Blog Page 14

ලිංගික අපරාධ…

“නීතිය එළියයි” (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡාමාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව “Ignorantia legis neminem excusat” යන  ලතින් ආප්තය මගින් කියවේ. ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ සමාජ සුභසාධක කමිටුව විසින් අප රටේ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුල සරල දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරනු ලැබේ. ඒ අනුව පවත්වන ලද සිව්වන සාකච්ඡාමාලා, “ලිංගික අපරාධ” පිළිබඳ අවධානය යොමුකරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ලබාදුන් නීතිඥවරුන් :

අපරාධ සහ සිවිල් නීති ක්‍ෂේත්‍රයේ කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සහ Royal Institute හි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නීතිඥ සීවලී අමිතිරිගල මහතා, CFPS නීති අධ්‍යයන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ නීති ප්‍රවේශ විභාග දේශක නීතිඥ අස්තික උපුල් දේවේන්ද් මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය නීතිඥ ශාන්ති සේගරාජසිංහම් මහත්මිය.

ස්ත්රී දූෂණය වරදකදී කැමැත්ත (consent) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උසාවියේදී පිළිගැනීමට ලක් නොවන්නේ කුමන ආකාරයේ කැමැත්තක්ද?

 

A – දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ලිංගික අපරාධ නම්, ස්ත්‍රී දූෂණය (363 වගන්තිය), ව්‍යභිචාරය (364A වගන්තිය), අස්වාභාවික වැරදි (365 වගන්තිය), පුරුෂයන් අතර තදබල අශෝභන ක්‍රියා (365A වගන්තිය), බරපතල ලිංගික අපයෝජනය (365Bවගන්තිය) සහ රජයේ සේවකයෙකුට සාපරාධි බලහත්කාරය පෑම (344 වගන්තිය). එහි ස්ත්‍රී දූෂණය පිළිබඳ වරද නිර්වචනය කර ඇති ආකාරයට ස්ත්‍රී දූෂණය යනු පුරුෂයා කාන්තාවගේ කැමැත්තෙන් තොරව (එකඟතාවයෙන් තොරව) කාන්තාවක් සමඟ ලිංගික සංසර්ගයෙහි යෙදීම වන බවයි.

 

ස්ත්‍රී දූෂණය කිරීමේ වරදකදී එකඟ නොවීම අත්‍යවශ්‍ය අංගයක්. වින්දිතයාගෙන් කැමැත්ත ලබා ගතමුත් නෛතිකව විවිධ හේතූන් මත එය කැමැත්තක් ලෙස සුදුසුකම් නොලබනවා. නිදසුනක් ලෙස, නීත්‍යානුකූල හෝ නීති විරෝධී ලෙස පුද්ගලයෙකු රඳවා තබාගෙන සිටින ඔබ එම පුද්ගලයාගේ කැමැත්ත ලබා ගැනීමට බලය භාවිතා කරන්නේ නම්, එවැනි අවස්ථාවක දක්වන එකඟතාවයක් නීතියට අනුව එකඟවීමත් ලෙස සලකන්නේ නැහැ. තැතිගැන්වීමෙන්, බලහත්කාරයෙන් තර්ජනය කිරීමෙන් හෝ මරණීය හා හිංසාකාරී භීතියට පත්කිරීමෙන් ඔබ යමෙකුගෙන් එකඟතාව ලබාගනී නම්, එය බියගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් ලබාගත් එකඟතාවයක් ලෙස සැලකෙනවා. එනම්, එම කැමැත්ත ලිංගික සංසර්ගය සඳහා වන කැමැත්ත ලෙස සැලකෙන්නේ නැහැ. අනෙක් අතට, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්වී ඇති පුද්ගලයෙකුගෙන් සහ අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ලබාදී මත්භාවයට පත්කර ඇති පුද්ගලයෙකුට මත්වීම නිසාම කැමැත්ත ලබාදීමට තරම් නිරවුල් මනසක් නොමැති වීමෙන් කැමැත්ත ලබා දීමට හැකියාව නැහැ. මෙවැනි තත්වයක් තුළ, ලබාදෙන්නා වූ එකඟතාවයක් නීතිය යටතේ නෛතික කැමැත්ත ලෙස සලකන්නේ නැහැ. බාල වයස්කරුවන් වීම මත ලිංගික ක්‍රියාකාරකම් සඳහා එකඟතාව දැක්වීමට හැකියාව නොමැති පුද්ගලයින් විසින් ලිංගික සංසර්ගයෙහි යෙදෙන අවස්ථාවන්ට නිදසුන් අපට දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ලිංගික ක්‍රියාකාරකම් සඳහා එකඟතාව දැක්විය හැකි වයස ලෙස සලකන්නේ වයස අවුරුදු 16 යි. ඔබ 16 ට අඩු නම් ඔබ කැමැත්ත ඒ සඳහා දැක්වූවද එය නීතියට අනුව වලංගු එකඟතාවයක් ලෙස සලකන්නේ නැහැ.

 

වෙනත් වචන වලින් කිවහොත්, කැමැත්ත, පුද්ගලයා ස්වකැමැත්තෙන් ලබාදෙනක් විය යුතුයි?

 

A – ඇත්තවශයෙන්ම නිවැරදියි. එය, ස්වකැමැත්ත, අව්‍යාජ එකඟතාවය, අවබෝධය, ඇය කුමන ආකාරයේ ක්‍රියාකාරකමකට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ නිවැරදිව වටහාගැනීම යනාදී කාරණා සම්බන්ධව කැමැත්ත ලබාදීමට පෙර සිතින් මෙනෙහිකර ලබාදිය යුතු දෙයක්.

 

උදාසීන කැමැත්ත (passive consent) සහ කැමැත්ත යනු කුමක්ද සහ මේ දෙක අතර වෙනස ඔබට පැහැදිලි කළ හැකිද?

 

A – ඉනොකා ගාල්ලගේ එදිරිව කමල් අද්දරච්චි නඩුවේදී, ගරු විනිසුරු අශෝක ද සිල්වා විසින් රාඕ හරිනේරියන් එදිරිව රජය යන නඩු තීන්දුව උපුටා දක්වමින්, “නොවැළැක්විය හැකි බල කිරීමකදී විරෝධය නොදැක්වීම හෝ පීඩනයෙන් හා බියෙන් තැති ගැන්වූ විට උදාසීනව සිටීම නීතියෙන් තේරුම් ගත් පරිදි එකඟතාවයක් ලෙස සැලකිය නොහැකි බවත්, ස්ත්‍රී දූෂණ චෝදනාවකදී ආත්මාරක්‍ෂාව සඳහා ස්ත්‍රියකගේ කැමැත්ත හැඟවීමේදී අවශ්‍ය වන්නේ, ප්‍රතිරෝධය සහ එකඟතාවය අතර තේරීමේ සදාචාරාත්මක ගුණාත්මක භාවයේ වැදගත්කම පිළිබඳ දැනුම මත පදනම්ව බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් පසුව පමණක් නොවන බවයි. භීතියේ හෝ තර්ජනයේ බලපෑමට යටත්ව ඇයගේ සිරුර ලබාදීම එකඟ වීමක් නොවේ. කැමැත්ත පිළිබඳ ප්‍රශ්නය අර්ථ දැක්වෙන්නේ ප්‍රකාශිත සහ හඟවන ලද එකඟතාව ලෙස යි.” උදාසීන කැමැත්ත ප්‍රකාශිත හෝ හඟවන ලද කැමැත්තෙන්  පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකියි.

 

ස්ත්රී දූෂණයට ඇති දඬුවම කුමක්ද?

 

U – අවම දඬුවම අවුරුදු 7 ත් 20 ත් අතර වෙනවා. රජයේ නිලධාරියෙකු විසින් සිය අධිකාරිය උපයෝගී කරගනිමින් සිදුකරන ස්ත්‍රී දූෂණ හා ගැබිනි කාන්තාවක්, වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයෙක්, මානසික අස්ථායි බවකින් යුත් කාන්තාවක් දූෂණය කිරීම හෝ පිරිසක් විසින් සිදුකරනු ලබන ස්ත්‍රී දූෂණය යන වරදවල් සඳහා දඬුවම අවුරුදු 10ට වැඩි හා 20ට අඩුවේ. තහනම් සම්බන්ධතා ඇති පුද්ගලයින් අතර ස්ත්‍රී දූෂණයක් සිදුවුවහොත් වසර 15 කට වැඩි 20 ට අඩු දඬුවමක් නියම වේ.

 

ශ්රී ලංකාවේ නීතියට අනුව පිරිමියෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවකට වගකිම පැවරිය හැකි අවස්ථාවක් තිබේද?

 

A – දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියට අනුව වරද කර ඇත්තේ පුරුෂයෙකු විසින් ස්ත්‍රියකට වන බව පැහැදිලියි. එම අර්ථ දැක්වීමේ සන්දර්භය තුළ එය ස්ත්‍රියක් විසින් පුරුෂයකු දූෂණය කිරීමක් පිළිබඳ ප්‍රකාශ කරනු ඇතැයි මම සිතන්නේ නැහැ.

 

විවාහයක් තුළ සිදුවන ස්ත්රී දූෂණය ශ්රී ලංකාවේ අපරාධයක්ද?

 

A – සමකාලීන අපරාධ නීතියට අනුව, විවාහයක සිදුවන ස්ත්‍රී දූෂණය, සංකල්පමය වශයෙන් අපරාධයක් බවට පත්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 363A වගන්තිය යටතේ අධිකරණ වෙන්වීමේ තීන්දුවක් ලබා දී ඇති අවස්ථාවක පමණයි.

 

නමුත් විවාහ දූෂණය පිළිබඳ සංකල්පය ජාත්යන්තරව පිළිගැනීමට ලක් වෙනවා නේද?

 

A – එය බොහෝ නීති පද්ධති තුළ පිළිගත් සංකල්පයක්. කාලයත් සමඟ ඒකාකෘතිකරණය ද වෙනස් විය හැකි අතර මෙම වරදෙහි සමහර අංග අපගේ නීති සම්පාදකයින්ට පැහැදිලි කළ යුතු යැයි මම සිතනවා.

 

ස්ත්රී දූෂණ අපරාධයට ලබා දෙන දඬුවම් පිළිබඳව මහජනතාව දැනුවත් කළ හැකිද?

 

A – දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියේ සඳහන් වන්නේ, ‘දූෂණයට ලක්වන ඕනෑම අයෙකුට අනු වගන්ති 2 සහ 3 හි දක්වා ඇති අවස්ථා හැරුණු විට, වසර 7 කට නොඅඩු හා අවුරුදු 20 නොඉක්මවන සිරදඩුවමකින් සහ දඩයකින් දඬුවම් කළ හැකි අතර වින්දිතයාට සිදු වූ හානිය සම්බන්ධයෙන් වරද සිදුකළ පුද්ගලයෙකුට අධිකරණය විසින් තීරණය කරන ලද මුදලකට වන්දි ගෙවීමට නියෝග කළ යුතු බවයි.

 

ආයතනික ස්ත්රී දූෂණයයන්නෙහි තේරුම ඔබට පැහැදිලි කළ හැකිද?

 

A – චූදිතයා ආයතනයක අධිකාරී තනතුරක සිටින විට සහ වින්දිතයා ආයතනිකකරණය කර ඇති අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එවැනි වින්දිතයෙකු දූෂණය කළහොත් ආයතනික ස්ත්‍රී දූෂණයක් ලෙස හඳුන්වනවා.

 

U – බලධාරියා විසින් කැමැත්ත ලබා ගත් විට පවා එය වලංගු එකඟතාවයක් වෙන්නේ නැහැ.

 

බරපතල ලිංගික අපයෝජනය කුමක්ද යන්න පිළිබඳව මහජනයා දැනුවත් කළ හැකිද?

 

A – දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 365B මගින් අර්ථ දක්වන්නේ, ලිංගික තෘප්තිය සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ ලිංගික අවයව හෝ මිනිස් සිරුරේ වෙනත් කොටසක් හෝ කිසියම් උපකරණයක් භාවිතා කිරීමෙන් බරපතල ලිංගික අපයෝජනය සිදු කරන බවයි. පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව හෝ, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 16 ට අඩු විට කැමැත්ත ඇතිව හෝ කැමැත්ත රහිතව, නීත්‍යානුකූල භාරයේ හෝ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටියදී එම පුද්ගලයාගේ කැමැත්ත ඇතිව හෝ බලහත්කාරයෙන් හෝ බිය ගැන්වීම, තර්ජනය කිරීම හෝ මරණයට හෝ හානි කිරීම පිළිබඳ බිය ඇති කිරීමෙන් කැමැත්ත ලබාගෙන ඇති විට, අනෙක් පුද්ගලයා පැහැදිලි මනසකින් නොසිටින විට හෝ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්ව සිටින අවස්ථාවක කැමැත්ත ලබාගෙන ඇති විටදී ස්ත්‍රී දූෂණ වරද යටතට වැටෙන්නේ නැහැ.

 

 

සමූහ දූෂණයකදී නීතිය එයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් කරන්නේ කෙසේද?

 

A – සමූහ දූෂණයට සම්බන්ධ බවට ඉදිරිපත් කරනු ලබන සියලුම පුද්ගලයින් සමූහ දූෂණයට සම්බන්ධ බවට සාක්ෂි තිබේ නම් හා එම සාක්ෂි තහවුරු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලබනවා. හුදෙක් එම ස්ථානයේ සිටි සහ ක්‍රියාශීලීව සහභාගී නොවූ චූදිතයන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු සිටී නම් ඔවුන් සමූහ දූෂණයට වැරදිකරුවන් වෙන්නේ නැහැ.

 

පූර්ණ අසභ්යතාවය යනු කුමක්ද?

 

A – 365A වගන්තිය අනුව පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව සිදුකරන හෝ කොමිස් මුදල ලබා ගැනීමට හෝ කොමිස් දීමට කිසියම් අශෝභන ක්‍රියාවක් සිදුකරයි නම් වරදකාරයෙක් වේ. පූර්ණ අවිනීතභාවය ප්‍රසිද්ධියේ හා පෞද්ගලිකව කළ හැකියි. යම් පුද්ගලයෙක් විනීතභාවයේ සම්මතයන්ට පටහැනිව ක්‍රියා කිරීම අශෝභන ලෙස හැසිරීමට උදාහරණයක්.

 

ව්යභිචාරය යනු කුමක්ද? එයට ඇති දඬුවම කුමක්ද?

 

A – ලේ ඥාතීත්වය මත පැවත එන්නන් හෝ දරුකමට හදාගත් දෙමාපියන්, මිණිබිරියන් හෝ සහෝදර සහෝදරියන් අර්ධ ලේ ඥාතීත්වයක් ඇති සහෝදරයෙකු හෝ සහෝදරියක් අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ව්‍යභිචාරය ලෙස හඳුන්වනවා. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 364A වගන්තියෙහි හි දක්වා තිබෙනවා. මෙම පාර්ශවයන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා ව්‍යභිචාරය යටතේ  අවුරුදු 7 කට නොඅඩු හා අවුරුදු 20 නොඉක්මවන සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම වීමෙන් දඬුවමට භාජනය වෙනවා.

 

නීතිය මගින් වින්දිතයා ආරක්ෂා කරනු ලබන්නේ කෙසේද?

U – කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනමම කාර්යාංශ පිහිටුවා ඇති පොලිස් ස්ථාන අපට තිබෙනවා. කාන්තා නිලධාරිනියක සමඟ කතා කිරීමට හැකිවීමෙන් වින්දිතයාට සහනයක් දැනෙනවා. නඩුව විභාග වන විට, දරුවාගේ වීඩියෝ සාක්ෂියක් ඉදිරිපත් කළ හැකියි. නඩු විභාගය ඊට සම්බන්ධ පුද්ගලයින් පමණක් සහභාගිත්වයෙන් කැමරා මගින් සිදුකළ හැකියි.

 

පිරිමින්ට එරෙහිව කාන්තාවන් කරන අසත්‍ය චෝදනා පිළිබඳව අප දැනුවත් විය යුතුයි. මෙම ක්‍රියාව පුරුෂයා හා ස්ත්‍රියගේ සහභාගීත්වයෙන් පමණක් සිදුවන්නක් බැවින් අසත්‍ය චෝදනා හඳුනාගැනීම ඉතා දුෂ්කර තත්වයක්.

 

අපරාධ වින්දිතයන් හා සාකෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් වින්දිතයාට මානසික කම්පනයකට මුහුණ දීමට සිදුවුවහොත් වන්දි සහ ආධාර ලබා දෙනවා.

 

නඩුවක් ගොනු නොකරන ලෙස හෝ සාක්ෂි නොදෙන ලෙසට වින්දිත කාන්තාවක් තර්ජනයට ලක්විය හැකියි. එවැනි අවස්ථාවකදී දඬුවම බරපතල වන අතර ඇප ලබා ගත හැක්කේ විශේෂ හේතු මත අභියාචනාධිකරණයේදී පමණයි.

 

 

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය: සිනේකා වීරවර්ධන( ශ්රී ලංකා නීති ශිෂ් සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක)

 

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

 

 

අපි තාමත් විශ්වාස කරන බොරු…

අද අපි කතාකරන්න යන්නේ ටිකක් වෙනස්, අලුත් විදිහේ මාතෘකාවක්. ඇත්තටම මේක අලුත් කිව්වට ගොඩක් ඉස්සර කාලේ ඉදල විශ්වාස කරන කරුණු ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ දේවල් අපි අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම සිද්ධ වුන දේවල් විදිහට. නමුත් ඇත්ත තත්වය ඊට වඩා වෙනස්. ඉතින් පොඩි කාලේ ඉදලම අපි ජිවත් වුණ ලෝකේ ඇත්ත අපි අද දැනගමු.

කව්බෝයි ගන්ෆයිට්ස්

1,836 Gun Slinger Stock Photos, Pictures & Royalty-Free Images - iStock

කව්ද මේ කව්බෝයි කියන්නේ? ඇත්තටම කව්බෝයි කියලා හදුන්වල තියෙන්නේ විශාල ප්‍රමාණයේ ගොවිපල වල ගවයන්ව මෙල්ල කරන්න වගේම ඒවායේ කටයුතු බහුතරයක් කරන්න හිටපු උදවියව. මෙයාල අස්සයා පිටේ නැගලා ගිහින් තමයි තමන්ගේ රාජකාරි කටයුතු කරලා තියෙන්නේ.
දැන් මේ කියන්න යන සිද්ධිය නොතේරෙන කෙනෙක් නෑනේ. ටීවී එකේ කවුද බෝයි (lucky luke) කාටුන් එක බලන පොඩි දරුවාගේ ඉදලා නිකමට හරි හොලිවුඩ් කව්බෝයි ෆිල්ම්ස් බලපු කෙනෙක් වෙනකන් අය දන්නවා මේ කියන්නේ ඉස්සර ඇමරිකාවේ බටහිර ප්‍රදේශ වල සිද්ධ වුණයි කියන ෆේස් ටු ෆේස් වෙඩි ෆයිට් ගැන තමයි කියලා.
ගොඩක් අය අදටත් හිතන්නේ මෙයාලා ඇමරිකාවේ හන්දියක් හන්දියක් ගානේ තුවක්කු මාන ගෙන හිතේ හැටියට වෙඩි තියාගත්තා කියලා තමයි. ඇත්තටම මෙහෙම දේවල් වෙලා තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඇත්තටම නොවුන තරම් කිවුවොත් හරි. ඒ වගේම සිද්ධ වෙලා තියෙන ගන්ෆයිට්ස් වූනත් අපි හොලිවුඩ් ෆිල්ම් වල දකිනවා වගේ නීති රෙගුලාසි වලට වලංගු නැති, සමාජෙටත් ගානක් නැති විදිහේ ඒවා නම් නෙමෙයි. ගොඩක් දරුණු අපරාධ විදිහට තමයි ඒවා ඒ කාලේ ඉදලම සලකලා තියෙන්නේ.
එහෙම සිද්ධ වුණ අතලොස්සක් ඒවා ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේවා ඒ කාලේ ත්‍රාසජනක, කුතුහලය දනවන, අහද්දී හිරිගඩු පිපෙන, ත්‍රිල් එකක් එන කතා වීම. ඒ වගේම ඒ විදිහට ජප්‍රවාදයේ ආව කතන්දර වලට හොලිවුඩ් අධ්‍යක්ෂක වරු ඕනෑවටත් වඩා සාදාරණය ඉෂ්ට කරලා සමාජගත කරලා තියෙනවා. ඔන්න ඔහොමයි අපි ඒවා පිළිගන්න පටන් ගත්තේ.

 

වයිකිං වරුන්ගේ අං සහ තටු තිබුන හෙල්මට්

Buy Costume Accessory Barbarian Warrior Helmet With Horns, Bronze, One Size Online in Indonesia. B08BKCGX25

වයිකිං වරු කියන්නේ 8-11 සියවස්වල නෝවේ ඩෙන්මාක් ස්වීඩන් (ඒ කාලේ ස්කැන්ඩිනේවියා ) වල හිටපු දක්ෂ නැවියෝ එහෙමත් නැතිනම් යාත්‍රිකයන් කොට්ඨාසයක්. සරලවම කිවුවොත් නැවු වල ගිහින් උතුරු සහ දකුණු යුරෝපයේ කොටස් වල මෙයාලා තමන්ගේ අණසක පතුරවලා තියෙනවා. හැබැයි වයිකිං කිවුව ගමන් අපේ මතකයට එන්නේ මෙයාලගේ යාත්‍රා ගැනවත්, පළාත් අල්ලගත්ත එකවත් නෙමෙයි. එයාලටම අවේණික හෙල්මට් එක. ඇත්තටම අපි කාටුන් වල ෆිල්ම් වල දකිනවා වගේ මෙයාල ඒ විදිහේ හෙල්මට් දැම්මා කියල සාක්ෂි නම් නෑ. ඉතින් මේ ගැන කියන්න තියෙන්නෙත් ෆිල්ම් හදන අය ඒවා අං හරි තටු හරි සෙට් කරපු අමුතු විකාරරුපි අයිටම් එකක් කරලා මේක මිනිස්සු අතරට ගෙනත් තියෙනවා.
මෙහෙම අදහසක් මුලින්ම ලෝකෙට එන්නේ ඉපැරණි ගෙත්තමක සටහන් වෙලා තියෙන අං සවි කරපු හිස් වැස්මක් දාගෙන ඉන්න මනුස්සයෙක් හෝ මනඃකල්පිත චරිතයක් යම් චාරිත්‍රයක් ඉටු කරනවා පෙන්වන රුපෙකින්. මේක ෆිල්ම් වලින් වැඩිදුරටත් මෙහෙම සමාජගත වුණත් 19 වන සියවසේදීත් ඔපෙරා වල වයිකිං වරුන් නිරුපණයට මේ ජාතියේ හිස් වැසුම් යොදල තියෙනවා.

 

පාන් බැරි නම් කේක් කාපල්ලා…

Marie Antoinette Said, "Let them Eat Cake." - Fact or Myth?

අපි කවුරුත් ඉතින් මේ කතාව අහලා තියෙනවා නේ. අහලා තිබ්බට කවුද මේක කිවුවේ ? මේක කිවුවේ ප්‍රංශ විප්ලවය කාලේදී රට පාලනය කරපු මාරි ඇන්ටෝනියෝ බිසව. 1755 වසරේදී ඔස්ට්‍රියාවේ තමයි ඉපදිලා තියෙන්නේ. මොනවා වුණත් එච්චර හොදට මෙයා රට පාලනය කරලා නම් නෑ. ඒ වගේම මෙයා 16 වන ලුවි රජතුමාගේ බිරිඳ. ඉතිහාසයේ කියන විදිහට රට දරිද්‍රතාවෙන් පෙළෙද්දී මිනිස්සුන්ට කන්න පාන් වත් හොයාගන්න බැරි වෙලා (බත් ?? නෑ නෑ එහෙ පාන් ). ඒ වේලාවේ මෙයා පාන් බැරි නම් කේක් කාපල්ලා කියල රට වැසියන්ට කිව්වලු.
කතන්දරේ ඔහොම ජනප්‍රවාදයේ පැවතගෙන ආවත් ඇත්තටම ඇය එහෙම ප්‍රකාශයක් කරලා නැහැ. ඒ කතාව මෙයාට ආදේශ කරපු එකක් කියල තමයි සාක්ෂි තියෙන්නේ. Rousseau විසින් ප්‍රංශ විප්ලවයට අවුරුදු 20කට කලින් ලිව්ව පොතක තමයි මේ කතාව තියෙන්නේ. ඒ වගේම දශක ගණනාවකට පස්සේ මේක මාරි ඇන්ටෝනියෝ කිව්වා කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ කාලේ ප්‍රංශ වංශවතුන් තමන් ගැන අධි තක්සේරුවෙන් වගේම මිනිස්සු තලා පෙලා දාපු විදිහ ඉදිරිපත් කරන්න.

 

අයින්ස්ටයින් ගණන් ෆේල්???

Was genius Albert Einstein really got failed in Math? here's what you should know about the great physicist | Catch News
අයින්ස්ටයින් කියන්නේ වැඩකරන පන්තියේ පියෙකුගේ පුතෙක්. ඉතින් මේ තාත්තගේ කීමට අයින්ස්ටයින් තාක්ෂණ විද්‍යාලයකට ඇතුල් වෙන්න ඇතුල්වීමේ විභාගය ලියනවා. මෙන්න මේ කියන විභාගය අයින්ස්ටයින් උඩින්ම ෆේල්. මේ කතන්දරේ අල්ලලා තමයි ගොඩක් අය අයින්ස්ටයින් ගණන් ෆේල් කියලා ලෝක ප්‍රසිද්ධ මතයක් හදාගන්නේ.
ඇත්තටම අපි අදටත් මුළු ලෝකයක පාවිච්චි කරන ගණිත ක්‍රම බොහොමයක් හොයාගත්ත අයින්ස්ටයින් ගණන් ෆේල් වෙයිද?? තාක්ෂණ විද්‍යාලයට ඇතුලත්වීමේ පරීක්ෂණය ෆේල් උනාට මෙතුමා වෙනත් හදාරපු විද්‍යා හා ගණිත පාඨමාලා නම් අසමත් නෑ කියල තමයි සදහන් වෙන්නේ.

 

බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්

Who really invented the light bulb? - BBC Science Focus Magazine
අපි පොඩි කාලේ ඉදලම පාඩම් කරන සාමාන්‍ය දැනීම පොත් වල වගේම ඉස්කෝලේ පහ වසරේ ඉදන්ම ඉගෙන ගත්ත දෙයක් තමයි බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් කියන එක. ඇත්තටම එතුමා මේ සම්බන්ධයෙන් විශාල සේවයක් කරා. එතුමා තමයි බල්බය පර්ෆෙක්ට් ඩිවයිස් එකක් කරලා ලෝකෙට ඉදිරිපත් කරේ.
ඒ කියන්නේ මෙහෙමයි. එතුමා බල්බය ලෝකෙට ඉදිරිපත් කරන්න කලින්ම බල්බය හොයාගෙන තිබුනේ. හැබැයි කවුරුවත් සමත් වෙලා තිබුනේ නෑ බල්බයට හොද ෆිලමන්ට් එකක් ආදේශ කරන්න. ඔක්කොම අය භාවිතා කරලා තියෙන ඒවා පැයකට වඩා ආලෝකය දෙන්න සමත් වෙලා නෑ. තෝමස් මහත්මයා තමයි විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරලා තන්ග්ස්ටන් කම්බියක් ෆිලමන්ට් එක විදිහට සුදුසු බව හොයාගෙන තියන්නේ. (එතුමාගේ සහයකයින් කීප දෙනාගෙන් කෙනෙක් අතින් මේක සොයා ගැනුනා කියලත් සදහනක් තියෙනවා). කොහොමහරි මේකේ පේටන්ට් එක ලැබෙන්නේ මෙතුමාට. එහෙම තමයි තෝමස් අල්වා එඩිසන් මහතාට බල්බය සොයා ගැනීමේ අයිතිය හම්බ වෙන්නේ. ඉතින් බල්බය කියන්නේ විශාල පිරිසකගේ කැපකිරීමක ප්‍රතිපලයක්.

අපි පොඩි කාලේ ඉදලම විශ්වාස කරපු දේවල් වල මේ විදිහට පොඩි පොඩි අවුල් තියෙනවා කියලා හිතුවේ නැහැ නේද? අවුරුදු ගානකට කලින් සිද්ධ වුන දේවල් නිසාත්, හරි හැටි මුලාශ්‍ර නැති නිසාත්, කලාකරුවන්ට මේ කතා රසට මිනිස්සු අතරට ගෙන එන්න අවශ්‍ය නිසාත්, ජනප්‍රවාද වලින් පැවතගෙන එන නිසාත් මේ කතා වලට මේ විදිහේ වෙනස්කම් සිද්ධ වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.

 

-එස්. තත්සරණී-

අසාර්ථක වෙන්න බය වෙන්න එපා…

අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේ දේ ඔයාට අලුත් දෙයක් නොවෙන්න පුළුවන්.  අසාර්ථකවීම ,සාර්ථක වීම හෝ පරාජයන් අපගේ ජීවිතය නොයෙකුත් සන්ධිස්ථාන කරා රැගෙන යාමට සමත් වෙනවා. කෙසේ නමුත් පරාජයන් හෝ අසාර්ථක වීම් ඔබ භාර ගන්නා ආකාරය අනුව ඔබගේ ජීවිතයේ අනාගතය තීරණය වෙනවා. එක් වතාවක් යම් දෙයකින් අසාර්ථක වුණාම යළිත් වතාවක් ඒ දේම කරන්න අපි බියක් ඇති කර ගන්නවා.ආයෙත් මං පරාද වෙයි ද? එසේ වුවහොත් සමාජයෙන් මාව පහළ තැනකට ඇද වැටෙයි ද? යන කාරණා අප සිතෙහි පැන නැගෙන්න පටන් ගන්නවා .අපි කොහොමද පරාජයන් පිළිගෙන එයට මුහුණ දී ආපසු නැගිට ශක්තිමත්ව ගොඩ එන්නේ. එසේ කිරීමට නම් නිසැකවම අපිට පරාජයන්ට බිය නැතුවම මුහුණ දෙන්න සිදුවෙනවා. පරාජයන් කුමක්ද යන්න වටහා ගත යුතු වෙනවා. ඔබ විසින් ඔබ සිටින ආකාරය පිළිගන්නා විට ලෝකයත් ඔබව පිළිගන්නා නමුත් ස්වයං පිළිගැනීමේ ගමන කිසිවිටෙක පහසු නැත. ඔබට ඔබ වීමට සහ ඔබගේ සිහින සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය නම් බිඳ දැමිය යුතු ප්‍රධාන බාධාවක් ඇති අතර ඒ “දන්නා බිය” හෝ “නොදන්නා භීතියට” බියවී මයි. සෑම විටකම මේ දෙකින් එකක් පමණක් ජයග්‍රහණය කරන බව බව ඔබ දන්නවාද? එබැවින් ඔබට සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍යද නැද්ද යන්න තෝරා ගැනීමට හෝ ඔබ සිතෙහි ඇති භීතියට ජයග්‍රහණය කිරීමට ඉඩ දීමට ඔබට හැකිවේ.

සිතෙහි බය නැති කර ගැනීමට නම් ඔබට සාර්ථක පුද්ගලයෙකු වන්නට අවශ්‍ය ඇයිද කියා  ඔබ වටහා ගත යුතු වෙනවා. සාර්ථකත්වය ජීවිතයට ළංකර ගැනීම සුළුපටු කාර්යයක් නොවේ . එම කඩුල්ලට ළඟාවීමට බොහෝ බාධක හරහා අප හට පැමිණෙන්නට සිදුවෙනවා.මේ ජීවන ගමනේදී ඔබ කී වතාවක් අසාර්ථක වුණත් සිතෙහි කිසිම බියක් ඇතිකර නොගෙන නැගිටින්නට හැකිනම් ඒ මොහොතේම ඔබ ජයග්‍රහකයෙකු වී හමාරයි.අසාර්ථක වීම් වලට මුහුණ දී සාර්ථක කඩුල්ල  දක්වාම ගමන් කරපු හරි අපූරු මිනිසුන් විසින් සමාජයට දෙන පණිවිඩය හරි අගෙයි. ඔවුන්ගේ කතාවෙන් ඔබේ ජීවිතයට එක්කරගන්න බොහෝ වටිනා කරුණු ඇති.

ඇය නමින් Muniba Masari ,

Believe in Yourself - It Matters in Life - Knowlab

ඇය මේ ලෝකේ හඳුන්වන්නේ Iron lady ලෙසයි. මන්ද යත් සිය දෙපයින් නැගී සිටින්නට බැරි වුනත් අද ඇය උපදේශිකාවක්, ලේඛිකාවක් සහ දයාබර මවක්. යුග දිවියට පා තබා වසර දෙකක් පමණ ගතවන විට ඇය දරුණු මෝටර් රථ අනතුරකට පත්වෙනවා. සිය සැමියාට නින්ද යාම අනතුරට හේතුව වෙනවා. ඇගේ උරහිස් අස්ථිය සහ කරපටි අස්ථිය මුළුමනින්ම  බිඳී යනවා. දකුණු අත කැඩීමකට ලක්වෙනවා. මැණික් කටුව ආසන්නව ද අස්ථි බිඳී යනවා. ඒ වගේම ඇගේ ඉල ඇට කූඩුව කැඩී යාම හේතුවෙන් ඇගේ වකුගඩු වලට බරපතල හානි සිදුවෙනවා සහ ඇයට හුස්ම ගැනීමට පවා අපහසුතාවයකට පත් වෙනවා. ඒ ඇගේ කොඳු නාරටිය මුළුමනින්ම බිඳී යාම හේතුවෙන්. ඇය ජීවත් වීමත් අරුමයක් නොවේද? මේ නිසාවෙන් ඇයට තම ජීවිතය රෝද පුටුවකට සීමා කරන්නට වෙනවා. ඇය ආස කරන බොහෝ දී තිබුණද ඇයට කිරීමට හැකි වූයේ බොහෝ සුළු ප්‍රමාණයක් පමණයි. ඇගේ ආසාව වුණේ චිත්‍ර ශිල්පිනියකු  බවට පත්වීමයි.රෝහල්ගතව අවුරුදු දෙකහමාරක පමණ කාලයක් ඇයට ප්‍රතිකාර ලබමින් සිටින්නට සිදුවෙනවා. එක් උදයක ඇයට අවාසනාවන්ත දෙයක් අහන්න ලැබෙනවා.  වෛද්‍යවරයා ඇයට පවසනවා  තමන්ට ලෝකයේ තියෙන උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්නටතිබූ වාසනාව ඇයගෙන් ගිලිහී ගිය බවයි.

සිය ජීවිතයේ තමන්ට සිදුවුණු අනතුර නිසා වූ නැතිවීම් සහ පරාජය විඳදරා ගෙන ඇය සිය ජීවිතයත් සමග ඉස්සරහට ගමන් කළ හැටි හරි අපූරුයි. ඇය පවසන්නේ කිසිදා අසාර්ථක වීමට බිය නොවන ලෙසයි. ඒ වගේම ඇගේ ජීවිතයේ පරාජයන් සහ අසාර්ථකවීම් තරම්  ඇයව ශක්තිමත් කළ  කිසිවක් නොමැති බවයි.මව් පදවිය අහිමි වී ගියත් අද ඇයත් එක් පුතෙකුගේ ආදරණිය මවක් .අද ඇය සිය ගණන් දූ දරුවන්ගේ , ආබාධිත පුද්ගලයන්ගේ සහ ජීවිතයේ නොයෙකුත් බාධාවලට මුහුණ දුන් අයවලුන්ගේ සිතෙහි ඇති පීඩාව ශක්තියක් කරගෙන ඒ හරහා ජීවිතය ගොඩනඟා ඉහළ තැනකට යා හැකි වන පරිදි ඔවුන් දිරිමත් කරන මුළු ලෝකයක් පිළිගත් කාන්තාවක්. ජීවිතයේ අසාර්ථකවීම් ඔබගේ ජීවිතයේ ශක්තියක් කරගන්න .මේ ඇය මුළු ලොවටම දෙන පණිවිඩයයි.

 

Army Officer Deshauna Barber Crowned Miss USADeshuna barber අහල පුරුදු නමක් නේද? ඇය තමයි සුරූපී Miss USA 2016. ඇය ඇමරිකානු හමුදාව යටතේ වැඩ කරන යුද සෙබළියක්. දිනක් ඇයට හමුවූ එක් කාන්තාවකගෙ වචනයකට ඇගේ මුළු ජීවිතයම වෙනත් පැත්තකට  හරවන්නට සමත් වුණා. ඇය පවසා ඇත්තේ barber ඇගේ ජීවිතයට දැක ඇති ලස්සනම තරුණිය ලෙසයි. ඇයට ඊළඟට එන Miss USA තරඟයට සහභාගී වීමට තරම් රූ සපුවකට හිමිකම් කියන බවයි. ඇගේ ඉල්ලීම නිසාම  miss state තරඟයට සහභාගී වී තිබෙනවා. ඒ හරහා ඇයට Miss USA තරගාවලියට යා හැකියි. නමුත් සහභාගී වන පළමු miss state 2009 හි ඇය පරාජයට ලක් වෙනවා. 2010, 2011, 2012, 2013, 2014  දක්වා ම ඇය miss state තරගාවලියට සහභාගි වුණද ඇයට ජයග්‍රහණය කිරීමට හැකි හැකිවූයේ නැත. ඇය සියලු ප්‍රයත්නයන් අතහැර දමා සුපුරුදු ලෙස තම හමුදා  ඒකකයේ වැඩට යෙදෙන්නට තීරණය කළහ. නමුත් ඇයගේ ගුරුවරිය එයට ඉඩ දුන්නේ නැත. ඇය පවසා ඇත්තේ ‘ barber’පරාජයන්ට බිය වන්නට එපා උත්සාහය අත්හරින්නටත් එපා යන්නයි .එම නිසාම ඇය 2015 miss state තරඟාවලියට සහභාගී විය .අවුරුදු ගණනාවක කැපවීම සහ ඇගේ මහන්සිය මල්ළුල ගැන්විය. ඇයට MISS DISTRICT COLOMBIA ජයග්‍රහණය කිරීමට හැකිවිය. 2016 දී  the MISS USA කිරුළ දිනා ගැනීමට හැකිවිය. ඇය පවසන්නේ ජීවිතයේ තමා අසාර්ථක වන සෑම  මොහොතක්ම හිතට ගනිමින් නැවත උත්සාහ කරන්න යන්නයි. නැවතුණු තැන පරාජය ඔබට හිමි වනවා මිසෙක උත්සාහය දරනකම් ඔබ ජයග්‍රහණයකයෙකු වෙනවා.

Lizzie Velasquez: How the activist named 'world's ugliest woman' tackled trolls by launching a global campaign | The Independent | The Independent
ඒ වගේම ඔබ අසා තිබෙනවාද LIZZIE VELAZCUS ගැන. ඇය සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් රූපයක් ගනී.ඇයට ලෝකයේ සිටින කැතම කාන්තාව ලෙස ද නම් පට පටබැඳුණා. ඒ මේ ලෝකයෙන්ම දෙදෙනෙකුට විතරක් සෑදෙන ශරීරයේ මස් නොවැඩෙන රෝගයක් සෑදීම. මේ හේතුවෙන් බොහෝ වතාවක් සමාජයේ අඩන්තේට්ටම් වලට ඇයව ලක්වෙනවා. සියල්ල ඉවසා දරාගෙන ඇය ඒ ආපු ගමන හරිම අපූරුයි.YOUTUBE සමාජ ජාල අඩවිය හරහා ඇයගේ video පළ වෙන්නට පටන් ගත්තේ ඇය ලෝකයේ සිටින අවලස්සනම කාන්තාව ලෙසයි. ඇය සමාජයට මුහුණ දීමට ඇති බිය නිසාම නිවස තුළට වී කාලය ගත කරන්නට තීරණය කළා. කාලයත් සමගම ඈ හට සාදා තිබෙන වීඩියෝ පට හා පින්තූරවලට ඇය හරි අපූරු විදියට උත්තර බැන්දා. ඇගේ පිළිතුරු හරි සුන්දරයි. එමගින් ලෝකය LIZZIE VELAZCUS ව හඳුනාගත්තා. තමන්ගේ රූපය කෙතරම් අවලස්සන වුණත් ඈට රත්තරන් හදවතක් ඇති අයෙක් බව මුළු ලෝකෙටම වැටහී ගියා.  අද ඇයත් උපදේශිකාවක් ලේඛිකාවක්. ජීවිතය වැටීම් සහ පරාජයන්ට බිය නොවී මුහුණදීම දිනක තමාව කැපී පෙනීමනට ලක්කරනවා. ඇගේ කතාවෙන් එය නොවේද අප හට වැටහී යන්නේ. අද ඇය ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වී හමාරයි.

 

Nick Vujicic Net Worth » Dfives
Limitless, life without limits ,stand strong ,unstoppable ,be the hand and the feet බැලූ බැල්මට ම වේවා ඉංග්‍රීසි වචන කිහිපයක් විතරක්ම නෙවෙයි. මේ තමයි Nicolas james විසින් රචිත ඉතා ප්‍රසිද්ධ පොත් කීපයක්. අනෙක් කෘති වලට වඩා මේවායේ මාතෘකා වෙනස් ආකාරයකට යොදලා තිබේ. ඒ ඇයි? උපතින්ම අත්පා අහිමි වුවද අද වන විට ලෝකයේ සුප්‍රසිද්ධ චරිතයක් බවට ඔහු පත්ව තිබෙනවා.  2002 දී Griffith university යෙන් වාණිජ හා ඉංජිනේරු උපාධියක් හිමිකර ගත් ඔහු 2004 පමණ වන විට life purpose කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. එය ඉතා කෙටි කාලයකින් ජනප්‍රියට පත් වුනු අතර ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපටය වුණේ no arms no legs no worries යන්නයි.

2005 දී life without ලෙස සංවිධානයක්ද  ඔහු විසින් ආරම්භ කරනවා. attitude is attitude නමින් තවත් සංවිධානයක් ද ඔහු විසින් ආරම්භ කරනවා. 2012  පමණ වන විට ඔහු kanea miyahara සමග විවාහ වෙනවා.2020 පමණ වන විට ඩොලර් මිලියන විස්සකට පමණ වත්කමක් හිමි ඔහු සියලු කටුක අසාර්ථකත්වයක් මැදින් තම ජීවිතය උසස් තැනකට ගෙන ඒමට සමත් වනවා.

අසාර්ථක වීමට බිය නොවන්න නමුත් පසුතැවිලි වන්න එම පසුතැවිල්ල ම ඔබගේ උත්සාහයට හේතුවනවා නිසැකයි .

-මන්දාකිණී පතිරණ-

දන්න, දකින අහිගුණ්ඨිකයන්ගේ නොදන්න කතාව…

කවුද මේ අහිගුණ්ඨිකයෝ

හෙටක් ඉල්ලන අදක් නැති මිනිස්සු | සිළුමිණ

අහිගුණ්ඨිකයා කිවුව ගමන් අපිට නම් මතක් වෙන්නේ කොහේ හරි සෙනග රැස් වෙලා ඉන්න තැනක වාඩි ගහගෙන, භය හිතෙන නයි පෙට්ටියකුයි, ලස්සන ඇදුමක් ඇදගත්ත වඳුරු පැටියෙකුයි ලඟ තියාගෙන, නලාවයි බෙරේයි ගහන ගමන් එයාලව නටවන පුද්ගලයෙක්ව, එහෙමත් නැතිනම් සාරියක් ඇඳලා මල්ලක් එල්ලගත්ත, සාස්තර කියනවා කිය කියා අපේ පස්සෙන් ඇවිත් බලෙන් හරි සාස්තරයක් කියලා කීයක් හරි ඉල්ලන් යන කරදරකාර කාන්තාවක්ව. තේරෙන සිංහලෙන්ම කිවුවොත් අපි මේ අහිගුන්ටිකයෝ දකින්නේ එක එක කාල වලදී එක එක තැන් වල අටවගත්ත පොඩි කුඩාරම් වල ජීවත් වෙන සරල, සංචාරක ජීවිතයක් ගත කරන ජන කොට්ඨාසයක් විදිහට. ඔව්, එයාලත් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙලා ශ්‍රී ලංකාවේ පදිංචි වුණ තවත් එක ජන කොට්ඨාසයක් තමයි.

ලංකාවේ හැමතැනම, එක එක දවස් වලට එක එක තැන් වල දකින්න ලැබුණත් වැඩිපුරම අහිගුණ්ඨික ජනතාව ජනාවාස ඉදිකරගෙන ඉන්නේ උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව වගේ පළාත් වල. අපි කවුරුත් මොන මොන විදිහට මේ අහිගුණ්ඨික ජනතාව ගැන හිතාගෙන හිටියත්, සමාජයේ මොන තත්වෙකට දාලා තිබුණත්, එයාලත් පුරාණ සම්භවයක් තියෙන, තමන්ටම ආවේණික වුණු චාරිත්‍ර, වාරිත්‍ර, වත් පිළිවෙත් තියෙන, මිනිසුන් පිනවීම තමන්ගේ ජීවිකාව කරගත්ත, විදේශීය සම්භවයකින් පැවත ගෙන එන අපූරු ජන කොට්ඨාසයක්.

සම්භවය

ජීවිතයට අරැතක්: සමාජීය පරිවර්තනයන් හමුවේ අහිගුණ්ඨික ජනයා....

දකුණු ඉන්දියාවේ මදුරා හා පාණ්ඩ්‍ය ප්‍රදේශවල ජීවත්වන කොරවර් නම් ගෝත්‍රිකයන්ට නෑකම් කියන නිසාම දකුණු ඉන්දියාවේ දෙමළ භාෂා පවුලට අයිති තෙළිඟු බස තමයි මෙයාලගේ භාෂාව. කුරවර් කියලත් හඳුන්වන මොවුන් ප්‍රධානවම හඳුන්වන අහිගුණ්ඨික කියන නම බිහි වෙලා තියෙන්නේ සංස්කෘත හා පාලි භාෂා වල එන උගුල් ඇටවීම, වෙළීම, ගී කීම වගේ අදහස් වලට යෙදෙන පද වලින් වග පැහැදිලිව පෙනෙන කාරණාවක්.

අපි හැමෝම දන්න විදිහට අහිගුණ්ඨිකයෝ ජංගම ජීවිතයකට හුරු වුණ ජන කොටසක්, ඒ වගේම එයාලගේ මේ ජංගම ජිවිතේ පෙන්වන ප්‍රධානම සාධකය වෙන්නේ එයාලගේ තාවකාලිකව අටවගන්න කුඩාරම් වගේ පොඩි පැල්පත් සමුහය. මේ පැල්පත් උස අඩි 5ක් දිග අඩි 9ක් වගේ කුඩා ප්‍රමණයෙන් තමයි දකින්න පුළුවන් වෙන්නේ, ඒ වගේම මේ පැල්පත් සමුහ කුප්පායම කියන වචනෙන් තමයි හඳුන්වන්නේ. සම්ප්‍රදාය අනුව එන දැනුමෙන් මේ පැල්පත් හදන්න උරුම විදිහ තමයි තල් අතු එකට තියල ගැටගන ක්‍රමය. නමුත් අද වෙනකොට මේ සම්ප්‍රදාය ඒ විදිහටම පවතින්නේ නෑ. තල් අතු වගේ ස්වභාවික ක්‍රම වෙනුවට පොලිතින්, තාර ශීට් වගේ පහසුවෙන් හොයාගන්න පුළුවන් කල් පවතින දේවල් වලින් මේ ගෙවල් හදාගන්නවා. ඒ වගේම සම්ප්‍රදාය අනුව තැනින් තැනට නොයා එක තැනක දිගු කාලයක් නැවතිලා ඒ ප්‍රදේශයේ සුළු රැකියා කරන, කුලී රැකියා කරන අහිගුණ්ඨික පවුල් අද වන විට දැකගන්න පුළුවන්. පුරුදු සම්ප්‍රදාය අනුව පවුල් කිහිපයක් කුඩා ගමක් විදිහට තැනින් තැන යන ලයිෆ් එකට තිත තියන හේතු විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ ඉස්සර වගේ මේ අය තමන්ගේ ස්කිල්ස් පෙන්නුවත් ඒවාට අද සමාජේ තියෙන ඩිමාන්ඩ් එක අඩු වීම. දන්න සිංහලෙන් කිවුවොත් ඒ කියන්නේ නයි නටවන, රිලව් නටවන, සාස්තර කියන වගේ අහිගුණ්ඨික ජනතාවටම වෙන් වෙලා තිබුන දේවල් අද මිනිස්සු ආසාවෙන් බලන බවක් පෙන්න නෑ. ඒ වගේම හැමෝම ඉන්නේ රැට්‌ රේස් එකේ. ශ්‍රී ලංකාවේ හැම ජන කොටසක්ම, හැම පුරවසියෙක්ම වගේ අහිගුණ්ඨික ජනතාවත් ශ්‍රී ලාංකිකයෝ විදිහට තමන්ගේ ජිවිත ගොඩ ගන්න විකල්ප ආදායම් වලට යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අයට හුරු පුරුදු ජීවනෝපායන් වලින් මිදිලා කුලී රැකියා හා අනෙක් සුළු රැකියා වලට හුරු වෙන්න වෙලා තියෙන නිසා තැනින් තැන අවිදිනවට වඩා විශ්වාසය රැකගෙන එක ප්‍රදේශයක තමන්ට රැකියා කරන්න පුළුවන් පසුබිමක් ඔවුන් ඒ විදිහට හදාගන්න නැඹුරු වෙලා තියෙනවා. නමුත් සියලුම කුප්පායම් මේ ආකාරයට වෙනස් වී ඇති බවක් හෝ සියලුම අහිගුණ්ඨිකයන් එක තැනක නතර වී ජිවත් වෙන්නේ නැහැ. එයාලා එයාලගේ සම්ප්‍රදායික සරල නිදහස් සංචාරක ජීවිතය ගත කරනවා. ඒ වගේම ඉහත ක්‍රම වලට අමතරව මස් පිනිස එළුවන්, කුකුළන් වගේ සතුන් ඇති කරන අහිගුණ්ඨික ජනතාව එම සතුන් මුස්ලිම් වරුන්ට විකුණා තම ආදායම් සරි කරගන්න බවත් පෙන්න තියෙනවා. ඒ වගේම ගොඩක් වේලාවට එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් හැරුණු කොට මෙයාලා සම්පත්, දේපල ගොඩගසා ගන්නා ජනතාවක් විදිහට දකින්න බෑ. එයාලගේ ප්‍රධාන දේපල හා වස්තුන් විදිහට අපි කිව්ව මසට ඇති කරන සතුන්, තමන්ගේ සංචාරක දිවියේ ගමන් සහයට ඉන්න බුරුවන් හා බල්ලන් , රිදී,පිත්තල හා තඹ ආභරණ හා උපකරණ හඳුන්වන්න පුළුවන්.

ජංගම ජීවිත ගෙවන අහිකුන්ටක ජනතාව · YAMU

මේ විදිහට තැනින් තැනට යන ජිවිත ගත කරත් මෙයාලා අපි හිතනවට වඩා සංවිධානත්මකයි. අහිගුණ්ඨික ජනතාවට පොදු ප්‍රශ්න ලංකාවේ කොතන, කොහොම හිටියත් එයාලට පොදුවේ බලපානවා, ඒ වගේම එයාලා විසිරිලා තැනින් තැන හිටියත් එයාලාට තමන්ගේ කුප්පයමෙන් එළියේ වෙනත් කුප්පායමක විස්තර ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේ විදිහට එයාලා අප්ඩේට් වෙන්නේ, එයාලගේ ප්‍රශ්න විසදන්නේ, සාකච්ජා කරන්නේ, ගෝත්‍රය ගැන තීන්දු තීරණ ගන්නේ හැම අවුරුද්දේම කැකිරාවේ ( කැකිරාව – කච්චිදූව තමයි අහිගුණ්ඨික ප්‍රජාවගේ ගෝත්‍ර මුලස්ථානය) පැවැත්වෙන සම්මේලනයේදී. මේ සම්මේලනය දීපාවලි උත්සවය පවත්වන දවස් කිට්ටුවම පැවැත්වෙනවා. මේ සම්මේලනය අතරතුර මුදල් ගනුදෙනු, අවාහ විවාහ කටයුතු, ඉදිරි වසරේ ගමන් මාර්ගය වගේ කාරණා පවා සාකච්චාවට බඳුන් වෙනවා. දැන් ඔයාට පැහැදිලි ඇති මුලින් මෙයාලා ඉතා සන්විධානත්මකයි කිව්ව කාරණාවේ තේරුම.

ආගමික වශයෙන් අහිගුණ්ඨික ප්‍රජාව අදහන්නේ මෙන්න මේ ආගම කියල කියන්න තරම් පොදු ආගමක් නෑ. එහෙම ආගමක් විදිහට නිගමනයට එන්න බැරි වුණත් සංකීර්ණ ආගමික ඇදහිලි හා විශ්වාස සමුහයක් දකින්න පුළුවන් වෙනවා. නමුත් ඒවා අපි සාමාන්‍යයෙන් දකින ඇදහිලි වලට වඩා පැහැදිලි බවකින් තොරයි. බ්‍රාහ්මණ ඇදහිලි පිළිගන්නේ නැති ජන කොටසක් වෙන මොවුන් හින්දු ආගමික දෙවියන්ව වන්දනාමාන කරනවා දකින්න පුළුවන්. ඒ වගේම බහුතරයක් ශිව භක්තිකයෝ. තවත් සමහරු බෞද්ධ කියලා තමන්ව හඳුන්වාගන්නවා. මේ විදිහට විවිධ ආගමික ඇදහිලි මොවුන්ගේ ජිවන රටාවට එන ප්‍රධානම ක්‍රමය විදිහට සංචාරක ජීවිතය හඳුන්වන්න සිද්ධ වෙනවා. ඒ විවිද ප්‍රදේශ වලින් එකතු වූන විශ්වාසයන් රැසක් එයාලා අතර පවතින නිසා. ඒ වුනත් මොන ආගමික ඇදහිලි විශ්වාස තම ජිවන රටාවට බද්ද වෙලා තිබුනත් ඒවගේ බලපෑම ජිවන ආකල්පයට ඒ තරම් ශක්තිමත් විදිහට බලපාන බවක් නම් පෙනෙන්නට නෑ. ඔවුන්ගේ සරල ජීවන රටාව ඒ ඒ පරිසරය අනුව හැඩගස්වාගෙන ගත කරන එක තමයි ඔවුන්ගේ ප්‍රධාන ආකල්පය.

අහිගුණ්ඨික ප්‍රජාව අතරත් අනෙක් ජන කොටස් වල වගේම කුල භේද පවතිනවා. ඒ වගේම විවාහ කටයුතු වගේ අවස්ථාවන්ගේ මේ භේද වල බලපෑම පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ වගේම ඇවැස්ස නෑනා මස්සිනා විවාහ සුලබ මේ සමාජයේ එහෙම නොවන විවාහයකදී මනාලයාව මනාලියගේ පාර්ශවයට අයත් වීම දකින්නට තියෙනවා. කුප්පායමේ සභාවට තම අදහස ඉදිරිපත් කිරීමෙන් පස්සේ පොඩි මත්පැන් සාදයක් පැවැත්වීමෙන් කුප්පායමේ අනුමැතිය ගන්න එක අපහසු වැඩක් නම් නෙමෙයි. ඊට පස්සේ රත්තරන් පබලුවක් එක්ක කළු පබළු ඇල්ලු මාලයක් දාල සරල චාරිත්‍ර එක්ක මනාලිගෙන් දෑවැද්දට හම්බෙන නයි පෙට්ටියයි, බුරුවයි, බල්ලයි, රෙදිපිළි ආභරණයි එක්ක මේ චාරිත්‍රය අවසන් වෙනවා.

ඒ වගේම එයාලටම අනන්‍ය කුඩා අධිකරණ පද්ධතියකුත් පවතිනවා. එතන ප්‍රධානීත්වය හා විනිශ්‍යකරිත්වය කුප්පායමේ ප්‍රධානියා වෙන ආරච්චි විසින්ම දරන එක තමයි සාමාන්‍ය ක්‍රමය. මෙතන සිද්ධ වෙන නඩු ඇසීම ගැන නම් වෙනම නඩුවක් දාන්න වෙන බවක් තමයි හැගෙන්නේ. ඒ බොහෝ විට පැමිණිලිකාර පාර්ශවය විසින් නඩුවට කලින් මත්පැන් සාදයක් පවත්වන නිසා.

මොන තරම් තමන්ගේ සම්ප්‍රදාය ඔස්සේ ආවත් සර්වයිවල් කියන කාරණාව එයාලටත් පොදුයි, ඉතින් නොනැසී පවතින්න නම් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. අන්න එතැනදී පාරම්පරික අගයන් විනාශ වෙනවා වගේම සමහර විට අනපේක්ෂිත සමාජ විරෝධී හා හිංසාකාරී ක්‍රියාකලාපයන් දකින්න සිද්ධ වීම සාමාන්‍ය කාරණයක්. මේ කාරණය අහිගුණ්ඨික ප්‍රජාවටත් පොදුවේ බලපානවා. එයාලට සමාජ කොටසක් විදිහට සහ සිංහල, දෙමල, මුස්ලිම් හෝ ආදිවාසි වගේ හදුනාගැනීම වෙනුවට එයාලව පහත් කොට සැලකීම, එයාලට අනන්‍යතාවක් නොදීම, සංචාරක ජීවිතය නිසා කුඩා දරුවන්ට නිසි අධ්‍යාපනික පසුබිමක් ඇති නොවීම හා විශේෂයෙන් ප්‍රතික්ෂේප වීම කියන කාරණයේදී. මේ කාරණාව ලංකාවේ විතරක් නෙමෙයි, ඉන්දියාව වගේ හැම රටකම අහිගුණ්ඨික නොහොත් කුඩා ගෝත්‍රවල ජනතාවට ඇතිවෙලා තියෙන ගැටළු කාරී තත්වයක්. මේ කරුණු එක්ක එයාලට නිශ්චිත වටිනාකමක් සමාජීය හා සංස්කෘතිකව ලබා දීලා ජීවන රටාව සහ සම්ප්‍රදාය රැකෙන විදිහට ක්‍රියාමාර්ග ගත්තොත් එයාලගේ පැවැත්ම තව අවුරුදු ගණනාවක ආයුෂ ලැබේවි. මේ තරම් ලොකු ඉතිහාසයකට සංස්කෘතියකට උරුමකම් කියන මේ අහිගුණ්ඨික පුද්ගලයෙක් දැක්කාම මේ සමාජයේ මිනිස්සු විදිහට ඔබටත් මටත් පුළුවන් නම් ඔවුන්ව කරදරකාරී චරිත විදිහට නොදකින්න, මේ සාමජයේ තිබෙනවාට වඩා වටිනාකමක් ඔවුන්ටත් ලැබේවි.

හරියට නිදාගන්නේ නැත්නම් ඔබ අනතුරේ…

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි බ්‍රහ්ම මුර්තයෙන් අවදිවිමත්, ඉන් පසුව සිදු කල යුතු ක්‍රියාකාරකම් පිලිබදවත් දින චර්යාවක් යටතේ ඉතා මනාව විස්තර කර ඇති බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. අපගෙ ශරීරය තුල ස්භාවධර්මයා විසින් හරි අපුරු පුදුමාකාර ඔරලෝසුවක් ගොඩනගලා තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුල මෙය Biological clock ලෙස හඳුන්වනවා . කොටින්ම කිවහොත් මෙය විශාල සේවාවක් අප හට ලබා දෙනවා. එය ඔබගෙ ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන්ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. මෙහිදී නින්ද එහි වැදගත් කාර්යභාර්යක් ඉටු කරනවා .ඔබ නිදාගන්නා වෙලාව අනුව ශරීරය ඔබගේ නිරෝගීභාවය තිරණය කරන බව ඔබ දැන සිටියාද ?

 

එසේනම් අප නිදාගත යුත්තේ කීයටද ?

ප්‍රමාද වී නිදාගැනීම ශරිරයේ නිරෝගීභාවයට හානි සිදු කරනවාද ? මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද ? කලින් නින්දට ගොස් කලින් අවදිවීම හොඳ දවසක් ගත කිරිමට ඉවහල් වෙනවාද ? ඔව්….

ප්‍රමාද වී නිදා ගැනීම මෑත කාලයෙදි අප කොයි කවුරුත් සිදු කරන දෙයක්. මෙයින් ශාරීරිකව අප හට මුහුණ පාන්නට වන හානිය ගැන ඔබ දැන සිටියාද?

රාත්‍රී 11 සිට පාන්දර 3 අතර කාලයෙදී අපගේ අක්මාව තුල වැඩි රුධිර ප්‍රමාණයක් එකතු වෙනවා.රුධිර ධාරිතාව සමග අක්මාව කෙමෙන් කෙමෙන් විශාල වෙනවා. ඒ වගේම අප දිනකදි ආහාරයට ගන්නා ආහාරවල විශ ද්‍රව්‍ය වෙන්කර එම විශවල ගමනාගමනය අඩාල කර විනාශ කර දැමීම අක්මාව සිදු කරන්නේ මෙම කාල සිමාවෙදියී.

එසෙනම් ඔබ මේ කාල සීමාව තුල නින්දට නොගියොත් අක්මාව හට මෙම කාර්යභාරය කර ගැනීමට අපහසු වෙනවා .ඔබ වේලාසන නින්දට යනවානම් අක්මාව හට විශ නැසීමේ ක්‍රියාවලිය සදහා කාලය ලැබෙනවා .ඔබ ප්‍රමාද වි නින්දට යන අයෙක් නම් ඇත්තටම ඔබගේ ශරීරයට එකතු වී ඇති අහිතකර විශ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ උවහොත් කෙමෙන් කෙමෙන් අපගෙ ශරිරයට අහිතකර දෑ එක්රැස් වීමට පටන් ගන්නවා. ඊලගට කුමක් සිදුවෙදැයි කියා මම ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

ඔබ ප්‍රමාද වී නිදාගෙන කෙතරම් ප්‍රමාද වී අවදි උවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නම් ඒ ඉහත හේතුව නිසාමයි . තවද උදෑසන 3 සිට 5 අතර කලය තුළ ඔබගේ පෙනහලු තුලද වැඩි රුධිර සංසරණයක් සිදුවෙනවා. මන්ද යත් මෙම කාලය තුලදි පරිසරය තුල නැවුම් වාතය අඩංගුවන බැවිනි . මේ අතර ඔබ උදෑසන 5 සහ 7 කාලවලදී වැසිකිළි යාම සිදු කරනවානම් ඔබගෙ ශාරීරය තව තවත් නිරෝගීභාවයට පත් වෙනවා .එයට හේතුවනම් මෙම කාල සිමාවේදී වැඩි රුධිර සංසරණයක් සිදුවෙන්නේ මහ අන්තරය තුල නිසා.

දවසේ ප්‍රධාන ආහාරය වන උදෑසන ආහාර වේල ලබා ගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂණය ලබාගැනීම ඔබ උදෑසන 7 -9 අතර කාලයෙදී සිදුකරනවා නම් අපගෙ ශරීරයේ අමාශය තුල වැඩි රුධිර ගමනාගමනයක් සිදුවෙනවා.

මෙම හේතුන් මත අතීතයේ ජිවත් වන මිනිසුන් මෙන්ම අද ගම්මාන වල මිනිසුන් වඩා නීරෝගී සම්පන්න ජිවිතයක් ගත කිරීමටද හේතුවෙයි .ඔවුන් කලින් නිදාගෙන කලින් අවදි වෙයි. මන්ද යත් ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දුන් ඔරලෝසුවයි .

ඔබත් උත්සාහ කර බැලුවොත් ඔබටත් වෙනදාට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන් දැනෙන්නට ගනිවි.

-මන්දාකිණී පතිරණ-

බුද්ධිමය දේපල නීතිය ගැන ඔබ දැනුවත්ද?

“නීතිය එළියයි” (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡාමාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව “Ignorantia legis neminem excusat” යන  ලතින් ආප්තය මගින් කියවේ. ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ සමාජ සුභසාධක කමිටුව විසින් අප රටේ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුල සරල දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා දරනු ලබන වෑයමේ එක පියවරක් ලෙස පවත්වන ලද තෙවන සාකච්ඡාමාලාවේදී, බුද්ධිය භාවිතයෙන් සිදුකරනු ලබන නිර්මාණ සඳහා ඇති නෛතික අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම අරමුණු කොටගෙන “බුද්ධිමය දේපල” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ලබාදුන්, බුද්ධිමය දේපල නීති ක්‍ෂේත්‍රය තුල පරිචයනය සිදුකරනු ලබන නීතිඥවරුන් :

නීලකන්දන් හා නීලකත්දන් නීති ආයතනයේ ස්වාධීන නීති උපදේෂක හා වාණිජ නීතිය හා පුහුණුව පිළිබඳ සංවර්ධන ආයතනයේ බාහිර කතථිකාචාර්ය නීතිඥ තිෂ් වේරගොඩ මහතා සහ Plymouth සරසවියේ බාහිර කථිකාචාර්ය දේශක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ උපදේශක හා ලංකා බුද්ධිමය දේපල සංවිධානයේ නීති උපදේශක, සභාපති යන තනතුරු හොබවන නීතිඥ අපරාජිතා ආරියදාස මහත්මිය .

බුද්ධිමය දේපල යනු කුමක්ද?

දේපල යන සංකල්පයේදී දේපල හිමිකාරීත්වය සහ දේපල අයිතිය පිළිබඳ සැලකිල්ලට භාජනය වෙනවා. දේපල, ස්පර්ශනීය – එනම්, අපට දැකිය හැකි, ස්පර්ශ කළ හැකි හා දැනිය හැකි ලෙස සහ අස්පර්ශනීය – එනම්, දැකිය නොහැකිවන, වත්කම් විසින් නිර්මාණය කරන ලද අගයක් ලෙස ආකාර දෙකකට බෙදෙනවා. “Coca Cola” යන සන්නාමය ලොව ප්‍රචලිත නිශ්පාදනයක්. එහි වටිනාකම බෝතලයට අනුව නොව එහි වෙළඳනාමයට දක්වන ලැදියාව මතයි පවතින්නේ. වෙළඳනාමය කියන්නේ අස්පර්ශනීය වස්තුවක්. ඡායාරූප බුද්ධිමය නිර්මාණ වන අතර ඉන් සිදු කෙරෙන ඕනෑම මුදල් ඉපැයීමක් අදාල ඡායාරූප ශිල්පියා සතු වෙනවා. නීතිය තුල එකිනෙකට වෙනස් වෙන බුද්ධිමය දේපල වර්ග 5ක් දකින්න පුළුවන්.

  1. ප්‍රකාශන හිමිකාරීත්වය
  2. වෙළඳ ලකුණු
  3. පේටන්ට් බලපත්‍ර
  4. කාර්මික සැලසුම්
  5. රහස්‍ය තොරතුරු සහ වෙළඳ රහස්

බුද්ධිමය දේපල නීතිය විසින්, සාහිත්‍ය, කලාත්මක හා විද්‍යාත්මක නිර්මාණ ආරක්‍ෂා කරනවා. මිනිසුන්ට ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන දෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. බුද්ධිමය දේපල කාණ්ඩ 02කට බෙදා වෙන් කෙරෙනවා; ඉන් එකක් කාර්මික සැලසුම්, විද්‍යාත්මක සැලසුම්, පේටන්ට් බලපත්‍ර, වෙළඳ නාම සහ වෙළඳ ලාංඡන (කාර්මික දේපල) වැනි වෙළඳාම් සමඟ සම්බන්ධ බුද්ධිමය දේපල වෙන අතර අනෙක සාහිත්‍ය කෘති, කලාත්මක හා විද්‍යාත්මක කෘති, ජනකථා, පරිගණක වැඩසටහන්, වාස්තු විද්‍යාත්මක සැලසුම් සහ සිතියම් වැනි ප්‍රකාශන හිමිකම සහිත බුද්ධිමය දේපල ලෙස දැක්විය හැකියි. රංගන ශිලපීන්ගේ අයිතීන්, විකාශකයින්ගේ අයිතීන් හා ශබ්ද පටිගතකරන්නන්ගේ අයිතීන් අසල්වැසි අයිතිවාසිකම් ඝණයට අයත් වෙනවා.

 

 බුද්ධිමය දේපල නිතීයේ වැදගත්කම කුමක්ද?

නව නිපැයුම්කරුවන්ට සහ පාරිභෝගිකයින්ට ආර්ථික අයිතිවාසිකම් ලබා දීම මගින් අව්‍යාජ නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය සුරක්‍ෂිතතාව ඇති කරමින් නව නිපැයුම් සුරැකීමට කටයුතු කිරීම මෙම නීතිය ඉඩ ලබා දෙනවා.

 

බුද්ධිමය දේපල වර්ග 05 පිළිබඳ ඔබට විස්තර කළ හැකි ?

 

ප්රකාශන හිමිකම මනසෙහි ඇතිවන චින්තන තුලින් බිහිවන වාච්‍ය නිර්මාණ, කලාත්මක නිර්මාණ හෝ විද්‍යාත්මක නිර්මාණ ප්‍රකාශන හිමිකම සහිත නිර්මාණයි. බුද්ධිමය දේපල පනතේ 5 සහ 6 යන වගන්ති මඟින් ප්‍රකාශන හිමිකම ලබා ගත හැකි නිර්මාණ හඳුන්වා දී තිබෙනවා. පනතේ 9 වන වගන්තිය මඟින් නිර්මාණයක නිර්මාතෘ එහි ආර්ථික අයිතිවාසිකම් දරන බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම ආර්ථික අයිතිවාසිකම් වෙනත් පුද්ගලයෙකුට විකිණිය හැකියි. ප්‍රකාශන හිමිකම ජීවිත කාලය සහ අවුරුදු 70 ක කාලයෙන් පසුව අවසන් වන අතර ඉන්පසු එය පොදු අයිතියට පත් වෙනවා.

 

වෙළඳ ලකුණු වටිනාකමක් පවතින්නේ නම් ලාංඡන වෙළඳ ලකුණක් ලෙස ලියාපදිංචි කළ හැකිය. වෙළඳ ලකුණක් ලියාපදිංචි කළත් හෝ නොකළත්, ඊට අදාල වන අයිතිවාසිකම් තිබෙනවා. රෙජිස්ට්‍රාර් කාර්යාලයට වෙළඳ ලකුණ ලියාපදිංචි කිරීම සඳහා ඔබ විසින් මුදල් ගෙවනු ලබන තාක් කල් එම වෙළඳ ලකුණ හඳුනා ගත් වෙළඳ ලකුණක් ලෙස සැලකෙනවා. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ  ලියාපදිංචිය කල් ඉකුත් වූ විට කිසිදු අයිතිවාසිකමක් ඇති නොවන බව. ලියාපදිංචි නොකළ වෙළඳ ලකුණු සඳහාත් සුරක්‍ෂිතභාවයක් පවතිනවා. අවසරයකින් තොරව එලෙස සුවිශේෂී සලකුණක් භාවිතා කරන්න බැහැ. ජාතික බුද්ධිමය දේපලයන්ට අදාලවන වෙළඳ ලකුණු ලේඛනයක් ඇති අතර එමගින් ඔබට ඕනෑම ගැටළු සහගත වන හෝ සමාන වන සලකුණක් පවතින්නේ දැයි පිරික්සනන පුළුවන්.

 

පේටන්ට් බලපත් මෙය නව නිපැයුම් පිළිබඳ සැලකිලිමත් වන්නක්. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට නම් නව්‍යතාවයක් තිබිය යුතු අතර ගැටළු විසඳීමට හැකියාව ද පැවතිය යුතුයි. පේටන්ට් බලපත්‍රයක් ලියාපදිංචි කළ පසු ඒ සඳහා වසර 20 ක කාල සීමාවක් බලපැවැත්වෙන අතර එම කාල සීමාව ඉකුත්වීමෙන් පසු එය පොදු අයිතියට පත්වනවා.

 

කාර්මික සැලසුම මෙහි අයිතිවාසිකම් සහ අවශ්‍යතා පේටන්ට් බලපත්‍රයකට සාපේක්‍ෂව තරමක් අඩුයි.

 

භූගෝලීය ඇගයුම් බාස්මතී සහල් හෝ ෂැම්පේන් වැනි කිසියම් ප්‍රදේශයකට ආවේණිකව පැවත එන නිශ්පාදන මින් දැක්වේ. එනම්, කෙන්යාවේ සිට තේ සාදන තැනැත්තෙකුට එය ශ්‍රී ලාංකික තේ බව පැවසිය නොහැක සේම ඕස්ට්‍රේලියාවේ “Sparkling” වයින් සාදන්නෙකුට එය ෂැම්පේන් යැයි පැවසිය නොහැකි බවයි.

 

රහස් තොරතුරු සහ වෙළඳ රහස් “Coca Cola” සාදනු ලබන වට්ටෝරුව කිසිවෙකු දන්නේ නැහැ. එය හොඳින් සුරැකෙන වෙළඳ රහසක්. එම නිෂ්පාදනයට සම්බන්ධ පුද්ගලයින් එහි රහස ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.

 

 

කිසියම් පුද්ගලයෙකුට තමාගේම නිර්මාණයක් හෝ නව නිපැයුමක් ලියාපදිංචි කිරීමට අවශ් වේ නම් ඊට අදාල වන ක්රියා පටිපාටිය කුමක්ද?

 

මේ සඳහා ආරක්ෂණ ක්‍රමවිධි 2 ක් තිබෙනවා. එහිදී බරපතල බවෙන් අඩු ක්‍රමය “කාර්මික සැලසුම්” පටිපාටිය වන අතර වඩාත් පරිශ්‍රමයක් දැරිය යුතු  ක්‍රමය “පේටන්ට්” පටිපාටිය යි. ඒවා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් වන අතර ඒවායේ අවශ්‍යතාත් වෙනස්. බුද්ධිමය දේපල පනතේ 3 වන පරිච්ඡේදය මඟින් කාර්මික සැලසුම් ආවරණය කෙරෙනවා.  නිශ්පාදනයේ ඇති යම් නව්‍යතාවයක් සහ එය භාවිතයේ ප්‍රයෝජන සනාථ කිරීම මෙහිදී අවශ්‍ය වෙනවා. නව නිර්මාණ ලියාපදිංචි කිරීම ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේදී සිදු කෙරෙන්නේ. කාර්මික සැලසුම් සඳහා වන අයදුම්පත් සහ පේටන්ට් බලපත්‍ර සඳහා වන අයදුම්පත් ලෙස දෙආකාරයක අයදුම්පත් තිබෙන  අතර ඔබට අදාළ වන්නේ කුමක්ද යන්න ඔබට තීරණය කරන්න පුළුවන්. පේටන්ට් බලපත්‍ර සඳහා ඔබේ හිමිකම් ප්‍රකාශ කිරීමේදී ඔබේ නිර්මාණය පිළිබඳ සම්පූර්ණ අනාවරණය කළ යුතු වෙනවා.

මේ සඳහා පුද්ගලයකුට නිතීඥ සහය අවශ් වනවාද නැතිනම් ඔහුට තනිවම එය කළ හැකි ?

පේටන්ට් බලපත්‍රයක් අයදුම් කිරීම සඳහා පේටන්ට් බලපත්‍ර කෙටුම්පත්කරුවකුගේ සේවය අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ නම් මෙය නීතිඥයින් විසින් සිදුකරන අතර සිංගප්පූරුව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල්වල මෙය සිදුකරනු ලබන්නේ පේටන්ට් කෙටුම්පත්කරුවන් විසිනි.

 

ලිඛිත කාර්යයන්හිදී රචනා සොරකම (plagiarism) බුද්ධිමය දේපල නීතිය යටතේ ආවරණය වේද?

මෙය සදාචාරාත්මක අයිතියක් ලෙස සැලකෙන්නේ. සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් පිටපත් කර අසාධාරණ තරඟකාරීත්වයක් ඇති කරනු ලබන්නේ නම්, එය බුද්ධිමය දේපල නීතිය උල්ලංඝනය කිරීමක් යටතට ගන්න පුළුවන්. සත්‍ය කතෘ සඳහන් නොකරන අවස්ථාවක එය රචනා සොරකම(plagiarism)යටතට වැටෙනවා.

 

සංගීතය ගත් කල, පැරණි ගීතය වල විවිධ අනුවාදයන් අපට දැකිය හැකියි. නැගී එන සංගීතඥයින් විසින් පැරණි ගීතයන්හි තමන්ගේම අනුවාදයක් නිර්මාණය කරන්නේ කෙසේද, එසේ කිරීමෙන් ඔවුන් විසින් වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා ?

 

ගීතයක් ප්‍රතිනිර්මාණය කිරීම බුද්ධිමය දේපල පනතේ 9 වන වගන්තියෙහි ආර්ථික අයිතිවාසිකම් සීමා කිරීම් යටතට ගැනෙන්නේ. ඒ සඳහා ගීත රචකයාගේ, ගීත නිෂ්පාදකයාගේ සහ සංගීත තනු නිර්මාණ ශිල්පියාගේ අවසරය අවශ්‍ය වෙනවා.

 

නිර්මාණකරුවන්ගේ අයිතමයන් (designer items) ගත් කල, A- ශ්රේණියේ කාණ්ඩය පිළිබඳ සහ එය බුද්ධිමය දේපල අයිතිවාසිකම් කෙරෙහි එය බලපාන්නේ කෙසේද යන්න ඔබට පැහැදිලි කළ හැකිද?

 

A- ශ්‍රේණිය හෝ B- ශ්‍රේණියේ බෑග් සෑම විටම අනුරූ නිෂ්පාදනම නොවේ, ඒවා මුල් හිමිකරු විසින් ප්‍රතික්ෂේප කරන ලද මුල් නිර්මාණ ද විය හැකිය. මේවා වෙළඳපොලට පැමිණෙනවා. මුල් නිෂ්පාදනයක් හඳුනා නොගත් මාර්ග හරහා වෙළඳපොළට පැමිනිය හැකියි. එවැනි නිෂ්පාදන  අළු වෙළඳපොල ආනයන (grey market imports) ලෙස හැඳින්වේ. අලෙවි නියෝජිතයන් සමඟ විශේෂිත භෞමික ගිවිසුමක් නොමැති නම් අයිතමය මුල් නිෂ්පාදනයක් වූ පමණින්ම වෙළඳපොළට ඒම නතර කරන්න බැහැ. ව්‍යාජ නිෂ්පාදනයක් පෙනුමෙන් සමාන විය හැකි නමුත් එය සත්‍ය නිෂ්පාදනය නොවෙයි. ව්‍යාජ නිෂ්පාදන නීති විරෝධීයි.

 

ඉන්ස්ටග්රෑම් හරහා වෙළඳ නාම අයිතමයන්ගේ අනුරූ භාණ්ඩ ශ්රී ලංකාව තුල අලෙවි කරන පුද්ගලයින් අපට දැකගත හැකිය. මුල් භාණ්ඩයේ මිලටම අනුරූ භාණ්ඩ විකිණීමට හැකිද? මුල් භාණ්ඩයේ මිලටම අනුරුවක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට සහනයක් තිබේද?

 

දේශීය අලෙවි නියෝජිතයෙකු සිටී නම්, එවැනි කරුණක් ගැන වාර්තා කළ හැකියි.

 

බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය කිරීම සාපරාධි වරදක් යටතට ගැනෙන්නේ ?

 

බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය කිරීම සිවිල් සහ පරාධමය වගකීමකට හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට යමෙකු විසින් X විසින් නිර්මාණය කරන ලද ගීතය කොපි කර එය විකිණීමෙන් මුදල් උපයන්නේ නම්, එම සංයුක්ත තැටි විනාශ කිරීමට අවශ්‍ය වාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා X ට මහේස්ත්‍රාත් අධිකරණයට යන්න පුළුවන්.

 

බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය වීම සම්බන්ධයෙන් ඇති ප්රතිකර්ම මොනවාද?

පළමුව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත්දැයි පරීක්ෂා කරන්න. ඉන්පසු අපරාධ සහ සිවිල් නඩු ගොනු කළ හැකියි. ඔබේ අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වාරණ නියෝගයක් ලබා ගැනීම හෝ වන්දි ලබා ගැනීමත්  සිදුකළ හැකියි.

 

අයිතිකරුට අයිතිවාසිකම් ලබා දීමකින් තොරව යමෙකු විසින් ප්රකාශන හිමිකම සහිත පින්තූරයක් භාවිතා කරන්නේ නම් ගත හැකි නීතිමය ක්රියාමාර්ග මොනවාද?

 

ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතියට අනුව‍, කලාත්මක කුසලතාව අදාලත්වයකින් තොරව නිර්මාණය සිදු කිරීමම මුල් අයිතිකරුගේ අයිතිය ආරක්ෂා කරනවා. එනම්, ඡායාරූපයක් ගත් මොහොතේ සිට එහි ප්‍රකාශන අයිතිය ආරක්ෂා වෙනවා.

 

පුද්ගලයෙකුගේ ස්වයං ඡායාරූපයක් (self-portrait) එම පුද්ගලයාගේ අවසරයකින් තොරව භාවිතා කරන්නේ නම්, එම පුද්ගලයාට බුද්ධිමය දේපල නීතිය යටතේ යම් ක්රියාමාර්ගයක් ගත හැකිද?

 

ඡායාරූප ශිල්පියා විසින් පුද්ගලයා වෙනුවෙන් ඡායාරූපය ගත්තා නම්, එම පුද්ගලයා ප්‍රකාශන හිමිකරු වෙනවා. ඔබේ පින්තූරයක් වෙළඳ දැන්වීමක් සඳහා ගත නොහැකි බව පුද්ගලිකත්වය පිළිබඳ මූලධර්ම විසින්  සහතික කරනවා. ඒ සඳහා පින්තූරයේ සිටින පුද්ගලයාගේ අවසරය අවශ්‍ය වෙනවා.

 

පුද්ගලයෙකුට පෞරාණික කලා නිර්මාණයක් නැවත පින්තාරු කිරීමට හැකියාව පවතී , උදාහරණයක් ලෙස මොනා ලීසාගේ චිත්රය ඇසුරින් එයින් ලාභ ලැබීම සම්බන්ධව පැහැදිලි කළ හැකි ?

 

මොනා ලීසා යනු ඩාවින්චිගේ නිර්මාණයක්. මීට වසර 500 කට පෙර චිත්‍ර ශිල්පියාගේ අභාවය හේතුවෙන් ප්‍රකාශන හිමිකමෙහි ආරක්ෂණ ආයු කාලය කල් ඉකුත්වී තිබෙන්නේ. ඒ අනුව එම සිතුවම පොදු අයිතියේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා එසේ නැවත පින්තාරු කිරීම ගැටලුවක් වන්නේ නැහැ.

 

නමුත්, නව සිතුවම් සඳහා ප්‍රකාශන හිමිකම් සක්‍රීය වනු ඇත.

 

බුද්ධිමය දේපල ආරක්ෂාව සඳහා කාල සීමාවක් පවතී ?

සාමාන්‍යයෙන් ප්‍රකාශන සඳහා ලේඛකයෙකුට එය ඔහුගේ ජීවිත කාලය සහ තවත් අවුරුදු 70 ක කාලයක්. අසීමිත කාලයක් සඳහා ආරක්ෂාව ලබා ගැනීමට සෑම වසර 10 කට වරක් වෙළඳ ලකුණු අළුත් කළ යුතු වෙනවා.

 

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය: සිනේකා වීරවර්ධන( ශ්රී ලංකා නීති ශිෂ් සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක)

 

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිංහල/දෙමළ/ඉංග්රීසි භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

 

 

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 3

ඔයාගේ මොලෙන් වැඩ ගන්න හැටි කියල දෙන තුන්වෙනි ලිපිය එහෙමත් නැතිනම් අවසාන ලිපිය තමයි මේ. අද මේ ලිපි මාලාව අවසන් කරන්න හිතාගෙන තමයි ඉන්නේ. මේකේ මුල් කොටස් දෙක මග හැරුණා නම් ඒ ටිකත් කියවලම මේක බලන්න.

කලින් ලිපි වල කියල දීපු දේවල් සාර්ථකද නැද්ද කියල ඒවා කියවල උත්සහ කරපු අය දන්නවනේ. අදත් මතකය වැඩි කරගන්න තව ක්‍රම කිහිපයක් තමයි කියල දෙන්න යන්නේ. එහෙනං වැඩි කතාවක් නැතිව මාතෘකාවට එමු.

ලියමු මිතුර ලියමු….

1,481,950 Writing Stock Photos, Pictures & Royalty-Free Images - iStock

මේ මොකද්ද මේ කිව්වේ???? හරි උත්තරෙත් මං ම දෙන්නම්. මේ කිව්වේ ඔයාගේ මතකේ තිබ්බත් නැතත්, ආයේ කියෙව්වත් නැතත් ලියන්න කියලා. මොනවද ලියන්නේ? හොදයි අපි බලමු මොනවද ලියන්න ඕන දේවල් කියලා.

මොබයිල් ෆෝන් කම්පියුටර් වලට බාර දීල තියෙන අපේ ජීවිත වලට කම්මැලිම වැඩක් තමයි ලියන එක. ඒ කතාව එහෙම වුණාට අපිට මොබයිල් ෆෝන් එකේ දාල තියෙන රිමයින්ඩර් එකක් වුණත් කිසිම මතකයක් නෑ ඇලර්ට් එක එනකන්. ඔව් මතක නැති නිසානේ රිමයින්ඩර් දාන්නේ නේද. ඒත් මොනවත් මතක් කරගන්න ඕන උනොත් එහෙම නැත්තන් මතක තියාගන්න ඕන උනොත් ඔය ෆෝන් එක කියන ගැජට් එක නැත්තන් මොකද කරන්නේ ?? ඒ smart පරම්පරාවට කලින් පරම්පරාව කියලා ඔයාලා ලස්සන උත්තරයක් දෙයි නේද? (මෙතන ස්මාර්ට් කිව්වෙ නව තාක්ශනික මෙවලම් මත යැපෙන අලුත් පරම්පරාවට කෙටි නමක් විදිහට විතරයි. ඒ නිසා ඒ වචනෙ ගැන ඔයා අහිතක් හිතන එකක් නෑ කියල මං හිතනව) . ඒ කියන්නේ දැන් දෙමවුපියෝ, ආච්චිලා, සීයලා. මං හිතන්නේ මේක කියවන ඔයා 90 දශකයේ හෝ ඊට පස්සේ උපන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පාඩම් එහෙම අමතකයි කියලා කියද්දී අම්මලා තාත්තලා කියන්නේ මතක හිටින්න දෙතුන් පාරක් ලියන්න කියලා. සමහර විට ඔයා එහෙම කරා නම් එක සාර්ථක බව ඉගෙනගෙන ඇති අනිවාර්යයෙන්ම.

ඉන්ඩියානා යුනිවර්සිටි එකේ කරපු පරීක්ෂනයකින් ඔයාගේ අම්මලා ඒ කිව්ව දේ හරි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එයාලා කියන විදිහට කීබෝර්ඩ් එකක් භාවිතයේදී ඇගිලි වලින් සිද්ධ වෙන්නේ නිකන්ම බොත්තම් එබිමක් විතරයි. සරලවම ඒ කිව්වේ නිකන්ම ඔබනවා විතරයි. එහෙම කරද්දී අපේ ඔලුවට කිසිම අකුරක්වත් අකුරක හැඩයක්වත් ඔලුවට යන්නේ නෑ. මොකකට හරි තට්ටු කරන ෆීලින් එක විතරයි. නමුත් අපි දෙයක් අතින් ලියනවනම් තත්වේ වෙනස්. අපේ මොලේ ලියන දේ අදුරගන්නවා, ඒ වගේම ඒ ගැන අවබෝධයෙන් තමයි ලියන්නේ. අන්න ඔතනදි තමයි ඔලුවට මතකය විදිහට දෙයක් සේව් වෙන්නේ. ඕනෑම දෙයක් ඉගෙන ගනිද්දී මේ ක්‍රමය අති සාර්ථකයි.

විද්‍යාවෙන් මේ කියන ඒවා විශ්වාස නැත්තන් ඔයාගෙම අත්දැකීමක් මතක් කරලා බලමු. ඔයා පොඩි කාලේ ලියන්න කියන්න පුරුදු වූනේ අම්මලාගෙන් හෝ වැඩිහිටියෙක්ගෙන් මිසක් ෆෝන් වල ටයිප් කරලා නෙමෙයි. පොඩි කාලේ ප්‍රාථමික පංති වල ගුරු මෑණි වරු ඇනපු ටොකු වලට, දීපු වේවැල් පාරවල් වලට බයෙන් පොත් වල ලියලම තමයි. ආයේ වෙන මොන උදාහරණද. ඉතින් මතකය වැඩි කරගන්න නම් ලියන එක තමයි කරන්නම ඕන.

 

හෝව් හෝව් කූල් ඩවුන්…

Anger Management - RECAP
තේරුනේ නැද්ද? මේ කියන්නේ තරහව පාලනය කරගන්න කියලා. ඔව් මට තේරෙනවා මේක පොඩ්ඩක් අමාරු වැඩක්. ගොඩක් අයට එහෙම තමයි. හැබැයි තරහ අරන් කරපු දේවල් නිසා පස්සේ අපිටම මේ ලෝකෙන් පිටුවහල් වෙන්න තරම් ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ කියන්නේ තරහ ගියාම ඕනෑම කෙනෙක් හරිම මෝඩයි. ඉතින් තරහ යන වෙලාවටත් බුද්ධිය පාවිච්චි කරලා තරහ කන්ට්‍රෝල් කරගෙන හැසිරෙන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද? කියන එක මේ තරම් ලේසි වුණාට මේක ඇත්තටම කරන්න පුලුවන්ද?

ඔව් පුළුවන්. අර පොඩි කාලේ ඉදලම එකේ ඉදල 10 ටයි 10 ඉදල එකටයි ගනින්න උගන්නන්නේ ඔන්න ඕකට තමයි. ගණන් පුළුවන් වෙන්න කියලා හිතුවට එකෙන් ඇත්තටම වෙන්නේ අතපය විසික් කරන්න ගිහින් ගුටි කාල එන එක වලක්වන්න. ඔයාලගේ අම්මා හෝ වැඩිහිටියෙක් ඔයාට තිබුන ආදරේ නිසා කියලා දීපු ඒ ක්‍රියාකාරකම අපි පොඩ්ඩක් ස්මාට් වෙන්න පාවිච්චි කරලා බලමුද ? දැන් ඔයා එකේ ඉදලා ගනින්න කිව්වත්, මොන මොන දේවල් කරලා කේන්තිය පාලනය කර ගත්තත් ,අපි නිවුන වගක් ඒ වේලාවේ දැනුනත් පස්සේ වෙලාවට අපිටම තනියම ඉද්දි ඕක මතක් වූනොත් තරහ යනවා නේද? ඇත්තටම ඒ කූල් ඩවුන් නෙමෙයි. ඒ කියන්නේ අපි ඇත්තටම නිවිලා නැහැ. ඒක එක්තරා විදිහක භාවනා ක්‍රමයක් කිව්වොත් හරි. අපේ මනස අපි කෘතිමව වෙන දෙයක් හිතන්න පොලබවනවා. ඒ නිසා තමයි එකේ ඉදලා සීයට හරි දාහට හරි ගනින්න නොකියන්නේ.

ඒ කිව්වේ? ඔව් ඒ කිව්වේ මේකයි. අපිට ඕන වේලාවක වෙන දෙයක් සිහියේ තියන් දිගට හරහට ගනින්න පුළුවන්නේ. එහෙම වුනොත් ඉවක් බවක් නැතුව ගනිනවා වගේම තරහ ගිය මානසිකත්වය වෙනස් වෙන්නෙත් නැහැ. ඒ නිසා මනස වෙන දෙයකට යොමු කරන්න තමයි 10 කියලා සීමාවකට ගනින්න කියන්නේ. එතකොට මනස වෙහෙසෙන්නේ තරහ ගැන හිතන්න නෙමෙයි. 10 සීමාව හිතේ තියාගෙන ඉන්න. ආපස්සට ගනින්න කියන්නේ තවත් මනස වෙහෙසවලා අවදානය වෙනස් කරන්න. හැබැයි මං කියන්නේ මේ විදිහට හැම වේලාවේම ගනින්න එපා. මොකද ඔයා නිතර තරහා යන කෙනෙක් නම් ඔයාගේ ඔලුව ගනින එක හුරු කරගන්නවා, ඊට පස්සේ එකේ ක්‍රියාකාරිත්වය ඉවරයි. හරියට සුරපප්පගේ මැජික් අරිශ්ටේ පවර් එක ගියා වගේ. ඒ කියලා ජිම් පප්පා වගේ වෙන්න නම් ලේසි නෑ. ඒ කියන්නේ ඕන වෙලාවක තරහ නොගෙන ඉන්න නම් ඔයාට භාවනා ක්‍රමයක් වගේ දෙයක් අනුගමනය කරන්න වෙනවා. නිතර මනස සන්සුන් වෙන්න හුරු වූනාම ඔයාට තරහ යන එක ඉබේටම නවතියි.

නමුත් ඉතින් භාවනා ක්‍රම ගැන හරියටම ඉගෙන ගන්න ටිකක් වෙහෙසෙන්න ඕනේ. ඒ නිසා බලමු අපිට තව මොකද කරන්න පුළුවන් කියලා. සරලවම අපිට හැම වේලාවේම හැම කෙනෙක් එක්කම හොදින් ඉන්න උත්සහ කරන්න පුළුවන්. ඒකත් අමාරු නම් ඉතින් තරහ ගිය වේලාවට එතනින් අයින් වෙන්න ප්‍රශ්නේ දිගට යන්න කලින්. එහෙමත් බැරි නම් වෙන ඔයා ආස දෙයක් ගැන හිතන්න. හුරු වෙනකන් අමාරුයි. හුරු වුණාම ඕනෑම ප්‍රශ්නෙකදී ඔයා තමයි නුවණක්කාරම පුද්ගලයා. මේ කතා කලෙත් තවත් එක බ්‍රේන් හැක් එකක් ගැන තමයි.

 

පින්තුර දිහා බලලා ලෙඩ නොවී ඉමුද?

 

නෑ නෑ දොස්තර රස්සාව කරන්න නෙමෙයි මේ ලැස්ති වෙන්නේ. මේ කියන්නේ ලෙඩ නොවී ඉන්න එකම නෙමෙයි. ලෙඩ වලට ඔරොත්තු දෙන විදිහට පිළිවෙතින් පෙලගැසෙමු කියලා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනස එක්ක සම්බන්ධ කරලා පොඩි බූස්ට් එකක් දාගමු කියලා.

ලෙඩ වෙන එක හිතලා වුණේ නැතත් අපිට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොදින් පවත්වාගෙන යන්න බැරි නෑහැනේ. ඉතින් මනස කියන්නේ අපිට සතුට, දුක, තරහව, ආදරය හැම දේම උපද්දවන තැනක්. අපිට පුළුවන් අපි ඉන්න මූඩ් එක අනුව අපේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන හෝමෝන වල සමතුලිත බව වෙනස් කරන්න. ඕනෑම කෙනෙක් දන්නවනේ හෝමෝන කියන්නේ අපේ සිරුරේ ගොඩක් පාලනයන් වගේම ක්‍රියාකාරිත්වයන් මනාව කරන්න උදව් වෙන දෙයක් කියලා. මේ දේ එහෙමෙහෙ වූනොත් ලෙඩ තමයි. ඉතින් සතුටින් ඉද්දි ලෙඩ නෑ කියන එක අහන්නත් දෙයක්ද.

හැබැයි මං මේ කියන්න යන්නේ සතුටින් ඉන්නවට අමතරව බ්‍රිතාන්‍යයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් කරපු පොඩි පර්යේෂණයක් ගැන. මෙයාලා කැස්ස, හෙම්බිරිස්සාව, උණ වගේ සාමාන්‍ය එදිනෙදා ඕනෑම කෙනෙක්ට ඇතිවෙන ජාතියේ අසනීප හැදුන පිරිසකට විනාඩි 10ක පින්තුර කිහිපයක් පෙන්නලා. මේ වැඩේ කරලා හොයාගෙන තියෙනවා සුදු රුධිරානු සෛල ගමන් කරන වේගය වැඩි වෙලා ආසාදන තත්වයන් වලට ඔරොත්තු දෙන්න අවශ්‍ය කරන ප්‍රෝටීනයක් වන ඉන්ටලියුකින්-6 නිපදවන්න පටන් අරන් කියලා. 23% කින් මේ ප්‍රෝටීනය වැඩි වෙලා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ අයව ස්ට්‍රෙස් වෙන විදිහේ පින්තුර පෙන්නුවත් එයාලගේ අඩු වුණ ප්‍රතිශතය 6%ක් විතරයි. ඒ කියන්නේ සිත නිවෙන මනසට හොද පින්තුර බලන එක ඔයාගේ ලෙඩ වෙන එක පොඩ්ඩක් කල් දාන්න පුළුවන්. උත්සහකරලා බලමුද?

ඉතින් කවුරු කොහොම මොනවා කිවුවත් හැම දේටම මුල මනස කියන එක බොරු නෙමෙයි නේද?

 

-සචිනිකා තත්සරණී-

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 2

ගිය සතියේ දාපු ලිපියේ දෙවැනි කොටසින් තමයි මේ අපි මුණ ගැහෙන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා කොහොමද මේ මොලේ හැක් කරන්නේ කියලා. ගිය සැරේ කිව්ව විදිහට මයින්ඩ් පැලස් එකක් හදාගන්න ට්‍රයි කරලා එහෙම බලන්න ඇති නේද? අද අපි බලමු අපේ මොලේ අපිට ඕන විදිහට හැක් කරලා එහෙමත් නැතිනම් හසුරුවලා අපිට කරන්න පුළුවන් තව වැඩ මොනවද කියලා. කලින් ලිපියෙන් අපි කතා කරපු, ඔයාලා ගොඩනගා ගත්ත mind palace එක දිගටම පවත්වාගෙන යන්නත් අපි මේ කතාකරන්න යන්න දේවල් ඔයාලට උදවුවක් වෙයි.

 

අලුතෙන් දෙයක් එකතු වෙද්දී පරණ මතකේ අයින් වෙනවද??

මේක ඉතින් අහන්නත් දෙයක්ද. බොහෝ වේලාවට මේක අපි හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඇත්තටම මේකට හේතුව තමයි අපේ තියෙන රැම් එකයි රොම් එකයි දෙකක්. පැහැදිලි මදිද? සරලවම කිවුවොත් ඒ කිව්වේ අපේ මතකය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කාලයක් නිතර මනසට ගෝචර වෙලා ස්ථාවර උන මතකයන් සහ පොඩි පොඩි සිද්ධි නිසා එකතු වුණ තාවකාලික මතකයන් විදිහට. මෙහෙම මතකය ස්ථාවර වෙන්න සහ තාවකාලිව වෙන්න බලපාන වැදගත්ම සාධකය තමයි ඔයා මතකයට දාගන්න දේවල් වලට ඔය කොච්චර ආසද එහෙම නැත්තන් ඔයාගේ ජීවිතේට කොච්චර ඒ දේවල් බලපානවද කියන කාරණය. සරලම විදිහට කියනවනම් ඔයා ආසම විෂය මතක් කරගන්න. ඔයාට පංති නොගියත්, පාඩම් නොකරත් ඔයා ඒ ගැන තියෙන ආසාව නිසාම ඒ ඔක්කොම මතක තියන් ඉන්නවා නේද ? ඔයා අකැමතිම විෂයට සමහර විට පංති කිහිපයකට ගියත් ඔයාට කිසිම කරුණක් මතක නැති වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.

මේ විදිහට මතකය අලුත් වෙද්දී පරණ මතකය ඉවත් වෙන එක ඉබේටම සිද්ධ වෙන දෙයක්. ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් මට ඔක්කොම මතකයි කියලා නමුත් ඔයාගේ අලුත් මතකය එක්ක පරණ මතක ඉතිරි වෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. හොදම උදාහරණය තමයි ඔක්කොම මතකයි කියලා විභාගයට ගියාම මොනවත් මතක නෑ කියල දැනගන්න එක. මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් අපි ඕනෑම කෙනෙක්ට තීයෙනවනේ.

මං දන්නවා දැන් ඔයා හිතන දේ. ඔයා හිතන්නේ මේක හරිම අමාරු වැඩක්. අපිට අමුතු බලයක් නෑ ඕවා මතක තියාගන්න වගේ. එත් මං මේ කියන දේ එක්ක ඔයා පිලිගනියි ඔයාටත් හොද බ්‍රේන් කැපෑසිටි එකක් තියනවා කියලා. ඔයාට ටර්ම් ටේස්ට් එකක් ලං වෙද්දී ඔක්කොම පාඩම් කරලා කොහොමහරි එක විෂයක් හරි සාර්ථකව ලියලා ඇතිනේ. හොදට මතක් කරලා බලන්න ටේස්ට් එක ඉවර උන ගමන් ඔයා පාඩම් කරපු එකක්වත් ඔලුවේ නෑ නේද කියලා. ඉතින් ඔයාටත් මේ කියන පවර් එක තියෙනවා හැබැයි එකෙන් හරියට වැඩක් ගන්නේ කොහොමද කියලයි ඔයා තවම නොදන්නේ.

කොහොමද ස්ථිර මතකයක් හදාගන්නේ?

ඔච්චර කල්පනා කරන්න එපා. මේක කරන්න ගොඩක් ලේසි ක්‍රම තියෙනවා. දැනට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා අපට අමතක වීම සිද්ධ වෙන්නේ එක සිස්ටම් එකකට කියලා. මේක බොහෝ විට කලින් ලිපියේ දාපු මයින්ඩ් පැලස් කියන සංකල්පයට වඩා සාර්ථකව ට්‍රයි කරලා බලන්න පුළුවන් වෙයි. මුලින්ම මේ පහළ ඇනිමේෂන් එක බලන්නකෝ. මේක මං හොයාගත්තේ විකිපීඩියා එකෙන්.

ඉතින් ඔන්න ඕක තමයි මතකය ස්ථාවර කරගන්න ක්‍රමය.

මේක මෙහෙම පැහැදිලි කරන්නම්. හිතන්න ඔයා භාශාවක් ඉගෙන ගන්නවා කියලා. ඉතින් මේ ක්‍රමය පාවිච්චි කළොත් මාස කීපයකින් ලොකු ප්‍රථිපලයක් ගන්න ඔයාට පුළුවන් වේවි. ඔයාට තියෙන්නේ ඔයාට මතක තියාගන්න ඕන වචන මේ විදිහට පෙට්ටි තුනකට දාන එක. ඒ පෙට්ටි තුන නම් කරනවා දිනපතා, සතිපතා, මාසිකව කියලා.

දැන් ඔයාට කරන්න තියෙන්නේ දිනපතා එක හැමදාමත්, සතිපතා එක සතියකට වතාවකුත්, මාසික එක මාසෙකට වතාවකුත් බලන එක තමයි. ඔය විදිහට ඔයාට පොඩි පොඩි නෝට්ස් පෙට්ටි තුනක දාලා මතකය ටේස්ට් කරන්න පුළුවන්. මතක ඒවා ඔය ඇනිමේෂන් එකේ විදිහට පෙට්ටි වලට මාරු කර කර ඔයාට දිනපතා ඒවා මතක නම් සති පතා පෙට්ටියට ඒවා දාල සතියකට වරක් බලන්න. ඒවත් මතක නම් මාසික පෙට්ටියට මාරු කරන්න. මොනවහරි අමතක නම් දිනපතා පෙට්ටියට දාන්න. මේ විදිහට කරලා බලන්න. ඔයාගේ මතකය නොහිතන වේගෙන් දියුණු වෙයි.

ඉතින් ඕක තමයි අපේ මතකය නැති කරගන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඔයාගේ ඉගෙනීම් කටයුතු වලදී විතරක් නෙමෙයි රාජකාරී කටයුතු වලටත් මේක වෙනස් වෙනස් විදිහට පාවිච්චි කරන්න ඔයාට පුළුවන් වෙයි. ඉතින් උත්සහ කරලා බලන්න. තුන්වෙනි කොටසෙනුත් අපේ සැගවුණු super powers මොනවද කියලා අපි තව හොයලා බලමු.

 

-සචිනිකා තත්සරණි-

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 1

ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. මාතෘකාව දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ කියන්න යන්නේ අපේ මනස ගැන කියලා. කතන්දරේ ටිකක් දිග නිසා මං හිතුවා කොටස් කීපයකින් මේක ඔයාලට කියන්න. ඉගෙන ගන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අද කියන්න හිතුවේ එක කරුණක් විතරයි. ඊලග ලිපි වලින් අනිත් ටිකත් ඔයාලට අනිවාර්යයෙන් කියනවා.

කතාව පටන් ගන්න කලින් මිනිස් මොලය ගැන ටිකක් ඉගෙන ගමු. ඔයාලා හැමෝම දන්නවනේ මොලය වම සහ දකුණ කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. වම් මොලය තාර්කික හැකියාවන්, ගණිතමය හැකියාවන් වලට විශේෂයෙන් උදවු වෙනවා වගේම දකුණු මොලය තමයි හැම සෞන්දර්යාත්මක සහ කලාත්මක හැකියාවන් වලට අපිට උදවු වෙන්නේ. මෙතැනදී කෙනෙක්ගේ දකුණු මොලය වඩාත් ක්‍රියාශීලි නම් ගොඩක් වෙලාවට ඒ අය සෞන්දර්ය අංශයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. වම් පැත්ත වැඩියෙන් වැඩ කරනවා නම් එහෙම අය තර්කන හැකියාව වැඩියෙන් භාවිතා වෙන අංශ වලින් ඉදිරියට යනවා. මේ කාරණාව ඒ ලෙවල් විෂයන් තෝරද්දී අනාගතයටම ගොඩක් බලපානවා.

මොලය ගැන කතා කරද්දී ගොඩක් බුද්ධිමත් අයගේ IQ අගය විශාල අගයක් ගන්නවා. ලෝකෙට අලුතෙන් දෙයක් ගෙනාව විද්‍යාඥයන්, සුපිරි කලාකරුවන්, දර්ශනවාදීන් වගේ අයගේ මේ අගය ඉහලයි. සාමාන්‍ය කෙනෙක්ගේ මේ අගය තියෙන්නේ 85ත් 115ත් අතර (හා දැන් කලබල වෙන්නෙපා ඔයාට මේ කියන දේවල් තේරෙනවා නම් ඔයා සාමාන්‍ය අගය පරාසය ඇතුලේ අනිවාර්යයෙන්ම ඉන්නවා). මේ අගය මනින්නේ ඒ සදහා විශේෂිත වූ ගැටළු මාලාවකින්. මොලය ක්‍රියාකරන වේගය, තර්කනය, මතකය, කාර්යක්ෂමබව, නිරවද්‍යතාව, තීරණ ගැනීම වගේ ගොඩක් දේවල් මේ හරහා පරීක්ෂා කරලා බලලා තමයි ඕවරෝල් අගයක් අන්තිමට දෙන්නේ.

ඇත්තටම බුද්ධි මට්ටම ඒ විදිහට මැන්නත් අද මනින අගය හෙට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඕනෑම කෙනෙක්ට තමන්ගේ මනස දියුණු කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ක්‍රම අපි අදහන හැම ආගමක සදහන් වෙලා තියෙනවා, භාවනාව කියන්නෙත් මනස හැක් කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. හැබැයි මේ ලිපියෙන් භාවනා ක්‍රම ගැන නම් කියලා දෙන්න යන්නේ නෑ. මේ කියන්නේ අපි අහලා නැති ටිකක් වෙනස් දේවල් ගැන. ඉතින් අපි බලමු කොහොමද මේ මෙන්ටල් පවර්ස් වැඩි කරන්නේ කියලා.

 

මයින්ඩ් පැලස් /Method of loci

Sherlock's Mind Palace Explained: Is It Really Possible? - Forbes Alert

Method of loci එහෙමත් නැතිනම් මයින්ඩ් පැලස් කියන්නේ මොකද්ද කියලා ෂර්ලොක් ටී වී සීරීස් එක එහෙම බලපු උදවිය නම් දන්නවා ඇති. මේ කියන්නේ අපේ මතකය අපිට අවශ්‍ය විදිහට ක්ෂණිකව ඕන දෙයක් ඕන පිළිවෙලකට එකිනෙක දත්ත සමග ගළපලා නිවැරදි නිගමනයක් ගන්න තියෙන හැකියාව ගැන. (හැබැයි ෂර්ලොක් වගේ ඇස් පියාගෙන අතපය විසි කර කර දගලන්න නම් ඕන නෑ මේක කරන්න). පොඩි කාලේ අපේ වීරයා ෂර්ලොක්ට විතරක් නෙමෙයි ඇත්තටම මේ හැකියාව අපි හැමෝටම තියෙනවා. නමුත් මේ හැකියාව අපිට තිබ්බට අපි ඒක අපිට අවශ්‍ය විදිහට සුසර කරගෙන නෑ. විශ්වාස කරන්නත් අමාරුයි නේද ?

ඔයා ඔයාට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා පිළිගන්නේම නැත්තන් අපි මෙහෙම ක්‍රියාකාරකමක් කරලා බලමු. ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට ඔයාගේ ප්‍රදේශයේ ස්ථාන කියක් මතකද කියලා. ඔයාට හරියටම ගානක් කියන්න බැරි වුණත් ස්ථාන ලැයිස්තුවක් දෙන්න වගේම ඕනෑම තැනකට යන පාර කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් පැලස් එකේ පොඩි හැකියාවක් තියෙනවා ක්ෂණිකව දත්ත ප්‍රොසෙස් කරන්න, හැබැයි ඔයාගෙන් ඇහුවොත් අදාළ ස්ථානය තියෙන ගොඩනැගිල්ලෙ අංකය? ඔයාට මතක නෑ, තව උදාහරණයක් දෙන්නම් ඔයාට ඔය මොන මොන ගොඩනැගිලි, තැන් මතකේ තිබුනත් හදිසියේ අම්මා කඩෙන් ගේන්න කියලා දෙන බඩු ලිස්ට් එකේ එක බඩුවක් හෝ අමතක වෙලා අනිවාර්යයෙන්ම බැනුමක් අහලා ඇති. ලිස්ට් එකේ 7ක් 8ක් වගේ නම් ඔයා හරියට අරන් එයි, ඊට වැඩියෙන් වුණොත් නම් ගොඩක් වෙලාවට එකම එක දෙයක් හරි අමතක වෙනවා නේද. ඔයාගේ ගෙදර බඩුමුට්ටු ගැන ඇහුවොත් තියෙන තැන නම් කියයි නමුත් තියෙන ඔක්කොම ලිස්ට් එකක් දෙන්න බැහැ නේද? දැන් පැහැදිලිද ඔයාටත් සුපිරි මයින්ඩ් පැලස් එකක් තියෙනවා නමුත් ටියුන් කරලා නෑ කියලා ?

 

ඉතින් කොහොමද අපි මේ මයින්ඩ් පැලස් එක ටියුන් කර ගන්නේ.

From the archives #1: How to build your “Mind Palace” | by Content for Pragyan | The Pragyan Blog | Medium

මේක අද රෑ නිදියන් ඉඳලා හෙට උදේ වෙද්දී කරන්න නම් බෑ. උවමනාව තියෙන කෙනෙක්ට තමන්ගේ ආවේනික ක්‍රමයකටම මේක හදාගන්න පුළුවන්. කොයි ක්‍රමයට හැදුවත් මේකට නිරන්තර අභ්‍යාසය කියන එක අත්‍යවශ්‍යයි. කලින් කිවුවා වගේ ඔයාගේ ප්‍රදේශයේ හැම තැනම මතක වුණත් ගොඩනැගිලි අංකයි, සම්පුර්ණ බඩු ලිස්ට් එකයි මතක නෑ. ඇත්තටම මෙතැනදී වෙලා තියෙන්නේ ඔයා නොදැනුවත්වම නිතර අභ්‍යාස වෙලා. ඒ කියන්නේ ඔයාගේ මොලෙන් ඔයා නිතර යන එන පාරවල් සිතියම්ගත කරගෙන. ඒ වගේම ඔයාට ඔයාගේ ගෙදර බඩුමුට්ටු තියෙන තැන මතක හිටලා තියෙන්නෙත් ඔයා නිතර ඒ බඩුමුට්ටු පාවිච්චි කරන නිසා ඔයාගේ මොළය දන්නවා ඒවා තියෙන්නේ කොතනද කියලා.

දැන් ඉතින් ඔයා කල්පනා කරනවා ඇති මේ මොකද්ද මේ කියලා. ඔයාට ගෙදරට ගේන්න තියන බඩු ලිස්ට් එකත් මේ විදිහට මෙහෙම මතක් කර කර ඉන්න ඕනද කියලා. නෑ ඇත්තෙන්ම නෑ. ගෙදර බඩු ලිස්ට් එක ලියාගෙන ගිහින් ගන්න. හැබැයි මේ කියන දේවල් කරලා මොලය ට්‍රේන් කරාම ඔයාට දවසක පුළුවන් වෙනවා කිසි දෙයක් ලියාගෙන යන්නේ නැතුවම වගේම අමුතු ආයාසයකුත් නැතුවම මනසේ තැන්පත් කරගන ඒ දේවල් ගන්න. මයින්ඩ් පැල්ස් එකක් කියන්නේ මතක් කර කර ඉන්න එක නෙමෙයි. මතකය ඕන වෙලාවට තමන්ට ඕන විදිහට තමන්ගේ සිස්ටම් එකට අනුව හැන්ඩ්ල් කරන්න පුළුවන් හැකියාව.

ඉතින් ඔයාට මයින්ඩ් පැලස් එකක් හදාගන්න නම් කරන්න තියෙන්නේ නිතර ඔයාගේ මතකේ හාරලා බලන එක. ඒ කියන්නේ ඔයාට මොනවත් මතක නැති වුනත් ඔයා එදිනෙදා කරන දේවල්, දවසේ වෙච්ච ගනුදෙනු, කරන්න හිතා ගෙන ඉන්න වැඩ, සරලව කිව්වොත් හැමදෙයක්ම නිකන් මතකද බලන්න. එක අමතක වුනත් ඔයාට මනස හුරු වෙනවා ඔයාගේ මතකයේ තියෙන දේ පරික්ෂා කරන්න. ඒවා ඇනලයිස් කරන්න. සාමාන්‍යායෙන් මාස දෙකක් මෙහෙම කරද්දී මේ දේ ඉබේට සිද්ද වෙන්න ගන්නවා. ඒ වගේම ඔයා ගනුදෙනු හවස ලියනවා නම් පුරුද්දක් විදිහට ඔයාට පුළුවන් බිල් දිහා නොබලා ට්‍රයි කරන්න. ඊට පස්සේ පුළුවන් බිල් දිහා බලල ඔයා කොච්චරක් මතක තියන් ඉදලද කියලා බලන්න. ඒ වගේම ගණන් හදද්දී කැල්කියුලේටර් එකක් නැතුව හිතින්ම හදන්න බලන්න. මේ දේවල් ට්‍රේන් වෙද්දී ඔයාට ටික දවසක් යනකොට දැනෙයි ගොඩක් දේවල් ඉක්මනට මතකෙට එනවා කියලා. ඒ කියන්නේ සිහි මදි ගතියක් තේරෙන සිංහලෙන් කිවුවොත් ටියුබ්ලයිට් ගතියක් එහෙම තිබ්බ නම් දැන් එහෙම නෑ වගේ ඔයාට දැනෙයි.

ඒ වගේම මයින්ඩ් පැලස් එකක් හදාගෙන යන ඔයාගේ ගමනට ඔයා ඉන්න පරිසරය ගැන අවදානෙන් ඉන්න එක අනිවාර්ය දෙයක්. පොඩ්ඩක් වටේ පිටේ වෙන දේවල්, නිව්ස්, ලෝකේ වෙන දේවල් එහෙම දැනන් ඉන්න එක අමතර වාසියක් වෙයි. මේ කිවේ ගොසිප් ගැන නම් නෙමෙයි. වැදගත් දේවල් ගැන. ඒ වගේම පොත් පත් කියවන එකත් ලොකු වාසියක්. මොකද පොත් කියවද්දී ඔයාගේ මනස පුරුදු වෙනවා වේගයෙන් දත්ත ඇතුලට ගන්න. ඒ වගේම නොදන්නා දේවල් ඔලුවට වැටුනම ඔයාට ඔයාගේ ජීවිතේ කවදාහරි එහෙම අත්දැකීමක් ආවොත් ඔයාගේ මනස ක්ෂණිකව ක්‍රියාකාරී වෙලා ඒ අත්දැකීම ඔයා පොතෙන් ගත්ත දැනුම එක්ක සංසන්දනය වෙලා ඔයාගේ පෞර්ෂයට හොද දෙයක් එකතු කරනවා. ඉතින් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථා මග හැර ගන්න එපා. මේ කීව අමතර කරුණු ටික ඔයාගේ මයින්ඩ් පැලස් එකට එකතු වූනොත් ඔයාගේ මනසෙත් මොන තරම් දියුණු තත්වයක් ඇති වෙයිද කියල හිතන්නවත් බැහැ නේද.

මේක ඔයාගේ ඇබ්බැහියක් වෙනකන් පුරුදු කරන්න. ඇබ්බැහියක් වෙනකන් තමයි මේක කරන්නත් අමාරුම. මොකද මොලය කියන්නේ වැඩ ගොඩක් කරන දෙයක් නිසා අපි ගොඩක් මේවා කරන්න කම්මැලි වෙනවා. හැබැයි මේ දේවල් වලින් ඔයාට ලැබෙන වාසිය ගැනවත් හිතලා මේක පුරුදු පුහුණු කරන්න උත්සහ ගන්න.

අපේ මේ මනුෂ්‍ය ශරීරයත් පුදුම වැඩ කරනවා නේද. ඉතින් ඔයාගේ ජීවිතේට මයින්ඩ් පැලස් එක හදාගන්න උත්සහ කරන ගමන්ම මේ ගැන ඔයාගේ යාලුවෙක්ටත් කියලා දෙන්න. ඒක එයාලගේ ජීවිතයටත් ගොඩක් වැදගත් වේවි. මේ ගැන තව විස්තර ටිකක් අපි දෙවෙනි ලිපියෙන් කතා කරමු.

-සචිනිකා තත්සරණී-

නීතිය එළියයි…

‘නීතිය එළියයි’ යනු අපේ රටේ නීති පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසින් සංවිධානය කරන ලද ත්‍රිභාෂා නීති සාකච්ඡා මාලාවකි. පහත ලිපිය පදනම් වී ඇත්තේ කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසලේ උපදේශක සහ අපරාධ නීතිඥ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාගේ, ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් හි කොන්සල් ජෙනරාල්වරයා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාගේ සහ රාජ්‍ය හා ජාත්‍යන්තර නීතිය, අපරාධ නීතිය සහ මානව හිමිකම් නීතිය යන ක්ෂේත්‍රවල සේවයේ යෙදෙන, 2005 දී කොළඹ නීති සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණු නීතිඥ කනගසාබායි ෂන්මුගරත්නම් රත්නවෙල් මහතාගේ සහභාගීත්වයෙන් “අපරාධ හා නීතිය” පිළිබඳ සිදු කළ සාකච්ඡාව පදනම් කරගෙන ය.

අපරාධයක් යනු කුමක්ද?

අපරාධයක් යනු සමස්ත සමාජයටම එරෙහිව කරන ලද වරදක්. පුද්ගලයෙකු සමාජයක පවතින සමාජ පිළිවෙත (social order) උඩු යටිකුරු කළ විට එය අපරාධයක්.

අපරාධ වර්ග පිළිබඳව විස්තර කළ හැකිද?

පිළිගත් මූලික චින්තනය වන්නේ අපරාධයක් පුද්ගලික අපරාධ, දේපල අපරාධ, ව්‍යවස්ථාපිත අපරාධ, මූල්‍ය අපරාධ සහ අසම්පුර්ණ අපරාධ ලෙස බෙදිය හැකි බවයි.

පුද්ගලික අපරාධ නම්,පුද්ගලකුට බලපාන පහරදීම, පැහැරගෙන යාම යනාදී වූ පුද්ගලයන්ට එරෙහිව සිදු කරන අපරාධ යි.

දේපල අපරාධ ස්වභාවයෙන් වඩාත් බරපතලයි. උදාහරණයක් ලෙස, යමෙකු වෙනත් පුද්ගලයෙකුට අයත් දේපලක් සඳහා ව්‍යාජ ඔප්පුවක් ලියන්නේ නම් එයට අයිතියක් නැති පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාගේ අයිතිය දක්වමින් ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම සිදුවන්නේ. සොරකම එක් පාර්ශවයකට පමණක් බලපෑම් එල්ල වන පුද්ගලික හානියක් ඇති කරන දෙයක් වුණත්, සමාජය එවැනි ක්‍රියාකාරකම් දෙස පහත් කොට සලකන්නේ, එය සමාජයට එරෙහිව සිදු වන දෙයක් වීමත්, එයට එරෙහිව කටයුතු නොකළොත් සොරකම් කිරීමට අවසර දීමේ මනෝභාවයක් ඇති වීමත් සිදු වෙන්න පුළුවන් නිසා. මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් වඩාත් බරපතල දේපල අපරාධ ලෙස සැලකෙනවා.

ව්‍යවස්ථාපිත අපරාධ යනු සාම්ප්‍රදායික අපරාධ නොව විද්‍යාවේ හා සමාජයේ දියුණුවත් සමඟ ඔබටඅසන්නට ලැබෙන අපරාධයි. විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනතේ ප්‍රතිපාදන යටතට වැටෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වන ඇතැම් රසායනික අන්තර්ගතයන් සන්තකයේ තබා ගැනීම ගැන මේ සංවර්ධනයට කලින් සමාජය දැන සිටියේ නැහැ. එවැනි දෙයක් සන්තකයේ තබා ගැනීමම අපරාධයක් ලෙස සැලකෙනවා. මෙම අපරාධ සමාජයේ සමස්ත ව්‍යුහයටම බලපානවා. ඒ වගේම තමයි මත්පැන් ආශ්‍රිත වැරදි වන බීමතින් රිය පැදවීම සහ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සහ ළඟ තබා ගැනීම වැනි වැරදිත් මේ කොටසට වැටෙනවා.
මූල්‍ය අපරාධවලට චංචල දේපළ සම්බන්ධ වෙනවා. යම් පුද්ගලයෙකු සන්තකයේ දේපළක භාරකාරීත්වය ඇති විටක එම භාරකාරීත්වය උල්ලංඝනය කරමින් එම පුද්ගලයා එම දේපල භුක්ති විදීම හෝ භාවිතා කිරීම කරන විට එය සාපරාධී විශ්වාසය කඩ කිරීම බවට පත් වෙනවා. සාපරාධී අයථා පරිහරණය, වංචාව, සිදුවන්නේ කිසියම් අසත්‍ය නිරූපණයක් සිදු කර යම් දේපලක් පවරා ගැනීමට යමෙකුව යොමු කිරිමේදියි. ඒවා පරණ කාලයට අදාළ මූල්‍ය අපරාධ. සමාජයේ හා ජාත්‍යන්තර වෙළඳාමේ දියුණුවත් සමඟ අපරාධ අන්තර්ජාතික වී තිබෙනවා. එනිසා මිනිසුන් අල්ලස්, දූෂණ හෝ විනිමය පාලන උල්ලංඝනය කිරීම් වැනි අපරාධ සිදු කර අයථා ලෙස උපයාගත් මුදල් වෙනත් රටක මූල්‍ය පද්ධතිය තුළ ආයෝජනය කරන ත්‍රස්තවාදී මූල්‍යකරණය හෝ මුදල් විශුද්ධිකරණය වැනි අපරාධ මේ වනවිට පවතිනවා. අද පරිගණක අපරාධ බහුලව වාර්තා වෙනවා. බැංකුවක හෝ සමාගමක දත්ත ගබඩාවකට අනවසරයෙන් ඇතුලත් වෙලා වෙනත් ගිණුමකට යම් මුදලක් මාරු කිරීමට අණ කිරීම උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

අසම්පුර්ණ අපරාධ – කිසියම් ප්‍රධාන වරදකට ආධාර කිරීම සහ අනුබල දීම හෝ ඕනෑම ප්‍රධාන වරදක් කිරීමට කුමන්ත්‍රණය කිරීම අසම්පුර්ණ අපරාධ ලෙස හැඳින්වෙනවා. වැරදි කිරීමට උත්සාහ කිරීම මෙයට ඇතුළත්.

අප ජීවත් වන රාජ්‍යයට හෝ සමාජයට එරෙහි ඕනෑම ක්‍රියාවක් අපරාධයක් ලෙස සලකන්න පුළුවන්.

අත්අඩංගුවට ගැනීමක් කළ හැක්කේ කෙසේද?

අපරාධයක් සිදු වී ඇති බව දැනගත් විට අපි පොලිසියට යනවා. සාම නිලධාරීන් අතරින් අපි වැඩියෙන්ම දැනුවත් කොටස තමයි පොලිස් නිලධාරින්. සාම නිලධාරියෙක් කියන්නේ නීත්‍යානුකූලව පිළිගත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුටයි. පළමුව ඔබ පොලිස් නිලධාරියාට පැමිණිල්ලක් කළ විට, මෙම නිලධාරියා පවතින තොරතුරු අනුව වරදක් සිදුවී ඇති බවට සාධාරණ සැකයක් තිබේදැයි විමසා බැලීමක් සිදු කරනවා. සාධාරණ සැකයක් පවතිනවා නම්, අදාළ වරද වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි වරදක් දැයි පොලිස් නිලධාරියා සලකා බලනවා. වඩා බරපතළ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහිදී සලකා බැලෙන්නේ පොලිස් නිලධාරියාට මහේස්ත්‍රාත්වරයාගෙන් වරෙන්තුවක් ලබා ගැනීමට කාලය ප්‍රමාණවත් නොවන නිසා අත්අඩංගුවට ගැනීම සිදු නොකලොත් සමාජයට බරපතල හානියක් ඇති වන අවස්ථාවන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1 වන උපලේඛනයේ මෙම බරපතල වැරදි දක්වලා තිබෙනවා. එය සංඥය වරදක් (cognizable offence) නොවේ නම්, වරදට අදාළ කරුණු මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කළ යුතු වෙනවා වගේම ඇතැම් විටෙක මහේස්ත්‍රාත්වරයාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට හේතුවක් තිබේද යන කරුණ තෘප්තිමත් කිරීමට සාක්ෂි දැක්වීමටත් සිදුවෙනවා. වරෙන්තුවක් නිකුත් කළ පසු අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකියි.

අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකි ක්‍රම 2 ක් තිබෙනවා. එය සංඥය වරදක් නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන පුද්ගලයා උසාවියට ​​ඉදිරිපත් කළ හැකියි. එය සංඥය නොවන වරදක් (non-cognizable offence) නම්, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්න අපට මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත්කළ යුතු වෙනවා .

පොලිසියට අමතරව අත්අඩංගුවට ගැනීමක් සිදු කළ හැක්කේ කා හටද?

අතීතයේදී ග්‍රාම සේවකවරුන්ට පොලිස් බලතල ලබා දී තිබුණා. වනජීවී ආඥා පනත (වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත) යටතේ වනජීවී නිලධාරීන් පොලිස් රාජකාරි ඉටු කරනවා. රේගු ආඥා පනත යටතේ රේගු නිලධාරීන්, වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නිලධාරීන් සහ ආහාර පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සාම නිලධාරීන් ලෙස දක්වා තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේදී එය සිදු කරන නිලධාරියා විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට ඒ සඳහා හේතු සඳහන් කළ යුතුද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අත්අඩංගුවට ගැනීම සිදු කල යුතුයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා තමාව අත්අඩංගුවට ගැනීමට හේතු දැන සිටීම එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකමක්. යම් පුද්ගලයෙකු තමාව අත්අඩංගුවට ගැනීම වළකන්න උත්සාහ කරන අවස්ථාවකදී, අත්අඩංගුවට ගැනීම සඳහා අවම බලය භාවිතා කරන්න පුළුවන්.

අවම බලය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බලයක් යොදවන්න හැකි නමුත් ඒ සඳහා සාධාරණ ලෙස අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් භාවිතා කිරීමට නොහැකි බව මෙයින් අදහස් කෙරෙනවා.

පුද්ගලයෙකු විමර්ශනයකට ලක්වන අවස්ථාවක දී, එම පුද්ගලයා නියෝජනය කිරීමට නීතිඥවරයෙකු සිටිය යුතුද?

අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තියේ සඳහන් වන්නේ, ඕනෑම අධිකරණයක හෝ යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති ඕනෑම ආයතනයක තම සේවාදායකයා නියෝජනය කිරීමට පුද්ගලයෙකුට අයිතියක් ඇති බවයි.

පොලිස්භාරයේ සිටින පුද්ගලයෙකු පිළිබඳව පොලිසිය සතු යුතුකම කුමක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට අනුව ඔවුන් කුරිරු හා අමානුෂික, පහත් සැලකීමට ලක් නොවිය යුතුයි. තම භාරයේ පසුවන්නන්ට ශාරීරික හෝ මානසික හානියක් නොකිරීමට පොලිසිය බැඳී සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව නිර්දෝෂත්වයේ පූර්වානුමිතිය (presumption of innocence) ගැන කථා කළත් සාමාන්‍ය ජනතාව ප්‍රවෘත්තියක් ඇසූ මොහොතේම පුද්ගලයෙකු වරදකරුවෙකු ලෙස නම් කිරීමට පෙළඹෙනවා. නීතිය මේ දෙස බලන ආකාරය ඔබට පැහැදිලි කළ හැකිද?

13 (5) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, පුද්ගලයෙකු වැරදිකරු බවට ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂී යැයි අනුමාන කරන බවයි. චූදිතයාට එරෙහිව නගා ඇති චෝදනාවට එම පුද්ගලයා වැරදිකරු බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුයි. අද සිදුවන්නේ, නඩු විභාගයකට පෙර මාධ්‍ය විසින් සිදු කරන ආනාවරණ තුලින් කිසිදු හරස් විභාගයකින් තොරව මතුපිට න්‍යායන් ඉදිරිපත් කිරීමයි. මෙවැනි අවස්ථාවලදී සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය ගැන පදනමක් නැහැ. යුක්තිය ඉටුවීම සඳහා සාක්ෂි නිසි ලෙස විමර්ශනය කළ යුතුයි.

උසාවියට ​​අපහාස කිරීම සාපරාධී වරදක්ද?

යුක්තිය පසිඳලීමට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු උසාවියට ​​අපහාස කිරීමේ වරද සිදු කරනවා. එය සිර දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදක්.

පොලිසිය ඔබ කරන පැමිණිල්ල පිළිගන්නේ නැත්නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පොලිසියට විමර්ශනය කළ හැක්කේ අපරාධ පැමිණිලි මිසක් සිවිල් පැමිණිලි නෙවෙයි. ඒ නිසා ඔවුන් අපරාධයක් පිළිබඳ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබට පොලිස්පතිවරයාට, මානව හිමිකම් කොමිශන් සභාවට පැමිණිලි කළ හැකියි, නැතහොත් ඔබට අභියාචනාධිකරණයට යා හැකියි.

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය:අංජලී උඩවත්ත (කමිටු සාමාජික, මහජන සුභසාධක කමිටුව 2020-2021)

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

Aftercare කියලා වෙන දේවල් ගාලා tattoo එක වන කරගත්තද..?

ටැටූ කලාව මේ වෙනකොට කා අතරත් ජනප්‍රිය කලාවක්. ටැටූ කියන කලාව එසේ මෙසේ කලාවක් නෙවෙයි. මෙම පච්ච කලාව ඉතාමත් පැරණි අතීතයකට දිවයනවා. මායාවරුන්ගේ ශිෂඨාරයටත් පෙර සිටම තමන්ගේ ශරීරය අලංකාර කරගන්න, තමන්ගේ තත්ත්වය පෙන්වන්න, තමන්ගේ rank එක පෙන්වන්න ටැටූ යොදාගන තිබෙනවා. ලෝකයේ මේ වෙනකොට ගැහැණු පිරිම් බේදයක් නැතිව ටැටූ සිරුරේ කොටාගන්නවා. ඒ වගේම ගැහැණු පිරිමි බේදයක් නැතුව මේ කලාවේ නියැලෙන බොහෝමයක් සිටිනවා. කියන්නට තියෙන සුබ කාරණය තමයි ලංකාව තුළත් ටැටූ කලාව සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙන එක. ඒ වගේම ඉතාමත් දක්ෂ කාන්තා සහ පිරිමි tattoo artistලා පිරිසක් ලංකාවේ බිහිවෙලා තිබෙනවා.

ඔයා ටැටූ එකක් ගහන්න හිතාගන ඉන්නවානම් මූලික වශයෙන් දැනගත යුතු දේවල් තිබෙනවා. ඒ අතරින් අද අපි කතා කරන්නේ ටැටූ එකක් ගැහුවට පස්සේ භාවිතා කරන Aftercare ගැන. ගොඩක් වෙලාවට අත්දැකීම අඩු හෝ නිවැරදි මගපෙන්වීමක්, නිසි දැනුමක් නැති tattoo artisලා ටැටූ ආර්ට් එකක් කලාට පස්සේ aftercare එකක් විදියට වැස්ලින් (Vaseline), පියුසිඩින් (Fucidin), සොප්රමයිසින්(Soframycin), සහ සෙප්ටෙක්ස්(septex)වැනි ආලේපන භාවිතා කරන්න නියම කරනවා. ඇත්තටම මෙම ආලේපන aftercare එකක් විදියට භාවිතා කරන්න සුදුසු ආලේපන නෙවෙයි. හේතුව,

වැස්ලින් වල අඩංගු වන්නේ පෙට්‍රෝලීයම් ජෙල්. මේ ජෙල් එකේ අඩංගුවෙලා තිබෙන බැක්ටීරියා නිසා ඔයාගේ ටැටූ එක පැසවන්න හැකියාව තිබෙනවා. නොදැනුවත්ව වැස්ලින් ආලේප කිරීම නිසා ටැටූ වලට ගැටළු ඇතිවුණ අවස්ථා බොහොමයක් තිබෙනවා.

ෆාමසි වලින් මිලදී ගන්න පියුසිඩින්, සොප්රමයිසින්, සහ සෙප්ටෙක්ස් වැනි ආලේපන තිබෙන්නේ තුවාල වැනි සමෙහි ඇතිවෙන තුවාල, ආසාදනයන් සදහා පමණයි. මෙය ටැටූ සදහා භාවිතය කොහෙත්ම සුදුසු නැහැ. ටැටූ එකක් කියන්නේ තුවාලයක් නෙවෙයි. ඒ නිසා මෙම ආලේපන භාවිතා කර ඔයාගේ ලස්සන ටැටූ එක විනාශ කරගන්න එපා. මෙම ආලේපන භාවිතා කිරීමෙන් සිදුවෙන්නේ ඔයාගේ ටැටූ එක heal වෙන්නත් කලින් එකෙ තිබෙන පාට අඩු වෙන එක විතරයි. ටැටූ එකක් heal වෙන්න ටැටූ එකට හොඳට හුළං වදින්න අවශ්‍යයි. ඉතින් මෙවැනි නිශ්පාදනයන් aftercare එකක් විදියට භාවිතා කරන්න කියලා කරණාකර අනිත් අයට වැරදි උපදෙස් දෙන්න එපා.

Tattoo වලට ඒ සඳහාම නිශ්පාදනය කර ඇති aftercare ඕනෑ තරම් තිබෙනවා. මේ පහතින් දක්වා තිබෙන්නේ ටැටූ සඳහාම නිශ්පාදනය කර ඇති ආලේප වර්ග කිහිපයක්.

මෙම ටැටූ ආලේපන වර්ග දවසකට දෙවරක් හෝ තුන්වරක් බැගින් දින 7-10 අතර කාලයක් ලෙස භාවිතා කළ යුතුයි. ඒ වගේම මතක තියාගත යුතු තවත් කාරණයක් තමයි මෙම ආලේපනය තුනී ලේයර් එකක් ලෙස භාවිතා කළ යුතුයි. ටැටූ එක කරපු දවසේ ඉදන්ම මේ aftercare එක භාවිතා කරන්න පටන් ගන්න අවශ්‍යයි. අදාළ කාලය තුළ ටැටූ එක heal වෙන ආකාරය ඔයාටම දැකගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි ඔයාගේ ටැටු එක heal වෙන්න පටන් ගත්තහම ටැටූ එක හමයන්න ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී ගොඩක් දෙනෙක් කරන වැරදි වැඩක් තමයි හම බලෙන් ඉවත් කරන්න හදන එක. එතකොට වෙන්නේ ටැටූ එක heal වෙලා නැති නිසා ටැටූ එක තුවාලවෙන්න ගන්නවා. ඒ වගේම ink එකත් ගැළවිලා එනවා. මේ නිසා ටැටූ එක heal වෙන කාලය ඇතුළත එය ස්භාවිකවම heal වෙලා හැලෙන්න දෙනවා මිස බලෙන් scab එක ගළවන්න යන්න හදන්න එපා.

මීට පස්සේ ඔබ ටැටූ එකක් කරන්න හිතනවානම් ඒ සම්බන්ධ පළපුරුදු කෙනෙක්ගෙන් ටැටූ එක කරගන්න එක තමයි හොඳම දේ. ගොඩක් දෙනෙක් ලාබෙට වැඩේ කරගන්න ගිහින් නාගෙන එන අවස්ථා බොහොමයක් ඔබට අහන්න දකින්න ලැබිලා ඇති. ඒ නිසා ටැටූ එකක් කරන්න යන්න කලින් ටැටූ ගැන දැනගන ඉන්න ඕන tattoo artist විතරක් නෙවෙයි ඔයත් මේ පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇතිව යන්න අවශ්‍යයි.

 

-උත්පලා පතිරණ-

ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සාර්ථකද?

ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, සහස්‍ර ගණනක් පුරා පැතිරී ඇති ඉතිහාසය හා සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් දූපතක්. කෘෂිකාර්මික ක්‍රම සහ ආයුර්වේද පිළිවෙත් සිට පන්සල් හා ස්මාරක ඉදිකිරීම දක්වා මුල් දූපත් වැසියන් පරම්පරා ගණනාවක දැනුම ප්‍රායෝගිකව හා කට වචනයෙන් ලබා අපට ලබා දී තිබෙනවා. අද වන විට මේවා දිවයින පුරා දැකිය හැකි අතර රටේ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක මුල් සලකුණු ලෙස පවතිනවා.

වර්තමානය වෙත වේගයෙන් ඉදිරියට යන විට, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම භාවිතා කරන ලද ප්‍රාථමික දැනුම බෙදා ගැනීමේ ක්‍රමවේදයන් කාමරයකට පමණක් සීමා වෙලා මේස පේළි බවට පමණක් පත්වෙලා. තනි ගුරුවරයෙකු සිසුන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා පාඩමක් ලබා දෙන සංකල්පය ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙනු ලැබුවේ විදේශීය බලවතුන්ගේ පැමිණීමෙන් පසුවයි. එකල ප්‍රදේශවාසීන් යටත් විජිතවාදීන්ගේ බලය දුටු අතර, ඔවුන්ගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ඔවුන් උසස් බවට පත් කළේ යැයි ඔවුන්ට හැඟී ගියේය. එබැවින් විධිමත් ‘පාසල්’ පිහිටුවීමට පෙර එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වූ අතර ළමයින්ට ඔවුන්ගේ දවසේ නිශ්චිත මුදලක් තනි පන්ති කාමරයකට වෙන් කිරීමට නියම කරන ලදී.

රටක අධ්‍යාපන ක්‍රමය එහි අනාගත නායකයින්ගේ මනස හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය අංශ කිහිපයක් විමසා බැලීමටත්, එහි සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අවබෝධය ලබා දීමට අධ්‍යාපන හා ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයින් වන වෛද්‍ය තිලාන් හේවගේ සහ ආචාර්ය තුෂ් වික්‍රමනායක මහතාගෙන් උපදෙස් ලබා ගත්ත‍ා.

ශ්‍රී ලංකාවට 1943 දී නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න ගරු සී. ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් කටයුතු කරනු ලැබුවා. ඔහුගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සියලු දරුවන්ට ඔවුන්ගේ මූල්‍ය පසුබිම නොසලකා අධ්‍යාපනය ලබා ගැනීමට සමාන අවස්ථාවක් ලැබුණා.

මෙම ක්‍රමය මඟින් දිවයිනේ විවිධ ක්‍ෂේත්‍රයන්හි දීප්තිමත් වෘත්තිකයන් පෝෂණය කර ඇති අතර, මෙම සංකල්පය පිටුපස ඇති අභිප්‍රේරණය වසර ගණනාවක් තිස්සේ මැකී ගොස් ඇති බව ආචාර්ය තිලාන් ප්‍රකාශ කළා. සාමාන්‍ය ජනතාව බොහෝ විට එය සුළුකොට තැකීමක් කර ඇති අතර අධ්‍යාපනය නොමිලයේ ලබා දෙන බැවින් එහි අගයක් නැති වී තිබෙනවා.

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු අවධාරණය කරන්නේ, “සරසවියට ඇතුළු වන සිසුන්ගෙන් කොටසක් එයට සහභාගී වෙන්නේ එය සම්මතයක් නිසා සහ ඔවුන්ගේ නිවැසියන් විසින් කළ යුතු යැයි නියෝග කර ඇති නිසා මිස ඔවුන්ගේම උනන්දුවක් ඇති නිසා නොවේ. ” ඒ හා සමානව, පාඩම් පැවැත්වීම සඳහා වගකිව යුතු ඇතැම් අධ්‍යාපනිකයින් විසින් ලබා දෙන අන්තර්ගතය පිළිබඳ ගුණාත්මක බවක් නොමැති බව පෙන්නුම් කර ඇති අතර එය නොමිලේ ලබා දෙන බැවින් උපරිමයෙන් පාඩම් කියාදිය යුතුයැයි යන්න ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මෙහි අවධාරණය කර ඇත්තේ, අද දින වැරදි ලෙස පරිවර්තනය කර ඇති ‘නාමික ආධ්‍යාපන’ සංකල්පය ඉස්මතු වූ අවස්ථා කිහිපයක් පමණි.

පෞද්ගලික කැමැත්තට නොව බලහත්කාරයෙන් අධ්‍යාපනය ලැබීම

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බොහෝ දුරට ශාස්ත්‍රීය වශයෙන් කේන්ද්‍රගත වී ඇති අතර එය බොහෝ විට දක්නට ලැබෙන්නේ දෙමව්පියන් සමඟ මිස සිසුන් විසින්ම නොවේ” යැයි වෛද්‍ය තිලාන් පවසයි. 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සඳහා දෙමාපියන් විසින් බලාත්මක කරන ලද සෞඛ්‍ය සම්පන්න නොවන තරඟකාරිත්වය දරුවන්ගේ ස්වාභාවික නිර්මාණශීලිත්වය විනාශ කර ඇති අතර අධ්‍යාපනය දරිද්‍රතාවයෙන් මිදීමේ මාර්ගය යන වැරදි මතය ඔවුන්ට ලබා දී ඇත.

මේ නිසා නිවසේ සිට ඇති වන පීඩනය, විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම අඩු කිරීමට සහ පන්ති කාමරයක බිත්ති වලින් ඔබ්බට දෙයක් ඉගෙනීමට හැකියාවක් නොලැබෙන්න හේතු වී තිබේ. ඒ අනුව සිසුන්, මූලික සමාජ කුසලතා, සාමාන්‍ය බුද්ධිය සහ ආත්ම විශ්වාසය නොමැතිකම සමඟ වැඩෙන බව අප දැක තිබේ. මෙයට එරෙහිවීමේ උත්සාහයේ දී, බොහෝ රටවල් දැන් විභාග වලදී අනෙක් සිසුන් සමඟ තරඟ කිරීමට වඩා ‘beating your own mark’,යන ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කරති.

එපමණක් නොව, ළමයින්ට බලහත්කාරයෙන් අධ්‍යාපනයක් ලබා දීම නිසා ඔවුන් අමනාපයෙන් හා කලකිරීමෙන් පාසලට පැමිණීමට හේතු වී ඇති අතර එමඟින් සමස්ත අධ්‍යයන කාර්ය සාධනයම දුර්වල වී තිබේ.

 

ශ්‍රී ලංකාව අනුවර්තනය වන්නේ කෙසේද?

ආචාර්ය ටුෂ් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශයක් වන්නේ මානසික සෞඛ්‍ය, ලිංගික අධ්‍යාපනය සහ පුද්ගලික සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ආවරණය වන චිත්තවේගීය අත්දැකීම් ය. මෙය පුහුණු ගුරුවරුන් සමඟ කළ යුතු අතර පෙළපොත් හා ප්‍රායෝගික ප්‍රවේශයන් ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ.

වසංගතයත් සමඟ වෛද්‍ය තිලාන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන බවයි. කෙසේ වෙතත්, රටට සිය සාම්ප්‍රදායික විභාගයට නැඹුරු වූ ක්‍රමය අහෝසි කිරීමටත්, ගෙදර වැඩ නිම කිරීම, ඉගෙනීම කෙරෙහි ඔවුන්ගේ ආකල්පය, පන්ති සහභාගිත්වය සහ අඛණ්ඩ තක්සේරුව මත පදනම්ව සිසුන් ඇගයීමට ලක් කරන තරඟකාරී නොවන පරිසරයක් හඳුන්වා දීමටත් අවස්ථාව ලබා දී තිබේ.

‘අධ්‍යාපනය’ යන වචනයේ තේරුම ‘කෙනෙකුගේ නිර්මාණශීලිත්වය පිටතට ගෙන ඒම’ බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි. එමනිසා, දරුවෙකුගේ පළමු අවුරුදු 5 විධිමත් අධ්‍යාපනයට නිර්මාණශීලිත්වය තුළින් සාක්ෂරතාවය සහ සංඛ්‍යාකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය . සිසුන්ට තනිවම සිතීමට, අදහස් ගවේෂණය කිරීමට සහ ‘අධ්‍යාපනය ලැබීම’ යන්නෙහි අර්ථය වර්ධනය කිරීමට ඉඩ දියයුතුයි.