“ඔබ කාන්තා සපත්තු යුගලයක් සඳහා ආයෝජනය කළ පසු ඔබ එය නිසි ලෙස රැකබලා ගැනීම වැදගත් වෙනවා, මෙය ඔබේ සපත්තු වල ආයු කාලය දීර්ඝකර අවසානයේදී ඔබේ මුදල් ද ඉතිරි කරයි “
gasma.lk එක්ක හැමදාම ආදරෙන් එකතු වෙලා ඉන්න අපේ ලිපි කියවන, අපේ වීඩියෝ නරඹන කාන්තා ඔබ වෙනුවෙන්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වැදගත් ලිපි සහ වීඩියෝ ගෙන එන්න අපි අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබේ රූපය එහෙම නැත්තම් ශරීරය නිවැරදිව නඩත්තු කරන්‍නෙ කොහොමද වැනි බොහොමයක් දේවල් සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරනවා. රූපය ගැන දැනුවත් කෙරෙන බොහොමයක් තොරතුරු ඉලක්ක කරගෙන නිර්මාණය වුනත් gasma.lk අපි, කාන්තා ඔබේ එදිනදා ජීවතයට අවශ්‍ය බොහෝ දේ නිසි පරිදි පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන ඔබව දැනුවත් කරන්න අවශ්‍ය තොරතුරු ගෙන එනවා.
ඉතින් අද අපි හිතුව කාන්තාවන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන පාවහන් සම්බන්ධයෙන් කතා කරන්න. කාන්තා ඔබගේ භාහිර රූපය තවත් ඔප්නම්වන්න පාවහන් ලොකු කාර්යභාර්යක් ඉෂ්ඨ කරනවා කිව්වොත් නිවැරදී. අපි කොච්චර ලස්සන ඇදුමක් ඇන්දත් වැඩක් නැහැ ඒකට ගැළපෙන ඒ වගේම තමන්ගේ personality එකට ගැළපෙන පාවහන් යුඟලක් පැළදුවෙ නැතිනම්. මේ නිසා සෑම කාන්තාවක්ම හොඳ පාවහන් මිළදී ගන්න පෙළබෙන එක මේ වෙනකොට ඉහල ගිහින් තියනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්ණයක් තමයි කොච්චර හොඳ පාවහන් යුගලක් මිලදී ගත්තත් ඒක ඇයි වැඩි දවසක් පාවිච්චි කරන්න බැරි කියන එක. පොඩ්ඩක් හිතලා බලන්න ඔයා පාවහන් මිළදී ගත්තට පාවහන් නඩත්තු කරනවද එහෙම නැත්තම් අද ඔෆිස් දාගන ගියපු පාවහන් , party එකකට, wedding එකකට, date night එකකට වගේ ඕනම දිහාකට තමන් පැළදගන ගිය පාවහන් ගෙදර ඇවිත් පිරිසිදු කරනවද කියලා. නැහැ නේද? මෙන්න මේක තමයි පාවහන් වැඩි කාලයක් භාවිතා කරන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව. අපි එලියට ගිහින් එන හැම වාරයක් ගානේ ඇඳගන යන ඇඳුම සෝදලා වේලලා iron කරලා පිළිවෙලට නමලා අල්මාරියේ ලස්සනට අහුරලා තියනවා. හැබැයි අපි මේ වගේ care එකක් පාවහන් වලට දෙනවද නැහැනේ. ඉතින් මෙන්න මේ නිසා අපි හිතුවා පාවහන් නඩත්තු කරන්නේ කොහොමද කියලා ආදරණිය ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න.
ඔබේ පාවහන් රැකබලා ගැනීමේ පළමු හා වැදගත්ම පියවර තමයි ඒවා පිරිසිදුව තබා ගැනීම. අපිරිසිදුවීම හා දූවිලි වැදීම වළක්වා ගැනීමෙන් ඔබේ සපත්තු වැඩි කාලයක් හොඳ තත්ත්වයේ පවත්වාගන යන්න හැකියාව තිබෙනවා. කාන්තා පාවහන් පිරිසිදු කිරීමේදී එය නිශ්පාදනය කර තිබෙන අමුද්‍රව්‍ය මත, පිරිසිදු කරන්නේ කොහොමද යන්න තීරණය වෙනවා.
Leather ලෙදර්
කාන්තාවන්ගේ Leather පාවහන් පිරිසිදු කිරීම එහි ආයු කාලය වැඩි කිරීමේ තීරණාත්මක කොටසක් ලෙස සදහන් කරන්න පුළුවන්. ප්‍රතිකාර හා ප්‍රතිකාර නොකළ සම් පිරිසිදු කිරීමේදී එයට අදාල විවිධ නිෂ්පාදන පිරිසිදු කිරීම සදහා යොදාගත යුතුයි. බොහෝ Leather පාවහන් පිරිසිදු කරන්නේ කොහොමද කියලා ඔබගේ පාවහන් වල ඇති ලේබලය පරික්ෂා කිරීමෙන් ඔබට එය දැනගන්න හැකියාව තිබෙනවා. මේ විදිහට පිරිසිදු කරන්න අවශ්‍ය නැති පාවහන් හොයාගන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. කොහොම වුණත් ඔබ පාවහන් යුගලක් මිලදී ගත්තට පස්සේ එය කොහොමද පිරිසිදු කරන්නේ කියන එක පරීක්ෂ කරලා බලන එක වැදගත්.
සාමාන්‍යයෙන් Leather පාවහන් හොඳින් නඩත්තු කිරීම මගින් ඒවා දිගකාලයක් පැවතෙන්න තිබෙන ඉඩකඩ වැඩීයි. Leather පාවහන් නිසිලෙස පිරිසිදු කිරීම සඳහා ඔබට මෘදු, පිරිසිදු දත් බුරුසුවක්, මෘදු ,පිරිසිදු රෙදි කබැල්ලක් සහ සපත්තු පොලිෂ් කිහිපයක් අවශ්‍ය වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මාස කිහිපයකට වරක් Leather පාවහන් පිරිසිදු කිරීම. එමගින් Leather කොටස මෘදුව හා අලුත් පෙනුමින් තබාගන්න හැකියාව ලැබෙනවා.
පාවහන් වල මඩ ගෑවුණ වෙලාවක පිරිසිදු වියළි දත් බුරුසුවකින් මඩ හා අපිරිසිදු විශාල ලප ඉවත් කරන්න හැකියාව තිබෙනවා. ඊට පස්සේ තරමක් තෙත් රෙදි කැබැල්ලක් අරගෙන ඉතිරි ඕනෑම අපිරිසිදුකමක් රෙදි කැබැල්ල ආධාරයෙන් ඉවත් කරන්න. අන්තිමට කරන්න තියෙන්න පාවහන් ඔපදාන එක විතරයි.
ඔබේ පාවහන් වල පොලිෂ් වගේ දෙයක් ගෑවුණොත් මෘදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් රවුම් චලිතයකින් පාවාහන් පිරිසිදු කරන්න. ඊට පස්සේ පාවහන් වේලෙන්න තියලා පිරිසිදු බුරුසුවකින් අතුල්ලන්න.
Patent Leather පේටෙන්ට් ලෙදර්
Patent Leather පාවහන් Leather පාවහන් වලට වඩා පිරිසිදු කිරීමට හරිම පහසුයි. ඔයාට පුළුවන් Patent Leather ක්ලීනර් එකක් මිලදී අරගෙන පාවහන් පිරිසිදු කරන්න. ඒ වගේම අතින් සල්ලි වියදම් කරගන්නේ නැතුවම ගෙදර තියන සබන් වතුර ටිකකිනුයි සිනිදු රෙදි කැබැල්ලකුයි අරගෙන Patent Leather පාවහන් ලේසියෙන්ම පිරිසිදු කරගන්න පුළුවන්.
ඒ වගේම මේ Patent Leather පාවහන් ඔපදමන්නත් හරිම ලේසීයි. petroleum jelly ටිකක් සිනිදු රෙදි කැබැල්ලට අරගෙන පාවහන් හොඳින් ඔපදමාගන්න හැකියාව ඔබට තිබෙනවා.
Suede ස්වෙයිඩ්
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ Suede පාවහන් පිරිසිදු කරන්න පුළුවන්ද කියන එක. පිළිතුර තමයි “ඔව්”. ඉතින් අපි බලමු කොහොමද මේ suede පාවහන් පිරිසිදු කරන්නේ කියලා. මේ පාවහන් පැළදීමට කලින් ප්‍රධානම දේ තමයි Suede protector එකක් apply කරන එක අනිවාර්යයි. මෙමගින් පාවහන් වලට ඇතිවෙන හානිය අවම වෙනවා.
Suede පාවහන් වලින් මඩ පිරිසිදු කරන්නේ කොහොමද? මෘදු පිරිසිදු බුරුසුවක් මේ සදහා භාවිතා කරන්න හැකියාව තිබෙනවා. එහිදී එකම පැත්තට පිරිසිදු කරන්න මතක තියාගන්න නැත්තම් පාවහන් වලට හානී වෙන්න ඉඩ තිබෙනවා.
Suede පාවහන් වල සිරීම් ඇති වුණොත් ඒවා ඉවත් කරගන්න බුරුසුව භාවිතා කරන්න එපා. ඒ සදහා මකනයක් ( ereser) එකක් භාවිතා කරන්න.
Trainers ට්‍රේනර්ස්
ගොඩක් වෙලාවට කාන්තා Trainers පාවහන් washing machine එකක් ආධරයෙන් පිරිසිදු කරගන්න හැකියාව තිබෙනවා. නමුත් අනිවාර්යයෙන් පාවහන් වල ඇති ලේබල් එක check කරන්න අමතක කරන්න එපා.
මේ පාවහන් washing machine එක පිරිසිදු කරන්න හැකියාව නැත්තම් washing powder හෝ washing up liquid භාවිතා කරලා පාවහන් පිරිසිදු කරගන්න හැකියාව තිබෙනවා.
Canvas කැන්වස්
Canvas කියන්නෙ රෙදි වර්ගයක්. හැබැයි මේ කැන්වස් පාවහන් ලෙදර් සහ ස්වෙයිඩ් පාවහන් පිරිසිදු කරනවාට වඩා ලේසියෙන් Canvas පාවහන් පිරිසිදු කරගන්න හැකියාව තිබෙනවා.
කැන්වස් පාවහන් පිරිසිදු කරන්නේ කොහොමද කියලා ඔයා කල්පානා කරනවනම් බය වෙන්න දෙයක් නැහැ. මොකද විවිධ ක්‍රම ගණනාවක් තිබෙනවා කැන්වස් පාවහන් පිරිසිදු කරන්න.
කැන්වස් පාවහන් වල මඩ පිරිසිදු කිරීමේ දී දත් බුරුසුවක් හෝ ස්පොන්ජ් එකක් වතුර ටිකක් යොදාගන භාවිතා කරන්න හැකියාව තිබෙනවා.
මඩ ටික පිරිසිදු කරගත්තට පස්සේ මුළු පාවහන් දෙකම පිරිසිදු කරගන්න washing machine එක යොදාගන්න පුළුවන්. හැබැයි මුලින්ම පාවහන් වල ඇති ලේබල් එක කියවන්න අමතක කරන්න එපා. washing machine එකේ පාවහන් පිරිසිදු කරගත්දි ඒකට තුවා කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මොකද එහිදී ඇතිවෙන සද්දය අවම කරන්න තුවා උපකාරී වෙනවා.
washing machine එකේ සෝදාගන්න බැරි පාවහන් පිරිසිදු කිරීමට බේකිං සෝඩා හො රෙදි සෝදන කුඩු භාවිතා කරන්න හැකියාව තිබෙනවා.
Baking soda බේකින් සෝඩා
බේකිං සෝඩා මේස හැඳි 1ක්, පිරිසිදු විනාකිරිමේස හැඳි 1ක් උණු වතුර මේස හැඳි 1ක් සමග මිශ්‍රකර භාවිතා කරන්න පුළුවන්. මෙය පේස්ට් එකක් ආකාරයට මිශ්‍ර කරගෙන දත් බුරුසුව යොදාගන රවුම් චලිතයෙන් පැල්ලම් ඉවත් කරන්න. ඊට පස්සේ පිරිසිදු වතුර ටිකකින් ඒ ස්ථාන සොදාගන ස්වාභාවිකව වේලෙන්න හරින්න.
Washing Up Liquid
රෙදි සෝදන දියර කුඩා ප්‍රමාණයක් අරගන උණුසුම් ජලය ටිකක් සමග පෙණ එනකන් හොඳින් මිශ්‍ර කරගන්න. මෙයින් කැන්වස් පාවහන් වල ඕනෑම පැල්ලමක් ඉවත් කරගන්න හැකියාව තිබෙනවා. පිරිසිදු කරගත්ත ස්ථානය ස්වාභාවිකව වේලෙන්න හරින්න.
මේ වගේ කුඩා උපක්‍රම භාවිතා කරලා ඔයා ආසම කරන පාවහන් දිගු කාලයක් අලුත් වගේ භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. ඔයා පාවහන් මිලදී ගත්ත තැන ඉදන් ඒවා කොහොමද රැකබලා ගන්නේ කොහොමද ගබඩා කරන්නේ කියන හේතු මත පාවහන් වල පැවැත්ම තීරණය වෙනවා. ඉතින් පාවහන්වලටත් අනිත් දේවල් වලට ඔයා ලබා දෙන සැලකිල්ල ලබා දෙන්න අමතක කරන්න එපා.