Blog Page 37

ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

perfume කියන්නේ ඔබට අමුතු දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් හැම දෙනෙක්ම වගේ මොකක් හරි perfume එකක් නැත්නම් cologne එකක් පාවිච්චි කරනවා. නමුත් මේ perfumes ගැන හුඟක් දෙනෙක් හරියට දන්නේ නැහැ කියල අපි යෝජනා කලොත් ඔබ පුදුම වෙයි. perfume එකක් spray කරගන්න එක rocket science එකක් නෙමෙයි කියල ඔබ තර්ක කරයි. නමුත් ඇත්තටම perfume කියන්නේ වෙනමම විෂයක්. ටිකක් සංකීර්ණ විෂයක්. මේ විෂයේ අත්‍යවශ්‍ය කරුණු ගැන ඔබ දැනුවත් කරන්න gasma.lk අපි සූදානම්. මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න.

ඔයාගේ perfume එක එහෙම නැත්නම් ඔයා ලඟින් එන සුවඳ කියන්නෙ ඔයාගේ ඇඳුමේම එක කොටසක් කිවුවොත්..? ලෝකයේ සුවඳ වර්ග පිලිබඳ විශේෂඥයෝ කියන්නෙ එහෙමයි. ඔයා පාවිච්චි කරන සුවඳ ඔයාට අනන්‍යතාවක් ගෙන එනවා කියලයි ඔවුන්ගේ අදහස. ඔයාගේ ඇඳුම ඇඳලා අවසන් වෙන්නේ perfume එක apply කරාට පස්සෙයි. හැබැයි අවාසනාවකට මේ විශේෂිතම කොටස ගොඩක් දෙනෙක් මගහරිනවා. ඒකට මූලිකම හේතුව නොදැනුවත්කම කියල තමයි perfumersල කියන්නෙ. අන්න ඒ නිසා තමයි perfumes ගැන අපි ඔබව දැනුවත් කරන්නෙත්.

ඇයි ඔයා perfume පාවිච්ච්චි කරන්න ඕනෙ..?

අපි හැමෝටම විශේෂිත වුනු, අනන්‍ය වුනු පෞරුෂයක් තියෙනවා. අපි කතාබහ කරන විදිහ, අඳින පළඳින විදිහ මේ හැම දෙයක්ම “පෞරුෂත්ව ලක්ෂණ” කියල තමයි පිළිගැනෙන්නේ. perfume එක කියන්නෙත් එයින් එක කොටසක්. සමහර විට ඔයා මීට කලින් හිතුවේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ perfume එකට පුළුවන් ඔයාගේ ආකර්ෂණිය බව වැඩි කරන්න. ඔයාගේ ඇඳුමට වගේම ඔයා ලඟින් එන smell එකටත් ඔයාගේ ඉදිරියේ ඉන්න කෙනා තුළ යම් ආකර්ෂණයක් ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම perfume එක නිසා ඔයා ලඟින් එන smell එකට හැකියාවක් තිබෙනවා ඔයා ගැන අනික් ය තුළ තියෙන විශ්වසනීයත්වය වැඩි කරන්න. පිරිසක් ඉදිරියේදී නැතිනම් උත්සවයකදී ඔයා කොච්චර දුරට ඔයා ගැන comfortableද, අන්න ඒ තරමටම අනිකා තුළ ඔයා ගැන විශ්වාසය ඇති වෙනවා. ඔයා පාවිච්චි කරන perfume එක මේ කාරණයටත් බලපානවා කියල සුවඳ පිලිබඳ විශේෂඥයෝ වගේම මනෝ විශ්ලේෂකයිනුත් තහවුරු කරනවා. ඒ වගේම ඔයාගේ stress level එක අඩු කරන්න perfume එක ලොකු දායකත්වයක් දක්වනවා. හිතන්න ඔයා ලඟින් එන smell එක ගැන හිතමින් ඒ ගැන වදවෙවී පිරිසක් ඉස්සරහට යන්න වුනොත්, ඔයාට එතන ඉන්න සිද්දවෙන්නේ ලොකු stress එකකින්. ඉතින් ඔයා ඔයාට ගැලපෙන perfume එකක් පාවිච්චි කරා නම්, මේ අමතර stress එක දරාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩිකරන්නත් ඔයා පාවිච්චි කරන perfume එකට හැකියාව තියෙනවා.

අමතර වාසියක් විදිහට, ඔයා hook-up partner කෙනෙක් හොයමින් ඉන්නවා නම්, ඒ වැඩේටත් perfume එකෙන් උදවුවක් ලැබෙන්න බැරි නැහැ. කොහොම වුනත් මේ කියපු කරුණු නිසා ඕනෑම කෙනෙක් perfume එකක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක් වනවා. හැබැයි ගැටළුව ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ට ගැලපෙන වගේම අවස්ථාවට ගැලපෙන perfume එකක් තෝරාගන්න දන්නේ නැහැ. අතට අහුවෙන මොකක්ම හරි perfume එකක්, body spray එකක් නැත්නම් cologne එකක් දාගෙන යන්නයි හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ. නමුත්, එහෙම “අහුවෙන එකක්” පාවිච්චි කිරීමෙන් ඉහතින් සඳහන් කළ ප්‍රතිලාභ ඔයාට ලැබෙන්නේ නැහැ. සමහරවිට ඒ වෙනුවට ඔයාව සමච්චලයට ලක්වෙන්නත් බැරි නැහැ. ඒ නිසා ඔයාට හරියන, අවස්ථාවට හරියන perfume එකක් තෝරාගැනීම හරිම වැදගත්. කොහොමද ඒක කරන්නේ..? ඒ ගැන හරියටම කියල දෙනවා perfume ගැන අපේ ඊළඟ ලිපියෙන්.

ලංකාවේදී නොමිලේ දෙන්න හැදුවම විහිලුවක් වුණු Sanitary pads

සනීපාරක්ෂක තුවා (Sanitary pads) කියන්නෙ ලංකාවේ පහුගිය කාල වකවානුවේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණු මාතෘකාවක්. දේශපාලන වේදිකාවේ මේ මාතෘකාව කතාබහට ලක්වීමත් එක්කම, මේ ගැන පොදුවේ සමාජයේම කතාබහක් ඇති වුනා. විවිධ පාර්ශව මේ ගැන නොයෙක් අදහස් පලකළා. සමහරු සමච්චල් සහගත විදිහට මේ ගැන කතා කරද්දී තවත් සමහරු මේ ගැන එළිපිට කතා කරන්න පවා ලැජ්ජා බවත් කියල තිබුණා. කොහොම නමුත් නැවත වරක් සනීපාරක්ෂක තුවා ගැන කතාබහක් ඇති වෙන්නේ එංගලන්තය රජයේ නිලධාරින් ගෙන තිබෙන තීන්දුවක් නිසයි.

පාසල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන්න එංගලන්ත රජය තීරණය කරලා. ඒ අනුව ශිෂ්‍යාවන්ට අවශ්‍ය අනිකුත් සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් නොමිලේ ලබාදීමට ඔවුන් කටයුතු කරන බව විදෙස් පුවත් වාර්තා කරලා තියෙනවා.

“අඩු ආදායම්ලාභී පවුල් වල ශිෂ්‍යාවන් ආර්තව දිනවලදී පාසල් නොපැමිණීම ගැටළුවක්. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය අදාළ වීමට හැකියි. මේ තත්වය වළක්වන්නයි රජය මෙවැනි තීරණයකට එළඹුණේ. ආර්තව දුගීබව නිසා කිසිවකුගේ දෛනික ජීවිතය අදාළ නොවිය යුතුයි කියන ස්ථාවරයයි රජය දරන්නේ” යනුවෙන් එංගලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

“සෑම කෙනෙකුම ආර්ථික තත්වයෙන් සමාන නැහැ. ආර්ථික දුෂ්කරතා නිසා සමහර ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙනවා. සනීපාරක්ෂක තුවායක් මිළදී ගන්න බැරිවීම නිසා පාසලට හෝ විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙනවා කියන්නෙම කණගාටුදායක තත්වයක්. මේ අලුත් යෝජනාක්‍රමය නිසා ඔවුන්ට සහනයක් සැලසෙනු ඇති. සනීපාරක්ෂක තුවායක් මිලදීගත නොහැකි නිසා පත්වන අපහසුතාවත් ඇතිවන අපකීර්තිමත් අත්දැකීමත් වැලැක්වීමට මේ නව යෝජනාව උපකාරී වේවි. ඒ වගේම ආර්තව සෞඛ්‍ය ගැන දැරියන් දැනුවත් කිරීමට විශේෂ ක්‍රමවේදයකුත් සකස් කිරීමට නියමිතයි” යනුවෙන් එරට ළමා සහ පවුම් කටයුතු අමාත්‍යවරිය මිෂෙල් ඩොනල්ඩ් ප්‍රකාශ කොට තිබුණා.

Free Periods සංවිධානයේ කාන්තා ක්‍රියාකාරිනියක වන අමිකා ජෝන්ස් මෙම සනීපාරක්ෂක තුවා සැපයීම ඇතුළු ආර්තව සෞඛ්‍යයට සම්බන්ධ බොහෝ ක්‍රියාමාර්ග වෙනුවෙන් සටන් කළ කාන්තාවක්. ඇය මෙම අවශ්‍යතාව මතු කරමින් රජය දැනුවත් කිරීම අරඹන්නේ 2007 වර්ෂයේ. කෙසේ නමුත් වසර 12ක් ඉක්ම ගියපසු හෝ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය ගත තීරණය ගැන ඇය සිය සතුට ප්‍රකාශකොට තිබුනා. “සෑම දැරියකටම මෙම පහසුකම් ලැබෙන ලෙස ව්‍යාපෘතිය සිදුවිය යුතුයි, ශිෂ්‍යාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා ගැන මීට වඩා විවෘතව කතාබහක් ඇතිවිය යුතුයි” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

 

පාසල් 20,000කට අධික සංඛ්‍යාවක් අතුරින් ශිෂ්‍යාවන් මිලියන 1.7ක් පමණ මෙම නව වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ හිමියන් ලෙස තෝරාගෙන තිබෙනවා. ඔවුන්ට ඉදිරි වසර සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා සැපයීම වෙනුවෙන් එරට රජය වෙනකොට ඇති මුදල ඩොලර් මිලියන 20ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෙහෙසියෙන්ම bath products ‌ගන්න කියාපුම places….

 

Office ගිහින් හරි පාසල් ගිහින් හරි ගෙදරින් එලියට ගිහින් හරි අපි ආපහු ගෙදර දුවගෙන එන්නේ හොඳට නාන්න බලාගෙනනේ . දුහුවිලි දහදිය විතරක් නෙමෙයි, දවස පුරා මුහුණ දෙන්න වුන පීඩාකාරී අවස්ථාවන් ඔක්කොම හිතින් බැහැර කරගන්න තියෙන වෙලාව තමයි ඒක. ඔයාගේ හමට සියුම් බවක් ලබා දෙන සුපිරි වර්ගයේ නාන නිෂ්පාදන ඔයාගේ bath experience එකේ ඉතා වැදගත් අංගයක්. ඉතින් රට වටේ රස්තියාදු වෙන්නේ නැතුව, ඔයාට හරි යන bath products හොයා ගන්න පුළුවන් තැන් ලිස්ට් එකක් තමයි මේ….

1. Bath Bliss – Bath and Body

හොඳම නිශ්පාදන ගැන කතා කරනකොට උඩින්ම ඉන්නේ අතින්ම bath products නිශ්පාදනය කරන Bath Bliss. එයාලගෙ soap bars, shampoo bars සහ body scrubs වර්ග කොච්චර හොඳ පෙනුමකින් යුතුද කියනවනං, පාවිච්චි කරන්නැතුව බලන් ඉන්නම හිතෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන The Design Collective Store සහ Urban Island වෙතින් ලබාගන්න පුළුවන්. ඒ නිෂ්පාදන ඔවුන්ගේ Instagram (@bathblisshandmade) සහ Facebook (Bath Bliss – Handmade Bath and Body හරහත් ඇනවුම් කරන්න පුළුවන්.

2. ReLive

ඔයාලා වර්ණවත් bath experience එකකට හරියන soap සහ bath bombs හොයන්න සෑහෙන්න try කලාද? ඒත් තාමත් හොයාගන්න බැරිවුණාද? drum roll, ReLive තමයි ඔයාට ඒ දේවල් හොයාගන්න තියන ලේසිම ස්ථානය. අතින් නිමවුන, හුරුබුහුටි, ලස්සන bath bombs, soaps, wax melts සහ jelly soaps විවිධ හැඩයන්ගෙන් එයාලා ගාව තියෙනවා. පාට පාටින් හැඩවුන සුපිරි bath products අත්දැකීම විඳගන්න 24, 6/4, Melbourne Avenue, Colombo 4 හි ReLive ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

3. Jade Handmade Bath and Body

අතින් නිමවුන, ස්වාභාවික නිෂ්පාදන වලට ගොඩක් ආස කෙනෙක් නම් Jade Handmade Bath and Body ඔබට කදිමට ගැලපෙනවා. එතන soap, body scrubs සහ esssential oil වර්ග රාශියක් තියෙන අතර ඔබට ස්නානය කිරීමේදී හොඳ අත්දැකීමක් ලබාදෙන්න ඒ නිෂ්පාදන ගොඩක් වෙහෙසෙනවා. රුපියල් 190කට වගේ, විශ්වාස කරන්න බැරි තරම් පොඩි මිලක ඉඳන් පටන් ගන්න products range එකක් ඔවුන් සතුව Orion City, Colombo 09 එකේ තියෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන The Design Collective Store at Stratford Avenue එකෙනුත් ගන්න පුළුවන්.

4. Oriflame

මං දන්නවා ඔයාලා හිතන දේ… Oriflame?! රූපලාවණ්‍ය වෙළඳ නාමයක් ලෙස ප්‍රසිද්ධ වුණත්, ඔවුන් bath products රාශියක්ද වෙළඳපලට හදුන්වා දී තිබෙනවා. Shower gels, soap bars සහ shower creams ඔවුන්ගේ bath products ලිස්ට් එකේ තියෙනවා.ඔවුන් ප්‍රධාන වශයෙන් ඇණවුම් ලබා ගන්නේ lk.oriflame.com/bath-body/bath-shower හරහා යි.

5. Spice Island

අපේ ශරීරය වගේම අපේ මනසත් සනසන නිෂ්පාදන Spice Island විසින් අපට ගෙන්න උත්සාහ කරනවා. ආයුර්වේද පිළිවෙත් භාවිතයට ගෙන, Spice Island නීම්, ඉඟුරු සහ සේර වැනි නැවුම් අමුද්‍රව්‍ය යොදා shampoos, shower gels සහ handmade soaps ඔවුන් වෙළඳපලට නිකුත් කරනවා. Spice Island වෙළඳසල Level 15B, Parkland Building, No. 33, Park Street, Colombo 2 හි පිහිටා තිබෙනවා.

6. Green Leaf Herbals

නමෙන් කියන විදිහටම, අපේ රටේ තියෙන නැවුම් ඖෂධ පැළෑටි සහ කුළුබඩු වලින් සාදන ලද ස්වභාවික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ඉතින් Green Leaf Herbals තමයි . shampoos, soaps, shower gels සහ body scrubs වැනි සුඛෝපභෝගී නිෂ්පාදන මේ අය අපිට ඉදිරිපත් කරනවා. Green Leaf Herbals ලාගේ 42/4, පාසල් පටුමග, නාවල වෙළඳසැලක් තියෙනවා. එයාලගේ instagram (reengreenleafherbals) සහ Facebook (Green Leaf Herbals) පිටු වගේම www.greenleafherbals.lk/Home වෙබ් අඩවි හරහා ඔයාට අවශ්‍ය bath products මිලදී ගන්න හැකියාව තිබෙනවා.

7. Summer Haze

Summer Haze ගොඩක් ප්‍රසිද්ධ එයාලගෙම අතින් නිමැවෙන සබන් සහ බාත් සොල්ට්ස් වලටයි. Summer Haze ලගේ තව විශේෂත්වයක් වෙන්නේ ඔයාට අවශ්‍ය විදිහට soaps සහ bath salt හදාගන්න පුළුවන් වෙන එකයි. මංගල උත්සව, Baby Showers සහ Bachelorette වැනි විවිධ අවස්ථාවන්ට ගැලපෙන පරිදි ඒ නිෂ්පාදන ඔබට ලබාගත හැකියි. Uptown Kandy, Liberty Plaza යන ස්ථානවල ඔවුන්ගේ වෙළඳසැල් ඇති අතර 077 297 2451 සහ 0776 024 576 යන දුරකථන අංක ඔස්සේ whatsapp හරහා මේ අයගේ සේවාව ලබාගන්න ඔබට හැකියාව තිබෙනවා.

8. Kemara

ඔයාට නිවසේ ඉඳන්ම Spa අත්දැකීමක් ලබන්න කැමති නම්, Kemara තමයි ඒ වැඩේට ගැළපෙනම තැන . නැවුම්, ස්වභාවික අමුද්‍රව්‍යවලින් වලින් නිශ්පාදිත Kemara shower gels, shampoos සහ body scrubs මෙයාලගෙන් මිලදී ගන්න පුළුවන් . ඒ වගේම, පොඩි බබාල වෙනුවෙන් Kemara සතුව Chamomile මෘදු අමුද්‍රව්‍ය භාවිතා කරලා හදන bath products රාශියක් තියෙනවා..107/1, Hamdan Lane, Colombo 06 හි පිහිටි ඔවුන්ගේ වෙළඳසැලෙන් ඒවා මිලදී ගන්න ඔයාට පුළුවන්. ඔවුන්ගේ වෙබ් අඩවිය www.kemaralife.com

9. Spa Ceylon

Spa Ceylon මේ bath products වලට හොඳම තේරීමක්. ඖෂධීය පැළෑටි ඔවුන්ගේ නිෂ්පාදනවල ඇති අතර,shower gels, body cleansers, body scrubs සහ essential oils වැනි නිෂ්පාදන ඔබට මානසික ආතතිය අඩු කරගැනීමට උපකාරී වෙනවා. රුපියල් 1500 සිට ඉහළට ඇති Spa Ceylon නිෂ්පාදන, කොළඹ අවට වෝඩ් පෙදෙස,Ward Place, Dutch Hospital, ODEL in Alexandra Place, Crescat Boulevard සහ Colombo City Center වැනි වෙළඳසැල් වලින් ලබාගන්න පුළුවන්. තව නිෂ්පාදන ගොඩක් lk.spaceylon.com වෙතින් බලන්නත් පුළුවන්.

10. The Body Shop

ඔයා 100% නිර්මාංශ නිෂ්පාදන අලෙවි කරන ජාත්‍යන්තර bath products හොයනවා නම්, The Body Shop තමයි යන්න ගැළපෙනම තැන! වාසනාවකට වගේ, එයාලා අපි වෙනුවෙන් දැන් කොළඹට ඇවිල්ල ඉන්නේ. ඔවුන් ගාව තියෙන shower gels, body scrubs සහ soaps නැවුම් අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අතර, ඔයාට සුවඳ දැනෙන කොට දිව්‍යලෝකයකට ගියා වගේ හැඟීමක්නම් ඇතිවෙනවා. නිෂ්පාදනවල මිල රුපියල් 600 සිට ඉහළට ඇති අතර, ODEL in Alexandra Place, Colombo City Center සහ Bagatalle Road හි වෙළඳසැල් වලින් පහසුවෙන් ලබාගන්න පුළුවන්. ඔවුන්ගේ වෙබ් අඩවියට www.thebodyshop.lk හරහා පිවිසෙන්න පුළුවන්.

ඔන්න එහෙනම් සමට සහ මනසට හොඳ treat එකක් දෙන ගමන්ම, සුපිරි bathing experience එකක් ගන්න හැකියාව ඔයාට තිබෙනවා.

 

ලස්සනට ඇඟ හදාගන්න, කොළඹ අවට ඔයාට යන්න පුලුවන් හොඳම Gym මෙන්න

තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා හෝ දැන් තියෙන රැල්ලට හෝ gym එකකට ගිහින් තමන්ගේ ඇඟ හදාගන්න නැත්තම් ශරීරය ක්‍රමානුකූලව පවත්වාගන යන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා තියෙනවා.පෞද්ගලික යෝග්‍යතාවය පිළබඳව වැඩි වැඩියෙන් දැනුවත්වීම සමග නගරය තුළ gym ගණනාවක් විවෘත වෙලා තියෙනවා.ඔන්න ඉතින් අපි කොළඹ අවට තිබෙන ව්‍යායාම හා යෝග්‍යතා මධ්‍යස්ථාන ලැයිස්තුවක් සකස් කරලා තියෙනවා. ඉතින් දැන් ලෙහෙසියෙන්ම ඔයාට හරියන gym එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්.

Ministry of Defense Fitness Kiosk

නිදහස් චතුරශ්‍රයේ පිහිටා තිබෙන මේ gym එක ගැන කතා කරනකොට මුලින්ම කියන්න තියන සතුටුදායක කරුණ තමයි මේ gym එකේ ඔබට පුළුවන් නොමිලේ තමන්ගේ fitness journey එක ආරම්භ කරන්න. ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන මෙම අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාව දිනපතා උදේ 6 සිට 10 දක්වා සහ සවස 4 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව තිබෙනවා.

Get U Fit Gym

Contact: 011 2 503 339
Individual packages
1 Year: LKR 30,000
6 months: LKR 18,000
3 months: LKR 10,500
1 month: LKR 5,000

Body by Kris

Contact: 011 2 825 749
Individual:
1 year: LKR 49,500
6 months: LKR 39,500
1 month: LKR 10,000

Couples:
Annual: LKR 78,000

CrossFit Ceylon

CrossFit Ceylon එකේ 9000LKR ගෙවලා සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම රාත්‍රී 8 සිට ව්‍යායාම කිරීමට අවස්ථාවක් (taster class) සලසා දී තිබෙනවා.එමගින් ඔබට පුළුවන් මේ gym එක ඔයාට ගැළපෙනවද කියලා තීරණය කරලා සාමාජිකත්ව වැඩසටහන් සඳහා ලියාපදිංචි වෙන්න.

Contact: 011 2 300 927
https://www.facebook.com/crossfitceylon/

1 month: LKR 15,000
3 months: LKR 35,000
1 year: LKR 125,000

Power World

Power World ඔවුන්ගේ සියලුම ස්ථාන සඳහා වාර්ෂික සාමාජික පැකේජ එකම මිලකට ලබාදෙන්න කටයුතු කරනවා.

Contact: 011 4 954 633

Ladies: LKR 8,824
Gents: LKR 14,706

Fitness First

Contact: 011 2 695 331
https://www.facebook.com/Fitness-First-Colombo-07-184944625404095/

6 months: LKR 40,000
1 year: LKR 65,000
1 month: LKR 15,000

Marine Fitness

Contact: 0773114737/ 0112058499

Annual: LKR 36,000
6 months: LKR 30,000
3 months: LKR 22,000
1 month: LKR 7,500
Weekly: LKR 3,000
Couples Annual: LKR 60,000

Body Bar

Contact: 011 2 505 462
Website: https://www.facebook.com/BodyBarLK/

Annual: LKR 76,950
6 months: LKR 48,950
3 months: LKR 29,950
1 month: LKR 12,950
Bi-weekly: LKR 7,500
Weekly: LKR 4,600
Day pass: 1,500

Couples Annual: 149,950
Couple 6 months: 80,950

High Octane

Contact: 011 2 852 317

Annual: LKR 85,000
6 months: LKR 65,000
3 months: LKR 42,500
1 month: LKR 15,600
Couples Annual: LKR 150,000

GRIT Sports and Fitness

Contact: 071 017 5308
Website: https://www.facebook.com/wethegrit/

Annual: LKR 72,000
6 months: LKR 38,000
3 months: LKR 20,000
1 month: LKR 8,000

Pulse Beat Gym

Pulse Beat විසින් බර අඩු කර ගැනීම සහ මාංශ පේශි වර්ධනය කරගැනීම සඳහා වැඩසටහන් දෙකක් පවත්වනවා.

Contact: 011 2 595 932

Annual: Upon consultation
6 months: LKR 30,950

OSMO Fitness

Contact: 011 2 177 477/ 071 670 0845/ 071 670 0844/ 076 646 3636

Individual:
Annual: LKR 91,000
6 Months: LKR 67,000
3 Months: LKR 55,000
1 Month: LKR 15,000

Couple:
Annual: LKR 152,000
6 Months: LKR 99,000
3 months: LKR 45,000
1 month: LKR 15,000

Max Fitness Ladies Gym

Contact: 077 443 6448
Website: https://www.facebook.com/maxladiesgym/

Annual:
Thimbirigasyaya: LKR 40,000
Dehiwala: LKR 38,000

6 months: LKR 25,000

3 months:
Dehiwala: LKR 18,000
Thimbirigasyaya: LKR 16,000

1 month: LKR 10,000

Lifestyle

Contact: 011 4 723 300

Annual: LKR 82,110
6 months: LKR 49,256
3 months: LKR 29,559
1 month: LKR 10,000

St Peter’s Gym

Contact: 011 2 588 249

Annual
Ladies: LKR 15,000
Gents: LKR 19,500

Multifit Gym

Contact: 011 2 674 242

Annual: LKR 18,000
6 months: LKR 14,250
3 months: LKR 9,000
1 month: LKR 3,750

Ultimate Fitness

Contact: 011 7 445 210

Individual:
Annual: LKR 49,000
6 months: LKR 36,000
3 months: LKR 25,000
1 month: LKR 10,000
Day pass: LKR 2,000

Couples:
Annual: LKR 89,000
6 months: LKR 56,000
1 day: LKR 3,000

Royal College Gym

Contact: 0114719744

Annual: LKR 41,000
6 months: LKR 24,500
3 months: LKR 18,000
1 month: LKR 6,000

Fitness Kingdom

Contact:
Ragama: 011 2 952 884
Kelaniya: 011 2 986 620
Piliyandala: 011 2 616 664
Kottawa: 011 2 178 235
Mount Lavinia: 011 2 734 145
Colombo 10: 011 2 952 884

Annual: LKR 25,000 (30% off)
6 months: LKR 16,500
1 month: LKR 4,500

Total Fitness Bay

Contact: 011 2 599 776/ 077 344 2389
Website: https://www.facebook.com/TotalFitnessBay/

Annual: LKR 45,000 (10% off)
6 months: LKR 30,000
3 months: LKR 21,000
1 month: LKR 7,000

Hotels

Ramada Fitness Centre

Contact: 011 2 422 001/ 011 2 447 977

Individual:
Annual: LKR 65,000
6 months: LKR 35,000

Couples
Annual: LKR 125,000

Sky Fitness at Mövenpick

Contact: 0117 450 450/ 077 344 2389
Website: https://www.movenpick.com/en/asia/sri-lanka/colombo/movenpick-hotel-colombo/facilities/

Annual: LKR 160,000
6 months: LKR 90,000
3 months: LKR 60,000
Couples Annual: 135,000

Cinnamon Lakeside

Contact: 0112 491 000

Annual: LKR 130,000
6 months: LKR 90,000
1 month: LKR 30,000
Couples Annual: 174,000

Hilton Residencies

Contact: 0115 344 644

Annual: LKR 150,000
6 months: LKR 95,000
Couples Annual: LKR 250,000

Water’s Edge

Contact: 0112 863 863

Individual:
Annual: LKR 170,000
6 months: LKR 90,000

Couples:
Annual: LKR 236,000
6 Months: LKR 118,000

Hotel Galadari

Contact: 0112 544 544

Individual:
Annual: LKR 50,000
6 months: LKR 35,000

Couples:
Annual: LKR 80,000
6 Months: LKR 60,000

Taj Samudra

Contact: 0112 446 622

Individuals:
Annual: LKR 120,000
6 months: LKR 80,000
1 month: LKR 30,000

Couples
Annual: LKR 160,000
6 Months: LKR 95,000

ගෙදරදීම King Coconut Wine හදමු

 

අමුද්‍රව්‍ය

තැඹිලි වතුර                                   1 බෝතලයක් (750 ML)
සීනි                                                             250 g
යීස්ට්                                                               5 g
කරාබු නැටි                                                      10
එනසාල්                                                           5
සාදික්කා (සිහින්ව කපාගත්)                          මේසහැඳි 1

 

 

සාදාගන්නා ආකාරය

1.තැඹිලි වතුර ගෙන භාජනයකට වත් කරන්න.

2. යීස්ට් සහ සීනි එකතු කරන්න, එය හොඳින් දිය කරන්න . ඉන්පසු තැඹිලි වතුර මිශ්‍රණය හොඳින් පෙරා බෝතලයකට වත් කරන්න.

3. කරාබු නැටි, එනසාල් සහ සිහින්ව කපාගත් සාදික්කා එයට එකතු කරන්න.

4. බෝතලය මත පියන තබන්න (තද නොකරන්න)ඉන්පසු සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න.

5. සති දෙකකට පසු මිශ්‍රණය නැවතත් පෙරා පැසවීම සඳහා තබන්න.

6. මාසයකට පසු නැවත පෙරාගන්න.

7. සති 12 කට පසු ඔබට පුළුවන් King Coconut Wine එකක රස බලන්න.

 

 

සැ.යු :-සාදා ගැනීමට ගතවන කාලය විනාඩි 30 යි.
සති හතරක කාලයක් තිබෙන්නට හරින්න.

 

සාධාරණ මිලකට රසවත් කොරියානු අතුරුපසක රසය විඳින්න දැන් ඔබටත් අවස්ථාවක්..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කොරියානු අතුරුපසක රස බලන්න දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා . ඒ Be.K විසින් ඉතාම රසවත් වගේම ඇස් පිනවන විවිධ වර්ගයේ වර්ණවත් අතුරුපස කිහිපයක්ම දැන් ඔබ වෙනුවෙන්ම ලබාදෙන්න ඔවුන් කටයුතු කරනවා. අපි Be.K වෙත ගිය අවස්ථාවේ අපි ඇනවුම් කරපු අතුරුපස අපට ලබදෙන්න කටයුතු කළ මිත්‍රශ්‍රීලී කාර්ය මණ්ඩලය ගැනනම් අනිවාර්යයෙන් මතක් කරන්න අවශ්‍යයි. සාධාරණ මිලකට මේ අතුරුපස දෙදෙනෙකුට සෑහෙන්න ලැබෙන එකනම් ඇත්තටම සතුටට කාරණයක්.

 


Rainbow Taro (LKR 650)

Rainbow Taro එක බ්ලූබෙරි රසයක් ඇති අතර ඒ සමග ලබාදෙන shaved ice නිසා එය ඉතාම රසවත් අතුරුපසක් වන බවනම් කියන්නම අවශ්‍යයි. මේ අතුරුපස නැවුම් ස්ට්‍රෝබෙරි සහ Froot Loops රාශියක් සමඟ ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම කුඩා ජෙලි කැබලි සහ berries නිසා මෙහි රසය තවත් ඉස්මතු වෙනවා.

 

 

Milk Tea (LKR 550)

මේ අතුරුපසනම් සෑම ගෞරවනීය ශ්‍රී ලාංකිකයෙකු සඳහාම නිර්මාණය කරපු අතුරපසක්. මොකද අපි හැමෝම අපේ තේ වලට ආදරෙයිනේ. ලංකාවේ තේ කියන්නේ ප්‍රධාන පානයක්. ඉතින් මේ අතුරුපසේ තියන විශේෂත්වය තමයි අයිස් කළ තේ ,ශීත කළ කිරි තේ වගේම ජෙලි සහ චොකලට් ,ධාන්‍ය වර්ග සහ ඔවුන්ටම ආවේනික වූ wafer එකක් සමග මේ අතුරුපස පිළිගන්වන එක . තේ නිසාම මේ අතුරුපසනම් අපේ හිතට වගේම හුරුපුරුදු රසයන්ට ගොඩක් සමීපබවක් නම් දැනෙනවා.

 

 

Matcha and Red Bean (LKR 650)

මේ Matcha and Red Bean එකනම් ඇත්තටම සෞඛ්‍යට හිතරක දේවල් වලින් අනූන අතුරුපසක්. මෙහි එන “Matcha” නිසා Matcha රසයට කැමති ඕනම කෙනෙක්ට මේක තමයි ගැළපෙනම අතුරුපස. shaved ice සමග මෘදු රතු බෝංචි රසය Froot Loop cereal සහ crunchy signature wafer ඇත්තටම මනාවට ගැලපෙනවා.කියන්නම අවශ්‍යයි අපි මේ අතුරුපසනම් ඇත්තටම ගොඩක් රසවින්දා.

 

 

Ambience

Be.K සිටින කාර්ය මණ්ඩලයනම් ඇත්තටම ගොඩක් සුහදශීලී . ඔවුන් අපි මිලදී ගන්න හැම අතුරුපසක් පිළිබඳවම අපිට පැහිදිලිව විස්තර කරලා දෙන්න කටයුතු කළා .හැබැයි One Galle Face mall එකේ පහතම මාලයේ Food Court එකේ පිහිට තිබෙන මේ Be.K food mall එකේ අතුරුපස රසවිදින්න ඉදගන්න තැන්නක්නම් හදලා නැහැ. නමුත් Be.K කියන්නේ රසවත් ශීතකල අතුරුපස රසවිදින ගමන් පොඩි කයියක් දාගන ඉන්න කියාපුම තැනක්.

අම්මටයි බබාටයි ඇඳුම් ගන්න, කොළඹ වටේම රස්තියාදු වෙන්නැතිව යන්න පුළුවන් තැන් මෙන්න

විවාහ වූ යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව තමන් දෙමාපියන් වෙන්නේ කවදද කියලානේ. ඉතින් දෙමාපියන් වෙන්න යනවා කියලා දැනගත්තාම ඇතිවෙන ඒ සතුට දරාගන්න බැරිතරම් නේද? ඒ උතුම් මව්පදවියට උරුමකම් කියන ඔයා ලෝකය දකින්න මග බලන් ඉන්න දරුපැටියට වගේම ඔයාට අවශ්‍ය දේවල් ලැහැස්ති කරන්න ලහි ලහියේ සූදානම් වෙනවානේ. ඔන්න ඉතින් අම්මටයි බබාටයි කරදරයක් නැතුව, හොඳ මාතෘ හා ළදරු සත්කාර නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් තැන් ලයිස්තුවක් ගැස්ම හරහා අපි අරන් ආවා.

 

Bambino Lanka


Contact – 077 131 9613
Address – 83, Galle Road, Colombo 4
Open Time – Monday-Saturday 9 am to 8 pm, Sunday – 10 am to 6pm

Philips Avent, Aveeno, Tommee Tippeee, Chicco සහ තවත් ජාත්‍යන්තරයේ පිළිගත් වෙළඳනාම වල ළදරු නිෂ්පාදන ගන්නවනම් ඒකට හොඳම තැන තමයි Bambino කියන්නේ. ඒගොල්ලන්ගේ facebook page එකේ අම්මලටයි බබාලටයි හොඳ offers ගොඩක් තියෙනවා, අනිවාර්යයෙන් ගිහින් බලන්න!

 

Kidzcare.lk


Contact – 0777 444 334/0712 444 334
Address – 256, Thimbirigasyaya Road, Colombo 5
Open Time – Monday-Friday 9 am to 9 pm, Saturday 9 am to 8 pm, Sunday 9 am to 6 pm
Website – www.kidzcare.lk

ඔන්න ඔයා Kidzcare.lk එකෙන් රු. 2,000 ට වඩා බඩු ගත්තොත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැය 24 පුරා බෙදා හැරීමේ සේවාවක් රු. 100 කට ලබා දෙන්න ඔවුන් කටයුතු කරනවා. පුළුල් පරාසයක නිෂ්පාදන වලට kidzcare onine shopping website එක ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධයි. කොහොම වුණත් ඒගොල්ලන්ගේ website එකට අමතරව වෙළඳසැලටම ගිහින් ඔයාට අවශ්‍ය දේවල් ගන්න කැමතිනම් kidzcare.lk කොළඹ 5 ප්‍රධාන ශාඛාවත්, මාලබේ ශාඛාවත් විවෘතයි.

 

Blooms and Butterflies


Contact – 0112 680 334
Address – 69/1, Elvitigala Mawatha , Borella
Open Time – 9.30 am to 8 pm
Website – www.bloomsandbutterflies.lk

Blooms and Butterflies නිෂ්පාදන, එයාලගේ ජා-ඇල වෙළඳසැල සහ බොරැල්ල හා දෙහිවල ඇති නව වෙළඳසැල් දෙක හරහා ඔයාට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගැබිණි අම්මලට අඳින්න හොඳ maternity ඇඳුම් තේරීමක් තියෙන නිසා, Blooms and Butterflies ශාඛාවට ගිහින් බලන්න අමතක කරන්න එපා.

 

Khloe Nestler


Website – www.khloenestler.com

ඕනෙම අවස්ථාවකට ගැලපෙන maternity ඇඳුම් තියෙන online store එකක් තමයි Khloe Nestler කියන්නේ .ඔවුන්ගේ විශේෂත්වය තමයි හැම රුචි අරුචිකමකටම ගැලපෙන තේරීමක් ඉදිරිපත් කරන්න ඔවුන් පෙළඹිලා තියෙන එක. ඔයාලා Khloe Nestler instagram pageඑකට ගියොත් විවිධ maternity ඇඳුම් විලාසිතා දැකගන්න හැකියාව තියෙනවා.

 

Elegant Smockers


Contact – 0722 264 444
Address – 323B, Havelock Road, Colombo 6
Open Time – 9.30 am to 7.55 pm
Website – www.elegantsmockers.com

හැව්ලොක් පාරේ තියෙන ශාඛාවට අමතරව, Elegant Smockers ශාඛාවන්, Kandy City Center 3 වන මහලේ සහ One Gall face හි 4 වන මහලේ විවෘතව තිබෙනවා. අලුත උපන් බබාලට අත්‍යවශ්‍ය දේවල් වගේම ළදරුවන්ට සහ ළමයින්ට ගැලපෙන ගෘහ භාණ්ඩ දක්වා ඉතා හොඳ නිෂ්පාදන තේරීමක් Elegant Smockers හි තිබෙනවා. අම්මයි බබයි ගැන ගොඩක් හිතලා Elegant Smockersලා පැස්ටල් තේමාවක් භාවිතා කරමින් නිශ්පාදනයන් සිදුකරන නිසා බබාටයි අම්මටයි දෙදෙනාටම මේ නිශ්පාදන භාවිතයෙන් ඇත්තටම සන්සුන් බවක් දැනෙන බවනම් අනිවාර්යයෙන් කියන්න අවශ්‍යයි.

 

Baby Care


Contact – 0112 769 501
Address – 153, High Level Road, Nugegoda
Open Time – 10 am to 7.30 pm
Website – www.babycare.lk

බබාට අවශ්‍ය ඕනෑම දෙයක් වගේම ,අම්මලට ඕන කරන දේවල් මිලට ගන්න පහසු වෙබ් අඩවියක් තමයි Baby Care කියන්නේ . හැබැයි, අතට අරන් තෝරලා බලල ගන්න කැමති කෙනෙක් නම් Baby Care ගෝල්ෆේස් සහ නුගේගොඩ ශාඛා වලට ගිහින් නිදහසේ අවශ්‍ය කරන නිශ්පාදනයන් තෝරගන්න ඉඩකඩ තිබෙනවා.

 

Cool Kidz


Contact – 0112 689 682
Address – 159 Castle St, Colombo 8
Open Time – Monday-Friday 9 am to 8.30 pm, Saturday-Sunday 9 am to 8 pm
Website – www.coolkidz.lk

බබාලට ඕනේ ඔක්කොම දේවල් Cool Kidz වෙතින් පහසුවෙන් ලබාගන්න පුළුවන්! බබාලට feeding chairs, feeding bottles, play pens, strollers පමණක් නොවේ, අම්මලාට feeding bras සහ pregnancy pillows වගේ මාතෘ නිෂ්පාදනත් මිලදී ගන්න Cool Kidz අලෙවි සැලෙන් පුළුවන්. ඔවුන් ළඟ Farlin නිෂ්පාදන බොහොමයක් තියෙන නිසා, ඔයා Farlin ෆෑන් කෙනක් නම්, Cool Kidz ඔයාට කියාපුම ස්ථානයක්.

 

Baby Bear Boutique


Contact – 0773 506 965
Address – 35, Pagoda Road, Nugegoda
Open Time – Tuesday -Saturday 10 am to 8 pm, Sunday-Monday 10 am to 6 pm

Baby Bear Boutique දැන් One galle Face හි පිහිටා ඇති අලුත්ම අලෙවිසලෙන් ඔයාට අවශ්‍ය ළදරු නිශ්පාදන අරගෙන එනවා. බබාලා වෙනුවෙන්ම ඇති විචිත්‍රවත් හා වර්ණවත් ක්‍රියාකාරකම් සඳහා නිෂ්පාදන වල සිට අලුතින්ම මව්පදවියට උරුමකම් කියන අම්මලාට අවශ්‍ය භාණ්ඩ මෙහිදී මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා. මේ වෙනකොට ඒගොල්ලන්ගේ වෙළඳසැල් දෙකේම ගොඩක් භාණ්ඩ සඳහා 20% ක ඉතිරිකිරීමේ වට්ටමක් ලබාදෙන්න කටයුතු කරනවා.

 

Mothercare


Contact – 0115 882 882
Address – 7, R.A. De Mel Mawatha, Colombo 5
Open Time – 10 am to 8 pm

Mothercare කියන්නේ ළදරු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාමයක්. උසස් තත්ත්වයේ නිෂ්පාදන ගෙන එන Mothercare විවිධාකාර සහ විශ්වාසයකින් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඩුප්ලිකේෂන් පාරේ පිහිටා ඇති අලෙවිසලෙන්, අලුතෙන් දෙමව්පියන් වෙන්න ඉන්න ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ බඩු ලයිස්තුව ඉක්මනින් සම්පුර්ණ කරගන්න හැකියාව තිබෙනවා.

ඉතින් අපි මේ කියපු තැන් දෙමව්පියන් වෙන්න ඉන්න අයටත් අලුත ඉපදුනු දරුවෙක්ව බලන්න යන අයටත් වැදගත් වෙයි කියලා අපි හිතනවා.

මිත්‍යාමත වලිනුයි, පවුලේ උදවියගේ පීඩනයෙනුයි පොඩ්ඩක් ඈත් වෙලා, අම්මටයි බබාටයි උපරිම ආරක්ෂාව සහ සුවපහසුව සහතික කරන්න, මේ ඕනෑම වෙළඳසැලක වෘත්තිකයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න පැකිලෙන්න එපා.

Mango Curry Recipes

රසනහර පිනායන අඹ කරියක් හදාගන්නේ මෙහෙමයි..

අවශ්‍ය දුව්‍ය 

අඹ
ලුණු -තේ හැදි 1
මිරිස් කුඩු – තේ හැදි 1
කරි පවුඩර් – තේ හැදි 1
මහදුරු – තේ හැදි 1
අබ -තේ හැදි 1/4
කරපිංචා හා රම්පේ කොළ
මිරිස් කුඩු – තේ හැදි 1/2
සීනි -තේ හැදි 1 1/2
තෙල් – තේ හැදි 1 1/2
පොල් කිරි – තේ හැදි 1 1/2
අමු මිරිස් – 1
ලූණු – 1

සාදාගන්නා ආකාරය 

1.අඹ සෝදා පිරිසිදු කර කපා විනාඩි 15-20ක් වතුරේ පොඟවා ගන්න.
2.ඉන්පසු වතුර පෙරා එයට මිරිස් කුඩු (1 තේ හැදි), ලුණු සහ කරපිංචා එකතු කරන්න.
3.තෙල් රත් කර ළූණු, මහදුරු , අබ , කරපිංචා සහ රම්පේ කොළ සහ ඉතිරි මිරිස් කුඩු එක් කරන්න.
4.එයට අඹ, අමු මිරිස්, පොල් කිරි සහ සීනි එකතු කරන්න.
5.මිනිත්තු 15-20 ක් අඩු ගින්නෙන් පිසගන්න.

ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග, දැන් ඔබ වෙනුවෙන්ම විවෘතයි

සිනමන් ලේක් සයිඩ්හි පිහිටා තියෙන ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග , දැන් ඔබ වෙනුවෙන් විවෘතයි! ඉතින් උණුසුම් හැන්දෑවක, බේරේ වැවේ ලස්සන වීව් එකක් තියෙන මේ නවීන පන්තියේ බාර් එකට අපිත් ගියා. මෙහි එළිමහනේ 80 කට පමණ සුවපහසු ලෙස අසුන් ගන්න පුළුවන්. තව ගෘහස්ථ ආසනත් වෙන් කරලා තියෙනවා.

Drinks

කොක්ටේල්ස් (Cocktails)

Lantharuma – Rs 1,200


සියලුම ColamBar බීම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රසයන්ගෙන් යුක්තයි. Ceylon Arrack, අච්චාරු ඩිස්ටිලේට්, ඉඟුරු සහ සියඹලා වලින් හදන ලද මේ කොක්ටේල් එක අපි ඇණවුම් කරපු සැර කොක්ටේල් වලින් එකක්. ඒ වගේම තමයි මොවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඉතාමත් ආශ්වාදජනක ලෙස ඉදිරිපත් කිරීමයි. ඉතින් මේ කොක්ටේල් එක අපිට බොන්න ලැබුණේ සැබෑ ලන්තෑරුමකිනුයි. සැර කොක්ටේල් එකක් වුණාට සිසිල් කරවන ස්වාභාවයකුත් මේ බීම එකට තියෙනවා. ඇල්කොහොල්වල තියුණු රසයත් එකක් සියුම් පැණි රසක් මුසුවී ඇති නිසා සියඹලා ටොෆියක රස මතක් වෙන්නත් පුළුවන්.

Mr Taylor – Rs 990


ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජේම්ස් ටේලර්ගේ නමින් හඳුන්වන මේ පානයත් කොමඩු රසයකට මුසුවූ සියුම් ජැස්මින් තේ රසයකින් යුක්තයි. මේ කොක්ටේල් එක සිහිල් කරලත් උණුසුම් හැන්දෑවක බීමට වඩාත් සුදුසුයි.

TikakPepsith Wage – Rs 990

TikakPepsith Wage කොක්ටේල් එක පෙප්සි, Ginger Ale සහ රොක්ලන්ඩ් රම් මිශ්‍රණයක්. රම්වල රසය යන්තම් දැනෙන නිසා එය පානය කිරීම පහසු කරයි. නමුත් මේ කොක්ටේල් එක බීලා මිනිත්තු කිහිපයකට පසුව ඔබට මෙය තදින්ම දැනෙන නිසා බොනකොට ටිකක් ප්‍රවේසමෙන් බොන්න කියලත් අපි මතක් කරනවා.

YaalPanam – Rs 990


සැර රස වලට හා විවිධ රසයන්ට රුචිකත්වයක් ඔබට ඇත්නම්, මේ කොක්ටේල් එක ඔබට ඉතාම කදිමයි. කුඩා සෙරමික් තේ පෝච්චියක ඉදිරිපත් කරන මේ පානය යාපනයට යන ගමනක් වගේ අත්දැකීමක් වෙයි.

මොක්ටේල්ස් (Mocktails)

පඩික්කම – Padikkama – Rs 990

මෙම පානය අයිස් යොදා බාර් එකෙන්ම සකස් කර සාරවිට මිශ්‍රණයක් සමග ඔබට පිළිගන්වන්නේ කුඩා පඩික්කමකයි. නැවුම් සහ සැහැල්ලු රසයක් එයට එක් වුණත් එහි රසය මොකද්ද කියලා ඔබට බොහෝ විට මුලින් සිතා ගන්නනම් බැරිවෙයි.

Mains

Sides

Spiced Potato Fries – Rs 350

මෙය ඉතා රසවත් බවක් ගෙන දෙන බවනම් අපට විශ්වාසයි. මිරිස් පදමට යොදා මෙය සකස් කර තිබෙනවා. ඒ වගේම තමයි රුපියල් 350ක් වැනි මිලට සරිලන ආහාරයක් ඔබට රස විඳින්න අවස්ථාව ලැබෙනවා.

Ceylon Mixed Grilled – Rs 1800

ඔන්න ඉතින් මේ Mixed Grilled එකනම් අපි අපේක්ෂා නොකළ තරමක් පොඩි පෝර්ශන් එකක් තමයි අපිට ලැබුණේ. බැටළු මස් කට්ලට්, ගම්මිරිස් යෙදූ හරක් මස් මීපැනි සහිත බාබකියු චිකන් මාළු ස්ටේක් දැල්ලන් සහ ඉස්සන් මිශ්‍ර කර ඇති නමුත් එහි අපි බලාපොරොත්තු වූ රසයක් මතු වුණෙ නැහැ. පොඩි රසයක් හරි තිබ්බේ එහි තිබූ තක්කාලි වලයි.

අතුරුපස (Dessert)

Coconut Creme Brulee – Rs 450

තරමක් විශාල මැටි බඳුනක තැන්පත් කර ඇති පොල් බෑයක මේ අතුරුපස ඔවුන් අපට පිළිගැන්වූවා. මෙහි සියුම් පොල් රසයක්ද මුසුවී තිබීම නිසා අමුතු රසයක් එක් කළා.

වටපිටාව


lake side එකෙන් හමා එන සුළගත් එක්ක සුන්දර වටපිටවක තටාකයේ වම් පැත්තට වෙන්න මේ bar එක පිහිටලා තිබෙනවා. bar එක Open කරන වෙලාව පහුවෙලා විනාඩි 45 පහකට පසුව තමයි අපි මෙතනට ගියේ. නමුත් අපි යන වෙලාව වෙනකොට කාර්යමණ්ඩලය ඒ වෙනකොටත් පිරිසිදු කිරීම් කරමිනුයි සිටියේ. වේටර්වරුන්ගේ අවධානය අප වෙත යොමුවෙන්න තවත් සෑහෙන වෙලාවක් ගත වුණා. ඔවුන්ගේ සේවාවන් ‌ගොඩක් මන්දගාමී කියල නම් අනිවාර්යයෙන් කියන්න අවශ්‍යයි. ඔවුන් අපට බීම බට සැපයූවේ නැහැ.( ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඔවුන් බීමබට යන ආදිය භාවිතා කරන්නේ නැහැ) ඒ නිසා අපිට bar එකටම ඇවිදගන යන්න වුණා paper straws ලබා ගන්න. කොහොම වුණත් අපි drinks ගැන වේටර්වරුනගෙන් ඇසුවාට පසුව drinks තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන් අපට උදව් කලා. මොවුන්ගේ තිබෙන අඩුපාඩු හදාගත්තොත් ඇත්තටම colombo වල තිබෙන හොඳ ස්ථානයක් බවට මෙය පත්වෙන්න හැකියාව තිබෙනවා.

Tip – ඔවුන්ගේ මුළුතැන්ගෙය විවෘත වන්නේ සවස 5.30 ට පසුව පමණි!

Mackie’s Restaurant එකේ ඇති රසවත් කෑම ඔයාලට තාමත් රසවිඳින්න බැරිවුණාද?

ඔන්න තාමත් මේ Mackie’s Restaurant එක ගැන දන්නේ නැති අයට තමයි අපි අද අපේ රස ගැස්ම වෙන් කරන්නේ. මේ Restaurant එකේ පිළිගන්වන ශ්‍රී ලංකික සම්වභයක් ඇති චයිනීස් කෑම වට්ටෝරු ඉතා සරලයි වගේම විවිධ රසයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි අපි එදිනෙදා රස විඳින සාමාන්‍ය චයිනීස් කෑම අලුත්ම විදියකට මෙහිදී පිළිගන්වනවා. මෙම ආහාර ප්‍රනීත රසයකින් යුක්ත වන අතර ඔබේ රස නහර හා ඇසද පිනවන්නට සමත් වෙන එකනම් විශ්වාසයි.

Drinks

Mackie’s හි ඇති පානයන් වර්ග අතර මොක්ටේල්, ජුස්, මිල්ක්ෂේක් සහ සෝඩා වැනි වර්ග රැසකින් සමන්මිතයි. ඉතින් මේ පානයන් ඔයාගේ ආහාරවේලට ගැලපෙන අයුරින් තෝරාගැනීමට මෙහිදී ඔයාට පුළුවන්.

Blue Lagoon – Rs 425

දොඩම් හා මින්ට් රසැති මෙම පානය blue curacao, දෙහි කෝර්ඩියල් හා සෝඩා මිශ්‍ර රසවත් පානයක්. මේ පානය උණුසුම් සහිත දිනයක සිසිල් වීමටනම් ඉතාමත් කදිමයි.

Chocolate Milkshake – Rs 375

ඉතා උකු බවින් යුක්ත වගේම ප්‍රනීත රසැති මේ චොකලට් මිල්ක්ෂේක් එක උණුසුම් දිනයක රස විඳීමට කියාපු පානයක්. ඉමිහිරි චොකලට් රසයක් හා ප්‍රමාණවත් පැණි රසයෙන් යුතු මෙය හොඳ ආකර්ශනීය තෝරාගැනීමක්.

Tropical Paradise – Rs 495

තරමක් උස, වර්ණවත් වීදුරුවක පිළිගන්වන මෙය මෙනුවේ දක්වා තිබුණේ දොඩම්, අන්නාසි, අඹ, coconut ක්‍රීම් සහ grenadine සිරප් කලවම් වූ සංයෝගයක් විදිහටයි. මේ බීම එකේ ඔබ ඉස්සෙල්ලාම රස විඳින්නේ අඹ හා දොඩම් රසයක්. ඒ රස අවසන් වන්නේ ප්‍රනීත අන්නාසි හා ගස්ලබු රසයකින්. අලංකාර උස වීදුරුවක ප්‍රියජනක ලෙස පිළිගන්වන මේ බීම එක පලතුරු රසට ප්‍රිය කරන ඔබටම සරිලන පානයක්.

Mains (ප්‍රධාන ආහාර)

Mackie’s Restaurant එකේ ප්‍රධාන ආහාර වේලකින් ඔබට එළු මස් වැනි මස් වර්ගයන්ගේ ඉඳලා කකුළුවන් හා දැල්ලන් ඇතුළු සියලුම දේ රස විඳීමට පුළුවන්. රසවත් starch dish සිට ප්‍රෝටීන් ඇතුළු සියලුම දෙනාට සරිලන ආහාර මොවුන්ගේ මෙනුවේ අඩංගුයි.

Hot Butter Cuttlefish – Rs 1150

කර කර ගාලා රසට හැපෙන ආශ්වාදනීය බටර් රසයක් තිබෙන මේ dish එක අපි රස විඳලා තියන ඉස්තරම්ම Hot Butter Cuttlefish meal වලින් එකක්. මේ අසම සම Hot Butter Cuttlefish meal එක කන්න කන්න ආස හිතෙන dish එකක්. ඒ වගේම මේ dish එක දෙන්නෙකුට තුන්දෙ‍නෙකුට උනත් සෑහෙන තරම්. ඔබ Mackie’s Restaurant එකට ගියොත් මේ Hot Butter Cuttlefish dish එක අනිවාර්යෙන් රස විඳින්න කියල අපි ඔබට මතක් කරනවා.

Sizzling Hot Garlic Fish – Rs 1250

ඉතා ප්‍රියජනක ආහාරයක් වන sizzling fish තමයි මෙහි ඇති රසවත්ම ආහාරය . මාළු මිරිස් සෝස් දවටපු , ස්ප්‍රිංග් අනියන් වලින් සැරසූ හොඳම කුළුබඩු යොදාගන සාදන මේ sizzling fish එකටනම් අපි කැමති වෙන එක අරුමයක් නෙවෙයි. ඇත්තටම එය ඒ තරමටම රසවත්.

Chicken Hong Kong Style – Rs 850

මෙම dish එක දැක්ක ගමන් හිතෙන්නේ කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා. නමුත් විශ්වාස කරන්න එහෙම පෙනුනට රසයේ අඩුවක්වත් එක්කර තිබෙන මස්වල අඩුවක්වත් නැහැ. මේ dish එකේ තියෙන Chicken සෝස්වල දවටලා තමයි අපිට පිළිගන්වන්නේ . ඒ වගේම සෝයා , වියළි මිරිස් සහ ස්ප්‍රිංග් අනියන් යොදා ගෙන සරසලා තියෙන මේ dish එක අපට දෙන බත් එකට හොඳින් ගැළපෙනවා.

Sweet and Sour Prawns – Rs 1100

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චීන වට්ටෝරුවක් විදිහට සකස් කරලා තිබ්බ මේ dish එක අපේ පැරණි රස මතකයන් අලුත් කලා කිව්වොත් හරි. ඉස්සන් ප්‍රමාණයෙන් විශාල නැති වුනත් හොඳට ඒවා මසින් පිරී තිබුන වගේම එය උකු බැටර් මිශ්‍රණයක තවරා රසවත් ලෙස සකස් කොට තිබුනා.

Mixed Crispy Noodles – Rs 1250

Mixed Crispy Noodles dish එක තමා Mackie’s Restaurant එකේ අපේ දහවල් ආහාර වට්ටෝරුව වුණේ. හතු, බේල් පෙපර්, ඉස්සන්, chicken හා beef මුසු වූ මේ නූඩ්ල්ස් එක crispy රසයෙන් තිබුන වගේම පදමට තෙම්පරාදු කරලා තිබුනා.

Seafood Rice – Rs 825

ඉතා රසවත් ලෙස සකස් කොට තිබු මෙම බත් එක තුන්දෙනකුට වුවත් ප්‍රමාණවත් තරමට පිළිගන්වා තිබුනා. කුඩා ඉස්සන් හා දැල්ලන් කැබිලි මිශ්‍ර වූ මෙම බත් එක ඔබ එදිනෙදා රස විදින එකාකාරී Chinese rice එකකට වඩා රසයෙන් වැඩි වගේම එය Mackie’s Restaurant එකේ පිළිගන්වන අනෙකුත් dish සමග මෙය හොඳින් ගැලපුනා.

Mixed Vegetables in Garlic Butter – Rs 750

මේ එලවළු මිශ්‍රණයේ කිසිම සුදු ළුණු රසයක් නැති වුණත් එය අවශ්‍ය ප්‍රමාණයට වඩා බටර් රසයක් ගත්තා. කොහොම උනත් එහි තිබු මෘදු රසය හා සෞඛ්‍යමත් බව නිසා අපිට සමබර ආහාර වේලක් රස විදින්න පුළුවන් වුණා.

Desserts

Mackie’s Restaurant එකේ ඇති අතුරුපස මෙනුව අනෙක් ඒවා වගේම සාමාන්‍ය වුනත් ඔවුන් එය අනර්ඝව පිළියෙළ කොට පිලිගන්වනවා.

Baked Alaska – Rs 550

අපි බලාපොරොත්තු නොවු විදිහට මේ dish එක සිත් ඇදගන්නා එකක් වුණා. රසවත් කේක් තීරු, ice cream, චෙරි හා චොකලට් සෝස් මිශ්‍ර වූ මේ අතුරුපස පැනි රසට ප්‍රිය ඔබව අනිවාර්යෙන්ම තෘප්තිමත් කරාවී. මෙහි ඇති අධික රස හා ප්‍රමාණය නිසා මෙය sharing dish එකක් ලෙසත් රසවිදීමට ඔබට හැකියි.

Sizzling Chocolate Brownies with Vanilla Ice Cream – Rs 575

Mackie’s Restaurant එකේ sizzling dishes හැම එකක්ම ඉතා විශිෂ්ඨ ලෙස සකස් කරනවා. Brownies කෑලි දෙකක් මතට වැනිලා icecream හා චොකලට් සෝස් දමා රස කොට තිබු මේ dish එක ඉතාමත් රසවත්. Brownie එක කේක් එකක් ලෙස පෙනුනත් අපිට ආස හිතෙන විදියට වැඩි චොකලට් රසයකින් හා මදක් වියළි ගතියකින් සකස් කොට තිබුනා.

Mackie’s Restaurant එකේ සේවාව ඉතා කඩිනම් හා සැලකිලිමත් කියලත් අපි කියන්නම ඕන. මෙහි සේවාවද ඉතාමත් සුහදශීලීයි. මෙම අවන්හලෙහි උඩු මහල හා පහත මල් දෙකෙහිම අසුන් ගැනීමේ පහසුකම් ඇති අතර උඩු මහල වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් දහ දෙනෙකුට පමණ සත්කාර කල හැකි පෞද්ගලික ‌‌භෝජන ශාලවක්ද මොවුන් සතුව තිබෙනවා.

Tip – අනිවාර්යෙන්ම Mackie’s Restaurant එකේ Mixed Crispy Noodle එක රස විඳින්න.

අතරමං වෙන්නේ නැතුව පිටකොටු යන්න නම් මේ දේවල් ඔබට වැදගත් වේවි..

පිටකොටුව කියන්නේ ඒ කාලේ ඉදන්ම අහන්න දකින්න ලැ‌බෙන ප්‍රසිද්ධ ස්ථානයක්. මේ ස්ථානය පිළබඳව නොදන්න කෙනෙත් නැති තරම්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමග ගණුදෙනු කරත් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න හරියටම දන්නේ නැහැ. පිටකොටුවේ ඉතින් නැති දෙයක් නැහැ කියලා තමයි කතාවට බොහෝ අය කියන්නේ. පිටකොටුව වැඩිපුරම ප්‍රසිද්ධ ඒ ඒ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ ​වෙළඳ භාණ්ඩවලින් පිරිලා තියෙන නිසයි .ලංකාවේ අනිත් ප්‍රදේශ වලින් හොයාගන්න බැරි දේවල් පිටකොටුවෙන් හොයාගන්න පුළුවන් වීම තමයි මෙහි තියන මූලික විශේෂත්වය . ඒ වලේම පිටකොටුවට ආවොත් ඕනම දෙයක් අඩු මිලට මිලදී ගන්න පුළුවන්.විශාල ප්‍රදේශයක් හරහා පැතිරිලා තියෙන පිටකොටුව ​සියලු වෙළඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය විදියට සලකනවා. මුල් වතාවට පිටකොටු යන කෙනෙක්ටනම් අනිවාර්යෙන් එහි ගියාම වංකගිරියකයට ගියා හා සමන අත්දැකීමකට මුහුණ දෙන්න වෙන එක සුලභ කරුණක්. නමුත් ඉතින් තම අවශ්‍යතාවන් සපුරාගන්න හොඳම වෙළඳසැල්, ලාබෙට බඩු ගන්න හරියනම තැන් හොයාගන්න වගේම හොඳම ගණුදෙනුකරුවන් හොයාගන්න පිටකොටු ගිහින් ඇවිදලම බලන්න වෙනවා. හැම පාරක්ම ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලිව නම් කරලා තියෙන නිසා පිටකොටුවේ ඇවිදින ඔබ බයවෙන්න දෙයක් නම් නැහැ.

පිටකොටුවේ ​​ප්‍රධාන වීදිය සහ බෝධිරාජා වීදිය අනෙක් සියලුම වීදිවලට ​​විවෘත වන බැවින් මෙම මාර්ග පිටකොටුව තුළ ගමන් කිරීමේදී ගොඩක් වැදගත් වෙනවා. ඔබ පිටකොටුව තුළ ඇවිදින්න පාරවල් දැනගන සිටියත්, එහි යන්න එච්චරම පහසු නැහැ . ඒ නිසා මේ වැඩේට google map එක භාවිතා කරන්න පුළුවන් . එහි මාර්ග සහ විශාල වෙළඳසැල් බොහොමයක් මනාව ලේඛනගත කරලා තියෙන නිසා පිටකොටුවේ ඇවිදින්න ඔබට අපහසුවක් වන එකක් නැහැ. ඒත් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය දේ ඇති, google map එකේ පෙන්නන්නේ නැති, සැඟවුණු ස්ථාන රාශියක් තිබීමට හැකියාව තිබෙන නිසා සාප්පු සොයා ගැනීමේදී google map එකම භාවිතා කරන්නේ නැතුව ටිකක් ඇවිදලා බලන්න.

 

මැලිබන් වීදිය
පිටකොටුවෙහි ​මෙම ප්‍රදේශය ලිපි ද්‍රව්‍ය සැපයුම්, විශේෂයෙන් මංගල ආරාධනා සඳහා වඩාත් ප්‍රසිද්ධ වනවා.

 

ගැබෝස් පටුමග සහ වෙල්ස් වීදිය
බේකිං අමුද්‍රව්‍ය සහ කේක් බඳුන්, කේක් අච්චු වැනි උපකරණ රාශියක් මෙහි දී ඔබට සොයාගන්න හැකියාව තිබෙනවා.

 

ප්‍රින්ස් වීදිය
වීදුරු වලින් සාදන ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම විශේෂයෙන් කණ්නාඩි වර්ග මෙහිදි සොයාගන්න පුළුවන් . ඒ වගේම , ඔබට ඉලෙක්ට්‍රොනික් හා සෙල්ලම් බඩු ද සොයාගන්න මෙහිදී හැකියාව තිබෙනවා.

 

බෑන්ක්ෂෝල් වීදිය
මෙම වීදිය සාමාන්‍යයෙන් විවිධාකාර දේවල් වලින් සමන්විතයි. කලාකරුවන් සඳහා වන සැපයුම් සමඟ කලා සහ ශිල්පීය ද්‍රව්‍ය අලෙවි කරන සාප්පු කිහිපයක් මෙහි දකින්න ලැබෙනවා.ඒ වගේම ප්ලාස්ටික් මල් සමග ඔබට ‌ඖෂධ සහ රසායනික සැපයුම් ද සොයාගැනීමට හැකියාව තිබෙනවා.

 

ප්‍රධාන වීදිය, ඕල්කොට් මාවත, දෙවන හරස් වීදිය, කීසර් වීදිය
රෙදිපිළි කර්මාන්තයට අදාළ සෑම දෙයක්ම ප්‍රධාන විදීයෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දෙවන හරස් වීදිය සහ කීසර් වීදිය රෙදිපිළි සම්බන්ධ සැපයුම්වලින් පිරී තිබෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම රෙදිපිළි වර්ගයන් මෙම මාර්ගවලින් සොයාගැනීමට පුළුවන්.

 

තෙවන හරස් වීදිය
මෙහිදී ඔබට තරාදි හා මිටි, ඉස්කුරුප්පු නියන් වැනි මෙවලම් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

 

චීන වීදිය
චීන වීදිය ප්‍රධාන පිටකොටු ​​ජාලයට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති අතර අනෙක් වීදි තරම් ජනාකීර්ණ නැහැ. (බොහෝ දුරට). වීදුරු භාණ්ඩ සමඟින් ඔබට බොහෝ නික්නැක්, විසිතුරු භාණ්ඩ සහ උත්සව සදහා අවශ්‍ය සැරසිලි මිලදී ගන්න හැකියාව තිබෙනවා.

 

හතරවන හරස් වීදිය
දුසිම් ගණනක් ‌තොග ආහාර අලෙවි කරන තොග වෙළඳසැල් මෙම විදියෙන් ඔබට සොයාගන්න පුළුවන්. සියලුම ආපනශාලාහිමියන් තම සැපයුම් ලබා ගැනීමට යන ස්ථානය මෙය වන අතර එම වීදියේ උදේ වරුවේ දැඩි කලබලකාරී වාතාවරණයක් දකින්නට ලැබෙනවා.

 

රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග
ඔබ ලිපි ද්‍රව්‍ය, විශේෂයෙන් කඩදාසි සොයන්නේ නම් ඔබ යා යුතු ස්ථානය තමයි රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග . ඒ වගේම මුද්‍රණ සැපයුම් විශාල ප්‍රමාණයක් මෙහිදී සොයාගන්න හැකියාව තිබෙනවා.

 

පළමු හරස් වීදිය
ඔබට ජංගම දුරකථනයක් තිබේ නම් හෝ එකක් මිලදී ගැනීමට වුවමනානම් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මෙම වීදියෙන් සොයාගන්න හැකියාව තිබෙනවා. ජංගම දුරකථන හැරුණු විට ඔබට වෙබ් කැමරාවන් වැනි අමතර උපාංග සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණද මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

 

මල්වත්ත පාර
සපත්තු, ලෙදර් බෑග්, සංචාරක බෑග් සහ ඒ හා සමාන දේවල් වගේම ඔබ සංයුක්ත තැටි, ඩීවීඩී සහ කැසට්පට භාවිතා කරන අයගෙන් කෙනෙක් නම්, ඒවා සොයා ගැනීම සඳහා ඔබ යා යුතු ස්ථානය තමයි මල්වත්ත පාර.

ඉතින් ඔන්න ඔයා පිටකොටු යන්න ඉන්න කෙනෙක්නම් නැත්තම් පිටකොටුව පිළිබඳව ලොකු අවබෝධයක් නැති කෙනෙක්නම් මෙන්න මේ තොරතුරු ඔබට වැදගත් වෙයි. ඉතින් ඊළඟ පාර ඔයාට අවශ්‍ය තත්වයෙන් උසස් හෝ ලාබෙට මොනවමහරි දෙයක් මිළදී ගන්න පිටකොටු යනවනම් ඔයා හරියටම දන්නවා දැන් යන්න ඕන කොහෙටද කියලා.

පාට වෙනස්වෙන Mermaid Drink එක ට්‍රයි කරන්න කැමතිනම් Mitsi’s අලෙවිසැලට යන්න අමතක කරන්න එපා

කොළඹ කියන්නේ අලුත් අලුත් දේවල් මුලින්ම මිනිස්සු අතරට එන ප්‍රධාන නගරයක් කියන එක හැමෝම දන්නවානේ. ඉතින් ඔන්න මේ වසර තුලදී කොළඹ නගරයට එකතු වූ අලුත්ම දේ තමයි One Galle Face Mall කියලා කියන්නේ. ඒ වගේම තමයි කොළඹට මෙහෙම අලුතෙන් එකතු වූ One Galle Face Mall එක මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වලත් බොහෝ සෙයින් දැකගන්නට ලැබෙනවා. ඉතින් මේ හේතුව හින්දම අපි හිතුවා මේ සතියේ One Galle Face පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. කතාවක් තියෙනවානේ කෑමක් කන්න කලින් ඇස් දෙකට දැකලා හිත පිරෙන්න ඕන කියලා .ඉතින් One Galle face ගියපු මට වුණේ අන්න ඒ දේ තමයි .මම දැන් ඔයාලට කියන්නම් දැක්ක ගමන් හිත පිරුණ ඊට පස්සේ මගේ රසනහර පිනාගිය ඒ විශේෂ දේ මොකක්ද කියලා.

මට හමුවුණු ඒ විශේෂ දේ තමයි Mermaid Drink එක. මේ ප්‍රණීත පානය ජේම්ස් සහ සින්තියා විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේම නිශ්පාදනයක් වන අතර වර්තමානයේ One Galle Face Mall තුළ ඇති Mitsi’s අලෙවිසැලෙන් ඔබට Mermaid Drink එක රසවිඳීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම පානයේ තියන විශේෂත්වය තමයි අපි මීට කලින් ලංකාව තුළ මේ විදියේ වර්ණයක් තියෙන ඒ වගේම ඒ වර්ණය සැරින් සැරේ වෙනස්වෙන රසවත් පානයක් දැකලා නැති එක . ඉතින් දැන් ශ්‍රී ලංකාව තුළ පළමු වතාවට Blue Teas සහ වර්ණ වෙනස් කරන Lemonade පානයන් Mitsi’s අලෙවිසැලෙන් ඔබට පහසුවෙන් මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම මම මේ Mermaid Drink එක Internet එකේ කලින් දැකලා තිබුණා. ඒ වෙලේ මේ වර්ණයන් වෙනස්වෙන අමුතු පානය බොන්න ඇත්තටම ආසවක් ඇතිවුණා. මම හිතුවේ නැහැ මට Mermaid Drink එක රසවිඳින්න අවස්ථාවක් ලැබෙයි කියලා . හැබැයි One Galle Face Mall එකේදී මට ඒ රසවත් අත්දැකීම විඳින්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ පානයේ වර්ණයන් වෙනස්වෙන විදිය දැක්කොත් ඔබ පුදුමයට පත් වේවි.

Blue Lemonade – LKR 450

මේ පානය ගැන කිව්වොත් ඔවුන් ළඟ තියෙන ආකර්ෂණීයම පානය විදියට Blue Lemonade පානය හඳුන්වන්න පුළුවන්. මෙම පානය කව්පි මල් තේ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කව්පි මල් තේ වල කිසිදු රසයක් නැහැ කියලා තමයි පැවසෙන්නේ. මේ පානයේත් විශේෂත්වය තමයි අපි බලන් ඉද්දිම මෙහි වර්ණය සෙමින් සෙමින් වෙනස් වෙනවා. ඔබ Blue Lemonade මෙහිදී මිලදී ගන්න යනවානම් මිලි ලීටර් 400ක ලොකු කප් එකක් ඔබට රස විඳින්න හම්බෙනවා.

Passion fruit – LKR 470

ඔබ පැෂන් ෆෘට් වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නම් මේ පානයට ඔබ අනිවාර්යයෙන් කැමති වේවි. පැෂන් රසය සැබවින්ම මේ තුළින් ඉස්මතු වන අතර මේ පානයේත් වර්ණයන් වෙනස්වෙනවා. හැබැයි මේ පානයෙන් කව්පි පිටි තේ වල ලොකු රසයක් දැනෙන්නේ නම් නැහැ. කව්පි පිටි තේ වල රසයක් දැනෙන්නේ නැති වුණත් Passion fruit පානය ඉතාමත් සිත්ගන්නාසුළු පානයක් විදියට හඳුන්වන්න පුළුවන්.

Strawberry – LKR 490

ස්ට්‍රෝබෙරි කියන්නේ ගොඩ දෙනෙක් ප්‍රියකරන දෙයක්. ඉතින් ඔවුන් නැවුම් ස්ට්‍රෝබෙරි භාවිතා කිරීමෙන් මෙම පානය නිර්මාණය කර තිබෙන්නේ ස්ට්‍රෝබෙරි වලට කැමති ඔයාලා වෙනුවෙන්මයි. මෙම පානයත් අනෙක් සියලුම පානයන් වගේම ගොඩක් රසවත් .

අපි හැමෝම කැමතියිනේ අළුත් කෑම බීම අත්හදා බලන්න. ඉතින් One Galle Face යන ඔබටත් මේ Mermaid Drink එක අත්හදා බලන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද මේ පානය ආකර්ෂණීය වගේම රසවත් පානයක් බව නොකියාම බැරිදෙයක්. ඉතින් මං වගේම මේ පානය රසවිඳින්න කැමැත්තක් දක්වන අයට මම කියන්නේ මේ පානය බීලම බලන්න කියලා. මට විශ්වාසයි ඔබත් අනිවාර්යයෙන්ම මේකට ගොඩක් කැමති වෙයි. මෙහි ඇති තවත් විශේෂ දෙයක් තමයි මෙම ව්‍යාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරන්න වගේම මෙම පානයන් සඳහා යොදා ගන්නා කව්පි මල් වාණිජමය වශයෙන් ලබා දීමටත් ඔවුන් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා කියලත් ඔවුන් සඳහන් කළා.