Blog Page 8

බියර් බැටර්ඩ් චිකන් | Beer Battered Chicken …

https://www.youtube.com/shorts/x4ROuZIGvv8

අවශ්‍ය ද්‍රව්‍ය …

කුකුල් මස් 400g
සුදුළූනු කුඩු තේ හැදි 1
ගම්මිරිස් තේ හැදි ¾
ලුණු තේ හැදි 1 ¼
පාන් පිටි කෝප්ප ½
ඉරිඟු පිටි කෝප්ප ½
මිරිස් කුඩු තේ හැදි 1
කහ තේ හැදි ¼
බියර් කෝප්ප ¾

සාදාගන්නා ආකාරය …

බඳුනකට, සකස් කළ කුකුල් මස්, සුදුළූනු කුඩු, ගම්මිරිස් සහ ලුණු එකතු කරගන්න, මිශ්‍ර කර විනාඩි 30 ක් marinate කිරීමට ඉඩහරින්න.

පාන් පිටි, ඉරිඟු පිටි, මිරිස් කුඩු, කහ සහ බියර් වෙනම භාජනයකට දමා හොඳින් whisk කරගන්න.

Marinate කල කුකුල් මස් බැටරයේ ගිල්වා සෑම පැත්තක්ම රන්වන් පැහැ වන තුරු තෙල්වලින් බැද ගන්න.

ඔබ පිළියෙළ කරගත් රසවත් Crispy Beer Battered Chicken වට්ටෝරුව දැන් පිළිගන්වන්නට සියල්ල සුදානම්.

රඹුටන් ජෑම්| Rambutan Jam …

https://www.youtube.com/shorts/DQwzDWvzqBY

අවශ්‍ය ද්‍රව්‍ය …

රඹුටන් (බීජ රහිත) කෝප්ප 2 යි
සීනි කෝප්ප ½යි
Red Food Coloring බිංදු 1යි

සාදාගන්නා ආකාරය …

ඇට ඉවත් කරගත් රඹුටන් මදය බ්ලෙන්ඩරය භාවිතයෙන් මිශ්‍ර කරගන්න.

එම මිශ්‍රණය පෑන් එකකට දමා සීනි මිශ්‍ර කර කැරමලයිස් කරගන්න.

මිශ්‍රණයට Red Food Colouring බිංදුවක් එකතුකරගන්න.

දූරියන් අයිස්ක්‍රීම් | Duriyan Ice Cream …

https://www.youtube.com/shorts/fuLm3FV8Xes

 

අවශ්‍ය ද්‍රව්‍ය…

වැනිලා අයිස්ක්‍රීම් කෝප්ප 2ක්
දූරියන් කෝප්ප 1ක්
වැනිලා තේ හැඳි 1ක්
චොකලට් චිප්ස් කෝප්ප ¼ ක්

සාදාගන්නා ආකාරය…

හොඳින් වැසිය හැකි භාජනයකට වැනිලා අයිස්ක්‍රීම් සහ දූරියන් එකතුකරගන්න.

එම මිශ්‍රණයට වැනිලා සහ චොක්ලට් චිප්ස් එකතු කර කලවම් කරන්න.

දැන් භාජනය හොඳින් වසා ආහාරයට සුදානම් වෙන තෙක් ශීතකරණයේ තබන්න.

බියර් මිශ්‍ර ආප්ප | Beer Hoppers …

https://www.youtube.com/shorts/KVH3wC56bwQ

අවශ්‍ය ද්‍රව්‍ය …

සුදු කැකුළු සහල් කෝප්ප 2 යි
ජලය
ගාගත් පොල් කෝප්ප 1 යි
සීනි තේ හැදි 1
බියර් කෝප්පයක්
ලුණු තේ හැදි 1
ඝන පොල් කිරි කෝප්ප ¾

 

සාදන ආකාරය …

සුදු කැකුළු සහල් වතුර භාජනයකට දමා විනාඩි 30ක් පොඟවා ගන්න.

පොඟවා ගත් සහල් ඉවතට ගෙන ගාන ලද පොල්, සීනි සහ බියර් සමඟ බ්ලෙන්ඩරයකට එක් කරන්න.

මිශ්‍රණය භාජනයකට වත් කර පැය 2 ½ – 3 ක් තබන්න.

ඉන්පසු බැටරයට ලුණු සහ උකු පොල් කිරි මිශ්‍ර කර කැටිගැසීම ඉවත්වන තුරු හොඳින් කලවම් කරන්න.

රත් වූ ආප්ප තාච්චියකට බැටරය දමා පෑන් එක වටේ කරකවා ආප්ප හැඩයට සාදා ගන්න.

අවසානයේදී, පියනෙන් ආවරණය කර විනාඩි 1 – 2 ක් පිසෙන්නට හරින්න,

ඔබ පිසගත් රසවත් බියර් මිශ්‍ර ආප්ප සුදානම්.

නිතරම අන්තර්ජාලයේ ඉන්න ඔබ www. ගැන දැනුවත්ද ?…

www. කියලා ඕනම දෙයක් online search කරන්න අපි හැමෝම දන්නවානේ. නමුත් ඇත්තටම මේ www කියන්නේ මොකද්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ. දන්න අයත් ඇති. නොදන්න ඕනෑම දෙයක් අපිට කියා දෙන www කියලා කියන්නේ world wide web කියන එකයි. හැම දේකටම විශේෂිත දවසක් තියනවනේ. www වලටත් දිනයක් තියනවා. ඒ තමයි අගෝස්තු පලවෙනිදා. මේ සැමරුම අන්තර්ජාලයේ සොයාගැනීම, එහි ඉතිහාසය මෙන්ම අප දැන් ගමන් කරන ආකාරය සහ අප දිගටම මුහුණ දෙන සියලු අභියෝග සඳහා බැදී තිබෙනවා. ඒ විදිහට බලනකොට ලෝක ව්‍යාප්ත වෙබ් දිනය නැතිනම් World wide web day එක කියලා කියන්නේ වෙබ් බ්‍රවුසින් කිරීම සඳහා වෙන්වුන ගෝලීය සැමරුමක්. මුළු ලෝකයම ඔබේ ඇඟිලි තුඩුවලින් ක්‍රියාකාරකම් සහ දැනුම් සම්භාරයක් ඔබේ ලගටම ගෙනත් දෙන්නේ World wide web එකයි.

 

World wide web එකෙන් අපිට මොන තරම් වැදගත් කමක් තියනවද කියලා අපිට අමතක කරන්න බෑ. සෑම දිනකම අන්තර්ජාලය හරහා තොරතුරු සොයා ගැනීමට හා විවිධ කාර්යයන් ඉටු කර ගන්න බොහෝ අය World wide web එක මත විශ්වාසය තියන බව ඔබ දන්නවද? එය බොහෝ රැකියාවන් වලටත් උදව් වෙනවා. ඒ නිසා, World wide web එකට ගෞරව කිරීමට අපට දිනයක් තිබීම ඉතාම සාධාරණය හේතුවක්.

World Wide Web අඩවිය 1989 දී ටිම් බර්නර්ස්-ලී විසින් නිර්මාණය කලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි CERN මධ්‍යස්ථානයේදී ඔහුට hyperlink හරහා සම සේවකයින් සමඟ සන්නිවේදනය කිරීමේ මාර්ගයක් ලෙසයි. අද වන විට www මිනිසුන් අතර අන්තර්ක්‍රියා, ගනුදෙනු සහ සන්නිවේදනයේ ප්‍රධාන මාධ්‍ය බවට පත් වෙලා තිබෙනවා. මේ නිසා කලින් පරම්පරාවන්ට හිතාගන්නවත් බැරි විදිහට වර්ථමාන මිනිසුන්ට විවිධ දෙවල් හා අවස්ථාවන් සදහා දොර විවර කරගෙන තිබෙනවා වගේම ඔවුන් සියලු දේ ගැන updated.

 

ඔබ බොහෝ වේලාවට “surfing the net” යන යෙදුම භාවිතා කරලා තියනවා නේද? මෙය නිර්මාණය කරලා තියෙන්නේ Jean Armor Polly නම් පුස්තකාලයාධිපතිනිය විසින් බව ඔබ දන්නවාද? මේ පදය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ ඇයටයි. 1992 මාර්තු මාසයේදී මිනසෝටා විශ්වවිද්‍යාලයේ විල්සන් පුස්තකාල බුලටින් සගරාවට ඇය විසින් පළ කරන ලද “අන්තර්ජාලයේ සැරිසැරීම” නැතිනම් “surfing the internet” කියලා ලියපු ලිපියක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ යෙදුම බාවිතයට ගැනුනේ.

ලෝක ව්‍යාප්ත වෙබ් අඩවිය ගැන ඔබ නොදන්නා තවත් කරුණු කිහිපයක් තියෙනවා.

Sir Tim Berners-Lee විසින් web server එකක් විදිහට භාවිතා කරන ලද පළමු පරිගණකය NeXT පරිගණකයයි.

පළමු වෙබ් බ්‍රව්සරය වන World Wide Web ලියන්නත් මේ පරිගණකය තමයි භාවිතා කරලා තියෙන්නේ.

World Wide Web එක ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා දෙනවා කියලා නිවේදනය කරලා තියෙන්නේ 1993 අවුරුද්දේ.

1993 දී Mosaic වෙබ් බ්‍රව්සරය දියත් කිරීම World Wide Web අඩවියේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. එය World Wide Web අඩවිය ජනප්‍රිය කිරීමේ ගෞරවයත් හිමි කර ගන්නවා.

ඒ වගේම පළමු ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය Yahoo!

 

 

Archie කියලා කියන්නේ සෙවුම් යන්ත්‍ර වල පළමුවැන්නා කියලයි විශ්වාස කරන්නේ. මෙය FTP සංරක්ෂිත සුචිගත කිරීම සඳහා වූ පළමු මෙවලම වන අතර, විශේෂිත ගොනු සොයා ගැනීමට මිනිසුන්ට හැකි වුනා.

අපි World Wide Web day එක සමරන්නේ අන්තර්ජාලයට පිවිසීම, social media platforms වල posts පළ කිරීමට ඉක්මන් සෙල්ෆි ගැනීම, බ්ලොග්ස්, පොඩ්කාස්ට් වලින් සටහන් ගැනීම, කාලගුණය ගැන සාකච්ඡා කිරීමට VoIP සම්මන්ත්‍රණ පැවැත්වීම, ලොව පුරා සේවාදායකයන් සමග දත්ත හුවමාරු කිරීම, ඡායාරූප sync කිරීම, වෛද්‍යවරයන්ගේ හමුවීම් online වෙන්කරවා ගැනීම සහ සාමාන්‍යයෙන් අපගේ අදහස් ප්‍රකාශ කිරීම,ආදි දේවල් අපට ලබා ගැනීමට හැකි වුන නිසයි.

 

 

දැන් අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් විවිධ දේවල් ගොඩක් තියෙනවා. World wide web අඩවියේ සම්පූර්ණ ශක්ති ධාරිතාවය බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ. World wide web දිනයේදී ලොව පුරා සිදුවන සිදුවීම් රාශියක් තිබෙනවා, ඔබ අන්තර්ජාලය හරහා මෙන්ම ඔබේ ප්‍රදේශයේ ව්‍යාපාරවලද සිදු විය හැකි ආකර්ෂණීය දේවල් රාශියක් සොයා ගැනීමට මින් හැකියාව තිබෙනවා. මේ වන ව්ට හොයාගෙන තිබෙන විශ්වයේ සියලුම තොරතුරු ඔබට එක මොහොතකින් දැනගන්න ඔබට පුලුවන්කම ලැබුනේ www නිසයි.

සෑම අගෝස්තු 1 දිනකම ලෝක ව්‍යාප්ත වෙබ් දිනය සමරන්නේ ඇයි කියලා දැන් ඔබට හිතෙන්න පුලුවන්. ඇත්තටම අන්තර්ජාලය නොමැතිව පෘථිවිය ඉතා පාළු ස්ථානයක් වනවා නොඅනුමානයි. ඔබ විශ්වාස කරන්නේ නැද්ද? හොඳයි, world wide web අඩවිය නිර්මාණය කරන්න කලින්, මිනිසුන්ට දුර බැහැර කෙනෙකු සම්බන්ධ කර ගන්න විශාල මුදලක් වැය කරන්න සිදු වුනා. අද, හඬ ඇමතුම්, කතාබස් සහ වීඩියෝ ඇමතුම් බොත්තමක් ක්ලික් කිරීමෙන් ලබාගන්න පුලුවන්. මෙය www ලෝකයට ගෙන ආ එක් වාසියක් විතරයි. තොරතුරු සෙවීමට, ගීතවලට ප්‍රවේශ වීමට, අන්තර්ජාලයෙන් පුවත් සෙවීමට සහ අද ලෝකය සවිබල ගැන්වූ තවත් දහස් ගණනක් දේවල් කිරීමටද එය පහසුවක්.

 

ප්‍රමෝධ්‍යා මීගපොල

මිශ්‍ර පලතුරු බීම | Seasonal Mixed Fruit Juice …

https://www.youtube.com/shorts/sbGiZ3uuVHE

අවශ්‍ය ද්‍රව්‍ය …

රඹුටන් (ඇට ඉවත් කළ) කෝප්ප 1
අඹ කෝප්ප 1
අන්නාසි කෝප්ප 1
අයිස් කැට
සීනි මේස හැඳි 1
වතුර කෝප්ප 3
නාරං බික් 2

සාදා ගන්නා ආකාරය …

පළමුවෙන් රඹුටන්, අඹ හා අන්නාසි හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

පලතුරු සුදුසු ප්‍රමාණයට කපා අයිස්, සීනි සහ ජලය සමග හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

හොඳින් බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණයට නාරං යුෂ ස්වල්පයක් මිරිකා ගන්න.

පසුව එම මිශ්‍රණය යුෂ පෙරනයක් හරහා භාජනයකට එක්කර ගන්න.

දැන් ඔබේ පලතුරු මිශ්‍ර පානය සූදානම්, ඔබට පුළුවන් එය රස විඳින්න!!!

මේ දවස්වල තමන්ගේ දේවල් පරිස්සම් කරගන්නේ කොහොමද?…

මේ දවස්වල අපි කාටත් අමාරු කාලයක් තමයි මේ ගත කරන්නේ. මේ නිසා සමහර අය තමන්ගේ අමාරුකම් නිසාම අනුන්ගේ දේවල් හොරකම් කරන්න, මංකොල්ල කන්න පවා පෙලඹිලා. අපි කවුරුත් එකම බෝට්ටුවක ඉන්නේ කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕන අපේ දේවල් කොහොමද අපි පරිස්සම් කරගන්නේ කියලා.

රන් ආභරණ පැළඳීම අවම කිරීම

 

රන් ආභරණ පළඳින්න අපි කවුරුත් ආසයිනේ. නමුත් මේ වගේ අර්බුද කාලයක අපි වටිනා ආභරණ පැළඳීම ඒ තරම් නුවණට හුරු නෑ. මේ කාලයේ වටිනා රන් ආභරණ පැළඳීම මගින් ඔබට ඒවා අහිමි වීමටත් ඔබේ ජීවිතයට හානි වීම⁣ටත් පුලුවන්. මේ වගේ කාලයක වටිනා ආභරණ ගෙදර වත් තබා නොගෙන බැංකු සේප්පුවක තැන්පත් කරනවා නම් එය ඉතාම බුද්ධිමත් ක්‍රියාවක්.

අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ තබා ගැනීම

 

 

මුදල් මේ කාලයේ නම් මේ තියනවා මේ නෑ නේද? මුදල් වලට තටු ඇවිත් වගේ. නමුත් මුදල් ඔබ ලඟ තබා ගැනීමට වඩා ඔබ බැංකු කාඩ්පත් වලින්ම ගණුදෙනු කරනවා නම් මේ කාලයේ ඔබ ආරක්ෂාකාරි වෙනවා. මුදල් ලඟ තබා ගන්නවා නම් අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ තබා ගන්න. ඒ විදිහට මුදල් පරිහරණය කිරීමේදි කුඩා මුදල් පසුම්බියක් පාවිච්චි කරනවා නම් තවත් හොඳයි.

කුඩා අත් බෑගයක් පරිහරණය කිරීම

 

කාන්තාවන්ට ඉතින් මොනතරම් දේවල් තියෙනවද තමන්ගේ අත් බෑගයේ ගෙනියන්න? ඒත් මේ වගේ crisis එකකදි නම් හැම දේම බෑග් එකේ පුරවගෙන යන එක නම් ඒ තරම් හොඳ නෑ. නිතරම අත් බෑගයට අවශ්‍ය දේවල් විතරක් දමා ගන්න. බෑගයේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. කුඩා අත්බෑගයක් පරිහරණය කිරීම එය පරිස්සම් කිරීමට ඔබට පහසු කරනවා. ඔබ පිරිමි පුද්ගලයෙක් නම් ඔබ back pack එකක් වෙනුවට ඔබට පුලුවන් කුඩා side bag එකක ඔබේ බඩු බාහිරාදිය ගෙනියන්න.

Hands free, ear pod, ear buds head phone වැනි දේ පැළඳීම අවම කිරීම

 

 

Hands free, ear pod, ear buds head phone වැනි දේ පැළඳගෙන පාරේ ගමන් කිරීම නම් ඉතාමත් නරක පුරුද්දක්. එතකො⁣ට ඔබට ඔබේ වටපිටාවේ වෙන දේවල් ගැන කිසිම වැටහීමක් නැතුව යනවා වගේම එය ඔබේ සතුරාට ඔබව පහසුවෙන් ඉලක්ක කිරීමටත් හැකි වෙනවා. ඔබ ඔබේ විනෝදය පිණිස ear pods පාවිච්චි කරනවා වෙන්න පුලුවන්. නමුත් ඔබේ අවධානය අඩුවීම ඔබේම අයහපතට උදව්වක් වේවි.

ජංගම දුරකතනය අතේ රඳවා නොගැනීම

 

 

අද අපි කාටත් mobile phone එකක් තියනවා වගේම අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ phone එක අතේ තබා ගන්නයි. මේ කාලයේ ජංගම දුරකථනය අතේ තියා ගැනීම ඔබේ සතුරාට එය පහසුවෙන් උදුරාගන්න උපකාරයක් වේවි. හැම දේම ගණන් වැඩි වෙලා තියෙන මේ වගේ කාලයක ඔබේ දුරකථනය නැති වුනොත් ඔබ එය ගත්තා වගේ දෙගුණයක් ගෙවා තමයි නැවතත් දුරකථනයක් මිලදි ගන්න ඔබට සිදුවෙන්නේ. නිතරම ඔබේ ජංගම දුරකථනය අත් බෑගයේ හෝ කලිසම් සාක්කුවේ තබා ගන්න. අවශ්‍ය වෙලාවට පමණක් එය අතට ගන්න.

රාත්‍රි ගමන්

 

 

එක එක අයගේ රාජකාරි වෙලාවන් එක එක විදිහයි. ඒ වගේම අවශ්‍යතාවයන් සදහා රාත්‍රි ගමන් කිරීමටත් සමහර අය⁣⁣ට සිදු⁣වෙනවා ඇති. මේ වගේ වැලැක්වීමට නොහැකි රාත්‍රි ගමන් වලදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ වගේ රාත්‍රි ගමනක් ඔබ යනවා නම් ඔබට පුලුවන් නිතරම ඔබේ location එක ඔබේ සමීපතයෙකු එක්ක share කරන්න. එය ඔබේ ආරක්ෂාවට ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ වගේම ඔබ මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු සමග දුරකථනයේ රැඳෙමින් රාත්‍රියේ ගමන් කරනවා නම් තවත් හොදයි. නමුත් ඔබ එසේ ගමන් කිරීමේදි ඔබේ වටපිටාව හා ඔබ පසුපස එන පුද්ගලයන් පිළිබඳවත් අවධානයෙන් ගමන් කරන්නත් අමතක කරන්න එපා.

බැංකු ගනුදෙනු හා ATM භාවිතය

 

 

බැංකු ගනුදෙනු හා ATM භාවිතා කිරීම ගැන ඔබ ඉතාම සුක්ෂම විය යුතුමයි. දැන් ගොඩක් සොර සතුරන් බැංකු හා ATM ආශ්‍රිතව ඉන්නවා වගේම ඔබ මුදල් අරගෙන එන විට ඔබේ මුදල් පැහැර ගන්නට ඔවුන් පසුබට වෙන්නේ නෑ. මේ නිසා ATM භාවිත කිරීමේදි දවල් කාලයේ පමණක් යන්න. සෙනග ගැවසෙන තැන් වලින් ඉක්මනින්ම මිදෙන්න. බැංකුවෙන් ඔබ මුදල් ගත් වහාම ඉන් පිට වෙන්න එපා. එවා ඔබේ අත් බෑගයේ හෝ පසුම්බියේ නිසි පරිදි රඳවන්න. පසුම්බියත් අත්බෑගයත් හොදින් වසා ඇතිදැයි සැක හැර දැනගන්න. ඔබ බැංකු කටයුතු සදහා යන විට මිතු⁣රෙකු හෝ සමීපතමයෙකු සමග යන්නේ නම් වඩාත් හොඳයි.

දුම්රිය හා පොදු ප්‍රවාහන වල ගමන් කිරීම

 

 

මේ දවස් වල පෙට්‍රල් හා ඩීසල් වල ඇති සීඝ්‍ර හිඟය නිසා බොහෝ දෙනෙක් ගමන් කරන්නේ දුම්රිය හා පොදු ප්‍රවාහන මගින්. මේ නිසා වෙනදාට වඩා වැඩි තදබදයක් ඇති වී තිබෙනවා. මෙය සොරුන් හා ගැට කපන්නන්ට ඉතා වාසිදායක වී තිබෙනවා. ඔබත් දුම්රිය හෝ පොදු වාහන වල ගමන් කිරීමේදි මේ නිසා වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන් ඔබ දුම්රිය දොරටු හෝ කවුළු අසල වාඩිවී ගමන් කරන කෙනෙක් නම් ඔබේ වටිනා බඩුබාහිරාදිය පිලිබඳව වැඩි අවධානයකින් සිටින්න.

තමා වටා සිටින අය ගැන විමසිලිමත් වීම

අවසාන වගේම වැදගත්ම කරුණ තමයි ඔබේ වටපිටාව ගැන හොඳ විමසිල්ලෙන් සිටීම. මේ කාලය ඔබේ අසල්වැසියාවත් විශ්වාස කරන්න පුලුවන් කාලයක් නෙවෙයි. ඒ නිසා ඔබේ වටපිටාවේ ඉන්නේ කවුද ඔවුන්ගේ හැසිරීම මොන වගේද යන්න පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න. සැක කටයුතු යමක් ඔබ අසල වෙනවා නම් ආරක්ෂිත ස්ථානයකට වහාම යන්න. ලඟම පොලීසිය පිලිබදව දැනුවත් වීම හා ඒවායේ දුරකථන අංක ලග තබා ගැනීම ඔබේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වෙනවා.

මේ අපි හැමෝටම අමාරු කාලයක්. අපේ ආරක්ෂාව අපිම සලසා ගැනීමට අප පුරුදු විය යුතුයි. වෙනදාට වඩා වැඩි සැලකිල්ලෙන් තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න. සමහර විට ඔබට අයිති දේවල් වල ඇති දත්ත හා තොරතුරු හිතනවාට වඩා වටිනා දේවල් විය හැකියි. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න.

ප්‍රමෝධ්‍යා මීගහපොල

රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ මෙහෙමයි…

ඔබ බොස් කෙනෙක් ලෙස මොනතරම් ඵලදායීද කියා තීරණය කරන්නේ ඔබ පෙන්වන නායකත්ව ලක්ෂණ අනුවයි. ලොක්කන් තම සේවකයින්ට යහපතක් කිරීමට සහ තම ආයතනයට පක්ෂපාතී වීමට උනන්දු කරනවා. ඔබේ ආයතනය සාර්ථක කර ගැනීමටත් එය පවත්වා ගැනීමටත් බලාපොරොත්තු වන දිගු කාලීන දේවල් සැලසුම් කිරීමට මේ ගුණාංග විශාල කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවද?

අවංකභාවය

අවංකකම නැත්නම් විශ්වාසයක් ද නැති තරම්. ගොඩක් බොස්ලා හිතන්නේ සේවකයා අවංකව සේවය කල යුතුයි කියායි. නමුත් ආයතන ප්‍රධානියාත් තමන්ගේ සේවකයන්ට අවංක වීම ඉතා වැදගත්. ඔබ කපටි බොස් කෙනෙක් වීම ඔබටම අවාසියක්. එය සේවකයාත් ඔබත් අතර විශ්වසනීයත්වය බිඳෙන්නට හේතු වෙනවා. අවංකකම පැහැදිලි මඟ පෙන්වීමක් සපයනවා මෙන්ම සේවකයින්ටද ඔවුන්ගේ නායකයා සහ ආයතනය පිළිබඳ වඩා හොඳ විශ්වාසයක් තබා ගැනීමට ඉඩ සලසනවා.

 

විශ්වාසය

විශ්වාසයත් අවංකභාවයත් යන කරුණු දෙකම එකම කාසියක දෙපැත්ත වගේ. සේවකයාගේත් ඔබේත් විශ්වසනීයත්වය මත ආයතනයක දියුණුව රඳා පවතිනවා. නිතරම ඔබ සේවකයන් දෙස සැකෙන් බලනවා නම් සේවකයාටද ඔබ එපා වීමට පුළුවන්. මොන තරම් අවංකව රැකියාව කලත් කිසිම වැඩක් නෑ කියා ඔවුන්ට හිතෙන්න පුළුවන්. මෙය ඔවුන්ගේ උපරිම දක්ෂතාවය ආයතනයට නොදෙන්නට හේතුවක් වෙනවා. මේ විශ්වාසය රැකියාව පැත්තෙන් විතරක් නෙවෙයි සේවකයාගේ පුද්ගලිකත්වය පිළිබඳවත් විහිදී යනවා.

සංවේදීබව

සංවේදීත්වය හොඳ බොස් කෙනෙක්ට තිබිය යුතු වැදගත්ම ලක්ෂණයක්. තමන් යටතේ සේවය කරන සේවකයන්ගේ ගැටළු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන් හොඳින් තේරුම් ගැනීමටත් සෘජුවම හෝ වක්‍රව ඒවාට වෘත්තීය මට්ටමෙන් උපකාර කිරීමට තරම් සංවේදීවීම හොඳ නායකත්ව ගතිගුණයක්. මෙය සේවකයාගේ දක්ෂතාවය හා ඔහුගේ ධාරිතාවය සම්පූර්ණයෙන්ම ආයතනයට ලබා ගැනීමට උපායක්ද වෙනවා.

 

දිරිගැන්වීම

හොඳ බොස් කෙනෙක් කියන්නේ තම සේවකයන්ට දක්ෂම අය වීමට පොළඹවන කෙනෙක්. ඔහුට සේවකයින්ගේ හොඳම ගුණාංග හඳුනාගෙන ඒවා පිටතට ගෙන ඒමට හැකිවිය යුතුයි. මීට අමතරව, ඔවුන්ගේ වර්ධන අවස්ථා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීමටත් උදව් කිරීම වැදගත්.

දැනුවත්භාවය

හොඳ බොස් කෙනෙක් හැමදෙයක් පිලිබඳවම දැනුවත් විය යුතුයි. මෙහිදි තම ආයතනය ගැන විතරක් නෙවෙයි. සේවකයන් පිළිබඳවත් ඒ ඒ සේවයකයන්ගේ දක්ෂතා පිළිබඳවත් ඔවුන්ගේ දැනුම, තත්වය හා සුදුසුකම් පිළිබඳවත් හොඳ බොස් කෙනෙක් දැනුවත් විය යුතු වෙනවා. දැනුවත් බව නිසා සේවකයන් අතර ගැටළු හා අර්බුද ඇති වීම වළක්වනවා සේම ඔබ හොඳ නායකයෙකු ලෙස සේවකයන් අතර ජනප්‍රිය වෙනවා.

 

 

සේවකයින්ට අවශ්‍ය දේ වටහා ගැනීම

ආයතනයක විවිධාකාර සේවකයන් සේවය කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ මට්ටම එකිනෙකට වෙනස්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් නොගෙන ඔබ ඔවුන් ලවා ඔබට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට යන්නේ නම් ඔබ තවදුරටත් හොඳ බොස් කෙනෙක් නෙවෙයි. ඔබට ආයතනය වෙනුවෙන් කර ගැනීමට අවශ්‍ය දේ සේවකයාගෙන් කර ගැනීමට නම් ඔබත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගත යුතු වෙනවා.

අනුකම්පාව

මෙය රළු පරුෂ නොවී කණ්ඩායමක් පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රධානම ගතිගුණයයි. අභියෝගවලට මුහුණ දෙන විට හොඳ නායකයන් දයානුකම්පිත විය යුතුයි. ඔබට දයානුකම්පාව වාචිකව හා ක්‍රියාවෙන් දැන්විය හැකියි. හිත්පිත් නැති සානුකම්පිත හැඟීම් වලින් තොර බොස් කෙනෙකු වීම ඔබේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ පිළිකුලට ලක් වෙන අතර ඔවුන්ට ඔබ එපා වනවා නියතයි.

 

 

මෙය ක්‍රියාවට නංවන්න

ඉතින් ඔබත් ආයතනයක බොස් කෙනෙක් නම් ඔබටත් මේ ගති ලක්ෂණ තියෙනවද? නැතිනම් ඔබ දැනටමත් ඔබේ කණ්ඩායම් සාමාජිකයන්ට එපා වුන බොස් කෙනෙක්ද? මේ ගති ලක්ෂණ ඔබ තුළ ඇති කර ගැනීමෙන් ඔබේ නායකත්ව කුසලතා ශක්තිමත් කිරීමට සහ ඔබේ සේවකයින්ට ඔවුන්ගේ කාර්යය වඩාත් හොඳින් කිරීමට දිරිමත් කරන්න පුළුවන්. එය ප්‍රීතිමත් හා ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට උදව් වනවා වගේම අවසානයේ වඩාත් සාර්ථක ආයතනයක් ගොඩනගන්නටත් හැකි වෙනවා.

Pramodhya Meegahapola

Relationship එක Breakup වෙලා ඔයත් ඉන්නේ අවුලෙන්ද …?

අපි අද කතාකරන්නේ Relationship එකක් Breakup වුනොත් ඇත්තටම move වෙන්න පුළුවන්ද කියන එක ගැන, එහෙමත් නැත්තම් Move වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම Breakup වෙනවා කියලා කියන්නෙ දෙන්නෙක් Separate වෙන එකට. එතකොට Breakup එකක් වුණාට පස්සෙ ඇතිවෙන දුක වේදනාව නැති කරගන්නෙ කොහොමද?  Breakup එකට මුහුණ දෙන්නෙ කොහොමද? Breakup වුණාට පස්සෙ හිත වෙනස් කරගන්නෙ ඒ කියන්නෙ අලුත් විදියට ජීවිතය පටන්ගන්න තමන්ගේ ඔළුව හදාගන්නේ කොහොමද? අපෙන් වෙන් වුණ කෙනාගෙ මතකයන් සහ එයා අපිට සලකපු විදිය වගේ දේවල් ඔබේ ජීවිතයට බලපාන්නෙ කොහොමද කියන එක තමයි අපි වැඩිදුරටත් මේ ලිපිය හරහා කතාකරන්නෙ.

 

ඇත්තටම Breakup එකක් වුණාට පස්සෙ තමන් ඒ පුද්ගලයාට addict වෙලා නේද  ඉන්නෙ කියලා ඔයාට තේරුම් යන්න ගන්නවා. එහෙම Addict වෙන්න හේතුව අපි Relationship එකක ඉන්නකොට අනිත් පුද්ගලයාගේ හැඟීම් ගැනත් හිතලා තීරණ ගැනීමට හුරුවුණ නිසා. Breakup එකකින් පස්සේ ඔහුගේ හෝ ඇයගේ දේවල් අපිට ගුණනය වෙලා දැනෙන්න ගන්නවා. අපිට එම පුද්ගලයාගෙන් ගැලවෙන්න බැරි ලොකුම හේතුව ඒක තමයි . නමුත් අවසානයේ අපි තේරුම් ගන්නවා නම් breakup එක සිද්ධ වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතූන් නිසා කියලා අපිට ලොකු පහසුවක් දැනෙනවා. ධනාත්මක සහ ඝෘණාත්මක සන්සන්දනයක් කිරීමෙන් පසුව මගේ relationship එක තිබුණෙ මේ තැන කියලා ඔයාට තේරෙනවා නම්, ඔයාට pain එකක් දැනෙන්නෙ addiction එක නිසා සහ ඊට අමතරව ඔයාට පසුතැවීමක් ඇතිවෙන්න පුළුවන් ගෙවපු කාලය සහ ඔයා කරපු කැප කිරීම නිසා කියලා ඔයාට අවබෝධ වෙනවා.  නමුත් ඔයාට එතනින් ගැලවෙන්න බැරි මානසිකත්වය ගොඩනැගෙන්නෙ, මට එයා නැතුව බැහැ කියලා හිතෙන්නෙ ඒ addiction එක නිසාම පමණයි.

 

 

ඔයා ගත කරපු කාලය සහ ඒ කරපු කැප කිරීම් extra pain එකක් විදියට තමයි addiction එකට එකතු වෙන්නෙ. එතකොට ඒ දේවල් අනුව තමයි ඔයා අවසානයේ දී තීරණ ගන්න පෙළඹෙන්නෙ. කාට වුණත් මේ මොහොතේ breakup වෙනවා කියන දේ සහ ඒ පුද්ගලයා ඔයාගෙන් move වෙනවා කියන මොහොත දරාගන්න හරි අමාරුයි. මොකද ඒකට හේතුව තමයි addiction එකක ඉන්න නිසා brain එක ඔයාව පුළුවන් තරම් තල්ලු කරනවා අනිත් පුද්ගලයාට  attachment වෙන්න කියලා. එතකොට වෙනම circle එකක හිත ඔයාව හසුරවනවා. මෙහිදී හැඟීම් මත තීරණ ගන්න එක වැඩි නිසා Addiction Level එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම අවබෝධයෙන් මේ දේ තේරුම් ගන්න ප්‍රතිශතය ඉතාමත් අඩු වෙනවා. මොකද Professor කෙනෙක් වුණත් Doctor කෙනෙක් වුණත් මොන වගේ සමාජ ස්ථරයක ඉන්න කෙනෙක් වුණත් මොන විදියේ අධ්‍යාපන පසුබිමක් තිබුණත් තමන්ට මේ වගේ feeling වලින් attachment එකක් ඇතිකරගෙන ඒක continue කරගෙන marriage Life එකකට යනවා කියන එක‍ෙ වෙනම දෙයක්. එතකොට එතන දී තමන් Fail වෙනවා කියන එකට සමාජ මට්ටම සහ එයාගෙ අධ්‍යාපන තත්ත්වය අදාළ වෙන්නෙම නැහැ. මේ affair එක කරගෙන යනවා ද නැත්නම් breakup එකට මුහුණ දෙනවා ද කියන එක ගැන අවබෝධයෙන් තේරුම් ගන්න ප්‍රතිශතය මෙහිදී බොහෝදුරට අඩු වී හැඟීම් මතින් තීරණ ගන්න පෙළඹෙනවා .එතකොට එහිදී තමන්ගෙ සමාජ පරිසරයවත් අධ්‍යාපන පසුබිමවත් අදාළ වෙන්නෙ නැහැ. ඊට වඩා educated මිනිස්සු ඕන තරම් ඉන්නවා suicide කරගන්න පෙළඹෙන.  drugs වලට addict වෙලා වෙන දේවල් කරන්න පෙළඹෙන. ඒකට හේතුව තමයි මේ දේවල් දරාගන්න බැරිව පීඩනයෙන් ජීවත්වෙන එක.

 

මෙවැනි පුද්ගලයෙක් දිහා කවුරු හරි පිටින් බැලුවොත් පේනවා එයාට හොඳ අනාගතයක් තියෙනවා, එයා හොඳට ඉගෙනගෙන තියෙනවා, එයාට ඉස්සරහට හොඳට ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා. නමුත්  මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න පුද්ගලයට දැනෙන්නේ මේ වේදනාව විතරයි. ඒ කියන්නෙ අනිත් පුද්ගලයා නැති වුණොත් ඔයාට ජීවත්වෙන්න බැහැ කියන මානසිකත්වයක් තමයි එයාටගේ brain එකෙන් එයාට හදලා පෙන්නන්නෙ. තමන් ආදරය කරපු කෙනාගේ විශේෂත්වයන් සහ අතීත මතකයන් ලොකුවට හදලා පෙන්නනවා.  ඔයා අවසානෙදි හරියට තේරුම් ගන්නවා නම් ඔයා ඉන්නෙ addiction එකක කියලා, හරියටම සම්බන්ධතාවය අවසන් කරලා වෙනම step එකකට අඩිය තියන්න ඔයාට පුළුවන්.

එහෙම ඔයා අයින් වුණාට පස්සෙ ඒ පුද්ගලයාගෙ කිසිම දෙයක් ඔයාට අදාළ වෙන්නෙ නැහැ. ඒ වගේම ඔයාට ඔයාගෙ සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්නත් පුළුවන්. මුල්ම අවස්ථාවලදි කවදාවත් හිතන්නෙ නැහැ මට recover වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර හිතේ හිරකරන් ඉන්න circle එක ඇතුළෙ දරා ගන්න බැරි pain එකෙන් මිදෙන්න නිතරම උත්සාහ කරන්න ඕනෙ. ඉතින් මේ අවබෝධය තියෙනවානම් පොඩ්ඩක් ඉවසගෙන ටිකෙන් ටික පියවරෙන් පියවර ඔයාට එතනින් හරියටම move වෙන වාතාවරණය හදාගන්න පුළුවන්.

ඉතින් Relationship එකක් breakup එකක් වුණහම ඒකට කොහොමද මුහුණ දෙන්නේ? ඒ වෙලාවෙ ඔයාට දැනෙන feelings මොනවගේද? ඇත්තටම ඒවා true feeling ද? ඔයා කොහොමද ඒ දේවල් manage කරගන්නෙ කියන අවබෝධය ඔයාට මේ ලිපියෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා අපි හිතනවා.

Devilled Fish | ඩෙවල් කරන ලද මාලු …

https://www.youtube.com/shorts/8NR7LbWhNME

අවශ්‍ය ද්‍රව්‍ය …

තලපත් 450 g
ගම්මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 1ක්
විනාකිරි තේ හැඳි 1/2ක්
දෙහි යුෂ
මිනිත්තු 20 ක් Marinate කරන්න
ඉරිඟු පිටි කෝප්ප 1/8ක්
තිරිඟු පිටි කෝප්ප 1/8ක්
තෙල් තෙල් හැඳි 1ක්
ඉඟුරු / සුදුළූණු තේ හැඳි 1ක්
කැප්සිකම් + අමු මිරිස්
ලොකු ළූණු ගෙඩියක්
සෝයා සෝස් මේස හැඳි 1ක්
කෑලි මිරිස් මේස හැඳි 1ක්
තක්කාලි සෝස් මේස හැඳි 1ක්
ඉරිඟු පිටි තේ හැඳි 1ක්
බැදපු මාළු
සාමන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
ලුණු තේ හැඳි 1/4 ක්
සීනි තේ හැඳි 1ක්

 

සාදා ගන්නා ආකාරය …

 

තලපත් මාළු ගෙන හොඳින් සෝදා පිරිසිදු කර කුඩා කොටස් වලට කපා ගන්න.

කපා ගත් මාළු භාජනයකට දමා එයට ලුණු, ගම්මිරිස්, විනාකිරි සහ දෙහි යුෂ එකතු කරන්න.

දැන් එය හොඳින් මිශ්‍ර කර විනාඩි 20 ක් marinate කිරීමට පසෙකින් තබන්න.

ඊළඟට, marinated මාළු සඳහා ඉරිඟු පිටි සහ තිරිඟු පිටි ආලේප කර රන්වන් පාට වන තුරු බැද ගන්න.

දැන් භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.

එයට සිහින්ව කපාගත් ඉඟුරු හා සුදුළූණු, පෙති කපන ලද මාළු මිරිස්, අමු මිරිස් සහ ළූණු එක්කර හොඳින් පිසගන්න.

එම මිශ්‍රණයට සෝයා සෝස්, චිලි ෆ්ලේක්ස්, තක්කාලි සෝස් සහ ඉරිඟු පිටි බඳුනට එකතු කර මිශ්‍ර කරන්න.

අවසානයේදී, බැදගත් මාළු සහ තක්කාලි, ලුණු, සීනි, සෝස් එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර කර පිසගන්න.

Fish කට්ලට් …

 

https://www.youtube.com/shorts/HiN1F0jq3cI

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

අමු මිරිස් කරල් 6 ක්
සුදුළූණු බික් 8 ක්
කරපිංචා
ලොකු ළූණු ගෙඩි 1ක්
අල 300g
තැම්බූ ටූනා 250g
තැම්බූ තලපත් 250g
ගම්මිරිස් තේ හැඳි 1 ½ ක්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 1 ½ ක්
දෙහි යුෂ තේ හැඳි 1 ½ක්
තෙල් තේ හැඳි 1 ½ ක්
බිත්තර සාරු
පාන් කුඩු

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට අමු මිරිස්, සුදුළූණු, කරපිංචා සහ ළූණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

තම්බා ගත් ටූනා, තලපත්, ගම්මිරිස්, මිරිස්, ලුණු සහ දෙහි යුෂ සමග වෙනම භාජනයකට එක්කර එයට අල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

පෑන් එකට තෙල් දමා රත් කර ගත් පසු සකස් කළ පළමු මිශ්‍රණය දමා තෙම්පරාදු කර ගන්න.

දැන් එයට අල මිශ්‍රණය ද එක්කර සියල්ල හොඳින් මිශ්‍ර වන තෙක් තෙම්පරාදු කරගන්න.

එය ලිපෙන් ඉවත් කරන්න, සිසිල් වීමට ඉඩ හරින්න.

දැන් එම මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන කට්ලට් බෝල සාදා ගන්න.

එම කට්ලට් බෝල මත බිත්තර සාරු දවටා එයට පාන් කුඩු මිශ්‍ර කර රන්වන් පැහැ වනතුරු තෙලේ බැද ගන්න.

මහපොළවට ඔබෙන් ලැබිය යුතු දේ දුන්නාද …?

අපට සන්තෝෂ විය හැකි එක වැදගත් කාරණයක් නම්, මිනිසා  සහ සොබාදහම අතර ඇති සම්බන්ධතාව තවමත් නොබිඳී පැවතීමයි. එහෙම කිවුවේ ලියෝ තෝල්ස්තෝයි. මට කේන්ති යන එකම කාරණය මිනිස්සු තවමත් අපට පාවිච්චි කරන්න  පුළුවන් මට්ටමේ දේවල් කසළ විදිහට බැහැර කරනවා දැකීම, එහෙම කියන්නේ දයාවේ දෙවඟන වූ තෙරේසා මව්තුමිය. මේ එකිනෙකාට වෙනස් නමුත් ලෝක පූජිත වූ පුද්ගලයින් දෙදෙනෙක් කළ ප්‍රකාශයන් දෙකක්. ඇයි අපි මේවා නැවත කියන්නෙ..? හේතුව ඉතාම සරළයි. මේ කියන කතාවන් ඇතුලේ හිතන්න, දකින්න සහ ක්‍රියාත්මක වෙන්න බොහෝ දේ තියෙන නිසා වගේම ඒ සියල්ල එදාටත් වඩා අද දවසට වලංගු වන නිසයි.

මේ කරුණු ගැන නැවත කතාබහ කරන්න සුදුසුම සහ හොඳම දවස අද. හේතුව, අද ලෝක පරිසර දිනය.ජුනි  05  වැනිදා ලෝක පරිසර දිනය සැමරෙනවා. 1974 ජුනි මාසේ 05 වැනිදායින් මේ සැමරුම ආරම්භ වනවා. ඇමරිකානුවන් තමයි මුලින්ම ලෝක පරිසර දිනය සැමරීම ආරම්භ කරන්නෙ. එදා පටන් අද දක්වාමත් ලෝක පරිසර දිනයේ පොදු තේමාව විදිහට “Only one earth” කියන තේමා පාඨය භාවිත කෙරෙනවා. පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙන් ලෝකය පුරා විවිධ පරිසර ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට අවධානය යොමු කිරීම ආරම්භ වුනා. ඒ එක්කම විවිධ පාරිසරික කොටස් සහ ඒවාට අවේනික වන ගැටළු පිලිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වන්නට වුනා. සාගරය, මහපොලව, වායුගෝලය, වනාන්තර, තෙත්බිම්, වගුරුබිම්, කඩොලාන, වනජීවීන්, ඇතුළු විවිධ පරිසර පද්ධතීන්ට අවේනික ගැටළු තාක්ෂණික දියුණුවත් සමග සිදුවූ මානව ක්‍රියාකාරකම් නිසාම පැනනැගී තිබෙනවා. මානව වර්ගයා, ගහකොළ සත්ව ප්‍රජාව මේ සියල්ල එකතුවී සකස් වුනු පරිසරයේ පවතින අර්බුධ කිහිපයක් පිළිබඳව පසුගිය දශක දෙක ඇතුළත වඩා වැඩි ගෝලීය අවධානයක් යොමුවුනා. සාගර දුෂණය, ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම, ගෝලීය උණුසුම, වායු දූෂණය, ශාඛ ගහණය විනාශ වීම, සත්ව වර්ග මිහිමතින් වඳවී යාම වැනි ගැටළු රැසක් මේ යටතේ හඳුනා ගැනීමෙන් පසුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන මගින් සිදු කෙරෙනවා. මිහිතලය ආරක්ෂා කිරීමට, තිරසාර භාවිතයට සහ නැවත ස්ථාපනය කිරීමට ගෝලීය මට්ටමේ සාමුහික මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කිරීමින්ම 2022 වසරේත් ලෝක පරිසර දිනය සැමරෙනවා.

 

 

සමස්ථ ලෝකයම එකට පරිසර දිනය සමරන මොහොතක ශ්‍රී ලංකික පුරවැසියන් වශයෙන් අපි අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරවීම වැදගත් වනවා. පරිසර දුෂණයට අපේ දායකත්වය කෙලෙසද කියන කාරණය අමුතුවෙන් සිහිපත් කළ යුත්තක් නොවුනත් බොහෝ දෙනෙක් තවමත් ඒ පිළිබඳව නොසලකා හරින්නේ ඇතිවිය හැකි විනාශය පිළිබඳව වූ අනවබෝධය නිසා විය හැකියි. මෙරට බොහෝ කර්මාන්ත පරිසර හිතකාමී නොවන අයුරින් ක්‍රියාත්මක වන බව ඔබ දැක ඇති. කර්මාන්ත ඔස්සේ වායු දූෂණය සහ ජල දුෂණය සිදුවීම අපේ රටේ තවමත් සුලභයි. මේ සම්බන්ධයෙන් අධිකාරී බලය පවතින ආයතන සහ පුද්ගලයින්ගේ අවධානය යොමු කරවීමත් පුරවැසියන් විදිහට සිදුකළ යුත්තක්. ඒ වගේම පෞද්ගලික මට්ටමින් අපට පරිසර තුලනාත්මක බව වෙනුවෙන් දායක විය හැකි ආකාර බොහෝයි. ගස් කපා දැමීම විවිධ හේතු නිසා සිදුවනවා. විශේෂයෙන් ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත රැසකට දැව භාවිතය අපේ රටේ සුලභ කාරණයක්. නමුත් තාක්ෂණිකව ඉතා දියුණු ලෝකයක විකල්ප ඕනා තරම් පවතින නිසා ඒවා භාවිතයට හුරුවීමෙන් අධික වනාන්තර විනාශය අවම කරගැනීමට හැකියාවක් ලැබේවි. ඒ වගේම අධි පරිභෝජනය නතර කිරීම පරිසර තුලනාත්මක බව පවත්වා ගැනීමට අතිශය වැදගත් සාධකයක්. මුලින් සඳහන් කළ විදිහටම තෙරේසා මව් තුමියගේ ප්‍රකාශයෙන් පවා කියවෙන පරිදි අධි පරිභෝජනයෙන් වැළකීම සහ නැවත පරිභෝජනයට හුරුවීම පරිසරයේ පැවැත්මටත් වැදගත් වේවි.

 

මහපොළව ඔබට මට පමණක් අයිති වන්නක් නොවන බවත් මෙලොව උපත ලබන ගහකොළ සතුන් ඇතුළු සමස්ථයටම සිය පැවැත්ම වෙනුවෙන් වූ ස්වභාවික අයිතියක් ඇති බවත් වටහා ගැනීම මේ පරිසර දිනයේදීවත් මිනිසුන් ලෙස අප කළ යුත්තක්. සොබාදහමේ නිමවුම් භාවිතයෙන් අපේ ජීවන රටාවන් පවත්වා ගන්නවා වගේම පෙරළා මහපොළවට සොබා දහමට අපෙන් ලැබිය යුතු කොටස ලබාදීම අත්‍යවශ්‍යයි. තිරසාර භාවිතය ලෙසින් අපි හඳුන්වන්නේ මේ සරළ සිද්ධාන්තය බව ඔබට සිහිපත් කළ යුතුමයි. ආරක්ෂා කිරීම, තිරසාර භාවිතය සහ නැවත ප්‍රතිනිර්මාණය කිරීම යන ක්‍රියාවලින් නිසි පරිදි සිදුකිරීමෙන් පමණක් පරිසරය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අපට හැකිවේවි. ඒ නිසා දෛනික ජිවිතයේ සියලු ක්‍රියාකාරකම් වලදීත් පරිසරය පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීම මේ පරිසර දිනයේ සිට හෝ ඇරඹීමට හැකි නම්, ගෝලීය මට්ටමින් පරිසර සුරක්ෂිතතාව පිලිබඳ සිදුකෙරෙන මහා පරිමාන ව්‍යාපෘතීන්ට පුද්ගල දායකත්වය එක් කිරීමට ඔබට හැකිවේවි.

 

නිසංක වෙහෙරදූව.