Blog Page 9

Fitness day එක ගැන ඔයත් දැනුවත් වෙන්න …

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම අපි හැමෝටම ඉතාම වැදගත් දෙයක්. නිරෝගීව ශක්තිමත්ව වැඩි කාලයක් ජීවත් වෙන්න නම් අනිවාර්‍යෙන්ම හොඳ ශක්තිමත් වගේම සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගත යුතු වනවා. ලෝකය පුරාම මේ සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමුවෙලා තියෙන්නෙ අද ඊයෙ ඉඳන් නෙමෙයි. සියවසකටත් එපිට ඉඳන්ම මේ කරුණු සම්බන්ධයෙන් ලෝකයේ කතිකාවක් ඇතිවී තිබෙන බව හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසාම Fitness Day එකක් පවා නම්කොට තිබෙනවා. මැයි මාසෙ පළවෙනි සෙනසුරාදාවේ ඇමෙරිකානුවන් මේ සුවිශේෂී දිනය සමරනු ලබනවා. ජනප්‍රිය පුහුණුකරුවකු වන Kim Bielk විසින් මේ සුවිශේෂී දිනය හඳුන්වා දුන් බවයි අන්‍තර්ජාල තොරතුරු වලින් කියැවෙන්නේ.

 

 

Fitness Day – ඉතිහාසය මොකක්ද..?

මේ දිනය සහ සංකල්පයම යුරෝපය මූලික කරගෙන ඇතිවූවක් බව ඉතිහාස තොරතුරු වලින් කියැවෙනවා. විශේෂයෙන් විවිධ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයින් යුරෝපීය සංස්කෘතියට විවිධ දේවල් එකතු කර තිබෙනවා. ස්වීඩන සහ ජර්මානු ජිම්නාස්ටික් ක්‍රීඩාවනුත් එවැන්නක්. මේ ක්‍රීඩාවත් සමගම 18 වැනි සියවසේ අග භාගයේ ඉඳන්ම මේ Fitness කියන සංකල්පය ජනප්‍රිය වෙමින් පැවතුන බව සඳහන්. නමුත් 20 වැනි සියවසේ මුල ඉඳන්ම ඇමෙරිකාව සහ යුරෝපීය රටවල මිනිසුන් මේ සංකල්ප ගැන වැඩි අවධානයක් යොමුකළ බව හඳුනා ගත හැකියි. වෙළඳපොළ නව්‍යකරණයට ලක්වීමත් එක්ක මිනිසුන්ගේ අහාර රටාවන් වෙනස් වීම සිදුවුණා. විශේෂයෙන් Junk foods වලට මිනිසුන් නැඹුරු වීම සිදුවුණා. සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් වෙනුවට ක්ෂණිකව ගත හැකි කෙටි කෑම වලට පුරුදු වීමත් එක්කම ශරීර සෞඛ්‍යයට තර්ජන එල්ල වීම ආරම්භ වුණා. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මේ Fitness කියන සංකල්පය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ලෝක ප්‍රජාවට සිදුවී තිබෙනවා.

 

මොනවද මේ Fitness activities කියන්නෙ..
ටිකක් ඉතිහාසයට ගියොත් අමෙරිකානුවන්ට රාජ්‍ය මට්ටමින්ම මේ Fitness පවත්වා ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් වෙනුවෙන් අනුග්‍රහය ලැබී තිබෙනවා. ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමට නම් Fitness ක්‍රියාකාරකම් සිදුකිරීම 20 වැනි සියවසේ මුල් කාලයේ සිටම රාජ්‍ය මට්ටමින් පෙළඹවීමක් ඇතිකළ දෙයක්. Catherine Beecher කාන්තාවන් සඳහා Fitness කියන සංකල්පය වෙනුවෙන් වෙහෙසුනු ක්‍රියාකාරිනියක්. 1950 කාලය වනවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් අමෙරිකාව යුරෝපය ඇතුළු දියුණු රටවල Fitness ප්‍රවර්ධනය කරන වැඩසටහන් ක්‍රියාත්මක වීම සිදුවුණා. වෛද්‍යවරුන්ගේ දායකත්වය සහිතව ව්‍යායාම ක්‍රම හඳුන්වා දීම, පෝෂණවේදීන් ආහාර ක්‍රම පිළිබඳව පර්‍යේෂණ සිදුකිරීම, ජනතාවට ඒ පිළිබඳව දැනුම ලබාදීම සඳහා විවිධ වැඩසටහන් සංවිධාන වීම ආදිය සිදුවූ බවට තොරතුරු තිබෙනවා. Illinois විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය Thomas K. Cureton මේ සම්බන්ධයෙන් පර්‍යේෂණ සිදුකරමින් ව්‍යායාම් ක්‍රම හඳුන්වා දීමේ පුරෝගාමියකු ලෙස සැළකෙනවා. අමෙරිකාවේ වගේම ලෝකය පුරාම Health and Fitness කියන සංකල්පය ප්‍රවර්ධනය කිරීමට The american ccollege of sports medicine ආයතනය කටයුතු කරමින් සිටිනවා.

 

ලෝකයේ වර්ථමාන තත්ත්වය සලකා බැලුවොත් තරුණ ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයක පසුවනවා. විශේෂයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වලට නැඹුරු වන ප්‍රවණතාව වැඩි වෙමින් පවතිනවා. සමාජ ජාලා මාධ්‍ය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමගම Fitness and health කියන සංකල්පත් ලෝකය පුරා වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වූ බව පර්‍යේෂකයින් පෙන්වා දෙනවා. කෙසේ නමුත් තමන්ගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම නිරෝගීව වැඩි කාලයක් ජීවත් වෙන්න වගේම හැඩැති සිරුරක් සමග අභිමානයෙන් ජීවත් වෙන්නත් හේතුවක් වනවා.

 

විශේෂයෙන් ළමා කාලයේදී අපේ සිරුරේ සියළු ක්‍රියාකාරීත්වයන් හොඳින් සිදු වූවත් වයසින් මුහුකුරා යාමත් සමග ඒ තත්ත්වයේ වෙනස්කම් ඇති වනවා. ඒ නිසා ව්‍යායාම සහ ශාරීරික යෝග්‍යතාව පවත්ව ගැනීම අතිශය වැදගත්. ඒ වගේම තමන් ගන්නා කෑම බීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටීමත් අත්‍යවශ්‍ය වනවා. අහිතකර කෑම, පිටි සීනි තෙල් අධික ආහාර වලින් වැළකී නිවැරදි ව්‍යායාම් ක්‍රම අනුගමනය කරමින් ජීවත් වීම මගින් ලෙඩරෝග නැති හැඩැති සිරුරක් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබේවි. ශරීර සුවතාව, ව්‍යායාම්, ආදිය පිළිබඳව වැඩිපුර කතාබහ කරන මෙවැනි දිනකදී ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වනවා. වැඩි කලක් නිරෝගීව සුවෙන් ජීවත් වෙන්න ඔබත් කැමති නම්, මේ දැන්ම ඔබේ සිරුරේ Fitness ගැන අවදානය යොමු කරන්න කියන පණිවිඩයත් අපි ඔබට ලබා දෙනවා.

Full’r වෙතින් දැන් ඔයාට වෙනස්ම Burger අත්දැකීමක්…

BURGER BUN-ANZA

‘Own your mess’

Burger කියන්නේ ලංකාවේ ගොඩක් අය ආස කරන food loversලා ලේසියෙන් මග නොහරිනම කෑමක්. Burger එකක් කන්න ලංකාව වටේම විවිධ තැන් තියෙනවා. ඒත් නියම look එකකට නියම taste එකකට burger ගන්න තැනක් නම් හැමතැනම නැහැ. ඉතින්, burger කන්නම හිතාගෙන Uber eats app එකේ පහලට යද්දී තමයි Full’r මට හමුවුනේ. හොඳ නැවුම් පෙනුමකින්, එක එක ජාතියේ burger ජාති ගොඩකින් පිරිණු menu එකක් මට බලාගන්නට පුළුවන් වුණා.

ඉතින් oder එක දාල rider එනකන් ඉවසිල්ලක් නැතුව මම බලාගෙන හිටියෙ මේ ප්‍රණීත burger collection එක රසවිදින්න. ඔව් ඒක හිතුව වගේම හොඳට ඇසුරුම් කරපු Full’r Burger collection එක මගේ අතටම ලැබුණා.ඒ ඇසුරුම් වල තිබුණු burger එකේ නැවුම් බවද මට විඳගන්නට පුළුවන් වුණා.

Dish එකත් එක්ක එන Sides

 

 

Sides

Onion Rings (LKR 300)

කරස් කරස් ගාලා කන්න පුළුවන් ටිකක් ලොකු batter එකක ගිල්ලවපු Onion rings තමයි මෙයාලගෙන් ඔයාට ගන්න පුළුවන්. ඒක ඉතාමත් රසවත් වගේම ඝනකමින් වැඩි නිසා batter එකේ රසද හොඳට දැනෙනවා. Spicy mayonnaise එක්ක Onion rings එකතු වීමනම් පංකාදු පහයි.

 

 

Crispy Chicken Strips (LKR 375)

හොඳට බැදුණු රන්වන් පාටට චිකන් තීරු mustard sauce වල පොඟවල කනකොට දැනෙන රසය, ඔයා විඳගන්නම ඕන අත්දැකීමක්.

 

 

French fries (LKR 300)

Burger එකකට french fries එනවා කියලා අපි කොහොමත් දන්නවනේ. මේ french fries එකනම් ටිකක් මහතයි, පිටතින් ඝනකමයි. හැබැයි කරස් ගාලා හැපුනට ඇතුලතින් මෘදුයි.

අපි දැන් main menu එකට යමු.

 

 

Mains

Hometown Hero (LKR 890)

Hometown Hero කියන්නේ Fullr’s signature ශ්‍රී ලංකන් beef burger එකක්. ශ්‍රී ලංකික කුළුබඩු එක්ක මුසු වුණ beef patty එකකින් සමන්විත වෙන මේ burger එකේ, මෙයාලා කියන විදියට භාවිතා කරලා තියෙන මේ සියලුම කුළුබඩු හා සෝස් වර්ග පවා ගෙදරදීම සකස්කරගත් ඒවා. කැරමල් කළ ළූණු, hollandaise emulsion, cheddar, තක්කාලි වලින් පිරණු මේ burger එක ඔයා try කරලම බලන්න.

 

 

Captain Cool (LKR 850)

මේ තමයි Hometown එකේ chicken version එක. Beef කන්නෙ නැති ඔයාට පසුතැවෙන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් ඒ වෙනුවට මේ Captain Cool burger එක try කරන්න. Pepper cream emulsion සහ in-house spicy mayonnaise එක නිසා chicken patty එක සැරට කන්න හොඳ මිරිස් රසක් එකතුවෙලා තියෙනවා. Burger එකට මුසුවෙලා තියෙන කුළුබඩු රසය විදගන්න මේ burger එක අනිවාර්යයෙන් try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Beef Me Up Scotty (LKR 1,150)

Beef patties දෙකක් එක්ක එන මේ beef burger එක beef වලට ආස කෙනෙක්නම් try කරල බලන්නම ඕන burger එකක්.
කැරමල් කළ ළූණු, තක්කාලි, cheddar සහ ගෘහස්ථ කුළුබඩු සහිත මයෝනිස් එකතු කරපු greens coated එක Beef Me Up Scotty එකට නැවුම් රසයක් එකතු කරනවා. ඉතින් මේ වගේ විශේෂ burger එකක රසවිඳින්න හොඳම තැන තමයි Full’r කියන්නනේ.

 

 

Major General (LKR 950)

Spicy mayo සමඟින් sriracha sauce(ශ්රිරාචා) මුසුවුන chiken burger එකක රසවිදින්න Major General තමයි හොඳම dish එක. මේ burger එක try කරනකොට bun එකේ තියෙන සොෆ්ට් බව, chicken එකට මුසුවුණු sriracha වල රසයද එකට එකතුවෙලා දැනෙන රසටනම් මම ගොඩක් ආස කළා. මම දන්නවා ඔයත් මේකට අනිවාර්යයෙන් කැමති වෙනවා කියලා. ඒ නිසා Full’r එකේ මේ burger එක අනිවාර්යයෙන් try කරන්න.

 

 

Red Rooster (LKR 850)

Red sumo sauce එකත් එක්ක එකට මුසුවුන chiken patty එකේ රසය spicy mayo එකත් එක්ක mix වෙලා එනකොටනම් පංකාදු පහයි. ලූණු,සලාද කොළ ඒ වගේම soft bun එක නිසා burger එකේ රසය තවත් වැඩිවෙනවා. අනිත් burgers වලට වඩා ටිකක් ගණන් අඩුවට ඔයාට red rooster burger එක try කරන්න පුළුවන්.

 

 

That’s What Cheese Said (LKR 900)

මම නම් හිතන්නේ චීස් වලට කැමති අය කොහේ ගියත් ඉන්නවා. මං ඇතුළුව බහුතරයකට cheese කියන්නෙ ආගමක්. Grilled cottage cheese එක්ක mix වුණ සලාද කොළ,herbs ඒ වගේම sour cream සහ tomato salsa එක්ක එන මේ burger එක vegetarian ඔයාට ගැළපෙනම තේරීමක්. Tomato salsa සමග cottage cheese එකේ රසය මාව වෙනමම තැනක අරගෙන ගියා කිව්වොත් හරියටම හරි . ඉතින් meat වලට ආස ඔයත් මේ burger එක මඟහරින්නම් එපා. Meat burgurs වගේම මේ burgur එකෙත් රසයේ අඩුවක් නැහැ. කොළඹ ජිවත් වෙන ඔයා , burger spot ගැන හොඳ update එකකින් තමයි ඉන්නේ. Full’r කියන්නේ ඒ අතර තියෙන හොඳම spot එකක්.

සැමන් තෙම්පරාදුව …

අවශ්‍ය ද්‍රව්‍ය 

තෙල් මේස හැඳි 2ක්
සුදුළූණු බික් 3ක්
අමු මිරිස් කරල් 4ක්
කරපිංචා/රම්පේ
ලොකු ළූණු ගෙඩි 2ක් (සාමාන්‍ය)
කහ තේ හැඳි 1/3ක්
තක්කාලි ගෙඩි 2ක් (සාමාන්‍ය)
සැමන් 425 g ක්
ලුණු තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් මේස හැඳි 1 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 3/4ක්

සාදා ගන්නා ආකාරය 

භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.
සුදුළූණු හා අමු මිරිස් එක්කර ගන්න.
එයට රම්පේ ,කරපිංචා එකතු කර තෙම්පරාදු කර ගන්න.
සිහින්ව කපා ගත් ලොකු ළූණු එකතු කර එයට කහ ස්වල්පයක් එකතු කරන්න.
දැන් මිශ්‍රණය කලවම් කරන්න.
මිශ්‍රණයට තක්කාලි හා සැමන් එකතු කරන්න.
එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ,කෑලි මිරිස් හා ගම්මිරිස් එක්කර ගන්න.
මිශ්‍රණය කලවම් කර හොඳින් පිසගන්න.

මේ අලුත් අවුරුද්දේ කොළඹ ඉන්න ඔබට කැවිලි ගන්න පුළුවන් තැන් මෙන්න…

ලඟ ලඟම අවුරුදු එනවා. අවුරුදු කිව්ව ගමන් කන බොන අපි හැමෝටම මතක්වෙන්නේ අවුරුදු කැවිලි පෙවිලි. ඉතින්, කොළඹ අවට ඉන්න ඔයාට මේ කැවිලි උයා පිහාගන්න එකනම් ටිකක් අපහසු කාර්යයක්. ඒක නිසා ගැස්ම අපි හිතුවා කොළඹ අවට ඉන්න ඔයාට ගෙදරට රසට කැවිලි ගන්න හොඳම තැන් ලැයිස්තුවක් අරන් එන්න.

 

Aunty D

 

Aunty D කියන්නේ පුර්ණ කාලීන මවක්. ගෙදර රහට ඉතාමත් ප්‍රණීත ආහාර ඇය විසින් සපයන අතර මිළ ගණන් තුනක් යටතේ කැවිලි පෙට්ටි පරිභෝගිකයන්ට ලබාගන්න හැකියාව තිබෙනවා. කොකිස්, කොණ්ඩ කැවුම්, මුං කැවුම්, නාරං කැවුම්, අතිරස, ආස්මි, පොල් ටොෆි, රුලන්, උඳු වළලු, කළු දොදොල් සහ වැනිලා කේක් එකකුත් අන්තර්ගත වෙන්වා.
ඒ එක් එක් පෙට්ටිය සඳහා කැවිලි සහ ප්‍රමාණය වෙනස් වන අතර ඒවායේ මිල රුපියල් 4,500, රුපියල් 6,900 සහ රුපියල් 10,500 පමණ වෙනවා.

Contact number – 0775 484 402 (pre-order before April 9th)

Delivery/Pickup available – Until April 12th

Instagram – @auntydlk

 

Kavili Street

 

Kavili Street එකෙන් ඔයාට රුපියල් 1000කට කැවිලි හැම්පර් එකක් මිලදී ගන්නට පුලුවන්. මේ හැම්පර් එකේ කරපිංචා කොකිස් 6 ක්, උඳු වළලු 3 ක්, මුං කැවුම් 3 ක්, අතිරස 3 ක්, කිරි අලුවා 3 ක්, නාරං කැවුම් 3 ක් සහ බටර් කේක් ග්‍රෑම් 200 ක් අඩංගු වෙනවා.

Contact number – 076 188 0572

Facebook – @kavilistreet

 

The Dara Lipa

විශ්වසනීයත්වයෙන් ගමේ රහට කැවිලි ගන්නවානම් The Dara Lipa කියන්නෙ හොඳම තැනක්. තැන මහනුවර වුනාට ඔවුන් දිවයින පුරා බෙදාහැරීම් කටයුතු කරනවා. ඔබට ඔවුන්ගේ අවුරුදු කැවිලි මුට්ටිය (Avurudu festive pot) රුපියල් 12,000 කට මිලදී ගැනීමට හෝ ඔබට Custom box එකක් වුනත් තෝරා ගන්නට පුළුවන්. ආස්මි (LKR 100), දොදොල් (LKR 50), අතිරස (LKR 70), මුං කැවුම් (LKR 70), කොන්ඩ කැවුම් (LKR 70) උඳු වළලු (LKR 70) සහ කොකිස් (LKR 20) මිලදී ගැනීමට පුළුවන්.

Contact number – 077 791 3266

Instagram – @the_dara_lipa
Facebook – @TheDaraLipa

 

Five Star Bakers

Five Star Bakers අලෙවිසැල් කිහිපයක්ම තියෙනවා. ඔයාට කැවිලි pieces වශයෙන් මෙහිදී මිලදී ගන්නට පුළුවන්. ඔවුන් මුං කැවුම් (LKR 50), කොන්ඩ කැවුම් (LKR 55), අතිරස (LKR 45) සහ Kokis (LKR 20) වැනි මුදලකට අලෙවි කරනවා.

Contact number – 0112 733 967

 

Caravan Fresh

මේ අවුරුද්දට ඔවුන්ගේ විශේෂ අවුරුදු පිගාන කිරිබත් කෑලි 2ක්, කොකිස් 1ක්, කොණ්ඩ කැවුම් 1ක්, කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් සහ බටර් කේක් කෑල්ලක් එක්ක රුපියල් 420ක් වගේ මුදලකට මිලදීගන්න පුළුවන් .

Contact number – 071 972 1484

Website – www.caravanfresh.lk

 

Upali’s by Nawaloka Colombo

උපාලි කියන්නේ නියම ශ්‍රී ලංකේය රසය විඳින්නට තියෙන හොදම තැනක්.මේ අවුරුදු සමයේ ඔවුන් කැවුම් (LKR 70) සහ කොකිස් (LKR 40) විකුණනු ලබනවා.

Contact number – 0112 695 812

Website – www.Upalis.com

Facebook – @upalisbynawaloka

 

Kaha Bath Gedara

කහ බත් ගෙදර රසවත් අවුරුදු කැවිලි රාශියක් සමඟින් ඔබට තෝරා ගත හැකි හැම්පර් 3ක් තියෙනවා. පළමු හැම්පර් එකේ සිංහල අච්චාරු ග්‍රෑම් 200 ක්, KBG රට ඉඳි කේක් ග්‍රෑම් 500 ක්, KBG අත්සන සහිත කළු දොදොල් ග්‍රෑම් 200 ක් සහ තංගල්ල ක්‍රමයේ මාළු ඇඹුල්තියල් ග්‍රෑම් 500 ක් අඩංගු වෙනවා, ඒ සියල්ල ඔයාට රුපියල් 7,900 කට මිලදීගන්නට පුළුවන්.
දෙවැනි හැම්පර් එකේ කිතුල් පැණි කොණ්ඩ කැවුම් 5ක්, සහල් පිටි කොකිස් 10ක්, මුං කැවුම් 5ක්, ආස්මි 3ක්, සිංහල අච්චාරු ග්‍රෑම් 200ක්, KBG අත්සන සහිත කළු දොදොල් ග්‍රෑම් 200ක්, KBG කජු කිරි ටොෆි 5ක් සහ මීගමුවේ කජු අළුවා යන මේ ඔක්කොම රුපියල් 8,900 ක් වගේ මුදලකට ඔබට ලබාගන්න පුළුවන්.

අන්තිමට රුපියල් 10,500ට ලොකුම හැම්පර් එක. කිතුල් පැණි කොණ්ඩ කැවුම් 10ක්, හාල් පිටි කොකිස් 10ක්, මුං කැවුම් 10ක්, ආස්මි 3ක්, අතිරස 5ක්, මීගමුව කජු අලුවා 5ක්, හාල්මැස්සෝ බැදුම 100g, සිංහල අච්චාරු 200g, KBG කිරි ටොෆි, ඔයාට හැම්පර් එකත් එක්ක ලබාගන්න පුළුවන්. ඔබේ කැමැත්ත අනුව ඔබට සුදුසු හැම්පර් එක ඔවුන්ව සම්බන්ද කරගැනීමෙන් ලබාගන්න හැකියාව තිබෙනවා.

Contact number – 0777 862 672

Facebook – @kahabathgedara

 

Green Cabin

අවුරුදු කෑම වර්ග විශාල ප්‍රමාණයක් ඔයාට මෙහිදී මිලදිගන්නට පුළුවන්. ඔයාට අවුරුදු basket එකක් ගන්න පුළුවන් රුපියල් 3000 කට. ඒ කූඩයේ කැවුම් 6 ක්, කොකිස් 6 ක්, මුං කැවුම් 6 ක්, තල කැරලි 6 ක්, විශේෂ පළතුරු කේක් රාත්තල් 1 ක්, කළු දොදොල් ග්රෑම් 250 ක්, පොල් ටොෆි 6 ක් සහ ආස්මි 3කින් අඩංගු වෙනවා. ඒ වගේම ඔයාට කැවිලි වෙන වෙනම මිලදී ගන්න අවශ්‍යනම් කැවුම් රුපියල් 80ට, කොකිස් රුපියල් 60ට, මුං කැවුම් රුපියල් 80ට, ආස්මි රුපියල් 170ට, කළු දොදොල් ග්‍රෑම් 500ක් රුපියල් 1000ට, පොල් ටොෆි කෑලි 5ක් රුපියල් 550කට, සිංහල අච්චාරු රුපියල් 480කට මිලදීගන්නට පුළුවන්. ඔයා අලුත් අවුරුදු මේසෙට විශේෂ අවුරුදු කේක් එකක් මිලදීගැනීමට බලපොරොත්තු වෙනවානම් විශේෂ පලතුරු කේක් එක LKR 1,200 කට, රාත්තල් දෙකේ බුලත් කොලේ හැඩැති කේක් එක රුපියල් 1,200 කට සහ රාත්තල් 2කේ අලුත් අවුරුදු කේක් එක රුපියල් 1,900 කට ලබා මිලදී ගන්න පුළුවන්. ඔබට පෙර ඇනවුම් කිරීමට අවශ්‍යනම් හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

Contact number – 077 378 6140 / 077 342 3863

Website – www.greencabin.lk

Facebook – @greencabin.lk

 

Fab

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයකින් සමන්විත fab ඔබට ඉතා වටිනා හැම්පර් එකක් 3700ක් වැනි මුදලකට පිරිනමනු ලබනවා. කොණ්ඩ කැවුම් 4ක්, මුං කැවුම් 4ක්, අතිරස 4ක්, කොකිස් 4ක්, කිරි ටොෆි 4ක්, තලගුලි 4ක්, සීනි අලුවා 4ක්, රුලං අලුවා 4ක්, පොල් ටොපි 4ක්, ආස්මි 1ක්, මේ වටිනා හැම්පර් එකේ අඩංගු වෙනවා.

Contact number – 074 085 2734

Facebook – @Fabfood.lk

Website – www.thefab.lk

 

Sen Saal

Sen Saal මේ පාර අවුරුද්දට ඔබ වෙනුවෙන් පෙර ඇනවුම් භාරගනු ලබනවා. මුං කැවුම් 5ක පැකට්ටුවක් රුපියල් 225 යි, කැවුම් 5ක පැකට්ටුවක් රුපියල් 225 යි, කොකිස් 10ක පැකට්ටුවක් රුපියල් 300 යි, නාරං කැවුම් 5ක පැකට්ටුවක් රුපියල් 275 යි, අතිරස 5ක පැකට්ටුවක් රුපියල් 225 යි, අලුවා 5ක් රුපියල් 275ක්, වැලිතලප 5ක පැකට්ටුවක් රුපියල් 275ක්, දොදොල් ග්‍රෑම් 100ක් රුපියල් 120ක්, කිරිඅලුවා 5ක පැකට්ටුවක් රුපියල් 375ක්, කිරි ටොෆි 10ක පැකට්ටුවක් රුපියල් 220ක් සහ පොල් ටොෆි පැකට්ටුවක් රුපියල් 220යි. එය පොල් ටොෆි 8කින් සමන්විතයි. ඔබේ ඇනවුම් දිවයිනපුරා බෙදාහරිනු ලැබේ.

Contact number – 074 048 7777

Facebook – @SenSaal

මේ අවුරුද්ද අපි හැමෝටම කරදර වලින් පිරුණු අවුරුද්දක් නමුත් සිංහල අවුරුද්ද අපි පුළු පුළුවන් විදියට සමරන්න තමයි හදන්නේ .ඉතින් මේ ඉදිරිපත් කරපු ලැයිස්තුව ඔබට ප්‍රයෝජවත් වෙයි කියලා අපි හිතනවා. මීට අමතරව අපිට වෙනත් හොඳ ස්ථානයක් මඟ හැරී ඇත්නම් හෝ යෝජනාවන් තියෙනවානම් අනිවාර්යයෙන් දන්වන්න.

විදුලිය විසන්ධි වුණ අවස්ථාවකදී වැඩ කරන්න යන්න හොඳම තැන් මෙන්න…

ඔයාට office එකේදී හරි එහෙම නැත්නම් ඉගෙන ගන්න දේවල් වල වැඩ ගොඩ ගැහුණු දවසක විදුලිය නැති වුණොත් ඒක ඔයාට කොයිතරම් නම් බලපෑමක් වෙයිද ? අනිවාර්යයෙන්ම ඔයාගේ දවසම උඩු යටිකුරු කරන්න ඒක හේතුවක් වෙයි. ඉතින් හැමදාම වගේ මේ ප්‍රශ්නෙටත් ඔයාලා වෙනුවෙන්ම ගැස්ම අපි විසඳුමක් හොයාගෙන ආවා.

විදුලිය නැති වේලාවට ඔයාගේ වැඩ ටික කරගන්න වගේම ඒ වේලාව chill එකේ ඉන්න හොඳම තැන් කිහිපයක ලැයිස්තුවක් තමයි මේ.

 

1.Co-nnect (Shangri-La)

 

Shangri-La එකේ පිහිටා තියෙන Co-nnect කියන්නේ විදුලිය ඇනහිටි වේලාවට ඔයාගේ මනස සන්සුන් කරගෙන වැඩ ටික කරන්න තියෙන සුදුසුම ස්ථානයක් කිවුවොත් හරියටම හරි.

මිළ – LKR 1000 සිට ඉහළට
දුරකථන අංකය – 011 788 8288
ලිපිනය – Level 1, Shangri-La, Colombo-02
විවෘත වේලාවන් – 8:00am සිට 7:00pm දක්වා
Website – https://www.co-nnect.info
Instagram – https://www.instagram.com/shangrilacolombo/

 

2)The Office

මෙතැන නම් වෘත්තීයභාවය පදනම් කරගත්ත කාර්යාලීය වටපිටාවක් වගේම ඉතාම ඉහළ මට්ටමේ සුවපහසුවක් ගෙන දෙන තැනක්. එයාලගේ සුඛෝපභෝගී ආසන සැකසීම නිසා අනිවාර්යයෙන්ම ඔයාට දිගටම වැඩ කරන්න අවශ්‍ය අමතර motivation එකක් ලබා දෙනවා.

මිළ – LKR 1000 සිට ඉහළට
දුරකථන අංකය – 011 269 9869
ලිපිනය – No. 03, Cambridege Terrace, Colombo-07
විවෘත වේලාවන් – 8:00am සිට 6:00pm දක්වා
Website – https://www.theofficesrilanka.com
Instagram – https://www.instagram.com/theofficecolombo/?hl=en
Facebook – https://www.facebook.com/theofficecolombo/

 

3)Home Tree Coworking

Home Tree කියන්නේ ඔයාට දෙපාරක් නොසිතාම යන්න පුළුවන් Coworking space එකක්. සුවපහසු මේසයක් ලබාගෙන ඔයාගේ වැඩේට බහින්න තියෙන හොඳම තැනක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්.

මිළ – LKR 1500 සිට ඉහළට
දුරකථන අංකය – 077 002 5343
ලිපිනය – No. 16, Station Road, Colombo-04

විවෘත වේලාවන් – 9:00am සිට 8:00pm දක්වා (සඳුදා – සිකුරාදා)

සති අන්තයේ වසා ඇත.

Website – https://hometree.lk
Instagram – https://www.instagram.com/hometreecoworking/?hl=en
Facebook – https://www.facebook.com/hometreecoworking/

 

4)Worx

Worx කියන්නේ සෞන්දර්යාත්මක ගෘහ නිර්මාණ ශිල්පයත් එක්ක මුසු වුණු ටිකක් වෙනස් විදිහේ මිශ්‍රණයක් තියෙන coworking space එකක්. worx පිහිටලා තියෙන පරිසරය නිසාම ආතතියෙන් තොරව වැඩ ටික කරගන්න ඔයාලටත් පුළුවන් වෙයි.

මිළ – LKR 1500 සිට ඉහළට
දුරකථන අංකය – 011 723 5232 (Jawatte),
ලිපිනය – 47/1 Jawatte Road, Colombo – 05

විවෘත වේලාවන් – 9:00am සිට 6:00pm දක්වා
Website – https://worxsl.com
Instagram – https://www.facebook.com/worx.sl/
Facebook – https://www.facebook.com/worx.sl/

 

5)Hatch

Hatch පරිශ්‍රය තුළ සමාගම් ගණනාවක් පිහිටලා තියෙනවා වුණත් විදුලිය විසන්ධි කිරීමකදී ඔයාගේ හැම වැඩක්ම කරගන්න ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් එයාලා සතුව තියෙනවා.

මිළ – LKR 10,000 සිට ඉහළට (මාසිකව)
දුරකථන අංකය – 011 765 2500
ලිපිනය – No. 14, D.B. Jayatillaka Mawatha, Colombo
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Website – https://hatch.lk
Instagram – https://www.instagram.com/hatch.works/?hl=en
Facebook – https://www.facebook.com/hatchWorksLK/

 

6)WorkStudio Co-working Space

WorkStudio එකෙන් වෙනස් විදිහේ Co-working අත්දැකීමක් ලබාගන්න පුළුවන් . එයාලගේ මාසික සාමාජිකත්වයත් ඒ මුදලට ඉතාමත්ම වටිනවා.

මිළ – LKR 12500 සිට ඉහළට (මාසිකව)
දුරකථන අංකය – 077 773 1371
ලිපිනය – No. 219/ Stanley Tilakaratne Mawatha, Nugegoda
විවෘත වේලාවන් – 24*7 සතියට දවස් 7 ක්)
Facebook – https://www.facebook.com/workstudiocolombo/

 

7)HUB9

කොළඹ නගරයේ ඔබට පහසු තැන් දෙකකම පිහිටලා තියෙන HUB9 කියන්නෙත් එයාලටම ආවේණික වෙනස් තැනක්. සාධාරණ මිල ගණන් සහිත මේ ස්ථානයේ ඕනෑම කෙනෙකුට, විදුලිය ඇනහිටීම් වලදී විවේකයෙන් ඉන්න ගමන් වැඩ කටයුතු කරගන්නත් ගැළපෙනම තැනක්.

මිළ – LKR 1000 සිට ඉහළට
දුරකථන අංකය – 077 729 2950 (HUB9 සහ Nest සඳහා ඇත්තේ එකම දුරකථන අංකයකි)
ලිපිනය – No. 09, Park Gardens, Colombo-05
No. 07, Turnour Road, Colombo-08
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Website – https://hub9.space
Instagram – https://www.instagram.com/hub9coworking/?hl=en
Facebook – https://www.facebook.com/hub9colombo/

 

8)Likuid Spaces

කොල්ලුපිටියේ පිහිටලා තියෙන likuid spaces ඉතා සාධාරණ මුදලකට වැඩ කරන ඔයාලා සඳහාම ඉඩක් ලබා දෙන්න සුදානම් කරලා තියෙනවා.

මිළ – LKR 2000 සිට ඉහළට
දුරකථන අංකය – 077 608 3621
ලිපිනය – No. 05, Charles Place, Colombo-03
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Instagram – https://www.instagram.com/likuidspaces/?hl=en
Facebook – https://www.facebook.com/LikuidSpaces/

 

9)WeHive

WeHive සාධාරණ මිලකට හොට් ඩෙස්ක් පැකේජ පිරිනමනවා, ඔයාගේ වැඩ නිම කරන ගමන් නිදහසේ ඉන්න මෙතැන හොඳම තැනක් වෙයි.

මිළ – LKR 900 සිට ඉහළට
දුරකථන අංකය – 077 707 9969
ලිපිනය – No. 435, Longden Hill, Colombo-05
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක් )
Instagram – https://www.instagram.com/wehivelk/?hl=en
Facebook – https://www.facebook.com/wehivelk/

 

10)KOLAB

KOLAB කියන්නේ තමන්ගේ දවසේ වැඩ කර ගන්න තැනක් හොයන ඕනෑම කෙනෙක්ට සුදුසු හොඳම place එකක්. එයාලගේ මාසික සාමාජික පැකේජයක් ඔයාටත් ලබාගන්න පුළුවන්.

මිළ – LKR 12000 සිට ඉහළට
දුරකථන අංකය – 077 781 2044ක
ලිපිනය – 198/7 Siriwimal Garden, Nugegoda
විවෘත වේලාවන් – 24*7 (සතියට දවස් 7 ක්)
Instagram – https://www.instagram.com/kolab_coworking/?hl=en
Facebook – https://www.facebook.com/kolab.coworking/

 

11)Collaborate Coworking

Collaborate කියන්නේ වෙහෙස මහන්සියෙන් තමන්ගේ වැඩ රාජකාරි කරන අයට තමන්ගේ වැඩ ටික නිදහසේ කරගන්න යන්න තියෙන සුවිශේෂී තැනක්. එයාලගේ ගාස්තු සාධාරණයි වගේම විදුලිය විසන්ධි වුණත් ඔයාගේ වැඩකටයුතු කරගන්න එයාලා අනිවාර්යයෙන්ම ඔයාට ඉඩ සලසනවා.

මිළ – LKR 1500 සිට ඉහළට
දුරකථන අංකය – 076 787 1432
ලිපිනය – No. 387, Vijaya Kumarathunga Mawatha, Colombo 05
විවෘත වේලාවන් – 7:00am to 10:00pm (සඳුදා සිට සෙනසුරාදා දක්වා), ඉරිදා දින වසා ඇත
Instagram – https://www.instagram.com/collaborate.coworking/?hl=en
Facebook – https://www.facebook.com/collaboratesl/

ඔන්න තියෙනවා මේ කරදරකාර විදුලි කප්පාදුවෙන් පාඩු නොවෙන්න වැඩ කරගන්න යන්න තියෙන හොඳම තැන් කිහිපයක්ම. ඒ වගේම හැමෝම දන්න Coworking Spaces අපිට මග හැරී තියෙනවා නම් ඒ ගැන අපිට දන්වන්න අමතක කරන්න එපා. මේ විදුලි කප්පාදුව ඔයාගේ ජිවිතේ දියුණුවට බාධාවක් ඇති නොවෙන්න, මේ ලිපිය උදවුවක් වෙයි කියලා ගැස්ම අපි විශ්වාස කරනවා.

කොළඹ අවට නියම Indian Taste එක…

ඉන්දියානු කෑම කියන්නෙ ලෝකයෙන්ම ගොඩක් රසවත් ඒ වගේම හිතාගන්න බැරි සුවඳක් තියෙන එක එක ජාතියේ වෛයිවාරන කෑම ජාති රැසක මුසුවක් . ඒ නිසාමයි ලෝකේ වටෙන්ම ඉන්දියානු Restaurant වලට ලොකු ඉල්ලුමක් තියෙන්නේ. කොළඹ අඟලෙන් අඟලට කොච්චර ඉන්දියානු Restaurant තිබුනත් නියම ඉන්දියානු ටෙස්ට් එක ,ඒ ඉන්දියානු හැගීම එන හොඳම අවන්හල් තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් මේ අමාරු කාලේ ඔයාලගෙ අතේ ඇති ගානට හිතේ හැටියට Enjoy කරන්න පුළුවන් කොළඹ අවට තියෙන සුපිරිම ඉන්දියන් අවන්හල් සෙට් එක මොකක්ද කියලා හොඳ Idea එකක් ගන්න මේ article එක අන්තිම වෙනකන් කියවන්න. ඒ මොකද කිවුවොත් උතුරු ඉන්දියාවේ , දකුණු ඉන්දියාවේ , මදුරාසි , මුග්ලායි , බොම්බේ කෑම කන්න යන්න හොදම place එක මොකක්ද කියලා ඔයාලට මේ article එකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන්.

 

1.Dindigul Thalappakatti Restaurant

අපේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ දිනදී ගුල් තලපත්කට්ටි restaurant එක. ඔයාගේ අතේ 1500-2000 වගේ තියෙනවනම් මෙන්න try කරන්න නියම තැන. “ඉන්දියානු සහකරු” යන තේරුම දෙන මේ restaurant එක ඔයා නියම ඉන්දියන් food lover කෙනෙක්නම් මේ වෙනකොටත් අනිවාර්යෙන් try කරල තියෙන්න ඕනේ.

දුකථන අංකය – 011 487 8787
ලිපිනය – 08, Fonseka Place, Colombo-04
වෙනත් ශාඛා – Mount Lavinia, Rajagiriya, One Galle Face Mall
විවෘතව තබන වේලාව – 11:00am to 4:00pm, 6:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/thalappakattisl/?hl=en
Facebook – https://www.facebook.com/thalappakatti.srilanka/

 

2. Indian summer

ඔයා වෙජිටේරියන් කෙනෙක්නම් මෙතන නියම තැනක්. වෙජිටේරියන් විතරක් නෙමෙයිනම් වේජීස්ලටත් මෙතන හොඳ ආහාර සංකලනයක් තියෙනවා. අනෙක් විශේෂත්වය තමයි කොළඹ පිහිටි පළවෙනි උතුරු ඉන්දියානු අවන්හල තමයි ඉන්දියන් සමර් කියන්නේ. ඕනෑම ඉන්දියානු ආහාරයක් අතේ ඇති මුදලට මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. ඔයා ළඟ 800-1500 අතර මුදලක් තියෙනවනම් මෙතනට ඇවිල්ල රසවත් ඉන්දියානු ආහාරවේලක රස විඳගන්න පුළුවන්.

දුකථන අංකය – 011 266 2112
ලිපිනය – 11, Palm Grove, Colombo-03
වෙනත් ශාඛා – Beruwala, Nuwaraeliya, Kandy
විවෘතව තබන වේලාව – 11:00am to 11:00pm
Instagram – https://www.instagram.com/indiansummerlk/?hl=en
Facebook – https://www.facebook.com/IndianSummerLK/

 

3. Madras Masala

ඉන්දියාවේ නියම මදුරාසි කෑම try කරන්න කැමතිද? ඔවුන්ටම අවේනික වුන කුළුබඩු සුසන්යෝජනයකින් හදන ප්‍රණීත මදුරාසි ආහාරවේලක් රසවිදින්න මැඩ්‍රාස් මසාල කියන්නේ නියම තැනක්. ඔයා මෙතනට එනවනම් රුපියල් 1000 – 2000 අතර මුදලකට ඔයාට සුපිරි ඉන්දියානු ආහාරවේලක රස බලන්න පුළුවන්.

දුකථන අංකය – 011 236 1226
ලිපිනය – 11, Dr E A Cooray Mawatha, Colombo-06
වෙනත් ශාඛා – none
විවෘතව තබන වේලාව – 11:00am to 3:00pm, 7:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/madras_masala_colombo6/?hl=en

 

4. Thalis

Thalis කියන්නේ 100% නිර්මාංශික අවන්හලක්. වේජීස්ලට හිතේ හැටියට තෝරාගන්න කෑම ජාති ගොඩක් මේ අවන්හලේ තියෙනවා. කොළඹ park road එකේ තියෙන මේ අවන්හලේ දකුණු හා උතුරු ඉන්දියානු කෑමවල හොඳ සුසංයෝගයක් දකින්නට පුළුවන්. 1000-2000 අතර ගානක් අතේ තියෙනවනම් තාලිස් එකෙන් බඩ පැලෙන්න කන්න ඒ හොඳටම ඇති.

ලිපිනය – 05, 155 Park Road, Colombo-05
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 7:00am to 11:00pm
Facebook – https://www.facebook.com/Thalis-Restaurant-100441728825923/

 

5. Shanmugas

නිර්මාංශික අයට යන්න තවත් සුපිරි ඉන්දියානු අවන්හලක්. 1000-1500ක් වගේ තියෙනවනම් ඔයාට ඇතිවෙන්න ඉන්දියානු කෑම කන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අවන්හල ගොඩක්ම ප්‍රසිද්ධ paper dosai වලට. මේ වෙනකන් මේ restaurant එක try කරලා නැත්තම් පරක්කු නොකර ඉක්මනටම try කරන්න.

දුකථන අංකය – 011 236 1384
ලිපිනය – 53/3 Ramakrishna Road, Colombo-06
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 10:00am to 10:00pm
Instagram – https://www.instagram.com/shanmugas.colombo/?hl=en
Facebook – https://www.facebook.com/shanmugas.restaurant/

 

6. Chana’s

මෙය උතුරු ඉන්දියාවේ පවුලකට අයත් ව්‍යාපාරයක්. ආහාර වල රසය වගේම ගුණාත්මකභාවයත් ආරක්ෂා කරමින් මේ වෙනකන් ඔවුන් ව්‍යාපාරය උසස් තත්ත්වයන් පවත්වාගෙන යනවා. 1000-2000 අතේ තියෙනවානම් නියම ඉන්දියානු ආහාර වේලක රසය ඔයාට Chana’s එකෙන් විඳගන්න පුළුවන්.

දුකථන අංකය – 011 793 9788
ලිපිනය – 54, W. A. Silva Mawatha, Colombo – 06
වෙනත් ශාඛා – 16, 5th Lane, Nawala
විවෘතව තබන වේලාව – 11:00am to 11:00pm

 

7. Chola Lily Avenue

ශ්‍රී ලාංකික හා ඉන්දියානු රසය එකට මුසු කරලා Chola Lily Avenue ඔවුන්ගේ ආහාර වට්ටෝරු නිර්මාණය කරලා තියෙනවා. මාංශ , නිර්මාංශික දෙගොල්ලොන්ටම මෙතන ඉන්දියානු ප්‍රනීත ආහාර වේලක රසය විඳගන්න පුළුවන්. මෙතනට එනවනම් මෙයාලගේ එළුමස් ව්‍යංජනය try කරන්නනම් අමතක කරන්න එපා. කලින් තැන් වල වගේම තමයි 1000-2000 ඔයාගේ අතේ තියෙනව නම් ඔයාට මෙතනින් බඩ පැලෙන්න ඉන්දියන් කෑම කන්න පුළුවන්.

දුකථන අංකය – 011 436 3118
ලිපිනය – 37, Lily Avenue, Colombo – 06
වෙනත් ශාඛා – Level 5 One Galle Face
විවෘතව තබන වේලාව – 11:30am to 11:00pm
Instagram – https://www.instagram.com/chola_colombo/?hl=en
Facebook – https://www.facebook.com/CholaRest/

 

8. Kandoori

මෙතන මාංශ , නිර්මාංශ දෙගොල්ලොන්ටම කෑම තිබුණත් ගොඩක්ම නිර්මාංශ අයට තමයි මෙතන ගැලපෙන්නේ. කංදූරි අවන්හලේ දකුණු ඉන්දියාවේ ආහාර විශාල ලැයිස්තුවක් තියෙනවා. චිකන් මසාලා , බටර් චිකන් මසාල වගේ කුළුබඩු බහුල ආහාර list එකක්ම ඔයාට මේ අවන්හලේ දී බලාගන්න පුළුවන්. මෙතනින් කන්න ඔයාට 1500 – 2000ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් ඔයාට ඒ වැය කරන මුදල ගැනනම් පසුතැවෙන එකක් නැහැ.

දුකථන අංකය – 077 751 1911
ලිපිනය– 17, Charlemont Road, Colombo – 06
වෙනත් ශාඛා – 428, Galle Road, Hettimulla, Beruwala
විවෘතව තබන වේලාව – 11:30am to 11:00pm
Instagram – https://www.instagram.com/kandoori.lk/?hl=en
Facebook – https://www.facebook.com/Kandoori.lk/

 

9. Amirthaa restaurant

100% නිර්මාංශික ආහාර ලැයිස්තුවකට හිමිකම් කියන අම්රිතා ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ family restaurant එකක් විදිහට. ඒ නිසාම මේ අවන්හල ටිකක් busy. 500-1000 වගේ පොඩි ගානකට හොඳට බඩ පුරවගන්න මෙතනට ආවොත් ඔයාට පුළුවන්.

දුකථන අංකය – 011 259 0254
ලිපිනය – 256 A, Galle Road, Colombo -04
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 6:00am to 10:30pm
Facebook – https://www.facebook.com/Hotel-New-Amirthaa-111255490570752/

 

10. Chutneys – Cinnamon Grand

පොෂ් විදියට ඉන්දියන් කෑම කනවනම් චට්නිස් කියන්නේ මරු place එකක්. සිනමන් ග්රෑන්ඩ් restaurant එකේ තමයි මේ ඉන්දියන් restaurant එක තියෙන්නේ. රුපියල් 1500-2000 වගේ ගානකට මෙතනින් ඔයාට හොඳ quality service එකක් එක්ක සුපිරි ඉන්දියන් කෑම වේලක රස විදගන්න පුළුවන්.

දුකථන අංකය – 011 249 7372
ලිපිනය – Cinnamon Grand, Colombo
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 2:30pm, 7:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/cinnamongrandcolombo/?hl=en
Facebook – https://www.facebook.com/CinnamonGrandC/

 

11. Flavours – Galadari Hotel

නමෙන්ම ඔයාට restaurant එක ගැන අදහසක් ගන්න පුළුවන්නේ. මේ අවන්හලේ කෑම වල රසයනම් වෙනමම ලෙවල් එකක තියෙනවා කියලයි මේ අවන්හලට යන එන අයනම් කියන්නේ. 1000-1500 අතර ගානකින් සුපිරි ඉන්දියානු අවන්හලක රසය ඔයාට අත්විදගන්න පුළුවන්. ගලදාරි එකට යනවනම් මෙතනනම් මිස් කරගන්න එපා.

දුකථන අංකය – 011 254 4544
ලිපිනය – 64, Lotus Road, Colombo-10
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 3:00pm, 7:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/galadarihotel/?hl=en
Facebook – https://www.facebook.com/GaladariHotel/

 

12. Bombay Borough Colombo

බොම්බේ කෑම හොයාගෙන යන අයට මෙන්න නියම තැනක් . vegetarian , non – vegetarian දෙගොල්ලන්ටම මෙතන හිතේ හැටියට තමන් කැමති ආහාර තෝරාගන්න පුළුවන් ආහාර list එකක්ම මේ අවන්හලේ තියෙනවා. නියම ඉන්දියානු බොම්බේ රසය ලංකාවේ අපිටත් අත්විදින්න පුළුවන් මෙන්න මෙතනට ආවොත්.

දුකථන අංකය – 076 761 1011
ලිපිනය – Level 1, One Galle Face
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 10:00pm
Instagram – https://www.instagram.com/bombayborough.lk/?hl=en
Facebook – https://www.facebook.com/bombayboroughcolombo/

 

13.The Mango Tree

කොළඹ තියෙන පරණම ඉන්දියන් restaurant එකක් තමයි කොල්ලුපිටියේ mango tree restaurant එක කියලා කියන්නේ. ඒක නිසා විශ්වාසයෙන් අපිට යන්න පුළුවන් හොඳම තැනක් තමයි මෙතන. මේ අවන්හලට ඔයා යනවනම් 1000-1500ක් වගේ අතේ තියාගෙන යන්න, ගිහින් එක එක ජාතියේ ඉන්දියන් කෑම try කරලම බලන්න.

දුකථන අංකය – 011 762 0620
ලිපිනය – 10, Deal Place, Colombo – 03
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 11:00pm
Instagram – https://www.instagram.com/_the_mango_tree_/
Facebook – https://www.facebook.com/TheMangoTreeSriLanka/

 

14. Indian Kitchen

තමන්ගේ කස්ටමර්ස්ලට හොඳට සලකන තැනක් තමයි Indian Kitchen කියන්නේ. ඔයාට හොඳ ප්‍රනීත ආහාර වෙලක් දෙන්න මේ restaurant එක කැපවෙලා ඉන්නවා. ඔයාට නියම කේරල තමිල්නාඩු රසයක් ඕනෙ නම් මෙන්න මෙතන අනිවාර්යෙන් try කරන්න.

දුකථන අංකය– 011 711 2334
ලිපිනය – 357, R.A. De Mel Mawatha, Colombo-03
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 12:00pm to 3:00am
Instagram – https://www.instagram.com/indian_kitchen_colombo/?hl=en
Facebook – https://www.facebook.com/indiankitchencolombo/

 

15. Agra Colombo

ඉන්දියාවේ පරණ මුග්ලායි වට්ටෝරු වල රසය විඳගන්න ඕනෙ නම් අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි අග්‍රා කියන්නේ. 1500-2000 වගේ මුදලකට හිතේ හැටියට රස විදින්න පුළුවන් ආහාර වට්ටෝරු ගොඩක් මෙතන තියෙකනවා.

දුකථන අංකය – 011 488 6000
ලිපිනය – 1A, Rajakeeya Mawatha, Colombo-07
වෙනත් ශාඛා – None
විවෘතව තබන වේලාව – 11:30am to 2:30pm, 6:30pm to 11:30pm
Instagram – https://www.instagram.com/maharajapalace_sl/?hl=en
Facebook – https://www.facebook.com/MaharajaPalaceColomboSriLanka/

තායි, චයිනීස් වගේම බටහිර කෑම එකම තැනින් කන්න The Cake Boutique යමු…

Stratford මාවතේ පිහිටලා තියෙන මේ හුරුබුහුටි Restaurant එක ලංකාවේ කෑම වගේම තායි, චයිනිස්, බටහිර කෑම වලට කැමති ඔයාලටම කියාපු තැනක්. ඉතින් මෙතැන අපි විඳගත්ත අත්දැකීම ඔයාලත් එක්ක බෙදා හදාගන්න කියලා හිතුවා.

 

Breakfast

Mixed Berry Protein Smoothie Bowl (LKR 1550)

මේ පෝෂදායි Mixed Berry Protein Smoothie Bowl එක නම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න කැමති, ඇඟ ගැන හිතන අයට ගැළපෙනම කෑමක්. දැක්ක ගමන් හිත් ඇදගන්නා සුළු විදිහට ලස්සනට රෝස පැහැයක් තිබුණ මේ Smoothie Bowl එකේ රසයෙනුත් අඩුවක් නම් තිබුණේ නැහැ. Yougurt වල ඇඹුල් රසයට ගැළපෙන්න මී පැණි ,ඕට්ස් සහ බෙරි මේකට එකතු කරලා තිබුණා. Chocolate Chips, Sunflower Seeds, Pumpkin Seeds වගේ Seeds වර්ග කිහිපයක්ම මේ Smoothie එකේ රසය වගේම ගුණයත් දෙගුණ කළා කිවුවොත් හරියටම හරි. සෞඛ්‍ය සම්පන්නව බඩපිරෙන්න කන්න කැමති හැමෝටම, මේ රසවත් Smoothie Bowl එක කොතරම් හොඳද කියලා විශේෂයෙන් පැහැදිලි කරන්න නම් අවශ්‍ය වෙන එකක් නැහැ.

 

Mains

Creamy Mushroom and Spinach Pasta (LKR 1950)

නමේ හැටියටම Creamy ගතියට තිබුණ මේ Pasta එක නම් ඉතාලි කෑම වලට කැමති අයට කියාපු Dish එකක්. Shitake, Button Mushrooms, Bell Pepper සහ නිවිති එකතු කරලා තිබුන නිසා මේකේ රසයෙන් වගේම වර්ණවත්ව පෙනුමෙනුත් අඩුවක් තිබුණේ නැහැ. මේකත් එක්ක පිළිගන්වපු සාමන්‍යයෙන් පැණි රස පැත්තට ටිකක් බර Garlic Bread පෙති දෙකත් මේ Dish එකට නියමෙටම ගැලපුණා.

 

Buttered Pita Bread (LKR 1600)

අතින් හදපු Pitas තුනක් සමග Jaffna ක්‍රමයට සාදපු සැර Meatball Masala Curry එකක් සහ Creamy Potato Curry එකක් සමග මේ Dish එක අපිට පිළිගැන්වුවා . මේකත් සමග ලැබුණ නයි මිරිස් පොල් සම්බල් එක මේ Dish එකේ හැම රසයක්ම Balance කරන්න සමත් වුණා. The Cake Boutique එකේ Dishes අතරින් මේක මගේ ප්‍රියතම කෑම ලැයිස්තුවට අයිති නොවුණත් Pita වලට කැමති කෙනෙක් නම් මේක උත්සහ කරලා බලන්න අමතක කරන්න එපා.

 

Spicy Meatball Submarine Loaded with Cheese (LKR1500)

මේක නම් සාමාන්‍ය ප්‍රමාණයේ Submarine එකකට වැඩිය ප්‍රමාණයෙන් වැඩියි. Air Fry කරපු Fries ලොකු Portion එකක් සමග තක්කාලි සෝස් එක්ක මේක අපිට පිළිගැන්වූවා. Coriander වලින් සරසලා තිබුණ මේ Submarine එකට ඔවුන්ම හදපු රසම රස Meatballs, Cheese සහ Gravy එකතු කරලා තිබුණා. The Cake Boutique එකේ කෑම අතරින් මේක නම් මගේ ප්‍රියතම කෑම එකක් වුණා.

 

Spicy Nai Miris Rice Kottu with Prawns and Egg (LKR 2200)

කොත්තු වලට කොයි වෙලාවකවත් නෑ බෑ නොකියන, සැර කෑමට කැමති මට නම් මේක මගේ ප්‍රියතම Dish එක වුණා. නමට සාධාරණයක් වෙන විදිහට සෑහෙන ඉස්සන් ප්‍රමාණයක් එකතු කරලා හදලා තිබුන මේ කොත්තු එක ලූණු,තක්කාලි, මින්චි වගේම කොච්චි වලිනුත් සරසලා තිබුණා. කොත්තුවටම ගැළපෙන Thick Chicken Gravy එකක් මේ සමග අපිට පිළිගැන්වූවා. මේ කොත්තුවේ විශේෂත්වය තමයි හාල් පිටි වලින්ම හදලා තිබුණ එක.

 

Desserts

 

Salted Caramel Cake (LKR 700)

The Cake Boutique එකේ අනිත් කෑම වගේම මේකේ Portion එකත් ප්‍රමාණයෙන් වැඩියි. මේකේ රසයෙන් අඩුවකුත් තිබුණේ නැහැ. ඔයත් සාමන්‍ය ප්‍රමාණයෙන් කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කේක් කෑල්ල ඔයාට තව කෙනෙක් එක්ක බෙදාගන්න පුළුවන්. පැණි රස වගේම ලුණු රසත් සම සමව තිබුණ මේ කේක් එකේ නැවුම් , Spongy ගතියක් තිබුණා. Caramel Mousse තවරපු Layers තුනට උඩින් කජු වලින් සරසපු රසම රස Salted Caramel Layer එක කේක් එකේ රස පෙනුම තවත් වැඩි කළා.

 

Red Velvet Cake (LKR 960)

හිත් ඇදගන්නා සුළු රතු පාටකින් තිබුණු මේ Cake Slice එකේ Mascarpone සහ Cream Cheese Thick Layers තුනක් තිබුණා. Cake එකේ ඇති Creamy ගතියට වගේම ගොඩක් Spongy සහ Fresh ගතිය නිසා අපි හැමෝගෙන්ම මේකට ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. ඉතින් මෙතනට ගියොත් මේකේ රස බලන්නත් අමතක කරන්න එපා.

 

Drinks

 

Butterfly Pea Hawaiian Mojito (LKR 1300)

දැකපු ගමන්ම ලස්සන පාටට තිබුණ නිසාම මේ Mojito එකේ රස බලනකන් අපිට ඉවසිල්ලක් තිබුණේ නැහැ. හැබැයි ඒ නොඉවසිල්ල වැඩි වුනේ මේකට එකතු කරලා තිබුන දේවල් Cake Boutique එකේ Staff එකෙන් අහලා දැනගත්තම. Drink එකේ යට කොටස සුදු පාටිනුත්, උඩ කොටස ලස්සන නිල් පාටකිනුත් තිබුණේ මේ Mojito එකට එකතු කරලා තිබුන නිල් කටරොඩු මල් සහ පොල් කිරි නිසයි. Mix කලාම ලස්සන Lavender පැහැයක් ආපු මේ Drink එකේ පොල් වල රස සහ මින්ට් රස කැපී පෙනුනා වගේම පැණි රසත් ගානට තිබුණා.

 

Black Forest Shake (LKR 1200)

Chocolate Ice Cream, Chocolate Syrup, Whipped Cream සහ Cherry කැබලි එකතු කරලා හදල තිබුණ මේ Shake එක Thick සහ ගොඩක් Creamy විදිහට තිබුණා. ඔයත් Chocolate රසට වගේම Cherry රසට කැමති කෙනෙක් නම් මේ Shake එක අනිවාර්යෙන්ම Try කරලා බලන්න අමතක කරන්න එපා.

 

Cookie Creme Brulee Frappe (LKR 1050)

පොඩි Coffee රසක් තිබුන නිසාම Coffee වලට කැමති මට නම් මේක මගේ කැමතිම Drink එක වුණා. නමේ හැටියටම Cookie Creme Brulee රසට තිබුණ මේ Creamy Frappe එකේ Cookie කැබලිත් යහමින් එකතු කරලා තිබුණ නිසාම අපිට දැනුණේ හරියටම Cookie එකක් බිවුවා වගේම හැඟීමක්. මේකට එකතු කරලා තිබුණ Whipped Cream නිසා මේ Frappe එක ගොඩක් උකු ගතියට තිබුණා. ඔයත් Cookies සහ Coffee වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම එයාලගේ මේ Frappe එක උත්සහ කරන්න අමතක කරන්න එපා.

 

Achcharu Mojito (LKR 930)

මේකනම් අච්චාරු කන්න කැමති හැමෝටම රස පණිවිඩයක් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. එයාලටම ආවේණික වුණු මේ Drink එක හරියටම කිවුවොත් අපි කවුරුත් බොන්න කැමති අච්චාරු වල අන්තිමට ඉතුරු වෙන සාරය වගෙයි. ඇඹරැල්ලා, අන්නාසි සහ පේර වගේ පලතුරු මේකට එකතු කරලා තිබුණා වගේම Drink එකට ගැළපෙන සැර රසට මම ගොඩක් කැමති වුණා. ඉතින් සැරට කැමති අයට නම් මේක කියාපු බීමක් වෙයි.

 

Ambience

හරිම නිදහස්ව විවේකිව කාලය ගත කරන්නත්, යාලුවෝ සමග Studies කරන්නත් ගැළපෙනම තැනක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙතැන Cooperate Lounge එකක් සහ Shisha Lounge එකකුත් තිබීම විශේෂත්වයක්. Cake Boutique Staff එක හරිම Friendly නිසාම කෑම ගැන අපි අහපු හැම ප්‍රශ්නයකට එයාලා කිසිම පැකිලීමක් නැතුව පැහැදිලි කිරීම් කළා. Slow Music සහ කලබල නැති පරිසරය අපි හැමෝගෙම හිත් ගන්න සමත් වුණා.

Tip – මෙතැන කෑම අතරින් බොහෝ කෑම ප්‍රමාණයක් එක අයෙකුට ප්‍රමාණයෙන් වැඩි නිසා ඇනවුම් කිරීමට පෙර ඔවුන්ගේ සුහදශීලි Staff එකෙන් අදහස් ලබාගන්නත් අමතක කරන්න එපා.

පරිප්පු කරිය …

 

 

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් මේස හැඳි 1
සුදුළූණු බික් 3ක්
වියළි මිරිස් කරල් 3ක්
ලොකු ළූණු 1 (සාමාන්‍ය)
කරපිංචා + රම්පේ
අබ තේ හැඳි 1/2ක්
ලුණු තේ හැඳි 1/2ක්
උම්බලකඩ තේ හැඳි 1ක්
කහ තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
කරි පවුඩර් තේ හැඳි 1ක්
කෑලි මිරිස් තේ හැඳි 1/2ක්
සෝදා ගත් පරිප්පු කෝප්ප 1ක්
අමු මිරිස් කරල් 2ක්
පොල් කිරි කෝප්ප 2ක් (උකුවට)

සාදා ගන්නා ආකාරය ..

Rice cooker එක ගෙන එයට තෙල් මේස හැඳි 1 එක්කර ගන්න.
සුදුළූණු බික් 3ක් , වියළි මිරිස් හා ලොකු ළූණු එක්කර ගන්න.
කරපිංචා + රම්පේ සමග අබ හැඳි 1/2ක් එකතු කරන්න.
ලුණු අවශ්‍ය ප්‍රමාණයට හා උම්බලකඩ එක්කර ගන්න.
දැන් කලවම් කර ගන්න.
එයට කහ කුඩු ,මිරිස් කුඩු ,කරි කුඩු හා කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයන්ට එක්කර ගන්න.
මිශ්‍රණයට සෝදා ගත් පරිප්පු එක්කරන්න.
සිහින්ව කපා ගත් අමු මිරිස් එකතු කර ගන්න.
හොඳින් කලවම් කර ගන්න.
උකු පොල් කිරි කෝප්ප 2ක් එක්කර හොඳින් පිස ගන්න.

එදත් අදත් ගොඩයන්න හොඳම තැන IdeaHell Turns 5 …

නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් හෙබි මෙරට තාරුණ්‍යයට ඩිජිටල් අවකාශය තුළ ඔවුන්ගේ නවමු නිර්මාණ රිසි සේ සමාජගත කිරීම සදහා ඉඩ හසර ලබා දෙමින් ඇරඹුණු IdeaHell ආයතනයට අදට වසර 5 ක් සපිරෙනවා.
2017 වර්ෂයේදී ආරම්භ වූ IdeaHell ආයතනය 2018 වර්ෂයේදී YouTube හවුල්කාරීත්වය හිමිකර ගනිමින් Multi Channel Network එකක් බවට පත්වුණා.
100% ක් ශ්‍රී ලාංකික, ප්‍රථම හා එකම Multi Channel Network එක වන්නේ IdeaHell ආයතනයයි.
පසුගිය වසර පහ තුළ ජනප්‍රිය YouTube සන්නාම රාශියක් බිහි කිරීමට IdeaHell සමත් වුණා.
මේ වනවිට YouTube නාළිකා 200 කට අධික සංඛ්‍යාවක් IdeaHell යටතේ පවතින අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය ආයතන, ජනප්‍රිය තරු මෙන්ම නිර්මාණශීලින් රැසක් සතු නාළිකා ඒ අතර වනවා.
ඉදිරියේදීද ඩිජිටල් ලෝකයේ නවතම පෙරළි සිදුකිරීමට IdeaHell ආයතනය සැලසුම් කර තිබෙනව.
එහි පළමු අදියර දියත් කරමින් අවුරුදු පහ සම්පූර්ණ වීමට සමගාමීව IdeaHell Membership ලබා දීම, ක්‍රම හතරක් යටතේ නැවත ආරම්භ කළා.

මෑ කරල් සමග කොස් ඇට කරිය …

 

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් තේ හැඳි 1 1/2ක්
සුදුළූණු බික් 3ක්
සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ළුෑණු ගෙඩි 1ක්
රම්පේ කරපිංචා
කහ කුඩු තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
කොස් ඇට 15ක්
මෑ කරල් 300g
අමු මිරිස් කරල් 2ක්
ලුණු තේ හැඳි 3/4ක්
Maggi Real පිටිකල පොල්කිරි මේස හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට තෙල් තේ හැඳි 1 1/2ක් එක්කර ගන්න.
සුදුළූණු බික් 3ක් හා ලොකු ළුෑණු ගෙඩියක් එක්කර ගන්න.
එයට කරපිංචා + රම්පේ එක්කර ගන්න.
අවශ්‍ය ප්‍රමාණයට කහ කුඩු + කෑලි මිරිස් එක්කර ගන්න.
දැන් එයට කොස් ඇට එකතු කර ගන්න.
හොඳින් කලවම් කර එයට මෑ කරල් එකතු කර ගන්න.
අමු මිරිස් හා පදමට ලුණු එකතු කර ගන්න.
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 1ක් උකුවට එක්කර හොඳින් පිසගන්න.

රාජ අල කරිය …

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය …

දම් පාට අල (රාජ අල) 500g
සුදුළූණු 2
ලොකු ලූණු
අමු මිරිස් කරල් 2
කරපිංචා රම්පේ
උළුහාල් තේ හැඳි 01
කහ තේ හැඳි 1/2
කරි පවුඩර් තේ හැඳි 01
මිරිස් කුඩු තේ හැඳි 01
ලුණු තේ හැඳි 01
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 2 (දියට)
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 1 (උකුවට)
තෙම්පරාදු කරගත් ලොකු ළුණු ගෙඩි 1 (කුඩා)
තෙම්පරාදු කරගත් වියළි මිරිස් කරල් 1 (කුඩා)
තෙම්පරාදු කරගත් සුදුළූණු කරාබුනැටි 2 ක්
තෙම්පරාදු කරගත් කරපිංචා

සාදා ගන්නා ආකාරය …

කපා ගත් රාජ අල භාජනයකට දමා ගන්න.
ලොකු ලූණු හා සුදුළූණු එක්කර ගන්න.
අමු මිරිස් කරල් 2ක් සිහින්ව කපා එක්කර ගන්න.
කරපිංචා + රම්පේ එක්කර ගන්න.
උළුහාල් තේ හැඳි 1ක් එක්කර ගන්න.
අවශ්‍ය ප්‍රමාණයට කහ,කරි පවුඩර්,මිරිස් කුඩු එක්කර ගන්න.
ලුණු තේ හැඳි 1 එක්කර ගන්න.
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 2ක් දියට එක්කර තැම්බෙන්නට හරින්න.
මැගී පිටිකළ පොල් කිරි කෝප්ප 1ක් උකුවට එක්කර හොඳින් පිසගන්න.
ලොකු ලූණු + වියළි මිරිස් + සුදුළූණු + කරපිංචා තෙම්පරාදු කරගන්න.
තෙම්පරාදුව ව්‍යංජනයට එක්කර ගන්න.

මේ විදියට Love කරන Couple ඔයාටත් මුණගැහිලා තියෙනවාද …?

ප්‍රේම සම්බන්ධයක් ඇතිව හෝ නැතිව, අනිත් couple එක්ක කාලය ගත කරන එක විනෝදජනක වෙන්න පුළුවන්. සමහර විට කෙනෙකුට මීට සම්පූර්ණ වෙනස් අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත්, තනිවම හෝ තුන්වෙනි පාර්ශවකරුවෙක් විදිහට අපි මේ කතා කරන්න යන දේ ගැන අවබෝධයක් තියන එක වැදගත් වේවි. අපි මෙතනදි කියන්න යන්නෙ ලංකාවෙදි අපට හමුවන විවිධ couple කිහිපයක් ගැන. ඔයාගෙ ජීවිතයේදී ඔයාගෙ මිතුරන් හිතවතුන් අතරින් අපි මේ කියන විවිධ වර්ගවල අය හමුවෙලා ඇති. සමහර විට ඔයත් මේ එක වර්ගයකට හෝ කිහිපයකට අයිති වූ අවස්ථා ඇති. ලංකාවෙ අපට හමුවන විවිධ විදියේ couple ගැන විග්‍රහයක් කරන එක ඔයාට ඔයා ගැනමත් හොඳ තක්සේරුවකට එන්න උදවුවක් වෙයි කියල අපි හිතනවා.

 

 

Social media couples

 

 

අපි මේ කියන couples නම් ඕනෑ තරම් දකින්න පුළුවන්. විශේෂයෙන්ම වර්ථමානයේ මේ විදිහේ අය නිතර මුණගැහෙනවා. මේ පුද්ගලයින් ඒ අයගෙ Smart phone එකත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිල ඉන්න බව හඳුනා ගන්න පුළුවන්. දවසේ හැම කටයුත්තක්ම වීඩියෝ විදිහට නැතිනම් පින්තූර විදිහට සටහන් කිරීම ඔවුන්ගෙ මූලික ලක්ෂණයක් වනවා. ඒ අයගේ ප්‍රේමය ලෝකයටම දැකගත හැකි Blog එකක් වගේ කිවුවොත් නිවැරදියි. එතරම්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය වල සටහන් තියෙනවා. ඔයා, Social media news feed එකක් බලද්දි මේ වර්ගයේ අයගේ නොනවතින Selfies, Snaps දැකගන්න ලැබෙනවා නේද..? Facebook සහ Instagram මාධ්‍ය වලට ලැබෙන Likes, Comments තමයි මේ වර්ගයේ අයගේ දවස පවත්වාගෙන යන්නෙත්.

නිබ්බා සහ නිබ්බී – Teenage couples

 

 

නව යොවුන් වියේ ඉන්න couples මේ කාණ්ඩයට අයත් වනවා. එදිනෙදා දේවල් ගැන සරළ ප්‍රාථමික මට්ටමින් සිතන පතන තත්වයක් මේ අයගෙන් හඳුනාගන්න පුළුවන්. මේ අයගෙ ප්‍රේමය ගැන හොඳින් නිරීක්ෂණය කළොත් මගේ පණ, බබා, පැටියා, සුදු අම්මියා, සුදු තාත්තියා වගේ සීනි බෝල වචන ඕනෑ තරම් හඳුනාගත හැකියි. තමන්ගෙ වටපිටාව කුමක් වුවත් මේ අය අනිකා වෙත තියෙන මේ බොලඳ ආදරය පැණි බේරෙන විදිහට ප්‍රකාශ කරන්න වගබලා ගන්නවා ඔයාට දකින්න ලැබේවි.

“බොක්ක” – හොඳම මිතුරන් වැනි පෙම්වතුන්

 

 

මේ වර්ගයේ පෙම්වතුන් සමග කාලය ගත කිරීම ඉතාම සාමාන්‍යයි සහ විනෝදජනක වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වර්ගයේ යුවලක් ඇත්තටම පෙම්වතුන්මද කියල හිතෙන්න පවා පුළුවන්. ඒ තරමටම ඔවුන් සාමාන්‍ය මිතුරන් වගේ හැසිරෙනවා දකින්න හැකියි. මේ අය බොහෝවිට කලක් තිස්සේ හොඳම යහළුවන් වීමෙන් පස්සෙ පෙම්වතුන් වූ බව නිරීක්ෂණය කරන්න හැකිවේවි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රේමයට වඩා මිත්‍රත්වය පිටතට පෙනීමේ සම්භාවිතාව වැඩියි. මේ වර්ගයේ පෙම්වතුන් එක්ක කාලය ගතකරන එක තුන්වැන්නකු විදිහට ඉතාම ලෙහෙසි කටයුත්තක් වේවි. එකිනෙකාව පහසු කරවාගන්න අතරම තමන් අවට ඉන්න අනික් මිතුරන්වත් පහසු කරවන්න ඔවුන් ඉතා හොඳින් දන්නවා වගේම නිතැතින්ම ඔවුන් අතින් එය සිදුවනු ඇති.

නිතර රණ්ඩු කරන couples (වලි couples)

 

 

මේ වර්ගයේ පෙම් සම්බන්ධතා නිතරම යුධමය කලාපයක සිටින බවක් දනවනු ඇති. ඕනෑම දෙයක් ගැන ඕනෑම මොහොතක වාදයකට එළඹෙන්න ඔවුන් සූදානම් වගේම ඒ වාද ඉතා බරපතල අවසානයක් කරා ගෙන යන්නත් ඔවුන්ට පුළුවන්. බොහෝවිට මේ මතබේද පදනම් වන්නේ නොසලකා හැරිය හැකි මට්ටමේ අනවශ්‍ය හේතුවක් මූලික කරගෙන බව හඳුනගත හැකියි. තැන නොතැන නොබලා වටපිට ඉන්නේ කවුරුන්දැයි නොසිතා මොවුන් මේ මතගැටුම් ඉදිරියට ගෙන යනවා දැකගන්න පුළුවන්. මේ විදිහේ යුවලක් සමග ගැවසීම ඉතාම අපහසු කටයුත්තක්. විශේෂයෙන්ම තුන්වැන්නකුට මෙවැනි යුවළක් සමග සිටීම ඉතා වේදනාකාරී විය හැකියි. ඕනෑම මොහොතක මත ගැටුමක් ඇතිවී “බබා” “යකෝ” බවට පෙරලිය හැකි නිසා ඉතා අපහසුවෙන් එවැනි දෙදෙනෙක් එක්ක ඉන්න ඔයාට සිදුවේවි.

දුරස්ථ ප්‍රේම සම්බන්ධතා (ප්‍රේම අරගල)

 

 

මේ වර්ගයේ ප්‍රේමයන් පවතින්නේ තාක්ෂණය මත පමණයි. තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ ඇමතුම් අරගෙන දවසේ කටයුතු ගැන කතා කිරීමේ සිට සියළුම දේවල් සිදුකිරීම ඔවුන්ගේ විදිහ වනවා. සියළු ශාරීරික අවශ්‍යතා සමග මුළු ජීවිතයම වීඩියෝ කෝල් එකකට ලඝු කරමින් ජීවත් වීම මොන තරම් අසීරු දෙයක් වුනත් ඔවුන් එය කරනවා දැකගන්න පුළුවන්. බොහෝ වෙලාවට වෙනත් රටවල හෝ ඉතා දුර බැහැර ඉන්න මේ අයට මේ දෛනික වීඩියෝ කෝල් එකටත් වඩා එයට පහසු වෙලාවක් සොයා ගැනීම අපහසු වනවා. අනික් පාර්ශවය කතා කරමින් ඉද්දිම එක පාර්ශවයක් මොබයිල් ෆෝන් එකත් එක්කම නිදා ගැනීම මේ සම්බන්ධතා වල සාමාන්‍ය තත්වයක්. බොහෝ වෙලාවට මේ සම්බන්ධයන් දිගු කාලීන නොවුනත් සමහර විට ඒවා අවසානයක් කරා ගෙනයන අයත් නැතුවාම නොවෙයි.

අයියා – නංගී පෙම් යුවල

මේ වර්ගයේ අය අනිකාව හඳුන්වන්නේ, ආමන්ත්‍රණය කරන්නේ වෙනමම තලයකින්. වයසින් වැඩි පෙම්වතෙක් තමන්ට වඩා බාල වයසේ පෙම්වතියක් එක්ක පෙම්වතුන් වීමට පෙර හිතවතුන් වනවා. ඒ අය “අයියා” සහ “නංගී” ලෙස අමතා ගැනීම සාමාන්‍යයි. අවසානයේ පෙම්වතුන් වීමෙන් පසුවත් මේ ඇමතීමේ වෙනසක් වන්නේ නැහැ. සමහරු විවාහයෙන් පසුවත් මේ හැඳින්වීමම කරනවා දකින්න පුළුවන්. නමුත් ආදරය, ආරක්ෂාව, අවබෝධය වගේ කාරණාවන් මේ මත රඳා පවතියි කියල පුර්ව වින්ශ්චයන්ට එන්න නම් කාටවත් බැහැ. ඒවා එකිනෙකා මත රඳා නොපවතින දේවල්.

විටින් විට එක්වන පෙම් යුවල

මේ වර්ගයේ පෙම්වතුනුත් අපට නිතර මුණ ගැහෙනවා. ඒ දෙන්නා එකට ඉන්නවද නැද්ද කියල කවුද දන්නෙ, කියන ප්‍රශ්නය ඔයාටත් ඇතිවෙලා ඇති. මේ සතියේ ආදරයෙන් ඉන්න යුවල ඊලඟ සති අන්තය වෙද්දි විරසකයි. නැවත සතියකින් ඔවුන් පෙම්වතුන්. මෙවැනි couple එකකට ට්‍රිප් එකකට, සාදයකට ආරාධනා කරන එක ඉතා අමාරු කටයුත්තක්. ඒ මොකද කිව්වොත් ආදාළ දවස වෙද්දි ඒ දෙන්නාගෙ ප්‍රේමයේ තත්වය කාටවත්ම විශ්වාසයක් නැති නිසයි. මේ නාට්‍ය දිහා බලා සිටීම විනෝදජනක විය හැකි වුවත් එක මට්ටමකින් පස්සෙ තුන්වැන්නකුට එය බලා සිටීමත් අපහසු වනු ඇති.

ටියුෂන් couples

 

 

ටියුෂන් පන්තියේ couples ඔයාට අලුත් අත්දැකීමක් වෙන්න විදිහක් නැහැ. බොහෝවිට මේ අය එකම ටියුෂන් පන්තිය තෝරගන්නෙත් එකිනෙකා සමග වෙලාව ගත කිරීමේ උවමනාව නිසාමයි. ව්‍යාපාර කළමනාකරණය හදාරන සමහර couples සතියකට පැය දෙක තුනක් රසායන විද්‍යා පන්තියක වෙලාව ගත කරන්න වෙන හේතුවක් උවමනාද..? ටියුෂන් ප්‍රේමය කියන්නෙම එවැනි දේකට. සදාකාලික ආදරයක් වෙනුවෙන් ප්‍රේමයෙන් බැඳෙන මෙවැනි පෙම්වතුන් මාස කිහිපයක ටියුෂන් අරගලයකින් පස්සෙ වෙනත් පෙමකට මාරු වීමත් සාමාන්‍ය දෙයක්.

රහස් couples

 

 

මෙවැනි අයත් ඔයාට හමුවෙලා තියනවා නේද..? එකිනෙකා සමග ප්‍රේම සම්බන්ධතාවක් තියන බවට ඔවුන් දෙදෙනාම හෙළිදරවු කරන්නෙ නැහැ. එකිනෙකාගේ ඇස් වලින් කියන රහස් ගැන, ඉඟි බිඟි ගැන, අමුතු කතා ගැන වටපිටාව දන්නෙ නැහැ කියලත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. නමුත් ඒ බොහෝ දෙනෙක් මෙවැනි යුවලකගේ හැසිරීම් වල අමුත්ත ඉතා ඉක්මනින් තේරුම් ගන්නවා. මේ අය තමන්ගේ ලඟම මිතුරන් සමග ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන්න නිතරම උත්සාහ කරනවා. තමන් පෙම්වතුන් නොවෙයි සාමාන්‍ය යහළුවන් පමණයි කියන හැඟීම පිටතට දනවන්න කරන අසාර්ථක උත්සාහයක්. ඒ නමුත් බොහො දෙනෙක් මෙවැන්නන්ගේ රහස් ඉක්මනින් නිරීක්ෂණය කරගන්නවා.

හොඳම couples

 

 

 

තමන් වඩා හොඳම couple එක බව ඔප්පු කරන්න දඟලන පෙම්වතුන් දැක නැති වෙන්න බැහැ. ඔයා අවට ඕනෑ තරම් එවැනි අය ඇති. තමන්ගේ හොඳම යහළුවන් අතර වුවත්, හොඳම පෙම්වතුන් තමන් බව ඔප්පු කරන්න ඔවුන්ට අවශ්‍යයි. වඩා ආදරයෙන් විශ්වාසයෙන් අවබෝධයෙන් ඉන්නෙ තමන් දෙදෙනා බව ඔප්පු කරන්න මේ අය හුඟක් මහන්සි වෙනවා. සමහර විට එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරනවාටත් වඩා මෙලෙස “හොඳම” කපල් එක බව පෙන්වීමේ අරගලයට කාලය වෙන් කරනවා. ඔයාගෙ ආදරය පවත්වාගෙන යන්නෙ කොහොමද කියල නිතර විමසන මේ අය ඔවුන්ගේ සම්බන්ධය ඊට වඩා හොඳින් පවත්වා ගන්නා ආකාරය ගැන අත්දැකීම් වලින් ඔයාට උගන්වන්නත් උත්සාහ කරනවා. තමන් වඩා හොඳ වෙන්නෙ ඇයි කියල ඔප්පු කරන්න ලොකු උත්සාහයක් දරන්න මෙවැනි පෙම්වතුන් කටයුතු කරනවා.

මේ ලක්ෂණ කියවද්දි මේ එක් එක් වර්ගයට අයත් පෙම්වතුන් ඔයාගෙ මතකයට නැගෙන්න ඇති. ඒ වගේම, තමන් තුළ හෝ තමන්ගෙ පෙම්වතා / පෙම්වතිය තුළ ඇති එවැනි ලක්ෂණ ගැන මතකයට නැගෙන්නත් ඇති. කිසිවක් හොඳ හෝ නරක ලෙස වර්ග කිරීමක් අපි මේ ලිපියෙන් අපේක්ෂා කරන්නෙ නැහැ. නමුත් වඩා සුදුසු සහ ප්‍රායෝගික තලය තෝරා ගන්න මේ ලිපියෙන් උදවු ලබාගන්න ඔයාටත් හැකියාව තිබෙන බවත් මතක් කළ යුතුමයි.