තරුණයොත් මේ වෙනකොට තමන්ගේ භාහිර රෑපය ගැන සැලකිලිමත් වෙන්න පටන් අරන් තියෙන්නේ. අන්න ඒ නිසාම අපි හිතුවා කඩවසම් තරුණයන්ට නිවසේදීම කරගන්න පුළුවන් Eye Treatment එකක් ගැන කියලා දෙන්න.
තරුණයොත් මේ වෙනකොට තමන්ගේ භාහිර රෑපය ගැන සැලකිලිමත් වෙන්න පටන් අරන් තියෙන්නේ. අන්න ඒ නිසාම අපි හිතුවා කඩවසම් තරුණයන්ට නිවසේදීම කරගන්න පුළුවන් Eye Treatment එකක් ගැන කියලා දෙන්න.
Bad breath එක එහෙමත් නැත්තම් මුඛ දුර්ගන්ධය අපිව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් කරන දෙයක් කිව්වොත් ගැස්ම පාඨකයොත් අනිවාර්යයෙන් මේ කතාවට එකග වෙනවා ඇති. ලෝකයේ සිටින මිනිසුන්ගෙන් මිලියන 80 පමණ මෙම අපහසුතාවයට එදිනදා මුහුණ දෙනවා. අපිට job interview එකකට හරි date night එකකට bad breath එකත් එක්ක යන්න බැහැ. ඒ නිසා ඇපල් ගෙඩියක් හෝ චුවින්ගම් එකක් හැමවෙලේම ලඟ තියාගන්න එක ගොඩක් වටිනවා.
කොහොම වුණත් මේ bad breath එක නැතිකරගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා අද කතා කරමු.
දැන් කට්ටියම හිතනවා ඇති මේකට ලොකු වියදමක් යනවා කියලා. ඇත්තෙන්ම නැහැ. Bad breath එක නැති කරගන්න අපිට ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් ගැන තමයි ගැස්ම අද ආදරණිය පාඨකයන්ට කියලා දෙන්න හදන්නේ.

ඇපල් සහ කැරට් වලින් අපි ආහාරයට ගන්න කෑම ඉක්මනින් දිරවන්න උදව් වෙනවා. ඒ වගේම ආහාර ජීරණ පද්ධතිය නීරෝගීව තබා ගන්න උදව් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි කට ඇරියොත් ගඳ ගහන්න හේතුවක් වෙන ආමාංශයේ එකතුවෙන ගෑස් තත්වය තවදුරටත් ඇතිවෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තව දෙයක් තමයි නැවුම් එළවළු සහ පළතුරු නිරන්තරයෙන් ආහාරයට ගැනීම මගින් ද bad breath එක ඇතිකරවන bacteria අපේ දත් වලින්, දිවෙන් සහ විදුරුමස් වලින් ඉවත් වෙනවා.
මේ bad breath එක ඇතිවෙන්න තවත් හේතුවක් තමයි අපි හිස්බඩින් ඉන්න එක. එයින් වෙන්නේ අපේ ආමාංශයේ ඇසිට් (acid) හැදෙන එක. ඒ නිසා සුළු ආහාර සඳහා පළතුරු සහ එළවළු කන්න පුරුදුවෙනවා නම් ඔයාට bad breath එක නැතිකරගන්න පුළුවන්.

Bad breath එක ඇසිඩ් ඇතිවීමක් හෝ වෙනත් ආහාර ජීර්ණ ආබාධවල රෝග ලක්ෂණයක් වෙන්න හැකියාව තිබෙනවා. හරිත එළවළු වල හරිතප‍්‍රද බහුල වන අතර ශාක ප්‍රභාසංස්ලේෂණය සඳහා හිරු එළියෙන් ශක්තිය අවශෝෂණය කර ගනු ලබනවා. ක්ලෝරෝෆිල් ළුලදායී ස්වාභාවික ඩියෝඩරයිසර් එකක් වන නිසා වන මුඛයේ ඇතිවෙන ඕනෑම දුර්ගන්ධයක් නැති කරන්න හැකිවයාව තිබෙනවා.

මින්ට් වැනි කොළ වර්ග වලින් ආහාර ජීරණය ඇතිකරනවා. මේ නිසා මුඛයෙන් දුර්ගන්ධය ඇතිවීම අවම වෙනවා. මින්ට්, පාර්ස්ලි සහ කොත්තමල්ලි කොළ මුඛයෙන් දුර්ගන්ධය නැතිකරන්න ඩියෝඩරයිසර් එකක් විදියට ක්‍රියාකරනවා.
ඉතින් කෑම හදද්දි මේ කොළ වර්ගයකින් ගාර්නිෂ් කරන්න මතක තියාගන්න. ආහාර ගත්තට පස්සේ මේ කොළ වර්ගය ආහාරයට ගන්න . එතකොට ඔයාට පුළුවන් බය නැතුව කතා කරන්න.

යෝගට් වල අඩංගු හොඳ බැක්ටීරියා ආහාර ජීර්ණයට. විශේෂයෙන් කිරි නිෂ්පාදන ජීර්ණයට උපකාරී වෙනවා. මෙය ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නා අතර එමඟින් bad breath ගැනීමේ අවදානම අඩු කරනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු හැරුණු විට මුඛයේ සල්ෆයිට් සංයෝග එකතු වීම bad breath ඇතිවීමට හේතු වෙනවා. බොහෝ අධ්‍යයනයන් පෙන්වා දී ඇති පරිදි ප්‍රෝබයොටික් වල ඇති හොඳ බැක්ටීරියා, මුඛයේ ඇති සල්ෆයිට් සංයෝග මට්ටම අඩු කරනවා. යෝගට් මිලදී ගැනීමේදී, සීනි නැති යෝගට් මිලදී ගන්න මතක තියාගන්න.
![]()
චෙරි කිව්වහම ගොඩක් අයහිතනවා කොහෙන්ද චෙරි කන්නේ අනික ගාණන් වැඩියි කියාලා. ඔව් ඒක ඇත්ත. නමුත් මිලදී ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් bad breath එක නැතිකරගන්න චෙරීස් උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් චෙරි කෑවොත් කෑම නිසා ඇතිවෙන දුර්ගන්ධය අවම කරගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම සලාද කොළ වලත් මේ ගුණය තිබෙනවා.
ග්‍රීන් ටී පානය කිරීම නිසා සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම ඊට ඇතුළත් වෙනවා. එය ශරීරය ඩෙටොක්සයිඩ් කිරීමට උපකාරී වන අතර එමඟින් ශරීරයේ දුර්ගන්ධය සහ bad breath ඇතිවීම අඩු කරනවා. ග්‍රීන් ටී වල ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන කැටෙචින් අඩංගු වන අතර එය මුඛයේ ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

පැඟිරි ගෙඩි වල ඇති සිට්රික් අම්ලය මුඛයේ හා ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරියා වර්ධනයට අවමකරනවා. මුඛයේ දුර්ගන්ධයක් ඇති කරන බැක්ටීරියා මේවාය. එබැවින් කිසිදු බැක්ටීරියාවක් ගන්ධයක් නැත. අපිට වෙළඳපොලෙන් අඩු මිලට පැගිරි පළතුරු මිලදී ගන්න හැකියාව තිබෙනවා. සුළු ආහාරයක් විදියට junk food කන්නේ නැතිව මේ වගේ පළතුරක් කන්න පුළුවන්නම් ශරීරයටත් හොඳයි bad breath එක නැතිකරගන්නත් ඒක උදව්වක් වෙනවා.

ඉඟුරු වල විශාල ඖෂධීය ගුණ තිබෙනවා. එය ඔබේ ආහාර වේලට එකතු කිරීමෙන් මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීමට හේතු විය හැකි බඩේ අපහසුතා වලට ප්‍රතිකාර කරනවා. ඔයා තේ වලට අකමැති කෙනෙක් වුණත්, ඔයාට පුළුවන් ඉඟුරු තේ භාවිතා කරලා කට සෝදන්න. ඉඟුරු වලින් දුඟද නැතිකරනවා වගේම ලෙමන් වල ඇති සිට්රික් අම්ලය බැක්ටීරියා වර්ධනය වීමට අවම කරනවා. වැඩි වියදමක් නැතුව ඔයාට පුළුවන් ගෙදරදීම ඉඟුරු සහ ලෙමන් ටී එක හදාගන bad breath එකෙන් ගැළවෙන්න.

බොහෝ අය විශ්වාස කරනවා අන්නාසි යුෂ bad breath එක නැතිකරගන්න ඉක්මන් ළුලදායී ප්‍රතිකාරයක් කියලා. මෙම ප්‍රතිකාරය විද්‍යාත්මකව තහවුරු කරලා නැති වුණත් මෙමගින් bad breath එක නැතිකරනවා කියලා සංඛ්‍යා ලේඛන වාර්තාවල දැක්වෙනවා.
සෑම ආහාර වේලකටම පසු කාබනික අන්නාසි යුෂ වීදුරුවක් බොන්න, එහෙම නැත්නම් අන්නාසි පෙත්තක් විනාඩියක් දෙකක් විතර හපන්න.

විනාකිරි වල ඇසිටික් අම්ලය නමින් ස්වාභාවික අම්ලයක් අඩංගු වෙනවා. බැක්ටීරියා ආම්ලික පරිසරවල වැඩීමට කැමති නැති නිසා විනාකිරි මගින් කට සේදීම බැක්ටීරියා වර්ධනය අඩු කරනවා.
ඔයාට පුළුවන් ලේසියෙන්ම නිවසේදීම විනාකිරි mouth wash එකක් හදාගන්න. ඒකට කරන්න තියෙන්නේ වතුර කෝප්පයකට සුදු හෝ ඇපල් සයිඩර් විනාකිරි හැදි 2 ක් එකතු කරගේ තත්පර තිහක් හොඳින් කට සෝදන්න.

ඔබේ මුඛය සජලීව තබා ගැනීම මගින්, මුඛයේ ඇති ආහාර අංශු සහ මළ සෛල ඉවත් කරගන්න හැකියාව තිබෙනවා. වතුර කියන්නේ ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඔසුවක්. වතුර ගොඩක් පානය කරනවා කියන්නේ මුඛයේ බැක්ටීරියා වර්ධනය සිදුවෙන්නේ නැති එක. ශරීරය දුවන්න වතුර ප්‍රධාන සාදකයක් . ඔබ අනිවාර්යයෙන් දිනකට වතුර මිලිලීටර් 3 පානය කරන්න කටයුතු කරන්න. බොහෝ රෝග ඔසුවක් වගේම සම ලස්සන වෙන්න වතුර ලොකු හේතුවක් වෙනවා.

මේ වෙනකොට කාන්තා පිරිමි කියලා නැහැ දෙපාර්ශවයම දුම්පානයට ඇබ්බැහි වෙලා තිබෙනවා. දුම්පානය කියන්නේ පිළිකා ඇතිවෙන්න ප්‍රභල හේතුවක්. පිළිකා ඇතිවීමට අමතරව, දුම්පානය මඟින් ඔබේ විදුරුමස් වලට හානි ඇතිවෙනවා.ඒ වගේම දත් පැල්ලම් ද ඇතිවෙනවා.
දුම්පානය අවම කරගැනීමට අපහසුනම් ඒ සඳහා ඇති වැඩසටහනකට හෝ බෙහෙත් ලබා ගැනීමට ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

Bad breath එක මුඛයෙන් ආරම්භ වන අතර දන්ත වෛද්‍යවරයෙකු හමුවී මුඛය පිරිසිදු කරගැනීම මගින් එය නැතිකරගන්න හැකියාව තිබෙනවා.
කොහොම වුණත්, සමහර අවස්ථාවලදී, bad breath කියන්නේ දියවැඩියා, කීටොසයිඩෝසිස්, වකුගඩු අකර්මණ්‍ය වීම හෝ වෙනත් ආසාදන තත්වයක් වැනි බරපතල තත්වයක ලකුණු වෙන්න පුළුවන්.
ඔබයාගේ bad breath එක නැති කරගන්න නිවසේදී සිදුකර ප්‍රතිකාර හරියනේ නැතිනම්, ඔබේ වෛද්‍යවරයා හෝ දන්ත වෛද්‍යවරයා හමුවන්න.
-bad breath එක නැතිකරගන්න පුළුවන් ආහාර ද්‍රව්‍යයක් ගැන ඔබ දන්නවාද? එහෙනම් අනිවාර්යෙන් ඒ පිළිබඳව අපිවත් දැනුවක් කරන්න..
කාන්තාවන් තමන්ගේ භාහිර රෑපය ලස්සන කරගන්න එහෙමත් නැත්තම් ලස්සනට තියාගන්න විවිධ දේවල් සිදුකරනවා. ඒ අතරින් ඔවුන් ඇහිබැමටත් (eyebrows) මූලික අවධානයක් යොමු කරනවා. මේ වෙනකොට වෙළඳපොලට විවිධ වර්ගයේ දේවල් ඇහිබැම ලස්සන කරගන්න ඇවිත් තිබෙනවා. මේ දේවල් හැම එකක්ම තාවකාලික දේවල්. නමුත් අපිට නීරෝගිමත් ඇහිබැමක් ලබා ගන්න ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් කිහිපයක්ම තිබෙනවා. ගැස්ම අපි හිතුවා අපේ පාඨකයින්ව මේ පිළිබඳව දැනුවත් කරන්න.

පොල් තෙල් කිව්වහම හැම කෙනෙක්ටම මතක් වෙන්නේ කෑම හදනඑක ගැන. ඒ වගේම අපේ අම්මලා පොල් තෙල් ගානවා කොන්ඩෙ වැවෙන්න. සාමාන්‍යයන් පොල් තෙල් ආහාරයට ගන්න එක අඩු කරන්න කියලා වෛද්‍යවරු නියම කරනවා. ඒ පොල් තෙල් නිසා විවිධ රෝග ඇතිවෙන්න හැකියාව තිබෙන නිසා. ඇහිබැම වර්ධනයට වෙළඳපලේ විවිධ නිශ්පාදන තිබුණත් ස්භාවික දේවල් තරම් ශරීරයට තවත් හොඳ දෙයක් නැති තරම්. පොල් තෙල් භාවිතයෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඇහිබැමි හොඳින් වර්ධනය කරගන්න. ඔයාට කරන්න තියෙන්නෙ පොල් තෙල් ටිකක් අරගන ඒ ටික ටිකක් රත් කරගන්න එක. ඊට පස්සේ ඇහිබැමේ පොල්තෙල් ටික ආලේප කරලා හොඳින් සම්බාහනය කරගන්න. එක රැයක් තිබෙන්න හැර උදෑසන සොදා හරින්න. මෙමගින් ඔබට හොඳ ප්‍රතිළුලයක් ඉක්මනින් ලබා ගන්න හැකියාව තිබෙනවා.

පොල් තෙල් වගේම tea tree oil වලිනුත් ඇහිබැම වර්ධනය වැඩි කරනවා. කැපීම් සහ වෙනත් තුවාල සුව කරගන්න අතීතයේ ඉදන් tea tree oil සමට ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කරනවා.
ඔබට කෙලින්ම ඇහිබැමේ tea tree oil අලේප කරන්න වෙළඳපලෙන් tea tree oil extracts මිලදී ගන්න හැකියාව තිබෙනවා.
මෙය දිනපතා භාවිතා කිරීමේදී ඇහිබැමේ ආලේප කර රැයක් තිබෙන්න හරින්න . tea tree oil භාවිතා කරන්න පෙර ඔබට ආසාද්මිකතා ඇතිවෙනවාද යන්න පරීක්ෂා කරන්න වැලමිට ප්‍රදේශයේ ආලේප කරන්න.

ලැවෙන්ඩර් තෙල් කියන්නේ ශරීරය සන්සුන් කරන්න භාවිතා කරන තෙල් වර්ගයක් . ඒ වගේම හිසකෙස් ගැළවීම යාම වලක්වා ගන්නත් මේ ලැවෙන්ඩර් තෙල් භාවිතා කරනවා. විද්‍යාත්මකව ලැවෙන්ඩර් තෙල් ආතතියට ප්‍රතිකාරයක් වශයෙන් යොදාගන්නවා.
ඔයාගේ ඇහිබැම හොඳින් වර්ධනය කරගන්න අවශ්‍යනම් ඇහිබැම ප්‍රදේශයේ ලැවෙන්ඩර් තෙල් ආලේප කරන්න. සමහර අයට මේ ලැවෙන්ඩර් තෙල් ආසාත්මිකතා ඇති කරනවා. ඒ නිසා ඔබ ලැවෙන්ඩර් තෙල් භාවිතා කරන්න යනවානම් මුලින්ම වැලමිට
ප්‍රදේශයේ ආලේප කර ඔබට ආසාත්මිකතාවයක් නැතිබව තහවුරු කරගන්න.

සමහර වෙලාවට ඇහිබැමේ පැවැත්ම අපි එය හරියට maintain කරනවාද නැද්ද යන්න මත තීරණය වෙනවා. අපි සැලෝන් එකකට ගියහම සමහර අවසථාවලදි හොඳට තිබෙන eyebrow එක සම්පූර්ණයෙන්ම ගලවලන තමයි එළියට එන්නේ. මෙන්න මේක තමයි අපිට වෙන මූලික වැරුද්ද. ඇහිබැම ඕනවට වඩා අඩු කරන්න කරන්න එය ආපසු වැවෙන ප්‍රමාණය අඩුවෙනවා.
සැලකිය යුතු ලෙස ඇහිබැමේ කෙස් අඩුවෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.
Wave Bolgoda by Singhe පටන් ගත්තේ 2021 පෙබරවාරි 21 වෙනිදායි. විලෙහි පළලම ස්ථානය දිස්වෙන විදිහට තමයි මේ ත්‍රාසජනක boutique villa එක හදලා තියෙන්නේ.. බොල්ගොඩ තියෙන දර්ශනීයත්වය රාමුවකට අරන් කිව්වොත් මං හරි.මේ සංකල්පය අවුරුදු හතරක් තිස්සේ අධ්‍යනය කරලා තමයි මේ ව්දියට මේ තැන ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ , මුලින්ම මරීනා කියන නමින් ආරම්භ කරලා ටික කාලෙකදී ත්‍රාසජනක ජල ක්‍රීඩා, සුඛෝපභෝගී නවාතැන්පොළක් වගේම ඕනෑම අයෙකුගේ අභිලාෂය සංසිඳවිය හැකි කෑම වට්ටෝරු ගණනාවකින් යුත් අවන්හලකින් Singhe මෙය නැවුම් කරන්න සමත් වෙලා තියෙනවා.

ජලාශ්‍රිත ක්‍රීඩා සහ ත්‍රාසජනකයන් බොල්ගොඩ WAVE හි හදගැස්මයි. ඔවුන්ගේ ප්‍රියතම දේ එයයි!..WAVE ඒ ආශ්‍රිත සේවාවන් ගණනාවක් සපයනවා..හරියටම කීවොත් මෙය ජල ක්‍රීඩකයන්ගේ පාරාදීසයක් කියලා කියන්න පුළුවන්..WAVE විසින් ඔබේ පහසුව සඳහා කාල පරාසයන් වගේම මිල ගණන් අනුව වෙනස් වන පැකේජ මාලාවක් ඔබට හඳුන්වා දී තිබෙනවා.
මිනිත්තු 30 කට – LKR 7,000
මිනිත්තු 60 කට– LKR 14,000
Wakeboarding
මිනිත්තු 20 කට (for seasoned wakeboarders) – LKR 6,500
මිනිත්තු 60කට (for beginners with ground lessons) – LKR 15,000
Flyboarding
මිනිත්තු 20කට (for seasoned flyboarders) – LKR 6,000
මිනිත්තු 45කට (for beginners with ground lessons) – LKR 10,000
Boat Rides
මිනිත්තු 20ක් කැප්ටන් එක්ක speedboat ride එකකට – LKR 15,000
මිනිත්තු 60ක් කැප්ටන් එක්ක speedboat ride එකකට (මිනිත්තු 20ක් riding time + මිනිත්තු 40ක් waiting time) – LKR 20,000
මිනිත්තු 90ක ridding එකක්,කැප්ටන් කෙනෙක් නැතුව (night-time package with Jet Ski on call) – LKR 25,000
Tube Rides
වට 2 කකට – LKR 3,500
Jet skiing කරන්න අපිට ලොකු ආසාවක් ඇති වුණා…ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ..කට්ටිය ride කරනවා දැක්කාම හිතට අවේ මාරම පිස්සුවක්..හැබැයි මේ පිස්සුවටත් මෙතන ක්‍රියාවලියක් තියෙනවා.මොකද මෙතන ඉන්නේ ඒ අත්දැකීම් ගැන ප්‍රවීණත්වයක් දරන බලපත්‍රලාභි උපදේශකයින්..safety jackets එක පළදින විදියෙ ඉදන් අපි යන්න අවශ්‍ය ක්‍රමය ගැන හැම දැනුමක්ම අපිට ලබාදෙනවා. Jet ski ride එක ඇත්තටම මට නම් හිතට අමුතුම ජවයක් ප්‍රබෝධයක් ඇතිකරන නියමම experience එකක්. ඔයත් adrenaline junkie කෙනෙක් නම් මේක ඔයා කැමතිම විදියේ ක්‍රීඩාවක් වෙයි.
කෑම වර්ග
ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ආගන්තුක සත්කාර industry එකේ දශක දෙකක විතර පළපුරුද්දක් ඇති chef ලා තුන්දෙනෙක් එක්ක WAVE විවිධ රටවල කෑම ශ්‍රී ලාංකීය රසයෙන් ඔබට පිළිගන්වනවා.මෙන්න අපේ දිව නහර පිනා ගිය කෑම ටිකක්:
Vegetable Pakora (LKR 1,000)

මේක නම් නියම ආරම්භයක්!..හොඳට fry වෙලා නියම ක්‍රිස්පි ගතියට හැපෙන මේ vegetable pakora එකේ රසයන් නියම ගානට තිබ්බා. මේ ඉතිං ආරම්භ විතරයි..තවත් කුතුහලය දනවන රසයක් වුනේ මේකෙ dip එක.. මැයෝනෙයිස් වගේම වසාබි එක්ක තියෙන මේ dip එක නම් starter එකට නියම ගතියක් එකතු කරා.
Mixed Grill (LKR 2,400)

මේ main එක ගැන නං එක වැකියකින් කියන්න පුළුවන්. “තනි ප්ලේට් එකක් උඩ රස ලෝකයක්” meats ටික හරි ගානටම cook කරලා flavors add කරලා තිබුණා.මේකේ කන්න ආස හිතෙන විදියට texture කරලා තිබුණා. එළවළු වල එකතුවත් එක්ක මේ main එක සම්පූර්ණ healthy dish එකක්..
Sea food pasta(LKR 1,400)

මම මේ dish එකේ දැකපු දේ තමයි පැස්ටා වගේම seafood රසයන් නියමෙට balance කරලා තිබුණා.මේ පැස්ටා එක ක්‍රීම් ගතියයි.හරිම රසයි…එකෙ flavors නියම ගානට තිබුනේ කොයි වෙලේවත් seafood රසය බාල නොකර මේ රසයන් දෙකම ගානට දැනෙන ලෙස මේක සකස්කරලා තිබුණා.
Honey Glazed BBQ Pork Ribs

Chef තමා මට මේක recommend කරේ..මං ආසම dish එක තමයි මේ!..මේක හදලා තියෙන විදිය, presentation එක එවාගේම සැර රසයන් එකතු කරලා හදලා තියෙන BBQ Pork එකට glazed honey නියම ගානට එකතු කරලා තිබුණා.මේ රසය මං පළවෙනි වතාවට pork වලට ආස කරපු දවස මට ආයේ මතක් කරලා දුන්නා.
Frozen Yogurt (LKR 400 per yogurt)

අතුරුපසක් විදිහට අපි try කළේ frozen yogurt with mango සහ frozen yogurt with Blue Berries..කටින් කටට ඒ නැවුම් පළතුරු වල රස විඳ ගන්න පුළුවන් විදියට fresh fruits එකතු කරලා තිබුණා. මේ desert එක නම් තෘප්තිමත් කෑම වේලක් අවසානයේ තිබිය යුතුමයි.
ඔබ WAVE එකට “Irawo season” එකේ පැමිණියොත් මේ dish එක නම් අනිවාර්යෙන්ම ඔබ රසවිඳිය යුතුයි.මෙය බොල්ගොඩට නම් සුපුරුදු meal එකක්..ඊරාවෝ කියන්නෙ බොල්ගොඩට විතරක් ආවේණික වුන මත්ස්‍ය වර්ගයක්…මේ season එකත් තියෙන්නේ අවුරුද්දකට මාස 3 ක් 4 ක් වගෙයි.මේ පදම්කළ මාලුවා මැටි බඳුනකට දාලා පුච්චපු පාන් සහ ඉතා සිහින්ව ලියා ගත් පොල් එක්ක පිළිගන්වනවා..ඇත්තටම මේක නම් නියම dish එකක්….
අපි කවුරුත් දන්න අදුනන විදියට මොරටුව කියලා කියන්නේ වඩුකර්මාන්තයේ පොහොසත්ම නගරයක්… මේ ප්‍රදේශයේ විනෝද චාරිකාවකට වගේම ඔයාලගේ හිත කැමති විදිහේ අලුත් අත්දැකීම් ගොඩක් විඳගන්න wave වෙනස්ම විදියේ entertainments කිහිපයක්ම සංවිධානය කරලා තියෙනවා…ඒ අතරින් මගේ හිත ඇදුන experience දෙකක් ගැන…ඔයාලා එක්ක බෙදා ගන්නම්…
මුළු බොල්ගොඩ ප්‍රදේශයෙන්ම…Sunset හොදටම විදින්න පුළුවන් spot එකක තමයි Wave පිහිටලා තියෙන්නේ..
බොල්ගොඩ වැවේ වෙරළේ ඉදන් Sunset එක හරිම ලස්සනට පේනවා.. Sunset එකේ experience එක විදින්න wave ගේ හොඳම Spot එක තමයි pool එක.. සීතල beer එකක් එක්ක jazz music එකයි ,එහාට මෙහාට යන හුළගයි , sunset view එකයි එකතු වුණාම වෙනම ලොකයක් මැවෙනවා..
ඔයාලා couple එකක් නම්, මේ experience එක ඔයාලට ගොඩක් special වෙයි.කොහොමද??private island එකක, romantic dinner එකක් එක්කම ඔයලාගේ big moment එක celebrate කරන්න පුලුවන් වෙන එක……මේ unique package එක: බොල්ගොඩ වැව වටේ ඉදන් island එකෙන් අවසන් වෙන බෝට්ටු සවාරියක් ,ඉතාමත් චමත්කාර ජනක රාත්‍රි භෝජනයක් වගෙම champagne බෝතලයක් සමගම ගිනිකෙළි සංදර්ශනයක්..එකතු වෙනවා.ඔයාලගේ Big movement එක තමන් කැමති විදිහට experience කරන්න …වගෙම ඉතාමත් සුන්දර මතක ගොඩනඟා ගන්න …management එක වගේම staff එක ඔයාලට ලොකු support එකක් දෙනවා….
Other packages
Bird Watching – LKR 5,000
Fishing – LKR 4,900
Excursions in the Lake – LKR 5,000 – 7,500
Excursion to Mount Lavinia Ship-Wreck – LKR 15,000
අනිත් හැම දේකටම වඩා Privacy එකට මුලිකත්වය දිලා…Wave Room වර්ග 2ක් offer කරනවා..Superior Room හා Deluxe Room…මේ රූම් දෙකම comfort වගේම luxury..බැලූ බැල්මට හරිම ලස්සනට වගේ සිත් ඇදගන්න විදියට room 2කම Design කරලා තියෙනවා….පොඩි time එකකට night rest එකක් ගන්න බලාපොරොත්තුවෙන් වෙන customers වෙනුවෙන් wave Dormitory package එක වෙන් කරලා තියෙනවා..

සුපුරුදු luxury පහසුකම් වලට අමතරව ,මේ superior room එක චමත්කාර දසුනකින් පොහොසත් කිවුවොත් මම හරි..උදේ නැගිටලා ,හිරු එළියත් එක්ක අපිට මුලින්ම දකින්න තියෙන්නේ බොල්ගොඩ වැව..මේ natural view එකත් එක්ක refresh විදියට දවස පටන් ගන්න ඔයාලට පුළුවන්..හවස් වරුවට ,සීතල හුළන් වැදී වැදී window එක ඉස්සරහා තියෙන coffe table එකේ, tea එකක් හරි beer එක්ක එක්ක Sunset එක විදින්නත් මේ superior room එක තෝරාගත්තොත් ඔයාලට පුළුවන්..
Deluxe Room (Full Board LKR 7500)

superior room එක වගේම luxury විදියට නිර්මාණය කරලා තියෙන Deluxe room එකත් හරිම elegant විදියට design කරලා තියෙනවා..අර විදියටම view එක නැති වුණත් ඔයාලා රූම් එකෙන් එලියට අවාම ඉහල තට්ටුවෙදී වැවේ සුන්දරත්වය විදින්න ඔයලාට පුළුවන්…
The Dormitory (Per Bed LKR 1500)
ඔයා adventure කෙනෙක් හරි explorer කෙනෙක් හරි නම්…තෙහෙට්ටු දවසක ඔයාගේ luggage තියලා හොද සුවපහසු bed එකක රාත්‍රියේ හොද නින්දක් ලබා ගන්නනම්….ඔයාට කියාපු..අඩුම මිලට හොඳම තැන තැන මෙතනයි..
Service
අපි නොලබපු අත්දැකීම් ගොඩක් ලබන්න පුළුවන් හොඳම Place එක තමයි Bolgoda Wave කියන්නේ..ඉහළ Management එකේ ඉඳන් පහළ මට්ටමේ පොඩි සේවකයා දක්වාම ඔවුන් මිත්‍රශීලීයි..ඔවුන්ගේ රාජකාරියටත් ඔබ්බට ගොස් ඔබගේ අපෙක්ෂාවන් සපුරාලීමට ප්‍රමුඛත්වය ලබාදේ.මේ නිසාම ඔවුන්ගේ සත්කාරය ඉතා ඉහළයි.
covid 19ත් එක්ක ,reservations සීමිතයි. ඕනෑම ස්ථානයක කණ්ඩායම් හතරකට පමණක් නවාතැන් ගත හැකි අයුරින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ඔවුන් ක්‍රියා කරයි .
Tips: Sunset view එකයි සීතල හුළගත් එක්ක තරු පිරුණු රාත්‍රියක,romantic dinner එකක් ගන්න හීන දකිනවනම් ඔයාලට ගැලපෙනම Package එක තමයි “Dinner Date on Deck” ඒකට එක්කෙනෙක්ට cost වෙන්නේ LKR 3000-LKR 3900 වගේ පොඩි මුදලක් විතරයි.
මතකද සින්ඩරෙල්ලාට , ස්නෝ වයිට් ට එයාලගේ ආදරවන්තයා හම්බ වුණ හැටි ? කැලයේදී, මාළිගාවේදී ආදරයෙන් බැඳුන හැටි? ඊටපස්සේ විවාහ වුණ හැටි ? අන්තිමේදී විවාහ වෙලා එයාලා සතුටින් ජීවත් වුණා කියලා ඒ හැම ආදර කතාවක්ම ඉවර වුනාට කවුරුත් අපිට කියලා දීලා නැහැ එහෙම ජීවත් වුණේ කොහොමද කියලා. කොටින්ම කිවුවොත් ඊටපස්සේ මොකද වුණේ කියලා. ආදරේ ටික ටික පරණ වෙද්දී ඒ ආදරේ එහෙම්මම තියාගන්න කරන්න ඕනේ මොනවද කියලා ඒ කවුරුත් කතා කළේ නැහැ. ඉතින් මේ ලබාගත්ත ආදරේට කිසිම හානියක් නොවී පරණ විදිහටම ඔයාගේ සහකරු / සහකාරිය සමග සෞඛ්‍ය සම්පන්න සහ දිගුකාලීන සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන පවත්වාගන්න අවශ්‍යවන මූලික හා ප්‍රයෝජනවත් පියවර පහක් අපි ඔයාට කියලා දෙන්නම්.

ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු තමන් ගැන දැනගන්න කලින් අනුන් ගැන දැනගන්න උත්සහ කරනවා. තමන් කවුද , තමන්ට මොනවද ඕනේ කියලා සොයා ගන්න කාලය ගන්න කලින් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ජීවිත කාලය පුරාවටම තියෙන සම්බන්ධතාවයට අවශ්‍ය දේ සහ ඒකෙ ඉලක්ක ගැන අධ්‍යනය කරනවාට වැඩිය ටික කාලයකට පාවිච්චියට ගන්න මෝටර් රථය ගැන අධ්‍යනය කරන්න, හොයන්න වැඩි කාලයක් ගන්නවා. ඉතින් පළවෙනි පියවර ස්වයං සොයා ගැනීම.

මුලින්ම ඔයා ඔයාගෙන් අහන්න ඕනේ ” ඇයි මට සම්බන්ධතාවයක් අවශ්‍යය?” මම මගෙන්ම හෝ යම් දෙයකින් පැන යනවාද ? නැතිනම් මගේ ජීවිතය බෙදාගන්න, සාර්ථක පවුල් ජිවිතයක් පටන්ගෙන පරණ මතකයන් මතක් කරමින් වයසට යන්න සහකාරියක් හෝ සහකාරයෙක් ලබාගන්න මගේ තියෙන ආශාව පස්සේ මම හඹා යනවාද ? කියලා. සමහරවිට ඔයාට සම්බන්ධතාවයක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ හේතු නිසා වෙන්නත් පුළුවන්.
සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න අරමුණ සොයගත්තාට පස්සේ ඔයාගේ අරමුණු ගවේෂණය කරන්න ඕනේ. ඒකට ඔයාගේ අරමුණම තියෙන සහකාරයෙක් හෝ සහකාරියක් ඉන්න එක වැදගත් වෙනවා. හිතලා බලන්න ඔයාට ඕනේ දිගුකාලින එකිනෙකාට කැපවුණ සම්බන්ධතාවයක්ද නැත්තම් කෙටි කාලින අවශ්‍යතාවයට විතරක් සම්බන්ධතාවයක්ද කියලා. ඔබේ අපේක්ෂාවන් සහ සාරධර්ම ද සලකා බලන්න ඕනේ වැදගත් සංකල්පයක්.

ඔයාට සම්බන්ධතාවයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා තේරුම්ගත්තායින් පස්සේ හොඳ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් සොයා ගන්නේ කොහොමද කියලා අපි බලමු. සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක්, එකිනෙකාට බැඳුණු සම්බන්ධතාවයක් වගේම අහිතකර සම්බන්ධතාවයක් එකිනෙකාට යැපුණු හෝ බැඳුණු සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ.
නොබැඳුණු සම්බන්ධතාවයකදී දෙදෙනාම එයාලගේ අනන්‍යතාවය සහ චිත්තවේගීය අවශ්‍යතා සපුර ගන්න විතරක් එකිනෙකා මත රඳා පවතිනවා. ටිකක් පැහැදිලි කළොත් එකම දිශාවකට යන්න එක බෝට්ටුවක් පදින දෙන්නෙක් ගන්න. දෙදෙනාටම එකම පැත්තකට හබල් ගාන්න සිද්ධ වෙනවා. එයාලට වෙනම පුද්ගලයන් දෙන්නෙක් විදිහට ක්‍රියා කරන්න බැහැ. සීමාවන් බොඳ වෙලා අනන්‍යතා නැති වෙලා යනවා. ගෘහස්ථ හිංසනය සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වගේ ප්‍රශ්න තියෙන පවුල් ඇතිවෙන්න මේ නොබැඳුණු සම්බන්ධතා හේතුවෙනවා.
එකිනෙකට බැඳුණු සම්බන්ධතාවයක් කියන්නේ දෙදෙනාම තනි තනිව සම්පුර්ණ වුණු සම්බන්ධතාවයන්. එයාලා කවුද කියලා එයාලා අඳුනගෙන ඉන්නවා වගේම ස්වාධීන ජීවන රටාවක් ඇති කර ගෙන තියෙනවා. දැන් එයාලා ස්වාධීන ජීවිතයක් නිර්මාණය කළ වෙනත් කෙනෙක් එක්ක එයාලගේ ජීවිත බෙදා ගන්න සුදානම්. ඉතින් තමන්ගේ අනන්‍යතාවය පවත්වාගෙන යන ගමන්ම පවුල් ජිවිතයක් ආරම්භ කරන්න එයාලා සුදානම්.

දැන් ඔයා ඔයාගේ ගැළපෙන සහකාරයා හෝ සහකාරිය හොයාගෙන අවසන්. දැන් ඔයාලගේ ලිංගභේද යේ විදිහට ඔයාලට ආවේණික වෙනස්කම් තේරුම් ගන්න එක වැදගත් වෙනවා. කෙටියෙන් ගත්තොත් භෞතික විද්‍යාත්මක, වාචික හා සමාජීය විදිහට ප්‍රධාන වෙනස්කම් තුනක් තියෙනවා. ඒ හැම වෙනස්කමක්ම සන්නිවේදනය ගැන සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා.
මනෝ විද්‍යාත්මක: පුරුෂයින් සහ කාන්තාවන් මොළයේ නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය නිසා එදිනෙදා දේවල් වලට වෙනස් විදිහට ප්‍රතිචාර දක්වනවා. ඉතින් මනෝ විද්‍යාත්මකව සිද්ධ වෙන මේ දේවල් නිසා දෙදෙනා අතර ගැටුම් ඇතිවෙනවා. මේ ගැන තව ටිකක් වැඩිදුර අධ්‍යනය කරලා තමන්ගේ සහකරුට හරි සහකාරියට හරි මෙහෙම වෙන්න මනෝ විද්‍යාත්මක හේතුව මොකද්ද කියලා තේරුම්ගත්තොත් මේ ප්‍රශ්න වලක්වගන්න හරි ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න හරි ඔයාට පුළුවන්. දෙදෙනාම මේ වෙනස ගැන දැනුවත් නම්, මේ විදිහේ ගැටුම් ඇතිවෙන්නේ නැතිවෙයි.
වාචික: සන්නිවේදනය කරද්දී පිරිමි ප්‍රධාන කරුණු ගැන අවධානය යොමු කරනවා වගේම කාන්තාවන් තොරතුරු ගැන අවධානය යොමු කරනවා. ඉතින් මේ වෙනස මග හැර ගන්න නම් සන්නිවේදනයේදී පුරුෂයා කාන්තාවගේ ගැටළු වලට හා තත්ත්ව වලට, එයාගේ අවශ්‍යතාවය මොකද්ද කියලා ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ වගේම ස්ත්‍රියත් තමන්ගේ පුරුෂයා ගේ අවධානය යොමු කරන එක ගැන තේරුම් ගන්න වෙනවා. සමහරවිට ඇයට අවශ්‍ය වුණේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න විතරයි කියලා ඔයාට තේරුම් යයි.
සමාජ: පොඩි කාලේ ඉදන්ම පිරිමි සහ ගැහැණු ළමයින් වෙනස් විදිහකින් සමාජගත වෙනවා. පිරිමි ළමයි හතර පස් දෙනෙක් එකට සෙල්ලම් කරද්දී ගැහැණු ළමයින් දෙන්නෙක් විතරක් එකට සෙල්ලම් කරනවා ඔයත් දැකලා ඇති. මේ වගේ වේලාවක පොඩි රණ්ඩුවක් වෙලා පිරිමි ළමයින් ගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් අයින් වුනොත් එයාලට සෙල්ලම් කරන්න ඒ කණ්ඩායමේ තව කට්ටිය ඉන්නවා. නමුත් ගැහැණු ළමයින්ට ඕක සිද්ධ වුණොත් අනිත් ගැහැණු ළමයාට තනියම සෙල්ලම් කරන්න වෙනවා. මේ සමාජගත වීමේ චර්යාව පවුල් ජීවිතයට සම්බන්ධ කරලා බලද්දී උදාහරණයක් විදිහට ස්වාමිපුරුෂයා සහ භාර්යාව රුපවාහිනිය නරඹමින් ඉන්නකොට ඇය එක්ක ලොකු සම්බන්ධතාවයක් ස්වාමිපුරුෂයාට දැනුණත්, බිරිඳට සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඊටවඩා අන්තර් ක්‍රියාකාරිත්වයක් ඕනේ වෙනවා. ඇයට තමන්ට අවධානයක් නොලැබී ඇති බවක් දැනෙනවා.
ගොඩක් ආදරවන්තයින් ගෙන් අහන්න ලැබෙන පැමිණිල්ලක් වගේම ප්‍රශ්න ඇතිවෙන්න හේතුවත් මෙන්න මේකම තමයි. ඵලදායි සන්නිවේදනයකට තියෙන නොහැකියාව. සන්නිවේදනය කියන්නේ සම්බන්ධතාවයක ශක්තිමත් පදනමක් ඇතිකරගන්න අතවශ්‍ය ප්‍රධාන අංගයක්. සන්නිවේදනයේදී තියෙන දුර්වලම දේ සවන්දීම. ගොඩක් වෙලාවට අසාර්ථක සන්නිවේදනයකදී වටපිටාව, වාචික හෝ වාචික නොවන එක එක දේවල් නිසා අවධානය වෙන අතකට යොමු වෙලා අනිත් පාර්ශවයට ඇහෙන්නේ තමන් කියන දෙයින් 10% ක් විතරයි. ඉතින් හැමතිස්සෙම වැදගත් කතාබහක් කරන්න කලින් අනිත් කෙනා කතාකරන්න සුදුසු වාතාවරණයක ඉන්නවද බලන්න. එකපාරටම කියන්නේ නැතුව ටිකෙන් ටික තමන්ට කියන්න අවශ්‍ය දේ ඇයට හෝ ඔහුට ප්‍රකාශ කරන්න. සන්නිවේදනය කුසලතාවයක් වගේම සාර්ථක සම්බන්ධතාවයක් තියාගන්න අත්‍යවශ්‍යම දේ බව මතක තියාගන්න.
ගොඩක් ආදරවන්තයින් ප්‍රශ්න එක්ක පොරබදිනවා . ප්‍රශ්න වලට බයයි, එහෙමත් නැතිනම් ප්‍රශ්න වලින් පැනලා යනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ එයාලා ප්‍රශ්නය වරදවා වටහාගන්න නිසයි. ගැටුමක් කියන්නේ කෙනෙක්ගේ උවමනා එපාකම් ඉෂ්ට වෙන්නේ නැති උනාම සාමාන්‍යයෙන් දෙන්නගේ අදහස්, දැක්ම, විශ්වාස අතර එකඟ නොවීමක්. ගැටුම දුර දිග යන්න හේතුව වෙන්නේ ඒකට බැඳිලා තියෙන ප්‍රබල හැඟීම්. ඉතින් මේ ගැටුම් වලටත් සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්නම්.
වර්තමානයේ ඉන්න, අලුත් ප්‍රශ්න විතරක් විසදන්න. පැය 24 ට වඩා පරණ හැම ප්‍රශ්නයක්ම අයිති වෙන්නේ කුණු කුඩේට කියලා තේරුම ගන්න.
ඔයාගේ සාකච්ඡාව මිනිත්තු 30 ක කාලයකට සීමා කරන්න, ඊට වඩා වැඩි වුණොත් දෙන්නටම ඉවසීම නැතිවෙලා ප්‍රශ්නෙන් පිට කතාවක් ඇතිවෙලා සම්බන්ධතාවය පළුදු වෙන්න හේතු වෙයි.
අපි පොඩි කාලේ අවසානයක් හොයාගන්න, දැනගන්න බැරිවුණු ඒ ලස්සන සින්ඩරෙල්ලා, ස්නෝ වයිට් කතාවල අවසානය ඔයාගේ ආදර කතාවට ලියාගන්න මේ පියවර 5 ඔයාට උදවුවක් වේවි.
එස් තත්සරණි
PappaRich at The Grove අවන්හල කොළඹ කාර්යබහුල පරිසරයෙන් මිදිලා අපිව සන්සුන් කරන්න හොඳම තැනක්. මෙහි විශේෂයෙන්ම මැලේසියානු ආහාර ලබා දෙන අතර මුහුදු ආහාර වලට කැමති අයට මේ ස්ථානය විශේෂයෙන්ම ගැළපෙනවා.

ඇත්තටම මේ Fried Chicken එක ගොඩක් රසවත්. ඒ සමඟම කැරමල් කළ කුළුබඩු සහ ළූණු වලින් සාදන ලද රසවත් ගෙදර හැදූ මිරිස් පේස්ට් සම්බල් ද පිළිගැන්වූවා. බැදපු රටකජු සහ හැපෙනසුළු anchovies වල නියම pizzaz ප්‍රමාණයක් පමණක් එකතු කරලා තිබුණා. Nasi Lemak මැලේ බසින් rice in cream ලෙස හඳුන්වනවා. පොල් කිරි වලින් පිසගත්ත බත් pine leaves සහ ginger එක්ක එකතු වෙලා තිබෙන නිසා ගොඩක් රසවත් dish එකක් කියලා කියන්න පුළුවන්.
Kangkung Belacan (LKR 825)

ඔයා මැලේසියානු ආහාර වලට අලුත් කෙනෙක්නම් මේ කන්කුන් බෙල්කන් ඉස්සන් dish එක අලුත් අත්දැකීමක් වේවි. මුහුදු ආහාර රස විදින කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ බැදපු නිවිති රස විදිය යුතුමයි.
Chicken Satay (6 sticks) (LKR 1045)

chicken satay sticks 6කුත් peanut sauce pineapple chunks, cucumber pieces සහ slices of onions මේ dish එකට අන්තර්ගත වෙනවා. නමුත් චිකන් එක ටිකක් dry වෙලා තිබුණා.
Curry Laksa with Seafood (LKR 1540)

අනිවාර්යයයෙන් Seafood Laksa එක try කරලා නැත්තම් ඔයා මැලේසියන් කුසීන් fan කෙනෙක් කියලා කියන්නම් බැහැ. PappaRich හිදී මාළු කේක්, ඉස්සන් සහ කැලමරි සමඟ මුහුදු ආහාර විශාල ප්‍රමාණයක් ලබා ගන්නා ඔයාට හැකියාව තිබෙනවා.
Ambiance

සෑම අවන්හලකම වගේ මෙහි ආසන වෙනකරලා තිබුණත් ඔයාට පුළුවන් අවශ්‍ය ඕනෑම තැනක ඉදගන නිදහසේ ආහාර ගන්න. පොකුණකින් වටවෙලා තිබෙන නිසා ආහාර ගන්න තැන පරිපූර්ණ බවක් දැනෙනවා. බිල්පත් ගෙවීමේදී ඔබට ඒ සඳහා වෙනම කවුන්ටරයක් ඇති බව මතක තියාගන්න.
PappaRich at The Grove කියන්නේ සුවිශේෂී සූපශාස්ත්‍ර අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. සරල අව්‍යාජ මැලේසියානු ආහාර වේලක් සොයන අයට මෙය අනිවාර්යයෙන්ම සුදුසු ස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන්.
කොවිඩ් 19 නිසා මාස 09 කට ආසන්න කාලයක් තිස්සේ දුරස්ථව තිබුන ශ්‍රී ලංකාව දැන් නැවත සංචාරකයන්ට විවෘත වෙලා තියෙනවා. ඉතින් 2021 දී ලංකාවේ සංචාරය මොන වගේ එකක්ද කියලා ඔයාලත් කුතුහලයෙන් ඇති. දැනට ලංකාවේ සංචාරය කරන කෙනෙක්ට වැඩිය මේ ගැන කතාකරන්න වෙන කවුද හොඳ ?
පෝල් තෝමස් දැනට සතියකට විතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදන් ලංකාවට ඇවිත් මේ වෙද්දී කොළඹ මධ්‍යයේ තියෙන ME Colombo හෝටලයේ ලැගුම් ගෙන ඉන්නවා. ME Colombo හෝටලය Level 1 ‘Safe and Secure’ හෝටලයක් විදිහට නම් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අමුත්තන්ට එයාලා නැවතිලා ඉන්න පලවෙනි දවස් 14 දී ‘bio bubble’ යටතේ සත්කාරකත්වය ලබාදෙන්න පුළුවන් බවයි. “මම ශ්‍රී ලංකාව නරඹන්න තෝරා ගත්තේ එය මම ආදරය කරන ස්ථානයක් වෙන නිසාත්, කිහිප සැරයක්ම නැවත නැවත පැමිණීලා තියෙන නිසාත්. ඇත්තටම ලංකාවේ මුහුදු වෙරළට මම ගොඩක් කැමතියි ” කියලා පෝල් පැවසුවා.
ස්වයං රැකියාවක් කරන පෝල් අන්තිමට ලංකාවට ආවේ 2018 ගිම්හාන විවේක කාලයේදී. වීසා සහ booking ක්‍රියාවලියේ එදාට සාපේක්ෂව ලොකු වෙනසක් වෙලා නැති බව ඔහු හිතනවා. “නිසැකවම, අළුත් දේවල් කිහිපයක් තියෙනවා, නමුත් ඔයා පළවෙනි පාරට ඒක අත්හදා බැලුවම ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා ඔයාට වැටහෙයි. මගේ වීසා බලපත්‍රයට අයදුම් කරන්න, PCR පරීක්ෂණ සඳහා ගෙවන්න සහ COVID-19 සංචාරක රක්ෂණයක් අන්තර්ජාලය හරහා ලබා ගන්න මට පුළුවන් වුණා. එකම පූර්ව අවශ්‍යතාවය වුණේ ලෙවල් 1 හෝටලයක වෙන්කරවා ගැනීමක් කරගන්න. මම ඒකට ME Colombo තෝරාගත්තා.”
ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිරීති යටතේ අමුත්තන්ට ඇමරිකානු ඩොලර් 50,000 ක් වටිනා COVID-19 සංචාරක රක්ෂණ ඔප්පුවක් සඳහා ඇමරිකානු ඩොලර් 12 ක් ගෙවන්න වෙනවා වගේම ඒක මාසයක කාලයකට වලංගු වෙනවා. සිදු කරන PCR පරීක්ෂණ ගණන රැඳී ඉන්න කාලය මත රඳා පවතිනවා. උදාහරණයක් විදිහට , සංචාරකයෙකු රාත්‍රි 4 ක් / දින 5 ක් හෝ ඊට අඩු කාලයක් රැඳී හිටියොත් PCR පරීක්ෂණය සිද්ධ කරන්නේ 1 ක් විතරයි. රැඳී සිටීම දින 5 කට වඩා වැඩි නමුත් රාත්‍රී 13 ට / දින 14 ට අඩු නම්, PCR පරීක්ෂණ 2 ක් සිද්ධ කරනවා, රැඳී සිටීම දින 14 ක් හෝ ඊට වැඩි නම් PCR පරීක්ෂණ 3 ක් සිද්ධ කරනවා. වයස අවුරුදු 12 ට අඩු ළමයින් PCR පරීක්ෂණ වලින් නිදහස් වෙනවා.
පෝල් අනිත් හැම පාරම වගේ සංචාරක නියෝජිතයෙකු මාර්ගයෙන් තමන්ගේ ගුවන් ටිකට් පත වෙන් කරවා ගත්තා.”ඒක මගේ කාලය ඉතුරු කළා.” ඔහු කිවුවා. නමුත් මට කොරෝනා නැති බවට තහවුරු කරන PCR පරීක්ෂණයක් ගුවන් යානයට ගොඩවෙන්න පැය 96 කට කලින් ලබාදෙන්න මට සිද්ධ වුණා. ඔහු කොළඹට ආවයින් පස්සේ, ආගමන හා විගමන කවුන්ටරය හරහා යන්න කලින් සෞඛ්‍ය ප්‍රකාශන පෝරමයක් පුරවා ගන්න සිද්ධ වුණ බව පෝල් පැවසුවා. එයාගේ හෝටලය එයාව ගුවන් තොටුපලෙන් රැගෙන යන්න කටයුතු සූදානම් කර තිබුණා.
“ගුවන්තොටුපලේ නිලධාරීන් ගොඩක් උදවු කළා, ශ්‍රී ලාංකිකයන්ගෙන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උණුසුම් පිළිගැනීමක් මට ලැබුණා” කියා පෝල් පැවසුවා. හෝටල් කාර්යමණ්ඩලයටත් පෝල් ප්‍රශංසා කළා. “මම නැවතී සිටින කාලය පුරාම එයාලා පුදුම සහගතයි. නිමේෂ් සහ එයාගේ කණ්ඩායම මගේ නවාතැන් ගැනීම සතුටින් ගත කරන්න ඕනෑවටත් වඩා මහන්සි වුණා.”
සීමාවන් නැත (බොහෝ දුරට)

ශ්‍රී ලංකාව අමුත්තන්ට එයාලා නවාතැන් ගෙන ඉන්න හෝටල්වල තියෙන සියලු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඉඩ ලබා දී තියෙනවා. හෝටල් වල පැත්තෙන් ගත්තොත් හෝටල් එයාලගේ අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන්න හැම සෞඛ්‍ය මාර්ගෝපදේශයක්ම අනුගමනය කරන්න වග බලා ගන්නවා. ඒ කියන්නේ පෝල් වගේ අමුත්තන්ට කාලෙකින් නොලැබුණු අත්දැකීමක් වන අවන්හලේ ආහාර ගැනීම වුණත් කරන්න පුළුවන්. ගෙදරදී, මට පිටතට යන්න පුළුවන් වුණත් මම පුළුවන් තරම් ගේ ඇතුළෙම රැඳී ඉන්න උත්සාහ කළා. නමුත් මෙහෙ මම Bio Bubble එකක ඉන්න නිසා බාර් එකේ බීමක් පානය කරන ගමන් කිසිම කරදරයක් නැතුව මට හොඳ භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හෝටලය (ME Colombo) ඉතා අපුරු තැනක් වගේම සූප වේදියා ගොඩක් ප්‍රවීණ කෙනෙක්.” පෝල් පෙන්වා දුන්නා.
උද්යෝගිමත් හා තරඟකාරී Surfer කෙනෙක් වෙන පෝල්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “මම පිහිනුම් තටාකයේ පිහිනමින්, GYM එකේ ව්‍යායාම කරමින් මගේ ශක්ති මට්ටම වැඩි කරගන්න විවේකයක් ලබා ගන්නවා . සමහර වෙලාවට මම rooftop එකේ හිරු එළියට වෙලා ඉන්නවා. ඒ වේලාවට පිහිනුම් තටාකයත් එක්ක ඒ දර්ශනය ඇත්තටම සුන්දරයි! Gym එකේ ඉහළ මට්ටමේ උපකරණ තියෙනවා. මම ගිහින් තියෙන හෝටල් අතරින් මට හම්බ වුණ හොඳම උපකරණ ඒ අතර තියෙනවා. සවස් වරුවේ නගරය සිසිල් වෙද්දී, හෝටලය විසින් නගරය වටා රිය පදවන්න රියදුරෙක් සූදානම් කරලා තියෙනවා. (කොළඹ පෙබරවාරි සහ මාර්තු මාසවලදී තරමක් උණුසුම්). ඔහු අපිට කිවුවා ඔහු කොළඹින් මහල් නිවාසයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන නිසා දකුණට යන්න කලින් නගරයේ යම් කාලයක් ගත කරන්න ඔහු කැමැත්තෙන් ඉන්න බව.
මට කෞතුකාගාරය නරඹන්න වගේම හොඳින් පිසපු ශ්‍රී ලංකා කකුළුවන් ව්‍යංජනයක් මෙහෙ අවන්හලකින් රස විඳීන්න පුළුවන් වුණා. “කවුරුහරි ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ අවවාදය, එහෙ යන්න. සමහර වේලාවට ඔයාට හිතෙන තරම් ඒක ඇත්තටම සංකීර්ණ නැහැ. ඒ වගේම වෙනදාට වඩා ගාස්තු ටිකක් අඩු වෙන්න පුළුවන් නිසාම ඒක ඔයාට වාසියක් වේවි.
ශ්‍රී ලංකාව දැන් රට වෙත පැමිණෙන සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා. වැඩි විස්තර සඳහා https://www.srilanka.travel/helloagain/ වෙත පිවිසෙන්න.
උගුරේ අමාරුව කියන්නේ අපි ගොඩක් දෙනෙක් අත්විදලා තිබෙන දෙයක්. උගුරේ ආසාදන විවිධ හේතුනිසා ඇතිවෙන්න හැකියාව තිබෙනවා. වර්තමාන කොවිඩ් තත්ත්වයත් නිසා උගුරේ ආසාදන වලට වෛද්‍ය උපදෙස් පැතීම තමයි හොඳම දේ. ඒෙ වුණාට හේම්බිරිස්සාවක් හැදෙන්න එන වගේ අවස්ථාවක ඇතිවෙන උගුරේ අමාරුවට අපිට ගෙදරදීම කරන්න පුළුවන් පිළියම් තියනවා. ඉතින් ඔයාට ඒ විදිහේ පොඩි උගුරේ අමාරුවක් හැදෙන්න වගේ එනවනම් ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් අත්බෙහෙත් කීපයක් ගැනයි අද අපි ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න හදන්නේ.

උගුර රිදෙනවා වගේ එනකොට බෙහෙත් වලට ඉක්මනින්ම යන්නේ නැතුව වාෂ්ප ඇල්ලී මගින් උගුර ඉදිමීම අඩුකරගන්න හැකියාව තිබෙනවා. ඔයා මුලින්ම වාශ්ප අල්ලනවානම් කරන්න තියෙන්නේ ඔයාගේ හිස තුවායෙන් ආවරණය කර උණු වතුර බේසමකට මුහුණ පහත් කර එයින් පිටවන වාෂ්ප අල්ලන්න එක විතරයි.

ලුණු වතුරෙන් උගුර සෝදන එක අපිට පොඩි කාලේ ඉදන් හුරුපුරුදු දෙයක්. ඔයාට මතක ඇති අ පිට උගුරේ අමාරුවක් හැදුනහම අම්මා ලුණු වතුර දෙනවා උගුර සෝදන්න. හැබැයි ලුණු වතුරෙන් උගුර සෝදනකොට දැනගන ඉන්න අවශ්‍ය කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඕනවට වඩා රස්නේ වතුර ගන්න හොඳනැහැ. ඒ වගේම ඕනවට වඩා ලුණු දාන්න හොඳත් නැහැ. මිලි ලීටර් 250ක මද රස්නෙ වතුරවලට ලුණු කුඩු තේ හැඳි කාලක් හෝ භාගයක් විතර මිශ්‍ර කරගන්න. මේක තමයි හරිම පදම. උගුර කියන්නේ සංවේදී ස්ථානයක්. ඒ නිසා හරිම පරිස්සමින් තමයි උගුර සෝදන එක කරන්න ඕනේ.

මේකත් හරියට ලුණු වතුරෙන් උගුර සෝදනව වගේම කරන්න තිබෙන ලේසි ප්‍රතිකාරයක්. ඔයාට කරන්න තියෙන්නේ උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් විතර කාලයක් තම්බාගෙන උගුර හෝදන්න සුදුසු උණුසුමට එනකම් මද වේලාවක් නිවෙන්න තියලා උගුර සෙමින් සෝදන්න. මේක උගුරේ අමාරුවට වගේම කැස්සට උගුර තුවාල වීම නිසා හටගන්නා උගුරේ වේදනාවටත් සහනයක් ලබා දෙනවා.

ලෙමන් සහ දෙහි වැනි පැඟිරි පලතුරු ඔයාගේ උගුරෙ ඇතිවෙන ආබාධ අවම කරන්න ගොඩක් උපකාරී වෙනවා. මී පැණි හැන්දක් දෙහි යුෂ සමග මිශ්‍ර කරගෙන ඔයාගේ උගුරට සහනයක් අවශ්‍ය හැම වෙලාවකම පානය කරන්න හැකියාව තිබෙනවා. දෙහි යුෂ නැත්තනම් ඔයාට ඒ වෙනුවට ලෙමන් වතුර භාවිතා කරන්නත් පුළුවන්. මතක තියාගන්න දෙහි යුෂ හෝ ලෙමන් පානය කරන වෙලාවට ටික ටික පානය කරන්න. ඒ සඳහා බීම බටයක් භාවිතා කරන එක තමයි හොඳම දේ.
නිදා ගන්නා වෙලාවට හිස ඔසවා තබා ගන්න.

ඔයාට මතකද අසනීප වෙලා ඉන්න වෙලාවක පොඩි නින්දක් ලබා ගත්තහම කොච්චර සනීපයක් දැනෙනවාද කියලා. උගුරෙ අමාරුවක් තිබෙන වෙලාවක ඔයා නිදාගන්න යනවා නම් හිස ඔසවා තබාගන්න .නිදාගන්න කලින් මුලින්ම කොට්ට 2 ක් හෝ 3 ක් මත හිස තබාගෙන හිස ඔසවා තබා ගන්න. මෙය ඔයාට පහසුවෙන් හුස්ම ගැනීමට උපකාරී වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ මුඛය වසා තබා ගැනීමටත් උගුරේ ඇතිවෙන පීඩා අවම වෙන්නත් හේතුවක් වෙනවා.
අපි කවුරුත් කැමතියි Sri Lankan- American style එකේ Burgers කන්න.. එහෙම menu එකක් හොයාගෙන අපිත් ආවා.. මෙන්න අපිට හම්බුණු දේ..
Cold Pressed Juice (Chili Pineapple) LKR 400

මේ කාලෙටම ගැලපෙන විදියට හදලා තියෙන පැණිරහ එක්කම කටට සැරක් දැනෙන juice එකක් තමයි Cold Pressed.මේ juice එක “අච්චරු රහ” හොයන කාගේත් සිත් ඇද ගන්නා බවට නම් සැකයක් නෑ. Viking අපිට මේ ජූස් එක serve කරපු විදියටත්, juice එකේ අන්නාසි රහත් එක්ක දැනෙන spicy ගතියටත් අපේ හිත එතන නතර වුණා.
Cold Pressed Juice (Soursop) LKR 400

අනෝදා අපේ ස්නායු පද්ධතියට ගුණදායක පලතුරක් වගේම ප්‍රතිශක්තිකරණය වඩවනවා. මේ cold pressed juice එකෙන් අනෝදා වල ඒ නැවුම් රසය අපිට ඒ විදියටම දැනුණා.පැණි රහත් එක්ක එකතු වුණු ඒ creamy ගතිය ගතටම අමුතු සිසිලසක් එක්කලා..
Chocolate Shake – LKR 400

පළවෙනි කටින්ම.. චොකලට් රසයෙන් අපේ කට පුරා දිව ගිය මිහිර අපිව චොක්ලට් ආකරයකට අරන් ගියා. UK කොඩිය emboss කරපු ලොකු jar එකක තමයි අපිට මේ chocolate shake එක serve කරේ…shake එකේ තියෙන කිරි රසයයි, මන්චි චොකලට් බිස්කට් වල රසයේ එකතුව චොකලට් ගතිය තවත් වැඩි කලා.
Ceylon Loaded Fries – (LKR 800)

ඔයා කවද හරිම එක එක කෑමවල රහ බලන්න එකම Place එකකට ගිහින් තියෙනවද?
Viking කියන්නේ , ඒ වගේ රහ බලන place එකක්…නිතරම පාහේ දන්න අදුනන customers ලා ඇවිල්ලා පුරුදු විදියට එයාලගේ dish රහබලනවා..මේ නිසාම මට හිතුණා, Viking Kitchen එකේ මොකක්හරිම රහසක් තියෙනවා කියලා.
Ceylon loaded fries dish එකේ portion එක ගොඩක් ලොකුයි. spicy topping එකත් එක්ක mix වුණු cheese Sause රස fries වලට අමුතුම flavor එකක් ගෙනවා.
Chicken Karaage – (LKR 550)

Sri lankan – American theme එකෙන් ටිකක් එහාට ගිය dish item එකක් නිසා ඔයලා confuse වෙන්න පුලුවන්. පලවෙනි කටින්ම දැනෙන්නේ ඒ රසවත් අත්දැකීම ඔයත් විඳින්නම ඕනි…batter එකේ තියෙන crunch රසයත් එක්ක BBQ Sause එකතු වුණාම, කටපුරා දැනෙන chicken flavor එක නම් නියමයි….
Beef satay – (LKR 550)

කටට කෙල උණන විදියට Beef Satay plate එක බර හිටින්නම පුරෝලා තිබුණා. උඩින් දාල තිබුන peanut sauce එක අනිත් හැම රසයක් ම අපේ දිවට පරාද කළා. Beef එක තද ගතියක් නැතුව හොදට හැපෙන juicy flavor එකකට තිබුණු නිසා..හැම කටක්ම නැවුම් විදියට තිබුණා…උඩින් එකතු කරලා තිබුණු veggies dish එකේ වටිනාකම වැඩි කලා.

මං ආසම බාර්ගර් එක!මෙහි රස විඳ ගන්න උවමනා නිසාම මං ආපහු අනිවාර්යෙන්ම මෙතනට ඒවි…සාමාන්‍ය duck burger එකක් හැමදාම හදන තැනක් හොයාගන්න අමාරුයි. හැබැයි මෙතන ඔයා හැමදාම ආවත් duck burger එකක් රස විඳින්න පුළුවන් හොඳට මස් පුරවපු, හරි පදමටම bake වුන burger එකටම විශේෂ වූ curry sauce එකෙන් එන රසයනම් කියලා වැඩක් නෑ.ඒක කද්දී දැනෙන්නෙ soft savory cake එකක් කනවා වගෙයි!..
Deadly Rooster (LKR 850)

මේක ඇමරිකානු Nashville style එකට හැදුණු හොඳට සීසන් වුණ crunchy චිකන් බර්ගර් එකක්!…මෙකේ patty එක වැඩිපුර fried කරලා…මේ බර්ගර් එකේ ලස්සන exterior එකක් තියෙනවා.
Nai Miris Mac N Cheese (LKR 550)

Mac N cheese මැකරෝනි වෙනුවට spaghetti වලින් හදලා තිබුනේ..පළවෙනි කටින්ම ඔයා දන්නවා එකෙන් මොන රසයක්ද එන්න ඕනේ කියලා හැබැයි ඒ නයිමිරිස් රසය දැනෙන්නේ ඔයාගේ උගුරට.. මේ dish එකේ earthy flavor එකක් වගේම හොද crunchy texture එකක් තියෙනවා. ක්‍රීමි ස්පැගටි එක ගැන අපි හැමෝම කියන කැමති දෙයක් කියනවා නම්- American made Asian!!..
The “Hybrid” (LKR 1400)

හොදම ලෝකවල් දෙකක් එකම බර්ගර් එක ඇතුලේ..!! කුකුල් මස් සහ හරක් මස් වලට flavors ගොඩක් එකතු කරලා cook කරලා තමා බර්ගර් එකට දලා තියෙන්නේ…එක පැත්තක මේ curry එකත් අනික් පැත්තට fries ටිකයි එළවළුයි ටිකයි එකතු කරලා තියෙන මේ බර්ගර් එක ගන්න ගානට හොඳ වටිනාකමක් දිලා තියෙනවා.ඒ වගේම හරක් මස් වල රසය කුකුල් මස් වල රසයට වඩා දැනෙන්න සකස් කර තිබුණා.
The “Not-Really-Into-Meat” Burger (vegetarian-LKR 750)

එයාලාගේ menu එකෙ තියෙන meat options වලට අමතරව vegetarian අය වෙනුවෙන්ම සූදානම් කළ vegetarian burger එකක් අපි try කරා.මේ බර්ගර් එක ටිකක් ඝනකමින් වැඩියි.මේකෙ texture එකෙ falafel mix එකකුත් එකතු කරලා තියෙනවා.මේ ඔක්කොම එකතුවෙන් එන ඒ රසය විදගන්න එක බර්ගර් එකක් විතරක් try කරල නම් මදි කියලා ඔයාට හිතෙයි.
Viking Bleu (LKR 1250)

ඔක්කොම රසයන් බැලීමට ඇති නිසා මේසය මත එක එක meal වල කොටස් ඉතුරු වී තියෙනවා දකින එකනම් හරිම දුකක්..කෙසේවෙතත් මේ dish එකෙත් රසබැලීමට අපිට වුවමනා වුනා.හොදටම bake කල දුඹුරු පැහැයට තිබූ කුකුල් මස් පිරවුමට උඩින් ක්‍රීම් චීස් වක්කරලා තිබුණා.කට පුරාම දැනෙන රසක් මේ dish එකේ තිබ්බා.
Ambience

ගොඩක් ලස්සන සෞන්දර්යාත්මක පරිසරයක තමයි මේ place එක තියෙන්නේ..මෙතන්ට හැමදාම customers ලා එන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.-ඔවුන්ගේ menu range එක වගේම සුහදශීලි කාර්යමණ්ඩලයක් සිටීම..
Tip: chili pineapple එක නියම appetizer එකක්!…එකෙන් පටන් අරන් ඔයාගේ ආසම meal එකක් රසවිදලා chocolate shake එකකින් meal එක ඉවර කරන්න.
“මම මේ හැමදේම කරන්නේ පවුල වෙනුවෙන්, මට මම ගැන හිතන්න වෙන්නේ නැහැ”
“ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි, office වැඩයි ඉවර වෙනකොට මට නම් ඇති වෙලා, කොහෙද මම ගැන හිතන්න වෙලාවක්..?”
“මන් කැමති විදිහට ජීවත් වෙන්න කවදාවත් මට ලැබිල නැහැ”
මේ අදහස් අපිට අපේ යහළුවන්ගෙන්, අවට සිටින අයගෙන් වගේම ගෙදර අයගෙනුත් අහන්න ලැබිල තියෙනවා. ඒවා අපිට අමුතු අදහසුත් නොවෙයි. මේ වගේ කතා අපට අහන්න ලැබෙන්නේ ඇයි..? නැත්නම් ඔබට / මට මේ වගේ හැඟීමක් ඇතිවෙන්නේ ඇයි..? පිළිතුර මොකක් කියලද ඔබ හිතන්නේ..?
ටිකක් කල්පනා කරලා බලන්න. ඔයා ඇත්තටම කවුරු වෙනුවෙන්ද වැඩ කරන්නේ..? මොකක් වෙනුවෙන්ද ජීවත් වෙන්නේ..? මේ ගැන හරියටම හොයල බැලුවොත් කලාතුරකින් කෙනෙක් තමයි තමන් වෙනුවෙන් දේවල් කරන්නේ. අනික් හුඟක් දෙනෙක් තමන් අවට තියන විවිධාකාර බැඳීම් නඩත්තු කරමින් ඒ අය වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරමින් ඉන්නවා දකින්න පුළුවන්.
මේක වරදක් නොවෙයි. තමන් ගැන සිතමින් තමන්ගේ කොටස පමණක් කරමින් ජීවත් වීම ආත්මාර්ථකාමී දෙයක් විදිහට කෙනෙකුට හිතෙන්න පුළුවන්. බැඳීම් කියන්නේ එහෙම තමයි ඉතිං කියල තවත් කෙනෙක් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ කොහොම වුනත්, අපි ඔයාට කියන්නේ ජීවත් වීම, වැඩ කිරීම කරන්නේ කා වෙනුවෙන්ද කියන එක ඔය තීරණය කළ යුත්තක්. එහෙම නොවුනොත් ඔයාටම ජීවිතේ එපා වෙලා අර අපි ඉහතින් කිවුව වගේ දෙබස් ඔයගෙනුත් කියවෙන්න පුළුවන්. මොකක්ද අපි කරන්න ඕනේ..? මේ සාමාන්‍ය තත්වයෙන් ගැලවිලා වෙනම ගමනක් යන්න අපට පුලුවන්ද..? එහෙම අදහසක් නොවෙයි මේ කියන්න යන්නෙ. සාමාන්‍ය ජීවිතය ඔයාගේ පවුල, දෙමව්පියන්, බිරිඳ හෝ සැමියා, පෙම්වතා හෝ පෙම්වතිය මේ ඕනෑම කෙනෙකු සමග ගතකරන අතරෙමත් තමන්ගේ ජීවිතේ හොයාගන්න, තමන් වෙනුවෙන් යමක් කරගන්න, සරලවම කිවුවොත් තමන්වත් සතුටු කරගන්න විදිහ ගැනයි අපි අද ඔයාට කියන්නෙ. අවසානයේදී තමන්ගේ ජීවිතේ සතුටින් සහ පහසුවෙන් ගත කරනවාද කියන කාරණයයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ පියවර කිහිපය උත්සාහ කරලා බලන්න. වෙනදාට වඩා තමන් ගැන අභිමායක් / සතුටක් ඔයාට දැනෙනවාමයි.

අපි හුඟක් දෙනෙක් කරන දෙයක් තමයි සිහින වල ජීවත් වීම. එක විදිහකට ඒක හොඳ දෙයක්. සිහින තිබුනොත් තමයි අපි ඒවා හඹාගෙන යන්නෙ. නමුත් ඒ සිහින වටිනාකමක් වෙන්නේ සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් ඔයා මහන්සි වෙනවා නම් පමණයි. එහෙම නැතුව සිහින සිහිනම විතරක් විදිහට තියාගත්තොත් හැමදාම ඔයාට ඉතුරු වෙන්නේ පසුතැවිල්ලක්. කනගාටුවක් සහ කළකිරීමක්. නිකමට හිතන්න ඔයාට දැනට තියන ගෙදර, වාහනය, ඇඳුම් පැළඳුම්, මොබයිල් එක, ලැප්ටොප් එක, මේ වගේ දේවල් ගැන ඔයා තෘප්තිමත් නැති නම්..? ඔයාගේ සිහිනය ඊට වඩා හොඳ තත්වයේ එකක් නම්..? ඔයා කරන්න ඕනේ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එක. ඉලක්කය ඉස්සරහින් තියාගෙන ඒක හඹාගෙන යන එක. එහෙම නැතුව ඒවා සිහින විදිහට තියාගෙන තියෙන දේවල් ගැන කළකිරීමෙන් ජීවත් වුනොත්, ඔයාට කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා එක්කෝ තිබෙන ප්‍රමාණයෙන් සැනසෙන්න. නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ලබාගන්න වෙහෙසෙන්න. මේ දෙකෙන් ඔයා කරන්න ඕන මොකක්ද කියන එක ඔයාම තීරණය කරගන්න. නමුත් මොනම හේතුවක් නිසාවත් කණගාටුවෙන් සහ කළකිරීමෙන් ජීවත් වෙන්න එපා.
තමන්ට වටිනාකමක් දෙන්න.
හුඟක් දෙනෙක් තමන්ගේ පවුලට / දරුවන්ට මුල් තැන දීල කටයුතු කරනවා සහ එහෙම කරද්දී තමන්ගේ අවශ්‍යතා මගහරිනවා. තමන්ට අවශ්‍ය දේවල්, තමන් කැමති දේවල් කැපකරනවා. ආසියාතික පවුල් සංස්කෘතිය ඇතුලේ අපි හැඩගැහිලා තියෙන්නේ එහෙම තමයි. නමුත් ගැටලුව අපි ඒක කරන්නේ ඇත්තටම සතුටින්ද කියන එක. බොහොමයක් වෙලාවට ඒ සියල්ල කිරීමෙන් පස්සෙත් තමන්ට අහිමි වෙන තමන් කැමති දේවල් ගැන පසුතැවීමක් ඉතිරි වෙනවා නේද..? ඒක සාමාන්‍ය දෙයක්. දැන් මේකට මොකද කරන්නෙ..? සියලු වගකීම්, යුතුකම් ඉටු කරන අතරෙත් ඔයා වෙනුවෙන් යම් කාලයක් සහ මුදලක් වෙන්කර ගන්න. සියල්ල කලමනාරණය කරන ඔයාට මේ කටයුත්ත අමාරුවෙන් නමුත් කරන්න බැරි නැහැ. උත්සාහය විතරයි අවශ්‍ය. ඒ නිසා තමන් වෙනුවෙන් යමක් වෙන්කර ගන්නත් අමතක කරන්න එපා. තමන්ව නඩත්තු කිරීම වෙනුවෙන් යමක් වෙන්කරගන්න තරම් කළමනාකාරී වෙන විදිහ ඉගෙන ගන්න.

අපි හැමෝටම එකිනෙකාට වෙනස් විනෝදාංශ තියෙනවා. අපි කුඩා කාලේ, පාසල් කාලේ, තරුණ අවදියේ විදිහට එකිනෙකට වෙනස් විනෝදාංශ අපට තියෙනවා. සමහරු කැමැතියි චිත්‍රපටයක් බලන්න. තවත් කෙනෙක් පොත් කියවනවා. තවත් සමහරු සංගීතයට කැමතියි. හැබැයි ටිකක් වයසින් මුහුකුරා යනකොට, රැකියාවේ වගේම පවුලේත් වගකීම් වැඩිවෙනකොට මෙන්න මේ කොටස හැමෝටම වගේ මගහැරෙනවා. උපයන්න අවශ්‍ය නිසා රැකියාව කරලා ගෙදර දොර වගකීම් ඉටුකරාට පස්සේ තමාගේ විනෝදාංශ වෙනුවෙන් වෙලාව හොයාගන්න, ඒවා දිගින් දිගටම කරන්න හුඟ දෙනෙක් මහන්සි වෙන්නේ නැහැ. නමුත් මේක ඉතාම අහිතකර තත්වයක්. අපි හැමෝම මානසිකව ස්ථාවර වෙන්න නම් මේ සැහැල්ලුව, විවේකය සහ තෘප්තිය අවශ්‍යයි. එහෙම නොවී පීඩාකාරී අතෘප්තිකර ජීවන රටාවක ජීවත් වුනොත්, ඒක ආතතිය විදිහට වර්ධනය වෙලා විශාදය ඇතිවෙන්න පුළුවන්. නැතිනම් දරුණු මොළයේ අකර්මන්‍ය වීම් දක්වාත් මේ තත්වයන් වර්ධනය විය හැකි බව සමහර තොරතුරු වලින් කියවෙනවා. ඒ නිසා ඔයාගේ විනෝදාංශය මොකක් වුනත් ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න. දිනපතාම බැරි වුනත් සතියකට වතාවක් දකක් වත් ඔයාව සතුටු කරවන මේ වෙලාව වෙන්කරගන්න අමතක කරන්න එපා.

මේ තවත් වැදගත් දෙයක්. තරුණ වයසේදී නැතිනම් 20 – 30 අතර වගේ කාලයේදී මොන තරම් ලස්සනට පිළිවෙලට ජීවත් වුන අය වයස 30 ඉක්මවුවාට පස්සෙ, කසාද බැන්දට පස්සෙ පෙනුමින් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවද..? නිකමට හිතල බලන්න. ආපහු අර පරණ හේතුවයි. ගෙදර දොර වැඩකටයුතු, දරුවන්, පවුල මේ සියල්ල වෙනුවෙන් කාලය ශ්‍රමය වෙන් කරාට පස්සේ ඔයා ඔයාව අමතක කරලා. ඒත් අමතක කරන්න එපා ඔයාත් සාමාන්‍ය මනුස්සයෙක්. වෘත්තියවෙදියෙක්. එතකොට ඔයාගේ පෞරුෂත්වය, වෘත්තීය තත්වය මේ සියල්ලම ඔයා ජීවත් වෙන විදිහත් එක්ක පෙනෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනික් සියලු කටයුතු අතරෙත් ඔයාගේ පෙනුම ගැන හිතන එක අමතක කරන්න එපා. ඔයාගේ සමේ සෞඛ්‍ය වෙනුවෙන් යමක් කරන්න. නිවැරදි කෑම වේලක් කන්න. ප්‍රමාණවත් වතුර බොන්න. සම පිරිසිදු කිරීම කරන්න. ඒ දේවල් වලට වෙලාව හොයාගන්න එක ඔයාට ලොකු අමාරුවක් නැතුවම කරන්න පුලවන්. අවශ්‍ය වන්නේ දැනුවත් බව සහ උවමනාව විතරයි. ඊළඟට ඔයා අඳින ඇඳුම පිරිසිදුව සහ පිළිවෙලට අඳින්න. ඒවා අපිළිවෙල විදිහට ඇඳගෙන යාමෙන් ඔයා කාර්යබහුලයි කියල පේනවට වඩා ඔයා අතෘප්තිකර ජීවිතයක් ගෙවනවා කියලයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම සමට, මුහුණට, අතපය වලට නිසි සත්කාර කරන්න. ලොකු වියදමක් කරගෙන වෙලාව වැය කරගෙන සැලුන් එකට නොගියත් ඉතාම සරළ ක්‍රම වලින් මේ දේවල් නඩත්තු කරගන්න ඔයාට පුළුවන්. ඒ වෙනුවෙන් අවදානය යොමු කරන්න.

විනෝදය සතුට සැහැල්ලුව අපේ මානසික සෞඛ්‍යට අත්‍යවශ්‍යයි. ඒ නිසා විනෝද වෙන්න වෙලාවක් හොයා ගන්න අමතක කරන්නම එපා. “වෙලාවක් නැහැ” වැඩ වැඩියි” කියන්නෙම ඔයාගේ කළමනාකරණ කුසලතා වල අඩුපාඩුවක් මිස සාධාරණ හේතුවක් නොවෙයි. ඒ නිසා ඔයාගේ හොඳම යාළුවො එක්ක එලියට යන්න, යාළුවෙකු ගෙදර යන්න, එහෙමත් නැත්නම් යාලුවන්ට කෑමකට ආරාධනා කරන්න වගේ විනෝදාත්මක වැඩකට මාසයකට වතාවක් වත් ඔයාගේ වෙලාව වෙන්කර ගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් “මේ ළමයින්ගේ වැඩත් එක්ක අපි කොහොමද ඕව කරන්නේ” කියල. ළමයින්ගේ වැඩ සියල්ල අතරෙත් මේ දේවල් වලට වෙලාවක් වෙන්කර ගැනීම නැවතත් ඔයාගේ කළමනාකරණ කුසලතාව මත තීරණය වනවා. ඒ වගේම ඔයාගේ බිරිඳ / සැමියා එක්ක පවත්වන සම්බන්ධතාව අනුවත් මේ දේවල් කළමනාකරණය කරගැනීමේ හැකියාව තීරණය වෙනවා. ඒ කොහොම වුනත් වැදගත්ම දේ මේ වෙනුවෙන් වෙලාවක් හොයා ගැනීම. ඒ වගේම චිත්‍රපටයක් බලන්න යන්න, නාට්‍යක් බලන්න වගේ විනෝදාස්වාදය සපයන දෙයකටත් යොමු වෙන්න අවශ්‍යමයි. මානසික සුවය, පහසුව ඇතිකරන්න වගේම ඔයාගේ stress එක අඩු කරගන්නත් ඒක අතිශය වැදගත්.
ඔයා දක්ෂතා පෙන්වපු සහ කැමති වුන ක්ෂේත්‍රය අත් හරින්න ඔයාට සිදුවුනා වන්න පුළුවන්. අපේ වගේ රටකදී ඒක ඉතාම සාමාන්‍ය තත්වයක්. පිහිනීමට දක්ෂ කෙනෙක් ඊට හාත්පසින්ම වෙනස් වෘත්තියක යෙදෙනවා වෙන්න පුළුවන්. චිත්‍ර අඳින්න දක්ෂ කෙනෙක් ගිණුම් අංශයේ රැකියාවක යෙදෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් හරිම සුලභයි. නමුත් ඔයා දක්ෂ, ඔයා කැමති දේ සම්පුර්ණයෙන්ම අත්හැරීම කරන්න එපා. ඔයා චිත්‍ර අඳින්න දක්ෂයෙක් නම් ඒ වෙනුවෙන් සතියකට වතාවක් හරි වෙලාවක් වෙන්කර ගන්න. සින්දු කියන්න, වාදනය කරන්න, යම් ක්‍රීඩාවකට, හෝ වෙනත් ඕනෑම දෙයකට ඔබේ වැඩිම කැමැත්තක් තියේ නම් ඒ වෙනුවෙන් සතියකට පැය 2ක් 3ක් හෝ වෙන් කිරීම අනිවාර්යෙන්ම කරන්න. එහෙම නොවුනොත් ඔයා අතෘප්තිකර ආතතියෙන් පෙලෙන කෙනෙක් වෙන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා.
මදක් නවතිල්ලේ සිතා බලන්න. අපි කැමති, ආසා කරන කොයිතරම් දේවල් අපි ඇත හැරලා තියෙනවාද.? වෙනත් අරමුණු වෙනුවෙන්, අනිකා වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් වෙහෙසේනවාද? නමුත් මේ සියල්ල අතරෙත් ඔයා, ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න දැන් වත් මතකයේ තබාගන්න. සියල්ල තීරණය වන්නේ ඔබේ කළමනාකරණ හැකියාව මතයි. කිසිවක් අත නොහැර කළමනාකරණය කරගන්න ඔබට හැකියාව තිබෙනවා. උත්සාහ කිරීම පමණයි අවශ්‍ය. එනිසා ඔයා වෙනුවෙ, ඔයාගේ ජීවිතය වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න, ඔයාටම treat කරගන්න දැන් සිටවත් පටන් ගන්න. වෙනදාට වඩා සතුටින්, සහලුවෙන් සහ තෘප්තියෙන් ජීවිතය ගෙවන්න ඔයාට හැකිවේවි. ජීවත් වෙනවා කියල ඔයාටම දැනෙන්න පටන් ගනීවි.
-එන් වෙහෙරදූව-
පොඩ්ඩො කැමති නැහැ හැමදාම එකම කෑම වර්ග කන්න. එයාලා කැමතී අලුත් අලුත් රස කෑම try කරලා බලන්න. ඒ නිසා වෙනසකටත් එක්ක ඔයාට පුළුවන් දැන් ලේසියෙන්ම මේ පෑන් කේක් එක ඔයාගේ පොඩ්ඩට හදලා දෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය-
පාන් පිටි කෝප්ප 1
බේකිං පව්ඩර් මේස හැඳි 1
ලුණු මේස හැඳි 1/4
වතුර කෝප්ප 1
කිරිපිටි මේස හැඳි 4
බිත්තර 1
වැනිලා මේස හැඳි 1
දියකරගත් බටර් කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
ඔයට අනිවාර්යයෙන් ගොඩක් ආස කරන අත් බෑග් එකක් තියෙනවා වෙන්න පුළුවන්. කොච්චර ආසායි ද කියනවනම් bag එක damage වුණොත් කොච්චර හිතට දුකක් දැනෙනවද නේද? අපි අත් බෑග් එක වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරාට වැඩක් නැහැ හරියට maintain කරන්නේ නැත්තම්. ඉතින් තමන් ආසම handbag එක දිගුකාලයක් තියාගන්න හරියට maintain කරන්නේ කොහොමද කියලා අද අපි බලමු.

යන යන තැන handbag එක බිම තියනවා කියන්නේ හොඳ වැඩක්නම් නෙවෙයි. බිම තියන දූවිලි, කුණු, විශබීජ, හැම එකක්ම ඔයාගෙ බෑග් එකේ ගැවිලා ඒක විනාශ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ඔයා ඔයාගේ බෑග් එක යන යන තැන බිම තියන්නේ නැතිව ඉදගන්න පුටුවේ එල්ලන්න පුළුවන්, එහෙමත් නැත්තම් උකුලේ හරි වෙන පුටුවක් උඩින් හරි තියන්න පුළුවන්.
ඔයාට තවත් විකල්පයක් ලබා දෙන්න අපිට පුළුවන්. මේසේ බෑග් එක එල්ලන්න පුළුවන් hook එකක් මිළදී ගන්න හැකියාව තිබෙනවා. එක ලොකු ගාණකුත් නැහැ අනික ලෙහෙසියෙන්ම තමන්ගේ බෑග් එකේම මේ කොක්ක දාගන යන්නත් පුළුවන්.

අපේ අත් ගොඩක් වෙලාවට අපිරිසිදු වෙන්න ඉඩකඩ වැඩියී. මොකද වැඩි වැඩ කොටසක් අපි කරන්නේ අපේ අත් දෙකෙන්. ඒ වගේම ස්භාවිකවම දහඩිය දැමීම සහ තෙල් ගතිය මතුවීම අපේ අත්වල සිදුවෙනවා. මේ නිසා අපේ handbag එකේ අත් පටි ඉක්මනින්ම විනාශවෙන්න පුළුවන්. මේ නිසා බෑග් එක අල්ලන්න කලින් අත් දෙක පිරිසිදු කරගන්න මතක තියාගන්න.

සමහර කාන්තාවන් ඉන්නවා තමන්ගේ handbag එක පරිස්සම් කරන්න උවමනවාට ඕනවට වඩා පිරිසිදු කරනවා. ඕනවට වඩා පිරිසිදු කිරීම ඇත්තටම හොඳ නැහැ. රසායනික දේවල් යොදලා ඕනවට වැඩිය පිරිසදු කිරිමෙන් handbag එකේ කල්පැවැත්ම කෙටි වෙනවා. අවශ්‍ය අවස්ථාවේ පමණක් පිරිසිදු වතුර යොදාගන handbag එක පිරිසිදු කරන්න මතක තියාගන්න.

ඔයා handbag එක මිලදී ගන්නකොට ඒක කුමන ආකාරයේ ද්‍රව්‍යකින් නිර්මාණය කරලා තියනවද කියලා හොයලා බලන්න. මොකද එක එක ද්‍රව්‍ය වලින් සාදා තිබෙන handbag පිරිසදු කරන්න සහ ආරක්ෂා කරන්න එකිනෙකට ආවේණික දේවල් සහ ක්‍රම තිබෙනවා.
උදාහරණයක් වශයෙන් ඔයාගේ handbag එක ලෙදර් වලින් සාදා තිබෙනවා නම් එය පිරිසිදු කරන්න ලෙදර් ක්ලීනර් එකක් යොදාගන්න සිදුවෙනවා.

handbag එක ගබඩා කිරීමේදී ඒක ඇතුලට ආධාරකයක් වශයෙන් පසුම්බියක් හෝ ස්පොන්ජ් එකක් භාවිතා කරන්න හැකියාව තිබෙනවා. එතකොට handbag එක නැවෙන්නේ නැතිවෙන්න ඒ ආකාරයෙන්න තියාගන්න පුළුවන්. ඒ වගේම ගබඩා කිරීමට පෙර දූවිලි ආවාරණයක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් handbag එකක් මිලදී ගන්නකොට දූවිලි ආවරණයක් ඒත් සමග ලැබෙනවා. ගොඩක් අය මේක විසිකරනවා. ඒ දේ කරන්න එපා. මොකද ඔයාගේ handbag එක පරිස්සම් කරන්න අත්‍යවශම දෙයක් තමයි මේ දූවිලි ආවරණය කියන්නේ. ඒ වගේම ඔයා handbag එක තියන තැන අනුව ලෙහෙසියෙන් එල්ලා තබන්න Hanging Handbag Organizer එකක් මිලදී ගන්න අමතක කරන්න එපා. handbag එකේ හැඩය පවත්වාගන යන්න යමක් ඇතුලට පුරවලා තියන්න මතක තියාගන්න.