Blog Page 19

මේ වැලන්ටයින් එකට වෙනස්ම විදියේ තෑගි ගන්න හොඳම තැන් මෙන්න…

මේ පාර ඔයත් එක්ක වැලන්ටයින් එක සමරන්න තවත් කෙනෙක් ඉන්න එක ඇත්තටම සතුටට කරුණක්! කොහොම වුණත් ඔයාගේ ඒ ආදරණීයයාට, පරිපූර්ණ හා අර්ථවත් තෑග්ගක් තෝරා ගන්න එක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. විශේෂයෙන්ම ඔයා රාමුවෙන් පිට හිතන, තෑග්ගේ පිටත පෙනුමට වඩා තේරුමක් තියෙන තෑග්ගක් දෙන්න හිතන කෙනෙක් නම් වාසනාවකට වගේ මේ අදහස් වලින් එකක් හරී ඔයාට උදවුවක් වෙයි.

 

 

1. Food Bouquets

මේක නම් කෑම වලට කැමති ඔයාලටම තමයි. ලස්සන bouquet එකක ඩෝනට්ස් හෝ චිකන් නගට්ස් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙද්දී ඇයි පරණ තාලේ විදිහට තවමත් චොකලට් හා රෝස මල් දෙන්න උත්සහ කරන්නේ.

 

The Doughnuttery

කටට කෙල උනන රසයක් තියෙන, ඩෝනට් bouquets වලට ප්‍රසිද්ධ The Doughnuttery එකෙන් ඔයාට ඔයා කැමති විදිහට, කැමති අකුරු වල හැඩ තියෙන doughnut ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @the_doughnuttery

Facebook: The Doughnuttery

Doughnutty

ලස්සනම ලස්සන වගේම රසවත් ඩෝනට් bouquets ඔයාට ලබාගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ.

Instagram: @doughnutty._

Nuggs and Kisses

නමේ කියවෙන විදිහටම ,කෑමට කැමති ඔයාලට එයාලගෙන් chicken nuggets සහ french fries වලින් හදපු bouquet ලබාගන්න පුළුවන්.

Instagram: @nuggsandkisses.lk

Midnight Surprise

ඔයා මධ්‍යම රාත්‍රියේ වුණත් Suprise එකක් දෙන්න සැලසුම් කරලා තියෙනවා නම් මෙතැන තමයි ඒකට ගැළපෙනම තැන. කොළඹ අවට නම් ඔයා කැමති විදිහට customize කරපු තෑගී මධ්‍යම රාත්‍රියේ ගෙදරටම ගිහින් දෙන්න වගේම surprise party සුදානම් කරන්න, සැරසිලි කරන්න එයාලට පුළුවන්. curated boxes, balloon hampers, කේක්, brownie bouquets සහ ලස්සන heartbreaker smash cake මේකට ඇතුළත් වෙනවා.

Instagram: @midnight_surprise.lk

Facebook: Midnight Surprise

දුරකථන අංකය: 072 800 6118

The Giftery

The Giftery එකෙත් ඔයාට තෝරාගන්න පුළුවන් විදිහේ තෑගී ගොඩක් තියෙනවා. එයාලත් curated boxes, balloon hampers, කේක්, brownies සහ cakesicle bouquets සහ ලස්සන heartbreaker smash cake වගේ තෑගී වලට ප්‍රසිද්ධයි.

Instagram: @the.giftery__

දුරකථන අංකය: 076 053 3738

Candy Cravings

Candy Cravings මහනුවර සහ මාතලේ අවට ප්‍රදේශ වලට online deliver කරනවා. ඩෝනට් bouquets, තමන් කැමති විදිහේ කේක්, බ්‍රව්නී, කප් කේක් සහ කුකීස් එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: @candy.cravings_kandy

දුරකථන අංකය: 075 440 9000

The Bloom

වැඩිපුරම strawberry bouquets වලට ප්‍රසිද්ධ The Bloom ලාගෙන් , Flower bouquets, curations, කේක්, බ්‍රව්නී සහ platters ඔයාට ලබාගන්න පුළුවන්. මීගමුවේ පිහිටලා තිබුණත් එයාලා ලංකාව පුරාම බෙදාහැරීම සිද්ධ කරනවා.

Instagram: @__thebloom__

දුරකථන අංකය: 076 606 6501

Dessert Corner

බ්‍රවුනි bouquets වලට වගේම cake jars, තමන් කැමති විදිහේ monogram කේක්, සහ තවත් ගොඩක් desserts සහ sweets එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: @_dessert_corner_

Facebook: Dessert Corner

දුරකථන අංකය: 072 050 7474

Pick-Up Location: Gothatuwa

 

 

2. Love Jar

ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ඔයා එයාලගේ ආදරය කරන හැම දෙයක් ගැනම දැනගන්න වගේම එයාලව අගය කරන්නත් හොඳම ක්‍රමය මොකද්ද ? රළු දවසක අවසානයේ එයාලට දෙන්න හොඳම තෑග්ගත් මේක වෙන්න පුළුවන්.

Dazzling Crafts

මේක online store එකක් වගේම එක එක වර්ගයේ handmade crafts, love jars, bottle charms, memory boxes වගේ තව ගොඩක් දේවල්. කලින් දැනුම් දුන්නොත් customised orders එයාලා භාරගන්නවා විතරක්ම නෙමෙයි දිවයින පුරා නොමිලේ බෙදාහැරීම සිද්ධ කරනවා.

Instagram: @dazzling.crafts

Facebook: Dazzling Crafts

දුරකථන අංකය: 077 586 5817

Craft House

Handmade crafts වලට ප්‍රසිද්ධ තවත් තැනක් තමයි මේ. එයාලගේ ලස්සන love jars,Polaroids සහ handmade dream catchers වගේ ගොඩක් දේවල් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @__crafts_house_

දුරකථන අංකය: 078 512 6061

Rashi’s Craft Diaries

රාෂි ඇයගේ නිර්මාණශීලීත්වය සඳහා පැහැදිලිවම ප්‍රසිද්ධ කෙනෙක්! customize jars, photo frames, scrapbooks, string art සහ තවත් ගොඩක් දේවල් ඇය නිර්මාණය කරනවා. ඔයත් එයාගෙ page එක check කරලා බලන්න ඔයාගේ gift ideas පවා වැඩිකරගන්න ඒක උදවුවක් වේවි.

Instagram: @craftsbyr.lk

දුරකථන අංකය: 076 402 5834

Pick-Up Location: K C DeSilva Pura, Thimbirigaskatuwa, Negombo.

Dazzling Gifts of Love

නමේ කියලා තියෙන විදිහටම එයාලගේ නමට අර්ථයක් එකතු කරන මේ online store එක ඔයාගේ ආදරණීයයන්ට අතින් සාදන ලද අත්කම් සහ වෙනත් සිත් ඇදගන්නා සුළු තෑගි අදහස් ද ලබාදෙනවා. චමත්කාරජනක moon lamps වලටත් එයාලා ප්‍රසිද්ධයි. ඔයත් ඒවා check කරලා බලන්න.

Instagram: @dazzling_gifts_of_love

Facebook: Dazzling_gifts_of_love

දුරකථන අංකය: 075 480 5602

Craftastic LK

ලස්සන සුභ පැතුම් පත්,string art සහ තවත් විශිෂ්ට ඝනයේ shadow boxes, save-the-date frames, explosion boxes සහ love jars වගේ නිර්මාණ එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: @craftasticlk

Facebook: Craftastic_LK

දුරකථන අංකය: 077 119 2532

Art Attack LK

String-Art සහ සරල කාඩ් වාගේම අතිවිශිෂ්ට personalized box සහ memory box එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @art_attack_lk

දුරකථන අංකය: 076 523 4516

Pick-Up Location: Moratuwa

By.StarGirl

සරල බව සහ නිර්මාණශීලිත්වය සම්මිශ්‍රණයක් වෙන By.StarGirl එකෙන් එයාලගේ සරල කලාත්මක සහ නිර්මාණශීලි නිෂ්පාදන ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @by.stargirl

 

 

3. Personalised Apple/Spotify frames

හැඟීම් ගොඩක් වේලාවට ගීත තුළින් ප්‍රකාශ වෙනවා. ‘අපේ ගීතයක්’ කියලා අවේණික ගීතයක් තියෙන අයට නම් ලස්සන display එකක් හෝ wall display හුරුබුහුටි විදිහට ප්‍රදර්ශනය කරන්න මේක හොඳ අවස්ථාවක්.

Anim8.lk (Pvt) Ltd

විශ්මයජනක හා විශ්වාසදායක මුද්‍රණ කටයුතු වලට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන Anim8.lk (Pvt) Ltd ලාගෙන් customise තෑගි වර්ග එකතුවක්
අතරින් කැමති තෑග්ගක් තෝරාගන්න ඔයාට හැකියාව ලැබෙනවා. මෙතැන ආදර්ශමත් පාරිභෝගික සේවාවක් සහ තෘප්තියක් ලබා දෙන ස්ථානයක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්.

Instagram: @anim8.lk

Facebook: Anim8.lk

Contact Number: 076 823 7271

ලිපිනය : 237, Thimbirigasyaya Road, Colombo 05.

Printiin.lk

එයාලා design කරනවා මුද්‍රණය කරනවා වගේම බෙදාහරිනවා. ඔයාට නිර්මාණශීලි අදහසක් නොමැතිව හිර වෙලා ඉන්නවා නම් ඔයාට නිර්මාණශීලි අදහස් ලබා දීලා උදවු කරන්න එයාලට පුළුවන්. නැත්තම් ඔයාගේ අදහස් වලට ජීවය දෙන්නත් එයාලට පුළුවන්.

Instagram: @printiin.lk

දුරකථන අංකය:: 077 273 8777

Comics.lk

ඇඟලුම් ,පෝස්ටර්,පොලරොයිඩ් සහ custom ලැප්ටොප් / දුරකථන කවර වගේ පුළුල් පරාසයක තෑගී එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාගේ සංගීත රාමුවට ජීවයක් දෙන්න ඔයාට සහය වෙන්න එයාලට පුළුවන්.

Instagram: @ comics.lk

ඇමතුම් අංකය: 066 771 1686

 

 

4. Heartbreaker smash cake

මේ ආහාරයට ගන්න පුළුවන් heart එකක් වගේම ඒක ඇතුලෙ පොඩි තෑගී සහ candy ඇතුළත් වෙලා තියෙනවා. ඇතුළේ තියෙන පණිවුඩය හෝ පොඩි තෑගී එළියට ගන්න මේ හදවත බිඳින්න පොඩි මිටියකුත් ඔයාට මේකත් එක්ක ලැබෙනවා. පුදුම කිරීම් වලට කැමති අයට නම් මේක ගොඩක් විනෝදජනක ක්‍රමයක් වෙයි.

BakeVille

එයාලගේ අරමුණ ඔයාගේ අවස්ථාවට ගැළපෙන පරිපුර්ණ තෑග්ගක් ලබා දීම. තෑගි පෙට්ටිවල සිට ලස්සන කේක් දක්වා සියල්ල එයාලා සාදනවා වගේම අතිවිශිෂ්ට කප් කේක් එකතුවක් එයාලා ළඟ තියෙනවා.

ෆේස්බුක්: Bakeville

Instagram:@bakeville.lk

ඇමතුම් අංකය: 077 139 7770

Pick-Up Location:: මහරගම

La Chocolatier

අද්විතීය hand made චොකලට් design මෙතනින් ලබාගන්න පුළුවන්. එයාලා සහතික කරන විදිහට ඒවා ආදරය හා උණුසුමෙන් සරසා තියෙනවා වගේම එයාලා විවිධ කුකීස් සහ වෙනත් චොකලට් අඩංගු දේවල් සාදනවා.

Instagram: @la.chocolatier__

Facebook: La Chocolatier

දුරකථන අංකය: 076 667 4631

Caked by Amna

එයාලා සතුව ලස්සන custom කේක් design විතරක් නෙමෙයි , ඔයාගේ පෞද්ගලික අවශ්‍යතාවයට අනුව ඔයා කැමති විදිහේ treat box එකක් එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @caked_by_amna

Facebook: Caked by amna

දුරකථන අංකය: 077 780 9923

ලිපිනය : No.23, Murugan Place, Colombo 06.

Midnight Surprise

ඔයා suprises plan කරලා තියෙනවා නම් මධ්‍යම රාත්‍රියේ වුණත් ඔයාට ඒක ඉෂ්ට කරලා දෙන්න එයාලා සුදානම්. කොළඹ අවට ප්‍රදේශ වල suprise පාටි සැරසිලි කටයුතු වගේම පාටි සංවිධානයත් එයාලා සිද්ධ කරනවා. ඒ වගේම තෑගී deliver කරන්න විතරක්ම නෙමෙයි curated boxes, balloon hampers, කේක්, brownies bouquets සහ ලස්සන heartbreaker smash කේක් එයාලගෙන් ලබාගන්න ඔයාට පුළුවන්.

Instagram: @midnight_surprise.lk

Facebook: Midnight Surprise

දුරකථන අංකය: 072 800 6118

Sugar by Ru

නමේ කියලා තියෙන විදිහට හැම දෙයක්ම සීනි! එයාලා ස්මාෂ් කේක් වගේම එයාලගේ පොඩි ‘කේක්සිකල්ස්’ දක්වා ‘මිහිරි ’ වගේ සෑම දෙයක්ම හදනවා. විනාඩියක් හෝ දෙකක් අරගෙන එයාලගේ page එක check කරලා බලන්න. ඔයාට රසවත් අදහස් කිහිපයක්ම ලබාගන්න පුළුවන් වෙයි.

Instagram: @sugarbyru

Facebook: Sugar by Ru

දුරකථන අංකය: 074 151 0074

Pickup Location: 41/12, Pathalawatta Road, Nedimala, Dehiwala.

The Giftery

පුළුල් පරාසයක තෑගි තියෙන තවත් store එකක් විදිහට The Giftery හඳුවන්න පුළුවන්. curated boxes, balloon hampers, cakes, brownies සහ cakesicle bouquets වගේම ලස්සන heartbreaker smash cakes එයාලගෙන් ලබාගන්න ඔයාට පුළුවන්.

Instagram: @the.giftery__

දුරකථන අංකය: 076 053 3738

The Brownie and Tart Co

රසම රස චොකලට් වලින් ගෙදර හැදූ රසවත් බ්‍රව්නීස් The Brownie and Tart Co එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්. බ්‍රව්නීස් සහ ටාට්ස් වගේම සිත් ඇදගන්නාසුළු චොකලට් Bombs එයාලා ගාව තියෙනවා.

Instagram: @the_brownientart_co

Facebook: The Brownie and Tart Co.

දුරකථන අංකය: 076 475 0979

Pick-Up Location: Havelock Road, Colombo 5.

Sweet Treats by Humi

රසම රස චොකලට් විශේෂයන් වලට අමතරව Sweet Treats by Humi ලස්සන smash කේක් හදනවා. ඒවා එකින් එකට වෙනස් විවිධත්වයක් තියෙන නිසා අපි කැමති විදිහේ එකක් තොරගන්නත් පුළුවන්.

Instagram: @sweettreatsbyhumi

Facebook: Sweet Treats by Humi

දුරකථන අංකය: 077 733 4862

The Cakesmith

මේ bake කරන පවුලක්. කේක් වලට විශේෂත්වයක් දක්වන නිසාම ඔයා කැමති විදිහේ smash කේක් එකක් එයාලා ඔයාට හදලා දෙයි. ඒ නිසාම එයාලගේ selection එකත් බලන එක වටිනවා.

Instagram: @the_cakesmith_

Facebook: The Cakesmith

දුරකථන අංකය: 076 907 0125

Address: Park Road, Narahenpita

 

 

5. Memory Box

අපි හැමෝටම වගේ ගොඩක් වටිනා අමතක නොවන සුන්දර මතකයන් තියෙනවා. නමුත් අපි පළවෙනි හමුවීමේ දී බලන්න ගියපු ච්ත්‍රපටියේ ටිකට් එක, පළවෙනියටම ගියපු චාරිකාවේ සිහිවටනයක් වගේ සමහර වටිනා පොඩි පොඩි දේවල් නොවැදගත් දේවල් විදිහට සලකනවා. නමුත් ඒ හැමදෙයක්ම හුරුබුහුටි පෙට්ටියක තියාගන්න පුළුවන් නම් හැඟීම් තියෙන අයට මේක වටිනා දෙයක් වේවි.

Art Attack LK

String-Art, සරල සුභ පැතුම් පත් වගේම personalized boxes, විවිධ වර්ගයේ explosion boxes සහ memory boxes වගේ ගොඩක් කලාත්මක දේවල් Art Attack LK එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @art_attack_lk

දුරකථන අංකය: 076 523 4516

Pick-Up Location: Moratuwa

Kikasho by Twins

මේ online store එක කරගෙන යන්නේ luxury rose frames වලට තරමක් ප්‍රසිද්ධ වුනු සහෝදරියන් දෙදෙනෙකු විසින්. ඔයා කැමති විදිහට customise කරපු shadow boxes වගේම ලස්සන පැලෑටි පෝච්චි (plant pots) සහ වෙනත් හුරුබුහුටි තෑගි අදහස් වලට එයාලා ගොඩක් ප්‍රසිද්ධයි.

Instagram: @kikasho_by_twins

Facebook: Kikasho by Twins

දුරකථන අංකය: 076 301 8611

Pickups: Maharagama, Panadura.

 

 

6. Make Memories: Polaroid Cameras

ජීවිතයටම මතක හිටින date එකක් plan කරලා ඒ සුන්දර මතක සටහන් හැමදාම මතක තියාගන්න ඒත් එක්කම instant polaroid camera වක් ඔයාගේ ආදරණීයයාට තෑගී කරන්න.

Urban.lk

Urban.lk එකේ ආදර්ශ පාඨය සහ දැක්ම වෙන්නේ පාරිභෝගිකයින්ට නාගරික පෙරළියක් ලබා දීම. එයාලා එයාලගේ නිෂ්පාදන වල අව්‍යාජභාවය ගැන පොරොන්දුවක් ලබාදෙනවා වගේම ඔයාගේ බොහෝ ඉලෙක්ට්‍රොනික අවශ්‍යතා ඔයාට ලබා දෙන්න එයාලා සන්නද්ධ වෙලා ඉන්නවා.

Instagram: @urban.lk

Facebook: Urban.lk

දුරකථන අංකය: 011 431 2516

ලිපිනය : 16, Station Road, Colombo 4, 00400.

CameraLK

කැමරා ලෝලීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට මෙතැන සුර ලොවක්. කැමරා ආශ්‍රිත අවශ්‍යතා තියෙන ඕනෑම කෙනෙක්ට සේවාව ලබාදෙන්න Camera.lk සුදානමින් ඉන්නවා.

Instagram: @cameralk_

Facebook: CameraLK Store

දුරකථන අංකය: 011 781 7870

ලිපිනය : 263 High Level Rd, Colombo 00500

Majestic City Showroom: No 28, 3rd Floor Majestic City Colombo 04, 00400

CameraPro.lk

කැමරා ලෝලීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට වටින තවත් තැනක් තමයි මේ. එයාලාගෙන් ඔයාට කැමරා සහ ඡායාරූප ආශ්‍රිත උපකරණ ගොඩක් ලබාගන්න පුළුවන්.

Instagram: @camerapro.lk

Facebook: CameraPro Sri Lanka

දුරකථන අංකය: 077 072 2200

ලිපිනය : No 120/11A, Vidya Mawatha, Colombo 07.

Rae Electronics

රේ පවුලේ ඉලෙක්ට්‍රොනික විශේෂඥයින් විදිහට ශ්‍රී ලංකාවෙන් හොයාගන්න පුළුවන් හොඳම පාරිභෝගික සේවාවක් ඔයාට ලබා දෙන්න එයාලා සහතික වෙලා ඉන්නවා. ඔයාට තවත් තෑගි අදහස් ලබා ගන්න තවත් දේවල් තියෙන වෙළඳසැල් කිහිපයක් එයාලා සතුව තියෙනවා.

Instagram: @rae_electronics

Facebook: Rae Electronics

දුරකථන අංකය: 077 712 5056

Pick-Up Location: Negombo Road, JaEla.

Daraz

ශ්‍රී ලංකාවේ ලොකුම online store එක වෙන Daraz ඔයාගේ අවශ්‍යතාවන්ට හරියන විදිහට ඕනෑම දෙයක් රැගෙන යන්න එන්න සහතික වෙලා ඉන්නවා. ඉතින් ඔයාගේ වැලන්ටයින්ට විශේෂ තෑග්ගක් ලබා දෙන්න අදහසක් ගන්න යන්න පුළුවන් තවත් හොඳම තැනක් තමයි මේ.

Instagram: @daraz.lk

Facebook: Daraz Online Shopping

දුරකථන අංකය: 011 757 5600

ඔයා කතා කරන විදියෙන් පුළුවන් ඔයා smart චරිතයක්ද කියලා හොයාගන්න..

Smart වෙන්න, නැතිනම් smart character එකක් වෙන්න කවුද අකමැති..? ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගැන අනික් අය ඒ විදිහට කතාබහ කෙරෙනවා අහන්න. ඒත් ඇත්තටම Smart වෙන්න නම්, ඔයා ඔයාගේ ජීවන රටාවට එකතු කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි විශේෂයෙන් මෙතැනදී කතාබහ කරන්නේ ඔයාගේ සන්නිවේදන හැකියාව ගැන. ඒක කොයි තරම් Smart විදිහට කරන්න ඔයා දැනුවත්ද කියන දේ ගැන. මේ ලිපියෙන් අපි කතාබහ කරන දේවල් ඔයා තුළ තියෙනවා නම් තමයි ඔයා ඇත්තටම “Smart communicator” කෙනෙක් විදිහට අනික් අයට පෙන්නේ. මොනවද මේ කාරණා…? අද gasma.lk කියවන ඔබ වෙනුවෙන් අපි ලැහැස්තියි මේ කරුණු ගැන කතාබහ කරන්න.

 

සන්නිවේදන හැකියාවන් 

Businesspeople having a discussion in office Free Photo

හොඳ සන්නිවේදකයෙක් වීම ඔයාට Smart චරිතයක් වෙන්න මූලිකම අවශ්‍යතාවක්. ඔයා කතාවක් අහල ඇති “අඩුවෙන් කතා කරන්න වැඩිපුර අහගෙන ඉන්න” කියල. හොඳ සන්නිවේදකයෙක් වීමේදී මේ කතාව අතිශය වැදගත්. වැඩිපුර අහගෙන ඉන්න තරමට ඔයාට දේවල් වැඩිපුර උකහා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අඩුවෙන් කතා කරන්න පුරුදු වුනොත් ඔයා අත්‍යවශ්‍ය දේ විතරක් නිවැරදිව පැහැදිළිව කතා කරන්න පුරුදු වෙනවා. හොඳ සන්නිවේදන කුසලතාවක් තියෙනවා කියන්නෙ මේ දෙකම නිසිආකාරව පුහුණු කිරීම. ඒ පුහුණුව ඔයාට තියෙනවා නම් ඔයා හොඳ සන්නිවේදකයෙක්. ඒ කියන්නෙ Smart චරිතයක් වෙන්න නම් ඔයාට අවශ්‍ය පළවෙනිම දේ හොඳ සන්නිවේදන හැකියාවක් ඇතිකර ගැනීම.

 

කතාබහ පැහැදිළි වීම 

People talking to each other over coffee during a meeting Free Photo

ඔයා රාජකාරි ස්ථානයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදීත් Smart කෙනෙක් වෙන්න කැමති නම් අපි මුලින් කිවුවා වගේ සන්නිවේදනයේදී smart වීම වැදගත්. ඔයාගේ කතාබහ පැහැදිළි වීම මේකේ ප්‍රධානම ලක්ෂණයක්. රැකියා ස්ථානයේ වුවත්, ගෙදරදොර වුනත්, මිතුරන් අතරේ වුනත්, ඔයා කතා කරන දේ ඉතා පැහැදිළිව කරන්න පුරුදු වෙන්න. තමන්ට කියන්න අවශ්‍ය දේ පැහැදිලිව නොකීම නිසා අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙන අවස්ථා ඔයා දැකලත් ඇති. අපි සාමාන්‍යෙන් මේවා හඳුන්වන්නේ Communication errors නැතිනම් miscommunication කියල. විශේෂයෙන් රැකියාවේදී වගේම ගෙදරදීත් මේ ගැටළුවට මුහුණ දෙන්න සිද්ද වෙන අවස්ථා වලට උදාහරණ බොහොමයි. ඔයාට කියන්න අවශ්‍ය දේ පැහැදිළිව අනිකාට නිවැරදිව අවබෝධ වන විදිහට කියාගන්න අපොහොසත් වුනොත් ප්‍රතිඵලය ලැබෙන්නේ අවශ්‍ය දේ නොවෙයි. එහෙම අවස්ථාවකදී ඔයාගේ සන්නිවේදන අපැහැදිලිතාව නිසා ඒ දේ සිදුවුණා බවට ඔයාට චෝදනා එල්ල වන්න පුළුවන්. රැකියාවේදී නම් ඒක ඔයාගේ වෘත්තීය බවට එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසා මේ පුහුණුව ඇති කරගැනීම අත්‍යවශ්‍ය වනවා.

 

කෙටි යෙදුම් භාවිතයෙන් වළකින්න.

Hipster using a touch screen smart phone hands close up, vintage colors. Free Photo

වර්ථමාන ලෝකයේ අපි වැඩිපුරම කරන්න පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි text කරන එක. ඇත්තටම කෝල් එකක් දෙනවට වඩා අපිට පහසු සහ ලේසි ක්‍රමය තමයි text massage එකක් යවන එක. WhatsApp, viber, messenger, hangouts, වගේ තව නොයෙකුත් ක්‍රම හරහා කෙටි පණිවිඩයකින් අදහස් හුවමාරු කරගන්න හුඟක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. මේ සන්නිවේදන ක්‍රමය ජනප්‍රිය වෙනවාත් එක්කම ඒ වෙනුවෙන්ම නිර්මාණය වුනු විශේෂිත කෙටි වචන බොහොමයක් භාවිතයට එන්න පටන් ගත්තා. නමුත් වෘත්තීය භාවයකින් යුතු සන්නිවේදන අවස්ථාවන්ට මේ කෙටි වචන සහ යෙදුම් පාවිච්චි නොකරන්න ඔයා සැළකිලිමත් විය යුතුමයි. OMG, LOL, IDK වගේ තවත් බොහොමයක් කෙටි යෙදුම් මේ කෙටි පණිවිඩ ක්‍රමවේදය නිසාම ජනප්‍රිය වෙලා තියෙනවා. සමහර විට පාවිච්චි කරන භාෂාව මොකක්ද කියන එක අදාළ නැතුවත් කතාබහේදී හෝ Online සංවාද වලදී මේ වචන පාවිච්චි කෙරෙනවා. නමුත් හොඳ සන්නිවේදකයෙක් smart විදිහට සංවාදයක් පවත්වද්දී මේ වචන සහ යෙදුම් භාවිතයෙන් වැළකිය යුතුමයි. විශේෂයෙන් වෘත්තීය මට්ටමේ සංවාද සහ සාකච්චා වලදී නම් මේ යෙදුම් භාවිතා නොකරම ඉන්න කියන එකයි ඔයාට කියන්න තියෙන්නෙ.

 

නොදන්නා විෂයකට සම්බන්ධ වීමෙන් වළකින්න.

Serious thoughtful man making assumption, looking right and thinking Free Photo

අපි හැමෝටම අපේ දැනුම් පරාසයක් සහ විෂය පථයක් තියෙනවා. කෙනෙක් විද්‍යා විෂය ගැන ලොකු දැනුමක් තියෙන අතරේ තව කෙනෙක් ඉලෙක්ට්‍රොනික හෝ පරිඝනක තාක්ෂණය ගැන දැනුමින් සන්නද්ධ වනවා විය හැකියි. ඒ අතරේම තව කෙනෙක් භාෂාව අතින් දැනුමින් වැඩි විය හැකියි.මේ සියල්ල ඒ ඒ එපුද්ගලයින් කලක් තිස්සේ ප්‍රගුණ කළ දේවල් මත පදනම් වනවා. ඔයා තේරුම් ගතයුතු වැදගත්ම කාරණය තමයි අපි හැමෝම සියලුම විෂයන් ගැන දැනුමින් සන්නද්ධ අය නොවන බව. එහෙම වෙන්න අපේ ජීවිත කාලය තුළ කිසිවකුටත් බැහැ. හැමෝටම තම තමන් ප්‍රගුණ කළ විශේෂිත විෂය ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ වගේම අපි හැමෝටම පවතින ඕනෑම සංවාදයකට සාකච්චාවකට වටිනා අදහස් එකතු කිරීමට හැකියාවක් නැහැ. අපිට හැකියාව තිබෙන්නේ අපි දන්නා විෂය ක්ෂේත්‍රයට අදාළ සාකච්චාවකට වටිනා අදහසක් එකතු කිරීමට පමණයි. එහෙම නොවන අපි හරියටම නොදන්නා මාතෘකාවක් ගැන කෙරෙන සංවාදයකට කොහෙන් හෝ අහුලාගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමට යෑමෙන් ඔයා අපහසුතාවයට වගේම අවඥාවටත් ලක්විය හැකියි. ඒ නිසා තමන් ඉතා හොඳින් දන්නා විෂයකට අදාළ කරුණු මිස ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට සහ උපදෙස් ලබාදීමට යෑම නොකළ යුතුමයි. එහෙම වුනොත් සිදුවන්නේ ඔබ සමච්චලයට ලක්වීම පමණයි. ඒ නිසා Smart වෙන්න නම් ඔයාගේ විෂය ඇතුලෙ පමණක් සංවාද කරන්න වගබලා ගන්න. ඉතිරිවාට සවන් දීම සහ යමක් උකහා ගැනීම පමණක් කරන්න පුරුදු වන්න.

 

Smart බව පෙන්වන්න උත්සාහ කිරීම 

Waist up portrait of handsome serious unshaven male keeps hands together, dressed in dark blue shirt, has talk with interlocutor, stands against white wall. self confident man freelancer Free Photo

මේකත් සමහරු තමන්ටම කරගන්න බරපතල හානියක්. තමන් හුඟක් දේවල් දන්නා බව පෙන්වන්න ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් තමන්ගේ අදහස, උපදෙස ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කියලද ඔයා හිතන්නේ..? තමන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව පෙන්වීම, එහෙම නැත්නම් තමන්ගේ දැනුම ගැන අනික් අයට පෙන්වීමෙන් ඔවුන් අතර නිළලත් තත්වයක් ලබාගැනීම වගේ යමක් විය හැකියි. ඒ කොහොම වුනත් එතනින් සිදුවන්නේ ඔවුන් පිළිබඳ අසුබවාදී ආකල්පයක් අනික් පිරිස තුළ ඇතිවීම. කල්පනා කර බලන්න. විශේෂයෙන්ම ඔයාගේ රැකියා ස්ථානයේදී ඔයාට මේ වර්ගයේ අය බොහොමයක් හමුවෙලා ඇති. ඔවුන් හැමෝගෙම අවඥාවට ලක්වනවා නේද..? බොහෝ දෙනෙක් ඔවුන් එක්ක එකට වැඩ කරන්න කැමති නැහැ නේද..? තමන් දන්නා බව පෙන්වීමට අනවශ්‍ය මැදිහත්වීම් කිරීමේ ප්‍රතිඵලය ඒක තමයි. ඒ නිසා හොඳම දේ තමන් ඉදිරිපත් විය යුතු තැනදී පමණක්ම කතාබහට සම්බන්ධ වී අනික් සෑම අවස්ථාවකම නිහඬ වීම සහ අසා සිටීම. ඒක තමයි ඔයා කළ යුතු හොඳම දේ.

 

විශ්වාසයෙන්, බුද්ධිමත් බවින්, පෞරුෂයෙන් සන්නද්ධ වීම 

Cheerful curly business girl wearing glasses Free Photo

ඔයා කතා කරන ඕනෑම දෙයක් ගැන දැඩි විශ්වාසයෙන් යුතුව ඉන්න පුරුදු වන්න. ඒක තීරණය වන සාධක බොහොමයක් තියෙනවා. ඔයාගේ විෂය ක්ෂේත්‍රය ගැන ඔයාගේ දැනුම, නිරන්තර අභ්‍යාසයේ දීම වගේ දේවල් වලින් මේ විශ්වාසය ඔයා තුළම ගොඩ නැගෙනවා. එහෙම විශ්වාසයක් ඔයාට තියෙනවා නම්, ඔයාගේ පෞරුෂයත් ගොඩනැගෙනවා. කිසිවකුට දෙවැනි වන්නට හෝ භීතියකින් පසුබෑමකින් කටයුතු කරන්න කොහෙත්ම අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. ඔයාට ඔයා ගැන සහ ඔයාගේ පරාසය ගැන විශ්වාසයි නම්, ඔයාගේ ක්ෂේත්‍රය ගැන ඕනෑම වෘත්තීය සංවාදයකට, සාකච්චාවකට එළඹෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසා මේ විශ්වාසය සහ පෞරුෂය ගොඩනගා ගැනීමත් ඉතාම වැදගත් කාරණයක්.

 

වෘත්තීය මට්ටමින් වගේම සාමාන්‍ය ජීවිතයේදී පවා තමන් smart කියල උවමනාවෙන් පෙන්වා ගන්න පිරිස වැඩියි. බොහෝ දෙනෙක් විවිධ ආකාර වලින් මේ වැඩේ කරනවා කියන කාරණය පැහැදිළියි. ඔබේ රැකියා ස්ථානය, මිතුරු කණ්ඩායම් වගේ තැන් දිහා හොඳින් බැලුවොත් ඔබට මෙවැනි මවාගත් චරිත හමුවනු ඇති. ඔවුන්ගේ වචන සහ අදහස් smart කියල පෙනෙනවා වුනත් අභ්‍යන්තරයේ ප්‍රායෝගික තලය අරගෙන බැලුවොත් මේ පුද්ගලයන් සම්පුර්ණයෙන්ම වෙනස්. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් “මේ ආකාරයි” කියල පෙන්වීම පමණයි. ඒ නිසා එවැනි පුද්ගලයින් පිළිබඳව අවබෝධයෙන් සිටීම සහ ඔබ තුළින් එවැනි දේ මතු නොවීමට වගබලා ගැනීම අතිශය වැදගත්.

Smart විදිහට සන්නිවේදනය කරනවා කියන්නේ මතුපිටින් පෙනෙන තරම් සරළ කාරණයක් නොවෙයි. වෘත්තීය සහ සාමාන්‍ය ජීවිතයේ හොඳ සන්නිවේදකයෙක් වීම තුළින් ඔබට නිසි වෘත්තීය භාවයක් වගේම ගැටළු අවම ජීවන රටාවකටත් හිමිකම් කියන්න හැකිවේවි. හොඳ සන්නිවේදකයකු සතුව ඉලක්කගත තියුණු සන්නිවේදන හැකියාවක් තිබෙන නිසා එවැනි අයෙක් සමග වැඩ කිරීම සහ ජීවත් වීම කියන දෙකම වඩා පහසු වනු ඇති. මේ කරුණු ගැන නැවත නැවතත් සිතා බලන්න අපි ඔයාට යෝජනා කරනවා. ඔයා ඉන්නේ කොතනද කියල ඔයාටම අදහසක් ගන්න වගේම වෙනස් කරගත යුත්තේ මොනවාද කියන කාරණයත් ඔයාටම අවබෝධ වේවි.

 

-එන් . වෙහෙරදූව-

 

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙස පිදුම් ලැබූ නිලූ ආනන්දප්පා…

මීගමුව නයිස් ජාත්‍යන්තර පාසලේ විශය සහ පන්ති භාර ගුරුවරියක වන නිලූ ආනන්දප්පා,’2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය’ සහ ගෝලීය විශිෂ්ටතා සම්මානය යන ද්විත්ව ජයග්‍රහණයන්ගෙන් පිදුම් ලැබීය. මේ ආසියානු සම්මානය සඳහා අනුග්‍රහය සපයන RULA සම්මාන ප්‍රධානය කරනු ලබන්නේ විවිධ අංශවල වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වයන් සඳහා වූ කැපවීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් ලැබිය යුතු පුද්ගලයන්ටයි.

මෙම සම්මානය නිලූගෙ විශිෂ්ට පාසල් ගුරුවරියක වීමේ ගමනට විශාල විශ්වාසයක් සහ උද්‍යෝගයක් ඇතිකර තිබෙනවා.  “ගුරුවරයෙක් වෙන්න කැමැත්තක් ඇති වෙද්දි මට වයස අවුරුදු දහතුනක් විතර ඇති,දවසක් ඉස්කෝලෙදි මගේ යාළුවෙක් එක්ක ඇවිදගෙන යනකොට මම දැක්කා ගුරුවරියක් පුංචි දරුවන්ව පෝලිමකට හරියට පෙළගස්වන්න ගොඩක් උත්සහ දරනවා. එදා තමයි මට තේරුම් ගියේ දරුවෙක්ට නිවැරදි මාර්ගයට යන්න උදව් කරමින්,හරි විදිහට ඔවදන් දෙමින් සූදානම් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා. ඒ නිසාම ඕනෑම ගුරුවරයෙකුට විෂය කරුණු වලට පරිභාහිර ඇති වන ආතතිය ක්‍රමානුකූලව කළමනාකරණය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවට ඇය වැඩිදුරටත් පවසුවා.

ඇයගේ උසස් අධ්‍යාපනය අවසන් වෙලා,ඇය SGTTI (St.George International Teacher Training Institute) ආයතනයත් සමග සම්බන්ධ වුණා.ඇය AMI,MMI ඩිප්ලෝමාව සම්පූර්ණ කර, IVQ තුන්වන අදියරේ පුහුණු කිරීමේ නිපුණතා උසස් ඩිප්ලෝමාව ද, ළමා උපදේශනය පිළිබඳව උසස් ඩිප්ලෝමාව ද හදාරා ඇත. එමෙන්ම ලන්ඩන් විභාග සම්බන්ධ උසස් ඩිප්ලෝමාව ද, ට්‍රිනිටි විදුහලේ ශ්‍රේණිගත විභාග ද, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් ද, හැසිරීම සංවිධානය කිරීම සම්බන්ධව උසස් ඩිප්ලෝමාවද සම්පූර්ණ කර ඇත.

ඇය මෙම සහතිකපත් සමගම,ජාත්‍යන්තර පාසල් දෙකක් හා සම්බන්ධව සේවය කර ඇත. නිලූගේ ප්‍රධාන අරමුණයන් වූයේ දරුවන්ගේ කුසලතා වල උපරිම ඵල නෙළා ගැනීම සඳහා ඔවුන් සිතන ආකාරය දියුණු කර ඒ සඳහා දරුවන්ව උනන්දු කිරීමත්, වෘත්තීය ගුරුවරියක් ලෙස තම කුසලතා වැඩි දියුණු කර ගත හැකි පරිසරයක පළපුරුදු ගුරුවරියක් වීමත් යන මේවායි. එමෙන්ම අති නවීන ඉගැන්වීම් තාක්ෂණයන් යොදා ගනිමින් දරුවන්ට විෂය කරුණු ලබාදීමත් ඇයගේ ප්‍රධාන පරමාර්ථයක් විය.

ඇයගේ ශක්තීන් ගැන විමසා සිටි අවස්ථාවේ දී,
” මට ඉවසීම,සහකම්පනය,තමන්වම සංවර්ධනය කිරීම, ඉක්මනින්ම අනුවර්තනය වීමේ හැකියාව,ආතතිය කළමනාකරණය කර ගැනීමේ හැකියාව,හොඳ සන්නිවේදනයක් තිබීම යන දේවල් මා තුළ තිබෙනවා. දැනට නයිස් ජාත්‍යන්තර පාසලේ පන්තිභාර ගුරුවරියක සහ විශය ගුරුවරියක වන ඇය ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව භූගෝල විද්‍යාව, ඉතිහාසය උගන්වන අතර ඇය දරුවන්ට ගණිතය සම්බන්ධව වැඩිදුරටත් දැනුමක් ලබාදීම අපේක්ෂාවෙන් පාසලෙන් පසු ක්‍රියාකාරකමක් ලෙස “mental maths club” සමාජයේ පුරෝගාමීව කටයුතු කරනවා. මෙම පාසල ඇගේ දෙවැනි නිවහන බවට පත්වී ඇත. එමෙන්ම දේශීය මෙන්ම විදේශීය දරුවන්ටත් ආරක්ෂාකාරී සුරපුරකට මෙම පාසල සමාන කළ හැකියි.

2020 ආසියානු සම්මාන උළෙල සඳහා නීලු ඉල්ලුම් කරන විට,මෙය “මට සම්පූර්ණ කළ හැකිද?”යන්න ඇගේ සිතට නැගී තිබුනත්,අසීරු කර්තවයට ඉදිරිපත් වී රටවල් 50 ක අධික සහභාගී වූවන් සමඟ නිරූපණයන්,ඉදිරිපත් කිරීම්,විද්‍යුත් මාධ්‍ය හරහා තිබුණු සම්මුඛ පරීක්ෂණයන්ට ඇයට හොඳින් මුහුණ දී ජය ගැනීමට හැකි වූවා. හිතාගන්න බැරි පුදුමසහගත දවසක තමයි මේ උපහාරය ලැබුණේ කියමින් ඇය පැවසුවේ “මගේ උපන්දිනය දවසෙම තමයි මේ රාජකීය ගෞරවයෙන් යුත් ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය මට ලැබුණේ”.

 

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පාසලක් ඉදිකිරීම ඇගේ සිහිනයයි.

සමාජයේ ගුරුවරයෙක් වීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබෙනවා. එමෙන්ම අද කාලයේ අඩුවෙන් සලකන වෘත්තියක් බවට ගුරුවෘත්තිය පත්වී තිබෙනවා.කෙසේවෙතත් ගුරුවරයෙකුගේ වගකීම වන්නේ හැම දරුවෙකුගේම ඉගෙනීමේ හැකියාව සහ එය ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස් බව වටහාගෙන ඔවුන්ගේ සැඟවී තිබෙන කුසලතාවයන් සොයාගෙන ඒවායේ උපරිමය කරා යාමට ඔවුන්ට උපකාර කිරීමයි. ගුරුවරියක් ලෙස ලැබුණු ප්‍රදානය සම්බන්ධයෙන් නිලූ පැවසුවේ මූල්‍යමය දේවල්වලට වඩා එවැනි උපහාර ගුරුවරුන්ට වටිනා බවයි.

“නිවැරදි තේරුම් ගැනීම ක්‍රියාවකට උත්ප්‍රේරකයයි” නීලූ පැවසුවා.මෙම වැකියෙන් විශිෂ්ට සුදුසුකම්ලත් ගුරුවරයෙකු වීමේ වැදගත්කම මනාව පෙන්නුම් කරනවා. නීලූ දැනටමත් එය අත්පත් කරගෙන ඇත.

ඇඟේ Muscles Tone කරගන්න Back Workouts…

ඇඟේ Muscles Tone කරගන්න එහෙම නැත්තම් Muscles build කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Back Workouts ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ..

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

ඔයාට ගැළපෙන හරිම විලාසිතාව තෝරගන්න බැරිව අතරමං වෙලාද..?

දකින දකින කෙනාගේ ඇස් හොරා ගන්න පුළුවන් විදිහේ ලස්සනක් තමයි ඕනෑම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ? එදා ඉදන් ලංකාවේ කාන්තාව ගැන කවි කතා පවා ලියවුනා. අදත් ලියවෙනවා. නැවතිල්ලක් නැතුවම . එදා රෙද්ද හැට්ටය එක්ක විලි වහගත්ත කාන්තාව අද විලාසිතා ලෝකේ එක එක විලාසිතා අතර අතරමන් වෙලා. ඒ තරමට විලාසිතා . ලෝකය අද වෙනකොට තත්පරයක් ගානේ දියුණු වෙද්දී විලාසිතා ගොන්නක් අපිට එකතු වෙන එක ගැන ඉතින් කතා දෙකක් නෑ. එන හැම විලාසිතාවක් ම දෝතින් බදාගෙන තුරුලට නොගෙන ගැළපෙන දේ එක්ක ජිවිතේ ගෙවන්න පුළුවන් උනා නම් , ඔයා හොයපු , හිතපු, හීන මවපු , හීන දැකපු ලස්සන ඔයාට අනිවාර්යෙන් ම ලැබෙනවා . කතා දෙකක් නෑ ඒක නම් ඇත්ත. ඉතින් ගැස්ම කියවන ඔයාට මං කියන්නේ විලාසිතා එක්ක කොහොමද ඔයාගේ ජිවිතේ ලස්සන කරගන්නේ කියන දේ ?

 

 

ගවුම් අඳින්න ද ඩෙනිම් අඳින්න ද ඔයා කැමති ?

කාලෙන් කාලෙට විලසිතා වුනත් රැල්ලක් වෙනවා. ගවුම් අඳින්න මේ දවස්වල නම් ගොඩක් අය කැමතියි. මොකද මේ දවස්වල රැල්ල ගවුම නේ …. ඉතින් මේ ගවුම වුනත් සමහර අය කැමති දිගට අඳින්න … දිග කියන එකත් එක එක සයිස්වලට limit වෙලානේ … නේද ? විලුඹ ගානට ම දිග ගවුමක් අඳිනකොට, තවත් පිරිසක් කැමති විලුඹ ගාවට නැතුව පොඩ්ඩක් උඩට අදින්න . එහෙම ඇන්දමත් ඉතින් මාරම ලස්සනක් තියනවා. තවත් අයගේ කැමැත්ත තියෙන්නේ දණිස්ස ගාවට චූටි ගවුමක් අඳින්න. මෙහම අඳින ගොඩක් අය කියන්නේ පොඩි ළමයෙක් වගේ ඉන්න ආස නිසා එහෙම අඳිනවා කියලා . දණිස්සට වඩා කොටට ගවුම් අඳින්න කැමති කෙල්ලොත් ඉන්නවා …. මොනවා උනත් ඉතින් මෙහෙම ගවුම් අදිනකොට කෙල්ලෝ හරි ම ලස්සනයි. කතාවට උනත් කියනවනේ කෙල්ලොන්ගේ කෙලිකම , හුරතල්කම, සුන්දරකම , ලාලිත්‍ය ගවුම ඇන්දම හොදට පෙනවා කියලා . ඉඟ ලස්සනට , හැඩට පෙන්වා ඉතින් කෙල්ලෙක් ගවුමක් ඇන්දම … කවුරු වුනත් දැක්ක ගමන් පිස්සු වැටිලා , දෙපාරක් වුනත් හැරී හැරී බලයි. ඔයා ගොඩක් මහත වුනත් ගවුම නිසා ඔයාව ලස්සනට පේනවා. කොහොම වුනත් ඔයා ගවුම් අදිනකොට ඔයාගේ ඇගේ ප්‍රමණෙ ගැන හිතන්න. චූටි කෙනෙක් නම් ඔයා කොටට ගවුමක් අඳින්න. ඔයා තරමක් උසයි මහතයි නම් …. ගවුම අදිනකොට දිගට අඳින්න … අද ඩෙනිම් උනත් එක එක වර්ගයෙන් තියෙනවා. සමහරු ඇගට හිර වෙන්න ඩෙනිම් අඳිනකොට තවත් අය එහෙම අඳින්න කැමති නෑ . ඩෙනිම් විලාසිතාව අද ලෝකේ පුරාම කතාබහට ලක්වෙනවා. ඒ තරම් ඉල්ලුම . කෙල්ලෙක්ට ඩෙනිම ගැලපෙන්නේ නෑ කියලා සමාජය අතරේ හැම තිස්සෙම කතා වෙනවා. ඒත් ඒ කතාව අනුමත කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. තැනට ගැළපෙන්න සුදුසු ඇදුම අඳින්න අපි හැමෝම දැන ගන්න ඕන.

 

 

ගවුම , ඩෙනිම ඇඳලා විතරක් මදි නේද ?

අද වෙනකොට මිනිස්සුන්ගේ චරිතය ගැන නිර්ණය කරන නිර්ණායකයක් තමයි මේ ඇදුම කියන්නේ . ඒත් ඒක නොකළ යුතු දෙයක්. කෙනෙක් අඳින ඇදුමෙන් ඒ කෙනා ගැන හරියටම කියන්න නම් බෑ . මොනවා වුනත් ඔයා ගවුම අඳිනකොට ඔයාගේ හමේ පාටට match වෙන්න අඳින්න . වෛවාරණ පාට එක්ක වෛවාරණ මෝස්‌තරවලින් ගවුම් ඕන තරම් අද කඩ සාප්පුවල තියෙනවා. සාප්පු සවාරියේ යන ඔයා දකින දකින ගවුම ගන්න නම් එපා. ඔයාට ගොඩක් ම match වෙන දේ හොදට හිතලා බලලා ගන්න ඔයාට පුළුවන් . ඩෙනිම වුනත් අපිට ගැළපෙන පාටකින් තෝර ගන්න අපිට ඉවක් තියෙන්න ඕන. තමන් ගැන තමන්ට වඩා දන්න කවුරුත් මේ ලෝකේ නැති එකේ තමන්ට match වෙන ඇදුම මොකද්ද කියන එක දන්නෙත් තමන්ම තමයි .

 

 

කොහොමද ඉතින් කොණ්ඩෙ දාන්නේ ?

කොණ්ඩ මෝස්‌තර නම් හිසේ කෙස් ගාණට තියෙන්නේ නේද ? ඒත් ඉතින් ඔයාට ගැළපෙන ම කොණ්ඩ මෝස්‌තරය එක්ක ඔයා හැඩ වෙනවා නම් මරේ මාරු. ඔයාගේ මුණේ හැඩය එක්ක පුළුවන් ඔයාට ගැළපෙන හොදම දේ තෝර ගන්න. පුළුවන් හැම මොහොතක ම එළියට යනකොට කොණ්ඩෙ අනිත් අයට කරදරයක් නොවෙන්න තියා ගන්න. ඇදුමක් ඇන්දට විතරක් මදි. ඔයාට ඕන කරන ලස්සන ගන්න නම් කොණ්ඩෙ ගැනත් හිතන්නම වෙනවා. අඳින ඇදුමට match වෙන්න hair style එකක් තෝර ගන්න ඔයාට පුළුවන් වෙන්න ම ඕන . එතකොට තමයි ඔයාගේ ලස්සන තව තවත් වැඩියෙන් පෙන්න ගන්නේ. ඔයාගේ මුණෙ හැඩයත් එක්ක ඔයාට පුළුවන් ඔයාට match වෙන hair style එක මොකද්ද බලන්න. කර්ලි කොණ්ඩ, ස්ට්‍රේට් කොණ්ඩ වගේ එක එක කොණ්ඩ තියෙනවනේ . මේ මොන ජාතියේ කොණ්ඩයක් වුනත් හරියට තියා ගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩක්. කොණ්ඩෙ දිගට කඩන් යන්න වගේම තව ඕන තරම් style අද තියනවා . කොණ්ඩ මෝස්‌තර ගොඩක් අතරේ ඔයා ඉන්නකොට තැනට හරියට ම ගැළපෙන මොස්තරේ හොයාගන්න ඔයාට ඉවක් ඕනමයි. කෙල්ලෙක්ගෙ ලස්සන හොදටම පෙන්නේ කොණ්ඩෙන් කියන කතාව ගොඩක් අය අනුමත කරන්නේ අත්දැකිමෙන් ම ඒ දේ ඇත්ත නිසාම වෙන්න ඇති . කවියෝ වුනත් කාන්තාවගේ කොණ්ඩේ ගැන වර්ණනා කරේ අමුතු ම විදිහට. ඒ නිසාමයි මොණර පිලට කාන්තාවගේ කොණ්ඩේ සමාන කරේ. මොණරාගේ පිල ඉතින් කොයි තරම් නම් ලස්සන ද ? ඉතින් ….. අන්න ඒ වගේලු කාන්තාවගේ කොණ්ඩෙත්. කෙල්ලෝ හැමෝම කැමති දිග කොණ්ඩෙකට උරුමකම් කියන්න තමයි. ඒත් ඉතින් තියන කොණ්ඩේ ලස්සනට පිළිවෙලට තියා ගන්න අපි හැමෝටම පුළුවන් . මොකද අද වෙනකොට එක එක ජාතියේ hair style අපිට ඇවිත්. ඉතින් ඒ ඔක්කොම නෙමෙයි . අපිට හොදටම set වෙන එක අපි select කරමු .

 

 

කොණ්ඩෙ color කරනව ද ?

ස්වභාවිකව ලැබුණු කළු පාට කෙස් ගස්වල පාට වෙනස් කරගන්න එකත් අද අමුතුම, අලුත් විලාසිතාවක් වෙලා. ඉතින් මේ වැඩේදී නම් ඔයාගේ choice එකට වඩා ඒ choice එක ඔයාට match වෙනවද කියලා වැඩි වාර ගාණක්, වැඩි කාලයක් අරන් හිතලා බලන්නම වෙනවා. වෙන කෙනෙක්ට ලස්සන color එක ඔයාට ලස්සන නොවෙන්න පුළුවන්. එයා ගාපු පාට ඔයා තෝර ගත්තොත් ඔයාගේ තිබ්බ ලස්සනත් නැති වෙන්න පුළුවන් . ඔයා ඔයාගේ මූණ, හැඩය, පැහැය එක්ක කොණ්ඩෙට හරියටම set වෙන color එක තෝර ගන්න නම් අමතක කරන්න එපා . කොණ්ඩ පාට කරන රැල්ලට මෝඩ විදිහට නම් අහු වෙන්න එපා. මොන ජාතියේ කොණ්ඩයක් වුනත් ඔයාට හිතෙන දේ එක්ක නෙමෙයි ගැලපෙනම දේ එක්ක ලස්සන කර ගන්න. තව කෙනෙක් කිව්ව පලියට ඔයා ඔයාගේ කොණ්ඩේ වෙනස කර ගන්න ඉක්මන් වෙන්න එපා. ඔයාට උචිතම hair style එක අවශ්‍ය ගමනට බිමනට පාවිච්චි කරන්න .

 

 

මේ විතරක් ඇති ද ?

 

ඇදුම ගැනයි කොණ්ඩෙ ගැනයි විතරක් හිතුවට මදි . ඔයා අදින ඇදුමට match වෙන්න බෑග් එකකුත් තෝර ගන්න. ඔයාගේ අවශ්‍යතාවයත් එක්ක බෑග්වල ප්‍රමාණේ, හැඩය වෙනස් වෙන්න පුළුවන් . ඒ වෙනස වුනත් ගැළපෙන්න කරන්න අමතක කරන්න එපා. සෙරප්පු පවා ඔයා match කරන්න ඕනේ ඇදුමත් එක්ක ම තමයි. යන ගමන එක්ක , ඔයාගේ පහසුව ගැනත් එතැනදී හිතන්න . මොකද අමාරු විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට පත්වෙනවාට වඩා හොදයි විලාසිතා නොකර ඉන්නවා . නේද ? විලාසිතා ඉහේ කෙස් ගානට තිබ්බට ඒ ඔක්කොම කරන්න ඕනේ නෑ නේද ? ඉතින් …. ලස්සනට කියලා සෙරප්පු දානකොට ඔයා අපහසුතාවයට පත් නොවෙන විදිහට තෝර ගන්න. කෙල්ලෙක් උනාම පොඩියට හරි makeup එකකුත් දන්න ඕනේ . නැත්තම් ඉතින් වයසට ගිහින් ඒවා කරන්න ඈ . තැනට ගැලපෙන්න makeup එක කරා නම් …. ඔයා මාරම ලස්සනයි ….. makeup එක පවා අපි කරන්න ඕනේ අපේ මුණට හරියට Set වෙන විදිහට.සමාජේ මොනව ඔයාට කිව්වත් ඔයාගේ ලස්සනට make up ඕනෙම නම් limit එකක‍ට ඒ දේ කරන්න .. අන්න ඒක නම් අමතක කරන්න එපා . විලාසිතා ගැන අද කතා කරනකොට තමයි makeup අංක එක. ඒ තරමට වැහි වැහලා……. ඒ වැස්සට තෙමෙනකොට පරිස්සමින් …..

ලස්සන ගැන පමණ ඉක්මවා අද කෙල්ලෝ වද වෙනකොට ගැස්ම කියවන ඔයාට මෙන්න මේ දේ කියන්න මට හිතුනා . තැනේ හැටියට ඇණේ ගහන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. විලාසිතා කියන්නේ අද වෙනකොට අමුතුම රැල්ලක් . මේ රැල්ලට අහු වුනාම උමතුවෙන් වගේ ජිවත් වෙනවා . රැල්ලට අහු නොවී ඔයාට ඕන දේ විතරක් ඔයා ගන්න … විලාසිතා ලෝකෙන් ඔයාට ගැළපෙන විලාසිතා අරගෙන ලස්සනට සතුටින් ජිවිතේ ගෙවන්න….. ඔයාගේ ඇගේ හැඩය , පාට එක්ක හොදම විලාසිතාව ඔයා තෝර ගන්න…… අන්න ඒකයි මං ඔයාට කිව්වේ විලාසිතා වැස්සේ තෙමෙද්දී පරිස්සමින් කියලා .. සමහර වැහි බින්දු ඔයාට බර වැඩි වෙන්න පුළුවන් ….. ඒ නිසා කල්පනාවෙන් ………

සඳුනි අරවින්දිනී

රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි සමබරව ගෙනියන්නේ කොහොමද..?

ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට මට විතරක් තනිවම ඒ ක්‍රමයෙන් ගැලවිලා ක්‍රම විරෝධී ගමනක් යන්න හැකියාවක් නැහැ. ඒක තමයි සැබෑ තත්වය. නමුත් අපටත් යන්ත්‍ර වගේ වෙන්නත් හැකියාවක් නැහැ. මිනිස්සු විදිහට, ජීවින් විදිහට අපට තවත් බොහෝදේ කරන්න තියෙනවා වගේම ජීවිතය විඳිමින් ගෙවන්නත් අවශ්‍ය වනවා. එහෙම නොවුනොත් ශාරීරිකවත්, මානසිකවත් රෝගීන් බවට පත්වීමේ අවදානම අපි හැමෝටම තියෙනවා. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නූතන ලෝකයේ තමන්ගේ පැවැත්ම හදාගෙන සාර්ථක මිනිහෙක් බවට පත්වෙන්න නම් දිගින් දිගටම වැඩකළ යුතුයි කියලත්. එක පැත්තකින් ඒ අදහස සත්‍ය වෙන්න පුළුවන්. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ මහන්සි වී වැඩකළ යුතුයි. නමුත් මේ කියන මහන්සියේ ප්‍රමාණය කොතරම්ද..? කොහොමද මහන්සි වී වැඩ කරන්නේ..? මේ දේවල් නැවතත් ගැටළු විදිහට ඉතිරි වනවා. ඔබ හිතන්නේ දවසකට වැඩි වෙලාවක් කාර්යාලයේ රැඳෙමින් වැඩ කිරීම “සාර්ථකත්වය වෙනුවෙන් මහන්සිවී වැඩ කිරීම” කියල නම්, එතන ඔබට වැරදීමක් වෙලා. සාර්ථකත්වය හෝ ඵලදායිතාව තියෙන්නේ ඔබ වැඩ කරන පැය ගණනේ නොවෙයි. ඔබ වැඩ කරන පැය ගණනට සාපේක්ෂව ඔබේ ඵලදායිතාව කොපමණද කියන කාරණය පමණයි ඔබේ සාර්ථකත්වයට බලපාන්නේ. ඒ වගේම ඔබ ඔබේ සාමාන්‍ය ජීවිතය වෙනුවෙන් මොනවද කරන්නේ කියන එකත් ජීවිතයේ යම් දවසක ඔබට තදින්ම බලපාන කාරණයක්. ඒ නිසා, වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කියන දෙක සමබරව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. ඔබට සාර්ථක මිනිසෙකු වීමට නම් අවශ්‍ය වන්නේ මේ දෙකම සමබරව ඵලදායීව පවත්වා ගැනීමයි. gasma.lk කියවන ඔබ වෙනුවෙන්, මේ කාරණය ගැන ටිකක් ගැඹුරින් කතාබහ කරන්න අපි තීරණය කළා. ඔබේ සාමාන්‍ය ජීවිතය සහ වෘත්තීය ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට මේ කරුණු ගැන අවදානය යොමු කරන්න.

 

 

ඔබේ පවුල් ජීවිතය

Couple moving to a new home - happy married people buy a new apartment to start new life together Free Photo

ඔබ රැකියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කරමින් වෙහෙසෙන අතරතුර ඔබේ පවුල ගැනත් සිතනවාද..? මේක වර්තමානයේ බොහෝ දෙනෙකුට තියෙන බරපතල ගැටළුවක්. ඔවුන් රැකියාවේ වැඩකටයුතු එක්ක කාර්යබහුලයි. ඒ වගේම දිගු පැය ගණනක් වැඩ කිරීමට ඔවුන්ට සිදු වනවා. ඒ නිසාම ඔවුන්ට පවුල කියන ඒකකය මගහැරී යනවා. විශේෂයෙන් ඔබ දරුවන් සිටින මවක් හෝ පියෙක් නම්, ඔබ දරුවන් වෙනුවෙන් කොපමණ කාලයක් වෙන් කරනවාද කියන කාරණය අතිශය වැදගත්. බොහෝ දෙනෙක් වෘත්තීය ජිවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසෙමින් පියවරෙන් පියවර ඉදිරියට යන අතරතුර මේ පවුල සහ දරුවන් කියන ඒකකය ඔවුන්ට මගහැරෙනවා. ඒ බව වැටහෙන්නේ බොහෝ කල් ගතවීමෙන් පසුවයි. නමුත් ඒ අවස්ථාව වෙනකොට ඔවුන් ප්‍රමාද වැඩියි. නැවත සකස් කළ නොහැකි තරමටම ඒ ඒකකය පලුදු වී තිබෙන්නත් පුළුවන්. දැන් ඔබ සාර්ථකයි කියන සාධකයේ ප්‍රථිපලයක් තිබේද..? මේ දෙකම සමානව පවත්වා ගැනීමයි සාර්ථකත්වය කියන්නේ. එහෙම පවත්වා ගැනීමට හැකියාවක් තිබීම තමයි සාර්ථක මිනිසකුගේ ලක්ෂණය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වර්ථමානයේ දරුවන් බොහෝවිට තම තමන්ගේ ලෝකවල ජිවත් වන්න කැමතියි, ඔවුන්ට දෙමව්පියන්ගේ අවදානය එතරම් වැදගත් නැහැ කියල. නමුත් මනෝවිද්‍යා පර්යේෂණ වලින් හෙළිවන්නේ දරුවන් එහෙම හැඟීමක් පිටතට දෙන්නෙත් දෙමව්පියන් ඔවුන්ව මගහැරීමේ ප්‍රතිඵලයක් විදිහට බවයි. ඒ නිසා ඔබේ දරුවන්ට සහ පවුලට දවසෙන් පැය කිහිපයක් හෝ වෙන් කරන්න. දරුවන් නොමැති අවිවාහක තරුණ පිරිසට වුවත් තමන්ගේ පවුලේ අය වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන් මේ විදිහටම යම් කාලයක් වෙන් කරන්න ඔවුන්ට සවන් දෙන්න අත්‍යවශ්‍යයි. ඔබට වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය කළමනාකරණය කරගැනීමේ පුහුණුව ඇතිවන්නේත් එහෙමයි.

රැකියාව සහ සෞඛ්‍යය

Team of doctors in a meeting Free Photo

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම රැකියාවට වගේම සාමාන්‍ය ජීවිතයටත් අතිශය වැදගත්. “ආරෝග්‍යා පරමා ලාභා” කියන අදහස, ඒ කියන්නේ හොඳම ලාභය නිරෝගීව ජීවත් වීමට ලැබීමයි කියන අදහස අපි අතර හුඟක් ජනප්‍රියයි. ඒක ඉතාමත් ප්‍රායෝගික අදහසක්. ඒ වගේම රැකියා ස්ථානයේ තියන කාර්යබහුල බව වගේම ආතතියත් මගහරවාගෙන, වැඩකටයුතු මනා කාර්යක්ෂමතාවකින් යුතුව කරගෙන යන්නත් නිවැරදි සෞඛ්‍ය පුරුදු සහිතව නිරෝගීව ජීවත් වීම අත්‍යවශ්‍යයි. නියමිත වේලාවන්ට නිසි පෝෂණය සහිත කෑම වේලක් ගැනීම සහ ව්‍යායාම කිරීම මේ සෞඛ්‍ය පුරුදු විදිහට පෙන්වා දිය හැකියි. නමුත් කනගාටුවට කරුණ නම්, බොහෝ දෙනෙකුට රැකියාවේ “වැඩ අධික” බව නිසා මේ දෙකම මගහැරෙනවා. ව්‍යායාම කරන්න කොහෙද වෙලාවක්, මේ ඔෆිස් එකේ තියන වැඩ ගොඩත් එක්ක” කියන පැමිණිල්ල නිතර අහන්න ලැබෙන දෙයක්. එහෙමත් නැතිනම්, වෙලාවට කන්න වෙන්නෙම නෑ වැඩත් එක්ක හිර වුනාම” කියන කතාවත් නිතර කියවෙන දෙයක්. නමුත් ඔබ දැනගත යුතුයි නිසි වෙලාවට පෝෂණය සහිත කෑම වේලක් ගැනීම මගහැරගෙන හෝ නියමිත ව්‍යායාම් කිරීම මගහැරගෙන ඔබ කොතරම් වැඩ කළත් එහි ඵලදායිතාව ගැන ගැටළු පවතින බව. ඔබ මේ දෙක මගහැර ඉන්නවා කියන්නෙම ඔබ සෞඛ්‍යසම්පන්න නැහැ. ඒ වගේම ඔබේ ක්‍රියාශීලි බව අඩු වනවා. ඒ නිසා ඔබ වැඩ කරන වේගය වගේම ඔබේ ධාරිතාවත් අඩු වනවා. ඒ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන සිතන්න සහ ඒ වෙනුවෙන් නිසි පියවර ගන්න රැකියාව බාධාවක් කරගන්න එපා. ඒ දෙක මොනයම්ම හෝ ආකාරයකින් කළමනාකරණය කරගැනීම ඔබ සතු වගකීමක් බව හොඳින් මතක තබාගන්න.

ඵලදායිතාව ගැන සැළකිලිමත් වන්න.

We have done it! amazed female and male show ok sign, express well done work, have cheerful expression Free Photo

සමහර දවස් වලට ඔබට ඔබ ගැනම තෘප්තියක් නැති වනවා නේද..? දිගු පැය ගණනක් කාර්යාලයේ රැඳෙමින් වැඩ කළා වුනත් ඔබේ ඵලදායිතාව ඉතාම අඩු බව ඔබටම දැනෙන දවස් තියෙනවා නේද..? ඒ ගැන ඔබ විශේෂයෙන් සැළකිලිමත් වන්න. ඔබ කොතරම් වෙලාවක් වැඩ කරමින් “වැඩ ටික ඉවර කරන්න” හිතුවත් ඔබේ ශරීරය සහ මනස ඊට සුදානම් නැහැ. ඒ දෙකටම විවේකය අවශ්‍යයි වගේම ඒ දෙකම ක්‍රියාත්මක වන්නේ ඊට ආවේණික රටාවකටයි. ඔබ ඒ ස්වභාව නියමයන් අභිබවා යන්න උත්සාහ කළත්, එහෙම කරනවා කියල ඔබ ඔබටම කියාගත්තත්, ඔබට ඒක කරන්න ලැබෙන්නේ නැහැ. ඵලදායිතාව අඩු දිගු පැය ගණනක් කාර්යාලයේ ගතකළා නේද කියන පසුතැවීම පමණක් ඔබට ඉතුරු වේවි. ඒ නිසා විවේකය අත්‍යවශ්‍යයි. ඒ අදාළ කාලය වැඩ කිරීමෙන් පස්සේ අවශ්‍ය විවේක කාලය වෙන් කරගන්න. ඒ වගේම නිසි ව්‍යායාම සැළසුමකට අනුව ව්‍යායාම කරන්න. ඔබට දිගු කලක් තිස්සේ පවතින ආතතියෙන් මිදීමට ඒක ලොකු රුකුලක් වේවි. වෙනස ඔබටම ඉතා ඉක්මනින් වැටහේවි. ඒ වගේම වෙනදාට වඩා ප්‍රභෝදයකින් සහ ක්‍රියාශීලිව වැඩ කරන්නත් හැකියාව ලැබේවි.

ඊළඟ වැදගත්ම දේ කාර්යාලයේ පීඩනය ආතතිය සහ ගැටළු ගෙදර අරගෙන යන්න එපා. හුඟක් දෙනෙක් කරන බරපතල වරදක් මේක. ඔබට කාර්යාලයේ පීඩාවෙන්, ගැටළුකාරී තත්වයෙන් හිඳිමින් නිවසේදීත් ඒ විදිහටම ඉන්න අවශ්‍යද..? නැහැ නේද.? ඒ නිසා ඔබේ කාර්යාලයේ වැඩ, ගැටළු, පීඩනය, ආතතිය මේ හැම දේම කාර්යාලයේම තබන්න. ගෙදරට යනවිට ඒ සැහැල්ලුව ඇති කරගෙන ගෙදර යන්න. නැතිනම් නැවත වරක් ඔබ නිවසේදීත් කාර්යාලයේ පීඩනයෙන්ම දවස ගෙවනු ඇති. වැඩ අවසන් කොට ගෙදරට යාම පවා ප්‍රථිපලයක් නැතිවේවි. ඒ නිසා අත්‍යවශ්‍ය අවස්ථාවක හැර කාර්යාලයේ වැඩ, ගැටළු මේ කිසිවක් ගෙදර ගෙන නොයන්න වගබලා ගන්න. ඒ දේවල් පිලිබඳ නිවැසියන් සමග කතාබහ කිරීමෙන් පවා වැලකි සම්පුර්ණයෙන්ම ඒවා කාර්යාලයේම තබා යා හැකිනම් එය වඩාත්ම යෝග්‍යයි.

සමජීය ජීවිතය

Illustration of social media concept Free Vector

ඔබ තවත් කරන වැරද්දක් තමයි මේ. රැකියාව පටන් ගැනීමත් එක්කම සමාජීය ජීවිතය අමතක කරනවා. නැතිනම් මගහැරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එය නොකළ යුත්තක්. ඔබේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ මූලිකවම කොටස් තුනක් තිබෙනවා. සාමාන්‍ය ගෘහස්ථ ජීවිතය (domestic life), වෘත්තීය ජීවිතය (professional life) සහ සමාජීය ජීවිතය (social life) කියන මේ කොටස් තුන ගැන හොඳ අවබෝධයකින් පසුවීම වැදගත්. ඒ වගේම මේ තුන එකිනෙක මිශ්‍ර කර නොගැනීමත් ඔබේ වගකීමක්. මොහොතක් සිතා බලන්න. ඔබ මිතුරන් හමුවීම, ඔවුන් සමග සුහද කතාබහ, dinner out එකක් වගේ දේවල් කොයි තරම් මගහැර තිබෙනවාද..? ඔබ කියන හේතුව වැඩ වැඩි වීම. ඒක හරිම සාම්ප්‍රදායික පිළිතුරක්. වැඩ සහ විවේකය කලමනාකරනය කරගැනීමයි වැදගත්. හොඳින් මතක තබාගන්න එය කළ නොහැකි නම් ඒක ඔබේ අසමත්කමක්. මොන තරම් වැඩ තිබුනත් සති අන්තය හෝ වෙනත් නිශ්චිත දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඔබේ මිතුරන් හමුවීම්, සුහද කතාබහක් පැවැත්වීම ගැන ඔවුන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුමයි. මෙතෙක් ඔබට ඔබේ සමාජීය ජීවිතය මගහැරුනා නම්, අදම මේ වෙනුවෙන් වෙලාව වෙන්කර ගනිමට කටයුතු කරන්න.

පෞද්ගලික කුසලතා ප්‍රවර්ධනය

Female student playing violin Free Photo

ඔබ විසින් අත්හැර දමන තවත් වැදගත්ම සාධකයක් මේ. ඔබ කිසියම් සුදුසුකමක් ගැනීම වෙනුවෙන් ඉගෙන ගැනීම වෙහෙසීම කරනවා. උපාධිය හෝ ඩිප්ලෝමාව ලබාගෙන ඔබ රැකියාවටත් ගිය පසු ඔබ කරන බරපතල වරද ඔබේ හැදැරීම් එතනින් නවතා දැමීම. එතැන් පටන් ඔබ වැඩ වෙනුවෙන් මහන්සි වනවා මිස ඔබේ පෞද්ගලික හැකියාවන් ප්‍රවර්ධනය වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ. නමුත් එක බරපතල වරදක්. ඔබ අනිවාර්යෙන්ම ඔබේ ක්ෂේත්‍රයේ නව දැනුම එකතු කරගත යුතුයි. තාක්ෂනය කොතරම් දියුණු වෙමින් යනවාද කියන දේ පසුගිය දශක දෙකේ ජිවත් වූ ඔබ හොඳින්ම දන්නවා. නමුත් මේ වෙනසට අනුගත වීම අපි කළ යුතුමයි. ඒ වෙනුවෙන් ඔබ වැඩකරන ක්ෂේත්‍රයේ ලෝකයේ පවතින නව දැනුම සොයාගන්න. ඒ පිලිබඳ යාවත්කාලීන වන්න. ඔබඔබේ ක්ෂේත්‍රය ගැන පවා නිවැරදි නවීන දැනුමින් සන්නද්ද නැතිනම් එය ඔබේ දුර්වලකමක් ලෙස හඳුනා ගැනීමට ඉඩකඩ තියනවා. ඒ නිසා මේ සතතාභ්‍යාසය සහ නව දැනුම සොයා යාම අත්‍යවශ්‍යයි.
අද ලෝකයේ බොහෝ දෙනෙක් මේ රැකියාව සහ ජීවිතය සමබරව පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ආතතියට ලක්වී තිබෙනවා. මේ තත්වයෙන් මිදීමට විශේෂඥයින් හඳුන්වා දෙන ක්‍රම කිහිපයකුයි අපි ඔබට ගෙන ආවේ. නැවත නැවතත් සිතා බලන්න. අවසානයේ ඔබ කියන පුද්ගල චරිතය හැමටම වඩා වැදගත්. ඒ නිසා රැකියාවට ඔබව පාලනය කිරීමට ඉඩ නොදී, රැකියාවත්, රැකියා ස්ථානයේ ආතතියත් ඔබේ පාලනය යටතට ගන්න. සාර්ථක මිනිසකු වීමට ඔබටම මගපාදා ගත හැකිවනු ඇති.

 

එන් වෙහෙරදූව

මේ වැරදි පුරුදු ඔයාගේ ජීවිතයෙත් තියනවනම් දැන්මම ඉවත් කරගන්න…

අපි හැමෝටම විවිධ පුරුදු තියෙනවා. පුංචිම කාලේ ඉඳන් අපි දිගින් දිගටම කරමින් ආව පුරුදු ගැන අපි වැඩිපුර නොසිතුවාට ඒවායින් සමහර පුරුදු අපට හානිකරයි. ශරීර සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාන මේ විදිහේ නොයෙක් පුරුදු අපි ලඟ තිබෙනවා. අපි කළ යුතු වන්නේ මුලින්ම එවැනි පුරුදු මොනවාද කියන දේ හඳුනා ගැනීම. ඉන් පස්සේ ඒවායින් අත්මිදෙන්න උත්සාහ කළ යුතුයි. ලෝකය පුරාම සිදුවන විවිධ සමීක්ෂණ ප්රථිපල සහ විශේෂඥ අදහස් අනුව අප විසින් අත්හළ යුතු පුරුදු පිළිබඳ ඔවුන් තොරතුරු ඉදිරිපත් කොට තියෙනවා. gasma.lk කියවන ඔබ වෙනුවෙන් ඔබ විසින් අත්හැරිය යුතු, පුරුදු කිහිපයක් ගැන තොරතුරු අප ඔබවෙත ගෙන එනවා.

 

01. ආතතිය සහ කෑම 

Young woman in cafe eating tasty sandwich Free Photo

සමහර පුද්ගලයන් තුළ තිබෙන නරකම පුරුද්දක් තමයි මේ. ආතතිය නැතිනම් stress වීම නිසා කෑම අනුභව කිරීම. එවැනි පුද්ගලයින් ඇත්තටම කන්නේ කෑම අවශ්‍ය නිසා හෝ බඩගින්නක් නිසාම නොවෙයි. ආතතිය, පීඩනය, විශාදය, අසතුට, සතුට වැනි ඕනෑම මනෝභාවයක් දරාගැනීමේ ක්‍රමයක් විදිහට ඔවුන් කරන්නේ දිගින් දිගටම කන එක. වැඩිපුර කෑම ගැනීම මොන විදිහේ ප්‍රතිළුලයක් විය හැකිදැයි ඔබට වැටහෙනවා ඇති. නිසා ඔබට මේ පුරුද්ද තිබෙනවා වාහාම එය අත්හරින්න. ඔබ ස්ථුලතාවට පත්වී රෝගී වීමේ ප්රවණතාවක්ද ඇතිවිය හැකියි. ආතතිය සඳහා වන නිවැරදි පාලන ක්‍රමය මිස හැඟීම් වලින් ඉවත් වීමට ආහාර අනුභවය නොකරන්න.

 

02. නියපොතු හැපීම 

Nail biting (onychophagia) concept : portrait people biting his nail. Premium Photo

බොහෝ දෙනකුට තිබෙන ඉතාම නරක පුරුද්දක්. මේ පුරුද්දත් හැඟීම් එක්ක සෘජුව සම්බන්ධ කාරණයක්. ඔබට දුකක් දැනුනු විට, භයක් දැනුනු විට හෝ වෙනත් ඕනෑම පීඩාකාරී හැඟීමක් දැනෙන අවස්ථාවක නියපොතු හැපීමට ඔබ පුරුදු වී සිටිනවාද..? එහෙම නම් හැකි ඉක්මනින් ඔබ එයින් ඉවත් විය යුතුමයි. මේ කාලයේ නම් අපි සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත්. නිතර නියපොතු හැපීම කියන්නේ ඔබව රෝගී කරවන්න ප්‍රධාන සාධකයක්. ඉක්මනින් සහ පහසුවෙන් විෂබීජ ශරීරයට ඇතුල් කිරීමට ක්‍රමය නිසා හැකියාව ලැබෙනවා. වගේම ඔබට කලක් ගතවීමේදී ඉතා අවලස්සන නියපොතු වලට උරුමකම් කියන්නත් සිදුවනවා. ඕන ප්‍රශ්නයක් නිසා මේ වැඩේ කරනවා නම්, ඔබ හොඳින් මතක තබාගන්න මේ ගැටළු විසඳාගන්න අවශ්‍ය වන්නේ සරළව නිවී සැනසිල්ලේ කල්පනා කිරීම පමණයි. නමුත් නියපොතුහපමින් කාලය ගත කිරීමෙන් ඔබේ සෞඛ්‍යට වගේම පෞරුශයටත් වන්නේ හානියක්.

 

03. සෘණාත්මක මිනිසුන්ගෙන් ඉවත් වන්න.

Unstable bearded boss gesturing at head while screaming Free Photo

ඔබට ඔබේ කියලා ඉලක්ක තිබෙනවා ඇති. පෞද්ගලික ජීවිතය අතින් ගත්තත්, කාර්යාලයේ සේවය කරන අන්දම ගත්තත් මේ ඉලක්ක අනිවාර්යෙන්ම ඔබ සතු විය හැකියි. මේ ඉලක්ක වලට ලඟා වන්න නම් ඔබ අනිවාර්යෙන්ම ධනාත්මක මිනිසුන් ඇසුර ලබාගත යුතුයි. ඔබේ සිතේ තියන ඉලක්ක සහ අරමුණු ගැන කියද්දී ප්‍රෙවේශම් වන්න. බෙදාගත යුතු සියල්ල එලෙස බෙදාගත යුතු හොඳම මිනිසුන් අතලොස්සක් නම් ඉන්නේ ප්‍රශ්ණයක් නැහැ. සුළු පිරිස පමණක්ම ඇසුරු කරන්න. වැඩි පිරිසක් ඔබේ සිහින සහ ඉලක්ක වලට සහයෝගය දක්වන්නේ හෝ ආශීර්වාද කරන්නේ නැහැ. නිසා ඔබට යහපත් ආකල්ප පමණක් ගෙනදෙන අයව ඇසුරු කිරීමට තොර ගන්න.

 

 

04. ඔබව අගය නොකරන්නන් ඇසුරෙන් වළකින්න

Dissatisfied female executive blaming threatening male employee at team meeting Free Photo

අපි අවට ඉන්න පුද්ගලයින් විවිධයි. ඒක එහෙම තමයි. නමුත් අපට අනිකා වෙනස් කළ නොහැකි වුවත්, තෝරා ගැනීමක් කළ හැකියි. නිසා ඔබ, ඔබේ අනාගතය වෙනුවෙන් තෝරා ගැනීම කළ යුතුමයි. ඔබව අගය නොකරන, ඔබේ ජයග්රහණ හෝ ඉදිරි ගමන පිලිබඳ අගයමින් කතාබහ නොකරන, ඔබේ ඉලක්ක සපුරා ගැනීමේදී අවංකව සතුටු නොවන සහ පිළිබඳව ඔබ සිටින තැන මෙන්ම නොසිටින තැනත් අගයමින් කතාබහ නොකරන පුද්ගලයින් කියන්නේ ඔබට කිසිදු ආශිර්වාදයක් නොවෙයි. නිසා එවැනි පුද්ගලයින් හඳුනා ගන්නත් ඔවුන්ව ඇසුරු කිරීමෙන් වළකින්නත් ඔබට හැකිවිය යුතුමයි.

 

05. දුම්පානයන කරනවාද..? ගැන යළි සිතා බලන්න.

Closeup shot of a person puffing on a cigarette surrounded with smoke Free Photo

සාමාන්‍යෙයන් මේ දුම්වැටි භාවිතය වගේ පුරුදු අතිශය පෞද්ගලික කාරණා. ඒවා තම තමන්ගේ තෝරා ගැනීම් මත තීරණය වන දේවල් නිසා පිලිබඳ පොදුවේ අදහසක් ඉදිරිපත් කිරීම සුදුසු නොවන්න පුළුවන්. නමුත් ලෝකය පුරාම පවතින පොදු පිළිගනිම අනුවත් සමීක්ෂණ දත්ත සටහන් අනුවත් දුම් බීම ඔබේ ශරීර සෞඛ්‍යට, මානසික සෞඛ්‍යට   වගේම පෞරුශයටත් කරන්නේ හානියක්. නිසා ඉන් වළකින්න හැකිනම් එය ඉතාමත් වැදගත්. ඔබේ මුහුණේ සමට, තොල් වලට වගේම ඔබේ අභ්යන්තර ශරීර අවයව වලටත් දුම්පානයෙන් හානි සිදුවන නිසා මේ පිලිබඳ අවබෝධයෙන් සිතා බලා තීරණයකට එළඹීම ඔබ සතු කටයුත්තක් බවත් අපි සටහන් කොට තබනවා.

 

 

06. පමණ ඉක්මවා ඇල්කොහොල් භාවිතය

Tired young businessman drinking Free Photo

ඇල්කොහොල් සහිත බීම භාවිතයට ගැනීමේදී නියමිත ප්‍රමාණයට අනුව පමණක් භාවිතයට ගන්න වගබලා ගැනීම වැදගත්. ඔබ පුරුද්දක් ලෙස ඇල්කොහොල් පානය කරන්නෙක් නම් පුරුද්දෙ තරම කොයි තරම්දැයි සිතා බලන්න. දිනපතා අධික ප්‍රමාණයන්ගෙන් ඇල්කොහොල් භාවිතය ඔබ ශාරීරිකව රෝගියකු බවට පත් කරවනවා වගේම ඔබ මානසිකවත් අකර්මණ් පුද්ගලයකු බවට පත් කරවනවා. නිසා ඔබේ සීමාවන් ඔබම සලකුණු කරගන්න. සීමාවන් තුළ සිටිමින් ඇල්කොහොල් භාවිතා කරන්න. එසේ නොමැති වුවහොත් ඔබේ ශරීර, මානසික සෞඛ්‍ය තත්වයට වගේම පෞරුෂයටත් හානි පැමිණවිය හැකියි. විශේෂයෙන් ඔබේ අක්මාව, හදවත සහ මොලය ආශ්රිත ගැටළු වලට ලක්වීමේ අවදානමක් තිබෙනවා වගේම පිළිකාවන්ට පවා ගොදුරු වීමේ අවදානමක් සහිතයි. නිසා මේකත් අවබෝධයෙන් යුතුව පාලනය කරගත යුතු පුරුද්දක් බව සටහන් කළ යුතුමයි.

 

 

07. Junk Foods වලින් ඉවත් වන්න.

Delicious grilled burgers Premium Photo

මේ පිළිබඳව අපි වඩා සවිස්තරාත්මක ලිපියක් මීට පෙරත් ඔබවෙත ගෙන ආවා. Junk foods කියන්නේ මේ වෙනකොට ලෝකයටම යම් ගැටළුවක් වී තිබෙන දෙයක්. පුද්ගල ශරීර සෞඛ් පැත්තෙන් සලකා බැලුවොත්, ලෝකය පුරා බොහෝ පුද්ගලයින් ප්රමාණයක් රෝගීන් බවට පත් කිරීමටත්, ස්ථුලතාවයට පත් කරවීමටත්, මේ ආහාර වර්ග හේතුවක් වී තිබෙනවා. බොහෝවිට පහසුව හෝ රසය ගැන සලක බැලීමෙන් මේ කෑම වර්ග වලට කෙනෙකු ඇබ්බැහි වීමක් සිදුවිය හැකියි. නමුත් මෙහි දීර්ඝ කාලින අහිතකර ප්රතිවිපාක පිලිබඳ ඊට වඩා ගැඹුරින් සිතා බලන්න කියලත් අපි ඔබට මතක් කරනවා. එවිට ඔබට ඉතා සාධාරණ හේතු රැසක් දැනගන්න ලැබේවි. ඔබ අනිවාර්යෙන්ම Junk foods වලින් ඉවත් වේවි.

 

08. Smart devices භාවිතය.

Group of people looking at smartphones Premium Psd

ඔබ හොඳින්ම දන්නා කාරණයක් තමයි මේ වනවිට ලෝකය පුරාම මේ Smart devices වලට පුද්ගලයින් ඇබ්බැහි වීමේ ප්රවණතාවක් තිබෙන බව. විශේෂයෙන් ඔස්සේ social media එක්ක බොහෝ දෙනෙක් තමන්ගේ වෙලාව ගෙවන්න පුරුදු වෙලා තිබෙනවා. ඒක අතහැරිය හැකි දෙයක් නොවෙයි තමයි. නමුත් ඔබට මේ උපකරණ වල ඇබ්බැහි වීමෙන් වැළකිය හැකියි. විශේෂයෙන් ඔබ නිරන්තරයෙන් මේවා සමගම ජීවත් වද්දී ඔබේ ඇසට සහ මනසට අවශ් කරන විවේකය අහිමිව යනවා. ශාරීරිකව එය යහපත් දෙයක් නොවනවා වගේම මානසිකවත් අහිතකර බලපෑම් ඇතිකරවන්නක් විය හැකියි. නිසා ඒවා සියල්ලෙන්ම ඉවත්ව මානසිකව විවේකයක් ලබාගත හැකි වෙලාවකුත් ඔබේ දවසේ කාල සටහනට එකතු කරගන්න. මේ උපකරණ වලින් තොරව සුළු වෙලාවක් හෝ ගෙවා දැමිය නොහැකි තරමට මේ වනවිටත් ඔබ ඇබ්බැහි වෙලා නම් හැකි ඉක්මනින් ඇබ්බැහියෙන් මිදීමට ක්රමවේදයක් සකස් කරගන්න.

 

09. ප්‍රමාද නොවීමට වගබලාගන්න.

Portrait of a shocked businessman looking at wristwatch Free Photo

ඔබට ජීවිතයේ බොහෝ පුද්ගලයින් හමුවී ඇති. ඉන් සමහරු නියමිත වෙලාවට නිශ්චිතව තමන් කරන ඕනෑම කටයුත්තක් කරනවා වගේම අනික් කොටස සියලුම කටයුතු වලට ප්රමාද වනවා ඔබ දැක ඇති. ඔබ විශ්වාස කරන්නේ මේ දෙකෙන් කවර ක්රමයක් සාර්ථකයිද..? අනිකා පිළිබඳව හෝ ලෝකයේ අනික් සිදුවීම් ගැන සැළකිලිමත් නොවී, නිදහසට හේතු නොසොයා ඔබ නියමිත වෙලාවට වැඩ කරන්න පුරුදු වන්න. ඔබ යම් තැනකට යා යුතුයි නම් නියමිත නිශ්චිත වෙලාවට එතනට යෑමට හැකි තරම් උත්සාහ කරන්න. ඔබට යම් වගකීමක් පැවරුණු විට නියමිත වෙලාවට එම වගකීම ඉටුකොට අවසන් කිරීමට හැකි සැම විටම උත්සාහ කරන්න. එය ඔබේ යහපත් පුරුෂ ලක්ෂණයක් විදිහට ලෝකය හඳුනා ගනීවි. වගේම ඔබ පිලිබඳ හොඳ විශ්වාසයක් අනිකා තුළ ගොඩ නැගේවි. නිසා ප්රමාද වී කටයුතු කිරීමට වඩා නියමිත වෙලාවට වැඩ කිරීමට හැකි සෑම විටම උත්සාහ කරන්න.

 

 

10. නොගැළපෙන / නුසුදුසු සම්බන්ධතා වලින් ඉවත් වන්න.

Concerned wife being sad about family problems Free Photo

අපි හැමෝටම සමාජීය සහ පෞද්ගලික සම්බන්ධතා තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික ජීවිතයේ ඔබට සහකරුවෙක් / සහකාරියක්, බිරිඳ / සැමියා මේ ඕනෑම ආකාරයක සම්බන්ධතාවක් තිබිය හැකියි, ඔබ සාර්ථක මිනිසකු ලෙස ජීවත් වීමට උත්සාහ කරන්නෙක් නම් මේ සම්බන්ධතා පිලිබඳ දැඩි අවධානයකින් යුතුව සිටිය යුතුමයි. ඔබ මේ පවත්වාගෙන යන සම්බන්ධතා ඔබට නොගැලපෙන ඒවා වීමට ඉඩකඩ තිබෙනවා. එවැනි අවස්තාවක ඔබ එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? ඔබට ඔබේ ජිවිතයේ සාර්ථකව ඉදිරියට යාමට නම් ඔබ පවත්වා ගත යුත්තේ වෙනුවෙන් රුකුලක් වන සම්බන්ධතාවක් පමණයි. මිනිසුන් විදිහට අපි කිසිවකුත් 100% අනිකට ගැලපෙන්නේ නැහැ. උත්සාහ කිරීමෙන් ගළපාගෙන ජීවත් වීම පමණයි කළ හැකි වන්නේ. නමුත් ගලපිමත් කොපමණ ප්රතිශතයක්ද කියන එක ඔබ තීරණය කළ යුතුයි. 60% – 70% ගැලපෙනවා නම් ඉතිරි කොටස වෙනුවෙන් ඔබට කැපකිරීමක් කළ හැකි වුනත් 20%ක් පමණක් ගැලපෙන සම්බන්ධතාවක ඉතිරි 80% වෙනුවෙන් කැපකිරීමක් කිරීම ප්රායෝගික නොවේවි. එවැනි කැපකිරීමකින් ඔබේ ඉදිරි ගමනට වන බලපෑම / හානිය වැඩිවිය හැකියි. නිසා මුලින්ම ඔබ ඔබේ සම්බන්ධතාවන්හි තත්වය පිලිබඳ ගැඹුරින් සිතා බලන්න. නොගැලපෙන සම්බන්දතා පවත්වා ගනිමින් ඔබේ ඉදිරි ගමන අඩාල කරගැනීම වෙනුවට අවබෝධයෙන් ඒවායින් ඉවත් වන්න. එසේ තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් වන්න. එය ඔබට වගේම අනිකාටත් වඩා යහපතක් වනු ඇති.

 

මේ කරුණු ඔබේ ජිවිතයට එකතු කරගත යුත්තේ කොහොමද කියන කාරණය පිලිබඳ ඔබ සිතා බලන්න. අවසානයේ වැඩ වැදගත් වන්නේ මිනිසකු ලෙස ඔබේ සතුට සහ ඔබේ ඉදිරි ගමන පමණයි. නිසා වෙනුවෙන් කළ යුතු කැපකිරීම් සහ ගත යුතු පියවර මොනවාද කියන දේ තීරණය කළ යුත්තේත් ඔබමයි. නැවත නැවතත් සිතා බලන්න. මේ කරුණු ඔබේ ජීවිතයට එක්කර ගැනීමට හොඳම කාලය මෙය විය හැකියි.

ඇඟේ Muscles Tone කරගන්න Chest Workouts…

ඇඟේ Muscles Tone කරගන්න එහෙම නැත්තම් Muscles build කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Chest Workouts ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ..

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

Fashion වලට කැමති ඔයා, ගොඩක් ආසාවෙන් මිලදී ගන්න පාවහන් ගැන හරියට care කරනවද..?

“ඔබ කාන්තා සපත්තු යුගලයක් සඳහා ආයෝජනය කළ පසු ඔබ එය නිසි ලෙස රැකබලා ගැනීම වැදගත් වෙනවා, මෙය ඔබේ සපත්තු වල ආයු කාලය දීර්ඝකර අවසානයේදී ඔබේ මුදල් ද ඉතිරි කරයි “

gasma.lk එක්ක හැමදාම ආදරෙන් එකතු වෙලා ඉන්න අපේ ලිපි කියවන, අපේ වීඩියෝ නරඹන කාන්තා ඔබ වෙනුවෙන්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වැදගත් ලිපි සහ වීඩියෝ ගෙන එන්න අපි අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබේ රූපය එහෙම නැත්තම් ශරීරය නිවැරදිව නඩත්තු කරන්‍නෙ කොහොමද වැනි බොහොමයක් දේවල් සම්බන්ධයෙන් අපි ඔබව දැනුවත් කරනවා. රූපය ගැන දැනුවත් කෙරෙන බොහොමයක් තොරතුරු ඉලක්ක කරගෙන නිර්මාණය වුනත් gasma.lk අපි, කාන්තා ඔබේ එදිනදා ජීවතයට අවශ්‍ය ‍බොහෝ දේ නිසි පරිදි පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන ඔබව දැනුවත් කරන්න අවශ්‍ය තොරතුරු ගෙන එනවා.

ඉතින් අද අපි හිතුව කාන්තාවන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන පාවහන් සම්බන්ධයෙන් කතා කරන්න. කාන්තා ඔබගේ භාහිර රූපය තවත් ඔප්නම්වන්න පාවහන් ලොකු කාර්යභාර්යක් ඉෂ්ඨ කරනවා කිව්වොත් නිවැරදී. අපි කොච්චර ලස්සන ඇදුමක් ඇන්දත් වැඩක් නැහැ ඒකට ගැළපෙන ඒ වගේම තමන්ගේ personality එකට ගැළපෙන පාවහන් යුඟලක් පැළදුවෙ නැතිනම්. මේ නිසා සෑම කාන්තාවක්ම හොඳ පාවහන් මිළදී ගන්න පෙළබෙන එක මේ වෙනකොට ඉහල ගිහින් තියනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්ණයක් තමයි කොච්චර හොඳ පාවහන් යුගලක් මිලදී ගත්තත් ඒක ඇයි වැඩි දවසක් පාවිච්චි කරන්න බැරි කියන එක. පොඩ්ඩක් හිතලා බලන්න ඔයා පාවහන් මිළදී ගත්තට පාවහන් නඩත්තු කරනවද එහෙම නැත්තම් අද ඔෆිස් දාගන ගියපු පාවහන් , party එකකට, wedding එකකට, date night එකකට වගේ ඕනම දිහාකට තමන් පැළදගන ගිය පාවහන් ගෙදර ඇවිත් පිරිසිදු කරනවද කියලා. නැහැ නේද? මෙන්න මේක තමයි පාවහන් වැඩි කාලයක් භාවිතා කරන්න බැරිවෙන්න ප්‍රධාන හේතුව. අපි එලියට ගිහින් එන හැම වාරයක් ගානේ ඇඳගන යන ඇඳුම සෝදලා වේලලා iron කරලා පිළිවෙලට නමලා අල්මාරියේ ලස්සනට අහුරලා තියනවා. හැබැයි අපි මේ වගේ care එකක් පාවහන් වලට දෙනවද නැහැනේ. ඉතින් මෙන්න මේ නිසා අපි හිතුවා පාවහන් නඩත්තු කරන්නේ කොහොමද කියලා ආදරණිය ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න.

ඔබේ පාවහන් රැකබලා ගැනීමේ පළමු හා වැදගත්ම පියවර තමයි ඒවා පිරිසිදුව තබා ගැනීම. අපිරිසිදුවීම හා දූවිලි වැදීම වළක්වා ගැනීමෙන් ඔබේ සපත්තු වැඩි කාලයක් හොඳ තත්ත්වයේ පවත්වාගන යන්න හැකියාව තිබෙනවා. කාන්තා පාවහන් පිරිසිදු කිරීමේදී එය නිශ්පාදනය කර තිබෙන අමුද්‍රව්‍ය මත, පිරිසිදු කරන්නේ කොහොමද යන්න තීරණය වෙනවා.

 

 

Leather ලෙදර්

Formal Brown Vintage PU Leather Shoes, Rs 1300 /pair Oktaport International | ID: 16074517688

කාන්තාවන්ගේ Leather පාවහන් පිරිසිදු කිරීම එහි ආයු කාලය වැඩි කිරීමේ තීරණාත්මක කොටසක් ලෙස සදහන් කරන්න පුළුවන්. ප්‍රතිකාර හා ප්‍රතිකාර නොකළ සම් පිරිසිදු කිරීමේදී එයට අදාල විවිධ නිෂ්පාදන පිරිසිදු කිරීම සදහා යොදාගත යුතුයි. බොහෝ Leather පාවහන් පිරිසිදු කරන්නේ කොහොමද කියලා ඔබගේ පාවහන් වල ඇති ලේබලය පරික්ෂා කිරීමෙන් ඔබට එය දැනගන්න හැකියාව තිබෙනවා. මේ විදිහට පිරිසිදු කරන්න අවශ්‍ය නැති පාවහන් හොයාගන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. කොහොම වුණත් ඔබ පාවහන් යුගලක් මිලදී ගත්තට පස්සේ එය කොහොමද පිරිසිදු කරන්නේ කියන එක පරීක්ෂ කරලා බලන එක වැදගත්.

සාමාන්‍යයෙන් Leather පාවහන් හොඳින් නඩත්තු කිරීම මගින් ඒවා දිගකාලයක් පැවතෙන්න තිබෙන ඉඩකඩ වැඩීයි. Leather පාවහන් නිසිලෙස පිරිසිදු කිරීම සඳහා ඔබට මෘදු, පිරිසිදු දත් බුරුසුවක්, මෘදු ,පිරිසිදු රෙදි කබැල්ලක් සහ සපත්තු පොලිෂ් කිහිපයක් අවශ්‍ය වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මාස කිහිපයකට වරක් Leather පාවහන් පිරිසිදු කිරීම. එමගින් Leather කොටස මෘදුව හා අලුත් පෙනුමින් තබාගන්න හැකියාව ලැබෙනවා.

පාවහන් වල මඩ ගෑවුණ වෙලාවක පිරිසිදු වියළි දත් බුරුසුවකින් මඩ හා අපිරිසිදු විශාල ලප ඉවත් කරන්න හැකියාව තිබෙනවා. ඊට පස්සේ තරමක් තෙත් රෙදි කැබැල්ලක් අරගෙන ඉතිරි ඕනෑම අපිරිසිදුකමක් රෙදි කැබැල්ල ආධාරයෙන් ඉවත් කරන්න. අන්තිමට කරන්න තියෙන්න පාවහන් ඔපදාන එක විතරයි.

ඔබේ පාවහන් වල පොලිෂ් වගේ දෙයක් ගෑවුණොත් මෘදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් රවුම් චලිතයකින් පාවාහන් පිරිසිදු කරන්න. ඊට පස්සේ පාවහන් වේලෙන්න තියලා පිරිසිදු බුරුසුවකින් අතුල්ලන්න.

 

 

Patent Leather පේටෙන්ට් ලෙදර්

High Quality women Oxford Flats Platform shoes Patent Leather Tassel front slip on Brogue pointed toe Creeper bla… | Oxford shoes, Oxford shoes outfit, Patent shoes
Patent Leather පාවහන් Leather පාවහන් වලට වඩා පිරිසිදු කිරීමට හරිම පහසුයි. ඔයාට පුළුවන් Patent Leather ක්ලීනර් එකක් මිලදී අරගෙන පාවහන් පිරිසිදු කරන්න. ඒ වගේම අතින් සල්ලි වියදම් කරගන්නේ නැතුවම ගෙදර තියන සබන් වතුර ටිකකිනුයි සිනිදු රෙදි කැබැල්ලකුයි අරගෙන Patent Leather පාවහන් ලේසියෙන්ම පිරිසිදු කරගන්න පුළුවන්.

ඒ වගේම මේ Patent Leather පාවහන් ඔපදමන්නත් හරිම ලේසීයි. petroleum jelly ටිකක් සිනිදු රෙදි කැබැල්ලට අරගෙන පාවහන් හොඳින් ඔපදමාගන්න හැකියාව ඔබට තිබෙනවා.

 

 

Suede ස්වෙයිඩ්

Army Green Suede Leather Cone Heel Ankle Boots Slim Fit V Shape Winter Shoes Women Suede Boots Men Boots From Shao123456789, $60.11| DHgate.Com
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ Suede පාවහන් පිරිසිදු කරන්න පුළුවන්ද කියන එක. පිළිතුර තමයි “ඔව්”. ඉතින් අපි බලමු කොහොමද මේ suede පාවහන් පිරිසිදු කරන්නේ කියලා. මේ පාවහන් පැළදීමට කලින් ප්‍රධානම දේ තමයි Suede protector එකක් apply කරන එක අනිවාර්යයි. මෙමගින් පාවහන් වලට ඇතිවෙන හානිය අවම වෙනවා.

Suede පාවහන් වලින් මඩ පිරිසිදු කරන්නේ කොහොමද? මෘදු පිරිසිදු බුරුසුවක් මේ සදහා භාවිතා කරන්න හැකියාව තිබෙනවා. එහිදී එකම පැත්තට පිරිසිදු කරන්න මතක තියාගන්න නැත්තම් පාවහන් වලට හානී වෙන්න ඉඩ තිබෙනවා.

Suede පාවහන් වල සිරීම් ඇති වුණොත් ඒවා ඉවත් කරගන්න බුරුසුව භාවිතා කරන්න එපා. ඒ සදහා මකනයක් ( ereser) එකක් භාවිතා කරන්න.

 

 

Trainers ට්‍රේනර්ස්

RASMEUP Genuine Leather Women's Chunky Sneakers 2019 Fashion Spring Platform Women Sneaker Woman Trainers Shoes Ladies Footwear|Women's Vulcanize Shoes| - AliExpress

ගොඩක් වෙලාවට කාන්තා Trainers පාවහන් washing machine එකක් ආධරයෙන් පිරිසිදු කරගන්න හැකියාව තිබෙනවා. නමුත් අනිවාර්යයෙන් පාවහන් වල ඇති ලේබල් එක check කරන්න අමතක කරන්න එපා.

මේ පාවහන් washing machine එක පිරිසිදු කරන්න හැකියාව නැත්තම් washing powder හෝ washing up liquid භාවිතා කරලා පාවහන් පිරිසිදු කරගන්න හැකියාව තිබෙනවා.

 

 

Canvas කැන්වස්

Cute Cartoon Canvas Shoes | Casual shoes women, Girls shoes, Sneakers fashion

 

Canvas කියන්නෙ රෙදි වර්ගයක්. හැබැයි මේ කැන්වස් පාවහන් ලෙදර් සහ ස්වෙයිඩ් පාවහන් පිරිසිදු කරනවාට වඩා ලේසියෙන් Canvas පාවහන් පිරිසිදු කරගන්න හැකියාව තිබෙනවා.

කැන්වස් පාවහන් පිරිසිදු කරන්නේ කොහොමද කියලා ඔයා කල්පානා කරනවනම් බය වෙන්න දෙයක් නැහැ. මොකද විවිධ ක්‍රම ගණනාවක් තිබෙනවා කැන්වස් පාවහන් පිරිසිදු කරන්න.

කැන්වස් පාවහන් වල මඩ පිරිසිදු කිරීමේ දී දත් බුරුසුවක් හෝ ස්පොන්ජ් එකක් වතුර ටිකක් යොදාගන භාවිතා කරන්න හැකියාව තිබෙනවා.

මඩ ටික පිරිසිදු කරගත්තට පස්සේ මුළු පාවහන් දෙකම පිරිසිදු කරගන්න washing machine එක යොදාගන්න පුළුවන්. හැබැයි මුලින්ම පාවහන් වල ඇති ලේබල් එක කියවන්න අමතක කරන්න එපා. washing machine එකේ පාවහන් පිරිසිදු කරගත්දි ඒකට තුවා කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මොකද එහිදී ඇතිවෙන සද්දය අවම කරන්න තුවා උපකාරී වෙනවා.

washing machine එකේ සෝදාගන්න බැරි පාවහන් පිරිසිදු කිරීමට බේකිං සෝඩා හො රෙදි සෝදන කුඩු භාවිතා කරන්න හැකියාව තිබෙනවා.

 

 

Baking soda බේකින් සෝඩා

22 Benefits and Uses for Baking Soda

බේකිං සෝඩා මේස හැඳි 1ක්, පිරිසිදු විනාකිරිමේස හැඳි 1ක් උණු වතුර මේස හැඳි 1ක් සමග මිශ්‍රකර භාවිතා කරන්න පුළුවන්. මෙය පේස්ට් එකක් ආකාරයට මිශ්‍ර කරගෙන දත් බුරුසුව යොදාගන රවුම් චලිතයෙන් පැල්ලම් ඉවත් කරන්න. ඊට පස්සේ පිරිසිදු වතුර ටිකකින් ඒ ස්ථාන සොදාගන ස්වාභාවිකව වේලෙන්න හරින්න.

 

 

Washing Up Liquid

Morrisons Lemon Washing Up Liquid | Morrisons

රෙදි සෝදන දියර කුඩා ප්‍රමාණයක් අරගන උණුසුම් ජලය ටිකක් සමග පෙණ එනකන් හොඳින් මිශ්‍ර කරගන්න. මෙයින් කැන්වස් පාවහන් වල ඕනෑම පැල්ලමක් ඉවත් කරගන්න හැකියාව තිබෙනවා. පිරිසිදු කරගත්ත ස්ථානය ස්වාභාවිකව වේලෙන්න හරින්න.

මේ වගේ කුඩා උපක්‍රම භාවිතා කරලා ඔයා ආසම කරන පාවහන් දිගු කාලයක් අලුත් වගේ භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. ඔයා පාවහන් මිලදී ගත්ත තැන ඉදන් ඒවා කොහොමද රැකබලා ගන්නේ කොහොමද ගබඩා කරන්නේ කියන හේතු මත පාවහන් වල පැවැත්ම තීරණය වෙනවා. ඉතින් පාවහන්වලටත් අනිත් දේවල් වලට ඔයා ලබා දෙන සැලකිල්ල ලබා දෙන්න අමතක කරන්න එපා.

කවුරුත් කන්න අකමැති කරවිල රසට උයාගමු….

ගොඩක් දෙනෙක් කන්න අකමැතිම කෑමක් තමයි කරවිල. හැබැයි අද අපි කියලා දෙනවා තිත්ත නැතුව රසට කරවිල කරියක් හදාගන්නේ කොහොමද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කරවිල ග්‍රෑම් 250

උළුහාල් මේස හැඳි 1/2

මාළු මිරිස් 1

කොළ සහ රතු මිරිස් කරල් 3

බොම්බයි ලූනු 1

තක්කාලි ගෙඩි 2

සුදුළූණු බික් 10

කරපිංචා + රම්පේ

කහ මේසහැඳි 1/2

තුනපහ කුඩු මේසහැඳි 1

මිරිස් කුඩු මේසහැඳි 1

ලුණු මේසහැඳි 1 1/2

උකු පොල් කිරි කෝප්ප 1 1/2

පොල් කිරි කෝප්ප 1

 

සාදාගන්නා ආකාරය

මුලින්ම කරවිලවල ඇට ටික ඉවත් කරලා කෑලි වලට කපා ගන්න

පෑන් එකකට කපාගත් කරවිල ටිකයි, උළුහාල්, මාළු මිරිස්, අමු මිරිස්, සහ රතු මිරිස්, බොම්බයි ලූණු, තක්කාලි, සුදුළුණු, රම්පෙ කරපිංචා, කහ, තුනපහ, මිරිස් කුඩු, ලුණු සහ උකු පොල්කිරි ටික එකතු කරගන්න. ඊට පස්සේ සියල්ල හොඳින් මිශ්‍ර කරගෙන පියනෙන් වසා තැම්බෙන්න හරින්න.

හිසකෙස් ගැන සැලකිලිමත් වන පිරිමි ඔබ මේ උපදෙස් පිළිපදින්න…

gasma.lk එක්ක එකතු වෙලා ඉන්න අපිව කියවන, අපේ වීඩියෝ නරඹන ඔබ වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම ලබාදෙන වීඩියෝ වගේම ලිපි අපි ඔබවෙත ගෙන එනවා. විශේෂයෙන් ඔබේ ශරීරය සහ රූපය නිවැරදිව නඩත්තු කරමින් පවත්වාගෙන යාම පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා. රූපය ගැන, ශරීරය ගැන දැනුවත් කෙරෙන බොහොමයක් තොරතුරු ඉලක්ක කරගෙන නිර්මාණය වුනා වුනත් gasma.lk අපි, පිරිමි ඔබේ ශරීරය සහ රූපය නිසි පරිදි පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය ගැන ඔබව දැනුවත් කරන්න අවශ් තොරතුරු ගෙන එනවා. මේ එහිම තවත් එක් පියවරක්.

සාමාන්යෙන් පිරිමි පාර්ශවයට තිබෙන රූපය සම්බන්ධ වන ගැටළු සළකා බැලුවොත් එතැනින් ප්රධාන වන්නේ හිසකෙස් සම්බන්ධ ගැටළු. හිසකෙස් ගැලවී යෑම, තට්ටය මතුවීම, හිසකෙස් අවර්ණ වීම වගේ ගැටළු රැසක් බොහෝ තරුණ වයසේ පිරිමින්ට තිබෙන බව හඳුනා ගන්න පුළුවන්. මෙවැනි ගැටළු ඇතිවන්නේ ඇයි..? ඔබ මේ ගැන සිතා බැලුවද..? මේකට විවිධ කාරණා බලපාන්න පුළුවන්. සමහර විට ප්රවේණිමය කරුණු විය හැකියි. එහෙමත් නැතිනම් වෙනත් කිසියම් හේතුවක් වන්නටත් පුළුවන්. කුමක් වුවත් ඔබේ සමහර පුරුදු, ආහාර රටාවන් වගේ කාරණා නිසා ඔබේ හිසකෙස් වලට හානිවිය හැකි බව ඔබ මීට පෙර සිතා තිබුණද..? කෙසේ වෙතත් අපි අද ඔබට කියන්න යන කාරණා කිහිපය ගැන නිරන්තරයෙන් සැළකිලිමත් වන්නට වගබලා ගත්තොත්, හිසකෙස් ගැන ඔබට තියෙන කණස්සල්ල නැතිකර ගැනීමට හැකිවේවි.

 

පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්නවද..?

How to Stay on Budget While Eating Paleo

ඔබේ ආහාර රටාව සහ විවිධ ආහාර පුරුදු ඔබේ හිසකෙස් වල තත්වයට සෘජුවම බලපානවා. ශරීරයේ අනික් කොටස් වලට වගේම හිසකෙස් වලටත් පෝෂණය අත්යවශ්යයි. නිසා ඔබ ගන්නා ආහාර වේල හිසකෙස් වලට අත්යවශ් වන පෝෂණ සංඝටක අඩංගු ආහාර වේලක් විය යුතුමයි. යකඩ, ප්රෝටීන සහ විටමින හිසකෙස් වර්ධනයට වගේම හිසකෙස් වල ශක්තිමත් භාවය රැකගැනීමටත් අත්යවශ් වනවා. ඔබ ගන්නා ආහාර වේලට මේ පෝෂණ ද්රව් අන්තර්ගත වනවාද කියන කාරණය ගැන නිතර විමසිළිමත් වන්න. කිරි, peas, lentils, සහ ඒවා අඩංගු නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න අමතක කරන්න එපා. වගේම එළවලු, පළතුරු, සහ අලුත් මාළු ඔබේ කෑම වේලට එකතු විය යුතුයි. අනික් වැදගත්ම කාරණය දිනකට අවශ් ප්රමාණයට වතුර බීම. අනිකුත් සෑම ශරීර කොටසකට වගේම ප්රමාණවත් තරම් වතුර පානය කිරීම හිසකෙස් වලටත් වැදගත් වනවා. නිසා මේ පෝෂණ කොටස් සියල්ලම ඔබේ ආහාර වේලට එකතු වනවාද කියල හොඳින් සොයා බලන්න.

 

කොණ්ඩය වේලන්නේ කොහොමද..?

Why All Men Should Use A Hairdryer To Style Their Hair|Why All Men Should  Use A Hairdryer To Style Their Hair – BBLUNT

නෑමෙන් පස්සේ කොණ්ඩය වෙලාගැනීම කරන්න ඔබ භාවිත කරන්නේ මොකක්ද..? මේකත් ඉතාමත් වැදගත් දෙයක්. ඔබ තුවායක් ආධාරයෙන් කොණ්ඩය වියළා ගන්නවා නම්, ඒක කරන්නේ කොහොමද..? තදින් අතුල්ලමින් කොණ්ඩය පිසදැමීම තමයි බොහෝ දෙනෙකුට පුරුදු. නමුත් ඔබට තියෙන්නේ ඝනකමින් අඩු හිසකෙස් නම් ඔබ වහාම මේ ක්රමය වෙනස් කළ යුතුයි. කවර වර්ගයක හිසකෙස් උනත් මේ විදිහට තදින් අතුල්ලා පිසදැමීමෙන් හානි වෙන්න පුළුවන්. දිගින් දිගටම එලෙස කිරීමෙන් හිසකෙස් විශාල ප්රමාණයක් ඔබටත් නොදනිම ගැලවී යාමට හැකියි. නිසා වඩා කල්පනාකාරී වන්න.

 

ෂැම්පු පාවිච්චි කරන්නේ කොහොමද..?

Ultimate Guide For Men: The Lowdown On Washing Your Hair

කාලය වෙනස් වෙලා. අපි හැමෝම අලුත්වෙන ලෝකෙත් එක්ක ඉස්සරහට යමින් ඉන්න පිරිසක්. අලුත් අලුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමත් එක්ක අපිත් දේවල් භාවිතයට හුරු වනවා. ෂැම්පු කියන්නෙත් එවැන්නක්. මේ වෙද්දී බොහෝ තරුණයන්, තරුණයන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය වුනු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරලා හිසකෙස් සෝදන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔබ හොඳින් මතක තබාගත යුතු දෙයක් තමයි අනවශ් පරිදි ෂැම්පු භාවිත කිරීමත් ඔබේ හිසකෙස් වලට හානි පමුණුවන බව. සාමාන්යෙන් සතියකට තුන් වරක් නැතිනම් හතර වරක් උපරිම ෂැම්පු භාවිත කරන්න ඔබට පුළුවන්. ඉන් එහාට දිනපතාම ෂැම්පු භාවිත කිරීමෙන් ඔබේ හිසකෙස් ගැලවී යන්න හැකියාව තියෙනවා වගේම හිස් කබලේ තිබෙන excess oil නැතිවී යන්න පුළුවන්. ඒක ඔබේ හිසකෙස් වලට අහිතකර තත්වයක්.

 

 

විවිධ ආලේපන පාවිච්චි කරනවද..?

9 Must-Have Grooming Essentials for Indian Men - Hautelist

තරුණයින් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා වෙනස් හැඩයකට කොණ්ඩය සකස් කරගන්න. ඒක ඉතාම හොඳ දෙයක්. නමුත් ගැටළුව, ඔබ වෙනුවෙන් පාවිච්චි කරන නිෂ්පාදන මොනවාද, කොයි තරම් පාවිච්චි කරනවාද කියන එක. hair gel, hair cream, hair mouse, hair spray වගේ විවිධ වර්ග වලින් තියන මේ නිෂ්පාදන පාවිච්චි කරද්දීත් ඔබට වඩාත් සැලකිලිමත් වන්න සිදුවනවා. ෂැම්පු වලින් වගේම ඒවායිනුත් ඔබට සීමාවන් තබාගැනීමට සිදු වනවා. එහෙම නොවුනොත් ඔබේ හිසකෙස් වලට හානි වන්න පුළුවන්. විශේෂයෙන් හිස් කබලට හානි විය හැකියි. ඔබ පාවිච්චි කරන නිෂ්පාදන ගැන වඩ වඩාත් විමසිළිමත් වන්න අත්යවශ්යයි වගේම කොයි තරම් වාර ගණනක් පාවිච්චි කරනවද කියන කාරණයත් අතිශය වැදගත් වනවා.

 

 

නෑමට පාවිච්චි කරන ජලයේ උණුසුම 

L2 INSTALLER – commercial products & equipment – OSO Hotwater Group

ඔබ සාමාන්යෙන් නෑමට පාවිච්චි කරන වතුර මොනවද..? වඩා හොඳයි කියල විශ්වාස කරල සමහරු උණු වතුර නෑම දිනපතාම කරනවා. මතක තබාගන්න ඔබේ හිසකෙස් වලට නම් තත්වය එතරම් හොඳ නැහැ. අත්යවශ් තෙල් වර්ග ඔබේ හිස්කබලේ සමෙන් ඉවත් වෙලා හිසකෙස් සහ හිස් කබලත් වියළි යන්න පුළුවන්. නිසා ගැන සිතා බලන්න. නමුත් සීතල වැඩි වතුර ඒකට විසඳුමත් නොවෙයි. නිසා වැඩි උණුසුමක් සහිත වගේම වැඩි සීතලක් සහිත වතුර කියන දෙකම මගහරින්න උත්සාහ කරන්න. දෙකම නෑමේදී පාවිච්චි කරන්න සුදුසු නැහැ. ඔබේ හිසකෙස් වලට දෙකම කරන්නේ හානියක්.

 

නිතර පිළිවෙලට තබාගැනීම වැදගත්.

Best hair salon in Gurgaon | 5 Expert Hair Care Tips For Men | Glitz Studio

ඔබේ හිසකෙස් නිසි පරිදි නඩත්තු කරන්න වගබලා ගන්න. නිසි වෙලාවට ඔබේ සැලුන් එකට යන්න මතක තබාගන්න. කොණ්ඩය ක්රමවත්ව පිළිවෙලකට සකස් කරගන්න. ඔබ කැමති විලාසිතාව මොකක් වුනත් විලාසිතාව නිසි පිළිවෙලට නඩත්තු කරන්න. කෙටි කොණ්ඩය හෝ දිගු කොණ්ඩයක් හෝ ඕනෑම එකක් ක්රමවත්ව සහ පිළිවෙලට බැලු බැල්මට පෙනීම තමා වැදගත්. නිසා මේ නිසි නඩත්තුව නොවැරදීම සිදුකරන්න.

මුහුණේ හැඩයට හොඳින් ගැලපෙන කොණ්ඩා විලාසිතාවක් තෝරාගෙන එය හොඳින් නඩත්තු කරගෙන පවත්වාගෙන යාමෙන් ඔබේ රූපයට අමතර හැඩයක් එකතු වනවා. හිසකෙස් කියන්නේ ඔබේ සිරුරේ පිටතට නිරාවරණය වන වැදගත්ම කොටසක්. නිසා කොටස නිසි පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන්න. ඔබේ පෙනුම තව තවත් කඩවසම් ලෙසින් පෙන්වන්නටත් ඒක වැදගත් වේවි.

 

-එන්. වෙහෙරදූව-

මොළයට හානි කරන මේ පුරුදු වලට ඔයත් ඇබ්බැහි වෙලාද..?

පුරුද්දක් කියන්නේ අපි හැමදාම කරන ක්‍රියාවකට, පුරුදු කියනදේ හොඳ හෝ නරක වගේම දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන්න පුළුවන් දෙයක්. කොහොම වුණත් අපි නොහිතා ඉබේටම වගේ කරගෙන යන සමහර පුරුදු නිසා අපිට ඇතිවෙන බලපෑම සුළුපටු නැහැ. මේ කියන්න යන්නේ ඒ වගේ නොසිතා සිද්ධ කරන පුරුදු නිසා අපි නොදැනුවත්වම අපේ මොළයට වෙන හානි කිහිපයක් ගැන.

 

අපි මොළය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

මොළය කියන්නේ මිනිස් ශරීරයේ තියෙන ඉන්ද්‍රිය පද්ධතියේ ඉන්ද්‍රියයන් අතරින් වැදගත්ම ඉන්ද්‍රියය කිවුවොත් හරි. නමුත් අනෙකුත් ඉන්ද්‍රියයන් වලට වගේම මේ මොළයත් හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් ව්‍යායාම,පුහුණුව සහ පෝෂණය අවශ්‍ය වෙන බව අවාසනාවකට වගේ අපි කවුරු කවුරුත් වැඩිය අවධානය යොමු නොකරන කාරණාවක්. ඉතින් හොඳ පුරුදු ඇති කරගෙන අපි මේ කියන්න යන නරක පුරුදු වලින් වැළකිලා හිටියොත් මොළයට සිද්ධ වෙන හානිය වළක්වාගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අපි කාටත් පුළුවන්.

මොනවද මේ මොළයට හානි වෙන හේතු.

1 ) උදේ ආහාරය මග හැරීම.

Young caucasian man eating a waffle dessert isolated being shocked, she has remembered important meeting. Premium Photo

අපේ මොළයට උපරිම ලෙස ක්‍රියා කරන්න සුදුසු වේලාවට සුදුසු පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා. අද අපි ගෙවන කාර්යබහුල ජීවන රටාව නිසා අපි බොහෝ දෙනෙක් දවසේ උදේ පාන්දරින්ම යම් කාලයක් ඉතුරු කරගන්න අපේ උදැසන ආහාරය මඟ හරින්න පුරුදු වෙලා ඉන්නවා. මේක මොළයට අඩු සීනි වගේම දුර්වල පෝෂක සැපයුමකට හේතු වෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වයට පිරිසිඳු ග්ලුකෝස් අවශ්‍ය වෙනවා. දුර්වල පෝෂණය, මොළයේ සෛල පිරිහීම වගේ දිගු කාළීන හානිකර බලපෑම ඇති කරන්න හේතුවක් වෙනවා.

 

 

2) ඕනෑවට වඩා ආහාර ගැනීම.

Portrait of cheerful young european overweight obese male with curly ginger hair consuming junk good, stuffing marshmallow into mouth and holding tight large glass jar, full of colorful sweets Free Photo

” ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ” කියන්නේ ප්‍රසිද්ධ කියමනක් නේ. ඉතින් අපේ මොළයටත් ඒක එහෙම්මම තමයි. මොළය සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක නොවෙනවා නම් අපි ගොඩක් කෑම කන්න යොමුවෙනවා. ඉතින් මේ පමණට වඩා කෑම ගන්න එක මොළයට හානි කරනවා. මෙහෙම ඕනෑවට වඩා ආහාර ගැනීම මොළයට හානි කරන්නේ කොහොමද ? කොලස්ටරෝල් තැන්පත් වීම හා මොළයේ රුධිර නාල ඝන වීම මොළයේ සෛල වලට රුධිර සැපයුම අඩු කරනවා. මේක මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බරපතල හානියක් සිද්ධ කරනවා.ප්‍රමාණයට වඩා කෑම ගැනීම ඇල්සයිමර් රෝගයට හේතු වෙන බව පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම ඒක තරබාරු කමට හේතුවෙන නිසාම සමහරුන්ට මේ නිසා ආත්ම ප්‍රතිරූපයට හා අතම විශ්වාසයට හානි වෙලා මානසික අවපීඩනය හා වෙනත් මානසික ගැටළු ඇතිවෙන්න ඉඩක් තියෙනවා.

 

 

3) ප්‍රමාණවත් නින්දක් නොලැබීම

Man sleeping on bed in the morning Free Photo

ප්‍රමාණවත් නින්දක් නොලැබීම අපේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරනවා. ඔයාට කවදාකහරි වාහනේ යතුර කොහෙද තිබ්බේ කියලා අමතක වෙලා තියෙනවනම් , එහෙමත් නැතිනම් නිතරම යන එන පුරුදු පාරක් අමතක වෙලා තියෙනවා නම් කලින් දවසේ ප්‍රමාණවත් නින්දක් ලැබිලා නැතිකම මේ තාවකාලික මතක නැතිවීම පිටිපස්සේ ඉන්න වැරදිකාරයා වෙන්න පුළුවන්. නින්ද නොමැතිකම සංජානන ගැටළු වලට හේතු වෙනවා. නිසි නින්දක් නොලැබී තිබීම නිසා සමහර මොළයේ සෛල මිය යනවා ඒ නිසාම ඔයාට දේවල් මතක තියාගන්න දුෂ්කර වෙනවා. අඩු නින්ද හෝ නින්දට බාධාවක් ඇතිවීම මානසික ගැටළු වර්ධනය වෙන්නත් හේතුවක් වෙනවා. ඉතින් මේ හැම ගැටලුවකින්ම බේරිලා ඉන්න ඕනේ නම් දවසට පැය 7 ක පමණ හොඳ නින්දක් ලබා ගන්න වගබලා ගන්න.

 

4) සීනි සහිත අහාර ගැනීම

Fancy cakes on banquet table Free Photo

දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි බොහෝ දෙනෙක් අපේ ආහාර පාන වලින් ශරීරයට සීනි එකතු කරගන්නවා. මේ සීනි නිසා ඇතිවෙන දියවැඩියාව වගේ රෝග නම් දැන් ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියෙන සාමාන්‍ය රෝගයක් වෙලානේ. හැබැයි කවදාවත් හිතුවද පිරිපහදු කළ සීනි විශාල ප්‍රමාණයක් පරිභෝජනයෙන් ප්‍රෝටීන හා පෝෂ්‍ය පදාර්ථ උරා ගන්න මොළයට හා ශරීරයට ඇති හැකියාව විනාශ වෙනවා කියලා. ඉතින් මේ දුර්වල පෝෂණය, මන්ද පෝෂණයට වගේම මතක තබාගැනීමේ ශක්තිය හීන වීම, ඉගෙනීමේ ආබාධ, අධි ක්‍රියාකාරිත්වය හා මානසික අවපීඩනය වගේ මොළයේ අබාධ ගොඩකට හේතු වෙනවා. ඉතින් මීට පස්සේ ඔයාගේ කෑම වේලට සීනි හැඳි 20ක් විතර දාලා තියෙන කෝක් වගේ පැණි බිම එකක් එකතු කරගන්න කලින් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා.

 

5) දුම්පානය

No smoking realistic cigarette sign Free Vector

“දුම්පානය කරන්නේ මෝඩයන්” කියලා දුම්බිමට විරුද්ධ අය කොච්චර කිවුවත් කවුද හිතුවේ ඒ කතාව ඇත්ත වෙයි කියලා. දුම්පානය පෙනහළු රෝග හා හෘද රෝග ඇති කරන බව අපි කවුරුත් දන්නා කරුණක්. හැබැයි මේ දුම්පානය මොළයේ සෛල කිහිපයක් හැකිලෙන්න හේතුවක් වෙනවා වගේම ඩිමෙන්ශියාව, ඇල්සයිමර් වගේ රෝග රැසකට හේතුවක් වෙන අතරම මරණයට පවා හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. අධික ලෙස දුම්පානය කිරීම වක්‍රාකාරයෙන් ස්නායු දැවිල්ල ඇති කරනවා. ස්වයං ප්‍රතිශක්තිකරණ අබාධයක් වෙන multiple sclerosis (MS) මේ අධික දුම්පානය නිසා සිද්ධ වෙන්න පුළුවන්.

 

 

6 ) හිස ආවරණය කරගෙන නින්දට යාම.

Lady cover her head by pillow on a bed Free Photo

හිස ආවරණය කරගෙන නිදා ගැනීම කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරන්න හේතු වෙනවා සහ ඒක රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු කරන්න හේතුවක් වෙනවා. ඔක්සිජන් සැපයුම දුර්වල වෙද්දී මොළයේ ක්‍රියාකාරී බව අඩුවෙනවා . ඉතින් ඒක ඔයාගේ හුස්ම හිරවීම, නින්ද නොයෑම, තෙහෙට්ටුව සහ නිදිබර ගතියට හේතු වෙන්න පුළුවන්.

 

 

7 ) අසනීපයෙන් ඉන්න විට වැඩ කිරීම.

Sick man with handkerchief sneezing blowing nose while working in office, businessman caught cold, seasonal flu. Free Photo

ඕනෑවටත් වඩා මහන්සිවෙලා වැඩ කරද්දී අසනීප වෙන එක අපි හැමෝම අත්විඳලා තියෙන දෙයක්. හැබැයි අපි දන්නේ නැති දෙයක් තමයි එහෙම අසනීප කාල වලදී අපි දිගටම වැඩ කළොත් මොළයේ කාර්යක්ෂමතාවය අඩුවෙන්න ඒක හේතුවක් වෙනවා කියන කාරණාව. මේක ආතතිය ඇතිවෙන්නත් හේතුවක් වෙනවා. අපි අසනීප වුණාම අපේ ශරීරය විතරක් නොවෙයි මොළයත් රෝගය එක්ක සටන් කරමින් ශරීරයේ කටයුතු කරගෙන යන්න සාමාන්‍ය වෙහෙසට වැඩිය වැඩි වෙහෙසක් ගන්නවා. ශරීරය වගේම මොළයත් වැඩිපුර මහන්සි වෙනවා. අසනීප දවසක වැඩ කරද්දී අපි නොදැනුවත්වම ශරීරයට වගේම මොළයට තියෙන මහන්සිය, බර වැඩි කරනවා. ඉතින් ඔයාගේ ශරීරය වගේම මොළය ගැනත් හිතලා අසනීප දවසට විවේකයක් ගන්න.

 

 

8) දුෂිත රසායන ද්‍රව්‍ය වලට/ වායු වලට නිරාවරණය.

Air pollution with two girls in dirty smoked city Free Vector

 

අපේ මොළය සම්පුර්ණයෙන්ම ඔක්සිජන් මත රදා පවතිනවා. හානිකර රසායන ද්‍රව්‍ය, දුෂිත වායු වලට ඔයා නිරාවරණය වීම වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාගේ මොළයට ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අඩුවෙනවා. ශරීරයේ ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබීම මොළයේ සෛල මිය යන්න හේතුවක් වෙනවා. මීයන් යොදාගෙන කරපු පරීක්ෂණයකින් පෙන්නලා දීලා තියෙනවා දීර්ඝ කාලයක් දුෂිත වාතයට නිරාවරණය වුණු මීයන්ගේ මොළයට භෞතිකවත් හානි සිදුවෙලා තියෙන බව. ඉතින් හැම වේලාවකම ගස් පිරුණු උද්‍යානයටකට ගිහින් පිරිසිඳු වාතය ආශ්වාස කරන්න ඔයත් අමතක කරන්න එපා.

 

9) සිතුවිලි නැතිකම.

Serious redhead bearded caucasian hipster student dressed in gray t-shirt standing in classroom pointing at blank copy space wall with his finger, showing something on it. Free Photo

වැඩිය සිතන්නේ නැති පුද්ගලයන්ගේ මොළය හැකිලෙනවා කියලා පරීක්ෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසාම මොළය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්න විතරක්ම නෙමෙයි මොළය පුළුල් කර ගන්නත් මේ හිතන එක ගොඩක් වැදගත් වෙනවා. මේ සිතුවිලි නැතිකම නැති කරගෙන සිතුවිලි ඇති කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ ? සිතීම, ලිවීම, කියවීම මගින් මොළයට හානි වෙන එක වළක්වලා මොළය හොඳින් ක්‍රියාත්මක වෙන්න පුරුදු පුහුණු කරනවා.

 

10 ) ව්‍යායාම නොකිරීම.

A front view young male in white t-shirt just posing Free Photo

නිකමටවත් හිතලා තියෙනවද ශරිරියට ව්‍යායාම නොකිරීම මොළයටත් බලපානවා කියලා ?. “All work and no play makes Jack a dull boy” කියනවා වගේ කිසිම සෙල්ලමක්, ව්‍යායාමයක් නැතිව වැඩ කර කර හිටියොත් ඒකෙන් ඔයා අලස කම්මැලි පුද්ගලයෙක් බවට පත්වෙනවා. ව්‍යායාම මගින් ඔයා ගොඩක් නම්‍යශීලි පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් ව්‍යායාම නැතිකම ඔයාගේ මොළයේ චලනය වීමේ බලය අඩුවෙලා ඔයාගේ කුසලතා අඩුවෙනවා. ප්‍රීතිමත් හෝමෝන වෙන එන්ඩෝර්ෆින් මුදා හැරලා අපිව තරුණ වියට පත් කරන්න මේ ව්‍යායාම උදවු කරනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මොළය විතරක්ම නෙමෙයි ව්‍යායාම වලින් ඔයාගේ හදවත හා පෙනහළුත් ශක්තිමත් වෙනවා. ඉතින් අද ඉදන්ම ටික ටික හරි ව්‍යායාම කරන්න පටන්ගන්න ඔයාට වෙන මොන හේතුද අවශ්‍ය නේද ?.

 

අපි මේ කිවුවේ මොළයට හානි වෙන හේතු කිහිපයක් ගැන විතරයි. සමාජශීලි මදිකම, මත්ද්‍රවය භාවිතය, ආතතිය වගේ හේතු කාරණාත් ඔයාගේ මොළයට හානි වෙන සාධක විදියට හඳුන්වන් පුළුවන්. අපි බොහෝ දෙනෙක් පොදුවේ සෞඛ්‍ය ගැන කතා කරද්දී, මොළය ගැන කතාකරන්න අමතක කරනවා. ශරීරයේ අනෙක් කොටස් ගැන හිතලා අහිතකර දේවල් වලින් වැළකිලා හිටියත් මොළයට අහිතකර දේවල් ගැන දැනුවත්භාවයක් නැතුව වැඩ කරනවා. ඉතින් අද ඉඳලා ඔයත් ශරීරයේ වැදගත්ම අවයවය වෙන මොළයට හානි කරන මේ දේවල් වලින් වැළකිලා ඉන්න හැමවිටම උත්සහ කරන්න. ඔබට නිරෝගිමත් දිවියක් ලැබේවා!.

-එස් තත්සරණි-