Blog Page 7

Cosmotini Cocktails with Valerie …

 

https://www.youtube.com/shorts/-xV4oG5JLJo

අවශ්‍ය ද්‍රව්‍ය ….

වොඩ්කා 60 ml ක්
elderflower liqueur සිරප් 25 mlක්
ක්රැන්බෙරි යුෂ 50 ml ක්
අයිස් කැට 4ක්
චෙරි ගෙඩි 2ක්

සාදා ගන්නා ආකාරය …

වීදුරුවක් ගෙන එයට වොඩ්කා එක්කර ගන්න.
එයට elderflower liqueur සිරප් එකතු කරන්න.
ඉන්පසු එයට ක්රැන්බෙරි යුෂ හා අයිස් කැට එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
දැන් ඔබට පුළුවන් රසවත් කොස්මොටිනි කොක්ටේල් එකක රස විඳින්න.

බ්ලුබෙරි කොක්ටේල් …

https://www.youtube.com/shorts/SSp_Uv6R-Dk

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

බ්ලුබෙරි 6ක්
සුදු සීනි තේ හැඳි 2ක්
අයිස් කැට 4ක්
බ්ලුබෙරි රසැති වොඩ්කා 50 ml
සෝඩා

සාදා ගන්නා ආකාරය …

වීදුරුවක් ගෙන එයට බ්ලුබෙරි 4ක් එක්කර ගන්න.
එයට සුදු සීනි එකතු කර මිශ්‍ර කර ගන්න.
ඉන්පසු එයට අයිස් කැට සහ වොඩ්කා එක්කර ගන්න.
දැන් එම මිශ්‍රණයට සෝඩා එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
දැන් ඔබට පුළුවන් රසවත් බ්ලුබෙරි කොක්ටේල් එහෙක රස විඳින්න.

කාෂි හල්වා …

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

අළු පුහුල් කෝප්ප 2 1/2ක්
සීනි කෝප්ප 1 1/2ක්
එනසාල් කුඩු තේ හැඳි 1ක්
කජු
වියළි මිදි
ගිතෙල් මේස හැඳි 2ක්
ආහාර වර්ණක 1/8ක් (කහ වර්ණය )

සාදා ගන්නා ආකාරය ….

අළු පුහුල් ගෙන ග්‍රේට් කර පොඟවා ගන්න.
භාජනයක් ගෙන ලිපේ තබා එයට ග්‍රේට් කර ගත් පුහුල් එක්කර එයට සීනි එක්කර ගන්න.
මිශ්‍රණය හොඳින් හැඳි ගා එයට එනසාල් හා ආහාර වර්ණක එක්කර ගන්න.
නැවත භාජනයක් ගෙන එයට ගිතෙල් එක්කර එයට කජු හා වියළි මිදි එක්කරන්න.
කජු හා වියළි මිදි , පුහුල් මිශ්‍රණයට එක්කර ගන්න.
දැන් ඔබට පුළුවන් රසම රස කාෂි හල්වා රස විදින්න.

සක්කර පොංගල් …

https://www.youtube.com/shorts/lmW3ZNAc4Ls

අවශ්‍ය ද්‍රව්‍ය ….

කැකුළු සහල් කෝප්ප 1 ක්
මුං පියලි කෝප්ප 1/4 ක්
හකුරු 250g ක්
වතුර කෝප්ප 4 1/2 ක්
රත් කරන ලද කිරි කෝප්ප 1 ක්
එනසාල් කුඩු තේ හැඳි 1 ක්
ගිතෙල්
කජු
වියළි මිදී

සාදා ගන්නා ආකාරය ….

හකුරු 250gක් ගෙන හොඳින් උණු කර මිශ්‍රණයක් සාදා ගන්න.
මුං පියලි ගෙන කබලේ බැදගන්න.
කැකුළු සහල් කෝප්පයක් භාජනයකට එක්කර එයට බැදගත් මුං පියලි හා වතුර එක්කර පිස ගන්න.
එම මිශ්‍රණයට රත් කරන ලද එළ කිරි කෝප්පයක්, උණුකර ගත් හකුරු හා එනසාල් එකතු කර පිසගන්න.
තවත් භාජනයක් ගෙන එයට ගිතෙල් එක්කර කජු ,වියළි මිදි දමා හොඳින් බැදගන්න.
බැදගත් කජු හා වියළි මිදි ,පිස ගත් පොංගල් බතට එක්කර ගන්න.

පල්ගෝවා …

 

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

ගිතෙල් කෝප්ප 1 ක්
පිටි කෝප්ප 2 ක්
සීනි කෝප්ප 1ක්
කරදමුංගු 3ක්

සාදා ගන්නා ආකාරය ….

ගිතෙල් කෝප්ප 1ක් පාන් පිටි කෝප්ප 2ක් සමග හොඳින් මිශ්‍ර කර අඩු ගින්දරේ පිසගන්න.
සීනි කෝප්ප 1ක් කරදමුංගු සමග බ්ලෙන්ඩ් කර ගන්න.
බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය පිටි මෝලියට එකතු කර ගන්න.
එය හොඳින් මිශ්‍ර කර ට්‍රේ එකකට ඇසුරුම් කර ගන්න.
ඉන්පසු විනාඩි 30ක් ශීතකරණයේ තබන්න.
ශීතකරණයේ තබා අර ගත් පල්ගෝවා කොටු හැඩයේ කෑලි වලට කපා රස විදින්න.

තරහා පාලනය කරගන්න සිම්පල් විධි 07ක්…

මිනිස්සුන්ට විවිධ හැඟීම් තියෙනවා. දුක, සතුට, ආදරය වගේ විවිධ හැඟීම් මිනිස්සුන්ට දැනෙනවා. ඒ අතරේ ටිකක් නරකම දෙයක් තමයි තරහා කියන්නේ. කෝපය, ක්‍රෝධය, ද්වේශය වගේ සමාන තේරුම් තියෙන වචන මේ හැඟීමට කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ‘Anger’ කියල හඳුන්වන මේ හැඟීම බොහෝ වෙලාවට ඇති වෙන්නෙ කතාබහ නිසා හෝ ක්‍රියාවක් නිසා.

 

අපි සමාජයේ මිනිසුන් සමග නිරන්තරව ගැටීමේදී බොහෝ අවස්ථාවන්වලදී ද්වේශ සහගත හැඟීම්වලට අපි භාජනය වනවා.නමුත් ගැටුමක ආරම්භක අවස්ථාවක් ලෙස පුද්ගලයා තුළ තරහව ඇතිවීම මුල් අවස්ථාවන්වලදී වළක්වා ගැනීම තුළින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීමට අපට හැකි වනවා. ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි පුංචි පියවර හතක් ඔබේ හදගැස්මට අපි එකතු කරනවා.

‘කතා කරන්න කලින් හිතන්න’

 

වචනවලට කෙනෙක්ව ජීවත් කරන්නත්,කෙනෙක්ව එසැණින් මරා දමන්නත් හැකියාව තිබෙනවා. යම් අයෙකුට අප ආමන්ත්‍රණය කරන විට ඔහු හෝ ඇය සිටින මානසික මට්ටම සහ වටපිටාව හොඳින් තේරුම් ගැනීම මෙහිදී වැදගත් වනවා. අප පිට කරන වචන බොහෝ අවස්ථාවලදී ඒ මොහොතේ කෙනෙකුට කේන්තියක් ඇති නොකරන්නට පුළුවන්. නමුත් ඒ පුද්ගලයා පසුව කල්පනා කරන විට දී එය තරහව ඇති කරන වචන නම් ඒවා පිළිබඳව අප කෙනෙකුට කතා කිරීමට පෙර හොඳින් සිතා බලා වචන පිට කිරීම මෙහිදී වැදගත් වෙනවා.

තරහා පාලනය එහෙමත් නැත්තම් “anger management” කියන්නේ අද වෙනකොට ලෝකෙ වෙනම විෂයක්. මිනිස්සු කාර්යබහුල වෙනකොට කේන්ති එනවා. මතවාදී ගැටුම් එක්ක බොහෝමයක් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔබ නිතරම තරහා යන කෙනෙක් නම් ශරීරයට ඉතා කුඩා ව්‍යායාම දෙන්න ඔබට පුළුවන්. තරහා එන වෙලාවට එළියේ පොඩ්ඩක් ඇවිදින්න, උදේ හවස දුවන්න, තමන්ගේ සමීපතමයන් එක්ක එකතු වෙලා විනෝද වෙන වැඩ කරන්න, සිංදු අහන්න,පොත් කියවන්න මේ වගේ කුඩා ව්‍යායාම තරහා පාලනය කරගන්න ඉතාම වැදගත්.

හිත එක තැනකට ගන්න “භාවනාව”

 

ඔයාගේ ආගම මොකක් වුණත් එක තැනක ඉඳගෙන හුස්ම ගන්න එක ගැන විතරක් හිතලා දවසට විනාඩි 5 – 10ත් අතර භාවනා කරන්න පුළුවන් නම්, හිතේ කලබල ගතිය වගේම නිතර ඇති වෙන තරහව පාලනය කරගන්න පුළුවන්. තමන්ගේ මනස අවුල් වෙනකොට වගේම නිතර වැඩ ගොඩගැහෙනකොට තරහා එන්න පුළුවන්. ඒවා සන්සුන් මනසකින් කරනවා නම් ඒකට අවශ්‍ය පසුබිම භාවනාවෙන් ලැබෙනවා. එතකොට තරහව ඉබේම පාලනය වෙනවා.

තමන්ටම පුදුමකරවීම් දෙන්න

මේ කියන්නේ Self-Surprise ගැන. ඒ කියන්නේ, මහන්සි වෙන ඔයාට ඉඳහිට තනියම හෝ තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා එක්ක කෑමකට එළියට යන්න, ගමනක් යන්න, තමන්ට ලස්සන ඇඳුමක් ගන්න වගේ දේවල්වලින් තමාට තියෙන ආදරේ වැඩි කරගන්න පුළුවන්. මේක වක්‍රව තරහා පාලනය වෙන ක්‍රමයක්. තරහව නිතර එනකොට අපේ ඇඟේ ශක්තිය දහනය වනවා, හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ නිසා සතුටු වීම තමන් තුළම හදා ගන්නකොට ඒත් එක්කම නිතරම හිනා වෙලා ඉන්න පුළුවන්. එතකොට අනවශ්‍ය විදියට එන තරහව ඉබේම අඩු වෙනවා.

තරහව උපරිමේටම තියෙනවා නම් ඔයාට පුළුවන් විනෝදාංශයක් පටන් ගන්න. ඒක සෞන්දර්ය එක්ක බැඳුන දෙයක් නම් හොඳටම හොඳයි. ඒ වගේම සුරතලෙක් ඇති කරනවා නම් එයාල නිසා අපේ හිතේ තරහව අඩු වෙනවා. සුරතලුන් කියන්නෙත් තරහට හොඳ ඖෂධයක්.

මෙන්න මේ වගේ දේවල්වලින් ඔයාගෙ තරහා පාලනය කරගන්න පුළුවන්. තරහව නැති,සතුට පිරුණ ජීවිතයක් ඔයාටත් ලැබෙන්න මේ දේවල් උත්සහා කරලා බලන්න.

 

මීනු ගුණසිංහ

දැයේ හෙට දවසට සුදුසු පරිපූර්ණ නායකත්වයක් බිහිකිරීම වෙනුවෙන් අද දවසේ වෑයම…

AISEC සංවිධානය ලංකාවේ දැවැන්තම නායකත්ව සංවර්ධන වැඩසටහන සංවිධානය කිරීමට දායකත්වය දක්වනවා. තරුණ අංකුර නායකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම උදෙසාම පැවැත්වෙන Amplifier 2022 වැඩසටහන මෙලෙස ඔවුන්ගේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නක්.

AISEC Sri Lanka සංවිධානය, මෙරට තරුණ තරුණියන්ට ජාත්‍යන්තර සීමාවාසික පුහුණුව සහ නායකත්ව අත්දැකීම් ලබාගැනීම උදෙසාම පවතින ගෝලීය අවකාශයේ කොටසක්. 1948 වර්ෂයේ දී ආරම්භ කෙරුණු AISEC සංවිධානය රටවල් 110කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්තවී තිබෙන ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක්. තරුණ ශක්‍යතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තරුණයන් විසින්ම පවත්වාගෙන යන්නක් වීමත් මේ සංවිධානයේ විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ AISEC සංවිධානය 1995 වසරේ දී ආරම්භ කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර මව් සංවිධානයේ මෙරට ශාඛාවක් ලෙසිනුයි. මව් සංවිධානයේ සාමාජිකයකු ලෙස ක්‍රියාත්මක වෙමින්, ඔවුන්ගේ අවස්ථාවන් හරහා සම්බන්ධ වෙමින් ලෝකයේ යහපැවැත්ම සහ වඩා යහපත් හෙට දවසක් උදෙසා ධනාත්මක බලපෑමක් ඇතිකරමින් සිටිනවා.

AISEC Sri Lanka සංවිධානය මගින් පැවැත්වෙන Amplifier 2022 වැඩසටහන දෙසැම්බර් 4 සහ 6 දෙදින තුළ නිළ වශයෙන් ආරම්භ කෙරුණා. පාසල් හැරගිය සිසුන් සහ උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන් පිරිසක් මෙවර වැඩසටහනට සම්බන්ධ වී සිටිනවා. මේ වැඩසටහන යටතේ එළඹෙන ජනවාරි 15 වැනිදා දක්වා ඔවුන් මෙලෙස පුහුණුව ලබනු ඇති. Amplifier වැඩසටහන ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තරුණ තරුණියන් උදෙසා සමාරම්භක වැඩසටහන්, විවිධ සම්මන්ත්‍රණ සහ වැඩමුළු ගණනාවක් හරහා ක්‍රියාත්මක වෙමින් වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් පරිපූර්ණ තරුණ නායකයකු නිර්මාණය කිරීම උදෙසා ක්‍රියාත්මක වනවා.

Induction Day 01 (4th of December)

Induction Day 02 (6th of December)

Amplifier 2022 වැඩසටහනේ පෙළගැස්ම සකස් වී ඇති ආකාරය මෙසේයි.

Training 01 – 11th December 2022
Training 02 – 14th December 2022
Workshop – 18th December 2022
Assessment Day 01 – 21st December 2022
Assessment Day 02 – 8th January 2023
Open Discussion & Award Ceremony – 15th January 2023

වැඩසටහනේ පළමු වැඩමුළුව සහ පුහුණු සැසිය මගින් දැනුම් හුවමාරු කරගැනීම සහ විචාරාත්මක චින්තනය ඔස්සේ අභියෝගාත්මක අත්දැකීම් ලබාගැනීමට Amplifier සාමාජිකයින් හට අවස්ථාව සලසා දී තිබෙනවා. වැඩමුළුවේ සාමාජිකයින්‍ට තමන් උගත් දේ ප්‍රායෝගිකව පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලැබීමත් මෙහි තවත් විශේෂත්වයක්.

දෙවැනි අදියරේදී සාමාජිකයින්ට නායකයකු ලෙස සෙසු සාමාජිකයින්ට වගේම සාමාන්‍ය ජනතාවට තම අදහස් ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් ලබා දෙනවා. නායකත්වය සම්බන්ධ නොයෙක් විශයානුබද්ධ කරුණු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම මෙන්ම දෙවනුව එලෙස ඉදිරිපත් කෙරෙන අදහස් සහ මතවාද සැසඳීම සහ සමාලෝචනය කිරීම සිදුවෙනවා.

සමාජයීය ගැටළු නිරාකරණය සම්බන්ධයෙන් අත්දැකීම් ලබාදීම වෙනුවෙන් විශේෂ ක්‍රියාකාරකම් මේ වැඩසටහනට ඇතුළත්. පුහුණුව ලබන සාමාජිකයින් විවිධ කණ්‍ඩායම් වලට වෙන්කොට ඔවුන්ට සමාජීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී, එවැනි සිදුවීම් වලට ඔවුන්ගේ දායකත්වය කෙබඳුද යන්න නිරීක්ෂණය කෙරෙනවා. එම නිරීක්ෂණයන් අනුව අවසන් වැඩසටහනේදී සාමාජිකයින් ඇගයීම සිදුකෙරෙනු ඇති.

හෙට දවසට අවශ්‍ය බලවත් සහ ශක්තිමත් නායකයකු බවට පත්වීම උදෙසා සාමාජිකයින් දිරිමත් කිරීම මේ වැඩසටහන ඔස්සේ Amplifier අපේක්ෂා කරනවා. ඔබත්, ලෝකයේ පවතින සමාජ ගැටළු විසඳීම කෙරෙහි උනන්දුවක් දක්වන අයෙකු නම්, නායකයකු ලෙස ඉදිරියට පැමිණීමට කැමැත්තක් ඇති අයෙකු නම් සහ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ඇති අයෙක් වීමට කැමති නම්, AISEC Amplifier 2022 සමගින් සම්බන්ධ වන ලෙස ඔවුන් ඇරයුම් කර සිටිනවා.

 

 

 

 

 

 

 

ගෘහස්ථ ප්රචණ්ඩත්වය වළක්වන්නට උපදෙස් කිහිපයක්…

මිනිස්සු ජීවිතේ තමන්ගේ කුඩාම ඒකකය විදියට පවුල එක්ක විශාල බැඳීම් සමුදායක් නිර්මාණය කර ගන්නවා. සාමන්‍ය නිවසක් ගෘහයක්, එහෙමත් නැතිනම් නිවහනක් වෙන්න ඊට බලපාන බොහෝමයක් කරුණු කාරනා එකතු වෙනවා. තේරුම් ගැනීම, එකිනෙකාට ආදරය කිරීම, ගරු කිරීම වගේ දේවල් සාමාන්‍ය නිවසක් නිවහනක් කරනවා. නමුත් මේ බැඳීම්,ගරු කිරීම් නැති තැන, එකිනෙකා තේරුම් නොගත් තැන ගැටුම් නිර්මාණය වෙනවා. ක්‍රමයෙන් වචන, හැසිරීම් නිසා එය ප්‍රචණ්ඩත්වක් කරා වර්ධනය වෙනවා.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙන්නෙ එතනින්. එකිනෙකාගේ නිදහස, අයිතීන් අහිමි කරවීමත් මේ තුළ පවතින දෙයක්. ලෝකයේ සිදු කර තිබෙන සමාජ විද්‍යාත්මක් පර්‍යේෂණවලින් හෙලි වී තිබෙන ආකාරයට සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් වගේම සෑම පිරිමින් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට භාජනය වෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වා ගන්නට ක්‍රමවෙද බොහෝමයක් තිබෙනවා. ඒවා සාර්ථකව සිදු කළොත් ඉතා සතුටින් වගේම නිදහස් මානසිකත්වයක් නිර්මාණය කරගන්න ඔබටත් පුළුවන්.

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙන්න බලපාන ප්‍රධාන කාරණයක් තමයි සමාන අයිතීන් ගැන නොදැනුවත්කම. හැම සමාජයකම සංස්කෘති සහ වටිනාකම එක්ක කාන්තාවන් සහ පිරිමින්ට ජීවත් වීමේ ක්‍රමවේද ගැන කතාබහ කරනවා.නමුත් වර්තමානයේ පුද්ගල නිදහස සෑම දෙනාටම පොදුයි. තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා ගැන හරියට අවබෝධ කර ගැනීම හරහා බොහෝමයක් ගැටලු අවම කරගන්න පුළුවන්.

බොහෝ වෙලාවට නිවසේ සාමාජිකයන් කාර්‍යබහුල නිසා එකිනෙකාගේ ප්‍රශ්න ගැන, ඕනෑ එපාකම් ගැන කතා කරන්නෙ නෑ. අවබෝධය නොමැති තැන ගැටලුවකදී තව කෙනෙකුට අවාසිදායක වෙන හෝ අවැඩක් වෙන තීරණ ලැබෙන්න පුළුවන්. ඒ නිසා දිනකට පුංචි වේලාවක් තමන්ගේ පවුලේ සාමාජිකයන් එක්ක කතා කරන්න, දුක සැප බෙදාගන්න, ඔවුන්ව වැළඳගන්න වෙන් කිරීම ගැටලු අවම ජීවිතයක් ගත කිරීමට හොඳ පියවරක්.

 

 

පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කාන්තා පිරිමි භේදයකින් තොරව දෙදෙනාම මහන්සි වෙන්නට හැකි නම් ආර්ථික ප්‍රශ්න නිසා ඇති වෙන ගැටලුවලදී ඇති විය හැකි ගැටුම් අවම කර ගත හැකියි. ඒ වගේම අනවශ්‍ය ලෙස එකිනෙකා සැක කිරීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇති වීමට ප්‍රබල සාධකයක්. විවෘතව තම පවුලේ අය සමඟ අදහස් හුවමාරු කරගන්නටත් අනෙකාගේ තත්ත්වය තේරුම් ගන්නටත් උත්සහයක් හෝ දරනවා නම් එය ඉතාම ඵලදායි වනවා. ඔබේ බිරිඳ හෝ සැමියා දුකෙන් හෝ පීඩනයකින් සිටිනවා ඔබට දැනෙනවා නම් ඔවුන්ට කතා කරන්න. ආදරය මේ සඳහා හොඳ ඖෂධයක්. ආදරයෙන් තම දරුවන්ට, බිරිඳට සැමියාට හෝ නිවසේ සිටින අනෙක් සාමාජිකයන්ට කතා කිරීම ම බොහෝ ගැටලු අවම කර ගත හැකි පියවරක්.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම සඳහා ඉතා කුඩා පියවර කිහිපයක් ප්‍රමාණවත්. ඔබේ ආදරණීයයන් තේරුම් ගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඔබේ යම් කුඩා කුඩා කැප කිරීමක් පවා ජීවිතය සුන්දර තැනක් බවට පත් කරන්නට හේතු වෙයි.

 

මීනු ගුණසිංහ

වසරේ විශාලතම sale එකට set වෙලා හොඳම deal එක ඔයාගේ කරගන්න…

නොවැම්බර් 11 වැනි දින සිට නොවැම්බර් 17 වැනි දා දක්වා සියලුම පාරිභෝගිකයන්ට හිතාගන්න බැරි වට්ටම් සහ සුවිශේෂී ත්‍යාග පිරිනමන්න Daraz 11:11 සූදානම්!

මේ sale එකෙන් Darazහි හවුල්කාර සමාගම් විසින් 85% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් වගේම උද්යෝගීමත්වූත් විනෝදාත්මකවූත් අත්දැකීම් රැසක් සමීප කරන්න ලෑස්තියි.  විශේෂ තෑගි දිනා ගනිමින් හිතේ හැටියට shopping කරන්න කදිම අවස්ථාවක් මෙයින් උදාවෙනවා.

2015 දී ආරම්භ කළ Daraz, බොහෝ දුරක් පැමිණි ගමන් මඟ සමඟින් අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම e-commerce platform එකක් බවට පත්වී තිබෙනවා. උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවි කරන්නන් 250,000කට අධික සංඛ්‍යාවක් සිටින Daraz යනු, ශ්‍රී ලංකාවේ online shopping සඳහාම නව මුහුණුවරකින්  පාරිභෝගිකයන්ට අපූරු අත්දැකීමක් තිළිණ කරන දැවැන්ත වේදිකාවක්.

 

හොඳම deals දැන් Daraz එකෙන්

 

Daraz විසින් ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඇඳුම් පැළඳුම්, රූපලාවණ්‍ය බඩුමුට්ටු සහ තවත් බොහෝ දේ ඇතුළුව මිලියන හයකට අධික නිෂ්පාදන සඳහා වට්ටම් රැසක් පිරිනමන්න සූදානම්.

තෝරාගත් බැංකු කාඩ්පත් සඳහා 10% ක අමතර වට්ටමක් ද, ප්‍රියතම වෙළෙඳ නාම සඳහා වට්ටම් වගේම ඩිලිවරි ගාස්තු නැතුවම භාණ්ඩ ගෙන්වා ගැනීම වැනි වාසි රැසක් Daraz 11.11 Sale වෙතින් ඔබට හිමිවෙනවා. ඒ වගේම මෙවර “11.11” ප්‍රවර්ධන වැඩසටහන මගින් තෝරාගත් බැංකු කාඩ්පත් හිමියන් වෙත මාස 40ක පහසු ගෙවීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක වෙනවා.  ඉතින් ඔන්න ඔයාට පුළුවන් එකවර ගෙවීම් කරන්න අපහසු නම් ටිකෙන් ටික ගෙවලා හිතේ හැටියට මේ නොවැම්බර් මාසයේ shopping කරන්න.

 

මේ තියෙන්නේ ඔයාට අතපසු කරන්න බැරි හොඳම deals

 

  • Fashion and Lifestyle

Daraz වෙතින් Spring and Summer, Nature’s Secret, Reckitt Benckiser, සහ Blink International යන වෙළෙඳ නාමයන්වල මිලදී ගැනීම් සිදු කිරීමේදී 20% ක විශේෂ මිල අඩුකිරීමක්. මේ වට්ටම් නිසා බිල් එක ගැන කරදර වෙන්නේ නැතිවම ඔබට අවශ්‍ය සියලු රූපලාවණ්‍ය නිෂ්පාදන වගේම කැමතිම ඇඳුම් පැළඳුම් මිලදී ගන්න හැකියාව තිබෙනවා.

 

  • Home and electronics

Daraz app එක හරහා iPhone 14 Pro (128 GB), MacBook M2, සහ  Apple Watch 7 සහ 8 සඳහා මිලදී ගැනීමේදී රුපියල් 25,000 ක වට්ටමක් පිරිනැමෙනවා.  ඒ වගේම තමයි රුපියල් 73,900කට  මිලදී ගන්නා  Apple 3rd generation Air Podsවලට ඔබට නොමිලේ Air Pods case එකක් ලැබෙනවා.

Daraz හරහා Canon කැමරාවක් මිලදී ගන්නා ඔබට Canon විසින් රුපියල් 99,990 ක් වටිනා Canon IXUS 185 කැමරාවක් දිනාගැනීමේ වටිනා අවස්ථාවක්ද ලබා දී තිබෙනවා.

 

  • Big Eleven මෙගා ඩීල්ස්

මේ අවුරුද්දේ Daraz වෙතින් Big Eleven මෙගා ඩීල්ස් හඳුන්වා තිබීම තවත් විශේෂත්වයක්.  Big Eleven මෙගා ඩීල්ස් හරහා මේ season එකට විශාලතම වට්ටම් වගේම මේ නොවැම්බරයේ ඔයා shopping කරන භාණ්ඩ සඳහා විශාල ඉතුරුවක් හිමිකර දෙනවා.

 

  1. Spring and Summer
  2. Natures’ Secret
  3. Reckitt Benckiser
  4. Marvel Marketing: Minimum 30% off
  5. LEGO: 25% off
  6. Mobil: Flat 8% off
  7. Phoenix Industries: 40% off
  8. Alumex: Flat 50% off on ladders
  9. Blink International
  10. Apple
  11. Canon

 

Daraz හරහා සිදු කරන සියලුම මිලදී ගැනීම් මෙම වට්ටම් සඳහා සුදුසුකම් ලබන අතර ඉහත දැක්වෙන වෙළඳසැල් යටතේ ඇති නිෂ්පාදන සියල්ලටම ඔවුන් විසින් වට්ටම් ලබා දෙනවා. ඉතින් Daraz හරහා සිදුකරන මිලදි ගැනීම්වලදී මේ වෙළදනාමයන් යටතේ භාණ්ඩ මිලදීගෙන මේ අනඟි අවස්ථා හිමිකරගන්න අමතක කරගන්න එපා.

 

බැංකු කාඩ්පත්වලට Daraz online shopping මඟින් ලැබෙන වට්ටම්

 

ඔබේ ගෙවීම් කිරීමට ඔබට ඕනෑම කාඩ්පතක් භාවිතා කිරීමට හැකියාව මෙහිදී ලැබෙනවා.

Daraz virtual checkout එකේදී ඕනෑම බැංකුවක වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පතකට මුළු බිලෙන් 10% ක වට්ටමක්.

ඒ වගේම Mastercard භාවිතා කරන්නන්ට ඔවුන්ගේ බිල්පත් සඳහා 12% ක වට්ටමක්.

වෙළෙඳසැල්වලින් ලබාදෙන වට්ටම්වලට අමතරව මෙම බැංකු වට්ටම් ද හිමිවෙන නිසා මෙදා පාර ඔබට වැඩියෙන් shopping කරන්න අවස්ථාව උදාවෙනවා.

 

තරඟ සහ සුවිශේෂී ත්‍යාග

 

වට්ටම් හැරුණු විට ඔබ වෙනුවෙන්ම Daraz 11:11 මඟින් සුවිශේෂි තෑගි දිනා ගැනීමට විනෝද ක්‍රීඩා රැසක්.

 

  • Wheel of Fortune

රැපියල් 1,000 ට වැඩියෙන් shopping කරලා ඩුබායි සංචාරයක් දිනාගන්නත් chance එකක් ඔන්න ඔබට තියෙනවා. නොවැම්බර් 17 වනදා දක්වා  රුපියල් 1,000 ට වැඩියෙන් Shopping කරන ඔයාලාට Spin the Wheel of fortune එකට ඇතුල් වෙලා ඩුබායිවලට full board trip එකක් හිමිකරගන්න පුළුවන්.

 

  • Midnight Rush Hour

May be a cartoon of 1 person and text that says '11.11 Rush Hour % 15 % Up to Rs. 1,111 0 12:30 AM imepay Sale starts Midnight, 11th November nio 11,111 VOUCHER'

නොවැම්බර් 11 වනදා සිට 17 වනදා දක්වා රාත්‍රී 12 සිට පාන්දර 3 වෙනකන් Midnight Rush hour පැවැත්වෙනවා. මෙම කාලය තුළ Daraz mobile app එක හරහා ඔබ මිලදී ගන්නා භාණ්ඩ සඳහා free shipping vouchers සහ රුපියල් 24,000 දක්වා වට්ටම් ලබාගන්න.

වර්තමාන ජීවන වියදම සහ ආර්ථික තත්වය ඉහළ යාමත් සමග නවීන විදියට shopping කරන්න ඉතාමත් ආකර්ෂණීය සහ වෙහෙසකින් තොර විකල්පයක් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන්න Daraz තුළින් හැකියාව ලැබී තිබෙනවා.

මෙම සුවිශේෂී වැඩසටහනේ කොටස්කරුවෙකු වී සිත් ඇඳගන්නා සුළු ත්‍යාග දිනාගෙන ඔබට සහ ඔබගේ ආදරණීයන් සඳහා අවශ්‍ය හැමදේම එකම තැනකින් මිලදී ගන්න.

අදම Daraz App ඩවුන්ලෝඩ් කරලා ඇඳහිය නොහැකි mega deals සහ වට්ටම් දිනාගන්න!

Download on App Store: https://apple.co/3A4NNSo
Download on Google Play: https://bit.ly/3Trcqzx
Download on Huawei App Gallery: https://bit.ly/3EnJwfo

ලස්සනට ඉන්න කැමති ඔබ දෙපා ගැනත් සැලකිලිමත්ද? …

දෙපා නිරෝගීව තබා ගැනීම ඔබේ සෞඛ්‍යයට බලපාන බව ඔබ දැන සිටියා ද ?කාන්තා ඔබ වගේම පුරුෂ පාර්ශවයත් අවධානය යොමු කළ යුතු පොදු තත්ත්වයක් තමයි යටි පතුල් පැලීම කියන්නෙ. ඉතින් ගැස්ම අපි අද කතා කරන්න හිතුවා විලුඔ එසේත් නැතිනම් යටි පතුල් ඉරිතැලීම නිසා ඔබ විදින ශාරීරික අපහසුතාව පිළිබදව කතා කරන්න.මේ කියන්න යන්නෙ යටි පතුල් පැලෙන්නෙ ඇයි කියන හේතුව වගේ ම යටි පතුල් පැලීම නිසා වේදනාකාරීව ඉන්න ඔබට නිවසේ දී ම කරන්න පුලුවන් පහසු ප්‍රතිකාර ක්‍රම මොනවද කියල.
ඔබේ දෙපා වලට විශේෂ අවධානයක් ලබා දීම අනිවාර්යෙන් ම කළ යුතු දෙයක් .දෙපා ලස්සනට තබා ගැනීම මෙන් ම පිරිසිදුවට තබා ගැනීම නිසා ඔබට සිදුවන අපහසුතා වගේ ම ඔබේ නිරෝගී බවත් රැකගන්න පුලුවන්.

 

 

යටි පතුල් පැලීම සිදුවන්නේ ඇයි
1.ඔබ වියළි සමක් ඇති පුද්ගලයෙක් නම් ඔබේ සමේ තෙතමනය අඩු වූ විට
2.විටමින්ඛනිජ ලවණ හා සින්ක් ඌණතාවය නිසා
3.අධික බර තරබාරු බව නිසා කකුල් මත ඇති තෙල් ග්‍රන්ථි මත ඇති වන තෙරපුම් නිසා
4.දියවැඩියාව තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්ත්ව නිසා
5.උෂ්ණාධික ආහාර අනවශ්‍ය ලෙස ලබා ගැනීම නිසා
6.එකම ඉරියව්වකින් වැඩි වේලාවක් සිටගෙන වැඩ කිරීම

යටි පතුල් පැලෙන්න මෙන්න මේ වගේ හේතු ගොඩාක් තියෙනවා.මේ හේතු විවිධ තත්ත්ව තුළ ඔයාට බලපානවා වෙන්න පුලුවන්.සමහරවිට වියළි දේශගුණික තත්ත්ව වල මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.මේ හේතු වලින් එකක් හරි ඔයාට බලපාලා තියෙනවා ඇති .මේ වේදනාකාරී අත්දැකීමෙන් මිදෙන්න නම් …..
දෙපා වල පිරිසුදුකම ගැන නිතරම හිතන්න.

යටි පතුල් පැලීම සුව කරගත හැකි ස්වාභාවික ප්‍රතිකාර මොනවාද?

 

 

01.ලෙමන් ලෙලි සත්කාරය
• සාමාන්‍ය ප්‍රමාණයකින් යුතු ලෙමන් ගෙඩියක යුෂ මිරිකා හැර ලෙල්ල අරගන්න.
• එම ලෙල්ල මේස් එකක් ආධාරයෙන් විලුඔ වැසෙන ලෙස පැයක් පමණ තබන්න.
• ලෙමන් වල ඇති සංඝටක නිසා වියළි හා ඉරි තැලුනු සම ඉවත් කරයි.
02.ලෙමන් යුෂ සත්කාරය
• ජලය සහිත භාජනයකට ලෙමන් යුෂ එකතු කර විනාඩි 20 පමණ දෙපා තබා ගන්න.
• ඉන්පසු ස්ටෝන් එකක් ආධාරයෙන් යටි පතුල් හොදින් ස්ක්‍රබ් කරන්න.
• යටි පතුල් හොදින් සෝදා පිරිසිදු තුවායකින් වියළා ගන්න.

 

 

03.රෝස වතුර සහ ග්ලිසරින් සත්කාරය
• රෝස වතුර සහ ග්ලිසරින් යටි පතුල් සදහා හොද ප්‍රතිකාරයක්.ග්ලිසරින් සම මෘදු කරනවා වගේ ම රෝස වතුර වල අඩංගු සංඝටක සම සුවපත් කරයි.
• රෝස වතුර ග්ලිසරින් සමාන ප්‍රමාණයක් මිශ්‍ර කර දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර යටිපතුල් වල ආලේප කර හොදින් පිරිමදින්න.

 

04.කහ සහ මී පැණි සත්කාරය
• මී පැණි මේස හැදි 01 ,කහ තේ හැදි 02 ට ,අබ තෙල් මේස හැදි 01 mix කරලා යටි පතුල් වල ආලේප කරලා පැය භාගයකින් සෝදා හරින්න.

 

05.කෙසෙල් සහ පොල්තෙල් සත්කාරය
• පොල්තෙල් මේස හැදි 03 ට හොදට පොඩි කරගත්ත කෙසෙල් ගෙඩි 02 දාලා mix කරගන්න.
• දෙපා වල තවරා විනාඩි 20 සෝදා හරින්න.

 

 

06. එළකිරි සත්කාරය
• හරිම ලේසි ක්‍රමයක් ඔයාට කරන්න තියෙන්නෙ එළකිරි ටිකක් අරගෙන ඔයාගෙ පැලුනු යටි පතුල් වල ආලේප කරල විනාඩි 30 පස්සෙ සෝදා හරින්න.

එදිනෙදා කටයුතු කරගෙන යාමේදී සිදුවන පැලීම් නිසා විවිධ ආසාදන ඇතිවිය හැකියි.මේවා ගැන සැලකිලිමත් නොවී සිටියහොත් කුනු දූවිලි ඇතුලු වීම නිසා විවිධ ආසාදන තත්ත්ව සිදු විය හැකියි.මීට අමතරව හොදින් ජලය පානය කිරීම ,ශරීරය සිසිල් කරන ආාහාර භාවිතා කිරීම, දිනපතා ස්නානය කිරීමත්, යටි පතුල් පිරිසුදුව තබා ගැනීමත් යන කරුණු කෙරෙහි වැඩි අවදානයක් පවත්වාගතහොත් ඔබට පැලුන දෙපා සුව කරගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

 

සිතාරි නිමේෂා මහීපාල

ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කළ හැකිද?…

ජලභීතිකාව නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට පිස්සු බලු රෝගය කියන්නෙම 100% මාරාන්තික රෝගයක්. ඒ වගේම 100%ක් වළක්වාගත හැකි තත්වයක්. නමුත් ජලභීතිකාව සම්පූර්ණයෙන්ම තුරන් වූ මට්ටමට පැමිණීමට ලංකාව මේ වනවිටත් සමත්වී නැහැ. ලෝක ජලභීතිකා දිනයට ( World Rabies Day) සමගාමීව ලෝක මට්ටමින් ජලභීතිකාව තුරන් කිරීම පිණිස විවිධ ව්‍යාපෘතීන් දියත් කෙරෙනවා. ජලභීතිකා රෝග මර්ධන කටයුතු වල ඉතිහාස 1893 – 1904 අතර කාලය දක්වා දිවයන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. ශ්‍රී ලංකාවේද ජලභීතිකා පනත සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත ක්‍රියාත්මක කෙරුණු කාල වකවානුව ගැන සළකා බැලුවොත් මෙරට ජලභීතිකා රෝගය පැතිර යාමටත් එවැනිම ඉතිහාසයක් ඇති බව තහවුරු වනවා.

 

ජලභීතිකා රෝගය ලෝකය පුරා ව්‍ යාප්තව පවතින්නක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මානව ජලභීතිකාව සතුන් මගින් බෝවන රෝගී තත්වයක්. ක්ෂීරපායි සත්වයන් ජලභීතිකා රෝගයේ රෝග වාහකයින් වන අතර ගෘහස්ත බළලුන් සහ සුනඛයින් මෙහිදී මූලික රෝග වාහකයින් ලෙස සැලකෙනවා. ඊට අමතරව ලේනුන්, දඬු ලේනුන්, රිලවුන්, මුගටියන්, වඳුරන් සහ හාවුන් වැනි සතුන් මගින්ද ජලභීතිකා රෝගය ව්‍යාප්ත විය හැකි බවට තොරතුරු තහවුරු කොටගෙන තිබෙනවා. සතෙකු සපාකෑම මගින් වගේම විවෘත තුවාලයක් ආසාදිත සතෙකු විසින් ලෙවකෑමක් හෝ නැතිනම් සමේ මෘදු සහ සංවේදී ස්ථානයක් ආසාදිත සතෙකුගේ ලෙවකෑමකට ලක්වුවහොත් මෙම රෝගය ආසාදනය වීමේ අවදානමක් පවතිනවා.

 

රෝගය වැලැක්වීම පිණිස ලෝක මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙහි මූලික පියවරක් ලෙස ගෘහාශ්‍රිත සතුන් වෙත එන්නත් ලබාදීම සිදුවනවා. වයස සති තුනත් පහත අතර වන ගෘහාශ්‍රිත බළලුන්, බල්ලන් ඇතුළු ක්ෂීරපායි සුරතලුන් එන්නත්කරණයට ලක්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබාදී තිබෙනවා. මේ මූලික පියවරට අමතරව වීදි සතුන් ගහනය පාලනය කිරීම සඳහා වන්ධ්‍යකරණ සැත්කම් ක්‍රියාත්මක කිරීම සහ එවැනි අයිතිකරුවන් නොමැති සතුන්ට අදාළ එන්නත් ලබාදීමේ ව්‍යාපෘති ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වනවා.

 

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝග පාලන වැඩසටහන් ක්‍රියාත්මක වීම දශක ගණනාවක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්. වීදි සතුන් මෙන්ම ගෘහාශ්‍රිත සතුන්වද එන්නත්කරණයට ලක්කිරීම රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත වලට අනුව මෙම වැඩසටහන් සඳහා රජය විශාල මුදලක් වාර්ෂිකව වැයකරන බව සඳහන්. එමෙන්ම මහජන දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම මගින් රෝගය සහ රෝගය වලක්වා ගැනීම පිළිබඳව ජනතාව තුළ අවබෝධයක් ඇතිකරවීම සිදුවනවා. 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 59,000ක් පමණ වනවා. ජලභීතිකා තත්වයට මුහුණදුන් ප්‍රමාණය මිලියන පහක් පමණ වන බවත් සඳහන්. කෙසේ නමුත් ලංකාවේ ජලභීතිකා මර්ධන ක්‍රියාවලියේ තත්වය පිළිබඳව සාපේක්ෂව සතුටු වියහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත අනුව පෙනී යනවා. මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසන අන්දමට 2019 වසරේ අගදී වාර්තා වී තිබූ ජලභීතිකා මරණ ගණන 30ක් පමණ වුනා. වසරකට සුනඛයින් මිලියන 1.5කට පමණ එන්නත්කරණය සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත තහවුරු කරනවා. 2020 වනවිට ජලභීතිකා රෝගය සහමුලින්ම තුරන් කිරීමට සැළසුම් කර තිබූ නමුත්, කොරෝනා වසංගතය සහ විවිධ සෞඛ්‍යමය හේතූන් නිසා එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙනවා. කෙසේ නමුත් 2025 වසර වනවිට ජලභීතිකාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටවල් අතරට එක්වීමට ශ්‍රී ලංකාවටද හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

 

එන්. වෙහෙරදූව

දූරියන් කේක් | Durian Cake…

https://www.youtube.com/shorts/A85lTlUuPuo
අවශ්‍ය ද්‍රව්‍ය …

ඇට ඉවත්කර ගත් දූරියන් ගෙඩියක්
මාගරින් 125g
සීනි 125g
බිත්තර 2ක්
දූරියන් කෝප්ප 1 1/2ක්
වැනිලා තේ හැඳි 2ක්
පිටි 125g
බේකින් සෝඩා තේ හැඳි 1/2ක්

සාදාගන්නා ආකාරය …

දූරියන් ගෙඩියක් ගෙන ඇට ඉවත් කර ගන්න.
දැන් භාජනයක් ගෙන මාගරින් හා සීනි එක්කර මිශ්‍ර කර ගන්න.
එයට බිත්තර එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
දැන් එම මිශ්‍රණයට දූරියන් මිශ්‍රණය එකතු කර ගන්න.
එයට වැනිලා එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
දැන් එයට පිටි හා බේකින් සෝඩා එකතු කරන්න.
නැවතත් හොඳින් මිශ්‍ර කරන්න.
දැන් එම කේක් මිශ්‍රණය භාජනයකට දමා විනාඩි 35ත් 40ත් අතර කාලයක් සෙල්ෂියස් අංශක 150 ක උෂ්ණත්වය යටතේ බේක් කරගන්න.