Blog Page 35

Covid -19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගර්භණී මව්වරුන්ට උපදෙස් ටිකක්..

1. ඔබ ගර්භණී බව තහවුරු වෙලත් තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නැත්නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාදීලා ඒ බව අනිවාර්යයෙන් දැනුම් දෙන්න.

2. ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී මව්වරුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් සම්බන්ධ කරගන සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.

3. ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේනවා නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වර්තමාන තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.

– දියවැඩියාව
– අධික රුධිර පීඩනය
– හෘද රෝග
– ශ්වසන ආබාධ
– වෙනත් කිසියම් රෝග ලක්ෂණ හෝ අපහසුතාවයක්

4. පුළුවන් හැම වෙලේම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා – උදාහරණ වශයෙන් උත්සව සහ වෙළදසැල් වෙත යාම.

ඔබට අවශ්‍ය වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගන්න හැකියාව තිබෙනවා.

– වෛද්‍ය උපදෙස් ඇසුරින් –

ගෙදරට වෙලා කම්මැලිකමේ නම් ඉන්නේ මෙන්න මේ movies list එක අනිවාර්යයෙන්ම බලන්නකෝ

අපි ලෝකයක් වශයෙන් රටක් වශයෙන් මුහුණ දෙන්න වෙලා තිබෙන තත්ත්වයත් එක්ක දැන් ගේ ඇතුලට හිර වෙලා කම්මැලිකමේනේ ඉන්නේ. අපි හැමදෙනාගෙම හොඳට අපිට මොන කට්ට කාගන හරි පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ . කම්මැලිකම යන්නත් එක්ක ගෙදරට වෙලා ඉන්න ටිකේ ඔන්න අද ගැස්ම ඔයාලා වෙනුවෙන්ම අරගන ආවා විවිධ genre වලට අයත්  movies list එකක්ම.

 

 

Drama

Her (2013)
Lost in Translation (2003)
Good Will Hunting (1997)
Forrest Gump (1994)
Cast Away (2000)
Green Mile (1999)
Eternal Sunshine of the Spotless Mind (2004)
The Curious Case of Benjamin Button (2008)
Pride and Predjudice (2005)
One Flew Over the Cuckoo’s Nest (1975)
The Shawshank Redemption (1994)
The Perks of Being a Wallflower (2012)
Moonrise Kingdom (2012)
The Piano (1993)
The Pianist (2002)
The Piano Teacher (2001)
The Before (Trilogy)
Portrait of Lady on Fire (2019)
Blue Valentine (2010)
500 Days of Summer (2009)
Taxi Driver (1976)

 

 

Sci-Fi Movies

 

The Matrix 1,2 and 3(2003-2005)
Annihilation (2018)
Interstellar (2014)
Arrival (2016)
The Martian (2015)
Bicentennial Man (1999)
2001 Space Odyssey (1968)
Blade Runner (1982)
Blade Runner 2049 (2017)
Contact (1997)
A Clockwork Orange (1971)
Passengers (2016)
Lucy (2014)
The Fifth Element (1997) is
E.T. The Extra – Terrestrial (1982)
A.I Artificial Intelligence (2001)
Moon (2009)
In Time (2011)
Inception (2010)
The Truman Show (1998)
The Lobster (2015)
The Final Cut (2004)

 

 

Anime & Animation Movies

 

All movies directed by Hayao Miyazaki and Studio Ghibli
All movies directed by Satoshi Kon
All movies directed by Isao Takahata
All movies directed by Katsuhiro Otomo
Wolf Children (2012)
The Girl Who Leapt Through Time (2006)
A Silent Voice (2016)
5 Centimeters Per Second (2007)
Children Who Chase Lost Voices (2011)
The Anthem of the Heart (2015)
I Want to Eat Your Pancreas (2018)
A Letter to Momo (2011)
Wall.E (2008)
Toy Story (1,2,3 and 4)
Shrek
The Red Turtle (2016)
The Prophet (2014)
Ace Age
The Garden of Words (2013)
Your Name (2016)
Isle of Dogs (2018)
Fantastic Mr. Fox (2009)

 

 

Gangster Movies


The Godfather (1,2 and 3)
Once Upon a Time in America (1984)
Scarface (1983)
Donnie Brasco (1997)
Casino (1995)
Miller’s Crossing (1990)
A Bronx Tale (1993)
American Gangster (2007)
Mean Streets (1973)
Carlito’s Way (1993)
The Departed (2006)
Pulp Fiction (1994)
Road to Perdition (2002)
The Untouchables (1987)
Snatch (2000)
Eastern Promises (2007)
The Irishman (2018)
Goodfellas (1990)
Public Enemy (2009)
Gotti (1996)
Gotti (2018)

 

 

War Movies

Atonement (2007)
Saving Private Ryan (1998)
Full metal jacket (1987)
Hacksaw ridge (2016)
Valkyrie (2008)
War Horse (2011)
Enemy at the gates (2001)
The Thin Red Line (1998)
The English patient (1996)
Downfall (2004)

 

 

Western Movies

The Good, the Bad and the Ugly (1966)
Once Upon a Time in the West (1968)
The Ballad of Buster Scruggs (2018)
Dances with Wolves (1990)
Butch Cassidy and the Sundance Kid (1969)
The Searchers (1956)
The Man Who Shot Liberty Valance (1962)
The Assassination of Jesse James by the Cowered Robert Ford (2007)
The Wild Punch (1969)
Ned Kelly (2003)
Django Unchained (2012)

 

 

Time Travel Movies

Back to the future 1, 2 and 3 (1985-1989)
12 Monkeys (1995)
Looper (2012)
Predestination (2014)
About Time (2013)
The Lake House (2006)
The Jacket (2005)
The Time Traveler’s Wife (2009)
The Butterfly Effect (2004)
Groundhog Day (1993)
Midnight in Paris (2011)

 

 

Zombies and Post-Apocalyptic Movies:

The Road (2009)
The Book of Eli (2010)
I’m Legend (2007)
28 Days Later (2002)
28 Weeks Later (2007)
Mad Max (all parts)
World War Z (2013)
After Earth (2013)
Shaun of the Dead (2004)
Snowpiercer (2013)
Escape from New York (1981)
Escape from L.A (1996)
Children of Men (2006)
Blindness (2008)
Resident Evil (all parts)
The Quiet Earth (1985)
Seeking a Friend for the End of the World (2012)
The Mist (2007)
Down of the Dead (2004)
A Boy and his Dog (1975)
Zombieland (2009)
Zombieland: Double tap (2019)

 

 

Outside of Hollywood Movies

Image Source: https://www.ladbible.com
The Lives of Others (2006)
Never Look Back (2018)
The Secret in Their Eyes (2009)
Wild Tales (2014)
City of God (2002)
Cinema Paradiso (1988)
Malena (2000)
8-8-1/2 (1963)
Y Tu Mama Tambien (2001)
The 400 Blows (1959)
Incendies (2010)
Son of Soul (2015)
The Sea Inside (2004)
Hunt (2012)
Ida (2013)
Cold War (2018)
In a Better World (2010)
Hero (2002)
In the Mood for Love (2000)
Yi Yi (2000)
Train to Busan (2016)
Short Film about Love (1988)
El Sur(1983)
The Spirit of the Beehive (1973)
Wild Strawberries (1957)
Life is Beautiful (1997)
Oldboy (2003)
The last Emperor (1987)
It’s Hard to Be Human (Trilogy)
Songs from Second Floor (2001)
You, The Living (2007)
A Pigeon Sat on a Branch Reflecting on Existence (2014)
Underground (1995)

Citrus ජාතියට සේවය කිරීමට සූදානම් – දිලිත් ජයවීර

Covid–19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ති‌‌බෙනවා.

ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබුණා.

මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

සංචාරක අංශය මුහුණ දී ඇති ව්‍යසනකාරී බලපෑමට අමතරව, රටේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ධෛර්ය සම්පන්න උත්සාහය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනු ලැබුවා.

මෙහිදී Citrus අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ, බලධාරීන් විසින් මෙම නිකේතනය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් බවට යොදා ගැනීමෙන් අනතුරුව, එහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට පෙර, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වෙමින් මෙම පරිශ්‍රය මුළුමනින්ම පවිත්‍ර කරනු ලබන බවයි.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Waskaduwa Beach Resort PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය 2020 මාර්තු 23 සඳුදා දිනයේ දී කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට නියමිත තිබෙනවා.

Brunch එකට යන්න හොඳම තැන Bistro82

බෞද්ධාලෝක මාවතේ තිබෙන Bistro82 ඔබට හොඳ lunch එකක් හෝ brunch එක ගන්න කියාපුම තැන. Eggs Benedict සිට French toast දක්වා සහ සෞඛ්‍ය සම්පන්න Granola ප්‍රණීත ආහාරයක් දක්වා ආහාර වර්ග Bistro82 එකට ගියොත් ඔයාට රස විඳින්න පුළුවන් .

 

 

Drinks

Caramel Macchiato (LKR 700)

මම උත්සාහ කළ හොඳම Caramel Macchiatos වලින් එකක් කිව්වොත් හරියටම හරි! මම කෝපි වලට ගොඩක් කැමති නිසා මේ Drink එකට මම ගොඩක් කැමති වුණා. ඔයා කෝපි වලට ගොඩක් කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ Caramel Macchiato එක try කරලා බලන්න.

 

 

Chocolate Cookie Frappe (LKR 700)

Oreo cookies වලින් පුරවා ඇති රසවත් Chocolate-y goodness එක ඇත්තටම දිව්‍යමය පානයක් වගේ. Drink එකේ බිදුවක් නෑරම cookies රස දැනුණ නිසා drink එකට මම 10/10 ම දෙනවා.

 

 

Mains

Granola Bowl (LKR 800)

 

Bistro82 එකේ තිබෙන Granola Bowl එක නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. Sweet, rich සහ smooth vanilla yogurt,almond granola වලින් topping කරලා , blueberries සහ pumpkin seeds එක්ක තමා මේ bowl එක පිළිගන්වන්නේ . granola සහ pumpkin seeds හැපෙනසුළු බවක් එක් කළා වගේම blueberries නිසා රසය තවත් ඉස්මතු වුණා. ඔබ නිරෝගීව හෝ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උත්සාහ කරනවානම් මේ Granola Bowl එක අනිවාර්යයෙන්  try කරලා බලන්න.

 

 

French Toast (LKR 700)

maple syrup වල ගල්වලා දෙන මේ toast එක ඇත්තටම මතක් වෙනකොටත් කටට කෙල උනනවා . ඒ වගේම Blueberry වලින් සරසලා ගේන මේ toast එක ඇස් දෙකත් පිනවනවා. ඔයාට පුළුවන් යාළුවො එක්ක කයියක් දාන ගමන් මේ French Toast එකේ රස බලන්න.

 

 

Spicy Beef and Cheese Panini (LKR 900)

French Toast එක ආහාරයට අරන් ඉවරවුණු මට මේ Spicy Beef and Cheese Panini එක වෙනසක් එකතු කළා කිව්වොතින් හරි. Panini bread හැපෙනසුළු වූ අතර tender මස් සහ කුළුබඩු මේ dish එක සමබර කළා. ඒ වගේම cheesy ගතිය හොඳටම තිබුණා. අපිට කුළුබඩු එක්ක තියෙන්නේ ලොකු බැදීමක් නිසා ඕන කෙනෙක් අනිවාර්යයෙන් මේ dish එකට කැමති වෙනවා.

 

 

Desserts

Blueberry Cheesecake (LKR 600)

 

 

වැඩිය පැණිරස වුණේ නැති එක සහ ක්‍රීම් චීස්වල රසය හොඳටම තිබුණ නිසා Blueberry Cheesecake එකට මම ගොඩක් කැමති වුණා. Cheesecake උඩට දාලා තිබුණ Blueberry topping එක cake එකේ පැණි රස නියමට balance කළා.

 

 

Double Chocolate Brownie (LKR 300)

කණගාටුවට කරුණ තමයි මේ brownie එකනම් රස වුණේ නැහැ. මම ආස විදිහට Chocolate රසය තිබුණේ නැති නිසා මම මේ dessert එකට වැඩිය කැමති වුණේ නැහැ.

 

 

Ambience


Bistro82 එකේ ඇතුළත ප්‍රසන්න, සුවපහසු සහ ඉතා සිසිල් ස්භාවයක් තමයි ගත්තේ. කට්ටියත් එක්ක එකතු වෙලා කතා කරන ගමන් ආහාර රස විදින්න කියාපු තැනක් මෙතන .සේවාව තරමක් කාර්යක්ෂමයි වගේම කාර්ය මණ්ඩලය ඉතා මිත්‍රශීලී සහ උපකාරී අය වුණා.

 

අප කළ යුතු සහ නොකළ යුතු දේ – COVID-19

වර්තමානයේ ලොව පුරා පැතිර යන වසංගතයත් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් COVID-19 වෛරසයෙන් ජනගහනය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා . පාසල් සහ විශ්ව විද්‍යාල මේ වෙනකොට වසා දමා තිබෙනවා. ඒ වගේම මාර්තු 20 සිට 27 දක්වා රජයේ සහ පෞද්ගලික අංශයන්ට නිවසේ සිට රාජකාරිවල නිරතවෙන ලෙස දැනුම් දී තිබෙනවා.

 

  • ඔබේ අත් නිතර නිතර හා අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් සේදීම මගින් ඔබේ අත්වල රැඳී ඇති වෛරසය විනාශ වෙනවා. ඒ වගේම ඔබේ නියපොතු හොඳින් පිරිසිදු කිරීමට වගබලාගන්න . sanitizer භාවිතා කිරීමේ දී 60 % වඩා alcohol ප්‍රමාණයක් අඩංගු sanitizer එකක් භාවිතා කරන්න. ඔබගේ දුරකථනය නිතර පිරිසිදු කරන්න.

 

  • පොදු ස්ථානවල ගැවසීමේදී ඔබේ මුහුණ, කට සහ නාසය ස්පර්ශ කිරීමෙන් වළකින්න. කැස්ස හෝ කිවිසුම් යැවීමේදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියක් හෝ අතෙහි වැලමිට ඇතුල් ප්‍රදේශය භාවිතා කරන්න . ඔබ භාවිතා කරන නාන කාමරය, කෝප්ප, පිඟන් හොඳින් සෝදන්න.වෛරසය ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ වැනි දෘඩ පෘෂ්ඨ මත පැය 72 ක් දක්වා පැවතීමට හැකියාව තිබෙනවා

 

  • පුද්ගලයින් පිරිසක් සමග ගැවසෙන්න යන්න එපා. පුළුවන් තරම් හුදකලාව නිවසට වී සිටින්න ක්‍රියාකරන්න. ඔබට අවශ්‍ය ඖෂධ සති කිහිපයකට මිලදී ගන්න. ප්‍රතිශක්තීකරණයට අවශ්‍ය මල්ටිවිටමින් භාවිතා කරන්න. රතු ළුණු, පොලොස්, සුදු ළුණු ,නිවිති, පැගිරි කුලේ පළතුරු, ඉඟුරු, බ්‍රොකලි, යෝගට්, ආමන්ඩ්, ගස්ලබු කහ කිවි, දෙළුම්, කොමඩු වැනි ප්‍රතිශක්තීකරණය වඩවන ආහාර පරිභොජනයට ගන්න. හැකිතරම් වතුර බොන්න. සීනි භාවිතය අවම කරන්න . ඒ වගේම දුම් පානය නවත්වන්න.

 

  • ප්‍රතිශක්තීකරණය වැඩි කරගන්න හොඳ නින්දක් අවශ්‍ය වෙනවා. තමන්ගේ වැඩකටයුතු කළමනාකරණය කරගන හොඳ නින්දක් ලබා ගන්න මතක තියාගන්න.

 

  • ස්කයිප් රැස්වීම් හෝ දුරකථන සංවාද හරහා ඔබට ලබා දෙන උපදෙස් සමඟ රැකියාවට අදාල කාර්යයන් සිදුකරන්න.

 

  • අනාථ නිවාස සහ අවශ්‍යතා ඇති අයට ඔබේ ඇඳුම් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. ඔබේ කාමරය නිතිපතා පිරිසිදු කර හොඳ සනීපාරක්ෂාවක් අනුගමනය කරන්න.

 

  • හිසරදය, උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්වනවා නම් ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමුවෙන්න. රජය විසින් 1999 දුරකථන අංකය හරහා ඔබට භාෂා තුනෙන්ම පැය 24 පුරවාටම හදිසි අමතුම් සේවාව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම 117 අංකය හරහා පැය 24 පුරවාටම සහය සේවාවක් ලබා දී තිබෙනවා. 0710 107 107 සහ 011 307 1073 අංක හරහා පැය 24 පුරාවට හදිසි සේවාව ලබා දී තිබෙනවා.

 

කරුණාකර හදිසි තත්වය පහව යන තුරු ඔබ ගෘහස්ථව, ආරක්ෂිතව රැඳී සිටින්න. මේ අවස්ථාවේ දී අන්අය සහ තමන් වෙනුවෙන් වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන්න. නිරෝධනයට ලක්වන්න අනිසි බියක් ඇති නොකරගන්න.

අපේ කඩවසම් තලෙළු කොල්ලන්ට ලස්සනට අඳින්න tips මෙන්න….

ලංකාවේ ඉන්න අයගේ සමේ පාට ගැන නිරීක්ෂණය කරලා බැලුවාම මධ්‍යස්ථ වශයෙන් ඉන්නේ තලෙළු අයනේ. ඉතින් අපිට ලැබිලා තියන මේ හමේ පාට ලෝකේ අනිත් රටවල මිනිස්සු බොහොමයක් අගය කරනවා. විශේෂයෙන්ම මේ තලෙළු පාට අපේ කොල්ලන්ගේ කඩවසම් බව ඉස්මතු කරලා පෙන්වනවා. මේ ලැබිලා තියෙන හමේ පාටත් එක්ක ආවේණික වර්ණයන් සහිත ඇදුම් ඇදීමේ හැකියාව තිබෙනවා.ඒ් වගේම ඔයා කොච්චර කඩවසම් ද කියලා ලෝකයට පෙන්වන්න ඇදුම් තෝරාගන්නකොට මේ දේවල් අනුගමනය කරන්න අමතක කරන්න එපා.

  • Sorbet වර්ණ තමා ඔයාට ගැලපෙන හොදම වර්ණ.
    ඔයාට ලැබිලා තියෙන මේ තලෙළු හමේ තිබෙන ස්භාවිකත්වය තවත් පෙන්වන්න sorbet වර්ණාවලියට අයත් වන lemon, yellow,powder blue, peach—you, my man යන වර්ණයන්ගෙන් යුතු ඇදුම් තෝරාගන්න.

 

  • අනිවාර්යයෙන් මේ දේ මතක තියාගන්න. තියුණු වර්ණ ඔබට ගැලපෙන්නේ නැහැ.ඒ නිසා තියුණු වර්ණ භාවිතය නවත්වන්න. තලෙළු හමේ තිබෙන දීප්තිය සුදු වැනි දීප්තිමත් වර්ණ වලින් අඩු කරනවා. ඔයාගේ පෙනුම අවුල් සහගත තත්වයකට පත්කරනවා. ඒ නිසා ඔයාට ඔයාගෙ පෙනුම වැඩි කරගන්න උවමනානම් ඉහතින් සදහන් කල වර්ණ ඇති ඇදුම් මිළදී ගන්න පුරැදු වෙන්න.

 

  • Quirky socks නිශ්පාදනය කරලා තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්මයි. මේ මගින් ඔයාගේ පාද ඔපවත් කරලා පෙන්වනවා. ඔයාගෙ ආසම පාවහන් සමග Quirky socks පැළදීම මගින් ආකර්ශණය යොමු කරවාගන්න කොල්ලනේ ඔන්න ඔයාලට හැකියාව තියනවා.

 

  • Classic style ඔබට වඩාත් ගැලපෙනවා. Sorbet වර්ණ සමග ඔබට Classic style එකට dress කරන්න. එතකොට ඔයාව ගොඩක් සරාගී විදිහට ලෝකයාට පෙන්වන්න පුළුවන්.

 

  • කෙල්ලො වගේම කොල්ලොත් කැමතී ACCESSORIES වලට. ගොඩක් පිරිමි අය කැමති විවිධ වර්ගයේ අත්ඔරලෝසු පළදින්න. ඔයා තලෙළු හමකින් යුතු කෙනෙක් නිසා රත්තරන් හෝ රිදී ආලේපිත අත්ඔරලෝසු භාවිතා කරන්න. ඔයා sporty watches භාවිතා කරන
    කෙනෙක්නම් සුදු පාට පසුබිමක් ඇති මුහුණක් සහිත sporty watches භාවිතා කරන්න.

  • තලෙළු හමට අනිවාර්යයෙන් තමන්ගේ hair color එකත් වැදගත් වෙනවා. Golden brown සමග red highlights ඒ වගේම Flame red වැනි hair color මගින් ඔයාට පුළුවන් තමන්ට ලැබිලා තියෙන තලෙළු වර්ණය තවත් ඉස්මතු කරලා පෙන්වන්න.

ඉතින් මේ දෙවල් ටික අපේ කඩවසම් කොල්ලො ටික try කරලා බලන්නකෝ. ඔයාලට අනිවාර්යයෙන් පුළුවන් වේවි ලැබිලා තියෙන හමේ වර්ණයත් එක්ක ගොඩක් සරාගී විදියට කා අතරත් කැපී පෙනෙන කෙනෙක් බවට පත්වෙන්න.මොකද අපි ඉපදිලා තියෙන්නේ ලෝකෙ තියෙන අවිහිංසකම සහ ලස්සනම වර්ණයත් එක්ක.

කාලය හා මුදල් ඉතිරි කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Beauty Tips

අපි හැම කෙනෙක්ටම අවශ්‍ය ලස්සනට ඉන්නනේ. හැමදාම salon වලට ගිහින් තමන්ගෙ ලස්සන වැඩිකරගන්න treatment කරන්න සල්ලි තියෙයි ද? නැහැනේ නේද? ඉතින් ගෙදර ඉන්න ගමන් තමන්ගෙ ලස්සන වැඩි කරගන්න එදිනදා කරන්න පුළුවන් tips ටිකක් තමයි ගැස්ම අද ඔයාලට කියලා දෙන්නේ. තමන්ගේ කාලය ඉතිරි කරගන අනවශ්‍ය වියදම් අඩුකරගන මේ දේවල් ඔයාට කරන්න පුළුවන්.

 

 

  • Green tea (ග්‍රීන් ටී)

ලංකාවේ tea හොයාගන්න එක ලේසිම දෙයක්. ඉතින් මේ Green tea වලින් පුළුවන් skin එක පැහැපත් කරගන්න. හමේ ඇතිවන අවපැහැ ගැන්වීම්, කලු පැල්ලම් (black mark) Green tea වලින් අවමකරගන පැහැපත් සමක් ඇතිකරගන්න ඔයාට පුළුවන්.

 

 

  • Vaseline ( වැස්ලින්)

ඇහිබැම කියන්නේ අපේ මුහුණට ලස්සන ගේන ප්‍රධාන අංගයක්නේ. ඉතින් ඇහිබැම ලස්සනට පිළිවෙලට තියාගන්න එක ඉතා වැදගත්. ඇහිබැම පිළිවෙලට තියාගන්න ඔයාට පුළුවන් Vaseline ටිකක් අරගන ඇහිබැමේ ගාන්න. එහෙම කරලා brow brush එකකින් ඇහිබැම brush කරන්න. මේ විදියට ඔයාට ඔයාගේ ඇහිබැමේ ලස්සන මතුකරලා පෙන්වන්න පුළුවන්.

 

 

  • Coconut oil ( පොල්තෙල්)

පොල්තෙල් කියන්නේ අපට අළුත් දෙයක් නෙවෙයිනේ. ඒ කාලෙ ඉදන්ම පොල්තෙල් ලස්සන වැඩිකරගන්න භාවිතා කරන දෙයක්. මේ වෙනකොට අපි පුරුදු වෙලා ඉන්නවා ‌හිසකෙස් curl කරන්න, iron කරන්න සහ color කරන්න. මේ දේවල් වලින් වෙන්නේ අපේ හොදට තියන හිසකෙස් damage වෙන එක. ඉතින් හිසකෙස් යතාතත්වෙට පත්කරගන්න පුරුද්දක් වශයෙන් නාන්න කලින් හිසට පොල්තෙල් ටිකක් දලා හොදට සම්බාහනය කරන්න. විනාඩි 3ක් එහෙන්මම තියෙන්න අරින්න. මොකද පොල්තෙල් වල තියන පෝෂණය හිස්කබලට උරාගන්න. මේ විදියට කළොත් නීරෝගිමත් දිදුළන කෙස් කළඹකට හිමිකම් කියන්න ඔයාට පුළුවන්.

 

 

 

  • ඔයාගෙ perfume එකේ සුවඳ ගොඩක් වෙලා ශරීරයේ තියාගන්න අවශ්‍යනම් ඔයා wash දාගත්ත ගමන් perfume එක apply කරන්න. ඇගේ තියන තෙතමනය, සුවඳ දිගු වේලාවක් තියගන්න උපකාරී වෙනවා.

 

 

 

  • ඇස් වටේ ඇතිවෙන් dark circle අයින් කරන්න freezer එකේ හැදි 2ක් විනාඩි 5ක් තියෙන්න අරින්න. ඉන්පසුව හැදි 2ක ඇස් වටේ තියන්න. මෙයින් ඇස්යට කලුවීම් අවම කරගන්න හැකියාව තියනවා.

 

ඔයා ඔයාගේ සුන්දරත්වය තව ටිකක් වැඩිකරගන්න හිතනවනම් මේ දේවල් ටිකක් අනුගමනය කරලා බලන්න.

Dumplings වලට ආස ඔයාලට යන්න හොඳම තැන් 25ක් මෙන්න

බැලූ බැල්මට කොළඹ dumpling තියෙන restaurants ඇති කියලා හිතන්න බැරි වුණාට , කොළඹ සහ ඒ අවට විවිධ වර්ගයේ dumpling තියෙන restaurants ඕනෑ තරම් තියෙනවා කිවුවොත් ඔයා පුදුම වෙයි. ගොඩක්ම පුදුම හිතෙන කාරණාව වෙන්නේ dumpling දැන් ගොඩක් ජනප්‍රිය නිසාම චීන නොවන restaurants කිහිපයක පවා අපිට එක එක වර්ගයේ dumpling ලබාගන්න පුළුවන් වෙලා තියෙන එක.ඉතින් අද අපි කියන්න යන්නේ ඔයාගේ dumpling ආසාව ඉෂ්ට කරගන්න යන්න කොළඹ අවට තියෙන restaurants කිහිපයක් ගැනම විස්තර.

 

1. Long Feng, Cinnamon Lakeside

සෙනසුරාදා සහ ඉරිදා මේකට ගියොත් ඔයාටත් පුළුවන් Long Feng restaurant එකේ ප්‍රධාන අරක්කැමියා වන Meiqin Duan ගේ අතින්ම හැදුනු dim sum buffet එකේ රස බලන්න. වර්ග 30 කට අධික ප්‍රමාණයක් තියෙන මේ dim sum buffet එක රුපියල් 2750ක වගේ මුදලකට ඔයාට ලබාගන්න පුළුවන්.

Address – 117, Sir Chittampalam A. Gardiner Mawatha, Colombo 2

Contact – 0112 491 949

Opening Hours – 12PM -3PM

 

 

2. Che Che’s Dumplings

ඌරු මස්, හරක් මස්, කුකුල් මස්, හෝ බිම්මල් වගේම එළවලු දාලා තැම්බූ සහ පෑන් එකේ පිළිස්සු Jiaozi මෙහිදී ඔයාට ලබාගන්න පුළුවන්. ඉතින් ඔයාලට dumpling වල රස බලන්න, පොඩි නිවාඩුවකින් පස්සේ Che Che’s Dumplings පසුගිය අවුරුද්දේ ඉදන් ආපහු විවෘත කරලා තියෙනවා.

Address – 19C, Malwatta Mawatha, Colombo 5 (Takeaway)

Contact – 0773 508 492 or via Facebook (Delivery)

Opening Hours – 12 PM -10PM

 

 

3. Ming Han

රුපියල් 660 ක් වගේ මුදලකට ගන්න පුළුවන් මෙයාලගේ තම්බපු ඌරු මස් dumpling වල නම් තිබුණේ ඇත්තටම හරි අපුරු රසයක්. ඒ වගේම මෙයාලගේ pan-fried dumpling (Teppan dumpling) රුපියල් 960 ක මුදලකට ගන්න පුළුවන්.

Address – 14, Deanston Place, Colombo 3

Contact – 0112 576 533

Opening Hours – 11.30AM – 3PM, 5.30PM – 10.30PM

 

 

4. Momos by Ruvi

Momos by Ruvi තමයි කොළඹ ඩම්ප්ලිං වල පුරෝගාමියා. නිර්මාංශ, කුකුල් මස්, හරක් මස් හෝ ඉස්සන් පිරවුම් ඇති හලාල් dumpling දැරිය හැකි මිලකට ඔයාට මෙහිදී ලබාගන්න පුළුවන්. ඒ වගේම dumpling platters වගේම dumpling සුප් ද Momos by Ruvi ලාගෙන් ලබාගන්න ඔයාට පුළුවන්.

Address – 664, Galle Road, Colombo 3

Contact – 0774 388 786

Opening Hours – 11AM – 9.30PM (Tuesday to Sunday) Closed on Monday

 

 

5. Shang Palace, Shangri-La Hotel

ඔයා හොයන්නෙත් ලස්සන තැනක ඉදන් තරු 5 හේ Dim sums රස විදින්න නම් Shang Palace එක තමයි ඔයාට කියාපුම තැන. steamed, boiled, සහ fried dumpling මෙහිදී ඔයාට ලබාගන්න පුළුවන්.

Address – 1, Galle Face, Colombo 2

Contact – 0117 888 288

Opening Hours – 12PM – 3PM, 6.30PM – 11PM

 

 

6. Zen

 

ජපන් අවන්හලක් වන සෙන්, එහි ඇති නිදහස් වටපිටාව නිසාම ආදරවන්තයින් සදහා කියාපු ස්ථානයක් කියන්න පුළුවන්.අඹරපු කුකුල් මස් පිරවූ පෑන්-ෆ්‍රයිඩ් ගයෝසා, පොන්සු සෝස් සමඟ මෙහිදී ඔයාට රසවිදින්න පුළුවන්.

Address – Zylan Luxury Villa, Rosmead Place, Colombo 7

Contact – 0112 686 880

Opening Hours – 11.30AM – 11.30PM

 

 

7. Wan Ge Di Ya

කුකුළු මස් හා ඉස්සන් syumai (LKR 600), එළවළු dumplings (LKR 600), Har gow ඉස්සන් dumpling (LKR 850), හෝ chive සහ ඌරු මස් pot stickers (LKR 800) මේ හැම ජාතියේම dumpling ඔයාට Wan Ge Di Ya හිදී ලබාගන්න පුළුවන්.

Address – Odel Promenade, 5, Alexandra Place, Colombo 7

Contact – 0115 948 604

Opening Hours – 11AM -12AM

 

 

8. Sushi Kaiජපන් restaurant එකක් වන Sushi Kai එකට ගියොත් නම් කුකුළු මස් (LKR 950) සහ එළවළු (LKR 620), gyoza octopus ball dumpling (1150) වගේ එක එක වර්ග වල dumplings ඔයාට රස බලන්න පුළුවන්.

Address – 143A, Jawatte Road, Colombo 5

Contact – 0112 081 918

Opening Hours – 11AM – 10.30PM

 

 

9. Laksa Noodle Bar

ආසියානු street food සහ noodles වලට ප්‍රසිද්ධ තැනක් වෙන නිසාම මෙයාලගේ menu එකේ තියෙන wok-fried prawn dumplings නම් ඔයාලට අනිවාර්යයෙන්ම කන්න කන්න ආස හිතෙයි.

Address – 179 Thimbirigasyaya Rd, Colombo 00500

Contact – 0112 559 799

Opening Hours – 12PM – 3PM, 6.30PM – 9.30PM (Tuesday to Thursday), 12PM – 3PM, 6.30PM – 10PM (Friday), 6PM – 10PM (Saturday), Closed on Sunday and Monday

 

 

10. Ramen Misoya

 

ඔව් ඔව් මෙයාලා ප්‍රසිද්ධ මෙයාලගේ miso පාදක කරගත්ත ramen වලට තමයි.ඒ වුණාට ඔයා කවදාහරි දවසක try කරලා තියෙනවද මෙයාලගේ dumpling? ඌරු මස් (LKR 990), කුකුළු මස් (LKR 990), සහ ඉස්සන් gyoza (LKR 1140) යන වර්ග වල dumplings මෙයාලගෙන් ලබාගන්න පුළුවන්.

Address – Race Course, Phillip Gunawardena Mawatha, Colombo 7

Contact – 0772 206 652
Opening Hours – 11.30AM – 3PM, 6PM – 10.30PM (Tuesday to Sunday) 11.30AM – 3PM, 6PM – 10PM (Saturday), Closed on Monday

Address – 179, Thimbirigasyaya Road, Colombo 5

Contact – 0112 559 799
Opening Hours – 12PM -3PM, 6PM – 9.30PM (Tuesday to Thursday), 12PM – 3PM, 6PM – 10PM (Friday), 6PM – 10PM (Saturday), Closed on Sunday and Monday

 

 

11. Yue Chuan, The Kingsbury Hotel

celery සමග ගෙදර තැම්බූ ඌරු මස්, චීන ගෝවා සමග කුකුල් මස්, විවිධ වර්ග වල එළවළු dumpling, වගේ සම්ප්‍රදායික චීන කෑම වර්ග ගොඩක් රුපියල් 800 කට ඔයාට Yue Chuan restaurant එකෙන් ලබාගන්න පුළුවන්.

Address – 4, Janadipathi Mawatha, Colombo 1

Contact – 0112 421 221

Opening Hours – 11AM – 3PM, 6.30PM – 11.30PM

 

 

12. Mama’s Kitchen, Food Studio

කෑලි 6 ක් සහ කෑලි 12 ක් යන ප්‍රමාණ වලින් ඔයාට මේ රසවත් කුකුල් මස්, හරක් මස් සහ ඉස්සන්dumpling ලබාගන්න පුළුවන්. colombo city center එකේ තියෙන Mama’s Kitchen එක හොඳම dumpling තියෙන තැනක් කියන නිසාම ඔයටත් පුළුවන් මෙතනට ගිහිං බලන්න.

Address – 137, Sir James Peiris Mawatha, Colombo 2

Contact – 076 801 1456

Opening Hours – 11AM – 11PM

 

 

 

13.Shanghai Terrace

කුකුල් මස් සහ එළවලු,ඌරු මස් සහ එළවලු, සහ බිත්තර සහ එළවලු වගේ රසම රස හැම dampling වර්ගයක්ම රුපියල් 908 ක වගේ මුදලකට ඔයාට මෙතනට ගියොත් ලබාගන්න පුළුවන්.

Address – 811, Kotte Road, Sri Jayawardenepura Kotte

Contact – 0112 878 878

Opening Hours – 11AM – 3PM, 6PM – 11PM

 

 

14. Steam Boat

මෙයාලගේ ශාඛා ගොඩක් ලංකාව පුරාම තියෙන නිසා ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට නම් මේ restaurant එක අලුත් තැනක් නෙමෙයි.හැබැයි එයාලගේ කිඩ්ස් මෙනු එකේ තමයි dumplings නම් තියෙන්නේ.ඉතින් මෙතන ගොඩක්ම ගැලපෙන්නේ dumplings වලට ආස කරන්න පොඩ්ඩොන්ටයි.

Address – 14, Narahenpita Road, Sri Jayawardenepura Kotte

Contact – 0112 806 806

Opening Hours – 11AM – 3PM, 6PM – 11PM

 

 

15. Chef Tyro Fushion Restaurant

තනිකරම චීන අවන්හලක් නොවුනත් Chef Tyro Restaurant එකෙන් රුපියල් 600 වගේ මුදලකට රස සැමන් dumplings වල රස බලන්න ඔයාටත් පුළුවන්.

Address – 203, Sir James Peiris Mawatha, Colombo 2

Contact – 0770 125 805

Opening Hours – 11AM – 10PM

 

 

16. Asylum Restaurant and Lounge Bar

dumpling ලබාගන්න පුළුවන් තවත් තැනක් තමයි Asylum Restaurant එක. ඌරු මස් dumplings සහ ඉස්සන් dumplings soy chilli dipping sauce එක්ක රුපියල් 1600 වගේ මුදලකට ඔයාලට මේ Restaurant එකෙන් ලබාගන්න පුළුවන්.

Address – 3, Arcade, Independence Square, Bauddhaloka Mawatha, Colombo 7

Contact – 0773 601 377

Opening Hours – 8AM – 11.30PM

 

 

17. Jade Dragon

Jade Dragon’s Chef’s Specials category එකේ තියෙන ඌරු මස් (LKR 900), කුකුල් මස් (LKR 800) සහ මුහුදු ආහාර (LKR 1100) ඔයාලගේ dumpling ආසාව සංසිදවගන්න කාල බලන්නම ඕන dumpling වර්ග කිහිපයක්.

Address – 26, Marine Drive, Colombo 3

Contact – 0715 169 169

Opening Hours – 11AM – 11PM

 

 

18. Chinese Delight

ගානේ හැටියට වටපිටාව ගැලපෙන්නේ නැති වුණත් රුපියල් 638 ක වගේ මුදලකට තැම්බූ චිකන් සහ ඌරු මස් ඩම්ප්ලිං මේ restaurant එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Address – 41A, Ridgeway Place, Colombo 4

Contact – 0112 580 587

Opening Hours – 10.30AM – 3PM, 5PM – 10.30PM

 

 

19. Thai Heritage Food Truck

Crispy chicken dumplings වල රස බලන්න ඔයත් කැමතිද? ඇහෙද්දීත් කටට කෙල උනනවා නේද? රුපියල් 660 ක වගේ මුදලකට Thai Heritage Food Truck එකෙන් ඔයාට මේ රසම රස dumplings ලබාගන්න පුළුවන්.

Address – 381, Havelock Road, Colombo 6

Contact – 0777 003 688

Opening Hours – 12PM – 3PM, 6PM – 11PM (Tuesday to Sunday) Closed on Monday

 

 

20. Tsukiji Uoichi

තුනී කරගත් පිටි මෝලියකට අඹරපු ඌරු මස් සහ එළවලු කිහිපයක මිශ්‍රණයක් පුරවා ගත් Tsukiji Uoichi එකේ yaki gyoza කැබලි 5ක් රුපියල් 780 ක මිලකට සහ කැබලි 10 ක ප්‍රමාණයක් රුපියල් 1484 ක මිලකට ඔයාට ලබාගන්න පුළුවන්.

Address – Arcade, Independence Square, Bauddhaloka Mawatha, Colombo 7

Contact – 0112 670 707

Opening Hours – 12PM – 11PM

 

 

21. Kinjou

චීන restaurant අතරින් විශේෂ වූ Kinjou හි ඔයාට කන්න කන්න ආස හිතෙන gyoza රුපියල් 1068 කට සහ syumai රුපියල් 828 කට ලබාගන්න පුළුවන්.

Address – 33, Amarasekara Mawatha, Colombo 5

Contact – 0112 591 728

Opening Hours – 11AM – 2PM, 6PM – 10.30PM

 

 

22. Crystal Jade

One Galle Face mall එකේ ශාඛාවක් ලඟකදී ආරම්භ කරපු මේ restaurant එකෙත් රුපියල් 960 ක මුදලකට මිලදී ගත්ත තම්බපු කළු සහ සුදු ඉස්සන් dumplings වලට අපි නම් ගොඩක් ආස වුණා.ඉතින් ඔයාලත් කාලා බලන්න.

Address – 6th Floor, One Galle Face Mall, 1A, Centre Road, Colombo 2

Contact on – 0112 044 490

Open time – 11AM – 10PM

 

 

23. EDO Japanese Restaurant

හලාල් වගේම BYOB (ඔයාට කැමති bottle එකක් අරගෙන යන්න පුළුවන්) EDO ජපන් Restaurant එකේ ගෙදර හදා ගත්ත වගේ සැමන් gyoza dumplings ඔයාට ලබාගන්න පුළුවන්. කැබලි 6ක් රුපියල් 960 ක වගේ මුදලකට ලබාගන්න පුළුවන් මේ gyoza dumplings ඇත්තටම රසවත්.

Address – 2nd Floor, Colombo City Centre, Sir James Peiris Mawatha, Colombo 2

Contact – 0112 302 502

Opening Hours – 10AM – 10PM

 

 

24. Kobe, Waters Edge

kobe restaurant එක නම් Date එකකට කියාපු තැනක්.කුකුල් මස් සහ ඌරු මස් gyoza රුපියල් 1500 ක් වගේ ටිකක් මිල අධික වුණත් අපේ හිත් ඇදගන්න පුළුවන් විදිහේ පෙනුමකින් සහ රසයක් තිබුණා.

Address – 316, Ethul Kotte Road, Battaramulla

Contact – 0112 863 863

Opening Hours – 11AM – 11PM

 

 

25. Robata Grill and Lounge, Movenpick Hotel

Robata කියන්නේ දැරිය හැකි මුදලකට හොඳ ආහාර පාන ලබාගන්න පුළුවන් lounge එකක්. ඉතින් එයාලගේ dumplings අපි robata lounge එක ගැන තියලා තිබ්බ විශ්වාසය රකින්න සමත් වුණා කියලා කිවුවොත් නිවැරදි. එයාලගේ crystal ඉස්සන් dumplings කැබලි 4ක් රුපියල් 360 ක මුදලකට ඔයාටත් රස බලන්න පුළුවන්.

Address – 2nd Floor, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 3

Contact on – 0117 504 470

Open time – 12PM – 3PM, 7PM – 10.30PM

ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ dumplings ආසාව සංසිදවගන්න පුළුවන් තැන් 25ක් ගැන විස්තරේ. ඔයාලටත් පුළුවන් මේ තැන් වලට ගිහින් රසම රස dumplings වල රස බලලා අපිට පස්සේ ස්තුති කරන්න.

ඒ වගේම අපි මොකක් හරි dumpling restaurant එකක් මග හැරලාද ? එහෙනම් comments වල අපිව ඒ ගැන දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.

සිංගප්පූරු කෑම රස විඳින්න ලංකාවේ තියෙන නියම තැනක් “Lau Pa Sat”

“Lau Pa Sat” කියන්නේ සිංගප්පූරු කෑම රස විඳින්න ලංකාවේ තියෙන නියම තැනක්. මේකේ නම හැදිලා තියෙන්නේ hawker centers (එළිමහන් සංකීර්ණයක කෑම කන්න පුළුවන් විදියට හදලා තියෙන අවන්හල්) කියන වචනයෙන්. කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේ තියෙන Lau Pa Sat අවන්හල ඇතුලට යනකොටම staff එකේ අයගෙන් උණුසුම් පිළිගැනීමක් අපිට ලැබුණා. ලස්සනට හැඩගන්වලා තියෙන මේ අවන්හලට ගියාම සිංගප්පූරුවට ගියා වගේ හැඟීමක් දැනේවි ඔයාලටත් අනිවාර්යයෙන්ම.

 

Drinks

Lau Pa Sat අවන්හලේ menu එකේ තියෙන බීම වර්ග බොහොමයක් සිංගප්පූරුවට ම සුවිශේෂී වුණ ඒවා. ඒ වගේම අලුත් රසයන්ගෙන් අනූන වුණ බීම වර්ගත් මෙතන තියෙනවා.හැබැයි මේ ඔක්කොම non-alcoholic බීම වර්ග.

 

Bandung Rose Syrup (LKR 400)


මේ drink එකේ නම් පැණිරස ගතිය ගානට තිබුණා. ඒ වගේම තමයි එකේ thickness එකත් ගානට. Rose syrup වලින් රස ගැන්වුණු මේ drink එකේ කසකසා ඇට (poppy seeds) දාලා තිබුණා. මොකද, අපි දන්න විදියට නම් Bandung Rose Syrup එකට කසකසා ඇට සාමාන්‍යයෙන් දාන්නේ නෑ . කසකසා ඇට එකතු කරලා තිබුණත් මේ drink එකේ රසය උපරිමයෙන් තිබුණා..

 

 

Milo Dinosaur (LKR 400)


Milo Dinosaur කියන drink එක පිළිගන්වලා තිබුණ විදිය නම් කිසි අඩුවක් නෑ, ඒත් අපි බලාපොරොත්තු වුණ තරමට ඒකේ රසය තිබුණේ නෑ. හැබැයි මේ drink එකේ උඩින් දාලා තිබුණ Milo powder එකෙන් ඒකේ රසය වැඩි කළා.

 

 

Lychee Soda Cooler (LKR 400)


අපි try කරපු බීම වර්ග තුනෙන් සුවිශේෂීම එක තමයි Lychee Soda Cooler. ඒ වගේම අපිත් වැඩියෙන්ම කැමති වුණේ මේ drink එකට. මොකද මේකේ සැර ගතියයි නැවුම් ගතියයි දෙකම එකට මුසු වෙලා තිබුණ නිසා. ටිකක් සැර ගතියක් තිබුණට මේ drink එකේ තියෙන sweet lychee (මේක රඹුටන් වගේ පලතුරක්) flavour එක නිසා අමුතුම රසයක් ඒකට එකතු වෙලා තිබුණා.

 

 

Mains

Coffee Sauce Chicken Wings (LKR 750)


මේ dish එක අපි order කරපු වෙලාවේ ඉඳන් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ රස විඳින්න! Crispy, juicy ගතිය තියෙන chicken wings වලට thick coffee sauce දාලා ඒකට උඩින් sesame seeds දාලා තමයි මේ dish එක පිළිගැන්නුවේ. Sauce එකට එකතු කරලා තිබුණ coffee වල තියෙන තරමක් පැණි රස සහ තිත්ත ගතිය chicken wings වල soft ගතියත් එක්ක නියමෙට ගැළපුනා.

 

 

Jumbo Chicken Satay (LKR 700)

අපි ඊළඟට try කරපු dish එක නම් ශ්‍රී ලාංකික අපිට හුරුපුරුදු රස මුසු වුණු කෑමක් නෙමෙයි. හැබැයි අලුත් කෑම try කරන්න කැමති අපි නම් Jumbo Chicken Satay වලට කැමති වුණා. මේකේ chicken හොඳට මෙළෙක් ගතියට තිබුණා. ඒත් අපිට දැනුණේ නම් ඒකේ තෙල් ගතිය ටිකක් විතර වැඩියි කියලා. Chicken Satay dish එකත් එක්ක පිළිගන්වපු sauce එකේ peanut රසකුත් තිබුණා. ඒ sauce එක Chicken Satay එකත් එක්ක ගැලපෙනවා. Chicken Satay කෑවට පස්සේ පොඩ්ඩක් විතර දැවිල්ලක් දැනුණා. හැබැයි අපි නම් ඒකට කැමති වුණා.

 

 

Laksa (LKR 1000)


Laksa කියන්නේ පෙනුම, රසය, සුවඳ මේ ඔක්කොම එකතු වුණ dish එකක්. සිංගප්පූරු කෑම වල රස සංකේතවත් කරන dish එකක් විදියට Laksa හඳුන්වන්න පුළුවන්. අපි වැඩිපුරම ආස කරන කෑම වර්ගවල list එකේ උඩින් ම තියෙන කෑමක් තමයි Laksa. මේ noodle soup එක පොල් සහ seafood curry mix කරලා හදලා තිබුණේ. ඒකේ ටිකක් විතර සැර ගතියක් තිබුණා. Laksa dish එකේ තියෙන thick noodles ගෙන්නන්නේ සිංගප්පූරුවෙන් කියලා අපිට දැනගන්න ලැබුණා. Lau Pa Sat එකේ තියෙන Laksa dish එක එක්කෙනෙකුට තමයි serve කරන්නේ. ඒත් අපිට ඒ dish එක ඉවර කරන්නත් අමාරු තරමට ඒ portion එක ලොකුයි. Laksa dish එකේ ඉස්සෝ ගොඩක් එක්ක prawn-cakes හොඳට දාලා තිබුණා. ඒ වගේම ඒකට දාලා තිබුණ noodles හොඳ ගානට boil කරලා තිබුණා. අපි ඒ නිසා Laksa dish එක නම් අනිවාර්යයෙන්ම recommend කරනවා.

 

 

Nasi Goreng With Fried Chicken (LKR 750)


Nasi Goreng කියන්නේ ලංකාවේ ගොඩක් common කෑම වර්ගයක් නිසා අපි බලාපොරොත්තු වුණේ නෑ Lau Pa Sat තිබෙන Nasi Goreng dish එකේ ලොකු විශේෂත්වයක් තියෙයි කියලා. හැබැයි අපි මීට කලින් try කරලා තියෙන Nasi Goreng dishes වලට වඩා මේක ගොඩාක් හොඳයි. බත් වලට mix කරලා තිබුණ caramelise කරපු ළූණු වලින් මේ Nasi Goreng එකේ රසය වැඩි කළා. ඒ එක්කම serve කරලා තිබුණා crispy fried chicken සහ ‘මල් පපඩම්’ කියලා කියන traditional Singaporean Flower Fryums එක්ක අච්චාරු දාපු එළවලු (pickled vegetables). බඩ පිරෙන තරමට portion එක තිබ්බත් Lau Pa Sat එකේ Nasi Goreng එකේ ගාන නම් ටිකක් වැඩියි කියලා අපිට හිතුණා.

 

 

AyamPanggang With Rice (LKR 750)


AyamPanggang කියන dish එකේ විශේෂත්වය වෙන්නේ ඒක පැය 24ක් marinate කරලා හදන නිසා. ඒ කියන්නේ මස් උයන්න කලින් තෙල්, spices mixture එකක දාලා තියලා soften කරන process එක. තම්බපු බත් එක්ක serve කරපු AyamPanggang එකේ අපි බලාපොරොත්තු වුණ තරමටම දිව පිනා යන පුදුමාකාර රසයක් තිබුණා.

 

 

 

Desserts

Goreng Pisang with Vanilla Ice Cream (LKR 500)


Goreng Pisang කියලා හඳුන්වන්නේ Banana Fritters වල සිංගප්පූරු version එක. ඒ කියන්නේ batter එකක දාල deep fry කරපු කෙසෙල් තමයි මේ dish එකේ තියෙන්නේ. Chocolate sauce උඩින් දාලා, රන්වන් පාටට තිබුණ Goreng Pisang එකේ crunchy ගතියයි පැණිරස ගතියයි ගානට තිබුණා. Banana fritters ටිකක් උණුසුම් නිසා ඒ එක්කම vanilla ice cream serve කරලා තිබුණ එක නම් නියමයි.

 

 

Chendol with Vanilla Ice Cream (LKR 500)


Chendol කියන dessert එක සිංගප්පූරුවේ hawker-centers වල තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මේ dessert එකේ හුරුපුරුදු ඒත් ටිකක් අමුතුම රසයක් තිබුණා. Chendol ජෙලි එකක් වගේ dessert එකක්. ඒක පොල් කිරි දාපු bowl එකක රතුපාට kidney beans සහ vanilla ice cream scoop එකක් එක්ක තමයි serve කරලා තිබුණේ. ඔයත් අලුත් අලුත් කෑම වල රස බලන්න කැමති කෙනෙක් නම් මේ dessert එක අපි recommend කරනවා.

 

 

Strawberry Cheesecake (LKR 500)


මේ Strawberry Cheesecake එකේ price හැටියට නම් portion එක ටිකක් මදි කියල අපිට හිතුනා. හැබැයි එකේ රසය නම් උපරිමයෙන් තිබුණා. හරි පදමට bake කරපු මේ cheesecake එකේ biscuit layer එක නම් නියමයි. ඒ වගේම උඩින් දාල තිබුන strawberry jam layer එකේ තියෙන tangy flavour එක නිසා නිසා cake එකේ පැණිරස ගතිය balance වෙනවා.

 

 

Ambience

Lau Pa Sat අවන්හලේ ඇතුලේ වගේම එළියේ වාඩි වෙන්න හොඳට ඉඩකඩ තියෙනවා. සිංගප්පූරුවේ ඉතිහාසය විදහා පාන black and white පින්තූර වලින් ලස්සන කරලා තියෙන මේ අවන්හලේ staff එක හරිම මිත්‍රශීලීයි. ඒ වගේම ඔයාලට මොනවද ඕනේ කියලා බලලා serve කරන්න ඕන වෙලාවක staff එක ලෑස්තියි. Restaurant එකේ head chef එක්කත් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. පිලිපීන සම්භවයක් තියෙන ඇය specialise කරන්නේ Asian-fusion cuisine. Lau Pa Sat අවන්හලේ service එක හරිම ඉක්මන්. අපි එතනට ගියපු වෙලාවේ නම් එතන වැඩිය සෙනග හිටියේ නෑ. බොහෝවිට ඒ සතියේ දවසක රෑ නිසා වෙන්න පුළුවන්. හැබැයි අපිට දැනගන්න ලැබුණා lunch hours වලදී restaurant එකට ගොඩාක් සෙනග එනවා කියලා.

Lau Pa Sat restaurant එකෙන් අපි ලබාගත්ත රස අත්දැකීම ගැන අපි හොඳටම සෑහීමට පත්වුණා කියලනම් කියන්න පුළුවන්. Authentic සිංගප්පූරු ආහාර වේලක් රස විඳින්න කැමති ඕනෑම කෙනෙක්ට මේ restaurant එක අපි අනිවාර්යයෙන්ම recommend කරනවා.

සැරට කන්නනම් Arthur’s Pizzeria තමයි

ඔන්න මම තීරණය කලා වැඩත් එක්ක හිරවෙලාම ඉන්න නිසා පොඩ්ඩක් එළියට යන්න. ඉතින් මම ගියේ Horton Place වල තිබෙන Arthur’s Pizzeria එකට. මට හිතුන ටිකක්  relax වෙන්නත් එක්ක Arthur’s Pizzeria එකේ ගොඩක් popular classic thin crust pizza එක වගේම අනිත් කෑම බිම try කරලා බලන්න. ඇත්තටම කියන්න ඕන මම ගොඩක් පුදුම වුණා වගේම Arthur’s Pizzeria එකට අයෙත් යනවා කියලා දැනටම තීරණය කරලා ඉවරයි.

 

Appetizers

Garlic Roast Paan (LKR 300)

මේ සුදුළූණු පාන් එකනම් ඇත්තටම පොඩ්ඩක්වත් රස නැහැ. සුදුළූණු පාන් කිව්වට සුදුළූණු තිබ්බෙම නැති තරම්. ඒ වගේම පාන් ගොඩක් soggy වැඩීයි. පාන් එක soggy වෙලා තිබෙන්නේ butter ඔිවට වඩා වැඩි නිසා කියලා තමයි මටනම් තේරුණේ.

 

 

Mains

Chicken Nai Miris Pizza (LKR 1450)

Arthur’s Pizzeria එකේ Chicken Nai Miris Pizza එකනම් නියමම නියමයි. chicken, cheese සහ විශේෂයෙන්ම නයි මිරිස්, Pizza එකේ topping එකට එකතු කරලා තිබුණා. Pizza එකේ හැම slice එකක්ම මම ගොඩක් රසවින්දා. ඔයා කුළුබඩු රසට කැමති කෙනෙක්නම් ඒ වගේම නයි කොච්චි සැරට,රසට කැමති කෙනෙක් නම් මේ Chicken Nai Miris Pizza එක අනිවාර්යයෙන් රසවිදලා බලන්න අමතක කරන්න එපා.

 

 

Bacon Annasi Pizza (LKR 1600)

Bacon Annasi Pizza කිව්වහම මේ මොකක්ද මේ කියලා ඔයාලා අනිවාර්යයෙන් හිතනවා ඇති. විශේෂයෙන්ම අන්නාසි කන්නේ නැති අයට මේ පිසා එකේ නම ඇහුන ගමන් කන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් විශ්වාස කරන්න මේ අන්නාසි Pizza එකනම් රසම රසයි. හොඳට cheese දාලා topping එකට bacon ගොඩක් දලා හදලා තිබෙන මේ අන්නාසි Pizza එක අන්නාසි වලට අකමැති කෙනෙක්ට කන්න හිතෙන විදිහට නියමටම හදලා තිබුණා.

 

 

Prawn Miris Pasta (LKR 880)

නමේ තිබෙන විදිහටම Arthur’s Pizzeria ඉස්සෝ සහ මිරිස් ඇතිවෙන්න දාලා තමයි මේ Pasta ගෙනත් දුන්නේ. මේ Pasta එක කුළුබඩු වලට ප්‍රිය කරන අයට තමයි ගොඩක්ම ගැළපෙන්නේ. cheese, olives, fresh herbs සහ විශේෂයෙන්ම මිරිස් topping එකට දාලා තමයි අපිට පිළිගන්වන්නේ.

 

 

Desserts

Chocolate Biscuit Pudding (LKR 320)

 

 

කට දන සැර කෑම කාලම මට පැණි රස දෙයක් කන්න ඕන වුණා. ඒ නිසා මම Arthur’s Pizzeria එකේ තිබෙන Chocolate Biscuit Pudding එක oder කළා. මේ Chocolate Biscuit Pudding එකනම් ඇත්තටම රසයි. chocolate sauce එක්ක serve කරපු මේ කුඩා Biscuit Pudding එක දිව්‍යලෝකේ ගියා වගේ හැගීමක් ගෙනවා. ඔයාලා Arthur’s Pizzeria එකට ගියහම මේ Chocolate Biscuit Pudding එක කන්න අමතක කරන්න එපා.

 

 

Ambience

Arthur’s Pizzeria එකේ ඇතුලත ආතර්ගේම පින්තූර වලින් සරසලා තමයි තිබුණේ. ඒ වගේ අභ්‍යන්තරය තරමක් ආලෝකයෙන් අඳුරු ස්භාවයක් ගන්නවා.එළිමහනේද ඉදගන්න පුළුවන් වෙන්න හදලා තමයි තිබෙන්නේ. හැබැයි කාර්ය මණ්ඩලය අපි බලාපොරොත්තු වුණාට වඩා අඩුවෙන් තමයි අගන්තුක සත්කාර කලේ. ඒ වගේම වගකීම් සම්බන්දයෙන් තැකීමක් කරන්නේ නැහැ කියලා තමයි මට තේරුණේ.

Fashion එකට heels දාගෙන ඇවිදින්නේ අපහසුවෙන්ද?

Heels කියන්නේ කාන්තාවන් කැමතිම විලාසිතාවක්නේ. විවිධ විදිහේ Heels අපි office යන්න party එකකට යන්න wedding එකකට එහෙමත් නැත්තම් වෙනත් function එකකට යන්න ඒ ඒ තැනට ගැළපෙන විදිහට භාවිතා කරනවා. Heels භාවිතය මගින් කාන්තාවන්ට ලොකු confidence එකක් ඇතිවෙනවා. ඒ වගේම වැඩිය උස නැති අයට ලොකු උදව්වක් වෙනවා මේ Heels භාවිතය. හැබැයි ඉතින් කොච්චර ලස්සන විලාසිතාවක් වුණත් මේ Heels පැළදීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.

හරි විදිහට Heels භාවිතා කරන්නේ නැත්තම් අපිට කාලයක් යනකොට කොන්දේ ආබාධ ඇතිවෙන්න ඉඩකඩ වැඩීයි. ඒ වගේම විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. මේ නිසාම ගැස්ම අපි Heels භාවිතා කරනකොට දැනගන්නම අවශ්‍ය tips කිහිපයක් ඔයාලා වෙනුවෙන්ම අරගන ආවා.

 

 

01.පහසු Heels භාවිතා කරන්න

ඔබ පළමු වරට Heels භාවිතා කරනවා නම් උසින් ගොඩක් වැඩි Heels භාවිතා කරන්න එපා. ඇවිදගන්න බැරිව ඔබට මේ විලාසිතාව එපා වෙන්න ඉඩකඩ වැඩීයි. මුලින්ම උසින් අඩු තමන්ට ඇවිදගන යන්න පහසු Heels මිලදී ගෙන භාවිතා කරන්න. මේ විදිහට ඔයාට පුළුවන් උසින් අඩු පාවහන් වලට මුලින් හැඩ ගැහිලා ටික ටික උසින් වැඩි පාවහන් වලට පුරුදු වෙන්න.

 

 

02.සෑම විටම විලුඹේ සිට ඇඟිල්ලි දක්වා ඇවිදින්න

විලුඹේ සිට ඇඟිලි දක්වා ඇවිදින ක්‍රමය තමයි සෑම විටම Heels භාවිතා කරලා ඇවිදින සාර්ථකම ක්‍රමය. අපි අඩිය තියනකොට මුලින්ම විලුඹ පොළවට තියලා තමයි ඇඟිලි පොළවට තියන්න ඕන. එහෙම ඇවිදනකොට ඔයාට සමබරතාවයක් ඇතිවෙනවා වගේම වැටෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා.

 

 

03.පඩිපෙල මත ඇවිදින ආකාරය ඉගෙන ගන්න

Heels දාගන පඩිපෙල මත ඇවිදින ආකාරය ඉගෙන ගන්න ද ක්‍රමයක් තිබෙනවා. අපි පඩිපෙල දිගේ පියවර කිහිපයක් ඉහළට යනකොට වැඩි පීඩනයක් අපේ පාදයේ ඉදිරිපස කොටසට යොදන්න වෙනවා.

පඩිපෙළ දිගේ ඇවිදිනකොට , එක් එක් පියවර මත අපේ පාද තදින් තැබීම මගින් සමබරතාවය පවත්වා ගන්න පුළුවන්. ඔයා පඩිපෙළේ ඉහළට හෝ පහළට ගියත්, යන හැම වෙලේම සෙමින් ඇවිදින්න වගබලා ගන්න.

දිගු වේලාවක් Heels දාගන සැපපහසු ලෙස ඇවිදින්න පොඩි රහස් උපක්‍රමයක් තිිබෙනවා. ඔයාට කරන්න තිබෙන්නේ Heels දා‍ගෙන ඇවිදිනකොට කුඩා පියවරවල් තියන්න පුරුදුවෙන එක . Heels දාගන ඇවිදිනකොට ඉක්මනටම මහන්සි දැනෙන්න ගන්නවා. ඒ වගේම Heels දා‍ගෙන ඇවිදින එක ඇත්තටම භයානක දෙයක්. කොහෙම වුණත් මේ මහන්සි දැනෙන එක වගේම භයානක බව මග ඇරගන්න පුළුවන් කුඩා පියවරවල් තියලා ඔයා ඇවිදින්න පුරුදු වෙනවානම් .

 

 

04.අමතර සහාය භාවිතා කරන්න

Heels භාවිතා කරනවා නම් Insoles සහ අමතර padding එකක් තිබෙන Heels මිලදී ගැනීම ඔයාට ලොකු පහසුවක් වේවි . Gel insoles සහ අමතර padding ඔබට වෙළඳපලෙන් මිලදී ගන්න හැකියාව තිබෙන අතර මේ දේවල් භාවිතය මගින පාවහන් නිසා ඇතිවෙන කැපීම්, තුවාල අවම කරගන් හැකියාව තිබෙනවා.

 

 

05.ඔබ ඇවිදින ඉරියව්ව නිවැරදි කරගන්න

ඔයා නිවැරදි ඉරියව්ව භාවිතා කරලා ඇවිදලා බලන්න ඔයාටම වෙනසක් තේරෙයි. මුලින්ම විලුඹ පොළවට තද කරලා ඇවිදීම තමයි නිවැරදිම ඉරියව්ව .මේ විදිහට නිවැරදිව ඇවිදීම මගින් ඔයාගේ ශරීරයේ බර ඒකාකාරව බෙදා හරින අතර ඇවිදීමේදී ඔබට සමබරතාවයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ඇවිදීම මගින් කොන්ද සහ හිස කෙලින් තබාගෙන ඇවිදින එක පහසු කරවනවා. ඒ වගේම Heels නිසා කොදුඇට පේළියට ඇතිවෙන හානිය නිවැරදි ඉරියව්වෙන් ඇවිදීම මගින් අවම කරනවා.

 

06.තමන්ට ගැළපෙන Heels භාවිතා කරන්න

හැම Heels fashion එකක්ම හැම කෙනෙක්ටම ගැළපෙන්නේ නැහැ. සමහර අය තමන්ට දාගන ඇවිදගන්නවත් බැරි තරම් උස Heels භාවිතා කරනවා .ආසාව තිබුණට තමන්ට පාලනයක් නැති පාවහන් පැලදීමෙන් වලකින්න. මොකද ඇත්තටම එක තමන්ගේ ශරීරයට හොඳ නැහැ. ඒ වගේම තමන් ඇවිදිනකොට අනතුරක් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩීයි. ඔයා ඔයාගේ පාදවලට වගේම ශරීරයට ආදරෙයි නම් තමන්ට ගැළපෙන තමන්ට හසුරවන්න ලෙහෙසි පහසු Heels භාවිතා කරන්න.

ඔයත් අංක 13ට බය කෙනෙක්ද?

අපි පොදුවේ එක එක දේවල් වලට බයයිනේ . කුමක් හෝ හේතුවක් නිසා මකුළුවන්ට, ලොකු උසකට, කැරපොත්තන්ට, කරුවලේ එළියට යන්න, බෙහෙත් විදිනවට වගේ විවිධ දේවල් වලට බයක් ඇතිකරගන තිබෙනවා .ඒත් ඇයි මේ මිනිස්සු අංක 13ට බය. අංක 13 කියන්නේ අනිත් අංක වගේම තවත් එක අංකයක්. අංක 13 සම්බන්ධයෙන් බය හිතෙන චිත්‍රපටි පවා නිර්මාණය වෙලා තිබෙනවා. සමහර ගොඩනැගිලිවල හිතාමතාම 13 වන මහල නිර්මාණය කරලා නැහැ. ඒ වගේම ගොඩක් අය 13 වන දිනයේ සුභ කටයුතු කිසිදෙයක් සිදු කරන්නේ නැහැ. මේ අංක 13ට ඇති බිය හඳුන්වන්නේ ට්‍රිස්කයිඩෙකෆෝබියා (triskaidekaphobia)වශයෙනි. කොහොම වුණත් හරියටම 13 අවාසනාවන්ත සංඛ්‍යාවක් බවට පත් වූයේ කවදාද යන්න පැහැදිලි කරලා නැහැ.

ඇත්තටම ඇයි පුද්ගලයින් අංක 13ට බය. මේ අනිසි බිය ඇතිවෙන්න එක හේතුවක් කියලා නැහැ. සමහරු එය බයිබලයට ආරෝපණය කර ඇති තිබෙනවා. ඒකට අනුව අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහයට පුද්ගලයන් 13 දෙනෙකු සහභාගී වූ අතර සමහරු අනුමාන කළේ මේසයේ සිටි 13 වන පුද්ගලයා යූදස් බවත් පසුව යේසුස්ව පාවා දුන් බවත්ය. කොහොම වුණත් මෙම සිද්ධාන්තය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. ඒ වගේම මිත්‍යා කතා වලද 13 දෙනා අවාසනාවන්තයි කියලා ඔප්පු කරලා තිබෙනවා. විද්‍යාඥයින් හා ගණිතඥයින් පවසන්නේ අංක 13 හි භීතිකාව ඇති වන්නේ එය අතාර්කික සංඛ්‍යාවක් වීම සහ 12 පරිපූර්ණ සංඛ්‍යාව වීම නිසා බවයි. මිත්‍යාව හා ගණිතය යන දෙකෙහිම සාධක එකතුවෙලා තමයි මේ සංඛ්‍යාව සෑම රටකම අපකීර්තියට පත්වෙලා තිබෙන්නේ. නමුත් ඉතාලිය, ඊජිප්තුව සහ චීනය වැනි වෙනත් රටවල 13 වාසනාවන්ත සංඛ්‍යාවක් ලෙස සලකනවා.

මෑතකදී කළ ඡන්ද විමසීම් හා අධ්‍යයනවලින් පෙනී යන්නේ ඇමරිකානුවන්ගෙන් 9-10% ක් පමණ අංක 13 ගැන මිථ්‍යා විශ්වාසයන් ඇතිකරගන සිටින බවයි. චීනයේ අංක 13 නරක යැයි සලකන්නේ නැහැ. ඒ වෙනුවට අංක 4 අවාසනාවන්ත ලෙස සැලකනු ලබනවා. අංක 4 ට ඇති බිය සඳහා යෙදුම ටෙට්‍රාෆෝබියා ලෙස හැඳින්වෙනවා.

අංක 13ට බය වීම සුළුපටු දෙයක් ලෙස පෙනුනත්, ට්‍රිස්කයිඩෙකෆෝබියාව යනු බටහිර සමාජයන්ට ආර්ථික වශයෙන් බලපාන ගැටලුවක් වෙලා තිබෙනවා. ඔවුන් ගේ මිථ්‍යා විශ්වාස නිසා සමහර අය ඕනෑම මසක 13 වන දින ව්‍යාපාර කටයුතු ප්‍රමාද කරන අතර සංඛ්‍යාලේඛනමය වශයෙන් මෙම මිථ්‍යා විශ්වාස නිසා ඕනෑම මසක 13 වන දින රැකියාවට නොයන අයද සිටින බව සදහන් වෙනවා.