

 

දැනුවත් කරන්න


නායකයින් හට දැනුවත් තීරණය ගැනීම සඳහා විශ්වාසනීය තොරතුරු සපයන ප්‍රභවයන් සමඟ යාවත්කාලීන වීම උපකාරී වේ .සේවකයින් හට නිවැරදි තොරතුරු ලබාදීමට නිල මූලාශ්‍ර භාවිතා කිරීම ප්‍රයෝජනවත් වේ .ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යනු කෝවිඩ් 19 වසංගතයට සම්බන්ධ තොරතුරු සෘජුව ම ලබා දෙන විශ්වාසනීය ප්‍රභවයකි.

 

 

සන්නිවේදනය

සෑම නායකයෙකුගෙම ප්‍රධාන කාර්යභාරය වනුයේ පැහැදිලි සහ සාරාංශ සන්නිවේදනයක් තම කණ්ඩායමත් සමඟ පවත්වා ගෙන යාමයි.ඉරාංජලී අබේරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ බලාපොරොත්තු සුන් වී ඇති අවධියක නැවත බලාපොරොත්තු ඇති කිරීමට රුකුලක් වෙමින් අවංකව සහ දයානුකම්පාවෙන් යුක්තව අදහස් බෙදා ගැනීම උචිත බවයි.සේවකයින් සමඟ සංවාද කිරීමේ දී බැරෑරුම් ලෙස සංවාද නොකිරීමට කටයුතු කළ යුතුයි. සේවකයින් යථාර්ථවාදී නායකයින් අගය කරන අතර එය සේවක අයිතිවාසිකම් රැකීමක් ලෙස පිළිඹිබු වේ. සුදුසු හැම මොහොතකදීම නිර්මාණාත්මක සංවාද ආරම්භ කිරීමට උත්සාහ කරන්න .සන්නිවේදනයේ යෙදෙන සෑම විටම සැලකිලිමත්ව කටයුතු කරන්න .මෙම අර්බුදකාරී වාතාවරණය තුළ , සේවකයින්ට අවශ්‍ය වන්නේ තම නායකයින් ඔවුන් සමග සම්බන්ධවීම හා ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ස්වයං පාලනයක් සහ ඔවුන්ගේ නිපුණතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවකි.එබැවින් නායකයෙකු ලෙස මෙවැනි අවස්ථාවක දී නම්‍යශීලී වීම ඉතාමත් වැදගත් .අවිනිශ්චිත කාලය තුළ කළමනාකරුවන්ට ක්ෂුද්‍ර කළමනාකරණය කිරීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනුණත් පැහැදිලි ඉලක්ක තබාගෙන එහි ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් .

 

 

වසංගතය මගින් රැකියා ස්ථානයට සිදු විය හැකි බලපෑම වටහා ගන්න.

සේවකයින් නොපැමිණීම, ව්‍යාපාරික පරිසරයේ වෙනස්වීම් සහ සේවා ස්ථානයේ සුපුරුදු ක්‍රියා පටිපාටියේ වෙනස්වීම් වැනි ව්‍යාපාරයට බලපාන විවිධ මුහුණුවර අවබෝධ කරගැනීම නායකයින්ට රුකුලක් වේ.

 

 

සූදානම් වන්න

අනාගතයේ දී Covid-19 වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකි බව ට කිසිදු සලකුණක් නොපෙන්වන බැවින් ව්‍යාපාරය තුළ බෝවන රෝග වළක්වාලීම සඳහා සැලැස්මක් සංවර්ධනය කර නිරන්තරයෙන් එය සමාලෝචනය කිරීම නායකයින්ට වාසියක් වේ.මෙම සැලැස්ම තුළ සෞඛ්‍ය අවදානම් තක්සේරු වත්, ආසාදනය වළක්වා ගැනීමට ගත යුතු පියවර ,වැඩ මුර වල වෙනස් වීම් පිළිබඳ තොරතුරු යනාදියෙන් සමන්විත විය යුතුය .covid 19 සම්බන්ධයෙන් නිර්දේශ හා උපදෙස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න .(Www.labourdept.gov.lk)

 

සේවක යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන්න 

 

නිවසේ සිට වැඩ කිරීමට හැකියාවක් ඇති අය එසේ කළ යුතු බවට ශ්‍රී ලංකා රජය විසින් රෙගුලාසි නිකුත් කරන ලදී .සේවකයින්ට දුරස්ථව වැඩ කිරීමට නොහැකි අවස්ථාවලදී ,අසනීප නිවාඩු ප්‍රතිපත්ති නම්‍යශිලීව පවතින බවත් ,අවශ්‍ය නම් උපකාර හෝ ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථා ඔවුන්ට ඇති බවත් සහතික කරන්න.
රැකියා ප්‍රධානීන් ලෙස, බොහෝ සේවකයින්ට මෙම කාලය තුළ තම දරුවන් බලා ගැනීම,දෙමව්පියන් රැක බලා ගැනීම වැනි කැපවීම් එනම් අමතර වගකීම් වලට ද මුල් තැන දිය යුතු බව මතක තබා ගත යුතුයි.මෙවැනි කාලයක් තුළ දී රැකියාවෙන් පරිභාහිර කටයුතු සඳහා ද අවධානය යොමු කර දඬුවම් හෝ ඉවත් කිරීමේ ප්‍රතිපත්ති වලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.මානසික සහනයක් ලබා දීම අවශ්‍ය වන අතර සේවකයින් සමඟ සෘජුවම කතා කිරීමත්, නිගමනයන් අවම කිරීමත් වැදගත් වේ .

 

 

ගැටලු පිළිබඳ කතා කරන්න .

මේ මුහුණ දීමට සිදුවී ඇති අවිනිශ්චිත කාලපරිච්ඡේදය තුළ සේවකයින්ට රැකියාව සහ ආදායම් පිළිබඳව විවිධ ගැටලු පැවතිය හැකියි.උදාහරණයක් ලෙස නිවාඩු පිළිබඳ, දිගු කාලයක් රැකියාවට ඒමට නොහැකි වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ සහ රැකියාවෙන් ඉවත් කිරීමේ ප්‍රතිපත්ති වැනි දෑ. පැන නැගී ඇති ගැටලු හඳුනා ගෙන ඊට ඉක්මනින් විසඳුම් ලබා දීමට පියවර ගන්න.විවෘතව සහ යථාර්ථවාදීව කටයුතු කරන්න.

 

 

නිවැරදි මාර්ගයේ හසුරුවන්න

නොවැළැක්විය හැකි ඇතැම් තත්ත්වයන් නිසා සේවකයින්ව සේවයෙන් ඉවත් කිරීම වැනි දුෂ්කර තීරණ ගැනීමට සිදු විය හැකිය .වගකිවයුතු නායකයකු ලෙස ,වෙනත් ජාලයන් ඔවුන්ට නිර්දේශ කිරීම මගින් ඔබට සහාය විය හැක .මෙමගින් සේවයෙන් ඉවත්කල සේවකයින්ට විවෘත පුරප්පාඩු ඇති අනාගත සමාගම් හෝ ව්‍යාපාර සමඟ සම්බන්ධ විය හැකි ය .

 

 

තරගකාරීත්වය නැවත සකස් කිරීම හා ප්‍රතිලාභ ලබා දීම


“සමහර මධ්‍යම මට්ටමේ විධායකයින් හට ඉතා හොඳ අදහස් හා යෝජනා ඇති අතර ,ඒවා සංවිධානය හෝ සමාගමට ප්‍රයෝජනවත් විය හැකිය .විශේෂයෙන්ම මෙම කාල පරිච්ඡේදය තුළ, ව්‍යාපාර හා සංවිධාන වලට මෙය උපකාරයක් වේ. මෙම යෝජනා වලට නායකයින් සවන් දීම වැදගත් වන අතර,විවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ තීරණ ගැනීම තුළින් වඩාත් සාර්ථක තීරණය කෙරෙහි අවධානය යොමු කල හැකි වේ.මෙහිදී මනා අභ්‍යන්තරය සන්නිවේදනයක් තිබිය යුතුයි .නායකයා විසින් සංවාදය ආරම්භ කළ යුතු අතර සේවකයින් සම්බන්ධ කර ගැනීමට උනන්දු කළ යුතු යැයි “, ඉරාංජලි වෛද්‍ය තුමිය සඳහන් කළේ ය .

 

 

නිශ්චය කර වැදගත් තීරණ ගන්න.

වගකිය යුතු නායකයෙකු වැදගත් තීරණ ගැනීමේ දී නිශ්චය කිරීමේ වැදගත්. ඉරාංජලි මෙනෙවිය පෙන්වා දුන්නේ “මෙවැනි අවිනිශ්චිත අවස්ථාවකදී වැදගත් තීරණ ගැනීම මගින් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි.”

තීරණ,”පවතින දත්ත විනිශ්චය සහ කාලයට එරෙහිව ගනු ලබයි”.ඒ හෙයින් පූර්ව Covid උපකල්පන කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා නව උපකල්පන හඳුනාගෙන අනාවැකි පළ කළ යුතුවේ. මෙය දිගුකාලීන අර්බුදයක් හේතුවෙන් සෑම මොහොතකම නිවැරදි දත්ත නොලැබෙන හෙයින් තොරතුරු සුරක්ෂිත කිරීම සහ අවශ්‍ය වන දත්ත විශ්වාස වන්ත ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම වැදගත් වේ .

 

 

හොඳ කළමනාකරණයකට සහ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය සාධක කිහිපයක්..

අවසන් වශයෙන්, ඉරංජනී මහත්මිය විසින් මූලික ප්‍රශ්න කිහිපයක් ගෙන හැර පානවා.
අභියෝගාත්මක ලෙස ව්‍යාපාරික තීරණ ගන්න මෙන්ම තමන්ගේ ව්‍යාපාරය නිවැරදි දිශාවට ගමන් කිරීමට තමන් තුළ ඇති ආකල්පය දැන ගැනීමට ඔබ ඔබෙන්ම අසන්න:

1).අනාගතය පිළිබඳව මාගේ පුරෝකතනය ගැන මට විශ්වාස නැද්ද?එසේ නම් ඊට බලපා ඇති දෑ මොනවාද?

2).මං නිවැරදි දේ සැලසුම් කර තිබෙනවා ද?එය ක්‍රියාත්මක කිරීමට කල් වැඩි ද?

3).මම පූර්ව Covid සංඛ්‍යාත්මක ආකෘති භාවිතා කර තිබෙනවාද?මම නිවැරදි උපකල්පනයන් තුළ ගොඩනඟා තිබෙනවා ද?

4).මේ හැම දෙයක්ම අවසන් වූ පසුත්,මාගේ ක්‍රමයන් ආරක්ෂා කරගන්න පුලුවන්ද?

5).මාගේ සැලැස්ම තුළ අලුත් ඉලක්ක සහ කාල පරිච්ඡේද ඇතුළත්ද?මිනිසුන් සහ සැපයීම් අතර ද්විතීක/ තෘතීක බලපෑම් මොනවද ?

6).වෙළඳාම පිළිබඳව (එනම් පිරිවැය,වේගය,අවධානම් පිළිබඳව මට පැහැදිලිද?

7).ශුන්‍ය අයවැයකරණය(CBB)
ශුන්‍ය පුරෝකථනයන් ගැන කුමක් කිව හැකිද ?මම ඒවා සලකා බලනවද?

ඔබ ඔබවම කාලය තුළ ඉදිරියට ම රැගෙන යන්න. ඔබ හා සමාන අභියෝගවලට මුහුණ දෙන්නන්ව හඳුනා ගෙන මගපෙන්වීම් වලට ඔවුන්ගේ ක්‍රියාකලාප විශ්ලේෂණය කරන්න.මෙතුළින් “නිර්මාණාත්මකව මිණුම් සලකුණු කිරීම” සිදුවේ.

8)මම මගේ අධිෂ්ඨානය මත රඳා සිටිනවාද?
එයට ප්‍රතිචාරයක් දැක්වීමට ප්‍රථම පහත ප්‍රශ්න වලට පිළිතුරු ඔබ ඔබෙන්ම අසන්න.
*මම මගේ අධිෂ්ඨානය මත රඳා ඉද නැවත එය ප්‍රතික්ෂේප කරනවා ද ?
*මගේ අත්දැකීම් ප්‍රමාණවත්ද ?
*මා සතු දත්ත ප්‍රමාණවත් ද ?
*අවදානම වැඩි ද ?
පිළිතුර “ඔව්”නම් ඔබේ අධිෂ්ඨානය මත රැඳීමට ප්‍රථම නැවත වරක් හොඳින් සිතන්න.

හැඟීම් හා විනිශ්චයන්ද,විනිශ්චයන් තීරණ ගැනීමට ද ,බලපෑම් ඇති කරයි .මේ නිසා ඔබ ඔබේම හැගීම් වලට වහල් නොවී ඔබේ සිතුවිලි හා විශ්වාස පරික්ෂා කර බලන්න .එය ඔබේ ක්‍රමයට අනුව නිවැරදි තීරණ ගැනීමට උපකාර කරයි . අවසාන වශයෙන් පහත දේවල් ගැන විමසිලිමත් වන්න :
-විනිශ්චයන් කිරීමෙදී
-සියල්ල ගැන සිතීමේදී හෝ කිසිම දෙයක් ගැන නොසිතීමේදී
-නිගමනයන් ගැනීමේ දී
-සිතනවාට වඩා වාතාවරණය දරුණුවට තිබීමේ දී
-හැසිරවීමේ දැනුම
-හැඟීම් හා නිගමනය

ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවෝ වඳවී යාමේ අවදානමක්…

ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන් වඳවීමේ අවදානමක් පවතින බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබෙනවා. කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම සහ ධීවරයන්ගේ දැල්වලට හසුවන කැස්බෑවුන් මරා මස් ආහාරයට ගැනීම වදවී යාමට ප්‍රධාන හේතුව බවට පත්වී තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව ධීවරයින් තම ජීවිකාවේ සුලබව නිරතවීමත් සමඟ මේ තත්ත්වය උදාවී තිබෙනවා. ලොව මුහුදු කැස්බෑ වර්ග හතකින් පහක්ම ශ්‍රී ලංකාව අවට වෙරලබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන අතර දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට කොස්ගොඩ, තංගල්ල, රැකව, බූන්දල සහ නැගෙනහිර වෙරළේ ප්‍රදේශ කිහිපයක් කැස්බෑවුන් බිත්තර දමන ස්ථාන වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන තිබෙනවා.

 

 

මෙම කැස්බෑවන් වඳවීමේ තර්ජනයට හේතුව කුමක්ද?

 

ලෝකයේ මුහුදු කැස්බෑවන් විශේෂ හතෙන් පහක්ම කූඩු කරන්නේ ශ්‍රී ලාංකික වෙරළ තීරයේ වන අතර ඔවුන් ලංකා වෙරළ තීරයේ සැරිසරන නමුත් ඉන්දියානු සාගරයේ ජීවත් වනවා. “චුම්බක මුද්‍රාව” ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන ගැහැණු කැස්බෑවන් බටහිර හා දකුණු වෙරළට ගොස් බිත්තර දමනවා.

 

අපේ දූපතේ පැටවුන් බිහි කරන මුහුදු කැස්බෑවන් විශේෂ පහෙන් එකක් තර්ජනයට ලක්ව තිබෙනවා .දෙකක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර තවත් දෙකක් බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබෙනවා. තර්ජනයට ලක්වූ ඔලිව් රිඩ්ලි කැස්බෑවන්ගේ පැවැත්ම රඳා පවතින්නේ සාගර තුනක ඉතා කුඩා වෙරළ තීරයකට යාම මත වන අතර ඉන් එකක් ඉන්දියානු සාගරයයි. මෙම කැස්බෑවන් ඔවුන්ගේ කටුව හා මස් නිසා විශාල වශයෙන් ලෙස මරා දමනු ලැබෙනවා. වෙරළ තීරයේ තිබෙන ඔවුන්ගේ බිත්තර ද තරජනයට ලක්ව තිබෙනවා.

 

හරිත කැස්බෑවා අපේ වෙරළ තීරයේ බහුලව දක්නට ලැබෙන කැස්බෑවන් වන නමුත් එය ඔවුන්ගේ සංරක්ෂණ තත්ත්වයට වෙනසක් වෙලා නැහැ. මෙවුන්ව විශේෂ සුප් වල බහුලව දක්නට ලැබෙන අතර දඩයම් කළ බිත්තර වලට අමතරව බොහෝ විට ඉස්ටුවක් තුළ තම්බා මොවුන්ව සංචාරකයන්ට විකුණනු ලැබෙනවා.

ලොජර්හෙඩ් කැස්බෑවන්ගේ බිත්තර අපගේ දූපතේ බහුලව දක්නට ලැබෙන අතර එම නිසා ඔවුන්ගේ ජනගහනය එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ වැඩි වීමට පටන් ගෙන තිබෙනවා.

හෝක්ස්බිල් සහ ලෙදර්බැක් මුහුදු කැස්බෑවන් වඩාත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ඒවා අපගේ වෙරළෙන් සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ කටුව ඇදහිය නොහැකි තරම් වර්ණවත් හා සමමිතික කවචයක් ඇති අතර එය දේශීය දඩයම්කරුවන් විසින් ඩාර්ට්බෝඩ් මැද තැබීමට යොදාගන තිබෙනවා.

 

දඩයම් බිත්තරවල ඉහළ මිල.

 

සාමාන්‍යයෙන් දේශීය අවන්හල් විසින් සංචාරකයින්ට අත්හදා බැලීමට පිළියෙළ කර ඇති “කැස්බෑ බිත්තර ඔම්ලට්” නම් ප්‍රණීත ආහාරයක් සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා බිත්තර දඩයම් කිරීමේ සංඛ්‍යාතය අතිශයින්ම ඉහළගොස් තිබෙනවා. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මෙම බිත්තර දඩයම් කර වෙරළබඩ අවන්හල්වලට විකුණන අතර ඔවුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක දැනගෙන පාරිසරික හා නීතිමය වශයෙන් සෑම මුහුදු කැස්බෑවෙකුම සහ බිත්තර රජයේ නීතියෙන් ආරක්ෂා කර තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාඥ සුහාෂිනි හේවවිසෙන්ති පවසන්නේ “මේ මොහොතේ අභිජනනාගාර හැර වෙනත් විකල්පයක් නැහැ. එසේ නොවේ නම්, බිත්තර යමෙකුගේ බඩට වැටෙනු ඇත. ”

 

 

අභිජනනාගාර – කැස්බෑවුන්ට වඩා සංචාරකයින් තෝරා ගැනීම.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික අභිජනනාගාරවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් හානියක් ඇතිකරනවා මිස කැස්බෑවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නැහැ.. අමතර මුදල් ඉපයීම සඳහා, අභිජනනාගාර කැස්බෑවුන් හැකි තරම් සිමෙන්ති ටැංකි තුළට දමති. මෙම ටැංකි වල කැස්බෑවුන්ට පහසුවෙන් සම්ප්‍රේෂණය විය හැකි විවිධ වර්ගයේ බැක්ටීරියා සඳහා බෝවන ස්ථාන වෙනවා. . වෘත්තිකයන්ගේ අධීක්ෂණයකින් තොරව ළමයින් සමහර කැස්බෑ පැටවුන් ටැංකි වලින් ඉවතට ගෙන කැස්බෑවුන්ට හානිකර ඔවුන් සමඟ සෙල්ලම් කරන බවටද වාර්තා වෙනවා.

 

තවත් “අභයභූමි කිහිපයක්” සංචාරකයින්ට වැඩි මිලකට දිවා කාලයේදී කැස්බෑවන් ජලයට මුදා හැරීමේ අවස්ථාව ලබා දෙයි. මෙයින් සිදුවන්නේ සාගරයේ ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟා වීමට පෙර ඔවුන් ආහාරයට ගැනීමට වැඩි ඉඩක් ඇති වීමයි. එයින් මුහුදු කැස්බෑ පැටවුන් 1000 න් 1 ක් පමණක් බේරීමට ඉඩ තිබෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. ඔවුන් බේරී සිටියහොත් ගැහැණු කැස්බෑවුන් බිත්තර දැමීමට කාලය පැමිණි විට ව්‍යාකූල තත්ත්වයට පත්වෙනවා. ඇත්ත වශයෙන්ම, ඔවුන්ට එක් නිශ්චිත වෙරළකට “චුම්බක මුද්‍රාවක්” නැත, මන්ද ඔවුන් ඉපදුනේ වෙරළේ නොව ලුණු සහිත හා කැටි ගැසුණු ටැංකියක ය. අවාසනාවට, “මේ මොහොතේ වෙනත් විකල්පයක් නොමැත.”

 

දේශගුණික විපර්යාසයේ අභියෝග.

 

මීට වසර 50 කට පමණ පෙර මුහුදු කැස්බෑවන් සහ බිත්තර දඩයම් කිරීම රජය විසින් තහනම් කරන ලද නමුත් එතැන් සිට පනත බලාත්මක කිරීම සඳහා ඉතා සුළු ප්‍රමාණයකින් කටයුතු කර තිබෙනවා.එහෙත්, කැස්බෑවන් ඔවුන්ගේ සම්පූර්ණ ආරක්ෂාව යටතේ තැබීමට රජය දැඩි නීති පැනවුවද, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ඒවා ආරක්ෂා වනු ඇත. වැලි ඉඩම් දූෂණය, සහ කොරල් පර විනාශ කිරීම ගර්භනී මුහුදු කැස්බෑවන් බිය ගැන්වීමට සහ ආරක්ෂිත ස්ථානවල බිත්තර දැමීම වැළැක්වීමට දායක වෙනවා. ඔබට පෙනෙන පරිදි, එක් දෙයක් තවත් දෙයකට සම්බන්ධ වන අතර ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන් විශේෂ පහේම ආරක්ෂාව සහතික කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග නොගන්නේ නම්, ඔවුන් අපේ වෙරළෙන් සදහටම අතුරුදහන් වී වඳ වී යා හැකිය.

 

සදාචාර විරෝධී අභිජනනාගාර නැවැත්විය හැක්කේ කෙසේද?

ජේම්ස් ඩ්‍රැවන්ගේ වචන වලින් “අභිජනනාගාරයක් පවත්වාගෙන යාම බිත්තර වළලා පැටවුන් මුදා හැරීමට වඩා සංකීර්ණ ය”. සෑම සුළු විස්තරයක්ම වැදගත්. එබැවින්, අවසාන සංරචකයක් ලෙස සැලකෙන අභිජනනාගාර ඇති වෘත්තිකයන් විසින් සක්‍රීය සංරක්ෂණ ප්‍රයත්න නිර්දේශ කරනු ලැබේ.

දේශීය ප්‍රජාවන් සහ සංචාරකයින් අතර දැනුවත්භාවය ඇති කිරීම බොහෝ දුරක් යා හැකිය. ශ්‍රී ලංකාවේ කැස්බෑවන්ගේ අනාගතය ප්‍රධාන වශයෙන් සංචාරකයින් අතට පත්ව ඇති හෙයින්, ශ්‍රී ලංකාව පරිසර සංචාරක ව්‍යාපාරය හරහා වගකිවයුතු ගමන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් අව්‍යාජ සංරක්ෂණ වැඩසටහන් සඳහා සහාය වීමට සංචාරකයින් දිරිමත් කළ යුතුය.

ඔබගේ භාවනා දිවිය ආරම්භ කරන්න ප්‍රායෝගික උපදෙස්..

අපි බොහෝදෙනෙක්ට අත්හදා බලන්න අවශ්‍යම වුණු නමුත් අපිට කරන්න බැරි වුණු දෙයක් තමයි භාවනා කිරීම කියන්නේ. අපි හුඟක් හිතනවා භාවනා කරනවා කියන්නේ සංකීර්ණ දෙයක් , ඒක ටිකක් අමාරු දෙයක් කියලා . නමුත් ඇත්තටම භාවනාව කියන්නේ, හුඟක් සරල වගේම සෑහෙන ප්‍රතිලාභ ගෙන දෙන්නා වූ ක්‍රියාකාරකමක් . අපි දන්නවා ,වර්තමානයේ අපි ජීවත්වෙන ලෝකයේ අපිට එන්නා වූ ප්‍රශ්න, ගැටලු නිසා මනසට අධික පීඩනයක්, ආතතියක් වගේම වෙහෙසක් ඇති වෙනවා.මේවාත් සමගම අපිට මානසික සුවය ,මානසික නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නටවත් බැරි වෙලා තියෙනවා.

මේ නිසා අපි කතා කළා පුරා අවුරුදු 20ක් භාවනා ක්‍රියාකාරකම් වල නියැලුණු ව්‍යසායකත්ව හා කලා ගුරුවරියක් වන අනාගා සමන්ට් සමග …ඇය අපට පෙන්වා දුන්නා නිවැරදිව භාවනාව කිරිමට ක්‍රම සහ භාවනා ක්‍රියාකාරකම් නිරතුරුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.

 

 

භාවනා කිරීම සඳහා කාලයක් වෙන් කර ගන්න


භාවනා කිරීම පටන් ගන්න බැරි වුණු හොඳම හේතුවක් විදියට අපි කියන්නේ අපිට කාලයක් නෑ ,ඒ සඳහා වෙලාවක් වෙන් කර ගන්න විදියක් නෑ කියලා .ඔව්. ඒක හුගක් දුරට සාධාරණයි..එකම දින චර්යාවකින් ගෙවෙන ජීවිතය තුළ තමන්ට භාවනා කිරීම සඳහා කාලයක් වෙන් කර ගන්න බැරි වීම සාධාරණ හේතුවක් ..ඒත් මොහොතකට හිතන්න…. අපේ දත් පිරිසිදු කර ගන්න අපි කාලයක් වෙන් කරගෙන තියෙනවා…මොකද අපි පිරිසිදු කමට ප්‍රමුඛස්ථානයක් දීලා තියෙන නිසා ,ඒක අපේ අවශ්‍යතාවයක් .ඉතින් මානසික සෞඛ්‍යය කියන්නේ ඊට නොදෙවෙනි දෙයක් ද ?

මුල් ආරම්භයක් ලෙස මිනිත්තු 5 ත් 10 ත් අතර කාලෙකින් භාවනා කිරීම පටන් ගන්න. පුහුණු වත් එක්කම ටිකෙන් ටික කාලය වැඩි කර ගන්න .ඔයාගෙ ජීවිතේ එදිනෙදා කරන අනිවාර්ය කටයුතුත් එක්ක භාවනා කිරීමත් එකතු කරගන්න.

 

 

භාවනා කිරීම සඳහා දවසේ නිදහස්ම වෙලාව තෝර ගන්න.

 


භාවනා කරන්න බාධාවන් අඩු ම වෙලාවක් තෝර ගන්න. පවුලේ අය වැඩියෙන්ම කාර්ය බහුල නොවෙන වෙලාවක් තෝර ගන්න හිතට ගන්න .ඒ වගේම දවසේ වැඩ ආරම්භ කරන්න කලින් කාලයක් හරි වැඩ ඉවර උනාට පස්සේ කාලයක් හරි තෝර ගන්න….හරියට ම කිව්වොත් පාන්දරම නැගිටලා භාවනා කරන්න පුරුදු වෙනවා නම් ඔයාට කිසිම බාධාවක් නැතුව භාවනා කරන්න පුළුවන්.

 

 

භාවනා කරන්න කලින් සැහැල්ලු ව්‍යායාම් වල නිරත වන්න


භාවනා කරන්න කලින් මනස හා සිරුර සුදානම් කර ගන්න සැහැල්ලු ව්‍යායාම වල නිරත වෙන්න.(උදා:streaching , jogging , skipping,yoga )ඒ වගේම මේ ව්‍යායාම් කිරීම තුළින් එක දිගට භාවනා ඉරියව්වේ ඉද්දි අවයව වලට දැනෙන වේදනාව අවම කරගන්නත් ඔයාට පුළුවන් .

 

 

පහසු ආකාරයට ඉඳ ගන්න

 


භාවනා කිරිමට සුදුසු ආකාරයේ පුටුවක් ,යෝගා පැදුරක් හෝ stool වගේ ඔයාට පහසු දෙයක් තොර ගන්න .කොඳු ඇට පෙළ සෘජුව තියෙන විදියට හිදා ගන්න. බිම ඉදගෙන එද්දී ඉඟ උස් වී දන හිස් පහලට තියෙන විදියට කොට්ටයක් තියා ගන්න.ඒක ඔයාට හුගක් වේලාවක් එකම ඒ විදියට ඉන්න පහසු කරයි.

 

 

නිවැරදිව භාවනා කිරීම සඳහා ඒ පිළිබදව අවබෝධයක් ඇති මඟපෙන්වන්නෙකු හා සම්බන්ධවන්න.

 

ඔබ අලුත් දෙයක් හෝ කිසිදා නොකළ දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ පිළිබඳව පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්නවා. ඒ වගේම ඔබට නිවැරදිව භාවනා කරන්න නම් ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති අයගේ හඬ පට වලට සවන් දෙන්නත්, Youtube Videos නරඹන්නත් ඔයාට පුළුවන්.

 

 

ඔබ හුස්ම ගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න.

 

සරලම භාවනා ක්‍රමයක් වනුයේ ඔබ හුස්ම ගන්නා ආකාරය ඔබ විසින්ම නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගැනීම කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍ය වගේම අපට විශ්වාසනීයම ලෙස ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. ඔබ හුස්ම ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමට අවශ්‍ය නැහැ. නමුත් ඔබ හුස්ම ගන්න සහ පිට කරන ආකාරයත්, වාර ගණනත් පිළිබඳව නිරීක්ෂණය කරන්න.
අපේ හැඟීම් සහ හුස්ම ගැනීම අතර සහසම්බන්ධතාවක් තිබෙන බව ඔබ දන්නවාද? හැඟීම් වෙනස් වන අවස්ථා වලදී අප හුස්ම ගන්නා ආකාරයත් වෙනස් වෙනවා.ප්‍රීතිමත් අවස්ථාවකදී, කනස්සල්ලකදී, කලකිරීමකදී,කෝපයකදී, බය වීමකදී අපි හුස්ම ගන්නා ආකාරය වෙනස් වෙනවා. හුස්ම ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමෙන් මනසට සැහැල්ලූ වක් ඇති කරගැනීමටත් ක්‍රම ක්‍රමයෙන් ඔබේ අවධානය ඒකාකාරීව තබා ගැනීමටත් හැකියි.

 

 

භාවනා කිරීමට විශාල වෑයමක් දැරීමෙන් වලකින්න.

 

කිසියම් දෙයක් කරන්න ඔබ විශාල උත්සාහයක් දරලා ඒ දේවල් නොවූ අවස්ථා ඔබගේ ජීවිතය තියෙනවා ඇති. ඒ වගේම නිදහස් මනසකින් ඉන්න අවස්ථාවකදී ඒ දේ නිරායාසයෙන්ම කරන්නට හැකි වූ අවස්ථා ද ඇති. ඒ න්‍යායම භාවනා කිරීමේදී උපයෝගී කරගන්න. භාවනා කිරීමට පටන් ගත් අවස්ථාවේදීම ඔබගේ මනසට විවිධ දේවල් ගලා එන්නට පුළුවන්.නමුත් කෙමෙන් කෙමෙන් ඔබ හුස්ම ගන්නා සහ පිටකරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඔබේ අවධානය යොමු කරන්න. සමහර අවස්ථාවල දී ඔබ අසමත් විය හැකියි. එහිදී ඔබට කලකිරීමක් ඇතිවෙයි. නමුත් භාවනා කිරීමේදී ඔබව කලකිරීමට පත් නොකරන අතර ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට උපකාර කරන බව මතක තබා ගන්න. එක් එක් සිතුවිලි ගලා ඒමේ දී පවා ඔබ කළ යුතු දේ කෙරෙහි අවධානය දෙමින් මනස සෙමෙන් සෙමෙන් ඒකාකාරීව තබා ගැනීමට උත්සාහ ගන්න.

ජීවිතය සරලව සහ සාමාන්‍ය ලෙස ගත කරන අය විතරයි භාවනා කරන්නේ කියලා සමාජයේ මතයක් තියෙනවා . නුමුත් භාවනාව මගින් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම ජීවත්වෙන්න වගේම ඉලක්ක සපුරා ගන්නත්, ඔබේ සිහින වලට ලඟා වී සතුටින් ජීවත් වෙන්නත් හැකියාවක් ලබාදෙනවා.

භාවනා ජීවිතයක් ගෙවනවා නම් ඔබට ඔබගේ ජීවිතය පීඩනයකින් තොරව සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් . එමෙන්ම ඔබේ හැඟීම් පාලනය කිරීමට ද එය උපකාරී වෙයි. ඔබට සෘණාත්මක අවස්ථාවලට මුහුණ දෙන්නට සිදුවන විටදී සාමාන්‍ය ලෙසම දැනෙන හැඟීම් ඔබට දැනේවි. නුමුත් ඒ හැඟීම් ඉක්මණින්ම යථා තත්ත්වයට පත් වි ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට උපකාර ලැබේවි.

භාවනා කිරීම යනු, ජීවිතයට නිවැරදිව ග්‍රහණය කරගැනීමට පුහුණුවීම් අවශ්‍ය කරන ක්‍රියාවලියකි. එබැවින් පළමු වාර කිහිපය තුල ඔබ අසාර්ථක වුවත් එහි දිගින් දිගටම නියැලෙන්න. ඔබට ගැලපෙන භාවනා ක්‍රමයක් තෝරාගෙන ඊට හැඩගැසෙන්න.

කොරෝනා අස්සේ හිස ඔසවන ඩෙංගු මාරයා..

වෛරසයකින් හැදෙන, මදුරුවකුගෙන් බෝ වන, මාරාන්තික රෝගයක් තමයි ඩෙංගු. වෛරස් ප්‍රභේද හතරකින් තමයි ඩෙංගු බෝ වෙන්නේ. අධික උණ වගේ ඇඟේ පතේ වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දක්වන්න පුළුවන්. බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමු වී තිබෙන්නේ කොවිඩ් වෛරසය වෙත කියක එක හැමොම දන්න කාරණාවක්. ඒත් පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. පිරිසිදු වතුරේ බිත්තර දමන ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් ඩෙංගු වෛරසය බෝ වෙන අතර 2019 වසරේදී ඩෙංගු රෝගින් 105,049 ක් වාර්තා වූ අතර මෙම වසරේ ගෙවුණු මාස හතර හමාරක කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 19,446 ක්. 2019 දී ඩෙංගු මරණ 157 ක් වාර්තා වූ අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 20 ක්. මේ වන විට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත්තේ කොළඹ,ගම්පහ, කළුතර,ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්.

 

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය සතියේ ආරම්භ වූ වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි. ඩෙංගු මඳුරුවන් බිත්තර දමන පිරිසිදු ජලය ටයර්, තැඹිලි කෝම්බ, ප්ලාස්ටික්, පොලිතින් හා පොල්කටු තුළ එක්රැස් විය හැකි බැවින් ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතු වන අතර වැහි පීළි,ස්ලැබ්, ඉදිකිරීම් ස්ථාන හා වැඩ අවසන් නොකළ ගොඩනැගිලි වලද ජලය එක්රැස් වීම වැළැක්විය යුතු වෙයි.ඩෙංගු මදුරුවාගේ සීග්‍රයෙන් වෙනස් වන අනුවර්තන ලක්ෂණත මෙම රෝගයේ සීග්‍රයෙන් වෙනස් වන රෝග ලක්ෂණත් නිසා රෝගය පාලනය කිරීමත්, රෝගය හඳුනා ගැනීමත් අභියෝගයක් වී තිබෙනවා.මෙය වයිරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරනවා.වයස අවුරුදු 70ට වැඩි වයෝවෘද්ධ පුරවැසියන්, නිධන්ගත රෝග වලින් පෙලෙන්නන් හා අනෙකුත් දුබල අය රෝග ලක්ෂණ කිසිවක් හෝ උණ ගැනීමක් ඇති වුවහොත් හෝ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක ඩෙංගු බෝවීම වළක්වාගැනීම සඳහා පූර්ණ සහාය දීම ඔබ සතු වගකීමක්.

ඔබේ ළගම හිතවතා ඔබට මෙච්චර කරදර ගෙනෙන බව ඔබ දන්නවාද..?

ලොකු කුඩා කියලා නෑ ජංගම දුරකථනය හැම කෙනෙක්ගෙම මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා හමාරයි. ගොඩක් අයට රෑට නින්ද යන්නෙවත් උදේට නැගිටින්නවත් අඩුම තරමේ කෑම කන්නවත් බැහැ තමන්ගේ ජංගම දුරකථනය නැතිව. ඒ තරම් අපි කොයි කවුරුත් ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා. හැබැයි ඉතිම් මේකට ඇබ්බැහි වෙන එකත් පුදුමයක් නෙවෙයි. මොකද ගොඩක් වැඩකටයුතු මේ උපාංගය නිසා අපිට පහසු වෙලා තිබෙනවා. ඒ නිසා මේකට අපේ ළගම හිතවතා යනුවෙන් ආමන්ත්‍රණය කරන එක පුදුමයට කරුණක් නොවේ. කොහොම වුණත් ඕනවට වඩා හොඳ කියන්නේ නරකට කියලා කතාවක් තියෙනවානේ. ජංගම දුරකථනය කොච්චර අපිට සහය වුණත් එයින් සෞඛ්‍යට වැඩි හොදක්නම් නැහැ. මෙයින් ඇතිවෙන අහිතකර බලපෑම් සමහරක් දීර්ඝකාලීන ආබාධ ගණයට අයත් වෙනවා. ඉතින් මොනවද මේ බලපෑම් …

 

 

ප්‍රධාන වශයෙන් දුරකථන භාවිතයෙන් පිළිකා අවධානමක් ඇතිවෙනවා. ‌ගොඩක් අය තම ජංගම දුරකථනයෙන් නිතරම ගීතවලට සවන්දෙනවා නම් ඒ වගේම දීර්ඝවශයෙන් දුරකථන සංවාදවල නිරතවෙනවා නම් කාලයක් ගතවනවිට මොළය ආශ්‍රිත ගෙඩි හෝ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. ගොඩක් වෙලාවට මේ අවධානම එන්නේ තත්ත්වයෙන් බාල වර්ගයේ ජංගම දුරකථන භාවිතා කිරිම නිසා. ඒ නිසා ඔබ ජංගම දුරකථනය උසස් තත්වයේ නිශ්පාදනයකින් තෝරගන්න වග බලාගන්න.

 

 

ඒ වගේම දෘෂ්ඨි අපහසුතා ඇති වීමත් ජංගම දුරකථන භාවිතයෙන් සිදුවෙනවා. එයින් නිකුත්වන අහිතකර කිරණ හා වැඩි වේලාවක් තිරය දෙස බලා සිටීම මගින් මෙම ආබාධය ඇතිවෙනවා. නිදන්ගත රෝග තත්ත්වයන්ද මේ මගින් ඇතිවෙනවා. කාලයක ඉදන් ඇතිවෙන,පැවතගන එන වේදනාවන් තමා නිදන්ගත රෝග කියන්නේ. මෙය එතරම් බරපතල නොවුණත් එයින් ඇතිවෙන වේදනාව අවමකොට සලකන්න බෑ. ඒ වගේම තමයි මානසික ආතතිය ඇතිවෙන්නත් දුරකථනය බලපානවා. වැඩිපුර ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ට විශාද තත්ත්වය ඇතිවෙනවා. විශාදය කියන්නේ මානසික ආතතියේ උපරිම අවස්ථාව. එවැනි අවස්ථාවකට ඔබ මූණ දෙනවානම් මානසික වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාරගත යුතුයි. ඔබ නින්දට යනවිට දුරකථනය කොට්ටයට යටින් තියාගන නිදියනවාද? නැත්තම් ඇඳේ තබාගන නිදියනවාද? එයින් සිදුවෙන්නේ ඔබගේ නින්දට බාධා ඇතිවීමයි. ජංගම දුරකථනයෙන් නිකුත්වන අහිතකර ක්ෂුද්‍ර කිරණමගින් සෘජුවම නින්දට බලපෑම් ඇතිකරනවා. උදෑසන අවධිවන විට ඇතිවෙන හිසරදය මෙයින් ඇතිවන බලපෑම්වල ප්‍රතිළුලයක්. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් සුවකිරීමට අපහසු තත්ත්වෙකට පත්වෙනවා.

 

 

ඉතින් ඔබ ජංගම දුරකථනය භාවිතා කරනවානම් හොද අවබෝධයකින් භාවිතා කරන්න.හොද තත්වයේ ජංගම දුරකතනයක් භාවිතා කරන්න. ඒ වගේම දුරකථනය සමග ලබා දෙන උපදෙස් පත්‍රිකාව හොදින් කියවා දී ඇති උපදෙස් පිළිපදින්න. පුළුවන් තරම් මෙයින් වන හානිය අවම කරගන්න වග බලා ගන්න….

ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නේ HIV විතරමද?

අපි අද කතා කරන්න යන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, HIV / AIDS සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැන. AIDS කිව්වම හැමෝම බය වෙනවා. නමුත් අපි හැමෝටම මේ ගැන හොඳ අවබෝධයක් තිබුණානම් ඔය කියන රෝග වලට ගොදුරු වීමෙන් වැළකී සිටීමට පුළුවන්.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) යනු ලිංගික සම්බන්ධතා මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන ආසාදනයි. ලිංගාශ්‍රිත රෝග සඳහා හේතු වන්නේ බැක්ටීරියාවන්, පරපෝෂිතයන් සහ වෛරස්. ලිංගාශ්‍රිත රෝග වර්ග 20 කට වඩා තියන බවට හඳුනාගෙන තියනවා. බොහෝ ලිංගාශ්‍රිත රෝග පුරුෂයින්ට හා කාන්තාවන්ට බලපාන නමුත් බොහෝ අවස්ථාවලදී ඔවුන් විසින් ඇති කරන සෞඛ්‍ය ගැටලු කාන්තාවන්ට වඩාත් දරුණු විය හැකි බවට වාර්තා වෙනවා. ගර්භනී කාන්තාවකට ලිංගාශ්‍රිත රෝගයක් ඇත්නම් එය දරුවාට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ඉඩකඩ තියෙනවා.

ප්‍රතිජීවක බැක්ටීරියා හෝ පරපෝෂිතයන් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කරන්න පුලුවන් වුනත් වෛරසයක් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාරයක් කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඖෂධ ලබාගැනීම මඟින් බොහෝ දුරට රෝගය පාලනය කරගැනීමේ හැකියාවක් තියනවා.කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග ඇතිවීමේ හෝ පැතිරීමේ අවදානම බොහෝ දුරට අඩු කරනවා. නමුත් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැහැ.

බහුලවම ඇතිවන ලිංගාශ්‍රිත රෝග විදිහට ගොනෝරියා (සුදු බිංදුම), ලිංගික හර්පිස්, උපදංශය (සිපිලිස්), ලිංගික ඉන්නන් සහ ක්ලැමීඩියා හඳුන්වන්න පුලුවන්. මේ රෝග සියල්ලක්ම පාහේ ඇතිවනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් බව මතක තබා ගත යුතු කාරණාවක්.

 

 

01. ක්ලැමීඩියා

Chlamydia Symptoms: What to Look for and Where to Get Help ...

ක්ලැමීඩියා යනු බැක්ටීරියාවක් මගින් පැතිරෙන රෝගයකි, රෝගය සහිත කෙනෙකු සමඟ යෝනි, ගුද, මුඛ සංසර්ගයේ යෙදීමෙන් මෙම රෝගයට ගොදුරුවේ.

රෝග ලක්ෂණ:
ආසාදිතයකු හා ලිංගික කාර්යයේ යෙදී දින හතක් විසි එකක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ.

ස්ත්‍රීන්ගේ යෝනි ශ්‍රාවයක් ගැලීම හෝ ඔසප් වාර අතර යෝනියෙන් ලේ යෑම, මුත්‍රා දැවිල්ල, උදර ප්‍රදේශයේ වේදනාව, ඇතැම්විට උණ සහ ඔක්කාරය.

මේ රෝගය නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වඳභාවයට පත්විය හැක. ලිංගික සහකරුට හෝ සහකාරියට රෝගය බෝවන බැවින්, රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්ය.

 

 

02. හර්පීස්

Herpes: Symptoms, causes, and treatment

වෛරසයක් මඟින් පැතිරෙන රෝගයකි.

රෝග ලක්ෂණ:
(ආසාදිතයකු සමඟ සංසර්ගයේ යෙදී දින 1 – 30 අතර රෝග ලක්ෂණ මතුවිය හැක.)

ලිංගේන්ද්‍රය මතුපිට ඇතුළත හෝ මුඛයේ ඉතා වේදනාකාරී කුඩා දිය බිබිළි මතුවිය හැක.ඒවා මතුපිට කැසීම හෝ දැවිල්ල ගතියක් දැනේ. මෙම දිය බිබිළි සති එකත් තුනක් අතර කාලයක් පවතී. වසා ගැටිති ඉදිමීම හෝ වේදනා දීම.

නිට්ටාවටම සුව කළ නොහැකි අතර වෛරසය සිරුර තුළ පවතින බැවින් වරින් වර බිබිළි මතුවිය හැකියි.

 

 

03. ගොනෝරියා/ සුදු බිංදුම

Gonorrhea - Causes, Symptoms and Treatment | My Med Health Info

බැක්ටීරියාවක් මඟින් ඇතිවෙන ගොනෝරියා රෝගය ගොනෝරියා සහිත අයකු සමඟ මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝ විය හැක. මෙම බැක්ටීරියාව ගැබ් ගෙල, මුත්‍රා නාල, ගුද මාර්ගය, උගුර සහ ඇසෙහි සිවිය ආදියට ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී තිබේ.

රෝග ලක්ෂණ:
(ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින (2-21) අතරදී රෝග ලක්ෂණ මතුවේ.) ස්ත්‍රීන්ට යෝනියෙන් කහ හෝ සුදු පැහැ ශ්‍රාවය පිටවේ. මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේදී දැවිල්ල හෝ වේදනා සහිත බව. අස්වාභාවික ඔසප් වීම, ඔසප්වීම අතර ලේ පිටවීම, යටි බඩ වේදනාව.

ගොනෝරියා රෝගයට ගොදුරු වන පුරුෂයන්ට ශිශ්ණයෙන් කහ හෝ සුදු ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාවක් දැනීම, නිතර නිතර මුත්‍රා කිරීමට අවශය වීම වැනි රෝග ලක්ෂණ මතුවේ.

ප්‍රතිකාර නොගැනීමෙන් වඩා තදබල ආසාදන ඇති කළ හැකිය. ප්‍රජනන ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි.

 

 

05. සිපිලිස්

Obat Sipilis Manjur: Cara Menyembuhkan Sipilis Dengan Alami

ට්‍රෙපෙනිමා පැලිඩම් නැමැති බැක්ටීරියා විශේෂය මඟින් පැතිරෙන සිපිලිස් රෝගය සහිත අයකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් පැතිරෙයි. මෙහි රෝග ලක්ෂණ අවධි තුනක් යටතේ රෝග ලක්ෂණ ඇතිවේ.

මුල් අවධිය – ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී දින 9 – 90 අතර රෝග ලක්ෂණ මතුවෙයි. මුඛයේ, ලිංගේන්ද්‍රයේ, පයෝධර හෝ ඇගිලිවල වේදනා රහිත රත් දුඹුරු තුවාලයක් හෝ තුවාල, ඉකිලිවල වසා ගැටිති ඉදිමීම මෙහි රෝග ලක්ෂණ අතර වේ.

තුවාලය සති එකත් පහත් අතර පවතී. තුවාලය සුව වුව ද ආසාදිතයා රෝගයෙන් පෙලේ. පළමු අවධියේ දී නිසි ප්‍රතිකාර නොලද විට සති 6කට පමණ පසු රෝගය දෙවන අවධිය කරා යනු ලැබේ. මේවන විට ද්විතීක රෝග ලක්ෂණ මතුවේ.

ශරීරයේ ඕනෑම තැනක හමේ පලු ඇතිවේ. මෙය මුහුණ, ඇඟ, අත්ල, පතුල පිට ආදි ආදි අවයවවල වැඩිදුර දැකිය හැකිය.

 

 

 

05. ලිංගික ඉන්නන්

All About Herpes – The Genital Warts Cousin Of Sorts

හියුමන් පැපිතලෝමා වෛරසය මඟින් ඇතිවෙන රෝගය ලිංගේන්ද්‍රියේ ඉන්නන් සහිත කෙනෙකු සමඟ යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේ යෙදීමෙන් බෝවේ.

රෝග ලක්ෂණ: ආසාදිතයකු සමඟ ලිංගික කාර්යයේ යෙදී මාසයත්, මාස 8ක් හෝ අවුරුදු කිහිපයක් අතරේදී රෝගී ලක්ෂණ මතුවේ.

ලිංගේන්ද්‍රියේ සහ ගුදයේ උඩට නෙරා ගිය කුඩා ඉන්නන් ඇතිවන අතර ඒවා නොවැටී පවතී. ලිංගේන්ද්‍රියේ අවට කැසිල්ලක් හෝ දැවිල්ලක් පවතී. ඉන්නන් වැටුණු පසු ද වෛරසය ශරීරයේ පවතී. යළි යළිත් ඉන්නන් මතුවිය හැකිය. ප්‍රතිකාර නොගැනීමෙන් ඉන්නන් වැඩි වී ඉවත් කිරීම අපහසු වේ.

 

 

06. HIV/AIDS

HIV Aids Care By International Health Care Centre | Ghana Live TV
එච්.අයි.වී මඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන අතර ඒඩ්ස් රෝගයට ගොදුරු විය හැක. HIV සහ AIDS යනු රෝග දෙකකි. HIV හි අවසානය විදියට AIDS හඳුන්වන්න පුළුවන්. ප්‍රතිකාරයක් නැත, නමුත් ඖෂධ මගින් ඔබට නිරෝගීව සිටීමට හැකියාවක් තිබෙනවා..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) ශ්‍රී ලංකාවේ එච්.අයි.වී / ඒඩ්ස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා තිබෙන ප්‍රධාන රාජ්‍ය ආයතනය වේ. එය AIDS, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට ගෝලීය අරමුදල (GFATM) සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන වැනි ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර දිවයින පුරා පැතිර ඇති ලිංගාශ්‍රිත රෝග සායන 34 ක් සහ ART මධ්‍යස්ථාන 23 ක් සඳහා නායකත්වය සහ තාක්‍ෂණික සහාය ලබා දෙයි.

ලිංගික රෝග වලට ගොදුරු වන බොහෝ පිරිස් රහස්‍යභාවය හෙළිවේ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැහැ. නමුත් එලෙස රෝගය සඟවාගෙන සිටීම තවත් රැසකට අත වැනීමක් සේම, සමාජය පුරා පැතිරීමට බලපාන කරුණක් විය හැක. ඉහත රෝග ලක්ෂණයන් දුටු වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍යම කාරණාවක්.

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන
නො.29, ද සේරම් පෙදෙස, කොළඹ 10.
+94 011 26 67163
http://www.aidscontrol.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දිවයින පුරා තිබෙන සායනවල තොරතුරු ඔබහට ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.

 

දනුක ප්‍රශාන්

COVID-19 සහ වෙළඳ ප්‍රචාරණය..

අපි හැමොම මේ වෙද්දී අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා.ඒක කවදාවත් කලින් නොවූන විදිහට මහජනයාගේ හැසිරීම වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මේ පැන නැගිලා තියෙන අලුත්ම ගැටළු එක්ක මහජනතාවගේ ඉල්ලීම් සපුරන්න ව්‍යාපාර වලට එයාලගේ ව්‍යාපාර සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් වෙලා තියෙනවා .

ඇත්තටම වර්තමානයේ ඇතිවෙලා තියෙන සමාජ හා ආර්ථික පසුබිමත් එක්ක වෙළඳ ආයතන වලට කලින් කරලා නොතිබූණ විදිහට තමන්ගේ ව්‍යාපාර වල දැන්වීම් කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් පළ පලකිරීමේදී ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා.

 

ලංකාවේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය ඉතා ඉක්මනින් ඉවත් කරයි. එතකොට මිනිස්සු වෙළඳ නාමය පිළිබඳ සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කරන්න යොමු වෙනවා.

වෙළඳ නාම වලට සහ ව්‍යාපාර වලට තිබුන ලොකුම අභියෝගයක් වුණ තරගකරුවන් දැන් අඩුයි. ඒ නිසා අව්‍යාජ භාවය අඩු වෙනවා. ඒ නිස ව්‍යජත්වයෙන් තොරව මිනිසුන්ගේ මනසෙහි රැඳෙන්න වෙළඳනාම වැඩ සිදුවෙනවා.

මේ වසංගතය අතරතුර ව්‍යාපාරවල ඉලක්කගත පාරිභොගිකයන්ට අවශ්‍ය වන ද්‍රව්‍ය සොයාගන්නේ මූලික කරුණු වලට ගිහින් නැවත පරික්ෂා කරලා බැලුවට පස්සේ . නමුත් මේ වෙලාවේ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳ අවබෝධ කරගන්න අපිට මේ මූලික කරුණු ම ප්‍රමාණවත් වන්නේ නැහැ.
මේ පිළිබඳව දැනගන්න අපිට මූලික ප්‍රශ්න දෙකකින් පටන් ගන්න පුළුවන්

 

1. ඔයාගේ ඉලක්කගත ප්‍රේක්ෂකයින්ගේ දැන් ආර්ථික තත්ත්වය කොයි වගේද?

ගොඩක් වෙලාවට උත්තර වෙන්නේ ඒ තරම් හොඳ නැහැ යන්න මොකද මේ වසංගතය ගොඩක් අයගේ ජීවනෝපාය වෙනස් කරලා තියෙනවා .

 

2. එයාලට උදව් කරන්න ඔයාට මොනවද කරන්න පුළුවන් ?

ඔයාට පුලුවන් අත්‍යවශ්‍ය නිෂ්පාදන හෝ සේවාවන් තරමක් නිදහස් කරන්න.ඒ වගේම ඔයාට බැහැ මගේ නිෂ්පාදනය ම මිලදී ගන්න කියලා ඔවුන්ට බලපෑම් කරන්න. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි දෙයක් අපේක්ෂා කරන්නත් බැහැ.

මෙන්න ඔයාගේ ව්‍යාපාරය හෝ වෙළෙඳ නාමය අලෙවිකරණයේ දී හා දැන්වීම්කරණයෙදී මග හරින්න පුළුවන් වැදගත් කරුණු කිහිපයක්

 

1. ප්‍රේක්ෂකයින් සංවේදී කරවන වෙළඳ දැන්වීම්.

අපි දැනටමත් ඒක දැකලා තියෙනවා. ඔයාගේ නිෂ්පාදනයට කොරෝනා වෛරසය මූලික කරගන ඒක මිනිස්සුන්ට සංවේදී ලෙස සමීප කිරීම වගේ විහිළු සහගත දේවල් ඇත්තටම අවශ්‍ය වන්නේ නෑ. ඒවා ඇත්තටම කලාත්මකත් නැහැ. සංවේදී නොවන වෙළඳ දැන්වීම් අපි දන්නවා. ඒ නිසා ඒවායින් වළකින්න.

 

2. ශබ්දය බවට පත්වන අන්තර්ගතය.

දැන්වීමේ අන්තර්ගතය මෙම “අවිනිශ්චිත කාල වලදී ” ආරම්භ වී ” අපි ඔබ ගැන සැලකිලිමත් වෙමු කියලා අවසන් වන දැන්වීම් නොකරන්න වගබලා ගන්න.මොකද මේ වගේ වෙළඳ දැන්වීම් මගින් ශබ්දය වෙත ආකර්ශනය කර ගැනීමට උත්සාහ කරයි. මේවා සංවේදී වෙළඳ දැන්වීම් තරමට ම හානිකර වෙනවා . ඉතින් ඒ වගේ වෙළඳ දැන්වීම් කරන්න එපා.හැම වෙලාවෙම ප්‍රමාණාත්මක බවට වඩා ගුනාත්මක බව ජයගන්නවා . එම නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න .

 

3. උපායශීලී අලෙවිකරණය

මිනිස්සුන්ට දැන් වෙළඳනාම ගැන තියෙන සැකය වැඩි .ඒ නිසා ඔවුන් උපායශීලි අලෙවිකරණ උත්සාහයන් පිළිබඳ වෙනදාට වඩා සූක්ෂමව හඳුනා ගන්නවා. විශාල නොවන වෙළඳ දැන්වීම් සඳහා මූලික වැරැද්ද වන්නේ විශාල පිටපත් ලිවීමක් නොමැති වීමයි. හොඳ පිටපත් රචකයෙකුට පහසුවෙන් පණිවිඩයක් සංවේදනයක් නැතුවම නිර්මාණය කරන්න පුළුවන්. එම නිසා ශිල්පය පිළිබඳ අවබෝධයක් ඇති පිටපත් රචකයින් බඳවා ගන්න සැලකිලිමත් වන්න. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය සහ වෙළෙඳ නාමය අහිමි වීමට පෙර යමක් කිරීමට, ඉක්මණින් පටන් ගන්න.මේ අවස්ථාවේ ඔබට සුළු කාලයක් ලැබිලා තියෙනවා. ඒ ගැන ටිකක් සිතන්න. නිව්යෝක්හි ඔගිල්වි විධායක නිර්මාණ අධ්‍යක්ෂක ජෝන් ලෝගන් පවසන්නේත් ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බව.

 

ඔහු පවසන්නේ වෙළඳනාම සන්නිවේදනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඇති බව.

 

1. වෛරසයට එරෙහිව සටන් කරන්න ඔයා උදව් කරන්න ඕනේ කොහොමද?

වසංගතය මගින් එන අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් ව්‍යාපාරයක් වෙන්න. වෙළඳ නාමය අන්තර්ගතය වෛරසයට එරෙහිව අනුවර්තනය වීමට සහ සටන් කිරීමට හැකි වන ආකාරයට සකස් කරන්න.

 

2. ඔයා අනෙක් ව්‍යාපාර වලට සහ මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද?

විරැකියාව ඉහළ යාම මෙන්ම තවත් විශාල සේවකයින් කොටසක් වැටුප් කප්පාදු වලට මුහුණ දී තිබෙනවා. මෙහිදී ඔයා ජනතාව අතර වෙළෙඳ නාමය රඳවා ගැනීමට උත්සාහ කරන්නේ කොහොමද? ඔයාගෙ ව්‍යාපාරය හා සැපයුම්කරුවන් අතර සම්බන්ධතාවය වෙනස් වී තියෙන්නෙ කොහොමද සහ එම බැඳීම ශක්තිමත් කරන්න උත්සාහ කරන්නේ කොහොමද යන්න සොයා බලන්න .

 

3. අර්බුදය අතරතුර මිනිසුන්ට අවශ්‍ය තොරතුරු සැපයීම .

ඔයාගේ වෙළඳ වෙළඳ නාමය සමග මිනිසුන්ව සම්බන්ධ කරගනිමින් මහජනතාව දැනුවත් කිරීම සඳහා වෙළඳ නාමය භාවිතා කරන්නේ නම් ඒක අගය කළ යුතු වෙනවා . ඒ නිසා වෙනදාට වඩා නිර්මාණශීලීත්වයෙන් යුතු අදහස් ඉදිරිපත් කිරීමේ වගකීම නිර්මාණකරුවන්ට පැවරෙනවා . වෙළඳ නාමයේ අන්තර්ගතය ගොඩනැගීමේ දී ඊට ඉතා හොඳ වේදිකාවක් ලෙස වීඩියෝ මාධ්‍ය සකස් වී තිබෙනවා . මාෂල් මැක්ලූහන් පවසන්නේ ද “මාධ්‍ය පණිවිඩය වේ ” කියලයි. ඒ නිසා ලංකාවේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් පරිශීලනය කරන ටික්ටොක්, යූ ටියුබ් සහ රූපවාහිනිය ඔයාට අන්තර්ගතය ඉදිරිපත් කිරීමට භාවිතා කරන්න පුළුවන් . අර්බුධ අවස්ථාවේ සංවේදනයෙන් ප්‍රතිචාර දක්වන, සාපේක්ෂ අන්තර්ගතයක් ගොඩනගා ධනාත්මක වෙනසක් ඇති වෙන විදිහට මාධ්‍ය භාවිත කිරීමට උත්සාහ කරන්න . එය ඉලක්ක ග්‍රාහකයින්ට ඔයාව මතකය තබා ගැනීමට උපකාරී වෙයි.

 

සනීපාරක්ෂක නිශ්පාදන අළෙවි කරන සහ විසබීජ නාශක සේවා සපයන ආයතන..

දැන් ඇදිරිනීතිය ලිහිල් කර ඇති නිසා වෙනදට වඩා මිනිසුන් තම කටයුතු සඳහා ගමන් බිමන් වල නිරත වේ.මේ කාලයේ තම වටපිටාව, රැකියා ස්ථානය, නිවස, විෂබීජ වලින් තොරව තබා ගැනීමට සියලු දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ.ඒ සම්බන්ධයෙන් පැන නගින ගැටලු සහ බිය අවම කිරීමේ අපේක්ෂාවෙන් ගැස්ම අපි සනීපාරක්ෂක නිෂ්පාදන අළෙවි කරන සහ විසබීජ නාශක සේවා සපයන ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න තීරණය කළා.

සනීපාරක්ශක නිෂ්පාදන

George Steuart Health

 

 

 

George Steuart Health ආයතනය ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ස්ථර තුනකින් සමන්විත,ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ අධෝරක්ත උෂ්ණත්වමාපක සැපයීමට සූදානම් ව සිටී.මෙම මුහුණු ආවරණ හි උපරිම ආරක්ෂාවක් සපයා දීමේ අපේක්ෂාවෙන් ස්ථර තුනක් ඇතුලත් කර තිබේ. ජලය විකාශනය වීම සහ දූවිල්ලට ඔරොත්තු දිය හැකි ලෙස එය නිර්මාණය කර ඇත.තොග මිලදී ගැනීම් වලදී ආකර්ෂණීය මිල අඩු කිරීම් සිදුකරයි.එක් පෙට්ටියක මුහුණු ආවරණ 50 කින් සමන්විතයි.

අධෝරක්ත උෂ්ණත්වමාපක මගින් නිවැරදි ලෙස ශරීර උෂ්ණත්වය නිර්ණය කළ හැකි අතර එය පරිශීලනය කරන්නාට පහසුවෙන් සහ ආරක්ෂාකාරීව පරීක්ෂා කළ හැකියි. උෂ්ණත්වමාපකය LKR 15,900කි. අවුරුදු දෙකක වගකීමක් සහිතයි. බේදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. මුහුණු ආවරණ සඳහා විමසීම් – 077 767 0708 (සංජය)
අධෝරක්ත උෂ්ණත්වමාපක සඳහා විමසීම් – 077 766 6814 (රවිශ්ක)/ 077 739 0421 (තුෂාන්ත)

ඔවුන්ගේ website හෝ facebook page එකට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක. යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට ඔවුන් සමග රැඳී සිටින්න.

 

 

George Steuart Laboratories (Pvt)Ltd

ඔබ සහ ඔබේ වටපිටාව විෂබීජවලින් තොරව තැබීමට ඔබට උපකාර කිරීම සදහා Sterill සනීපාරක්ෂක ගණනාවක් හඳුන්වා දී ඇත.පහත විස්තර වලට අනුව ඔබේ ඕනෑම අවශ්‍යතාවකට ගැලපෙන පරිදි නිෂ්පාදන ඔවුන් සතු යි.

1).Advanced Hand Sanitizer Gel (50ml/ 300ml)
-බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ ප්‍රතිවයිරස සහිත දෑත් පිරිසිදුකාරකි. දෙඅත් තෙතමනයෙන් තබා ගැනීම සඳහා ඔලිව් ඔයිල් සහ විෂබීජවලින් ආරක්ෂා කිරීම සඳහා 70% ක් මද්‍යසාරයද මීට එක්කර ඇත.

2).Alcoholic Hand Rub (5l)
– බැක්ටීරියා නාශක, දිලීර නාශක, ප්‍රති වයිරසයන්ගෙන් සමන්විතයි. මෙම දෑත් පිරිමැදුම්කාරකයෙහි 70% මද්‍යසාරය වන අතර තෙතමනය රඳවා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විතයි. මෙමගින් දෑත් විෂබීජවලින් ආරක්ෂා කර තබා ගත හැක.

3). Sanitizing Spray Gel (5l)
-මිනිසුන්හට මෙන්ම මෘදු මතුපිට සඳහාද භාවිතා කළ හැක. ඉක්මනින් ක්‍රියා කිරීම සඳහා 70% මද්‍යසාර එකතු කර ඇති අතර ප්‍රතිවයිරස්, විෂබීජ නාශක, දිලීර නාශක වලින් සමන්විතයි.

4). Surface Sanitizer (5l)
– කිසියම් මතුපිටක් සඳහා එනම් කවුන්ටර් සඳහා සහ මේසයක් මතුපිට, ආසන වල ඉසිය හැක. බ්ලීචිං වලින් තොර බැක්ටීරියා නාශක,දිලීර නාශක සහ ප්‍රතිවයිරස කාරක වලින් සමන්විතයි .ගිනි ඇවිලීමෙන් තොරයි.

5). Outdoor Sanitizer (5l)
– බ්ලීචින්කාරක සහිතයි . මෙය පිටත, රළු මතුපිට වල එනම් මහා මාර්ග සහ බිත්ති වල ඉසිය හැක. ගිනි ඇවිලීමෙන් තොරයි.

077 794 9440, 077 789 6334 අමතා ඔබේ ඇණවුම් භාර දෙන්න. http://sterill.lk ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගන්න.

 

 

Amami

කාර්යාලයේ දී විෂබීජ වලින් ආරක්ෂා වීම සඳහා Amami විසින් office pack 2 ක් හඳුන්වා දී ඇත.

Pack 01 (LKR 600)-
අත්වැසුම් ජෝඩුවක්, එක් වරක් භාවිතා කල හැකි මුව ආවරණයක්, Saniting spray (50ml),එක් වරකට අවශ්‍ය පරිදි wet tissue පැකට් එකක්.

Pack 02 (LKR 1000) – අත්වැසුම් ජෝඩු 5ක්,දෑත් පිරිසිදුකාරකයක් (50ml), Santizing spray, wet tissue පැකට් 5ක්.

ගනේමුල්ල,කොළඹ 1-15, පෑලියගොඩ,කැලණිය කඳාන, කිරිබත්ගොඩ,රාගම කඩවත,වත්තල,රත්මලාන සඳහා බේදාහරිනු ලැබේ. ඇණවුම් ලබා දීමට- 076 197 8989 (ගයාන්) සහ 075 690 2799 (දුලාජ්) අමතන්න.
ඔවුන්ගේ facebook page එක මගින් වැඩි විස්තර දැනගන්න.

 

 

Friendly.lk


3 ply මුව ආවරණ, N95 මුව ආවරණ ,අත්වැසුම්,පිරිසුදුකාරක සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය තවත් උපකරණ ගණනාවක් මොවුන් සපයයි.

*එක් පෙට්ටියක මුව ආවරණ 50 ක් අඩංගු වේ.
අවශ්‍ය දෑ ඔබේ දොරකඩටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම ඇනවුම් කරන්න. (076 473 1755). බේදාහැරීමේ ගාස්තු ප්‍රදේශය මත තීරණය වේ. ඔවුන්ගේ facebook page එක මගින් වැඩිදුර තොරතුරු දැනගත හැක.

 

 

Safety.lk

LKR 1800 ක් වටිනා සෞඛ්‍යාරක්ෂිත පැකට්ටුවක් මොවුන් හඳුන්වාදී ඇත. dreamron දෑත් පිරිසිදුකාරකය (500ml), dreamron hand sanitizer(100ml), dreamron sanitizer spray (500ml), නැවත භාවිතා කළ හැකි මුව ආවරණ 5ක්ද මේ තුළ අඩංගු වී ඇත.
ඔවුන්ගේ නිෂ්පාදන කොළඹ ආශ්‍රිතව රුපියල් 150ක ගාස්තුවකට යටත් ව බෙදා හරිනු ලබයි. බෙදාහරින අවස්ථාවේ මුදල් ගෙවීම ප්‍රමාණවත් වේ .ඔබේ ඇණවුම් ඇමතුමකින් හෝ වට්ස්ඇප් මගින් 070 333 034 දැනුම් දෙන්න. වැඩිදුර විස්තර දැනගැනීමට ඔවුන්ගේ facebook page එකට පිවිසෙන්න.

 

 

Healthguard

healthguard විසින් සෞඛ්‍යාරක්ෂිත මල්ලක් රු. 1970 කට හඳුන්වා දී ඇත. ඒ තුළ ශල්‍ය මුව ආවරණ 10ක්, දෑත් සැනිටයිසර් බෝතල් දෙකක්, XON-CE (Vitamin C) පෙති 20ක්, සමහන් පෙට්ටියක්, clogard mouth wash (200ml) අඩංගු වෙයි.

ඔබේ පහසුව සඳහා ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත මලු සහ මුඛ ආරක්ෂණය සදහාද ප්‍රථමාධාර සඳහා ද වෙන් වෙන් වශයෙන් මලු හඳුන්වා දී ඇත. www.healthguard.lk/ හරහා ඔබට ඇණවුම් ලබා දී හැක. ඔවුන්ගේ facebook page එකත් සමග සම්බන්ධ වී වැඩිදුර තොරතුරු දැන ගන්න.

 

 

Wasi.lk

wasi.lk මගින් දේශීය නිපද වූ සහ ආනයනය කළ 3ply මුව ආවරණ සපයනු ලබයි. එක් පෙට්ටියක මුව ආවරණ 100 ක් අඩංගු වේ. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාවක් ගෙන යාම සඳහා අවශ්‍ය දෑ hand wash,hand sanitizer, ඩෙටොල් විෂබීජ නාශකද සපයනු ලබයි.

ඔබට අවශ්‍ය දෑ දොරකඩ ළඟට ම ඔවුන් බෙදා හරිනු ලබයි. http://www.wasi.lk හරහා ඔබගේ ඇණවුම ඇණවුම භාරදෙන්න.වැඩිදුර තොරතුරු සඳහා ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම සමග සම්බන්ධ වන්න.

 

 

Arpico supercentre

Arpico supercentre විසින් පුද්ගලයන්ගේ උෂ්ණත්ව මට්ටම මැනීම සඳහා අධොරක්ත ශරීරය උෂ්ණත්වමාපකයක් හඳුන්වා දී ඇත .මෙම උපකරණය මගින් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට හැකි වන අතරම ,පුද්ගලයින් 100 දෙනකුගේ දත්ත ගබඩා කර ගැනීමට ද හැකියාව පවතී .

077 630 3558 ඇණවුම ඉදිරිපත් කිරීම සඳහා අමතන්න.මිල රු. 15,900යි.
බෙදා හැරීමේ පහසුකම් සපයන අතර ඒ සඳහා ගාස්තු අය කිරීමක් සිදු කරයි .වැඩි විස්තර දැන ගැනීමට ඔවුන්ගේ ෆේස්බුක් පිටුව සමග සම්බන්ද වෙන්න.

 

 

Mymed.lk

Mymed.lk මගින් සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පවත්වාගෙන යාම සඳහා අධෝරක්ත උෂ්ණත්වමාන, මුහුණු ආවරණ ,දෑත් පිරිසිදු කාරක , ආරක්ෂිත ශරීර ආවරණ හා ආරක්ෂිත මුහුණු ආවරණ වැනි අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරණ සපයයි .

තොග ඇණවුම් ද භාර ගනු ලැබේ. තනි නිෂ්පාදන ඇණවුම්
කිරීම ට 071 977 4774 අමතන්න/ http://bit.ly/MymedSafety වෙත පිවිසෙන්න .

 

 

Nature’s Secrets ආයුර්වේද නිෂ්පාදන

ඔබගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දීම සඳහා දෑත් සනිපාරකෂක දියර (150ml) ,දෑත් සනීපාරක්ෂක ජෙල් (50ml) බෙදා හැරීම සඳහා Nature’s Secrets , PickMe Food සමඟ හවුල් වී ඇත. තලවතුගොඩ සිට කිලෝමීටර් 6ක දුර ප්‍රමාණයක් තුළ බෙදාහැරීම සිදු කරන අතර ඒ සඳහා ගාස්තුවක් අය කරයි .

ඔබ කළ යුත්තේ Pick me app download කර Pick me Food වෙත ගොස් ඇණවුම් කිරීම පමණි.වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔවුන්ගේ Facebook පිටුවේ රැඳී සිටින්න.

 

 

විසබීජ නාශක සේවා

Promowatch (Pvt) Ltd

Promowatch (Pvt) Ltd.විසින් දොරටුවල තැබිය හැකි සනීපාරක්ෂණය ද්වරයක් නිෂ්පාදනය කර ඇත .එය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වේ. දොරටුවෙන් ඇතුළු වූ පුද්ගලයකුගේ මුළු සිරුරම පිරිසිදු කිරීමට මෙමගින් හැකි වේ . මෙහි උස අඩි 7ක් ,දිග අඩි 6ක් සහ පළල අඩි 4ක් ලෙස පුද්ගලයකුට ඇතුල්වීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත.ඉසිණය , අංශක 360 කට කැරකවීම මගින් මුළු සිරුරම ආවරණය වේ.මීට අමතර ව , කාර්යාල පහසුව සඳහා (අත් භාවිතා නොකර ) පැඩල් මාධ්‍යයෙන් දෑත් සේදීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත .

ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 070 320 6443 ( සුපුන්) යන දුරකථන අංකය අමතන්න.යාවත්කාලීන තොරතුරු දැන ගැනීම සඳහා ඔවුන්ගේ facebook පිටුවට පිවිසෙන්න .

 

 

Threestar Environmental


Threestar Environmental විසින් 99.9% විසබීජ, බැක්ටීරියා ,වෛරස් හා දිලීර විනාශ කිරීම සඳහා විෂබීජ නාශක හා සනීපාරක්ෂක සේවාවන් සපයයි .මෙය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති අතර, කාර්යාලය ,නිවාස මහල් නිවාස ,පාසල් ,සාප්පු සංකීර්ණ,ආපනශාලා රෝහල් , විශ්වවිද්‍යාලය සහ කැෆේ වෙත ඔවුන් ගේ සේවාවන් සපයනු ලැබේ.

O775060598 යන දුරකථන අංකය හෝ www.three -star.lk පිවිස සේවාවන් ලබා ගත හැක. වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ ෆේස් බුක් පිටුවට පිවිසෙන්න .

 

 

Sanitize colombo

 

Sanitize colombo ,ව්‍යාපාර ස්ථාන සඳහා සනීපාරක්ෂක හා විෂබීජ නාශක සේවා සිදුකරයි . ඔවුන් භාවිතා කරන දියර ජෛව ආරක්ෂිත හා රෝහල් මට්ටමේ විසබීජ නාශක වේ .ඔවුන්ගේ සේවාවන්හි මිල :
1000 sqft – rs.3999
2000 sqft – rs.5999
3000 sqft – rs.6999

සේවාවන් සඳහා ඔබගේ දිනය හා වෙලාව වෙන්කර ගැනීමට 077 6887806 අමතන්න .වැඩිදුර විස්තර සදහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

 

 

examinators sri lanka

ප්‍රමුඛ පෙළේ පරිබෝධ මර්දන සමාගමක් වන examinators ශ්‍රී ලංකා ,වර්තමානයේ දී විසබීජ නාශක සේවාවක්ද ආරම්භ කර ඇත. පහත සඳහන් වට්ටම් වලට අනුව ඔවුන් පාසල් විසබීජහරණය කරනු ඇත.
ජාත්‍යන්තර පාසල් – 10% ක වට්ටමක්
පෞද්ගලික පාසල් -15%ක වට්ටමක්
රජයේ පාසල් – 20% ක වට්ටමක්
ගාස්තු සහ අමතර තොරතුරු ලබා ගැනීම සඳහා 011 7760 760 අමතන්න. වැඩි විස්තර සඳහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න .

 

 

Clean well Solutions

පරිසර වල සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා clean well solutions විසබීජ නාශක සේවා සපයයි. පෘෂ්ඨයක් මත 99.9% විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් ඇති විෂබීජ නාශකයක් මොවුන් භාවිතා කරයි .කාර්යාල, සාප්පු සංකීර්ණ ,නිවාස හා ආපන ශාලා සඳහා ඔවුන් සේවාවන් සපයයි .

සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ,076 526 8711 හෝ 071 054 8617 යන දුරකථන අමතන්න .යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න ..

 

දියවැඩියාව මූලික අවදියේදිම පාලනය කරගන්න.. නැතිනම් ප්‍රතිළුල භායානකයි..

 

දියවැඩියාව ලෝක ජන ගහණයෙන් වැඩි පිරිසක් ගොදුරු වී සිටින බෝ නොවන රෝගයක්. ඒ ව‌ගේම බෝ නොවන රෝග අතරින් ප්‍රධාන තැනක් ගන්නෙත් දියවැඩි රෝගයයි. මේ වෙනකොට කුඩා දරුවා‌ගේ පටන් වයස් බේදයකින් තොරව දියවැඩියාවට ගොදුරුවන ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීම තමයි භයානකම දේ. මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම, නිසි අයුරින් ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර වැඩි වශයෙන් භාවිතය, මානසික ආතතිය මෙම ප්‍රතිශතය වසරින් වසර වැඩි වීමට හේතු වී තිබෙනවා. දියවැඩියාව ඇතිවෙන්නේ අපේ සිරුරෙන් අවශෝෂණය වෙන ග්ලුකෝස් රුධිරයට එකතුවෙලා ඉන්සියුලින් වන හෝමෝනය මගින් සිරුරේ සෛලවලට අවශෝෂණය කරන ග්ලූකෝස් සාන්ද්‍රණය ක්‍රමාණුකූලව පවත්වාගන යාමට නොහැකි වීමයි.දියවැඩියාව ලෙස නම ඇතිවෙන්න හේතුවෙලා තියෙන්නේ මෙම රෝගය වැලදුන විට මුත්‍රා සමග සීනි පිටවීම නිසා ශරීරයෙන් වැඩිපුර ජලය පිටවන නිසායි.

 

ඉන්සියුලින් කුඩාකල සිට ශරීරය තුළ නිපදවීමට හැකියාවක් නැතිවු විට කුඩා අවදියේම දියවැඩියාව සෑදෙයි. මේ හේතුව නිසා වර්ථමානයේ පොඩි ළමයින්ට දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇත. මෙම අවධියේ ඇතිවෙන දියවැඩියා තත්ත්වය ළමා දියවැඩියාව ලෙස හදුන්වයි. දියවැඩියාව ඇතිවිමට ජාන හේතු ද පවුල් පසුබිම ද බලපානවා. මවට හෝ පියාට දියවැඩියා තත්ත්වයක් ඇතිවී තිබෙනවානම් එය දරුවාට වැලදීමට ඉඩකඩ වැඩී. ඒ වගේම ගර්භනී මව්වරුන්ටත් දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවය වැඩී.

 

මේ කුමන ආකාරයට හෝ දියවැඩියාවට ගොදුරු වූ ඕනෑම පුද්ගලයෙක් මේ රෝගය පාලනය කරගත යුතුයි. එසේ නොකළහොත් මෙම රෝගය දරුණු අවස්ථාවට පත්වෙනවා. වකුගඩු අක්‍රියතාවය, අක්ෂි රෝග, තුවාල , හෘද සංකුලතාව දියවැඩියාව වර්ධනය වීමෙන් ඇතිවෙනවා. දියවැඩියාව පාලනය නොවුනාම මුඛ රෝග ඇතිවෙන බව ‌ගොඩක් දෙනා දන්නේ නැහැ. සිරුරේ රුධිරයේ සීනි මට්ටම වැඩි උනාම ආසාදන ඇතිකරන ක්ෂුද්‍ර ජීවීන් ශරීරයේ ගහනය වැඩි වී ශරීරයේ ප්‍රතිශක්තීකරණය අවම කරනවා. මේ හේතුවෙන් මුඛයේ ඇතිවෙන ආසාදනයන් ඉහළ යනවා. බොහෝ රෝගීන් තමන් දියවැඩියා රෝගියෙක් බවට හදුනාගන්නේ සුව නොවන විදුරුමස් ආසාදන වලින් . දියවැඩියාව මුලික අවදියේම පාලනය කරගත්තේ නැතිවුණොත් පසුව කොතෙකුත් ඖෂධ ගත්තද රෝගය පාලනය කරගැනීමට හැකියාවක් නැත. අපිට නොදැනීම තමයි දියවැඩියාව ඇතිවෙන්නේ. අපගේ වැරදි ආහාර රටාව නිසා දියවැඩියාව ඇතිවෙන්න වැඩි ඉඩකඩන් තියෙනවා.මෙම රෝගයෙන් ‌නොදැනුවත්ව ශරිරයේ විවිධ අංගයන්ට හානි ඇතිවෙනවා. මෙසේ වීමට කලින් දියවැඩියා රෝග තත්ත්වයන් කල්තියා හදුනාගැනීමට හැකියාව තිබෙනවා. දියවැඩියාව මූලික අවදියේම පාලනය කරගැනීම මගින් ඒයින් ඇතිවෙන දරුණු ලෙඩරෝග පාලනය කරගැනීමට හැකියාව තිබෙනවා.

ඔයා ඔයාගේ ඇඟ නිසා මානසිකව වැටුණු කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන් මේ ලිපිය කියවන්න..

අනේ මම මහත වැඩි, මගෙ බඩ වැඩී අනේ, මට එපා වෙලා ඉන්නෙ අනේ මේ ඇඟත් එක්ක මට ලස්සනටඇදුමක්වත් අදින්න බෑ , අපේ එක්කෙනා කියනවා අනේ මම දැන් පිටි මුට්ටයක්
වගේ කියලා…..

 

මේ දවස්වල වැඩියෙන්ම අපේ කාන්තාවන්ගෙන් අහන්න ලැබෙන කතා තමා මේ තියෙන්නේ…දැන් තියන life style එකත් එක්ක මේ තත්ත්වය එන්න එන්න වැඩිවෙනවා. හැම කෙනෙක්ම කාර්යයබහුල ජීවිතයක් තමයි ගෙවන්නේ. ඉතින් තමන්ගෙ ඇඟ ගැන හිතන්න වෙලාවක් නැතිවෙලා තියෙන්නෙ.Trend එකක් විදියට අපේ තරැණ පරපුර තමන්ගෙ body එක maintain කලත් එක නවත්වන්නැතුව දිගටම කරගන යන්නේ කීපදෙනයි. marry කලාට පස්සේ කොහොමවත් තමන්ගෙ ඇඟ ගැන හිග‍තන්න කාන්තාවන් යොමුවෙන්නෙ නැහැ. ඊට පස්සෙ ඉතින් අඩනවා මම මහත් වෙලා නිසා කැතවෙලා කියලා. marry කරපු අය තමා හරිනම් තමන්ගෙ ඇඟ ගැන වැඩිපුර හිතන්න ඔින. අනික සෑහෙන දවසක් ගෙදර හිටපු නිසා එක එක කෑම ජාති හදන්න පුරුදු වෙලා ඒවා කලා තවත් මහත් වෙලා ඇත්තේ කට්ටිය. අනික කාර්යයබහුලයි වෙලාවක් නැහැ කියන එක මේ ප්‍රශ්නෙට කොහෙත්ම හේතුවක් නෙවෙයි. ඔයා ඔයාට ආදරෙයිනම් ඔයාට ඔයා ගැන හිතන්න වගේම ඔයාගෙ ඇඟ ලස්සනට තියාගන්න වෙලාවක් හදාගන එකට වැඩ කරන්න පුළුවන්.

 

ඔයත් ඔයාගෙ ඇඟ ලස්සනට තියාගන්න කල්පනා කරනවනම් මේ simple steps ටික අනුගමනය කරලා බලන්න. සැබැ වෙනසක් ඉක්මනින්ම ඔයාටම බලාගන්න පුඵවන් වේවි.

 

 

1. හැමදාම ව්‍යායාම කරන්න.

 

ව්‍යායාම කරන්න gym යන්නම අවශ්‍ය නැහැ. enjoy කරන්න පුළුවන් ව්‍යායාම තියනවා. ඔයාට පුළුවන් එවා try කරන්න. උදාහරණ වශයෙන් ඔයාට දුවන්න පුළුවන්, swimming කරන්න පුළුවන්, yoga හෝ skipping rope කරන්න පුළුවන්. මේ දෙවල් වලින් ඇඟ මහන්සිවෙලා අනවශ්‍ය මේදය අයින් වෙලා යනවා. ඔයා ඇඟ හදාගන්න කැමති, ඒ ආකාරයට body maintain කරන කෙනෙක් follow කරන්න. ඒකෙන් ඔයාට ඔයා කරන්න යන දේ පිළිබදව කැමැත්තක් target එකක් ඇති කරගන්න පුළුවන්.

 

 

2. වෙලාව කළමනාකරණය

Time management තමයි වැදගත්ම කාරණය. ගොඩක් අය ව්‍යායාම කරන්නේ නැත්තේ වෙලාවක් නැ කියලා. ඇයි වෙලාවක් නැ කියන්නෙ. ගොඩක් වෙලාවට ව්‍යායාම කරන්න තියන අකමැතිකම තමා ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ. නැත්තම් Time management කරගන්න බැරිකම වෙන්නත් පුළුවන්. ප්‍රධාන දේ තමන් කරන්න යනදේට කැමැත්තක් ඇතිකරගන්න එක. ඔයා දවසේ වැඩ plan කරන්න. shedule එකක් හදාගන්න. ඒකට අනුව වැඩ කරන්න. social media වලට යොදන කාලය අඩු කරන්න. ඒ කාලය යොදාගන ව්‍යායාම කරන්න. අනික එක එක වෙලාවට කැම කන්න එපා. වෙලාවකට රටාවකට කෑම කන්න.

 

 

3.ක්ෂණික ආහාර මගහරින්න.

Busy life එක නිසා ක්ෂණික ආහාර (fast food) වලට ගොඩක් අය යොමුවෙලා තියෙනවා. මේ කෑම නිසා තරබාරු බව වැඩිවෙනවා. ඇඟේ shape එක පවත්වාගන යන්නනම් පළතුරැ සහ එළවළු ඉතාම වැදගත් වෙනවා. ඔයාට ඇඟ ලස්සනට තියගන්න අවශ්‍යනම් මේ දේවල් ආහරයට ගන්න.විශේෂයෙන්ම කොළපාට එළවළු. මේ කෑම වලින් ආහාර ජීරණය පහසු කරවනවා. ශරීරය නීරෝගි වෙන්න මේ දේවල් ගොඩක්ම වැදගත්.

 

 

4. අනිවාර්යයෙන් හොදට නිදාගන්න

උදේ ඉදන් රෑ වෙනකන් ම හැම කෙනෙක්ම කොයිම විදියකින් හරි තමන්ගේ මනස සහ ශරීරය වෙහෙසනවා. එ නිසා අනිවාර්යෙන්ම පැය 6 වත් හොද නින්දක් අවශ්‍ය වෙනවා තමන්ගෙ ශරීරය
නීරෝගිමත්ව පවත්වාගන යන්න.

 

 

5. ඔයා හැමවෙලේම ධනාත්මක වෙන්න

motivation කියන දේ ඉතාම වැදගත්. හැම වෙලේම මට මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න. positive mindset ඒකක් තියාගන අපිට ඔින දෙයක් කරන්න පුළුවන්. භාවනාවට යොමුවෙන්න පුළුවන්නම් mind එක train කරන්න පුළුවන් ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න.

තමන්ගෙ ඇඟ ගැන දුක්වෙන හැම කෙනෙක්ටම පුළුවන් මේ දේවල් ටික අනුගමනය කරලා ඔයාගෙ dream body ලබා ගන්න. එ වගේම positive mindset එකක් ඇතිකරගන්නත් ඔයාට පුළුවන්.

Sex ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඔයත් බයයිද?

අපේ රටේ මිනිස්සුන්ට sex ගැන කතා කරන්න තියෙන්නේ පුදුම බයක් වගේම ලැජ්ජාවක්. කරන්න හොඳයි හැබැයි මේ ගැන කතා කළොත් තමයි වැරදී. මේ සම්බන්ධව කතා කරන අයට අපේ මිනිස්සු පට්ටමකුත් දෙනවා හොඳට experience තියනවා නේද කියලා. ලෙකු ඔළුවක් තිබ්බට අබ ඇටයක් තරම්වත් මොළයක් නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය කියන එක ලංකාවට මැජික් එකක් වෙලා තියෙන්නේ. අනෙකුත් රටවල විධිමත්ව මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දෙනවා. නමුත් ලංකාව තුළ එහෙම දෙයක් නැහැ. එකනේ මෙච්චර මේ මාතෘකාව මැජික් එකක් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ බටහිර රටවල ඉන්න ඈයොන්ට වඩා අපේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ සම්බන්ධව සෑහෙන්න දේවල් දන්නවා. ඉන්ටනෙට් එක නිසා මේ දේවල් ගැන සෑහෙන්න දේවල් දැනගන්නත් ලිංගිකත්වය කියන දේ බිල්ලට අරන් ජීවිතයක් දවසෙන් උනත් නැති කරන්නත් අපේ මිනිස්සු සෑහෙන්න දක්ෂයි. මේ ලඟදි දවසක ළමයි දෙන්නෙක් වීඩියෝ කරලා කුණුහරුපෙන් බැනලා ඒ වීඩියෝ එක අන්තර්ජාලයට මුදාහරින්න තරම් එතන පොර වෙන්න ගිය වැඩිහිටියෝ කියන උදවියගේ කෙරුවාව මොළයක් තියන උදවියට තේරෙනවා ඇතිනේ. ළමයෙක්ට දෙයක් පහදලා දීලා හරිමගට ගන්නවා වෙනුවට මුළු ජීවිත දෙකක්ම විනාශකරන තත්ත්වට පත්වෙන්න තරම්, මේ Sex කියන දේ ලැජ්ජාවක් කියන තැනට පත්වෙන්න තරම් අපේ රටේ ලිංගික අධ්‍යාපනය කොයි තරම් පහත් තැනකද තියෙන්නේ. මේ වගේ සිදුවීම් තව කොච්චර වෙනවාද?

 

මේ ලොකේ හැම දෙයක්ම Daily update වෙනවා. ඒ වුණාට අපේ මිනිස්සුන්ගේ මොළවල් තාම stuck වෙච්ච system එකක්. තමන්ගේ මතයට පරිබාහිර හැම දෙයක්ම වැරුද්දක් , අපරාධයක්. ප්‍රසිද්ධියේ අත්අල්ලන් ගියොත්, වැළඳගත්තොත් නැත්තම් බස් එකේ එකට වාඩිවෙලා කතා කරකර ගියොත් ලංකාවේ එක ලොකු වැරුද්දක්. මෙහෙම දෙයක් දැක්කොත් ඒ ළමයව Pregnant කරලා තමයි නවතින්නේ. මේ දේවල් අහිංසක විදිහට ආදරය විඳින දෙයක් කියන එක අපේ මිනිස්සුන්ට තාම පිළිගන්න අමාරු දෙයක් . මේ නිසා තමයි පොඩි උන් කාමර ගානේ රිංගගෙන ආදරය කියනදේ වෙන විදියකට හොයන්න යන්නේ.

 

ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මූලික ඉගැන්වීම කළ යුත්තේ නිවසෙන්. දෙමාපියන් තමයි එ් මූලික කාරණා දරුවන්ට කියලා දෙන්න අවශ්‍ය. ඒ වගේම පාසල් අධ්‍යපනය තුළිනුත් මේ දේවල් දරුවන්ට ඉගැන්විය යුතුයි. මේ දවස්වල කතාවෙන “ලිංගික අධ්‍යාපනය” ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ (sexuality education) විදියට. ඒක නිවැරදිව සිංහලට පරිවර්තනය වෙන්න ඕනෙ “ලිංගිකත්ව අධ්‍යාපනය” කියලා. ලිංගය (sex), ලිංගික (sexual), සහ ලිංගිකත්වය (sexuality) කියන්නෙ එකිනෙකට වෙනස් තේරුම් ඇති වචන තුනක්. ඒ නිසා මෙතැන ඉඳලා “ලිංගික අධ්‍යාපනය” කියන වැරදි යෙදුම වෙනුවට “ලිංගිකත්ව අධ්‍යාපනය” කියන නිවැරදි යෙදුම භාවිතා කරනවා.

 

මූලිකවම ලිංගිකත්ව අධ්‍යාපනයේ අරමුණ වෙලා තිබුණේ අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම. පසුව ඒඩ්ස් පැතිරීම වැලැක්වීම හා ලිංගික අපයෝජන පිළිබඳ දැනුම්වත් කිරීම. දැන් මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා සිදුවන වෙනස්කම් අවම කිරිම සහ අන්තර්ජාලය හරහා සිදුවන අයුතු බලපෑම් අවම කිරීම දක්වා ලිංගිකත්ව අධ්‍යාපනය පරිණාමය වෙලා තියෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය නිසි ලෙස ලබා දීම නිසා ලිංගික සම්බන්ධතා ඇතිකරගැනීම ප්‍රමාද වීම සහ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගණන අඩු වීම වගේම ලිංගික සම්බන්ධතාවල දී අවදානම් ගැනීමට පෙළඹීම අඩුවීම, උපත් පාලන කොපු (කොන්ඩම්) සහ උපත් පාලන ක්‍රම භාවිතය ඉහළ යාම වැනි දේවල් ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටවල් බොහෝමයක කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනවා.

 

ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකියව මේ අධ්‍යපනය හරහා තිබෙනවා. මිනිස්සු දන්නේ ඒඩ්ස් ගැන විතරයි. නමුත් තවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබෙනවා. ඒවා වළක්වාගන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර ලබාගන්නේ කොහෙන්ද? ඒ රෝග මොනවද? කියලා මේ හරහා අවබෝධයක් ලබාගන්න හැකියාව තිබෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන තවත් රටවලත් ලංකාවේ වගේම නැත්තම් ඊටත් වඩා විරෝධතා මතු වෙලා තියෙනවා. එහෙම විරෝධතා ඇතිකරලා තියෙන්නේ දරුවන් මේ හරහා ලිංගික චර්යාවන්වලට යොමු වෙන්න පුළුවන් කියන තර්කය මත. නමුත් ඒ මතයේ සත්‍යතාවයක් නෑ කියන එක නැවත නැවතත් සිදුකරපු සමීක්ෂණවලින් අවධාරණය වෙලා තියෙනවා . මේ ‍වෙනකොට ඒ තර්කය සම්පූර්ණයෙන්ම අවලංගුවෙලා තියෙන්නේ.

 

sex ගැන කතා කරනවා කිව්වහම අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ වෙනම බහුබූතයක්. sex ගැන එහෙමත් නැත්තම් මේ ලිංගිකත්වය සම්න්ධයෙන් කතා කරනවා කියන්නේ ඉහත සදහන් දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම .ලිංගිකත්වය විද්‍යාත්මකව විවෘතව සාකච්ඡා කළ හැකි මාතෘකා බවට පත් කළ යුතුයි. නිසි වයසේදී දරුවන්ට මේ සම්බන්ධයෙන් විදිමත් ලෙස අධ්‍යපනයක් ලබාදිය යුතුයි . මේ සම්බන්ධව අදහස් බෙදාහදා ගත යුතුයි. සමාජ පරිහානියන් අවම කරගන්න දැනුවත් සමාජයක අවශ්‍යතාවයක් බව තේරුම් ගැනීම ඔබේ වගකීමයි.

 

උත්පලා ඉන්ද්‍රචාපා

 

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මට තෑග්ගක් දෙමුද..?

 

නිරෝධානය නිසා බොහෝ කාලයක් අපි නිවසේ රැඳි සිටියා. මේ අතරතුර දී අපි tik tok videos කරන්නත්, ඩල්ගොනා coffee හදන්නත්, සමාජ මාධ්‍ය සැරිසරන විවිධ අභියෝග කරන්නත්, සජීවී සම්මේලනවලට සහභාගි වෙන්නත් පුරුදු වුණා. ගෙදරට වෙලා හිටියත් පවුලේ සැමටම අලුත් අත්දැකීම් රාශියක් එකතු වුනා. ඉතින් ළග ළගම එන මවුවරුන්ගේ දිනයට අම්මට දෙන්න මොකුත් නෑ කියලා නිකන් ඉන්න එක නම් නිදහසට කාරණයක් නෙමෙයි. මව්වරුන්ගේ දිනය 2020 මැයි 10 වැනිදා තමයි යෙදීලා තියෙන්නේ. දවස නං ගොඩක් ළං වෙලා. ඉතිං අපි ඉක්මනින්ම අම්මලට තෑගි දෙන game එකකුත් තියමුනේ?

 

මේ මාස දෙකක කාලය තුළ අම්මලා කරපු කැපකිරීම් නම් මහමෙරයි. අපි වෙනදට වඩා නිදහසේ හිටියට අම්මලාට නම් වෙනදාට වඩා වැඩ ගොඩයි. තුනපහ,බඩු මුට්ටු ටික පිරිමහලා අපි හැමෝටම රසට කෑම උයලා දෙන්න වගේම, පාසල් නිවාඩු නිසා පොඩි ළමයි හොඳින් බලා ගන්නත්, පවුලේ හැමෝම සතුටින් තියන්නත් ඔවුන් අප්‍රමාණ වෙහෙසක් දරනවා. ඉතිං මේ සැරේ මව්වරුන්ගේ දිනයට ඔවුන්ට තෑග්ගක් ලැබිය යුතුමයි. ඇඳිරි නීතිය සහ අවශ්‍ය ද්‍රව්‍ය නැති නිසා අපිට තෑග්ගක් ගන්න වගේම හදන්න තියෙන අවකාශය අඩුයි. ඒ නිසාම අපි ඔයාලට අවස්ථා කිහිපයක් හඳුන්වලා දෙනවා.මේ අතරින් ඔයාගේ අම්මට ගැලපෙන දේ ඔයාට තෝරගන්න පුළුවන්.

~ තෑගි පෙට්ටි
~ කේක් සහ රස කැවිලි
~ මල්
~ ඇඳුම් පැළඳුම්
~ සුවතා නිෂ්පාදන

 

GIFT BOXES

තෑගි දීමේ කලාවෙහි ශිල්පීය ලෙස සකසන තෑගි පෙට්ටි තමයි අලුත්ම trend එක.මෙහි ප්‍රධාන කාරණා දෙකකි.
1). ඒවායේ අන්තර්ගතය එකිනෙකට වෙනස් වන අතර ඔබේ ආදරණීයන් සඳහා විශේෂයෙන්ම සකස් කර ගත හැකියි.
2).ඉතා අලංකාර පෙට්ටි වල එන බැවින් එතීම සහ ඇසුරුම්කරණය පිළිබඳව ඔබට කරදර විය යුතු නැහැ.

 

PlushBox

 

 

සකස් කරන ලද තෑගි පෙට්ටි වර්ගයකි. මව්වරුන් සදහා සුවිශේෂී පැකේජ් හඳුන්වා දී තිබේ. ඒ තුළ චට්නි බෝතල්,කෝපි වර්ග ,චොක්ලට්,සබන් සහ සුවඳ ද්‍රව්‍ය,ඉටිපන්දම් වැනි ගෘහ භාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය ඇතුළත් කර ඇත.ඒ හැම දෙයක්ම එකම පාට වර්ගයකින් පිළිවෙලට ඇසුරුම් කර ඇත. Instagram මගින් DM කර ඇණවුම් කළ හැකි අතර LRK 4000 සිට ඉහලට මිල ගණන් පවතී.

 

 

Robed Gift Works

Robed gift works, එක් එක් කෙනාගේ අවශ්‍යතා අනුව වෙනස් වෙමින් තෑගි ඇසුරුම් කර දෙන අතර,ඒ තුළ Lotions වර්ග,සුවඳ විලවුන්, සුවඳ තැවරූ ඉටිපන්දම්, ශරීරය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය (අතින් සෑදූ සබන් කෑල්ලක් ද ඇතුළු) සටහන් පොත්, රස කැවිලි වර්ග ඇතුළත් ව ඇත .

මවුවරුන්ගේ දිනයට ම සුවිශේෂීව සකස් කර ඇති දැනට පවතින තෑගි වර්ග නම්:
– කාශ්මීර් ශොල්
– කොට්ට සඳහා සුවඳ තැවරුම්
– සුවදැති ඉටිපන්දම්
– අතින් සෑදූ සබන්
– ඒප්‍රන්,ටොට් බෑග්,සැටින් සුවතා ඇඳුම්
– මල් සැරසිලි සහිත makeup බඩු රදවනය
– හිමාලයේ රෝස පැහැති ලුණු පිරිසිදු කාරකය
– රසවත් තේ
– මසාලා තේ
– akbahar ක්ශණික කෝපි
– කුළුබඩු සහිත කොපි මිශ්‍රණය
– මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ම සුවිශේෂී ව සකසන ලද අත් තුවා
– Cork coaster සෙට් එකක්

අම්මගේ ආසම පාටින් රිබන් එකකුත් තෑගි පෙට්ටියට එයාලා එකතු කරලා දෙනවා.මෙය ස්වං රැකියාවක් ලෙස ගෘහණියන් විසින් සිදුකරන දෙයක්. ඔයාටත් ඔයාගේ අම්මට තෑග්ගක් ලබා දෙනවා වගේම, තවත් අම්මා කෙනෙක්ට සහයෝගයක් සහ ශක්තියක් ලබා දෙන්න මින් හැකියාව ලැබෙනවා.

තෑගි පෙට්ටියක් LKR 4000 සිට ඉහලට ඇත. ඒ සමගම ගෝල්ඩ් පාට කාඩ් එකකුත් ඔබට හිමිවෙනවා.
Instagram මගින් DM කර හෝ whatsapp (0777965383) මගින් ඇණවුම් භාර දිය හැක .ඇඳිරිනීතිය හේතුවෙන් බෙදාහැරීම් ප්‍රදේශ සීමා කර ඇති නිසා කොළඹ1-15 , දෙහිවල,ගල්කිස්ස නුගේගොඩ,රාජගිරිය නාවල ,බත්තරමුල්ල කෝට්ටේ,පෑලියගොඩ සහ වත්තල යන ප්‍රදේශ කිහිපයට පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.

 

 

Boxalate

Boxalate.lk මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔබේ පහසුව සඳහා, භාණ්ඩ කට්ටලයක් ලස්සනට ඇසුරුම් කර සකස් කර තිබෙනවා. ඔවුන්ගේ Instagram story මගින් තවත් අදහස් ඔබට දැනගන්න පුළුවන්. Instagram හරහා DM කර ඔබට ඇණවුම් ලබාදිය හැකියි.

 

 

Woah Beauty Box

ඔවුන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තෑගි පෙට්ටි සහ කාඩ් නිර්මාණය කර තිබේ.ඒ පෙට්ටි තුළ සුවඳ ක්‍රීම්වර්ග (body cream, පිරිසුදු කිරීම සඳහා යොදා ගන්නා විවිධ සුවඳ ද්‍රව්‍ය),ගෘහ භාණ්ඩ වර්ග, රසවත් දෑ (ලුණු දමා සකස්කර ඇති කැරමල් භාජන) වැනි දෑ ඇතුළත් කර ඇත.මව්වරුන්ගේ වයස සැලකිල්ලට ගනිමින් එකිනෙකාට ගැලපෙන ලෙස වෙන් වෙන්ව පෙට්ටි සකස් කර ඇත.

instagram හරහා DM කර ඇණවුම් කළ හැකි අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා බෙදා හැරීම් කටයුතු කරයි.

 

 

Basketeer Sri Lanka

Basketeer Gift Box,එය ඉතා සරල මෙන්ම රසවත් දෑ එකතු කර සකස් කර ඇති පෙට්ටියකි.එකිනෙකාගේ අභිමතය පරිදි සකස් කර දෙන අතර එහි කෝප්පයක්, සටහන් පොත් ,ඉටිපන්දම් රසකැවිලි,ශරීරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා විවිධ නිෂ්පාදන ඇතුළත් කර ඇත. මව්වරුන්ගේ දිනයේදී “mum” නමින් කොප්පයක් ලැබීම අම්මට සුන්දර මතකයක් වේවි.
කලින් සාදන ලද තෑගි www.basketeer.lk හරහා online ඇණවුම් කළ හැකි අතර ඔබේ අභිමතය පරිදි තෑග්ග සකස් කර ගැනීම සඳහා ඔවුන්ගේ instagram page එකට DM කළ හැක. සියලුම බෙදාහැරිම් නොමිලේ සිදු කරයි. දැනට බෙදාහැරීම් කටයුතු කොළඹ 1-15 දෙහිවල,ගල්කිස්ස නුගේගොඩ, රාජගිරිය, නාවල,කළුබෝවිල,බත්තරමුල්ල, කෝට්ටේ,පැලවත්ත, ඇතුල්කෝට්ටේ,පිටකොටුව පෑලියගොඩ,වත්තල සඳහා සීමාවේ.

 

 

Twinkles & Tassels

මේක තෑගි පෙට්ටියක් නෙමෙයි හැබැයි ඊට වඩා වෙනස් දෙයක්.ඔබත් අම්මව වෙනස් විදිහකින් පුදුම කරවන්න බලාගෙන ඉන්නව නම් මෙන්න ඊට ගැලපෙනම දේ.මේ හීලියම් වායුවෙන් හදන බැලුම් වර්ගයක්.සැරසිල්ලක් හා සමානයි. බැලුන් වර්ග 3ක් ඔවුන් නිර්මාණය කර තිබෙනවා.ඔවුන්ගේ Instagram පිටුවට DM කර හෝ whatsapp (076-2246746) මගින් ඇණවුම් කළ හැකියි.

 

 

CAKES AND SWEETS

සැමරීමකදී කේක් වර්ග (බ්‍රවුනීස්,කූකීස්,කප් කේක්) නම් නැතුවම බැරි දෙයක්.මෙවැනි දිනකදී අම්මට රසවත් කෑම එකක් ලබා දෙන එක නම් හොද අදහසක්. මෙන්න ඔබට මේවා ලබා ගත හැකි තැන් කිහිපයක්..

 

 

Bakes by Bella

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් bakes by bella විසින් අම්මලා ආස කරන විදිහෙ රසකැවිලි පෙට්ටියක් සකස් කර තිබෙනවා. මේ හැම දෙයක්ම මවුවරුන් වෙනුවෙන්මයි. පෙට්ටියක මිල (LKR 2500+බෙදාහැරීමේ ගාස්තු).කලින්ම ඇනවුම් කිරීම සඳහා 0777445449 මැයි 9ට කලින් අමතන්න.

 

 

Hyve Dessert Bar

මවුවරුන්ගේ දිනය සඳහාම Hyve Dessert bar විසින් කප් කේක්(LKR 1500) සහ එක්ලෙයාර්ස් (මිල ටොපින් එක මත තීරණය වේ) වර්ග ගණනාවක් හඳුන්වා දී තිබේ .මොවුන් විසින් ම බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර මැයි 7ට පෙර 077-4545960 අමතා ඔබේ ඇණවුම් ලබා දෙන්න.

 

 

Bakes by BeeSalt

මේ බේකරිහල මව්වරුන්ගේ දිනය රසවත් කිරීමට මෙන්ම spice කිරීමට අවශ්‍ය සියලුම බේකරි කෑම සාදනු ලබයි .මවුවරුන්ගේ දිනය සඳහා ම සුවිශේෂි වූ කෑම වර්ග අතරින් “I love u mum” කප් කේක් සහ කුකීස් හඳුන්වා දී තිබේ . ඒ සමගම විශේෂිත වූ කේක් වර්ග,බිස්කට් පුඩිං, බ්‍රවුනීස්, එක්ලෙයාර්ස්,චිකන් රෝල්ස් මවුවරුන් වෙනුවෙන් ම සකස් කර ඇත.
ඇඳිරිනීතිය හේතුවෙන් බෙදාහැරීම් කටයුතු සීමා කර ඇති නිසා කැලණිය, කිරිබත්ගොඩ, ජා-ඇල, රාගම, වත්තල, අතුරුගිරිය, මාලඹේ,කඩුවෙල ඒ සඳහා පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරයි. ඇණවුම් 077-6076611 / 077-6078971 අමතා හෝ Instagram පිටුවට DM කර භාරදෙන්න.

 

 

For Heaven’s Cake

ස්වයං නිෂ්පාදන බේකරිකරුවෙකු විසින් Heaven’s cake මෙහෙයවනු ලබන අතර මව්වරුන්ගේ දිනයේදී ප්‍රණීත ආහාරපාන රැසක් එළිදක්වයි. බ්‍රවුනීස් සහ චොක්ලට් කුකීස්, කේක් ,ගුඩීස්,කැන්ඩීස් වර්ග රාශියක් ද ඒ අතර වේ.ඔවුන් සැබවින්ම රැජිනකට මංගල්ලයක් පිරිනමයි.

ඇණවුම් කිරීම සඳහා instagram පණිවිඩ මගින් හෝ 077 673 6782 යන දුරකථනයට අමතන්න .කොළඹ 3-7, කොහුවල , නාවල ,රාජගිරිය ,පිට කොට්ටේ,කළුබෝවිල ,දෙහිවල ,පැපිලියාන,අත්තිඩිය, ගල්කිස්ස ,රත්මලාන සහ බොරලැස්ගමුව යන ප්‍රදේශයන් වලට බෙදා හැරීමේ පහසුකම් සපයයි .

 

 

Miss Whisk

Miss wisk කියන්නේ, තවත් බේකරි නිෂ්පාදකයෙක් සහ නිර්මාණශීලීව කේක් නිෂ්පාදනය කරන කෝකිවරයෙක්.මෙවර මවුවරුන්ගේ දිනයට විශේෂ කේක් ඇණවුම් භාර ගනු ලබන අතර, layers දෙකකින් යුත් මල්වලින් අයිසිං කරපු ලස්සන කේක් වර්ග 5ක් හා අලංකාර ලෙස නිර්මාණය කරපු තවත් කේක් වර්ග පහක් හදුන්වා දී ඇත .කටට කෙළ උනන රසයෙන් යුත් වැනිලා ,වැනිලා චොක්ලට් චිප්,වැනිලා රාස්බෙරි,චොක්ලට් රිච්,රෙඩ් වෙල්වට් සහ එග්ලස් චොක්ලට් ,බටර් ක්‍රිම්,අයිසිං ටොපින් වැනි ඉතාමත් ප්‍රණීත රසයන්ගෙන් ඒවා පරිපූර්ණයි.
මෙහි මිල ගණන් ඒ ඒ රස සහ අලංකාර ක්‍රම, මල් අනුව වෙනස් වෙනවා .කොළඹ තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමේ පහසුකම් සපයයි .instagram පණිවිඩ හරහා සහ පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට ඇණවුම් භාර දිය හැකියි.077 0797 657 / 077 677 6304

 

 

Gerard Mendis Chocolatier

මෙවර මව්වරුන්ගේ දිනයට විවිධාකාර රසින් යුක්ත විශේෂ කේක් වර්ග gerard mendis chocolatier විසින් හඳුන්වා දී තිබේ. ඔපේරා කේක් , චීස් කේක් ,ගැටෝ,ස්පන්චි ඒ අතර වේ.මේ ඉරිදා අම්මා ව සතුටින් තියන්න මේ එකක් ට්‍රයි කරලා බලන්න.

ඇණවුම් කිරීම සඳහා (whatsapp ) 071 486 2407 යන දුරකථන අංකයට අමතන්න .කොළඹ 115, නාවල ,රාජගිරිය, බත්තරමුල්ල ,පැලවත්ත,තලවතුගොඩ, නුගේගොඩ, මිරිහාන පිටකෝට්ටේ ,දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශ වලට බෙදා හැරීමේ පහසුකම් සපයන අතර ,ඇණවුම් භාර ගනු ලබන අවම මිල රු.2000 කට සීමා වන අතර බෙදා හැරීම සඳහා රු. 500 ක් අයකරයි.

 

 

Ritzbury Caterers

 


ඔයාට නිදහස් වෙලාවක් තියෙනවා නම් අම්මට තියෙන ආදරේ පෙන්නන්න තවත් විශේෂ දෙයක් කරන්න පුළුවන් – ඔයාට පුලුවන් ඔයාගේ අම්මා වෙනුවෙන් රසම රස කේක් හදන්න.රිට්ස්බරි කේටර්ස් කියන්නේ උසස් තත්වයේ බේකින් අමුද්‍රව්‍ය සපයන ආයතනයක්. පිසින ලද සුදු සහ කළු චොක්ලට් , චොක්ලට් චිප්ස් ,කොකෝ පවුඩර්, ආහාර රසකාරක හා වර්ණක ,මාගරින් , අයිසිං ෂුගර් ,ජෙලටින් සහ බේකින් පවුඩර් වගේ අමුද්‍රව්‍ය ඒ ආයතනය සපයනවා .මේ වගේ දෙයක් කරලා මවුවරුන්ගේ දිනයේදී ඔයාගේ අම්මව සතුටින් තියන්න ඔයාට පුලුවන් වෙයි .

මේවා ඔයාට Online මගින් ඕඩර් කරන්න පුළුවන් .

දින තුනක් ඇතුළත නොමිලේ බෙදා හැරීමෙ පහසුකම් ද මේ ආයතනයේ විසින් සපයනවා .බෙදා හැරීමේ දිස්ත්‍රික්ක විදිහට කොළඹ ,ගම්පහ, කළුතර නම් කර තියෙනවා .( ඇණවුම් භාර ගනු ලබන අවම මිල රු.2000යි ).

 

 

Pendi

 

අපේ අම්මලා මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා.ගෙදරට ඕන බඩු ගන්න ,තියෙන බඩු අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා, පවුලේ අයට රසට කෑම හදන්න වගේ ගොඩක් දේවල් එයාලා මේ දවස් වල කරනවා .pendi කියන්නේ ,අපිට ගේ ඇතුල අලංකාර කරන්න අවශ්‍ය විවිධ මෝස්තරයෙන් යුත් අලංකාර භාණ්ඩ සපයන ආයතනයක් වගේම එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් .මේ මවුවරුන්ගේ දිනයට Pendi රසට කෑම හදන්න ,කෑම රෙසිපි පොත් දෙකක් එක්ක ලව් කේක් එකකට හෝ ඉගුරු බිස්කට් වලට කැරමල් තවරපු භාජනයකුත් දෙනවා . ඇණවුම් කරන්න අවශ්‍ය නම් instagram හෝ whatsapp වලට පණිවිඩයක් යවන්න. (0776640808)

 

 

Sprinkle Love Bakes

ඔයාගේ අම්මාට රැජිනක් වගේ සලකන්න ස්ප්‍රින්කල් ලව් බේක්ස් ඔයාට උදව් කරනවා .එයාලා මව්වරුන්ගේ දවසට ඔයා කැමති රසකැවිලි වලින් සුභ පැතුම් පෙට්ටියක් හදලා දෙනවා.මේ නිසා අම්මා ආස දේවල් වලින් එයාගේ මේ දවස තවත් ලස්සන කරන්න ඔයාට පුළුවන් වෙයි .ඒ වගේ ම ස්ප්‍රින්කල් ලව් බේක්ස් ඒ පෙට්ටියත් එක්ක මල්ද, සුබ පැතුම් පතක් ද එක් කරන්න අමතක කරන්නේ නෑ .

ඔයාට කරන්න තියෙන්නේ instagram එකෙන් එයාලට පණිවිඩයක් යවලා ඔයාට ඕන විදිහට මේ සුබපැතුම් පෙට්ටිය හදාගන්න විතරයි .

 

 

Happy Pill

හැපි පීල් විසින් නිෂ්පාදනය කරන රසවත් ,නැවුම් බේක් කරන ලද චොක්ලට් කුකීස් වලට ඔයාගේ අම්මගේ මූනේ සිනාවක් ඇති කරන බවට නම් සැකයක් නෑ .චොක්ලට් කුකීස් 12 කට වැඩියෙන් ඇණවුම් කරොත් ඒ ඇණවුමත් සමග අතින් හදපු, මෝස්තර පහකින් යුත් සුභ පැතුම් කාඩ්පත් පහක් ද ඔබට ලබා දෙනවා .මීට අමතරව, ඔවුන් 10% ක වට්ටමක් ද ලබා දෙනවා .

(බෙදාහැරීමේ කුලී එකතු නොකර )මේ චොක්ලට් කුකීස් පැක් එක රු.1800යි.ඇණවුම් කිරීම සඳහා instagram පණිවිඩයක් මඟින් හෝ 076 890 0748 යන දුරකථන අංකයට කතා කරන්න .

 

FLOWERS

මල් හරිම ලස්සනයි .ඒ වගේම ඒ සුවඳ, සුන්දරත්වය ,වර්ණ අපේ මනස තවත් සුවපත් කරනවා .දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවත් ඒවායේ සුන්දරත්වයේ නම් අඩුවක් පෙනෙන්න නෑ .හරියටම කිව්වොත් මල් කියන්නේ මාතෘත්වයේ සංකේතයක්.

 

 

Shiro Hana

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් shiro hana අලංකාර මල් කළඹක් එලි දක්වා තියෙනවා. තොග සීමිත බැවින් ඔබගේ ඇණවුමත් අදම වෙන්කරගන්න.
http://www.shirohanaflowers.com/

 

 

The Wedding Flowers

නුගේගොඩ මල් සැරසිලි ආයතනයක් වන The wedding flowers ආයතනය විසින් මෙවර මවුවරුන්ගේ දිනයට අලංකාර මල් කලඹවල් එළි දක්වා තිබේ .
(රු.2500 සිට ඉහලට )අම්මගෙ මුවේ සිනාවක් රඳවන්න ඔබත් මෙය ඇණවුම් කර බලන්න .කොළඹ දිස්ත්‍රික්කයේ අවට බෙදාහැරීමේ පහසු කම් සපයා ඇත .ඇණවුම් භාර දීම සඳහා ෆේස්බුක් messenger- instagram පණිවිඩ හෝ 077 314 9706 යන දුරකථන අංකයට අමතන්න .

 

 

Coco Verandah

රසවත් කේක් එකක් එක්කම ලස්සන මල් කලඹක් දෙන එක කොච්චර ලස්සනද? අපි හිතනවටත් කලින් coco verandah කැෆේ එක මවුවරුන්ගේ දිනය තවත් ලස්සන කරන්න සැලසුම් යොදලා .ඒ වගේම එයාලා පලතුරුත් ලස්සනට පැක් කරනවා . මේ වගේ හැම අතින්ම සම්පූර්ණ ,ලස්සන තෑග්ගක් ලබන්න ඔයාගේ අම්මත් ගොඩක් ආසා වෙයි.

ඇණවුම් භාර දීමට 076 944 9978 යන දුරකථන අංකයට අමතන්න . ( whatsapp )රු.150 සිට බෙදාහැරීමේ ගාස්තු අයකරන අතර පැලවත්ත ,බත්තරමුල්ල,කෝට්ටේ ,නාරහෙන්පිට රාජගිරිය, නාවලට බෙදා හැරීම් සිදු කරයි .

 

CLOTHING

Arienti

අපේ පෙනුම තවත් සුන්දරව දකින්න ,ලස්සනට ඇඳුම් අඳින්න ගැහැණු අය හුඟක් ආසයි .අම්මලා කියලා වෙනසක් නෑ එයාලත් ඒ වගේමයි ,ඉතින් ඇදුම් වලට වඩා තවත් හොඳ තෑග්ගක් තියෙනවද ?.Arienti හි තිබෙන විවිධ වර්ණයෙන් හා විවිධ මෝස්තරයේ යුක්ත :රෙදි පිළි ,කමිස,කාර්යාල ඇඳුම් හා tops ඔයාගේ අම්මට දෙන්න පුළුවන් කදිම තෑගි .ඔයාගේ අම්මගෙ fashion එක, අම්මා අඳින්න පළදින්න ආස විදිය හරියටම දන්නෙ නැත්නම් ඔයාට තවත් හොද අවස්ථාවක් තියෙනවා .ඔයාට පුළුවන් gift වවුචර් එකක් මිලදී ගන්න.

ඇණවුම් කිරීම සඳහා www.arienti.lk, හෝ 077 285 0666 අමතන්න . තවත් තොරතුරු දැනගන්න ෆේස්බුක් පිටුවට හෝ ඉන්ස්ටග්‍රම් වලින් arienti සමග එකතු වන්න.
මැයි මස පළවෙනිදා සිට දහ වෙනිදා දක්වා බෙදාහැරීම් ආරම්භ කරන අතර දිවයිනේ කුමන ස්ථානයකට වුවද රුපියල් 250 කට බෙදා හැරීමේ කටයුතු සිදු කරයි .රුපියල් 500කට වැඩි සහ 5000කට අඩු ඇණවුම් සඳහා නොමිලේ බෙදා හරියි.

 

 

WELLNESS PRODUCTS

 

මේ කාර්යබහුල අවධියේදී අම්මට එයා ගැන හිතන්න කාලය අඩුයි.ඉතින් ඒ නිසාම විශේෂ තෑග්ගක් අම්මා වෙනුවෙන්ම මව්වරුන්ගේ දිනයෙදී අපිට දෙන්න පුළුවන්.

 

 

Spa Ceylon

අම්මගෙ ශාරීරික, මානසික වගේම චිත්තවේගීය නැවත පුනර්ජීවනය කරන්න.මේ ශාරීර සුවතා නිෂ්පාදන ,හා ක්‍රම කදිම පිළිතුරක්. #ToMumWithLove තේමාව යටතේ spa ceylon 30% වට්ටමක් නිදහස් කර ඇති අතර ඒ සමග බණ්ඩල් හතරකින් සමන්විත ක්‍රීම් වර්ග සහ සබන් වර්ග ඇතුළත් කර ඇත .ඇණවුම් කිරීම සඳහා http://www.spaceylon.com/ පිවිසෙන්න .

බෙදාහැරීම කොළඹ 1-15,රාජගිරිය ,නාවල, නුගේගොඩ ,කෝට්ටේ සහ මහරගම යන පළාත්වල සිදුකරන අතර ,බෙදා හැරීම සඳහා රු.400 ක් අය කරයි .

 

 

Midnight Divas

අපිට මල් කෙටිකාලීන ජීවයක් විදියට පෙනුණත් ඒහි සුවද කොතරම් දුරකට දිව යා හැකි ද ?” ඇය ස්වර්ගයක් මෙන් සුවඳයි” යන තේමාව යටතේ midnight divas විසින් මවුවරුන්ගේ දිනයට පරිපූර්ණ සුවඳකින් යුත් victoria secret සුවඳ විලවුන් සමග body lotion හා body mist රු.3950 මිලකට ලබා දෙයි .කොළඹ තදාසන්න ප්‍රදේශ සඳහා බෙදාහැරීම සිදු කරන අතර ඇණවුම් භාර දීම සඳහා 072 700 3003 දුරකථන අංකයට අමතන්න.

 

 

Christell Clinic


අපේ අම්මා ඇතුළාන්තයෙන් වගේම පිටස්තරයෙනුත් ලස්සන වෙනවා දකින ඒකට අපි කැමති බවට කිසිම සැකයක් නෑ .හොඳයි…. .ඒ සඳහා හොඳම විසඳුම christell clinic !!!
ඔවුන් විසින් සම ආරක්ෂා කරන ආලේපණ සහිත තෑගි පෙට්ටියක් මව්වරුන්ගේ දිනයේ දී හඳුන්වා දී ඇත. මේ පැක් එක තුළ W+ whitening ක්‍රීම් – සමේ වර්ගය අනුව සම පැහැපත් කිරීම සහ ආරක්ෂා කිරීම ,ලප කැලැල් ඉවත් කිරීම ,සමට දීප්තියක් ගෙන ඒම ,මුහුනේ රැලි ස්වභාවය ඉවත් කිරීම,මුහුණේ වයස්ගත පෙනුම හා සම රැලි වීම් ඉවත් කර තරුණ පෙනුමක් ලබා දීම සිදු කරයි .මෙය දිවා ක්‍රීම් වර්ගයක් බැවින්,හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට ද මෙමගින් හැකිවේ.

කොළඹ අවට පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරන අතර මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා instagram christell clinic පිටුව follow කරන්න .
ඇණවුම් භාර දීම සඳහා 0769 288 244 යන දුරකථන අංකයට අමතන්න.

ඔන්න කට්ටිය !!!!!!එහෙනම් ඔයාලා හොයපු දේ හම්බ වෙන්න ඇති කියලා අපි හිතනවා .සහෝදරයන්ට වඩා අම්මට ලස්සන තෑග්ගක් දෙන්න සූදානම් වෙන ඔයා හරි ,දරුවන් අභිබවා තමන්ගේ භාර්යාවට ලස්සන තෑග්ගක් හොයන ආදරණීය සැමියෙක් වන ඔයා හරි විලාසිතාවට කැමති ,ආහාරපාන වලට ප්‍රිය කරන, විනෝදාංශ වලට කැමති, මේ කුමන හෝ දෙයකට රුචිකත්වයක් දක්වන කෙනෙක් වුනත් ඇය.. අපි මේ දුන්න තෑගි ලයිස්තු තුළ ඇයට සුදුසුම දේ ඔයාට හම්බ වෙයි.

මව්වරුන්ගේ දිනය ලංකාවෙ ඉන්න හැම මවකගේම මුවට සිනහවක් නැගෙන ප්‍රීතිමත් දවසක් වේවා!!!!