වයසට ගියත් තරුණ පෙනුමට ඉන්න කැමතිනම් මේ දේවල් කරන්න

අපි වයසට යන්න යන්න අපේ සම රැලි වැටෙන්න ගන්නවා.සමහර පුද්ගලයින්ගේ අඩු වයසින්ම සම රැලි වැටෙන්න පටන්ගන්නවා .වයසට වඩා වයස පෙන්න ගන්නවා.මේ හේතුව නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙන අවස්ථා බොහොමයක් නැතුවම නෙවෙයි.

නළු නිළියන්,නිරූපිකාවන් කොච්චර වයසට ගියත් ඒ අයගේ සම තරුණ පෙනුමකින් තියෙන්නේ කොහොමද කියලා ඔයා ප්‍රශ්ණ කරනවා ඇති. ඔයාට වයස අවුරුදු 40 දී හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔයා ඒ සදහා වයස අවුරුදු 20 දී වැඩ කිරීමට පටන් ගන්න එක අනිවාර්යයි.

තරුණ සම රැකගන්න චර්ම රෝග විශේෂඥයින් විසින් නිර්දේශ කරන ලද රූපලාවණ්‍ය උපදෙස් කිහිපයක් ඔයාලා වෙනුවෙන්ම අපි අද අරන් ආවා.

 

1. සෑම විටම ඔයාගේ සම වියළෙන්න නොදී තබාගන්න

අපි ගොඩක් දෙනෙක් හැමදාම රැකියාවට යන, නැත්තම් තමන්ගේ දරුවාත් එක්ක එළිමහනේ කාලය ගතකරන්න වෙන කාලසටහනක තමයි දවස ගෙවන්න වෙලා තියෙන්නනේ.ඉතින් උදේ ඉදන් හවස් වෙනකන් හිරු එළියට උෂ්ණත්වෙට අපේ සම නිරාවරණය වෙන එක අපිට නවත්තන්න බැරි දෙයක්. ඒ විදිහට සම උෂ්ණත්වයට නිරාවරණය වෙන්න ගත්තහම ​සමේ තිබෙන තෙතමනය නැතිවෙලා යනවා. ඒ නිසා සම හොඳටම වියළෙන්න ගන්නවා.එතකොට සම නිකන්ම රැලි වැටෙන්න පටන්ගන්නවා.

මේ නිසා අනිවාර්යයෙන් ඔයාගේ සමේ තිබෙන තෙතමනය රදවා තබාගන්න කටයුතු කරන්න. ඒ සඳහා කෝමාරිකා සහ කහ වැනි ස්වාභාවික, පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය අඩංගු cream එකක් තෝරා ගන්න වග බලා ගන්න. ඒ වගේම olive oil කියන්නෙත් සමේ තෙතමනය රදවා ගන්නා පුළුවන් oil එකක් .මෙය සම සීතල කරන්න ගොඩක් උපකාරී වෙනවා.ඒ වගේම මතක තියාගන්න ඔයා මුහුණ සෝදාගත් වහාම moisture එකක් භාවිතා කරන්න . ඉතින් හැමදාම එළියට යනකොට moisture cream එකක් bag එකේ දාගන යන්න අමතක කරන්න එපා.

 

 

2. හැකි තරම් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න

ලංකාව කියන්නේ හිරු එළිය ටිකක් තදට වැටෙන රටක්නේ. ඉතින් හැමදාම හිරු එළියට නිරාවරණය වන අපේ සම වියළිලා කාලයක් යනකොට වයස පෙනුමක් එන එක පුදුමයක් නෙවෙයි. හිරු එළියේ පාරජම්බුල කිරණ අඩංගු නිසා උදේ 10 සිට සවස 3 දක්වා හිරු එළියට නිරාවරණය වෙන්නේ නැතිව ඉන්න එක තමයි වඩාත්ම හොඳ. ඒ් වගේම ඔයා නිවසින් එළියට යනකොට පුළුල් තොප්පියක්, අව් කණ්ණාඩි සහ කුඩයක් රැගෙන යාමට අමතක කරන්න එපා.

 

 

3. සෑම දිනකම ඔයාගේ සම පැහැපත් කර පිරිසිදු කරන්න

 

හැමදාම makeup භාවිතා කරන අය ඒවා හරියට පිරිසිදු කර මුහුණෙන් ඉවත් කරන්නේ නැති වුණහම කාලයක් යනකොට මේක සමට බලපාලා සම වියළෙන්න ගන්නවා. සමේ එක එක rashes, බිබිළි වගේ දේවල් ඇතිවෙන්න ගන්නවා. මේ නිසා අනිවාර්යයයෙන් තමන් makeup භාවිතා කරන කෙනෙක්නම් ගෙදර ආවට පස්සේ හොඳට සම පිරිසිදු කරගන්න වගබලා ගන්න.රූපලාවණ්‍යාගාරයකට සති දෙකකට වතාවක් වගේ ගිහින් තමන්ගේ මැරුණු සම ඉවත්කරගන්න කටයුතු කරන්න. ඒ වගේම ඔබේ සමට ගැළපෙන cleanser එකක් සහ toner එකක් භාවිතා කරන්න.

 

 

4. සම පිරිසිදු කිරීමේ පිළියම් තරුණ වියේදීම පටන්ගන්න

තමන්ගේ ගෙවත්තෙන්ම සම හොඳින් පවත්වාගන යන්න අවශ්‍ය කරන ගුණාත්මක දේවල් හොයාගන්න හැකියාව තිබෙනවා. කස්තුරි කහ කියන්නේ වෛද්‍යමය වශයෙන් රූපලාවණ්‍ය සදහා නිර්දේශ කරලා තිබෙන බෙහෙතක්. කස්තුරි කහ දකුණු ආසියාවේ සියවස් ගණනාවක් පුරාවටම ආයුර්වේද රූපලාවණ්‍ය සඳහා භාවිතා කරපු දෙයක්. එහි තිබෙන පුදුමාකාර antioxidant ගුණය සම වයසට යන එක නවත්වන්න කටයුතු කරනවා.

 

 

5. සමබර ආහාර වේලක් සඳහා යොමුවෙන්න.

අපි ගන්න ආහාරවල අවසාන ප්‍රතිඵලය අපේ සම හරහා පෙනෙන්න ගන්නවා. ස්වාභාවිකවම දීප්තිමත් සමක් බොහෝ විට ඔබ ගන්න ආහාර වලින් තමයි ආරම්භ වෙන්නේ. කිරි, බිත්තර, මාළු, මස් සහ සෞඛ්‍ය සම්පන්න ධාන්‍ය වර්ග අඩංගු ඉහළ ප්‍රෝටීන් සහිත ආහාරයකින් සමේ පැවැත්ම වැඩි කරගන්න පුළුවන්. ප්‍රෝටීන් ඔබේ කොලජන් මට්ටම ශක්තිමත් කරනවා. පලතුරු, එළවළු සහ ඔමේගා -3 අඩංගු ආහාර ඔබේ එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා.

 

 

6. සතියකට අවම වශයෙන් දින 5 ක් වත් work – out කරන්න

ඔබේ සම පිටතින් දීප්තිමත් කිරීමට නම් ඔබේ ඇතුළත පිරිසිදු කරගැනීම අනිවාර්යයි. ව්‍යායාම ඔබේ රුධිර ප්‍රවාහයේ වැඩි වීම, සමේ සෛල පෝෂණය කිරීමට වගේම මැරුණු සෛල ශරීරයෙන් ඉවත් කිරිමට කටයුතු කරනවා. ව්‍යායාම කිරීම නිසා ශරීරය නීරෝගීව පවත්වාගන යාමට බෙහෙවින් උපකාරී වෙනවා. මේ නිසා සතියට දින 5ක්වත් ව්‍යායාම වල නියැළෙන්න කටයුතු කරන්න.

 

 

7. සතුටින් ඉන්න!

එදිනෙදා ජීවිතයේ අපි ගොඩක් කාර්යබහුලයි. ආතතිය,පීඩනය මැද තමයි අපි හැමදාම වැඩකටයුතු කරන්නේ. මේ දේ ඇත්තටම අපේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට හොඳ නැහැ. මේ විදිහට පීඩනයෙන් ඉන්න එක අපේ භාහිර පෙනුමට බලපානවා. සමේ තිබෙන ගැටළු වැඩි කරනවා. මේ නිසා පුළුවන් උපරිමෙන් හිත සතුටින් තියාගන්න ජීවිතය විඳින්න.

ඉතින් වයස අවුරුදු 40 වෙනකොටත් තරුණ පෙනුම රැකගන්නනම් ඔබත් අද ඉඳන්ම මේ විදියට කටයුතු කරන්න.

කුඩා කළ ඇතිවෙන බිය, ඔබේ දරුවා මානසික රෝගියෙක් කළ හැකි බව ඔබ දන්නවාද?

බය කියලා කියන්නෙ වේදනාව, හානිය ගැන අනතුරු අඟවන හරිම අප්‍රසන්න හැඟීමක්. කවුරුත් බය‍ෙන් ඉපදෙන්නේ නැති වුණාට අපි අත්දකින සමහර හේතූන් එක්ක ඉපදිලා අවුරුදු දෙක තුනක් යනකොටනම් බය කියනදේ එන්න එන්නම වැඩිවෙනවා. ඉපදිලා අවුරුදු 5ක් විතර යනකොට අපි වතුරට,කළුවරට, යක්කුන්ට, පොඩි පොඩි සත්තුන්ට වගේම උස තැන් වලටත් බයවෙන්න පටන් ගන්නවා. ටික ටික ලොකුවෙද්දී නම් අපි මේ දේවල් වැඩිය ගණන් ගන්නේ නැහැ. පොඩි කෙනෙක් මේ දේවල් වලට බය වුණත් ඒ වේලාවට අපි කියන්නේ ලොකු වෙද්දී ඔය බය ඇරිලා යයි කියලයි. ඔව්, ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඔයා දැනගෙන හිටියාද මේ ‘බය’ කියන දේ නිසා ළමයෙක්ට කාංසාව ඇතිවෙන්න පුළුවන් කියලා? හැබැයි මෙහෙම ඇතිවෙන බය හරිම ලේසි ක්‍රම ටිකකින් නැති කරන්නත් පුළුවන් කියලා දැනගෙන හිටියද? ඉතිං අද අපි ඔබට කියලා දෙන්නේ ඔබේ දරුවන්ටත් බයක් ඇතිවුණොත් ඔබ ක්‍රියාකරන්න ඕන විදි 05ක් ගැනයි.

1 බය ගැන දරුවා සමග කතාකරන්න

ළමයෙක්ගේ බය නැති කරන්න පුළුවන් ලොකු බලයක් අපි කතාකරන මේ වචන වලට තියෙනවා. ඔයාගේ දරුවා බය පෙන්වන වේලාවට ඒ ගැන එයා එක්ක කතාකරන්න. සමහර දේවල්වලට ඕනෑවට වැඩිය බය වෙන්න ඕන නැහැ කියලත් කියලා දෙන්න. එතකොට ඔයාගේ දරුවාට තේරෙයි ඒ ගැන ඔයත් එක්ක කතාකරන එක හොඳයි කියලා. බය ගැන කතාකරනකොට දරුවාගේ කාංසාව නිකන්ම නැතිවෙලා යනවා.

 

2 කවදාවත් දරුවාගේ බය සමච්චලයකට ගන්න එපා

“මෝඩ වෙන්න එපා,ඒ නිකන්ම නිකන් කැරපොත්තෙක් විතරයි’. “මේ pool එක එච්චර ගැඹුරු නැහැ, බොරුවට බය වෙන්නේ නැතුව බහින්න” වගේ වචන පාවිච්චි කරලා දරුවාගේ බය හෑල්ලු කළොත් දරුවා බය ගැන හංගන්න පටන් ගන්නවා. කොටින්ම කිවුවොත් බයවෙන්න ලැජ්ජා වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රශ්නය ඔයා හිතන්නෙවත් නැති තරමට තව වැඩිවෙන්න පුළුවන්. ඉතින් ඒ විදියට කවමදාකවත් දරුවාගේ බය හෑල්ලු කරලා කතා කරන්න එපා.

 

3 දරුවාගේ බය තව වැඩිවීමට ඉඩ දෙන්න එපා

දෙමාපියන් විදිහට අපි අපේ දරුවා බය වෙන හේතු ගැන දැනගත්තාම ඒ බය ඇතිවෙන්න ඉඩදෙන්නේ නැතුව ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට දරුවා බල්ලන්ට බයක් පෙන්වනවා නම් අපි දරුවා එක්ක පාරේ යද්දී පාරේ බල්ලෙක් ආවොත් අපි හිතලම දරුවා වඩාගත්තොත්, එහෙම නැත්තම් ඉක්මනින් පාරේ අනිත් පැත්තට මාරුවුනොත් දරුවා හිතනවා ඔයත් බල්ලාට බයක් දක්වන නිසා බල්ලාට බයවෙන්න ඕනේ කියලා. මේක නිකන්ම නිකන් දෙයක් වගේ ඔයාට පෙනුනට ඒක දරුවාගේ බය තව වැඩි වෙන්න ලොකු හේතුවක් වෙනවා.

මේ වගේ වෙලාවක බල්ලාව මග අරිනවා වෙනුවට ටිකක් එහාට ගිහින් හිමින් සීරුවේ ගියොත් දරුවත් ඉගෙන ගනී බල්ලෙක් දැක්කම හැමතිස්සෙම දුවන්න ඕනේ නැහැ කියලා.

 

4 පියවරෙන් පියවර බය නැති කරන්න උත්සහ කරමු

මනෝවිද්‍යාඥයින් හොයාගෙන තියෙන විදිහට ‘flooding’ කියන්නේ බය නැති කරන්න තියෙන හොඳ therapy එකක්. කොහොම වුනත් මගේ අදහස නම් පොඩි ළමයෙක් ගේ බය නැති කරන්න හොඳම විදිහ තමයි ටිකෙන් ටික බය නැති කරන එක. උදාහරණයක් විදිහට ඔබේ දරුවා ගඟට, මුහුදට, pool එකට වගේ දේවල් වලට බය නම් දුර ඉදන් ඒ දිහා බලන් ඉන්න ඉඩ දෙන්න. ඊට පස්සේ pool එකේ පිට ඉදන් වතුර අල්ලන්න, කකුල් වතුරේ දාගන සෙල්ලම් කරන්න වගේ දේවල් වලට ඉඩ දීලා ටිකෙන් ටික ඒ ගැන තියෙන බය නැති කරන්න. දින සති ගණන් ගත වුණත් මේකෙන් දරුවාට කාංසාව ඇති වෙන එක අඩුවේවි.

 

5 බය නැති කරගන්න ක්‍රම දරුවාට කියලා දෙමු

ලොකු බයක් දැනෙන වේලාවට හුස්ම ගන්න එක ගැන හිතන ගමන් 1 ඉඳන් 10 ට ගණන් කරන එක වගේ පොඩි පොඩි ක්‍රම දරුවාට කියලා දෙන්න. ඒ තුළින් බය කියන දේ ඇති උනාම කාංසාව ඇති වෙන්න තියෙන ඉඩ නැති කරනවා. ඉතින් මේ දේවල් තුළින් තමන්ට තනියම සන්සුන් වෙන්න පුළුවන් වෙන එක ගැන ඔයාගේ දරුවත් ගොඩක් සතුටු වෙයි.

 

 

පවුලේ අයත් එක්ක කෑම වේලකට එළියට යන්න Cafe Nuga

Cafe Nuga කියන්නේ අවුරුදු එකහාමාරකට ආසන්න කාලයක් තිස්සේ එක එක සම්ප්‍රදායන් වලට අයිති සෞඛය සම්පන්න ආහාර පිළියෙල කරන restaurant එකක්. ප්‍රමාණවත් ආසන සහ අලංකාර වටපිටාවකින් හැඩවුණු මේ අපූරු restaurant එක කොළඹ නගරයට ලබා දෙන්නේ හරි වටිනාකමක්. ඉතින් ඔයාලා මේ restaurant එකට යන්න හිතන් ඉන්නවනම් මේ ඒ ගැන අපි කරපු review එකක්.

 

Drinks

Cafe Nuga කියන්නේ අපිට පිටින් soft drink එකක් වුණත් ගෙනියන්න පුළුවන් restaurant එකක්. ඒ වගේම එයාලගේ drinks menu එකේ non- alcoholic drinks වර්ග රැසක් තියෙනවා.

 

Cookie Shake (LKR 530)

ඉතා රසවත් drink එකක් වන මේ cookie shake එක හදලා තියෙන්නේ එයාලා විසින්ම සදාගත් cookies වලින් වීම විශේෂත්වයක්. ඕනවට වැඩිය පැණි රසක් නැති මේ drink එක chocolate sauce වලින් සහ cookies වලින් සරසා තිබුණා. මේක drink එකක් විතරක්ම නෙමෙයි dessert එකක් විදිහටත් සලකන්න පුළුවන්!.

 

Lemongrass Inspired iced tea (LKR 300)


Lemongrass Flavor එකක් තියෙන මේ රසම රස iced tea එක රස්නේ දවසකට cool වෙන්න නියමෙට ගැලපෙනවා. Cafe Nuga යනවනම් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ drink එකක් විදිහට මේ iced tea එක හදුන්වන්න පුළුවන්.

 

Mains

Cafe Nuga කියන්නේ ඕනම කෙනෙක්ට set වෙන menu එකක් තියෙන restaurant එකක්. Roti sandwitches, ඉදි ආප්ප කොත්තු සහ එක එක සම්ප්‍රදායන් වල කැම වර්ග එයාලගේ menu එකට ඇතුළත් වෙනවා.

 

Spicy Fish Roti Sandwich(LKR 650)

මේ dish එකට දීලා තියෙන නම නිසා මේක හරිම සරල sandwich එකක් කියලා හිතුවොත් ඒක වැරැද්දක්. උණු උණු රොටි දෙකක් මැද්දට දාලා තියෙන සැර මාළු ඒ වගේම cheese,ළූණු සමග ලුණු මිරිස් එක්ක දෙන මේ sandwich එක නියම dish එකක්. Portion එක පොඩි වගේ පෙනුනට මේ sandwich එක හොඳට බඩපිරෙන්න කන්න පුළුවන්.

 

Nuga Pork Bowl In Teriyaki Chicken (LKR 970)

හවායී සම්භවයක් ඇති මේ poke bowl dish එක ඔන්න දැන් අපේ රටෙත් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. Cafe Nuga වල black and white sesame seeds වලින් සරසලා තියෙන මේ dish එකට Teriyaki Chicken,sticky rice, shredded omelette, carrot, cucumber, red cabbage, corn, seaweed pickled onion සහ pickled cucumber අඩංගු වෙලා තියෙනවා. මේ dish එක හොඳටම ප්‍රමාණවත් වුණත් spicy ගතිය නම් ගොඩක් අඩුයි. කොහොම වුණත් ඔයා සැර කෑම වලට අකමැති කෙනෙක් නම් මේ dish එක ඔයාට හොඳටම ගැලපෙනවා.

 

Boneless Mutton String Hopper Koththu (LKR 900)

මේ තමයි cafe Nuga එකේ අපි ගත්ත dishes අතරින් හොඳම dish එක කිව්වොත් හරියටම හරි. කපාගත් ඉදි ආප්ප, කැරට්, ළූණු, බිත්තර මිශ්‍රණයට කටු ඉවත් කල එළු මස් අතුරා,බැදපු බිත්තරයක් සමග නෙළුම් කොලයක පිළිගැන්වු මේ dish එක නම් ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම මේ dish එකට ඇතිවෙන්න එළු මස් එක් කරලා තිබුණා.

 

Desserts

 

Apple Crumble Tart (LKR 350)

දවසින් දවස වෙනස් වන Cafe Nuga dessert menu එකේ cake සහ Pie වර්ග රැසක් තියෙනවා. ඒ අතරින් අපි ගොඩක්ම ප්‍රිය කළේ apple crumble tart එකට. Ice Cream Bowl එකක් සමග පිළිගන්වන මේ tart එක රසය අතින් ඉහල මට්ටමක තිබුණු අතර tart එකේ පෙනුමත් ඉතාමත් අලංකාර විදියට තිබුණ බව කියන්නම ඕන.

 

වටපිටාව

Cafe Nuga restaurant එකේ ගොඩක් පිරිසකට ඉන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට ගෝෂාවත් ටිකක් වැඩියි. ඒ වගේම Cafe Nuga එකේ පවුලේ අයට විතරක් එකතු වෙන්න private dinning area එකක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සේවය ඉක්මන් වගේම කාර්ය මණ්ඩලයට තමන්ගේ menu එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා.

Italian cuisine එකක් රස විඳින ගමන් ආදරවන්තයින්ට නිදහසේ කතා කරන්න හොඳම තැන

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා වහලා තිබුණ Il Cielo නැවත වරක් ඔන්න අපි වෙනුවෙන්ම විවෘත කරලා තිබෙනවා. 5th floor of The Goldblock වල පිහිටා තිබෙන Il Cielo කොළඹ ඉර බහින වෙලාවට ඇත්තටම ගොඩක් ලස්සනයි . වාසනාවකට වගේ අපි ගිය වෙලාවේ ඒ සුන්දර දසුන නරඹන්න පුළුවන් වුණා. Il Cielo දවල්ට වගේම රෑටත් ලස්සනට තියන්න ගොඩක් විශේෂ දේවල් කරලා තියෙනවා. Il Cieloහි එළියේ වගේම ඇතුළත වාඩිවෙන්න පුළුවන් වෙන්න ස්ථාන දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වුණත්, වැස්ස වෙලාවට එළිමහනේ ඉදගන්න එකනම් ප්‍රශ්ණයක් වෙනවා.

 

Italian Potatoes (LKR 150)


මුලින්ම මේකේ නම පොඩි කුතුහලයක් ඇති කරාට, ඒවා සාමාන්‍යයෙන් අපි දන්න Potatoe edges කියලා ඉක්මනට මට තේරුම් ගියා. LKR 150 මිලකට ගැළපෙන portion ලැ‍බෙන අතර, ලේසියෙන් දෙන්නෙක්ට රස විඳින්න පුළුවන්. බදින්නේ නැතුව, බේක් කරලා තියෙන නිසාත්, පදමට ලුණු, ගම්මිරිස් සහ සුදුළූණු දාල තියෙන නිසාත් ඇත්තටම රස වැඩියෙන් දැනෙනවා .

 

 

Arancini Sisiliana (Fried Risotto Balls) (LKR 580)


මේ Menu එකේ තියෙන මම ආසම දේ තමයි Arancini Sisiliana!.ඉතා හොඳට බැදපු risotto, diced bacon, parsley සහ mozzarella cheese සහ tomato salsa and an extra side of Parmesan cheese එක්ක Arancini Sisiliana ඔවුන් විසින් එය පිළියෙල කරනවා. salsa වල සියුම් රස නිසා මුළු කෑම එකේම තියෙන දිවට දැනෙන සැර ගානට අඩු කරනවා. appetizer එකක් වුණත්, බඩ පිරෙන්න එක portion එකක් කන්න පුළුවන්!

 

 

Mains

 

Osso Bucco (LKR 1490)


Osso Bucco කියන්නේ සාම්ප්‍රධායික veal සමඟ පිරිනමන ආහාරයක් නිසා, risotto එක්ක බැටළු මස් එක්ක කෑම එක පිළිගන්වනකොට ඇත්තටම මම පොඩ්ඩක් පුදුම වුණා. risotto එක පොඩ්ඩක් තැම්බිලා මදි වුණත්, ඉතා හොඳ සුදුළූණු, බටර් සහ saffron රසයන්ගේ එකතුවක් වුණ නිසා එක එච්චර දැනුණේ  නැහැ. ඕස්ට්‍රේලියානු බැටළු මස් හොඳින් පදම් කර සූදානම් කරලා තිබුණත්, තව රස වැඩි කරන්න පුළුවන්කමනම් තියෙනවා. තව පොඩි උත්සහයක් දැරුවොත් මේ ආහාරය Il Cielo එකේ තියන හොඳ ආහාරයක් වෙන්න පුළුවන්.

 

 

Spaghetti Carbonara (LKR 745)


ඉතාලි අවන්හලක මේ ජනප්‍රිය ආහාරය හරියට, තිතට හැදුවොත්, අපේ හදවත් දිනාගන්න එක අමාරු වැඩක් නෙමෙයි! මේ arbonara dish එක Il Cieloලා ඉතා හොඳට සකස් කර තිබුණා වගේම, ඔබට මිලට වටින ඉතා ලොකු portion එකක් හම්බවෙනවා . ඔවුන් චීස් සෝස් ඇති පදමට දාන නිසා කන හැම කටක්ම චීස් වලින් උතුරනවා. හැබැයි පොඩිම පොඩි අඩුවක් තිබුණා . බේකන් මං ආස විදිහට වඩා අඩු කාලයක් තමයි බැදලා තිබුණේ. තව මිනිත්තු කිහිපයක් වැඩියෙන් පිසුවානන්, කටට හැපෙන crispy ගතියක් බේකන් එකෙන් ගන්න තිබ්බා.

 

Il Cielo Special Pizza (LKR 975)


පෙනුම වගේම ඉහළ රසයක් මේ Il Cielo Special Pizza තියෙනවා. ලොකු topping එක වගේම spice නිසාත් මේ Pizza එක ගොඩක් special වෙලා තිබෙනවා.

 

 

Pizza Margarita (LKR 880)


තක්කාලි සහ චීස් ගොඩක් දාලා හදලා තිබුණු රසම රස පීසා එකක් තමයි මේ. Il Cieloගේ පීසා ඔක්කොම අහාරයට ගන්න සුදුසුම, ඒවා උණු උණුවෙම ආහාරයට ගත්තාම තමයි. නැත්තන් crust එකේ පොඩි තද ගතියක් ඇතිවෙනවා.

 

 

Pizza Al Tonno (LKR 980)


Tuna වල රසයත්, crust එකේ තුනී පදමත් ඇත්තටම හොඳ combination එකක්. හැම පීසා එකකටම දලා තිබෙන හොඳ මොසැරැල්ලා ප්‍රමාණයත්, oregano මුසු කිරීම නිසාත්, පීසා එකටම ආවේණික රසයක් ලැබෙනවා.

 

 

Desserts

Chocolate mousse (LKR 400)


martini වීදුරුවක, දෙපැත්තෙන් වැක්කෙරෙන චොකලට් එක්ක අලංකාර ඉදිරිපත් කිරීමක් වුණ මේ අතුරුපස මගේ දෙවන විකල්පය වුණේ මම ඉල්ලපු tiramisu එක ඒ වෙලාවේ නැතිනි වුණ නිසයි .මේ Dessert එක වියළි වගේම තද කේක් එකක් වගේ නිසා මගේ අත්දැකීම එච්චර හොඳ වුණේ නැහැ. ඕනෑවට වඩා පැණිරස හා ජෙලටින් තියෙන නිසා මේ Dessert එකටනම් මම කැමති වුණේ නැහැ.

 

 

Ambience


කාර්ය මණ්ඩලය හරිම ආචාරශීලීයි වගේම මිත්‍රශීලීයි, හැබැයි සමහර කෑම වර්ග ගැන ඇහුවම ටිකක් අපැහැදිල ආකාරයට තමයි තේරුම් කලේ . හැබැයි අපි ඇනවුම් කරපු ආහාර එකවර හෝ එකින් එක අපට අවශ්‍ය දැයි අපෙන් විමසීමට තරම් ඒ අය කාරුණික වුණා. කොහොම වුණත් අවන්හලේ හිටපු එකම පාරිභෝගිකයෝ අපි වුණත්, ඔවුන්ගේ අවධානය ලබාගන්න පැය භාගයක් ඉන්න වුණා. අපේ ඇණවුම ලැබුණු පසුත් ඔවුන්ගේ අවධානය ලබාගන්න පොඩ්ඩක් වෙහෙසෙන්න වුණා.

නැවත විවෘත කිරීමෙන් පස්සේ, දියුණු කරන්න දේවල් ගොඩක් Il Cielo අවන්හලට තියෙනවා වගේම ඉක්මනින් ලොකු ජනප්‍රියත්වයක් ලබන්න ඔවුන්ගේ අඩුපාඩු හදාගත්තොත් හැකියාව තියෙනවා. Il Cielo හි තිබෙන ආකර්ශණීය බව වගේම view එක නිසා ආදරවන්තයින්ට නිදහසේ කතා කර කර ඉන්න ගමන් හොඳ ආහාරවේලක් රසවිදින්න හරි අපූරු තැනක්.

ඔයාට ගැළපෙනම perfume එක තෝරගන්න, මේ tips ටික අත්හදා බලන්න – 02

perfume එකක් පාවිච්චි කරන්න ඕනේ ඇයි කියන කාරණය ගැන අපි මීට කලින් දවසක ඔබව දැනුවත් කළා. අද අපි ඔබව දැනුවත් කරන්නේ කොහොමද ඔබට හරියටම ගැලපෙන perfume එක තෝරාගන්නේ කියන කොටස ගැන.

01. perfume එකක් ගන්න යන්න කලින් homework කරන්නෙ කොහොමද….?

02. perfume එකක් ගන්න shopping කරන්න ඕනේ කොහොමද..?

03. perfume එක test කරලා බලන්නේ කොහොමද..?

මේ කොටස් තුන ගැනම අවබෝධයක් ඇතුවයි ඔබ perfume එකක් මිළදී ගන්න ඕනෙ. වෙළඳපොලේ තියන මොකක්හරි එකක්, ලාබෙට තියන දෙයක්, මිළදී ගන්න එක වැරදියි. අපි කලින් ලිපියේදී පැහැදිළි කළා වගේ, perfume එක ඔයාගේ personality එකට වගේම විශේෂ තැනකට පිරිසක් අතරට ගියාම ඔයාගේ confidence වලටත් අතිශයින්ම වැදගත් නිසයි ඒ.

 

 

perfume එකක් ගන්න කලින් homework කරන්න කියන එකයි පලවෙනි කරුණ. මොකක්ද මේ homework කරනවා කියන්නෙ. ඔයා perfume එකක් ගන්න කලින් ඒක ගැන නිසි අවබෝධයක් තිබිය යුතුයි. එතැනදී ඔයා සළකා බලන්න ඕන වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. අපි සිද්ධාන්ත විදිහට මොන දේ කිවුවත්, අවසානයේ අපි යමක් ගන්නේ ඒකට අදාළ පිරිවැය අපට දරන්න පුළුවන් එකක් නම් විතරයි. ඒ නිසා මුලින්ම ඒ කාරණය ගැන හොයා බලන එක වැදගත්. නැතිනම් ඔයාගේ වෙලාවත් අපතේ යන්න පුළුවන්. සමහර perfume වර්ග ගුණාත්මක බැවින් ඉහළ වගේම ඉතාම මිළ අධිකයි. ඒ නිසා ඔයාගේ සීමාව ඇතුලේ තියෙන product range එක ගැන අවබෝධයක් ලබාගෙන යන එක වැදගත් වෙනවා.

ඊළඟට ඔයා දැනුවත් වෙන්න ඕන අනික් කාරණය තමයි perfume variety එක. ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති, අපි පොදුවේ perfume කියල කිවුවට ඒවාට විවිධ නම් තියනවා. මේ කියන්නේ brand names ගැන නෙමෙයි. perfume එකේ විවිධ විශේෂ වල නම්. Eau de cologne, Eau de toilette, වගේ විවිධ නම් ඔබ දැනටමත් අසා ඇති. මේ නොයෙක් නම් වලින් හඳුන්වන්නේ මොනවද සහ ඒවායේ වෙනස්කම් මොනවද කියලත් ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඒක අයිති වෙන්නෙත් ඔයාගේ homework එකටමයි.

 

 

perfumes හදන්නේ මූලිකවම ඇල්කොහොල්, වතුර සහ essential oils පාවිච්චියෙන් බව ඔයා දන්නව ඇති. අදාළ perfume එකට ඒ සුවඳ ලැබෙන්නේ මේ පාවිච්චි කරන oil එක අනුව. ඉතිං මෙන්න මේ oil එකෙන් කොච්චර ප්‍රමාණයක් පාවිච්චි වෙනවද, ඒ වගේම perfume එක කොච්චර වෙලාවක් ඒකෙ සුවඳ රඳවාගන්නවද කියන කාරණය මත මේ විවිධ වර්ග වලට වෙන්කිරීම සිදුවනවා. Eau de cologne කියන්නේ perfume වල මූලිකම නිෂ්පාදනයක්. සුවඳ ලබාදෙන oil අඩුවෙන්ම පාවිච්චි කරලා හදන මේ නිෂ්පාදන වල සුවඳ රඳාපවතින කාලයත් අඩුයි. සාමාන්‍යෙන් පැය 02ක් වගේ කාලයක් තමයි මේකේ සුවඳ රැඳෙන්නේ. මේකෙදි 3 – 5% ප්‍රමාණයකින් තමා oils පාවිච්චි වෙන්නේ. Eau de toilette කියන්නේ ඊට වඩා ටිකක් උසස් මට්ටමේ නිෂ්පාදනයක්. ඒකෙදි 4 – 8% දක්වා ප්‍රමාණයක් oil පාවිච්චි කෙරෙනවා වගේම, පැය 3ත් 5ත් අතර කාලයක් සුවඳ රඳවාගන්නත් මේ වර්ගයට හැකියාව තිබෙනවා. Eau de perfume කියන්නේ තවත් ටිකක් ඉහළ මට්ටමේ නිෂ්පාදන වර්ගයක්. පැය 6කට වැඩි කාලයක් මේ සුවඳ රැඳෙනවා වගේම oil ප්‍රතිශතය 15 – 18% අතර ප්‍රමාණයක් වෙනවා. Perfume කියන්නෙ හතරවැනි වර්ගය. එතැනදී 15 – 30% අතර ප්‍රතිශතයකින් oil පාවිච්චි කෙරෙනවා. ඒ වගේම perfume එකේ සුවඳ දවස පුරාම රඳවාගන්න හැකියාවකුත් තියෙනවා. මේ අතුරින් ඔයාට අවශ්‍ය වර්ගය මොකක්ද කියල මිළදී ගන්න කලින්ම තීරණය කරන්න පුළුවන්. නමුත් මේවායේ මිළ එකකට එකක් වෙනස් වෙන බවත් මතක තියාගන්නම අවශ්‍යයි.

 

ඊළඟට සැළකිලිමත් වෙන්නම ඕනේ කරුණ තමයි ඔයා මොන scent family (සුවඳ කාණ්ඩය) යටතේ තියෙන perfume එකක්ද ගන්නෙ කියන එක. සාමා‍න්‍යයෙන් මේ සුවඳ කාණ්ඩ හතරක් ගැන සුවඳ විශේෂඥයින් සඳහන් කරනවා.

(i) Floral / Sweet – මල් සුවඳ තමයි මේ වර්ගය. රෝස, ලවැන්ඩර්, කානේෂන්, ජැස්මින් වගේ මල් සුවඳ වර්ග වලින් එන perfume වෙළඳපොලේ තියෙනවා. පොදුවේ පාවිච්චි වෙන්නෙත් මේ කාණ්ඩයේ සුවඳ වර්ග තමයි.

(ii) Citrus / Fruity – මේ කාණ්ඩයේ perfume වල තියෙන්නේ පළතුරු සුවඳක්. සාමා‍න්‍යයෙන් පැඟිරි කුලයේ පළතුරු, දොඩම්, මිදි, දෙහි, වගේ සුවඳ වලින් යුතු perfumes වෙළඳපොලේ සුලබව තිබෙනවා. ඊට අමතරව Apricot, ඇපල් සහ පීච් සුවඳින් යුතු perfumes වර්ගත් ඔබට සොයාගැනීමට පුළුවන්.

(iii) Oriental / Spicy – මේ කාණ්ඩයේ සුවඳ පොදුවේ පෙරදිග භාවිතා කෙරෙන කස්තුරි සහ ඒ විශේෂයේ සුවඳක්. ඒ වගේම කුරුඳු, වැනිලා, ගම්මිරිස් වගේ සුවඳ වර්ගත් මේ අතර තියෙනවා. මේ බොහොමයක් සුවඳ පෙරදිග සංස්කෘතීන් වලට අයිති ඒවා වීමත් විශේෂයක්.

(iv) Woody / Chypre – මේ විශේෂයේ සුවඳ වර්ග වලට අයිති වෙන්නේ ලී වර්ග වල සුවඳ. ඒකත් විවිධ ලී වර්ග වලින් එන ස්වභාවික සුවඳ වර්ග ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නෙ. බොහෝවිට පිරිමි පාර්ශවය මේ සුවඳ වර්ග තෝරා ගන්න කැමතියි.

මේ කාණ්ඩ වලින් ඔයා කැමති කාණ්ඩය මොකක්ද කියල මුලින්ම තීරණය කරලා perfume එක මිළදී ගන්න ගියා නම් ඔයාට හරියටම හරියන නිෂ්පාදනය ලෙහෙසියෙන් තෝරාගන්න හැකියාව තියෙනවා.

ඊළඟ වැදගත් කාරණය තමයි perfume එකක් මිළදී ගැනීම වෙනුවන් shopping කරන එක. එකම දවසකදී shopping කරල බලල සුවඳ වර්ගවල වෙනස තෝරාගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද ඔයාගේ නාසයේ සංවේදී ස්නායු වලට සුවඳ වර්ග වල විශේෂ ලක්ෂණ වෙනස්ව හඳුනාගන්න බැරිවෙන්න පුළුවන්. ඒ එක දිගට සාම්පල් පරික්ෂා කරමින් ගියොත්. ඒ නිසා දවස් කිහිපයක් අරගෙන හොඳින් සුවඳ ආග්‍රහණය කරලා බලල perfume එක තෝරාගන්න කියලයි සුවඳ පිලිබඳ විශේෂඥයෝ කියන්නේ. සාමාන්‍යයෙන් පිළිගත් අදහස තමයි එක ගමනකදී perfume 6ක් උපරිම උත්සාහ කරන්න කියන එක. ඔයා perfume එකක් තෝරාගන්න යනවා නම් කලින් පාවිච්චි කරපු perfume එක දාගෙන යන්න එපා කියලත් මතක් කරන්න ඕනෙ. එහෙම වුනොත් ඒ සුවඳ එක්ක මිශ්‍ර වීමෙන් ඔයාට අලුතින් තෝරාගන්න යන සුවඳ වෙනස්ව නොදැනෙන්න පුලුවන්. ඊළඟට ඔයා perfume එකක් ගන්න යන්නේ මොන වගේ තැනකටද, එතන ඉන්න පාරිභෝගික සේවා නිළධාරියාට perfume කියන විෂය ගැන, නිෂ්පාදන වර්ග ගැන තියන දැනුම මොන වගේද කියන එකත් ඉතාම වැදගත්. එහෙම නිවැරදි දැනුමක් තියෙන කෙනෙකුට පුළුවන් ඔයාට හරියටම ගැලපෙන perfume එක තෝරා දෙන්න. ලෝකයේ නම් දැරූ එහෙම perfume වෙළඳසැල් වගේම අළෙවිකරුවනුත් ඉන්නවා.

 

 

මේ කාරණා ඔක්කොම දැනගෙන ඔයා perfume store එකට ගියා කියල අපි හිතමු. කොහොමද හරියටම perfume එක test කරන්නේ කියලත් ඔයා දැනුවත් වෙන්නම ඕනෙ. මුලින්ම ඔයා perfume එක බෝතලයේ තියෙද්දීම ඒකෙ සුවඳ ආග්‍රහණය කරලා බලන්න. එහෙම උනහම හරියටම ගැලපෙන සුවඳක්ද නැත්ද කියල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම දැඩිව ආග්‍රහණය කරලා බලන්න එපා කියලත් දැනුවත් විය යුතුයි. blotter sheet එකක් පාවිච්චි කරල බලන එකත් වැදගත්. මුලින්ම perfume එක blotter sheet එකට spray කරලා තත්පර තිහකට පස්සෙ ඒ සුවඳ බලන්න පුළුවන්. එහෙම බලල ඔයාට වැඩිපුරම ගැලපෙනවා කියල හිතෙන සුවඳ විතරක් ඇඟට spray කරලා පරික්ෂා කරන්න වගබලා ගන්න.

මේ විදිහට පරික්ෂා කරලා බලල වඩාත් ගැලපෙනවා කියල හිතෙන perfume එක ඔයාගේ skin එකට spray කරලා බලන්න. ඔයාගේ අතේ මැණික්කටුවේ ඇතුල් පැත්තට නැතිනම් අතේ වැලමිටේ ඇතුල් පැත්තට spray කරලා තත්පර 10ක් තියල ඊට පස්සේ සුවඳ බලන්න. එතකොට දැනෙන සුවඳට ඔයා කැමති නම් ඒ තමයි ඔයාට ගැලපෙන perfume එක.

ගැලපෙනම perfume එක තෝරගත්තට පස්සේ කොහොමද ඒක නිවැරදිවම පාවිච්චි කරන්නේ කියල අපි ඊළඟ ලිපියෙන් ඔයාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙක්සිකානු ආහාරවලට කැමති ඔයාලට යන්න හොඳම තැන් මෙන්න

මෙක්සිකානු ආහාර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ ආහාරවල තිබෙන අද්විතීය රසය නිසයි. සමහර මෙක්සිකානු ආහාර සඳහා Taco Bell තමයි ගොඩක් දෙනෙක්ට යන්න මතක්වෙන තැන.ඒත් ඇත්තටම මෙක්සිකානු ආහාර රසවිදින්න තැන් කිහිපයක්ම තිබෙනවා. මෙම අවන්හල් වලින් සමහරක් මෙක්සිකානු තාලයට පමණක්ම සේවය කරන අතර තවත් සමහරක් අපූරු මෙක්සිකානු කෑම සහ fusion Tex-Mex cuisine ආහාර පිරිනමනවා. ඔන්න ඉතින් අද “ගැස්ම” අපි මෙක්සිකානු ආහාර වලට කැමති ඔයාලා වෙනුවෙන්ම මෙක්සිකානු අවන්හල් සහ මෙක්සිකානු කෑම වර්ග කිහිපයක් පිරිනමන extensive menus සහිත අවන්හල් සහ Tex-Mex-inspired කෑම සපයන අවන්හල් පිළිබඳ විස්තර අරන් ආවා.

 

Exclusively Mexican

 

1.Taco Bell

ශ්‍රී ලංකාවේ මෙතෙක් ජනප්‍රිය Taco Bell මීට වසර තුනකට පෙර, මෙක්සිකානු ආහාර සඳහා වූ අපගේ වුවමනාවන් සපුරන්නට ආරම්භ වුණා. එතැන් සිට ශාඛා තුනක් (Horton Place, Marine Drive, and Mount Lavinia) ඔවුන් විවෘත කළා. ඒ වගේම ආහාරවල ප්‍රමිතීන් පවත්වා ගන්නට Taco Bell සැමවිටම කටයුතු කරනවා. ඔයා gooey cheese වලට කැමති කෙනෙක්කම් යන්න ඕන හොඳම තැන තමයි Taco Bell කියලා කියන්නේ.

36, Horton Place, Colombo 7

Open time – 11am to 11pm

3, 32 8th Lane, Colombo 3

Open time – 11am to 11pm

89, Galle Road, Dehiwala-Mount Lavinia

Open time – 11am to 11pm

 

2.Taco Cat

Taco Cat ආහාර ඇත්තෙන්ම ඇස් පිනවන බවනම් කියන්නම ඕන. Taco Cat හි ආහාර අනිවාර්යයෙන් try කරලා බලන්න. ඒ රසයට ඔබට Tex-Mex ආශාවක් ඇතිවෙන බවනම් නොරහසක්. මේක Black Cat Café යාබදව පිහිටා ඇති අතර එය halal සහ vegan-friendly වෙනවා. ඉතින් අපගේ සියලුම vegan lovers ලට මේක තමයි ගැළපෙනම තැන. ඔයා කැමති ආහාර කිසිම කරදරයක් නැතිව ඇනවුම් කරගන්න Taco Cat ගොඩක් උදව් කරනවා.

11, Wijerama Mawatha, Colombo 7

Open time – 12pm to 10pm (Closed on Mondays)

 

3.King of the Mambo

Galle Face Hotel එකේ පිහිටා ඇති King of the Mambo අවන්හල එහි Happy Hour promotions සහ Ladies’ Nights සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම ඔවුන්ගේ මෙක්සිකානු ආහාර ඉතා අනර්ඝයි. ඔවුන්ගේ Beef Rib Tacos ජනප්‍රිය අතර ඔබත් එයට අනිවාර්යයෙන් කැමති වෙනවා කියලනම් අපිට විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි එයාලගේ ප්‍රසිද්ධ cocktails අනිවාර්යයෙන් රස විඳින්න අමතක කරන්න එපා.The Black Mambo cocktail එක ඒ අතරින් විශේෂ ස්ථානයක් හිමිකරගන්නවා.

Galle Face Hotel, 2, Galle Road, Colombo 3

Open time – 5pm to 12am

 

Incorporative Mexican

 

4.The Barnesbury

 

Dish to devour: Enchiladas

තනිකරම මෙක්සිකානු අවන්හලක් නොවුනත්, The Barnesbury රසවත් වගේම gooey enchiladas සමග මෙක්සිකානු තාලයට ආහාර පිළිගන්වනවා. හොඳට බේක් කරන ලද මෙම enchiladas, වර්ග දෙකකින් යුක්තයි. ඒ Chicken සහ creamy fish.

91, Barnes Place, Colombo 7
Open time – 7am to 12 am (Sunday to Thursday), 7am to 1 am (Friday and Saturday)

 

5.Crossroads Café and Restaurant

Dishes to devour: Chicken Fajitas and Chicken Enchiladas

රසවත් ආහාර පිළිගන්වන ආයතනයක් වන Crossroads Café and Restaurant හි විශාල menu එකක් තිබෙනවා.ඔන්න ඉතින් මෙතනට යන ඔයාට මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරිවෙන්න පුළුවන් . මේ menu එකෙ නිර්දේශ කරපු ප්‍රධාන කෑම වර්ග දෙකක් තිබෙනවා. ඒ Chicken Fajitas සහ Chicken Enchiladas. Guacamole, mixed beans, සහ sour cream ලොකු tortilla එකකින් ඔතලා තියෙනවා. ඒ ව‌ගේම grilled chicken topped with mozzarella, Mexican salsa, සහ tomato puree වලින් පුරවලා තමයි තියෙන්නේ. Cheesy Mexican goodness ඔබට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් මිලකට Crossroads හිදී ලබාගන්න පුළුවන්.

292, Nawala Road, Sri Jayawardenapura Kotte
Open time – 6.30am to 10pm

 

Mexican Fusion

 

6.Salad Maps

Star Mexican dish: Mexican Taco Salad

අපි ඇත්තෙන්ම පුදුම වෙනවා ලංකාවේ ව්‍යාපාර කොයිතරම් නිර්මාණශීලීද කියලා බලනකොට. එවැනි එක් ව්‍යාපාරයක් තමයි holy grail of salads, Salad Maps. ඔවුන් විශේෂිත අමුද්‍රව්‍ය වලින් සලාදයක් පිළියෙල කරනවා. Salad Maps, රටවල් වල ආහාර සඳහා විශේෂිත “salads of the world” පිළිගන්වන අතර එවැනි එක් රටක් වන්නේ මෙක්සිකෝවයි. ඔවුන්ගේ මෙක්සිකානු ටාකෝ සලාද අනිවාර්යයෙන් අත්හදා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම tortilla chips, three types of cheese, peri peri chicken, lettuce, sweet corn, beans, bell peppers, cherry tomatoes, සහ Mexican dressing ඒ සලාද වලට අනිවාර්යයෙන් ඇතුළත් වෙනවා. ඔවුන්ගේ ආහාර Uber Eats සහ PickMe Food හරහා ද ලබා ගන්න පුළුවන්.

Open time – 10am to 7pm (Monday to Saturday)

 

7.Cricket Club Café

Star Mexican dishes: McCullum’s Mexican Wrap and Boundary Beef or Chicken Nachos

Cricket Club Café විසින් cricket-inspired dishes රාශියක් ඉදිරිපත් කරනවා .ඒ වුණාට අපේ අවධානය යොමු වුණේ ඔවුන් පිළිගන්වන මෙක්සිකානු කෑම වර්ගවලට. ඔයා වියදම් කරන මුදලට හරියනම ආහාරයක් තමයි The McCullum’s Mexican Wrap . The Boundary Beef හෝ Chicken Nachos යනු multi-purpose dish එකක් .ඒක එක්කෙනෙකුට ඇතිවෙන ආහාරයක් වගේම රසවත් Tex-Mex වලට ආසාකරන රාත්‍රී භෝජන සංග්‍රහ කිහිපයක් අතර හුවමාරු කර ගත හැකි ආහාරයක් ලෙසද ගන්න පුළුවන්කම අපිට තිබෙනවා.

12, Flower Road, Colombo 7
Open time – 7.30am to 11.30pm

 

8.Playtrix Sports Bar and Café

Star Mexican dish: Full House Mexican Dog

මම ආහාර ගැනීමට කැමතිම ස්ථානයක් තමයි Playtrix Sports Bar and Café එක. ඔයා වියදම්කරන ගානට වඩා වටිනාකමක් තියෙන ආහාර ඔවුන් ලබා දෙනවා. ඔවුන්ගේ පුදුමාකාර pub grub එක සහ ඔවුන්ගේ Full House Mexican Dog ඇත්තටම ගොඩක් රසවත්. අඟල් 12 ක් දිග මේ බනිස්, ඇමරිකානු hot dog සහ the Mexican palate එකට, එකට එකතුකරලා හදපු නියම බනිස් එකක් . garlic chicken sausages වලින් සහ crushed nachos, jalapenos, fried onions, and oodles and oodles of melted cheese වලින් පුරවපු මේ බනිස් එක ඇත්තටම නියම ආහාර වේලක් .

Level 1, Colombo City Centre, 137, Sir James Pieris Mawatha, Colombo 2
Open 24 hours!

 

කොච්චර විශ්වාස කරන්නේ නෑ කියලා කිව්වත් ඔයත් මේ වගේ දේවල්වලදි කේන්දරේ බැලුවද?

ඔයාගේ අම්මාගේ එදිනෙදා වචන මාලාවේ ‘හඳහන’ කියන වචනය ඔයා කොච්චරනම් අහලා තියෙනවාද? ඉතින් මේ හඳහන හා බැඳුණු ජ්‍යෝතිෂය ශාස්ත්‍රය කියන්නේ සරලවම කියනවනම් පුද්ගලයෙකුගේ උපන් ස්ථානය හා ආකාශ වස්තූන්ගේ පිහිටීම, ඔවුන්ගේ ශරීරය, මනස, පෞරුෂය, හැසිරීම සහ ඉරණමෙහි ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය තීරණය කරයි කියන විශ්වාසයයි. ජ්‍යෝතිෂය ශාස්ත්‍රය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා සංස්කෘතිය තුළින් පැවත එන දෙයක් . එය ඒ තරම් වැදගත් බවට දුටුගැමුණු රජු සැලකුවා කියලත් විශ්වාස කෙරෙනවා. ඔහු සිය රාජධානිය පුරා ගම්වාසීන් 16 දෙනෙකුගෙන් යුත් සෑම කණ්ඩායමකටම වෛද්‍යවරයෙකු, ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකු හා පූජකයෙකු ලබා දී තිබෙන බවට වාර්තාවල දැක්වෙනවා. කොහොමවුණත් අද දක්වාම මේ සම්ප්‍රදාය ශ්‍රී ලංකා සංස්කෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වෙද්දි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂයවරුන් ද විශාල ප්‍රමාණයක් මෙරට බිහිවී සිටිනවා. ඒවගේම විශේෂම කරුණ වන්නේ සෑම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යයන් හරහා මේ හඳහන් පිළිබඳව කතා කරන්නට වෙන් කර ඇති කාලය බලද්දි මිනිස්සු මේ ශාස්ත්‍රය කොයිතරම් විශ්වාස කරනවාද කියලාත් ඔයාට හිතෙන්න පුළුවන්.

ඉතින් මේ කොහොමවුණත් ජ්‍යෝතිෂය ශාස්ත්‍රය තවමත් සුවිශේෂී ආකාරයකින් අපේ ජීවිතයට බලපෑම් කරන ආකාර කිහිපයක් තමයි අද අපි ඔයාට කියන්න යන්නේ.

 

 

1. දරුවෙක් ඉපදෙනකොට

දරුවෙක් ඉපදුණු ගමන් කේන්දරය එහෙමත් නැත්නම් හඳහන සකස් කිරීම ශ්‍රී ලංකාවේ දෙමව්පියන් විසින් අත්‍යවශ්‍ය දෙයක් විදියට සලකනවා. ඉතින් දෙමව්පියන් ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකු හමුවෙලා තම දරුවා ඉපදුණු දිනය, ස්ථානය සහ නිශ්චිත වේලාව දැනුම් දෙනවා. පසුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් දරුවාට නම් තැබීම සඳහා දෙමව්පියන්ට තෝරා ගත හැකි ලිපි මාලාවක් දෙමව්පියන්ට ලබාදෙනවා. දරුවාගේ උපතේදී ආකාශ වස්තූන් පෙළගැස්වීම අනුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් මෙම ලිපි ලබාගන්නවා. දරුවාට නමක් යෙදූ පසු ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා දරුවාට කේන්දරයක් නිර්මාණය කිරීම සිදුකරනවා. ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා දරුවාගේ උපතේදී පමණක් නොව, දරුවාට ආහාර කැවීමේදී (ඉඳුල් කටගෑම), දරුවා හෝඩිය ඉගෙන ගන්නා පළමු අවස්ථා‌වේදී (අකුරු කියවීම), දරුවාගේ හැදී වැඩීම සඳහා වාසනාව ගේනවා කියන විශ්වාසයෙන් මෙම උත්සව පැවැත්විය යුතු සුබ කාලවලදී ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා දෙමාපියන්ට උපදෙස් ලබාදෙනවා .

 

 

2. ළමා අධ්‍යාපනය

ශ්‍රී ලංකා දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාපනය විශාල ලෙස අගය කරන බව පුදුමයක් නෙවෙයිනේ. දෙමව්පියන්ගේ ලොකුම සිහිනය තමයි, දරුවන් ඔවුන්ගේ වෘතීන්හී ඉහළ තලයන් කරා ළඟාවෙනවා දකින එක. ඉතින් දරුවාගේ කේන්දර සටහන ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකු වෙත ගෙනියන්නේ අධ්‍යාපනය, වෘත්තීන් පිළිබඳ උපදෙස් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. අනතුරුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් දරුවාගේ වෘත්තීය මාවත කේන්දර මත පදනම්ව අනාවැකි පළ කරනවා. එ් වගේම විභාග කාලවලදී, දරුවාගේ අධ්‍යාපන මට්ටම් සහ උසස් පෙළ වැනි වැදගත් විභාගවලට මුහුණ දෙන විට, දෙමව්පියන් සුභ පැතුම් එක්රැස් කිරීම සඳහා ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නවා. ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා ලබාදෙන විභාග දිනයේදී දරුවා නිවසින් පිටවිය යුතු කාලය, තමන්ගේ දරුවාට වාසනාව උදාවනවා කියලා දෙමාපියන් විශ්වාස කරනවා.

 

 

3. ඔසප් වීම

ගැහැණු ළමයෙකු ඇති දැඩි කිරීමේ වැදගත් අංගයක් ලෙස මල්වර වීම බවට බොහෝ දෙනා කියනවා. මල්වර වීම එහෙමත් නැත්තම් වැඩිවියට පත්වීමේ අංගයේදී ස්නානය කිරීමේ චාරිත්‍රයක් බොහෝ නිවෙස්වල සිදු කරනවා. ඉස්සර මේ චාරිත්‍රය සිදු කළේ එම නිවසේ තරුණ වයසේ කාන්තාවක් සිටින බව ගමේ ජනතාවට දැන ගැනීමටයි. සම්ප්‍රදාය ජීවමානව තියාගන්න මේ චාරිත්‍රය අදටත් පවතිනවා. මේ වෙද්දි මේ මල්වර වීමේ උත්සවය ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නත් බොහෝ දෙනා පෙළඹිලා සිටිනවා. මෙම චාරිත්‍රය ඉටු කිරීමට, දැරියගේ මව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා හමුවී සිදුවීම සිදු වූ වේලාව හා ස්ථානය මෙන්ම එය සිදු වූ විට දැරිය ඇඳ සිටි ඇඳුමේ වර්ණය වැනි තොරතුරු ලබා දෙනවා . ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා පසුව ගැහැණු ළමයාගේ අනාගතය පිළිබඳ තොරතුරු පුරෝකථනය කරන අතර චාරිත්‍ර පැවැත්වීම සඳහා සුබ කාලය හා දිනය මවට ලබා දෙනවා. සමහර ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරුන් චාරිත්‍රයෙන් පසු දියණියගේ ඇඳුම කුමක් විය යුතුද යන්න පිළිබඳවත් මවට උපදෙස් ලබා දෙනවා.

 

 

4. සාමාන්‍ය උපදෙස්

බොහෝ අය සාමාන්‍යයෙන් ඔවුන්ගේ කේන්දරය ජ්‍යොතිෂවේදියා වෙත ගෙන යන්නේ මිනිසුන්ට වාසනාව හා අවාසනාව ගෙන දෙන කාලවකවානු පිළිබඳව මතයක් ලබා ගන්නයි. ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් අර්බුදකාරී කාලවකවානු එහෙමත් නැත්නම් අපල කාලය පිළිබඳ පුරෝකථනයක් කරන අතර එම කාලය තුළ තිබිය හැකි සෘණාත්මක ශක්තිය ප්‍රතික්ෂේප කිරීමේ අපේක්ෂාවෙන් ඔවුන්ට කළ හැකි විවිධ ක්‍රියා පිළිබඳව මිනිසුන්ට උපදෙස් දෙනවා. මෙම කාලය තුළ සිදු කරනු ලබන භාර සඳහා උදාහරණ වන්නේ පන්සල්වල “බෝධි පූජා” පැවැත්වීම හෝ සතුන්ට, විශේෂයෙන් බල්ලන් හා කපුටන්ට ආහාර පිරිනැමීමයි.

 

 

5. විවාහය

ජ්‍යෝතිෂය ශාස්ත්‍රය බොහෝ දුරට සම්බන්ධ වී ඇති ජීවිතයේ සන්ධිස්ථානයක් වන්නේ විවාහයයි. යුවළක් විවාහ වීමට පෙර ඔවුන්ගේ කේන්දර දෙකම ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකුට පෙන්වන අතර, ඒවා කියවා යුවළට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන්ගේ පෞරුෂයන් එකිනෙකට ගැලපෙනවාද කියලා දැනුම් දෙනවා. කේන්දර ගැලපෙන්නේ නැත්නම්, දෙමව්පියන් සාමාන්‍යයෙන් විවාහයට පෙර යුවළට විරුද්ධ වනවා. පෝරුව උත්සවය ආරම්භ කිරීමට සුබ දිනයක් හා වේලාවක්, යුවළ මුදු හුවමාරු කර ගත යුතු කාලය මෙන්ම විවාහ උත්සවය පැවැත්වෙන ස්ථානයට යුවළ ඇතුළු වී පිටවිය යුතු වේලාවද ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් තිරණය කරනවා.

 

 

6. ඉදිකිරීම්

මිනිසුන් තම සේවා ස්ථානය සඳහා නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කළ විට, ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් ගොඩනැගිල්ලට අඩිතාලම දැමිය හැකි (මුල් ගල තැබීම) සුබ වේලාවකට උපදෙස් දෙනවා . ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ගොඩනැගිල්ල සඳහා සැලැස්ම සකස් කළ පසු, ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර තැබිය යුත්තේ කොතැනටද කියලත් උපදෙස් දෙනවා. ඉන් අනතුරුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් ගෙට ගෙවැදීමේ උත්සවය පැවැත්වීම සඳහා සුබ කාලයක් නිර්දේශ කරනු කරනවා.

ඉතින් ජ්‍යෝතිෂය ශාස්ත්‍රය, හඳහන් කියන්නේ මේ වෙද්දි බොහෝ දෙනා විශ්වාස කරන දෙයක් වගේම ඒ අතර අතලොස්සක පිරිසක් මේවා විශ්වාස කරන්නේ නැහැ. කොහොමවුණත් මේ පිළිබඳව තියෙන විශ්වාසය ඉස්සර තරම් නැතිවෙලා තියෙන්නෙත් බොරු අනාවැකි සමාජගත වීම නිසා කියලා තමයි ගොඩක් අය කියන්නේ. හැබැයි මේ කියන අනාවැකි කෙනෙක්ට වරදින්නත් කෙනෙක්ට හරියන්නත් පුළුවන්. ඒක නිසා තෝරාගැනීම ඔයා සතුයි.

ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

perfume කියන්නේ ඔබට අමුතු දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් හැම දෙනෙක්ම වගේ මොකක් හරි perfume එකක් නැත්නම් cologne එකක් පාවිච්චි කරනවා. නමුත් මේ perfumes ගැන හුඟක් දෙනෙක් හරියට දන්නේ නැහැ කියල අපි යෝජනා කලොත් ඔබ පුදුම වෙයි. perfume එකක් spray කරගන්න එක rocket science එකක් නෙමෙයි කියල ඔබ තර්ක කරයි. නමුත් ඇත්තටම perfume කියන්නේ වෙනමම විෂයක්. ටිකක් සංකීර්ණ විෂයක්. මේ විෂයේ අත්‍යවශ්‍ය කරුණු ගැන ඔබ දැනුවත් කරන්න gasma.lk අපි සූදානම්. මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න.

ඔයාගේ perfume එක එහෙම නැත්නම් ඔයා ලඟින් එන සුවඳ කියන්නෙ ඔයාගේ ඇඳුමේම එක කොටසක් කිවුවොත්..? ලෝකයේ සුවඳ වර්ග පිලිබඳ විශේෂඥයෝ කියන්නෙ එහෙමයි. ඔයා පාවිච්චි කරන සුවඳ ඔයාට අනන්‍යතාවක් ගෙන එනවා කියලයි ඔවුන්ගේ අදහස. ඔයාගේ ඇඳුම ඇඳලා අවසන් වෙන්නේ perfume එක apply කරාට පස්සෙයි. හැබැයි අවාසනාවකට මේ විශේෂිතම කොටස ගොඩක් දෙනෙක් මගහරිනවා. ඒකට මූලිකම හේතුව නොදැනුවත්කම කියල තමයි perfumersල කියන්නෙ. අන්න ඒ නිසා තමයි perfumes ගැන අපි ඔබව දැනුවත් කරන්නෙත්.

ඇයි ඔයා perfume පාවිච්ච්චි කරන්න ඕනෙ..?

අපි හැමෝටම විශේෂිත වුනු, අනන්‍ය වුනු පෞරුෂයක් තියෙනවා. අපි කතාබහ කරන විදිහ, අඳින පළඳින විදිහ මේ හැම දෙයක්ම “පෞරුෂත්ව ලක්ෂණ” කියල තමයි පිළිගැනෙන්නේ. perfume එක කියන්නෙත් එයින් එක කොටසක්. සමහර විට ඔයා මීට කලින් හිතුවේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ perfume එකට පුළුවන් ඔයාගේ ආකර්ෂණිය බව වැඩි කරන්න. ඔයාගේ ඇඳුමට වගේම ඔයා ලඟින් එන smell එකටත් ඔයාගේ ඉදිරියේ ඉන්න කෙනා තුළ යම් ආකර්ෂණයක් ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම perfume එක නිසා ඔයා ලඟින් එන smell එකට හැකියාවක් තිබෙනවා ඔයා ගැන අනික් ය තුළ තියෙන විශ්වසනීයත්වය වැඩි කරන්න. පිරිසක් ඉදිරියේදී නැතිනම් උත්සවයකදී ඔයා කොච්චර දුරට ඔයා ගැන comfortableද, අන්න ඒ තරමටම අනිකා තුළ ඔයා ගැන විශ්වාසය ඇති වෙනවා. ඔයා පාවිච්චි කරන perfume එක මේ කාරණයටත් බලපානවා කියල සුවඳ පිලිබඳ විශේෂඥයෝ වගේම මනෝ විශ්ලේෂකයිනුත් තහවුරු කරනවා. ඒ වගේම ඔයාගේ stress level එක අඩු කරන්න perfume එක ලොකු දායකත්වයක් දක්වනවා. හිතන්න ඔයා ලඟින් එන smell එක ගැන හිතමින් ඒ ගැන වදවෙවී පිරිසක් ඉස්සරහට යන්න වුනොත්, ඔයාට එතන ඉන්න සිද්දවෙන්නේ ලොකු stress එකකින්. ඉතින් ඔයා ඔයාට ගැලපෙන perfume එකක් පාවිච්චි කරා නම්, මේ අමතර stress එක දරාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩිකරන්නත් ඔයා පාවිච්චි කරන perfume එකට හැකියාව තියෙනවා.

අමතර වාසියක් විදිහට, ඔයා hook-up partner කෙනෙක් හොයමින් ඉන්නවා නම්, ඒ වැඩේටත් perfume එකෙන් උදවුවක් ලැබෙන්න බැරි නැහැ. කොහොම වුනත් මේ කියපු කරුණු නිසා ඕනෑම කෙනෙක් perfume එකක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක් වනවා. හැබැයි ගැටළුව ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ට ගැලපෙන වගේම අවස්ථාවට ගැලපෙන perfume එකක් තෝරාගන්න දන්නේ නැහැ. අතට අහුවෙන මොකක්ම හරි perfume එකක්, body spray එකක් නැත්නම් cologne එකක් දාගෙන යන්නයි හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ. නමුත්, එහෙම “අහුවෙන එකක්” පාවිච්චි කිරීමෙන් ඉහතින් සඳහන් කළ ප්‍රතිලාභ ඔයාට ලැබෙන්නේ නැහැ. සමහරවිට ඒ වෙනුවට ඔයාව සමච්චලයට ලක්වෙන්නත් බැරි නැහැ. ඒ නිසා ඔයාට හරියන, අවස්ථාවට හරියන perfume එකක් තෝරාගැනීම හරිම වැදගත්. කොහොමද ඒක කරන්නේ..? ඒ ගැන හරියටම කියල දෙනවා perfume ගැන අපේ ඊළඟ ලිපියෙන්.

ලංකාවේදී නොමිලේ දෙන්න හැදුවම විහිලුවක් වුණු Sanitary pads

සනීපාරක්ෂක තුවා (Sanitary pads) කියන්නෙ ලංකාවේ පහුගිය කාල වකවානුවේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක්. දේශපාලන වේදිකාවේ මේ මාතෘකාව කතාබහට ලක්වීමත් එක්කම, මේ ගැන පොදුවේ සමාජයේම කතාබහක් ඇති වුනා. විවිධ පාර්ශව මේ ගැන නොයෙක් අදහස් පලකළා. සමහරු සමච්චල් සහගත විදිහට මේ ගැන කතා කරද්දී තවත් සමහරු මේ ගැන එළිපිට කතා කරන්න පවා ලැජ්ජා බවත් කියල තිබුණා. කොහොම නමුත් නැවත වරක් සනීපාරක්ෂක තුවා ගැන කතාබහක් ඇති වෙන්නේ එංගලන්තය රජයේ නිලධාරින් ගෙන තිබෙන තීන්දුවක් නිසයි.

පාසල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන්න එංගලන්ත රජය තීරණය කරලා. ඒ අනුව ශිෂ්‍යාවන්ට අවශ්‍ය අනිකුත් සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් නොමිලේ ලබාදීමට ඔවුන් කටයුතු කරන බව විදෙස් පුවත් වාර්තා කරලා තියෙනවා.

“අඩු ආදායම්ලාභී පවුල් වල ශිෂ්‍යාවන් ආර්තව දිනවලදී පාසල් නොපැමිණීම ගැටළුවක්. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය අදාළ වීමට හැකියි. මේ තත්වය වළක්වන්නයි රජය මෙවැනි තීරණයකට එළඹුණේ. ආර්තව දුගීබව නිසා කිසිවකුගේ දෛනික ජීවිතය අදාළ නොවිය යුතුයි කියන ස්ථාවරයයි රජය දරන්නේ” යනුවෙන් එංගලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

“සෑම කෙනෙකුම ආර්ථික තත්වයෙන් සමාන නැහැ. ආර්ථික දුෂ්කරතා නිසා සමහර ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙනවා. සනීපාරක්ෂක තුවායක් මිළදී ගන්න බැරිවීම නිසා පාසලට හෝ විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙනවා කියන්නෙම කණගාටුදායක තත්වයක්. මේ අලුත් යෝජනාක්‍රමය නිසා ඔවුන්ට සහනයක් සැලසෙනු ඇති. සනීපාරක්ෂක තුවායක් මිලදීගත නොහැකි නිසා පත්වන අපහසුතාවත් ඇතිවන අපකීර්තිමත් අත්දැකීමත් වැලැක්වීමට මේ නව යෝජනාව උපකාරී වේවි. ඒ වගේම ආර්තව සෞඛ්‍ය ගැන දැරියන් දැනුවත් කිරීමට විශේෂ ක්‍රමවේදයකුත් සකස් කිරීමට නියමිතයි” යනුවෙන් එරට ළමා සහ පවුම් කටයුතු අමාත්‍යවරිය මිෂෙල් ඩොනල්ඩ් ප්‍රකාශ කොට තිබුණා.

Free Periods සංවිධානයේ කාන්තා ක්‍රියාකාරිනියක වන අමිකා ජෝන්ස් මෙම සනීපාරක්ෂක තුවා සැපයීම ඇතුළු ආර්තව සෞඛ්‍යයට සම්බන්ධ බොහෝ ක්‍රියාමාර්ග වෙනුවෙන් සටන් කළ කාන්තාවක්. ඇය මෙම අවශ්‍යතාව මතු කරමින් රජය දැනුවත් කිරීම අරඹන්නේ 2007 වර්ෂයේ. කෙසේ නමුත් වසර 12ක් ඉක්ම ගියපසු හෝ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය ගත තීරණය ගැන ඇය සිය සතුට ප්‍රකාශකොට තිබුනා. “සෑම දැරියකටම මෙම පහසුකම් ලැබෙන ලෙස ව්‍යාපෘතිය සිදුවිය යුතුයි, ශිෂ්‍යාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා ගැන මීට වඩා විවෘතව කතාබහක් ඇතිවිය යුතුයි” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

 

පාසල් 20,000කට අධික සංඛ්‍යාවක් අතුරින් ශිෂ්‍යාවන් මිලියන 1.7ක් පමණ මෙම නව වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ හිමියන් ලෙස තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට ඉදිරි වසර සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා සැපයීම වෙනුවෙන් එරට රජය වෙනකොට ඇති මුදල ඩොලර් මිලියන 20ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෙහෙසියෙන්ම bath products ‌ගන්න කියාපුම places….

 

Office ගිහින් හරි පාසල් ගිහින් හරි ගෙදරින් එලියට ගිහින් හරි අපි ආපහු ගෙදර දුවගෙන එන්නේ හොඳට නාන්න බලාගෙනනේ . දුහුවිලි දහදිය විතරක් නෙමෙයි, දවස පුරා මුහුණ දෙන්න වුන පීඩාකාරී අවස්ථාවන් ඔක්කොම හිතින් බැහැර කරගන්න තියෙන වෙලාව තමයි ඒක. ඔයාගේ හමට සියුම් බවක් ලබා දෙන සුපිරි වර්ගයේ නාන නිෂ්පාදන ඔයාගේ bath experience එකේ ඉතා වැදගත් අංගයක්. ඉතින් රට වටේ රස්තියාදු වෙන්නේ නැතුව, ඔයාට හරි යන bath products හොයා ගන්න පුළුවන් තැන් ලිස්ට් එකක් තමයි මේ….

1. Bath Bliss – Bath and Body

හොඳම නිශ්පාදන ගැන කතා කරනකොට උඩින්ම ඉන්නේ අතින්ම bath products නිශ්පාදනය කරන Bath Bliss. එයාලගෙ soap bars, shampoo bars සහ body scrubs වර්ග කොච්චර හොඳ පෙනුමකින් යුතුද කියනවනං, පාවිච්චි කරන්නැතුව බලන් ඉන්නම හිතෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන The Design Collective Store සහ Urban Island වෙතින් ලබාගන්න පුළුවන්. ඒ නිෂ්පාදන ඔවුන්ගේ Instagram (@bathblisshandmade) සහ Facebook (Bath Bliss – Handmade Bath and Body හරහත් ඇනවුම් කරන්න පුළුවන්.

2. ReLive

ඔයාලා වර්ණවත් bath experience එකකට හරියන soap සහ bath bombs හොයන්න සෑහෙන්න try කලාද? ඒත් තාමත් හොයාගන්න බැරිවුණාද? drum roll, ReLive තමයි ඔයාට ඒ දේවල් හොයාගන්න තියන ලේසිම ස්ථානය. අතින් නිමවුන, හුරුබුහුටි, ලස්සන bath bombs, soaps, wax melts සහ jelly soaps විවිධ හැඩයන්ගෙන් එයාලා ගාව තියෙනවා. පාට පාටින් හැඩවුන සුපිරි bath products අත්දැකීම විඳගන්න 24, 6/4, Melbourne Avenue, Colombo 4 හි ReLive ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

3. Jade Handmade Bath and Body

අතින් නිමවුන, ස්වාභාවික නිෂ්පාදන වලට ගොඩක් ආස කෙනෙක් නම් Jade Handmade Bath and Body ඔබට කදිමට ගැලපෙනවා. එතන soap, body scrubs සහ esssential oil වර්ග රාශියක් තියෙන අතර ඔබට ස්නානය කිරීමේදී හොඳ අත්දැකීමක් ලබාදෙන්න ඒ නිෂ්පාදන ගොඩක් වෙහෙසෙනවා. රුපියල් 190කට වගේ, විශ්වාස කරන්න බැරි තරම් පොඩි මිලක ඉඳන් පටන් ගන්න products range එකක් ඔවුන් සතුව Orion City, Colombo 09 එකේ තියෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන The Design Collective Store at Stratford Avenue එකෙනුත් ගන්න පුළුවන්.

4. Oriflame

මං දන්නවා ඔයාලා හිතන දේ… Oriflame?! රූපලාවණ්‍ය වෙළඳ නාමයක් ලෙස ප්‍රසිද්ධ වුණත්, ඔවුන් bath products රාශියක්ද වෙළඳපලට හදුන්වා දී තිබෙනවා. Shower gels, soap bars සහ shower creams ඔවුන්ගේ bath products ලිස්ට් එකේ තියෙනවා.ඔවුන් ප්‍රධාන වශයෙන් ඇණවුම් ලබා ගන්නේ lk.oriflame.com/bath-body/bath-shower හරහා යි.

5. Spice Island

අපේ ශරීරය වගේම අපේ මනසත් සනසන නිෂ්පාදන Spice Island විසින් අපට ගෙන්න උත්සාහ කරනවා. ආයුර්වේද පිළිවෙත් භාවිතයට ගෙන, Spice Island නීම්, ඉඟුරු සහ සේර වැනි නැවුම් අමුද්‍රව්‍ය යොදා shampoos, shower gels සහ handmade soaps ඔවුන් වෙළඳපලට නිකුත් කරනවා. Spice Island වෙළඳසල Level 15B, Parkland Building, No. 33, Park Street, Colombo 2 හි පිහිටා තිබෙනවා.

6. Green Leaf Herbals

නමෙන් කියන විදිහටම, අපේ රටේ තියෙන නැවුම් ඖෂධ පැළෑටි සහ කුළුබඩු වලින් සාදන ලද ස්වභාවික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ඉතින් Green Leaf Herbals තමයි . shampoos, soaps, shower gels සහ body scrubs වැනි සුඛෝපභෝගී නිෂ්පාදන මේ අය අපිට ඉදිරිපත් කරනවා. Green Leaf Herbals ලාගේ 42/4, පාසල් පටුමග, නාවල වෙළඳසැලක් තියෙනවා. එයාලගේ instagram (reengreenleafherbals) සහ Facebook (Green Leaf Herbals) පිටු වගේම www.greenleafherbals.lk/Home වෙබ් අඩවි හරහා ඔයාට අවශ්‍ය bath products මිලදී ගන්න හැකියාව තිබෙනවා.

7. Summer Haze

Summer Haze ගොඩක් ප්‍රසිද්ධ එයාලගෙම අතින් නිමැවෙන සබන් සහ බාත් සොල්ට්ස් වලටයි. Summer Haze ලගේ තව විශේෂත්වයක් වෙන්නේ ඔයාට අවශ්‍ය විදිහට soaps සහ bath salt හදාගන්න පුළුවන් වෙන එකයි. මංගල උත්සව, Baby Showers සහ Bachelorette වැනි විවිධ අවස්ථාවන්ට ගැලපෙන පරිදි ඒ නිෂ්පාදන ඔබට ලබාගත හැකියි. Uptown Kandy, Liberty Plaza යන ස්ථානවල ඔවුන්ගේ වෙළඳසැල් ඇති අතර 077 297 2451 සහ 0776 024 576 යන දුරකථන අංක ඔස්සේ whatsapp හරහා මේ අයගේ සේවාව ලබාගන්න ඔබට හැකියාව තිබෙනවා.

8. Kemara

ඔයාට නිවසේ ඉඳන්ම Spa අත්දැකීමක් ලබන්න කැමති නම්, Kemara තමයි ඒ වැඩේට ගැළපෙනම තැන . නැවුම්, ස්වභාවික අමුද්‍රව්‍යවලින් වලින් නිශ්පාදිත Kemara shower gels, shampoos සහ body scrubs මෙයාලගෙන් මිලදී ගන්න පුළුවන් . ඒ වගේම, පොඩි බබාල වෙනුවෙන් Kemara සතුව Chamomile මෘදු අමුද්‍රව්‍ය භාවිතා කරලා හදන bath products රාශියක් තියෙනවා..107/1, Hamdan Lane, Colombo 06 හි පිහිටි ඔවුන්ගේ වෙළඳසැලෙන් ඒවා මිලදී ගන්න ඔයාට පුළුවන්. ඔවුන්ගේ වෙබ් අඩවිය www.kemaralife.com

9. Spa Ceylon

Spa Ceylon මේ bath products වලට හොඳම තේරීමක්. ඖෂධීය පැළෑටි ඔවුන්ගේ නිෂ්පාදනවල ඇති අතර,shower gels, body cleansers, body scrubs සහ essential oils වැනි නිෂ්පාදන ඔබට මානසික ආතතිය අඩු කරගැනීමට උපකාරී වෙනවා. රුපියල් 1500 සිට ඉහළට ඇති Spa Ceylon නිෂ්පාදන, කොළඹ අවට වෝඩ් පෙදෙස,Ward Place, Dutch Hospital, ODEL in Alexandra Place, Crescat Boulevard සහ Colombo City Center වැනි වෙළඳසැල් වලින් ලබාගන්න පුළුවන්. තව නිෂ්පාදන ගොඩක් lk.spaceylon.com වෙතින් බලන්නත් පුළුවන්.

10. The Body Shop

ඔයා 100% නිර්මාංශ නිෂ්පාදන අලෙවි කරන ජාත්‍යන්තර bath products හොයනවා නම්, The Body Shop තමයි යන්න ගැළපෙනම තැන! වාසනාවකට වගේ, එයාලා අපි වෙනුවෙන් දැන් කොළඹට ඇවිල්ල ඉන්නේ. ඔවුන් ගාව තියෙන shower gels, body scrubs සහ soaps නැවුම් අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර, ඔයාට සුවඳ දැනෙන කොට දිව්‍යලෝකයකට ගියා වගේ හැඟීමක්නම් ඇතිවෙනවා. නිෂ්පාදනවල මිල රුපියල් 600 සිට ඉහළට ඇති අතර, ODEL in Alexandra Place, Colombo City Center සහ Bagatalle Road හි වෙළඳසැල් වලින් පහසුවෙන් ලබාගන්න පුළුවන්. ඔවුන්ගේ වෙබ් අඩවියට www.thebodyshop.lk හරහා පිවිසෙන්න පුළුවන්.

ඔන්න එහෙනම් සමට සහ මනසට හොඳ treat එකක් දෙන ගමන්ම, සුපිරි bathing experience එකක් ගන්න හැකියාව ඔයාට තිබෙනවා.

 

ලස්සනට ඇඟ හදාගන්න, කොළඹ අවට ඔයාට යන්න පුලුවන් හොඳම Gym මෙන්න

තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා හෝ දැන් තියෙන රැල්ලට හෝ gym එකකට ගිහින් තමන්ගේ ඇඟ හදාගන්න නැත්තම් ශරීරය ක්‍රමානුකූලව පවත්වාගන යන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා තියෙනවා.පෞද්ගලික යෝග්‍යතාවය පිළබඳව වැඩි වැඩියෙන් දැනුවත්වීම සමග නගරය තුළ gym ගණනාවක් විවෘත වෙලා තියෙනවා.ඔන්න ඉතින් අපි කොළඹ අවට තිබෙන ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන ලැයිස්තුවක් සකස් කරලා තියෙනවා. ඉතින් දැන් ලෙහෙසියෙන්ම ඔයාට හරියන gym එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්.

Ministry of Defense Fitness Kiosk

නිදහස් චතුරශ්‍රයේ පිහිටා තිබෙන මේ gym එක ගැන කතා කරනකොට මුලින්ම කියන්න තියන සතුටුදායක කරුණ තමයි මේ gym එකේ ඔබට පුළුවන් නොමිලේ තමන්ගේ fitness journey එක ආරම්භ කරන්න. ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන මෙම අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාව දිනපතා උදේ 6 සිට 10 දක්වා සහ සවස 4 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව තිබෙනවා.

Get U Fit Gym

Contact: 011 2 503 339
Individual packages
1 Year: LKR 30,000
6 months: LKR 18,000
3 months: LKR 10,500
1 month: LKR 5,000

Body by Kris

Contact: 011 2 825 749
Individual:
1 year: LKR 49,500
6 months: LKR 39,500
1 month: LKR 10,000

Couples:
Annual: LKR 78,000

CrossFit Ceylon

CrossFit Ceylon එකේ 9000LKR ගෙවලා සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම රාත්‍රී 8 සිට ව්‍යායාම කිරීමට අවස්ථාවක් (taster class) සලසා දී තිබෙනවා.එමගින් ඔබට පුළුවන් මේ gym එක ඔයාට ගැළපෙනවද කියලා තීරණය කරලා සාමාජිකත්ව වැඩසටහන් සඳහා ලියාපදිංචි වෙන්න.

Contact: 011 2 300 927
https://www.facebook.com/crossfitceylon/

1 month: LKR 15,000
3 months: LKR 35,000
1 year: LKR 125,000

Power World

Power World ඔවුන්ගේ සියලුම ස්ථාන සඳහා වාර්ෂික සාමාජික පැකේජ එකම මිලකට ලබාදෙන්න කටයුතු කරනවා.

Contact: 011 4 954 633

Ladies: LKR 8,824
Gents: LKR 14,706

Fitness First

Contact: 011 2 695 331
https://www.facebook.com/Fitness-First-Colombo-07-184944625404095/

6 months: LKR 40,000
1 year: LKR 65,000
1 month: LKR 15,000

Marine Fitness

Contact: 0773114737/ 0112058499

Annual: LKR 36,000
6 months: LKR 30,000
3 months: LKR 22,000
1 month: LKR 7,500
Weekly: LKR 3,000
Couples Annual: LKR 60,000

Body Bar

Contact: 011 2 505 462
Website: https://www.facebook.com/BodyBarLK/

Annual: LKR 76,950
6 months: LKR 48,950
3 months: LKR 29,950
1 month: LKR 12,950
Bi-weekly: LKR 7,500
Weekly: LKR 4,600
Day pass: 1,500

Couples Annual: 149,950
Couple 6 months: 80,950

High Octane

Contact: 011 2 852 317

Annual: LKR 85,000
6 months: LKR 65,000
3 months: LKR 42,500
1 month: LKR 15,600
Couples Annual: LKR 150,000

GRIT Sports and Fitness

Contact: 071 017 5308
Website: https://www.facebook.com/wethegrit/

Annual: LKR 72,000
6 months: LKR 38,000
3 months: LKR 20,000
1 month: LKR 8,000

Pulse Beat Gym

Pulse Beat විසින් බර අඩු කර ගැනීම සහ මාංශ පේශි වර්ධනය කරගැනීම සඳහා වැඩසටහන් දෙකක් පවත්වනවා.

Contact: 011 2 595 932

Annual: Upon consultation
6 months: LKR 30,950

OSMO Fitness

Contact: 011 2 177 477/ 071 670 0845/ 071 670 0844/ 076 646 3636

Individual:
Annual: LKR 91,000
6 Months: LKR 67,000
3 Months: LKR 55,000
1 Month: LKR 15,000

Couple:
Annual: LKR 152,000
6 Months: LKR 99,000
3 months: LKR 45,000
1 month: LKR 15,000

Max Fitness Ladies Gym

Contact: 077 443 6448
Website: https://www.facebook.com/maxladiesgym/

Annual:
Thimbirigasyaya: LKR 40,000
Dehiwala: LKR 38,000

6 months: LKR 25,000

3 months:
Dehiwala: LKR 18,000
Thimbirigasyaya: LKR 16,000

1 month: LKR 10,000

Lifestyle

Contact: 011 4 723 300

Annual: LKR 82,110
6 months: LKR 49,256
3 months: LKR 29,559
1 month: LKR 10,000

St Peter’s Gym

Contact: 011 2 588 249

Annual
Ladies: LKR 15,000
Gents: LKR 19,500

Multifit Gym

Contact: 011 2 674 242

Annual: LKR 18,000
6 months: LKR 14,250
3 months: LKR 9,000
1 month: LKR 3,750

Ultimate Fitness

Contact: 011 7 445 210

Individual:
Annual: LKR 49,000
6 months: LKR 36,000
3 months: LKR 25,000
1 month: LKR 10,000
Day pass: LKR 2,000

Couples:
Annual: LKR 89,000
6 months: LKR 56,000
1 day: LKR 3,000

Royal College Gym

Contact: 0114719744

Annual: LKR 41,000
6 months: LKR 24,500
3 months: LKR 18,000
1 month: LKR 6,000

Fitness Kingdom

Contact:
Ragama: 011 2 952 884
Kelaniya: 011 2 986 620
Piliyandala: 011 2 616 664
Kottawa: 011 2 178 235
Mount Lavinia: 011 2 734 145
Colombo 10: 011 2 952 884

Annual: LKR 25,000 (30% off)
6 months: LKR 16,500
1 month: LKR 4,500

Total Fitness Bay

Contact: 011 2 599 776/ 077 344 2389
Website: https://www.facebook.com/TotalFitnessBay/

Annual: LKR 45,000 (10% off)
6 months: LKR 30,000
3 months: LKR 21,000
1 month: LKR 7,000

Hotels

Ramada Fitness Centre

Contact: 011 2 422 001/ 011 2 447 977

Individual:
Annual: LKR 65,000
6 months: LKR 35,000

Couples
Annual: LKR 125,000

Sky Fitness at Mövenpick

Contact: 0117 450 450/ 077 344 2389
Website: https://www.movenpick.com/en/asia/sri-lanka/colombo/movenpick-hotel-colombo/facilities/

Annual: LKR 160,000
6 months: LKR 90,000
3 months: LKR 60,000
Couples Annual: 135,000

Cinnamon Lakeside

Contact: 0112 491 000

Annual: LKR 130,000
6 months: LKR 90,000
1 month: LKR 30,000
Couples Annual: 174,000

Hilton Residencies

Contact: 0115 344 644

Annual: LKR 150,000
6 months: LKR 95,000
Couples Annual: LKR 250,000

Water’s Edge

Contact: 0112 863 863

Individual:
Annual: LKR 170,000
6 months: LKR 90,000

Couples:
Annual: LKR 236,000
6 Months: LKR 118,000

Hotel Galadari

Contact: 0112 544 544

Individual:
Annual: LKR 50,000
6 months: LKR 35,000

Couples:
Annual: LKR 80,000
6 Months: LKR 60,000

Taj Samudra

Contact: 0112 446 622

Individuals:
Annual: LKR 120,000
6 months: LKR 80,000
1 month: LKR 30,000

Couples
Annual: LKR 160,000
6 Months: LKR 95,000

ගෙදරදීම King Coconut Wine හදමු

 

අමුද්‍රව්‍ය

තැඹිලි වතුර                                   1 බෝතලයක් (750 ML)
සීනි                                                             250 g
යීස්ට්                                                               5 g
කරාබු නැටි                                                      10
එනසාල්                                                           5
සාදික්කා (සිහින්ව කපාගත්)                          මේසහැඳි 1

 

 

සාදාගන්නා ආකාරය

1.තැඹිලි වතුර ගෙන භාජනයකට වත් කරන්න.

2. යීස්ට් සහ සීනි එකතු කරන්න, එය හොඳින් දිය කරන්න . ඉන්පසු තැඹිලි වතුර මිශ්‍රණය හොඳින් පෙරා බෝතලයකට වත් කරන්න.

3. කරාබු නැටි, එනසාල් සහ සිහින්ව කපාගත් සාදික්කා එයට එකතු කරන්න.

4. බෝතලය මත පියන තබන්න (තද නොකරන්න)ඉන්පසු සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න.

5. සති දෙකකට පසු මිශ්‍රණය නැවතත් පෙරා පැසවීම සඳහා තබන්න.

6. මාසයකට පසු නැවත පෙරාගන්න.

7. සති 12 කට පසු ඔබට පුළුවන් King Coconut Wine එකක රස බලන්න.

 

 

සැ.යු :-සාදා ගැනීමට ගතවන කාලය විනාඩි 30 යි.
සති හතරක කාලයක් තිබෙන්නට හරින්න.

 

අම්මටයි බබාටයි ඇඳුම් ගන්න, කොළඹ වටේම රස්තියාදු වෙන්නැතිව යන්න පුළුවන් තැන් මෙන්න

විවාහ වූ යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව තමන් දෙමාපියන් වෙන්නේ කවදද කියලානේ. ඉතින් දෙමාපියන් වෙන්න යනවා කියලා දැනගත්තාම ඇතිවෙන ඒ සතුට දරාගන්න බැරිතරම් නේද? ඒ උතුම් මව්පදවියට උරුමකම් කියන ඔයා ලෝකය දකින්න මග බලන් ඉන්න දරුපැටියට වගේම ඔයාට අවශ්‍ය දේවල් ලැහැස්ති කරන්න ලහි ලහියේ සූදානම් වෙනවානේ. ඔන්න ඉතින් අම්මටයි බබාටයි කරදරයක් නැතුව, හොඳ මාතෘ හා ළදරු සත්කාර නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් තැන් ලයිස්තුවක් ගැස්ම හරහා අපි අරන් ආවා.

 

Bambino Lanka


Contact – 077 131 9613
Address – 83, Galle Road, Colombo 4
Open Time – Monday-Saturday 9 am to 8 pm, Sunday – 10 am to 6pm

Philips Avent, Aveeno, Tommee Tippeee, Chicco සහ තවත් ජාත්‍යන්තරයේ පිළිගත් වෙළඳනාම වල ළදරු නිෂ්පාදන ගන්නවනම් ඒකට හොඳම තැන තමයි Bambino කියන්නේ. ඒගොල්ලන්ගේ facebook page එකේ අම්මලටයි බබාලටයි හොඳ offers ගොඩක් තියෙනවා, අනිවාර්යයෙන් ගිහින් බලන්න!

 

Kidzcare.lk


Contact – 0777 444 334/0712 444 334
Address – 256, Thimbirigasyaya Road, Colombo 5
Open Time – Monday-Friday 9 am to 9 pm, Saturday 9 am to 8 pm, Sunday 9 am to 6 pm
Website – www.kidzcare.lk

ඔන්න ඔයා Kidzcare.lk එකෙන් රු. 2,000 ට වඩා බඩු ගත්තොත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැය 24 පුරා බෙදා හැරීමේ සේවාවක් රු. 100 කට ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. පුළුල් පරාසයක නිෂ්පාදන වලට kidzcare onine shopping website එක ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධයි. කොහොම වුණත් ඒගොල්ලන්ගේ website එකට අමතරව වෙළඳසැලටම ගිහින් ඔයාට අවශ්‍ය දේවල් ගන්න කැමතිනම් kidzcare.lk කොළඹ 5 ප්‍රධාන ශාඛාවත්, මාලබේ ශාඛාවත් විවෘතයි.

 

Blooms and Butterflies


Contact – 0112 680 334
Address – 69/1, Elvitigala Mawatha , Borella
Open Time – 9.30 am to 8 pm
Website – www.bloomsandbutterflies.lk

Blooms and Butterflies නිෂ්පාදන, එයාලගේ ජා-ඇල වෙළඳසැල සහ බොරැල්ල හා දෙහිවල ඇති නව වෙළඳසැල් දෙක හරහා ඔයාට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගැබිණි අම්මලට අඳින්න හොඳ maternity ඇඳුම් තේරීමක් තියෙන නිසා, Blooms and Butterflies ශාඛාවට ගිහින් බලන්න අමතක කරන්න එපා.

 

Khloe Nestler


Website – www.khloenestler.com

ඕනෙම අවස්ථාවකට ගැලපෙන maternity ඇඳුම් තියෙන online store එකක් තමයි Khloe Nestler කියන්නේ .ඔවුන්ගේ විශේෂත්වය තමයි හැම රුචි අරුචිකමකටම ගැලපෙන තේරීමක් ඉදිරිපත් කරන්න ඔවුන් පෙළඹිලා තියෙන එක. ඔයාලා Khloe Nestler instagram pageඑකට ගියොත් විවිධ maternity ඇඳුම් විලාසිතා දැකගන්න හැකියාව තියෙනවා.

 

Elegant Smockers


Contact – 0722 264 444
Address – 323B, Havelock Road, Colombo 6
Open Time – 9.30 am to 7.55 pm
Website – www.elegantsmockers.com

හැව්ලොක් පාරේ තියෙන ශාඛාවට අමතරව, Elegant Smockers ශාඛාවන්, Kandy City Center 3 වන මහලේ සහ One Gall face හි 4 වන මහලේ විවෘතව තිබෙනවා. අලුත උපන් බබාලට අත්‍යවශ්‍ය දේවල් වගේම ළදරුවන්ට සහ ළමයින්ට ගැලපෙන ගෘහ භාණ්ඩ දක්වා ඉතා හොඳ නිෂ්පාදන තේරීමක් Elegant Smockers හි තිබෙනවා. අම්මයි බබයි ගැන ගොඩක් හිතලා Elegant Smockersලා පැස්ටල් තේමාවක් භාවිතා කරමින් නිශ්පාදනයන් සිදුකරන නිසා බබාටයි අම්මටයි දෙදෙනාටම මේ නිශ්පාදන භාවිතයෙන් ඇත්තටම සන්සුන් බවක් දැනෙන බවනම් අනිවාර්යයෙන් කියන්න අවශ්‍යයි.

 

Baby Care


Contact – 0112 769 501
Address – 153, High Level Road, Nugegoda
Open Time – 10 am to 7.30 pm
Website – www.babycare.lk

බබාට අවශ්‍ය ඕනෑම දෙයක් වගේම ,අම්මලට ඕන කරන දේවල් මිලට ගන්න පහසු වෙබ් අඩවියක් තමයි Baby Care කියන්නේ . හැබැයි, අතට අරන් තෝරලා බලල ගන්න කැමති කෙනෙක් නම් Baby Care ගෝල්ෆේස් සහ නුගේගොඩ ශාඛා වලට ගිහින් නිදහසේ අවශ්‍ය කරන නිශ්පාදනයන් තෝරගන්න ඉඩකඩ තිබෙනවා.

 

Cool Kidz


Contact – 0112 689 682
Address – 159 Castle St, Colombo 8
Open Time – Monday-Friday 9 am to 8.30 pm, Saturday-Sunday 9 am to 8 pm
Website – www.coolkidz.lk

බබාලට ඕනේ ඔක්කොම දේවල් Cool Kidz වෙතින් පහසුවෙන් ලබාගන්න පුළුවන්! බබාලට feeding chairs, feeding bottles, play pens, strollers පමණක් නොවේ, අම්මලාට feeding bras සහ pregnancy pillows වගේ මාතෘ නිෂ්පාදනත් මිලදී ගන්න Cool Kidz අලෙවි සැලෙන් පුළුවන්. ඔවුන් ළඟ Farlin නිෂ්පාදන බොහොමයක් තියෙන නිසා, ඔයා Farlin ෆෑන් කෙනක් නම්, Cool Kidz ඔයාට කියාපුම ස්ථානයක්.

 

Baby Bear Boutique


Contact – 0773 506 965
Address – 35, Pagoda Road, Nugegoda
Open Time – Tuesday -Saturday 10 am to 8 pm, Sunday-Monday 10 am to 6 pm

Baby Bear Boutique දැන් One galle Face හි පිහිටා ඇති අලුත්ම අලෙවිසලෙන් ඔයාට අවශ්‍ය ළදරු නිශ්පාදන අරගෙන එනවා. බබාලා වෙනුවෙන්ම ඇති විචිත්‍රවත් හා වර්ණවත් ක්‍රියාකාරකම් සඳහා නිෂ්පාදන වල සිට අලුතින්ම මව්පදවියට උරුමකම් කියන අම්මලාට අවශ්‍ය භාණ්ඩ මෙහිදී මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා. මේ වෙනකොට ඒගොල්ලන්ගේ වෙළඳසැල් දෙකේම ගොඩක් භාණ්ඩ සඳහා 20% ක ඉතිරිකිරීමේ වට්ටමක් ලබාදෙන්න කටයුතු කරනවා.

 

Mothercare


Contact – 0115 882 882
Address – 7, R.A. De Mel Mawatha, Colombo 5
Open Time – 10 am to 8 pm

Mothercare කියන්නේ ළදරු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාමයක්. උසස් තත්ත්වයේ නිෂ්පාදන ගෙන එන Mothercare විවිධාකාර සහ විශ්වාසයකින් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඩුප්ලිකේෂන් පාරේ පිහිටා ඇති අලෙවිසලෙන්, අලුතෙන් දෙමව්පියන් වෙන්න ඉන්න ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ බඩු ලයිස්තුව ඉක්මනින් සම්පුර්ණ කරගන්න හැකියාව තිබෙනවා.

ඉතින් අපි මේ කියපු තැන් දෙමව්පියන් වෙන්න ඉන්න අයටත් අලුත ඉපදුනු දරුවෙක්ව බලන්න යන අයටත් වැදගත් වෙයි කියලා අපි හිතනවා.

මිත්‍යාමත වලිනුයි, පවුලේ උදවියගේ පීඩනයෙනුයි පොඩ්ඩක් ඈත් වෙලා, අම්මටයි බබාටයි උපරිම ආරක්ෂාව සහ සුවපහසුව සහතික කරන්න, මේ ඕනෑම වෙළඳසැලක වෘත්තිකයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න පැකිලෙන්න එපා.

Mango Curry Recipes

රසනහර පිනායන අඹ කරියක් හදාගන්නේ මෙහෙමයි..

අවශ්‍ය දුව්‍ය 

අඹ
ලුණු -තේ හැදි 1
මිරිස් කුඩු – තේ හැදි 1
කරි පවුඩර් – තේ හැදි 1
මහදුරු – තේ හැදි 1
අබ -තේ හැදි 1/4
කරපිංචා හා රම්පේ කොළ
මිරිස් කුඩු – තේ හැදි 1/2
සීනි -තේ හැදි 1 1/2
තෙල් – තේ හැදි 1 1/2
පොල් කිරි – තේ හැදි 1 1/2
අමු මිරිස් – 1
ලූණු – 1

සාදාගන්නා ආකාරය 

1.අඹ සෝදා පිරිසිදු කර කපා විනාඩි 15-20ක් වතුරේ පොඟවා ගන්න.
2.ඉන්පසු වතුර පෙරා එයට මිරිස් කුඩු (1 තේ හැදි), ලුණු සහ කරපිංචා එකතු කරන්න.
3.තෙල් රත් කර ළූණු, මහදුරු , අබ , කරපිංචා සහ රම්පේ කොළ සහ ඉතිරි මිරිස් කුඩු එක් කරන්න.
4.එයට අඹ, අමු මිරිස්, පොල් කිරි සහ සීනි එකතු කරන්න.
5.මිනිත්තු 15-20 ක් අඩු ගින්නෙන් පිසගන්න.

ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග, දැන් ඔබ වෙනුවෙන්ම විවෘතයි

සිනමන් ලේක් සයිඩ්හි පිහිටා තියෙන ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග , දැන් ඔබ වෙනුවෙන් විවෘතයි! ඉතින් උණුසුම් හැන්දෑවක, බේරේ වැවේ ලස්සන වීව් එකක් තියෙන මේ නවීන පන්තියේ බාර් එකට අපිත් ගියා. මෙහි එළිමහනේ 80 කට පමණ සුවපහසු ලෙස අසුන් ගන්න පුළුවන්. තව ගෘහස්ථ ආසනත් වෙන් කරලා තියෙනවා.

Drinks

කොක්ටේල්ස් (Cocktails)

Lantharuma – Rs 1,200


සියලුම ColamBar බීම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රසයන්ගෙන් යුක්තයි. Ceylon Arrack, අච්චාරු ඩිස්ටිලේට්, ඉඟුරු සහ සියඹලා වලින් හදන ලද මේ කොක්ටේල් එක අපි ඇණවුම් කරපු සැර කොක්ටේල් වලින් එකක්. ඒ වගේම තමයි මොවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඉතාමත් ආශ්වාදජනක ලෙස ඉදිරිපත් කිරීමයි. ඉතින් මේ කොක්ටේල් එක අපිට බොන්න ලැබුණේ සැබෑ ලන්තෑරුමකිනුයි. සැර කොක්ටේල් එකක් වුණාට සිසිල් කරවන ස්වාභාවයකුත් මේ බීම එකට තියෙනවා. ඇල්කොහොල්වල තියුණු රසයත් එකක් සියුම් පැණි රසක් මුසුවී ඇති නිසා සියඹලා ටොෆියක රස මතක් වෙන්නත් පුළුවන්.

Mr Taylor – Rs 990


ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජේම්ස් ටේලර්ගේ නමින් හඳුන්වන මේ පානයත් කොමඩු රසයකට මුසුවූ සියුම් ජැස්මින් තේ රසයකින් යුක්තයි. මේ කොක්ටේල් එක සිහිල් කරලත් උණුසුම් හැන්දෑවක බීමට වඩාත් සුදුසුයි.

TikakPepsith Wage – Rs 990

TikakPepsith Wage කොක්ටේල් එක පෙප්සි, Ginger Ale සහ රොක්ලන්ඩ් රම් මිශ්‍රණයක්. රම්වල රසය යන්තම් දැනෙන නිසා එය පානය කිරීම පහසු කරයි. නමුත් මේ කොක්ටේල් එක බීලා මිනිත්තු කිහිපයකට පසුව ඔබට මෙය තදින්ම දැනෙන නිසා බොනකොට ටිකක් ප්‍රවේසමෙන් බොන්න කියලත් අපි මතක් කරනවා.

YaalPanam – Rs 990


සැර රස වලට හා විවිධ රසයන්ට රුචිකත්වයක් ඔබට ඇත්නම්, මේ කොක්ටේල් එක ඔබට ඉතාම කදිමයි. කුඩා සෙරමික් තේ පෝච්චියක ඉදිරිපත් කරන මේ පානය යාපනයට යන ගමනක් වගේ අත්දැකීමක් වෙයි.

මොක්ටේල්ස් (Mocktails)

පඩික්කම – Padikkama – Rs 990

මෙම පානය අයිස් යොදා බාර් එකෙන්ම සකස් කර සාරවිට මිශ්‍රණයක් සමග ඔබට පිළිගන්වන්නේ කුඩා පඩික්කමකයි. නැවුම් සහ සැහැල්ලු රසයක් එයට එක් වුණත් එහි රසය මොකද්ද කියලා ඔබට බොහෝ විට මුලින් සිතා ගන්නනම් බැරිවෙයි.

Mains

Sides

Spiced Potato Fries – Rs 350

මෙය ඉතා රසවත් බවක් ගෙන දෙන බවනම් අපට විශ්වාසයි. මිරිස් පදමට යොදා මෙය සකස් කර තිබෙනවා. ඒ වගේම තමයි රුපියල් 350ක් වැනි මිලට සරිලන ආහාරයක් ඔබට රස විඳින්න අවස්ථාව ලැබෙනවා.

Ceylon Mixed Grilled – Rs 1800

ඔන්න ඉතින් මේ Mixed Grilled එකනම් අපි අපේක්ෂා නොකළ තරමක් පොඩි පෝර්ශන් එකක් තමයි අපිට ලැබුණේ. බැටළු මස් කට්ලට්, ගම්මිරිස් යෙදූ හරක් මස් මීපැනි සහිත බාබකියු චිකන් මාළු ස්ටේක් දැල්ලන් සහ ඉස්සන් මිශ්‍ර කර ඇති නමුත් එහි අපි බලාපොරොත්තු වූ රසයක් මතු වුණෙ නැහැ. පොඩි රසයක් හරි තිබ්බේ එහි තිබූ තක්කාලි වලයි.

අතුරුපස (Dessert)

Coconut Creme Brulee – Rs 450

තරමක් විශාල මැටි බඳුනක තැන්පත් කර ඇති පොල් බෑයක මේ අතුරුපස ඔවුන් අපට පිළිගැන්වූවා. මෙහි සියුම් පොල් රසයක්ද මුසුවී තිබීම නිසා අමුතු රසයක් එක් කළා.

වටපිටාව


lake side එකෙන් හමා එන සුළගත් එක්ක සුන්දර වටපිටවක තටාකයේ වම් පැත්තට වෙන්න මේ bar එක පිහිටලා තිබෙනවා. bar එක Open කරන වෙලාව පහුවෙලා විනාඩි 45 පහකට පසුව තමයි අපි මෙතනට ගියේ. නමුත් අපි යන වෙලාව වෙනකොට කාර්යමණ්ඩලය ඒ වෙනකොටත් පිරිසිදු කිරීම් කරමිනුයි සිටියේ. වේටර්වරුන්ගේ අවධානය අප වෙත යොමුවෙන්න තවත් සෑහෙන වෙලාවක් ගත වුණා. ඔවුන්ගේ සේවාවන් ‌ගොඩක් මන්දගාමී කියල නම් අනිවාර්යයෙන් කියන්න අවශ්‍යයි. ඔවුන් අපට බීම බට සැපයූවේ නැහැ.( ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඔවුන් බීමබට යන ආදිය භාවිතා කරන්නේ නැහැ) ඒ නිසා අපිට bar එකටම ඇවිදගන යන්න වුණා paper straws ලබා ගන්න. කොහොම වුණත් අපි drinks ගැන වේටර්වරුනගෙන් ඇසුවාට පසුව drinks තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන් අපට උදව් කලා. මොවුන්ගේ තිබෙන අඩුපාඩු හදාගත්තොත් ඇත්තටම colombo වල තිබෙන හොඳ ස්ථානයක් බවට මෙය පත්වෙන්න හැකියාව තිබෙනවා.

Tip – ඔවුන්ගේ මුළුතැන්ගෙය විවෘත වන්නේ සවස 5.30 ට පසුව පමණි!

Mackie’s Restaurant එකේ ඇති රසවත් කෑම ඔයාලට තාමත් රසවිඳින්න බැරිවුණාද?

ඔන්න තාමත් මේ Mackie’s Restaurant එක ගැන දන්නේ නැති අයට තමයි අපි අද අපේ රස ගැස්ම වෙන් කරන්නේ. මේ Restaurant එකේ පිළිගන්වන ශ්‍රී ලංකික සම්වභයක් ඇති චයිනීස් කෑම වට්ටෝරු ඉතා සරලයි වගේම විවිධ රසයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි අපි එදිනෙදා රස විඳින සාමාන්‍ය චයිනීස් කෑම අලුත්ම විදියකට මෙහිදී පිළිගන්වනවා. මෙම ආහාර ප්‍රනීත රසයකින් යුක්ත වන අතර ඔබේ රස නහර හා ඇසද පිනවන්නට සමත් වෙන එකනම් විශ්වාසයි.

Drinks

Mackie’s හි ඇති පානයන් වර්ග අතර මොක්ටේල්, ජුස්, මිල්ක්ෂේක් සහ සෝඩා වැනි වර්ග රැසකින් සමන්මිතයි. ඉතින් මේ පානයන් ඔයාගේ ආහාරවේලට ගැලපෙන අයුරින් තෝරාගැනීමට මෙහිදී ඔයාට පුළුවන්.

Blue Lagoon – Rs 425

දොඩම් හා මින්ට් රසැති මෙම පානය blue curacao, දෙහි කෝර්ඩියල් හා සෝඩා මිශ්‍ර රසවත් පානයක්. මේ පානය උණුසුම් සහිත දිනයක සිසිල් වීමටනම් ඉතාමත් කදිමයි.

Chocolate Milkshake – Rs 375

ඉතා උකු බවින් යුක්ත වගේම ප්‍රනීත රසැති මේ චොකලට් මිල්ක්ෂේක් එක උණුසුම් දිනයක රස විඳීමට කියාපු පානයක්. ඉමිහිරි චොකලට් රසයක් හා ප්‍රමාණවත් පැණි රසයෙන් යුතු මෙය හොඳ ආකර්ශනීය තෝරාගැනීමක්.

Tropical Paradise – Rs 495

තරමක් උස, වර්ණවත් වීදුරුවක පිළිගන්වන මෙය මෙනුවේ දක්වා තිබුණේ දොඩම්, අන්නාසි, අඹ, coconut ක්‍රීම් සහ grenadine සිරප් කලවම් වූ සංයෝගයක් විදිහටයි. මේ බීම එකේ ඔබ ඉස්සෙල්ලාම රස විඳින්නේ අඹ හා දොඩම් රසයක්. ඒ රස අවසන් වන්නේ ප්‍රනීත අන්නාසි හා ගස්ලබු රසයකින්. අලංකාර උස වීදුරුවක ප්‍රියජනක ලෙස පිළිගන්වන මේ බීම එක පලතුරු රසට ප්‍රිය කරන ඔබටම සරිලන පානයක්.

Mains (ප්‍රධාන ආහාර)

Mackie’s Restaurant එකේ ප්‍රධාන ආහාර වේලකින් ඔබට එළු මස් වැනි මස් වර්ගයන්ගේ ඉඳලා කකුළුවන් හා දැල්ලන් ඇතුළු සියලුම දේ රස විඳීමට පුළුවන්. රසවත් starch dish සිට ප්‍රෝටීන් ඇතුළු සියලුම දෙනාට සරිලන ආහාර මොවුන්ගේ මෙනුවේ අඩංගුයි.

Hot Butter Cuttlefish – Rs 1150

කර කර ගාලා රසට හැපෙන ආශ්වාදනීය බටර් රසයක් තිබෙන මේ dish එක අපි රස විඳලා තියන ඉස්තරම්ම Hot Butter Cuttlefish meal වලින් එකක්. මේ අසම සම Hot Butter Cuttlefish meal එක කන්න කන්න ආස හිතෙන dish එකක්. ඒ වගේම මේ dish එක දෙන්නෙකුට තුන්දෙ‍නෙකුට උනත් සෑහෙන තරම්. ඔබ Mackie’s Restaurant එකට ගියොත් මේ Hot Butter Cuttlefish dish එක අනිවාර්යෙන් රස විඳින්න කියල අපි ඔබට මතක් කරනවා.

Sizzling Hot Garlic Fish – Rs 1250

ඉතා ප්‍රියජනක ආහාරයක් වන sizzling fish තමයි මෙහි ඇති රසවත්ම ආහාරය . මාළු මිරිස් සෝස් දවටපු , ස්ප්‍රිංග් අනියන් වලින් සැරසූ හොඳම කුළුබඩු යොදාගන සාදන මේ sizzling fish එකටනම් අපි කැමති වෙන එක අරුමයක් නෙවෙයි. ඇත්තටම එය ඒ තරමටම රසවත්.

Chicken Hong Kong Style – Rs 850

මෙම dish එක දැක්ක ගමන් හිතෙන්නේ කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා. නමුත් විශ්වාස කරන්න එහෙම පෙනුනට රසයේ අඩුවක්වත් එක්කර තිබෙන මස්වල අඩුවක්වත් නැහැ. මේ dish එකේ තියෙන Chicken සෝස්වල දවටලා තමයි අපිට පිළිගන්වන්නේ . ඒ වගේම සෝයා , වියළි මිරිස් සහ ස්ප්‍රිංග් අනියන් යොදා ගෙන සරසලා තියෙන මේ dish එක අපට දෙන බත් එකට හොඳින් ගැළපෙනවා.

Sweet and Sour Prawns – Rs 1100

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චීන වට්ටෝරුවක් විදිහට සකස් කරලා තිබ්බ මේ dish එක අපේ පැරණි රස මතකයන් අලුත් කලා කිව්වොත් හරි. ඉස්සන් ප්‍රමාණයෙන් විශාල නැති වුනත් හොඳට ඒවා මසින් පිරී තිබුන වගේම එය උකු බැටර් මිශ්‍රණයක තවරා රසවත් ලෙස සකස් කොට තිබුනා.

Mixed Crispy Noodles – Rs 1250

Mixed Crispy Noodles dish එක තමා Mackie’s Restaurant එකේ අපේ දහවල් ආහාර වට්ටෝරුව වුණේ. හතු, බේල් පෙපර්, ඉස්සන්, chicken හා beef මුසු වූ මේ නූඩ්ල්ස් එක crispy රසයෙන් තිබුන වගේම පදමට තෙම්පරාදු කරලා තිබුනා.

Seafood Rice – Rs 825

ඉතා රසවත් ලෙස සකස් කොට තිබු මෙම බත් එක තුන්දෙනකුට වුවත් ප්‍රමාණවත් තරමට පිළිගන්වා තිබුනා. කුඩා ඉස්සන් හා දැල්ලන් කැබිලි මිශ්‍ර වූ මෙම බත් එක ඔබ එදිනෙදා රස විදින එකාකාරී Chinese rice එකකට වඩා රසයෙන් වැඩි වගේම එය Mackie’s Restaurant එකේ පිළිගන්වන අනෙකුත් dish සමග මෙය හොඳින් ගැලපුනා.

Mixed Vegetables in Garlic Butter – Rs 750

මේ එලවළු මිශ්‍රණයේ කිසිම සුදු ළුණු රසයක් නැති වුණත් එය අවශ්‍ය ප්‍රමාණයට වඩා බටර් රසයක් ගත්තා. කොහොම උනත් එහි තිබු මෘදු රසය හා සෞඛ්‍යමත් බව නිසා අපිට සමබර ආහාර වේලක් රස විදින්න පුළුවන් වුණා.

Desserts

Mackie’s Restaurant එකේ ඇති අතුරුපස මෙනුව අනෙක් ඒවා වගේම සාමාන්‍ය වුනත් ඔවුන් එය අනර්ඝව පිළියෙළ කොට පිලිගන්වනවා.

Baked Alaska – Rs 550

අපි බලාපොරොත්තු නොවු විදිහට මේ dish එක සිත් ඇදගන්නා එකක් වුණා. රසවත් කේක් තීරු, ice cream, චෙරි හා චොකලට් සෝස් මිශ්‍ර වූ මේ අතුරුපස පැනි රසට ප්‍රිය ඔබව අනිවාර්යෙන්ම තෘප්තිමත් කරාවී. මෙහි ඇති අධික රස හා ප්‍රමාණය නිසා මෙය sharing dish එකක් ලෙසත් රසවිදීමට ඔබට හැකියි.

Sizzling Chocolate Brownies with Vanilla Ice Cream – Rs 575

Mackie’s Restaurant එකේ sizzling dishes හැම එකක්ම ඉතා විශිෂ්ඨ ලෙස සකස් කරනවා. Brownies කෑලි දෙකක් මතට වැනිලා icecream හා චොකලට් සෝස් දමා රස කොට තිබු මේ dish එක ඉතාමත් රසවත්. Brownie එක කේක් එකක් ලෙස පෙනුනත් අපිට ආස හිතෙන විදියට වැඩි චොකලට් රසයකින් හා මදක් වියළි ගතියකින් සකස් කොට තිබුනා.

Mackie’s Restaurant එකේ සේවාව ඉතා කඩිනම් හා සැලකිලිමත් කියලත් අපි කියන්නම ඕන. මෙහි සේවාවද ඉතාමත් සුහදශීලීයි. මෙම අවන්හලෙහි උඩු මහල හා පහත මල් දෙකෙහිම අසුන් ගැනීමේ පහසුකම් ඇති අතර උඩු මහල වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් දහ දෙනෙකුට පමණ සත්කාර කල හැකි පෞද්ගලික ‌‌භෝජන ශාලවක්ද මොවුන් සතුව තිබෙනවා.

Tip – අනිවාර්යෙන්ම Mackie’s Restaurant එකේ Mixed Crispy Noodle එක රස විඳින්න.

පාට වෙනස්වෙන Mermaid Drink එක ට්‍රයි කරන්න කැමතිනම් Mitsi’s අලෙවිසැලට යන්න අමතක කරන්න එපා

කොළඹ කියන්නේ අලුත් අලුත් දේවල් මුලින්ම මිනිස්සු අතරට එන ප්‍රධාන නගරයක් කියන එක හැමෝම දන්නවානේ. ඉතින් ඔන්න මේ වසර තුලදී කොළඹ නගරයට එකතු වූ අලුත්ම දේ තමයි One Galle Face Mall කියලා කියන්නේ. ඒ වගේම තමයි කොළඹට මෙහෙම අලුතෙන් එකතු වූ One Galle Face Mall එක මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වලත් බොහෝ සෙයින් දැකගන්නට ලැබෙනවා. ඉතින් මේ හේතුව හින්දම අපි හිතුවා මේ සතියේ One Galle Face පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. කතාවක් තියෙනවානේ කෑමක් කන්න කලින් ඇස් දෙකට දැකලා හිත පිරෙන්න ඕන කියලා .ඉතින් One Galle face ගියපු මට වුණේ අන්න ඒ දේ තමයි .මම දැන් ඔයාලට කියන්නම් දැක්ක ගමන් හිත පිරුණ ඊට පස්සේ මගේ රසනහර පිනාගිය ඒ විශේෂ දේ මොකක්ද කියලා.

මට හමුවුණු ඒ විශේෂ දේ තමයි Mermaid Drink එක. මේ ප්‍රණීත පානය ජේම්ස් සහ සින්තියා විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේම නිශ්පාදනයක් වන අතර වර්තමානයේ One Galle Face Mall තුළ ඇති Mitsi’s අලෙවිසැලෙන් ඔබට Mermaid Drink එක රසවිඳීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම පානයේ තියන විශේෂත්වය තමයි අපි මීට කලින් ලංකාව තුළ මේ විදියේ වර්ණයක් තියෙන ඒ වගේම ඒ වර්ණය සැරින් සැරේ වෙනස්වෙන රසවත් පානයක් දැකලා නැති එක . ඉතින් දැන් ශ්‍රී ලංකාව තුළ පළමු වතාවට Blue Teas සහ වර්ණ වෙනස් කරන Lemonade පානයන් Mitsi’s අලෙවිසැලෙන් ඔබට පහසුවෙන් මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම මම මේ Mermaid Drink එක Internet එකේ කලින් දැකලා තිබුණා. ඒ වෙලේ මේ වර්ණයන් වෙනස්වෙන අමුතු පානය බොන්න ඇත්තටම ආසවක් ඇතිවුණා. මම හිතුවේ නැහැ මට Mermaid Drink එක රසවිඳින්න අවස්ථාවක් ලැබෙයි කියලා . හැබැයි One Galle Face Mall එකේදී මට ඒ රසවත් අත්දැකීම විඳින්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ පානයේ වර්ණයන් වෙනස්වෙන විදිය දැක්කොත් ඔබ පුදුමයට පත් වේවි.

Blue Lemonade – LKR 450

මේ පානය ගැන කිව්වොත් ඔවුන් ළඟ තියෙන ආකර්ෂණීයම පානය විදියට Blue Lemonade පානය හඳුන්වන්න පුළුවන්. මෙම පානය කව්පි මල් තේ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කව්පි මල් තේ වල කිසිදු රසයක් නැහැ කියලා තමයි පැවසෙන්නේ. මේ පානයේත් විශේෂත්වය තමයි අපි බලන් ඉද්දිම මෙහි වර්ණය සෙමින් සෙමින් වෙනස් වෙනවා. ඔබ Blue Lemonade මෙහිදී මිලදී ගන්න යනවානම් මිලි ලීටර් 400ක ලොකු කප් එකක් ඔබට රස විඳින්න හම්බෙනවා.

Passion fruit – LKR 470

ඔබ පැෂන් ෆෘට් වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නම් මේ පානයට ඔබ අනිවාර්යයෙන් කැමති වේවි. පැෂන් රසය සැබවින්ම මේ තුළින් ඉස්මතු වන අතර මේ පානයේත් වර්ණයන් වෙනස්වෙනවා. හැබැයි මේ පානයෙන් කව්පි පිටි තේ වල ලොකු රසයක් දැනෙන්නේ නම් නැහැ. කව්පි පිටි තේ වල රසයක් දැනෙන්නේ නැති වුණත් Passion fruit පානය ඉතාමත් සිත්ගන්නාසුළු පානයක් විදියට හඳුන්වන්න පුළුවන්.

Strawberry – LKR 490

ස්ට්‍රෝබෙරි කියන්නේ ගොඩ දෙනෙක් ප්‍රියකරන දෙයක්. ඉතින් ඔවුන් නැවුම් ස්ට්‍රෝබෙරි භාවිතා කිරීමෙන් මෙම පානය නිර්මාණය කර තිබෙන්නේ ස්ට්‍රෝබෙරි වලට කැමති ඔයාලා වෙනුවෙන්මයි. මෙම පානයත් අනෙක් සියලුම පානයන් වගේම ගොඩක් රසවත් .

අපි හැමෝම කැමතියිනේ අළුත් කෑම බීම අත්හදා බලන්න. ඉතින් One Galle Face යන ඔබටත් මේ Mermaid Drink එක අත්හදා බලන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද මේ පානය ආකර්ෂණීය වගේම රසවත් පානයක් බව නොකියාම බැරිදෙයක්. ඉතින් මං වගේම මේ පානය රසවිඳින්න කැමැත්තක් දක්වන අයට මම කියන්නේ මේ පානය බීලම බලන්න කියලා. මට විශ්වාසයි ඔබත් අනිවාර්යයෙන්ම මේකට ගොඩක් කැමති වෙයි. මෙහි ඇති තවත් විශේෂ දෙයක් තමයි මෙම ව්‍යාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරන්න වගේම මෙම පානයන් සඳහා යොදා ගන්නා කව්පි මල් වාණිජමය වශයෙන් ලබා දීමටත් ඔවුන් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා කියලත් ඔවුන් සඳහන් කළා.

සරසවිය වදකාගාරයක් ද ?

හිත්වල බලාපොරොත්තු රොත්තක් තියාගෙන, අනාගතය ජයගන්නට අලුතින් සරසවියට පැමිණෙන සිසුන් හට මුහුණ දීමට සිදුවන මෙම නවක වද ඛේදවාචකය අද ඊයේ හටගත් දෙයක් නොවන බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්. නැවතත් මෙම නවක වදය සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වුණේ මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන රුහුණු විශ්ව විද්‍යාලයේ බවට පැවසෙන ඉතාමත් අමානුෂික වීඩියෝවක් නිසයි. එම සිදුවීම පිළිබඳව අප සොයා බැලීමේදී අනාවරණය වුණේ එය පසුගිය මාර්තු මාසයේ සිදුවූ සත්‍යය සිදුවීමක් බවටයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතරින් නීතිය තම අතට ගෙන ක්‍රියාත්මක කරන, හීනමානයෙන් පෙළෙන කල්ලියක් එකතුවී අහිංසක ළමයින්ට කරන අමානුෂික වද හිංසා වලින් එම සිසුන්ගේ ජීවිතයම අඳුරු වුණ අවස්ථා බොහෝමයි. මෙය වර්තමානය වනවිට විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් ලෙස වර්ධනය වී තිබේ.

නවක සිසුන්ව පිළිඅරගෙන ඔවුන්ව විශ්වවිද්‍යාල සංස්කෘතියට අනුගත කිරීමේ අරමුණින් ආරම්භ වුණු නවක වදය, මුල් වකවානුවල සිසුන්ටද ඉතා සුන්දර අත්දැකීමක් වි තිබුණි. සමාජයේ තිබෙන පන්ති භේදය නැති කර සියළු දෙනාවම එකම මට්ටමකට ගෙන එන්නට දියත් කෙරුණු නවක වදය, සති දෙකක් වැනි සුළු කාලසීමාවකට සීමා වී තිබුණි. නමුත් වර්තමානයේ මේ දේවල් ඉතා අමිහිරි අමානුෂික ආකාරයකින් සිදුවන බව සක්සුදක්සේ පැහැදිලියි.

සිසුන් පමණක් නොවේ ඔවුන්ගේ දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, ඔවුන්ගේ ඥාතීන්ද මෙයින් පීඩාවට පත්වෙනවා. තම දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා යැයි සතුට සමරනවා වෙනුවට මහා බරක් හිසමත තියාගත්තා වගේ හැඟීමක් ඔවුන්ට දැනෙනවා ඇති. රෑ එළිවෙනකම් පාඩම් කරනවා වෙනුවට, දඬුවම් ලැබීමකට මොවුන් හසුවෙනවා ඇති. දහවල් කාලයේ දේශනවලට සහභාගී වෙනවා වෙනුවට රාත්‍රියේ තමන්ට සිදුවූයේ කුමක්දැයි සිත සිතා ඉන්නට ඔවුන්ට සිදුවෙනවා ඇති.

ඉගෙනගැනීමට නිදහස් මනසක් තිබීම අනිවාර්ය බව අපි හැමෝම දන්නවා. ඒත් මෙවැනි කාරණා හේතුවෙන් සිසුන්ට සිදුවන මානසික පීඩනය කොතෙක්ද කිව හැක්කේ නවක වදයට මුහුණ දුන් කෙනෙකුටම පමණි. එය අපට හිතාගන්නවත් බැරි තැනක පවතී. මෙවැනි නවක වද වලට අසුවන සිසුන් බොහෝ දෙනෙක් නීතිය ඉදිරියේ මුණිවත රකින්නේ ඔවුන්ගේ ඉගෙනීමට තවත් බාධා ඒ යැයි සිතාගෙනයි. එම නිසා බොහෝ වැරදිකාරයන් සෑම අවුරුද්දකම මෙම ක්‍රියාව තම සිතැඟි පරිදි සිදු කරගෙන යයි.

ඔවුන් මෙයින් බලාපොරොත්තුවන්නේ මානසික තෘප්තියක්ද? නැත්නම් කායික තෘප්තියක්ද? මේ ගැන ඔවුන්වත් නොදන්නවා ඇති. නවක වදය ලෙස දෙන ක්‍රියාකාරකම් ගැන මෙතන සඳහනක් නොකරන්නේ එය ලොකු කුඩා කවුරුත් දන්න ඉතා අප්‍රසන්න ක්‍රියාකරකම් රැසක් නිසයි. එවැනි අමානුෂික, අප්‍රසන්න ක්‍රියාකාරකම් කරන පහත් මානසික මට්ටමකින් සිටින ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ ක්‍රියාකලාපය හමුවේ මුළු විශ්වවිද්‍යාල සංස්කෘතියටම සිදුවන්නේ මහත් කැළලකි. සමාජයක් දියුණු වීමේදී ඉදිරියට ගමන් කළයුතු අපි ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න යළිත් සිතා බැලිය යුතුයි. රට තුළ වගේම සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට වැඩකටයුතු සිදුවිය යුතුයි.

රසවත් කොක්ටේල් සහ මොක්ටේල් ට්‍රයි කරනවානම් රාමඩා හෝටලයේ Oasis Lounge Bar එක

ගොඩ කාලකෙට පස්සේ relax වෙන්න හොඳ තැනක් හොයනවනම් එහෙමත් නැත්නම් කොළඹ තියෙන හොඳම බාර් ගැන දැනගන්න කැමතියි නම්, මෙන්න ඔයාලට හොඳ ආරංචියක් කියන්න තියෙනවා…..

ඒ තමයි Oasis Lounge Bar එක. මෙය රසවත් මොක්ටේල්, කොක්ටේල් සහ ප්‍රනීත ආහාර රැසක් රසවිඳින්න පුළුවන් සුවපහසු බාර්එකක්. වෙහෙසකර දවසකින් පසු ඔබට එහි ඇති swimming pool එක ලඟට වී ඔබේ ප්‍රියතම පානය සමඟ relax වෙන්න පුළුවන්. මේ අපි Oasis Lounge Bar එකේදී රසවිඳපු දේවල් අපි ලැබූ අත්දැකීම්වලින් කිහිපයක්.

මොක්ටේල්ස් ( Mocktails)

Berry Cooler – Rs 600

නමෙන් කියවෙන විදිහටම මේක හරිම refreshing drink එකක්. දෙහි යුෂ, ස්ට්‍රෝබෙරි සිරප් සහ මිශ්‍ර බෙරී කොම්පෝට් වලින් සාදන ලද මෙය රස්නේ දවසකට කදිමයි. බෙරි වලින් හදපු නිසා මීට වඩා ඇඹුල් රසයක් තියෙයි කියල බලාපොරොත්තු වුනාට, මේක පිපාසය සංසිඳුවන්න නියම බීමක්.

Avacado Jaggery – Rs 600

සාමාන්‍ය අලිගැට පේර පානයකට වඩා වෙනස් නොවුනත්, මේ මොක්ටේල් එකේ විශේෂත්වය වෙන්නේ මේක පැණි රස කරන්න හකුරු යොදාගෙන තිබීම. මේ මොක්ටේල් එක ඕනෑවට වඩා බර නෑ, අලිගැට පේර ස්මූති එකකට වඩා සැහැල්ලුයි.

Shirley Temple – Rs 600

මෙම ප්‍රබෝධමත් classic මොක්ටේල් එක ඉතා ආකර්ශනීය ලෙස පිළිගන්වා තියෙනවා. ග්‍රෙනඩින් සහ සෝඩා වලින් සාදන ලද මෙම මොක්ටේල් එක චෙරි එකකින් සරසා තියෙනවා. මෙය නිවාඩු පාඩුවේ ඉන්න දවසකට වඩාත් කදිම බීමක්.

කොක්ටේල්ස් (Cocktails)

Pina Colada – Rs 1200

උස වීදුරුවක පිළිගන්වන මෙම ජනප්‍රිය පානය අන්නාසි පෙත්තකින් සහ චෙරි එකකින් සරසලා තිබුනා. රම්, කොකනට් ක්‍රීම්, අන්නාසි යුෂ සහ අයිස් වලින් සාදන ලද මෙය අපි රස බලපු හොඳම Pina Colada වලින් එකක්. රම් සහ අන්නාසි මිශ්‍ර කොකනට් ක්‍රීම් හරි ගානට තිබ්බ මේ මොක්ටේල් එකේ උකු ගතිය නියම පදමට තිබුනා.

Vodka Martini – Rs 1200

සිසිල් කරපු වීදුරුවක පිලිගන්වපු dry martini එක ටිකක් සැර වුනාට හරිම ප්‍රසන්න රසයකින් යුක්තයි. මේ Vodka Martini එක ලුණු යෙදූ ඔලිව් ගෙඩියකින් තවත් රසවත් වෙලා තිබුණා. මෙය තවත් ඔලිව් ගෙඩියකින් සරසා ඉතා අපූරුවට පිළිගන්වා තිබුණා.

Classic Mojito – Rs 1200

උණුසුම් දවසකට කදිම මේ Classic Mojito එකේ ඇති හොඳ alcohol රසයට නැවුම් දෙහි සහ මින්ට් කොළ වලින් තව වැඩි රසයක් එකතු කරලා තියෙනවා.

Bar Bites (බයිට්ස්)

Cheese Toast – Rs 400

පිටින් කර කර ගා හැපෙන, මැද්දෙන් ටිකක් soft, ගානට ටෝස්ට් කරපු මේ චීස් ටෝස්ට් එක නම් සුපිරියි. ටෝස්ට් එක පුරාම රසවත් චීස් ස්ප්‍රෙඩ් එකක් ගාලා උඩින් මොසරෙල්ලා චීස් දාල, චීස් ගොඩක් එක්ක ලස්සනට, රසට පිලිගන්වල තිබුණා.

Hot Butter Cuttlefish – Rs 800

කවුරුත් ආස කරන ජනප්‍රිය දැල්ලෝ dish එකක් වන මේ ආහාරය bell pepper එකතු කරලා ඉතා වර්ණවත් සහ ප්‍රිය මනාප අයුරින් පිලිගන්වල තිබුණා. හැබැයි අපිට හිතුනේ මේක ටිකක් රසයෙන් අඩු බවකුයි. මේකට ටිකක් ලුණු වැඩියි කියලයි අපිට තේරුණේ. හැබැයි ගොඩක් තැන් වල ලැබෙන දැල්ලෝ dish වගේ නෙමෙයි, මෙහි දැල්ලන් මෘදුව හා කන්න පහසු විදිහට සකස් කරලා තිබුණා.

Chicken Karaage – Rs 690

Oasis Lounge Bar එකේ වැඩිම ඉල්ලුම සහිත dish එක මෙය වීමට හොඳ හේතුවක් තියෙනවා. මොකද මේක නම් හරිම ප්‍රනීත, දිව පිනායන dish එකක්. මෘදු සහ හොඳට පදම් කරපු චිකන් වටේට කර කර ගා හැපෙන, රසයෙන් පිරුණ batter දැවටුමක් තියෙනවා. මේකත් එක්කම පිළිගන්වන sriracha සෝස් සහ hot chili සෝස් එක්ක මේක නියමෙට ගැලපෙනවා.

Oasis එක තමයි කොළඹ තියෙන දුම් පානය කල හැකි එකම Lounge Bar එක. ඒ වගේම මෙහි අවුරුද්ද පුරාම ඉතා ආකර්ශණීය දීමනා ලබා දෙනවා. මෙහි තවත් විශේෂත්වයක් තමයි ඔවුන්ගේ pool table එක. ඒ වගේම මෙහි එන අයට තමන් කැමති ගීත රස විඳීමට ඉඩ සලසා දෙන ‘i-juke’ jukebox එක. Oasis Lounge Bar හි දිනපතා happy hour එකකුත් තියෙනවා. ඒ වගේම සිකුරාදා දිනවල Neeka ගේ සහ සෙනසුරාදා දිනවල Yenuka & Mariez ගේ සජීවී සංගීතය මග නොහරියම යුතු events දෙකක්. කොක්ටේල්, මොක්ටේල් විතරක් නෙමෙයි මෙහි ආනයනික හා දේශීය alcohol ජාතිත් ගොඩක් ලබාගන්න පුළුවන්. එම නිසාමයි, Oasis Lounge Bar එක නිතරම Lounge Bar වලට යන්න කැමති අයගේ ප්‍රියතම ස්ථානයක් වෙලා තියෙන්නේ.

Tip: මෙහි ගියොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ Chicken Karaage එක try කරන්න

රසවත් ඉන්දියානු ආහාර කෑම වේලකට කොළඹ රාමඩා හෝටලයේ Alhambra අවන්හලට යන්න

රමඩා වල උතුරු ඉන්දියානු අවන්හල එහෙමත් නැත්නම් Alhambra වලට ඇතුල් වෙනකොටම එහි සිත් ඇදගන්නා සුළු බව හා උත්කර්ශවත් බව ඔබව සතුට පත් කරාවි. වෙන තැනකට සමාන කරන්න බැරි රසවත් ආහාර වේලක් වගේම හිතවත් සත්කාරකත්වයක් අපි එහිදී අත්වින්ඳා.

කොළඹ අවට තියෙන ප්‍රධාන ඉන්දියන් අවන්හල් අතරින් එකක් වුනු Alhambra, 1974 දී ආරම්භ වුණු, වසර ගණනාවක් පුරාවට දියුණු කරපු ආහාර වට්ටෝරු වලින් සමන්විතයි. ඔවුන්ගේ මේ විවිධවූ ආහාර වට්ටෝරු, සම්ප්‍රදායික උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් ඔබට ලබාදීම සදහා එකින් එකකට වෙනස්වූ දිව පිනායන ආහාර පිලිගැන්වීම් රාශියක එකතුවක්. Alhambra වල සියලුම ආහාර සැකසීම එහි සිටින ඉන්දීය සූපවේදීන් අතිනුයි සිදුවෙන්නෙ. මේ ආහාර නිමවෙන්නේ ප්‍රවීන සූපවේදී, Chef සිංග් අතින්. සැබෑ ඉන්දීය රසය සොයන ඔබට, සම්ප්‍රදායික ඉන්දීය ආහාර අත්දැකීමක් වෙනුවෙන් කොළඹ තියෙන හොදම නැවතුමක් තමයි Alhambra කියලා කියන්නේ.

බීම වර්ග

Mango Lassi -Rs 400

මෙය ඉතා රසවත් කිරි රස පිරුණු උකු ගතියෙන් යුක්ත Mango Lassi එකක්. උස වීදුරුවක පිලිගන්වන මෙහි අඹ වල පැණි රස හොඳටම තියෙනවා. ඔවුන්ම නිපදවපු යෝගට් වල කිරි රසට මේ ලැසී එක එකතු කරලා තියෙන නිසා අමුතු රසවත් බවක් එක් කරලා තියෙනවා. මේ ලැසී එක බීලා ඉවර වුනාම දැනෙන ඇඹුල් රස නිසාත් ලැසී එකේ පැණිරස බැලන්ස් වෙන්නේ අපූරු රසයක් එකතු කරමින්.

Starters

Murgh Tikka – Rs 975

සම්ප්‍රදායික තන්දූරි අවන් එකේ පිලියෙල වෙන චිකන් ටික්කා එක පිලිගන්වන්නේ රසවත් පොඩ්ඩක් විතර ඇඹුල් රස රයිටා පේස්ට් එක්ක. චිකන් එක යෝගට් වලින් හොඳට පදම් කරලා රසවත් දීසියක් ලෙස පිලිගන්වනවා. ඇත්තටම මේ රසය තවත් වැඩි වෙන්නේ, තන්දුරි අවන් එකෙන් එකතු වෙන අපූරු රසයත් නිසා.

Hara Bhara Kebab – Rs 750

මෙනු එකේ තිබුනු ස්ටාටර්ස් වලින් මගේ ප්‍රියතම තේරීම තමයි Hara Bhara Kebab. එළවළු වලින් සකස් වුන නිර්මාංශ Starters එකක් වීම මේකෙ තියෙන විශේෂත්වයක්. ග්‍රීන් පීස්, කජු, වියළි මිදි එකතු කරලා තිබුණ නිසා එළවළු පැටී එකට අමුතුම රසයක් එකතු කරනවා. සුදු ළූණු, කජු බැදුම ගාර්නිෂ් එක අමුතු රසක් එක් කළා. ඒ වගේම කෙබාබ් එක්ක පිලිගන්වන මිංචි චට්නි එක මුළු දීසියටම අලුත් රසයක් ගෙන ආවා.

Pattiwala Samosa – Rs 400

පිටින් කර කර ගාලා හැපෙන, ඇතුලින් මෘදු මේ සමෝසා එක දැකපු ගමන් කන්න හිතෙන දෙයක්. අල තෙම්පරාදුව පිරුණු මේ සමෝසා පිලිගන්වන්නේ පොඩි පැණි රසක් තියෙන චට්නි එකකුත් එක්ක. මේ Pattiwala Samosa දීසිය ඔබේ රස දිව පිනා යන ආහාර අත්දැකීමක් වෙන බවට නම් සැකයක් නැහැ.

ප්‍රධාන ආහාර

Naan & Parata – Rs 220

අපට පිලිගන්වපු නාන් වර්ග අතර ගර්ලික් නාන් වල ඉදන් සේවරි නාන් වර්ග වෙනකම් ලොකු වට්ටෝරුවක් තිබුනා. හැම නාන් එකකම තිබූ ක්‍රිස්පි මතුපිට, ඇතුලත මෘදු බව අපූරු රසක් එක් කළා. මැටි වලින් හදපු උදුනක තමයි මේ නාන් සකස් කරන්නේ. ඒ නිසා නාන් වල රසය වැඩි කරන්න වගේම නැවුම් රසක් එකතු කරන්නත් මේ මැටි අවන් එක හේතු වෙලා තියෙනවා. විවිධ වර්ග වල නාන් විශේෂ වල තියෙන්නේ වෙනස් වූ ආවේණික රසයන්. ප්ලේන් නාන් එකේ ඇති නැවුම් රසයත්, ගාර්ලික් නාන් එකට ආවේනික වෙච්ච අපූරු රසයත් සහ සුවඳත්, සේවරි නාන් එක නමෙන් කියවෙන විදියටම ස්වාභාවික කුළුබඩු එකතුවෙන් එන ආවේණික රසයත්, චිලී පරාටා වල සැර ගතියත්, මෙනු එකට ලොකු විවිධත්වයක් එකතු කරලා තියෙනවා.

Chicken Biriyani – Rs 950

Alhambra වල බිරියානි එක වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම මම රසවිඳපු හොඳම බිරියානි වලින් එකක්. රසයන් ගොඩක එකතුවක් වෙච්ච, සුවදින් පිරුණු මේ බිරියානි පදමට සකස් වුන කදිම ආහාර වේලක්. චිකන් වගේම වියළි මිදි, කජු මද එක්ක රසට හැපෙන බිරියානි දීසියක් කියන්නෙ, හැම අතින්ම සම්පූර්ණ වෙච්ච රසවත් බවේ උපරිමයක් කිව්වොත් හරි. බිරියානි පිලිගන්වන්නේ චට්නි, කජු මද සහ බොංචි එක්ක විතරක් නෙවෙයි සම්පූර්ණ වටලප්පම් එකකුත් එක්ක. කට්ටියත් එක්ක අමතක නොවන සුපිරි බිරියානි අත්දැකීමක රසය විඳගන්න නම් Alhambra තරම් සුදුසු වෙන තැනක් කොළඹ අවටනම් නැහැ.

Thaali- Rs 1300

විවිධ වර්ග වල ආහාර රාශියක එකතුවක් වෙච්ච Thaali, අතිශයින් අලංකාර ආහාර දීසියක්. පරිප්පු ටඩ්කා,මට්න්, රසම්, සබ්සි, ජල්ෆ්රෙසි, මීකිරි , සලාදයක්. එළවළු සමෝසා සහ බිරියානි හරි නාන් හරි එක්ක Thaali රස විදින්න අවස්ථාව තියෙනවා. මේ එක එක ආහාර වල අවේනික විවිධ රසයන් එකට එකතුවෙලා Thaali එකෙන් ලැබෙන්නේ වෙනස්ම අලුත්ම, අපේ ශ්‍රී ලාංකික රසට හරියන දිව පිනායන රසයක්.

curry වර්ග

Dhaal Tadka – Rs 650

කුලුබඩු වර්ග ගණනාවක් එකතු කරල, පොල් කිරි, ගිතෙල් එකතුවෙන් සකස් කරපු රසවත් පරිප්පු ටඩ්කා, බත් හරි නාන් හරි එක්ක හොදින් ගැලපෙන කරි වර්ගයක්. වර්ණවත් කහපාටකුත් තියෙනවා. මේ දීසිය සැර එකක් කියල හිතුනට ඇත්තටම සැර අඩු රසවත් කරියක්.

Paneer Makhani – Rs 850

රතු පාට, ගණකම් හොදි දීසියක් එක්ක පනීර් පිලිගන්වන මකානි එක ඇත්තටම හොඳම සංයෝගයක්. සුදු ළූණු, ළූණු, මසාලා වගේ ගොඩක් කුළුබඩු සහ රසයින් රාශියක එකතුවක් වුනු පනීර් මකානි, Alhambra වල තියෙන හොදම කෑමවලින් එකක්.

Gosht Kali Mirch (Mutton) – Rs 1100

හොඳින් පදම් කරපු, කුළුබඩු වර්ග නියම පදමට යොදපු, සැර ගතියට කැමති අයට සුදුසුම දීසියක් තමයි Gosht Kali Mirch. මට්න් වලට පදමට රස එකතු වෙලා සකස් කරපු මේ කරි වර්ගය ඇත්තටම රසවත්. ඕනෑම නාන් වර්ගයක් එක්ක ගැලපෙන මේ කරිය රසයෙන් වාගේම සුවදින් හා පාටින් පරිපූර්ණයි.

Desserts

Mango Rabri – Rs 450

පැණි රසට කැමති ඔබ වෙනුවෙන්ම හදපු අතුරුපසක් තමයි මේ. Mango Rabri කිරි රසිනුත් අනූනයි. අඹ වල සහ කිරි වල පැණි රසට ලෙමන් වල ඇඹුල් රස අපූරු සංයෝගයක් එක් කරනවා. කජු, වියලි මිදි එකතුවෙන් මේ අතුරුපස තවත් රසවත් කරලා තියෙනවා.

Rice Kheer – Rs 400

ඉන්දියාවෙ විතරක් නෙවෙයි, මුලු ලෝකෙම ඉතාම ප්‍රසිද්ධ අතුරුපසක් තමයි කීර්. ආමන්ඩ් රසෙන් කිරි යහ ගුණයෙන් පිරුණු කීර් වලට උඩින් එකතු කරපු ආමන්ඩ් කැබලි, මේ අතුරුපසට තවත් රසවත් බවක් එකතු කරනවා. Alhambra වල කීර් එක පාරක් ආහාරයට ගත්තොත් ආපහු කන්න හිතෙන තරම්ම රසවත්.

Alhambra වලට යන හැමෝටම සුපිරි අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඉහලම ආරක්ෂක තත්වයෙන් යුතු මේ අවන්හල අමුත්තන්ගේ ආරක්ශාව, සුවපහසුව උපරිමයටම තහවුරු කරල තියෙන්නේ. එහි තියෙන රසවත් ආහාර වගේම සත්කාරකත්වය Ramada වල තියෙන විශේෂත්වයක්. මූගල් ගෘහනිර්මාණ ශිල්පයට විශේෂ අවධානයක් දෙමින් ඉදිකරපු Alhambra, ගෘහ භාණ්ඩයන් වල තියෙන ඉන්දීය සම්භවය පවා ඔබට සම්පූර්ණ උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් සඳහා හොදින්ම ගැලපෙන නැවතුමක් බවට පැවසිය යුතුමයි.

Alhambra හැම සිකුරාදා දවසකම උතුරු ඉන්දීය ආහාර දීසී රාශියකින් සමන්විත රාත්‍රි බුෆේ එකක් සූදානම් කරනවා. අමුත්තන් 72කට පමණ එකට ඉඳගෙන ආහාර ගන්නට ඉඩකඩ තිබෙන Alhambra, පවුලේ හැමෝම හෝ යහළුවන් සමග හෝ එක්ව උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් ලබන්නට සුදුසුම අවන්හලක්.

බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?

අපි අද ඉදිරිපත් කරන්නේ බිකිනි ගැන. බිකිනිය වඩාත්ම නින්දිත ඇඳුමක් විදියට තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ.

හැබැයි අනෙක් අතට අමුඩේ කියලා එකකුත් අතීතයේදී අපේ රටේ තිබිලා තියෙනවා. ඒත් මේ අමුඩේ කියන එක කවදාවත් ලැජ්ජාවට කරුණක් වුණේ නැහැ. ඒ ඒක සංස්කෘතික දෙයක් විදියට මුල්බැසගත්ත නිසා.

මම නිදහසට කැමති කෙනෙක් වුණත් මම දෙමව්පියන් සමග රූපවාහිනිය නරඹනකොට ගැහැණු ළමයෙක් බිකිනියක් ඇඳගෙන රූපවාහිනී තිරයේ දිස් වුණොත් මට ඇත්තටම ලැජ්ජාශීලී බවක් දැනෙනවා. ඉතින් අමුඩේ කියන එක හරි විදියට පෙනෙන්නත් බිකිනිය වැරදි විදියට පෙනෙන්නත් හේතුව මොකද්ද?

ජාත්‍යන්තර බිකිනි දිනය යෙදී තියෙන්නේ අද වගේ දවසක නිසා අපි හිතුවා මේ ගැන කතා කරන්න.

මම මේ කාරණාව සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග සාකච්ඡා කරනකොට පළවෙනි උත්තරය විදියට ඔහු මට කියන්නේ අමුඩේ අපේ සංස්කෘතියේ කොටසක් නිසා එය කමක් නැහැ කියලායි. හැබැයි බිකිනිය ගැන කතා කළොත් කියන්නේ එය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලයි.

සංස්කෘතිය කියන දේ ගැන ඔබ වඩාත් හිතනවානම් ඔබ මේ දේ නිවැරැදි කරගන්න ඕන. ඓතිහාසිකව ගත්තොත් ශ්‍රී ලංකාව ගොඩක්ම සංස්කෘතිකයි කියන්න බෑ. මේකට හොඳම උදාහරණය තමයි ඓතිහාසික ඡායාරූපවල කාන්තාවන් සිටින්නේ උඩුකය නිරුවත්වයි. කාශ්‍යප රජතුමන් තැනූ සීගිරියේද මෙවැනි සිතුවම් ඔබට අදටත් දැකගන්න පුළුවන්. ඉතිං සංස්කෘතිය කියන්නේ හැමවිටම වෙනස් වෙමින් පවතින දෙයක් වන අතර අප කාලයත් සමග ඉදිරියට ගමන් කළ යුතුයි.

සංස්කෘතිය කියන දේ පැත්තකින් තියලා විවාදයකට ආවොත් කාන්තාවන් ශරීරය පෙන්වීම ප්‍රශ්නයක් වෙන්නත් හැබැයි පිරිමි ඒ දේ කළහම ප්‍රශ්නයක් නොවන්නෙත් කොහොමද කියලා ඔබ හිතලා බලන්න?

බිකිනි ගැන කතාකරනකොට ගොඩක් අය කියන තව දෙයක් තමයි බිකිනි ඇඳපු කාන්තාවක් දැකීමෙන් දරුවන්ගේ පිරිසිදු මනස දූෂණය කරනවා කියලා. ඒත් මේ කතාවේ ඇත්ත මොකද්ද කියලා හිතලා බලන්න. බිකිනි ඇඳපු අයද නැත්නම් ඒ දරුවන්ගේ වටේ ඉන්න අයද දරුවන්ගේ මනසට මේ වගේ දේවල් කාවද්දවන්නේ කියලා.

අවංකවම කියනවානම් අමුඩේ ඇඳන් ඉන්න පිරිමියෙක් තුලවත් බිකිනියක් ඇඳන් ඉන්න කාන්තාවක් තුළවත් ලිංගිකත්වය ඔප්නංවන කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඔයාගේ මනස ඒ කුණු කූඩෙන් එළියට ගන්න හොඳම අවස්ථාව තමයි මේක. එහෙම වුණාම දරුවන්ට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.

අනිත් හැම දේ ගැනම මිනිස්සු හිතන පටු විදියට තමයි බිකිනි දිහාත් බලන්න පුරුදු වෙලා තියෙන්නේ. තමන් ඒ හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාටම පෙනෙයි බිකිනි හෝ අමුඩ සම්බන්ධව එහෙම බලන්න කිසිම හේතුවක් නෑ කියලා.

ඔයා කරන්න ඕන ඔයාගේ ප්‍රමුඛතා සෘජුව ලබා ගැනීමයි. ඔයාගේ ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම අනෙක් මිනිස්සුන්ටත් ඔවුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න.

ඒලෙවල් ළඟ ළඟම එන නිසා ඔයත් ඉන්නේ බයෙන්ද? එහෙනම් මේ ටික කාලේ මෙහෙම ලෑස්ති වෙන්න

අපොස උසස්පෙළ විභාගයට ඇත්තේ තව නොබෝ දිනයි. මේ වෙද්දි බොහෝ සිසුන් මානසිකව පීඩාවට පත්වෙලා බයවෙලා පාඩම් කරනවා ඇති. තවත් අය ඉස්සර හිටපු විනෝදයෙන්ම කල් ගෙවනවා ඇති. හැබැයි ලබන මාසයේ ඔබට ඇති මේ ඒලෙවල් කඩඉම තමයි අවුරුදු 13ක පාසල් ජීවිතේ හමුවෙන අවසාන කඩඉම. ඔබ විශ්ව විද්‍යාල වරම් ලබන්නේ හෝ රැකියාවක් සම්බන්ධයෙන් හිතන්නේ මින් පසුවයි. ඉතින් මේ වටින කාලය අපතේ යවන්න එපා. එහෙම කිව්වම ඔබ කලබල වෙන්නත් එපා. ඔබට තවමත් කාලය තියෙනවා ඔබ මෙතෙක් කල් පාඩම් කරපුවා නැවත මතක් කරගන්න. මේ ඔබට ගැස්මෙන් ඒ සඳහා උපදෙස් ටිකක්.

1) නිදාගන්න

මෙහෙම කිව්වම හැබැයි ඕනවාට වඩා නිදාගන්න හදන්නත් එපා. ඔබ මානසික ආතතියෙන් වෙහෙසට පත්වෙලා නම් නින්ද අනිවාර්යෙන්ම ලබාගන්න. මොකද නින්දෙන් පුළුවන් ඔබේ ආතතිය අඩු කරන්න සහ ශරීරයට විවේකයක් ගන්න. පැය 6 සිට පැය 8 දක්වා දක්වා නිදා ගන්න. හැබැයි ඊට වඩා නිදාගන්නත් එපා . ඇඳේ සුවපහසුව, කාලගුණය වගේ දේවල් නිසා ඔබට කම්මැලිකමක් දැනෙනත් පුළුවන් අවදි වෙන්න. හැබැයි හැමවෙලාවෙම ඔබට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය ගැන හිතන්න.

2) පාඩම් කරන්න සුදුසු ස්ථාන

ඔබ පාඩම් කරන ස්ථානය නම් ඉතා ප්‍රවේශමෙන් තෝරගන්න. මොකද ඒක ගොඩක් වැදගත්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා පුස්තකාලයේ ගිහින් පාඩම් කරන්න. හැබැයි ඉතින් පුස්තකාලයෙත් ඔබට නින්ද යන්න තියෙන අවස්ථා වැඩියි. ඒ වගේම සමහරු උණුසුම් පරිසරයක පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෙහෙම පාඩම් කරද්දිත් හිසරදය සහ ඉරුවාරදය වගේ ඒවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පාඩම් කරන ස්ථානය හරියට තෝරගන්න. සුවපහසුවම හොයන්න යන්නත් එපා. එ් වගේම කෙලින් වාඩි වෙලා පාඩම් කරන්නත් වග බලාගන්න. සෝෆා වල ඇඳවල් වල ඉඳගෙන පාඩම් කරන්න යන්න එපා. මොකද එහෙම වුණාම ඔබට තවත් නින්දක් නිදාගන්න හිතෙයි.

3) ක්ෂණික ආහාර

ඔබ පාඩම් කරන වෙලාවෙදි මොනවාහරි ක්ෂණික ආහාර වේලක් ගන්න තියෙනවානම් හොඳයි. චිප්ස්, චොකලට්, ටොෆි වගේ දේවල්.. මේ දේ සෞඛ්‍ය සම්පන්න නැති වුණත් විභාගයට තව තියෙන්නේ පොඩි කාලයක් නිසා කමක් නෑ. විභාගයට ආසන්න කාලයේ ඒකට කොයිතරම් පෙළඹවීමක් ඕනද කියලා හැමෝම දන්නවානේ. හැබැයි ඉතින් එහෙමයි කියලා දවල් කෑම බඩ පැලෙන්න කන්න යන්න හදන්න එපා. දවල්ට ඔබ එහෙම කෑවොත් ඔබට වෙන්නේ පාඩම් කරන එක පැත්තකින් තියලා ආයෙත් නිදාගන්න තමයි.

4) කාල කළමනාකරණය

ඔබ දිගු වේලාවක් පාඩම් කරලා පොඩි විවේකයක් ගත්තට කමක්නෑ. හැබැයි ඒ විවේකය හරි විදියට ගන්න. ෆිල්ම් බලන්න නිදාගන්න වගේ දේවල් වලට යොමුවෙන්න එපා. ඔබ මිනිත්තු 25ක් පාඩම් කර පොඩි විවේකයක් ගෙන නැවත පාඩම් කරනවානම් ඔබට කාලය ගතවෙන එක දැනෙන්නේ නැතිවෙයි. ඒ වගේම තමයි පාඩම් කරන කරුණු මතකයේ රඳවගන්න මේ ලබාගන්න කෙටි විවේකය ඉතා වැදගත්. ඒ නිසා හරියට කාලය කළමනාකරණය කරගෙන පාඩම් කටයුතුවල නිරත වෙන්න.

5) සමාජජාල මාධ්‍යන්

ඔබ පාඩම් කරන කාලයේ හෝ විභාග ආසන්න කාලයේ සමාජජාල මාධ්‍යයන්වලින් ටිකක් ඈත් වෙන්න පුළුවන්නම් හොඳයි. මොකද සමාජජාල මාධ්‍යයන් පරිහරණය කිරීමේදී කාලය ගතවීම ගැන දැනෙන්නේ නෑ. ඒ වගේම සමාජජාල මාධ්‍යයන් භාවිතා කරනකොට ඒවායේ තියෙන දේවල් දැකලා ඔබගේ හිත වෙන දේවල්වලට යොමුවෙන්න පුළුවන්. ඒක නිසා මේ ෆේස්බුක්, ඉස්ටග්‍රෑම් වැනි සමාජජාල මාධ්‍යයන් තුළින් මේ දිනවල ටිකක් ඈත් වෙන එක තමයි හොඳම දේ.

මේ තියෙන්නේ ඔයාට විභාගයට අවශ්‍ය උපදෙස් ටිකක්. මේවා හරියට පිළිපැද්දොත් ඔයාට පුළුවන් විභාගයට හොඳට මූණ දෙන්න. ඉතින් ළඟ ළඟම එන ඒලෙවල් විභාගයට ගැස්ම අපෙන් සුබ පැතුම්.

දවල්ට කන්න Cimply Yummy එකට යනවානම් මේ ගැනත් දැනගෙන යන්න…

 

බේකන් හා චීස් කොත්තු ගැන කිව්වම කටට කෙල උනනවානේද? හැබැයි ඉතින් කොත්තු වගේ දේවල් කොහෙන් ගත්තත් අපි ඒකේ ගුණාත්මක භාවය කොහොමද කියලා බලලා තමයි කන්න ඕන. ඒකට හේතුව ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නැත්නම් ඉතින් බඩේ අමාරුවලින් පීඩා විඳින්න තමයි වෙන්නේ. ඉතින් අපි ඔන්න දවල් කෑම ගන්න ගියේ මේ කොත්තු කඩේට. මේක සාමාන්‍ය කොත්තු අවන්හලක්. මේකේ හැමදෙයක්ම පිළිවෙලට හා පිරිසිදුව අසුරලා තියෙන අයුරු තමයි අපිට දැකගන්න ලැබුනේ.

මේ කොත්තු අවන්හලෙන් අපිට ප්‍රසන්න සේවාවක් ලබා දුන්නා. ඒ වගේම අපි ඇනවුම් කළ ආහාර ලබාගන්න ටික වෙලාවක් ගත වුවත් අපි ඕඩර් කරපු සියලු දේ එකවරම අපිට ගෙනත් දුන්නා. ඔවුන්ගේ මෙනු එකේ විවිධ වර්ගයේ ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තිබුණත් හැම දෙයක්ම ලබාගන්න පුළුවන් වුණේ නෑ. ඒකට හේතුව තමයි එයාලා මේ වැඩේ පටන් අරන් තියෙන්නේ අලුතෙන්. හැබැයි ඒ හැම ආහාරයක්ම ඉදිරියේදී ලබාදෙන්න මේ අය කලමණාකාරණය කරමින් සිටින බවක් තමයි අපිට දැකගන්නට ලැබුණේ.

Starters

Cream of Chicken Soup – රුපියල් 400

මේ සුප් එකනම් තනියම ඉවර කරන්න ටිකක් අමාරුයි. හේතුව තමයි ඒක ඒ තරම් විශාලයි. සමහරු සුප් එකට ලුණු වැඩියි කියලා කිව්වත් මමනම් ඒ රසට කැමතියි. සුප් එක ක්‍රීම් ගතියෙන් තියෙනවා. chicken එහෙම හොඳට සුප් එකට එකතු කරලා තමයි මේක රසට හදලා තියෙන්නේ.

ප්‍රධාන ආහාර

 

Bacon and Cheese Kottu – රුපියල් 650

 

අපි ඕඩර් කලෙත් මේ Bacon and Cheese කොත්තුවක්. මේ කොත්තුවේ අපි බලාපොරොත්තු වෙච්ච හැමදේම තිබුණා. කොත්තුව වඩා විශාල නොවූවත් එය ඉතාමත් රසවත්ව පිළියෙල කරලා තිබුණා.

Chicken Noodles – රුපියල් 450

 

අපි මේ නූඩ්ල්ස් එක ඇනවුම් කළේ පසුව වුණත් අපි මේ අවන්හලෙන් ඇනවුම් කළ හොඳම dish එක තමයි මේක. එය කුලුබඩු නියම ආකාරයෙන් යොදපු ඉතාමත් රසවත් මිහිරි ආහාර වේලක් වුණා අපි හැමෝටම. කැරට්, කුකුළු මස් මිශ්‍ර කර ඉතාමත් රසවත් මෙම නූඩ්ල්ස් එක පිළියෙල තිබුණා.

 

Chicken Fried Rice – රුපියල් 450

 

 

Chicken Fried Rice කියන්නේ ඕනෑම අවන්හලක ප්‍රධාන ආහාරයක්. ඉතින් අපි මේ Chicken Fried Rice එකෙත් රස කොහොමද කියලා හොයලා බැලුවා. අනෙක් Fried Riceවල වගේම මේකෙත් වර්ණ හා සිත් ඇදගන්නා පෙනුමක් තිබ්බත් රසවත් බවක් නම් තිබ්බේ නැහැ. මේ අවන්හලේ අනෙක් ආහාරත් එක්ක බලනකොට Fried Rice එකේ රසවත් බව අඩු මට්ටමක පවතින අතර ඔබ මොවුන්ගේ වෙනත් ආහාර අත්හදා බලනවානම් වඩාත් සුදුසුයි.

Cimply Yummy යනු අතිවිශිෂ්ට ආහාර වර්ග රාශියක් ලබා දෙන ආකර්ශනීය කුඩා අවන්හලක්. එය හොඳම භෝජන අත්දැකීමක් නොවුනත් ඔබට ඔවුන්ගේ ආහාර ඕඩර් කරලා ගෙන්වාගන්න පුළුවන්. ඒ කියන්නේ Uber eats වලිනුත් ගෙන්වාගන්න පුළුවන්.

 

ඔයත් විනෝදෙට සිගරට් බොන කෙනෙක්ද? යාළුවෝ එක්ක එකතු වුණාම ෂීෂා වගේ දේවල් ට්‍රයි කරනවාද?

පසුගිය වසරවල මෙන්ම වර්තමානය වන විටත් දුම්පානය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ මිතුරන් සමග සිටින විට මෙන්ම රාජකාරී ස්ථානයේ හෝ වේවා සිය නිවසේදී හෝ වේවා මේ දුම්පානය ප්‍රියතම විනෝදයක් බවට පත්වෙලා තියෙනවා. එහෙත් දුම්පානය සහ මෙමගින් සිදුවන හානිය කොතෙක්ද යන්න බොහෝ දෙනෙක්ට අමතක වී ගිහින්. විශේෂයෙන් තරුණ පරම්පරාවන් අතර මෙම ජනප්‍රිය පුරුද්ද වැඩි වශයෙන් දැකගන්නට ලැබෙනවා.

මෙම දුම්පානය සෞඛ්‍යට අහිතකර වන්නේ කොහොමද? අවම වශයෙන් අපේ රටේ තරුණ පරම්පරාව මෙම දුම්පානය මගින් සිය ශරීරය තුළට දුමක් විදියට ඇතුළුවන්නේ කුමක්ද යන්න හෝ දැන සිටිය යුතුයි. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බලන්නට අප, උපදේශන ශ්වසන වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය සමග කතා කළා. මේ ඇය මේ ගැන කියූ කරුණුයි.

දුම්පානය පිටුපස ඇති ජීව විද්‍යාව

වෛද්‍ය රාජපක්ෂ මහත්මිය අවධාරණය කරන පරිදි දුම්පානය මගින් ඇතැම් විෂ ද්‍රව්‍ය ශ්වසන පද්ධතියට ඇතුළු වීම මගින් පෙනහළුවලට හානි සිදුවනවා. එය ක්‍රම කිහිපයකින් සිදුවන අතර පළමු ක්‍රමය නම් ශ්වසන මාර්ගය ඇතුලත ඇති සිහින් ආරක්ෂිත ව්‍යුහයන් හානි කිරීමයි. එය සිලියා යන නමින්ද හඳුන්වනවා. මෙම සිලියා මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ විෂ හා දූවිලි පද්ධතියෙන් ඉවතට ගෙන යාමයි. නමුත් දුම්පානය මගින් අපගේ පෙනහලුවලට ඇතුළුවන දුමාරයේ සංඝටක මගින් මෙම සිලියා විනාශ වන අතර එමගින් අපේ ශ්වසන පද්ධතිය සුළු දෙයකන් පවා (උදාහරණ ලෙස දූවිලි, පරාග, සත්ත්ව ලොම්, ආසාදන) අවදානමකට ලක්විය හැකියි.

දුම් පානය, පෙනහළු පිළිකා සහ වෙනත් තත්වයන්

දුම් පානය කරන්නන් සහ පෙනහළු පිළිකා අතර සැලකිය යුතු සම්බන්ධයක් තියෙනවා. පෙනහළු පිළිකාවෙන් මියයන පිරිස අතර වැඩි පිරිසක් පිරිමි පාර්ශවයයි. දුම්පානය හා සම්බන්ධ ඊළඟ ප්‍රධාන තත්වය වන්නේ පෙණහල්ල පිළිබඳ නිදන්ගත රෝගයි (Chronic Obstructive Pulmonary Disease (COPD). මෙය ආරම්භ වන්නේ දුම් පානය කරන කෙනෙකුට දිගු කාලයක් තිස්සේ තිබුන කැස්සකින්. වාමඟ ප්‍රදාහය වීමෙන් සහ පෙනහළු වල ඇති ආරක්‍ෂිත පක්ෂ්මයට හානි වීමෙන් මේ රෝගය ඇති වේ. එයින් පෙනහළු වල සෙම එකතු වේ. මේ නිසා හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා දුම්පානයෙන් පෙනහළු රෝග සහ වෙනත් ශ්වසන රෝග සඳහාද ගොදුරු විය හැකියි.

දුම්පානයෙන් ඇති විය හැකි බලපෑම් වලට යොවුන් වියේ අය ගොදුරු වෙනවාද?

අපිට මේක කුඩා දරුවන් හා තරුණ වැඩිහිටියන් ලෙස බෙදා දක්වන්න පුළුවන්. කුඩා දරුවන් ඉදිරියේ දුම්පානය කරන පුද්ගලයින්ට එම දරුවන්ගේ පෙනහළුවලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. විශේෂයෙන් එම දරුවන් ඇඳුම රෝගයෙන් පෙලෙනවානම් මෙමගින් අවදානමක් ඇතිවෙන්න තියෙන අවස්ථා වැඩියි. එමෙන්ම ගර්භනී කාන්තාවන් දිගින් දිගටම දුම් පානය කරනවානම් එම දුමාරයේ සංඝටක දරුවාගේ රුධිරයට ඇතුළු වී පෙනහළුවල වර්ධනය නතර කළ හැකියි. එමගින් දරුවා වැඩිහිටියෙකු බවට පත්වන විට ඔහුගේ පෙනහළු සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවනු ඇත.

තරුණ වැඩිහිටියන් දුම් පානය කිරීම ගැන කතා කරන විට, එය සමුච්චිත බලපෑමක් විදියට හඳුන්වන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, වයස අවුරුදු 40 දී දුම් පානය ආරම්භ කර දැන් 70 වන වියේ පසුවන අයෙක් අවුරුදු 30 ක් දුම්පානය කර ඇති නමුත්, ඔහුට 18 හැවිරිදි වියේ දී දුම්පානය ආරම්භ කළ එම වයසේම අයෙකුට වඩා හොඳ පෙනහළු යුගලයක් තිබෙන්නට පුළුවන. ලාබාල වයසේදීම දුම් පානය ආරම්භ කිරීම තුලින් ඔබගේ පෙනහළු වඩාත් නරක අතට හැරෙනවා. එම අර්ථයෙන් ගත්තොත්, දුම්පානයේ අනිසි ප්‍රතිපල වලට තරුණ වැඩිහිටියන් වඩාත් ගොදුරු වෙන්න පුළුවන්.

අක්‍රීය දුම්පානය ශරීරයට කෙතරම් අහිතකරද?

බොහෝ දෙනෙක් දුම්පානය නොකරත් වෙනත් අයෙක් පානය කරන සිගරට් එකක දුම ආශ්වාස වීම සාමාන්‍ය කාරණයක්. මේ තත්වය පෙණහළු පිළිකා වැනි ලෙඩ රෝග වලට හේතුවක් වනවාද කියන එක බෙහෝ දෙනෙකුට ගැටලුවක්. පිළිතුර ඔව්. බොහෝ විට මේ අක්‍රීය දුම්පානය සෘජුව පුද්ගලයෙකුට වන හානියට වඩා හානිකර වෙන්න පුළුවන්. මීට හේතුව අක්‍රීය දුම්පානයට ලක්වන කෙනෙකුට ක්‍රම දෙකකට දුම් ශරීරගත වීමයි. සිගරට්ටුව දැල්වෙද්දී පිටවන දුමත් ඔබ ළඟ සිටින දුම්පානය කරන පුද්ගලයා ප්‍රාශ්වාසයෙන් පිටකරන දුම කියන ක්‍රම දෙකෙන්ම ඔබට දුම ශරීර ගත විය හැකියි. ඒ අනුව මේ ක්‍රම දෙකෙන්ම පිටවන දුම පිළිකාකාරක ද්‍රව්‍ය විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ෂීෂා එතරම් නරක නැද්ද?

සිගරට් එකක් මෙන් නරක නොවන බව පවසමින් බොහෝ දෙනෙක් ෂීෂා වෙත යොමුවෙන අවස්ථා දැන් බොහෝ විට දැකගන්න පුළුවන්. හැබැයි කවුරුත් නොදන්න දේ තමයි මෙය සිගරැට්ටුවකට වඩා නරක බව. සමහරෙක් කියා සිටින්නේ පයිප්පයේ භාවිතා කරන ජලයෙන් නිකොටින් අවශෝෂණය කර දුම් පානය කිරීම හානිකර වෙන්නේ නෑ කියලායි. මිනිසුන් ඔවුන්ගේ උපකරණ ගැන සැලකිලිමත් නොවන්නේ නම් සහ එය නිසි ලෙස පිරිසිදු නොකරන්නේ නම් මීට භාවිතා කරන ජල මාධ්‍යය බැක්ටීරියා සහ දිලීර වැඩීමට සුදුසුම ස්ථානය බවට හඳුන්වන්න පුළුවන්. මෙම උපකරණය භාවිත කරන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකමක් හරහායි. එබැවින් මෙය ආසාදන හෝ බැක්ටීරියා බෝවන උපකරණයක් බවට හඳුන්වාදෙන්න පුළුවන්.

இலங்கையில் பின்டன்ஸ் பானங்கள் (fitness drinks)

Fuel කියන්නේ කොළඹ නගරයට අලුතෙන් එකතු වුණු fitness ගැන සැලකිලිමත්, සෞඛ්‍ය සම්පන්න බීම වලට කැමති ඔයාලටම හරියන තැනක් කිවුවොත් හරියටම හරි. දැනට pick me සහ uber eats වලින් Fuel smoothies ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
ඉතින් අපිටත් රසවත් smoothies කිහිපයකම රස බලන්න අවස්ථාව ලැබුණා. මේ තමයි ඒ smoothies ගැන අපිට හිතුන දේ.

විශේෂම දේ තමයි එයාලගේ තියෙන පරිසර හිතකාමී බව. මේ drinks දාලා තිබුනේ නැවත පාවිච්චි කරන්න පුළුවන් වීදුරු බෝතල් වල. ඒ වගේම cool එකත් එක්ක තමයි මේ smoothies වල ගොඩක්ම රස රඳා පවතින්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. අපිට ඒවා ලැබෙන වේලාවේත් ඒවා ගොඩක් සීතලට තිබුණ බව නම් කියන්නම ඕනේ. එයාලගේ හැම smoothie එකකටම කෙසෙල් ( ඉහල මට්ටමක sodium සහ අඩු මට්ටමක potassium අඩංගු නිසා ) සහ Protein powder එකතු කරලා තිබුණා.

 

 

1.Peanut Butter Berry Power (LKR 650)

මේ smoothie එක අපි හිතපු නැති තරම් උකු වුණත් බඩ පිරෙන්න ප්‍රමාණවත් තරම් තිබුණා. හොඳ peanut butter රසයක් සමගම කෙසෙල් රසයකුත් ගෙන දුන්නු මේ smoothie එක තද පැණි රසක් නැති වුණත් පොඩි පැණි රසක් සහ savoury රසයක් ගෙන දුන්නා. මේ drink එකේ ඉහල මට්ටමේ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන නිසාම fit ඇඟක් හදාගන්න මහන්සි වෙන අයට නම් ගොඩක්ම ගැලපෙනවා.

 

 

2.Non Dairy Fuel (LKR 650)

මේ smoothie එක ගැන අපේ පළවෙනි අත්දැකීම වුණේ මේකේ තිබුණ ස්ට්‍රෝබෙරි සුවඳ. අපි රස බලපු අනිත් smoothie වලට වැඩිය අඩු උකු බවක් සහ මෘදු බවක් මේකේ තිබුණා. වැඩිපුර බෙරි රසයක් තිබුණත් පොඩි කෙසෙල් රසයකුත් මේකේ තිබුණා. හැපෙන සුළු ගතියක් නැති මේ smoothie එක පැණි රසට කැමැති කෙනෙක්ට නම් ගොඩක් ගැලපෙනවා. අපි රස බලපු smoothies අතරින් මේක ගොඩක් සැහැල්ලු බවක් ගෙන දීපු නිසාම මේ smoothie එකට වැඩිපුර හිතගියා කිවුවොත් හරියටම හරි.

 

 

3.Chocolate Berry Boost (LKR 600)

මේ smoothie එකේ තිබුණු තද කෙසෙල් රසය සහ දැඩි උකු බව නිසා අපි ගොඩක් අඩුවෙන්ම කැමති වුණ smoothie එක මේක කියලනම් කියන්න ඕනේ. chocolate කියලා නමේ දාලා තිබුණට මේකේ කිසිම chocolate රසක් නම් තිබුණේ නැහැ. මේ drink එක අපිට හිතාගන්න බැරි කුඩු සහිත ස්වභාවයක් අපේ දිවට එකතු කළා.

 

 

4.Fuel Original (LKR 600)

ඔයත් liquid diet එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්නම් මේ smoothie එක ඔයාට හොඳටම ගැලපෙනවා. අපි පොඩි කාලේ රස බලපු ගොඩක් නැවුම් සහ උකු වගේම සෞඛ්‍යය සම්පන්න yogurt drink එකක රස මතක් කරලා දෙන්න පුළුවන් වුණා. මේකේ තිබුණ සැහැල්ලු සාමාන්‍ය උකු ගතිය නිසාම අපි මේ smoothie එකටත් ගොඩක් කැමති වුණා.

මේ smoothie වල උකුබව ටිකක් වැඩියෙන් තිබ්බ නිසා, සමස්ථයක් විදිහට ගත්තමනම් fuel ලට එයාලගේ drink වල ගුණාත්මක බව රැකගන්න තව ටිකක් මහන්සි වෙන්න ඕන කියලාත් අපි මතක් කරන්න ඕන.

ඔයාගේ perfume එකේ සුවඳ වැඩි වෙලාවක් රඳවගන්න ඕනනම්, මේ විදියට පාවිච්චි කරන්න -03

ඔයාගේ perfume එක ගැන මීට කලින් ලිපි දෙකකදී අපි ඔයාව දැනුවත් කරා. අපි ඊළඟට ඔයාට කියන්න යන්නෙ නිවැරදිව කොහොමද perfume එක පාවිච්චි කරන්නෙ කියන කාරණය. ඔයාට හරියටම ගැලපෙන perfume එක තෝරාගෙන ආවට පස්සේ මෙන්න මේ කාරණා ගැන ඔයා සැළකිලිමත් වෙන්නම ඕනෙ.

 

 

perfume එකක් පාවිච්චි කරන හුඟක් අය කරන වරදක් තමයි perfume වැඩිපුර පාවිච්චි කරන එක. ඒක ඔයාගේ skin එකට වගේම පොකට් එකටත් එච්චර හොඳ නැහැ. සාමාන්‍යෙන් මිලි ලීටර් 8ක පුංචි perfume එකක් සිය වරක් පමණ spray කරන්න ප්‍රමාණවත් කියන එකයි සම්මත පිළිගැනීම. ඒ ගැන ඔයා අද ඉඳන් විමසිලිමත් වෙන්න අවශ්‍යයි. අපි මුලින් ඔයාව දැනුවත් කරා වගේම perfume වල විවිධ වර්ග තියෙනවා. ඒ අතරින් හොඳම සහ ගැලපෙනම වර්ගය තෝරාගන්න ඔයා දැන් දැනුවත් වෙලා අවසන්. හැබැයි තව එක කාරණයක් ගැන ඔයා අවදානයෙන් ඉන්න අවශ්‍යයි. perfumes වල තවත් වර්ග දෙකක් තියෙනවා. Daytime සහ Nighttime කියල ඒ වර්ග කිරීම කරන්නෙ පාවිච්චියට ගැලපෙන වෙලාව අනුව. ඔයා සාමාන්‍ය වැඩකට එළියට යනවා නම්, නැත්නම් office යනවනම්, වෙන සාමාන්‍ය ගමනක් යනවනම්, ඔයාට daytime perfume එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා විශේෂ සාදයකට, dinner out එකකට, function එකකට නැත්නම් Date එකකට යනවා නම් ඔයා Nighttime perfume එකක් පාවිච්චි කරන්න අවශ්‍යයි. සාමාන්‍යෙන් මල් සුවඳ, පළතුරු සුවඳ වගේ තියෙන Bright yellow, Orange, Pink, Light blue වගේ පාට වලින් එන perfume බොහෝ දුරට daytime perfume වෙනවා. Dark blue, Red, Purple, Brown, Black වගේ පාට වලින් එන්නෙ Nighttime perfumes. ඒ විදිහට වර්ණ වලිනුත් ඔයාට මේ දෙක හඳුනාගන්න පුළුවන්. නමුත් බොහෝ විට පිළිගත් brand එකක perfume එකක් ගනිද්දිම ඒකෙ කවරයේ හෝ ලේබලයේ මේ වර්ග දෙකෙන් මොකකට අයත් වෙනවද කියන කාරණය පැහැදිලිව සඳහන් වෙනවා. ඔයා Nighttime perfume එකක් පාවිච්චි කරනවා නම් බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය, යටි තල්ල, සහ බෙල්ල පිටුපස තමයි spray කරන්න ඕනෙ. හේතුව ගොඩක් nighttime perfume දිගු වෙලාවක් සුවඳ රැඳෙන ඒවා නොවීම.ඒ ප්‍රදේශ වලට spray කරාම ඉක්මනින් සුවඳ පැතිරයාම සිදුවනවා.

 

 

හොඳින් මතක තබාගත යුතු කාරණය තමයි ඔයා perfume එකක් පාවිච්චි කරනකොට ඒක spray කරන්න ඕනේ ඔයාගේ සමට. සමහරුන්ට ඇඳුමට perfume spray කරන පුරුද්දක් තියෙනවා. ඒක ඔයාගෙ ඇඳුමටත් හානිකර වෙන්න පුළුවන් වගේම perfume එක පාවිච්චි කරන එකේ අරමුණ ඉටු වෙන්නෙත් නැහැ. ඒ නිසා සමට perfume එක spray කරන්න මතක තබාගන්න. ඒ වගේම මතක තියාගන්නම ඕන දෙයක් තමයි perfume එක apply කරන්න කලින් පිරිසිදු වෙන්න. මද උණුසුම් වතුරින් wash එකක් ගන්න එක තමයි වඩාත්ම හොඳ. එතකොට ඔයාගේ සමේ තියෙන විවර හොඳින් විවෘත වෙනවා. perfume එක හොඳින් උරාගන්න මේක වැදගත්. ඒ නිසා මද උණුසුම් වතුරින් wash දාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. ඔයා පාවිච්චි කරන soap නැතිනම් body wash එක සුවඳ නැති හෝ ඉතාම අඩු සුවඳක් තියෙන එකක් වීමත් වැදගත්. එතකොට තමයි perfume එකේ සුවඳ හරියටම පිටතට දැනෙන්නේ. එහෙම නැතිනම් මේ සුවඳ ඔක්කොම කළවම් වෙලා එක සුවඳක් වත් පිටතට නොදැනෙන්න පුළුවන්. අනික් වැදගත්ම දේ ඔයා perfume එක පාවිච්චි කරන්න කලින් සම moisture කරන එක හරිම වැදගත්. ඔයා පාවිච්චි කරන මොකක් හරි ඔයාගේ moisturizing cream එක නිවැරදිව ආලේප කරලා ඊට පස්සෙයි ඔයාගේ perfume එක spray කරන්න ඕනෙ. අනික් වැදගත්ම දේ ඇඳුම් අඳින්න කලින් perfume එක දාන්නත් අමතක කරන්න එපා.

 

ඔයාගේ perfume එක ශරීරයේ අදාල තැනට අඟල් 5 – 7 අතර ප්‍රමාණයක දුරකින් තියල තමයි spray කළ යුත්තේ. perfume එකේ දියර ගතියෙන් සම තෙත් වුනොත් ඒ කියන්නේ perfume එක ළඟ තිබ්බා වැඩියි. මේ කාරණය ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. රුධිර නාලිකා සමේ මතුපිට ස්ථරයට ලඟින්ම තියෙන තැන් Pulse points කියල හඳුන්වනවා. ඒ තැන් වලට perfume එක spray කරන එකත් ඉතාම වැදගත්. perfume එක spray කරාට පස්සේ සමහරු ඒක අතින් අතුල්ලනවා. ඒක වැරදියි. මතක තියාගන්න spray කළ perfume එක සමට උරාගෙන වියලෙන්න ඉඩදෙන්න. ඒක අතුල්ලන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම වැඩි වෙලාවක් සුවඳ රැඳෙයි කියල හිතාගෙන ඕනවට වඩා perfume spray කරන එකත් සමහරු කරන වරදක්. ඒ වරද නොකරන්නත් මතක තියාගන්න. ඔයාට වැඩි වෙලාවක් සුවඳ රඳවගන්න අවශ්‍ය නම්, perfume එක ඔයාගේ Bag එකේ දාගෙන ගිහින් නැවත නැවත පාවිච්චි කරනවා මිස ඕනෑවට වඩා එක වරකදී පාවිච්චි කරන්න එපා.

 

perfume එක ශරීරයේ pulse points වලට spray කරන්න කියල අපි මුලින් සඳහන් කළානෙ. වඩාත්ම සුදුසු pulse points මොනවද කියලත් දැනගැනීම වැදගත්. ඔයාගේ කණ පිටුපස, තල්ල යට වගේම බෙල්ල අවට ප්‍රදේශය මේ සඳහා වඩාත්ම සුදුසුයි. ඒ වගේම ඔයාගේ උරපත් අස්ථිය (collarbone) එකටත් perfume spray කරන්න පුළුවන්. අත් වල වැලමිටේ ඇතුල් පැත්තත්, මැණික් කටුවේ ඇතුල් පැත්තත් මේ සඳහා සුදුසුයි. ඒ වගේම තමයි දණහිස පිටුපස සහ නාභිය අවට ප්‍රදේශයත් perfume spray කරන්න සුදුසුයි කියල මේ විෂය ගැන විශේෂඥයෝ කියනවා. ඒ තැන් වල රැඳෙන ශරීර උෂ්ණත්වයත් එක්ක ශරීරයට හොඳින් perfume එක උරාගන්නා බවයි ඔවුන්ගේ අදහස.


මේ විදිහට නිවැරදිව perfume එක පාවිච්චි කලොත්, ඔයාට ඒ සුවඳ වැඩි වෙලාවක් රඳවාගන්න හැකියාව ලැබේවි. අනික් වැදගත්ම දේ තමයි ඔයාගේ Perfume එක අධික සීතල තැනක හෝ අධික රස්නය තියන තැනක තියන්න එපා. එහෙම වුනොත්, perfume එකේ සුවඳ ඉක්මනින් නැතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ perfume එකේ කල් ඉකුත් වීමේ දිනය ගැන අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. ලේබලයේ හෝ දවටනයේ මේ දිනය සඳහන් වෙනවා. ඒ ගැන පරික්ෂාකාරී වෙන්න. perfume එකේ බෝතලය අරිද්දීම තද, සැර සුවඳක් දැනෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ perfume එක කල් ඉකුත් වෙලා. ඉක්මනින්ම ඒක පාවිච්චියෙන් ඉවත් කරන්න.

 

 

………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

ඔයාට ගැළපෙනම perfume එක තෝරගන්න, මේ tips ටික අත්හදා බලන්න – 02