Blog Page 26

කාන්තාවන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් නැතිවුණේ ඇයි..?

මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කාන්තා හා ළමා කටයුතු කැබිනට් අමාත්‍යංශය ඉවත් කිරීමට තීරණය කර ඇත. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇති අතර කාන්තා හා ළමා සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා, අමාත්‍යාංශ තනි රාජ්‍ය අමාත්‍යාංශයක් යටතට ගෙන තිබේ. මෙම තීරණය ප්‍රධාන ගැටළු දෙකක් දරයි . කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශයක් දක්වා පහත හෙළනු ලැබුවා පමණක් නොව ,තවත් ජන වරම් කිහිපයක් සමග මිශ්‍රකර ඇත.

 

වර්තමානයේ දී එහි නායකත්වය දරන්නේ පිරිමි චරිතයක් වන ගරු. පියල් නිශාන්ත ද සිල්වා අමාත්‍යවරයායි .ඔහු කාන්තා හා ළමා සංවර්ධනය ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය , පාසල් යටිතල පහසුකම් හා පාසල් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.මීට පෙර පැවති කැබිනට් අමාත්‍යංශයද පරමාදර්ශයට වඩා අඩු මට්ටමකින් කටයුතු කිරීම හා එම අමාත්‍යාංශවල සිදු වූ වැරදි අඩුපාඩු හේතුවෙන් වර්තමාන කැබිනට් මණ්ඩලයද අඛණ්ඩව පවත්වාගෙන යයි යන බලාපොරොත්තුව සුන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ගරු. පියල් නිශාන්ත අමාත්‍යවරයා විසින් කාන්තා හා ළමා සංවර්ධනය, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය සිට පාසල් යටිතල පහසුකම් සහ පාසල් සේවා දක්වා ඒකාබද්ධ කළ සේවාවන් රාශියක් පාලනය කරයි . කාන්තා කටයුතු සඳහා වෙනම අමාත්‍යාංශයක් පැවරීමට අපොහොසත් වීමෙන් ඇඟවෙන්නේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීමේ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛතාව පසුපසට ඇද දමා ඇති බවයි. එපමණක්ද නොව, රාජ්‍ය අමාත්‍ය ගරු. පියල් නිශාන්ත අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු පැමිණීම, මන්ත්‍රීවරුන් 236 දෙනාගෙන් 186 වෙනි තැන ගෙන ඇති අතර පැමිණීමේ අනුපාතය 57% ක් වේ. Manthri.lk ට අනුව ඔහු වැඩිපුරම සාකච්ඡා කළ ශීර්ෂය වන්නේ ,අධ්‍යාපනය, වෙළෙඳාම සහ කර්මාන්තයි.

ශ්‍රී ලංකාවේ කාන්තා හා ගෑණු ලමයින්ගේ අයිතිවාසිකම් හා නිදහස, සවිබල ගැන්වීම සහ ඉදිරියට ගෙන යාම සඳහා කාන්තා කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් අත්‍යවශ්‍යව තිබේ. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52% පමණ කාන්තාවන් වේ. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පමණක් වීමත්, ඔවුන්ගේ හඬ දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවීම සහ කාන්තාවන් මුහුණ දෙන බොහෝ ගැටළු විසඳීමට වෙනම අමාත්‍යාංශයක් නොමැතිකම යන කරුණු හේතුවෙන් , ශ්‍රී ලංකාවේ දිගුකාලීන සැලසුම් සඳහා ස්ත්‍රී ,පුරුෂ සමානාත්මතාවය පවත්වාගෙන යාමට නොහැකි විම, වර්තමානයේ දී දරුණු ගැටළුවක් වී තිබේ.

 

 

  • විවිධ ජන වරම = සමස්ත බලපෑම

 

අවිවාදයෙන් තොරව, කාන්තාවන් හා ළමා කටයුතු විෂය පථය පුළුල් හා බහුමාන බව අමුතුවෙන් කිව යුතු නැත . එම නිසා ,මෙම වැදගත් අරමුණ සඳහා වෙනම කැබිනට් අමාත්‍යාංශයක් වෙන් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව ,මේ දක්වා පුරෝකතනය කළ කරුණු අනුව නිගමනය වේ. කාන්තා හා ළමා කටයුතු සඳහා වෙනම කැබිනට් අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා කරන ලද අභියාචනයක් මගින් විද්වතුන් හා ක්‍රියාකාරීන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියේ, “කාන්තා හා ළමා කටයුතු වල වැදගත් ක්ෂේත්‍රය පටු ලෙස රජය සලකන බවයි . ඒ සඳහා අවම සම්පත් සහ සීමිත මැදිහත්වීම් අවශ්‍ය වේ. මුළු ජනගහනයෙන් පිළිවෙලින් මිලියන 13ක් (51%) සහ මිලියන 06ක් (25%) වන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ යහ පැවැත්ම පිළිබඳව රජයේ අවධානය යොමු නොකරන්නේ නම්, ජාතික සංවර්ධනය හා ප්‍රගතිය සම්පූර්ණ නොවන බව එම ලිපියේ තව දුරටත් සඳහන් කර ඇත. කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය 1981 (CDW) සහ එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය 1991(UNRCC) යන දෙකටම ශ්‍රී ලංකාව රාජ්‍ය ආණ්ඩුවක් බව අත්සන් කළ අය රජයට මතක් කර දුන්හ .

ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටින ඉලක්ක 05 න් “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබලගැන්වීම කැපී පෙනේ”. එවැනි කැපවීමක් සඳහා සෑම අංශයක් තුළම ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී සහ ඵලදායි ප්‍රතිපත්ති ගැනීම අත්‍යවශ්‍ය වේ. රජයේ ඉහළ මට්ටම්වල ගන්නා තීරණ ඵලදායි වීම තුළින් සංවර්ධන උපායමාර්ග සාර්ථක කර ගැනීම සඳහා රජයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කළ හැකි බවද එම ලිපියෙන් තවදුරටත් අවධානය කෙරුණි. මේ අනුව කාන්තාවන්ගේ හා ළමයින්ගේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම තාර්කික හෝ ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ ප්‍රවේශයක් නොවන බව මනාව පැහැදිලියි.

ගෘහස්ථ අපයෝජනය, ප්‍රචණ්ඩත්වය, විවාහය, දූෂණය කිරීම සහ මුල් විවාහයට බල කිරීම සහ කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙත යොමු කරන වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ හිංසනයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම කණගාටුවට කරුණකි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව දිගින් දිගටම වෙනස්කම් කරනු ලැබේ. – අධ්‍යාපන අවස්ථා ,රැකියා අවස්ථා, නායකත්වයේ අපේක්ෂාවන් සහ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය මේ අතර වේ .

එපමණක්ද නොව, ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ පාලනයට මුල් පිරීමේ නිර්මාතෘවරිය වන සජිනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ,”මෙම තීරණයත් සමග විවිධ අමාත්‍යාංශය කිහිපයක් එකතු වෙන හෙයින් රාජ්‍ය අමාත්‍යාංශයන්හී වගකීම පැහැර හැරිම පහසු වන බවයි. එහි විෂය පථය යටතේ, කාන්තා කටයුතු සඳහා කැබිනට් අමාත්‍යාංශයක් ඇති විට කාන්තාවන්ට අහිතකර වන ඕනෑම නීති සම්පාදනයට හෝ ක්‍රියාවකට එම ඇමතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඕනෑම අයෙකුට ඔවුන්ගෙන් ප්‍රශ්න ,විමසීම් සහ යෝජනා කෙලින්ම ඉදිරිපත් කළ හැකියි”.සජිනි මහත්මිය සඳහන් කළාය .

එබැවින් කාන්තාවන් සඳහා කැබිනට් අමාත්‍යාංශයක් තිබුණේ නම් ,අදාළ අමාත්‍යවරයාට කැබිනට් තීරණ ගැනීමේදී සෘජුවම බලපෑම් කිරීමට ,අදහස් දැක්වීමට හෝ කාන්තාවන්ට අදාල නම් විරෝධතා මතු කිරීමට හැකිවේ. සජිනි මහත්මිය මේ සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කරමින් සිටී. මෙම ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය. “බිම් මට්ටමේ කාන්තාවන් සමග කටයුතු කළ ක්‍රියාකාරීන් වශයෙන්, කාන්තාවන් දිනපතා මුහුණ දෙන යථාර්ථයන් පිළිබඳ අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ සෙසු සාමාජිකයින් දැනුවත් කිරීම අපගේ වගකීමකි. කාන්තා ප්‍රචණ්ඩත්වයේ සිට වෙනස් කළ යුතු දේ ඇතුළුව වෙනස් කොට සැලකීමේ නීති දක්වා කාන්තාවන්ගේ සියලු අංශ ඇතුළත් පෙත්සමක් මා විසින් ආරම්භ කළේ එබැවිනි. අනිකුත් කාන්තා අයිතිවාසිකම්, ක්‍රියාකාරීන්ගේ සහය ඇතිව මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ත්‍රෛභාෂා ලේඛනය අදාළ පාර්ශවයන්ට ඉදිරිපත් කිරීමට ඇය බලාපොරොත්තු වෙන බව ද තවදුරටත් සදහන් කර තිබුණා. ඒ තුළින් ඇය,” රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරන්නේ කෙසේද? “යන ප්‍රශ්නය රජයට ඉදිරිපත් කර ඇත.

මීට අමතරව, මුස්ලිම් විවාහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ පාර්ශවකරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීම්- මුස්ලිම් විවාහ සඳහා අවම වයස් සීමාවන් නියම කිරීම, පෞරාණික නීතීන් සහ වෙනත් කාරණා ,ළමා ලිංගික අපයෝජන සිද්ධීන් හා කම්පන සහගත සිදුවීම් මේ අතර වේ . කාන්තාවන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සුරක්ෂිත බව සහතික කිරීම සඳහා නීති ප්‍රතිපත්ති සහ අවශ්‍ය ඵලදායි ප්‍රතිසංස්කරණ කිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ඉහළ මට්ටම්වල වර්තමාන අවශ්‍යතාවයක් බව පෙන්වා දී ඇත.

 

 

  • කාන්තා කටයුතු පිළිබඳ පෙර කැබිනට් අමාත්‍යාංශවල සාර්ථකත්වය

 

1978 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ධුර කාලය තුළ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ කාන්තා කාර්යාංශයක් ආරම්භ කරන ලදී. පසුව, 1997 දී කාන්තා කටයුතු අමාත්‍යාංශය පිහිටුවන ලද අතර, 2004 දී සමාජ සුභසාධනය සහ 2006 දී ළමා සංවර්ධනය ඇතුළු බලතලවල සුළු වෙනස්කම් සහිතව වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණි.

කලින් කැබිනට් අමාත්‍යංශයට අයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය (MWCA) 2015 සැප්තැම්බර් 9 වන දින අංක 1933 ගැසට් පත්‍රය යටතේ පිහිටුවන ලදී.

ගැසට් පත්‍රයට අනුව ප්‍රධාන වගකීම් අතරට කාන්තාවන් වෙනුවෙන් ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සකස් කිරීම, කාන්තාවන් හා ළමුන් සම්බන්ධව අධීක්ෂණය හා ඇගයීම, කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම සහ පොදු කටයුතු හා දේශපාලනය තුළ තීරණ ගැනීමේදී ඔවුන්ගේ නියෝජනය, කාන්තා ප්‍රධානීන්ගේ පවුල් සවිබල ගැන්වීම සහ බලපෑමට ලක්වූ කාන්තාවන්ට සාධාරණය ඉටුකිරීම මෙහි ඇතුළත් වේ. ගැටුම් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් මෙන්ම කාන්තාවන් සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ශක්තිමත් කිරීම මෙතුළින් සිදුවිය.

1993 මාර්තු 3 වන දින අනුමත කරන ලද ඓතිහාසික කාන්තා ප්‍රඥප්තියක් පසුගිය අමාත්‍යාංශ විසින් පවත්වාගෙන ගිය කාන්තා ජාතික කමිටුව මගින් ප්‍රකාශයට පත් කෙරුණි.
ප්‍රඥප්තිය මගින් කාන්තාවන්ගේ දේශපාලන, සිවිල්, අධ්‍යාපනික හා ආර්ථික අයිතිවාසිකම්, වෙනස් කොට සැලකීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ ඇතිවිය හැකි ප්‍රචණ්ඩත්වයන් මැඩලීම මෙන්ම අවම සේවා නියුක්තියේ වයස අවුරුදු 15 කට සීමාකිරීම සිදු විය.

තවද, 2006 පාලන තන්ත්‍රය යටතේ ළමා සංවර්ධන හා කාන්තා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් 2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත සාර්ථකව බලාත්මක කරන ලදී. එමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නිල වශයෙන් ගෘහස්ථ හිංසනය තහනම් කරන රටවල් අටෙන් හතරවෙනියා බවට පත්විය. . මීට අමතරව, ගෘහස්ථ හිංසනයෙන් දිවි ගලවා ගත් අයට ක්ෂණික සහනයන් ලබාදීම සඳහා MWCA අවශ්‍යතා ඇති කාන්තාවන් සමඟ අවබෝධතා ගිවිසුමක් (WIN) ඇති කරගත් අතර, ප්‍රචණ්ඩත්වයට මුහුණ දී සිටින කාන්තාවන්ට ආරක්ෂිත නිවාස ලබා දීම සඳහා යාපනයේ සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් විසින් කටයුතු කර ඇත.

කාන්තාවන් අසාධාරණයන්ට ලක්වීම මැඩපැවැත්වීමට සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සෘජු උපකාරක සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් MWCA විසින් 2016 මාර්තු මාසයේදී පිහිටුවන ලද 1938 යන උපකාරක දුරකථන අංකය නිර්මාණය කිරීම මෙහි ගත් ප්‍රධාන පියවරක් ලෙස සඳහන් කළ හැක. පාසල් පෙළපොත් ලේඛකයින් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන් පැවැත්වීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර,අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී අන්තර්ගතයන් ඒකාබද්ධ කිරීම සඳහා පාසල් පෙළපොත් සමාලෝචනය කිරීමටද පියවර ගෙන ඇත. කාන්තා ජාතික කමිටුව කාන්තා සිරකරුවන්ගේ සුභසාධනය උදෙසා බන්ධනාගාර කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා ආරම්භ කළේ රැඳවියන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා පියවරක් ලෙසය.

ඉහත දෑ කාන්තා කටයුතු සඳහා වෙනම කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාවය මැනීමේ නිදසුන් කිහිපයක් පමණි.

 

  • පිරිමි නායකත්වයන්ට සාපේක්ෂව කාන්තාවන්ගේ නියෝජනය අවම වීම

 

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා බොහෝ දුරක් යා යුතු රටක, කාන්තාවන්ට ඔවුන්ගේ යහපැවැත්මට විසඳුම් ලබා ගැනීම සඳහා නියෝජනය කිරීම අත්‍යවශ්‍යයි. කාන්තා නියෝජනය පිළිබඳ අධ්‍යයන කිහිපයකින් පෙනී යන්නේ කාන්තා මන්ත්‍රීවරුන්, කාන්තාවන්ගේ ගැටළු වඩාත් ප්‍රබල හා විශ්වාසදායක ලෙස නියෝජනය කරන බවයි. ව්‍යවස්ථාදායකය තුළ ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා කාන්තා නියෝජිකාවන් ඔවුන්ගේ සමාජ අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂිත අත්දැකීම් බෙදා හදාගැනීම මීට හේතුවයි. ‘කාන්තාවන් සහ ළමා සංවර්ධනය’ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස පිරිමි දේශපාලඥයෙකු පත් කිරීම නිසැකවම පුදුම දනවන කරුණක් වන අතර මේ සඳහා දැඩි මහජන අවධානයක් යොමු වී ඇත. ශ්‍රී ලංකාව තුළ දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියන්හි අඩු කාන්තා නියෝජන රටාවක් නිරන්තරයෙන් පවතී. වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දොළහකට සීමා විය.

රජයේ හා පොදු කටයුතුවල ඉහළ තනතුරු සදහා කාන්තා නායකත්වයේ අවශ්‍යතාවය පිළිබඳව පෙන්වාදෙමින් , ෆෝබ්ස් විසින් ලිපියකින් ලියා දක්වන්නේ “කාන්තාවන්ගේ නායකත්ව තනතුරු තුළ ඔවුන් විශිෂ්ටත්වයට පත්වූ පසු – බොහෝ විට පිරිමින් අභිබවා යන බවයි – ඊට හේතුව නම් ඔවුන් ඵලදායී නායකත්වයට අවශ්‍ය මෘදු කුසලතා සියල්ලෙන් පෝෂණය වී ඇති බැවිනි ” යනුවෙනි. සන්නිවේදනය, සවන්දීම සහ සංවේදනය වැනි කුසලතා පිරිමින්ට වඩා කාන්තාවන් විසින් ප්‍රදර්ශනය කරනු ලබන අතර, ක්‍රියාකාරිත්වයන් තුලදී සහයෝගීතාවය සහ අවධානය වැඩි ලෙස යොමු කිරීම කාන්තාවන්ගෙ ප්‍රධාන ශක්තීන් වේ. මාතෘ නිවාඩු, වැඩිහිටි රැකවරණය, නම්‍යශීලී වැඩකරන වේලාවන් මෙන්ම ළමාරක්ෂක සේවා සහ සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ නෛතික ප්‍රතිසංස්කරණ සඳහා කාන්තාවන් වඩාත් සංවේදී බව ඔප්පු වී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, පළාත් සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය අවම වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පවුල් ප්‍රතික්ෂේප කිරීම, මූල්‍යමය බාධක සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි කාන්තාවන්ගේ ක්‍රියාකාරී හා අර්ථවත් සහභාගීත්වයට පහසුකම් සපයන පිළිගැනීමේ වාතාවරණයක් නොමැතිකම මෙම බලාපොරොත්තු සුන් වූ යථාර්ථයට හේතු කිහිපයක් වේ.

දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ කාර්යයන් ඇතුළත් වන හා අගය කරන ප්‍රගතිශීලී නීති නිර්මාණය කිරීම මෙන්ම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රජයට පැවරේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ කාන්තා හා ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල දියුණුවක් ලබා ඇති මොහොතක, අප සැබවින්ම පසුගාමී නොවීමට වගබලා ගත යුතුයි.

Blackheads සහ Whiteheads ඉක්මනින් ඉවත්කර ගැනීමට ස්වාභාවික ක්‍රම මෙන්න..

පැහැදිලි හා ලස්සන සම යනු පුද්ගලයෙකුගේ සුන්දරත්වයේ ප්‍රධාන අංගයක්. නිරෝගී සහ පරිපූර්ණ සමක් ලබා ගත හැකි එක් ක්‍රමයක් නම් සෑම දිනකම එය රැකබලා ගැනීම කියලා අපි හැමෝම දන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්ට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි මුහුණේ ඇතිවෙන බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස්. අද අපි කතා කරමු ඔයාගේ නාසයේ සහ මුහුණේ ඇතිවෙන බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ස්වභාවිකව නිවසේදීම ඉවත්කරගන්නේ කොහොමද කියලා.

 

 

Vaseline + plastic wrap

Woman removes blackheads with vaseline and plastic wrap - Insider
ස්නානය කිරීමෙන් පසුව තමයි මෙම උපක්‍රමය භාවිතා කිරීමට හොඳම. මොකද ජලයේ තාපය ඔයාගේ සමේ තිබෙන සිදුරු විවෘත කරනවා. මුලින්ම ප්‍රතිකාර කළ යුතු ප්‍රදේශයට වැස්ලින් යෙදීමෙන් ආරම්භ කරන්න. ඉන්පසුව lunchsheet එකක් අරගන වැස්ලින් යෙදූ ස්ථානය ආවරණය කරන්න . ආවරණය තිබෙද්දීම උණුසුම් තුවායක් සිසිල් වන තුරු ඒ මත තබන්න. ඉන්පසු ඔබේ මුහුණෙන් වැඩියෙන් තිබෙන වැස්ලින් ටිෂූ එකක් භාවිතා කරන්න. ඊළගට බ්ලැක් හෙඩ්ස් හෝ වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට සම මෘදු ලෙස මිරිකා ගන්න. අවසාන වශයෙන්, ලෝෂන් යෙදූ කොට්න් පෑඩ් එකක් මගින් සම පිරිසිදු කරගන්න.

මෙම ක්‍රියා පටිපාටිය මසකට වරක් හෝ දෙවරක් සිදු කරන්න.

 

 

Coconut oil + essential oils

A Guide on Essential Oils for Yacht Crew | Yachting Pages
භාජනයකට පොල්තෙල් 1/4 කෝප්පයක් දමා තරමක් මෘදු කරගන්න (මයික්‍රෝවේව්වේ තත්පර 10 සිට 15 දක්වා ). ඉන්පසු පොල්තෙල් එකට ලෙමන්, ලැවෙන්ඩර් සහ tea tree oils බින්දු 10 ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. cotton ball එකක් භාවිතා කර උදේ සවස මුහුණ සේදීමෙන් පසු මුහුණට මෙම මිශ්‍රණය භාවිතා කරන්න.

ඔබ සාදාගත් මිශ්‍රණය කාමර උෂ්ණත්වය තුළ මුද්‍රා කළ භාජනයක අසුරා තබන්න.

 

 

Cinnamon + oat flour

Cinnamon Flax Oat Flour Waffles - Hungry Hobby

ඕට් පිටි තේ හැන්දක් කුරුඳු කුඩු සමග එකම ප්‍රමාණයෙන් මිශ්‍රකරගන්න. ටිකක් උණුසුම් ජලය එකතු කර හොඳින් කලවම් කරගන්න. මතක තබාගන්න මේ මිශ්‍රණය ඝණකම් විය යුතුයි. ඉන්පසු මෙම මිශ්‍රණය ඔබේ ඇඟිලි තුඩු වලින් ඔබේ මුහුණේ රවුම් චලිතයකින් මෘදු ලෙස ආලේප කරන්න. මිනිත්තු 1 ක් පමණ සම්භාහනය කිරීමෙන් පසුව සීතල වතුරෙන් ඔබේ මුහුණ හොඳින් සෝදන්න. කුරුඳු සම මත ආලේප කරන විට හිරි වැටීමක් ඇති විය හැකි නමුත් මුහුණ සේදීමෙන් පසු එය අතුරුදහන් වේ.

මෙම උපක්‍රමය මසකට දෙවරකට වඩා භාවිතා සිදු කරන්න එපා.

 

 

Activated charcoal + green clay

How to Make Homemade Charcoal Face Masks for Blackheads - Glamorhack

Activated charcoal කුඩු තේ හැන්දක 1/2 ක්, green clay තේ හැන්දක 1 ක් සහ උණුසුම් ජලය තේ හැන්දක 1/2 ක් එකට මිශ්‍ර කරන්න. මිශ්‍රණයේ කැටි නොසිටින සේ හොඳින් මිශ්‍රකරගන්න. ස්පොන්ජියක් හෝ බුරුසුවකින් ඔබේ මුහුණට මේ සදාගත් මිශ්‍රණය යොදන්න. මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් තබා සීතල වතුරෙන් හොඳින් සෝදන්න.

 

 

Coconut oil + coffee grounds

How to make a DIY coffee hair mask – Death Wish Coffee Company

නැවුම් කෝපි කුඩු කෝප්පයක් 1/2 සමඟ පොල්තෙල් කෝප්පයක් 1/2 මිශ්‍රකරගන්න (ටිකක් රත්වෙන්න මයික්‍රෝවේව් උදුනට දමන්න) . මිශුණය සදාගත් ගමන්නම එයින් ඔබේ මුහුණ මෘදු ලෙස සම්බාහනය කරන්න. සම්භාහනය කිරීමෙන් පසු මිශ්‍රණය ඔබේ මුහුණේ මිනිත්තු 5 ක් තබන්න, ඉන්පසු සීතල වතුර භාවිතා කර එය හොඳින් සෝදා හරින්න. මේ ක්‍රියාපටිපාටිය සතියකට වරක් නැවත නැවත කරන්න.

මිශ්‍රණය සාදාගත් වහාම භාවිතා කරන්න හොඳින් මතක තබාගන්න.

 

 

Oatmeal + honey + yogurt + olive oil

Use of Oatmeal + honey + yogurt + olive oil to remove blackheads - femina.i360.pk

Oatmeal කෝප්ප 1/4 ක්, යෝගට් තේ හැඳි 2 ක්, මී පැණි තේ හැඳි 2 ක් සහ ඔලිව් තෙල් තේ හැඳි 2 ක් ආහාර සකසනයක තබා හොඳින් මිශ්‍ර වන තුරු මිශ්‍ර කරන්න. ඔබේ පිරිසිදු මුහුණට මිශ්‍රණය යොදන්න, හොඳින් මිනිත්තු 1-2 ක් රවුම් ආකාරයෙන් සම්භාහනය කරගන්න. ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඔබට තිබෙන්නේ සම්භාහනය කිරීම මගින් ඉදිමෙන හෝ තුවාල වෙන අතිශයින් සංවේදී සමක් නමි , මුහුණු ආවරණයක් ලෙස මිශ්‍රණය භාවිතා කර විනාඩි 5-7 ක් පමණ ඔබේ සම මත තබන්න.

මෙම උපක්‍රමය සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න.

 

 

Sugar + honey + olive oil + vanilla extract

Use of Sugar + honey + olive oil + vanilla extract to remove blackheads - femina.i360.pk

භාජනයකට දුඹුරු සීනි කෝප්පයක් 1/4 සමඟ සුදු සීනි කෝප්පයක් 1/4 මිශ්‍ර කරන්න. එයට ඔලිව් තෙල් කෝප්ප 1/4 ක් එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු මී පැණි තේ හැඳි 1 ක් සහ වැනිලා සාරය 1/2 තේ හැන්දක මිශ්‍ර කරන්න. සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍රකරගන්න. මෙම මිශ්‍රණය භාවිතා කර බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඇති ස්ථානය හොඳින් සම්භාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මෙම සතියකට වරක් භාවිතා කරන්න.

පෙර පාසල් ගුරුවරුන්ගෙන් දෙමාපියන් ඇසිය යුතුම ප්‍රශ්න 5ක්..

පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ අනිවාර්යයෙන්ම විවිධ ඉගෙනුම් අත්දැකීම් වලට පදනමක් කිවුවොත් හරි. හැබැයි මේ පෙර පාසල් අධ්‍යාපන කාලය හරිම සරලයි කියන ආකල්පය ඔළුවට ගත්තොත් නම් ඒක ළමයින්ගේ මූලික සංවර්ධන ක්ෂේත්‍ර මූලිකවම තර්ජනයක් වෙන්න පුළුවන්. ඒකට වගකියන්න ඕනෙත් ගුරුවරුන් සහ දෙමාපියන් තමයි.ඔයා ඔයාගේ දරුවාගේ පාසල් ජීවිතයේ හැම අංශයක්ම පාලනය කරන්න උත්සාහ කරන්නේ නැතුව දරුවාගේ පෙර පාසල් පරිසරයේ තියෙන මේ සංවර්ධන අංශ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණාවක්.

ඉතින් ඒ දැනුවත්භාවය සැලකිල්ලට අරගෙන,ඔයාගේ දරුවාගේ පෙර පාසල් ගුරුවාරය හම්බවෙද්දී එයාලගෙන් අහලා බලන්න ඕනේ සැලකිය යුතුම ප්‍රශ්න කිහිපයක් මෙන්න.

 

 

පෙර පාසලේදී එයාගේ මිත්‍රත්වය මොන වගේද?

Helping Your Child Make Daycare Friends | KLA Schools of Brickell

 

ඔයාගේ දරුවාගේ යාලුවෝ වගේම එයා මග හරින,යාළුකම් ඇතිකරගන්නේ නැති අය කවුද?,එයාලා එකට එකතු වෙලා කරන්නේ මොනවද?,එයා ප්‍රශ්න විසදාගන්නේ කොහොමද?,එයාල එකට සෙල්ලම් කරන්නේ කොහොමද?, වගේ දේවල් ගැන අවධානයක් යොමු කරන එක වැදගත්.දරුවාගේ සමාජ සංවර්ධනය තේරුම් ගන්න මේ වගේ නිරීක්ෂණ ඔයාට වැදගත් වෙනවා.හැබැයි මේ වගේ දේවල් ගැන අහලා ඔයා උත්සාහ කරන්නේ ඔයාගේ දරුවාගේ දියුණුව තේරුම් ගන්න මිසක් ඒක පාලනය කරන එක නම් නෙවෙයි.

එයාගේ සම වයසේ මිතුරන් එක්ක තියෙන සම්බන්ධතාවය දැක්කම ඔයාට දරුවාගේ සන්නිවේදන කුසලතා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

 

 

දරුවට කොච්චර කාලයක් අවධානය යොමු කරන්න පුළුවන්ද?

Adapting Morning Meeting: Speech and Anxiety Needs |

වයසත් එක්ක අවධානයත් වැඩි වෙනවා.කොහොම වුණත් අවධානය වෙනතකට යොමු වෙන්න නොදී කොච්චර වෙලාවක් ඔයාගේ දරුවාට මොකක්හරි වැඩක යෙදෙන්න පුළුවන්ද කියලා දැනගන්න එකනම් වැදගත් කාරණාවක්. එහෙම කළොත් පන්ති කාමරය තුළ දරුවාගේ උනන්දුව දක්වන ප්‍රදේශ ගැන දැනගන්න ඔයාට පුළුවන්.

ඔයාගේ දරුවාට එයාගේ වයසට අවශ්‍ය තරමේ අවධානය නැතිව ඒ ගැන පොරබදමින් ඉන්න බවක් තේරෙනවා නම් ඒ ගැන හේතු හොයල බලන එක අත්‍යවශ්‍ය දෙයක්. ගොඩක් වෙලාවට අක්‍රමවත් නින්ද , TV බලන කාලය දීර්ඝ වීම සහ සෞඛ්‍ය සම්පන්න නැති ආහාර පුරුදු පාසලේ වැඩක් අතරතුර ඔයාගේ දරුවාගේ අවධානය අඩුවෙන්න හේතු වෙනවා. ඉඳහිට මේවා ඉගෙනගන්න තියෙන දුෂ්කරතාවයේ සංඥා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක සුදුසු මැදිහත් වීමක් කරන එක අනිවාර්යයි.

 

 

දරුවා උපදෙස් වලට ප්‍රතිචාර දක්වනවාද?

Morning Meeting / Morning Meeting

පන්ති කාමර ක්‍රියාකාරකම් ගැන උපදෙස් වලට හොඳින් ප්‍රතිචාර දක්වන එක පෙර පාසල් ළමුන්ගේ තීරණාත්මක වර්ධනයක්. පන්ති කාමරයේ වැඩ සාර්ථකව කරන්න ඒක උදවු වෙනවා. පැහැදිලි, කෙටි නිශ්චිත උපදෙස් වලට ක්ෂණිකව වැඩ කිරීමේ හැකියාව මේ වයසේ ළමයින්ට තියෙනවා. ඉතින් ඒ වගේ උපදෙස් වලට ඔයාගේ දරුවා දක්වන ප්‍රතිචාරය ගැන ගුරුවරයාගෙන් ප්‍රශ්න ඇහුවොතින් එයාගේ භාෂා කුසලතා, කෙටිකාලීන මතකය සහ ස්වාධීනත්වයේ මට්ටම තේරුම් ගන්න ඔයාට පුළුවන් වෙනවා.

 

 

වැඩ කිරීමේ විශේෂ හැකියාවන් තියෙනවද ?

Bullying at preschool: helping your child | Raising Children Network

හැම දරුවෙකුටම තමන්ගේම වැඩ කරගන්න එයාලට ආවේණික ශෛලියක් තියෙනවා. ඉතින් තමාට ගැළපෙන ඉගෙනුම් ශෛලිය සොයා ගන්න දරුවෙකුට ඉඩ දීම ඇත්තටම වටිනවා. සමහර ළමයින් බිම ඉන්නකොට ගොඩක් හොඳින් වැඩ කරනවා වගේම අනෙක් අයට මේසයක ඉදන් වැඩ කරන එක වඩාත් සුවපහසු වෙනවා. එයාගේ වැඩ පුරුදු ගැන සමීප නිරීක්ෂණක් කිරීම,වැඩ කරන තැන තෝරා ගැනීමෙන්, බඩු තියෙන විදිහෙන්, භාණ්ඩ භාවිතා කරන විදිහෙන් සහ වැඩ අවකාශය පිරිසිදු කරන විදිහෙන් ඔයාගේ දරුවාගේ ස්වාධීන ඉගෙනීම ගැන ගොඩක් දේ ඔයාට කියන්න පුළුවන් වෙනවා.

 

 

අධ්‍යාපනය

Abington Friends Lower School News and Notes: Kid Writing in Kindergarten

ඔයාගේ පෙර පාසල් දරුවා ගැන ඔයා සැලකිලිමත් වෙන පළවෙනි ක්ෂේත්‍රය ABC සහ අංක වෙන්න පුළුවන්. සෑම පාසලක් මේ සංකල්ප උගන්වන්න විවිධාකාර ප්‍රවේශ පාවිච්චි කරනවා. දෙමව්පියන් විදිහට මේ ශිල්පීය ක්‍රම ගැන දැනුවත්ව ඉන්න එක වැදගත් වගේම ගෙදරදීම මේ දේවල් වැඩි දියුණු කරගන්න එකත් වැදගත්. හැබැයි ගෙදරදී මේ දේවල් කරද්දී, දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලිය ව්‍යාකූල නොකරන්න මේවා පාසලේදී අනුගමනය කරන ක්‍රමයට අනුකූලව සිදු කරන එක ඉතාම වැදගත්.

 

 

ඊළඟ වතාවේ ඔයා දෙමාපිය රැස්වීමකට පාසලට යද්දී සටහන් පොතක් සහ පෑනක් අරගෙන යන්න! සටහන් කරන්න භය වෙන්න එපා. ඔයාගේ දරුවා පෙරට වඩා ගැඹුරු විදිහට දැනගන්න අත්දැකීම් පාවිච්චි කරන්න! දරුවාගේ පෙර පාසල් අත්දැකීම් වලට ක්‍රියාකාරීව සහභාගී වුණොත් ඔයාගේ දරුවා ගැන ඔයාට කොපමණ ඉගෙන ගන්න පුළුවන් වේවිද කියන එක ගැන ඔයා ඇත්තටම පුදුමවෙයි.

ගෙදර නිතර ඇතිවෙන දුර්ගන්ධයන් නිසා අපහසුතාවයට පත්වෙලාද..?

ලෝකේ මොන සැප තිබුණත් තමන්ගේ ගෙදර තියන සැප පහසුව නිදහස වෙන කොහෙන්වත් අපිට ගන්න බැහැ. කොහෙ ගියත් අපි කොයි වෙලේද ගෙදර දුවන් එන්නේ කියලා බලාගන ඉන්නේ. හැබැයි ඉතින් තමන් ඉන්න ගෙදර පිරිසිදු නැත්තම් ගෙදර ඉන්න එපාම වෙනවා. ඒ වගේම ඉතින් සමහර වෙලාවට අපි ගෙදර දූවිලි පිහදාලා අස්පස් කළාට අමුතු ගදවල් ගෙදර ඇතුළෙන් එන්න පුළුවන්. අපි ගෙදර සුද්ද කළා කියලා ඒ ගඳවල් නැතිවෙන්නේ නැහැ. සමහර අප්‍රසන්න ගන්ධයන් ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ අපි නිදාගන් මෙට්ටවල පවා දුර්ගන්ධ ඇතිවෙනවා. අද අපි කොහොමද ලේසියෙන්ම ගෙදරම තියන දේවල් වලින් වියදමක් නැතුවම ගෙදර ඇතුළින් එන දුර්ගයන් නැති කරන්නේ කියලා බලමු..

 

 

1. ඔබේ මුළුතැන්ගෙය පුරා ප්‍රසන්න සුවඳක් ඇති කරන්න දොඩම් ලෙලි භාවිතා කරන්න..

What To Do With Old Oranges: 16 Great Household Hacks For Oranges

පැඟිරි සුවඳ කියන්නේ අපිට ආතතිය ඇතිවෙන එක අවම කරනවා. ඒ වගේම පැඟිරි කියන්නේ වායු පවිත්‍රකාරකයක්. ඔයාට තියෙන්නේ දොඩම් ලෙලි කීපයක් අරගන ඒ ටික හොඳින් වේලලා ගන්න එක විතරයි. වේලාගත්ත දොඩම් ලෙල්ලක් අරගන ගින්දරෙන් එක පුළුස්සා ගන්න. ක්ෂණිකව ඔයාගේ නිවස, මුළුතැන්ගෙය දිගු කාලයක් පවතින ප්‍රසන්න සුවඳකින් පුරවාගන්න ඔයාට පුළුවන්.

 

 

2. බේකිං සෝඩා භාවිතයෙන් ඔබේ ශීතකරණයේ ඇති දුර්ගන්ධයන් ඉවත් කරන්න..

Is baking powder the same as baking soda and bicarbonate of soda? Plus when  to use the ingredients

ගෙදර තිබෙන ශිතකරණය කියනනේ ප්‍රධාන වශයෙන් දුර්ගන්ධය ඇතිවෙන තැනක්. අපි එක එක කෑම ජාතී ශීතකරණයේ දාලා තියනකොට ටික දවසකින් දුර්ගන්ධයක් ඇතිවෙනවා. මේ වෙලාවට කරන්න තියන හොඳම දේ තමයි බේකින් සෝඩා පැකට්ටුවක් විවෘත කරලා ශිතකරණයේ තියන්න. මේක අවුරුද්දකට සැරයක් මාරු කරහම හොඳටම ඇති. බේකිං සෝඩා වලින් දුර්ගන්ධය අවශෝෂණය කර උදාසීන කරනවා. මේ නිසා ශීතකරනයේ අනවශ්‍ය දුර්ගන්ධයන් ඇති වෙන්නේ නැහැ.

 

 

3. මයික්‍රෝවේව් උදුනේ ඇති දුර්ගන්ධයට එරෙහිව සටන් කරන්න ලෙමන් භාවිතා කරන්න..

12 Expected Things You Can Do with Lemons - The Most Powerful Fruit | Fresh  Groceries Delivery | Redtick

පිරිසිදු කිරීමට ලෙමන් ගන්න එක අපි හැම කෙනෙක්ම දන්න දෙයක් සබන් වලටත් ලෙමන් දාලා හදලා කියලා අපි ඇති තරම් වෙළදපොළේ දකිනවානේ නේද. ඔබේ මයික්‍රෝවේව් උදුනෙන් දුර්ගන්ධය ඉවත් කිරීම සඳහා වතුර කෝප්ප භාගයක් අරගන ලෙමන් හෝ දෙහි ගෙඩියෙන් බාගයක යුෂ මිරිකා ගන්න . ඉන් පසුව මිනිත්තු 5 ක් පමණ මයික්‍රෝවේව් තබන්න .මයික්‍රෝවේව් එක විනාඩි 5න් නැවතුනාට පසුව දොර විවෘත කරන්නේ නැතිව මිනිත්තු කිහිපයක් එහෙන්මම තිබෙන්න අරින්න. ඉන්පසුව දොර විවෘත කර වතුර භාජනය ඉවත්කර මයික්‍රෝවේව් උදුන හොඳින් පිසදා ගන්න.

 

 

4. පැඟිරි පලතුරු සමඟ ඔබේ කසළ බැහැර කරන්න..

5 tips to keep your trash smelling fresh - Helpling Blog
කුස්සියේ තියන කුණු කූඩේ දවල් වෙනකොට ගඳ ගහන්න ගන්නවා නේද? මේකට කරන්න තියන හොඳම දේ තමයි දෙහි ගෙඩියක් එමෙහත් නැත්තම් පැඟිරි තිබෙන පළතුරක් කුණු කූඩෙට කපලා දාන එක. අඩුමතරමේ ලෙලි ටික හරි දාලා තියන්න. එතකොට ඔයාට පුළුවන් හවස කුණු අස්කරන වෙලාව වෙනකන් දුර්ගන්ධයක් නැතිව කුණු කූඩේ තියාගන්න පුළුවන්.

 

 

5. දුර්ගන්ධ කාපට් සඳහා විනාකිරි විසඳුම..

How To Remove Carpet Stains with a White Vinegar Solution - YouTube

ඔබට සුරතල් සතුන් සිටනවා වෙන්න පුළුවන්. එයාලා ගොඩක් වෙලාවට කපට් එකේ තමයි නිදාගන්නේ. සුරතල් සතුන් නිසාම ගොඩක් වෙලාවට මේ කාපට් වලින් දුර්ගන්ධයක් ඇතිවෙනවා. මේකට කරන්න තියෙන්නේ ස්ප්‍රේ බෝතලයකට මිලි ලීටර් 150 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විනාකිරි තේ හැදි 1ක් සහ බේකිං සෝඩා තේ හැදි 1 මිශ්‍ර කරන්න. මේ මිශුණය දුරුගන්ධය එන කාපට් වලට ඉසින්න. එය වේලුනාට පසුව ඔයාට පෙනෙයි කුඩු කුඩු වගේ කාපට් එකේ තිබෙනවා. ඔයාට කරන්න තියෙන්නේ වැකුම් ක්ලීනර් එකින් එය ඉවත් කරගන්න එක විතරයි.

ඔයත් නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද..? එහෙනම් මේ ලිපිය කියවන්න- Part 2

ආතතිය නැතිනම් stress කියන වචනේ නිතර නිතර අපට ඇහෙන තරමට මේ තත්වය අපේ සමාජය තුළ පැතිරිලා තියෙනවා. නිවසේදී, පවුල තුළදී වගේම රැකියා ස්ථානයේදී ඔබ මේ විදිහට ආතතියට පත්වීම සිදුවෙන්න පුළුවන්. ආතතිය හෙතුවෙන් ඔබට සිදුවන හානිය මොකක්ද කියන එක ගැන අපි මිට පෙර ඔබව දැනුවත් කළා. මේ ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන තොරතුරු ටිකක් තමයි දෙවැනි පියවරෙන් අපි ඔබට කියන්නෙ. විශේෂයෙන් රැකියා ස්ථානයේ ඇතිවන ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන මේ ලිපියෙන් ඔබට අදහසක් ලබාගන්න හැකිවේවි.

4 Tips to Help you Deal with Stress at Work | Man Without Country

රැකියා ස්ථානයේදී ඔබට ඇතිවන මානසික පීඩනය සහ ආතතිය හේතුවෙන් ඔබ ශාරීරිකව මෙන්ම මානසිකවත් රෝගී තත්වයට පත්වෙන්න පුළුවන්. මේ සෞඛ්‍ය ගැටළු සාමාන් හිසරදයක සිට හෘදයාබාධයක් දක්වාත් වර්ධනය විය හැකියි කිවුවොත් ඔබ තරමක් පුදුම වේවි. නමුත් කතාව අත්තක්. දිගින් දිගටම ඔබ මේ විදිහට Job stress එක දරාගෙන හිටියොත් ඔබ රෝගී තත්වයට පත්වෙන්න පුළුවන්. නමුත් අනික් අතට ඔබ රැකියා ස්ථානයේ වැඩ කරන්නේ කණ්ඩායමක් එක්කයි. නිසා ඔබට විවිධ වර්ගයේ පුද්ගලයින් සමග විවිධ මට්ටමේ සිතුම් පැතුම් හැසිරීම් සහිත අයත් එක්ක වැඩ කරන්න සිදුවනවා. නිසා ඔබට ආතතිය ඇතිවීම වලක්වා ගැනීමට පුරවා සූදානමක් ඇතිකර ගැනීම සහ ආතති කළමනාකරණය කරගැනීම පමණයි කළ  හැක්කේ. කොහොමද මේ කටයුත්ත කරන්නේ..? මේ තොරතුරු ඔබට අනිවාර්යෙන්ම ප්රයෝජනවත් වේවි.

දවස පටන් ගද්දිම ඔබ ආතතියට පත්වෙනවා නම්, ඔබට රැකියා ස්ථානයට යන්න වෙන්නෙම පීඩනයකින්. එතැනදී කොහොමත් ඔබට job එක stressful වෙන්න තියන ඉඩ වැඩියි. උදේ දවස ආරම්භ කරද්දි ඔබට දරුවන්ගේ පාසල් වැඩකටයුතු වලට සූදානම් කරන්න, කෑම හදන්න වගේ බොහොමයක් වැඩකටයුතු තියෙනවා වෙන්න පුළුවන්. වැඩටික අවසන් කරල Office යන්න මගට ආවට පස්සේ පාරේදී වාහන තදබදය වගේ නොයෙකුත් දේවල් නිසාත් ඔබ තවත් පීඩාවට පත්වෙන්න පුළුවන්. මේ සියල්ල එක්ක ඔබ Office එකට යන්නෙම ආතතියට පත්වෙලා නම් කොහොමත් ඔබ වැඩ පටන් ගන්නෙම මානසික ආතතියෙන් යුතුවයි. මේ ගැටලුවට මොකක්ද විසඳුම..? ඔබට කළ හැකි වඩාත්ම ඵලදායී දේ තමයි කලින් දවසේ රාත්රියේ පසුවදා වැඩකටයුතු සැලසුම් කරන්න. ඒක කොහොමද කරන්නේ කියන එකට නිශ්චිත ක්රමයක් නැහැ. ඔබ ඔබටම ආවේණික ක්රමයක් හදාගෙන පහුවදා උදේ ආතතියට පත්නොවී දවස පටන් ගන්න අවශ් විදිහට නින්දට පෙර සැළසුම් කරන්න. වගේම පෝෂ්යදායී කෑම වේලක් උදේට ගැනීමත් අත්යවශ්යයි. මේ විදිහට දවස පටන් ගත්තොත් ඔබට යම් ප්රබෝධමත් බවකින් යුතුව කාර්යාලයට යන්න හැකියාව ලැබේවි.

The top 10 benefits of eating healthy

ඊළඟ වැදගත් දේ තමයි ඔබ වැඩ පටන් ගත්තාට පසුව දවසේ කළ යුතු අත්යවශ් වැඩ සැලසුමක් සකස් කරගන්න. අත්යවශ් දේවල් ප්රමුඛතා ලයිස්තුවේ මුලින්ම එන විදිහට මේ සැළසුම සකස් කරගෙන අනුව කටයුතු කරන්න. එහෙම වුනොත් වැඩ මගහැරීම, ප්රමාද වීම වගේ කාරණා නිසා ඔබ ආතතියට පත්වෙන එකක් නැහැ. ප්රධානීන් සමග අනවශ් වාද වලට පැටලීමෙන් වලකින්නත් ඔබට පුළුවන් වේවි. නිසා නිශ්චිතවම අත්යවශ් වැඩ මොනවද කියන එක තීරණය කිරීමත් සැලසුම් කිරීමත් සිදුකරන්න.

හැකි තරම් ගැටුම් වලින් ඈත්ව ඉන්න උත්සාහ කරන්න. කොහොමද කරන්නේ කියල ඔබට ප්රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඔබට ආයතනය තුළදී විවිධ පුද්ගලයින් එක්ක ගනුදෙනු කරන්න සිදුවනවා. කියන්නේ විවිධ මත ගැටුම් ඇතිවීම සාමාන් දෙයක්. නමුත් මේ ගැටුම් අවම කරගන්න හැකි සෑම විටකම උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඕපාදුප වලින් ඈත් වීම වැදගත්. එකිනෙකා ගැන කතාවන ඕපාදුප කියන්නෙම ගැටුමකට ආරම්භයක් විය හැකියි. නිසා ඕපාදුප වලින් ඈත් වෙනවා වගේම ඔබේ පෞද්ගලික කාරණා, ගැටළු අනික් අය සමග සාකච්ඡ කිරීමත් සීමා කරගන්න. විශේෂම දෙයක් තමයි දේශපාලනය හෝ ආගම පිළිබඳව ඔබේ පෞද්ගලික මතය ඔබේ රැකියා ස්ථානයේ අය සමග සාකච්චා කිරීමට නොයෑම. අනවශ් ගැටළු වගේම ඔබ ගැන පූර්ව චිත්රයක් මැවෙන්නත් මේක හේතුවක් වනවාමයි. නිසා මේ කරුණු වලින් වලකින්න හැකි තරම් උත්සාහ කරන්න. වගේම අනිකා සමග සහයෝගයෙන් වැඩකිරීමට නොහැකි පුද්ගලයින් සමග වැඩකිරීම හැකිතාක් අවම කරන්න. එයිනුත් ඔබට ආතතියට පත්නොවී ඉන්න හැකිවේවි.

සැළසුම් සහගත වන්න. මේක අත්යවශ් දෙයක්. සාමාන්යෙන් පුද්ගලයින් ක්රමවත්ව වැඩ සැළසුම් කරනවා වගේම එහෙම නොකරන අයත් ඉන්නවා. ඒක එකිනෙකාගේ චරිත ස්වභාවය විය හැකියි. කෙසේ වෙතත් ඔබ ඔබේ වැඩකටයුතු නිසිලෙස සැළසුම් කිරීමට පුරුදු වන්න. ඔබේ මේසය, වටපිටාව, ලිපි ලේඛන වගේම වැඩ සැළසුමකට තබාගන්න හුරුවන්න. අනවශ් හදිසිය, පීඩනය, අවශ් දේ සොයාගැනීමට කාලය වැයකිරීම වැනි ගැටළු රැසක් මගහරවා ගන්න ඔබට හැකියාව ලැබේවි. වගේම අනවශ් පරිදි වෙලාව ගතකරමින් ප්රමාද වනතුරු කාර්යාලයේ වැඩකටයුතු කරන්න අවශ් වෙන එකකුත් නැහැ. නිසි පරිදි සියල්ල සැලසුම් කිරීමටත් හුරුවන්න.

How to organize your home office - Curbed Boston

ඔබේ වටපිටාව සුවපහසු කරගන්න උත්සාහ කරන්න. උදාහරණයක් වශයෙන් ඔබට හිඳගැනීමට තිබෙන පුටුව ඔබට සුවපහසු නැතිනම් ඔබ අනිවාර්යෙන්ම ආතතියට පත්වනවා. වගේම කාර්යාලය ඇතුළත ශබ්ද, අනික් සේවකයින්ගේ උස හඬින් කෙරෙන කතාබහ සහ කෑගැසීම් වගේ දේවල් නිසාත් ඔබට බාධා පැමිණවීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. මේ සියල්ල ඔබේ පාලනය යටතේ නොමැති වෙන්නත් පුළුවන්. නමුත් හැකි සෑම විටකම හැකිතාක් සුවපහසුව වැඩකටයුතු කිරීමට අවශ් පරිසරය සකස් කරගන්න. සමහරවිට මේ වෙනුවෙන් ඔබට තරමක් උපක්රමශීලි වන්නට සිදුවේවි. මොන ක්රමයකින් හෝ ඔබේ වටපිටාව ඔබට සුවපහසු වන යුරින් සකස් කරගත්තොත් ඔබට ආතතියකින් තොරව රැකියාව කරන්න අවස්ථාව ලැබේවි.

බහුකාර්ය සාධනය කියන්නෙ වඩා කාර්යක්ෂම ක්රමයක් කියන මතය ඔබ අසා ඇති. නමුත් බහුකාර්ය කියන සංකල්පය දැන් තරමක් යල්පිනූ එකක්. උදාහරණයකට ඔබ කල්කියුලේටරයේ ගණන් එකතු කරමින් සිටින අතරතුර දුරකථන අමතුමකටත් පිළිතුරු දෙනවායි සිතන්න. ඔබට වැඩ දෙකම නිසි පරිදි කිරීමට නොහැකි වෙන්නත් ඉඩ තියෙනවා නේද..? විශේෂයෙන් කාන්තාවන් මේ බහුකාර්ය සංකල්පයට ජීව විද්යාත්මකව යම් නිපුණතාවක් දැක්වුවත් පිරිමි පාර්ශවය ඊට යම් දුර්වලතාවක් දක්වනවා. නිසා මේ බහුකාර්ය සංකල්පය එතරම්ම ප්රායෝගික නොවන බව වර්තමාන සොයා ගැනීම වී තිබෙනවා. නිසා අනවශ් ආතතියට පත්නොවී පියවරෙන් පියවර අදාළ වැඩකොටස ඉටුකිරීම වඩා සුදුසුම ක්රමය වනවා.

ඔබට ලැබෙන විවේකයේ විශේෂයෙන්ම දවල් කෑම විවේකය, තේ විවේකය වැනි වෙලාවල් වලදී ඔබේ වැඩ මාරු කරගැනීම අත්යවශ්යයි. එවැනි විවේක වෙලාවේත් වැඩ ගැන සිතීම සහ කතා කිරීමෙන් වැලකීම වෙලාවට කිසියම් සැහැල්ලු විනෝදාත්මක දෙයක් වෙනුවෙන් අවධානය යෙදවීම, මදක් ඇවිදීම, ඔබ සිටින ආසනයෙන් එලියට ගොස් පරිසරය තරමක් වෙනස් කිරීම වැනිදේ මගින් මේ වෙනස ඇතිකර ගත හැකියි. එයින් ඔබේ මනසට යම් සැහැල්ලුවක් දැනේවි. වගේම ඔබ කරන කටයුතු පළිබඳ නිවැරදිව පරික්ෂාව අතිශය වැදගත්. නැවත ඔබේ කටයුතු පිලිබඳ නිසි පරීක්ෂාවක් කිරීමෙන් ඔබට මගහැරුණු දේ සොයාගැනීමටත් වරදක් ඇත්නම් සකස් කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා. රැකියාවේ ස්වභාවය අනුව මේ තත්වය එකිනෙකට වෙනස් වියහැකි වුනත්, හැකිතාක් කටයුත්ත ඉටුකිරීමෙන් ඔබට අනවශ් ආතතියක් ඇතිවීමේ අවස්ථා මගහැරෙනු ඇති.

දැන් ඔබේ දවස නිමාකොට නිවසට යන වෙලාව යැයි සිතමු. සමහර විට නිවසට ගිය සැනින් ඔබට නිවසේ කටයුතු වෙනුවෙන් නැවත අවධානය යොමු කිරීමට සිදුවේවි. නිසා ඔබ කළ යුතු හොඳම දේ නම් ඔබ රිය පදවන අතරතුර නැතිනම් බසයෙන්, දුම්රියෙන් ගමන් කරන අතරතුර ඔබ වඩාත් ප්රියකරන සංගීතයකට සවන් දෙන්න. ඔබේ මනසට විවේකයක් ලැබෙනවා වගේම නැවත අලුත් ජවයක් හිතටත් ශරීරයටත් දැනේවි. දවස නිමා කරන්නත් එය හොඳ උත්තේජනයක් සපයාවි.

6 Ways to Play Spotify Music in the Car | NoteBurner

මෙතෙක් ඔබ ආතතියට පත්වෙලා සිටියා නම්, රැකියාවේ ආතතිය පාලනය කරගැනීමට ක්රමයක් සෙව්වා නම් මේ පියවර කිහිපය අනුගමනය කරන්නැයි අපි ඔබට යෝජනා කරනවා. වෙනස අත්විඳින්න. ප්රබෝධයෙන් සහ තෘප්තියෙන් රැකියාව කරන්න.

අන්තර්ජාලය ඇසුරින්.

 

-එන්.වෙහෙරදූව-

90 දශකයේ දරුවන්ගේ හිත රැදුණු සොඳුරු මතකයන්…

හැම කෙනෙකුටම එයාලගේ ළමා කාලයේදී තිබුණු ටිකෙන් ටික ලොකු වෙද්දී මග හැරුණු දේවල් තියෙනවා. හැබැයි 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේ හිටපු අපිට නම් අතපසු වුණු දෙයක් නැති තරම්. ඒ ඉවර වුණු කාල සීමාව නම් ඇත්තටම යුගයක අවසානයක් වුණා. මොකද ඒ කාලයෙන් පස්සේ මේ වෙද්දී ඇත්තටම අපේ වටේ,සමාජයේ තියෙන ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. කොහොම නමුත් තරුණ වයසේ ඉන්න ඔයාට පොඩි කාලේ තිබුණ මේවා මතකද කියලා බලන්නකෝ.

 

 

Ice-පැකට්/බීම පැකට්

කවදාහරි අයිස් පැකට් බීලා ති‍යේද? අහ්… ඉස්කෝලේ ඇරිලා යාළුවොත් එක්ක ස්කුල් වෑන් එක එනකන් හරි ගෙදර කවුරුහරි එක්කන් යන්න එනකන් හරි දවල් 1.30 ට ගිනි රස්නේ ගේට්ටුව ළඟට වෙලා ඉන්නකොට බයිසිකලයේ පිටිපස්සේ අයිස් පෙට්ටියක් තියාගෙන එතනට එන අයිස් මාමාගෙන් රස සීතල පාට පාට අයිස් පැකට් රුපියල් 5 ක් දීලා අරගන්නවා 90 දශකයේ ඔයාට නම් අමතක වෙන්න විදිහක් නැහැ.

 

 

කාටුන් බලන ගමන් මාරි බිස්කට් කිරි එකේ පොගවා ගෙන කන එක

ඉතින් ඔයාගේ අයිස් පැකට් එක කාලා ඉවර කරලා ඉක්මනට ගෙදර දුවනවා ඔයාට මතක ඇති. ඉස්කෝලේ ඇදුම ගලවලා දාලා ඉක්මනට ඇඟ හෝදගෙන කෑම කාලා ඉවර වෙලා ඊළගට ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩත් ඉක්මනට ඉවර කරලා දාලා ලෑස්තිවෙන්නේ හවස් වරුවේ පෙන්වන කාටූන් පේළිය බලන්න. සූරප්පපා ඉදන් තණ්ඩර්කැට්ස් වෙනකන් ස්කුබි-ඩූ ඉදන් දඟයා, කුම්බිච්චි, සහ අපි රජ ඉබ්බෝ වෙනකන් සිංහලෙන් හඩ කවපු කාටුන් පේළියම අපි බලන්නේ කිරි තේ එකේ ගිල්වපු මාරි බිස්කට් පැකට් එකකටම වග කියන ගමන්.

 

 

The Shihan-Syndrome

පවුලේ හැමෝම එකතුවෙලා,සමහර වෙලාවට ඔයාගේ අසල්වැසියන් පවා එකතුවෙලා ටීවී එක ඉස්සරහට වෙලා ඒ කාලේ ජනප්‍රිය සංගීත රියැලිටි තරග බලනවා ඔයාට මතක නැත්නම් ඔයා ඇත්තටම ගොඩක් පොඩියි. ඔව්,ඒ දේ අදටත් සිද්ධ වෙනවා.එත් ඒ වගේ තරඟ ලංකාවේ මුලින්ම පටන් ගත්ත කාලය තමයි මේ. ජනප්‍රිය “ඇමරිකානු අයිඩල්” වගේ තරග වල අභාසය අරගෙන ඒවා මුලින්ම ආරම්භ වූණේ 2005 දී විතර. කාලයත් එක්ක ඒ තරඟ “The Voice” තරගයේ අභාසය ලබාගෙන තියෙනවා. ඔව්, මම කතා කරන්නේ කැරකෙන පුටු ගැන.හැමෝගෙම ආදරය දිනාගත් ෂිහාන් මිහිරංග ප්‍රසිද්ධ වුණ කාලේ. එතැන් ඉදන් අපි හැමෝගෙම ජීවිත එක හා සමාන වුණේ නැහැ. සරලවම කිවුවොත් ජෙල්-කොණ්ඩය සහ ඇහි බැම කැපීම අපි HOT කියලා සැලකුවා .ඒ වගේම එයාගේ කටහඩ හැම ප්‍රේක්ෂකයෙක්ම වසගයට ගත්තා.මතකද පැහැදිලිවම අපේ හදවත් වල ජයග්‍රාහකයා එයා වුණත් එයාව තරගයෙන් ඉවත් කළාම?!?! ඒ ඇතිවුණ දුක තාමත් හිතේ ඒ විදිහටම තියෙනව ද ?

 

 

Interact Clubs

Interact Clubs හරියටම අතීතයට අයත් දෙයක් නොවෙන්නේ ඇත්තටම ඒවාත් එක්ක තවමත් අපි බැඳී ඉන්න නිසා. ඔයත් සමාජ සේවය හිතේ තියාගෙන Interact Club එකකට හෝ වෙන මොනවහරි club එකකට බැඳුන නම්, ඔයා ඔයාටම බොරු කරගෙන තියෙනවා. මොකද ඕනෑම කෙනෙක් Interact Club එකකට සම්බන්ධ වෙන්නේ එක දෙයක් ගැන හිතලා. ඒ තමයි අන්යෝන්‍ය සම්බන්ධතා ඇති කරගන්න එක.විශේෂයෙන්ම single-gender පාසලක නම් විරුද්ධ ලිංගිකයන් සමග”අන්තර් ක්‍රියා කරන්න”

 

 

හඬ කවපු හින්දි චිත්‍රපට

 

ඉතින්, හවස් වරුවෙම කාටූන් පේළියක් බලලා විනෝද වෙලා පස්සේ,ඉර බැහැලා ගියාම එන්නේ කාන්තාවන්ගේ වේලාව.රාත්‍රී 8 ට වෙද්දී හැමෝගෙම රැ කෑම පිළියෙළ කරලා ඉවර කරන ඔයාගේ අම්මයි,අතත්තම්මයි,ඔයා වගේම ටීවී එක ඉස්සරහ වාඩිවෙලා ලෑස්තිවෙන්නේ එයාලගේ ඉන්දියානු කතා මාලාව බලන්න පටන්ගන්න. අදහන්න බැරි තරම් භයානක, අතිශය නාට්‍යමය හා අනවශ්‍ය-special effects දාලා තියෙන ඉන්දියානු ටෙලිඩ්‍රාමා නම් කවදාවත් ඉවරයක් තිබුණේ නැහැ. ළමයෙකු විදිහට ඔයාට එක බලන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය වුනේ සම්පුර්ණයෙන්ම අම්මගේ Mood එක මත කිවුවොත් හරි.

 

 

භාතිය සහ සන්තුෂ්

භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් කියලා කිවුවොත් නම් මේ කතා කරන්නේ කවුරු ගැනද කියලා හරියටම දැනගන්න ඔයාට විනාඩියක් හෝ දෙකක් ගතවෙනවා. එත් සරලව
භාතිය -සන්තුෂ් කිවුවොත් – නැත්නම් ගොඩක් සරලව “බීඑන්එස්” – කිවුවොත් නම් මං කතා කරන්නේ කවුරුන් ගැනද කියලා හරියටම ඔයාට තේරෙනවා. ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ වෙලා ඉන්න භාතිය සහ සන්තුෂ් යොවුන් වියේ ඔයාගේ ප්‍රියතම හඬ පටි වුණා කිවුවොත් හරි.මම අදහස් කළේ එයාලගේ කොකාකෝලා වෙළඳ දැන්වීමේ සිනා වෙනකල් ජිවිත් මල් හෝ බයිලා ගමුද රීමික්ස් කරාලා ගීත වලට ආදරය නොකළේ කවුද? එහෙමත් නැත්නම් උන්මාදීනි සහ රැස් විහිදෙන සමනාලියෙක් අහන්නේ නැතුව හිටියේ කවුද ? ඔයාගේ කාර් එකේ යද්දී හරි ගුවන්විදුලියෙන් හරි කිරි කොඩු හිතට සිංදුව ඇහෙනකොට ඒකත් එක්කම ගායන කරලා නැහැ කියනවනම් ඔයා කියන්නේ බොරුවක් .ඒකෙ දෙමළ පද රචනය නොදැන විකෘති කරලා කිවුවත් එයාලට තියෙන ආදරය නම් තාම අඩුවෙලා නැහැ නේද ?(මම හරිද)

 

 

’96 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම

1996 දී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ජය ගත් කණ්ඩායම ශ්‍රී ලංකාව. තරඟාවලියේදී දෙපාරක් ඉන්දියාව පරාජය කරපු ශ්‍රී ලංකාව පරාජ වෙන්නේ නැතුව ලෝක කුසලානය දිනා ගන්න සමත් වුණා. ඒ අවුරුද්දේ මාර්තු මස 17 වෙනිදා පකිස්තානයේ ලාහෝර් වල ගඩාෆි ක්‍රීඩාංගණයේදී අර්ජුන රණතුංග විසින් කුසලානය ඔසවන විට ජයග්‍රහණයේ ඝෝෂාව ශ්‍රී ලංකාවේ හැමතැනම ඇහුනා. රට පුරා ප්‍රීතියේ කඳුළු ගලා ගියා. ගිනිකෙළි සහ “රතිඤ්ඤා ” කන් බිහිරි වෙන තරමට ඇහුනා. තරඟාවලියේ සත්කාරක / සම-සත්කාරක ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් පළවෙනි අවස්ථාව තමයි ඒ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී තැනක් හිමිකරගත්තා.

 

 

ඉස්කෝලේ අමුතු දේවල්

ඉස්කෝලේ උදේ 8.00 ට ආරම්භ වෙලා සවස 2.00 ට අවසන් වුන අමුතු කාලේ මතකද? එතකොට උදේ 7.30 ඉදන් දවල් 1.30 වෙනකන් ? මේක වුණේ ගරු ජනාධිපතිතුමාගේ මාරුවීමත් එක්ක. ඒ කිවුවේ ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් එක්ක, 2005 දී. පැය භාගයක කාල පරතරය එච්චර ලොකු දෙයක් වගේ නොපෙනුනත් ඒකෙන් ජීවිත කාලය පුරාවටම ගොඩක් මිනිස්සු පුරුදු වෙලා නොසිටි දෙයක් පුරුදු වුණා.

 

 

Skinny ජීන්ස් සහ “අරුගම්බේ” රබර් Bracelets

90 දශකයටම අවේනික වුන විලාසිතාත් තිබුණා. Skinny ජීන්ස් යුගලයක්, “අරුගම්බේ” රබර් Bracelets කිහිපයක් වගේම රබර් සෙරෙප්පු ප්‍රසිද්ධ වුණු ඒ යුගයේ ආරුගම්බේ ගැන දැන සිටිය නම් ඔයත් අනිවාර්යයෙන්ම 90 දශකයේ කෙනෙක්.

සරලව කිවුවොත්,දැන් ගොඩක් සංකීර්ණ වෙලා තියෙන අපේ ජිවිතත් එක්ක ඒ කාලයේ අපිට තිබුණ සරල ජිවිත රටාව මග හැරීලා තියෙනවා. ඉතින් 90 දශකයේ හිටපු අපිටම ආවේණික වුන ගොඩක් දේවල් තියෙන නිසාම මේ ලැයිස්තුව දිගින් දිගටම කියන්න පුළුවන් වුණත් පුළුවන්. ඉතින් ඔයාටත් ඒ කාලයේ තිබුන දෙයක් මග හැරිලා තියෙනවා නම් පහල comment section එකේ අපිට ඒ ගැන කියන්න අමතක කරන්න එපා.

නිවාඩු වෙලාවට රසවත් ආහාර වේලක් ගන්න යන්න හොඳම තැන Kevans Casa..

Kevans Casa පිහිටලා තියෙන්නේ මහියංගණයේ.කෙටි වුණත් ප්‍රීතිමත් කාලයක් ඒ හෝටලයේ ගෙවන්න අපේ කණ්ඩායම උණුසුම්ව පිළිගන්න නම් එයාලා අමතක කලේ නැහැ.අපි නැවතිලා හිටපු කාලයේ,එයාලටම ආවේණික වුණ සෞඛ්‍ය සම්පන්න,රසවත් කෑම බීම කිහිපයකම රස බලන්න අපිට අවස්ථාවක් ලැබුණා. දවසේ විවිධ ආහාර වේල් වලට එයාලා සතුව a la carte මෙනුවක් සහ බුෆේ තියෙනවා. එයාලගේ a la carte මෙනුව ළඟදීම නවීකරණය කරන්න සහ වැඩිදියුණු කරන්න එයාලා බලාපොරොත්තු වෙන නිසාම පස්සේ මේ මිල ගණන් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.ඉතින් තවත් මේ ගැන වැඩිදුර කතාකරන්න, Kevans Casa හෝටලය ගැන අපේ සමාලෝචනයට යමු!

 

 

Drinks
Knuckles Breeze (LKR 1200)

තද අවුවේ ඇවිදගෙන යනකොට සීතල හුළගක් ඇඟේ වදිනකොට දැනෙන හැඟීම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.ඉතින් මේ බීම එකෙනුත් ඒ වගේම හැගීමක් මට ලැබුණා. ඒ වගේම එකේ නමට නම් සාධාරණයක් වුණ බව කියන්නම ඕනේ.පිපිඤ්ඤා, celery ,මී පැණි, වොඩ්කා, ස්ප්‍රයිට් එකතු කරලා තිබුණ මේ කොක්ටේල් එක මම මීට කලින් බීලා තියෙන කොක්ටේල් වලට වැඩිය සුවිශේෂී එකක් වුණා. පිපිඤ්ඤා,සහ celery නිසා මේ පානයේ සිසිල්, ප්‍රබෝධමත් රසය තිබුණ බව නම් අනිවාර්යයෙන්ම කියන්නම ඕනේ. ඕනෑවට වඩා මී පැණි එකතු කරලා තිබුනේ නැති නිසාම ඒක මේ පානයට නියම මිහිරි ප්‍රමාණයක් එකතු කළා. වොඩ්කා වල ආම්ලික පන්ච් ගතිය මන් ගත්ත හැම උගුරකම හොඳට දැනුණා වගේම ස්ප්‍රයිට් පානයට හොඳ ලෙමන් රසයක් එකතු කළා. Kevans Casa එකට ගියොත් මේකේ රස බලන්න නම් අමතක කරන්න එපා.

 

 

Appetizers
Prawn Cocktail (LKR 950)

කෑම මේසයට එද්දී මේකේ තිබුණ ලස්සන පෙනුම නිසාම මේක කාලා බලනකන් මට තිබුනේ ලොකු නොඉවසිල්ලක්. ඔයා මුහුදු ආහාර වලට ආදරේ කරන කෙනෙක් නම් මේක ඔයාට ගොඩක් ගැලපෙනවා.මං ගත්ත හැම කටකම ඉස්සන් රසය මුලික වෙලා තිබ්බා.සැර රසයක් තිබුණ මයොනීස් මේකේ රසය තවත් වැඩි කළා වගේම බෙල් පෙපර්, ළූණු සහ තක්කාලි මේකට ප්‍රසන්න පෙනුමක් සහ හොඳ රසයක් එකතු කළා.Caviar වලින් සරසලා සිසිල්ව පිළිගන්වපු නිසාම මුහුදු ආහාර රසය තවත් වැඩි වෙලා තිබුණා.මේක ටිකක් බර ආහාරයක් නිසා ඔයා අඩුවෙන් කන කෙනෙක් නම් මේක ඔයාගේ ප්‍රධාන ආහාරයක් විදිහට ගන්න පුළුවන් වගේම මේක 100% නිර්දේශ කරන්න පුළුවන්.

 

 

 

Mains
Kevans Casa Parcel (LKR 900)

කෙටියෙන්ම කිවුවොත් මේ කෑම එකේ හොඳ පෙනුමක් වගේම දිව්‍යමය සුවඳක් තිබුණා. බත්, බීට්රූට්, වට්ටක්කා, බ්රොකොලි, බේකන් වලින් ඔතා ඇති බෝංචි, කැරට්, ලෙමන් බටර් සෝස් සහ බේක් කළ වැව් මාළු මේකට එකතු කරලා තිබුණා.පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න එක ගැන ඔයත් සැලකිලිමත් වෙනවා නම්, මේක තමයි ඔයාට ගැළපෙනම කෑම. ගානට bake කරලා තිබුණ නිසාම මෘදු හා සිනිඳු බවක් වැවූ මාළු වල තිබුනා. මාළු කෙසෙල් කොළවල ඔතලා පිළිස්සීමේදී ඒවගේ සුවඳ සහ රසය පවත්වාගෙන යන නිසාම මාළු වල හොඳ පදමක් සහ කුළුබඩු රසයෙන් පිරී තිබුණා. එළවළු හොදින් පිස තිබුන නිසාම ඒවායේ ලෙමන් බටර් සෝස් පිඟානට රසවත් ස්පර්ශයක් එකතු කළා. මෙම ආහාරය අවංකවම පරිපූර්ණ සමබර ආහාර වේලක් වගේම නියම ප්‍රෝටීන, හරිත එළවළු සහ carbs මේකෙට අඩංගු වෙලා තිබුනා.

 

Ambience

ගොඩක් සන්සුන් හා ප්‍රසන්න වටපිටාවක් Kevans Casa restaurant එකට තිබුනා.restaurant ගෘහස්ථව තිබුනත් ඒක පිහිටලා තිබ්බේ ඔයා කෑම කද්දී හැම වෙලාවේම හොඳට හුළං එන විවෘත ප්‍රදේශයකයි. ඔයා නිවාඩුවක් ගත කරන අතරතුර ඔයාගේ පවුලේ අය හෝ මිතුරන් එක්ක රසවත්,ආහාර වේලක් භුක්ති විඳීන්න සුදුසුම පරිසරයක් එතන තිබ්බා කිවුවොත් හරි. Kevans Casa එකේ කාර්ය මණ්ඩලය ආචාරශීලී, මිත්‍රශීලී වගේම ඉතා කාර්යක්ෂම සේවයක් ලබා දුන්න බවනම් අනිවාර්යයෙන්ම කියන්නම ඕනේ.ඉතින් Kevans Casa එකේ නතර වුනු කාලයේ වගේම එයාලගේ ආහාර අපි ගොඩක් රසවින්දා.

ඉඟිය – ඔයා Kevans Casa Parcel ඇණවුම් කරනවා නම්, වැවු මාළු වල සාමාන්‍යයෙන් කටු ගොඩක් තියෙන නිසා පරිස්සම් වෙන්න.හැබැයි මේ රසවත් සහ සෞඛ්‍ය සම්පන්න කෑම නොකා ඉන්න ඒක හේතුවක් කරගන්න නම් එපා.

ඔයා ගෙදර ඉදන් ඔෆිස් වැඩ කරන කෙනෙක්ද..? එහෙනම් මේ වැරදි ටිකනම් කරන්න එපා..

ගෙදර ඉදන් වැඩ කරන්න ලැබෙන එකනම් ආශිර්වාදයක් කිව්වොත් හරියටම හරි. ඒත් එක ආශිර්වාදයක් වෙන්නේ නිවැරදිව කළොත් විතරයි. කාර්යාලයේ සිටින තම සගයන්ට වඩා නිවසේ සිට වැඩ කරන සේවකයින්ට වැඩ තෘප්තියක් ඇති විය හැකි බවත් එය ප්‍රතිළුලදායී විය හැකි බවත් චීන පරීක්ෂණයකින් හෙළි වෙලා තිබෙනවා. නමුත් ඒ අතරම, නිවසේ සිට වැඩ කරන අයට බොහෝ විට තනිකමක් හා හුදෙකලා බවක් දැනෙනවා. මොකද ඔවුන්ට තවදුරටත් ප්‍රජාවක කොටසක් කියලා දැනේනේ නැති නිසා. ඒ වගේම ගොඩක් දෙනෙක්ට ගෙදර ඉදන් වැඩ කරනකොට ව්‍යාපරික දේවල් සහ පෞද්ගලික දේවල් පටලවගන්නවා. මෙන්න මේ දේවල් හදාගන නිවැරදිව ගෙදර ඉදන් වැඩකරන්න ඕන කොහොමද කියලා අද අපි බලමු .

 

 

1. ඇඳුම් පැළඳුම් කේතයක් නොතිබීම

In love with your pajamas? Learn how to work from home effectively ...

ඔයා රෑට නිදාගන්න ගිය ඇඳුමෙන්ම උදේ රාජකාරී වැඩ පටන්ගන්නවනම් ඒක තමයි ඔයා කරන මූලිකම වැරැද්ද. පිජාමා එක ඇදගනම වැඩ කරන්න ගන්න එකෙන් වෙන්නේ අපි තවත් කම්මැලි වෙන එක . අපගේ ඇඳුම් අපගේ මනෝභාවයට, ශක්ති මට්ටම්වලට සහ අපගේ චින්තන ක්‍රමයට පවා බලපෑම් කරන බව විද්‍යාඥයින් දැනටමත් ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ගැළපෙන ඇඳුමක් ඇඳගන වැඩ කරන්න පටන් ගන්න.

 

 

2. සාමාන්‍ය කාලසටහනක් ගැන සැලකිලිමත් නොවීම

Work from home burnout: Stress, insomnia, anxiety becoming the new ...

ගෙදර ඉන්න වෙලාවට කාර්යාලයේ වගේ නෙවෙයි. වැඩ ටික වෙලාවට නිම කරන්න පෙළබෙනවා අඩුයි. ඒ වගේම ඕන වෙලාවට නැගිටින්න ඕන වෙලාවට නිදාගන්න අපි පෙළඹෙනවා. ඒ වගේම හොඳ ආහාරයක් ගන්න පෙළඹෙන්නෙත් නැහැ. මෙයින් වෙන්නේ ළුලදායිතාවය අඩුවෙන එක. මේ නිසා කරන්න ඕන හොඳම දේ රැකියාවට යනවා වගේ කාලසටහනක් හදාගන එයට අනුකූලව වැඩ කිරීම. ඒ වගේම හොඳ ආහාර වේලක් ගන්න අමත කරන්න එපා. ඔයා ඔයාගෙම බොස් වෙලා හරියට වෙලාවට වැඩ කරන්න පටන්ගන්න.

 

 

3. ඔබට සැබෑ රැකියාවක් ඇති බව ඔබේ පවුලේ සාමාජිකයන්ට පැහැදිලි කිරීමට අපොහොසත් වීම

Pandemic childcare is way more stressful for moms than dads | Live ...

ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ගෙදර ඉදනුත් රැකියාවක් කරන්න පුළුවන් කියන්න. විශේෂයෙන්ම ගෙදර ඉන්න සාමාජිකයන්ට මේක තේරුම් ගන්න කොහොමත් අමාරුයි. ගෙදර අය අපි ගෙදර ඉදන් වැඩ කරන වෙලාවට ගෙදර අනිත් වැඩ කරන්න එන්න කියලා පොළඹව ගන්නවා. මේ දෙයින් වෙන්නේ අපිට නිවසේ සිටන් හරියට රාජකාරිය කරන්න බැරිවෙන එක. හොඳම දේ තමයි ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ කතාවක් පවත්වන්න, ඔබට සැබෑ බැඳීමක් ඇති සැබෑ රැකියාවක් ඇති බව පැහැදිලි කරන්න. තමන් රාජකාරී කරනවෙලාවට එයට බාධා නොකරන්න කියලා පැහැදිලි කරන්න. නිවසේ කටයුතු වැඩ කරන වෙලාව අවසන් වූ පසු සහ සති අන්තයේ ඔවුන්ගේ වැඩ යොදාගන්න කියලා ඔවුන්ව දැනුවත් කරන්න.

 

4. ව්‍යාපාර හා පෞද්ගලික කාලය මිශ්‍ර කිරීම

Photo of a tired woman working at home late at night. | Premium Photo

ගොඩක් වෙලාවට ගෙදර ඉදන් වැඩ කරන අය කරන ලොකු වැරුද්දක් තමයි ව්‍යාපාර හා පෞද්ගලික කාලය මිශ්‍ර කරගැනීම. ඒ කියන්නේ අපි හිතමු ඔයා උදේ 8 ඉදන් හවස 5 වෙනකන් වැඩ කරනවා කියාලා. වැඩ ඉවර වෙලත් ඔයා වැඩ කරනවානම් ඔයා කරන්නේ වැරැද්දක් . mail check කරනවා. හෙට තියන වැඩ වලින් කොටසක් කරනවා. මේ වගේ දේවල් සිදුකිරීමෙන් වෙන්නේ ඔයාගේ පෞද්ගලික කාලයත් ව්‍යාපාර සදහා යොදාගන්න එක. ඔයා කරන්න ඕන වැඩ කරන මේසයෙන් නැගිට්ටාට පසුව ඒ හා සම්බන්ධ දේවල් ඔළුවෙන් ඉවත් කරගන්න එක. ඔයාගේ පෞද්ගලික කාලය ඔබ වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් වැය කරන්න මතක තියාගන්න .

අතේ ඇති මුදලට සුඛෝපභෝගී ආහාර වේලක් ගන්න යන්නම ඕන තැන Cafe 1959..

දැරිය හැකි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තියනවා නම් කොච්චර හොඳද නේද?

වසර එකහමාරකට කලින් කැෆේ 1959 කොළඹට ආවේ අපේ හිත් ඇඳබැඳ ගත් මෙනුවක් අරගෙනමයි. ඉතිං අපි ගියා එයාලගේ menu එක try කරලා බලන්න.

 

Drinks

V60 Single Origin Coffee (LKR 600)

“Indonesia Sulawesi” ලෙස හඳුන්වන බෝංචි වලින් සාදන ලද මේ උණුසුම් කෝපි එක ඇත්තටම ගොඩක් හොඳයි. මේ කෝපි එකත් එක්ක සෑම කෝපි වර්ගයකටම ආවේණික වූ කෝපි පානය කරන්නන්ට සහ එම කැෆේන් ලෝලීන් දැනුවත් කරන කාඩ්පතක් ලැබෙනවා. ඇත්තටම මේ කෝපි එක හවසට නිදහසේ ගත කරන්න ගැළපෙනවා.

 

 

Cold Drip (LKR 545)

කැජමාර්කා හි උතුරු කඳුකරයෙන් ආරම්භ වූ “Peru Cajamarca” බෝංචි වලින් සදාන ලද මෙම පානයට ඔයාලත් කැමති වේවි. විවිධ පානයන් try කරන්න කැමතිනම් ඔයාට මේක හොඳ ආරම්භයක්.

 

 

Mains

Chicken and Brie (LKR 895)

මෙම සැන්ඩ්විච් එක 1959 කැෆේ එකේ මිත්‍රශීලී  කාර්ය මණ්ඩල නිරිදේශ කරපු නිසා අපි try කරලා බැලුවා. ඇත්තටම මේ සැන්ඩ්විච් එක අපිට රසවත් අත්දැකීමක් වුණා කිව්වොත් නිවැරදී. farmhouse bread සමග dijon mustard සහ classic manioc chips සමග දෙන rocket leaf salad එක ඇත්තටම ගොඩක් සෞඛ්‍යට හිතකරයි. ඉස්ම සහිත බැදගත් කුකුල් මස් කැබලි නිසා සැන්ඩ්විච් එක තවත් රසවත්.

 

 

Desserts

 

Lemon Meringue Cake (LKR 720)

කෝපි එකත් එක්ක මේ කේක් කෑල්ලනම් ගොඩක් හොඳින් ගැළපෙනවා. රසය හොඳට balance කරලා හදලා තිබුණ මේ Dessert එකේ කටක් කන ගානේ tangy lemon curd වගේම ස්පොන්ච් බේස් එක පරිපූර්ණව හැපෙන නිසා මේක මගේ favoriteම dessert එක වුණා.

 

 

Blueberry Cheesecake (LKR 720)

මේ cheesecake එකනම් Instagram-friendly cake එකක් කිව්වොත් නිවැරදී. වෙනස් රසයන්ගෙන් යුත් ස්ථර දෙකක් යොදාගන තමයි මේ අතුරුපස නිර්මාණය කරලා තිබෙන්නේ. අපි ගොඩක් දේවල් ආහාරයට ගත්තු නිසා මේ කේක් කෑල්ල සම්පූර්ණයෙන් ඉවරකරගන්න බැරි වුණා. හැබැයි මේ Blueberry Cheesecake එක විතරක් කන්න අපි ආපහු අනිවාර්යයෙන් යනවා.

ඔයත් නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද..? එහෙනම් මේ ලිපිය කියවන්න..

“මේ ඔෆිස් එකේ වැඩත් එක්ක මම හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ..”

“ගෙදර ප්‍රශ්නත් එක්ක වැඩක් කරගන්නත් බැහැ, හොඳටම ස්ට්‍රෙස්”

“මේ ළමයි කරන දේවල් නිසා මමයි ස්ට්‍රෙස් වෙන්නෙ”

 

වර්ථමානයේ අපට වැඩිපුරම අහන්න ලැබෙන කතා කිහිපයක් මේ. ආතතිය නැතිනම් Stress වීම මේ ඕනෑම හේතුවක් නිසා සිදුවෙන්න පුළුවන්. මෙහෙම Stress වීම හේතුවෙන් මානසික වගේම ශාරීරික සෞඛ්‍යයටත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසාම මේ Stress කියන්නෙ මොකක්ද කියන එකත්, ස්ට්‍රෙස් නැතිනම් ආතතිය  “ඇතිවීම” පාලනය කරගැනීම සහ ආතතිය ඇතිවුනාට පස්සේ, ඒක පාලනය කරගැනීම කොහොමද කරන්නේ කියන එකත් ඔබ දැනගෙන සිටිය යුතුමයි.

 

 

මොකක්ද මේ ස්ට්‍රෙස් නැතිනම් ආතතිය කියන්නෙ..?

සරළව කියනවා නම්, ආතතිය කියන්නෙ ඔබේ මනසේ සහ ඔබේ හැඟීම් වල ඇතිවන පීඩනයට ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරයයි. මේ සමහර ආතති යහපත් ප්‍රතිඵල ගෙන දෙන අවස්තාවනුත් නැතුවම නොවෙයි. විශේෂයෙන් ඒ සමහර ආතතීන් කිසියම් කටයුත්තක් එක දිගට සිදුකිරීමට ශක්තියක් සපයනවා. දැඩි පීඩනය නිසාම සමහර ඉලක්ක හඹාගෙන ගිහින් ජයග්‍රහණය කළ අවස්ථා අපි හැමෝගෙම ජීවිත වල තියෙන්න පුළුවන්. නමුත් එහෙම “ආතතිය වාසිදායක වන අවස්ථා” එන්නේ කලාතුරකින් පමණයි. බොහෝ ආතති හේතුවෙන් ඔබ මානසික මෙන්ම ශාරීරිකවත් පීඩාවට පත් වනවා. ඒ නිසා ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද කියන කාරණය ඔබ දැන සිටිය යුතුම වනවා.

ආතතිය නැතිනම් ස්ට්‍රෙස් දීර්ඝ කාලීනව පැවතුනොත් ඔබ නිසැකවම ශාරීරිකව දුබලව රෝගියකු බවට පත්විය හැකියි. මෙහි ඇති භයානකම තත්වය වන්නේත් එයමයි. ඒ නිසා ඔබ නිසි පරිදි ආතතිය හඳුනා ගෙන එය කළමනාකරණය කරගත යුතුමයි. ආතතිය වැඩිවී දිගු කාලීනව පැවතීම හේතුවෙන් ඔබට හානි වන්නේ කොහොමද..? ඒ ගැන අවබෝධයෙන් සිටීමත් ඉතාම වැදගත්.

 

ප්‍රතිශක්තිකරණය හීනවීම

Stress Symptoms, Signs, and Causes - HelpGuide.org

දිගු කලක් තිස්සේ ආතතියෙන් පෙලෙන පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණෙනවා. ප්‍රතිශක්තිකරණය අඩාලව යනවා. ඒ හේතුවෙන් ඔබට කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව උණ වැනි වෛරස් රෝග ලක්ෂණ නිතර නිතර හටගත හැකියි.

 

 

මාංශ පේශි පද්ධතිය

Stress effects on the body

ඔබ ආතතියෙන් පෙලෙන විට ඊළඟට ශරීරයේ හානි පැමිණෙන්නේ ඔබේ මාංශ පේශි පද්ධතියට. ඔබේ මනස ආතතියෙන් පෙලෙයි නම් මාංශ පේශි නොසන්සුන් වීම සිදුවනවා. තුවාල වැනි දෙයින් ආරක්ෂා වීමට ශරීරයේ ස්වාභාවික සැකැස්ම තියෙන්නේ ඒ ආකාරයෙනුයි. මානසිකව ආතතියට පත්වන විට මනස විසින් ශරීරයට එවැනි සඥාවක් නිකුත් කොට මාංශ පේශි හිර කිරීම සිදුකරනවා.

 

 

ශ්වසන පද්ධතිය සහ රුධිර සංසරණය

The Effects of Stress on Your Body

ඔබේ මනස ආතතියෙන් යුතුවන විට ඊළඟට හානි පැමිණෙන්නේ ඔබේ ශ්වසන පද්ධතියටයි. වේගයෙන් හුස්ම ගැනීමත්, වේගයෙන් හදවත ස්පන්දනය වීමත් නිසා ශ්වසන සංකුලතා වගේම හෘදයාභාධ පවා ඇතිවීමේ අවදානමක් තියෙනවා.

ඒ වගේම රුධිර සංසරණ පද්ධතිය අක්‍රමික වීම හේතුවෙන් ශරීරයේ සමහර අවයව වෙත නිසි රුධිර සැපයුම නොලැබීම සිදුවෙන්නත් පුළුවන්. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ශරීර අවයව අකර්මණ්‍ය වීමක්.

ආතතිය මේ තරම් හානිදායක වන බව දන්නවා වුණත්  බොහෝ දෙනෙක් ආතතියෙන් මිදෙන්න සෞඛ්‍යාරක්ෂිත නොවන ක්‍රම අනුගමනය කරනවා. ඔබ දැනගත යුතුම කාරණය නම්, එවැනි ක්‍රමයකින් ආතතියෙන් මිදෙනවා වෙනුවට ඔබ සෞඛ්‍යමය පරිහානියකට ලක්වන බව. ආතතිය දැනෙන විට මත්පැන් පානය කරන්න බොහෝ දෙනෙක් පුරුදු වී සිටිනවා. නමුත් කිසියම් නිශ්චිත කාලයකට අදාළ කරුණින් මගහැර යාමක් මිස එමගින් ආතතියෙන් මිදීමට හැකියාවක් නැහැ. ඒ වගේම තවත් සමහරු එක දිගට දුම්බීම වගේම වෙනත් අනන්තාරයකර මත්ද්‍රව්‍ය භාවිතයට එළඹෙනවා. මේ කිසිදු ක්‍රමයකින් ඔබට ආතතිය කළමනාකරණය කරගැනීමට නොහැකි බව ඔබ වටහාගත යුතුයි. එයින් ඔබ සෞඛ්‍ය වශයෙන් පරිහානියට පත්වීමක් පමණක් සිදුවනවා. තවත් සමහරු ආතතිය නිසා පමණට වඩා වෙගවත්වත් ප්‍රමාණයෙන් වැඩියෙනුත් ආහාර ගැනීම සිදුකරනවා. මේකත් ඉතාම අහිතකර විසඳුමක්. එයින් ස්ථුලතාව වගේම වෙනත් රෝගී තත්ත්වයනුත් හටගත හැකියි.

නමුත් ආතතිය නැතිනම් මේ එක්කම දිගු කාලීනව ජීවත් වීම අහිතකර තත්වයක්. ඒ නිසා ආතති කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ඔබ දැනගෙන සිටිය යුතුමයි. ජිවිතයේ කුමන හෝ අවස්ථාවක ඔබ ආතතියට පත්වන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී තමන්ට මානසික ආතතියක් තිබෙන බව අවබෝධ කරගැනීමට තරම් වැටහීමකුත්, ඒ ආතතිය කළමනාකරණය කරගන්නා නිවැරදි ක්‍රමවේද ගැන දැනුමකුත් ඔබට තිබිය යුතුයි. එදිනෙදා ජිවිතයේ ඇතිවන ආතති නිවැරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද..? ඒ සඳහා ඔබ කළ යුතු හොඳම දේ මොනවාද..? කියන කරුණු ගැන ඊළඟ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්නම්.

 

-එන්. වෙහෙරදූව-

ගාලු මුවදොර හැඩකරන සරුංගලේ කතාව…

මුළු සතිය පුරාම ගොඩක් කාර්යබහුල කොළඹ කියන්නේ සති අන්තයේදී නම් ගොඩක් විනෝදකාමී,සතුටු වෙන්න පුළුවන් තැනක්. shopping malls,cafes, වගේම තවත් හිත් ඇදගන්නා තැන් ධනපති පාන්තිකයන්ගෙන් පීරී ගියත්,කොයි කාට වුණත් සති අන්තයේදී සන්ද්‍යාව ගත කරන්න නම් හොඳ තැනක් විශේෂ තැනක් කොළඹ පිහිටලා තියෙනවා.

 

ප්‍රභූ පැලැන්තියේ අයගේ ක්‍රීඩා පිටියක් විදිහට මුලින්ම ආරම්භ වූණු ගෝල් ෆේස් ග්‍රීන් දැන් කොළඹ නගරයේ ගොඩක් ජනප්‍රිය තැනක් වෙලා තියෙනවා. දහස් ගණනක් නරඹන්නන් ආකර්ෂණය කරගත්ත වීදි ආහාරවල සුවඳ, අහසෙහි පියාඹන සරුංගල් සහ කුඩා දරුවන් සියයක් හෝ ඊට වැඩි ගණනකගේ කෑගැසීම් එක්ක මිශ්‍ර වෙන රළ පහරින් මෙතන සැනසිලිදායක වගේම සතුටුදායක තැනක් බවට පත්වෙලා තියෙනවා.

කොහොමවුණත්, අද මගේ අවධානය මෙතැන වටපිටාවට ගොඩක්ම ගැළපෙන දෙයක් ගැන. අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන එන නිසා ඒක ගෝල් ෆේස් ග්‍රීන් වගම අංගයක් වෙලා කිවුවොත් හරි. පාට පාට වර්ණ වලින් පිරීලා ඉතිරීලා තියෙන නිසා මෙතැනට එන අයගේ ලොකු අවධානයක් එයාලා දිනා ගන්නවා. ඒ තමයි සරුංගල්. ගෝල් ෆේස් ග්‍රීන් කියන්නේ සරුංගල් යවන්න හොඳම තැනක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි.

 

ඉරිදා දහවල් කාලයේදී ගෝල් ෆේස් ග්‍රීන් ගියපු මට වැඩිපුරම දකින්න ලැබුණේ අහස අයිති කරගෙන ඉන්න සරුංගල් සහ වෙළෙන්දෝ. මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක ඒ වෙළෙන්දන්ගේ ආදායම කොහොමද කියන සැකයක් මගේ හිතට ආවා. එතන හෙළි වෙන්න ඕනේ කතාවක් තියෙනවා කියලා මට තේරුණා.

 

ඉතිහාසය ගැන පුංචි සටහනක්

මේ භූමියේ ඉතිහාසය දිවයිනේ ලන්දේසි පාලනය දක්වාම දිව යනවා. නමුත් 19 වන සියවසේදී මේ ඉඩම පොදු අවකාශයක් විදිහට ස්ථාපිත කළේ බ්‍රිතාන්‍යයන්. සියවස් ගණනාවක් පුරා පැවත එන ගෝල් ෆේස් ග්‍රීන් විදිහට දැන් හදුන්වන මෙතැන කලින් කොල්ලුපිටි රේස් කොර්ස් විදිහට හදුන්වල තියෙනවා. ඊට පස්සේ ගොල්ෆ්, ක්‍රිකට්, ටෙනිස් සහ රග්බි වලටත් මෙතන යොදා ගත්තා.

පස්සේ කාලෙක , 20 වෙනි ශතවර්ෂයේ දී, සංවර්ධන ව්‍යාපෘති රැසකින් පස්සේ, නාගරික සංවර්ධන අධිකාරිය මෙතැන පොදු ස්ථානයක් විදිහට සංරක්ෂණය කරලා එතැන අද පවතින තත්ත්වයට පත් කරලා තියෙනවා.

ගෝල් ෆේස් ග්‍රීන්, නගරයේ සරුංගල් යවන තැන විදිහට ප්‍රසිද්ධයි වගේම මෙතැන 70 දශකයේ ඉදන් දියුණු වෙමින් පවතින උරුමයක්. වාර්ෂික සරුංගල් තරගය නගරයේ ගොඩක්ම ප්‍රසිද්ධ සහ විනෝදාත්මක ආකර්ෂණයන් වලින් එකක් වුණා වගේම අද වෙනකන්ම සරුංගල් සහ ගෝල් ෆේස් ග්‍රීන් අතරේ තියෙන්නේ ලොකු බැඳීමක්.

ව්‍යාපාර වලට සමාජයේ හැටියට හැඩගැසීමේ ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මෙතැනට සරුංගල් යවන්න ආපු මහජනතාව වගේම මේවා විකුණන්න වෙළෙන්දන් පැමිණෙන එක පුදුමයක් නෙවෙයි. අනුර කියන්නේ ඒ වගේ එක වෙළෙන්දෙක්. එයත් එක්ක ටිකක් කතාකරන්න මට පුළුවන් වුණා.

මගේ සොයාගැනීම් වල විදිහට,සරුංගල් අලෙවිකරුවන් 90 දශකයේ ඉදන්ම මෙතැන ව්‍යාපාරයේ නියැලී ඉඳල තියෙනවා. අනුරත් 2000 අවුරුද්දේ මුල ඉදන් මෙතැන ඉඳලා තියෙනවා. සතියේ දවස් වලට මුරකරුවෙක් විදිහට රැකියාව කරපු අනුර තමන්ගේ ආදායම ශක්තිමත් කර ගන්න සති අන්තයේදී සරුංගල් විකිණීමේ වෙළදාමේ යෙදුනා.

“මෙය මට විශ්වාස කළ හැකි ව්‍යාපාරයක් නොවේ. සෑම දෙයක්ම සෑම විටම වෙනස් වේ. සමහර විට වැස්ස නිසා හෝ මිනිසුන් පිටතට යාමට බිය වන්නේ නම් කිසිවෙකු මෙහි එන්නේ නැත. ” – ඉස්මයිල්, සරුංගල් වෙළෙන්දා.

එයා කියන විදිහට මේ සරුංගල් සහ සෙල්ලම් බඩු විකුණන ගොඩක් වෙළෙන්දන් වෙනත් රැකියා වලත් නිරත වෙනවා.ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරය නිරන්තරයෙන් අස්ථාවර වීම.

පහු ගිය අවුරුදු වල මේ වෙළඳාමෙන් විතරක් ජීවත් වුණු වෙළෙන්දන් සිටියත් පසුගිය දශකයෙදී එහෙම කරපු අය මේ වෙද්දී ගොඩක් අඩුවෙලා තියෙනවා කියලා ඉස්මයිල් මාත් එක්ක කිවුවා. සතියේ දවසක ගෝල් ෆේස් ග්‍රීන් සංචාරය කරපු මට සරුංගල් අලෙවිකරුවෙකු සොයා ගන්න අමාරු වුණු නිසාම මේ කතාව ඇත්ත බව මට තේරුණා.

විකුණුම්කරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ භාණ්ඩ කොළඹ කොටුවේ ඉන්න සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නවා. ඒ නිසා එයාලා ස්වාධීන වෙළදාමක් සිදුකරනවා වගේම කිසිම කාල සීමාවකින් බැඳීලා නැහැ.

ගෘහස්ථව මාස තුනකට ආසන්න කාලයක් ගත කරපු නිසාම පහුගිය මාසවලදී කවුරුවත් සරුංගල් යවන්න නම් හිතුවේ නැහැ. අනුර කියන විදිහට ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාර වගේම ඊටපස්සේ ඇති වූණු මහජන නොසන්සුන්තාවය ඊට සමාන බලපෑමක් ඇති කරලා තියෙනවා. හම්බ කරන හැම සතයක්ම බලපෑමක් ඇති කරන කාලයක, ආදායම් අහිමිවීම තවමත් මේ වෙළෙන්දන්ට දැනෙනවා.

 

 

ඉර බැහැගෙන යන දිහා බලාගෙන ඉද්දී..

පසුගිය අවුරදු දෙකේදී බලාපොරොත්තු නොවූ අවාසනාවන්ත වෙනස්කම් කිහිපයක් ඇතිවුණා. ඉතින් මිනිස්සුන්ගේ ජිවිත වගේම එයාල විවේකයේ ඉන්න විදිහේ වෙනස්වීම් වල විදිහට මේ සරුංගල් අලෙවිකරුවන් ව්‍යාපාර කරන ආකාරයද වෙනස් වීම් වලට පත්වෙලා තියෙනවා.

සරුංගල් බහුතරයක්ම පොඩි දරුවන්ට විකුණනවා වගේම වර්තමානය වෙද්දී තරුණ දෙමාපියන්ගේ මේ ගැන තියෙන උනන්දුව අඩු වෙලා ගිහින් තියෙනවා.

ඉර බැහැලා ගිහින් ටිකෙන් ටික වටේම අඳුරු වෙද්දී, විනෝද වෙන්න ආපු පවුල් මෙතැනින් පිටත් වෙලා යන්න පටන් ගනිද්දී, සරුංගල් අලෙවිකරුවන් තමන්ගේ වෙළඳ භාණ්ඩ ඇසුරුම් කරගෙන පිටත් වෙලා යන්නේ ඊළඟ දවසේ හෝ ඊළඟ සතියේ නැවත එන්න හිතේ බලාපොරොත්තුවක් තියාගෙන. මේ පාට පාට වලින් පිරුණු ගෝල් ෆේස් අහසේ සහ,විනෝදකාමී ගෝල් ෆේස් ග්‍රීන් පිටියේ කුතුහලය දනවන සැගවුණු කතාව ගැන අහන්න පුළුවන් වුණ එක ගැන මට ඇතිවුණේ ලොකු සතුටක්.

අයාලේ යන සුනඛයෙකු ඔබව සපාකන්න ආවොත් බේරෙන්නේ කොහොමද..?

සුනඛයන් කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා කියලා අපි ඕන කෙනෙක් දන්නවා. අපිට සුරතලෙක් ඉන්නවා කියන්නේ ආරක්ෂාව, සතුට, ආදරය මේ හැමදේම ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නේ ගෙදර සුරතලේට ඇතිකරන අපේ බලු සුරතලා ගැන නෙවෙයි. අපි දකිනවා පාරවල් ගානේ හංදි ගනේ ඉන්න අයාලේ යන සුනඛයින්. ඉතින් ගොඩක් වෙලාවට මෙයාලා ටිකක් ආක්රමණශීලී. අපිව හපන්න පවා පනින අවස්ථා බොහොමයක් තිබෙනවා. පුද්ගයන් බොහෝමයක් පාරේ ගමන් කරන වෙලාවට සුනඛ සපාකෑම් වලට ලක්වෙලා තිබෙනවා. අද අපි කතා කරමු මේ වගේ වෙලාවක ඒ කියන්නේ අපි පාරේ ගමන් කරන විට සුනඛයෙක් අපිව සපාකන්න එනවා වගේනම් ඒ වෙලාවට ආත්මාරක්ෂාවට මොනවද කරන්න ඕන කියන එක.
  • අයාලේ යන සුනඛයෙක් හමුවුණොත් කිසිවිටකත් දුවන්න එපා

Businessman running away from dogs chases to bite. | Premium Vector

ඔන්න ඔයා පාර දිගේ ඇවිදගන යනකොට සුනඛයෙක් ඔයාව දැකලා ඔයාට හපන්න වගේ එනවා. එතකොට ඔයා කීයටවත් දුවන්නම් හදන්න එපා. ඒ දෙයින් වෙන්නේ සුනඛයා තවත් ඇවිස්සෙන එක විතරයි. ඒ වගේම කීයටවත් ගල් වලින් ගහන්න හදන්නවත් නැත්තම් කෝටු වලින්වත් පහර දෙන්න එපා. එවිට සතා තවත් ඇවිස්සිලා ඔයාව සපාකන්න පෙළඹෙන අවස්ථාව වැඩීයි. ඒ නිසා ඔබ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් මේන්න මේ දේවල් හොඳට මතක තියාගන .
ආරක්ෂිත දුරක් රැඳී සිට සත්වයා ඉවත්ව යන තෙක් බලා සිටින්න. සුනඛයාගේ ප්රතික්රියාව දෙස බලා සෙමෙන් පසුපසට යන්න. සුනඛයා ඔබ පසුපස එනවා නම්, නවතින්න. සත්වයා චලනය නොවන්නේ නම්, පසුපසට ඇවිදින්න. බල්ලා ඉවතට හැරී බැලූ වහාම ඔබේ සාමාන්ය වේගයෙන් ඉදිරියට යන්න. ඔබ සහ සත්වයා අතර යමක් තැබීමෙන් ඔබට සුනඛයාගේ අවධානය වෙනතකට යොමු කළ හැකිය. මෙය ඔබේ ගමන් මල්ල, කුඩය, සපත්තුවක් හෝ ජැකට් එකක් වෙන්න පුළුවන්. සත්වයා ඔබ සහ තමා අතර ඇති බාධකයක් ලෙස වස්තුව අර්ථකථනය කර අවධානය වෙනතකට යොමු කරනු ඉඩකඩ වැඩීයි.
  • ඔබ බයිසිකලයක් පදවනවානම් බල්ලන් ඔබ පසුපස පන්නන්න තියන ඉඩකඩ වැඩීයි
stray dog attack: Latest News, Videos and Photos on stray dog ...
අයාලේ යන සුනඛයන් චලනයන් කෙරෙහි ප්රතික්රියා කරන අතර ඔවුන් බොහෝ විට බයිසිකල්, යතුරුපැදි, කාර් වගේ වාහන වලට ආක්රමණශීලී වෙනවා. බල්ලෙක් ඔබව ලුහුබැඳීමට පටන් ගන්නේ නම් ඔයා ඉක්මනින් බයිසිකලය නවත්වන්න. මොකද සත්වයා ඔබ කෙරෙහි දක්වන උනන්දුව අවම කරන්න එය උදව්වක් වෙනවා. සුනඛයා ඉවතට හැරී ඇවිදින්නට පටන් ගත්තාට පසුව ඔයාට පුළුවන් යන්න ආපු ගමන යන්න. හැබැයි ඔයා බයිසිකලයක යන කෙනෙක් නම් සුනඛයා ආක්රමනශීලී වගේ වෙන වෙලාවට වේගයෙන් එතනින් යන්න හැඳුවොත් වැඩ වරදින්න පුළුවන්. සුනඛයා කියන්නේ අතිශයෙන් වේගවත් සතෙක්. ඉතිං ඌ ඔයා පසුපස පන්නන් එන්න ඉඩකඩ වැඩී. එතකොට බරපතල අනතුරක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඉතින් මේ වගේ වෙලාවට කල්පනාවෙන් වැඩ කරන්න. වාහනයක් ගමන් ගන්න එක සත්වයාට කුතුහලයක් ඒ නිසා තමයි ඌ ඒ ආකාරයට වාහන පසුපස පන්නන්නේ.
  • ඔබ ඔබේ සුරතලා සමග ඇවිදින්න යන කෙනෙක්ද?

Walking a Dog: How to Keep the Dog from Walking You | Hill's Pet

ගොඩක් වෙලාවට අපි දැකලා තියනවා කට්ටිය තමන්ගේ සුරතලාව ඇවිදින්න එක්ක යනවා. මේක කියවන ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට සුරතලාව ඇවිදන්න එක්ක යන ඔයාට පාරේ ඉන්න සුනඛයන්ගෙන් ප්රහාර එල්ල වෙලා තිබෙනවාද? ඔයාටම නෙවෙයි ඔයාගේ සුරතලාට. ගොඩක් වෙලාවට පාරේ ඉන්න අයාලේ යන සුනඛයෝ නාදුනන සත්වයෙක් දැක්කොත් පහර දෙන්න පෙළඹෙන ඉඩකඩ වැඩීයි.
අයාලේ යන සුනඛයෝ ඔබේ සුරතලාට බුරන්නේ නම් හෝ ගොරවනවා නම්, ඔබ ඔබේ සුරතලාව ක්ෂණික වඩාගන්න පෙළඹෙනවා. නමුත් මෙයින් සිදුවෙන්නේ ඔවුන් ඔබට පහර දීමට උත්සහ කිරීමයි. ඔයා සුරතලාව බිම තැබුවොත් සුරතලාට අයාලේ යන සුනඛයින් පහරදෙන්න පෙළඹෙනවා. මෙම තත්වය තුළ, ඔබේ සුරතලාට තුවාල සිදුවිය හැකිය. ඇත්තටම මේ වෙලාවට සිදුකරන්න නිවැරදිම විසඳුමක් නැහැ. ඔබට ඔබේ සුරතලාව බිමින් තියන්න බැරිවුණොත් හැකිනම් ගසක් උඩින් තියන්න එහෙමත් නැත්තම් උස් තැනකින් තබන්න.
මේ සදහා එක විකල්පයක් තිබෙනවා. ඒ අයාලේ යන සුනඛයින්ගේ අවධානය වෙන අතකට යොමු කරන්න කටයුතු කරන්න. හොඳම දේ තමයි ඒ සතුන්ට කෑමට යමක් දෙන එක. මොකද ඔවුන් ගොඩක් වෙලාවට කුසගින්නේ තමයි ඉන්නේ. ඉතින් සංග්රහයක් කළොත් ඔවුන්ගේ අවධානය වෙනස් කරන්න හැකියාව තිබෙනවා. එයින් ඔබට ඉක්මනින් එතනින් පැන යන්න හැකියාව තිබෙනවා. මීට පස්සේ මතක තියාගන්න ඔයා සුරතලා සමග ඇවිදින්න යනවානම් ආහාර මොනවා හරි රැගෙන යන්න. මෙවැනි හඳිසි අවස්ථාවකට ඔබට මුහුණ දෙන්න සිදුවුණොත් ඔබට එයින් ඉක්මනින් බේරෙන්න මෙය හොඳ උපකාරයක් වේවි.
  • සුනඛයෙක් ඔබට පහර දීමට සූදනම් වෙනවානම් කෙලින් ඇස් දෙස බලන්න එපා
Stray dog attacks citizens, injures 20 | Pakistan Today
සුනඛයෙක් පහර දීමට සූදානම් නම්, සත්වයා ඇස් දෙස බලන්න එපා. මෙය ඔවුන්ට ආක්රමණශීලීත්වයේ සලකුණක්. ඇත්ත වශයෙන්ම, ආක්රමණශීලී සතෙකුගෙන් ඔබව ආරක්ෂා කර ගත හැකි හොඳම ක්රමය තමයි කිසිවිටක සත්වයා ළගට යන්න එපා.