Blog Page 13

අලුත් USB Type C එකේ වාසි රැසක් මෙන්න…

USB, ඒ කියන්නෙ Universal Serial Bus. මෙය අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් උපකරණවල තියෙන පෝර්ට් එකක් වගේම අපි හැමදාම වගේ පාවිච්චියටත් ගන්න දෙයක්. ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් වගේ ගත්තොත් ඔයාට මෙන්න මේ විදිහෙ USB Port එකක් බලාගන්නක ලැබෙනවා. මේකට කියෙන්නේ USB Type A Port එකක් කියලා.

ඉතින් ඒ වගේම ඔයාගෙ ෆෝන් එක තියෙනවනේ. ඒක චාර්ජ් කරන්නත් ඔයා ගොඩක් වෙලාවට මේ USB වර්ගයේ පෝර්ට් එකක් පාවිච්චි කරනවා වෙන්න පුලුවන්. මොකද දැනට කාලෙක ඉඳල එන ගොඩක් ෆෝන්ස් මේ USB හරහා තමයි චාර්ජ් කරන්න පුලුවන් වෙන්නේ. මේ වගේ උපකරන චාර්ජ් කරන්න අපි Micro USB සහ USB Type C කියන Ports පාවිච්චි කරනවා.

ඉතින් දැන් එන අළුත් ස්මාර්ට් ෆෝන් හැම එකක්ම වගේ උඩ පෙන්නල තියෙන USB Type C කියන කනෙක්ටර් එක හරහා තමයි චාර්ජ් කරන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම දැන් එන සමහර ලැප්ටොප් පවා මේ කනෙක්ටර් එක හරහා චාර්ජ් කරන්න පුලුවන් වෙලා තියෙනවා. හැබැයි ඇපල් සමාගමනම් තාමත් එයාලගෙ අයිෆෝන් වලට අනිත් හැමෝම පාවිච්චි කරන USB Type C Port එක නැතුව එයාලගෙන ලයිට්නින් කියලා සදහන්වන පෝර්ට් එකක් තමයි පාවිච්චි කරන්නෙ.

ඉතින්, මේ USB Type C කියන එක විශේෂ වෙන්නෙ ඇයි ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඔයාගෙ ලැප්ටොප් එකයි, ෆෝන් එක සහ ඉයර් බඩ්ස් වගේ පාවිච්චි කරනවනම් ඒවටයි වෙන වෙනම චාජර් තියෙනකොට ඒක අවුල් ජාලයක්නෙ. අනික ඔයා නිතර ට්‍රැවල් කරන කෙනෙක්නම් මේවත් අරගෙන තැන් තැන්වල යන එකත් ගොඩක් කරදරකාරී දෙයක්. ඉතින් මම කලින් කීව වගේ ෆෝන් එක, ලැප්ටොප් එක වගේ ඔයාගෙ ඩිවයිස් හැම එකක්ම එකම විදිහෙ චාජර් එකකින් චාර්ජ් කරනකොට ඔයාට ගොඩක්ම ලේසි වෙනවා.

 

චාර්ජ් කරන එකට අමතරව මේ Type C Port එක හරහා අපිට ලැප් එකක් හෝ ෆෝන් එකක් අමතර මොනිටර් එකකට කනෙක්ට් කරන්න, Ethernet හරහා නෙට්වර්ක් එකකට කනෙක්ට් කරන්න වගේ පහසුකම් ලැබෙනවා. මේ වෙද්දි තියෙන ලේටස්ම Type C එක හරහා තත්පරයට ගිගා බිට් 40ක දත්ත හුවමාරු කරන්න පුලුවන්. ඒ කියන්නෙType C එක්ක ඔයාට ගිගාබයිට් 5 ක ෆයිල් එකක් තත්පරයක් වගේ කාලෙකින් හුවමාරු කරන්න පුලුවන් වෙනවා.

 

මේ වගේ හැකියාවන් ගොඩක් තිබුනට Type C පෝර්ට් එකේ එක දුර්වලකමක් තියෙනවා. ඒ තමයි විදුලිය සම්ප්‍රේශනය කරන හැකියාව. එහෙම වෙන්නෙ කොහොමද ? කලින් කීවනෙ මේකෙ ලැප්ටොප් පවා චාර්ජ් කරන්න පුලුවන් කියල ?. හරි, ලැප්ටොප් චාර්ජ් කරන්න Type C පෝර්ට් එකට පුලුවන් උනාට මේ පෝර්ට් එක හරහා චාර්ජ් කරන්න පුලුවන් වෙන්නෙ ගොඩක් අඩු බලයක් තියෙන ලැප්ටොප්. ඒ කියන්නෙ ඔයාට වෙනම GPU එකක් එහෙම තියෙන ගේමින් ලැප්ටොප් එකක් තියේනම් ඔයා අන්න ඒ වගේ ලැප්ටොප් චාර්ජ් කරන්න Type C එක පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ නෑ.

 

එහෙම වෙන්නෙ කලින් කීවා වගේ මේ දැනට භාවිතයෙ තියෙන Type C පෝර්ට් එක හරහා සම්ප්‍රේශනය කරන්න පුලුවන් උපරිම වොට් ගාන වොට් 100 ( 100W = 20V*5A ) නිසා. ඉතින් ගේමින් ලැප්ටොප් වගේ ඒවා පාවිච්චි කරද්දි වොට් 100 ත් 300 ත් අතර ගානක් පාවිච්චි කරන නිසා මේ වගේ ගේමින් ලැප්ටොප් Type C හරහා චාර්ජ් කරන්න බැරිවෙලා තියෙනවා.

 

දැන් ඔයා කල්පනා කරනව ඇති වොට් ගානයි ඈම්ප් ගානයි වැඩි කරොත් අපිට වැඩිපුර බලයක් මේක හරහා යවන්න පුලුවන්නෙ කියල. ඔයා හරි, ඒත් මේ නිසා “ආර්ක්” යනුවෙන් හඳුන්වන කුඩා විදුලි කෙටීම් ඇතිවෙනවා කේබල් එක සහ උපකරණයෙ පෝර්ට් එක අතර. අන්න ඒ නිසා අපි දැනට මේ Type C පෝර්ට් එක හරහා ගෙනියන බලය වොට් 100 කට සීමා කරල තියෙනවා.

 

ඒ වුනාට USB සම්බන්ධව සංවර්ධන කටයුතු සිදුකරන ආයතනයෙන් අපිට අළුත්ම ප්‍රවෘත්තියක් දීල තියෙනවා මේ දේ අවසන් කියලා. එයාල කියන විදිහට අපිට ඊළඟට දකින්න ලැබෙන Type C මීළග පරම්පරාවෙ පෝර්ට් එක වොට් 240 ක් දක්වා බලයක් සම්ප්‍රේශනය කරන්න පුලුවන් වෙනවා. මම කලින් කීව ආර්ක් ඇතිවෙන එක වලක්වන්න මේ පෝර්ට් සහ කේබල් විශේෂ අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කරන්න කටයුතු යොදල තියෙන්නේ. ඉතින් මේ Port එක හරහා අපිට RTX 3060, 3070 වගේ තියෙන Gaming Laptop එකක් උනත් බලගන්වන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා ගේමින් ලැප්ටොප් එකක් වගේ පාවිච්චි කරනවනම් අනාගතයෙදි ට්‍රැවල් කරද්දි, යුනිවසිටි එකට යද්දි චාජර් ගොඩක් එල්ලගෙන යන්න ඕනෙ වෙන එකක්නම් නෑ.

-ධනංජය පසන්-

ඔයා දකින හීන වලින් කියැවෙන රහස්…

අපි කවුරුත් හීන දකිනවා. ඒ හීන සමහරක් හැබෑ වෙනවා. ඒත් සමහර හීනනම් ,හීන විතරක්ම වෙනවා. අපි අවදියෙන් ඉද්දි දකින හීනයි නිදාගෙන ඉද්දි දකින හීනයි හරි වෙනස්. නිදාගෙන ඉද්දි දකින ගොඩක් හීන වලට සැඟවිච්ච හරි අපූරු අර්ථ තියෙනවා. හොඳ සිහින වගේම නරක සිහිනත් මේ අතර ගැබ් වෙනවා. එම නිසාම මේ කියන්නා වූ සිහින ගැන වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. බොහෝ වේලාවට අපි දකින සිහින මඟින් පිළිබිඹු කරන්නේ චිත්තවේගයන්, හැඟීම් දැනීම් ,විශ්වාස හා සිතුවිලි ආදිය. මේ කියන්න යන්නේ බොහෝ දෙනා දකින පොදු හීනවල ගැබ් වෙච්ච සැඟවිච්ච අර්ථයන් ගැනයි.

 

 

පරීක්ෂණයකින් අසමත් වෙනවා දැකීම……

Portrait of a woman grabbing head at desk near the laptop Free Photo

පරීක්ෂණයක් කියූ විගසම අපේ හිතට ඇති වන්නේ බියක්. කොච්චර මහන්සි වෙලා සූදානම්වෙලා හිටියත් පරීක්ෂණයන්ට මට මේ දේ කරගන්න හැකිවේදෝ නොහැකි වේ දෝ කියලා අපේ හිතේ කොනක හරි බියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කොයි කවුරුත් පරීක්ෂණ වලින් අසමත් වෙලා තියෙනවා. හැබැයි සිහින ලෝකයේ දී ඒක ටිකක් වෙනස්. මේ සිහින ලෝකයේ දී යම් විභාගයකින් අසමත් වනවා දුටුවොත් ඔබට ඔබගේ ජීවිතයට හා ඔබ ගෙවන්නා වූ ජීවිකාවට වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වෙනවා. මේ සිහිනයේ සැබෑම අරුත වන්නේ ඔබට අවශ්‍ය තරමට ආත්ම ශක්තියක් නැති බවයි. ආත්ම ශක්තිය ජීවිතයේ කොතරම් අවැසිද කියා මම ඔබට අමුතුවෙන් කිවයුතු නැත. ඉතින් යම් යම් දේවල් ඔබ ජීවිතයේදී උත්සාහ කරද්දී එයට අවශ්‍ය විශ්වාසය සහ ආත්ම ශක්තිය නොමැතිකම නිසා හිතේ ඇති කලබලයට මෙවැනි හීන පෙනෙන්නට පුළුවන්.

 

 

ඔබ මෝටර් රථයක් පදවාගෙන යනවා දුටුවොත්…..

Handsome man driving in his car Free Photo

තමන්ගෙ කියලා වාහනයක් ගන්න සිහින දකින කොතරම් පිරිසක් ඇත්ද? තමන්ගෙම හිතමිතුරන් සමග වාහනය පදවාගෙන යන්න හීන දකින අය අද සමාජයේ බොහෝ දක්නට ලැබෙනවා. ඒකට කියන්නේ වාහන සිහිනය නැතහොත්” රථ ගාය” . ඉතින් මෙවැනි සිහිනයක් ඔබ දුටුවොත් එයින් පැවසෙන්නේ ඔබ ඉතාම ප්‍රීතියෙන් කාලය ගත කරනවා යන්නයි. නමුත් ඔබ ඉදිරියේ මෝටර් රථයක් තිබිලත් ඔබ එය නොපදිනවනම් එයින් කියැවෙන්නේ ඔබට කිසි සතුටක් නැති බවයි. ලැබී ඇති දෙයින් ඔබ සෑහීමකට පත් නොවන බවයි. තවද මොන ප්‍රශ්නය ජීවිතයට ආවත් ඔබ එයට මුහුණ දෙමින් ඉදිරියට යාමට කැමති අයෙක් බවයි.

 

 

ඔබ ලිංගික සබඳතාවක් පවත්වනවා දැකීම…….

Beautiful young happy couple relaxing in bed and smiling, embracing Free Photo

ඔබ ලිංගිකව එකතු වන විටදී සතුටින් හිදිනවා දුටුවොත් එයින් කියවෙන්නේ ඔබේ සහකරුවා හෝ සහකාරිය ගැන ඉතා පැහැදීමකින් සිටින බවයි. එකිනෙකාගේ රූපය පිළිබඳව සෑහීමකින් ඔබ සිටින බවයි. එහෙත් ඔබ එම අවස්ථාවේ කිසිදු හැගීමක්කින් තොරව සිටියේ නම් එයින් අදහස් වන්නේ ඔබ ඔබ පිළිබද අවතක්සේරුවකින් ඉන්නවා යන්නයි. ඔබගේ පෙනුම ,රූපය , අඟ පසඟ ගැන සතුටින් පසු නොවනවා යන්නයි.

 

 

ඔබ සිහිනයෙන් ඇද වැටෙනවා දැකීම……..

Woman gets leg injury while working out in park Free Photo

 

මෙය ඔබට දිස් වන විටදී යම් ගැස්සීමක්, බියක් මනසේ ඇති වන්නට පුළුවන්. බොහෝ වෙලාවට බොහෝ අයවලුන් ගැස්සී නින්දෙන් අවදිවෙන වෙලාවන් ඇත. එහෙත් මෙම සිහිනයෙහි තේරුම වන්නේ ඔබ අවිශ්වාසයෙන් සහ පසුතැවීමකින් කල්ගෙවනවා යන්නයි. මෙය දිස් වෙන්නට ප්‍රධානම හේතුව ඔබගේ සිතෙහි ඇති දැඩි අවිශ්වාස යයි. නමුත් ඔබ වැටෙන අවස්ථාවේ ප්‍රීතියෙන් සිටියා නම් එයින් කියැවෙන්නේ ජීවිතයේ ඔබට මුහුණ දෙන්නට වන සෑම ප්‍රශ්නයකටම හොඳාකාරවම මුහුණ දෙමින් ඉදිරියට යාමට කැමති බවයි.

 

 

පිරිසක් මැද ඔබ නිරුවත්ව සිටිනවා දැකීම………

High fashion look.glamour portrait of beautiful sexy young female woman with red lips on black background with hat Free Photo

මෙය නම් මදක් සිනහ නංවන සහ බියක් ඇති කරන සිහිනයක්. මෙයින් කියවෙන්නේ වෙනස්ම දෙයක්. එනම් ඔබ ඔබගේ පෞරුෂය සම්බන්ධව ප්‍රබල දුර්වලතාවයකින් සිටින බවයි. මෙවැනි හීන පෙනෙන්නේ බොහෝවිට සමාජය තුළ හැසිරෙන්නට කැමති නැති අයටයි. ඔවුන් මිනිසුන් සමග ගැටෙන්නට බියක් දක්වන නිසා ඔවුන්ගේ දුබලතා අනික් අය දැන ගනීවි කියලා ඔවුන් බියට පත්වෙනවා. එසේ වුවහොත් ඔවුන් සමාජයේ සිනහවකට සමච්චලයට පාත්‍ර වෙයි යන හැඟීම නිසා ඔවුන් නිතරම පසුවන්නේ බියකින්. මේ නිසයි ඔවුන්ට මේ ආකාරයේ සිහින දිස් වන්නේ.

 

 

යම් භයානක දෙයක් ඔබ ලුහුබඳිනවා දුටුවොත්…..

Frightening halloween realistic background Free Vector

යම් භයානක දෙයක් ඔබ ලුහුබඳිනවා දුටුවොත් එයින් අදහස් වන්නේ යම් පීඩාකාරී තත්ත්වයකට ඔබ මුහුණ දෙමින් සිටින බවයි. කිසියම් ප්‍රශ්නයකට මැදිව එයින් ගැලවීමට නොහැකිව ඔබ ප්‍රශ්නය අතර දෝලනය වෙමින් සිටින බවයි. ඔබ නිතරම ඔබේ ප්‍රශ්නය ගැන සිතමින් කාලය ගත කරන නිසා මෙවැනි භයානක සිහින පෙනෙන්නට පුළුවන්. ඔබටත් එම ගැටලුවෙන් ඉක්මනින්ම නිදහස් වීමට අවශ්‍ය බවද ඉන් කියැවෙයි.

 

 

වැසිකිලියක් සොයා ගැනීමට බැරිව ඔබ කලබලෙන් සිටිනවා දැකීම….

Embarrassed guy want to pee, waiting in line for toilet, standing against blue background. Free Photo

ඔබට වැසිකිළියට යාමට අවශ්‍ය වුවත් ඔබට වැසිකිලියක් සොයාගැනීමට නොහැකිව සිටිනවා ඔබ දුටුවොත් එයින් අදහස් වන්නේ ඔබ ඔබේ අවශ්‍යතාවයන් සහ අදහස් ප්‍රකාශ කර ගන්නට නොහැකිව පීඩාවට පත්ව සිටින බවයි. මෙවැනි පුද්ගලයන් තමන්ගේ වැඩ පසෙකලා අන් අයගේ වැඩ වලට අවධානය දෙයි . එම නිසා ඔවුන්ට තමන්ගේ කාර්යභාරයවත් හරියට ඉටු කරගන්න අවස්ථාවක් හෝ වෙලාවක් නැහැ. එමනිසා ඔවුන් සිටින්නේ සහ කල් ගෙවන්නේ දැඩි පීඩනයකින්. මේ වගේ අවස්ථාවල තමයි මෙවැනි සිහින ඔවුන්ට පෙනෙන්නට පටන් ගන්නේ.

 

 

සිහිනෙන් ඔබේ දත් වැටෙනවා දුටුවොත්.

Displeased beautiful african american woman keeps hand on cheeks, feels toothache, clenches teeth from pain, has dark healthy skin and crisp hair, dressed casually. negative facial expressions Free Photo

මේක නම් කොයි කවුරුත් දකින්න ප්‍රිය කරන සිහිනයක් නම් නොවෙයි. නමුත් මෙයින් ඔබේ චරිතය ගැන බොහෝ දේවල් කියැවෙයි. ඔබ ඔබගේ රූපය ගැන වැඩි අවධානයක් දෙන කෙනෙක්. මේ නිසා ඔබ ඔබට තිබෙන දෙයින් සතුටට පත්වන්නේ නැහැ. ලද දෙයින් ඔබ සතුටු වෙන්නෙත් නැහැ. මේ නිසා ඔබ කාන්සාමය තත්වයකින් ඔබ පසු වෙනවා. ඔබේ පෙනුම නිසා ඔබ සමාජයෙන් ප්‍රතික්ෂේප වේ යැයි සිතනවා. ඔබගේ ආදරණීයයන් ගෙන් ඔබ ප්‍රතික්ෂේප වේ යැයි සිතනවා. මේ නිසා ඔබ නිතරම පසුවන්නේ අන් අය ඔබගේ රූපය ගැන මොනවා කියාවිදැයි බියකින්. එම නිසා මේ ආකාරයේ සිහින ඔබට පෙනෙන්නට පුළුවන්.

– තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්

– තෙපුලි මන්දාකිණී-

ශ්‍රී  ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය…

“නීතිය එළියයි” (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡා මාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව “Ignorantia legis neminem excusat” යන  ලතින් ආප්තය මගින් කියවේ. ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ සමාජ සුභසාධක කමිටුව විසින් අප රටේ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුල සරල දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා දරනු ලබන වෑයමේ එක පියවරක් ලෙස පවත්වන ලද හයවන සාකච්ඡාවේදී, “විවාහ නීති” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ඡාවට ශ්‍රී  ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්‍යවරියක ලෙස සේවය කරන නීතිඥ  මයිසා අසාර් මහත්මිය සහභාගී විය.

 

1.මුස්ලිම් නීතිය පුද්ගලයෙකුට අදාළ වන්නේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?

 

මුස්ලිම් පුද්ගලයෙක් ලෙස අපි හඳුන්වන්නේ ඉස්ලාම් දහම අනුගමනය කරන පුද්ගලයෙක්වයි. මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ (MMDA) 2 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනත අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම් ජනතාව හා සම්බන්ධ  විවාහ හා  දික්කසාද සහ ඒ හා සම්බන්ධ වෙනත් කාරණා සඳහා පමණයි. උපතින් මුස්ලිම් වූ හෝ පරිවර්තනයෙන් මුස්ලිම් වූ කෙනෙක් මුස්ලිම්වරයෙකු ලෙස පිලිගැනෙනවා.

 

2.මුස්ලිම් විවාහය සම්බන්ධයෙන් අදාළ වන නීතිය කුමක්ද?

 

මුස්ලිම් විවාහය සම්බන්ධයෙන් අදාළ වන්නේ, 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) යි.  එය කලින් කලට සංශෝධනය වී තිබෙනවා.

 

3.ඉස්ලාම් දහමේ නබිතුමා විසින් දෙන ලද විවාහ නීති මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මගින් පිළිබිඹු වෙනවද ?

යම් දුරකට ඔව්.  විවාහය වලංගු වීමට ෂරියා නීතිය යටතේ අඅවශ්‍යතා 5 ක් තිබෙනවා.

 

  • පාර්ශවයන්ට විවාහ වීමේ හැකියාව හෝ විවාහ වීමට හැකියාව තිබිය යුතු යි.

 

  • පාර්ශ්වයන් විවාහයට එකඟ විය යුතු යි. යෝජනාව /පිරිනැමීම සහ පිළිගැනීම තිබිය යුතු යි.

 

  • විවාහයේ විධිමත්භාවය අනුගමනය කළ යුතු යි.

 

  • විවාහයට නීතිමය බාධාවන් නොතිබිය යුතු යි

 

  • මහර් සැපයිය යුතු යි.

 

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 16 වන වගන්තියෙන් ප්‍රකාශ කරන්නේ මුස්ලිම් විවාහයක වලංගුභාවය ලියාපදිංචි කිරීම හෝ ලියාපදිංචි නොකිරීම මත රඳා නොපවතින බවයි. එය තීරණය කළ යුත්තේ එවැනි විවාහයක පාර්ශවයන් අයත් නිකායන් ට අදාල වන මුස්ලිම් නීතියට අනුවයි.

 

මුල් මුස්ලිම් නීතියට පටහැනි ප්‍රතිපාදන  මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ තිබෙනවා. උදාහරණයක් ලෙස, බහු විවාහ සහ තලාක් ක්‍රියා පටිපාටිය දක්වන්න පුලුවන්.  බහු විවාහ සම්බන්ධයෙන් ෂරියා නීතිය විසින් අවධාරණය කරන කොන්දේසි පනතට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි. දික්කසාදය සම්බන්ධව පනතේ නිශ්චිත විධිවිධාන නැති අවස්ථාවල තලාක් දික්කසාද වැඩිවීම බරපතල සමාජ ගැටලුවක් බවට පත්වී ඇති නිසා, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ  ඇති විධිවිධාන සලකා බැලීම ඉතාමත් වැදගත්.

 

4.මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට අනුව විවාහයට අවම වයස් සීමාවක් නොමැති නමුත්, වැඩිවිය පැමිණීමේ වයස ගැන මුස්ලිම් දහම අවධාරනය කරන අතර වයස අවුරුදු 12 අඩු නම් ක්වාසිගෙන් අවසර ලබා ගැනීමට මුස්ලිම් විවාහ හා දික්කසාද පනත විසින් ඉඩ දී ඇත. මෙය මුස්ලිම් විවාහ නීතියේ නිවැරදි පිළිබිඹුවක් ?

 

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත, විවාහය සඳහා අවම වයසක් නියම කරන්නේ නෑ. වයස සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත තුල ඇති එකම විධිවිධානය වන 23 වන වගන්තියේ සඳහන් වන ආකාරයට, වයස අවුරුදු 12 සම්පූර්ණ නොවූ මුස්ලිම් ගැහැණු ළමයෙකුට විවාහයක් ලියාපදිංචි කිරීම තහනම් නමුත් දැරිය පදිංචිව සිටින ප්‍රදේශය භාර ක්වාසිගේ අභිමතය අනුව, ඊට අදාල නිවැරදි පරීක්‍ෂණයකින් පසු, විවාහය ලියාපදිංචි කිරීමට අවශ්‍ය අවසරය ලබා ගන්න පුලුවන්.

ෂරියා නීතිය මඟින් අවම විවාහ වයස් සීමාවක් නියම කර නැතත්, විවාහයේ වයස පිළිබඳ සංකල්පය ෂරියා සහ ෆයිග් නීතීන් වල සඳහන් වී තිබෙනවා. කුරානයෙහි විවාහය හෝ වැඩිවිය පැමිණීමේ සහ අභිමතයේ වයස පිළිබඳව පැහැදිලි සඳහනක් දකින්නට පුලුවන්.  මේ පිලිබඳව සංකල්ප දෙකක් තියෙනවා.

 

1) විවාහ වීමේ  හෝ වැඩිවිය පැමිණීමේ වයස

2) අභිමතයේ වයස.

 

වැඩිවිය පැමිණීම කියන්නේ ශාරීරික ධාරිතාවය සහ පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව ඉහළ යන කාල පරිච්ඡේදයක්. මෙය සාපේක්ෂ සංකල්පයක්. ඉස්ලාමීය නීතිවේදීන් කියා සිටින්නේ විවාහයක වගකීම් ඉටු කරන්නට පුද්ගලයෙකුට ශාරීරික හැකියාව පමණක් ප්‍රමාණවත් නොවන බවත්, හොඳ/මනා විනිශ්චයක් (අභිමතය) ඇති කරගැනීමේ හැකියාව ද සමානව පිහිටීම වැදගත් බවයි.

විවාහ විය හැකි වයස තීරණය වන්නේ වැඩිවිය පැමිණීම සහ අභිමතයේ වයස (නිවැරදි විනිශ්චය) සම්පූර්ණ වීමෙන්. කෙසේ වෙතත් මෑත අතීතයේ සිදු වී ඇති අපයෝජන ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සඳහා අවම විවාහ වයස් සීමාවක් ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යවක් තිබෙනවා.

 

5.අබේසුන්දර එරෙහිව අබේසුන්දර නඩුවේදී සිදුවූ දේ අපි සාකච්ඡා කරමු ?

 

ක්‍රිස්ටෝපර් අබේසුන්දර විවාහ ආඥා පනත (MRO) යටතේ නටාලි අබේසුන්දර සමඟ විවාහ වුනා.

ඉන් පසුව ඔහු කාන්ති එදිරිසිංහ සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ අතර ඔහු ඔහුගේ බිරිඳ (නටාලි අබේසුන්දර) ට එරෙහිව දිසා අධිකරණයට පැවරෑ දික්කසාද නඩුව ප්‍රතික්‍ෂේප වුනා. පසුව, ක්‍රිස්ටෝපර් සහ කාන්ති ඉස්ලාම් ආගමට හැරී මුස්ලිම් නීතිය යටතේ විවාහ වුනා.  ඉන් පසුව ඔහුගේ පළමු බිරිඳ ඔහුට විරුද්ධව ද්විවිවාහයට ඵරෙහිව නඩුවක් ගොනු කළා. ශ්‍රේෂ්‍ඨාධිකරණය කියා සිටියේ විවාහ ආඥා පනත (MRO) ඒකවිවාහක විවාහයන් පමණක් පිළිගන්නා බවත් ක්‍රිස්ටෝපර් සාමාන්‍ය විවාහ ආඥා පනතට සම්බන්ධ ව්‍යවස්ථාපිත වගකීම්වලින් බැඳි ඇති බවයි. ඒ අනුව, ඒකපාර්ශ්වික පරිවර්තනයකින් ඉස්ලාම් ආගමට හැරීමෙන් ඔහුට පළමු විවාහ ගිවිසුමේ ව්‍යවස්ථාපිත බැඳීමෙන් මිදෙන්නට බැහැ.

අද නීතියට අනුව, සාමාන්‍ය  නීතිය යටතේ පුද්ගලයෙක් විවාහ ගිවිසුමක් ඇති කර ගෙන තිබේ නම්, එවැනි විවාහයක් විසුරුවා හැරීමකින් තොරව, ඒකපාර්ශ්වික පරිවර්තනයක් මගින්, මුස්ලිම් නීතිය යටතේ දෙවන විවාහයක් ගිවිසුම් ගත කළ නොහැකියි.

 

6.දෑවැද්ද මුස්ලිම් විවාහයක් සඳහා නීත්යානුකූල අවශ්යතාවක්ද? (මහර් සහ දෑවැද්ද)

 

මුස්ලිම් නීතියට අනුව දෑවැද්ද හඳුන්වන්නේ “මහර්” ලෙසයි. සාමාන්‍ය නීතිය යටතේ දෑවැද්ද ලෙස අප දන්නා සංකල්පය මුස්ලිම් නීතියෙන් වෙනස්. ෂරියා නීතියට අනුව, දෑවැද්ද හෝ මහර් යනු විවාහ වන අවස්ථාවේ මනාලයා විසින් මනාලියට පිරිනමන මුදලයි. මහර් ගෙවීම මුස්ලිම් නීතිය යටතේ අනිවාර්යයි. වලංගු විවාහයක් සඳහා ෂරියා නීතිය යටතේ, දෑවැද්ද අත්‍යවශ්‍යයි.

අනෝන්‍ය එකඟතාවයකින් පාර්ශවයන්ට මහර්ගේ ප්‍රමාණය නියම කළ හැකි අතර මනාලියට දෑවැද්දට ඇති අයිතිය අත්හැරීමට පැහැදිලිවම එකඟ වන්න පුලුවන්. මහර් හෝ දෑවැද්ද කියන්නේ මනාලිය සතු අයිතියක්.

කෙසේ වෙතත්, මහර් සැපයීමේ වගකීම ගිවිසුමෙන් පැහැදිලිවම බැහැර කර නැති විට, දෑවැද්දේ ප්‍රමාණය සම්බන්ධයෙන් පාර්ශ්වයන් එකඟ වී නැති නම්, කාන්තාවගේ සුන්දරත්වය, වාසනාව, අවබෝධය, ගුණවත්කම, සමාජ තත්වය සහ ඇගේ අධ්‍යා‍පනය වැනි කාරණා සලකා ගණනය කල නිසි දෑවැද්දකට ඇය හිමිකම් කියනවා.

මහර් සමහර විට කඩිනමින් ලබා ගැනීමට හෝ කල් දමන්න පුලුවන්. කඩිනම් දෑවැද්දක් නම් විවාහය සිදු වූ වහාම සහ ඉල්ලුමට අනුව ගෙවිය යුතුයි. ලේඛකාධිකාරී එය විවාහ සහතිකයේ සටහන් කළ යුතුයි. මහර් කල් දමා ඇත්නම්, කාන්තාවට දෑවැද්ද ලැබෙන තුරු සංජානනීය සම්බන්ධතාවයට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමට ඇයට හැකියි.

 

7.සාමාන් නීතිය යටතේ විවාහ වූ පුද්ගලයෙකුට නැවත මුස්ලිම් නීතිය යටතේ විවාහ විය හැකිද?

 

සාමාන්‍ය නීතිය යටතේ විවාහ ගිවිසුමක් ඇති පුද්ගලයෙකුට දිසා අධිකරණයෙන් දික්කසාදයක් ලබා නොගෙන ඒකපාර්ශ්වික පරිවර්තනයක් මගින් මුස්ලිම් නීතිය යටතේ දෙවන විවාහයක් ගිවිසුම්ගත කිරීම තහනම්. දික්කසාදයකින් පසුව ඔහුට මුස්ලිම් බවට පරිවර්තනය වී මුස්ලිම් නීතිය යටතේ දෙවන විවාහ ගිවිසුමක් ඇති කරගන්ට පුලුවන්.

 

8.මුස්ලිම් විවාහයකදී මනාලියගේ කැමැත්ත බලහත්කාරයෙන් ලබාගෙන තිබේ නම්, එම විවාහය මුස්ලිම් නීතිය යටතේ වලංගු වේද?

ඔව්, ඒ මනාලිය වෙනුවෙන් වාලිගේ කැමැත්ත සන්නිවේදනය කර ඇති නිසායි. විවාහ වන අවස්ථාවේ වාලිගේ කැමැත්ත මනාලියගේ කැමැත්ත ලෙස සැලකෙනවා.

ඒ අතරම, විවාහය ඇයගේ අභිමතය පරිදි ගිවිසුම්ගත වී නැති බවට අවශ්‍ය සාක්‍ෂි සපයමින්, විවාහ ගිවිසුම පසු දිනෙක ප්‍රතික්ෂේප කිරීමට මනාලියට අයිතියක් තිබෙනවා.

 

9.මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් පුරුෂයෙකුට කී වතාවක් විවාහ වීමට අවසර දී තිබේද සහ මුස්ලිම් කාන්තාවකට කී වතාවක් විවාහ විය හැකිද?

 

මුස්ලිම් පිරිමියෙකුට ඕනෑම කාන්තාවන් ගණනක් විවාහ කරගන්න පුලුවන්. නමුත් එය ඵක් වරකට 4 නොඉක්මවිය යුතුයි. ගැහැනු කෙනෙකුට එක් වරකට එක් ස්වාමිපුරුෂයෙකු පමණක් සිටිය යුතුයි. ඇය වලංගු දික්කසාදයක් ලබාගෙන ඇත්නම් හෝ සැමියාගේ මරණයෙන් පසුව ඉද්දා චාරිත්‍රය නිවැරදිව අනුගමනය කිරීමෙන් පසුව ඇයට දෙවන විවාහයක් සිදු කරන්න පුලුවන්.

කාන්තාවන් බහුතරයක් සමඟ විවාහ වීමට පිරිමි මුස්ලිම්වරයෙකුට පැහැදිලිවම අවසර දී තිබුනත් වැදගත් දෙය නම් පුරුෂයාට තම භාර්‍යාවන් සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කිරීමට නොහැකි නම් (කුරානයෙහි සඳහන් වන පරිදි), ඔහු ඵක් භාර්‍යාවක් පමණක් තබා ගත යුතුයි. භාර්යාවන්  4ක් සමඟ විවාහ වීම උපරිම සීමාවක් මිස ඔහු සතු අයිතියක් නොවේ.

 

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය: අවිශ්ක රනාන්දු( ශ්රී ලංකා නීති ශිෂ් සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක)

 

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

 

 

 

 

සාමාන්‍ය නීතිය යටතේ විවාහය…

“නීතිය ඵළියයි” යනු, නීතිය පිළිබඳව මහජනයාගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව විසින් පවත්වනු ලැබූ ත්‍රීභාෂා නීති සාකච්ඡා මාලාවකි. ලතින් භාෂාවේ සඳහන් ” ignorantia legis neminem excusat ” යන කියමන, “නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ” යනුවෙන් පරිවර්තනය වේ.  ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුබසාධක කමිටුව, අප රටේ නීතිය සරල ලෙස අර්ථ නිරෑපනය කිරීම මගින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උත්සාහ දරයි. ඵහි හයවන සාකච්ඡාව මගින් පුද්ගලයන්ට ඇති අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා “විවාහ නීති” කෙරෙහි අවධානය යොමු කළේය.

 

මෙම සාකච්ඡාවට වෙරිටාස් ඇකඩමියේ සභාපති, නීතීඥ නිසල් කොහොන මහතා සහභාගී විය.

 

  1. නීතියට අනුව විවාහය යනු කුමක්ද? විවිධ විවාහ වලට අදාළ නීති මොනවාද?

 

විවාහය කියන්නේ  නීතියට අනුකූලව සාදන ලද ගිවිසුමක්. එය නිදහස් පුරුෂයෙකු හා නිදහස් කාන්තාවක් ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර පවතින සමිතිය තුළ අන්‍යෝන්‍ය වශයෙන් ජීවත් වීමට එකග වීමයි.

 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ නීතියට රෝම ලන්දේසි නීතිය සහ ඉංග්‍රීසි නීතිය සැලකිය යුතු ලෙස බලපා තිබෙනවා. 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ (MRO) සාමාන්‍ය නීතිය යටතේ විවාහයට අදාළ නීති සඳහන් කර තිබෙනවා.  මෙම ආඥා පනත විවිධ ජනවාර්ගික හා ආගමික විශ්වාසයන්ට අයත් පුද්ගලයින් අතර විවාහයන් සඳහා අදාළ වෙනවා. උඩරට සිංහලයින්ට සාමාන්‍ය නීතිය හෝ උඩරට නීතිය මඟින් පාලනය වීමට තෝරා ගන්න පුලුවන්. මුස්ලිම්වරුන් අතර ගිවිසුම් ගත වූ විවාහයන් පිළිබඳ MRO හි විධිවිධාන අදාළ නොවන නිසා ඔවුන් එයින් පාලනය වන්නේ නෑ

 

  1. වලංගු විවාහ වර්ග මොනවාද?

 

ලියාපදිංචි විවාහ:

සාමාන්‍ය නීතියට අනුව MRO හි පූර්විකාවේ දක්වා ඇති පරිදි ඉස්ලාම් දහම අනුගමනය කරන පුරවැසියන් හැර සෙසු ඕනෑම පුරවැසියෙකුට මෙම ආඥා පනත යටතේ විවාහයක් කර ගන්න පුලුවන්.

විවාහයක් ලියාපදිංචි කිරීමේදී, MRO හි 23 වගන්තයේ  සිට 36 වගන්තියට දක්වා ඇති පියවර විවාහ රෙජිස්ට්‍රාර්වරයා  විසින් අනුගමනය කළ යුතුයි. විවාහ සහතිකය නිකුත් කිරීම පිලිබඳව MRO හි 26 වන වගන්තියේ දක්වා තිබෙනවා. ඊට අනුකූලව, MRO යටතේ විවාහයක් වලංගු යැයි තහවුරු කෙරෙනවා.

 

23 (1) – පාර්ශවයන් දින 10 ක් ලංකාවේ පදිංචිව සිට ඇත්දැයි සොයා බැලිය යුතු අතර එක් පාර්ශවයක් තමන් පදිංචි කොට්ඨාසයේ විිවාහ ලේකම්වරයාට දැන්වීමක් කළ හැක.

23 (2) – එකම කොට්ඨාශය තුළ නොමැති නම්, විවාහ ලේකම්වරයාට දැනුම් දිය යුතුය

23 (3) – එක් පාර්ශවයක් ශ්‍රී ලංකාවේ පදිංචි නැතිනම් අනෙක් පාර්ශවය විසින් දැන්වීම කළ යුතුයි.

23 (4) – කිසිදු පාර්ශවයක් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු නොවේ නම්, දැන්වීම ලබා දෙන පාර්ශවය විවාහයට පෙර දින 4 කට නොඅඩු කාලයක් ලංකාවේ පදිංචි ව සිටිය යුතුයි.

 

25 වන වගන්තියට අනුව, එවැනි දැන්වීම් ලැබීමෙන් පසව,  විවාහ ලේකම්වරයා විසින් “විවාහ දැන්වීම් පොතේ” එම විස්තර ඇතුළත් කරයි. එවිට එම දැන්වීම ප්‍රකාශනයක් ලෙස සලකනු ලැබේ. ඉන් පසුව විවාහ ලේකම්වරයා විසින් 26 වන වගන්තියට අනුව විවාහ සහතිකය නිකුත් කරයි.

 

චාර්ත්රානුකූල විවාහ;

 

සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව සිදු කරන ලද විවාහයන් උසාවිය විසින් පිලිගනු ලබනවා. චාරිත්‍රානුකූල විවාහයේ සියළුම අවශ්‍යතා අනුගමනය කර තිබේ නම්, ආඥා පනතේ සීමාවෙන් බැහැරව වලංගු විවාහයකට එළඹෙන්න පුලුවන්.

 

  1. විවාහය ලියාපදිංචි කිරීම අත්යවශ් ?

ආඥා පනතට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. නමුත්, විවාහය සිදුවූ බවට සහ එහි වලංගුභාවය සඳහා ඇති හොඳම සාක්ෂිය, විවාහ ලේඛනයේ ඇති සටහනයි. අධිකරණය විවාහ රෙජිස්ට්‍රාර්වරයා විසින් විවාහ ලේඛනයේ  දක්වා ඇති තොරතුරු සලකා බැලීමක් සිදු කරනවා. (විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ MRO අංක 41).

 

සංවාසයෙන් හා ප්‍රසිද්ධියෙන් ඇතිවන  විවාහය (cohabitation) පූර්ව නිගමනයක්ව  පවතින අතර එය ප්‍රතික්‍ෂේප විය හැකි උපකල්පනයක් ලෙස නීතිය විසින් පිළිගෙන තිබෙනවා.  ලියාපදිංචි නොවූවත්, විවිධ ජනවාර්ගික ජාතීන් සහ ඔවුන් අනුගමනය කරන චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව සිදු කර ඇති චාරිත්‍රානුකූල විවාහ වලංගු යැයි නීතිය විසින් පිළිගෙන තිබෙනවා.

 

  1. විවාහ ගිවිසුමක් ඇති කර ගත හැක්කේ කාටද? එයට අදාල වයස, හැකියාව සහ තහනම් ඥාති සබඳතා පිලිබඳව සැලකිය යුතු කරැණු මොනවාද?

 

MRO හී 15 වන වගන්තියට අනුව 1995 ට පෙර පිරිමින්ට අවුරුදු 16 ක් ද කාන්තාවන්ට අවුරුදු 12 ද සම්පුර්ණව තිබිය යුතු වුණා. කෙසේ වෙතත්, 1995 අංක 18 දරණ සංශෝධන පනතෙන් පසු දෙපාර්ශවයටම අවුරුදු 18 සම්පූර්ණව තිබිය යුතුය. තියගරාජා එරෙහිව  කුරුක්කල් (1923) 25 NLR 69 නඩුවෙන් මෙය තහවුරු වුණා.  මෙම නඩුවේදී, විවාහයට ඇතුළු වන විට දැරියගේ වයස අවුරුදු 11 යි මාස 1 ක්. ඒ අනුව, විවාහය අවලංගු බවට උසාවිය තීන්දුව ලබා දී තිබෙනවා . (ගුණරත්නම් එරෙහිව රෙජිස්ටාර් ජෙනරාල්).

 

16 වගන්තියට අනුව තහනම් ඥාති සබඳතා පිළිබඳව පහත සඳහන් අවස්ථා ගැන සඳහන් වේ.

 

  1. එක් පාර්ශවයක් ඍජු ලෙස අනෙක් පාර්ශවයෙන් පැවත එන විට

 

  1. එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් අතර (තමාගේම හෝ අර්ධ සහෝදර සහෝදරියන් අතර)

 

  1. c) දෙමාපියන් සහ ඔවුන්ගේ සුළු දරුවන් අතර

 

18 වගන්තියට අනුව, කිසිඳු පාර්ශවයක් පෙර එක විවාහයක් සිදු කර ඇති අවස්ථාවක එවැනි විවාහයක් නීත්‍යානුකූලව විසුරුවා හැරීමකින් හෝ අවලංගු කිරීමකින් තොරව  ගිවිසුම්ගත කරන කිසිදු විවාහයක් වලංගු නොවන බව සදහන් කර තිබෙනවා. (හෙට්ටිආරච්චි එරෙහිව  හෙට්ටිආරච්චි) (2004) 3 SLR 116 නඩුවෙන් මෙය තහවුරු වුණා.

MRO හි 17 වගන්තියෙන් සඳහන් කරන්නේ තහනම් ඥාති සම්බන්ධතාවයක් තුල වන ඕනෑම විවාහයක් හෝ එකට ජීවත්වීම  වරදක් ලෙස සැලකෙන අතර වසරකට නොවැඩි කාලයක් සිර දඬුවම් ලැබිය හැකි බවයි.

 

  1. එකට ජිවත් වීම (cohabitation) කියන්නේ කුමක්ද?

 

සංවාසය කියන්නේ පාර්ශව දෙකක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වීමත් ඔවුන්ගේ ඥාතීන් හා හිතවතුන් විසින් ඔවුන්ව විවාහක යුවළක් ලෙස පිලිගෙන ඇති අවස්ථාවකටයි. එය සහමුලින්ම උපකල්පනයක් නොහොත් පූර්ව නිගමනයක් මත පදනම් වූවක්. නමුත් එම උපකල්පනය ප්‍රතික්‍ෂේප වන්නට පුලුවන්. සංවාසය යනුවෙන් අදහස් කරන්නේ දෙදෙනෙක් යම් කාලයක් සැමියා සහ බිරිඳ ලෙස එකට ජීවත් වීමයි. ප්‍රසිද්ධිය කියන්නේ විවාහක යුවළක් ලෙස සමාජය විසින් ඔවුන් පිළිගැනීමයි. පුරුෂයෙකු හා ස්ත්‍රියක් සැමියා සහ භාර්යාව ලෙස එකට ජීවත් වී ඇති විට නීතිය ඊට අනුරූපව එසේ නොවන බව ඔප්පු වන තුරු ඔවුන් එකට ජීවත් වූයේ අනියම් සබඳතාවක ප්‍රතිපලයක් ලෙස නොව විවාහයේ ප්‍ර‍තිඵලයක් ලෙස බව පිලිගන්නවා.

 

සංවාසය පදනම් වන්නේ හුදු උපකල්පනයක් මත පමණක් බවත් ඔවුන් එකට ජීවත් වන බව සාධාරණීකරණය කිරීමෙන් පමණක් වලංගු විවාහයක් සිදු නොවන බවත් සැලකිල්ලට ගත යුතුයි. (ඔවුන් යුවලක් ලෙස ජීවත් වූ බවට වැඩි ඇඟවීමකින් පෙන්විය යුතුයි). උපකල්පනය ප්‍රතික්ෂේප කිරීමේ භාරය පැවරී ඇත්තේ නීත්‍යානුකූල විවාහයක් සිදු නොවූ බවටත් ඔවුන් අවිවාහකව  සිටින බවටත් චෝදනා කරන පුද්ගලයාටයි. ප්‍රනාන්දු එරෙහිව දාබරේරා නඩුවේ දෙපාර්ශවයම සංවාසයෙන් සිට මියගොස් සිටි අතර ඔවුන්ගේ විවාහය ලියාපදිංචි වූ බවට සාක්ෂි නොමැති හෙයින් එවැනි පාර්ශවයන් විවාහ වී සිටියද යන්න සොයා බැලිය යුතුව තිබුණා. පැවති එකම සාක්ෂිය වූයේ ඔවුන් එකිනෙකාට සලකා තිබූ ආකාරයයි. උසාවිය කියා සිටියේ සංවාසයෙන් හා ප්‍රසිද්ධියෙන් විවාහය පැවති බව නීතියෙන් පිළිගත හැකි බවයි.

 

උඩරට පාර්ශවයන් සම්බන්ධයෙන් සංවාසයෙන් හා ප්‍රසිද්ධියෙන් හෙවත් සහජීවනයේ උපකල්පනය වලංගු නොවේ. උඩරට විවාහ සහ දික්කසාද පනත (KMDA) විශේෂයෙන් සඳහන් කරන්නේ එවැනි පනතක් යටතේ ලියාපදිංචිය අනිවාර්ය වන අතර MRO හෝ KMDA යටතේ ලියාපදිංචි නොවන විවාහයක් වලංගු නොවන බවයි.

 

  1. චාරිත්රානුකූල විවාහයක් (customary marriage) කියන්නේ කුමක්ද?

 

චාරිත්‍රානුකූලල විවාහයක් කියන්නේ යම් රටක හෝ ප්‍රදේශයක සිරිත් විසින් පිලිගනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍ර වලට අනුකූලව ගිවිසුම්ගත කරන විවාහයකටයි. MRO හි මේ සම්බන්ධයෙන් නිශ්චිත නීති විධිවිධාන දක්වල නෑ. ඒවා බොහෝ දුරට නඩු තීන්දු අනුසාරයෙන් පිලිගනු ලැබේ. සාමාන්‍යයෙන් එකම ජනවාර්ගික, ආගමික හෝ ප්‍රදේශවල චාරිත්‍ර වාරිත්‍ර  වලට අනුව චාරිත්‍රානුකූල විවාහයන් සිදු කරන්න පුලුවන්.

චාරිත්‍රානුකූල විවාහයන් පාලනය කරනු ලබන්නේ ලංකාවේ ස්ථාපිත කර ඇති චාරිත්‍රානුකූල නීතින් විසින් වන අතර, උඩරට වැසියන් සඳහා KMDA ද, මුස්ලිම් වැසියන් සඳහා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ද යාපන දෙමළ ජනයා සඳහා තෙසවලමෛ නීතිය ද අදාල වෙනවා. වෙනත් ඕනෑම ජන වාර්ගිකයෙකුට MRO යටතේ විවාහයකට ඇතුළත් වන්න පුලුවන්.

 

  1. ලංකාවේ දැනට තිබෙන විවිධ විවාහ නීති මොනවාද?

 

කිසියම් පාර්ශවයක් චාරිත්‍රානුකූල විවාහයේ සීමාව තුලට වැටේ නම්, ඔවුන්ට එවැනි චාරිත්‍රානුකූල නීති යටතේ විවාහයක් සිදු කළ හැකි අතර, එම චාරිත්‍ර වලට අදාළව එවැනි විවාහයක් පාලනය වෙනවා. එසේ නැත්නම් යම් පාර්ශවයකට සාමාන්‍ය නීතිය යටතේ MRO ට අනුව විවාහයකට පිවිසෙන්න පුලුවන්.

 

උදාහරණයක් ලෙස, ඕනෑම පාර්ශවයකට MRO යටතේ ද ලියාපදිංචි වීමට KMDA අවසර දී ඇති නමුත් එවැනි පනතක් යටතේ විවාහයක් ලියාපදිංචි වන තුරු විවාහයක් වලංගු වන්නේ නෑ.

 

  1. පුද්ගලයෙකුට විවාහ වීමට කැමති නීතියක් තෝරා ගන්න පුලුවන්ද?

 

ඔව්, යම් පුද්ගලයෙකුට තමා අනුගමනය කරන ඇදහිල්ලට අනුව විවාහ වීමට සහ එවැනි චාරිත්‍රානුකූල නීති හැර වෙනත් ඕනෑම නීතියක් යටතේ ලියාපදිංචි වීමට චාරිත්‍රානුකූල පනත මඟින් ඉඩ ලබා දේ නම්, ඔවුන්ට එය කරන්න පුලුවන්.

විවාහයකට එළඹෙන එක් පාර්ශවයක් එවැනි චාරිත්‍රානුකූල නීතියට යටත්  නොවන අවස්ථා තිබෙන්න පුලුවන්. එම නිසා  ඕනෑම පුද්ගලයෙක් තම විවාහය ලියාපදිංචි කළ යුත්තේ කුමන නීතිය යටතේ ද යන්න තෝරා ගැනීමේ නිදහස ඔවුන්ට තිබිය යුතුයි.

 

උඩරට විවාහය

 

  1. උඩරට විවාහ නීතිය ගැන සාකච්ඡා කරමුද? පුද්ගලයන් දෙදෙනාම උඩරට විය යුතුද?

 

පූර්විකාවේ දක්වා ඇති පරිදි උඩරට විවාහ හා දික්කසාද සඳහා අදාළ වන්නේ උඩරට විවාහ හා දික්කසාද පනතයි (KMDA). 1850 වන විට උඩරට පළාතේ පදිංචි ව සිටි ඕනෑම උඩරට ජාතිකයෙකුට හෝ ඉහත කී කාණ්ඩයෙන් පැවත එන ඕනෑම අයෙකුට මෙම නීතිය යටතේ විවාහයක් කර ගැනීමට KMDA ඉඩ සලසා දී තිබෙනවා.

 

එම නිසා KMDA යටතේ විවාහයකට අයදුම් කිරීම සඳහා දෙපාර්ශවයම උඩරට වැසියන් විය යුතුයි. කෙසේ වෙතත්, තම කැමැත්ත පරිදි විවාහය KMDA හෝ MRO යටතේ ලියාපදිංචි කර ගැනීමට පාර්ශවයන්ට බලය ලබා දී තිබෙනවා.

 

  1. උඩරට විවාහයක් ලියාපදිංචි කිරීම අනිවාර්යද?

 

KMDA 3 (1) (අ) වගන්තියට අනුව උඩරට නීතියට යටත් වන පුද්ගලයෙකුගේ විවාහය මෙම පනත යටතේ හෝ MRO යටතේ හෝ ලියාපදිංචි කළ යුතු බවත් 3 (1) (ආ) වගන්තියට අනුව එවැනි විවාහයක් ලියාපදිංචි නොකළ ඇත්නම් එම විවාහය වලංගු නොවන බවත් සඳහන්ව තිබෙනවා.

 

එම නිසා KMDA යටතේ ඕනෑම පාර්ශවයක් විවාහයක් සිදු කරන්නේ නම් ලියාපදිංචිය අනිවාර්යයි. කෙසේ වෙතත්, උඩරට වැසියෙකුට වුවද KMDA ඉඩ සලසා දී ඇති ආකාරයට MRO යටතේ ලියාපදිංචි වී ඇති අවස්ථාවක වූවද තවමත් KMDA සීමාව තුළ පැවතිය හැකියි.

 

  1. උඩරට නීතිය යටතේ එක් කාන්තාවක් එක් පුරුෂයෙකුට වඩා විවාහ කර ගැනීමේ ස්වභාවයක් තවමත් තිබෙනවාද?

 

උඩරට නීතිය බහු විවාහය සහ බහු පුරැෂ සේවනය පිළිගන්නේ නෑ. සාමාන්‍ය නීතිය යටතේ ද්වී විවාහය සාපරාධී වරදක් වනවා සේම මෙයද ඒ හා සමාන වරදක් ලෙස සැලකෙනවා.

 

  1. උඩරට විවාහ නීතියෙන් උඩරට වැසියෙකුට ඉවත් වී සාමාන් නීතිය යටතේ විවාහ විය හැකිද?

 

ඔව්, ඔවුන්ට MRO යටතේ ලියාපදිංචි වන්න පුලුවන්. එවිට ඔවුන් MRO යටතේ විවාහ හා දික්කසාදයට අදාළ නීතිය මඟින් පාලනය වේ.

 

මෙම නීති ව්යවස්ථාදායකයේ වෙනස්වීම් සමඟ අනාගතයේ දී වෙනස් වීමට ඉඩ ඇති බව සලකන්න

 

 

ඹබට සම්පූර්ණ සාකච්ඡාව ‘Law Students Association of Sri Lanka’ YouTube නාළිකාව ඹස්සේ, නැරඹිය හැකියි.

 

පරිවර්තනය: අවිශ්ක ප‍්‍රනාන්දු සහ අමන්දා විජේසිංහ

ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක.

 

 

මුළු රෑම Phone එක Charge කරන ඔයා ලඟදීම කරදරේ වැටෙයිද..?

දුරකතනයක් කියන්නෙ මේ වෙද්දි අපි හැමෝම එදිනෙදා ජීවිතයෙදි පාවිච්චි කරන උපකරණයක්. ඉතින් ඒ දුරකතනය හරියට පාවිච්චි කරන එකෙන් දුරකතන‍යේ ආයුකාලය වැඩිවෙනවා, ඒ කියන්නෙ ඔයාගෙ පොකට් එකටත් වාසියක් වෙනවා. ෆෝන් එකේ බැටරි  එක කියන්නෙ ඔයාගෙ ෆෝන් එකේ ප්‍රධානම අංගයක්. ඉතින් අද අපි කතාකරන්නෙ ඔයාගෙ ෆෝන් එකේ බැටරි එකේ ආයුකාලෙ අඩු වෙන්න ඔයා කරල තියෙන්න පුලුවන් වැරදි දෙයක් ගැන.

 

මම මේ කියන්න යන්නේ ෆෝන් එක මුලු රෑම චාර්ජ් කරන එක ගැන. මේ ගැන ගොඩක් මතවාද ඔයා අහල තියෙනවා වෙන්න පුලුවන්. සමහර අය කියනවා රෑ පුරා ෆෝන් එක චාර්ජ් කරන එක අවුලක් නෑ කියල, ඒ වගේම තවත් අය කියනවා මෙහෙම ෆෝන් එක චාර්ජ් කරන එකෙන් ෆෝන් එකේ බැටරි එක overnight charge වෙලා ගිනි ගන්න වගේ පුලුවන් කියල. ඉතින් මේව ඇත්තද ? ෆෝන් එක overnight charge කරන එක හොඳද ? ඉතින් ගැස්මේ අපි හිතුවා ඔයාලගෙ මේ ප්‍රශ්ණ වලට හරි උත්තර දෙන්න.

 

ඉතින් ඔයා දවස පුරා ෆෝන් එක පාවිච්චි කරල ගෙදර ඇවිල්ලා ඊළඟ දවසෙ උදේ වෙනකන් දුරකථනය charge කරනවා. පහුවදා උදේට ඔයාට ෆුල් චාර්ජ් පිට පාවිච්චි කරන්න පුළුවන්. රැකියාවකට  යන කෙනෙක් නම් මේක ගොඩක් ලේසි දෙයක් කියලා හිතෙයි. මොකද දවස තිස්සෙ ගෙදරින් පිට ඉන්න නිසා ඒ වගේ කෙනෙක්ට දවස පුරා ඕනෙ වැඩකට ෆෝන් එක රෙඩි පිට තියාගන්න එක ගොඩක් නුවනක්කාර වැඩක්. ඒ වුනාට මේ වැඩේ හින්ද ඔයා නොදැන ඔයාගෙ ෆෝන් එකට ලොකු හානියක් වෙන්න පුලුවන්.

 

ඔයා අහල ඇති සමහර අය කියනවා ෆෝන් එක මෙහෙම මුළු රෑම චාර්ජ් කරපුවාම බැටරි එක ඕනෙවට වඩා චාර්ජ් වෙලා බැටරි එක ගිනිගන්න/පුපුරන්න පුලුවන් කියල. මේක ඇත්තද ? නැහැ. දැන් කාලෙ එන ෆෝන් වලට පුලුවන් තමන් කොච්චර චාර්ජ් වෙලාද කියල අඳුරගෙන බැට්‍රි එක 100% චාර්ජ් වෙච්ච ගමන් ෆෝන් එක චාර්ජ් වෙන එක නවත්තන්න. මොකද මේ ෆෝන් වල  Motherboard එකට  පුලුවන් බැට්‍රි එකයි චාජර් එකයි අතර තියෙන සම්බන්ඳතාවය පාලනේ කරන්න. ඉතින් ඒක බොරුවක්නම් ඇයි මුළු රෑම phone එක charge කරන්න එපා කිව්වේ.

 

දැන් එන ෆෝන්, ලැප්ටොප් හැම එකක්ම වගේ එන්නෙ ලිතියම් අයන් කියන බැට්‍රි වර්ගය එක්ක. ඉලෙක්ට්‍රොනික උපකරනවල සහ ඉලෙක්ට්‍රික් කාර්වල දකින්න ලැබෙන මේ බැට්‍රි වර්ගයට අමතරව අපිට ඩ්‍රෝන් වල ලිතියම් පොලිමර් බැට්‍රි පාවිච්චි කරනව බලාගන්න පුලුවන්. ඒ වගේම ගොඩක්ම පරන ෆෝන් වල අපිට නිකල් කැඩ්මියම් වගේ බැට්‍රි වර්ගත් පාවිච්චි කරනවා බලාගන්න පුලුවන්. ඉතින් අපි දැන් කතාකරන්නෙ ලිතියම් අයන් බැටරි ජාතිය ගැනනෙ. ඉතින් ඒ බැටරි  වල ආයුකාලෙ පරිස්සම් වෙන්න දේවල් ගොඩක් බලපානවා. ඒව අතරට

  • පාවිච්චි කරන උෂ්ණත්වය
  • චාර්ජ් කරන චාජර් එක ( ෆෝන් එකකට හොඳම චාජර් එක ඒ ෆෝන් එකත් එක්ක එන චාජර් එක )
  • Software’s

වගේ කාරණා ඇතුලත් වෙනවා.

 

දැන් එන ගොඩක් ෆෝන් සාමාන්‍යයෙන් 10W හෝ ඊට වඩා වැඩි වොට් ගානකින් තමයි චාර්ජ් වෙන්නෙ. මේ වොට් ගානෙන් අදහස් වෙන්නෙ චාජර් එකකට මේ ෆෝන් බැට්‍රි එක කොච්චර ඉක්මනින් චාර්ජ් කරන්න පුලුවන්ද වගේ දෙයක්. දැන් සමහර ෆෝන් කොච්චර ස්පීඩ් චාර්ජ් වෙනවද කියල කීවොත් 120W චාජර් පවා මේ වෙද්දි හැදිලා තියෙනවා. ඉතින් ඔයා මේ වගේ චාජරයක් තියෙන ෆෝන් එකක අයිතිකාරයෙක්නම් ඔයා රෑ නවයට මේ ෆෝන් එක චාජර් එකට ප්ලග් කළොත් ෆෝන් එක උදේ හයට විතර අන්ප්ලග් කරන්න, මේ ෆෝන් එක සාමාන්‍යයෙන් රෑ දොළහ විතර වෙද්දි 100% වෙනකල් චාර්ජ් වෙලා ඊට පස්සෙ 100% වලදි ඒක නතර වෙලා තියෙන්න පුලුවන්. ඒක චාර්ජ් වෙනකොට වගේම ෆුල් චාර්ජ් වුනාට පස්සෙත් මේ ෆෝන් එක එකඑක දේවල් වලට කරන්ට් එක බැට්‍රි එකෙන් එලියට අරගන්නවා. උදාහරනයක් විදිහට සිග්නල් ටවර් එක්ක දත්ත හුවමාරු කරගන්න, එහෙමත් නැත්නම් හීට් එක එලියට යන ෆෑන් එකක් ඕන් කරන්න වගේ දේවල් වලට. ඉතින් 100% චාර්ජ් වෙලා තියෙනව කියන්නෙ මේ ෆෝන් එක චාජර් එකට කියනවා  “දැන් ඇති මම ෆුල් චාර්ජ් වෙලා තියෙන්නේ කියල”. අර මම කලින් කියපු දේවල් නිසා එකපාරටම මේ ෆෝන් එකේ බැට්‍රි එක අඩුවෙලා 99%ක් වෙනවා. ඉතින් ෆෝන් එක ආයෙ චාජර් එකට කියනවා “මට ආයෙ චාර්ජ් වෙන්න ඕනේ කියල” එයා එයාගෙ බැටරි එක ආපහු 100% කරගන්නවා. එතනදි අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි නොදැනම අපේ ෆෝන් එකෙන් බැට්‍රි සයිකල් එකක් අඩුවෙන්න පටන් අරන් නේද කියලා. ඉතින් ඔයා ඔයාගෙ ෆෝන් එක මුළු රෑම චාජ් කරද්දි එක රැයකට පස් සැරයක් මේ දේ සිද්ධ වුනොත්, දවස් විස්සකදි ඔයා නොදැනම ඔයා පාවිච්චි නොකරන වෙලාවක ඔයාට ගොඩක් වටින බැට්‍රි සයිකල් එකක් නැතිවෙලා තියෙනවා.

 

ඉතින් මේ දේ වෙන එක වලක්වගන්නත් ඔයාට පුලුවන් කමක් තියෙනවා. ඒ වගේම ඇපල් වගේ ෆෝන් හදන කම්පැනිත් මේ දේ වලක්වන්න උපක්‍රම පාවිච්චි කරල තියෙනවා. උදාහරනයක් විදිහට ඇපල් ෆෝන් වල 80% ඉඳන් 100% වෙනකල් චාජ් වෙන්නෙ ගොඩක්ම අඩු ස්පීඩ් එකක්. අන්න ඒ නිසා ඔයා ඕවර්නයිට් චාජ් කරනකොට ඒ චාජ් වෙන එකේ ස්පීඩ් එක අඩු වෙලා හරියටම 100% ෆුල් බැට්‍රිය ඔයා නැගිටින වෙලාවටම සෙට් වෙන්න වගේ හැදෙන්නත් පුලුවන්. ඊට අමතරව ඔයා ඇන්ඩ්‍රොයිඩ් හෝ ෆීචර් ෆෝන් පාවිච්චි කරනවනම් ඔයාට මෙන්න මේ දේවල් කරන්න පුලුවන් ඔයාගෙ බැට්‍රි එක ආරක්ෂා කරගන්න,

  1. ඔයා ඕවර්නයිට් චාජ් කරනවනම් ෆුල් චාර්ජ් වෙන වෙලාව ගෙස් කරල රෑට නැගිටල චාර්ජර් එක අන්ප්ලග් කරන්න පුලුවන්.
  2. උදේ නවයට විතර ෆෝන් එක ඕනෙනම් පැය දෙකකට විතර කලින් චාර්ජ් එකට ප්ලග් කරන්න පුලුවන්

 

ඉතින් මෙන්න මේ දේවල් කරල ඔයාට බැට්‍රි එකේ ආයුකාලෙ රැකගන්න පුලුවන්. ඒ වගේම ඔයාගෙ පොකට් එකේ ගානක් ඉතුරුකරගන්නත් මේ වගේ පුරුදු වලින් පුලුවන් වෙනවා.

 

Source –

https://www.apple.com/batteries/why-lithium-ion/

https://www.youtube.com/watch?v=p8SiRubNpF0

https://www.pcmag.com/news/charging-your-phone-overnight-battery-myths-debunked

-ධනංජය පසන් –

බැඳපු දවසේ වගේම දෙන්නා තවමත් ආදරෙන්ද..?

ජීවිතය කියන්නේ හරියට කෝච්චියක් වගේ .කෝච්චියත් හරියට ගමනාරම්භයෙන් පටන් ගත්තම ගත්තම නතර කරන්නේ ගමනාන්තයෙන්. මොනම කාරණයක් නිසාමවත් කෝච්චියට ආපහු හැරෙන්නට බැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්නටම වෙනවා. පීලී පනින්න පුළුවන්. ඒත් ආයෙ හරි පිල්ලෙට අරගෙන කෝච්චියට යන්න වෙනවා .කෝච්චිය ගමනාන්තය දක්වා ගමන් කරද්දී ඒ කෝච්චියට එක එක ජාතියේ මිනිස්සු නගිනවා .ඒ අයගෙන් බොහොම අල්පයක් විතරයි ගමනාන්තය දක්වා යන්නේ. බොහෝ දෙනෙක් මගින් බැහැලා යනවා. ජීවිතය අන්න ඒ වගේ. ජීවිතයටත් ගොඩක් වෙලාවට තාවකාලික මිනිස්සු එනවා .එයාලා ඇවිත් යනවා. ඉන්න අය ඉඳී.

හැබැයි මේ කතා කරන්න යන්නේ ඇවිත් යන අය ගැන නම් නොවෙයි .අපිත් එක්ක ජීවිතය කියෙන ගමනේ ගමනාන්තය දක්වාම නැවතිලා ඉන්න අය ගැනයි . මේ ජීවිත කාලය තුළ අපි අපිට මුණගැහෙන හිතට අල්ලපු අයට අපි ආලය කරනවා ලෙන්ගතු වනවා . අපි ආදරේ කර කසාද බඳින්නට තෝරාගන්න පුද්ගලයා සමගයි අපි අපේ ජීවිතය වැටීම් නැගිටීම් හැලහැප්පීම්වලට මුහුණ දෙන්න .එම නිසාමයි විවාහය සංකීර්ණ මානව බැඳීමක් යැයි විස්තර කෙරෙන්නේ. විවාහ ජීවිතය සුන්දර නවාතැන් පෙළක් වෙන්නට ඕනෙ. සුන්දර නවාතැන කිවුවහම කොයි තරම් මනරම් දේවල් මේ නවාතැන් පෙළේ තිබිය යුතුද? සාමය, සතුට ,ආදරය දෝරේ ගලා යන්නට ඕන. වෙනස් පරිසර දෙකක හැදී වැඩුණු දෙදෙනෙකු එකම නිවහනක එකම ජීවන අපේක්ෂාවක් වෙනුවෙන් පෙළ ගැසීම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි . එය සැබෑම ජීවන අභ්‍යාසයකි. විවිධාකාර වූ නොගැලපීම් ඉවසමින් විඳ දරා ගනිමින් ජීවත් වීම විවාහයේ යථාර්ථයයි. ඇත්තටම විවාහයෙන් පටන් ගන්න ඒ ආදරේ ජීවිතය පවතින තුරා ම රැඳී තිබුනොත් ඒ තමයි සොඳුරුම නවාතැන. විවාහ ජීවිතය තුළ ඇති වන්නට පුළුවන් ගැටළු රාශියකි .එහෙත් ඒ හැම බාධාවක්ම දිගින් දිගට ගෙනියන්න අවශ්‍ය නැත . ප්‍රශ්න වලින් පැන යාම නොවේ නොවෙයි කළ යුත්තේ මුහුණ දී දෙදෙනාගේම සමගිය ආදරය ද කැටිව ජීවිතය ඇදගෙන යාමයි. ඒත් බොහොම කෙටි කාලයක් යද්දි මේ හැම කරුණක්ම ඒ ඒ අයටම අමතක වෙලා යනවා . මදක් සිතන්න ආදරේ කරන මුල් කාලයේ වගේම ඔබ ඔබගේ බිරිඳගෙ අතින් අල්ලනවද? නලලත සිප ගන්නවද? බත් කටක් ආදරයෙන් කවනවද ? මේ දේවල් එක්ක ඔබේ පවුලින් ගිලිහිලා යන්නෙ ආදරයයි .විවාහ ජීවිතය තුළ එකිනෙකා වෙනුවෙන් දෙදෙනාම කැපවීම් කරන්නට ඕන.විවාහ යුවලක් ගතහොත් සැමියා ට වඩා වැඩි වැඩ කොටසක් බිරිඳට කරන්නට සිදු වෙනවා.ගැහැනියකට කුස්සියටම සීමා වෙලා වැඩ කරන්නට පුළුවන්කමක් නැහැ. එසේ සීමා වුවහොත් ඇයට ඇය ගැන වත් ඇගේ රූපය ගැන වත් ඇගේ ඕනෑ එපාකම් ගැන වත් සලකා බැලීමට කාලය මදි වෙනවා.මේ ආකාරයෙන් කාලය ගෙවද්දී විවාහය දවසේ ඇගේ වචනය සැනසුණු සැමියන් ටික කාලයක් යද්දි ඒ වචන වලට තැනක් දෙන්නේ නැහැ. ඒ වචනවල කලින් තිබ්බ වටිනාකම ඔවුන්ට අමතක වෙලා යනවා .මේ ආකාරයෙන් විවාහ ජීවිතය තුළ ඇති වන්නට පුළුවන් ගැටළු රාශියක් තිබෙනවා. මේ ලිපියෙන් ඒ ගැනයි.

 

හොඳක් අහන්න කවුරුත් කැමති.

12 Things That A Happy Couple Knows (And Maybe You Should Too) | BetterHelp

පවුල් ජීවිතය අවුල් කරගන්න අපි කැමති නැහැ. හැබැයි අද වෙලා තියෙන්නේ ඒක. බොහෝ දෙනෙක් කඳුළු හංගගෙන හිනාවෙන්න වෙර දරනවා . ඒත් ඔවුන්ගේ හදෘ සාක්ෂියට අනුව පවුල් ජීවිතය” හරි තිත්තයි “කියන තැනට පත්වෙලා තිබෙනවා. ඒත් ඇයි මේ? අද සමාජයේ විවාහක දෙදෙනෙක් අතර ඇතිවන ප්‍රශ්න හරිම සංකීර්ණයි. ආර්ථික හා සමාජීය ප්‍රශ්න පවුල් ජීවිතය අවුල් කරන්නට සමත් වෙලා තියෙනවා . මුදල මත පවතින ලෝකයක් උනහම පවුල් ජීවිතයත් අවුල් වෙනවා. සැමියා උදේ වැඩට ගියාම ඇතැම් විට බිරිඳ ට දැකගන්නට ලැබෙන්නේ දවස් දෙක තුනකින් . බොහෝ දේ මුදල මත තරගය මත තිරණය වන ලොකයක් මේ. මුදල හොය හොයාම බඩ ගෑවා ම අපට බොහෝ දේ මග ඇරෙනවා.පොතපතේ පවාම තියනවා තමන්ගේ ආදරණීයයන් තමන්ගේ ප්‍රතම රාජකාරිය කරගන්නට කියා. ඒ දේ ගිලිහී ගිය නිසාම පවුල් ජීවිතය අවුල් සහගත වෙනවා.

විවාහ වූ කාලයේ ලබන ප්‍රීතිය ටික කාලයක් ගියාම ගියාම ගිලිහී යන්නේ ඇයි? ඒ සිනහවන් ප්‍රිය වචනයන් අසන්නට නොලැබෙන්නේ ඇයි? කාලය එකිනෙකා වෙනුවෙන් වැය නොකෙරූ විට මේ දේවල් ගිලිහී යනවා . කෙමෙන් කෙමෙන් දෙදෙනා අතර තිබෙන සතුට අවුල් වෙනවා. එකිනෙකා කෙරෙහි තිබූ කැමැත්ත හීන වෙනවා.

හුඟක් වෙලාවට ගෙදර නෝනා ගේ යුතුකම් කොටස ඇයට හැකි උපරිම ශක්තිය වැය කරලා දවස නිමවෙන්නට මත්තෙන් නිම කරනවා .එදිනෙදා වැඩ එදිනෙදා ම කරලා අවසන් කරලා සැමියාගේ වැඩ කටයුතුවලටත් සහාය දෙන්න උත්සාහ කරනවා. සමහර නෝනලා මහත්තයලා දවසම වැඩ කරලා ආවම මහන්සිනෙ කියලා බත් ටික පවා කවනවා. ඒත් කවදාවත් එක් වචනෙකින්වත් ඇගයීමක් ලැබෙන්නේ නැහැ. ඈ කරන දේවල් වලට ස්තුතියි කියන්න වෙලාවක්වත් වෙන් කර ගන්නේ නැහැ. රටේ ලෝකේ මිනිස්සුන්ට ” thank you ” ස්තුතියි ඔබට කියලා කියන්න පුළුවන් නම් ඔබ වෙනුවෙන් ඔබේ ආදරණීය දරුවන් රැකබලා ගන්නා රැකබලාගන්නා තැනැත්තිය වෙනුවෙන් thank you කියන්න බැරි ඇයි? තමා වෙනුවෙන් කැපවීම් කරන ගැහැණියව අගයලා සිටින්න ලෝකෙට ගරු නම්බු නාම දෙන්න කලින්. අඩුම මාසයකට සැරයක්වත්  ඇයට ඔබේ කටින්ම thank you ඔයා මං වෙනුවෙන් කරන කැප වීම් වලට කියලා ඇයට පවසන්න.මම ගැන ආදරයක් ගෞරවයක් එයාට තියනවනේ කියලා එතකොට ඒ ඒ අයට ඒක දැනෙනවා. එසේ නොමැතිව මෙහෙකාරියක වගේ සියලු වැඩ ඇයගෙන් අරගෙන අන්තිමට ඇයට අහන්න වෙන්නෙත් බැනුම්. ව්‍යංජන හතරක් පහක් පිසලා කෑම ටික ළඟට බෙදලා ගෙනිහින් දුන්නත් එක ව්‍යාංජනයක් රස මදි නම් ඇය බොහෝ විට බැනුම් අහනවා. මේ තමයි පවුල් ජීවිතය නිරස වූ ඇත්ත. තමාට ඉන්නේ තමාගේ කසාද ගැහැණිය පමණයි. ඔබව  රැකබලා ගන්න එකේ සිට ඔබව අත්නොහරින එකම ගැහැණිය ඇයයි. ඇයව හොඳින් බලාගන්න එක ස්වාමියාගේ කටයුත්තක් හා වගකීමක් .ඇනුම් බැනුම් මැද පවුල් ජීවිතය ඇදගෙන යන්න කවුරුත් කැමති නැහැ. ඒ අයත් කැමතියි ඇගයීමක් ලබන්න වටිනාකමක් ලබන්න.පොඩි හෝ හොඳක් කියනවා නම් කවුරුත් කැමතියි. අගුණ අහන්න කවුරුත් කැමති නැහැ. එම නිසාම කරන කැපවීම් වලට ස්තුති කරන්න.ඒව ඇගයීම් කරන්න.

 

තනි තනියෙන් හිතුවොත් හීන හීන විතරක්ම වෙනවා.

Angry Couple Stock Video Footage | Royalty Free Angry Couple Videos | Pond5

ආදරය කරද්දී බොහො අය ආත්මාර්තකාමිලු? මේක ඇත්තක්ද? ඔව් මොකද ආදරෙන් වෙන් උනාට පස්සේ  “මෙයා මගේ විතරයි කාටවත්ම දෙන්නේ නැහැ”යන මේ වචන පෙළ ආදරණීයයන්ගේ කටේම තියෙන දෙයක් .නමුත් බැඳීම් ඇත්තේ ෙඅයිතිකරගෙන ආත්මාර්ථකාමී ලෙස විඳින්නද නෙවෙයි .යහපත් බැඳීමක් ඇති වන්න නම් පරාර්ථය අවශ්‍යමයි. එතකොටයි ඒ බැඳීම ලස්සන වෙන්නෙ. මේ මගේ ය කියන ආදර කතා වල ආත්මාර්ථකාමී අයිති කර ගැනීම් දක්නට ලැබේ. නමුත් එවැනි බැඳීමක සැබෑ ආදරේ දකින්නට නැහැ. පෙම්වතා පෙම්වතිය සහකරුවා සහකාරිය ලෙස අයිතිකරගත් අයගෙන් තම ආත්මාර්ථකාමී අරමුණු අපේක්ෂා ඉටු කරගැනීමට උත්සාහ ගැනීම ආත්මාර්ථය යි. නමුත් එවැනි බැඳීම් තුළ ඇත්තේ හුදෙක් ආශාවන් සහ හිත් රිදවිම් පමණයි. අනෙකා සමඟ පෙමින් වෙලෙන්න ආදරය ඕනෑ එපාකම් සපුර ගන්නට නම් එය පරාර්ථකාමී අදර කතාවක් නොවේ. සෙනෙහස දයාව කරුණාව උතුම් මානව හැඟීම් එක් වු ආදර කතා තමයි ලොව පවතින්නේ. එම නිසාම ආත්මාර්ථයෙන් මිස පරාර්ථකාමී සිතුවිලි පෝෂණය කරගත යුතුය. පරාර්ථකාමී සිතුවිලිවලින් පිරි විවාහයක් කොයිතරම් දුරට සාර්ථකද?

මේ මගේ සැමියා මේ මගේ බිරිඳ යනුවෙන් වැළඳ ගැනීමේ වරදක් නැත. නමුත් ඔබ මගේ යැයි අයිතිකරගත් සැමියා බිරිඳට ඔබගෙන් සිදු විය යුතු යුතුකම් නිසි අයුරින් ඉටු වනවා ද? “මම දැන් marry කරපු කෙනෙක් මගේ husbandගෙ අවශ්‍යතා සඳහා මම කාලය වෙන් කරන්න ඕන. යම් යම් කැපවීම් ඔහු වෙනුවෙන් කරන්නට ඕනෙ ” මෙහෙම ඔබත් පවසනවා ඇති එහෙත් එය වචනයෙන් පැවසුවාම විතරක්  මදි එය ක්‍රියාවෙන් ඔබ ඔබේ සැමියාට දැනෙන්නට සළස්වනවා ද?

වර්තමානයේ දී ආර්ථික හා සාමාජීය ගැටළු නිසාම දෙදෙනාම රැකියාවල නිරත විම සාමාන්‍ය දෙයක්. රැකියාවල නිරත වෙද්දී ඔබට යම් යම් කටයුතු අතපසු වෙන්නට පුළුවන් ඒ සාමාන්‍ය දෙයක්. රැකියාවත් සමගම නිවසේ ගෘහණියක් ලෙස සිදු කරන වැඩ කටයුතු කරන්නට මහන්සියක් කාන්සියක් දැනෙන්නට පුළුවන්. නමුත් බිරිඳක් වශයෙන් සැමියාගේ අවශ්‍යතාවයන් ඉටු කර දීමට ඔබ තුළ හැඟීමක් තිබෙන්නට ඕන. තමා වෙනුවෙන් ලස්සන ජීවිතයක් ගොඩනගලා දෙන්න වෙර දරන ස්වාමියා වෙනුවෙන් පුංචි පුංචි කැපකිරීම් කරන්නට ඕනේ. ඔහු බලාපොරොත්තු වන අන්දමේ බිරිඳක් වන්නට ඕනේ. ආදරණීය විනයගරුක, විශ්වාසවන්ත ,කරුණාවන්ත ගැහැනියකට පිරිමියෙක් පිටුපාන්නෙ නැහැ .ආදරනිය බිරියක් විදියට ඔහුට රැකියාවට යන්න ඇඳුම් පැළඳුම් පිළියෙල කර දීම, බත් පිඟාන බෙදා දීම,ඇඳුම් සියල්ලම නැතත් කිහිපයක් හෝ සෝදා පිළියෙල කරදීම. උදේ තේ කෝප්පය සාදා දීම ආදී පුංචි වැඩ කොටසක් වත් ඔබ ඔහු වෙනුවෙන් සිදු කර දිය යුතුය. එවිට ඔහුත් ඔබගේ සෑම අවශ්‍යතාවකදීම ඔබෙ ළඟින්ම හිඳීවි.ඔබ කරන සෑම ක්‍රියාවකදීම උනන්දුවෙන් උපකාර කිරීමට මැදිහත් වේවි. මෙසේ එකිනෙකාට උදව් නොදී තමන්ගේ වැඩ කොටස පමණක් කරගන්නවා නම්  දෙදෙනා තුළම දෙදෙනා ගැන අවතක්සේරුවක් ඇතිවන්නට පුළුවන්. මගේ සහකාරියගෙන් මගේ වැඩ වලට කිසි උදව්වක් නැහැ .කිසිම සහයෝගයක් නැහැ. මෙවැනි සිතුවිලි පහළ වන්නට පුළුවන්. එය පවුල් ජීවිතයක් ගෙන යන ඔබට ගුණදායක නැත. තමාගේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට උදව් කරන සහයෝගය දෙන බිරිඳක් මයි හැම ස්වාමිපුරුෂයෙක් ම බලාපොරොත්තු වන්නේ. නමුත් ඔබේ අලසකම නිසා හෝ ගණන් නොගැනීම නිසා මේ සුළු අතපසුවීම් වලින් පලුදු වන්නෙ දෙදෙනා අතර තියෙන සම්බන්ධය යි.

” මම හැමදේම කරන්න එයා වෙනුවෙන්.එයාව ලස්සනට තියන්න .හොඳ කෑම ජාති කන්න බොන්න දෙන්න . ලස්සන ගෙයක් හදල දෙන්න.ඒත් එයා ගෙදර හැම වියදමක්ම මගෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ තරම් ආර්ථික ශක්තියක් මට නැහැ. එයා හම්බකරන පඩියෙන් පොඩි කොටසක් වත් වියදම් කරන්නට කැමැති නැහැ. අවශ්‍යතාවයකට මම ඉල්ලුවත් මට දෙන්නේ නැහැ .මම හම්බ කරන සල්ලි ඔයාට දීලා හරියන්නේ නැහැ මටත් වැඩ තියෙනවා කරගන්න.එයාගෙන් කිසිම සහනයක් නැති නිසා මම අසරණ වෙනවා.”

මේ ගොඩක් සැමියන් නගන දෝෂාරෝපණයක් .පවතින ආර්ථිකය සමග මේ තත්වෙට පත් වෙන එක පුදුමයක් නොවේ.හැමදෙනාම සල්ලි කාරයෝ ද නොවේ.සැමියාට ඉන්න හොඳම මිතුරිය තමයි ඔහුගේ බිරිඳ. මිතුරියක් සේ සැමියාට ලඟින් හිඳ ඔහුගේ අපහසු අවස්ථා මගහැරවා ගැනීමට ඔහුට සහාය විය යුතුය. සැමියාට බිරිඳ කෙරෙහි ආදරේ ඇති වන්නේ එවිටයි . ඒ වගේම මුළුතැන්ගෙයි සියලු කටයුතු බිරිඳගෙන් ම අපේක්ෂා කිරීමත් වැරදියි. දෙදෙනාගේම සහයෝගයෙන් කටයුතු කරනවා නම් පවුල් ජීවිතය තුළ ගැටලු අඩුයි. එම නිසාම කරන හැම දෙයකදීම මගෙය කියන සිතුවිල්ලෙන් බැහැරව අපේය කියන සිතුවිල්ලෙන් පවුල් ජීවිතය ගෙනිච්චොත් එය සාර්ථක වනවා නොඅනුමානය.

කොහොඹ ගහේ කරවිල වැලක් ගියාම කොහොමද ? දෙකම තිත්තයි ! අපි බලාපොරොත්තු වන්නෙ ඔබෙ යුග දිවිය සදුන් ගහෙ ගියපු පිච්ච වැලක් වෙන්නට කියායි .

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි .

-මන්දාකිනි පතිරණ –

දරුවා තරහ ගන්නා විට ඔබත් තරහා ගන්නවාද..?

දෙමව්පියන්ට ඇති වටිනාම සම්පත තම දරුවන්. තම දරුවන් වෙනුවෙන් ඕනෑම කැපවීමක් ඕනෑම වෙලාවක කරන්නට දෙමාපියෝ සූදානම්. එම නිසාම මව්පියවරුන් දරුවන් වෙනුවෙන් කරන කැපවීම සුළුපටු නොවේ .ඔවුන් ජීවිතයේ වැඩි හරියක්ම දහසක් දුක් දරා ගෙන වෙහෙස මහන්සියෙන් කැපවීම් කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙනුයි. ඒ වගේම ආදරණීය කැදැල්ලක වටිනාම සම්පත දරුවන්.

මේ කාලයේ දරුවෝ නිතරම තරහ ගන්නවා. ප්‍රශ්නය ලොකුද? පොඩිද ?විසඳන්නට හැකිද ?බැරිද ?යන්නට වත් නොසිතා තරහ ගන්නවා වගේම ඒවාට කෝපයෙන් විසඳුම් සොයයි. මේ කාලයේ දරුවන්ට තරහ යාමට මූලික හේතුව වී ඇත්තේ ඒකාකාරී ජීවන රටාවක් තුළ සිරවී සිටින්නට වී ඇති නිසයි. වැඩියෙන්ම තරහ ගන්නේ නව යොවුන් වියට පා තැබූ දරුවන්. දරුවන් ගැන කතා කරන විට අම්මලා බියට පත් වන්නේත් මේ කාලයේදී. යොවුන් වියට පත් වන දරුවන්ගේ ඉලක්කය විය යුතු ඉගෙනුම වඩාත් හොඳින් සහ වගකීමෙන් ඉටු කර එයින් ජයක් ලබා ගැනීමයි. එහෙත් මේ කාලයේ ඇතිව ඇති තත්ත්වයත් සමග දරුවන්ගේ මනසේ තරහව මුල් යැදමින් ඇත.

මොකක්ද මේ තරහ

Angry kid Blank Template - Imgflip

තරහව අපට ප්‍රධාන කොටස් දෙකකින් නම් කළ හැක. එනම් අප සමග තරහ ගැනීම හා අන් අයගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන තරහ. ලොකු කුඩා හැමෝගෙම මොලේ සෑදී ඇති ආකාරය තරහව පාලනයට හේතු වන කරුණක් බව ඔබ නොදන්නවා වෙන්නට පුළුවන් . සාමාන්‍යයෙන් ස්නායු සම්ප්‍රේෂණ වල ඉහළ හා පහළ යාමේ අසමතුලිතතාවය නිසාත් මෙසේ සිදුවන්නට පුළුවන්. කෙසේ නමුත් සිතේ හටගන්නා මේ මනෝභාවය අසාමාන්‍ය නැත . මෙය ඔබේ දරුවාට ද ස්වාභාවිකයි. ඔබගේ දරුවාත් තරහවෙන් ආවේගයෙන් හැසිරෙන්නේ නම් බිය විය යුතු නැත . එය අස්වාභාවික ද නැත. එහෙත් දරුවාගේ ආවේගයෙන් යම් කෙනෙකුට හිරිහැරයක් වන්නේ නම් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න.දරුවන් තරහ ගන්නා විට ඔවුන්ට බැණ වැදී ඔවුන්ගේ තරහ මට්ටු කිරීමට යන්නට එපා. එයින් සිදුවන්නේ තත්ත්වය තවත් බැරෑරුම් අතට හැරීමයි. දරුවන් තරහ ගන්නා වෙලාවට දෙමාපියන් තරහ ගත යුතු නැත. නව යොවුන් වියේ දරුවන්ගේ මනස එක තැනක පිහිටන්නේ නැත. අලුත් හැඟීම් දැනීම් ජීවිතයට එක් වන කාලය තමයි නව යොවුන්විය. යොවුන්වියේ මේ කාලයේදී දරුවන් ආවේගශීලී වීම පුදුමයක් නොවෙයි. ප්‍රධානතම ගැටලුව තමයි දරුවන් ආවේගයෙන් හැසිරෙන විට දරුවන්ට වඩා දෙමව්පියන් ආවේගයෙන් හැසිරීම. එසේ වුවහොත් දෙපිරිසටම දැඩි මානසික ආතතියක් කාන්සියක් ඇතිවන්නට පුළුවන්. එම නිසා දරුවන් ආවේගයෙන් සිටින සෑම අවස්ථාවකම දෙමව්පියන් සන්සුන්ව ඒ අවස්ථාවට මුහුණ දිය යුතුයි.

දෙමාපිය ප්‍රතිචාරයන්

What Should You Do When Faced With An Angry Parent? – United Educators Association of Texas

දරුවාට වඩා ඔබ තරහ ගෙන කටයුතු කරනවා ද? දරුවාට වඩා ඔබ තරහ ගන්නවා නම් එය නොකළ යුතු දෙයක්. එයින් දෙපළගේ ම එම හැඟීම් ප්‍රබල වී යයි. නව යොවුන් විය පසුවන දරුවන් හරිම දඟකාරයි .යොවුන් වියේ ඇති වන මූලික මානසික වෙනසක් නම් නිදහස් හා විනෝදශීලී ජීවිතයකට යොමු වීමයි. ඒ වගේම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය ඇති වන්නේද මේ වයස් කාල සීමාවේ දී. එය හුදෙක්ම ස්වභාවික කරුණක්. පළමුකොට්‍ම ඔවුන්ට අවශ්‍ය වන්නේ ආදරයයි. එහෙත් දරුවන් උස් මහත් වෙන්න වෙන්න දෙමාපියන්ට ඇති වගකීම් සම්භාරය ගොඩනැගෙ. මේ නිසාම යම් යම් ආදායම් මාර්ගයන්ට අවතීර්ණ වන්නට දෙමව්පියන් පෙළඹෙනවා සමගම දරුවාට ඇති අවධානය ගිලිහී යනවා. දරුවා නිරතුරුවම බලාපොරොත්තු වන්නේ තමාගේ ගැටලුව නොබියව පැවසිය හැකි මවක හෝ පියකු. එහෙත් අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? මව පියා රැකියාවල නිරත වී ගෙදර එන විට රෑ බෝ විලා . දරුවාට තම ප්‍රශ්න දෙමාපියන් සමග කතා කිරීමටවත් ප්‍රමාණවත් කාලයක් නැහැ. එම නිසාම ඔවුන් ජංගම දුරකථන, රූපවාහිනී සහ ගුවන්විදුලි මෙ සියලු මාධ්‍යයන්ට හුරුව ඉගෙනුමට ඇති අවධානය අඩු කර ගන්නවා. තම මනසේ ඇති ප්‍රශ්න ආරවුල් සේරම අමතක කරන්න දුරකථනයෙන් game ගැසීමට ද පුරුදු වනවා . මේ සියලු දෑ වලට ඇබ්බැහි වී ඉගෙනුමට ඇති අවධානය ගිලිහී ගියාට පසුවයි මවුපියන් දරුවන් ගැන අවධානය යොමු කරන්න මතක්වෙන්නේ. එහෙත් එය ප්‍රමාද වැඩි වන්නට පුළුවන්.මුලින්ම නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් සහ දැනීම් තේරුම් ගන්න. ඔබත් එවැනි කාලයක් පසුකර ආවා යැයි කියලා ආවර්ජනය කර ගන්න. ඔබටත් ඒ කාලෙදි ඔබේ මවුපියන් සැරවැර කරද්දි නුරුස්සනවා ඇති. ඒ ක්‍රියාදාමය දැන් කාලයේ දරුවන්ට ගැලපෙන්නේ නැහැ. මවුපියන්ට මේ ගැන නැවත වතාවක් ඉගෙන ගන්න සිදුවෙලා තිබෙනවා. පැරණි ක්‍රමයට දරුවන්ට සැරවැර කර බැණ වැද වැදී තර්ජනය කිරීමෙන් ඵලක් වෙන්නේ නැති බව අද කාටත් පිළිගැනීමට සිදුවේ. ඒ වගේම දරුවන්ට සිය වගකීම් තේරුම් කරදීම හා හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කරන්නට අවශ්‍ය ශික්ෂණය ලබාදීමත් අම්මලා විසින් ආරම්භ කළ යුත්තේ දරුවන් යොවුන් වියට පත් වන්නට පෙරයි. මව ගුරුවරියට වඩා වෙනස් ආකාරයක ගුරුවරියක් බවට පත් විය යුතුයි. තම දරුවාගේ සුළු වෙනස්කමක් හෝ හැඳිනගන්නට පුළුවන් මට්ටමක අවබෝධයක් මවට තිබිය යුතුමයි. දරුවාට පුළුවන් තරම් ලංවීමෙන් සහ දරුවාට සිටින එකම විශ්වාසවත් මිතුරිය ද ඔබ විය යුතුයි . එවිට දරුවා ඔබ සමග ඇතිවන ප්‍රශ්නයන්ද කතා කරන්නට පෙළඹේයි. එසේ නොමැතිව ‘උඹට කේන්ති ගියා කියලා අපි පලිද”? ඔයාට ඕනම ව්දිිහට මේ ගෙදර දේවල් වෙන්නේ නැහැ ?” තමුන්ගේ තරම දැනගෙන හිටියොත් හොඳයි” “උඹ කේන්ති ගත්ත කියලා අපි බය වෙන්න ඕනෙද?” ඔය සද්ද අපිට එපා . මේ විදිහටයට දරුවන් සමග තර්ක කර දෙමාපියන් කෑ ගසති . එය දරුවාට මෙන්ම ඔබටද යහපත් නැත. දරුවා ඔබ කෙරෙහි ඇති විශ්වාසය හා ලෙන්ගතුකම දුරස් වන්නට පුළුවන් .ඔබ සහ දරුවා අතර හිඩැසක් ඇති වන්නට පුළුවන්. දරුවා තනිව කාලය ගත කිරීමට තීරණය කරන්නට ද පුළුවන්. එය යහපත් දෙයක් නොවේ. මේ දරුවා ඔබේ ය. ඔබේ එකම සම්පත දුකට සතුටට ඉන්න එකම සම්පත ඇහැක් වගේ රැකගන්න. එය රැක ගැනීමට ඔබට ඉවසීම අනිවාර්යය වේ.

තරහ ගන්නා දරුවන්ගේ හැසිරීම්.

Dads — Step It Up When It Comes To Helping Educate Your Kids

තරහ ගන්නා දරුවන් කොටස් දෙකකි. ඒ තරහ පිට කරමින් කෑ ගසන දරුවන් හා තරහ හිත තුළ සඟවාගෙන ගුළිකරගෙන ආවේගයෙන් පිට නොකරන දරුවන් ලෙසයි. තරහ පිට කර කෑ ගසන දරුවන් හඳුනා ගැනීම ඔවුන්ගේ චින්තනයන් හැඟීම් දැනීම් සහ දරුවාගේ හිතට වද දෙන දේ හඳුනා ගැනීමට පහසුයි . එහෙත් තරහ සඟවාගෙන හිතයට කකාරව කකාරව සිටින දරුවාව දෙමාපියන්ට ද හඳුනා ගැනීමට බොහෝ වේලාවට නොහැකි . එසේ තරහ සඟවාගෙන සිටින දරුවන්ගේ තත්ත්වය භයානකයි. ඒ නිසා ඔබේ දරුවා ඉහත කොයි කොටස් තත්ත්වයට ද අයත් යන්න ඔබ හඳුනා ගැනීම අනිවාර්ය වේ .

 

තරහ සඟවන දරුවාගේ ලක්ෂණ

Angry parent Stock Photos & Royalty-Free Images | Depositphotos

යමෙක් තමන්ගේ සිත තුල ඇති තරහ ක්‍රියාවෙන් පෙන්වන්නේනම් බියක් නැත. මන්ද ඔහු තරහින් සිටින බව බාහිරව ඒ තත්ත්වය පෙනෙන නිසයි. නමුත් තරහ සඟවාගෙන සිටින දරුවන් හඳුනා ගන්න දෙමාපියන් දක්ෂ විය යුතුයි. එහිදී පහත ලක්ෂණ පෙන්නුම් කරයි නම් දරුවා ගැන වැඩි අවධානයක් අනිවාර්යෙන්ම යොමු කළ යුතුයි.

* අධෛර්යමත් ප්‍රකාශ හා සිතුවිලි

* අධික නින්ද

* ව්‍යාජ රෝගී බව

* කිසිදු හැඟීමකින් තොරව කල්පනා කිරීම

* එකට එක නො කීම

* බනින විට නිශ්ශබ්දව සිටීම.

* චෝදනා මගහැර සිටීමට උත්සාහ දැරීම.

* සාමූහිකව පවුලෙන් යන ගමන් වලින් වැළකී සිටීම.

* උනන්දුව හා උද්යෝගය අඩුවීම.

* ව්‍යාජ ලෙස හැඟීම

* සීමිත මිතුරු මිතුරියන් ප්‍රමාණයක් සිටීම.

විශේෂයෙන් මෙවැනි ලක්ෂණ ඔබේ දරුවාටත් තිබෙනවා නම් පෙන්නුම් කරනවා නම් මා ඉහත සඳහන් කළා වගේ දරුවා කෙරෙහි වෙනදට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔවුන්ගේ සිතේ ඇති තරහ නිසාමද ආතතිය වැඩි වී දරාගැනීමට නොහැකි නිසාම ද සිය දිවි නසා ගන්නට පවා ද පෙළඹිය හැකි. එම නිසා නිතරම කතාවේදී වැඩි ඇඟලුම් කමක් ඇති කර ගැනීම මාපියන් වන ඔබගේ වගකීමයි.

 

තරහ සඟවන්නේ මොන වයස් කාණ්ඩයන් ද ?

චිත්තවේග සඟවා ගත හැක්කේ නව යොවුන් වියේ දරුවන්ටයි. තරහ කියන්නේ මූලික චිත්තවේගයක් නිසාම එය සඟවා ගැනීමේ හැකියාව මොවුන්ට හොඳාකාරව ම පිහිටයි. මේ අවධියේ හදිසි තීරණ සහ තමන්ගේ තරහ අනුන් පිටින් යවා හෝ පාඩමක් කියලා කියල දිය යුතුයි යන්න තරම්ම මොවුන්ගේ සිතුවිලි ප්‍රභලයි. එම නිසාම ජීවිතයෙන් පලා යාම හොඳයි යැයි යැයි සිතන බොහෝ යෞවනයන් ජීවිතය විනාශ කර ගනිති.

 

 

තරහව පාලනය කරමු.

On Again-Off Again Meditating: Does It Do Any Good?

තරහ නැමැති චිත්තවේගය ට ඇති ප්‍රබලම විස වන්නේ ඉවසීමයි. ගුරුවරුන් වේවා දෙමව්පියන් වේවා දරුවාට නිතර නිතර ඔබ කෑ ගසන්නේ නම් එය ඔබ දරුවාට ලබාදෙන වැරදියි ආදර්ශයකි .දරුවකු සෑදෙන්නේ සහ ඔවුන්ට අදාළ ගතිගුණ පිහිටන්නේ ඔවුන්ගේ වටේ පිටේ සිටින ඔවුන් ආශ්‍රය කරන අයගේ හැටියටයි. දරුවාට සමීපතම වැඩිහිටියන් දෙපළ තමයි ගුරුවරුන් සහ මවුපියන්. ඔබ දරුවා තරහ ගෙන සිටින සෑම අවස්ථාවකම දරුවාට පවසන වචනය ගැන පවා සැලකිලිමත් වන්න. ශාරීරික මානසික ප්‍රචණ්ඩත්වය ගෙදරක නොතිබිය යුතුමයි. හොඳට හෝ නරකට දරුවා තරහ ගෙන ඇත්නම් ඔබ ඉවසිය යුතුමයි. නිවසේ ඉතා පැහැදිලි දින චර්යාවක් ඇතිකරගන්න දරුවා බලාපොරොත්තු වන ආකාරයේ නිදහස් වටපිටාවක් සලසා දෙන්න . එවිට දරුවාට අදාල දෙයක් දෙය නියමිතව කරන්න අවශ්‍ය මානසික මට්ටමට සැකසෙනවා. ඔබ දරුවාට කාල සටහනක් සකසා දෙන්න උදේ ,දහවල, හවස් වරුවට දරුවා බලාපොරොත්තු වෙන ආකාරයෙන් නිදහස දී එම කාලසටහනට අනුව දවසේ වැඩ කරවන්න. එවිට දෙමාපියන් වන ඔබට දරුවා සමග වාද කිරීමට අවශ්‍ය වන්නේ නැත .

මාපියන් වෙන ඔබට තරහ ගැනීමෙන් හිමිවන දෙයක් නොමැත. ඒ නිසා කොන්දේසි විරහිතව දරුවන් ඉදිරියේ ඉවසිය යුතුමයි . එය දරුවා ඉදිරියේ වන පරාජයක් නොවේ ජයග්‍රහණයකි.

 

අන්තර්ජාලය ඇසුරෙනි

-මන්දාකිනි පතිරණ –

ලෝක සංචාරක දිනය අදයි..

සංචාරය කිරීම කලාවක්. එය අපේ ජීවිතයට අපූරු, සුන්දර මතක එකතු කරනවා. ඒ අත්දැකීම විඳීමට සංචාරය කරන්නම ඕනෙ. ඒත්, කොවිඩ් වසංගතය සංචාරයට තහංචි දාලා. සීමා පනවලා. එවැනි වාතාවරණයක් යටතේ තමයි මෙවරත් ලෝක සංචාරක දිනය සමරන්නෙ.

ලෝක සංචාරක දිනය යෙදී තිබෙන්නේ සැප්තැම්බර් විසි හත් වනදාට. එක්දහස් නවසිය අසූව වසරෙ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත් කළේ. එතැන් සිට විවිධ තේමා ඔස්සේ සෑම වසරකදීම අන්තර්ජාතික වශයෙන් සංචාරක දිනය සමරනවා. මෙවර ලෝක සංචාරක දිනයේ තේමාව වන්නේ ‘අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය’ යන්නයි. පසුගිය වසර වගේම මේ වසරෙත් සංචාරක කර්මාන්තයට සුබ වුණේ නැහැ. එහෙත් ඒ අතරින් නැගී සිටීමට සෑම රටකටම සිදු වෙනවා. අපටත් ඒ තත්ත්වය එලෙසමයි. සංචාරය කිරීම තරමටම සංචාරක කර්මාන්තය ද සුන්දරයි. ලෝකයේ රැකියා ලාභීන්ගෙන් සියයට දහයක් පමණ සංචාරක ක්ෂේත්‍රයට අයත් බව සැලකෙනවා. එනිසා සංචාරය වගේම රැකියාවේ සැහැල්ලුවත් බොහෝ දෙනෙකුට මේ කාලයේ දී අහිමි වෙලා.
ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස ලොව ප්‍රචලිත අපේ ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව ලබන රටක්. මාකෝ පෝලෝ පැවසුවේ ශ්‍රී ලංකාව ඔහු දුටු සුන්දරම දිවයිනක් බවයි. ස්වභාව සෞන්දර්යය, සුවදායී කාලගුණය වගේම අතීත ශ්‍රී විභූතිය සංචාරකයින් මෙරටට ඇදී බැඳී සිටීමට ප්‍රධාන හේතුවක්. රමණීය මුහුදු තීරය ඒ ආකර්ෂණය තව තවත් වර්ධනය කරනවා. වර්ග කිලෝමීටර හැට පන් දහස් හයසිය දහයක කුඩා භූමියක් හිමි ශ්‍රී ලංකාව දෙස් විදෙස් සංචාරකයන් මවිත කරවීමට සමත්. මේ රට පුරා ඇවිද යන්නෙකුට එකතු වන මතක ඔහු කතාන්දරකරුවකු කිරීම පුදුමයක් වන්නේ නෑ.

Best of Sri Lanka – 10 Nights 11 days | Sonrisa Holidays

කුඩා දිවයිනක් වුණත් අපේ රටේ තියන විවිධත්වය ඉතාම ඉහළයි. කන්ද උඩරටට යනවිට විවිධ කලාශිල්ප සමග මුසුවුණ අපේකම දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී දළදා මාළිගාව වගේම ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආදරයට, ගෞරවයට පාත්‍ර වනවා. අනුරාධපුර, පොළොන්නරුව අභිමානවත් ඉතිහාසයට වර්තමානයේ සාක්ෂි සපයනවා. වැවයි, දාගැබයි සංකල්පය මත නගර නිර්මාණය වී තිබෙන්නේ අතීතය අපට තිළිණ කළ වටිනාකම් පැහැදිලි කරමින්. ගලින් කර ඇති කැටයම් අදටත් ලෝකයම පුදුම කරවීමට සමත්. සීගිරි – දඹුලු නිර්මාණ ද මෙරට සංචාරක කර්මාන්තයේ සංධිස්ථාන ලෙස සැලකිය හැකියි. සීගිරියේ සිතුවම් පමණක් නොවේ, ගල් පර්වතයක ජලනළ එලීම් මෙන්ම උද්‍යාන නිර්මාණය විස්මය දනවනවා.

Galle, Sri Lanka - Galle Tourism | Galle Travel Guide

ශ්‍රී ලංකාවේ දකුණු පළාත සංචාරක කර්මාන්තයේ සුවිශේෂ අනන්‍යතාවක් දරනවා. ගාලු පුරය වගේම මාතර දක්වා සුන්දර වෙරළ තීරය සංචාරක පාරාදීසයක්. යාල ජාතික වනෝද්‍යානය ද සංචාරය සඳහා කදිමයි. සතුන් නැරඹීම සඳහා සෆාරි චාරිකා නරඹන්නන්ට ගෙනදෙන්නේ අපූරු අත්දැකීමක්. නිලාවේලි, උප්පුවේලි සුන්දර වෙරළ වගේම කින්නියා උණුවතුර ළිං, පරෙවි දූපත, කෝනේශ්වරම් ‍කෝවිල ආදිය හේතුවෙන් ත්‍රිකුණාමලයට ද හිමිවන්නේ ඉහළ සංචාරක වටිනාකමක්. අනෙත් පළාත්වලට වඩා යාපනයේ වෙනස්ම පරිසරයක් දකින්න පුළුවන්. දකුණේ පොල් වගේම උතුරට තල් ගස් මගින් සුවිශේෂ අනන්‍යතාවක් ගෙනෙනවා. නාගදීපය, නල්ලූර් කෝවිල මෙන්ම යාපනය බලකොටුව, දඹකොල පටුන, කීරිමලෙයි පොකුණ ආදී තවත් බොහෝ දේ එහිදී දැකගත හැකියි.

Colombo, Sri Lanka – Adler Tours & Safaris
ශ්‍රී ලංකාවේ වෙළඳ අගනගරය කොළඹ. ගාලු මුවදොර පිටිය පමණක් නොවේ, ජාතික කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය, සත්වෝද්‍යානයට ද සංචාරක ආකර්ෂණය හිමියි. ඒ වගේම බැද්දගාන සහ මුතුරාජවෙල තෙත් බිම වැනි තවත් රමණීය ස්ථාන කොළඹ දිස්ත්‍රික්කයේ දී නැරඹීමට ඉඩ ලැබෙනවා. මෙරට සතා සීපාවන්, ඇළ දොල නැරඹීමට වගේම ආහාර පාන සහ සිරිත් විරිත්වලටත් බොහෝ සංචාරකයන් ආදරය කරනවා. රටින් රටට ආහාර සංස්කෘතිය වෙනස් වෙනවා. මෙරට තියෙන්නෙත් අපටම ආවේණික ආහාර රටා. එයට දීර්ඝ ඉතිහාසයක් ද හිමියි. ප්‍රධාන වශයෙන් ඉන්දියානු ආභාෂය හිමිවුවත්, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි සංස්කෘතීන්ගෙන් ද ඇතැම් ආහාර අපට උරුමව තිබෙනවා. පළාතෙන් පළාතට වගේම ජන වර්ග අනුව ද විවිධත්වය තවත් ඉහළ ගොස් තිබෙනවා. සුන්දරත්වය මතුවන්නේ මේ විවිධත්වය නිසාමයි.
සංචාරය කරන්නකු අමතක නොකර රැගෙන යායුතු දෙයක් තිබෙනවා. ඒ, ආදරය. ඔබ සංචාරය කරන හැම පියවරකදීම ආදරය රැගෙන යන්න. ගහ කොළ, ඇළ දොල, සතා සීපාවන්ට පමණක් නොවේ, විවිධ සංස්කෘතීන්ට ඒ ආදරය බෙදන්න. ඒ සියලු දේට ගරු කරන්න. එවිට සංචාරයේ මිහිර හදවතින්ම විඳීමට ඉඩ ලැබෙනවා. ඒ වගේම දෙස් විදෙස් සංචාරක කර්මාන්තය ඉදිරි පරම්පරාව වෙනුවෙන් නොනැසී පවත්වා ගැනීමටත් එය උදව් වේවි. අසීරු කාලයක් පසුකර ටිකෙන් ටික, දිනෙන් දින නැවත නැගී සිටින වේලාවේ අලුතින් හිතමු. නිවැරදිව ක්‍රියා කළොත් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මේ රට පිරී ඉතිරී යන දිනය තවත් වැඩි ඈතක නෑ. ඒ සඳහා එකම හැඟීමෙන් එකාවන්ව සිතීමට අප අදිටන් කරගැනීම අත්‍යවශ්‍යයි. නව ආරම්භයක් සමග නැවත සියල්ල ජය ගැනීමට හැකි වේවි. මෙවර ලෝක සංචාරක දිනය ඒ සඳහා වන හොඳම හැරවුම් ලක්ෂය බවට පත් කිරීමට අපට පුළුවන්. ඒ වෙනුවෙන් අත්වැල් බැඳගමු.

 

(රෂ්නිකා ලියනගේ)

රැකියා ආතතිය නිසා ඔලුවට නිදහසක් නැද්ද..?

වර්තමානයේ දී මිනිසා ජීවිතය තුළ අත්විඳින ගැටළු බොහෝය .මේ සියලු ගැටළු අතර මානසික ආතතිය මුල් තැනක් ගනී. විශේෂයෙන්ම වර්තමාන තරගකාරී සමාජයත් සමඟ ජීවිතය එකම ඉරියව්වකින් ගෙවීම බොහොම අපහසු කර්තව්‍යයක් . මෙවන් සංකීර්ණ සමාජ රටාවක් තුළ මිනිසාට ඇතිවන කායික හා මානසික රෝගවලට සියයට අසූවක්ම හේතු වන්නේ මනසේ ඇතිවන ආතතියයි. මිනිසුන් සියයක් ගත්තොත් එකිනෙකාට එකිනෙකා වෙනස් අයවලුන්. මනසේ විවිධ ආකාරයන්ට ආතතිය ඇතිවේ. ඒ අතරින් අද කතාකරන්නේ බොහෝ අයවලුන්ගේ සිතට සහ මනසට පීඩාකාරී ගෙන දෙන “රැකියා ආතතිය” ගැනයි.

මිනිසාට මිනිසා ගැන දැනෙන හැඟීම් නැති වෙලා කියලා අද සමාජය දෙස බලද්දී පෙනෙනවා. ඔවුන් අනවශ්‍ය ලෙස කාර්ය බහුලත්වයට පත්වෙලා තිබෙනවා .මේ සියලු ගැටළුවන්ට හේතුව අනවශ්‍ය මට්ටමින් තම රැකියාව සමඟ කාර්යබහුල වීමයි. සැලසුමකින් තොරව වැඩ කටයුතු කරන ඕනම කෙනෙක්ට ජීවිතය ගැන පසුතැවෙන මට්ටමක් ඇති වෙන්නට පුළුවන්. මුදල් ම ජීවිතය නෙවෙයි කියලා හැමදාම වගේම අදත් කියනවා. ලෝකයත් සමඟ ඉදිරියට යද්දී ලෝකය තව තවත් දියුණු වෙද්දී , තාක්ෂණයෙන් යට වෙද්දි අපි සල්ලි උපයන්න ඕන කියන හැඟීමට ඇතිවෙනවා. මම කලිනුත් කිව්වා වගේ බොහොමයක් අයට තිබෙන මේ රැකියා ආතතියට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද?

ඔෆිස් එකේ වැඩ වලින් ඔළුවට නිදහසක් නැද්ද? රැකියාව නිසා වෙහෙසට පත් වෙලා ද? එහෙමත් නැතිනම් ඔබ වෙනත් විකල්පයක් නොමැති නිසා ජීවිකාව ඇදගෙන යාමට රැකියාව කරන අයෙක්ද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු ඔව් නම් ඔබත් රැකියා ආතතියෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්.රැකියා ආතතියට එකම හේතුව අනවශ්‍ය ලෙස කාර්ය බහුල වීම ද නොවේ. ඒ සඳහා ආර්ථික මෙන්ම සමාජීය සාධක ද බලපායි.

බොහෝ අයවලුන් රැකියා ආතතියෙන් පෙළෙන්නේ කිසිවෙකුගේ සහයක් ඔවුන්ට නොලැබෙන විටයි .අපි සිතනවාට වඩා අපිට යන්නට තිබෙන මාර්ගය හෝ කරන්නට තිබෙන රැකියාව වෙනස් මට්ටමක වුණොත් එය මනසට දැඩි සේ පීඩාකාරී වන්නට පුළුවන්. අපි කොයි කවුරුත් කැමතියි තමන් කැමති රැකියාවක් කරමින් සැහැල්ලුවෙන් හිතට බරක් නැතුව ජීවත් වෙන්න. එහෙත් සමාජය හා ඔබට ඇති කුසලතාවයන් මත ඔබට ඔබ කැමති ආකාරයේ රැකියාවක් නොලැබෙන්නට ද පුළුවන්.

එබැවින් වැදගත් වන්නේ ඔබ කරන රැකියාව අනුව ඔබගේ ආකල්ප සහ චර්යා හැඩගස්වා ගැනීමයි. මානසික ආතතිය නරකට පමණක් නොව ජීවිතය සාර්ථක කර ගැනීමට ද, සුබවාදී දේවල් සදහාද බලපායි. එය තමන්ගේ ජීවිතයට ඵලදායි ලෙස යොදා ගත හැකි. මෙහිදී ඔබගේ රුචි අරුචිකම් වලට ගැලපෙන මට්ටමේ රැකියාවක් කරන්නට වගබලා ගන්න. එයින් ඔබට යම්තාක් දුරකට රැකියාව නිසා ඇතිවෙන පීඩාකාරී වෙහෙසකාරී ආතතිය මග හැරෙන්නට පුළුවන්. රැකියා ජීවිතය සම්බන්ධයෙන් ඔබ ගන්නා වටිනාම තීරණය එයයි .ඔබත් දැනටමත් රැකියාවක නිරත වෙන අයෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වේවි.

රැකියා ස්ථානයේ යහපත් සබඳතා ගොඩනඟා ගන්න.

Healing Workplace Friendships During The Isolation Era | AllWork.Space

 

රැකියා ස්ථානය කියන්නේ ඔබ දවසේ වැඩි කාලයක් ගෙවන ස්ථානයයි. හොඳින් දවස ගෙවන්නටන්ම් නම් ඔබට ධනාත්මක අදහස් හා චින්තනයන් අවශ්‍යයි. ඒ සඳහා ඔබ රැකියා ස්ථානය තුළ දී ඔබව දිරිමත් කරන පුද්ගලයින් සමඟ එක්ව සිටිය යුතුයි. සුබවාදී හා ධනාත්මක පුද්ගලයන් සෑම විටම ඇසුරු කරන්න. ඔවුන් සමග ඵලදායි සම්බන්ධතා ගොඩනඟා ගන්න. එය ඔබට හා ඔබගේ අනාගතයට ඉවහල් වේවි.

වෙහෙසකාරී බවක් දැනෙනවා නම් එක දිගටම එකම වැඩක ඉන්න එපා.

Free Photo | Modern man working on his laptop while drinking coffee

අධික වෙහෙස වී වැඩ කිරීම ඔබේ මනසට හා ගතට පීඩාකාරී වන්නට පුළුවන්. එබැවින් ඔබ රැකියාවේ නිරත වන අතරතුර වෙහෙසකාරී බවක් දැනෙනවා නම් ඔබගේ ආයතනයේ පරිසරය අනුව සරල නිදහසකට හුරුවන්න. තමන් සිටින තැන වෙනස් කිරීම, වැඩ අතරතුර තේ එකක් පානය කිරීම මගින් වෙහෙසකාරී ගතිය නැති කර ගැනීම ,ප්‍රබෝධමත් දෙයක් වෙත සිත යොමු කිරීම වැනි සරල ක්‍රමයන් අනුගමනය කරන්න.

පවුලේ සාමාජිකයන් සමඟ සමීපව කාලය ගත කරන්න.

10 Best Ways of Spending Time with Family

ඔබට වඩාත් සමීපතමයන් වන්නේ ඔබගේ පවුලේ සාමාජිකයන්. තම එදිනෙදා වැඩකටයුතු තමන්ගේ සමීපතමයන් සමග බෙදා හදා ගන්නට හැකිනම් එය ඉතා මානසික සහනයකි. එම නිසාම මව පියා ,බිරිඳ ,සැමියා, දූ දරුවන් සමග හැකි සෑම විටම සමීප සබඳතා පවත්වාගන්න. රැකියා ආතතියට වගේම ඔබට ඇතිවන වෙනත් ප්‍රශ්නයක් තෝරා බේරා ගැනීමට ද එය කදිම ක්‍රමයකි.

රැකියාවෙන් එකම තැන ඉන්න එපා.

So…You Want to Start Your Own Business?

ඔබ රැකියාවේ නිරත වන ගමන්ම තව ඔබට කළ හැකි දේ ගැන සිතා බලන්න. බොහෝ පුද්ගලයින් තමන් තරුණ කාලයේ ආරම්භ කළ රස්සාවේ මුළු ජීවිත කාලයේම නිරත වෙලා විශ්‍රාම ලබයි. එහෙත් එයින් ඔබ්බට ඔබට කළ හැකි බොහෝ දේ ඇත. ඔබට තිබෙන හැකියාවන් ගැන සිතා බලන්න. ඒ හැකියාවන් ඔපමට්ටම් කර ගන්න. ඔබ කළ යුත්තේ මොනවද යන්න රැකියාව කරන අතරතුර ම සොයා බලන්න. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් කුසලතා සපුරා ගනිමින් අලුත් හෙටක් ආරම්භ කිරීමට අවධානය යොමු කරන්න. රැකියාවට වෘත්තියට අදාළව යාවත්කාලීන වන්න.

ගෙදර ආපසු රැකියාවේ ප්‍රශ්න සිතමින් කාලය ගත කරන්නට එපා.

6 Healthy Cooking Ingredients You Should Have in Your Kitchen - Goodnet

රැකියාවේ තිබෙන ගැටළු හා රැකියාව සමග ඔබේ ජීවිතේට ඇතිව ඇති ගැටළු ඔබ ගෙදර ආ පසු කල්පනා කරන්නට යන්නට එපා. එසේ වුවහොත් ඔබ මුළු දවසම ගත කර ඇත්තේ ආතතියෙන්. එය දවස අවසානයේ රැකියා ස්ථානයෙන් ආතතියෙන් නිදහස් වීමට දැඩි බාධාවකි . ඔබ නිවසට ආපසු ඔබේ සමීපතමයින් සමඟ ගෘහස්ථ කටයුතුවල යෙදෙන්න. ඔබේ දූ දරුවන් ,මව ,පියා ,සැමියා, බිරිඳ සමග කාලය ගත කරන්න. එසේ නැති වුණහොත් පවුල් ජීවිතයේ ගැටළු සහ ඔබට මුහුණ දෙන්නට අත්විදින්නට වන ගැටළු වැඩිවන්නට පුළුවන්. එම නිසාම නිවසට ආපසු රැකියා ස්ථානය ගැන නොසිතා පවුලේ අය හෝ තම සමීපතමඉන්ට ලංව සතුටින් කාලය ගත කරන්න. එයින් ඔබට පසුවදා රැකියාවට යාමේදීත් නව ප්‍රබෝධයක් දැනේවි.

මෙවැනි සරල ක්‍රියාකාරකම් වලින් ඔබේ මනසේ ඇති රැකියා ආතතිය හීන කරවන්නට පුළුවන් .එම නිසාම වැදගත් වන්නේ ආකල්ප හා චර්යා හැඩගස්වා ගෙන රැකියා ආතතියට සාර්ථකව මුහුණ දීමයි.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි.

-මන්දාකිනි පතිරණ-

රෙසිපිය රහසිගත වුණාට ලෝකේ හැමෝම දන්න කෑම බීම…

ඔන්න ඉතින් ඇඳිරි නීතියත් තව සති දෙකකට දික් වුණානේ. ඉතින් මේ සති දෙකේත් ගේ ඇතුලටම වෙලා ඉන්න එකේ රහසිගත රෙසිපියක් ට්‍රයි කරලා බලමුද ? මාතෘකාව දැක්කම ඔයාට හිතෙන්න ඇති හැබෑවටම එහෙමත් කෑම බීම තියෙනවද කියල. ඇත්තෙන්ම තියෙනවා. ඔයා කෑම ලෝලියෙක් නම් (බඩජාරියා කියල නෙමේයි කිව්වේ) මේ ආටිකල් එක ඔයා වෙනුවෙන්ම තමයි. එහෙම කියල අනික් අය නොකියව ඉන්නත් එපා.

ඇත්තටම මේ කෑම රෙසිපිය හංගන එහෙම නැත්තන් රහසිගත කරන වැඩේ ගොඩක් කරන්නේ අති විශාල ජාලයක් තියෙන කෑම බීම හදන සමාගම්. මෙයාල මේක කරන්නේ එයාලව වෙන අයට කොපි කරන්න බැරි වෙන්න. ඒ ඒ අංශයේ ලොකු වෙළදපොල කොටසක් තමන් සතු කරගන්න, අනිත් කෑම බීම වලට වඩා තමන්ගේ නිෂ්පාදනය විශේෂ කරගන්න වගේ හේතු ගොඩක් නිසා. මේ රෙසිපි ගොඩක් වේලාවට අධි ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන්නේ. මේ ලිපිය කියවගෙන යද්දී ඔයාට තේරෙයි මේ කෑම බීම වට්ටෝරු ඒ අදාළ සමාගම් වලට කොච්චර වටිනවද කියල. ඒවාට දීල තියෙන ආරක්ෂාව ගැන දැනගත්තම. වැඩි කතා නැතිව අපි බලමු මොනවද මේ ඒ කෑම බීම කියලා.

 

 

KFC fried chicken

Soi Smart: kfc fried chicken recipe (kfc style) Step By Step With Image

 

මේ මොනාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ ගැන දන්නේ නැති කෙනෙක් නම් නැති තරම්. ලෝකේ පුරාම ලොකු පොඩි ඕනෑම කෙනෙක්ගේ මනාපය දිනාගත්ත KFC එකේ සුප්‍රසිද්ධ චිකන් එක තමයි මේ.

ඔයාල විශ්වාස කරනවද මේකේ රෙසිපිය රහසක් කිව්වොත්? නෑ නෑ ඔය ඕනේ තරම් යු ටියුබ් එකේ තියෙන්නේ මේකේ හදන විදිහ. ඒක හරිම සිම්පල්. පොප් කොන් චිකන් යු ටියුබ් එකේ අයියා කෙනෙක් මේ ලගදිත් උඩ දාලා හදලා පෙන්නුවා. ඔයාලටත් මෙහෙම හිතෙන්න ඇති. හැබැයි ඔය මොන තරම් රෙසිපි යු ටියුබ් එකේ තිබුණත් ඇත්තටම මේ කෑම එක හදන්නේ ඒ කියන්නේ මේ කෑම එක හදුන්වා දෙන්නේ කර්නල් හාර්ලන් සෑන්ඩර්ස්. එයා තමයි KFC බෝඩ් එකේ හිනාවක් දාගෙන ඉන්නේ.

 

කර්නල් හාලන් සෑන්ඩර්ස්

What is name of the man on KFC logo? - Quora

මේකේ රෙසිපියට කුළුබඩු හා රසකාරක 11ක් අඩංගු වෙලා තියෙනවා. මේ ආයතනයේ නියෝජිතයෙක් වෙන රික් මේනාඩ් කියන විදිහට නම් මේ රෙසිපි එක කෙන්ටකි වල Louisville වල සුරක්ෂිතාගාරයක ඉතා ආරක්ෂිතව තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී යොදන්න පුළුවන් ඉහලම ආකාරයේ තාක්ෂණික යෙදුම් වගේම ඉතා ඉහල මට්ටමේ ආරක්ෂක නිලධාරීන් මේකේ ආරක්ෂාව පැය විසි හතරේම තහවුරු කරලයි තියෙන්නේ.
එතකොට මේක කවුරුත්ම දන්නැද්ද කියල ප්‍රශ්නයක් එනවනේ.

ඇත්තටම අපි KFC ගියාට එකේ දෙන්නෙත් නියම වට්ටෝරුවට හදපු KFC fried chicken එක නම් නෙමෙයි. ඒක සිද්ද වෙන්නේ සරලවම මෙහෙමයි. එක එක අවන්හලවල් වලට රෙසිපිය දෙන්නේ ඔරිජිනල් එක පොඩ්ඩක් වෙනස් කරලා. මේක කම්පියුටර් සිස්ටම් එකකින් තමයි වෙන්නේ. මේකෙන් එක එක KFC ශාඛාවට එක රස වගේ එන්න පොඩි වෙනසක් ඇතුව තමයි රෙසිපි එක දෙන්නේ. ඒ කියන්නේ කවුරුත් ඔරිජිනල් එක කන්න තරම් වාසනාවන්ත නෑ මිත්‍රයා. හරි කවුරුහරි මේකේ ඔක්කොම දෙවල් දැනගත්ත කියමුකෝ. එත් රික් මෙනාඩ් මහත්තයා කියන්නේ දාන ජාති දැනගත්තට එක කොච්චර වෙලාවක් කොච්චර උෂ්නත්වෙක සකස් වෙන්න ඕනද, එක කරන පිළිවෙල මොකක්ද කියල දැනගන්නේ නැතුව හදන එක ෆ්‍රයිඩ් චිකන් උනාට ඒක කවදාවත් KFC ෆ්‍රයිඩ් චිකන් නම් නෙමෙයි කියල. (මේ ලගින් යන රසක් එන්න ගෙදරදීම මේක හදන හැටි මේ ආටිකල් එකේ අන්තිමට තියෙනවා, මේක මම නම් කරලා බැලුව, 80% සාර්ථකයි. ඉතුරු විස්ස සාර්ථක වෙන්න ඔයාට කුස්සිය හුරු තරම බලපානවා)

 

McDonalds french fries

Why are McDonald's fries so popular? - French fries production line

මේ මොන බොරුවක්ද කියන්නේ කියල හිතුනද?? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම නැත්තන් බැදපු අල වලටත් රහස් වට්ටෝරු කොහෙද කියල හිතනවා ඇති නේද? ඇත්තටම මෙතන වට්ටෝරුවට වඩා වැදගත් වෙන්නේ ලෝකේ පුරාම එකම රස දෙන විදිහට කොලිටි එක රකින එක. මෙහෙම කියන්නේ මැක්ඩොනල්ඩ්ස් එකේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ධුරයක ඉන්න Michael Butkus. එතුමාට අනුව නම් මේ සදහා ගන්න අල වල පිෂ්ටය සහ වර්ණය මත තමයි හොදම විදිහට තේරීම කරන්නේ. ඒ වගේම ලෝකේ පුරාම එකම රස එන්න මේකේ වගා කරන ක්‍රම, වගා භුමි වල තත්වය, ජලය සපයන විදිහ, ජාත්‍යන්තර ප්‍රමිතිකරණය කියන කාරණා ටිකත් බලපානවා. ඒ වගේම මේක හදද්දීත් මෙයාලටම ආවේනික ක්‍රමයක් පාවිච්චි කරනවා.

මෙයාලත් මේකට නිශ්චිත උෂ්ණත්වයක් තියාගෙන තිබුණට ඒ රහස නම් කියන්නේ නෑ. ඒ වගේම තෙල් වල අන්තර්ගතය, බදින්න කලින් ශීතකරණයේ තබන කාලය, බදින කාලය වගේ දේවලුත් රහසක් . මේ ආහාරය ලෝකෙට දීපු බෙල්ජියම් වරු මේක දෙපාරක් බදින්න පුරුදු වෙලා ඉදල තියෙනවා, McDonalds ලත් ඒ සම්ප්‍රදායම අනුගමනය කරනවා. හැබැයි Michael Butkus කියන්නේ බෙල්ජියම් වැසියෝ මේක එක සැරයක් බැදලා ශීත කරලා ආයේ බැද්දේ නෑ කියල. McDonalds ල එහෙම කරනවා කියලාත් එතුමා කොතනදිවත් කෙලින්ම කොතැනදිවත් ප්‍රකාශ කරලා නැහැ. ඒක එහෙම කියල පොඩි ඉගියක් විතරයි දීලා තියෙන්නෙත්.

 

පෙප්සි

Pepsi commits to 100% recycled plastic beverage bottles by 2022 - Packaging Europe

කෝලා බීම වර්ග වලින් ඉස්සරහින්ම තියෙන වර්ගයක් තමයි පෙප්සි. ඒ වගේම කොකා කෝලා රස වගේ දැනුනත් ඕන කෙනෙක්ට මේ දෙකේ පොඩි වෙනසක් තියෙනව කියල දැනෙනවනේ. Caleb Bradham කියන්නේ උතුරු කැරොලිනාවේ (ඇමරිකාවේ) හිටපු ඖෂධවේදියෙක්. මෙයා 1898 දි Brad’s drink කියල ලෝකෙට දීපු බීම තමයි පස්සේ පෙප්සි කියල නම වෙනස් වෙන්නේ. නමුත් මේ හොයාගත්ත බීම රෙසිපිය නම් අදටත් අබිරහසක්. සරලව මේ ගැන වැඩි විස්තරයක් නැති තරම්. මේ ආයතනයේ නිලධාරීන් වූනත් කියන්නේ ඒ ගැන කතා නොකර ඉමු වෙන ඕන දෙයක් කතා කරමු කියල. (වෙන දේවල් වැඩක් තියෙයිද මේක දැනගන්නේ නැතුව). ඉතින් මේ රහසත් තව අවුරුදු ගණනාවකට රහසක් වෙලාම තියෙයි.

 

 

කොකා කෝලා

Coca-Cola HBC | Coca-Cola HBC

ලෝකේ ජනප්‍රියම බීම කියලා විරුදාවලිය අරන් තියෙන්නේ කොකා කෝලා. ඉතින් එහෙම ඩොලර් මිලියන ගණන් උපයන රෙසිපියක් කොච්චර වටිනවා ඇද්ද? කාලෙන් කාලෙට මේකේ වට්ටෝරුව හොයාගත්ත කියල එක එක අය කිව්වට කොකාකෝලා ලේඛනාරක්ෂක ෆිල් මූනි මහත්තයා කියන්නේ ඒක රහසක් කියල. ඒක නම් ඇත්ත වෙන්නම ඕන. මොකද කොච්චර කිව්වත් කොකාකෝලා වල ඉල්ලුම අඩුවෙලා නෑනේ. ඉස්සෙල්ලම කොකාකෝල හදන්නේ 1886දි ජෝන් පෙම්බර්ටන් කියන ඖෂධවේදියා. මැයි 8 වෙනිදා. මුල් කාලේ මේකේ බියර් සංයෝගයකුත් අන්තර්ගතව තිබිල තියෙන්නේ. කොහොමින් කොහොමහරි මේකේ වටිනාකම අදුරගත්ත පෙම්බර්ටන් මේ රෙසිපිය 1887 දි විකුනනවා ඩොලර් 2500 කට. ඒ කාලේ එච්චර ඉල්ලුමක් නැතුවත් එච්චර ගණන් නම් දැන් කොහොම ඇද්ද?

මුල්ම කාලේ පෙම්බර්ටන් දවසට 9 ක් විකුනපු කොකාකෝලා අද වෙද්දී දවසට බිලියන 1.7ක් විකිනෙනවා. ඔන්න ඉන්ටරස්ටින් ම කොටස. මේකේ රෙසිපිය තියෙන්නේ Atlanta SunTrust බැංකුවේ සේප්පුවක. එකවරකට දෙන්නෙක්ට විතරයි ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේම මූනි මහත්තයා කියන විදිහට නම් මේ රෙසිපිය කවුරුහරි හොයාගත්තත් නිවැරදි ක්‍රමයයි එකතු කරන පරිමාවලුයි නොදැන කොකාකෝලා හදන එක හීනයක් විතරයි.

හැබැයි ටොඩ් විල්බර් කියන පුද්ගලයා මේ රෙසිපිය දන්නවා කියල ඔහුගේම ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඔහු ඒ රෙසිපිය ලෝකෙටම අනාවරණය කරා. එත් එක හරියටම කොකාකොලද නැද්ද කියල නම් එහෙම නැත්තන් ඒක නිවැරදිම වට්ටෝරුවමද කියල නම් කවුරුත් තහවුරු කරලා නෑ. මේකත් මම පහළින් දාන්නම්. හැබැයි මේක නම් මම ගෙදර උත්සහ කළේ නැහැ. හදන එක කෙසේවෙතත් දැනගන්නත් එක්ක කියවල බලන්න.

ඔන්න KFC ටේස්ට් එකට චිකන් හදන හැටි සහ කොකා කෝලා විස්තරේ.

 

 

KFC ෆ්‍රයිඩ් චිකන්

KFC-like Fried Chicken Recipe: How to Make KFC-like Fried Chicken Recipe | Homemade KFC-like Fried Chicken Recipe

මේකට අපිට ඕන වෙනවා

-චිකන් කිලෝ එකක්
-බිත්තර
-පාන්පිටි
-සෝයාසෝස්
-සීනි
-වතුර
-බදින්න තෙල්.
-චිකන් කියුබ්

හදන්නේ මෙහෙමයි.

චිකන් කිලෝ එක කෑලි කපල (කපපුව ගත්ත නම් ලේසි) වතුරට දාල ඒ වතුරට සෝයා සෝස් මේස හැදී 7ක් විතර දාල සීනිත් මේස හැදී 5ක් විතර දාල කලවම් කරලා පැය දෙකක් තියන්න.
දැන් චිකන් කියුබ් පාන්පිටි එක්ක හොදට කලවම් කරන්න , මේක තමයි අර වටේට ක්‍රිස්පී විදිහට තියෙන්නේ ඒ නිසා ඕනවට වඩා ලුණු රස එන්න දෙන්න එපා.
දැන් අර චිකන් වතුර වලින් එලියට අරන් හොදට තෙත මාත්තු කරලා පාන්පිටි මික්ස් කරපු එකේ ලාවට දවටලා බිත්තර වල දවටලා ආයෙත් පාන්පිටි මිශ්‍රණයේ දවටලා බදින්න. ගොඩක් රස්නෙට බදින්නත් එපා. ගොඩක් පිටි දවටන්නත් එපා.
(මේකේ ඇත්තටම පාන්පිටි එක්ක කලවම් කරන්න ඕන චිකන් කියුබ් නෙමේ, එත් ඒවා ඔක්කොම හොයලා කලවම් කරනවට වඩා චිකන් කියුබ් එකක් ගන්න එක ලේසියි, සමහර දේවල් හොයාගන්න අමාරු වෙන්නත් පුළුවන්,) ඉතින් කාල බලන්නකෝ.

 

කොකා කෝලා

Drink the Book: Natural Cola Recipe

මේවා තමයි ඕන වෙන්නේ

-සීනි කැට කෝප්ප 6
-කෝන් සිරප් කෝප්ප දෙකයි
-සිට්‍රික් ඇසිඩ් මේස හැදී 2
-නටන වතුර කෝප්ප 7
-දෙහි යුෂ මේස හැදී 1
-වැනිලා තේ හැදී 1
-කුරුදු තෙල්, ලෙමන් තෙල් බින්දු එක ගානේ
-රතු පාටින් මේස හැදී 1, කහපාටින් එක හමාරයි, නිල් පාටින් බාගයයි ගානේ කලරින්
-සිසිල් කල සෝඩා කෝප්ප 44ක්

හදමු එහෙනම්

සීනි,කොන් සිරප් , සිට්‍රික් ඇසිඩ් නටන වතුරට දාල දිය කරන්න. ඒකටම ලෙමන් තෙල්, කුරුදු තෙල්, වැනිලා, දෙහි යුෂ එකතු කරලා කලවම් කරන්න. දැන් අර කලරින් එකතු කරලා සිසිල් වෙන්න තියන්න.
ඒ ශීතකරණේ තියපු මිශ්‍රන යෙන් කෝප්ප කාලකට සිසිල් සෝඩා කෝප්ප එකක් වෙන අනුපාතෙට මික්ස් කරලා බොන්න තමයි තියෙන්නේ.
(සැලකිය යුතුයි: මේකේ කැෆෙන් අඩංගු වන දෙයක් දාන්න තිබුණා. මම එකත් මේ ලිස්ට් එකෙන් අයින් කළා. මේක දැම්මේ නම් ඔයාලට හදන්න නෙමෙයි දැනගැනීම පිණිස විතරයි.)

ඉතින් රෙසිපිය රහසිගත එත් ලෝකේ හැමෝම දන්න කෑම බිම කිහිපයක විස්තරය තමයි මේ. හදන එක කෙසේවෙතත් ඒවගේ වට්ටෝරු කියලා ප්‍රසිද්ධ මේ වට්ටෝරුත් ඔයාලට මේ කෑම ගැන අදහසක් ගන්න උදවුවක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

කුඩා දරුවන් බහුල ලෙස ගොදුරුවෙන ආසාත්මිකතා ගැන ඔබ දැනුවත්ද..?

ආසාත්මිකතා එහෙමත් නැත්නම්(allergy) කිව්වහම සිහියට නැගෙන්නේ හමේ පලු දැමීම, සම කසමින් පලු ඇතිවීම ,වමනය යාම ,පාචනය ඇති වීම, එහෙමත් නැත්නම් උණ ඇතිවීම සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු තුළ දක්නට ලැබෙන ආසාත්මිකතා ලක්ෂණයි. ආසාත්මිකතාවයන් ඇති වන්නට බොහෝ හේතූන් බලපායි . බොහෝ අයවලුන්ට මේ පිළිබඳ තිබෙන දැනුවත්භාවය අඩුයි. බොහෝ විටෙක අසාත්මිකතාවයන්ට ගොදුරු වන්නේ කුඩා දරුවන්.

අසාත්මිකතාවන් යන්නේ කුමක්ද? ඇතිවන්නේ කෙසේද ?

How Do You Get Rid of an Allergic Reaction Rash? - Oak Brook Allergists

Allergy ඇතිවෙන්න බෙහෙවින් බලපාන හේතුන් තමයි අපි ගන්නා ආහාර . එකිනෙකාගේ ශරීරයන් එකිනෙකාට වෙනස් . ආසාත්මිකතා ඇති වන්නේ යම් දෙයක් ශරීර ගත වූ පසු ඊට ප්‍රතිශක්තිකරණයෙන් සිදුවන බලපෑම නිසයි. ඒ එම ප්‍රතිශක්තිකරණයෙන් යම් යම් දේ නිපදවන නිසයි. එම ප්‍රතිශක්තීකරණය අසාමාන්‍ය ලෙස ක්‍රියා කරන අවස්ථාවන්වලදී ඉහත සඳහන් විවිධ ලක්ෂණ පෙන්නුම් කරයි. සමහර සංකූලතා සරල විය හැකියි. එහෙත් සමහර අවස්ථාවන් වලදී දරුණු වෙන්නට හැකියාව තිබෙනවා. එම නිසා හැකි හැම අවස්ථාවකදීම වැඩි අවධානයක් දරුවන්ට දිය යුතුයි. ඔබේ දරුවාටත් ආසාත්මිකතාවයන් ඇති වෙනවා නම් ඒ සඳහා වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

 

ආසාත්මිකතා ඇතිවන දේවල්

Food Allergies Crystal Lake | Food Intolerance Crystal Lake

බහුලවම අපට දක්නට ලැබෙන්නේ ආහාර වලින් ඇතිවන ආසාත්මිකතායි. විශේෂයෙන්ම ලොකු පොඩි කාටත් හරක් මස්, ඌරු මස්, එළු මස් ,ඉස්සෝ ,දැල්ලෝ, කකුළුවෝ, අන්නාසි මගින් ආසාත්මිකතා ඇතිවිය හැකියි. එම නිසා ඔබ මෙවැනි ආහාර වර්ග ගන්නේ නම් බොහෝ විට සැලකිලිමත් වන්න .මේ ආහාර ගත් පසු තොල් ඉදිමීම , වමනය සහ ක්ලාන්ත ගතිය ඇතිවේනම් පමා නොකර රෝහලට යා යුතුයි. යම් වැඩිහිටියන්ට සහ දරුවන්ට රෝග ලක්ෂණ නොමැති ආසාත්මිකතා ඇති වන්නට පුළුවන් .රෝග ලක්ෂණ නොමැතිව ක්ලාන්තය පමණක් ඇතිවිය හැකි. එම නිසා බොහෝ දෙනාට එය ආසාත්මිකතාවයක් නිසා ඇති වෙන්නේ ද කියා හඳුනා ගැනීමටත් අපහසුයි .එම නිසාම යම් ආහාරයක් හෝ ඖෂධ මාත්‍රාවක් ගත් පසු ආසාත්මිකතාවක් ඇති වෙනවා නම් ඒ ගැන නිසියාකාරව සැලකිලිමත් වි රෝහල් ගත විය යුතුයි.

 

පාරිසරික හේතූන් අසාත්මිකතාවයන්ට බලපානවද?

Bioresonance Therapy And Pet Allergies | bicomUK

බොහෝ දෙනකුට තණකොළ සහ අවට සිටින බල්ලන් ,පූසන් වැනි සතුන් අසාත්මිකයි. තව උණු වතුර , සබන් ,සුවඳ විලවුන් බොහෝ අයවලුන්ට අගුණයි . මෙවැනි අවස්ථාවකදී හැකි විගස ප්‍රතිකාර ගත යුතුයි . ඉක්මනින් ප්‍රතිකාර ගැනීමෙන් රෝගයට ගොදුරු වන පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන්න පුළුවන්. මේ නිසා ආසාත්මිකතාවයන් සුළුකොට තකන්නට එපා.

 

දරුණු අසාත්මිකතාවයකදි..

Dangerous Allergies: Anaphylaxis and Life-Threatening Allergy Triggers

ඔබට allergy වන දේවල් ඔබ විසින් හඳුනාගෙන තිබිය යුතුයි. සිතන්න ඔබට මස් මාංශ වර්ග අසාත්මිකයි. එසේනම් ගෙදර මස් මාංශ පිසින ලද හැන්දක් වත් ඔබ ගන්නා ආහාර වේලේ ගෑවෙන්නටවත් තියන්න එපා. ඒ වගේම Restaurant ,Hotel වල ඔබ ආහාර ගන්නේ නම් බොහෝ විට සැලකිලිමත් විය යුතුයි. ඒ අයවලුන් දැනුවත් කර ඔබගේ ආහාරය ඇනවුම් කර ගන්න. ඒ වගේම ඔබට ආසාත්මික දෑ ලියා තබා ගැනීම ද වැදගත්. විශේෂ ඖෂධයක් හෝ අලුත් දෙයක් ලබා ගන්නා විට ඒ දේවල් ගැන මනා දැනුමකින් පසුව පරිහරණයට ගත යුතුය. ඒ වගේම මේ ආසාත්මිකතා කුඩා දරුවකුට තිබේ නම් පාසලේ හෝ පෙර පාසලේ ගුරුවරිය දැනුවත් කළ යුතුයි.

 

දරුණු ආසාත්මිකතා ඇතිවන අයට ඇති ප්‍රතිකාර

(Adarnali pen) ඇඩර්නාලි පේන් ,මේ ඖෂධය රජයේ රෝහල්වල නැත. පෞද්ගලික රෝහලකින් ලබා ගත යුතු වේ. මෙය දරුණු ආසාත්මිකතා ඇතිවන අයට විශේෂ ඖෂධයක් ලෙස සලකයි .සාමාන්‍යයෙන් ආසාත්මිකතා දරුණු ලෙස හටගෙන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තත්ත්වයේ පැමිණෙන කෙනෙක් නම් මේ ඖෂධය එම පුද්ගලයාට ඉතාම වැදගත්.

දරුණු ආසාත්මිකතාවයන් වලදී දකින්නට ලැබෙන ලක්ෂණ?

* හුස්ම ගැනීමේ අපහසුතා

* ආසාත්මිකතාවය ඇති වී නොබෝ වේලාවකින් ශරීරය ඉදිමීම.

*පපුවේ මහන්සිය

* ශරීරය සුදුමැලි වීම

*ඉදිමීම

මේ අවස්ථාවන් වලදී රුධිර පීඩනය අඩු වෙයි. මේ සියල්ල දැක ගන්නට නොතිබුණත් පමා නොකර පුද්ගලයාව රෝහල්ගත කළ යුතුයි.

 

අසාත්මිකතා බහුල රෝගීන් කවුරුද?

What is the Relationship Between Coughing and the Stomach?

ඇදුම සහ පීනස රෝගීන්ට ආසාත්මිකතාවයන් ඇති වන ප්‍රමාණය අනෙක් රෝගීන්ට සාපේක්ෂව වැඩියි. සමහර අවස්ථාවන් වලදී අප නොසිතන දේවල් වලින් පවා ආසාත්මිකතා ඇති වන්නට පුළුවන් .මේ අතර ජානමය හේතූන් ද බලපායි. උදාහරණ ලෙස මවට කජු ආහාරයට ගත නොහැකි නම් දරුවාටත් ඒ ආසාත්මිකතා තිබිය හැකියි. කිසිවිටෙකත් ආසාත්මිකතාවයන්ට අත් බෙහෙත් භාවිතා නොකරන්න .වෛද්‍යවරයෙකු හමු වී නිසි ප්‍රතිකාර සඳහා යොමුවන්න.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්

මන්දාකිනි පතිරණ .

ඔයාට sweets කන්න හොඳම තැන Gimmys kitchen…

ඔයා sweets කන්න කැමති කෙනෙක් නම් ඒකට තවත් හොඳම තැනක් තමයි Gimmys’ Kitchen. මේ කොවිඩ් කාලයේ ගෙදරම ඉන්න වෙලාවේ අම්මයි දුවයි තීරණය කරලා තියෙනවා එයාලගේ වටිනා family recipes යොදාගන සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න. තමන්ගේ customer ට හොඳම තත්ත්වයේ සහ රසවත් products ලබා දෙන්න Gimmys’ Kitchen එකේ menu එක dishes තුනකට සීමා කරලා තියෙනවා.

Dessert

Chocolate Cake (2lb) (LKR 3,000)

සම්පුර්ණ කේක් එකම චොකලට් යොදාගන සාදා තිබෙන අතර ඔයාට එක කේක් කෑල්ලකින් රසවත් චොකලට් ඇතිවෙන්න රසවිදින්න පුළුවන්. Texture සහ flavor උසස් තත්ත්වයෙන් තිබුනු මේ Chocolate Cake එක මම ඇත්තටම enjoy කළා.

 

Butter Cake (2lb) (LKR 2,000)

හොඳට bake කරලා සදා තිබුණ මේ බටර් කේක් එකේ අයින් පවා මෘදුව තිබුණා. තේ එකක් බොන වෙලාවට හරි අතර මැද පොඩි ස්නැක් එකක් විදියට කන්න මේ බටර් කේක් කෑල්ලක් නියමට ගැළපෙනවා. අපිට මේ කේක් එක ගෙනත් දෙන වෙලාවෙත් උණුසුම්ව තිබුණා.

 

Classic CBP (feeds 8 – 10 people) (LKR 2,700)

අපි හැමෝම වගේ chocolate biscuit pudding වලට කැමතියි. Gimmys’ Kitchen එකේ තිබෙන Classic CBP එක අපිට තියෙන chocolate biscuit pudding ආසාව තෘප්තිමත් කළා කිව්වොත් නිවැරදී. ආමන්ඩ් එසෙන්ස් එකක් යොදාගන පිළියෙල කරන නිසා මේ බිස්කට් පුඩින් එක අනෙකුත් පුඩින් අතරින් විශේෂ වෙන්න හේතුවක් වෙලා තිබෙනවා. නමුත් ඔබ ආමන්ඩ් රසයට කැමති නැති කෙනෙක් නම් ඔබට ඒ ගැන ඔවුන් දැනුවත් කරලා ඔයාට අවශ්‍ය විදියට CBP එක order කරන්න පුළුවන්.

Gimmys’ Kitchen කියන්නේ CBP, බටර් කේක් සහ චොකලට් කේක් වල හොඳම තැනක් නිසා ඔයාට quality සහ flavor අතින් උසස් dishes 3ක්ම රසවිදින්න හැකියාව තිබෙනවා. මෙම ව්‍යාපාරය පෙර ඇණවුම් කිරීමේ පදනම මත ක්‍රියාත්මක වන අතර, ඔබට ඔවුන්ගේ ෆේස්බුක් පිටුව, ඉන්ස්ටග්‍රෑම් පිටුව හෝ ඉහත සඳහන් කළ වට්ස්ඇප් අංකය හරහා ඇණවුම් භාරදීමට හැකියාව තිබෙනවා. ඔවුන් කොළඹ 1 සිට 10 දක්වා සහ තදාසන්න ප්‍රදේශ හරහා බෙදා හරින නමුත් ඔබට පිකප් එකක් ද තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා.