Blog Page 20

Tik Tok එක්ක ජිවිතේ වෙනස්ම විදිහට Design කරමු ද ?

ටික් ටෝක් කියන්නේ තාරුණ්‍යයේ උන්මාදය. ඔයා මොකද හිතන්නේ ඒ ගැන ? තාරුණ්‍යය අතර විතමක් ම නෙමෙයි ඉතින්. ටික් ටෝක් ගොඩක් අයගේ ජිවිත අලුත් පෑනකින් ලියෙව්වා. සමහරු පාට පාට පෑන්වලින් ජිවිතේ Design කර ගනිද්දී සමහරු කළු පෑනෙන් ම ජිවිත කතා Design කර ගත්තා. ඔයාට තේරුණේ නැද්ද ඒක ?

අහන්නකො …

ටික් ටොක් එක්ක ගොඩක් අය එයාලගෙ ජීවිත වෙනස් කර ගත්තා.අලුත් ම විදිහකට. හැබැයි ටික් ටොක් නිසා සමහරු කළු පැල්ලම්, නැත්තම් අදුරු පැල්ලම් ජීවිතේට ලං කර ගත්තා. මොනවා වුනත් ගැස්ම කියවන ඔයාට මං කියන්නෙ ටික් ටොක් එක්ක ජිවිතේ වෙනස් ම විදිහකට , අලුත් ම විදිහකට ලියන්න කියලා.

 

ඔයා කැමති නටන්න ද ? සින්දු කියන්න ද ? රඟපාන්න ද ?

Some Professional Dancers Let It Go on TikTok: 'Is This the Future?' - The New York Times

ටික් ටෝක් එක්ක ඔයා කැමති මේ වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් . ඔයාගේ කැමැත්ත එක්ක .
දැනටමත් ඔයා ටික් ටොක් කරනවත් ඇති ඉතින් ….. ඉස්සර ටක් ටික් ටුක් කියලා අල්ලන සෙල්ලම්, හැන්ගිමුත්තන් කරපු අතීතයක් සුළුතරයකට තිබ්බට අද කාලේ ඉන්න බහුතරයකට ඒවා ආගන්තුක දේවල්. ඒත් ටික් ටෝක් එක්ක නම් අද බහුතරය මාරම ලෙන්ගතුකමක් ඇති කරන් ඉන්නවා. ඒ ගැන ආයෙ වචන දෙකක් නෑ ඉතින්. මොන දේ වුනත් ඔයා ඔයාගේ ප්‍රතිරූපයට හානියක් නොකර ගන්න තැනට වගබලා ගන්න ඕනමයි.

ඔයා හදා ගත්ත ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්න, ප්‍රතිරූපය වෙනස් විදිහකට ගොඩ නගා ගන්න, ප්‍රතිරූපය නැති කර ගන්න එකත් ඔයාගේ අතේ ම තියන වැඩක් . අන්න ඒ දේ නම් හොදට මතක තියාගන්න. ගොඩක් අයට අමතක වෙන දෙයත් , මතක තියා ගත යුතුම දෙයත් , වැදගත් ම දෙයත් අන්න ඒක තමයි. ටික් ටෝක් කරනවා නම් හොද සිහි බුද්ධියෙන් කරන්න ඕන. තමන් කවුද ? කරන්නේ මොනව ද ? කියන දේ ඔයාට අමතක වෙනවා නම් ඔයා කාන්තාරයක අතරමන් වුනාටත් වඩා අසරණ වෙනවා. කවුරුත් කරන නිසා ඔයා ටික් ටොක් කරන්න ඕනේ නෑ . ඔයාගේ කැමැත්ත, ආසාව ටික් ටෝක් එක්ක නම් කවුරුත් නිසා ඔයා ඒකට තිත තියන්නත් එපා. ඔයාගේ ජිවිතේ අයිති ඔයාට නම් සමාජයට ඕන විදිහට ඔයාගේ ජිවිතේ තීරණ ගන්න එපා. සමාජේ තීරණ ගන්න පළවෙනි නිර්ණායකය කර ගන්න එපා. ලෝකේ පුරාම හැම අස්සක් මුල්ලක් නෑරම ටික් ටෝක් බද්ධ උනා කියන දේ හොදට ම පේනන තියන දෙයක්. ඉතින් අපේ ලංකාවේ තත්ත්වෙත් ඊට දෙවැනි නම් නෑ .එහෙම නේද ? මෙහෙම තත්ත්වෙක ඔයා ඔයාගේ ගැන පමණ ඉක්මවා හිතන්න අමතක කරන්න නම් එපා . ටික් ටොක් කියන අයිස් කුට්ටියේ උඩ තියෙන කොටස ගැන හැමෝම වද උනාට …ඊට යට නොපෙනෙන කොටසකුත් තියෙනවා. අන්න ඒ කොටස ගැනත් ඔයා හැම මොහොතේම හිතන්න.එහෙම නේද ?
ඔයාගේ හිත ඉල්ලන විදිහට ඕන ඕන සින්දු හොයං තාලෙට බැරි නම් ආතල් එකට හරි එහෙට මෙහෙට වැනෙන්න ඔයාට පුළුවන් . ඔයා කැමති නටන්න නම් නටන්න , සින්දු කියන්න කැමති නම් සින්දු කියන්න , රඟපාන්න කැමති නම් රඟපාන්න ……….. මෙන්න මේක තමා ඉතින් ටික් ටොක්වල එකම කෙරුවාව ………..

 

ඔයාට ජනප්‍රිය වෙන්න ඕනෙද ?

Top 10 TikTok stars in India in 2020 - DigiHunt

ටික් ටෝක් කරපු , කරන ගොඩක් අය ජනප්‍රිය උනේ අමුතු විදිහකට …. අලුත් ම , වෙනස් ම විදිහකට. සමාජේ ඉන්න අය හරිම වචනෙන් කියනව නම් ලෝකයා ඔයා ගැන නරක කියා කියා කතා කරනවා නම් , අන්න එතැනදී ඔයාට හිතන්න දෙයක් තියෙනවා . ඔයා ගිය පාර හරිද නැද්ද කියන එක. ඔයා තෝර ගත්ත පාර හරි නම් කවුරුත් ඔයාට දොසක් නම් කියන්නෙ ම නෑ .අන්න ඒක නම් ඉර හද වගේ ෂුවර්. ඔයාට වගේම සමාජෙට ම යහපතක් වෙන විදිහට තමයි ඔයා ජනප්‍රිය වෙන්න ඕන . ටික් ටෝක් කරලා ඔයා බලාපොරොත්තු වෙන්නේ හැමෝම අතර ජනප්‍රිය වෙන්න විතරම ද ? ඔයා නටපු නැටුම දැකලා තව කෙනෙක්ගේ ඇස්වලට සතුටක් ගේන්න පුළුවන් නම් අන්න ඔයා දිනුම්. මං මෙහෙම කියන්නම්කො ….අපේ අනන්‍යතාව කියා පාන උඩරට , පහතරට, සබරගමු නැටුමක් කරා නම් .. කී දෙනෙක් ඔයාගේ නැටුම නිසා සතුටු වෙනවාද ?

එක අතකින් ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් විතරක් ටික් ටොක් කරනවා වෙන්න පුළුවන්. ඒත් නොදෙනුවත්ව ම මෙහෙම දෙයක් වෙනවා කියන්නේ ඔයා මාරම පොරක් තමයි ඉතින් .ඔයා සමහරවිට දන්නෙත් නෑ ඔයා හැමෝම අතර කතාබහට ලක්වෙනවා කියන දේවත්. ‘තාක්ෂණයත් එක්ක ගහට පොත්ත වගේ බද්ධ වෙලා ඉන්න අපි , අපේ කම ආගන්තුකයන්ගේ ගොඩට දානකොට . අපිට පුළුවන් ටික් ටොක් එක්ක ඒවා රැකගන්න. ප්‍රශ්න කියන නූල් පන්දුවල පැටලිලා ඉන්න අපිට ටික වෙලාවකට හරි ඒ හැමදේම අමතක කරන්න ටික් ටෝක්වලින් පුළුවන්. මොනවා උනත් ඔයා කැමති ටික් ටොක්වලින් ජනප්‍රිය වෙන්න නම් හොදම විදිහ ඔයා ම තීරණය කරන්න ඕන . ලෝකයේ ගොඩක් රටවල නළු නිළියෝ ටික් ටෝක් කරනවා උනාට ලංකාවේ ටික් ටෝක් කරලා ගොඩක් අය නළු නිළියෝ වෙනවා .
ඔයාගේ ආසාවත් අන්න එකට try නම් කරලා බලන්න .

 

අපේ දේ රැකගන්න පුළුවන් අය හොයා ගමු

Getting to know Sri Lankans in the UAE | Asia – Gulf News

අපේ නැටුම් නටන්න හැමෝටම බෑ . ඒත් ඉතින් ඒකෙ රස ලබන්න අපි කවුරුත් කැමති. ටික් ටොක් එක්ක ඔයාට පුළුවන් ඒ වගේ නැටුම් කරන්න . ඒ රසය විදින්න කැමති අයට ආසාවෙන් ඒ රසය දෙන්න . වෙහෙසකර ජිවිත ගෙවන අයගේ හිතට මෙහෙම දෙයක් කරලා හරි ඔයාට පුළුවන් පුංචි ම පුංචි සතුටක් ගෙනත් දෙන්න.ටික් ටොක් කරන අයට අනිත් අයගේ ආදරේ ආදරෙන් ලබා ගන්න පුළුවන් හොදම විදිහ තමා මේ. මේ එක මිස් නොකර ටික් ටොක් කරන කෙනා මාරයි ඉතින් . අපේ දේ රැක ගන්න පුළුවන් අය කියල මං කිව්වේ අපි වගේ එවයින් ඇත් නොඋන ඒවා එක්කම ජිවත් වෙන අය . අනිත් අය අපේ දේ නැති කරනවා නෙමෙයි. දුරස් වෙනවා . ගෙවන තප්පරයක් ගානෙ වෙන්නේ අන්න ඒ දේ තමයි. ඉතින් ඒ වගේ විශේෂ අය ටික් ටොක්වලින් හොයා ගත්ත්ම අපිට පුළුවන් අලුත්ම ලෝකයක් හදන්න … වෙනස්ම විදිහකට …. නේද ?

 

 

ඔයාට ගැළපෙන යාළුවො හොයාගමු

👬 Best friends 👭 forever// Bff💞💞//Tik tok videos on friendship... - YouTube

ටික් ටොක් නිසා අලුත්ම යාලුවෝ Set එකක් Set කර ගන්න පුළුවන් . ඕනම රටක , ඕනෑම යාලුවෙක් එක්ක ඔයාට වෙන්නත් පුළුවන්
.මෙතැනදී ඔයා සැලකිලිමත් වෙන්නම ඕන .ඔයාට හම්බුවෙන කෙනාගේ බාහිර ස්වරුපය දැකල එයාව යාලු කර ගන්න ඔයා හිතනවා නම් ..
ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න මුදුන් මුල වෙන්න පුළුවන් . බාහිර ස්වරුපය අතරින් එයාගේ අභ්‍යන්තරය දකින්න ඔයා අමතක කරන්න නම් එපා .
ඔයා ඒ දේට දක්ෂ නොවෙන්න පුළුවන් . ඒත් ඒ දේට ඉවක් ඔයා ඇති කර ගන්න ම ඕන . අලුත් යාලුවෝ හොයන් , අලුතෙන් ජිවිතේ පටන් ගන්න හිතන ඔයා මෙතැනදී කල්පනාවෙන් …

tik tok එක්ක අලුත් විදිහට හිතන්න ගැස්ම කියවන ඔයාත් අමතක කරන්න එපා . tik tok account එකක් හදන් අනිත් අයගේ අඩුපාඩු හොය හොය කාලේ ගත කරන්න නම් එපා …  tik tok එක්ක ඔයා කැමති විදිහට , අලුත්ම විදිහට ජිවිතේ වෙනස් කර ගන්න…. tik tok ගැන සමාජේ මොන වගේ කතා තිබ්බත් එක තේරුම් අරන් ඒකෙ රස ඔයා විදින්න …. tik tok දිහා වෙනස්ම පැත්තකින් බලන්න .Tik tok රැල්ලේ උන්මාදයට අහු වුන කෙනෙක් නොවී ජිවිතේ අලුතින් design කරන්න…ගැස්ම කියවන ඔයාට මම මේ කිව්වේ පොඩි tips ටිකත්  try කරලා බලන්න …

සඳුනි අරවින්දිනී

කටට රසට බටු මෝජුවක් හදාගමු..

බටු මෝජුව කියන්නේ අපි අනිවාර්යෙන් විශේෂ කෑම වේලකදී සාදාගන්න විශේෂ කෑමක්.. ඉතිං අද අපි බලමු කොහොමද හරියටම බටු මෝජුව හදාගන්නේ කියලා..

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:

වම්බටු බැදීමට තෙල්

වම්බටු ග්‍රෑම් 500

අමු මිරිස් කරල් 4 ක්

හාල්මැස්සො ග්‍රෑම් 100

කෑලි මිරිස් මේසහැඳි 2

ලුණු මේසහැඳි 1

ඉඟුරු + සුදුළූණු මේස හැඳි 1

විනාකිරි මේස හැඳි 1

වතුර තේ හැදි 3

අඹ චට්නි තේ හැඳි 1 1/2

සීනි මේසහැඳි 1/2

බැදපු වම්බටු

බැදපු අමු මිරිස්

රතු ළූණු ග්‍රෑම් 100

 

සාදාගන්නා ආකාරය:

තෙල් ටික රත්කරගෙන ඒකට බටුටික එකතු කරලා රන්වන් පාට වෙනකම් බැඳගන්න. ඊට පස්සේ කපා ගත්ත අමු මිරිස් ටිකයි, සෝදාගත්ත හාල් මැස්සො ටිකයි වෙන වෙනම බැද ගන්න.
භාජනයකට කෑලි මිරිස්, ලුණු, ඉඟුරු, සුදුළුණු, විනාකිරි, වතුර, අඹ චට්නි සහ සීනි ටික එකතු කරගෙන මදගින්නේ පිසගන්න .
දැන් ඒකට බැදගත්ත බටු ටිකයි, අමු මිරිස් ටිකයි, රතු ළුණු සහ හාල් මැස්සො ටික එකතු කරගෙන හොඳින් මිශ්‍රකරගන්න. අවසානෙට ටික වෙලාවක් මද ගින්නේ පිසගන්න.

අමුත්තන්ට අලුත්ම විදිහට සංග්‍රහ කරන්න Coconut Eggnog…

ගෙදරට එන අමුත්තන්ට හැමදාම තේ දෙන එකේ වෙනසකටත් එක්ක අලුත්ම drink එකකින් සංග්‍රහ කරන්න තියෙනවනම් ගොඩක් හොඳයි. ඉතිං අපි හිතුවා වෙනස්ම විදියේ ඒ වගේම ලේසියෙන්ම හදාගන්න පුළුවන් Coconut Eggnog එක හදාගන්න හැටි කියලා දෙන්න.

 




කොකනට් එග්නොග්

අවශ්‍ය ද්‍රව්‍ය:

හෙවි ක්‍රීම් කෝප්ප 1/2
බීට් කරගත්ත බිත්තර 2
පොල් කිරි කෝප්ප 1
ටින්කිරි කෝප්ප 1
කුරුඳු කුඩු මේස හැඳි 1
කරුබු නැටි කුඩු මේස හැඳි 1/2
රම් කෝප්ප 1


සාදාගන්නා ආකාරය:

හෙවි ක්‍රීම් සහ බීට් කරගත්ත බිත්තර විනාඩි 4ක් ඩබල් බොයිල් කරගන්න. 
ඊට පස්සේ ඒකට පොල්කිරි, උකු ටින්කිරි සහ කුරුඳු කුඩු එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් ඒකට කුඩු කරගත් කරාබු නැටි සහ රම් ටික එකතු කරගෙන  පිළිගන්වන්න.

ඔයා කන්න කැමතිම චොකලට් මූස් එකක් ගෙදරදීම ලෙහෙසියෙන් හදාගන්නේ මෙහෙමයි

පොල් කිරි

හේසල් නට් ග්‍රෑම් 25

කොකෝ පවුඩර් තේ හැඳි 2

රටඉදි කෝප්ප 1/2

වැනිලා මේස හැඳි 1

මූස් එක සරසා ගන්න ගාගත්ත චොකලට් සහ හේසල් නට් හේසල්නට්

පොල්කිරි, කොකෝ පවුඩර්, රටඉදි, වැනිලා, එකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. සාදාගත් මූස් එක භාජනයකට එකතු කරලා ශීතකරගන්න . ඊට පස්සේ කෝප්පයකට මූස් වත්කරගෙන හේසල් නට් සහ ගාගත්ත චොකලට් වලින් සරසා ගන්න.

 

නිදහසේ Ice Cream එකක් කන්න යමුද Yasmin’s Cafe…

Yasmin කියන්නේ අයිස්ක්‍රීම්, sorbets, gelato, frozen yoghurt හා කේක් වල නිවහනයි. ආගන්තුක සත්කාරක කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන යස්මින් කාඩර්ගේ අතුරුපස වලින් ඔයාට රසවත් dessertery අත්දැකීමක් ලබා දෙන බව නම් නොවනුමානයි. ක්‍රීමී හා අලුත් විදියේ අයිස්ක්‍රීම් flavors 16ක්ම Yasmin සතුයි.ඔවුන්ගේ ice cream වල තියෙන හැපෙන සුළු ස්වභාවික බව අපේ රටේ වැවිලි කර්මාන්තයටත් උදව් කරනවා.

 

Carino ice cream හදන්න ජෙලටින්, වර්ණක හා රසකාරක වගේ දේවල් භාවිතයට ගන්නේ නෑ. ඒ වෙනුවට එයාලා අයිස්ක්‍රීම් එක රස ගන්වන්න මී පැණි, කිතුල් හකුරු, පොල් කිරි, ආමන්ඩ් කිරි හා කජු කිරි මිශ්‍ර කරනවා.එයාලා භාවිතයට ගන්න ස්වභාවික අමුද්‍රව්‍ය නිසාම ඒ අතුරුපස වල රස බලන්න අපි කාගෙත් හිත් ඇදී ගියා. ඒ නිසා carino scoop එකක අපි ලබපු අත්දැකීම ඔයාලත් එක්කත් බෙදාගන්න අපි හිතුවා.

 

Drinks

Cafe Mocha (LKR 350)

මේ බීම එක හරි ලස්සනට අපිට serve කරා. caffeine ගතිය වැඩිපුර දැනුන නිසා ඒ ඩ්‍රින්ක් එකේ සැහැල්ලු හෝ බර ගතියක් අපට දැනුනේ නෑ.

 

Cafe Latte (LKR 320)

Caffeine ගතිය වැඩිපුර දැනේනවාට කැමති නැද්ද ? එහෙනම් worry වෙන්න එපා. මේ බිම එකේ කෝපි රසයක් තියෙන නිසා කිරි හා espresso එකට එකතු උනාම දිවට දැනෙන්නේ පුදුමාකර රසයක් .

 

Ice Cream

Fig and Honey (LKR 400)

ice cream හැන්දක් කටට ගත්තාම එන මී පැණි හා අත්තික්කා වල රස අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා. මට මගේ පොඩි කාලේ මතක් වූණා . A.A.මිල්න් ගේ කාලේ yasmin ලග මේ flavor එක තිබුණා නම් විනි ද පූ එයගේ ටියුබ් එකෙන් අයිස්ක්‍රීම් වල රස විඳලා …එයා නිතරම කියන මේ වචන ටික කියාවි ..” මේ රස අකුරු කරන්න බැහැ එකේ රස විඳින්නම ඕන” කියලා.

 

Pistachio – Almond (LKR 400)

මේ අයිස්ක්‍රීම් එකේ රසය ගැන කිව්වොත් ඒකෙ තියෙන නැවුම් crunch ගතිය නිසාම අපේ දිවේ අමුතු රසවත් අත්දැකීමක් මවනවා.ආමන්ඩ් ඇට වල තියෙන ගුණය ආරක්ෂා කරමින්,එහි තියෙන බටර් රසය අයිස්ක්‍රීම් වලට එකතු වෙලා අද්වීතිය රසයක් ලබා දෙනවා.

 

 

Chocolate and Almond (LKR 400)

අයිස් ක්‍රීම් එක එක්ක චොක්ලට් වල එකතුව අපිට දැනුනේ හරියට කේක් එකක් රහ බලනවා වගේ .ආමන්ඩ් ඇටවල තියෙන පහසු හැපෙන සුළු crunch ගතිය නිසාම අයිස්ක්‍රීම් එකේ රස තවත් වැඩි වුණා.

 

Coffee Almond Fudge (LKR 400)

Yasmin ice cream වල තිබුණු අපේ favorite flavour ඒක තමයි coffe almond fudge කියන්නේ.මිහිරි කෝපි සුවඳ හා රසය නිසාම අපි හිතේ තැන නතර වුණා කිව්වොත් හරි.ආමන්ඩ් වල තියෙන හැපෙන සුළු ගතිය අයිස්ක්‍රීම් එකේ රසය තවත් වැඩි කළා.

 

Salted Caramel (LKR 300)

මේ අයිස් ක්‍රීම් එකේ තියන කැරමල් රසය ඔයාව කුණාටුවක් මැදින් වුණත් ගෙනියනවා නිසැකයි.අයිස්ක්‍රීම් එකේ මෘදු ගතිය හා කැරමල් රසය එකට එකතු උනාම දිවට අමුතුම රසයක් එක් කරනවා.

 

Vegan Vanilla Fudge Brownies (LKR 300)

Vegan ice cream flavours හරි කම්මැලියි කියලා හිතන අයට මේක try කරන්න පුලුවන්.මෙහි රසය අද්විතීයයි. ඇළෙන සුළු සහ හැපෙන සුළු ගතියත්, වැනිලා සහ චොකලට් flavours වල තියෙන balance එකත් මෙහි ඇති මිහිරි රසයට හේතූන් ලෙස පෙන්වන්න පුළුවන්.

 

Chocolate Fudge Brownies (LKR 300)

මෙහි scoop එකකින් rich chocolate flavour එකක රසය ඒ ආකරයෙන්ම විදගන්න ඔයාට පුලුවන්. බ්‍රොව්නිස් වලට කැමති අයව පුදුම දනවන ලෙස මේ අතුරුපස සාදා තිබෙනවා.මේක ඔයා රසවිඳලා තියෙන හොඳම chocolate fudge ice cream එක වේවි. අයිස් ක්‍රීම් වලට වඩා බ්‍රොවුනීස් වැඩිය තිබ්බත්, එයින් එහි රසය තවත් වැඩි කරන්න සමත් වෙලා තිබෙනවා.

 

ටින් කිරි (LKR 300)

දේශීය වගේම හරි intresting flavour එකක් තියෙන අයිස් ක්‍රීම් එකක් මං කැමතිම විදියේ flavour එකක් නොවුණත්, මේ අයිස් ක්‍රීම් එක රසවිඳලා අමුතුම අත්දැකීමක් ලබා ගන්න මට හැකි වුණා.මෙය සියුම් සහ මෘදු කෙඳි රැසකින් සමන්විතයි.

 

Rose Kulfi (LKR 300)

ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි හැබැයි මේ Rose Kulfi අයිස් ක්‍රීම් එක ගැන නම් එහෙම කියන්න බෑ .රෝස වතුර ,රෝස තෙල් ,රෝස ඉටිපන්දම් වලින් සරසලා තියෙනවා ඔයාලා මෙහෙට ආවොත් දකින්න ලැබෙයි. වෙනස්ම ආකාරයේ රසයක් මවන රෝස වතුර, nuts සහ ක්‍රීම් වල තියෙන සුවඳ කවදාවත් අපි නොවිඳපු රසවත් අත්දැකීමක් මවනවා.මේ අයිස් ක්‍රීම් එක ඇත්තටම මාව නින්දට පත් කළා.

 

French Vanilla (LKR 300)

මෙය ලෝකයේ තියෙන හොඳම region එකකින් ලැබෙන වැනිලා එකක්, සියුම් සහ මෘදු textured තියෙන අයිස් ක්‍රීම් එකක්,Yasmin’s ළඟ වැනිලා රසැති අතුරුපස බොහෝ තිබුනත්, මේක තමයි වැනිලා ලෝලීන්ට කියාපු අතුරුපස.

 

මයිලෝ (LKR 300)

මං දැක්ක ගමන් මොකක්ද flavor එක කියලා අඳුනගත්තා. මේක නම් නියම මයිලෝ treat එකක්.ශ්‍රී ලාංකික මවුවරුන්ට නම් උදෑසන මයිලෝ පානයට කිසිම ආදේශකයක් නැහැ.නමුත් මෙය ඊට හොඳම තෝරාගැනීමක්. හොදට උඩින් ඉහළා තියෙන මේ චොක්ලට් හා මෝල්ට් මිශ්‍ර වූ ක්‍රීමි අතුරුපසේ රස නම් කියා නිම කළ නොහැකියි. තවත් රසවිඳින්න හිතෙන තරම් රසයක් මේ තුළ තියෙනවා.

 

Decadent Chocolate (LKR 300)

අපි රසවිඳපු අතුරුපස අතරින් මෙය අධික ලෙස චොක්ලට් රසයක් දැනෙන අතුරුපසක් කිව්වොත් මං හරි. අයිස්ක්‍රීම් එකේ පාට සහ ස්භාවය නම් හරිම සුවිශේෂියි. මෙය නම් ඇත්තටම හොඳ චොකලට් සම්බධතාවක් ඇති අතුරුපසක්.

 

 

Praline and Cream (LKR 300)

හොඳයි, මේක නම් සම්පූර්ණයෙන්ම nuts වලින් හදලා තියෙන්නේ. ඔයාට crunchy සහ creamy රසයක් ලබා දෙන්න මේ වැනිලා, කජු සහ ආමන්ඩ් ඇට වලින් හදලා තියෙන අතුරුපස නම් කදිමයි. එකම එක හැන්දක රසකින් මං කියන දේ වටහා ගන්න ඔයාට පුළුවන් වේවි.

 

Coconut Cream (LKR 300)

මේ desert එක නම් “Yasmin’s stop” එකක් කිව්වොත් නිවැරදියි. රසවිදපු අතුරුපස අතරින් මේ coconut cream අතුරුපසෙත් අද්විතීය රසයක් තියෙනවා. පොල් කෑලි වල එකතුව නිසාම මෘදු හැපෙන සුළු රසයක් මෙමගින් ලබා දෙනවා. ඒ වගේම මේ අතුරුපස ගොඩක් creamy!!..මේ අයිස් ක්‍රීම් එකෙන් Tub එකක් ඔයාලගේ ගෙදර ගෙනිහින් බලන්න. ගෙදර කට්ටිය මේකට කොච්චර ආස කරයිද කියලා ඔයාටම දැකගන්න පුළුවන්.

 

Strawberry Sorbet (LKR 300)

දිනපතාම mouthwatering sorbet එකක රස බලන්න ඔයාටත් ඕනිද? එහෙනම් මෙන්න!. ඊට සුදුසුම අතුරුපස. Jagro එකෙන් ලබාගත්ත ස්ට්‍රොබෙරි එක්ක sorbet කොළ mix වෙලා එන smoky සුවදත් එහි රසයත් හරිම අපූරුයි.

 

Lemon Sorbet (LKR 300)

ටැංජි හිම බෝලයක්!.. මේ sorbet එක හරිම රසවත්. ඔයා ආසම lemon mojito එකක් රසවිඳිනවා වගේ ඔයාට දැනෙයි. රස්නේ නසන්න කියාපු අතුරුපස.

 

 

Ice Cream Trifle (LKR 650)

එක ලේයර් එකක් උඩ තව dreamy flavour layer එකක්..ස්වර්ගීය හැගීමක් මවනවා!..මිදි, වැනිලා අයිස්ක්‍රීම්, චෙරි සහ crumble වල ගැලපීම අතුරුපසේ දැකුම්කළු දසුනක් එක් කරනවා. පලතුරු සංයෝගයේ රසයත්, richly flavoured trifle එකක අත්දැකීමක් ලබාගන්න පුළුවන් නිසාම මෙම මිළට එයට ඉතා සාධාරණයි.

 

 

Chocolate Eton Mess (LKR 650)

පලතුර චුට්ටයි, චොක්ලට් ගොඩක්!!.. අපි ඇත්තටම එහෙම කැමතිද? ඇත්තවශයෙන්ම.. මෙය හරියට මෘදු රසැති මිහිරි සංගීතයකට එකතුවෙලා අපේ කට ඇතුළේ ගායනය කරනවා වගේ හැගීමක් ලබා දුන්නා. ඔන්න අපි ඔයාටම මේ රසය විද එය දැනෙන විදිහ පහළින් comment කරන ලෙස ඇරයුම් කරනවා.

 

Cakes

Ribbon Cake (LKR 400)

සාමාන්‍ය රිබන් කේක් එකක තියෙන විවිධ රසයන් අඩංගු layers වලින් වෙනස් වී moist එකත් එක්ක පැණි රසයක් තියෙන හොඳම රිබන් කේක් එක කිව්වොත් මම නිවැරදියි. මෙය සරල අලංකරණයකින් යුත් අද්විතීය කේක් එකකි.

 

 

Perfect Chocolate Cake (LKR 450)

හරි.. නමින්ම එය තේරුම් කරනවා.මේක තමයි නියමම චොක්ලට් කේක් එක.මේ moist චොක්ලට් කේක් එක rich chocolate flavour අත්දැකීමක් ඔයාට ලබා දෙනවා.එක පාරක් ඉඳගත්තාම කෑලි දෙකකට වඩා නම් ඔයාට කන්න බැරි වේවි…

 

Coffee Cake (LKR 480)

ඔයා මීට කලින් නම් කෝෆි කේක් කාල ඇති හැබැයි මේ වගේ කේක් එකක් නම් රසවිඳලා නැතුව ඇති, මෙය සරල සහ අලංකාර සැරසිල්ලකින් යුත් creamy smooth කේක් එකක්.

 

Ambiance

මේ shop එකේ interior එක නම් නියමයි.අපි හිතුවට වැඩිය වෙනස්ම ලස්සනක් තිබුණා.නව්‍යකරණ දේවල් සහ සංස්කෘතික දේවල් මනාව ගලපමින් එම ලස්සන ගන්න ඔවුන් සමත් වෙලා තිබුණා. දහවල් කාලයට ගැළපෙන ලෙස ස්වභාවික ආලෝකකරණයක්ද, රාත්‍රී කාලයේ දී නවීන ක්‍රමයේ ආලෝකකරණයකින්ද shop එක ලස්සන කරලා තිබුණා. පැස්ටල් වලින් පාට කර පුටු ද,නිර්මාණාත්මකව සෑදූ පැරණි ගෘහ භාණ්ඩ ද ෂොප් එකට තවත් ලස්සනක් එකතු කළා. පැණිරස වලට ආස අයට සෞඛ්‍යාරක්ෂිතව එය ලබාගන්න පුලුවන් හොඳම place එකක් විදියට Yasmin’s shop එක අපි recommend කරනවා.

Creme, Addict, Guilt-Free, Chill Out, After Dark කියන carino අයිස්ක්‍රීම් වර්ග පහක් yasmin’s පිලිගන්වනවා.50කටත් වඩා වැඩි carino flavours අවශ්‍යතාවයන් මත තම පාරිභෝගිකයන්ට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.කෝපි අන්තර්ගත බීම වර්ගයන්ට අමතරව බොහෝ දේවල් ඔවුන්ගේ menu එකේ අඩංගුයි. 20 දෙනෙකුට පමණ එම ස්ථානයේ රැඳී සිටීමට පහසුකම් සපයා දී තිබෙනවා. date එකකට වගේම යාලුවොත් එක්ක තියෙන meetups වලටත් මේ තැන හොඳට ගැලපෙනවා.

දැරිය හැකි මිලකට සුඛෝපභෝගී අත්දැකීමක් ලබාගන්න මෙන්න ඔබටත් දැන් අවස්ථාවක්.

Tip: coconut සහ rose kulfi වැනි විදේශීය රසයක් තෝරාගෙන පෙරදිග රසයක මිහිර විද ගන්න. Chocolate ranges ටික ට්‍රයි කරන්නත් අමතක කරන්න එපා.

බොන වර්ගයට හරියන්න වීදුරුව තෝරාගන්න දන්නවද..?

විවිධ උත්සව අවස්ථාවන් වලදී විවිධ වර්ග වල බීම සූදානම් කරලා තියෙන ආකාරය ඔබ දැකල සහ අත්විඳලා ඇති. මේ බීම වර්ග පිළිගන්වන්න ලැහැස්ති කරද්දී විවිධ හැඩයේ වීදුරුත් වෙනුවෙන් සූදානම් කරන ආකාරය ඔබ දැක ඇති. විශේෂයෙන් ඔබ තරු පන්තියේ හෝටලයක බෝජන සංග්රහයකට හෝ වෙනත් උත්සවයකට ගියොත් නැතිනම් cocktail party එකකට ගියොත් මේ අත්දැකීම විඳින්න ඔබට සිදුවනවාමයි. මේ විදිහට විවිධ හැඩයේ වීදුරු ලැහැස්ති කරන්න හේතුව මොකක් වෙන්න ඇති කියලද ඔබ හිතුවේ..? සමහරවිට ඔබ ගැන සිතා නොතිබෙන්නත් පුළුවන්. ඒත් ඔබට පිළිගැන්වෙන බීම වර්ගය අනුව සඳහා ගැලපෙන වීදුරුව තමයි මේ විදිහට ලැහැස්ති කොට තිබෙන්නේ. ඔබ මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ් වනවා. හේතුව යම් අවස්ථාවක මේ විදිහේ විශේෂිත සාදයක්  සංවිධාන කරන්න අවශ් වුනොත් වෙලාවටත් මේ ගැන නිවැරදිව දැනගෙන සිටීම ඔබට වැදගත් වනවා.

මේ ආකාරයට බීම වර්ගයට හරියන විදිහට වෙනස් වෙනස් වීදුරු සුදානම් කරන්න විශේෂ හේතු ගණනාවක් තියෙනවා. අලංකාරය නිසා පමණක් නොවෙයි මෙවැනි දේවල් භාවිතයට ඇවිත් තිබෙන්නේ. කාරණා විද්යාත්මක ඒවා වගේම සංස්කෘතික ඒවාද වනවා. අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වන්නේ මේ බීම වර්ග වලට ගැලපෙනම හැඩයේ සහ වර්ගයේ වීදුරු තෝරා ගැනීම පිළිබඳවයි. මෙතැනදී අපි විශේෂයෙන් කතා කරන්නේ ඇල්කොහොල් සහිත බීම වර්ග (liquor) සහ ඒවා මගින් සාදාගන්නා බීම වර්ග ගැනයි. සමහර බීම වර්ග ඒවාට අදාළ උෂ්ණත්වයේ පවත්වා ගැනීම වැදගත්. එහෙම වුනොත් තමයි බීම වර්ගය නිසි රසයෙන් යුතුව බොන්න හැකියාව ලැබෙන්නේ. වගේම තවත් සමහර බීම වර්ග එහි සුවඳ එක්කම බීම අවශ් වනවා වගේම සමහර ඒවායේ සුවඳ නොදැනී බීමට ගැනීම වාසිදායක වනවා. මෙන්න මේ වගේ කාරණා ගැන සැළකිලිමත් වෙමින් තමයි මේ බීම වර්ගයට ආදාල වන වෙනස් හද වලින් යුතු වීදුරු නිර්මාණය කොට තිබෙන්නේ. අපි සමහර වීදුරු අල්ලන විදිහ අනුවත් වීදුරුවේ උෂ්ණත්වය රැඳෙන ප්රමාණය වගේ කරුණු තීරණය වනවා වගේම අනුව අදාළ බීම වර්ගයේ රසය සහ ක්රියාකාරීත්වයත් තීරණය වනවා. නිසා මේනිවැරදිහැඩයේ වීදුරුව තෝරාගැනීම විද්යාත්මකවත් වැදගත් කරුණක් වනවා.

 

රතු වයින් සඳහා

Bartender holding glass of red wine Free Photo

 

රතු වයින් බොහෝ දෙනෙක් ප්රිය කරන බීමක් වගේම ඕනෑම සාදයකදී පිළිගැන්වෙන බීම වර්ගයක්. රතු වයින්පිළිගන්වන්න ඔබට සිදු වුනොත් වෙනුවෙන් පාවිච්චි කරන වීදුරුව කුමක් විය යුතුද කියල ඔබ දැනගෙන සිටිය යුතුමයි. තරමක විශාල රවුම් හැඩයකින් යුතු වීදුරුවක් මේ වෙනුවෙන් පාවිච්චි කෙරෙනවා. වගේම දිග බඳක් සහිත වීදුරුවක් විය යුතුයි. වයින් බඳුන කරකවමින් සුළි ඇතිකරමින් වයින් පානය කිරීමට හැකිවන්නේ එවැනි වීදුරුවක පමණයි. වගේම වයින් වාතය සමග නිසි ලෙසින් මිශ් වන්නේත් එවිටයි. නිසා වයින් පානය කිරීමට මෙවැනි වීදුරුවක් අනිවාර්යෙන්ම භාවිතා කළ යුතුයි.

 

 

සුදු වයින් වීදුරුව

Front view glass of wine white wine with fresh fruits on light white desk drink alcohol bar water fruits Free Photo

 

සුදු වයින් පානය කිරීමට ඔබ භාවිතා කළ යුත්තේ මීට වඩා හැඩයෙන් වෙනස් වීදුරුවක්. දිගටි හැඩයක් සහිත උස වීදුරුවක් වන මෙය මුව තබන කොටස වඩා පටු වනවා. ඒකට බලපාන විද්යාත්මක හේතුවක් තිබෙන බව ඔබ සමහරවිට නොදන්නවා විය හැකියි. වීදුරුවේ ඇතුළත ඇති වයින් ඉක්මනින් ඔක්සිකරණය වීම වළක්වා ගැනීම සඳහා මේ විදිහේ විදුරු භාවිතා කෙරෙනවා.

 

Sparkling වයින්

Couple celebrating with champagne on dark Free Photo

 

Sparkling වයින් වලදී වැදගත්ම දේ වන්නේ එහි බුබුළු එලෙසින්ම පවත්වා ගනිමින් බීමට ගැනීම. නිසා වෙනුවෙන් පාවිච්චි කරන්නේ තරමක සිහින් දිගටි වීදුරුවක්. මේ වීදුරුව නලාවක හැඩය ගන්නවා වගේම පතුලත් ඉතා කුඩායි. මුව තබන කොටසත් පටුයි. මේ සියලු දේවල් වලින් සලකා බැලෙන්නේ වයින් වල බුබුළු එලෙසින්ම රඳවා ගනිමින් පානය කිරීම. එහි නියම රසය සහ තෘප්තිය ලැබීමට නම් නිවැරදි හැඩයේ වීදුරුවක්ම පාවිච්චි කළ යුතු වන්නේ නිසයි.

 

කොක්ටේල් වීදුරුව

Fruit cocktail with fresh strawberry Free Photo

 

කොක්ටේල් සාදා කියන්නේ සාමාන්යෙන් ඔබට නිතර සහභාගී වන්න ලැබෙන දෙයක් විය හැකියි. එවැනි අවස්ථාවකදී මොන විදිහේ වීදුරු භාවිතා කළ යුතුයිද නැතිනම් කොක්ටේල් වෙනුවෙන් හැඩයේ වීදුරුම භාවිතා කරන්නේ ඇයි කියල දැනගෙන ඉඳීමත් වැදගත් වනවා. පුනීලයක හැඩයෙන් යුතු මේ වීදුරුව අල්ලා ගැනීමට දිගටි බඳක් සහිතයි. සිහින් බඳක්. මෙවැනි වීදුරු සාම්ප්රදායික කොක්ටේල් වර්ග පිළිගැන්වීමට භාවිතා කරනවා. සාමාන්යෙන් සාම්ප්රදායික කොක්ටේල් වල අපූරු සුවඳක් තිබෙන බව ඔබ දන්නවා. ඉතින් මේ ඉමිහිරි සුවඳ බීමට පෙර නහයට හොඳින් විඳගැනීමට ලැබුනොත් බොන්න තියෙන කැමැත්ත වැඩි කරන්නත් හැකියාවක් තිබෙනවා. වගේම මේ රසවත් කොක්ටේල් එක මුවට හොඳින් විවරව තබමින් පානය කරන පුද්ගලයාට එහි රසවත් බව දැනවීමටත් මේ වීදුරු නිර්මාණය කිරීමේදී සලකා බලා තිබෙනවා. නිසා පුනීලයක වැනි පළල් විවරයක් සහිතව මේ වීදුරුව නිර්මාණය කොට තිබෙන බව සඳහන් වනවා.

 

 

Martini වීදුරු

 

Kiwi fruit cocktail in martini glass garnished with apple slices on bamboo skewer Free Photo

අතීතයේ මේ බීම වර්ගය වෙනුවෙන් පාවිච්චි කෙරුනෙත් සාම්ප්රදායික කොක්ටේල් වීදුරුවක්ම වුනත් 90 දශකයෙන් පසුව එය තරමක් වෙනස් වුන බවක් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන්ම Martini සමග විවිධ වොඩ්කා වර්ග මිශ් වීම නිසා මේ තත්වය ඇතිවුනා විය හැකියි. කොක්ටේල් වීදුරුවට තරමක් සමාන වුනත් මේ වීදුරුවේ පතුල කෙතුආකාර ලෙස නිර්මාණය කොට තිබෙනවා. වීදුරුවේ මථුඔඉත විවරය නම් කොක්ටේල් වීදුරුවේ මෙන්ම විශාලව රවුම්ව සකස් කොට තිබෙනවා.

 

 

Margarita වීදුරුව

Side view margarita cocktail with slice of lime in the glass Free Photo

 

තමන්ගේම විශේෂිත හැඩයක වීදුරුවක් තියෙන තවත් බීම වර්ගයක් තමා Margarita. මේ වෙනුවෙන් පාවිච්චි කරන වීදුරුවත් තරමක් කොක්ටේල් වීදුරුවේ හැඩයට සමානයි. නමුත් වීදුරුවේ විෂ්කම්භ දෙකක් සහිත පියවර දෙකකින් සකස් කොට තිබෙනවා. ඉහළ විවරය නම් රවුම්ව සහ විශාලව සැකසී තිබෙන්නේ කොක්ටේල් වීදුරුවේ විදිහටමයි. සාමාන්යෙන් මේ විදුරු නිවෙස් වල භාවිතා වනවා අඩු වුනත් සාදයකදී හෝ resturant එකකදී ඔබට මෙවැනි වීදුරු වල margarita පානය කරන්න අවස්ථාව ලැබිය හැකියි.

 

 

Snifter වීදුරු

Cold whiskey Free Photo

මේ වීදුරුවත් රවුම් විශාල bowl හැඩයේ උඩ කොටසකින් යුක්තයි. වගේම මුව විවරය තරමක පටු ගතියකින් යුක්ත වනවා. වීදුරුවේ බඳ, කියන්නේ අල්ලන කොටස සිහින්ව නිර්මාණය කළා වුනත් එය තරමක කෙටිව තමයි සකස් කෙරෙන්නේ. බීම වර්ගය රසවිඳීමට වගේම සුවඳ හොඳින් ආග්රහණය කරන්නත් හැකිවීමට මෙවැනි විදුරු නිර්මාණය කෙරෙනවා වගේම වයින් වලදී වගේම සුළි ඇති කරමින් වාතය සමග මිශ් කරවමින් රසවිඳීමට හැකිවන අයුරින් වීදුරුව නිර්මාණය කෙරෙනවා. බ්රැන්ඩි සහ විස්කි වර්ග පානය කිරීම සඳහා මෙවැනි හැඩයේ වීදුරු විශේෂයෙන් නිර්මාණය කොට තිබෙනවා.

 

ඔබ ඕනෑ තරම් සාද, සම්භාෂණ වලදී මෙවැනි විවිධ බීම වර්ග පාවිච්චි කොට තිබෙනවා විය හැකියි. වෙනුවෙන් අපි මේ සඳහන් කළ වර්ගයේ වීදුරු භාවිතා කර ඇතුවාට සැකයක් නැහැ. නමුත් ඒවා භාවිතා කිරීමේ නිවැරදි හේතුව ඔබ දන සිටියාදැයි සැක සහිතයි. නමුත් දැන් ඔබ පිළිබඳ හොඳින්ම දැනුවත්. වගේම මිතුරු හමුවක් හෝ සාදයක් ඔබේ නිවසේ හෝ වෙනත් ඕනෑම තැනක සංවිධාන කිරීමට ඔබට සිදු වුනොත් අදාළ බීම වර්ගයට විශේෂයෙන් නිර්මාණය කෙරුණු වීදුරුව කුමක්දැයි නිවැරදිව තෝරා ගැනීමට දැන් ඔබ දැනුවත්.

SOS ළමා ගම්මානවලට ඔයාගේ උදව් අවශ්‍යයි !

ජීවිතයේ කාත් කවුරුවත් නැතිව තනිවෙච්ච වයස අවුරුදු අටක පොඩි දරුවෙක් ගැන හිතන්න ? මේ දරුවා මොනවා කරන්න උත්සාහ කරයිද? කවදාවත් දැකලා නැති අඳුරන්නේ නැති අයගෙන් උදවු ඉල්ල ඉල්ලා වීදි වල ඇවිදිනවාද? අඬමින් හෝ නිර්භීත වෙන්න උත්සාහ කරනවාද? මේක මානසිකව මේ දරුවාගේ මනසට මොන විදිහේ බලපෑමක් ඇති කරයිද? හැමදේටම තියෙන බය සහ ආරක්ෂාවක් නොමැතිකම දරුවා මතට පැටවෙන නිසා මේ දරුවා දුර්වල වෙනවා. ඔයාට මේ වගේ අසරණ දරුවෙකු හමු වුනොත් ඔයා කරන්නේ මොකද්ද ? මේ වගේ දරුවෙක්ව දැක්කොත් අනිත් අය මොනවා කරයිද?

ශ්‍රී ලංකාවේ ඇති SOS ළමා ගම්මාන පහුගිය අවුරුදු 39 ක් තිස්සේ දෙමාපියන්ගේ රැකවරණය නැති දරුවන් රැකබලා ගන්නවා. විවිධ හේතූන් නිසා දෙමාපියන්ගේ රැකවරණය අහිමි වුණු අවාසනාවන්ත දරුවන්ට දිගු කාලීන රැකවරණයක් ලබා දෙන අවුරුදු හැත්තෑවකට අධික ගෝලීය විශේෂඥතාවයක් තියෙන සංවිධානයක් විදිහට මේ සංවිධානය හඳුන්වන්න පුළුවන්. SOS ළමා ගම්මාන කියන්නේ ඔස්ට්‍රියාව පදනම් කරගත්ත ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයක්. 1949 ආරම්භයේ ඉදන් මේ වෙද්දී එය ලොව පුරා රටවල් 136 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කාලේ ළමා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා විදිහට කටයුතු කරපු මල්සිරි ඩයස් මහත්මියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම SOS ළමා ගම්මානය පිලියන්දල ප්‍රදේශයේදී 1981 දී ආරම්භ කළා.

2020 වෙද්දී ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන හයක් ආරම්භ කරලා තියෙනවා වගේම මේ වෙද්දී දරුවන් 800 කට අධික ප්‍රමාණයක් දෙමාපියන්ගේ රැකවරණය නැතුව මෙම ගම්මාන හරහා රැකබලා ගන්නවා. මෙම ගම්මාන 06ට නීතිමය මාර්ගෝපදේශ හා රෙගුලාසි වලට අනුව ශ්‍රී ලංකාවේ ළමා පරිවාස දෙපාර්තමේන්තුව හරහා දරුවන් ගෙන එනු ලබනවා.

SOS ළමා ගම්මාන ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ධනාත්මක විදිහට බලපාන වෙනත් සමාජ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා. ගොඩක් දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ට නොමිලේ රැකියා විශේෂිත වෘත්තීය පුහුණුවක් ශ්‍රී ලංකාවේ තියෙන SOS වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හතර මගින් ලබාගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. තරුණ තරුණියන් 1800 කට වැඩි පිරිසක් මෙ පුහුණු වැඩසටහන් වලින් පුහුණුව ලබාගෙන තියෙනවා වගේම ඔවුන්ට සුදුසු ස්වයං රැකියාවන්ද සොයාගෙන තියෙනවා . මීට අමතරව ‘පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන’ නමින් තවත් ව්‍යාපෘතියකින් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් දිළිඳුකමින් මුදවන්න අවධානය යොමු කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ අවසාන පරමාර්ථය තමයි දරිද්‍රතාවය හේතුවෙන් පවුල් මුහුණ දෙන ගැටලු රැසක් හේතුවෙන්  “ළමයින්, ළමා ආරක්ෂණ ආයතනවල නොසිටීම සහතික කිරීම”. දුප්පත් පවුල්වල අයව කුසලතා හා දැනුමෙන් පෝෂණය කරලා එයාලව ශක්තිමත් කරන්න SOS අවධානය යොමු කරනවා. ඒ එයාලට හොඳ ආදායම් මාර්ග සොයා ගන්න උදවුවක් වෙන නිසා එමඟින් ගැටළු නොමැතිව තම දරුවන් රැකබලා ගන්න ඒ පවුල් වලට හැකියාව ලැබෙන නිසයි. මේ වෙද්දී ඒ වගේ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් 3300 කට අධික සංඛ්‍යාවකට මේ වැඩසටහන මගින් දරිද්‍රතාවයෙන් මිදෙන්න සහ මූල්‍ය නිදහස සහ ආරක්ෂාව ලබා ගන්න උදවු කරලා තියෙනවා.

කොහොම වුණත්,කොරෝනා වෛරස් වසංගතය නිසා මෙම සංවිධානයට ලැබෙන පරිත්‍යාග වලට බලපෑමක් එල්ලවෙලා තියෙනවා. ඒ වගේම මේ වසංගතය ගෝලීය වශයෙන් බලපා ඇති නිසා විදේශ පරිත්‍යාග පවා අඛණ්ඩව ලැබෙන එකත් දැන් අවදානමට ලක්වෙලා තියෙනවා. ඒ නිසා, දෙමව්පියන්ගේ රැකවරණය නැති දරුවන් රැකබලා ගන්න SOS ළමා ගම්මාන විසින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම උදවු බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං අවශ්‍යතා තියෙන දරුවන්ට උදවු කරන්න ඔයත් කැමතිනම් 076 322 7422 හෝ 071 869 3208 අමතන්න.

Equipment’s නැතුව ගෙදරදීම කරගන්න පුළුවන් Leg Workouts‍…

මේ විඩියෝ එකෙන් අද අපි ඔයාලට කියලා දෙන්නේ Fat එක ඉක්මනින් burn කරන්න පුළුවන් Leg Workouts කරන විදිය ගැනයි. ඔයාට ලේසියෙන්ම කිසිම equipment එකක් නැතිව මේ Workouts ගෙදරදීම කරගන්න හැකියාව තිබෙනවා.

 

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?

වෛරස් පවුලට එකතු වුණ අලුත් ම සාමාජිකයා තමයි කොරෝනා කියන්නෙ. ඉතින් කොරෝනා වෛරසය අනික් වෛරසයන්ට වඩා ගොඩක් ලොකු බලපෑමක් කරනවා. අපි මේ වෙනකොට ලබපු අත්දැකීම් එක්ක ඒ ගැන අපිට තේරෙනවා. ලොව බලවත් රටවල් පවා කොරෝනා වෛරසය ඉස්සරහ අසරණ වෙලා ඉන්නවා. අපේ රටත් පුංචි ම පුංචි දිවයිනක් වුණාට කොරෝනා වෛරසයෙ බලපෑමට ලක් වෙලා. නේද? කවුරුත් කොහොමවත් ම හිතුවෙ නෑ ඇහට නොපෙනෙන වෛරසයක් මේ තරම් දුක් ගොන්නක් දෙයි කියලා. ඇහැට පේන හතුරෙක්වත් නොකරන හතුරුකමක් තමයි කොරෝනා කරන්නෙ. අපි අපේ ජීවිත ආපස්සට ගිියා කියලා හිතුවට ඒක අපිට විතරක් වුණ දෙයක් නම් නෙමෙයි. මුළු ලෝකෙට ම ඒ දේ වුණා. කොරෝනා කාලේ හිතේ නිදහස නැති වෙයි කියලා ඔයත් බයෙන් නේද ඉන්නෙ? ගැස්ම කියවන ඔයාට කොරෝනා කාලේ . . . . හිතේ නිදහස ඒ විදිහට තියාගන්නෙ කොහොමද කියල මං කියන්නම්

 

හිත සැහැල්ලු කරගමු

ඔයාගෙ හිතේ ඇ`දුන . . . . ඔයාට වටින විිදිහෙ චරිත කවුද? කොරෝනා නිසා එයාට ඔයාව අමතක වෙලාද? නැත්තං ඔයා ගැන හැම මොහොතෙම හොයලා බලනව ද? ඔයාගෙ හිතේ සමහර චරිතවලට ආදරයක් ඇති වුණාට ඒ අයගෙ හිතේ ඔයා චරිතයක් වෙනවද නොවෙනවද කියල බලන්න වෙනවා. කොරෝනා කියන්නෙ සොබාදහමෙ සරදමක්. අපිට එකිනෙකා එක්ක ගතින් ළංවෙන්න බැරි වුණාට හිතින් ඊට වඩා ළංවෙන්න පුළුවන්. ඔයාගෙ හිතේ ආලේ වුණා චරිත එක්ක හිත සැහැල්ලු කර ගන්න ඔයාටත් පුළුවන්. කොහොමද ඉතින් හිත සැහැල්ලු කරගන්නෙ?

 

සිංදුවක් අහමු

කොරෝනා නිසා ගෙදරට කොටු වෙලා ඉන්න ඔයා හුදකලා වෙලා නම් . . . . කරන්න තියෙන්නෙ හුදකලා බව නැති කරගන්න මහන්සි වෙන එක. අපේ කාලෙ සිංදු අහලා ඔයාට සතුටක් දැනෙනවා නං ඒක කරන්න. ඔයා කැමති පරණ සිංදු අහන්න නං . . . . පරණ සිංදු අහන්න. මොනවා වුණත් සිංදු කියලා කියන්නෙ අපේ ප්‍රශ්න අමතක කරන්න තියෙන හො`දම ක්‍රමය. සමහර සිංදුවලට පුළුවන් ප්‍රශ්න අපේ මතකයෙන් තුරන් කරල ම දාන්න. ඒත් තවත් සමහර සිංදු තියෙනවා හිටියට වඩා ප්‍රශ්න ගාලක අපිව පටලන. කොරෝනා නිසා මට මගෙ ජීවිතේ ම එපා කියලා හිතන අයට ඒ හැ`ගීම නැති කරලා දාන්න නං හිතට සැහැල්ලුවක් ඕනෙම යි. ඉතින් . . . . ඒකට හො`දම විදිහ මේක තමයි.

 

ඔයාගෙ සැගවුණ දක්ෂතාවයක් හොයා ගමු

ඔයා දන්නෙ නෑ ඔයාට ලස්සනට කවි ලියන්න පුළුවන් කියලා. නිසදැස් ලියන්න පුළුවන් කියලා. නටන්න, ගයන්න, රඟන්න පුළුවන් කියලා. ඔයාට ඔයාගෙ දක්ෂතා එක්ක ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන්. ඔයාගෙ හිත සැහැල්ලු කරගන්න නං මෙන්න මේ වගේ සැගවුණ දක්ෂතාවයක් හොයා ගන්න. කොරෝනා නිසා කාර්යබහුල ජීවන රටාවෙන් ඈත් වුණ ඔයාට තනි නොතනියට කරන්න තියෙන හොඳම දෙයක් තමයි මෙන්න මේ දේ. කොරෝනා ඇවිත් අපි හැමෝගෙම ජීවිත නැති කළා කියන පහත් සිතුවිල්ල හිතින් මකලා දාන්න. කොරෝනාට දිනන්න ඉඩ දෙන්න එපා. කොරෝනා පරද්දන්න අරගල කරන්න. ඔයාගෙ හිතේ සැනසීමට කොරෝනා තමයි එකම හේතුව. එහෙම තමයි ඔයා හිතන් ඉන්නෙ? ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒත් . . . . අපි ධනාත්මකව හිතන්න ගමු. කොරෝනා කාලේ ගොඩක් අයට ගොඩක් පාඩම් කියලා දුන්නා. සමහරුන්ගෙ ජීවිත කතා එහෙම්පිටින් ම වෙනස් කළා. ඒ වෙනස් වුණේ මං මේ කියපු සැගවුණ දක්ෂතාවයක් හොයා ගත්ත නිසා. සමහරු චිත්‍ර ඇදලා ලෝකෙම දන්න චරිතයක් වුණා. කොරෝනා නිසා තමයි ඒ ජයග්‍රහණය ලැබුණෙ කියල කොරෝනාවට ම අභියෝග කළා. ඉතින් අපි හැමෝටම මෙහෙම හිතන්න පුළුවන් නම්. . . . අන්න ඒ දේ තමයි වැදගත් ම පොයින්ට් එක. තවත් අය වගා කරන්න ගත්තා. ඔයාට මතක ද? රැල්ලට වගා කරා. ඒක රැල්ලක් වුණත් අන්තමට අපේ සමාජෙටම මාරම පාඩමක් ඉගැන්නුවා. කඩ සාප්පු සවාරි ගිය අපි ගෙදර තියෙන පුංචි ඉඩක හරි අපිට අත්‍යඅවශ්‍ය ම දේ වගා කරගත්තා. ඉතින් . . . . මෙන්න මේකත් සැගවුණු දක්ෂතාවයක් තමයි. හිතේ පොරකන ඍනාත්මක අදහස් කටුගාලා දාන්න පුළුවන්කම මෙන්න මේවට තියෙනවා.

 

තමන්ගෙ ආගමත් එක්ක සම්බන්ධ වෙමු

ඔයාගෙ ආගම මොකක් වුණත් ඒ ආගම වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. හිත්වලට නිදහස ගේන හොඳම විදිහ ආගමත් එක්ක තමයි ලැඛෙන්නෙ. අපේ දුකට පිහිටක් වෙන්න ආගමට පුළුවන්. ඒ අපේ මනසට නිදහස ගේන නිසා. ඒක හරි අමුතු පුදුමාකාර දෙයක්. මොනවා වුණත් කොරෝනා කාලේ ආගම අමතක කරපු අයට ආගම මතක් කරලත් දුන්නා. එහෙම නේද? සල්ලි හොය හොය උදේ ඉදන් රෑ වෙනකං මහ ම`ග ඔට්ටු වුණ ගොඩක් අයට ආගම අදහන්න වෙලාවක්වත් තිබුණෙ නෑ. ගෙදර බුදු කුටි මකුළු දැල්වලින් උඩු වියන්, කඩතිර ඇඳලා. කොරෝනා නිසා ගෙදරට කොටු වුණාම බුදු කුටි ලස්සන කරන්න වෙලාවක් හම්බ වුණා. කොරෝනා කාලේ තමයි ආගම එක්ක මිනිස්සුන්ව තදින් ම සම්බන්ධ කරේ. ඔයාගෙ හිතේ සැනසීම වෙනුවෙන් ආගම එක්ක පුළුවන් හැම වෙලාවක ම කාලෙ ගත කරන්න. අනිවාරයෙන් ම ඔයාගෙ හිතට නිදහස දැනෙනවාමයි.

කොරෝනා කාලේ ගෙදරටම වෙලා ඉන්න කියලා කිව්වට ඒක කරන්න තියෙන නියම දේ නං නෙමෙයි නේද? මානසිකව අපි හැමෝම පිස්සො වගේ ජීවත් වුණා . එහෙම ඉන්න කොරෝනා කාලේ හිතේ නිදහස නැති වෙයි කිය කිය පසුතැවිලි වෙන්න එපා. හිතට නිදහස ඕනෙම නං මං මේ කිව්ව දේවල් කරලා බලන්න. කොරෝනා කාලේ හිතේ ආලේ නැති කරගන්න නං එපා. හිතට වැදුන ආදරණීයන් එක්ක තව තවත් බැ`දීම් ශක්තිමත් කරගන්න. කොරෝනා මාරයා පරාද කරන්න නං ඔයාගෙ හිත ශක්තිමත් වෙන්න ම ඕන. ඒ ශක්තිමත්බව ඔයාගෙ හිතට නිදහස, සැහැල්ලුව අරන් එයි. ඉතින් . . . . කොරෝනාට දිනන්න ඉඩ දෙනවද? ඔයා දිනනවද? කොරෝනා කාලේ හිතේ සැනසීම නැති කරගන්න හදන්න එපා. හිතේ සැනසීම ඇති කරගන්න ගැස්ම කියවන ඔයා මං කියපු දේවල් කරන්න. කොරෝනා කාලේ මිස් වෙන පොයින්ට් අතරෙ මේ පොයින්ට් එක මිස් නොකර ඉන්න. . . . කොරෝනා ඉස්සරහ දණ ගහල හිටපු අපි දැන් . . . . නැගිටිමු නේද . . . .

– සදුනි අරවින්දිනී –

ජීවිතේට එන ප්‍රශ්නවලට හොඳම විසඳුම හොයන්න දන්නව ද ?

හුස්මක් කටක් ගන්න නිදහසක් නැතුව එක හැල්මේ ජීවිතේ කියන රේස් එක දිනන්න ඔට්ටු වෙන අපි හැමෝම ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙනවා. මට කවුරුත් නෑ කියන මානසිකත්වය එක්ක අපිවට අපිට අමතක වෙනවා. හුදකලා වෙන්න වෙන්න අපේ ජීවිතේට බලපෑම් කරන ප්‍රශ්න ඇත්තට ම අපිව භාගෙට මරලා දානවා. හරියට ඉතින් පණ පිටින් මරලා දානවා වගේ තමයි. ප්‍රශ්න හරියට අපේ ජීවිතේ ලොස්ට් කරන්න එන මාරයා වගේ තමයි අපිට දැනෙන්නෙ. මොනව වුණත් ප්‍රශ්නවලින් පැනලා යන්න අපි කාටවත් පුළුවන් කමක් නෑ. ගොඩක් අය ප්‍රශ්නවලින් බේරෙන්න පුළුවන් හොඳම විසදුම විදිහට තෝර ගන්නෙ ජීවිතෙන් වන්දි ගෙවන එක. ගැස්ම කියවන ඔයා වුණත් මාත් එක්ක එකඟවෙයි. ඒක තමයි ගන්න තියෙන නරකම, මෝඩම විසදුම කියලා. එහෙම නේද? ඔයාගෙ ජීවිතේට එන ප්‍රශ්නවලින් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනෙ කියලා බලමු ද?

 

ප්‍රශ්නෙට හේතු වුණ මුදුන් මුල හොයාගමු

Serious thoughtful man making assumption, looking right and thinking Free Photo

ඔයාගෙ හිතට වද දෙන ප්‍රශ්නෙ ගැන හිත හිත කාලෙ විඩංගු කරනවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තට ම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න මොකද්ද හේතුව කියන දේ හොයා ගන්න එක ගොඩක් වැදගත්. සමහර වෙලාවට අපි ප්‍රශ්න කරගත්ත ගොඩක් දේවල් ඇත්තට ම ප්‍රශ්න නෙමෙයි. හිතින් අපිම මවාගත්ත විකාර. දහඅතේ කල්පනා කර කර දුක් විදින ගොඩක් ප්‍රශ්න ඉතින් අන්න ඒ වගේ ඒවා තමයි. ප්‍රශ්නෙට හරියට ම හරියන විසදුම හොයා ගන්න නම් ප්‍රශ්නෙට මුල් වෙච්ච පොයින්ට් එක මොකද්ද බලන්නම වෙනවා. නියපොත්තෙන් ගලවන්න පුළුවන් දේ පොරවෙන් කපන තැනට දුරදිග යන්නෙ මෙන්න මේ පොයින්ට් එක මිස් වුණහම තමයි. ඔයාගෙ ප්‍රශ්නෙ වෙන කෙනෙක් ගාවට අරන් යන්න කලින් ඔයාම දෙතුන් වතාවක් පුළුවන් නම් සිය දහස් වතාවක් හරි ඒ ගැන හිතන්න. ප්‍රශ්නෙට හේතු වුණ මුදුන් මුල හොයා ගන්න ඔයාට පුළුවන් කියන්නෙ තන්තු මුල්වලට යන්න ඔයාට ලේසියි කියන එක. ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න එක හේතුවක් බලපානවා කියලා හිතුවට ඇත්තට ම හේතු ගොඩක් එක්ක තමා ප්‍රශ්නයක් හැදෙන්නෙම. ඉතින් තන්තු මුල් කියලා මං කිව්වෙ අන්න ඒ අනික් හේතුවලට.

 

ප්‍රශ්නෙ විසදගන්න ඔයාටම පුළුවන් ද බලමු

Woman sitting in yoga pose on the beach Free Photo

ඔයාගෙ හිතේ නළියන, ඔයාව නැති කරන්න හදන ප්‍රශ්නෙ ඔයාටම විසදගන්න පුළුවන් ද බලන්න. මෙන්න මෙතනදි ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ඒ විතරක්ම නෙමෙයි. එයාගෙ ඉවසීම ගොඩක් ප්‍රබල වෙන්න ඕන. ඔයාට ප්‍රශ්නෙ විසදගන්න හොඳම ක්‍රමය හොයා ගන්න කලින් ක්‍රම ගොඩක් හම්බවෙනවා. ඒකනම් ෂුවර්. එන්න ඒ ක්‍රම අතර ඔයා දෝලනය වෙද්දි ඔයාගෙ හැකියාවත් එක්ක හොඳම දේට යන්න පාර හැදෙනවා. අන්න ඒ හැකියාව තමයි වැදගත්ම දෙය. ඔයා හොඳයි කියල හිතන ක්‍රමය තවත් ප්‍රශ්න ගොඩක් මවන ඉත්තෙක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න මෙතනදි ඔයා ගණුදෙනු කරන්නෙ ඔයාගෙම හිතත් එක්ක විතරක් ම කියන දේ.

 

ඔයාට බැරි නම් වෙන කෙනෙක්ට කියලා බලමු

Support of friend Free Photo

මං තනියම මගේ ප්‍රශ්න ගැන බලාගන්නවා කියල හිතන ගොඩක් අයට ජීවිතේ නැති කරගන්න වුණා. අන්න එතනදි තමා එයා සියදිවි හානි කරගන්න තැනට ගියෙ. තමන්ට වදපු අම්මා, හදපු තාත්ත අමතක කරලා, ඒ මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් දුක් කන්දක් දීලා, ජීවිතේට නැවතීමෙ තිත තිබ්බ අය තමන්ම ප්‍රශ්න විසදගන්න ගියා. මං තනිවෙලා, මට කවුරුත් නෑ කිය කිය හිතින් හුදකලා උන ඒ අය ජීවිතේම තමන් හුදකලා බව හිතුවා. මොනව වුණත් මේක නම් නෙමෙයි කරන්න තියෙන දේ. ඔයාට හිතවත්, ඔයා ළගින් ම ඉන්න ආදරණීයන්ට ඔයාගෙ ප්‍රශ්නෙ කියන්න පුළුවන්. ඔයා මෙතනදි තෝර ගන්න කෙනා විශ්වසනීය වෙන්නම ඕන. ඔයා දුකින් ඉන්න කොට ඔයාට පිහිටට එන දුක්ගිනි නිවනරාළ කියන කෙනා කොහොමද කියන දේ ගැන ඔයා දැනගෙන ඉන්න ඕන. හොඳ මූණ පෙන්නගෙන එන ගොඩක් අය ඔයා එරිලා ඉන්න මඩ ගොඩින් ඔයාව ඇදලා ගන්න මුවාවෙන් එන්නත් පුළුවන්. හැබැයි එහෙම අය එන්නෙ වෙස් මූණක් දාගෙන. ප්‍රශ්න නිසා අතරමං වුණ ඔයාට වතුර උගුරක් දීලා සනසන්න එන හැමෝම යාලුවො නම් නෙමෙයි. ඒ නිසයි විශ්වාසය වැදගත් කියල මං ඔයාට කිව්වෙ. ඔයාගෙ ප්‍රශ්න විහිළුවක් නොකර ගන්න හොඳම කෙනෙක් ඔයා තෝරගන්න. තමන්ගෙ අම්මා, තාත්තා තරම් මෙතනදි වැදගත් වෙන කවුරුත් මට නම් මතකෙට එන්නෙ නෑ. මොනව වුණත් ඔයාගෙ ප්‍රශ්න ඔයා ළඟම ඉන්න කෙනෙක්ට කියලා හිත සැහැල්ලු කරගන්න බලන්න.

 

ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. අපි කැමති දේවල් අපිට ඒ විදිහට ම ලැබෙනවා නම් අපි හැමෝගෙම ජීවිත කතා උඩු යටිකුරු වෙනවා. ජීවිතේ කියන පොත රෝස අකුරෙන් ද කළු අකුරෙන්ද ලියන්නෙ කියන එක ඔයාගෙ තීරණයක්. මොනවා වුණත් ප්‍රශ්න නැතුව රෝස මල් යහනක් වගේ ජීවිත ගෙවන කවුරුත් මේ ලෝකෙ නෑ. අන්න ඒක තමයි තිත්ත ඇත්ත. ඔයාට එන ප්‍රශ්නවලදි මං කිව්ව දේවල් කරල බලන්න. අනිවාර්යයෙන් ම ඔයාට සුබවාදී ළුලයක රස ලැබෙනවාමයි. දුකින් ඉන්න හැම වෙලාවක ම සතුටට මගක් හොයන්න. සිංදුවක් කියලා, විහිළුවක් කරලා, තාලෙට අඩියක් තියලා ප්‍රශ්න අමතක කරන්න බලන්න.

– සුඳුනි අරවින්දිනී

බඩජාරිකමට හැමදේම කනවාද? කෑම වලට limit එකක් නැද්ද ?

“වියළි මිදී ගෙඩියක් ගන්න – පිඟානක් මත තබන්න. දැන්, වාඩි වෙලා ඒ වියළි මිදී ගෙඩිය හොඳින් පරීක්ෂා කරන්න. ඒකේ සුවඳ විඳින්න. ඒක ඔයාගේ ඇඟිලි අතර රෝල් කරන්න. ඔයා ඒ වියළි මිදී ගෙඩිය සම්පූර්ණයෙන්ම විඳගත්තා කියලා ඔයාට තේරුණාම ඒක ඔයාගේ කටට දාගන්න. සෙමෙන් හපමින් ගිලින අතරතුර ඒකේ රසය ගැන සලකා බලන්න…”

සිහිකල්පනාවෙන් ආහාර ගන්න පුහුණු කරන්න අවශ්‍යම ක්‍රියාකාරකමක් තමයි අපි ඔයාට කිවුවේ. සෞඛ්‍යමය වාසි වලට විද්‍යාත්මකව වැඩි වැඩියෙන් පාවිච්චි කරන භාවනා ක්‍රමයක් විදිහට ඒක සලකනවා. අනිත් සිහිය පිහිටුවන භාවනා ක්‍රම වගේම, ඒක ඔයාගේ සිතුවිලි, හැඟීම් සහ සංවේදී අත්දැකීම් ගැන විනිශ්චය රහිත දැනුවත් කිරීමක් අවධාරණය කරනවා වගේම අපි හැමෝටම (දිනකට කිහිපසැරයක් ) කරන වැඩ ගැන අවධානය යොමු කරන්න ඒක ඔයාට උදවුවක් වෙනවා.

විශේෂඥයින් කියන විදිහට අපේ ශරීරයේ මොළයේ සිට බඩවැල් වෙනකන් ගොඩක් කොටස් වලට හිතලා මතලා ආහාර ගන්න එකෙන් ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. ලියාපදිංචි ආහාරවේදියෙකු,ලාභ නොලබන ආයතනයක සම-නිර්මාතෘ වෙන සහ මනසින් ආහාර ගැනීම ගැන පොත් පහක කතෘ වෙන මෙග්‍රෙට් ෆ්ලෙචර් කියන විදිහට නම් රූපවාහිනිය, දුරකථන හෝ වෙනත් බාහිර දේ නිසා අවධානය ගිලිහිලා තියෙන කොට ආහාර ලබා ගනිද්දී අපිට ශරීරයෙන් බඩගින්න සහ බඩපිරුණු බවට දෙන සංඥා රැසක් මඟ හැරෙනවා. නමුත් මනසින් ආහාර ගත්තොත් ඒ සංඥා මඟ නොහැර ඒ සංඥා එක්ක සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම වඩා හොඳ ආහාර තේරීමක් කරන්නත් ඒක ඔයාට උදවුවක් වෙනවා. “සිහියෙන් යුතුව ආහාර ගන්න එකේ ප්‍රධාන වාසිය තමයි ඒක ආහාර වෙනස් කරන්න තියෙන තිරසාර ප්‍රවේශයක්” කියලත් ඇය කියනවා.

සිහියෙන් යුතුව ආහාර ගන්න එක ඔයාගේ ආහාර වගේම සෞඛ්‍යයත් වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා අපි බලමු

 

  • මනසින් හිතලා ආහාර ගන්න එක ඔයාට අඩුවෙන් ආහාර ගන්න උදවුවක් වෙනවා.

සායනික පෝෂණ ගැන ඇමරිකානු ජර්නලයේ ප්‍රකාශයට පත් කරලා තියෙන අධ්‍යයන 24 ක එක් සමාලෝචනයක දක්වලා තියෙන විදිහට “අවධානයෙන් ආහාර ගැනීම”, ගන්නා ආහාර වේලේ ප්‍රමාණය අඩුවට ගන්න මිනිසුන්ට උපකාරී වෙනවා. ඒ වගේම “නොසැලකිලිමත් ලෙස ආහාර ගැනීම” ගොඩක් දෙනෙක්ට ආහාර වේල අතරතුරදී සහ ආහාර වේලෙන් පස්සේ ආහාර වැඩිපුර ගන්න හේතු වෙලා තියෙනවා.

ඔයාගේ අවධානය වෙනතකට යොමු වෙලා තියෙද්දිත් ආහාර ගන්න එක ඔයාගේ බඩ පිරුණායින් පස්සෙත් බලපෑමක් ඇති කරනවා කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවද?.මනෝවිද්‍යාව පිළිබඳ ෆ්‍රොන්ටියර්ස් සඟරාවේ පළ වූණු රූපවාහිනී නරඹන්නන් ගැන කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ රූපවාහිනී වැඩසටහන් නරඹන ගමන් ආහාර ගත්තොත් නොදැනීම පමණටත් වඩා ආහාර ගන්න එයාලා නැඹුරු වෙනවා කියලයි.

මේ විදිහට “සිහිය නැතිව” ආහාර ගන්න එක දවස පුරාම වැඩිපුර ආහාර ගන්න ඔයාව පොළඹවනවා. American Journal of Clinical Nutrition හී සමාලෝචනයේ පළවෙනි කතුවරයා සහ Liverpool විශ්ව විද්‍යාලයේ චර්යාත්මක විද්‍යාඥයෙකු වෙන එරික් රොබින්සන් කියන විදිහට නම් ” ඔයා ගන්න කෑම එක ගැන ඔයා දක්වන අවධානය අඩුවෙන්න අඩුවෙන්න ඔයා කෑම ගන්න ප්‍රමාණයත් වැඩිවෙනවා”. ඒ වගේම චර්යාව පිළිබඳ විශේෂඥයෙක් වෙන එක්සත් රාජධානියේ ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රොබින්සන් කියන්නේ ඔයා ආහාරයට ගත් දේ ගැන ඔයාගේ මතකය ඔයාගේ ආහාර රුචිය නියාමනය කිරීමේදී වැදගත් කාර්යභාරයකුත් ඉටු කරනවා කියලයි.

දවල්ට ආහාරයට ගත්ත කෑම ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න කියලා පිරිසකගෙන් ඉල්ලීමෙන් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙන විදිහට නම් එයාලා ඒ විදිහට සිහිපත් කරපු නිසා හවස තේ වෙලාවට ගන්න කෙටි කෑම අඩුවෙන් අනුභව කරන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. වෙනත් පර්යේෂණ වලිනුත් කියලා තියෙන විදිහට ඔයාට දැනෙන බඩගින්නේ තරම මැන ගන්න පුළුවන් වෙන්නෙත් ඔයා කෑම කද්දී කොච්චර සිහිකල්පනවකින් කෑම කනවද කියන එකෙන් මිසක් ඔයා කොච්චර කෑම ප්‍රමාණයක් කෑවද කියන එකෙන් නෙමෙයි.

ඉතින් ඔයා ආහාරයට ගත්ත දේවල් ඔයාගේ මතකයේ තියාගන්න සිහියෙන් යුතුව ආහාර ගත්තොත් ඔයාට පුළුවන් වේවි. ඒක ඔයාගේ ආහාර රුචිය පාලනය කරගන්න වගේම වැඩි කාලයක් ඔයාගේ බඩගින්න පාලනය කරගන්නත් ලොකු උදවුවක් වෙයි.

 

 

  • ඒක ඔයාගේ කෑම වලට තියෙන අධික ආසාව අඩු කරයි.

සැන් ෆ්රැන්සිස්කෝ වල තියෙන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක අංශයේ සහකාර මහාචාර්ය ඇෂ්ලි මේසන් කියලා තියෙන විදිහට නම් “සිහියෙන් යුතුව ආහාර ගන්න පුහුණු වෙන එකෙන් කෑම වලට තියෙන පෙරේතකම සහ කෑම කන එක අතර තියෙන සම්බන්ධය බිඳ දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් අපි කෑමක් ගැන තියෙන පෙරේතකම ගැන සිහියෙන් සහ ඒ කෑම එකෙන් කටක් කෑවම අපිට දැනෙන විදිහ ගැන සිහියේ තියාගෙන චොකලට් කේක් කැබැල්ලක් ගත්තොත් කේක් කැබැල්ලෙන් කටවල් කිහිපයක් විතරක් අරගෙන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්.”

මේසන් ගේ පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මිනිසුන් සිහියෙන් ආහාර ගන්න පුරුදු වුණාම එයාලගේ කෑම වලට තියෙන අධික ආසාවේ තරමට කෑම නොකා, අඩුවෙන් ආහාර අරගෙන තියෙනවා. මේක එයාලගේ දේහ බරේ පොඩි වෙනසක් කරන්න හේතු වෙලා තියෙනවා.

සිහිකල්පනාවෙන් ආහාර ගත්තොත් සිතුවිලි සහ චිත්තවේගයන් ගැන දැනුවත්භාවය ඇතිවෙනවා. ඒ සිතුවිලි එන්නේ කොහෙන්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කරන්න අපිට උදවුවක් වෙනවා. ඒ වගේම මේසන් කියන විදිහට අපිට කෑම ගන්න තියෙන අධික ආසාව,පෙරේතකම සමහර විට අපි මානසික ආතතියෙන්, වෙහෙසට පත්වෙලා හරි වෙනත් ආකාරයකින් අපහසුතාවයට පත්වෙලා හරි නිසා ඇතිවෙන කෑම රුචියක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ දැනෙන රුචිය කෑම ගැනීමත් එක්ක කිසිසේත්ම සම්බන්ධයක් නැති මොනවහරි ව්‍යායාමයක් ලබා ගන්න හෝ නින්දක් ලබාගන්න අවශ්‍ය වුණාම ඇතිවෙන හැඟීමක් නිසා දැනෙන රුචියක් වෙන්නත් පුළුවන්.

 

 

  • ඒක ඔයාගේ ශරීරයට සහ බඩවැල් වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඔබගේ පිඟානේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන එකෙන් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ඔයාට ලැබෙනවා. සමහර අය කියන විදිහට මේ ක්‍රියාව ආහාර හපන්නට හා රස විඳීමට දිරිගන්වනවා වගේම ආහාර වේලක වේගය අඩු කරන්න හේතු වෙනවා. හෙමින් ආහාර ගැනීම හෝ හොඳින් හපා ආහාර ගන්න එක ආහාර දිරවන්න උදවු වෙන බඩවැල් හෝමෝන මුදා හරින්න උදවු වෙනවා කියලා පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. අධ්‍යයන වලින් හොයාගෙන තියෙන විදිහට සිහිකල්පනාවෙන් කෑම ගත්තොත් බඩවැල් රෝග තියෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ අඩු කර ගන්න පුළුවන්. වෙනත් අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා දියවැඩියාව තියෙන පුද්ගලයින්ට රුධිරයේ සීනි වැඩිවීම පාලනය කරන්නත් සිහියෙන් ආහාර ගැනීම උදවු වෙනවා කියලා.

 

 

  •  හිතාලා ආහාර ගැනීම ඔයාගේ බර අඩුවෙන්න හේතු නොවෙන්න පුළුවන්.

බර අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය හිතා මතා කෑම කන එක නොවෙන්න පුළුවන්. සමහර අධ්‍යනයන් වලින් කියන විදිහට අඩුවෙන් කෑම ගැනීම බර අඩුවෙන්න හේතුවක් වෙන අතරම තවත් සමහර අධ්‍යයන ඒක බර අඩුවෙන්න හේතුවක් කියලා සදහන් කරන්නේ නැහැ. සැහීමකට පත්වෙන්න පුළුවන් තරම් සාක්ෂි මේ ගැන ලැබිලා නැති නිසා මේ ගැන අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් කරුණ තමයි අපි අඩු ප්‍රමාණයක් කෑම ගන්න නම් සිහියෙන් කෑම ගන්න එක ලොකු උදවුවක් වෙනවා.

ඇඟේ Fat එක ඉක්මනින්ම අඩු කරගන්න Hiit Workouts…

කොච්චර ව්‍යායාම කළත් බඩ අඩුවෙන්නෙ නැහැ කියලා ඔයා පසුතැවිලි වෙනවාද ?. ඉතින් අපි  ඒකට හේතුව මොකක්ද කියලා කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා. මේ විඩියෝ එකෙන් අද අපි ඔයාලට කියලා දෙන්නේ Fat එක ඉක්මනින් burn කරන්න පුළුවන් Hiit Workout කරන විදිය ගැනයි.

 

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )