Blog Page 15

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය…

මෙම ලිපිය පදනම් වී ඇත්තේ “නීතිය එළියයි – සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිඥයන් සමග පවත්වනු ලබන ත්‍රිභාෂා නීති සාකච්ඡා මාලාව ඇසුරෙනි. මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසිනි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වූ කථිකයන් වුයේ,

අරිත වික්‍රමසිංහ මහතා – නීතිඥ සහ iProbono හි සමානාත්මතා අධ්‍යක්ෂක වන ඔහු සංවිධානයේ එල්ජීබීටී යුක්තිය සඳහා ප්‍රවේශ වීමට මුලික වී ක්‍රියාකරන අතර විවිධත්වය හා ඇතුළත් කිරීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමී ක්‍රියාකාරිකයෙකි. ගෝලීය වශයෙන් විවිධත්වය, සමානාත්මතාවය සහ මානව හිමිකම් – විශේෂයෙන් එල්ජීබීටී අයිතිවාසිකම් – ප්‍රවර්ධනය කිරීම සඳහා අරිත  විසින් මුල පිරීම් සහ ප්‍රෝ බෝනෝ ව්‍යාපෘති රාශියක් මෙහෙයවා ඇත.

වාසනා කන්නන්ගර මෙනවිය -නීතිඥ සහ Child Protection Force හි නීති නිලධාරී

ස්වස්තිකා අරුලිංගම් මෙනවිය – නීතිඥ, උතුරු හා නැගෙනහිර වැඩසටහන් ආධාරක ඒකකයේ නීති ආධාර කොමිෂන් සභාවේ හිටපු ව්‍යාපෘති කළමනාකාරිණි

ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය යනු කුමක්ද? ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේ වර්ග මොනවාද? මෙය සිදු කල හැක්කේ කාටද සහ මෙය සිදු වී හැකි ස්ථාන මොනවාද ?

අරිත – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය කියන යෙදුමේ ස්ත්‍රී පුරුෂභාවය උදාසීනයි. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙකුට එරෙහිව සිදුකරන ශාරීරික හෝ මානසික හිංසනය ඇති කරන ක්‍රියා. කාන්තාවන්ට එරෙහිව අධික ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා. මෑතකදී කරන ලද රජයේ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කාන්තාවන් පස්දෙනෙක්ගෙන් එක අයෙක් ශාරීරික හා ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බවයි.  පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන්ගෙන් 95% ක්ම ලිංගික හිරිහැරවලට ගොදුරු වන බව UNFPA වාර්තාවක් සඳහන් කරනවා. දිගු කාලයක් තිස්සේ පිරිමින් මෙම ප්‍රචණ්ඩත්වයේ වැරදිකරුවෙකු ලෙස ඔවුන්ගේ භූමිකාව ප්‍රතික්ෂේප කලත්  මේ වනවිට ඔවුන් වැඩි වැඩියෙන් තමන්ගේ ක්‍රියාවලට වගකීම ගන්න සිදුවන ලෙසට සමාජයෙන් පීඩනයක් එල්ල වෙලා තිබෙනවා. මේ දත්ත දිහා බලන විට පැහැදිලියි පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන්ගෙන් 95% ක්ම ලිංගික හිරිහැරවලට ලක්වන බව. එමගින් අදහස් වෙන්නේ පුරුෂයින්ගෙන් බහුතරයක් මෙවැනි හිංසනයන් සිදුවීමට  වගකිව යුතු වන බවයි. පුරුෂයන් ලෙස අප වගකීම ගත යුතු අතර මීට වඩා වගවීමක් තිබිය යුතුයි.අප සතු වගවීම ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදියට දුෂණය කිරීම ගත්තොත්, වාර්තා වුනු සිදිධි 6000 ක් පමණ තිබුනත් ගිය වසරේ එක පුද්ගලයෙක් පමණයි දුෂණය කිරීමට නීතියෙන් වරදකරු වුණේ.

ස්වස්තිකා – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සේවා ස්ථානයේ හෝ ඕනෑම පොදු ස්ථානයක සිදු විය හැකියි. හිංසනය ශාරීරිකව, ලිංගිකව හෝ මානසිකව සිදුවිය හැකියි. ගැහැණු ළමයින්ට දෙන සාමාන්‍ය උපදෙස තමයි “රෑට එලියට යන්න එපා, ඒක පරිස්සම් නෑ” කියන දේ. නමුත් අපි දකින්න අසමත් වෙලා තිබෙනවා කාන්තාවන් තමාගේ පවුලේ සාමාජිකයන්ගේ  හෝ සමීප සහකරුවන්ගේ හිංසනයට නිවසේදීම ලක්වෙනවා කියන දේ. මේක විවෘතව කතා කෙරෙන මාතෘකාවක් නෙවෙයි. තවදුරටත් කියනවා නම්, කාන්තාවෝ රැකියාවේදී සිදුවන හිංසනය ගැන පැමිණිලි කරන්නේ නැහැ රැකියාව අහිමි වෙයි කියන බය නිසා. මම දකින විදියට නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය බොහෝ විට සිදුවිය හැක්කේ පුද්ගලික අවකාශවලදියි.

අරිත – හිංසනය ශාරීරික, මානසික හෝ මුල්‍යමය විය හැකියි. මෙය පුද්ගලයෙකුට තවත් කෙනෙකුට පාලනය කළ හැකි මට්ටම මත පදනම් වෙනවා.

ශාරීරික හිංසනය

ස්පර්ශයක් මඟින් ඔබට ජීවිතයට තර්ජනයක් දැනිය හැකි නම්, එය ශාරීරික හිංසනයක් ලෙස සැලකිය හැකියි.

වාසනා පවසන්නේ, මේ සියල්ල පුද්ගලයෙකු කෙරෙහි බලය යෙදවීම පිළිබඳව වන බවත් එය විවාහක යුවළක් තුළ මෙන්ම විවාහයෙන් පිටතදී පවා  පුරුෂයෙකු විසින් ස්ත්‍රියකට ලිංගික සංසර්ගය සඳහා බල කිරීමේදී සිදුවන බවයි. ආරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීමට කාන්තාවන්ට අයිතියක් තිබෙනවා. පුද්ගලයෙකු මෙම අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය ලිංගික හිංසනයකට සමාන විය හැකියි .

චිත්තවේගීය හිංසනය

මෙය වින්දිතයාට මානසික හානියක් හෝ වේදනාවක් ගෙන දෙන සිදුවීම් මාලාවක්. එය චර්යාත්මක හා වාචික ආකාරයේ අපයෝජනයක් වන අතර එය සාමාන්‍යෙන් දිගු කාලයක් පුරාවට සිදු වෙනවා. වින්දිතයාට අනාරක්ෂිතබව සහ විශාද තත්ත්වයන් දැඩි ලෙස දැනීමට ඉඩ තිබෙනවා. වින්දිතයා චිත්තවේගීයව පහල තත්ත්වයක සිටීම, අතවරයට හෝ හිරිහැරයට ලක් වීමද විය හැකියි. ඔබේ සහකරුට කෑගැසීම, අපහාසයක් ලෙස නරක භාෂාව භාවිතා කිරීම, ඔබේ සහකරුට හානි කිරීමට තර්ජනය කිරීම චිත්තවේගීය අපයෝජනයක්.

මූල් අපයෝජනය

ගිණුම් අවහිර කිරීමෙන් සහ මුදල් සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් මූල්‍ය සම්පත් පාලනය කිරීම මගින් පුද්ගලයෙකු පාලනය මෙයින් අදහස් වෙනවා.

 

මෙම ප්රචණ්ඩත්වයට හේතු වන්නේ කවුද?

අරිත – සමීක්ෂණයට සහභාගී වූ සමහර කාන්තාවන් සිතුවේ ඔවුන් එවැනි සැලකීමක් ලැබීමට සුදුසුයි කියා සහ එය අපයෝජනය සිදුවන ආකාරයක් නොවේ කියායි. ඔවුන් හිතුවේ නැහැ ඔවුන්ට සලකන විදියේ වැරද්දක් තිබෙනවා කියල.  පුරුෂමුලික සමාජ ක්‍රමය ඉතා ශක්තිමත් සහ  කාන්තාවන් එහි කොටසක්. මෙම මතය බිඳ දැමීමට යම් කාලයක් ගත වේවි. නමුත් එය කාන්තාවන් නායකත්වය දැරිය යුතු පිරිමින් සමග එක්ව කල යුතු අරගලයක්.

ස්වස්තිකාපුද්ගලයෙක් ළමයෙක් ලෙස ප්‍රචණ්ඩත්වය අත්විඳිනවා නම්, එවැනි කෙනෙක් වැඩිහිටියෙක් ලෙස ප්‍රචණ්ඩ වීමට නැඹුරුවක්  දක්වනවා. මෙය හඳුන්වන්නේ “පරම්පරාගත ප්‍රචණ්ඩත්වය” ලෙසයි. කෙසේ වෙතත්  ප්‍රචණ්ඩත්වයට එකම හේතුව  මෙය නෙවෙයි. ළමයින් සමාජයේ පවතින මතවලින් බලපෑමට ලක් වන විට, ඔවුන් කාන්තාවන් සහ LGBTQ (පිළිවෙලින් L -සමරිසි ස්ත්‍රී, G -සමරිසි පිරිමි, B-ද්විරිසි, T -සංක්‍රාන්ති සමාජභාවී හා Q- ක්වියර) ප්‍රජාව හුදු වස්තුවක තත්ත්වයට ඇද දැමීමට පෙළඹෙන අතර පසු කාලිනව ප්‍රචණ්ඩත්වය ඇති කරන වැඩිහිටියන් බවට පත් වීමට නැඹුරුවක් දක්වනවා.

ඔබ හිරිහැරයට ලක් කිරීම (bullying) ගැන මොකක්ද හිතන්නේ? හිරිහැරයට ලක් කිරීමත් ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේම කොටසක්ද?

අරිත – හිරිහැරයට ලක් කිරීමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේම කොටසක් තමයි. කිසියම් පුද්ගලයෙක් හිරිහැරයට ලක්වන විට (bully වන විට) එම පුද්ගලයාගේ චිත්තවේගිමය සහ ශාරීරික යහපැවැත්මට තර්ජනයක් වෙයි කියා එම පුද්ගලයාට දැනෙනවා. මෙසේ හිරිහැරයට ලක් කරන පුද්ගලයා විරුද්ධ ලිංගිකයෙක් වන විට, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය යටතට වැටෙනවා.

How do men face sexual violence?

පුරුෂයන් කොහොමද ලිංගික හිංසනයට ලක් වෙන්නේ?

අරිත – බොහෝ විට කාන්තාව වඩා බලවත් තැන සිටින විට හෝ පිරිමි දරුවාගේ වගකීම දැරීම කරන විට ස්ත්‍රීන් විසින් පුරුෂයින්ට ලිංගික හිංසනය සිදු කිරීමේ ප්‍රවණතාවක් අප දකිනවා. කෙසේ වෙතත් පුරුෂයන්ට සිදුවන ලිංගික හිංසා බොහෝමයක් සිදු කර තිබෙන්නේ වෙනත් පිරිමින් විසින්. බොහෝ පිරිමි වින්දිතයින් විවෘතව කතා කරන්නේ නැත්තේ එවැනි සිදුවීම් ලැජ්ජා සහගතයි ආදී ලෙස පවතින ගර්හාව නිසායි. අපට එරෙහිව බිහිසුණු අපරාධයක් කර ඇති බව පිළිගැනීම කාන්තා ලක්ෂණයක් කියා අපට හිතන්න සලස්වල තියෙනවා. මෙවැනි සිද්ධි එක්ක විශාල ලැජ්ජාවක් බැඳිලා තිබෙද්දීම අපට කියනවා මිනිහෙක් වෙන්න කියල. පුරුෂභාවයේ තිබෙන මෙවැනි විෂ සහිත අදහස්වලට අනුව අපි වින්දිතයන් බවට පත් වුනොත්, අපි ඒ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නෑ. අවාසනාවකට පසුව අපි ලිංගික හිංසනයේ වැරදිකරුවන් බවට පත් වෙනවා.

 

ස්වස්තිකා– අපි දකිනවා පුරුෂයන් තවත් පුරුෂයන්ව හිංසාවට ලක් කරනවා  පුරුෂභාවය ගැන අපහාස කරමින්. මෙය පිරිමි ළමුන් මුහුණ දෙන එක ආකාරයක හිංසනයක්. සංස්කෘතිමය වශයෙන් මේ වටා බැඳිලා තිබෙන සමාජ ආකල්පය නිසා අපි දකින්නේ නෑ පිරිමියෙක් කාන්තාවක් විසින් සිදු කල හිංසනයකට විරුද්ධව පැමිණිලි කරනවා. දුෂණය කිරීම සිදු කල හැක්කේ පුරුෂයෙක්ට පමණයි කියා උපකල්පනයක් තියෙනවා සහ මෙය අදටත් අපේ නීති තුල පිළිබිඹු වෙනවා. මේ නිසා  පුරුෂයන් ඉදිරියට පැමිණෙන්නේ නැහැ.

 

මෙම ප්රශ්නයට එරෙහිව සටන් කිරීමට සහ පුරුෂයන් මේ ගැන හඬක් නැගීමට දිරිමත් කිරීමට ඔබ යෝජනා කරන්නේ කෙසේද?

අරිත – පාසල් අධ්‍යාපනය. අපි හැමෝම දන්නවා අපිට පාසලෙන් කිසිම ආකාරයක ලිංගික අධ්‍යාපනයක් හෝ සම්බධතා පිලිබඳ අධ්‍යාපනයක් ලැබුනේ නැහැ. අපිට උගන්වල නැහැ කැමැත්ත (consent) යන්නහි තේරුම. බොහෝ පිරිමින් සහ කාන්තාවන් වටහාගෙන නැහැ කැමැත්ත යන වචනය. ළමයින් කාමුක අන්තර්ගතයන් (pornography) තුළින් සබඳතා ගැන ඉගෙන ගන්නවා. කාමුක අන්තර්ගතයන් විශාල ප්‍රමාණයක් ප්‍රචණ්ඩකාරී වන අතර ඒවා ඇතැම් ෆැන්ටසින් රඟ දක්වනවා. කැමැත්ත හෝ යහපත් සම්බන්ධතා ගැන උගන්වා නැති තරුණ දරුවෙකු මෙවැනි දේ  ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හැසිරීම් සාමාන්‍යකරණය කිරීමක් ලෙස දැකීම නිසා  ඔවුන් තම සහකරුට සලකන ආකාරය කෙරෙහි බලපෑම් කරනවා. අධ්‍යාපනය නොමැතිකම කාන්තාවන්ට එරෙහි හිංසනය දිගටම කරගෙන යෑමට හේතුවක් වෙනවා.

ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය අතර වෙනසක් තිබෙනවද? නැතිනම් මේ දෙකම එකක්ද?

අරිත – මේ දෙක එකක් නෙවෙයි. මේ අවස්ථාවල සන්දර්භය (context) වෙනස්.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඕනිම තැනක සිදුවිය හැකියි. එය බස් එකේදී හෝ මුහුදු වෙරළේදී සිදු විය හැකියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදු වෙන්නේ පෞද්ගලික ස්ථානයක, පෞද්ගලික සම්බන්ධතාවක් තුලයි. එය අත්‍යවශයෙන්ම නිවසේදී සිදු විය යුතු නැතත් එය සිදුවන්නේ සමීප සහකරුවන් අතර.

 

ඔබගේ සහකරු හෝ සහකාරිය විසින් සිදුකරන හිංසනයක් වාර්තා කිරීම ගැන බැඳුනු විවිධ සමාජ ආකල්ප (stigma) පවතිනවා. ඔබ මේ අයට දෙන උපදෙස් මොනවාද?

නීතිඥවරයෙක් ලෙස මම කියන්නේ ඔබ එවැනි දෙයක් ගැන පැමිණිලි කල යුතුයි නමුත් අපි තේරුම් ගත යුතුයි හැම පුද්ගලයෙක්ම මුහුණපාන තත්ත්වයන් වෙනස් කියන කරුණ. අපට ඉතා සානුකම්පිත පොලිසියක් ද අවශ්‍ය වෙනවා, මොකද පැමිණිලි කිරීමට ගිය කාන්තාවන් ආපසු හරවා යවා තිබෙන අවස්ථා තියෙනවා. කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමකින් තොරව,පොලිසිය අපයෝජිත සම්බන්ධතාවල සිටින සහකරුවන්ව තල්ලු කරලා තියෙනවා ඔවුන්ගේ ගැටළු විසඳගෙන සමථ වෙන්න. ඕනෑම ආකාරයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් කියන්නේ අපරාධමය කරුණක්. සමීප සහකරුවන් අතර මෙය සිදු වුණා කියන කරුණ එහි සාපරාධීත්වය අඩු කරන්නේ නැහැ.

ඔබට කතා කරන්න පුලුවන්ද ශ්රී ලංකාවේ LGBTQ ප්රජාව මුහුණදෙන ප්රචණ්ඩත්වය ගැන

අරිත – වසර 3කට පමණ පෙර Equal Ground විසින් රටේ දිස්ත්‍රික්ක 25 ඇසුරෙන් සිදු කල සමීක්ෂණයකින් හෙළි වුනේ LGBTQ ප්‍රජාවෙන් 70% කිසියම් ආකාරයක හිංසනයකට මුහුණ පා ඇති බවත් 50% ක් රැකියා අවස්ථාවලින් ප්‍රතික්ෂේප වී ඇති බවයි. iProBono සමග වැඩ කරන නීතිඥවරු හෙළි කරලා තියෙනවා LGBT පුද්ගලයන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ගුද සහ යෝනි පරික්ෂාවන්ට ලක් කර ඇති බව.

මේ ගැටලුවට පවතින නීතිමය රාමුව කුමක්ද?

වාසනා-  පළමුව ඔබ ළඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කල යුතුයි. ඔබට කිට්ටුව පොලිස් ස්ථානයක් නැතිනම් හදිසි ඇමතුම් අංකය වන 119 ට දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන්. එහෙමත් නැති නම් ඔබට පුළුවන් පැමිණිල්ලක් කිරීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය ලබා ගැනීමට පොලිස් ප්‍රධාන කාර්යාලය 0112 421111 අමතන්න. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා තිබෙන විශේෂ ඇමතුම් අංකය 1938.

අපි අද ජිවත් වෙන්නේ ඩිජිටල් ලෝකයක. ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද අන්තර්ජාලය තුල සිදුවන ලිංගික හිංසනය ගැන?

අරිත- අපි තරුණ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව සයිබර් හිරිහැර කිරීමවලට එරෙහිව සටන් කිරීමට කටයුතු කරනවා. සයිබර් අවකාශය තුල සිදු කරන හිරිහැර කිරීම්, පළිගැනීමේ අරමුණෙන් භාවිත කරන කාමුක අන්තර්ගතයන් (revenge porn) අපරාධකරණය කිරීම සඳහා අපරාධ නීති ප්‍රතිසංස්කරණය කරමින් ඉන්නේ.

ස්මාර්ට් ජංගම දුරකතනවල ව්‍යාප්තිය හේතුවෙන් මෙය ගැටළුවක් වෙලා තිබෙනවා. අපි දකිනවා ගමේ ක්‍රීඩා පිටියේ වුනු හිරිහැර කිරීම් (bullying),  නම් කියා ගැනිම සහ පුද්ගලයන් ලජ්ජාවට පත් කිරීම, අපහාස වන අයුරෙන් කතා කිරීම හෝ ප්‍රචණ්ඩ හෝ ලජ්ජාවට පත් කරන පණිවිඩ යැවීම සමාජ මාධ්‍ය තුල සිදු වෙනවා. විශාල වශයෙන් සයිබර් අවකාශය තුල ලිංගික හිරිහැර කිරීම් සිදුවෙනවා. අවාසනාවකට මෙන් වෙනත් පාසල් දැරියන්ගේ නිරුවත් රූප බෙදා හදා ගන්නා ඉතා හොදින් ස්ථාපිත වුනු, පාසල් පිරිමි ළමයින්ගේ සංවිධානාත්මක කල්ලි තිබෙනවා. ඉස්සර අපි බෙදා ගත්තේ සුපිරි වීරයන්ගේ ස්ටිකර්ස්. දැන් ඔවුන් පාසල් දැරියන්ගේ පින්තූර වෙළඳාම් කරන්නේ ඔවුන්ව සම්බන්ධතාවයකට පොළඹවා ගෙන සහ නිරුවත් පින්තූර යවන බවට තර්ජනය කරමින්. ගැහැණු ළමයා ලිංගික අවශ්‍යතාව  ඉටු කලේ නැතොත්, අනවසරයෙන් එම  ඡායාරුප ප්‍රසිද්ධ කරන, පළිගැනීමේ අරමුණෙන් කාමුක අන්තර්ගතයන් (revenge porn) භාවිත කරන ලිංගික හිංසන චක්‍රයක් බවට මෙය පත් වෙනවා. අවාසනාවට අපි දරුවන්ට ස්මාර්ට් දුරකථන ලබා දී තිබෙන්නේ එහි භාවිතය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමකින් තොරවයි.

 

  • ඔබට සම්පුර්ණ සාකච්ඡාව අපගේ Law Students’ Association Sri Lanka YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

 

සම කර්තෘවරුසීනත් සකිර්, අංජලී උඩවත්ත, ශලොමි තාසන් ( ශ්රී ලංකා නීති ශිෂ් සංසදයේ සමාජ සුභසාධක කමිටුව)

රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන් විවිධ අවස්ථාවල, විවිධ තැන් වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වෙනවා. රැකියා ස්ථානයේ මෙවැනි ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන තත්ත්වය කාලයක් තිස්සේ අපිට අහන්න දකින්න ලැබෙනවා. කාන්තාවන් රැකියාවෙන් ඉවත් වෙන්න මේ හේතුව බොහෝ ලෙස බලපා තිබෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූ දෙයක් නෙවෙයි. අනිකුත් දියුණු රටවල් වලත් කාන්තාවෝ විවිධ ලිංගික හිරිහැරයන්ට ලක්වෙනවා. කාන්තාවන්ට තමන්ගේ නිවසේදී, මහමගදී මෙන්ම සේවා ස්ථානයේද විවිධ ප්‍රමාණ වලින් හිංසනයන්ට ළක් වීමට සිදුවෙන අතර සේවා ස්ථානයේදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය එතරම් කතා බහට ලක් වෙන්නේ නැහැ.

රැකියාවේ තිබෙන සුරක්ෂිතභාවය, ආර්ථික අපහසුතා සහ සමාජ අපවාදයන්ට මුහුණ දෙන්න වෙයි කියන බය නිසා බොහෝ කාන්තාවන් මේ දේවල් දරාගන දැඩි පීඩනයෙන් යුතුව රැකියවේ නිරත වෙනවා. රැකියා ස්ථානයේදී සිදුවන ලිංගික හිංසනය ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධානියෙකු හෝ යම් බලතල දරන පුද්ගලයෙකු තමන් යටතට සේවයට අනියුක්ත කරන කාන්තාවන්ට උසස්වීම් ලබා දීමට, සේවා ස්ථානයේ මාරු කිරීම්, සේවා ඇගයීම් හෝ ප්‍රසාද ලබා දීමට ලිංගික අල්ලස් ඉල්ලා සිටීම එක් ආකාරයක්. සේවා ස්ථානයේ සිටින අනෙකුත් පිරිමින් කාන්තා සේවිකාවන්ට සිදුකරන ඉඟිබිඟි, කතා, අයුතු ලෙස සිදු කරන කායික ප්‍රවේශ සහ ලිංගික වශයෙන් වෙනස්කොට සැලකීම් මෙන්ම එමගින් සේවය කිරීමට අපහසු පරිසරයක් ඇති කිරීම ලිංගික හිංසනයක් සිදුවන අනෙක් ප්‍රධාන ආකාරය ලෙස දක්වන්න පුළුවන්.

කාන්තාවන් තමන්ගේ සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයට ලක්විය හැකි ආකාරයන්
කායිකව සිදුකරන ලිංගික හිංසනය

■ අනවශ්‍ය පරිදි සමීප වී සිටගෙන සිටීම
■ ස්පර්ශ කිරීම, අතින් තට්ටු කිරීම, අතගෑම, සිර කිරීම, මිරිකීම හෝ වැළද ගැනීම
■ ලිංගික අවයව ස්පර්ශ වන ලෙස හැසිරීම
■ ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම.

වාචික ලිංගික හිංසනය

■ ලිංගිකත්වය පිළිබද වර්ණනා කිරීම හෝ ඒ සම්බන්ධයෙන් වක්‍රව අදහස් පළ කිරීම.
■ තවත් කෙනෙක්ගේ ලිංගිකත්වයට අපහාස කිරීම.
■ පුද්ගලයෙකුගේ කායික පෙනුම, වයස, පෞද්ගලික ජීවිතය, තනිකඩ හෝ විවාහ දිවියේ තත්ත්වය, මාතෘ භාවය හෝ මාතෘ භාවයට පත් නොවීම ගැන අදහස් පළ කිරීම
■ ලිංගිකත්වය මුල් කොටගත් විහිලු කතන්දර ගෙනහැර දැක්වීම, ලිංගික ආශාවන් පිළිබදව කරුණු විමසීම.
■ වැඩවලට අදාළ සාකච්ඡා ලිංගිකත්වය මුල්කොට ගත් මාතෘකා වලට හැරවීම.
■ උරුවම් බෑම හෝ ලිංගිකව කාමුක ශබ්ද ඇති කිරීම.
■ අසභ්‍ය සහ ප්‍රහාරාත්මක භාෂාවන් භාවිතය.
■ නිර්ණාමික දුරකථන පණිවුඩ ලබාදීම.
■ විටින් විට අයුතු සාද සදහා ආරාධනා කිරීම.
■ ඕපාදූප කීම, කේලාම් කීම හෝ කටකතා පැතිරවීම.

අභිනයෙන් සිදු කරන ලිංගික හිංසනය

■රැවීම, කාමුකව ඇස් කොණින් බලා විරිත්තීම, කතා කරන දේ නිරීක්ෂණය කිරීම, ඉගි මැරීම හෝ බලා සිටීම
■පිඹීම, දිව දික් කිරීම හෝ තොල් ලෙවකෑම
අත්/ඇගිලි යොදා ගනිමින් ලිංගික අදහස් පළ කිරීම
■ලිංගික කාමුක ක්‍රියා අභිනයෙන් දැක්වීම

දෘශ්‍ය ලිංගික හිංසනය

■අනිසි ඊමේල් පණිවිඩ, කෙටි පණිවිඩ යැවීම හෝ ලිංගික කරුණු ඉස්මතු වන විහිළු සහගත දේ තැපෑලෙන් යැවීම
■නිර්ණාමික ලිපි, ඊමේල්, ට්විටර්ස්, සමාජ මාධ්‍ය හරහා පණිවිඩ හෝ කෙටි පණිවිඩ යැවීම
■ලිංගික හැගීම් උපද්දන කුරුටු ගී ලිවීම
■ලිංගිකත්වය ගෙනහැර දක්වන පින්තූර, ඡායාරූප, පෝස්ටර්, දින දර්ශන සහ ඩෙස්ක්ටොප් බිත්ති, පත්‍රිකා හෝ අසභ්‍ය වෙබ් අඩවි ප්‍රදර්ශනය කරමින් තිබීම.
■තවත් පුද්ගලයෙකුගේ අනුකරණ, පිංතූර වීඩියෝ පට ඔවුන්ගේ අනුදැනුම හෝ කැමැත්ත නොමැතිව ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීම

ඔබට මෙවැනි ආකාරයේ කරදයක් සිදුවනවානම් එය දරාගන්නේ නැතිව මේ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඔබේ සේවා ස්ථානයේ කාන්තාවකට ඉහත සදහන් කළ ඕනෑම ආකාරයකින් ලිංගික හිංසනයක් සිදුවනු දුටුවහොත් වින්දිතයා එය පැමිණිලි නොකළද ඔබ ඊට එරෙහිව කතා කරන්නට වග බලාගන්න. ආයතනයේ අදාල බලධාරීන් දැනුවත් කරන්න. ආයතනය විසින් ක්‍රියාමාර්ග නොගන්නේ නම් රටේ පවතින නීතියට තමන්ට ලැබෙන හිංසනයට එරෙහිව නෛතික සුරක්ෂිතතාවය ලබා ගැනීමට ඕනෑම කාන්තාවකට හැකි බැවින් නීති උපදෙස් ලබා ගනිමින් ඒ සඳහා යොමු වීමට කටයුතු කරන්න.

කොරෝනා හදාගන්නේ නැතිව gym යමු..

ශරීර සුවතාවය ගැන හිතන ඕනම කෙනෙක්ට හොඳ Option එකක් තමයි ජිම් එක. අද වෙනකොට බොහෝ දෙනෙක් ජිම් එකට යන්න පෙළබිලා තිබෙනවා. හැබැයි මේ කොරෝනා වෛරසය නිසා අපි හැම කෙනෙක්ටම වගේ ජිම් එකට හරියට යන්න ලැබුනෙම නැහැ. දැන් තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. හැබැයි එහෙම වුණාට ජිම් නොගිහින් හිටියා කියලා වැඩකුත් නැහැ. ඒ නිසා පුළුවන් උපරිමෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපඳින ජිම් එකකට යන්න. අද අපි කතා කරමු මේ කෙරෝනාවෙන් හැකි තරම් පරිස්සම වෙලා කොහොමද ජිම් යන්නේ කියලා.

 

Face Mask

CDC updates: Wear a mask while exercising indoors at gyms

ගොඩක් දෙනෙක් හිතන්නේ මාස්ක් එකක් දාගන workout කරන්න බැහැ කියලා. ඒ වගේම හිතනවා හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙලා කලාන්තයක් එයි කියලා. නමුත් ඇත්තටම එහෙම දෙයක් සිදුවෙන්නේ නැහැ. විද්‍යඥයන්ට අනුව මාස්ක් එකක් දාගන workout කරාට කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ජිම් එකේදි workout කරනකොට මාස්ක් එක දාගන්න . මේයින් හැමදෙනාම ආරක්ෂා වෙනවා.

හරි gym එකක්

Hotel Marino Beach | Colombo

ඉස්සරන්ම අපි හොඳ gym එකක් කියලා හෙව්වේ හොඳ උපකරණ තියෙන හොඳ කෝච් කෙනෙක් ඉන්න ජිම් එකක්. වර්තමානයේ මේ දේවල් විතරක් නෙවෙයි කොවිඩ් වෛරසය නිසා හොඳට ඉඩකඩ තියෙන හොඳට වාතාශ්‍රය එන වගේම covid guide line වලට අනුව කටයුතු කරන තැනක්ද කියලා හොඳට හොයලා බලන්න.

 

කණ්ඩායම් ලෙස පුහුණු වීම්

What is the difference between Zumba and dance aerobics? - Quora
ඇරොබික්ස්, සුම්බා වැනි එහෙමත් නැත්තම් කණ්ඩායමක් වශයෙන් එකුතු වෙලා කරන ව්‍යායාම වගේ දේවල් සිදුකලාට කමක් නැහැ. හැබැයි එකිනෙකා අතර මීටර් දෙකකවත් පරතරක් තියගන්න . එහෙම ඉඩපහසුකම අඩුයින්ම එවැනි ක්‍රියාකරකම් වලට මේ අවස්ථාවේ සහභාගී නොවෙන එක තමයි හොඳම දේ.

සැනටයිසර්

Keeping Your Club's Image Safe & Clean | IHRSA

මේ කාලේ නැතුවම බැරි දෙයක් තමයි සැනටයිසර්. ඒ වගේම ජිම් යනවා නම් අනිවාර්යෙන් ලඟතබා ගත යුතුම දෙයක් තමයි සෙනටයිසර්. ජිම් එකේදි ඔයා භාවිතයට ගන්න හැම උපකරණයක්ම සැනටයිසර් කරගන්න. ඒ වගේම මතක ඇතිව ඔයාගේ අත් දෙක සැනටයිස් කරගන්න.

 

ඕෆ් පීක්

Forum: ActiveSG gym users urged to plan before booking slots, Forum News &  Top Stories - The Straits Times

අපි හැම කෙනෙක්ම අපිට පහසු වෙලාවේ ජිම් යන්න තෝරගන්නවා. සමහර අය උදෙන්ම යනවා නැත්තම් හවස. මේ කොරොනා කාලේ සෙනග අඩු වෙලාවට ජිම් එකට යනවා නම් තමයි හොඳ. පීක් වෙලාව සහ ඕෆ් පීක් වෙලාව එක එක ජිම් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් කට්ටිය අඩුවෙන එන වෙලාවට workout කරන්න ජිම් එකට යන්න.

එලියට යනවානම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න…

COVID – 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියත් එක්ක රජය විසින් සංචරණ සීමා පැනවූයේ වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් වශයෙනුයි. කොහොම වුනත් සති හයක පමණ කාලයක් නිවෙස් වලටම වෙලා හිටපු බොහෝ දෙනෙක් සංචරණ සීමා ලිහිල් කිරීමත් සමගම තම තමන්ගේ කටයුතු වලට බැහැරට යන්න පටන් අරගෙන තිබෙනවා. මහාමාර්ග වල සාමාන්‍ය දිනවල වගේම රථ වාහන තදබදයකුත් තිබෙන බව තැනින් තැන අහන්න දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ගැන විවිධ පුද්ගලයින් විවිධ මත ප්‍රකාශ කරා වුනත්, නිශ්චිතවම මේ තත්ත්වය හරි හෝ වැරදි කියල ප්‍රකාශ කරන්නත් කිසිවෙකුට හැකියාවක් නැහැ. එකිනෙකාගේ අවශ්‍යතා සහ ජීවන විලාශය එකිනෙකට වෙනස් නිසා. කොහොම වුනත්, සංචරණ සීමා ඉවත් කළ පසු, අත්‍යවශ්‍ය කාරණා සහ වෘවත්තීය අවශ්‍යතා වෙනුවෙන් පිටතට යන ඔබ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු දේවල් කිහිපයක් ගැන නැවත වරක් ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා. මේ බොහොමයක් දේවල් ඔබ දැනටමත් හොඳින් දන්නවා වන්නටත් පුළුවන්. නමුත් නැවත නැවතත්, අපි ඔබව දැනුවත් කරන්නේ මේ සියල්ල පිළිපැදීම අත්‍යවශ්‍ය නිසාමයි. මේ වසංගත තත්වයෙන් රටක් වශයෙන් ආරක්ෂා වන්න නම් මේ කරුණු අනුගමනය කළ යුතුමයි.

ඔබ කිසියම් කාරණයක් වෙනුවෙන් පිටතට යනවා නම්, ඒ හැම අවස්ථාවකදීම ඔබේ දෑත් පිරිසිදු කරගැනීම මගහරින්න එපා. දෑත් සෝදා ගැනීමේ පහසුකම් නොමැති අවස්ථාවක් ආවොත් පාවිච්චිය වෙනුවෙන් සැනිටයිසර් බෝතලයක් අරගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම හැකි සෑම අවස්ථාවකම එකිනෙකා අතර මීටරයක පරතරය පවත්වා ගන්න වගබලා ගන්න. අත්‍යවශ්‍ය නොවන කාරණයක් නම් හැකි තරම් නිවසින් බැහැර යාමෙන් වැලකී සිටින්න කියන දේත් නැවත වරක් ඔබට සිහිපත් කළ යුතුමයි. ඒ වගේම නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම නිවැරදි මුහුණු ආවරණයක් පැළඳ ගන්න අමතක කරන්න එපා.

මොකක්ද මේ නිවැරදි මුහුණු ආවරණ පැළඳීම කියන්නෙ..? සමහර විට මේ ගැන ඔබට ගැටළුවක් තිබිය හැකියි. ඒ වගේම මුහුණු ආවරණ දෙකක් පැළඳිය යුතුයි කියන අදහසකුත් පැතිර ගියා ඔබට මතක ඇති. මේ කතාව ඇත්තක්ද..? මුහුණු ආවරණ දෙකක් පැළඳීමෙන් අමතර ආරක්ෂාවක් ලැබෙනවාද..? මේ ගැටළුවට පිළිතුරු දීමට අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිළ වෙබ් අඩවියේ සඳහන් තොරතුරු සහ රජයේ සෞඛ්‍ය නිර්දේශ පදනම් කරගන්නම්. ඔබ සාමාන්‍ය Surgical mask එකක් පළඳින කෙනෙක් නම් මෙතැනදී mask දෙකක් පැළඳීම කියන දේ ඔබට වැදගත් විය හැකියි. Surgical mask භාවිතයේ දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පිටත දාරය දිගේ ඇතැම් තැන්වල මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම. Surgical mask එකක් භාවිතා කිරීමේදී, එයට පිටතින්, අමතර රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, මේ විදිහට ඇතිවන හිඩැස් අවම කරගන්න පුළුවන් නිසා ඇතැම් අය එසේ කරනවා. මේ ක්‍රමය වසංගත තත්ත්ව පාලනයට කෙතරම් දුරකට උපකාරී වනවාද කියන දේ ගැන විද්‍යාත්මක සාක්ෂි තවමත් මුල් අවස්ථාවේ පවතිනවා. නමුත් ලෝකයේ ඇතැම් මහජන සෞඛ්‍ය ආයතන මගින් මෙම උපක්‍රමය පහුගිය කාලවල දී නිර්දේශ කරනු දකින්න ලැබුනා. මේ විදිහට රෙදි මුව ආවරණයක් පමණක් පැළඳීමත්, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවාට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක්. රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි තිබෙන ස්තර ගණන වගේම සාදා ඇති අමුද්‍රව්‍ය මතත් තීරණය වෙනවා. ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැක.

Cloth vs. Surgical Masks: Which Is Best? | Do Double Masks Work?

ඒ වගේම ඔබ දන්නවා වෛද්‍ය අංශයේ සේවය කරන පුද්ගලයින් පාවිච්චි කරන මේ වනවිට පොදුවේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන KN95 කියන මුව ආවරණය ගැන. ඔබේ මුහුණේ නාසය සහ මුඛය ආශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරගැනීමට මේ මුව ආවරණයට හැකියාව තිබෙනවා. ඒ නිසා මෙය පැළඳීම වඩාත් පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමවේදය බව තහවුරු කොට තිබෙනවා. KN 95 මුහුණු ආවරණයක් පළඳින විට තවත් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. එය සම්පුර්ණයෙන්ම ආරාක්ෂාකාරියි. ඒ නිසා අමතර අපහසුවකින් තොරව නිවැරදි මුහුණු ආවරණය තෝරාගෙන පළඳින්න වගබලා ගන්න. ඒ වගේම ඔබට ඇතිවන අපහසුතාවකදී මුහුණු ආවරණය ලිහිල් කිරීමට අවශ්‍ය වුවහොත්, ඔබ ඉතා හොඳින් මතක තබාගත යුතුයි මිනිසුන්ගේ ඉවතට ගිහින් මදක් මුහුණු ආවරණය ලිහිල් කරගැනීමටත්. ඒ වගේම කිසිදු විටෙක මුහුණු ආවරණයේ මැදින් ඇල්ලීම සිදු නොකළ යුතුයි. කණ සමග සම්බන්ධ වන ආධාරක පටියේ එක පසකින් පමණක් අල්ලා එය ලිහිල් කිරීම කළ යුතුයි. ඒ වගේම Mask එක පැළඳීමට පෙර සහ ගලවා ඉවත් කළ පසුත් හොඳින් සබන් යොදා ඇත සේදීම කළ යුතුමයි. Surgical mask එකක් නම් වරක් භාවිතයෙන් පසු විනාශ කරන්නත්, රෙදි එකක් නම් හොඳින් සෝදා නැවත භාවිතා කිරීමත් කළ යුතුයි. Mask එක පැළඳි පසු ඔබේ නාසය, කට සහ නිකට යන සියල්ලම ආවරණය වී ඇතිදැයි හොඳින් පරික්ෂා කර බලා තහවුරු කරගන්නත් අමතක කරන්න එපා.

A Quick And Easy Guide to Face Steaming For Acne Prone Skin | Make Plus

ඔබ නිතර දෑත් සෝදනවා වගේම ඇස් සහ මුහුණේ නිරාවරණය වී ඇති ප්‍රදේශ ඇල්ලිමෙනුත් වැලකීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පොදුවේ කිහිප දෙනෙක් භාවිතා කරන කාර්යාලයීය උපකරණ, මේස ආදියත් නිතර නිතර විෂබීජ හරණය කිරීමට සැළකිලිමත් වන්න. සනිටයිසර් ස්ප්‍රේ බෝතලයක් භාවිතයෙන් මෙලෙස විෂබීජ හරණය සිදුකරගත හැකියි. ඒ වගේම මේ දවස් වල හැකි තරම් පෝෂ්‍යදායි ආහාර වලට යොමුවන්න. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම නිසි ව්‍යායාම් කරන්න අමතක කරන්නත් එපා. නිතර උණුසුම් ජලය පානය කිරීම උණුවෙන් පාවිච්චි කිරීම හැකි සෑම විටකම කරන්න. ඔබ පිටතට ගොස් පැමිණියේ නම් සෙල්සියස් අංශක 70කට වඩා වැඩි උණුසුම් වතුරින් හුමාලය ඇල්ලීම කළ යුතුයි. මේ පියවර අනුගමනය කිරීම ඔබ වගේම ඔබේ පවුලේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට උපකාරී වනවා.

මේ වනවිට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ලංකාවෙන් හමුවී ඇති බව ඔබ හොඳින් දන්නවා ඇති. ඔබ එන්නත් ලබාගත් පුද්ගලයෙක් වුනත්, එන්නත හේතුවෙන් වෛරසය ආසාදනය නොවනවා යැයි නොසිතා හැකි උපරිමයෙන් ආරක්ෂාකාරී වන්න. නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔබේ දෛනික කටයුතු කරගන්නා ලෙස අපි ඔබට මතක් කරනවා. මේ වෛද්‍ය නිර්දේශ දිගින් දිගටම යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනිකුත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන නිසා, අලුත් තොරතුරු නිකුත් වන විට ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. එතෙක්, මතක තබාගන්න. එළියට යන්න, නමුත් සියලු ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරන්න.

 

-එන්. වෙහෙරදූව-

පියවරුන්ගේ දිනයට දෙන්න හොඳම තෑගි මෙන්න…

තාත්තා, තාත්ති, අප්පච්චි ඔය මොන නමින් කතා කලත් අපි හැමෝගේම ජිවිතයේ වීරයා තමයි එයා. ඔව්, අපේ role model, support system, මේ හැමදේම එක්ක තාත්තා කියන්නේ අපේ ජිවිතයේ විශේෂ චරිතයක්. අපි කොච්චර වැඩිමහළු වුණත් වයසට ගියත් එකේ වෙනසක් නම් වෙන්නේ නැහැ. තාත්තා හැමදාම අපි ළඟින්ම ඉන්නවා. ඉතින් මේ ජුනි 20 වෙනිදාට යෙදිලා තියෙන ලෝක පියවරුන්ගේ දවසට ඔයාට පුළුවන් තාත්තාට ඔයාගේ ආදරේ පෙන්නන්න.

ඔයාට මොකක්හරි විශේෂ දෙයක් කරන්න අවශ්‍යද ? ඔව්, මන් දන්නවා ඔයා අනිවාර්යෙන්ම ඔව් කියනවා කියලා. මේ පුද්ගලයා ඔයාට කොච්චර විශේෂද කියන එක ක්‍රියාවෙන්වත් වචන වලින්වත් පෙන්නන්න නම් අමාරුයි. ඒ වගේම පිරිමි කෙනෙක්ට තෑග්ගක් තෝරාගන්න එක ගැහැණු කෙනෙක්ට තෑග්ගක් තෝරනවට වැඩිය ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම තමයි ඉතින් අම්මටයි තත්තාටයිත්. අම්මාට තෑග්ගක් තෝරාගන්නවා කියන එක ලේසි වැඩක්. හැබැයි තාත්තාට හොඳම තෑග්ග මොකද්ද කියලා හිතාගන්න බැරුව අපි හැමෝම අතරමං වෙනවා.

තාත්තා සතුටු වෙන විදිහේ දෙයක් ගන්න එක ඇත්තටම ටිකක් අමාරුයි. මොකද අපි කටින් නොකියන,හිතේ තියෙන ඒ ආදරය තාත්තාට පෙන්නන එක අගය කරන එක හිතන තරම් ලේසි නැහැ. ඉතින් මේ සැරේ ඒ ප්‍රශ්නෙන් ඔයාව බේරාගෙන තාත්තාට විතරක් නෙමෙයි සීයාට, මාමාට වුණත් දෙන්න පුළුවන් හොඳ තෑගී ලැයිස්තුවක් අපි අරගෙන ආවා. ඉතින් කියවලා බලන්න.

 

Gift Boxes

මේ Curated gift boxes කියන්නේ ඕනේ කෙනෙක්ට දෙන්න පුළුවන් තෑග්ගක්. මොකද ලිපිද්‍රව්‍ය, රුපලාවන්‍ය භාණ්ඩ වගේම තාක්ෂණික මෙවලම් වගේ ඔයාගේ තාත්තා කැමතිම දේවල් දාලා මේක customise කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේවා හොඳ ලස්සන පෙට්ටියක එන නිසා සරසන්න ඔතන්න කරදර වෙන්න ඕනෙත් නැහැ.

 

Robed Gift Works

ලස්සන box නිසාම ප්‍රසිද්ධ Robed සතුව විශේෂ පැකේජ කිහිපයක්ම තියෙනවා.

Tie සහ funky socks
Customise කරපු denim tote bags/ aprons සහ mugs/ bottles
aftershave toner ,beard oil, artisan soap වගේ Bath and body products
flavoured nuts, milk toffees සහ cookies වගේ කෑම ජාති
Toolsets, pouches, වගේ ගොඩක් දේවල් ඔයාට එයාලගෙන් ගන්න පුළුවන්.

ඔයා ගන්න බඩු වලට සහ ඔයාගේ මුදලේ හැටියට මේ box customise කරගන්න පුළුවන්. සංචරණ සීමා තිබුණත් එයාලා දිවයින පුරාම බෙදාහැරීම් සිද්ධ කරනවා.

Instagram: https://www.instagram.com/robedsl/

Contact: 0777 965 383

 

Hello Gifts SL

මතක හිටින්න දෙන්න පුළුවන් දේවල්දෙ, කන්න පුළුවන් දේවල්, බොන්න පුළුවන් දේවල්, සුවඳ විදින්න පුළුවන් දේවල් හෝ accessories වේවා තෑගී දෙන්න පුළුවන් ඕනේම දෙයක් මෙයාලා ගාව තියෙනවා. මේ හැම ජාතියකම දේවල් වගේම තවත් ගොඩක් දේවල් ඇතුළත් කරපු ඔයා කැමැති විදිහේ hamper එකක් Hello Gifts SL එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/hellogiftssrilanka/

Contact: 0740 571 161

 

Helloprint

Helloprint කියන්නේ digital printing company එකක්. මේ සංචරණ සීමා සමයේ එයාලත් දිවයින පුරා බෙදාහැරීම් සිද්ධ කරනවා. එයාලගේ පියවරුන්ගේ දිනයට දෙන boxes වල coasters, hip flasks සහ bottle openers වගේ දේවල් තියෙනවා වගේම ඔයාට පුළුවන් පින්තූර, text වගේ දේවල් එක්ක ඒක සම්පුර්ණයෙන්ම personalise කරන්න. මේ package එකත් එක්ක gold-foiled card එකකුත් නොමිලේ ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/helloprint_lk/

Contact: 0114 326 893

 

Styled by Lily

මේ පියවරුන්ගේ දිනයේදී Styled by Lily, engrave කරපු plaques, whiskey glasses, mixed cashew jars සහ ඔයාගේ නම විතරක් නෙමෙයි handprint එකත් තියෙන key tags එක්ක ඔයාව personalize කරපු තෑගී වලින් අලුත්ම අත්දැකීමක් ලබාදෙනවා. themed box එකක එන මේ තෑගී අවුරුදු ගණනාවකටම මතක තියාගන්න පුළුවන් වටිනා තෑග්ගක් වෙයි.

Note: පෙර ඇණවුම් අවශ්‍යයි.

Instagram: https://www.instagram.com/styled_by_lily/

Contact: 0773 887 528

 

Urban Oven

Craft Bae එකත් එක්ක සම්බන්ධ වෙලා කරන මේ පියවරුන්ගේ දිනයේ packages විශේෂයෙන්ම ඔයාගේ superhero තාත්තාට. superhero peg dolls, superhero socks සහ engrave කරපු ලී cufflinks වගේ විශේෂ දේවල් ගොඩක් එයාලා ගාව තියෙනවා. හැම packages එකකටම handmade superhero card එකක් සහ රස කෑම ජාතියක් ඇතුළත්.

Instagram: https://www.instagram.com/urbanoven_/

Contact: 0776 008 778

 

Ceylon Hampers


තාත්තා කියන්නේ අපේ ජිවිතයේ හැමදාටම හැමවෙලේම ඉන්න ආදරණියම පෞර්ෂයක් තියෙන පුද්ගලයෙක්. ඉතින් මේ පෞර්ෂයට ගැළපෙන තෑග්ගක් Ceylon Hampers මේ අවුරුද්දේ එයාට දෙන්න ඔයාට පුළුවන්. ties සහ belts වගේම customize කරපු glasses සහ flasks සහ statement pens මේ හැමදෙයක්ම එයාලා ගාව තියෙනවා.

Instagram: https://www.instagram.com/ceylon_hampers/

Contact: via Instagram/ Facebook DM and email contactusaceevents@gmail.com

 

Cakes and Sweets

 

උත්සවයක් කියන වචනේ තියෙන තැන cake කියන වචනෙත් අනිවාර්යයෙන්ම ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම cupcakes, brownies, cookies, chocolate මේ හැමදෙයක්ම. මේ රස කෑම වර්ග පියවරුන්ගේ දිනයට වටිනකමක් එකතු කරයි. තාත්තා වගේම sweet දෙයක් එයාට දෙන්න මේ තැන්වලින් ඔයාට පුළුවන්.

 

Gerard Mendis Chocolatier

මේ විශේෂ දවසේදී Gerard Mendis Chocolatier එකෙන් එක එක size එකේ එක එක රස වලින් තියෙන signature Gerard Mendis chocolate පෙට්ටියකින් ඔයාගේ තාත්තා සතුටු කරන්න පුළුවන්. ties සහ moustaches වලින් සරසලා තියෙන කේක් එකක් වුණත් ඔයාට තෝරාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/gerard_mendis_chocolatier/

Contact: 0701 579 672

La Chocolata

කටේම දියවේම රසවත් artisanal chocolate brand එකක් විදිහට La Chocolata ප්‍රසිද්ධයි. තාත්තා මේකට කැමති වෙනවා කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන් වගේම DAD කියන අකුරු වලින් විශේෂ chocolates පියවරුන්ගේ දිනයට ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/lachocolata.sl/

Contact: 0777 878 896

Boxalate

 

මේ පියවරුන්ගේ දිනයේ දී අලුත් විදිහේ තෑග්ගක් දෙන්න personalize කරපු curation එකක් Boxalate එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්. T-shirts, belts, men’s colognes, සහ chutneys සහ spreads ඔයාට තෝරාගන්න පුළුවන් දේවල් අතරින් කිහිපයක්.

Instagram: https://www.instagram.com/boxalate.lk/

Contact: 0775 806 688

La Chocolata

කටේම දියවේම රසවත් artisanal chocolate brand එකක් විදිහට La Chocolata ප්‍රසිද්ධයි. තාත්තා මේකට කැමති වෙනවා කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන් වගේම DAD කියන අකුරු වලින් විශේෂ chocolates පියවරුන්ගේ දිනයට ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/lachocolata.sl/

Contact: 0777 878 896

 

The Brownie & Tart co.

පියවරුන්ගේ දිනය තවත් රසවත් කරගන්න මේ curated brownie gift box එක The Brownie & Tart Co එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්. chocolate bars 2 ක් තියෙන, oreos වලින් cover කරපු decorated chocolate 3ක් සහ mini ‘super dad’ brownie cake එකක් snug box එකක pack කරලා ribbon එකකින් ගැට ගහලා ලස්සනටම තෑගී කරන්න පුළුවන් විදිහට ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/the_brownientart_co/

Contact: 0741 435 522

 

ICandy Crafts

ICandy Crafts එකේ themed cookie වලින් ඔයාගේ තාත්තාගේ හිත වගේම කටත් රසවත් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ‘Dad’ කියන අකුරු වල හැඩ වලින් තියෙන cookies සහ heart හැඩ වලින් තියෙන cookies, box, mini pack (greeting note එකකුත් සමග ), සහ DIY kit එකකුත් සමග options තුනක් යටතේ ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/icandycrafts_18/

Contact: 0779 449 435

 

Little Treats

customize කරපු salted caramel topping, blue sprinkles සහ ‘Best Dad’ magnet එකක් එක්ක fudgy brownie cake එකක් Little Treats ලාගෙන් ඔයාට ලබාගන්න පුළුවන්. ඒ වගේම themed marzipans සහ cupcakes ඇයගෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/littletreats.lk/

Contact: 0774 319 976

The Donut Delight


Donut Delight එකෙන් දෙන මේ පියවරුන්ගේ දින options මගහැරගන්න එපා. ඕනෑම අවස්ථාවකට customize කරපු doughnuts එයාලගෙන් ලබාගන්න පුළුවන්. එයාලා ‘Best Dad!’ කියන අකුරු හැඩයට තියෙන doughnuts අලුත්ම අත්දැකීමක්! එයාලා ළඟ Nutella doughnut එකක් උඩින් දාපු chocolate cake සහ customize කරපු round doughnuts සමග Nutella doughnut bars ලබාගන්නත් පුළුවන්.

Instagram: https://www.instagram.com/thedonutdelight/

Contact: 0777 376 416

 

Sugar by Ru

ලෝක පියවරුන්ගේ දිනයට Sugar by Ru’s එකෙන් දෙන මේ treat box එක cake slices 2 ක් , sugar cookies 3ක් , geometric brownie heart එකක් සහ chocolate-coated Oreo වලින් සරසලා තියෙනවා. ඒ වගේම දැන් trend එක වෙලා තියෙන කටට කෙල උනන goodies පිරුණු smash hearts එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/sugarbyru/

Contact: 0741 510 074

 

Treats by Shyler

Treats by Shyler’s පියවරුන්ගේ දිනයට විශේෂ brownie collection එකේ Snicker Glory, Cookie Monster, Kinder Bueno සහ Breaky KitKat flavours වලින් ලබාගන්න පුළුවන් . ‘Best dad ever’ කියලා ලියලා තියෙන icing letters වලින් browines වල උඩ සරසලා තියෙනවා.

Instagram: https://www.instagram.com/treatsbyshyler/

Contact: 0777 395 286

 

Dips & Cracks

ඔයාගේ තාත්තාත් කේක් වලට කැමතිද ? එත් ඒවා ගොඩක් කන්න බැරිද ? එහෙනම් මේක ඔයාට. Dips & Cracks විශේෂ එයාලගේ ‘lunchbox cakes’ වලට. ඒ මොකද්ද කියලා මේ වෙනකන් අපිත් දැනගෙන හිටියේ නම් නැහැ. හැබැයි ඒක අපුරු දෙයක්. පියවරුන්ගේ දිනයට විශේෂ cutomization තියෙනවා. මේ අවුරුද්දේ ඒක තාත්තාට office එකට යවන්න බැරි වුණත්, ගෙදර ඉදන් වැඩ කරද්දී එයාව පුදුම කරන්න හොඳම විදිහක් වෙයි.

Instagram: https://www.instagram.com/dips_n_cracks/

Contact: 0761 864 563

 

Sugar Bare Studio

‘DAD’ monogram letter cakes,chocolate-covered strawberries, giant cookie cakes සහ brownies වගේ sweets කෑම ගොඩක් පියවරුන්ගේ දිනයට Sugar Bare Studio එකෙන් ලබාගන්න පුළුවන්. ඔයාට කැමති විදිහට මේ හැම item එකක්ම customize කරගන්නත් පුළුවන්.

Instagram: https://www.instagram.com/sugar_bare_studio/

Contact: 0762 458 733

 

The Great EsCake

මෙ විශේෂ දිනයේදී ඔයාගේ තාත්තාටත් The Great EsCake cupcake තෑගී කරන්න පුළුවන්. Yuttercream frosted හෝ fondant based cuppies, යන ඕනෑම එකක් ඔයාට තෝරාගන්න පුළුවන්. දෙකම 4 සෙට් වලින් ලබාගන්න පුළුවන්.ties ,bowties, moustaches සහ work tools වගේ ලස්සන කැමති විදිහේ සැරසිලි වලින් එයාලගේ cupcake සරසලා තියෙනවා.

Instagram: https://www.instagram.com/great.escake.sl/

Contact: via Instagram DM

 

The Coolicious by Zaiha


collars සහ ties වලින් customize කරපු පියවරුන්ගේ දිනයට විශේෂ cupcakes සහ , themed toppers සහිත brownie cups මේ ජුනි මාසේ එයාලගේ menu එකේ තියෙනවා .ඒ වගේම ඔයාගේ ඇණවුමට customize කරපු tag හෝ ribbon නොමිලේම The Coolicious by Zaiha එකතු කරනවා.

Instagram: https://www.instagram.com/the_coolicious/

Contact: 0762 072 749

 

Sugar Belle

Sugar Belle ගේ assortment of sweet sensations ‘I love Dad’ තේමාවේ cupcakes, ‘Dad in a million’ brownies, eclairs සහ buttons සහ bowtie වලින් සරසාලා තියෙන full themed cake වලින් මේ අවුරුද්දේ පියවරුන්ගේ දිනය ඔයාට තවත් රසවත් කරගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/sugar_belle___/

Contact: 0741 281 448

 

Pk’s Patisserie

cupcakes කියන්නේ අපි කවුරුත් කැමති කෑමක්. ඒ නිසාම පියවරුන්ගේ දිනයට Pk’s Patisserie cupcakes, cookies සහ brownies package හතරක් යටතේ තෝරාගන්න ඔයාට අවස්ථාව දීලා තියෙනවා.

Instagram: https://www.instagram.com/_pks_patisserie_/

Contact: 0769 693 992

 

Oh! CRAVINGS

Chocolate biscuit pudding සහ blueberry sandwiched vanilla cake jars, cake සහ brownie slabs, cupcakes, brownies සහ cakesicles packs පියවරුන්ගේ දිනය සදහා ඔයාට Oh! CRAVINGS එකෙන් ලබාගන්න පුළුවන්. හැම pack එකක්ම රසවත් කෑමේ විදිහටම customised රසවත් පණිවිඩයක් ඔයාට ඇතුලත් කරන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/oh_cravings/

Contact: 0778 400 430

Bake O’ Holics

මේ අවුරුද්දේ පියවරුන්ගේ දිනයට විශේෂ cupcakes, Bake O’ Holics ලාගෙන් ඔයාට ලබාගන්න පුළුවන්. mocha, mint chocolate chip, Dulce de Leche සහ orange chocolate flavours වල රසම රස cupcakes එයාලා ගාව තියෙනවා.

Instagram: https://www.instagram.com/bake.o.holics/

Contact: 0703 418 206 / 0776 125 733

 

Clauds Cakes

mini cakes, assorted brownies packs , cupcakes සහ cinnamon rolls වලින් සමන්විත පියවරුන්ගේ දිනයට විශේෂ menu එකක් Clauds Cakes එකේ තියෙනවා. ඒ වගේම customised note එකකුත් එක්ක එන තනි ලොකු browine එකක් එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Note: මහනුවර පිහිටා ඇත.

Instagram: https://www.instagram.com/claudscakes/

Contact: via Instagram DM and email claudigal7@gmail.com

 

Savoury Sensations

ඔයාගේ තාත්තා පැණි රසට කැමති නැත්තම් හෝ ගොඩක් පැණි රස කන්න බැරි කෙනෙක් නම් රසවත් කෑම කන්න ආසයි නම් අපි එයා වෙනුවෙන් රසවත් කෑම තියෙන තැන් කිහිපයක් ගැනම විස්තර ගෙනාවා.

 

Mount Lavinia Hotel

පවුලත් එක්ක එකට වාඩි වෙලා කෑම වේලක් ගන්න එක තරම් සතුටක් තාත්තාට වෙන කොහෙන්ද? පියවරුන්ගේ දිනය වෙනුවෙන්ම Mount Lavinia Hotel එකෙන් chicken items තුනක් සහ තවත් දේ එක්ක රසවත් Lamprais pot එකක් ඔයාට ලබාගන්න පුළුවන්. මේක පස් දෙනෙක් අතරේ ඔයාට බෙදාගන්න පුළුවන්.

Note: පෙර ඇණවුම් අවශ්‍ය වේ. කොළඹ නගරය තුල පමණක් බෙදාහැරීම් සිදු කරයි.

Instagram: https://www.instagram.com/mount_lavinia_hotel/

Contact: 0112 711 711

Hungry Crocodile

මනුස්සයෙක්ගේ හදවතට යන පාර තියෙන්නේ එයාගේ බඩ හරහා කියන එක ප්‍රසිද්ධ කියමනක්. ඉතින් ඔයාගේ තාත්තාටත් එහෙම වෙන්න ඇති කියලා අපිට විශ්වාසයි. ඒ නිසාම එයා Hungry Crocodile ලාගේ පියවරුන්ගේ දිනයට විශේෂ mini beef wellingtons, crab rolls, kebabs, eclairs සහ තවත් ගොඩක් දේවල් පිරුණු ‘Box fit for a Hero’ එකට කැමති වෙයි

Instagram: https://www.instagram.com/hungrycrocodile.lk/

Contact: 0773 365 771

 

Chef VB

cold cuts සහ sausages, cheese, crackers, dips සහ fruit වලින් පිරුණු Chef VB එකේ පියවරුන්ගේ දිනයට විශේෂ platters එක තාත්තාව සතුටු කරන්න හොඳම විදිහක් වෙයි. සෞක්‍යානුකුල වගේම රසවත් කෑම වලින් එක පිරිලා තියෙනවා. ඒ වගේම එයාලගේ පියවරුන්ගේ දිනයට විශේෂ platters extra meat, cheese සහ crackers වගේ තාත්තා කැමතිම විදිහට customised කරගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/chef_vbp/

Contact: 0707 888 888

 

Noas Products

තාත්තා කැමතිම snacks මේ පියවරුන්ගේ දිනයට Noas Products ලාගේ special gift hamper එකෙන් ලබාගන්න පුළුවන්. crunchy සහ spicy mixtures, nuts, hot bites සහ chips වගේ තාත්තා කැමති ඕනෑම snack එකක් එයාලා ගාව අනිවාර්යෙන්ම තියෙයි. ඒ විතරක් නෙමෙයි මේ hamper එක එන්නේ customised කරපු “Who needs a superhero when I’ve got you Dad” mug එකකුත් එක්ක.

Instagram: https://www.instagram.com/noasproducts/

Contact: 0777 586 544

 

Apparel

අපේ තාත්තලා කොයි කවුරුත් සිත් ඇදගන්නා සුළු විදිහට ඇඳුම් අදින්න කැමති. කාර්යාලීය ඇඳුම්, ගෘහ ඇඳුම්, රාත්‍රී ඇඳුම්, ක්‍රීඩා ඇඳුම් වගේ ඕනෑම දෙයක් එයාලගෙන් ලබාගන්න පුළුවන්. තෝරාගැනීම ඔබ සතුයි.

 

Emerald

හැමතිස්සෙම වගකීම් සහගත, අධිෂ්ඨානශීලි, අභිලාෂයෙන් යුක්ත වෙන නිසාම තාත්තලා කියන්නේ සැබෑ gentlemen ලට හොඳ උදාහරණයක්. Emerald මෙ පියවරුන්ගේ දිනයට එයාලගේ Gentleman’s Gift Boxes සුදානම් කරලා තියෙනවා. hirts, keychains, perfumes, artisan chocolate, mugs, ඇතුළු තවත් බොහෝ දෑ මේ box වල අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම ඇතුලේ තියෙන දේවල් ඔයාට අවශ්‍ය විදිහට මුළුමනින්ම customize කරන්නත් පුළුවන්.

Instagram: https://www.instagram.com/emerald.lk/

Contact: 0115 572 572

Bear Appeal

Bear Appeal ලගේ අලුත් තාලයේ මේ ඇඳුම් ඔක්කොම style එක වගේම පහසුව මුලික කරගත්ත ඒවා කිවුවොත් හරි. විශ්වාස කරන්නත් අමාරුයි නේද ?තාත්තාගේ ප්‍රියතම wardrobe category එක තමයි ඒ. පියවරුන්ගේ දිනයට එයාට පහසු ඇඳුමක් තෑගි කරන්න කදිම අවස්ථාවක් තමයි මේ. ඒ වගේම මේ කාලයට සහ තාත්තාට ගැලපෙන ‘Work from Home’,එකතුවකුත් එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/bearappeal/

Contact: 0771 411 919

The Butler


අපේ තාත්තලාට ලැබෙන්න ඕනේ හොඳම දේ නිසා ඒ දේ සහතිකවම ලබාගන්න පුළුවන් The Butler එකෙන් තමයි. formal සහ floral ties, wallets සහ cufflinks වගේ gentleman accessories වගේ ගොඩක් දේවල් එයාලගෙන් ලබාගන්න පුළුවන්. customisations තියෙන නිසා තාත්තාගේ ඇඳුමට ගැළපෙන්නම ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/_the.butler_/

Contact: 0774 454 102

Odel

Odel එකේ ‘My Forever Hero’ sale එක පියවරුන්ගේ දිනයට branded t-shirts, shorts, caps සහ වෙනත් ඇඳුම් පැළදුම් තෑගී වලට discount ලබාදෙනවා. පුළුල් selection එකක් තියෙන නිසාම තාත්තාට ගැළපෙන විලාසිතාවක් තෝරාගන්න ඔයාට පුළුවන්.

Instagram: https://www.instagram.com/odel.official/

Contact: 0114 625 800

 

Lovi Ceylon


ලංකාවේ තාත්තලා ගැන කතා කරද්දී නම් සරම කියන්නේ එයාලගේ ප්‍රියතම දෙයක්. කලිසම් ඇන්දට හැමදාටම එයාලගේ කැමතිම දේ තමයි සරම.ඉතින් ඔයාගේ තාත්තාත් සම්ප්‍රධායට ගරු කරන styles වලට ආස කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් Lovi Ceylon ලාගේ wraparound එකක් තාත්තාට තෑගී කරන්න.

Instagram: https://www.instagram.com/lovisarongs/

Contact: 0762 037 467

Who We Are

Who We Are කියන්නේ දේශීය නිෂ්පාදනයක් වගේම පරිසර හිතකාමී පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමක්. සංස්කෘතික හා නූතන යන දෙවර්ගයේම මිශ්‍ර ව fashion වලට ඔයාගේ තාත්තාත් කැමති නම් එයාලගේ බතික් සරොන්ග් කට්ටල සහ ටී-ෂර්ට් වගේම ලංකාවේ අභාසය තියෙන මේස්, bowties සහ tie pins එයාට තෑගී කරන්න ඔයාට පුළුවන් .

Instagram: https://www.instagram.com/whowearelk/

Contact: 0765 444 474

Jewelry and Watches

පිරිමි අය කොහොමත් එයාලගේ accessories, සහ jewellery, watches classy ද කියන දේ ගැන සැලකිලිමත්. සරල වුනත් කැපී පෙනන දේවල් වලට එයාලා කැමති; ඉතින් පියවරුන්ගේ දිනයට ඔයත් සුවිශේෂී තෑග්ගක් හොයනවා නම් මේ තැන් ගැන සලකා බලන්න.

Glister.lk

මේ handmade jewellery store එකෙන් silver men’s rings, bangles සහ bracelets වගේම cufflinks සහ tie pins.ඔයාට ලබාගන්න පුළුවන්. පියවරුන්ගේ දිනය නිසාම මේවා සදහා discounts ලබා දෙන්නත් කටයුතු කරනවා. ඉතින් මේවට ජිවිත කාලය පුරාවටම වගකීමක් තියෙනවා වගේම එයාලා දිවයින පුරා බෙදාහැරීම් සිද්ධ කරනවා.

Instagram: https://www.instagram.com/glister.lk/

Contact: 0777 321 448

Wimaladharma & Sons


කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි ඔයාගේ කාලය කියන්නේ ප්‍රසිද්ධ කියමනක්. ඉතින් වේලාව පෙන්නන මේ තෑග්ග වගේ වෙන මොනවද තාත්තා ඔය වෙනුවෙන් කැපවුණු කාලය, කැපවීම් වලට ස්තුති කරන්න හොඳම විදිහ. මේ පියවරුන්ගේ දිනයට Wimaladharma & Sons එකේ watch එකක් තෑගී දෙන්න ඔයාටත් පුළුවන්.

Instagram: https://www.instagram.com/wimaladharma_sons_watches/

Contact: 0771 412 652

Chatham Luxury

මේ පියවරුන්ගේ දිනය සුවිශේෂී කරන්න Chatham Luxury එකෙන් ඔරලෝසුවක් තෑගී දෙන්න ඔයාට පුළුවන්. ඒ වගේමChatham Luxury mega-brands වලට authorised retailer වෙනවා.

Instagram: https://www.instagram.com/chatham_luxury/

Contact: 0112 335 787

 

Wrist Lab

ශ්‍රී ලංකාවේ විශාලතම branded අත් ඔරලෝසු එකතුව නිසාම Wrist Lab එකෙන් 2021 මේ පියවරුන්ගේ දිනයට තෑගී දෙන්න හොඳ ඔරලෝසුවක් තෝරාගන්න හැකියාව තියෙනවා. ඒක තාත්තා එක්ක බෙදාගත්ත වගේම බෙදාගන්න ඉන්න සුන්දර වේලාවන් මතක් කරන්න අපුරු තෑග්ගක් වෙයි.

Instagram: https://www.instagram.com/wristlab.srilanka/

Contact: 0766 540 550

 

Tech Accessories

තාත්තාලාට අපිට තරම් තාක්ෂණික දැනුමක් නැති වුණත් එයාලත් Tech Accessories වලට දක්වන කැමැත්ත අපි දැකලා තියෙනවා. ගවේෂණය කරන්න, අත්හදා බලන්න , වගේම තාක්‍ෂණය ගෙන එන පහසුව භුක්ති විදින්න සහ කර්මාන්තයේ දියුණු කරගන්න කටයුතු කරන්න tech පාවිච්චි කරන්න එයාලා උත්සහ කරනවා. ඉතින් මේ වගේ tech accessories ත් පියවරුන්ගේ දිනයට තාත්තාට දෙන්න හොඳ තෑග්ගක් වෙයි.

 

Kleeq

Kleeq.lk- එකේ an online premium quality shopping store එක බලන්න. laptop stands, keyboard protectors, car reading lights, phone mounting stands for vehicles, retractable car windshield sunshades, magnetic cases සහ තවත් ගොඩක් දේවල් එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්. මේ සංචාර සීමා සමයේදීත් එයාලා දිවයින පුරා බෙදාහැරීම් කටයුතු සිද්ධ කරනවා.

Instagram: https://www.instagram.com/kleeq.lk/

Contact: 0762 663 397

Teetec.lk

Teetec.lk එකෙන් ඔයාට අපුරු දුර්ලභ ගනයේ තෑගී ටිකක් තාත්තාට දෙන්න තෝරාගන්න පුළුවන්. ඊලග barbeque party එකේදී තාත්තාට ප්‍රයෝජනවත් වෙන portable barbeque grills වගේම compact vehicle-mounted trashcans, creative visualisation acrylic lamps, smartwatches, වගේ තවත් බොහෝ දෑ එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/teetec.lk/

Contact: 0762 663 397

 

Leather Products

 

shoes, wallets, belts, bags, folders, cases වගේ ඕනෑම leather gift භාණ්ඩයක් තාත්තාට සතුටු වෙන්න පුළුවන් විදිහේ හොඳ තෑග්ගක් වෙයි. ඉතින් මේ තියෙන leather options ඔක්කොම check කරලා බලන්න ඔයාගේ තාත්තාට ගැලපෙන තෑග්ගක් මෙතන තියෙනවද කියලා.

 

P G Martin

Instagram: https://www.instagram.com/pgmartin_lk/

Contact: 0727 684 522

 

Walk To Glow

එයාලා විශේෂයෙන්ම genuine leather shoes customize කරන නිසා ඔයාගේ තාත්තා වෙනුවෙන්ම එකක් එයාලගෙන් ලබාගන්න ඔයාට පුළුවන්.

Instagram: https://www.instagram.com/walktoglow/

Contact: 0772 838 728

William Penn

මේ පියවරුන්ගේ දිනය සදහාම වැඩි වටිනාකමකින් යුතු මිලදී ගැනීමකටම එයාලා complimentary rose එකක් සහ packaging නොමිලේම කරලා දෙනවා.

Instagram: https://www.instagram.com/williampennlk/

Contact: 0766 327 000

 

Leather Collection

Instagram: https://www.instagram.com/leathercollectionsl/

Contact: 0115 886 116

Leather Artisans

Instagram: https://www.instagram.com/leather.artisans/

Contact: 0775 847 986

Leather.lk

Instagram: https://www.instagram.com/leather.lk_ceylon/

Contact: 0777 478 608

 

Luxury Pens

පෑන කියන්නේ තාත්තා යන යන තැන අරන් යන එයා ලඟින්ම තියාගන්න දෙයක්. රාජකාරි කටයුත්තක් හෝ පෞද්ගලික කාරනාවක් වේවා හොඳ පෑනක් කියන්නේ එයාලා ආස කරන දෙයක්. ඉතින් දිනපතාම ඔයා වෙනුවෙන් තාත්තා වෙන මහන්සිය ගැන ඔයාගේ ස්තුතිය තාත්තාට පෙන්නන්න පුළුවන් නිසාම මේක හොඳ තෑගී අදහසක් වෙයි.

 

Lamy Sri Lanka

ජර්මනියේ නිපදවපු ඉතාම උසස් ගනයේ මේ luxuary pen එක මේ පියවරුන්ගේ දිනයේ තාත්තාට දෙන්න හොඳම තෑග්ගක්.

Instagram: https://www.instagram.com/lamysrilanka/

Contact: 0775 553 255

Customised Father’s Day Items

 

Customised gifts කියන්නේ කොහොමත් විශේෂ තෑග්ගක්. මොකද නමක් හෝ පණිවිඩයක් හෝ ඕනෑම අකාරයේ personalisation එකක් එක්ක ඔයාට ඕනේ විදිහට ඒ තෑග්ග දෙන්න පුළුවන් නිසා. ඕනෑම අවස්ථාවකට හෝ ඕනෑම පුදගලයෙක්ට ගැලපෙන විදිහට ඔයාට ඒ තෑග්ගට වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔයාට සම්පුර්ණ customised gift box අවශ්‍ය නැතිනම් අපි මේ කියන්න යන්නේ ඒ වෙනුවට ඔයාට ගන්න පුළුවන් තනි තනි තෑගි භාණ්ඩ ගැන.

 

Flutterby Ink

 

Flutterby Ink එකෙන් පියවරුන්ගේ දිනය සදහා විශේෂ Mug Collection එකක් නිකුත් කරලා තියෙනවා.ඔයාට තෝරාගන්න පුළුවන් options ගොඩක් Flutterby Ink එකේ තියෙනවා. හැම mug එකක්ම ‘Dad of the Year’ හෝ ‘Dad life is the best life’ වගේ පියවරුන්ගේ දිනයට විශේෂ වැකි වලින් customised කරලා තියෙනවා. ඒ වගේම ‘This is what an awesome grandfather looks like’ වැකි තියෙන mug ඔයාගේ ආදරණීය සීය වෙනුවෙන්ම ඔයාට එයාලගෙන් ලබා ගන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/flutterbyink/

Contact: Instagram සහ Facebook DM තුලින්

 

The Mugshot.lk

The Mugshot.lk කියන්නේ customise කරපු mugs, bottles, tumblers, straw cups, notebooks, t-shirts, wall clocks, සහ තව නොයෙකුත් ජාති ගන්න පුළුවන් අපුරු තැනක්. ඒ වගේම එයාලගේ styles සහ design options වල ඉවරයක් නැති තරම් තියෙන නිසා ඔයාට ඕන කරන විදිහකට ඒ තෑගී ලබාගන්නත් පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් තාත්තා කැමති උදාහරණයක් විදිහට මේසේ උද තියාගන්න photo frame එකක් හෝ වැඩට ගෙනියන්න වතුර බෝතලයක් වගේ එයාට ප්‍රයෝජනවත් තෑග්ගක් තෝරාගන්න වගේම එයා කැමති විදිහටම ඒක personalise කරගන්න.

Instagram: https://www.instagram.com/the_mugshotlk/

Contact: 0775 646 994

Pretty Plant Pots LK

මේ පියවරුන්ගේ දිනයේදී customised කරපු plant pot එකක් Pretty Plant Pots LK එකෙන් අරන් තෑගී කරන්න ඔයාට පුළුවන්. ‘Super Dad’ සහ ‘Proud Father’ වගේ වැකි වලින් මේ pot සරසලා තියෙනවා. වැඩ කරන මේසේ උඩින් හරි office එකේ මේසේ උඩින් හරි තියන්න මේ plant pot එක තියන්න පුළුවන්. ඒ වගේම පැල නඩත්තු කරන්න දන්න හෝ නොදන්නා ඕනෑම කෙනෙක්ට මේක ගැලපෙනවා.

Instagram: https://www.instagram.com/prettyplantpotslk/

Contact: 0773 788 967

 

Avian Designs

Avian.lk එකට පුළුවන් ඔයා ගේ තාත්තා කැමති හෝ උනන්දු ඕනෑම දෙයක් wall art, poster, device, bank card skin, වගේ තවත් බොහෝ දෑ විදිහට customise කරලා දෙන්න. ඉතින් එයා හැමදාම එකම කණ්ඩායමකටම ආදරය කරන ක්‍රීඩා ලෝලියෙක් නම් හෝ රුපවාහිනියේ විශේෂ කතා මාලාවකට කැමති නම් හෝ සුරතල් සතෙකුට කැමති නම් මේ තෑග්ග එයා හැමදාම ආදරය කරන තෑග්ගක් වේවි.

Instagram: https://www.instagram.com/avian.lk/

Contact: via Instagram DM

Sketch

 

තාත්තා කියන්නේ පවුලේ ශක්තිය නිසාම sketch portrait එකක් තෑගි දෙන එක ගොඩක් වටිනා දෙයක් වේවි. ඉතින් මේ අලුත් අදහස නිසා තාත්තා කවදාවත් නොහිතපු විදිහේ තෑග්ගක් දෙන්න ඔයාට හැකියාවක් ලැබෙයි.sketch එක සදහා ඔයාට තාත්තාගේ තනි චායරුපයක් හෝ පවුලේ චායරුපයක් යොදාගන්න පුළුවන්. A5, A4 සහ A3 යන ඔනෑම ප්‍රමාණයකට මේක ඇඳගන්න පුළුවන් සහ දිනයක් සහ ප්‍රාර්ථනාවක් වගේ ඕනෑම දෙයක් මේ sketch එකට ඇතුලත් කරන්න ඔයාට පුළුවන්. මේ තියෙන්නේ ඔයාට ඒ වගේ දෙයක් ලබාගන්න පුළුවන් තැන් කිහිපයක්.

 

Sketchme Sri Lanka

Instagram: https://www.instagram.com/sketchme_pencil_portraits/

Contact: 0710 468 922

Dream Makers

Instagram: https://www.instagram.com/dream_makers.lk/

Contact: 0720 140 653

Jeny’s Sketch

Instagram: https://www.instagram.com/jenys_sketch/

Contact: via Instagram DM and jenys.hub@gmail.com

කුඩා දරුවන්ගෙන්

ජීවිතය අත්පොතක් එක්ක එන්නේ නැහැ. ජීවිතය එන්නේ තාත්තා කෙනෙක් එක්ක. ඉතින් තාත්තලා අපේ දරුවන්ගේ අංක 1 ගුරුවරයා, උපදේශකයා සහ හොඳම යාලුවා. ඉතින් දරුවා ලොකු වෙනකන් අම්මලා ළමයින් වෙනුවෙන් පියවරුන්ගේ දින තෑග්ගක් හොයන වගකීම දරනවා. දුක් වෙන්න එපා. අපි ඔයාවත් අමතක කළේ නැහැ. මේ කතාකරන්න යන්නේ එහ වගේ තෑගී තියෙන තැන් කිහිපයක් ගැන. තරුණ හා විනෝදකාමී තාත්තලා ඔයාගේ කුඩා දරුවාට සහ ඔබ දෙදෙනාට කෙතරම් සුවිශේෂී කියලා පෙන්වන්න ක්‍රම කිහිපයක් මෙන්න.

Kidscape

Kidscape ඉගෙනීම සෞඛ්‍ය සම්පන්න සහ විනෝදජනක කරන්න උදවු වෙන kids’ craft boxes වලට ප්‍රසිද්ධ තැනක්. එයාලාගේ DIY Father’s Day crafts (මාර්ගෝපදේශ සහිතව) , stationery kits සහ රසාවත් කෑම ජාති තියෙන Father’s Day boxes දෙකක් තියෙනවා. ඉතින් ඔයාගේ දරුවාටත් එයාගේ ප්‍රියතම සුපිරි වීරයා ගැන කියන්න ඕනේ දේවල් නිර්මාණශීලි මේකට ඇතුලත් කරන්න පුළුවන්.

Instagram: https://www.instagram.com/kidscape.lk/

Contact number: 0774 247 774

Little Me Not books


මේක දෛනික ශ්‍රී ලාංකික ජීවිතයේ සුන්දරත්වය විදහා දක්වන ළමා පොත් එකතුවක්. ඉතින් එයාලත් පියවරුන්ගේ දිනයට විශේෂ දෙයක් ඒකතු කරලා තියෙනවා. ‘Have you met my daddy?’’ කියන මේ පොත තාත්තාට වෙන කිසිම කෙනෙකුට වඩා හද උණුසුම් කරන තෑග්ගක් බව නම් අපිට සහතිකයි. තමන්ගේ දරුවත් එක්ක එකතු වෙලා මේ පොත කියවන එක එයාට වටිනා මතකයන් ඉතුරු කරයි.

Instagram: https://www.instagram.com/littlemenotbooks/

Contact number: 0776 296 564

Side tip: තෑග්ග ටත් වඩා ඔයාගේ තාත්තාට අමතක නොවන අත්දැකීමක් දෙන්න දවස වඩාත් විනෝදජනක විදිහට ගත කරන්න පුළුවන් විදිහ ගැන අවධානය යොමු කරන්න. ඒක එයාගේ ප්‍රියතම අතුරුපස / කෑම, තාත්තා වෙනුවෙන් රචනා වුනු ගීතයක් , විනෝදජනක රංගනයක් / ක්‍රීඩාවක් හෝ අතින් සාදන ලද තෑග්ගක් වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ තාත්තගේ පුද්ගලික අවශ්‍යතා කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන්න පුළුවන් (උදා: ගෙවතු වගාව, ඉවුම් පිහුම්, ක්‍රීඩාවක් ආදිය).

එහෙනම් ඔයාට මේ ලෝක පියවරුන්ගේ දවසට තාත්තාට දෙන්න හොඳ තෑග්ගක් තෝරා ගන්න මෙම ලැයිස්තුව උදව්වක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඔයාගේ තාත්තා ඔයාට කොච්චර වැදගත් ද කියලා පෙන්වන්න හොඳම අවස්ථාවක් වෙයි.

ඔයාගේ තාත්තා ලැබෙනවට කැමතිම තෑග්ග මොකද්ද ? පෞද්ගලිකව කැමති දේවල් තියෙනවද ? අපිට මොනවා හෝ මග හැරි තියෙනවද ? පල්ලෙහා තියෙන comments section එකේ අපිට ඒ ගැන දන්වන්න.

කොරෝනා පරදවන්න රාත්‍රියට මේ දේවල් කෑමට ගන්න…

කොරෝනා වෛරසයේ බලපෑම නිසා මේ දිනවල අපි සියලු දෙනාම ලොකු දුෂ්කර කාලවකවානුවකට මුහුණ දෙමින් සිටිනවා. මේ වෙනකොට අපගෙන් බොහෝ දෙනෙක් කොරෝනා ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. ඉතින් අපි හැමදෙනාම කොරෝනා වෛරසයෙන් බේරෙන්න අදාල පියවරයන් අනුගමනය කරන එක අනිවාර්යයි. මේ වෛරසයෙන් ගැළවෙන්න අපි කෑමට ගන්න දේවල් වලිනුත් ලොකු බලපෑමක් තිබෙනවා. මේ නිසා ගැස්ම අපි හිතුවා කොරෝනා පරදවන්න අපේ එදිනදා රාත්‍රී ආහාර වේලට එකතු කරගන්න හොඳ කෑම වර්ග ගැන ඔයාලව දැනුවත් කරන්න .

Grow your own vegetable garden | Daily News

මේ දවස්වල අපි ගන්න ආහාර අනිවාර්යයෙන්ම දිරවන්න ලෙසි වෙන කෑම වර්ග වෙන්න ඕන. ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ උදේට සුලුවෙන් මොනවා හරි කෑමට අරගෙන දවල්ටත් සාමාන්‍ය විදියට ආහාර අරගෙන රෑට මුළු දවසටම ඇතිවෙන තරමට බර ආහාර ගන්න එක. මේක ඇත්තටම සෞඛ්‍යට හිතකර දෙයක් නෙවෙයි. රාත්‍රියට බර ආහාර සුදුසු නැහැ. ඉස්සො දැල්ලො වගේ උෂ්ණ අධික ආහාර, ධාන්‍ය වර්ග , කිරි ආහාර සහ බණ්ඩක්කා වැනි සීතල ආහාර වර්ග ආහාරයට ගන්න එක සුදුසු නැහැ. ඒ වගේම සීත කළ ආහාර කෑමට ගන්න එකත් අවම කරන්න බලන්න.

මේ දවස්වල හැමොම ගෙදර ඉන්න නිසා පෝෂ්‍යදායී ආහාර ගෙදර ඉදන් හදා ගන්න අපි හැමොටම පුළුවන්. අපි මුලිකවම කරන්න ඕන දේ තමයි කෑමට ගන්න ආහාර උණුසුම්ව කෑමට ගන්න එක. ඒ වගේම වටපිටාවේ ස්භාවිකවම වැවෙන පලා වර්ග ආහාරයට එකතු කරගන්න. එලබටු, කොස් , පොලොස්, කොහිල වගේ දේවල් කෑමට ගන්න එක වඩාත් හොඳයි.

Herbal healing! | Daily News

මේ දවස්වල කොළ කැඳ, දියර කිරි, හාල් හෝ ධාන්‍ය කැඳ පානය කරන එකතු ඉතා හොඳයි. වතුර බොන හැම වෙලාවකදීම උතුරවා නිවාගත් වතුර මද රස්නෙන් පානය කරන්න. මීට අමතරව ඔබ දුම්පානය හෝ මත්පැන් පානය කරන පුද්ගලයෙකු නම් එයින් ඈත් වීම තමයි මේ කාලයේ සිදුකල යුතු හොඳම දේ.

දවසට විනාඩි 10ක් වැය කරලා මාස 3න් බඩ අඩු කරගන්න( දරු ප්‍රසූතියෙන් පසු විශේෂයි)…

කාන්තාවන් වන අපිට තිබෙන ලොකුම ගැටළුවක් තමයි උදරය නෙරා ඒම. එහෙම නැත්තම් අපි හැමවෙලේම කියන්නේ අපේ බඩ වැඩියි කියලා.. කාන්තාවක් කියන්නේ පිරිමි වගේ නෙවේ ඔවුන්ට ලාලිත්‍යක් තිබෙනවා, ඇඟ පසඟ හැඩට පිහිටා තිබෙනවා. කාන්තාවන් බොහෝ දෙනා තමන් විසින් සිදුකරන වැරදි හේතුවෙන් තරුණවීයේදීම උදරය ඉදිරියට එන්න පටන් ගන්නවා. ඒ වගේම උදරය විශාල වෙන්න තව හේතුවක් තමයි දරු ප්‍රසූතියකට මුහුණ දීම. දරුවෙක්ට උපත දුන්නු හැම අම්මා කෙනෙක්ම දන්නවා ඇති තමන්ට ලිහිල් සෙලවෙන උදරයක් ඉතිරි වෙනවා කියලා. මෙයට විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. ගොඩක් දෙනෙක්ට ඒ පිළිබඳව දැනුමක් නැහැ. මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ “ඩයස්ටසිස් රෙක්ටි (Diastasis recti)” කියලා. මෙහිදී මවුකුස තුළ සිටින බිලිඳා විසින් මවගේ නාභිය වාටා ඇති මාංශපේෂී දෙපසට තල්ලු කරනවා. මේ නිසා තමයි දරු උපතින් පසු උදරය නෙරා එන්නේ.

ඒ වගේම තමයි බොහෝ වාසනාවන්ත සුළු පිරිසක් සිටිනවා.දරු ප්‍රසූතියෙන් පසු ඔවුන්ගේ උදරය ඉබේම පිටිපස්සට තල්ලු වෙලා පෙර පරිදි සැකසෙනවා. නමුත් ගොඩක් දෙනෙක්ගේ උදරය ලිහිල්ව ඉදිරියට නෙරා ඇවිත් ඉතිරි වෙනවා. මෙය හඳුන්වනේ “මමී ටමී(Mummy Tummy) කියලා. ඉතින් ගැස්ම හිතුවා අවලස්සන උදරයක් නිසා පසුතැවෙන අම්මලාට සහ උදරය ඉදිරියට නෙරා ඇවිත් නිසා පසුතැවෙන ඕනම කෙනෙකුට අත්හදා බලා ප්‍රතිළුල ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔබ දැනුවත් කරන්න .

 

මේක පොඩි භාවනවක් කිව්වොත් නිවැරදියි. මුලින්ම කරන්න තියෙන්නේ බිම ඉදගෙන භාවනා කරන ආකරයට කකුල් කතිරයක් විදියට තියාගන්න එක. ඊට පස්සේ ඔයාගේ අත් දෙක උදරයෙන් තියාගන්න. දැන් පපුව සහ උදරය හොඳින් පිරෙන විදියට හොඳ හුස්මක් ගන්න. ඊට පස්සේ හෙමින් හුස්ම පිටකරන්න. එහෙම කරන අතරතුර උදරයේ මාංශපේෂි ඇතුළට තද කරන්න.

මේ විදියට උදරයේ මාංශපේෂී ඔයා හුස්ම පිටකරනවා එක්කම කොඳු ඇට පෙළ දෙසට තල්ලු වන සේ උපරිම මට්ටමට තදකරගන්න. ඊට පස්සේ ඔයා හුස්ම අල්ලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාට පුළුවන් සාමාන්‍ය විදියට හුස්ම ගන්න, නමුත් ඔයාගේ උදරයේ මාංශපේෂි ඒ විදියටම ඇතුලට තද කරගෙන ඉන්න. හුස්ම ගැනීම හා පහළ හෙළීම ගැඹුරින් සිදුකරන්න. ඒ අතරතුර තව තවත් උදරයේ මාංශපේෂී කොදුඇටපෙල දෙසට තල්ලු කරගෙන රඳවා තබා ගන්න. මේ ආකාරයට විනාඩි 10ක් දිගටම හුස්ම ගන්න, හුස්ම පිටකරන්න.

ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් දිනපතා විනාඩි 10 මෙම ව්‍යායාමයේ යෙදෙනවානම් ඔයට පුළුවන් ඉක්මනින් බඩ අඩුකරගන්න. ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සහ පෞද්ගලික ශාරීරික ව්‍යායාම පුහුණුකරුවන් පිරිසක් විසින් මෙවැනි එල්ලෙන උදරයක් තිබූ කාන්තාවන් 63 දෙනෙකු යොදාගෙ‍ෙ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ඔවුන් මෙම ව්‍යායාමය දිනපතා විනාඩි 10 බැගින් සති 12 ක් පුරාවට( මාස තුනක්) සිදු කළ අතර ඔවුන් සියලු දෙනාම එම කාලය අවසානයේදී උදරය සර්ව සම්පූර්ණව අඩුකරගෙන තිබූ අතර ඔවුන් අතරෙන් සමහර කාන්තාවන්ගේ ඉන ප්‍රදේශයෙන්ද අඟල් කිහිපයක් අඩු වෙලා තිබුණා.

ඔබ දරු ප්‍රසූතියකට මුහුණ දුන්නු අම්මා කෙනෙක්නම් ප්‍රසූතියෙන් අවුරුද්දකට පසු මෙම ව්‍යායාම සිදුකරන්න පටන් ගන්න. මේ ව්‍යායාමය ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්. ඔබත් උදරය ඉදිරියට නෙරා ඒම ගැන වදවෙන පිරිමි කෙනෙකුනම් මේ ව්‍යායාමය අත්හදා බලන්න පුළුවන්. ඉතින් ගැස්ම පාඨක ඔබත් මේ ව්‍යායාම සිදුකර ප්‍රතිළුල අපිට කියන්න අමතක කරන්න එපා.

අලිගැටපේර බීජයෙන් ඔයාගේ රූ සපුව වර්ධනය වන බව ඔබ දන්නවාද..?

අපි රෑ සපුව වර්ධනය කරගන්න විවිධ දේවල් භාවිතා කරනවා. කෘතීම සහ ස්වාභාවික දේවල් භාවිතය මේ දිනවල වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ස්භාවික දේවල් අතරින් පළතුරු ගොඩක් වෙලාවට රෑ සපුව වර්ධනයට බොහෝ දෙනෙක් යොදාගන්නවා. අලිගැටපේර ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. අපි අලිගැටපේර මදය භාවිතා කරනවා වුනාට බීජය විසිකරනවා. නමුත් මේ අලිගැට පේර බීජයෙත් රෑ සපුව වර්ධනයට අවශ්‍ය විශාල ගුණයන් අඩංගු වෙනවා කියලා තමයි පරීක්ෂකියින් කියන්නේ. ඉතින් අලිගැට පේර බීජ රෑ සපුව වරුධනය යොදාගන්නේ කොහොමද කියලා ඔයාව දැනුවත් කරන්න ඕන කියලා ගැස්ම අපි හිතුවා.

Avocado: What happens when you eat it daily & some quick recipes | The Times of India

අලිගැට පේර බීජ වල බැක්ටීරියා නාශක සහ දිලීර නාශක ගුණ අඩංගු වෙලා තිබෙනවා. එයින් අදහස් කරන්නේ විවිධ හානිකර ක්ෂුද්‍ර ජීවීන් උදාසීන කිරීමට අලිගැට පේර බීජවලට හැකියාව තිබෙන බවයි. ඒ වගේම අපේ ශරීරයේ ඇති නරක කොලෙස්ටරෝල් ඉවත් කරන්න මෙම බීජ වලට හැකියාව තිබෙනවා. ඒ එහි සැපෝනින් අඩංගු නිසයි. ඒ වගේම මේ බීජවල කැල්සියම්, මැග්නීසියම් සහ විටමින් සී අඩංගු වෙනවා.

 

 

අලිගැට පේර බීජ භාවිතයට සාදාගන්නා අකාරය…

The Benefits and Uses of Avocado Seeds - Step To Healthඅලිගැට පේර බීජයක් පිසීමට පෙර දුඹුරු සම ඉවත් කර බීජ වියළා ගන්න. සම ඉවත් කරගන්න ග්‍රේටරයක් භාවිතා කරන්න. ඉන්පසු අවන් එකට දමා අඩු උෂ්ණත්වයක පැයක් පමණ bake කරගන්න. ඔබට පුළුවන් දුඹුරු සම ඉවත් කරන්නැතුවම බීජය පැය දෙකක් පමණ bake කරගන්න. ඊට පස්සේ සම ඉවත් කර ග්‍රේටරයකින් පල්ප් එකක් වෙනකන් bake කරගත් බීජට ගාගන්න.

*අමු බීජ ආහාරයට ගන්න අනුමත කර නැහැ.

 

 

රූපලාවණ්‍ය නිෂ්පාදනයක් ලෙස අලිගැට පේර බීජ භාවිතා කරන ආකාරය…

Homemade Avocado Sugar Scrub – craftaliciousme
අලිගැට පේර බීජ කුරුලෑ, තෙල් සහිත හිසකෙස් සහ හිසේ කැක්කුම අවම කරන්න ක්‍රියා කරනවා. ඒ වගේම මෙම බීජ මගින් අපේ සමේ වර්ණයට සහ හිසකෙස් වල සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති කරනවා.

1- Scrub – ගාන ලද අලිගැට පේර බීජ කෝපි සමඟ මිශ්‍ර කර මුහුදු ලුණු එකතු කර ඔබේ සම මත මෘදු චලිතයකින් ආලේප කරන්න.

2-A drying cream– ගාන ලද බීජ උණුසුම් ජලය සමග පල්පයක් වෙනතුරු මිශ්‍ර කරගන්න. හැකිනම් එයට tea tree oil බිංදු කීපයක් එකතු කරගන්න. මෙය ඔබේ කුරුලෑ වලට ප්‍රතිකාර කරන්න පමණක් භාවිතා කරන්න. මෙම මිශ්‍රණය කුරුලෑ වල ආලේප කර විනාඩි 4-6 කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න.

3-A facial mask– කුඩු කරගන්නා ලද අලිගැට පේර බීජ මුහුණ සදහා භාවිතා කරන clay වතුරෙන් මිශ්‍රකර ඔබේ මුහුණට ආලේප කරන්න. මිනිත්තු 15 කට පසු ඔබේ මුහුණ සෝදා මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කරන්න.

4-A hair rinse– අඹරන ලද අලිගැට පේර බීජ, වතුර එකක දමා විනාඩි 30ක් තම්බා ගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය පෙරාගන්න. හිසකෙස් සේදීමෙන් පසු අවසානයට පෙරාගත් ජලය මගින් සෝදන්න.

 

එය ආහාර අතිරේකයක් ලෙස භාවිතා කරන ආකාරය…

Beetroot, seeds and avocado quinoa salad recipe | SBS Food

ඔබ තරබාරුකමින් , ධමනි සිහින් වීම හෝ රුධිර පීඩනය තිබෙන කෙනෙක් නම් අලිගැට පේර බීජ පරිභෝජනයට ගන්න එක හොඳයි. ඒ වගේම ඔබට බඩේ දැවිල්ල හෝ ආහාර ජීර්ණ ආබාධ තිබෙනවා නම් මෙය එයට හොඳ ඔසුවක් . ගාන ලද බීජ සලාද සමග ආහාරයට ගන්න පුළුවන්.

01-A salad– සෑම වර්ගයකම සලාද, ගාන ලද අලිගැට පේර බීජ සමඟ රසවත් නමුත් බීජ කුඩු එළවළු සහ අලිගැට පේර සමඟ මිශ්‍ර කිරීමට වඩා හොඳයි. ඔයාගේ ප්‍රියතම එළවළු වර්ග කැබලිවලට කපා කුඩු ස්වල්පයක් එක් කරන්න. ඔබට අවශ්‍ය නම් බිත්තර, තම්බා මස් හෝ මාළු එයට එකතු කරගන්න හැකියාව තිබෙනවා.

02-A smoothie– ආමන්ඩ් කිරි කෝප්ප 2 ක්, කෙසෙල්, සැල්දිරි, නිවිති සහ අලිගැට පේර බීජ කුඩු 1 මේස හැන්දක් බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩර් කර පානය කරන්න. ඔබට කැමති වෙනත් වට්ටෝරුවක් භාවිතා කළ හැකි නමුත් අලිගැට පේර බීජ ඉතා කටුක බව මතක තබා ගන්න, ඒ නිසා පැණිරස යමක් එකතු කිරීම වඩා හොඳයි.

ඔයා අලිගැට පේර බීජ වලින් හදාගන්න පුළුවන් ආහාර වට්ටෝරු ගැන දන්නවානම් අනිවාර්යයෙන් අපිට කියන්න.

කාන්තා ඔබට වැළඳෙන්න පුළුවන් දරුණු පිළිකා ගැනයි මේ…

පිළිකාව කියන්නේ මේ වෙනකොට සීඝ්‍රයෙන් වැඩිවෙන ඒ වගේම නිට්ටාවටම සුවකළ නොහැකි දරුණුම රෝගයක්. මෙය ශරීරයේ ඕනෑම තැනක ඇතිවෙන්න පුළුවන්. මේ වෙනකොට කාන්තාවන් අතර පිළිකා වැළදීම වැඩි වෙලා තිබෙනවා. උපතේ ඉදන් ශරීරයේ විශාල වෙනස්කම් වලට විටින් විට මුහුණ දෙන කාන්තාවට පිළිකාවක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩී වගේම ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් තිබෙනවා. අද අපි බලමු කාන්තාවන්ට සුලබ ලෙස වැළදෙන දරුණු පිළිකා වර්ග මොනවාද කියලා..

 

පියයුරු පිළිකා

පියයුරු පිළිකා සඳහා සිදු කරනු ලබන සැත්කම් පිළිබඳව දැනගන්න - Niroga

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි සන්සිද්ධියක් බවයි. ඒ වගේම පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වෙන බවට වාර්තා වෙනවා.

ඒ වගේම ඔවුන් පෙන්වා දෙන්නේ පියයුරු පිළිකාව වැළදීම හා ජීවිතය බේරාගැනීමට ඇති හැකියාව අවම වෙලා තිබෙන්නට ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවන්ට පූර්ව රෝග ලක්ෂණ හඳුනාගනීම සම්බන්ධයෙන් ඇති දැනුවත් භාවය අවම වීම. ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික වෙන්න පුළුවන්.

පිළිකාව මුලින්ම පියයුරු වල ඇතිවෙලානම් එය හඳුන්වන්නේ ප්‍රාථමික පිළිකාවක් වශයෙන් වන අතර ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවක් වශයෙන් හඳුන්වනවා.

බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදුවන්නේ නැති බව වාර්තා වෙනවා. ඒ වගේම ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යන්න හැකියාව තිබෙනවා.

ඔබටත් පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

පියයුරු ආශ්‍රිත සම ඝන වීම
සම මතුපිට වළ ගැසීම
තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
තන පුඩුවෙන් දියරයක් ගැලීම
අසීරුවක් හෝ වේදනාවක් දැනීම
තන පුඩුව ඇතුළට ගිලී යාම
නහර මතු වීම
ඉදිමීම
සැරව සහිත තුවාල ඇතිවීම
සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
තද ගැටිති

 

ගැබ්ගෙල පිළිකා

ලංකාවේ කාන්තාවන් අතර සුලභතාවය අතින් දෙවැනි තැනට පත්වන ගැබ්ගෙල පිළිකා – Mydoctor.lk

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගන්නවා. මෙය පූර්ව පිළිකා අවධියේදී හදුනාගතහොත් එම තත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්වාගන්න හැකියාව තිබෙනවා. ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ් ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය(HPV)ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇතිවෙන්න පුළුවන්. ගැබ්ගෙල පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා අවධියක් තිබෙනවා. නමුත් පූර්ව පිළිකා අවධියේදී රෝග ලක්ෂණ නැහැ. ඔබට පුළුවන් එය පැප් පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක් බවට පත්වීම වැළක්වා ගන්න.

ගැබ් ගෙල පිළිකාව සෑදීමට පෙර (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්ෂවකින් හදුනාගන්න පුළුවන්. පැප් පරීක්ෂාවක් කියන්නේ ගැබ් ගෙල ආශ්‍රිතව සිදුකරන සරල පරීක්ෂණයක්. මෙමගින් ගැගෙලෙහි පූර්ව පිළිකා සෛල හදුනාගත හැකියාව ලැබෙනවා.

පෙනහලු පිළිකා

Health is the wealth: මාරාන්තික පෙනහලු පිළිකාව සාර්ථකව ජය ගනිමු!! fighting lung cancer!!

පිළිකා අතර වැඩිම මරණ ප්‍රමාණයකට වගකිවයුතු පිළිකාව ලෙස සැලකෙන්නේ පෙණහලු පිළිකාව. පෙනහලු පිළිකාව ඇතිවීමේ ප්‍රධාන හේතුව දුම් පාන‍ෙ. පෙනහලු පිළිකාවලින් 9/10 කටම වගකිවයුතුවෙන්නේ දුම් පානය. ඊට අමතරව දූෂිත හා විකිරණශීලී වායූන් නිසාද පෙනහලු පිළිකා ඇති කරනවා. මාරාන්තික පෙනහළු පිලිකාව ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බරපතලම එය පිළිකා රෝගී තත්ත්වයක්. ඔබ විසින් කළ යුතු වන්නේ පෙනහළු පිළිකාවක් වැළඳී ඇති මූලික අවදියේම එය හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමයි. පෙනහළු පිළිකාවක් වැළඳීමේදී යම් යම් රෝග ලක්ෂණ කිහිපයක්ම පුද්ගලයන් තුළින් මතු වේ. එනම් දිගු කල් නොපවතින සාමාන්‍ය කැස්සක් ඇතිවීම, තදින් හුස්ම ගන්නා විට කහින විට සහ සිනහ වන විට පපුවේ වේදනාවක් ඇතිවීම, කටහඬ ගොරෝසු වීම, සිරුරේ බර අඩු වීම සහ ආහාර අරුචිය, කැස්ස ඇතිවීමේදී රුධිරය පිටවීම හෝ මලකඩ පැහැයෙන් යුත් කෙල හෝ සෙම පිටවීම, හුස්ම හිර වීමේ ස්වභාවයක් ඇතිවීම, ශරීරය දුර්වල වීම සහ මහන්සියක් දැනීම, යළි යළිත් වැළඳෙන නමුත් පහසුවෙන් සුව නොවන බ්‍රොන්කයිටීස් සහ නිව්මෝනියා ආසාදනය වීම, ඇදුම රෝගයට සමාන රෝග ලක්ෂණ මතුවීම. ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබෙනම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හුමවෙන්න.

 

ඩිම්බ කෝෂ පිළිකා

ඩිම්බ කෝෂ පිළිකා හඳුනා ගන්න ලක්ෂණ නවයක් දැන ගමුද? | theAsianparent Sri Lanka

ඩිම්බ කෝෂ ආශ්‍රිත ව ඇති වන පිළිකා ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා අතර බහුල පිළිකා ප්‍රභේදයක්. මේ පිළිකා ප්‍රභේදය සහිත රෝගීන් ගෙන් හරි අඩක්‌ පමණ ම වයස 65ට වැඩි රෝගීන්. ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවලට හේතුකාරක ලෙස අඩු වයසින් ආර්ථවය ආරම්භ වීම සහ වැඩි වයසකින් අර්ථවය නිමා වීම, පළමුවැනි දරු උත්පත්තිය ප්‍රමාද වීම (Age of first pregnancy), නොයෙකුත් හේතූන් මත හෝමෝන ප්‍රතිකාර ලෙස ලබාගැනීම (HRT) සහ ජානගත හේතූන් දක්වන්න පුළුවන්. ජානගත හේතූන් සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා අතර සම්බන්ධතාව පිළිබඳ කතාබහ වැඩි වී ඇති නමුත් සමස්‌ත ප්‍රතිශතයක්‌ වශයෙන් එහි බලපෑම 10%කට අඩු බව වාර්තා වෙනවා. ඩිම්බකෝෂවල ඇති වන පිළිකා සෛල, ප්‍රභේද ගණනාවකට අයත් නමුත් 50%ක පමණ දක්‌නට ලැබෙන්නේ Serous carcinoma ගණයට අයත් පිළිකා.

අවධානම ඇති පුද්ගලයන්

වයස (80% ක් පමණ මෙම පිළිකා ඇති වන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට‍)

තරබාරු බව

පවුලේ කිසිවකුට ඩිම්බ කෝෂයේ හෝ පියයුරු පිළිකාවක් තිබීම.

ජීවිත කාලය තුල ඩිම්බ පිටවී ඇති වාර ගනන. (මවු කිරි දීමේ දී සහ පවුල් සැලසුම් පෙති භාවිතා කිරීමේ දී ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා එවැනි කාන්තාවන්ට පිළිකා අවදානම අඩුයි.)

රෝග ලක්ෂණ

යටි බඩේ වේදනාව

ලිංගික එක්වීමේ දී ඇති වන බඩේ වේදනාව

බඩ ඉදිමීම

කෑම අප්‍රිය කම සහ බඩේ පිරුණු ස්වභාවය

මල පහ කිරීමේ දී සහ මුත්‍රා පිට කිරීමේ දී ඇති වන අපහසුතාවන්

*මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්.

කොණ්ඩෙ කඩාගෙන නින්දට යන්න එපා..ඔබ නොදන්න විස්තර රැසක් මෙන්න..

අපේ skin එකට වගේම හිසකෙස් වලටත් beauty sleep එහෙම නැත්තම් සුවබර නින්දක් අවශ්‍ය වෙනවා. අපි නින්දට යනකොට සම රැකගන්න treatment කිහිපයක්ම කරනවා. ඒ වගේම තමයි අපේ හිසකෙස් වලටත් ඒ වගේම අවධානයක් දෙන්න අවශ්‍යයි. හිසකෙස් ලිහිල් කරගන නිදාගන්නවා කියන එක නීරෝගිමත් හිසකෙස් වලට හානි කරනවා කියලා ඔයාට කදාවත්ම හිතිලා නැතිවෙන්න පුළුවන්. ඉතින් අපි හිතුවා හිසකෙස් ලිහිල් කරගන් එහෙමත් නැත්තම් අපි කටවචනෙට කියන්නේ කොණ්ඩෙ කඩාගන නිදියන එකෙන් වෙන බලපෑම් මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්න

01- උදේ අවදිවෙනකොට හිසකෙස් ගැටගැසී තිබෙන්න පුළුවන්

10 Things You'll Only Know If You're A Girl Whose Hair Isn't Curly Or Straight
හිසකෙස් ලිහිල් කරගෙන නිදියෙන විට ඔයාගෙ හිසකෙස් ගැටගැසෙන්න පුළුවන්. එහෙම වෙන්නේ හිසකෙස් නිදන කොට්ටයේ ඇතිල්ලෙන විට ඇතිවෙන ඝර්ෂණය නිසා. ඉතින් ඔයා උදේ අවදිවෙනකොට හිසකෙස් හොඳටම අවුල් වෙලා ගැටගැහිලා තමයි තියෙන්නේ. මේ කෙන් වෙන්නේ ඔයාගේ නීරෝගිමත් හිසකෙස් එක රැයින් විනාශ වෙන එක.

 

02- ඔබේ මුහුණේ කුරුලෑ ඇතිවෙන්න ප්‍රධාන සාදකයක් වෙන්න පුළුවන්

5 Types of Acne Scars- and Why You Should Care – Averr Aglow Skincare

ඔයාට තියෙන්නේ සංවේදී, ඉක්මනින් කුරුලෑ එන සමක් නම් හොඳම දේ තමයි තමන්ගෙ මුහුණේ හිසකෙස් ගෑවෙන්න දෙන්න නැති එක. ඒ වගේම සමේ රෝග ඇතිවෙන්න හිසකෙස් සමෙහි ස්පර්ශ වීම බලපානවා. අපි එදිනදා ගොඩක් දේවල් හිසකෙස් වලට සිදුකරනවා. එක එක මෝස්තර conditoner shampoo වගේ එක එක දේවල් ආලේප කරනවා. ඔයා නින්දේදි හිසකෙස් ලිහිල් කර නිදාගැනීමෙන් හිසකෙස් වල තිබෙන මේ දේවල් සමේ සිදුරු අවහිර කරනවා. මේ නිසා සමේ කුරුලෑ වගේ විවිද සම් රෝග ඇතිවෙන්න පුළුවන්. බලන්න දිගු හිසකෙස් තිබෙන කෙනෙක්ගෙ පිටෙහි කුරුලෑ තිබෙනවා. ඒ එදිනදා හිසකෙස් පිටෙහි ස්පර්ශ වන නිසා. මේ නිසා හිසකෙස් පුළුවන් තරම් තමන්ගේ සමෙන් ඈත් කරලා තියන්න.

 

03- හිසකෙස් වර්ධනය අවම කරන්න පුළුවන්

5 Reasons Why Your Hair is Not Growing | Be Beautiful India

නිදාගන්නා විට හිසකෙස් ලිහිලි කරගෙන නිදාගැනීමෙන් කෙස් ගැටගැසෙනවා. එයින් හිසකෙස්වලට හානි සිදුවෙනවා වගේම හිසකෙස් වර්ධනය අඩාල කරනවා. ඔයා දිගු කෙස් කලඹක් බලාපොරෝත්තුවෙන් ඉන්නවානම් නිදාගන්නා විට හිසකෙස් ආරක්ෂා කරගන්න පියවර ගන්න.

04- සුවබර නින්දට බාධාවක් වෙන්න පුළුවන්

How To Prevent Bed Head: Works for Both Long Hair and Short Hair? - Terry Cralle

හිසකෙස් ලිහිල් කර නිදා ගැනීම නිදා උදේ පිස්සෙක් වගේ තමයි නැගිටින්න වෙන්නේ. ගොඩක් දෙනෙක්ට මේක සුලභ අද්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඇඳ හැමතැනම ගැළවුණු කෙස්. එ් විතරක් නෙවෙයි හිසකෙස් ලිහිල් කරගනෙ නිදාගන්න එක සුවබර නින්දට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට අලුත් දවසක් නැවුම්ව ආරම්භ කරන්න බැරි වෙනවා. හොඳම දේ තමයි ඔයාගේ හිසකෙස් ලිහිල්ව ගොතා නිදාගන්න එක.

 

05 නින්දේ දී හිසකෙස් ආරක්ෂා කරගන්නේ කොහොමද?

 

පෝනි ටේල් එකක් දාගන නින්දට යන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. පෝනි ටේල් එක නිසා හිසකෙස් තද වෙනවා. එයින් හිසකෙස් වලට ලොකු හානියක් සිදුවෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඔයාගෙ හිසකෙස් ආරක්ෂාකරගන් පුළුවන් කියලා.

 

  • How To Protect Your Hair While You SleepHeadscarf එකක් ආධාරයෙන් හිසකෙස් බැඳගන්න. සිල්ක් හෝ සැටින් ස්කාෆ් මගින් හිසකෙස් අග නිරෝගීව තබා ගන්නවා වගේම හිසකෙස්වල තෙතමනය තබාගන්නවා.
  • Silk Sleep Scrunchiescrunchie එහෙමත් නැත්තම් අපි කියනනේ කොණ්ඩෙ ගෙඩියක් බඳිනවා කියලා. නින්දට යන විට හිසකෙස් ඒ ආකරයෙන් බැඳගන්න.
  • Good Hair Day: How Braiding Your Hair Before Bed Can Get You Your Healthiest Hair Yetලිහිල්ව හිසකෙස් ගොතන්න. මෙන්න මේ ක්‍රමයේ වාසි දෙකක් තියනවා. අපි කොණ්ඩය ගොතාගෙන නිදයනකොට හිසකෙස් ආරක්ෂා වෙනවා වගේම අනිත් දවසේ උදේට ස්වාභාවික රැළි කොණ්ඩයක් ලබා ගන්න පුළුවන්

ඔයාගේ kitchen එකත් අඩු මුදලකින් modern kitchen එකක් කරගමුද?

නිවසක තියෙන වැදගත්ම ස්ථානයක් තමයි මුළුතැන්ගෙය. අපි ගොඩක් වෙලාවට පවුලක් වශයෙන් එකට එකතු වෙලා ආහාර පිළියෙල කරන ගමන් සහ ආහාර ගන්න ගමන් එකිනෙකාගේ දේවල් කතා කරන්න වගේ family time එකක් ගත කරන ස්ථානය තමයි මේ මුළුතැන්ගෙය. අනිත් අතට අපේ ආදරණීය අම්මා, බිරිඳක්, ගෘහනික් මේ ස්ථානයේ තමන්ගේ ජීවිතයේ ලොකු කාලයක් වැයකරනවා ආදරණියයන් වෙනුවෙන් කෑම පිළියෙල කරන්න.

හැබැයි ටිකක් හිතන්න තමන් ගොඩක් වෙලා ගතකරන මුළුතැන්ගෙය එන්න එන්නම බෝරින් , වැඩ කරන එක එපා වෙනවා මෙතන, පවුලේ අය වැඩිය එකතු වෙන්නෙත් නැහැ වගේ හැගීමක් ඇතිවෙලා තියෙනවාද කියලා. එතකොට kitchen එක අලුත් විදියට වෙනස් කරන්න හිතෙනවා නේද ? හැබැයි අලුත්වැඩියා කරන්න ගියොත් ඒකට විශාල මුදලක් වියදම් වෙනවා කියලත් වද වෙනවා. ඉතින් මෙන්න මේ හින්දම අපි හිතුවා අඩු මුදලක් වියදම් කරගන කාලයත් ඉතුරු කරගෙන Modern විදියට ඔයාගේ kitchen එක ලේසීයෙන්ම luxury විදියට වෙනස් කරගන්නේ කොහොමද කියලා ගැස්ම ආදරණීය හිතවතුන්ට කියලා දෙන්න.

01 -එකම style එකෙන් kitchenware තෝරාගන්න…

Empty plates and glasses on a decorated dining table for the easter holiday. Free Photo

ඔයාගේ kitchen එකේ නවීන හෝ වටිනා උපකරණ තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් ඒවා එකිනෙකට වෙනස් නම් style එක වෙනස් නම් kitchen එකේ තියෙන luxury බව නැතිවෙනවා. උදාහරණයක් විදියට dining table එක kitchen එකේ තිබෙන තවත් වැදගත් අංගයක්. එහිදී භාවිතා කරන පිඟන් කෝප්ප එකම style එකෙන් තෝරා ගැනීම වැදගත් වෙනවා. එයින් තමන්ගේ කෑම මේසයට luxury වගේම Modern look එකක් ගෙන එනවා.

 

02-විශේෂ ඩිස්පෙන්සර්වල පිඟන් සෝදන කාරක ගබඩා කරන්න…

Tap losing water Free Photo

අවශ්‍ය සියලු දෙයක්ම මුළුතැන්ගෙයෙහි තිබීම වැදගත්. නමුත් සින්ක් එක වටේටම පිරිසිදු කිරීමේ ඩිටර්ජන්ට් වලින් පිරී තිබීම එචච්ර සුන්දර පෙනුමක් නම් නොවේයි. ඔබට ඕනෑම ගෘහ භාණ්ඩ වෙළඳසැලකින් මිලදී ගත හැකි විශේෂ ඩිස්පෙන්සර් වලට මෙම ඩිටර්ජන්ට් දමන්න. එයින් මුළුතැන්ගෙයට මනා පිළිවෙලක් එකතු වෙනවා වගේම Modern look එකක් එකතු වෙනවා. ඒ වගේම ඔබ මිලදී ගන්න ඩිස්පෙන්සර් මුළුතැන් ගෙයි අනිකුත් අංගයන්ට ගැළපෙන ලෙස මිලදී ගන්න මතක තියාගන්න.

03-තිර රෙදි වලින් වීදුරු දොරවල් අලංකාර කරන්න…

විශාල මුදලක් වියදම් නොකර මුළුතැන්ගෙය අලුත් කරන්න ඇත්තෙන්ම පහසුයි. කුස්සියේ තිබෙන වීදුරු කැබිනට් වලට දෙර රෙදි එකතු කරන්න. එයින් ඔයාගේ kitchen එකට ආකර්ෂණය වගේම සුවපහසුවක් ඇති කරනවා. අනිත් දේ තමයි තමන්ගේ kitchen එකේ තිබෙන දේවල් අනිත් අයගේ ඇස ගැටෙන්නේ නැති වෙන්න තියාගන්නත් පුළුවන්. මෙහිදී ජනෙල් වලට යොදා තිබෙන තිරරෙදි වලින්ම කැබිනට් වීදුරු ආවරණ තිරරෙදි වලට යොදාගන්නවා නම් වඩා හොඳයි.

04-අභ්‍යන්තරයේ වර්ණයට ගැළපෙන සොකට් සවි කරන්න…

kitchen එකේ අභ්‍යන්තරයට ගැළපෙන්නේ නැති ආකාරයේ සොකට් සවිකිරීම මගින් kitchen එකේ luxury බව අවම වෙනවා. මේ නිසා මුළුතැන්ගෙයි බිත්තිවල වර්ණයට ගැළපෙන්න හෝ ටයිල් වලට ගැළපෙන්න සොකට් සවිකරන්න. ස්ථානයට අදාල වර්ණ වලින් සොකට් සවිකිරීම මගින් ඒවා සඟවන්න ඉතා පහසුයි. එයින් මුළුතැන්ගෙයට පිළිවෙලක් ඇතිවෙනවා.

05-විවිධ දේවල් පෙට්ටිවල ගබඩා කිරීම…

කුස්සියේ ඇති කැබිනට්ටු උඩ සහ සිවිලිම අතර තිබෙන ඉඩක තුළ ඔයා ගොඩක් වෙලාවට යම් යම් දේවල් තියනවා. මේක ඇත්තමෙ හොඳ දෙයක්. මොකද . තිබෙන ඉඩකඩ උපරිමෙන් භාවිතා කළයුතුයි. නමුත් එයින් මුළුතැන්ගෙයට අවුල් සහගත තත්ත්වයක් ඇති නොවෙන්න භාවිතා කරන්න අවශ්‍යයි. එම නිසා ඒ දේවල් තියන්න කුඩා පෙට්ටියක් හෝ කූඩක් තියන්න . එමගින් පිළිවෙලට උපකරණ තියාගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම එමගින් උපකරණ අපිරිසිදු වීම අවම කරනවා.

 

06-kitchen එක මල් වලින් අලංකාර කරන්න…

ඔබේ මුළුතැන්ගෙය නැවුම් කිරීමේ අවසාන කොටස තමයි මල්. එයින් මුළුතැන්ගෙයට ජීවයක් ලබා දෙනවා. එයින් ඔබට මානසික නිදහසක් සහ උද්යොගයක් ලබා දෙනවා .

මෙම ලිපිය කියවීමෙන් පසු ඔයත් ඔයාගේ මුළුතැන්ගෙය ප්‍රසන්න තැනක් බවට පත්කරගනී කියලා අපි හිතනවා. මුළුතැන්ගෙය අලංකාර කිරීම සඳහා ඔබට මෙම ලැයිස්තුවට එකතු කරන්න තවත් අදහස් තියනවා නම් අනිවාර්යයෙන් අපිට කියන්න…

රූ සපුව වර්ධනයට Easy Tips මෙන්න…

කාන්තා ඔබ හැම කෙනෙක්ම එදිනදා තමන්ගේ රූ සපුව වර්ධන කරගන්න බොහෝ ප්‍රතිකාර සිදුකරනවා. නිවසේදීම තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න ලෙහෙසියෙන්ම සිදුකරන්න පුළුවන් routine එකක් ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවා..

 

 

පොල්තෙල් සත්කාරය

9 Home Remedies To Make Your Eyebrows Thicker Naturally | CureJoy

පොල් තෙල් කිව්වහම හැම කෙනෙක්ටම මතක් වෙන්නේ කෑම හදනඑක ගැන. ඒ වගේම අපේ අම්මලා පොල් තෙල් ගානවා කොන්ඩෙ වැවෙන්න. සාමාන්‍යයන් පොල් තෙල් ආහාරයට ගන්න එක අඩු කරන්න කියලා වෛද්‍යවරු නියම කරනවා. ඒ පොල් තෙල් නිසා විවිධ රෝග ඇතිවෙන්න හැකියාව තිබෙන නිසා. ඇහිබැම වර්ධනයට වෙළඳපලේ විවිධ නිශ්පාදන තිබුණත් ස්භාවික දේවල් තරම් ශරීරයට තවත් හොඳ දෙයක් නැති තරම්. පොල් තෙල් භාවිතයෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඇහිබැමි හොඳින් වර්ධනය කරගන්න. ඔයාට කරන්න තියෙන්නෙ පොල් තෙල් ටිකක් අරගන ඒ ටික ටිකක් රත් කරගන්න එක. ඊට පස්සේ ඇහිබැමේ පොල්තෙල් ටික ආලේප කරලා හොඳින් සම්බාහනය කරගන්න. එක රැයක් තිබෙන්න හැර උදෑසන සොදා හරින්න. මෙමගින් ඔබට හොඳ ප්‍රතිළුලයක් ඉක්මනින් ලබා ගන්න හැකියාව තිබෙනවා.

ලුණු සහ සීනි

Homemade Sugar and Salt Scrub Without Coconut Oil - Naturally Liz
අපි ශරීරයේ සමහර ස්ථාන වල කුරුලෑ මතුවෙනවා. මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍යයි. ඒ දේට බහුතරයක දෙනා මුහුණ දෙනවා. ඒ වුණාට පිටේ , පපුවේ , තට්ටම් වල එන කුරුලෑ නිසා අපේ ශරීරය පුරාවටම කැලැල් ඇතිවෙන්න ඉඩකඩ වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ශරිරයේ හැමතැනම එන කුරුලෑ වලින් අත් මිදෙන්න ඔයාට කරන්න තියෙන්නනේ ලුණු . සීනි, පැණි සහ පොල්තෙල් එකට එකතුකර ගණ මිශ්‍රණයක් සාදාගන්න. මේ scrub එක මුහුණට වගේම මුලු සිරුරටම යොදාගන්න හැකියාව තිබෙනවා. මෙම මිශ්‍රණය සතියට දෙපාරක් සම පිරිසිදු කරගන්න යොදාගන්න. මෙමගින් ශරීරයේ ඇතිවෙන අනවශ්‍ය කුරුලෑ කරදරයෙන් මිදෙන්න ඔයාට හැකියාව තිබෙනවා.

ඔයාගේ සම ගොඩක් oily නම් මිශ්‍රණයට යොදාගන්න ලුණු සහ සීනි ප්‍රමාණය වැඩි කරන්න මතක තියාගන්න.

සුවබර නින්ද

Five Tips for Women Who Have Trouble Sleeping

හොද නින්දක් ලබා ගන්න නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. නිරවුල් මනසක් ඇති කර ගැනීමට මානසික අභ්‍යාස වල නිරතර වීම වැදගත්.භාවනා කිරීම ද, සියුම් සංගීතයට සවන්දීමද වැදගත් වෙනවා. මානසික නිරවුල් භාවය වැදගත් වගේම කායික පිරිසිදු බවත් හොද නින්දකට ඉතා වැදගත්. දිවා කාලයේ විනාඩි 10-15 ව්‍යායාම වල නිරතවීම ද, රාත්‍රීට සුළු ආහාර වේලක් ගැනීම ද, ආහාර ගෙන පැය 2 පසු නින්දට යෑමද, නින්දය යෑමට පෙර උණු වතුරින් ඇග සෝදා පිරිසිදු ඇදුමකින් සැරසීමද, නිදා ගන්නා ස්ථානයට හොදින් වාතාශ්‍රය ලැබෙන තැනක් තොරා ගැනීමද සුවබර නින්දක් ලගා කරගැනීමට හේතුකාරක ‌වෙනවා.

ඔබේ රූ සපුව වැඩිකරගන්න වගේම නීරෝගී භාවය වැඩිකරගන්න සුව නින්දක් ළගා කරගන්න හැම විටම උත්සහ කරන්න. දීර්ඝ ආයුෂ වගේම දෛනික කටයුතු වල පහසුව වගේම මානසික සංතෘප්තිය ළගා කරගන්න හොද සුවබර නින්දකින් ඔබට අනිවාර්යයෙන් හැකියව ලැබෙනවා.

 

සුවඳ විලවුන්

Woman Spraying Fragrance in Slow Stock Footage Video (100% Royalty-free)  1024810322 | Shutterstock

ඔයාගෙ perfume එකේ සුවඳ ගොඩක් වෙලා ශරීරයේ තියාගන්න අවශ්‍යනම් ඔයා wash දාගත්ත ගමන් perfume එක apply කරන්න. ඇගේ තියන තෙතමනය, සුවඳ දිගු වේලාවක් තියගන්න උපකාරී වෙනවා.

 

සම පැහැපත් කරගන්න Green tea

How to use green tea for youthful skin | Be Beautiful India

ලංකාවේ tea හොයාගන්න එක ලේසිම දෙයක්. ඉතින් මේ Green tea වලින් පුළුවන් skin එක පැහැපත් කරගන්න. හමේ ඇතිවන අවපැහැ ගැන්වීම්, කලු පැල්ලම් (black mark) Green tea වලින් අවමකරගන පැහැපත් සමක් ඇතිකරගන්න ඔයාට පුළුවන්.

 

බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස්

Apple Crisp Sugar Scrub Recipe | Sugar scrub homemade, Sugar scrub homemade  recipe, Sugar scrub recipe
භාජනයකට දුඹුරු සීනි කෝප්පයක් 1/4 සමඟ සුදු සීනි කෝප්පයක් 1/4 මිශ්‍ර කරන්න. එයට ඔලිව් තෙල් කෝප්ප 1/4 ක් එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු මී පැණි තේ හැඳි 1 ක් සහ වැනිලා සාරය 1/2 තේ හැන්දක මිශ්‍ර කරන්න. සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍රකරගන්න. මෙම මිශ්‍රණය භාවිතා කර බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඇති ස්ථානය හොඳින් සම්භාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

ඇහිපිහාටු වර්ධනයට

This article points out to the benefits of gee white to the eyelashes. Try  these remedies at home and get stun… | Longer eyelashes, How to grow  eyelashes, Eyelashes

අපේ හිසකෙස් , ඇහිබැම සහ ඇහිපිහිටු සමන්විත වෙලා තියෙන්නේ කෙරටින් වලින්. ප්‍රෝටීන් බහුල ආහාර ඔබේ ශරීරයට නිවැරදි ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාර කරනවා. බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරයට ගැනීමෙන් අපිට ශක්තිමත් සහ දිගු ඇහිපිහිටු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

 

අනවශ්‍ය රෝම ඉවත් කරගන්න

Waxing At Home - How To Do It Like A Pro

වෙළඳපොලෙන් මිලදී ගන්නා වැක්ස් සෘජුවම සම මත ආලේපනය කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම වැක්ස් කරන්න කලින් වැක්ස් කරන ස්ථානය සෝදා පිරිසිදුකරගන්න ඕනෙ. වැක්ස් කරන්න දන්නේ නැත්තම් හොඳම දේ තමයි you tube වීඩියෝ එකක් බලලා හරියටම කරන්න ඉගනගනන එක. වැක්ස් කලාට පස්සේ ටෝනර් සහ අයිස් වතුර ගල්වලා තුවායකින් තෙතමාත්තු කරන්න. වැක්ස් කරපු හම මතුපිට මොයිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කිරීමෙන් සම වියලීම වළක්වාගන්න පුළුවන්.

 

ජලය පානය

The benefits of drinking water - #RECHARGE

ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම අවශ්‍ය කරන පෝෂණය සැපයෙන්නේ ජලය මගින් වන අතර ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සිරුර පුරා බෙදාහැරීමට ජලය වැදගත් වෙනවා.
ආහාර දිරවීමටවගේම සමස්ථ බහිස්‍රාවීය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට, අපද්‍රව්‍ය ඉවත් කිරීමට, සිරුරෙන් ඉවත්වන මුත්‍රා, දහදිය, කෙළ වැනි බාහිර නිකුතු නිකුත් වන්නේ ජලය මාර්ගයෙන්ය.
සුවපත් දිවියකට ජලය පානයේ වැදගත්කම

මනුෂ්‍ය සිරුර පවත්වාගත යුතු නියමිත උෂ්ණත්වය නියමිත මට්ටමක පවත්වාගැනීමට උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාව ඇති වෙන්න ජලය උපකාරී වෙනවා.