Blog Page 27

මදුරුවන් නිසා සමට ඇතිවෙන ආසාදන වළක්වාගන්නේ මෙහෙමයි…

කොරෝනා නිසා ‌ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තිබෙනවා ඩෙංගු මදුරුවන් අයෙත් හිස ඔසවලා කියලා. මේ වෙනකොටත් රජය විසින් තර්ජනයට ලක්ව තිබෙන ප්‍රදේශ හදුනාගන තිබෙනවා. කොහොම වුණත් අපි සුදුසු කියාමාර්ග ගන්න අවශ්‍යයි මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ඒක වලක්වාගන්න. අද අපි කතා කරන්නේ මදුරුවන් නිසා ඇතිවෙන කැලැල් වලට යොදගන්න පුළුවන් පිළියම් ගැන .

 

අපි ගෙදර ඉන්න‌කොට ඒ ව‌ගේම ගෙවත්තට වෙලා නිදහසේ ඉන්නකොට ගොඩක් වෙලාවට ලොකු හිසරදයක් තමයි මදුරුවන්. නිදහසේ ඉන්නවත් නැහැ සැරින් සැරේ මදුරුවො දෂ්ට කරනවා. ගොඩක් ලෙඩ රෝග බෝවෙන්න ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තියනවා. අපි හැම කෙනෙක්ම වගබලාගත යුතුයි මදුරුවන් බෝවෙන එක අවම කරගන්න වැඩ කටයුතු කරන්න. ‌කොහොම වුණත් ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තියෙනවා මදුරුවෙක් දෂ්ට කලාට පස්සෙ ඇතිවෙන කැසීම් ගැන. කැසීම් නිසා ගොඩක් වෙලාවට තුවාල ඇතිවෙන්න, කැලැල් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ දේවල් වෙන එක වලක්වා ගන්න ගෙදරදීම අපිට පහසුවෙන් කරගන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා.

 

  • කෝමාරිකා

Aloe vera: 8 health benefits

කෝමාරිකා කියන්නේ පහසුවෙන් හොයාගන්න පුළුවන් ශාකයක්.ගොඩක් වෙලාවට ගෙවත්තේ මේ ශාකය සුලබව දකින්න පුළුවන් . ඔයාට කරන්න තියෙන්නේ මදුරුවා දෂ්ට කරපු ස්ථානයේ කෝමාරිකා මද ස්වල්පයක් ගෙන ගාන එක. කෝමාරිකා වේලෙන්න ඉඩ ඇරලා අයෙත් මේ විදියට 2 -3 පාරක් ආලේප කරන්න. ගොඩක් වෙලාවට සීත කල කෝමාරිකා මද මේ සදහා යොදාගන්න තිබෙනවානම් වඩාත් හොදයි. කෝමාරිකා මද කෘමීන් සපාකෑම් සුව කිරීමට යොදාගන්න ඔසුවක්. මෙය භාවිතා කිරීම මගින් මදුරුවන් කෑමෙන් ඇතිවෙන කැසීම් අවම කරගන්න හැකියාව තිබෙනවා.

 

 

  • දත් බෙහෙත්

Household Uses for Toothpaste

හැම ගෙදරකම තිබෙන හැම කෙනෙක්ටම අවශ්‍ය වන පාරිබෝගික භාණ්ඩයක් තමයි දත් බෙහෙත් ( tooth paste). මදුරැවන් දෂ්ට කල ස්ථානයේ දත් බෙහෙත් ස්වල්පයක් ආලේප කරන්න. අවම වශයෙන් දවසට 2පාරක් මේ විදියට දත් බෙහෙත් ආලේප කරන්න. දත් බෙහෙත් වල ගොඩක් වෙලාවට මින්ට් හෝ පෙපරමින්ට් සාරය අඩංගු වෙනවා. මේවයින් හමේ ඇතිවෙන කැසීම් වලට සහනය ලබා දෙනවා. හමේ ඇතිවෙන ඉදිමුම් අවම කිරීමේ හැකියාව මින්ට් සහ පෙපරමින්ට් වල අඩංගු වෙනවා.

 

 

  • දෙහි

Lime suppliers, wholesale prices, and global market information ...

දෙහි කියන්නෙ අපි කෑමට විතරක් නෙවේ ලස්සන වෙන්නත් භාවිතා කරන දෙයක්. මදුරැවෙක් දෂ්ට කලාට පස්සෙ ඇතිවෙන කැසීම් වලක්වාගන්න දෙහි භාවිතා කරන්න පුළුවන්. ආසාදනය වුණු ප්‍රදේශයේ දෙහි ඉස්ම ආලේප කර විනාඩි 5 පමණ තිබෙන්න ඇර සෝදන්න. දෙහි කියන්නේ ඇසිඩික් ප්‍රමාණය වැඩි ද්‍රව්‍යක්. ඒ නිසා ආසදනය වූ ස්ථානයේ ප්‍රතික්‍රියා කර ඉදිමීම හා කැසීම අවම කරනවා.

 

 

  • පොල්තෙල්

Best Coconut Oils For Hair in India 2020 – Reviews & Buyer's Guide ...

තවත් අපිට ප්‍රතිකාරයක් වශයෙන් මදුරුවන් දෂ්ට කල ස්ථානයේ ආලේප කරන්න පොල්තෙල් පාවිච්චි කරන්න පුළුවන්. මෙය දවසට 2-3 සැරයක්ආලේප කරන්න. මේ විදියට පොල්තෙල් ආලේප කිරිම මගින් සිදුවෙන්නේ ආසාදනය වු ස්ථානයේ ආරක්ෂිත ආවරණයක් ඇති කරනවා. එවිට එම ස්ථානය තවදුරටත් ආසාදනය වීම අවම කිරීමක් පොල්තෙල් මගින් සිදු කරනවා.

 

 

  • ලුණු

Thailand salt tax: Industry expert casts doubt on technical ...

ලුණු ස්වල්පයක් ගෙන වතුර බින්දු කීපයක් සමග මිශ්‍රකර ආසාදනය වූ ස්ථානයේ ආලේප කරන්න. වේලෙන්න හැර සීතල වතුරෙන් සෝදා හරින්න. මෙය දිනකට දෙපාරක්වත් සිදුකරන්න ඉක්මන් ප්‍රථිපල ලබාගන්න. ලුණු කියන්නේ ස්භාවික විශබීජ මර්දකයක්. එම නිසා ආසාදනය වීම වලක්වන්න ලුණු වලට හැකියාව තිබෙනවා. ඒ වගේම ආසාදනය වූ ප්‍රදේශයන් වල ඇතිවෙන කැසීම් අවම කරගන්නත් ලුණු වලින් හැකියාව ලැබෙනවා.

 

මේ දේවල් කරන්න ඔයාලට අමතර වියදමක් යන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම ප්‍රතිකාර කරගන්න පුළුවන්. මේ දෙවල් භාවිතා කරලා මදුරුවන්ගෙන් ඇතිවෙන ආසාදනයන් මගහරවා ගන්න හැකියාව දැන් ඔයාලටත් තිබෙනවා.

COVID-19 කාලයේ දේශීය ව්‍යාපාරිකයන්ට සහාය වෙමු..

2020 කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කවදාවත් නොහිතපු විදිහට වෙනස් කරපු අවුරුද්දක් කිවුවොත් හරියටම හරි. ගිය අවුරුද්දේදී දරුණු පහර දෙකක් එල්ල වුණා – විනාශකාරී පාස්කු ත්‍රස්ත ප්‍රහාර ඒ වගේම දැන් COVID-19 වසංගතය. දිනපතා වැටුප් උපයන්නන්ට, කුඩා පරිමාණ ව්‍යාපාර සහ Lockdown එක කළමනාකරණය කරන්න මූල්‍යමය ශක්තියක් නැති පුද්ගලයින්ට මේක ලොකුවටම බලපෑවා. Lockdown කාලය මිනිසුන්ට සහ ව්‍යාපාර වලට අභියෝගාත්මක කාලයක්. මැයි 11 ඉදන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් විවෘත වෙලා තිබුණත් ඒ කළින් වගේම නම් නෙවෙයි.

 

ඉදිරියට තියෙන අවිනිශ්චිතතාවයෙන් අදහස් වෙන්නේ අපෙන් ගොඩක් දෙනෙක් පෙරට වැඩිය මූල්‍යමය වශයෙන් ප්‍රවේශම් වන බව.හැබැයි අරපරිස්සමින් වියදම් කරනවා කියන්නේ මේ ප්‍රශ්න එක්ක වැඩිපුරම පීඩා වුණු අය එක්ක කේවල් කරන එකනම් නෙමෙයි. පලතුරු හා එළවළු වෙළෙන්දන් සහ වෙනත් වීදි වෙළෙන්දන් එකක් අපි කේවල් කරන එක අපි ගොඩක් දෙනෙක්ට පොදු දෙයක්. එත් අපි කවදාවත් සාප්පු, සුපිරි වෙළඳසැල් හෝ වෙනත් මහා පරිමාණ ආයතන වල භාණ්ඩ මිළ ගණන් ගැන ප්‍රශ්න කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. වසංගත කාලයක ජීවත්වීම ඇත්තටම දුෂ්කරයි. හැබැයි කුඩා ව්‍යාපාරයක් වීම සහ ගනුදෙනුකරුවන්ට කේවල් කරන්න බලයක් තියෙන එක ඊටත් වඩා දුෂ්කර කාරණාවක්.

 

46 හැවිරිදි සුනිල්, පළතුරු සහ එළවළු වෙළෙන්දෙක්.

“විකුණුම් අනපේක්ෂිත නිසා COVID-19 වල ගෙවන මේ කාලය ගොඩක් දුෂ්කරයි. සමහර දවස් වලට හොඳයි. එත් සමහර දවස්වලට කිසිම ව්‍යාපාරයක් නැති තරම්. කනගාටුවට කරුණ තමයි ගොඩක් දෙනා රු. 20 හෝ රු. 30 ට කේවල් කරනවා. ගොඩක් අය හිතන්නේ නැහැ මං ආපහු ගෙදර යන බස් ගාස්තුවටත් යන්නේ ඒ වගේ ගාණක් කියලා. COVID-19 වලට කලින් ඉදන්ම ඒක එහෙම තමයි.”

 

නිල්මි, ප්ලාස්ටික් භාණ්ඩ වීදි වෙළෙන්දියක්.

“අවුවේ ඉදගෙන මේ රස්නෙත් එක්ක දවසම ගෙවන්නේ අපි ගොඩක් දුෂ්කර විදිහට.සමහර වෙලාවට මම විකුණන බඩු ගන්න හොඳ හොඳ කාර් වලින් ඇවිල්ලා නවත්තනවා. ගොඩක් සුළු ලාභයක් තියාගෙන විකුණන මගේ භාණ්ඩ වල ගාණ අඩු කරන්න කියලා කේවල් කරනවා.”

 

හැමෝම දුක් විඳින එක සාපේක්ෂ දෙයක් අපි හැමෝම දුෂ්කරතා එක්ක කටයුතු කරන එක ඇත්තක්. එත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් එක්ක අපිත් සංවේදී වුණොත් අපි හැමෝටම යහපතක් වෙයි.අනිත් මිනිස්සු ගැන අනුකම්පා කළා කියලා අපේ කිසිදෙයක් නැති වෙන්නෙත් නැහැ වගේම එහෙම කරන්න අපි මුදල් වලින් පොහොසත් වෙලා ඉපදෙන්නම ඕනෙත් නැහැ. අපේ පසුම්බියට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අනිත් අයගේ ජීවිතවල වෙනසක් ඇති කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. මේ ඒවායින් කිහිපයක්:

 

 

1. කුඩා ව්‍යාපාරවලට සහාය වීම

අපි මේ ඉන්න වාතාවරණයත් එක්ක කුඩා පරිමාණ ව්‍යාපාර අපේ අනුග්‍රහය මත තමයි රඳා පවතින්නේ. හැම ගණුදෙනුවක්ම එයාලට වටිනවා. ඔයා අමාරුවෙන් හම්බකරපු සල්ලි බඩු, ඇඳුම් වගේම කුස්සියේ ආම්පන්න සහ මැටි භාණ්ඩ වගේ ඔයාගේ ගෙදර දේවල් වලට වියදම් කරන වේලාවට ඒවා කේවල කරන්නේ නැතුව ගමේම,ඔයාගේ පළාතේ ඉන්න වෙළෙන්දන්ගෙන් ලබා ගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් හිතලා බලන්න.

 

 

2.දේශීය දේ තෝරා ගන්න

සාප්පු යද්දී දේශීය සාප්පු වලට යන එකෙන් ගොඩක් වාසි තියෙනවා.දේශීය ව්‍යාපාරවලට සහය දක්වනවා කියන්නේ අපි අපේ දේශීය ආර්ථිකයට සහාය දීමක්.එතකොට අපේ මුදල් පිටරට යවනවාට වැඩිය අපේ රටේම තියාගන්න ඒක ලොකු උදවුවක් වේවි.

 

 

3. නොමසුරුව tip දෙන්න

ඔයාගේ ගාණට සරිලන මොනවහරි දෙයක් මිළදී ගත්තාම එකේ සුළු මුදලක් ඉතුරු වුණොත් ඒ ඉතිරි මුදල වෙළෙන්දාට තියාගන්න දෙන්න. ඒකෙන් ඔයා දුප්පතෙකු බවට පත් වෙන්නේ නැහැ වගේම ඒක ඔයාගේ කෘතඥතාවයේ සංකේතයක් වෙන නිසා වෙළෙන්දා සහ ඔයා අතර හොඳ සම්බන්ධතාවයකුත් ඇතිවෙන්න උදවුවක් වේවි.

 

 

4. කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට උදව් කරන සංවිධානවලට පරිත්‍යාග කරන්න

Givers League වගේ සංවිධාන ආර්ථික ප්‍රශ්න වල ඉන්න ව්‍යවාසකයින්ට එයාලගේ කුඩා ව්‍යාපාර ආරම්භ කරන්න හෝ පුළුල් කරන්න පොලී රහිත ණය ලබාදෙන්න කටයුතු කරනවා. ණය ලබගන්න අයට මාස 3 ක සහන කාලයකින් පස්සේ මාසික වාරික 24 කින් මුදල ආපසු ලබාදෙන්න සිද්ධ වෙනවා. පස්සේ ඒ මුදල් චක්‍රීකරණය වෙලා එයාලගේම ප්‍රජාවේ විසිරී යනවා.ඒ විදිහට චක්‍රය දිගටම පවතිනවා.

Servelk.org කියන්නෙත් දෛනික වැටුප් උපයන්නන් සහ ගෘහස්ථ ව්‍යාපාර වලට අරගල කරන අය සදහා තියෙන තවත් සංවිධානයක්. මේ හරහා සලාක සඳහා අනුග්‍රහය දක්වන්න හෝ බීජ මුදල් සඳහා පරිත්‍යාග කරන්න ඔයාටත් අවස්තාව තියෙනවා.එය කාන්තාවන් විසින් පවත්වාගෙන යන ගෘහස්ථ ව්‍යවසායන් පුනර්ජීවනය කරන්න සහ ශක්තිමත් කරන්න උදව් වෙනවා.

 

 

5. ඔයාගේ ප්‍රදේශයේ ඇති කුඩා ව්‍යාපාරවල වලට යන එක වැඩි කරන්න.

ඔයාගේ ප්‍රදේශයේ කුඩා ව්‍යාපාර හිමිකරුවන් එක්ක කතාකරන්න. වසංගතය අතරතුරදී එයාලා කළමනාකරණය කරගෙන ජිවත් වෙන්නේ කොහොමද කියලා එයාලගෙන් අහලා බලන්න. අපේම ගමේ,නගරයේ වෙළෙන්දන් පරීක්ෂා කරලා බැලුවොතින් මේ වෙලාවේදී ආධාර ඕනේ අයගේ ජීවිත වලට සෘජු බලපෑමක් කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි. කුඩා පරිමාණ අලෙවිකරුවන්ගෙන් ඔයා මිලදී ගත් වාර ගණන වැඩි කළොත් හෝ එයාලට වැඩි ව්‍යාපාරයක් හරවා යවන්න උදව් කරන එක වගේම ඔයා දන්න වෙනත් පුද්ගලයන් ඒ අයගෙන් බඩු ගන්න යොමු කරන එක මේකට හොඳ නිදසුනක්.

 

කුඩා වතුර බිංදු වලින් ලොකු සාගරයක් හදන්න පුළුවන්. අපි අවට තියෙන සෑම දෙයකටම අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අපට නොපෙනෙනවා වුණත් ඒක අනිවාර්යයෙන්ම පවතිනවා. අපි හැමෝම දුෂ්කර කාලවලදී සංවේදී බව හා දයානුකම්පාව ප්‍රගුණ කළොත්, අපේ වටේ ඉන්න අනිත් මිනිස්සුත් නඟා සිටුවන්න සහ අපේ ආර්ථිකය ධනාත්මක මාවතකට යොමු කරන්න පුළුවන් වගේම ලොකු වෙනසක් හා ප්‍රගතියක් ඇති කරන්න පුළුවන්.

ඔබේ නිවස ආක්‍රමණය කරන පළිබෝධකයන් ඉවත් කරන පිළියම් මෙන්න…

අපේ නිවසට අනවශ්‍ය “පළිබෝධකයන්” එන එකනම් ඇත්තටම එපාම වෙන සිදුවීමක්. මේ සත්තු අපේ ගෘහ භාණ්ඩ හා ඇඳුම් විනාශ කරනවා, ආහාර නරක් කරනවා . ඒ වගේම වැඩිහිටියෝ, ළමයින් සහ ගෙදර ඉන්න සුරතල් සතුන් පවා බිය ගන්වනවා. මෙන්න මේ කරදරකාර සතුන් ගෙදරට එන එක නවත්තගන්නම ඔින දෙයක්. මොකද අපිව ලෙඩ කරන්නත් මේ පළිබෝධයකන් හේතුවක් වෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද මේ කරදරකාර පළිබෝධකයින්ව අපේ නිවෙස් වලින් ඈත් කරලා තියාගන්නේ කොහොමද කියලා.

 

 

1. මීයන්

A layman's dictionary: RAT | Kaspersky official blog

මීයො තමයි ගොඩක් කරදරෙකාර ඒ වගේම ටිකක් භයානක සත්තු වර්ගය. මෙයාලා පොඩි ඉඩකින් හරි ගෙදරට රිංගන්න තමයි බලන්නේ. මේ සත්තු ගෙදරට එනවා විතරක් නෙවෙයි ගෙදර ඇතුලේ කොහේ හරි ගුලක් හදාගෙන පැටව්නුත් බෝ කරනවා. ඉතින් මේ මීයන් ගෙදරට ඇවිත්නම් මුලින් කොහෙන්ද මේ සතා ගෙදරට රිංගුවෙ කියලා හොයලා බලලා ඒ ස්ථානය ප්‍රෙවේශමෙන් වසා දමන්න. ඒ වගේම ගෙදර දැනටමත් බෝ වෙලා ඉන්න මීයන් අල්ලන්න ඔයාට පුළුවන් උගුල් අටවන්න. එතකොට අල්ලගත්ත මීයන් ගෙදරින් දුර කැලෑවකට මුදාහිරින්න ඔයාට හැකියාව තිබෙනවා. හැබැයි ගෙදර සුරතල් සතුන් හෝ කුඩා දරුවන් ඉන්නවානම් උගුල් ඇටවීම සම්බන්ධයෙන් ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද පොඩි අයට මේක භයානක උපකරණයක්.

 

 

2. කුහුඹුවන්

 

Ant invasions on the rise in Ireland after warmest winter on ...
කුහුඹුවන් යනු නිවසේ බහුලව දක්නට ලැබෙන පළිබෝධකය වර්ගයක්. අපිට ගෙදර කිසි කෑමක් බීමක් තියන්න බැහැ මේ කුහුඹුවන් ඇවිත් ඒ ආහාර විනාශ කරනවා. මේ සත්තුන්ගෙන් බේරෙන්න ප්‍රධාන වශයෙන් කරන්න අවශ්‍ය දේ තමයි අපේ කෑම බීම සුරක්ෂිත බහාලුමකට දලා තියන්න ඔින. ඒ වගේම ගෙදර කුණු ගොඩගහගන්න එපා. ගෙදර කුණු එක්කහු වෙලා තියනවානම් ඉක්මනින් ඒවා හරි ආකාරයට බැහැර කරන්න. ඔවුන්ට කන්න දේවල් නැත්තම් අපේ මුලුතැන්ගෙයි ඔවුන් වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ. කුහුඹුවන් Baby Powder වලට කැමති නැහැ. ඒ නිසා කුහුඹුවන් එන පාර හොයලා එතනට Powder ටිකක් ඉහන්න. අනිත් දේ තමයි අපි දැකලා තියනවා සමහර වෙලාවට ඇඳුම් අල්මාරි වලට පොත් රාක්කවල පොත් අස්සට මේ කුහුඹුවන් ඇවිත් බිත්තර දානවා. එහෙම වුණහම අපේ ඇඳුම් , පොත් එහෙම භාවිතයට ගන්න බැරිවුණ අවස්ථා ඇතිවෙලා තිබෙනවා. මෙන්න මේ දේ සිදු නොවෙන්න අපේ ඇඳුම් අතර කපුරු බෝල දලා තියන්න. එතකොට කුහුඹුවන් ඔයාගේ රෙදි වලින් ඈත් කරලා තියාගන්න පුළුවන්.

 

 

3. මැස්සන්

How to get rid of fruit flies - Insider
මැස්සන් කියනනේ නම් හරිම කරදරයක් . ඒ වගේම අපිට ගොඩක් ලෙඩරෝග බෝ කරන ප්‍රධාන වාහකයෙක්. ගෙදරට මොකුත් කෑමක් ගේන්න බැහැ ක්ෂණික මේ මැස්සන් මුළු ගෙදරම වට කරගන්නවා. අපි කලින් ලිපියක සදහන් කළා මේ මැස්සන් නිසා අපිට සිදුවන කරදර ගැන http://gasma.lk/?p=44890. මේ මැස්සන් ඔබට විශාල කරදයක් වෙලානම් මදුරු දැල් අරන් නිවසේ තිබෙන කවුලු ආවරණය කරන්න. එවිට උන්ට නිවසට රිංගන්න ස්ථානයක් නැතිවෙනවා. ඔබට වෙළදපලෙන් මේ මැස්සන් එලවන්න යොදාන්න පුළුවන් විවිධ නිශ්පාදන මිලදී ගන්න හැකියාව තිබෙනවා. එහෙම මිලදී ගන්නවා නම් හොඳින් සැළකිලිමත් වෙන්න ගෙදර සුරතල් සතුන් සහ පොඩි දරුවන් ඉන්නවානම්.

 

 

4. මකුළුවන්

Why Are Spiders Invading My Home?

ඔයා දන්නවා නේද මකුළුවන් කියන්නේ අපේ කෘෂිකර්මාන්තයට හා අපේ පෘථිවියේ පරිසර පද්ධතියේ ඉතා වැදගත් වගේම විශාල කාර්යභාර්යක් ඉටුකර සත්වයෙක්. ඒ නිසා මකුළුවන් මරන්න එපා. ඔවුන් ඔබේ නිවසින් පිටකරීමට උත්සහ කරන්න. මොවුන්ව නිවසින් යවන්න හොඳම ක්‍රමය තමයි මකුළුදැල් බඳින්න දෙන්නේ නැතිව අයින් කරන එක. කීපසැරයක් මේ විදිහට මකුළුදැල් කඩලා දැමුවහම මකුළුවන් එම ස්ථානයෙන් ඉවත් වෙනවා.

 

 

5. කිනිතුල්ලන්

Ticks spread plenty more for you to worry about beyond Lyme disease

අපි ඉහතින් කතා කරපු පළිබොධකයන් වගේ නෙවෙයි කිනිතුල්ලන් කියන්නේ ඇත්තටම අපේ ජීවිතයට ලොකු තර්ජනයක්. ඔයාගේ නිවස තියෙන්නේ වනාන්තරයකට හෝ උද්‍යානයකට ආසන්නව නම්, කිනිතුල්ලන් ඔයාගේ ගෙදරට එන්න ඉඩකඩ වැඩීයි. එහෙම ගෙදර කිනිතුල්ලෙක් ඔයාට අසුවුනොත් මුලින්ම පවුලේ සමාජිකයින්ට කියන්න තමන්ගේ සිරුර හොඳින් පරීක්ෂාකරගන්න කියලා. ඒ වගේම ගෙදර පොඩි දරුවන් ඉන්නවානම් එයලව හොඳින් පරීක්ෂාකරන්න.ඒ වගේම ඔයාගේ සුරතලාවත් පරීක්ෂා කරගන්න. ඒ වගේම pest control සේවාවක් ලබාගන නිවස හොඳින් පිරිසිදු කරගන්න. මොකද මේ කුඩා සත්වයා අපේ ඇඟ ඇතුළට රිංගුවත් අපිට හොයාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා හොඳින් සැළකිලිමත් වෙන්න.

 

 

6. කුරුමිණියන්

It's July, So Why is My Yard Crawling With June Bugs?

කුරුමිණියා කියන්නෙත් කුහුඹුවන් වගේම අපේ මුළුතැන්ගෙයි තියන කෑම හොයාගන එක කෘමියෙක්. සමහර කුරුමිණියන් ඇහැට පේන්නේ නැති තරමට පොඩීයි. ඒ නිසා විශේෂයෙන් කුස්සිය, කෑම කාමරය හොඳින් පිරිසිදුව තියාගන්න. මේ විදියට ඔයා කුස්සිය හෝ කෑම කාමරය පිරිසිදු කරනකොට ඒ සදහා විනාකිරි 50-50 ජලය සමග මිශ්‍ර කරලා පිරිසිදු කිරීම් සඳහා යොදාගන්න. ධාන්‍ය වර්ග එහෙම හොඳින් අසුරා තබන්න.

 

 

7. සලබයන්

Magnetic Sense Helps Billions of Moths on an Australian Migration ...

සලබයන් ලොම් ඇඳුම් වලට ලොකු කැමැත්තක් දක්වනවා. මොකද සලබ කීටයන් ලොම් සහ වෙනත් රෙදි වලින් පෝෂණය වෙන්න ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේම සලබයන් කැමතී දහඩිය සුවඳට . ඒ නිසා ඔයාගේ කිලුටු ඇඳුම් ගොඩගහගෙන තියන්න එපා. ඒවා එවෙලෙම සෝදන්න. සලබයන් ගෙදරට එන එක වලක්වාගන්න කරාබු නැටි ,ලැවෙන්ඩර් , රොස්මෙරි වගේ ඔසු පැලෑටි වර්ග පොඩි භාජනයකට අඩුක්කු කරලා තියන්න. මොකද සලබයන් කැමති නැහැ ඔසු පැළවල සුවඳට.

 

 

8. වුඩ්ලයිස්

Woodlouse - Wikipedia

ඔයගේ ගෙදර ජල කාන්දුවක් තිබෙනවානම් මේ වුඩ්ලයිස්ලා ගෙදරට එන්න ඉඩකඩ වැඩීයි. මේ සත්තුන් ගෙදරට එන එක වලක්වාගන්න මුලින්ම වතුර කාන්දු වෙන ස්ථානයක් තිබෙනවානම් ජලනල කාර්මිකයෙකු ගෙන්වාගෙන කාන්දුවීම පිලිසකර කරගන්න. මාසයක් ඇතුළත මොවුන් නිවසින් පන්නගන්න බැරිවුණොත් ඔයාට වෙන්නේ රසායනික ද්‍රව්‍ය යොදාගන සතුන් විනාශ කරන්න. හොඳම දේ තමයි මොවුන් බෝ නොවෙන්න නිවස තෙත්වීම වලක්වාගන්න කටයුතු කිරීම.

 

 

9. සර්පයන්

New coronavirus may have 'jumped' to humans from snakes, study ...

සර්පයන් තමයි ඉවත් කිරීමට අපහසුම පළිබෝධකයා. මොකද රසායනික ද්‍රව්‍ය වලින් ඔවුන්ව පලවා හරින්න හැකියාවක් නැහැ. ඔයාට සිදුවෙන්නේ භෞතිකවම සර්පයන්ව ඉවත් කරන්න තමයි. නමුත් පළමුව එය ආරක්ෂිතභාවය ගැන වග බලා ගන්න. කිසියම් ආධාරකයක් භාවිතා කර දුරින් සිටිමින් සර්පයන්ව ඉවත්කරන්න කටයුතු කරන්න.

සර්පයන් කිසිවිටකත් ආරක්ෂිත නැහැ. ඒ නිසා අවධානමක් ගන්න යන්න එපා. එක්කෝ බ්ලැන්කට් එකකින් හරි බාල්දියකින් හරි සර්පයාව ආවරණය කර වෘත්තිමය පුද්ගලයෙක් අමතා ආරක්ෂිතව සර්පයන් ඉවත් කරන්න වගබලාගන්න.

 

 

10. කැරපොත්තන්

10 Pretty Gross Facts About American Cockroach Infestations

අම්මෝ කැරපොත්තනම් එපා වෙනවා නේද? අප්පිරියයි වගේම කැරපොත්තා කියන්නේ විස කෘමියෙක්. කැරපොත්තො ගෙදර තියන ඔිනම අස්සක් මුල්ලකම බෝ වෙනවා. අපිරිසිදු කෑම , ඉතිරි ආහාර , හිස් කෑන් හො බහාලුම් වලට කැරපොත්තො නිකන්ම ඇදිලා එනවා. මෙන්න මේ නිසා අපි කැරපොත්තන් නිසා ලොකු අපහසුතාවයකට පත්වෙනවා. කැරපොත්තන් මර්දනයට වසර ගණනාවක් තිස්සේ මිනිසුන් භාවිතා කළේ ලෙමන් යුෂ . ඔයාටත් පුළුවන් ගෙදර කැරපොත්තන් ඉන්නවානම් උන්ව මර්දනය කරන්න ලෙමන් යුෂ යොදාගන්න.

අනාගත උප්පැන්න සහතිකය වෙනස් කිරීම නව පරම්පරාවට බලපාන්නේ කෙසේද..?

 

“ඔබට විකල්පයක් නොමැතිව නමක් ලබා දී ඇත. ඔබට විකල්පයක් නොමැතිව ආගමක් ලබා දී ඇත. ඔබේ තේරීම නොමැතිව ඔබට ජාතියක් සහ අනන්‍යතාවයක් ලබා දී ඇත. තමන් කැමති විදිහට ඒ දේවල් ලැබිලා තියෙන අය වාසනාවන්තයි. නමුත් අප වැනි අය සැමවිටම සමාජයෙන් පීඩා විඳිති. ඒ නිසා කවුරුහරි ඒ ගැන කතා කළ යුතුයි කියලා මම තීරණය කළා”

– Moses Akash De Silva –

 

 

අවුරුදු ගණනාවක් පුරාවට සිදුවුණු වෙනස්කම් වල අවසානයේ මෑතකදී අනාගත සියලු උප්පැන්න සහතික වලින් විවාහක තත්ත්වය ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ සිදුකල සලකා බැලීමකින් පස්සේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන් සී විතානගේ විසින් මේ බව ප්‍රකාශයට පත්කළා. ක්‍රියා පටිපාටි අවසන් කරලා උප්පැන්න සහතිකය නිකුත් කරද්දී එහි ජාතික උප්පැන්න සහතිකය විදිහට නම වෙනස් කරන්නත් තීරණය කරලා තියෙනවා. විවාහක තත්ත්වය ඉවත් කිරීමේ පියවරට මුලින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ ඉඩම් දෙපාර්තමේන්තුව විරුද්ධ වූණේ එයින් උරුමය සහ වෙනත් හිමිකම් වලට බලපෑමක් සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා.කොහොම වුණත් උප්පැන්න සහතිකයේ තොරතුරු රඳවා නොගෙන අවශ්‍ය වෙලාවට බලන්න උප්පැන්නය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් ලේඛනගත කරනවා.

 

තනි මව්වරුන්ට, වෙන් වුණු විවාහයෙන් උපත ලැබූ දරුවන්ට සහ ශ්‍රී ලංකාවේ අනාථ දරුවන්ට වෙනස් විදිහට සැලකීම ලංකාවේ අලුත් දෙයක් නෙවෙයි. දිනපතාම මේ අපකීර්තිය හා රිදවීම විඳගන්න එයාලට සිද්ධ වෙනවා වගේම ජීවිත කාලය පුරාම එයාලගේ ගෞරවය නැති වෙලා තියෙනවා .මේ විවාහක කාණ්ඩය ඉවත් කරනවා කියන්නේ මොකද්ද කියලා අපි ගැඹුරින් සොයා බලමු.

 

 

මෝසෙස් ආකාෂ් ද සිල්වා කියන්නේ සති දෙකක් වයසේදී අනාථ නිවාසයක අතහැර දමා ගියපු කෙනෙක්. අනාථ දරුවෙකු විදිහට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඔහු සාමාන්‍ය පෙළ විභාගයට හොඳම ප්‍රතිළුල ලබාගත්තා.

 

“මට පොඩි දෙයක් මතකයි.මට වයස අවුරුදු 14 දී 15 දී වගේ මුලින්ම මං මගේ උප්පැන්න සහතිකය දැක්කම මට හිතුනා මේක මොකද්ද කියලා. මට ඒක ඒ වෙලාවේ ඕනේ වුණේ ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී මගේ වයස ඔප්පු කරන්න.එතැන් ඉදන් , මගේ තැපැල් හැඳුනුම්පත ලබාගත් වේලාව වගේ ගොඩක් තැන් වලදී මාව වෙනස් කොට සැලකීම් සිද්ධ වුණා.අවුරුදු ගාණක් යනකන් මේ වේදනාව දරාගෙන ඉඳලා, මේ ප්‍රශ්නයට අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා.

 

මේ ප්‍රශ්නය තවත් නරක අතට හැරුනේ වයස අවුරුදු 18 සම්පුර්ණ වෙලා ඔහු අනාථ නිවාසයෙන් පිටව ගියාට පස්සේ.රටේ නීතියේ විදිහට වයස අවුරුදු 18 සම්පුර්ණ වුණහම අනාථ නිවාසයෙන් එයාලට පිටවෙලා යන්න සිද්ධ වෙනවා. එත් ඒ අධ්‍යාපනයට දක්ෂ නම් විතරයි.එහෙම නැත්තම් අනිත් අයට වයස අවුරදු 16 දී අනාථ නිවාසයෙන් පිට වෙන්න සිද්ධ වෙනවා. එයාලව ඔවුන් පාඨමාලාවක් හෝ වෙනත් දෙයකට යොමුකරනවා.එතැන් ඉදන් ඔවුන්ට ජීවිතය තනියම කරගෙන යන්න සිද්ධ වෙනවා.

 

මට යන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා නුවර බස් නැවතුම්පොළක මට රාත්‍රී තුනක් ගතකරන්න සිද්ධ වුණා.මම අවසානයේ කොළඹට එන්න තීරණය කළා. මම කර්මාන්ත ශාලාවක වැඩ කරන්න පටන් ගත්තා. යන්ත්‍ර පිරිසිදු කිරීම වගේ දේවල් කළා.එහෙම තමයි දේවල් සිද්ධ වුණේ. අසම්පූර්ණ උප්පැන්න සහතික තිබුණු මෝසෙස්ට සහ ඔහුගේ බිරිඳ ඒවා එයාලගේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියන එක ගැන කතා කළා. “ශ්‍රී ලංකාවේ සෑම දෙයකටම ඔයාගේ උප්පැන්න සහතිකය අවශ්‍යයි. රැකියා ස්ථාන ඔයාගේ උප්පැන්න සහතිකය පරික්ෂා කරනවා, ඒක අදාළ දෙයක් නෙවෙයි.මොකද එකේ ප්‍රයෝජනවත් කිසිම දෙයක් නැහැ. බැංකු ගිණුමක් ආරම්භ කරන්න හෝ ඔයාගේ ළමයව ඉස්කෝලෙට ඇතුළත් කරන්න පවා ඔයාට උප්පැන්න සහතිකයක් ඕනේ වෙනවා. අවංකවම කිවුවොත් ජනමාධ්‍ය වලට අසම්පුර්ණ උප්පැන්න සහතිකයක් පෙන්නපු පළවෙනි පුද්ගලයා මං. කඩදාසි කැබැල්ලක් නිසා අපිට වෙනස් විදිහට සලකන්න එපා කියලා මං එයාලට කිව්වා. මගේ උප්පැන්න සහතිකයේ මගේ තාත්තාගේ නම සදහන් වෙන්නේ නැහැ. මගේ දෙමවුපියන් විවාහක නොවන බව ඒකේ සදහන් වෙනවා.

 

දෙමව්පියන් නැති සහ තමන් ගැන එක දෙයක්වත් දන්නේ නැති දරුවන්ට, අනුමාන වයස් සහතිකයක් යනුවෙන් ලේඛනයක් තියෙනවා.සාමාන්‍යයෙන් ඒක උප්පැන්න සහතිකය වගේම තමයි.අනාථ නිවාසයෙන් දාපු නම ඒකෙ සඳහන් වෙනවා වගේම වෛද්‍යවරයකු දරුවාගේ වයස උපකල්පනය කරනවා.එයාලා උපන්දිනයක් අතින් තෝරා ගෙන එකත් එකට ඇතුළත් කරනවා. නමුත් වයස් සහතිකය කියන්නේ මොකද්ද කියලා බලධාරීන්වත් දන්නේ නැහැ.රටේ වෙනසක් ඇති කිරීමට උත්සාහ කරමින්, “Generation Never Give Up” මීට වසර 3 කට පෙර, SOS ගම්මානවල සහාය ඇතිව ඇතිවුණා. එය විවිධ අනාථ නිවාස වලින් care leavers ලා 400 ක් පමණ සිටින ජාලයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අවුරුද්ද ආරම්භයේදී එය ජාත්‍යන්තර ජාලයක් ලෙස ස්ථාපිත කරලා තියෙනවා වගේම තවත් රටවල් 20 ක care leavers ලා සම්බන්ධ කරගෙන තියෙනවා. එහිදී කෙයාර් ලීවර්ස් ඉන්ටර්නැෂනල් නමින් වට්ස්ඇප් කණ්ඩායමක් හරහා තමන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කරනවා.

 

වයස අවුරුදු 18 හෝ ඊට අඩු අනාථ නිවාසවලින් පිටතට පැමිණෙන තරුණ තරුණියන්ට ‘care leavers ’ කියන යෙදුම පාවිච්චි වෙනවා කියලා මෝසෙස් පැහැදිලි කළා.“මීට වසර තුනකට පෙර, SOS ගම්මානවල සහාය ඇතිව, අපි ‘පරම්පරාව කිසි විටෙකත් අත් නොහරින්න’ කියලා ව්‍යාපෘතියක් ආරම්භ කළා. අපි Water’s Edge හි speaking session එකක් පැවැත්තුවා. ඒ දවසේ කතා කළේ මම සහ තව care leaversලා තුන් දෙනෙක්. අපි එකම අත්දැකීම බෙදාහදා ගත්තා. දෙමව්පියන් නොමැති දරුවන් සමාජය විසින් වෙනස් කොට සලකන ආකාරය සහ අපට මුහුණදීමට සිදු වූ අරගල ගණන ගැන අපි එදා කතා කළා.“අපි කරුණු කිහිපයක් යෝජනා කළා.ඉන් එකක් විවාහක තත්ත්වය ඉවත් කිරීම. තවත් දෙයක් තමයි දරුවාගේ විස්තර පමණක් පෙන්වන උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම. ඊට පස්සේ, පාර්ලිමේන්තුවට පැමිණ ළමයින් සඳහා අධීක්ෂණ කමිටුවට කතා කරන්න කියලා අපිට ආරාධනාවක් ආවා. අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා කරලා අපේ අත්දැකීම් බෙදා ගත්තා.එයාලට තිබුණ එකම ගැටළුව තමයි, කලින් උප්පැන්න සහතිකය ඉවත් කරලා නව එකක් නිකුත් කළ නොහැකි වීම.මොකද ඒක උරුමය සම්බන්ධයෙන් ගැටළු ඇති කරනවා. ඒ නිසා අපි කලින් උප්පැන්න සහතික තබා ගනිමින්, දරුවාගේ විස්තර පමණක් ලේඛනගත කරන නව උප්පැන්න සහතික නිකුත් කිරීම හඳුන්වා දෙන්න යෝජනා කළා. ඒ නිසා එය අනාථ දරුවෙකුට සහ සාමාන්‍ය දරුවෙකුට වෙනස් ලෙස සැලකීමක් සිදුකරන්නේ නැහැ.

 

 

තවත් පැතිකඩක්

 

විවාහයට කළින් යුවළක් එකට ජීවත් වීම ගැන පුද්ගලයන් ප්‍රතිශතයක් කනස්සල්ල පළකළා.“මේක මිනිසුන්ට විවාහ නොවෙන්න දිරිගැන්වීමක් වෙනවා,මේකෙන් එකට ජීවත්වීමට හා දරුවන් ලැබීමට දිරිගැන්වීමක් සිද්ධ වෙනවා කියලා ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා.නමුත් ඒක දැනටමත් රට තුළ සිදුවෙමින් පවතිනවා.ඒ නිසා ඒක අලුත් දෙයක් නොවේ ”කියලා මෝසෙස් පැවසුවා.ප්‍රගතිශීලී පුද්ගලයන් සිටින ගතානුගතික රටක, විවාහක තත්ත්වය ඉවත් කිරීම කියලා අදහස් කරන්නේ වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීම. මෝසෙස්ට ඒකෙන් අදහස් කෙරෙන්නේ ඒක.

 

“මේ පුවත ඇහුවම මට දරාගන්න බැරි වුණා.මේකෙන් අදහස් කෙරුණේ අපේ දෙමව්පියන් විවාහ නොවී සිටීම කියන සරල කාරණය නිසා අපි තවදුරටත් වෙනස් කොට සැලකීමක් සිද්ධ වෙන්නේ නැති බව.උප්පැන්න සහතිකයක සරල වචනයක් නිසා අපිට කොයිතරම් ලැජ්ජාවක් හා දුක් වේදනාවක් විඳීන්න සිද්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නවා.මේක අපිට ඉදිරියට යන්න ඉඩ සලසනවා.ළමයින් දහස් ගණනක් වෙනුවෙන් කථාකරන්න අපිට පුළුවන් වුණා.අනාථ නිවාසවල ළමයි 14,000 ක් වෙනුවෙන් වගේම මේක අපි සියලු දෙනාගේම ජයග්‍රහණයක්.

පාට කිරීම විනෝදාංශයක් කරගැනීමෙන් ජීවිතයට ලැබෙන වාසි..

පාට කරනවා කියන එක ඇත්තටම මනසට හොඳ ප්‍රතිකාරයක්. මෙය මනෝරෝග චිකිත්සකයින් පවා යොදාගන්න එක ප්‍රතිකාර ක්‍රමයක්. කලාව පුරුදු වෙන එක එහෙමත් නැත්තම් පාට කරන්න පුරුදුවෙන එක ඇත්තටම අපිට අපේ ජීවිතයට ලොකු ප්‍රතිලාභයක් අත්කර දෙනවා. දැන් කට්ටිට හිතයි අප්පෝ පිස්සුද පාට කරන්නේ පොඩි අයනේ ලොකු අය පොඩි උන් කරන දේවල් කරනවද කියලා. ඇත්තටම පාට කරනවා කියන එකට වයස් බේදයක් නැහැ. ඔිනම කෙනෙක්ට මනස නිදහස් කරගන්න හොඳම දේ තමයි මේක. අද අපි බලමු පාට කරන්න පුරුදු වෙන එකෙන් අපේ ජීවිතේට ලැබෙන වාසි මොනවද කියලා.

 

 

01- පාට කිරීමට හුරු වීමෙන් ඔබට ඇතිවෙන ආතතිය හා කාංසාව මට්ටම අඩු කරගන්න හැකියාව ලැබෙනවා.

Personalized mandala name for kids and adults coloring page | Etsy

ජ්‍යාමිතික රටා සහ මන්ඩලා වර්ණ ගැන්වීම ඔබේ ආතති මට්ටම අඩු කිරීමට සහ ඔබේ කාංසාව අඩු කිරීමට උපකාරී වන බව අධ්‍යයනයන්ට අනුව හෙළිවී තිබෙනවා . මෙයට හේතුව අප සරල කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන විට අපගේ මොළය ලිහිල් වන අතර අපගේ කාංසාව සහ ආතති මට්ටම එමගින් පහත වැටීමකට ලක්වෙනවා.

ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් හරි දුකක් හරි කලබලයට නොසැලකිලිභාවයට පත්වෙලා ඉන්නවානම්
පාට පැන්සල් අරගන ජ්‍යාමිතික රටා හෝ මන්ඩලා එහෙමත් නැත්තම් ඔයා කැමති පින්තූරයක් අරන් පාට කරන්න . ඔයාටම තේරෙන්නේ නැති වෙන්න ඔයාගේ හැම ස්ට්‍රෙස් එක්කම නැතිවෙලා යයි. මොකද පාට කරනවා කියන එක භාවනාවක්.

 

 

2. වර්ණ ගැන්වීම ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

Adult Coloring Can Actually Relax Your Brain and Relieve Stress ...

අපි සමාන්‍යෙයන් වැඩක් කරනකොට මොළයේ ඒ දේට අදාළ කොටස විතරයි වැඩ කරනේ. හැබැයි පාට කිරීමකදී මොළයේ කොටස් දෙකම ක්‍රියාකාරී වෙනවා. වර්ණ ගැන්වීම මගින් අපේ මොළයට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. මෙහිදී සිදුවෙන්නේ ඔබ පාට කිරිම සදහා වර්ණ තෝරාගැනීමේදී සහ නිර්මාණාත්මකව සිතන විට ඔබ භාවිතා කරන්නේ මොළයේ නිර්මාණාත්මක පැත්ත වන අතර, ඔබ අවධානය යොමු කරන විට, සංවිධානය කරන විට සහ අදහස් නිර්මාණය කරන විට ඔබ මොළයේ තාර්කික පැත්ත භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයට තමයි පාට කිරීම නිසා ඔබේ මොළයේ කොටස් දෙකම හොඳින් වැඩ කරන්නේ.

 

 

3. වර්ණ ගැන්වීම මඟින් ඔබේ අවධානය වැඩි දියුණු කළ හැකිය.

Do Large or Small Paintings Sell More?

පොඩි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ ජංගම දුරකථන සහ සමාජ මාධ්‍යවල නිරන්තර අවධානය යොමුකරගන සිටින නිසා අවශ්‍ය දේයකට අවධානය යොමුකිරීමේ හැකියාව සෑහෙන්න අවම වෙලා තියෙන්නේ. .අපි පාඩම් කරන්න ගියත් නිදාගන්න ගියත් දුරකථනයේ සෑහෙන වෙලාවක් රැඳිලා ඉන්න පුරුදු වෙලා තිබෙනවා. මෙන්න මේ නිසා ජීවිතයට අවශ්‍යම දේවල් ළගා කරගන්න අපිට අවධානය යොමුකරන්න හැකියාව අවම වෙලා ගිහින්. අපේ අවධානය වැඩි දියුණු කරගන්න පාට කිරීමට පුරුදු වීමෙන් හැකියාව ලැබෙනවා. කලාව හැදෑරීම මගින් ගැටළු විසඳිමට ඇති හැකියාව වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ කලාව හැදෑරීම නිසා මොළයේ කොටස් දෙකම වැඩ කරන්න පටන් ගන්නවා. මේ නිසා අපි එක තැනකට සීමා නොවී කොටුවෙන් පිටත හිතන්න පෙළඹෙනවා. මෙන්න මේ නිසා දුරකථනයේ ගොඩක් වෙලා කාලේ කනවාට වඩා පාට කරන එක විනෝදාංශයක් කරගන්න එක ගොඩක් වටිනවා.

 

 

4. වර්ණ ගැන්වීම භාවනාවට සමාන බලපෑමක් ඇති කළ හැකිය.

How Hobbies Can Transform the Way You Work And Live

වර්ණ ගැන්වීම ඔබට මේ මොහොතේ අවධානය යොමු කිරීමට නොහැකිවීම සහ අවධානය වෙනතකට යොමු කිරීම සහ වෙනත් (සමහර විට ඝෘණාත්මක) සිතුවිලි වලින් ඉවත් වීමට උපකාරී වේ. මෙයින් අදහස් කරන්නේ වර්ණ ගැන්වීම මඟින් ඔබව වර්තමානයට ගෙන ඒමට සහ භාවනා කිරිමකදී වගේම ඔබේ මනස සන්සුන් කරන්න මේ පාට කිරීමට හැකියාව තිබෙනවා.

 

 

5. වර්ණ ගැන්වීම ඔබට සිහිය පුහුණු වීමට උපකාරී වේ.

Longlong Art Studio - From $15.50 - Troy, MI | Groupon

වරණ ගැනිවීමට පුරුදු වීම එක අතකින් වර්තමානයේ රැඳී සිටීමේ තාක්‍ෂණය වන අතර අනාගතය පිළිබඳ ඔබ කනස්සල්ලට පත්වන සිතුවිලි හෝ මතකයන් ගැන කල්පනා කිරීමට ඉඩක් ලබා දෙන්නේ නැහැ . පාට කරන වෙලාවට අපි හිතන්නේ පාට කරන දේ ගැන විතරක් නිසා අපිට අනිත් දේවල් ගැන හිතන්න බැරි වෙනවා. මේ නිසා ඒ දේට විතරක් අවධානය යොමු වෙලා අපේ මනස නිසදහස් වෙනවා. අපේ සාංකාව අවම කරගන්න මේ විනෝදාංශය බෙහෙවින්ම උපකාරී වෙනවා. ඒ වගේම අපේ සිහිකල්පනාව අවම වෙලානම් පාට කිරීම විනෝදාංශයක් කරගන්න මොකද දැනටමත් නැති සිහිය නැවත ගෙනවිත් හොඳින් පවත්වාගන යන්න හොඳම ක්‍රමය තමයි වර්ණ ගැන්වීම.

 

 

6.ඝෘණාත්මක සිතුවිලි ඉවත් කිරීමට වර්ණක භාවිතා කළ හැකිය.

 

Ronnie Wood art exhibition, Marylebone | Hampstead Highgate Express
කලාව කම්පනය හා මානසික සෞඛ්‍ය ගැටළු වලින් පෙළෙන අයට වටිනා ප්‍රතිකාරයක් ලෙස සැලකෙනවා. වර්ණ ගැන්වීමේදී, හැඩතල පිරවීම සඳහා අපට අවශ්‍ය අවධානය සහ වර්ණ තේරීම් කෙරෙහි අපගේ මොළය ක්‍රියාකාරී වෙන නිසා  අපගේ නිෂේධාත්මක සිතුවිලි ප්‍රතිස්ථාපනය කරගන්න හැකියාව ලැබෙනවා. හැමසාම එක එක වල්පල් හිතපා ඔලුව නරක්කරගනනේ නැතිව කලාව ප්‍රගුණ කරලා වර්ණ ගැන්වීමට උත්සහ කරනවානම් ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇතිකරගන්න ඔයාට හැකියාව ලැබේවි.

 

 

ලෝකයේ තියෙන අරුම පුදුම ආගම්,ඇදහිලි හා විශ්වාස..

ආගම් ගැන කතාකරනකොට ලංකාවේ අපිට නම් එකපාරම මතක් වෙන්නේ බුද්ධාගම,හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි තමයි. ඒ වගේම තවත් ඇදහිලි පිළිවෙත් විශ්වාස කරන සුළු පිරිසකුත් ලංකාවේ ඔය අතර ඉන්නවා. ලංකාවෙන් ටිකක් එහාට ගිහින් ලෝකේ ගැනම කතාකරද්දී මේ විස්තරේ මීට වැඩිය වෙනස්. අදහන විශ්වාසයක් වෙනුවෙන් ඔයාට පුළුවන්ද කවදාහරි දවසක ලාදුරු රෝගියෙක්ගේ තුවාලයක් ලෙවකන්න?එහෙමත් නැත්නම් ඇණ තියෙන මිටියකින් ගුටි කන්න? අහද්දිත් ටිකක් අවුල් වගේ නේද. අද අපි කියන්න යන්නේ පෘථිවියේ තියෙන ඒ වගේ අසාමාන්‍ය ඇදහිලි විශ්වාස ආගමික වත්පිළිවෙත් 7ක් ගැන.මෙන්න කියවලම බලන්නකෝ..

 

 

1) ළදරුවන් විසි කිරීම (Baby Throwing)

Read About This Indian Custom Of Throwing Babies Off Buildings For ...

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන ග්‍රිෂ්නේශ්වර දේවාලයේ සිද්ද කරන ටිකක් අසාමාන්‍ය වගේම භයානක වෙන්න පුළුවන් ආගමික චාරිත්‍රයක් තමයි මේ. මේකෙදි වයස අවුරුදු 1 ත් 2 ත් අතර බබාලව අඩි 50 ක් විතර උස කුළුණක ඉදන් බිමට විසි කරනවා. පිරිමි කිහිපදෙනෙක් කුළුණ පාමුල ඉදන් උඩ ඉදන් වැටෙන බබාලව රෙද්දක් ආධාරයෙන් අල්ලාගන්නවා. අවුරුදු 700 ක් විතර පරණ මේ උත්සවය ළමයින්ව ගොඩක් බුද්ධිමත්,වාසනාවන්ත හා සෞඛ්‍ය සම්පන්න කෙනෙක් බවට පත් කරනවා කියලා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉන්න මුස්ලිම් සහ හින්දු භක්තිකයන් විශ්වාස කරනවා.

 

 

2) අහසේ භූමදානය (Sky Burials)

tibetan sky burial | Tumblr

අහස් භූමදානය කියන්නේ ටිබෙට් වල තියෙන සුවිශේෂී වගේම ගොඩක් අසාමාන්‍ය ආගමික උත්සවයක්. කෙනෙක් මිය ගියාම එයාගේ මළ සිරුරේ කැබලි කදු මුදුනක විසුරුවලා ඒවා කුරුල්ලන්ට කන්න දාන එක තමයි අහසේ භූමදානය කියන්නේ. ටිබෙට් ජාතිකයන් ගොඩ දෙනෙක් බෞද්ධ සම්ප්‍රදායන් තමයි අනුගමනය කරන්නේ. ටිබෙට් බෞද්ධ භක්තිකයන් මිනිස් සිරුර හුදෙක් යාත්‍රාවක් විතරයි සහ ඒක ඉවත දාන්න පුළුවන් කියන දේ විශ්වාස කරනවා. එක මේ ආගමික උත්සවය එයාලා අතර ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා තියෙනවා.මේ වෙද්දී නම් මේක තහනම් කරලා තිබුණත් පවුලේ අයගේ අවසරය ඇතුව තවමත් මේක සිද්ධ කරන අවස්ථාත් නැතුවම නෙවෙයි.

 

 

3) අගෝරි (The Aghori)

Incredible images show life of India's cannibal Aghori tribe ...

ක්‍රි.ව. 14 වන සියවසේ දී විතර හින්දු ආගමෙන් බැහැර වූණු ආගමික නිකායක් විදිහට අගෝරි සැලකෙනවා.මේකෙදි හින්දු පුරාවෘත්ත වල, හැම දෙයක්ම “බ්‍රාහ්මණයාගෙන්” ඉස්මතු වන බවත් කිසිම නපුරක් පවතින්නේ නැති බවත් විශ්වාස කරනවා.තව ටිකක් පැහැදිලිව කිව්වොත් අගෝරි අනුගාමිකයන් විශ්වාස කරන්නේ සියල්ල දෙවියන් විදිහට වගේම ඕනෑම දෙයක් අතහැර දැමීම පූජනීය ක්‍රියාවක් විදිහටයි. විශේෂයෙන්ම ආදාහනාගාර අසල වාසය කිරීම සහ මියගිය අයගේ මෘත දේහය අනුභව කිරීම වගේම තමන්ගේම මුත්‍රා වැනි ඕනෑම දෙයක් ආහාරයට ගන්න මේ විශ්වාසය අදහන අඝෝරි සාදුවරුන්ට පුළුවන්.

 

 

4) මාරඩෝනියානු පල්ලිය (Maradonian Church)

Where Diego Armando Maradona is a God, Literally

මේ ඇදහිල්ල නම් ටිකක් අපුරුයි. අපි කවුරුත් දන්නවා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ගැන. එත් එයාගේ නමින් ආගමක් හදලා එයා වෙනුවෙන්ම පල්ලියක් ඉදි කරලා තියෙනවා කිවුවොත් ? අදහගන්නත් ටිකක් අමාරුයි නේද ?.මේ අපූරු පල්ලිය ඉදි කරලා තියෙන්නේ ආජන්ටිනාවේ The Iglesia Maradoniana නමින්. මැරඩෝනාගේ 38 වෙනි උපන්දිනයේදී එයාගේ රසිකයන් තුන් දෙනෙක් මුලික වෙලා මේ පල්ලිය හදලා තියෙනවා. සරලවම කිවුවොත් ආගමේ විශ්වාස කරන්නේ මැරඩෝනා ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා බව.ඉතින් ඒ වෙනුවෙන් එයාලගේ යාඥා සිද්ධ කරනවා වගේම ඔයාගේ මැද නම ඩියාගෝ විදිහට වෙනස් කිරීම, ඔයාගේ පුතා ඩියාගෝ ලෙස නම් කිරීම සහ “ඩියාගෝගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ පුවත් පතුරුවා හැරීම” වගේ ආඥා 10 ක මාලාවක් එයාලා සතුව තියෙනවා.

 

 

5)Happy Science Religion

Photos at HAPPY SCIENCE EL CANTARE PRAY ROOM - Orchard Road - 1 ...

මේ විශ්වාසයය ගැන කතාකරද්දී නම් අපි කියවපු අනිත් විශ්වාස වල වගේ අසාමාන්‍ය දේවල් නැති වුණත්,අසාමාන්‍ය දේවල් නොකෙරුවත්,මේක ඇත්තම ආගමක් විදිහට පිළිගන්න එකනම් ටිකක් අමාරුයි. Happy Science ආගම මුලින්ම අදහන්න පටන්ගත්තේ ජපන් ජාතිකයෙක් වෙන Ryuho Okawa විසින්. සියලු මනුෂ්‍ය වර්ගයාට සතුට ගෙන ඒම එයාගේ මෙහෙවර කියලා එයා විශ්වාස කරනවා. ඒක 1991 දී නිල ආගමක් බවට පත් වූණා වගේම මේ වෙද්දී රටවල් 90ක විතර මිලියන 12 කට අධික අනුගාමිකයින් පිරිසක් මේ ආගම අදහනවා.මේ ආගමේ මූලික විශ්වාසය තමයි ආදරය, ප්‍රඥාව, ස්වයං පරාවර්තනය සහ ප්‍රගතිය තුළින් මිනිසුන් “නිවැරදි මනස” සහ “සතුට පිළිබඳ මූලධර්ම” ගවේෂණය කළ යුතු බවයි. මුහම්මද්තුමා, ක්‍රිස්තුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ හා කොන්ෆියුසියස්ගේ ප්‍රකාශයන්,දේශනා මේ ආගමට සම්බන්ධ කරගෙන තියෙනවා.මේ ආගමට සම්බන්ධ වෙන්න ඕනේ වෙන එකම අවශ්‍යතාවය තමයි “මාර්ගය සෙවීමේ අභිලාෂය සහ මිහිපිට ආදරය, සාමය සහ සතුට සාක්ෂාත් කර ගැනීමට දායක වීම”.

 

 

6)සැරව ලෙවකෑම සහ තුවාලයේ කබල කෑම

මධ්‍යකාලීන යුගයේදී බහුතරයක් මිනිස්සු ලාදුරු රෝගීන්ට ගොඩක් අපහාස කළා වගේම එයාලව කොන් කළා. කොහොමවුණත් , කාන්තා සාන්තුවරයන්ගේ සාමන්‍ය චාරිත්‍රයක් වුණේ ලාදුරු රෝගයෙන් පීඩාවට පත් වූ අයගේ තුවාල වලින් එන සැරව ලෙවකෑමෙන් හා කබල් ආහාරයට ගැනීමෙන් රෝගී වූ අය රැකබලා ගැනීම.මේක අතිශය ශුද්ධකමේ සලකුණක් විදිහට සැලකුණා වගේම එයාලව කොන් නොකිරීමක් එතකොට සිද්ධ වෙනවා කියලා එයාලා විශ්වාස කළා. වාසනාවකට වගේ මේ විශ්වාසයේ පින්තුරයක්වත් දැන් නම් හොයාගන්න නැහැ.

 

 

7)තැලීම (Flagellation)

Holy Self-flagellation | Nasim Fekrat

ආගමික විශ්වාස සඳහා තාමටම ගැසීමේ මේ ක්‍රියාවලියට ලොකු ඉතිහාසයක් තියෙනවා.පුරාණ ඊජිප්තුවේ, ග්‍රීසියේ සහ රෝමයේ ඒක සාමාන්‍ය සිරිතක් වුණත් 13 සහ 14 වන සියවස් වලදී ඒක බහුලව සමාජයේ තිබුණා.කතෝලික පල්ලියේ රැඩිකල්වාදීන් විසින් ප්‍රසිද්ධියේ පහර දීලා මේ විශ්වාසය වැඩිපුරම විශ්වාස කරන්න පටන්ගත්තා ඒ උද්‍යෝගිමත් අය භක්තිය විදහා දැක්වීමක් විදිහට සලකලා.10,000 ක් විතර සහභාගී වූණු මහා පෙරහැරවල් වල කුරුස හා බැනර් ඔසවාගෙන,, ගීතිකා ගයමින්, නගර හරහා ගමන් කර, ගීතිකා ගායනා කරමින්, සහ යාඥා කරමින් මේ විදිහට සම් වලින් පහර දීම සිදු කරගත්තා.

කවදාවත් හිතුවද ලෝකේ මේ වගේ ආගම්,ඇදහිලි,විශ්වාස තියෙනවා කියලා?.මේ සමහර විශ්වාස මේ තරම් දියුණු වුණු ලෝකෙක තාමත් අදහනවා කියලා?කොහොම වුණත් ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම පුළුවන් තමන්ට කැමති දෙයක් විශ්වාස කරන්න,අදහන්න,තමන් කැමැති ආගමක් තෝරාගෙන ඒ විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්සගන්න.මොකද අපි මොකක්හරි ආගමක් විශ්වාස කරද්දී අපි තුළම ස්වයං විනයක් ඇතිවෙනවා.මේ මොන විශ්වාසයෙන් වුණත්,ඇදහිල්ලෙන් වුණත් කෙනෙකුට යහපතක් වෙනවා නම්,සාමජයට යහපතක් වෙනවා නම් මිනිස්සු මොනවා විශ්වාස කළත් මොකද.

 

-එස්. තත්සරණී-

මැස්සන් මේ දේවල් කරනවා කියලා දන්නවානම් ජීවිතේට කවුරුත් මේ කෑමනම් කන්නේ නැහැ..

මම මෙහෙම ප්‍රශ්ණයක් ඇසුවොත් ඔයා දෙන පිළිතුර මොකක්ද? ඔයා දකිනවා ඔයාගේ කෑම එකේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් ඔයා මොකද කරන්නේ. ඒ කෑම එක ආහාරයට ගන්නේ නැතිව අයින් කරනවද? එහෙමත් නැත්තම් ඒ මැස්සව එලවා දමලා කෑම එක ආහාරයට ගන්නවාද? මං දන්නවා ගොඩක් දෙනෙක් කරන්නේ මැස්සව එලවා දාලා කෑම එක ආහාරයට ගන්න එක. ඒ මොකද අපි හිතන්නේ ආ මේ නිකන් මැස්සෙක් විතරයි කියලා. හැබැයි ඉතින් ඒ කෑම කන නොකන එක ඔයාගේ තීරණයක්. කොහොම වුණත් අද කියන්න යන්නේ මේ මැස්සෝ කෑම වල වහලා හිටියාම මොනවගේ දේවල්ද වෙන්න පුළුවන් කියන එක ගැන. මොකද මැස්සන් අපි ගන්නා ආහාරයට එන්නේ කලින් තවත් ගොඩක් තැන් වල ඉදලා තමයි එන්නේ. උදාහරණ වශයෙන් කුණු ගොඩක, වැසිකිලියක, නැත්තම් තවත් කෙනෙක්ගේ ආහාරයක එහෙමත් නැත්තම් මොකක් හරි ජරා ගොඩක වහලා ඉදලා තමයි ඇවිත් අපේ කෑම එකෙත් වහන්නේ. ඇත්තට මේ කුඩා ජීවියා විසින් ඇති කරන බලපෑම මැස්සගේ ප්‍රමාණයටත් වඩා විශාල වන අතර ඔයා ඇත්තටම හිතනවාටත් වඩා ගොඩක් සංකීර්ණයි. මැස්සන් විසින් අපට බෝකරන රෝග අතරට ආන්තරික ආසාදන (අතීසාරය, පාචනය, ටයිපොයිඩ්, කොලරාව සහ ඇතැම් හෙල්මින්ත් ආසාදන වැනි), අක්ෂි ආසාදන (trachoma සහ epidemic conjunctivitis වැනි), පොලියෝමෙලයිටිස් සහ සමහර සමේ ආසාදන (යව්ස්, කටානියස් ඩිප්තෙරියා, සමහර මයිෙකෝස් සහ ලාදුරු) හඳුන්වන්න පුළුවන්. මැස්සා කුඩා සත්වයෙක් වුණාට අපිට ගේන කරදරනම් ගොඩක් විශාලයි. අපි බලමු මැස්සෝ ඇවිත් අපේ කෑම එක මත වැහුවට පස්සේ මොනවගේ දේවල්ද කරන්නේ කියලා.

 

මැස්සන් ඔබේ ආහාර මත වමනය කරන බව ඔබ දන්නවාද?

Curious Kids: Why do flies vomit on their food?

නළයක් වැනි මුඛය හරහා තරල උරා බොමින් තමයි මැස්සන් ආහාර ලබා ගන්නේ. ඔවුන්ගේ මේ මුඛය පිහිටලා තිබෙන හැඩය නිසා ඕනෑම ආහාර වේලක් දියරයක් බවට පත් කරන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. මෙය සිදුකරන්න ඔවුන් කලින් ආහාරයට ගත් උදාහරණයක් වශයෙන් කුණු වුණ මස්, මළ මුත්‍රා වගේ ඕනම දෙයක් ඔවුන් ඔයාගේ ආහාර මතට වමනය කරනවා. එහෙම කරලා තමයි ඔයාගේ කෑම එකේ තියන දේවල් මැස්සන් ආහාරයට ගන්නේ. ඉතින් ඔයාලා කවදාවත් හිතන්න නැතුව ඇති නේද මැස්සෝ මේ විදිහට ඔයාගේ කෑම එක ජරා කරනවා කියලා.

 

 

ඔවුන් ඔබේ ආහාර මත බිත්තර දමන බව ඔබ දන්නවාද?

Fly laying eggs - YouTube

ඔයා කාලා ඉතුරු කරපු කෑම එකක් ඔයා තියලා තියනවා පස්සේ කන්නම් කියලා. එහෙම තියලා තියන කෑම වල මැස්සො වැහුවට පස්සේ ඔවුන් ටික වෙලාවකින් කෑම මත බිත්තර දාන්න පෙළඹෙනවා. ගොඩක් දෙනෙක් මේ දේ දන්නේ නැහැ. සමහර වෙලාවට පස්සේ කන්නම් කියලා තියලා තිබ්බ කෑම එක අපි ආහාරයට අරන් තියෙන්නේ මැස්සන්ගේ බිත්තර හෝ පිලව් එක්ක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ආහාරයක් පස්සේ කන්න කියලා හිතුනොත් හොඳට ඒ කෑම එක ආවරණය කරලා තියනන් අමතක කරන්න එපා. මොකද අපි දන්නේම නැතිව හෝ ගණන්ගන්නේ නැතිව ලොකු ජරා ගොඩක් වගේම ලෙඩ ගොඩක් තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඒ නිසා ආහාර ගන්නන් වාලේ ගන්න යන්න එපා.

 

ඔවුන්ගේ කකුල් සහ පියාපත් මඟින් ඔබේ ආහාර මත බැක්ටීරියා පතුරවන බව ඔබ දන්නවාද?

The role of 'filth flies' in the spread of antimicrobial ...

දැන් අපි දන්නවා මැස්සො කියන්නේම බැක්ටීරියා ගොඩක් කියන එක. අපි මෙච්චර වෙලා කතා කලේ මැස්සන්ගේ ඇඟ ඇතුළෙන් අපේ ආහාර වලට ඇතුල් කරන බැක්ටීරියා ගැන විතරයි. හැබැයි වැඩිම ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාවක් ඔවුන්ගේ ශරීරයෙන් පිටත සොයාගත හැකි බව ඔබ දැන සිටියාද? නැන්යැන්ග් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයට අනුව, “මැස්සන් තබන සියගණනක්වූ සෑම  පියවරකම ක්ෂුද්‍රජීවී ජනපද ධාවන පථයක්” ඇති කරනවා  වශයෙන් ඔවුන් පරීක්ෂණ මගින් තහවුරුකරගන ප්‍රකාශ කර තිබෙනවා.එයින් අදහස් කරන්නේ ඔවුන් ස්පර්ශ කරන ඕනෑම දෙයක් බරපතල ලෙස ආසාදනය විය හැකි බවයි.

 

 

ඉතින් මේ විස්තර දැනගත්තට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ. තාමත් මැස්සෝ වහපු කෑම උන්ව එලවලා දාලා කන්න හිතෙනවාද? ඇත්තටම අපේ නොසැලකිලිමත් භාවය හා ගණන් නොගැනීම නිසා අපි ගොඩක් ලෙඩ රෝග වලට මේ මැස්සන් නිසා ගොදුරු වෙනවා. මොකද මැස්සා කියන්නේ පොෂ් කෑම කන සතෙක් නෙවෙයිනේ. මැස්සා කියන්නේ ඕනම මලජරාවකට වග කියන සතෙක්. අපි දන්නේ නැහැ අපේ කෑම වල වහල ඉන්න මැස්සා කොහෙ ඉදන් ආවාද කියලා. අපි දකින්නේ නැති නිසා අපි ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් අපි දන්නවා මැස්සා මොකක්ද අපි රස කර කර කන්න හදන කෑම එකට කරන්නේ කියලා. වැදගත්ම දේ අපේ කෑම එක තියන පෙරේත කමට ගිලින එක නෙවෙයි. අපේ සෞඛ්‍ය ගැන හිතලා ආහාර පරිභොජනය කරන්න වගබලාගන්න එක. සමහර වෙලාවට අපිට එක පාරට බඩේ අමාරු හැදෙනවා. අපි දන්නේ නැහැ කොහොම මොනවා වෙලා බඩේ අමාරු හැදෙනවද කියලා. ගොඩක් වෙලාවට මේ මැස්සා අපි දන්නේම නැතිව ඇවිත් අපිව ලෙඩ කරනවා. ඒ නිසා පාරවල් අයිනේ මැස්සො වහ වහ තියන කෑම කන්න හිතෙනවානම් මේ දේවල් ගැනත් හොඳට හිතලා ඉන්න.

සැහැල්ලුවෙන් Friday Night එක ගෙවන්න කැමතිනම් යන්න හොඳම තැන Bro Pub and Restaurant…

නුගේගොඩ අළුතින් ආරම්භ කරලා තියෙන රසවත් ආහාර තියෙන තැනක් තමයි Bro Pub and Restaurant කියන්නේ. සිකුරාදා රාත්‍රිය ගොඩක් විශේෂ විදිහට ගෙවන්න කැමති කෙනක් වුණු මට නම් මෙතන view එක වගේම සජීවී සංගීතය නිසා ගියපු ගමන් මෙතැන මගේ හිත ගත්තා.

 

 

Drinks

 

 

 

Red Sea (LKR 850)

 

එක එක beer වර්ග උත්සහ කරන්න කැමති කෙනෙක් විදිහට මේ drink එකත් මට බීලා බලන්නම හිතුණා. ග්‍රෙනඩින් වල මිහිරි බව හා තියුණු දෙහි punch නිසාම මේක අත්හදා බලන්න ඕනේම drink එකක්.අපි මේකේ වැඩියෙන්ම කැමති වුණේ මේකේ අඩංගු වෙලා තිබුණ දේවල් එකිනෙකට ගොඩක් ගැළපුන නිසා කිවුවොත් හරි.

 

 

Long Island Iced Tea (LKR 1,450)

මේක විවිධ වර්ගයේ මත්පැන් වර්ග පහක තියුණු රසයන් එකතු කරලා තියෙන සාමාන්‍ය Long Island Iced Tea එකක්.එක පාරක් බිවුවොත් මේකට ඔයා ඇත්තටම කැමති වේවි.

 

 

Whiskey Sour (LKR 850)

තියුණු රසයන්ගෙන් පරිපූර්ණ සම්මිශ්‍රණයක් වෙන Whiskey Sour මිලි ලීටර් 50 ක්ම ඔයාට රුපියල් 850 කට ලබාගන්න පුළුවන්.මේකේ තියෙන රතු සහ තැඹිලි මිශ්‍ර පාට නිසාම බීලා බලන්නම හිතෙන ලස්සනක් මේකට එකතුවෙලා තිබුණා.Whiskey Sour කියන්නේ ඇඹුල්, රසවත් වගේම හොඳට පානය කරන්න පුළුවන් cocktail එකක්.

 

 

Margarita (LKR 1,100)

ඔයාගේ යාළුවෝ එක්ක එකතු වෙන වෙලාවකට වඩාත්ම ගැළපෙන drink එකක් තමයි මේ. මේ Margarita එකේ පැඟිරි හා පැණිරස එක්ක හොඳ ඇල්කොහොල් මිශ්‍ර රසයක් ගෙන දුන්නා වගේම glass එකේ දාරය වටා ලුණු ආලේපනයක් සමග පිළිගැන්වූවා.

 

 

Bullfrog (LKR 1,250)

සාමාන්‍යයෙන් තද නිල් පාටක් තිබුණ drink එකක් වුණත් Long Island Ice Tea එකට සමාන පෙනුමක drink එකක් ලැබුණ නිසා අපි ටිකක් පුදුමයට පත්වුණා.දෙහි හා රෙඩ්බුල් වල රසය අධික වුණු නිසාම පානයෙහි සමස්ත රසය සමනය කළා.අනෙක් බීම ගැන අපේ තෘප්තියෙන් පස්සේ මේ Drink එක පල්ලෙහාට වැටුණා කිවුවොත් නිවැරදි.

 

 

Appetizers

 

Hot Buttered Cuttlefish (LKR 1,200)

කාලෙකට පස්සේ මං කාපු හොඳම දැල්ලන් තමයි මේ. ගොඩක් තැන් වලින් දෙන වියළි,Crispy දැල්ලන් වෙනුවට මේ දැල්ලන් පිගානේ දිව පිනා යන රසයක් තිබුණා ඒ වගේම එකේ රසය හොදටම තිබුණා.

 

 

Grilled Meat Platter (LKR 3,500)

මස් වලට කැමති අයගේ සිහිනය තමයි මෙක.විශාල කොටසක් ලැබෙන නිසා දෙදෙනෙකුට පහසුවෙන් බෙදාගන්නත් පුළුවන්.නැත්තම් තිදෙනෙකුට ප්‍රමාණවත් බීම එක්ක ලබාගන්නත් පුළුවන්.American style pork ribs, beef scotch fillet steak, BBQ chicken drumsticks, chicken sausages, grilled vegetables, coleslaw and wedges තියෙන මේ platter එක ඇත්තටම මේ මිළට වටිනවා කියන්න පුළුවන්.pork ribs ඉස්ම සහිත වුණා. හරක් මස් දැල්ලන් වගේම crunchy විදිහට හදලා තිබුණා.සාමාන්‍යයෙන් කෑම එකත් එක්ක එන එළවලු මග හැරියත් මේ එළවලු නම් හොඳින් season වෙලා තිබුණා.drink එකකට යන්න ඕනේනම් සහ ආහාර තෝරාගන්න ලොකු කාලයක් වෙන් කරන්න බැරි අවස්ථාවකට නම් මේ platter එක හොඳ විසදුමක්.

 

 

Mains

 

Darne Seer Fish (LKR 1,300)

රසවත් ලෙමන් බටර් වලින් බදින ලද මෙම ආහාරය මාළු වල රසවත් භාවය මනාව ගෙන එනවා. මේ ආහාරය කෑමට කැමති එත් ටිකක් සෞඛ්‍ය ගැනත් හිතන අයට වඩාත් සුදුසුයි. සාමාන්‍ය ගානට බැදගත් සෑහෙන ප්‍රමාණයේ මාළු කැල්ලක් තම්බාගත් එළවලු සහ fries සමග මේ dish එක ලස්සනට පිළිගැන්නුවා.කොහොමවුණත් වෙළඳසැලෙන් මිලදී ගත් ෆ්‍රයිස් හොඳින් season වෙලා තිබුණේ නැහැ.wedges වගේම එයාලම හදාගත් fries මේ dish එක සමග පිළිගැන්නුවා නම් මේ කෑම එක තවත් රසවත් වෙන්න තිබුණා.

 

 

Pulled Pork Sub (LKR 1,000)

Bro Pub and Restaurant එක කැමති එයාලගේ submarines ගොඩක් fillings වලින් පුරවන්න. ඒ නිසාම මේක කොටස් දෙකකට තමයි ලැබුනේ.හොඳින් හැපෙනසුළු Pulled Pork එක්ක රසවත් එළවළු මිශ්‍ර වෙලා මේ ආහාරයට හොඳ රසවත් බවක් ගෙන දුන්නා.filling එකේ juicy ගතියක් තිබුණත් ඒක submarine එකේ හැඩය පවත්වාගන්න බාධාවක් වෙලා නැහැ.wedges පිටතින් crispy,cruncy ගතියක් ගෙන දුන්නා වගේම ඇතුලතින් පිරුණු මෘදු ස්වභාවයක් ගෙන දුන්නා.

 

 

Beef Quarter Pounder (LKR 1,000)

මේක කන්න නම් අපි ආයෙත් මෙතනට අනිවාර්යයෙන්ම යනවා.මේක මහත පැටිස් දෙකක්, නැවුම් එළවළු සහ චීස් පුරවපු දැවැන්ත බර්ගර් එකක්.උතුරා යන චීස් නිසා මේක ලස්සනට කන්න අමාරු වෙයි.පැටිස් ගොඩක් රසවත් වූ නිසා එළවළු සහ චීස් මිශ්‍ර වෙලා තිබුන නිසා රසයෙන් පිරිලා ඉතිරිලා තිබුනා.මේක කෑවම ඔයාට පැය ගානක් යනකන් බඩගින්නක් දැනෙන එකක් නම් නැතිවෙයි.

 

 

Ambience

Bro Pub and Restaurant එක ජනෙල් වලින් සහ කළුපාට ආලේපිත බිත්ති වලින් වට වෙලා තිබුණා වගේම එතනට හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන විදිහට හදලා තිබුණා.වැවත් එක්කම හිරු බැස යන සුන්දර දසුනත් බලාගන්න එතැනට වේලාසනින් යන එක තමයි හොඳ.මෙතැන ඉතා ඉක්මනින් කාර්යබහුල වෙන තැනක් නිසාම බාර් එක පිටුපස සිටි කාර්ය මණ්ඩලයට අපේ බීම serve කරන්න ටික කාලයක් ගතවුණා.live bands කිහිපයක් වාදනය වෙන නිසා මෙතැනට එකතු වුනේ හොඳ සජීවී බවක්. කාර්ය මණ්ඩලය ප්‍රසන්නයි වගේම අවධානයෙන් සිටියා.හොඳ කාලයක් අරගෙන මෙනුව පැහැදිලි කරන්නත් එයාලගේ නිර්දේශ අපට ලබා දෙන්නත් එයාලා අමතක කළේ නැහැ.

 

සමස්තයක් විදිහට Bro Pub and Restaurant එකේ අපේ අත්දැකීම් ඉතාමත් සතුටුදායකයි කියන්න පුළුවන්.හොඳ කෑම සහ cocktail ගන්න ආපහු මෙතැනට යන්න අපිට නම් ඉවසිල්ලක් නැහැ.

ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආවා…ඇත්තටම මොකක්ද මේ ඉක්කාව ..?

ඉක්කාව කියන්නේ කරදරයක් කියලා හැමෝම දන්නවනේ. මේ ඉක්කා හැදුනහම එපා වෙනවා. සමහර වෙලාවට මීටින් එකකදි වෙන්න පුළුවන් නැත්තම් important ම වැඩක ඉන්න වෙලාවකදි මේ ඉක්කා හැදුනහම අපි ගොඩක් අපහසුතාවටය පත්වෙනවා. ඉක්කයි මායි ගාලු ගියා ඉක්කා දාලා මං ආව කියලා සිංදුවක් කියලා හරි මේ ඉක්කව නවත්ත ගන්න එක එක දේවල් කරනවා. ඔයාලා දන්නවාද කොහොමද ඉක්කාව ඇතිවෙන්නේ කියලා. ඉක්කාව ඇතිවෙන්නෙ මහාප්‍රාචීර පේශියේ (diaphragm) ඇතිවෙන පේශි ගැස්මක් හෙවත් භ්‍රාශයක් (spasm) නිසායි. මේ මහාප්‍රාචීරය මගින් තමා අපේ පපු කුහරය උදර කුහරයෙන් වෙන් කරන්නෙ. මේ පේශි භ්‍රාශය නිසා අපි ගන්න හුස්ම ස්වර තන්ත්‍රවලදී ක්ෂණික නැවතීමකට ලක් වෙනවා. අන්න එතකොට තමා ඉක්කාව නමින් හඳුන්වන “ඉක්” ශබ්දය පිටවීම සිදුවෙන්නේ.

 

 

ඉක්කාව ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි උදර පිරී තිබීම . ඉක්මනින් ආහාර විශාල ප්‍රමාණයක් ගැනීම මත්පැන් පානය හෝ උදරයේ හුලන් පිරීම නිසා ඉක්කාව ඇතිවෙන්න පුළුවන්. දුම්පානයත් මෙයට බලපානවා.

 

 

සාමාන්‍යයෙන් ඉක්කාව ඇති වුණාම එය මිනිත්තු කීපයක සිට පැය කිහිපයක කාලයක් පැවතෙන්න පුළුවන්. පැය 48කට වඩා කාලයක් රඳාපවතින ඉක්කාවක් අපි හඳුන්වන්නෙ persistent hiccups කියන පොදු නාමයෙන්. මාසෙකටත් වඩා කාලයක් මේ ඉක්කාව තියෙනව නම් අපි ඒකට කියනවා intractable hiccups කියලා. හැබැයි පැය 48 කට වඩා කාලයක් ඉක්කාව පවතිනවානම් වෛද්‍යවරයෙකු හමුවෙන එක තමයි හොඳම දේ. ඉක්කාව දීර්ඝ කාලයක් පවතිනවානම් ඔබ කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළෙනවා වෙන්න පුළුවන්.

 

ඉක්කාව නවත්ත ගන්න සරල උපක්‍රම ..

 

ගොඩක් වෙලාවකට හැදෙන ඉක්කාව පැයක් වගේ ඇතුලත නවතිනවා. මේ වගේ වෙලාවට ඉක්කාව නවත්ත ගන්න නිවසේදීම අපිට කරගන්න පුළුවන් දේවල් මොනවාද කියලා අපි බලමු.

 

 

  • ටික වේලාවක් හුස්ම අල්ලන් ඉන්න.

How Long Can a Person Hold Their Breath?

හොදින් හුස්මක් අරගෙන එක පුළුවන් තරම් වෙලා අල්ලන් ඉන්න පිට කරන්නේ නැතුව. මේක ගොඩක් සාර්ථක ඒවගේම ක්ෂණික ප්‍රථිකාරයක් ඉක්කාව නවත්ත ගන්න.

 

 

  • කම්පනය

These terrifying things on your résumé will scare potential ...

ඉක්කාව හැදිච්ච පුද්ගලයාව එක් වරම බලාපොරොත්තු නොවූ ලෙස කම්පනයට ලක් කිරීම තමයි මෙතනදි වෙන්නේ. මෙතනදී මේ වැඩේ කරන්න ඕනේ පුද්ගලයාට නොතේරෙන ලෙස. ලොකු කම්පනයක් තුළින් මොලයට අමතක වෙනවා ඉක්කාව කියන අවස්ථාව ගැන. එක නිසා එක නිරායාසයෙන්ම ඒ පුදගලයාට අමතක වෙලා යනවා. අමතක උනා කියන්නේ සනීප උනා කියන එක තමයි.

 

 

  • සීනි හෝ පැණි හැන්දක් ආහාරයට ගැනීම

7 Possible Health Benefits Of Eating Honey In Pregnancy

මෙහිදී වෙන්නේ දිවේ පැණිරස වලට සංවේදී බව දක්වන කොටස උත්තෙජණය කරලා ඉක්කාවට ශරීරය දක්වන සහයෝගය නැති කරලා දාන එක. දිවේ රස ස්නායු අධික ලෙස උත්තේජනය කිරීම මගින් ඉක්කාවට ශරිරය මගින් දක්වන අවධානය නැති කිරීම තමයි මේ ප්‍රතිකාරයේදී වෙන්නේ. මී පැණි තේ හැන්දක් වතුර ස්වල්ප ප්‍රමානයකට කලවම් කරලා දිව අගට වෙන්න කටේ තිය ගෙන ඉන්න. පොඩි වෙලාවක් එහෙම තියන් ඉදලා එකපාරටම ගිලලා දාන්න. මේ ක්‍රම දෙකෙන් පුළුවන් ඉක්කාව සනීප කරගන්න.

 

පවුලේ අය සමග sea food රසවිඳින්න කැමතිනම් යන්න හොඳම තැන Loon Tao..

Beachfront Culinary Bliss

Loon Tao ගල්කිස්සේ මනරම් වෙරළ තීරය මධ්‍යයෙහි පිහිටා තිබේ.ඔවුන් ඔබට වෙරළ තීරයේ රසාස්වාදනය සරලව විදිය හැකි වන පරිදි වටපිටාව සකස්කර ඇත.මුහුදු රළ බිඳෙන හඬට සවන් දෙන ගමන් යහළුවන් ,පවුලේ අය , තම සහකරුවා හෝ සහකාරිය සමග ප්‍රනීත sea food රසවිඳින්නටද ඔබට හැකියි.මේ අවන්හලේ පළමු වරට කළ චාරිකාවේ අපේ අත්දැකීම් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම…

 

 

DRINKS

 

 

 

Cosmopolitan (LKR 1,190)

මේ ඉතා රසවත් හොඳට කලවම් කර ඇති කොක්ටෙයිල් එකක සැබෑ රසය එලෙසම ලබා දෙයි.මෙහි ප්‍රධාන ස්ථානයක් කැන්බෙරි යුෂ වලට දී ඇති නමුත් එය මුළු රසයට හානියක් සිදු නොකරයි.

 

 

Blue Lagoon (LKR 1,190)

මෙම පානය මෘදු ඇල්කොහොල් සහිත කොක්ටේල් එකක් නම් නොවේ.මෙහි තිබූ දෙහි පෙති දෙක අමුතුම නැවුම් බවක් එක් කර තිබූ අතර, එමගින් එහි ඇති ඇසිඩික් රසය එ තුළ රඳවා ගැනීමට හැකිවී තිබුණි.

 

 

Tequila Sunrise (LKR 1,290)


මෙම සංකලනයන් හි ටකීලා පානය නොමැති වුවත් මේ දොඩම් පානය දැඩි තිබහ නිවන පැඟිරි පානයක් ලෙස නම් දරයි.

 

Virgin Mojito (LKR 550)


ලූන් ටාවො හි පැවති බීම වර්ග ගණනාවෙන් මින්ට් සහ දෙහි වලින් අලංකාර කර ඇති මොජිටො පානය නිදහසේ රස විඳිය හැකි හොඳ පානයක් ලෙස සඳහන් කළ හැක.

 

 

Loon Tao Special (LKR 550)


මෙහි ඇති අන්නාසි සහ කැන්බෙරි සුසංයෝගය වැඩි ලෙස අන්තර්ගතවී ඇති අතර අඹ එතරම් අඩංගු වී නොතිබුණත්,එයින් ආම්ලික රසයක් පානයට එක් කිරීමට හැකි වී තිබෙනවා.

 

 

Mango Cooler (LKR 550)


මෙය නැවුම් බවක් අත්විඳිය හැකි පානයක් වන අතර ඔබ වෙරළ තීරයේ ඇවිදින විට ද එයින් රස බැලිය හැක. ඔබ අඹ සඳහා වැඩි රුචියක් දක්වන කෙනෙක්නම් මෙය ඉතා කදිමයි.

 

 

APPETIZERS

 

Deep-Fried Chicken Wonton (LKR 890)

මෙහි පෙනුම මෙන්ම අද්විතීය රසයක් ද ඇත.මෙහි ඇතුලත හීනියට කපාගත් චිකන් කැබලි මිශ්‍රණයක් අඩංගු කර ඇති අතර එය ආහාරයට ගැනීමට ඉතා පහසු ලෙස සකස් කර ඇත .ගැඹුරු තෙලේ බැදගත් චිකන් කැබලි ක්‍රිස්පි වොන්ටන් දවටනය මගින් වසා තිබේ.මෙහි ප්‍රණීත බව හේතුවෙන් වැඩි ලෙස ආහාරයට ගැනීමට ඔබට උවමනා වනු නොඅනුමානයි .

 

MAINS

 

Singapore Style Spicy Noodle with Prawns and Chicken (LKR 990)

එකට එකක් නොදෙවෙනි ආහාර රටා දෙකකින් සමන්විත මෙම නූඩ්ල්ස් වර්ගය ,ඔබ ගෙවනු ලබන මිලට ඉතා ඉහල සාධාරණයක් ඉටු කරයි.වැඩි ප්‍රමාණයක එළවළු කැබලි ,කුකුල් මස් හා ඉස්සන් එක්කල මෙම නූඩ්ල්ස් භෝජනය කටගැස්මට කැමති ඔබ සඳහාම පිළියෙල කර ඇත .ලූන් ටාවෝ වෙත පැමිණෙන ඔබ මේ ස්පයිසි නූඩ්ල්ස් වල රසය අත්දකින්න අමතක නොකරන්න.

 

 

Wok-Fried Lamb with Zucchini XO Sauce (LKR 1590)

Xo sauce හා බැටළු මස් වලින් පිළියෙල කරන මෙම භෝජනය සැර ගානට වගේම පහසුවෙන් හැපීමටද හැකියි.

 

 

Szechuan Style Fried Eggplant (LKR 490)


අපගේ සුපුරුදු වම්බටු ව්‍යංජනයට වඩා වෙනස් වුවද ,අපි සිතන්නේ එය සිංගප්පූරු ක්‍රමයට සැකසූ spicy noodles dish එක සමඟ හෝ ලූන් ටාවෝහි විවිධ ක්‍රමයට සකසන ලද බත් වර්ගයක් සමඟ මනාව ගැලපෙන ව්‍යාජයක් බවයි .

 

 

Hot Butter Cuttle Fish (LKR 1290)


කටගැස්මට කැමති ශ්‍රී ලාංකික අප සඳහා පිළියෙල පිළියෙළ කර ඇති මෙම sea foods භෝජනය සාගර ජලයේ සිසිලස විඳිමින් අනුභව කිරීමට ලැබීමත් මහත් භාග්‍යයක් .පිටතින් පහසුවෙන් හැපෙන සුළු ,සැර , මාළු සාරයෙන් යුත් මෙම උණුසුම් Butter cuttle fish dish එක පුද්ගලයින් දෙදෙනකු අතර පහසුවෙන් බෙදා ගත හැක .

 

 

DESSERT

 

 

Sesame Date Pan Cake with Vanilla Ice-cream (LKR 390)

තල හා රටඉදි මුසුකර සාදන ලද මෙම පැන්කේක් සදහා වැනිලා අයිස්ක්‍රීම් සමග බෙරි සොස් එක්කර ඇත.සාමාන්‍යයෙන්, අප අතුරුපස අනුභව කිරීමේ දී අයිස්ක්‍රීම් එක්කල විට අතුරුපස වලට වඩා අයිස්කීම් රසය අපට හොදින් දැනේ.නමුත් මෙම ප්‍රණීත අතුරු පසෙහි නම් එවැනි කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ .කෙසේ වෙතත් ,පෑන් කේක් එක දෙපළු කිරීමට මද වෙලාවක් ගත වුණත් අයිස්ක්‍රීම් දිය වීමත් සමඟ එය අනුභව කිරීම ඉතා පහසු වේ .

 

 

AMBIENCE

ලී මේස හා ලී පුටු වලින් සරසා ඇති ලූන් ටාවෝ ඔබේ හැම mood එකක්ම වෙනස් කරන්න පුළුවන් විවිධ රසයෙන් යුත් menu වර්ග රාශියකින් සමන්විත හා සන්සුන් මුහුදු වෙරළක් හිමි අවන්හලකි.සිවිලිමේ ඇති එල්ලෙන විදුලි පහන් අවන්හලේ විචිත්‍රත්වය තවත් වැඩි කරයි .

ගල්කිස්ස මුහුදු තීරයේ දී ඔබත් ප්‍රණීත seafood භෝජනයක රස විඳීමට කැමති නම් ලූන් ටාවෝ වෙත පියනගන්න .ඔබ එහිදී ලැබූ අත්දැකීම් අප සමග බෙදා ගැනීමටද අමතක නොකරන්න .මෙයින් මුහුදු වෙරළ දිගේ හිරු බැස යන ගමන් ලූන් ටාවෝ හි සිටින දේශීය සංගීත කණ්ඩායමේ බොන්ගො හඩින් නික්මෙන මිහිරි ගී රසට සවන් දෙන්න ඔබටත් හැකි වේ.

මේ ආහාර වර්ගනම් කවදාවත් එකට කන්න එපා..

අපිට ඉතින් කෑම කිව්වොත් වෙන දෙයක් නෑනෙ ඉතින් නේද.. අහුවෙන දෙයක් කාගන කාගන යනවා. හොඳක් නරකක් බැලිල්ලක් නෑනේ. හැබැයි ඉතින් කෑවා වගේ නෙවෙයි සමහර නොගැළපෙන දේවල් කාලා පස්සේ විදවන්න වෙන අවස්ථා නැතුවාම නෙවෙයි. ඔන්න අද අපි කියන්න යන්නේ එකට ගන්න හොඳනැති ආහාර වර්ග කීපයක් ගැන විස්තර ටිකක්.

 

 

 

මඤ්ඤොක්කා සමග ඉඟුරු යෙදූ ආහාර

Cassava – Clark County Food BankGinger – Angadionline

මේක තමයි ප්‍රසිද්ධම විස වෙන්න පුළුවන් කියලා හිතන කෑම එකතුව. මඤ්ඤොක්කාවල අඩංගු ලිනමරේස් එන්සයිමය (Linermarase) සමග ඉඟුරු ප්‍රත්‍රික්‍රියා කීරීමෙන් මාරන්තික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ලංකාවේදි මඤ්ඤොක්කා කාලා ඉඟුරු තේ බොන්න එපා කියලා කියන එක තමයි වෛද්‍යවරු පවා කියන්නේ. ඒත් හොඳට කල්පනා කළොත් අපි ගොඩක් වෙලාවට ආහාරවලට රසකාරක විදිහට ඉඟුරු භාවිතා කරනවා. මේ නිසා මඤ්ඤොක්කා සමග ඉඟුරු යොදපු කිසිම ආහාරයක් නොගෙනම ඉන්න එක තමයි හොඳ.

 

 

. තක්කාලි සුප් සමග චීස්

Melted-Cheese Rolls with Tomato Soup Recipe - Pillsbury.com

තක්කාලි සුප් අපේ ගෙවල්වල නිතර හැදෙන සුප් වර්ගයක් නොවුණට බොහෝමයක් තරු පන්ති හෝටලවල බුෆේවල තියෙන සුප් වර්ගයක්. හැබැයි තක්කාලි සුප් එක්ක චීස් වර්ග දාලා තියෙන ආහාර ගත්තම. තක්කාලිවල අඩංගු අම්ල සහ චීස් අතර ඇතිවෙන ක්‍රියාකාරීත්වය නිසා ආහාර දිරවීමේ අපහසුතාවය ඇති කරන්න පුළුවන්. ඒ නිසා තක්කාලි සුප් සමග චීස් ආහාරයට ගන්න එපා.

 

 

නිවිති සමග කිරි යෙදූ ආහාර

Fact Or Myth: Can You Eat Spinach And Milk Together?

ගොඩක් අය විරුද්ධයිනේ නිවිතී පරිප්පුයි එකට කන්න. හැබැයි මේ දෙක එකට දාලා කෑවට කිසි අවුලක් නැහැ. හැබැයි නිවිති වලට කිරි දලා හො නිවිති කලා කිරි අඩංගු දේවල් ආහාරයට ගන්න එපා . මොකද නිවිතිවල අඩංගු ඔක්ස්ලේට් කිරි එක්ක ප්‍රත්‍රික්‍රියා කිරීම නිසා ශරීරයට අපහසුතා ඇති කරනවා.

 

 

සලාද සමග විනාකිරි

How To Make a Basic Vinaigrette | Kitchn

සමහර අවස්ථාවල සලාදවල ඩ්‍රෙසින් එකක් විදිහට විනාකිරි හෝ ලෙමන් එකතු කරන අවස්ථා තිබෙනවා. විනාකිරි/ ලෙමන්වල අඩංගු ආම්ලිකතාවය නිසා සලාද වගේ කෑම ශරීරයට අවශෝෂණය කිරීම ප්‍රමාද වෙනවා. මේ නිසා සලාද සැකසීමේදී විනාකිරි එකතු කීරිමෙන් හැකිතාක් වළකින්න ඕන.

 

 

සීරියල් වර්ග සමග ඔරේන්ජ් ජූස්

10 Dangerous Food Combinations To Avoid

දැන් ගොඩක් දෙනෙක් බොඩි මේන්ටේන් කරනවා කියලා උදේට ඕට්ස් නැත්තම් කොන්‍ෆ්ලෙක්ස් දොඩම් වීදුරුවක් එක්ක ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් දොඩම්වල ආම්ලික සංයෝග නිසා සීරියල්වල අඩංගු පිෂ්ඨය ශරීරයට අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරනවා.

තරුණ වයසේදීම ජිවිතයේ 40 ගණන් වල සතුටින් ඉන්න වැඩ කරමු…

ඔයා ජීවිතයේ ඉස්සරහට යද්දී ඔයාට ජිවිතයේ ගොඩක් දේවල් ගිලිහිලා එහෙමත් නැත්නම් මග හැරිලා කියලා දැනෙන්න පටන්ගන්නවා. ඔයත් වයස විසි ගණන් වල ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් වයසට යද්දී ඔයාගේ ජීවිතය ගැන පසු තැවෙන්නේ නැතිවෙන විදිහට ජිවත් වෙන්න දැන් ඉදන්ම පටන් ගන්න ඕනේ. ඔයාට තවම ඉලක්කයක් නැත්නම් ,ඉලක්කයක් හදාගන්න වැඩ පටන්ගන්න හොඳම කාලය තමයි මේ. හරි සැලැස්මක් හදාගෙන හැමදාම ටිකෙන් ටික වැඩ කරන්න.අඛණ්ඩත්වය සාර්ථකත්වයේ යතුරයි. ඒ නිසා අත්හරින්න එපා.

ඉතින් ඔයත් අනාගතේ හැමදාම සතුටින් ඉන්න කැමති කෙනෙක් නම් දැන්ම ඉදන්ම මේ දේවල් පිළිපදින එක ඔයාට ගොඩක් වැදගත් වේවි.

 

 

‘ජීවත් වෙන්නේ එක සැරයයිනේ’ කියලා හිතලා තීරණ ගන්න

 

තරුණ ඔයත් ‘ජීවත් වෙන්නේ එක සැරයයිනේ’ කියලා හිතලා තීරණ ගන්න කෙනෙක්ද ? එහෙනම් විනය ගොඩක් වැදගත් සහ විනයට ඔයාව හදන්න වගේම විනාශ කරන්නත් පුළුවන් කියලා තේරුම් ගන්න.

 

මුදල් ඉතුරු කරමු

 

The 8 Simplest Ways You Can Save Money Without Feeling Deprived

‘ඉතිරි කරන සෑම සතයක්ම උපයා ගත් සතයක්’. ඔයාට වයස හතළිහක් වෙද්දී ඒක ඔයාට විශාල මුදලක්. වැදගත් නොවන දේට නාස්ති නොකර හිටියොත් වැදගත් දේට වියදම් කරන්න වැඩි මුදලක් ඔයාට ලැබෙනවා.

 

 

සබඳතා ගොඩනගා ගන්න

 

විශිෂ්ට කිසිම දෙයක් තනියම කරන එක ලේසි වැඩක් නෙමෙයි. සබඳතා ගොඩනගා ගැනීම කියන්නේ කාගෙන්වත් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන,තමන්ගේ වාසියට කෙනෙක්ව ආශ්‍රය කරන එකත් නෙමෙයි. සරලවම කිවුවොත් සබඳතා ගොඩනගා ගැනීම කියන්නේ සමාන අදහස් ඇති, සමාන අරමුණු සහිත පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමයි.

 

 

කාලය ඔයා තුළම ආයෝජනය කරන්න

 

ඔයාගේ හැකියා, පවුල් වරප්‍රසාද, පුද්ගල ප්‍රශංසාව, කීර්තිය වගේ ෙසුළු දේවල් ගැන තැකීමක් නොකර ඉන්න එපා. ඔයා ඇත්තටම කවුද කියලා ගවේෂණය කරන්න. ඒක ගොඩක් ලේසි වගේ පෙනුනට කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි.

 

 

කිසිම වේලාවක ඕපාදූපවලට සම්බන්ධ වෙන්න එපා

 

Powerful Words: Stop Gossiping Around and Be a Tool to Positively ...

අවුරුදු 20 ගාණක් වෙන ඔයාට නම් ඕපාදූප ජීවිතයට විනෝදාස්වාදය දෙන දෙයක් වෙන්න පුළුවන් නිසාම මේක ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් පුහුණුවීමෙන් ඔයාට ඕපාදූප වළක්වා ගන්න පුළුවන්. ඔයාට ලොකු කාලයක්, ශක්තියක් ඉතුරු කරගන්න පුළුවන් වගේම, කණ්ඩායම් ගැටුම් වලින් ඔයාට ගැලවෙන්නත් පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි මිනිස්සු ඒකට ඔයාට ගරු කරයි.

 

 

අසාර්ථක වීම නෙමෙයි බලාපොරොත්තු සුන්වීම් අත්‍යවශ්‍යයි

 

අසාර්ථකත්වයේ වැදගත්කම ගැන විතරක් අවධානය යොමු කරන ස්වයං උපකාරක පොත් ගොඩක් අපිට වෙළදසැල් වලින් අපිට ලබාගන්න පුළුවන්.නමුත් විශ්වාස කරන්න, ගොඩක් අසාර්ථක වුණොත් ඒක ඔයාගේ උනන්දුව,බලාපොරොත්තු නැති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.අසාර්ථකත්වය,ප්‍රතික්ෂේප කිරීම,අපේක්ෂාවන් සහ හැකියාවන් නොමැතිකම නිසා ඇති වන බලාපොරොත්තු සුන්වීම ඇත්තටම සාර්ථක වීමට පෙළඹවීමක් විදිහට තේරුම් ගන්න.

 

 

හැකි තරම් අපහසුතාවයට පත්වන අවස්ථාවන්ට මුහුණ දෙන්න

 

මෝඩ ප්‍රශ්න අසන්න, ඉහළ මට්ටමේ රැකියා සඳහා අයදුම් කරන්න, නරක ඉදිරිපත් කිරීමක් කරන්න, ඔයාගේ හිතට එන අදහස් ඉදිරිපත් කරන්න. අනිත් අය ඉස්සරහ පොඩි මනුස්සයෙක් වගේ පේන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වයස අවුරුදු විසි ගණන්වලදී, ඔයාට පසුබට වෙන්න තරම් ශක්තියක් තියෙනවා. හැබැයි හිතලා බලන්න,ඔයාගේ වයස අවුරුදු 30 ගණන්වලදී ඔයා ප්‍රතික්ෂේප කිරීම් හා අපහසුතාවයට බිය වෙන්නේ නැහැ. ඔයා ඔයාගේ හිතට එකඟව වැඩ කරයි.

 

 

නැහැ/බැහැ/එපා කියන්න ඉගෙන ගන්න

 

Why You Should Learn to Say 'No' More Often - The New York Times

රාත්‍රි සාදවලට, අධික විදිහට මත්පැන් පානයට, ස්වයං-විනාශකාරී පුරුදු වලට, අවසාන මොහොතේ සැලසුම් කිරීම් වලට,නරක පුද්ගලයින්ට ඇසුරට, අධික ලෙස වියදම් කිරීමට, නීති කඩ කිරීමට සහ අනවශ්‍ය තර්ක ඉදිරිපත් කරන එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ.

 

 

ස්වයං විනයක් ඇති කරගන්න

 

ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ඇවිත් ඔයා කන්න කැමතිම කෑම එක ඉස්සරහ අඩුම තරමේ මිනිත්තු 5 ක්වත් හිස් බඩ වාඩිවෙලා ඉන්න පුළුවන් කමක් ඔයාට තියෙන්නම ඕනේ. මං කිව්ව ඒ දේ තේරුම මොකද්ද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඒ මිනිත්තු 5 දී ඔයා මැරෙන්නේ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා. හැබැයි, ඒ මිනිත්තු 5 දී ඔයාව පාලනය කරගන්න උත්සහ කිරීමක් සිද්ධ වෙනවා. පස්සේ කාලෙක ඒක ඔයාගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 

 

මුදල් කියන්නේ මොකද්ද කියලා දැන ගන්න

 

සරලව කිවුවොත් මුදල් තියෙන්නේ වියදම් කරන්න විතරක්ම නෙමෙයි. මෝඩ මිනිස්සු කරන්නෙත් ඒක තමයි. මුදල් තියෙන්නේ ඔයාට ප්‍රතිලාභ ලබා දෙන්න.එකෙන් කියන්නේ මුදල් සංසරණය වීම මිසක් ඔයාගේ බැංකු ගිණුමේ අක්‍රියව තියන්න කියලා නෙවෙයි. කොටස් වෙලඳපොලවල් සහ ආයෝජන ගැන ඉගෙන ගන්න. හරි විදිහට මුදල් හසුරවන්න.

 

 

සාර්ථකත්වයට වැඩිය චරිතය වැදගත් බව වටහා ගන්න

ඔයාට ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි එක ඔයාව විශිෂ්ට මනුස්සයෙක් බවට පත් කරන්නේ නැහැ. ඔයාගේ තනතුරට මිනිස්සු ගොඩක් කාලයක් ගරු කරන්නෙත් නැහැ. ප්‍රසිද්ධිය තියෙන පුද්ගලයෙක් සහ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් අතර වෙනසක් තියෙනවා. ඔයා කීර්තිමත් පුද්ගලයෙක් නොවෙන එක කමක් නැහැ, නමුත් විශිෂ්ට පෞරුෂයක් තියෙන එක අත්‍යවශ්‍ය වෙනවා.

 

 

ආදරය කරන්න

 

Loving Others Well - iDisciple

අව්‍යාජව ආදරය කරන්න. ඔයා සිත් තැවුලට පත් වුණාට කමක් නැහැ. ඒක ඔයාව ශක්තිමත් කරයි. හදවත් කිහිපයක් බිඳදැම්මත් කමක් නැත (හිතාමතාම නෙමෙයි!) එකෙන් ඔයා පාඩමක් ඉගෙන ගනී. ජීවිතය ඉදිරියටම ගලා යයි. සිත් තැවුලක් කියන්නේ කනගාටුදායක සිදුවීමක් නෙමෙයි. එක ජීවිතයට අත්‍යවශ්‍ය සිදුවීමක්.

 

 

කෘතඥ වෙන්න ඉගෙන ගන්න

 

අද ඔයාට තියෙන දේ ගැන කෘතඥ වෙන්න. ජීවිතය අස්ථීරයි වගේම ගොඩක් අවිනිශ්ෂිතයි. ඔයාගේ සතුටුම දවසේ ඔයාගේ වෛද්‍යවරයාගෙන් ඔයාට අසනීපයක් තියෙනවා කියලා ඇමතුමක් එන්න පුළුවන්. ඔයාගේ මුළු ජීවිතයම ඔයාගේ ජාන සහ පරිසරය අතර අන්තර්ක්‍රියාකාරිත්වයක්. ඒ නිසා ඔයාට තියෙන දේවල් ගැන හිතලා සතුටින් ජීවත් වෙන්න.

 

 

අවදානම් ගන්න

 

Stop Playing It Safe And Take A Risk | The Lord Of Success

මේ කාලය තමයි ඔයාගේ ජිවිතයේ අවධානමක් ගන්න වගේම අමාරු පාඩම් ඉගෙන ගන්න හොඳම කාලය. ඔයා සාර්ථක වුණොත් ඔයා සාර්ථක වෙනවා. ඔයා අසාර්ථක වුණොත් අවුරුදු 40 දී ඔයාට කියන්න කතාවක් තියෙනවා. මේ වයසේදී, ඔයාට නැවත නැඟිටීමට අවශ්‍ය සියලු ශක්තිය,ධෛර්යය ලැබෙනවා.

 

 

ඔයාටම අභියෝග කරන්න

 

ඔයා ජිවිතයේ කරන්න ගොඩක්ම බය වුණ දෙයක් කරන්න උත්සහ ගන්න. ඔයාට ගොඩක්ම අමාරුම පැවරුම පුළුවන් උපරිම ආකාරයෙන් සම්පූර්ණ කරන්න. ඒ අමාරු පාඨමාලාව කරන්න, අළුත් භාෂාවක් ඉගෙන ගන්න, ප්‍රසිද්ධියේ කතා කරන්න උත්සාහ කරන්න, කථා කරන්න භයම පුද්ගලයා එක්ක නිර්භීතව කතා කරන්න සහ ඔයාට අවංකවම දැනෙන දේ කියන්න.

 

 

සිහින දකින්න, ඔයාගේ හැකියාවන් මුදාහරින්න, අනිත් අයත් එක්ක හොඳින් හැසිරෙන්න. ඔයාගේ හැකියා ලෝකය සමඟ බෙදා ගන්න. වයස අවුරුදු 20 ගණන් වල ඉන්න ඔයා,ඔයාවම පරීක්‍ෂා කළොත්, ඔයාව පුළුල් කර ගත්තොත් මේ දේවල් හොඳින් අධ්‍යනය කලොත් ඔයාට ඔයාගේ ජිවිතයේ 40 ගණන් වලදී සතුටින් ඉන්න මේ කරුණු ලොකු උදවුවක් වෙයි.

 

-එස්.එස්.තත්සරණි-