Blog Page 15

හරියට නිදාගන්නේ නැත්නම් ඔබ අනතුරේ…

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි බ්‍රහ්ම මුර්තයෙන් අවදිවිමත්, ඉන් පසුව සිදු කල යුතු ක්‍රියාකාරකම් පිලිබදවත් දින චර්යාවක් යටතේ ඉතා මනාව විස්තර කර ඇති බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. අපගෙ ශරීරය තුල ස්භාවධර්මයා විසින් හරි අපුරු පුදුමාකාර ඔරලෝසුවක් ගොඩනගලා තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුල මෙය Biological clock ලෙස හඳුන්වනවා . කොටින්ම කිවහොත් මෙය විශාල සේවාවක් අප හට ලබා දෙනවා. එය ඔබගෙ ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන්ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. මෙහිදී නින්ද එහි වැදගත් කාර්යභාර්යක් ඉටු කරනවා .ඔබ නිදාගන්නා වෙලාව අනුව ශරීරය ඔබගේ නිරෝගීභාවය තිරණය කරන බව ඔබ දැන සිටියාද ?

 

එසේනම් අප නිදාගත යුත්තේ කීයටද ?

ප්‍රමාද වී නිදාගැනීම ශරිරයේ නිරෝගීභාවයට හානි සිදු කරනවාද ? මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද ? කලින් නින්දට ගොස් කලින් අවදිවීම හොඳ දවසක් ගත කිරිමට ඉවහල් වෙනවාද ? ඔව්….

ප්‍රමාද වී නිදා ගැනීම මෑත කාලයෙදි අප කොයි කවුරුත් සිදු කරන දෙයක්. මෙයින් ශාරීරිකව අප හට මුහුණ පාන්නට වන හානිය ගැන ඔබ දැන සිටියාද?

රාත්‍රී 11 සිට පාන්දර 3 අතර කාලයෙදී අපගේ අක්මාව තුල වැඩි රුධිර ප්‍රමාණයක් එකතු වෙනවා.රුධිර ධාරිතාව සමග අක්මාව කෙමෙන් කෙමෙන් විශාල වෙනවා. ඒ වගේම අප දිනකදි ආහාරයට ගන්නා ආහාරවල විශ ද්‍රව්‍ය වෙන්කර එම විශවල ගමනාගමනය අඩාල කර විනාශ කර දැමීම අක්මාව සිදු කරන්නේ මෙම කාල සිමාවෙදියී.

එසෙනම් ඔබ මේ කාල සීමාව තුල නින්දට නොගියොත් අක්මාව හට මෙම කාර්යභාරය කර ගැනීමට අපහසු වෙනවා .ඔබ වේලාසන නින්දට යනවානම් අක්මාව හට විශ නැසීමේ ක්‍රියාවලිය සදහා කාලය ලැබෙනවා .ඔබ ප්‍රමාද වි නින්දට යන අයෙක් නම් ඇත්තටම ඔබගේ ශරීරයට එකතු වී ඇති අහිතකර විශ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ උවහොත් කෙමෙන් කෙමෙන් අපගෙ ශරිරයට අහිතකර දෑ එක්රැස් වීමට පටන් ගන්නවා. ඊලගට කුමක් සිදුවෙදැයි කියා මම ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

ඔබ ප්‍රමාද වී නිදාගෙන කෙතරම් ප්‍රමාද වී අවදි උවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නම් ඒ ඉහත හේතුව නිසාමයි . තවද උදෑසන 3 සිට 5 අතර කලය තුළ ඔබගේ පෙනහලු තුලද වැඩි රුධිර සංසරණයක් සිදුවෙනවා. මන්ද යත් මෙම කාලය තුලදි පරිසරය තුල නැවුම් වාතය අඩංගුවන බැවිනි . මේ අතර ඔබ උදෑසන 5 සහ 7 කාලවලදී වැසිකිළි යාම සිදු කරනවානම් ඔබගෙ ශාරීරය තව තවත් නිරෝගීභාවයට පත් වෙනවා .එයට හේතුවනම් මෙම කාල සිමාවේදී වැඩි රුධිර සංසරණයක් සිදුවෙන්නේ මහ අන්තරය තුල නිසා.

දවසේ ප්‍රධාන ආහාරය වන උදෑසන ආහාර වේල ලබා ගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂණය ලබාගැනීම ඔබ උදෑසන 7 -9 අතර කාලයෙදී සිදුකරනවා නම් අපගෙ ශරීරයේ අමාශය තුල වැඩි රුධිර ගමනාගමනයක් සිදුවෙනවා.

මෙම හේතුන් මත අතීතයේ ජිවත් වන මිනිසුන් මෙන්ම අද ගම්මාන වල මිනිසුන් වඩා නීරෝගී සම්පන්න ජිවිතයක් ගත කිරීමටද හේතුවෙයි .ඔවුන් කලින් නිදාගෙන කලින් අවදි වෙයි. මන්ද යත් ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දුන් ඔරලෝසුවයි .

ඔබත් උත්සාහ කර බැලුවොත් ඔබටත් වෙනදාට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන් දැනෙන්නට ගනිවි.

-මන්දාකිණී පතිරණ-

බුද්ධිමය දේපල නීතිය ගැන ඔබ දැනුවත්ද?

“නීතිය එළියයි” (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම සියල්ලන් අතර බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡාමාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව “Ignorantia legis neminem excusat” යන  ලතින් ආප්තය මගින් කියවේ. ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ සමාජ සුභසාධක කමිටුව විසින් අප රටේ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුල සරල දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා දරනු ලබන වෑයමේ එක පියවරක් ලෙස පවත්වන ලද තෙවන සාකච්ඡාමාලාවේදී, බුද්ධිය භාවිතයෙන් සිදුකරනු ලබන නිර්මාණ සඳහා ඇති නෛතික අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම අරමුණු කොටගෙන “බුද්ධිමය දේපල” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ලබාදුන්, බුද්ධිමය දේපල නීති ක්‍ෂේත්‍රය තුල පරිචයනය සිදුකරනු ලබන නීතිඥවරුන් :

නීලකන්දන් හා නීලකත්දන් නීති ආයතනයේ ස්වාධීන නීති උපදේෂක හා වාණිජ නීතිය හා පුහුණුව පිළිබඳ සංවර්ධන ආයතනයේ බාහිර කතථිකාචාර්ය නීතිඥ තිෂ් වේරගොඩ මහතා සහ Plymouth සරසවියේ බාහිර කථිකාචාර්ය දේශක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ උපදේශක හා ලංකා බුද්ධිමය දේපල සංවිධානයේ නීති උපදේශක, සභාපති යන තනතුරු හොබවන නීතිඥ අපරාජිතා ආරියදාස මහත්මිය .

බුද්ධිමය දේපල යනු කුමක්ද?

දේපල යන සංකල්පයේදී දේපල හිමිකාරීත්වය සහ දේපල අයිතිය පිළිබඳ සැලකිල්ලට භාජනය වෙනවා. දේපල, ස්පර්ශනීය – එනම්, අපට දැකිය හැකි, ස්පර්ශ කළ හැකි හා දැනිය හැකි ලෙස සහ අස්පර්ශනීය – එනම්, දැකිය නොහැකිවන, වත්කම් විසින් නිර්මාණය කරන ලද අගයක් ලෙස ආකාර දෙකකට බෙදෙනවා. “Coca Cola” යන සන්නාමය ලොව ප්‍රචලිත නිශ්පාදනයක්. එහි වටිනාකම බෝතලයට අනුව නොව එහි වෙළඳනාමයට දක්වන ලැදියාව මතයි පවතින්නේ. වෙළඳනාමය කියන්නේ අස්පර්ශනීය වස්තුවක්. ඡායාරූප බුද්ධිමය නිර්මාණ වන අතර ඉන් සිදු කෙරෙන ඕනෑම මුදල් ඉපැයීමක් අදාල ඡායාරූප ශිල්පියා සතු වෙනවා. නීතිය තුල එකිනෙකට වෙනස් වෙන බුද්ධිමය දේපල වර්ග 5ක් දකින්න පුළුවන්.

  1. ප්‍රකාශන හිමිකාරීත්වය
  2. වෙළඳ ලකුණු
  3. පේටන්ට් බලපත්‍ර
  4. කාර්මික සැලසුම්
  5. රහස්‍ය තොරතුරු සහ වෙළඳ රහස්

බුද්ධිමය දේපල නීතිය විසින්, සාහිත්‍ය, කලාත්මක හා විද්‍යාත්මක නිර්මාණ ආරක්‍ෂා කරනවා. මිනිසුන්ට ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන දෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. බුද්ධිමය දේපල කාණ්ඩ 02කට බෙදා වෙන් කෙරෙනවා; ඉන් එකක් කාර්මික සැලසුම්, විද්‍යාත්මක සැලසුම්, පේටන්ට් බලපත්‍ර, වෙළඳ නාම සහ වෙළඳ ලාංඡන (කාර්මික දේපල) වැනි වෙළඳාම් සමඟ සම්බන්ධ බුද්ධිමය දේපල වෙන අතර අනෙක සාහිත්‍ය කෘති, කලාත්මක හා විද්‍යාත්මක කෘති, ජනකථා, පරිගණක වැඩසටහන්, වාස්තු විද්‍යාත්මක සැලසුම් සහ සිතියම් වැනි ප්‍රකාශන හිමිකම සහිත බුද්ධිමය දේපල ලෙස දැක්විය හැකියි. රංගන ශිලපීන්ගේ අයිතීන්, විකාශකයින්ගේ අයිතීන් හා ශබ්ද පටිගතකරන්නන්ගේ අයිතීන් අසල්වැසි අයිතිවාසිකම් ඝණයට අයත් වෙනවා.

 

 බුද්ධිමය දේපල නිතීයේ වැදගත්කම කුමක්ද?

නව නිපැයුම්කරුවන්ට සහ පාරිභෝගිකයින්ට ආර්ථික අයිතිවාසිකම් ලබා දීම මගින් අව්‍යාජ නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය සුරක්‍ෂිතතාව ඇති කරමින් නව නිපැයුම් සුරැකීමට කටයුතු කිරීම මෙම නීතිය ඉඩ ලබා දෙනවා.

 

බුද්ධිමය දේපල වර්ග 05 පිළිබඳ ඔබට විස්තර කළ හැකි ?

 

ප්රකාශන හිමිකම මනසෙහි ඇතිවන චින්තන තුලින් බිහිවන වාච්‍ය නිර්මාණ, කලාත්මක නිර්මාණ හෝ විද්‍යාත්මක නිර්මාණ ප්‍රකාශන හිමිකම සහිත නිර්මාණයි. බුද්ධිමය දේපල පනතේ 5 සහ 6 යන වගන්ති මඟින් ප්‍රකාශන හිමිකම ලබා ගත හැකි නිර්මාණ හඳුන්වා දී තිබෙනවා. පනතේ 9 වන වගන්තිය මඟින් නිර්මාණයක නිර්මාතෘ එහි ආර්ථික අයිතිවාසිකම් දරන බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම ආර්ථික අයිතිවාසිකම් වෙනත් පුද්ගලයෙකුට විකිණිය හැකියි. ප්‍රකාශන හිමිකම ජීවිත කාලය සහ අවුරුදු 70 ක කාලයෙන් පසුව අවසන් වන අතර ඉන්පසු එය පොදු අයිතියට පත් වෙනවා.

 

වෙළඳ ලකුණු වටිනාකමක් පවතින්නේ නම් ලාංඡන වෙළඳ ලකුණක් ලෙස ලියාපදිංචි කළ හැකිය. වෙළඳ ලකුණක් ලියාපදිංචි කළත් හෝ නොකළත්, ඊට අදාල වන අයිතිවාසිකම් තිබෙනවා. රෙජිස්ට්‍රාර් කාර්යාලයට වෙළඳ ලකුණ ලියාපදිංචි කිරීම සඳහා ඔබ විසින් මුදල් ගෙවනු ලබන තාක් කල් එම වෙළඳ ලකුණ හඳුනා ගත් වෙළඳ ලකුණක් ලෙස සැලකෙනවා. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ  ලියාපදිංචිය කල් ඉකුත් වූ විට කිසිදු අයිතිවාසිකමක් ඇති නොවන බව. ලියාපදිංචි නොකළ වෙළඳ ලකුණු සඳහාත් සුරක්‍ෂිතභාවයක් පවතිනවා. අවසරයකින් තොරව එලෙස සුවිශේෂී සලකුණක් භාවිතා කරන්න බැහැ. ජාතික බුද්ධිමය දේපලයන්ට අදාලවන වෙළඳ ලකුණු ලේඛනයක් ඇති අතර එමගින් ඔබට ඕනෑම ගැටළු සහගත වන හෝ සමාන වන සලකුණක් පවතින්නේ දැයි පිරික්සනන පුළුවන්.

 

පේටන්ට් බලපත් මෙය නව නිපැයුම් පිළිබඳ සැලකිලිමත් වන්නක්. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට නම් නව්‍යතාවයක් තිබිය යුතු අතර ගැටළු විසඳීමට හැකියාව ද පැවතිය යුතුයි. පේටන්ට් බලපත්‍රයක් ලියාපදිංචි කළ පසු ඒ සඳහා වසර 20 ක කාල සීමාවක් බලපැවැත්වෙන අතර එම කාල සීමාව ඉකුත්වීමෙන් පසු එය පොදු අයිතියට පත්වනවා.

 

කාර්මික සැලසුම මෙහි අයිතිවාසිකම් සහ අවශ්‍යතා පේටන්ට් බලපත්‍රයකට සාපේක්‍ෂව තරමක් අඩුයි.

 

භූගෝලීය ඇගයුම් බාස්මතී සහල් හෝ ෂැම්පේන් වැනි කිසියම් ප්‍රදේශයකට ආවේණිකව පැවත එන නිශ්පාදන මින් දැක්වේ. එනම්, කෙන්යාවේ සිට තේ සාදන තැනැත්තෙකුට එය ශ්‍රී ලාංකික තේ බව පැවසිය නොහැක සේම ඕස්ට්‍රේලියාවේ “Sparkling” වයින් සාදන්නෙකුට එය ෂැම්පේන් යැයි පැවසිය නොහැකි බවයි.

 

රහස් තොරතුරු සහ වෙළඳ රහස් “Coca Cola” සාදනු ලබන වට්ටෝරුව කිසිවෙකු දන්නේ නැහැ. එය හොඳින් සුරැකෙන වෙළඳ රහසක්. එම නිෂ්පාදනයට සම්බන්ධ පුද්ගලයින් එහි රහස ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.

 

 

කිසියම් පුද්ගලයෙකුට තමාගේම නිර්මාණයක් හෝ නව නිපැයුමක් ලියාපදිංචි කිරීමට අවශ් වේ නම් ඊට අදාල වන ක්රියා පටිපාටිය කුමක්ද?

 

මේ සඳහා ආරක්ෂණ ක්‍රමවිධි 2 ක් තිබෙනවා. එහිදී බරපතල බවෙන් අඩු ක්‍රමය “කාර්මික සැලසුම්” පටිපාටිය වන අතර වඩාත් පරිශ්‍රමයක් දැරිය යුතු  ක්‍රමය “පේටන්ට්” පටිපාටිය යි. ඒවා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් වන අතර ඒවායේ අවශ්‍යතාත් වෙනස්. බුද්ධිමය දේපල පනතේ 3 වන පරිච්ඡේදය මඟින් කාර්මික සැලසුම් ආවරණය කෙරෙනවා.  නිශ්පාදනයේ ඇති යම් නව්‍යතාවයක් සහ එය භාවිතයේ ප්‍රයෝජන සනාථ කිරීම මෙහිදී අවශ්‍ය වෙනවා. නව නිර්මාණ ලියාපදිංචි කිරීම ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේදී සිදු කෙරෙන්නේ. කාර්මික සැලසුම් සඳහා වන අයදුම්පත් සහ පේටන්ට් බලපත්‍ර සඳහා වන අයදුම්පත් ලෙස දෙආකාරයක අයදුම්පත් තිබෙන  අතර ඔබට අදාළ වන්නේ කුමක්ද යන්න ඔබට තීරණය කරන්න පුළුවන්. පේටන්ට් බලපත්‍ර සඳහා ඔබේ හිමිකම් ප්‍රකාශ කිරීමේදී ඔබේ නිර්මාණය පිළිබඳ සම්පූර්ණ අනාවරණය කළ යුතු වෙනවා.

මේ සඳහා පුද්ගලයකුට නිතීඥ සහය අවශ් වනවාද නැතිනම් ඔහුට තනිවම එය කළ හැකි ?

පේටන්ට් බලපත්‍රයක් අයදුම් කිරීම සඳහා පේටන්ට් බලපත්‍ර කෙටුම්පත්කරුවකුගේ සේවය අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ නම් මෙය නීතිඥයින් විසින් සිදුකරන අතර සිංගප්පූරුව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල්වල මෙය සිදුකරනු ලබන්නේ පේටන්ට් කෙටුම්පත්කරුවන් විසිනි.

 

ලිඛිත කාර්යයන්හිදී රචනා සොරකම (plagiarism) බුද්ධිමය දේපල නීතිය යටතේ ආවරණය වේද?

මෙය සදාචාරාත්මක අයිතියක් ලෙස සැලකෙන්නේ. සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් පිටපත් කර අසාධාරණ තරඟකාරීත්වයක් ඇති කරනු ලබන්නේ නම්, එය බුද්ධිමය දේපල නීතිය උල්ලංඝනය කිරීමක් යටතට ගන්න පුළුවන්. සත්‍ය කතෘ සඳහන් නොකරන අවස්ථාවක එය රචනා සොරකම(plagiarism)යටතට වැටෙනවා.

 

සංගීතය ගත් කල, පැරණි ගීතය වල විවිධ අනුවාදයන් අපට දැකිය හැකියි. නැගී එන සංගීතඥයින් විසින් පැරණි ගීතයන්හි තමන්ගේම අනුවාදයක් නිර්මාණය කරන්නේ කෙසේද, එසේ කිරීමෙන් ඔවුන් විසින් වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා ?

 

ගීතයක් ප්‍රතිනිර්මාණය කිරීම බුද්ධිමය දේපල පනතේ 9 වන වගන්තියෙහි ආර්ථික අයිතිවාසිකම් සීමා කිරීම් යටතට ගැනෙන්නේ. ඒ සඳහා ගීත රචකයාගේ, ගීත නිෂ්පාදකයාගේ සහ සංගීත තනු නිර්මාණ ශිල්පියාගේ අවසරය අවශ්‍ය වෙනවා.

 

නිර්මාණකරුවන්ගේ අයිතමයන් (designer items) ගත් කල, A- ශ්රේණියේ කාණ්ඩය පිළිබඳ සහ එය බුද්ධිමය දේපල අයිතිවාසිකම් කෙරෙහි එය බලපාන්නේ කෙසේද යන්න ඔබට පැහැදිලි කළ හැකිද?

 

A- ශ්‍රේණිය හෝ B- ශ්‍රේණියේ බෑග් සෑම විටම අනුරූ නිෂ්පාදනම නොවේ, ඒවා මුල් හිමිකරු විසින් ප්‍රතික්ෂේප කරන ලද මුල් නිර්මාණ ද විය හැකිය. මේවා වෙළඳපොලට පැමිණෙනවා. මුල් නිෂ්පාදනයක් හඳුනා නොගත් මාර්ග හරහා වෙළඳපොළට පැමිනිය හැකියි. එවැනි නිෂ්පාදන  අළු වෙළඳපොල ආනයන (grey market imports) ලෙස හැඳින්වේ. අලෙවි නියෝජිතයන් සමඟ විශේෂිත භෞමික ගිවිසුමක් නොමැති නම් අයිතමය මුල් නිෂ්පාදනයක් වූ පමණින්ම වෙළඳපොළට ඒම නතර කරන්න බැහැ. ව්‍යාජ නිෂ්පාදනයක් පෙනුමෙන් සමාන විය හැකි නමුත් එය සත්‍ය නිෂ්පාදනය නොවෙයි. ව්‍යාජ නිෂ්පාදන නීති විරෝධීයි.

 

ඉන්ස්ටග්රෑම් හරහා වෙළඳ නාම අයිතමයන්ගේ අනුරූ භාණ්ඩ ශ්රී ලංකාව තුල අලෙවි කරන පුද්ගලයින් අපට දැකගත හැකිය. මුල් භාණ්ඩයේ මිලටම අනුරූ භාණ්ඩ විකිණීමට හැකිද? මුල් භාණ්ඩයේ මිලටම අනුරුවක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට සහනයක් තිබේද?

 

දේශීය අලෙවි නියෝජිතයෙකු සිටී නම්, එවැනි කරුණක් ගැන වාර්තා කළ හැකියි.

 

බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය කිරීම සාපරාධි වරදක් යටතට ගැනෙන්නේ ?

 

බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය කිරීම සිවිල් සහ පරාධමය වගකීමකට හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට යමෙකු විසින් X විසින් නිර්මාණය කරන ලද ගීතය කොපි කර එය විකිණීමෙන් මුදල් උපයන්නේ නම්, එම සංයුක්ත තැටි විනාශ කිරීමට අවශ්‍ය වාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා X ට මහේස්ත්‍රාත් අධිකරණයට යන්න පුළුවන්.

 

බුද්ධිමය දේපල නීතිය උල්ලංඝණය වීම සම්බන්ධයෙන් ඇති ප්රතිකර්ම මොනවාද?

පළමුව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත්දැයි පරීක්ෂා කරන්න. ඉන්පසු අපරාධ සහ සිවිල් නඩු ගොනු කළ හැකියි. ඔබේ අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වාරණ නියෝගයක් ලබා ගැනීම හෝ වන්දි ලබා ගැනීමත්  සිදුකළ හැකියි.

 

අයිතිකරුට අයිතිවාසිකම් ලබා දීමකින් තොරව යමෙකු විසින් ප්රකාශන හිමිකම සහිත පින්තූරයක් භාවිතා කරන්නේ නම් ගත හැකි නීතිමය ක්රියාමාර්ග මොනවාද?

 

ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතියට අනුව‍, කලාත්මක කුසලතාව අදාලත්වයකින් තොරව නිර්මාණය සිදු කිරීමම මුල් අයිතිකරුගේ අයිතිය ආරක්ෂා කරනවා. එනම්, ඡායාරූපයක් ගත් මොහොතේ සිට එහි ප්‍රකාශන අයිතිය ආරක්ෂා වෙනවා.

 

පුද්ගලයෙකුගේ ස්වයං ඡායාරූපයක් (self-portrait) එම පුද්ගලයාගේ අවසරයකින් තොරව භාවිතා කරන්නේ නම්, එම පුද්ගලයාට බුද්ධිමය දේපල නීතිය යටතේ යම් ක්රියාමාර්ගයක් ගත හැකිද?

 

ඡායාරූප ශිල්පියා විසින් පුද්ගලයා වෙනුවෙන් ඡායාරූපය ගත්තා නම්, එම පුද්ගලයා ප්‍රකාශන හිමිකරු වෙනවා. ඔබේ පින්තූරයක් වෙළඳ දැන්වීමක් සඳහා ගත නොහැකි බව පුද්ගලිකත්වය පිළිබඳ මූලධර්ම විසින්  සහතික කරනවා. ඒ සඳහා පින්තූරයේ සිටින පුද්ගලයාගේ අවසරය අවශ්‍ය වෙනවා.

 

පුද්ගලයෙකුට පෞරාණික කලා නිර්මාණයක් නැවත පින්තාරු කිරීමට හැකියාව පවතී , උදාහරණයක් ලෙස මොනා ලීසාගේ චිත්රය ඇසුරින් එයින් ලාභ ලැබීම සම්බන්ධව පැහැදිලි කළ හැකි ?

 

මොනා ලීසා යනු ඩාවින්චිගේ නිර්මාණයක්. මීට වසර 500 කට පෙර චිත්‍ර ශිල්පියාගේ අභාවය හේතුවෙන් ප්‍රකාශන හිමිකමෙහි ආරක්ෂණ ආයු කාලය කල් ඉකුත්වී තිබෙන්නේ. ඒ අනුව එම සිතුවම පොදු අයිතියේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා එසේ නැවත පින්තාරු කිරීම ගැටලුවක් වන්නේ නැහැ.

 

නමුත්, නව සිතුවම් සඳහා ප්‍රකාශන හිමිකම් සක්‍රීය වනු ඇත.

 

බුද්ධිමය දේපල ආරක්ෂාව සඳහා කාල සීමාවක් පවතී ?

සාමාන්‍යයෙන් ප්‍රකාශන සඳහා ලේඛකයෙකුට එය ඔහුගේ ජීවිත කාලය සහ තවත් අවුරුදු 70 ක කාලයක්. අසීමිත කාලයක් සඳහා ආරක්ෂාව ලබා ගැනීමට සෑම වසර 10 කට වරක් වෙළඳ ලකුණු අළුත් කළ යුතු වෙනවා.

 

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය: සිනේකා වීරවර්ධන( ශ්රී ලංකා නීති ශිෂ් සංසදයේ මහජන සුබසාධක කමිටුව සඳහා ස්වේච්ඡා ලේඛක)

 

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිංහල/දෙමළ/ඉංග්රීසි භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

 

 

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 3

ඔයාගේ මොලෙන් වැඩ ගන්න හැටි කියල දෙන තුන්වෙනි ලිපිය එහෙමත් නැතිනම් අවසාන ලිපිය තමයි මේ. අද මේ ලිපි මාලාව අවසන් කරන්න හිතාගෙන තමයි ඉන්නේ. මේකේ මුල් කොටස් දෙක මග හැරුණා නම් ඒ ටිකත් කියවලම මේක බලන්න.

කලින් ලිපි වල කියල දීපු දේවල් සාර්ථකද නැද්ද කියල ඒවා කියවල උත්සහ කරපු අය දන්නවනේ. අදත් මතකය වැඩි කරගන්න තව ක්‍රම කිහිපයක් තමයි කියල දෙන්න යන්නේ. එහෙනං වැඩි කතාවක් නැතිව මාතෘකාවට එමු.

ලියමු මිතුර ලියමු….

1,481,950 Writing Stock Photos, Pictures & Royalty-Free Images - iStock

මේ මොකද්ද මේ කිව්වේ???? හරි උත්තරෙත් මං ම දෙන්නම්. මේ කිව්වේ ඔයාගේ මතකේ තිබ්බත් නැතත්, ආයේ කියෙව්වත් නැතත් ලියන්න කියලා. මොනවද ලියන්නේ? හොදයි අපි බලමු මොනවද ලියන්න ඕන දේවල් කියලා.

මොබයිල් ෆෝන් කම්පියුටර් වලට බාර දීල තියෙන අපේ ජීවිත වලට කම්මැලිම වැඩක් තමයි ලියන එක. ඒ කතාව එහෙම වුණාට අපිට මොබයිල් ෆෝන් එකේ දාල තියෙන රිමයින්ඩර් එකක් වුණත් කිසිම මතකයක් නෑ ඇලර්ට් එක එනකන්. ඔව් මතක නැති නිසානේ රිමයින්ඩර් දාන්නේ නේද. ඒත් මොනවත් මතක් කරගන්න ඕන උනොත් එහෙම නැත්තන් මතක තියාගන්න ඕන උනොත් ඔය ෆෝන් එක කියන ගැජට් එක නැත්තන් මොකද කරන්නේ ?? ඒ smart පරම්පරාවට කලින් පරම්පරාව කියලා ඔයාලා ලස්සන උත්තරයක් දෙයි නේද? (මෙතන ස්මාර්ට් කිව්වෙ නව තාක්ශනික මෙවලම් මත යැපෙන අලුත් පරම්පරාවට කෙටි නමක් විදිහට විතරයි. ඒ නිසා ඒ වචනෙ ගැන ඔයා අහිතක් හිතන එකක් නෑ කියල මං හිතනව) . ඒ කියන්නේ දැන් දෙමවුපියෝ, ආච්චිලා, සීයලා. මං හිතන්නේ මේක කියවන ඔයා 90 දශකයේ හෝ ඊට පස්සේ උපන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ පාඩම් එහෙම අමතකයි කියලා කියද්දී අම්මලා තාත්තලා කියන්නේ මතක හිටින්න දෙතුන් පාරක් ලියන්න කියලා. සමහර විට ඔයා එහෙම කරා නම් එක සාර්ථක බව ඉගෙනගෙන ඇති අනිවාර්යයෙන්ම.

ඉන්ඩියානා යුනිවර්සිටි එකේ කරපු පරීක්ෂනයකින් ඔයාගේ අම්මලා ඒ කිව්ව දේ හරි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එයාලා කියන විදිහට කීබෝර්ඩ් එකක් භාවිතයේදී ඇගිලි වලින් සිද්ධ වෙන්නේ නිකන්ම බොත්තම් එබිමක් විතරයි. සරලවම ඒ කිව්වේ නිකන්ම ඔබනවා විතරයි. එහෙම කරද්දී අපේ ඔලුවට කිසිම අකුරක්වත් අකුරක හැඩයක්වත් ඔලුවට යන්නේ නෑ. මොකකට හරි තට්ටු කරන ෆීලින් එක විතරයි. නමුත් අපි දෙයක් අතින් ලියනවනම් තත්වේ වෙනස්. අපේ මොලේ ලියන දේ අදුරගන්නවා, ඒ වගේම ඒ ගැන අවබෝධයෙන් තමයි ලියන්නේ. අන්න ඔතනදි තමයි ඔලුවට මතකය විදිහට දෙයක් සේව් වෙන්නේ. ඕනෑම දෙයක් ඉගෙන ගනිද්දී මේ ක්‍රමය අති සාර්ථකයි.

විද්‍යාවෙන් මේ කියන ඒවා විශ්වාස නැත්තන් ඔයාගෙම අත්දැකීමක් මතක් කරලා බලමු. ඔයා පොඩි කාලේ ලියන්න කියන්න පුරුදු වූනේ අම්මලාගෙන් හෝ වැඩිහිටියෙක්ගෙන් මිසක් ෆෝන් වල ටයිප් කරලා නෙමෙයි. පොඩි කාලේ ප්‍රාථමික පංති වල ගුරු මෑණි වරු ඇනපු ටොකු වලට, දීපු වේවැල් පාරවල් වලට බයෙන් පොත් වල ලියලම තමයි. ආයේ වෙන මොන උදාහරණද. ඉතින් මතකය වැඩි කරගන්න නම් ලියන එක තමයි කරන්නම ඕන.

 

හෝව් හෝව් කූල් ඩවුන්…

Anger Management - RECAP
තේරුනේ නැද්ද? මේ කියන්නේ තරහව පාලනය කරගන්න කියලා. ඔව් මට තේරෙනවා මේක පොඩ්ඩක් අමාරු වැඩක්. ගොඩක් අයට එහෙම තමයි. හැබැයි තරහ අරන් කරපු දේවල් නිසා පස්සේ අපිටම මේ ලෝකෙන් පිටුවහල් වෙන්න තරම් ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ කියන්නේ තරහ ගියාම ඕනෑම කෙනෙක් හරිම මෝඩයි. ඉතින් තරහ යන වෙලාවටත් බුද්ධිය පාවිච්චි කරලා තරහ කන්ට්‍රෝල් කරගෙන හැසිරෙන්න පුළුවන් නම් කොච්චර හොඳද නේද? කියන එක මේ තරම් ලේසි වුණාට මේක ඇත්තටම කරන්න පුලුවන්ද?

ඔව් පුළුවන්. අර පොඩි කාලේ ඉදලම එකේ ඉදල 10 ටයි 10 ඉදල එකටයි ගනින්න උගන්නන්නේ ඔන්න ඕකට තමයි. ගණන් පුළුවන් වෙන්න කියලා හිතුවට එකෙන් ඇත්තටම වෙන්නේ අතපය විසික් කරන්න ගිහින් ගුටි කාල එන එක වලක්වන්න. ඔයාලගේ අම්මා හෝ වැඩිහිටියෙක් ඔයාට තිබුන ආදරේ නිසා කියලා දීපු ඒ ක්‍රියාකාරකම අපි පොඩ්ඩක් ස්මාට් වෙන්න පාවිච්චි කරලා බලමුද ? දැන් ඔයා එකේ ඉදලා ගනින්න කිව්වත්, මොන මොන දේවල් කරලා කේන්තිය පාලනය කර ගත්තත් ,අපි නිවුන වගක් ඒ වේලාවේ දැනුනත් පස්සේ වෙලාවට අපිටම තනියම ඉද්දි ඕක මතක් වූනොත් තරහ යනවා නේද? ඇත්තටම ඒ කූල් ඩවුන් නෙමෙයි. ඒ කියන්නේ අපි ඇත්තටම නිවිලා නැහැ. ඒක එක්තරා විදිහක භාවනා ක්‍රමයක් කිව්වොත් හරි. අපේ මනස අපි කෘතිමව වෙන දෙයක් හිතන්න පොලබවනවා. ඒ නිසා තමයි එකේ ඉදලා සීයට හරි දාහට හරි ගනින්න නොකියන්නේ.

ඒ කිව්වේ? ඔව් ඒ කිව්වේ මේකයි. අපිට ඕන වේලාවක වෙන දෙයක් සිහියේ තියන් දිගට හරහට ගනින්න පුළුවන්නේ. එහෙම වුනොත් ඉවක් බවක් නැතුව ගනිනවා වගේම තරහ ගිය මානසිකත්වය වෙනස් වෙන්නෙත් නැහැ. ඒ නිසා මනස වෙන දෙයකට යොමු කරන්න තමයි 10 කියලා සීමාවකට ගනින්න කියන්නේ. එතකොට මනස වෙහෙසෙන්නේ තරහ ගැන හිතන්න නෙමෙයි. 10 සීමාව හිතේ තියාගෙන ඉන්න. ආපස්සට ගනින්න කියන්නේ තවත් මනස වෙහෙසවලා අවදානය වෙනස් කරන්න. හැබැයි මං කියන්නේ මේ විදිහට හැම වේලාවේම ගනින්න එපා. මොකද ඔයා නිතර තරහා යන කෙනෙක් නම් ඔයාගේ ඔලුව ගනින එක හුරු කරගන්නවා, ඊට පස්සේ එකේ ක්‍රියාකාරිත්වය ඉවරයි. හරියට සුරපප්පගේ මැජික් අරිශ්ටේ පවර් එක ගියා වගේ. ඒ කියලා ජිම් පප්පා වගේ වෙන්න නම් ලේසි නෑ. ඒ කියන්නේ ඕන වෙලාවක තරහ නොගෙන ඉන්න නම් ඔයාට භාවනා ක්‍රමයක් වගේ දෙයක් අනුගමනය කරන්න වෙනවා. නිතර මනස සන්සුන් වෙන්න හුරු වූනාම ඔයාට තරහ යන එක ඉබේටම නවතියි.

නමුත් ඉතින් භාවනා ක්‍රම ගැන හරියටම ඉගෙන ගන්න ටිකක් වෙහෙසෙන්න ඕනේ. ඒ නිසා බලමු අපිට තව මොකද කරන්න පුළුවන් කියලා. සරලවම අපිට හැම වේලාවේම හැම කෙනෙක් එක්කම හොදින් ඉන්න උත්සහ කරන්න පුළුවන්. ඒකත් අමාරු නම් ඉතින් තරහ ගිය වේලාවට එතනින් අයින් වෙන්න ප්‍රශ්නේ දිගට යන්න කලින්. එහෙමත් බැරි නම් වෙන ඔයා ආස දෙයක් ගැන හිතන්න. හුරු වෙනකන් අමාරුයි. හුරු වුණාම ඕනෑම ප්‍රශ්නෙකදී ඔයා තමයි නුවණක්කාරම පුද්ගලයා. මේ කතා කලෙත් තවත් එක බ්‍රේන් හැක් එකක් ගැන තමයි.

 

පින්තුර දිහා බලලා ලෙඩ නොවී ඉමුද?

 

නෑ නෑ දොස්තර රස්සාව කරන්න නෙමෙයි මේ ලැස්ති වෙන්නේ. මේ කියන්නේ ලෙඩ නොවී ඉන්න එකම නෙමෙයි. ලෙඩ වලට ඔරොත්තු දෙන විදිහට පිළිවෙතින් පෙලගැසෙමු කියලා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනස එක්ක සම්බන්ධ කරලා පොඩි බූස්ට් එකක් දාගමු කියලා.

ලෙඩ වෙන එක හිතලා වුණේ නැතත් අපිට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොදින් පවත්වාගෙන යන්න බැරි නෑහැනේ. ඉතින් මනස කියන්නේ අපිට සතුට, දුක, තරහව, ආදරය හැම දේම උපද්දවන තැනක්. අපිට පුළුවන් අපි ඉන්න මූඩ් එක අනුව අපේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන හෝමෝන වල සමතුලිත බව වෙනස් කරන්න. ඕනෑම කෙනෙක් දන්නවනේ හෝමෝන කියන්නේ අපේ සිරුරේ ගොඩක් පාලනයන් වගේම ක්‍රියාකාරිත්වයන් මනාව කරන්න උදව් වෙන දෙයක් කියලා. මේ දේ එහෙමෙහෙ වූනොත් ලෙඩ තමයි. ඉතින් සතුටින් ඉද්දි ලෙඩ නෑ කියන එක අහන්නත් දෙයක්ද.

හැබැයි මං මේ කියන්න යන්නේ සතුටින් ඉන්නවට අමතරව බ්‍රිතාන්‍යයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් කරපු පොඩි පර්යේෂණයක් ගැන. මෙයාලා කැස්ස, හෙම්බිරිස්සාව, උණ වගේ සාමාන්‍ය එදිනෙදා ඕනෑම කෙනෙක්ට ඇතිවෙන ජාතියේ අසනීප හැදුන පිරිසකට විනාඩි 10ක පින්තුර කිහිපයක් පෙන්නලා. මේ වැඩේ කරලා හොයාගෙන තියෙනවා සුදු රුධිරානු සෛල ගමන් කරන වේගය වැඩි වෙලා ආසාදන තත්වයන් වලට ඔරොත්තු දෙන්න අවශ්‍ය කරන ප්‍රෝටීනයක් වන ඉන්ටලියුකින්-6 නිපදවන්න පටන් අරන් කියලා. 23% කින් මේ ප්‍රෝටීනය වැඩි වෙලා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ අයව ස්ට්‍රෙස් වෙන විදිහේ පින්තුර පෙන්නුවත් එයාලගේ අඩු වුණ ප්‍රතිශතය 6%ක් විතරයි. ඒ කියන්නේ සිත නිවෙන මනසට හොද පින්තුර බලන එක ඔයාගේ ලෙඩ වෙන එක පොඩ්ඩක් කල් දාන්න පුළුවන්. උත්සහකරලා බලමුද?

ඉතින් කවුරු කොහොම මොනවා කිවුවත් හැම දේටම මුල මනස කියන එක බොරු නෙමෙයි නේද?

 

-සචිනිකා තත්සරණී-

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 2

ගිය සතියේ දාපු ලිපියේ දෙවැනි කොටසින් තමයි මේ අපි මුණ ගැහෙන්නේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා කොහොමද මේ මොලේ හැක් කරන්නේ කියලා. ගිය සැරේ කිව්ව විදිහට මයින්ඩ් පැලස් එකක් හදාගන්න ට්‍රයි කරලා එහෙම බලන්න ඇති නේද? අද අපි බලමු අපේ මොලේ අපිට ඕන විදිහට හැක් කරලා එහෙමත් නැතිනම් හසුරුවලා අපිට කරන්න පුළුවන් තව වැඩ මොනවද කියලා. කලින් ලිපියෙන් අපි කතා කරපු, ඔයාලා ගොඩනගා ගත්ත mind palace එක දිගටම පවත්වාගෙන යන්නත් අපි මේ කතාකරන්න යන්න දේවල් ඔයාලට උදවුවක් වෙයි.

 

අලුතෙන් දෙයක් එකතු වෙද්දී පරණ මතකේ අයින් වෙනවද??

මේක ඉතින් අහන්නත් දෙයක්ද. බොහෝ වේලාවට මේක අපි හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඇත්තටම මේකට හේතුව තමයි අපේ තියෙන රැම් එකයි රොම් එකයි දෙකක්. පැහැදිලි මදිද? සරලවම කිවුවොත් ඒ කිව්වේ අපේ මතකය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කාලයක් නිතර මනසට ගෝචර වෙලා ස්ථාවර උන මතකයන් සහ පොඩි පොඩි සිද්ධි නිසා එකතු වුණ තාවකාලික මතකයන් විදිහට. මෙහෙම මතකය ස්ථාවර වෙන්න සහ තාවකාලිව වෙන්න බලපාන වැදගත්ම සාධකය තමයි ඔයා මතකයට දාගන්න දේවල් වලට ඔය කොච්චර ආසද එහෙම නැත්තන් ඔයාගේ ජීවිතේට කොච්චර ඒ දේවල් බලපානවද කියන කාරණය. සරලම විදිහට කියනවනම් ඔයා ආසම විෂය මතක් කරගන්න. ඔයාට පංති නොගියත්, පාඩම් නොකරත් ඔයා ඒ ගැන තියෙන ආසාව නිසාම ඒ ඔක්කොම මතක තියන් ඉන්නවා නේද ? ඔයා අකැමතිම විෂයට සමහර විට පංති කිහිපයකට ගියත් ඔයාට කිසිම කරුණක් මතක නැති වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.

මේ විදිහට මතකය අලුත් වෙද්දී පරණ මතකය ඉවත් වෙන එක ඉබේටම සිද්ධ වෙන දෙයක්. ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් මට ඔක්කොම මතකයි කියලා නමුත් ඔයාගේ අලුත් මතකය එක්ක පරණ මතක ඉතිරි වෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. හොදම උදාහරණය තමයි ඔක්කොම මතකයි කියලා විභාගයට ගියාම මොනවත් මතක නෑ කියල දැනගන්න එක. මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් අපි ඕනෑම කෙනෙක්ට තීයෙනවනේ.

මං දන්නවා දැන් ඔයා හිතන දේ. ඔයා හිතන්නේ මේක හරිම අමාරු වැඩක්. අපිට අමුතු බලයක් නෑ ඕවා මතක තියාගන්න වගේ. එත් මං මේ කියන දේ එක්ක ඔයා පිලිගනියි ඔයාටත් හොද බ්‍රේන් කැපෑසිටි එකක් තියනවා කියලා. ඔයාට ටර්ම් ටේස්ට් එකක් ලං වෙද්දී ඔක්කොම පාඩම් කරලා කොහොමහරි එක විෂයක් හරි සාර්ථකව ලියලා ඇතිනේ. හොදට මතක් කරලා බලන්න ටේස්ට් එක ඉවර උන ගමන් ඔයා පාඩම් කරපු එකක්වත් ඔලුවේ නෑ නේද කියලා. ඉතින් ඔයාටත් මේ කියන පවර් එක තියෙනවා හැබැයි එකෙන් හරියට වැඩක් ගන්නේ කොහොමද කියලයි ඔයා තවම නොදන්නේ.

කොහොමද ස්ථිර මතකයක් හදාගන්නේ?

ඔච්චර කල්පනා කරන්න එපා. මේක කරන්න ගොඩක් ලේසි ක්‍රම තියෙනවා. දැනට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා අපට අමතක වීම සිද්ධ වෙන්නේ එක සිස්ටම් එකකට කියලා. මේක බොහෝ විට කලින් ලිපියේ දාපු මයින්ඩ් පැලස් කියන සංකල්පයට වඩා සාර්ථකව ට්‍රයි කරලා බලන්න පුළුවන් වෙයි. මුලින්ම මේ පහළ ඇනිමේෂන් එක බලන්නකෝ. මේක මං හොයාගත්තේ විකිපීඩියා එකෙන්.

ඉතින් ඔන්න ඕක තමයි මතකය ස්ථාවර කරගන්න ක්‍රමය.

මේක මෙහෙම පැහැදිලි කරන්නම්. හිතන්න ඔයා භාශාවක් ඉගෙන ගන්නවා කියලා. ඉතින් මේ ක්‍රමය පාවිච්චි කළොත් මාස කීපයකින් ලොකු ප්‍රථිපලයක් ගන්න ඔයාට පුළුවන් වේවි. ඔයාට තියෙන්නේ ඔයාට මතක තියාගන්න ඕන වචන මේ විදිහට පෙට්ටි තුනකට දාන එක. ඒ පෙට්ටි තුන නම් කරනවා දිනපතා, සතිපතා, මාසිකව කියලා.

දැන් ඔයාට කරන්න තියෙන්නේ දිනපතා එක හැමදාමත්, සතිපතා එක සතියකට වතාවකුත්, මාසික එක මාසෙකට වතාවකුත් බලන එක තමයි. ඔය විදිහට ඔයාට පොඩි පොඩි නෝට්ස් පෙට්ටි තුනක දාලා මතකය ටේස්ට් කරන්න පුළුවන්. මතක ඒවා ඔය ඇනිමේෂන් එකේ විදිහට පෙට්ටි වලට මාරු කර කර ඔයාට දිනපතා ඒවා මතක නම් සති පතා පෙට්ටියට ඒවා දාල සතියකට වරක් බලන්න. ඒවත් මතක නම් මාසික පෙට්ටියට මාරු කරන්න. මොනවහරි අමතක නම් දිනපතා පෙට්ටියට දාන්න. මේ විදිහට කරලා බලන්න. ඔයාගේ මතකය නොහිතන වේගෙන් දියුණු වෙයි.

ඉතින් ඕක තමයි අපේ මතකය නැති කරගන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඔයාගේ ඉගෙනීම් කටයුතු වලදී විතරක් නෙමෙයි රාජකාරී කටයුතු වලටත් මේක වෙනස් වෙනස් විදිහට පාවිච්චි කරන්න ඔයාට පුළුවන් වෙයි. ඉතින් උත්සහ කරලා බලන්න. තුන්වෙනි කොටසෙනුත් අපේ සැගවුණු super powers මොනවද කියලා අපි තව හොයලා බලමු.

 

-සචිනිකා තත්සරණි-

මොලේ hack කරලා සුපිරි චරිතයක් වෙමුද? – 1

ඔන්න එහෙනං ටිකක් දිග ලිපියකට මුලපුරනවා. මාතෘකාව දකිද්දීම තේරෙන්න ඇතිනේ මේ කියන්න යන්නේ අපේ මනස ගැන කියලා. කතන්දරේ ටිකක් දිග නිසා මං හිතුවා කොටස් කීපයකින් මේක ඔයාලට කියන්න. ඉගෙන ගන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. අද කියන්න හිතුවේ එක කරුණක් විතරයි. ඊලග ලිපි වලින් අනිත් ටිකත් ඔයාලට අනිවාර්යයෙන් කියනවා.

කතාව පටන් ගන්න කලින් මිනිස් මොලය ගැන ටිකක් ඉගෙන ගමු. ඔයාලා හැමෝම දන්නවනේ මොලය වම සහ දකුණ කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. වම් මොලය තාර්කික හැකියාවන්, ගණිතමය හැකියාවන් වලට විශේෂයෙන් උදවු වෙනවා වගේම දකුණු මොලය තමයි හැම සෞන්දර්යාත්මක සහ කලාත්මක හැකියාවන් වලට අපිට උදවු වෙන්නේ. මෙතැනදී කෙනෙක්ගේ දකුණු මොලය වඩාත් ක්‍රියාශීලි නම් ගොඩක් වෙලාවට ඒ අය සෞන්දර්ය අංශයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. වම් පැත්ත වැඩියෙන් වැඩ කරනවා නම් එහෙම අය තර්කන හැකියාව වැඩියෙන් භාවිතා වෙන අංශ වලින් ඉදිරියට යනවා. මේ කාරණාව ඒ ලෙවල් විෂයන් තෝරද්දී අනාගතයටම ගොඩක් බලපානවා.

මොලය ගැන කතා කරද්දී ගොඩක් බුද්ධිමත් අයගේ IQ අගය විශාල අගයක් ගන්නවා. ලෝකෙට අලුතෙන් දෙයක් ගෙනාව විද්‍යාඥයන්, සුපිරි කලාකරුවන්, දර්ශනවාදීන් වගේ අයගේ මේ අගය ඉහලයි. සාමාන්‍ය කෙනෙක්ගේ මේ අගය තියෙන්නේ 85ත් 115ත් අතර (හා දැන් කලබල වෙන්නෙපා ඔයාට මේ කියන දේවල් තේරෙනවා නම් ඔයා සාමාන්‍ය අගය පරාසය ඇතුලේ අනිවාර්යයෙන්ම ඉන්නවා). මේ අගය මනින්නේ ඒ සදහා විශේෂිත වූ ගැටළු මාලාවකින්. මොලය ක්‍රියාකරන වේගය, තර්කනය, මතකය, කාර්යක්ෂමබව, නිරවද්‍යතාව, තීරණ ගැනීම වගේ ගොඩක් දේවල් මේ හරහා පරීක්ෂා කරලා බලලා තමයි ඕවරෝල් අගයක් අන්තිමට දෙන්නේ.

ඇත්තටම බුද්ධි මට්ටම ඒ විදිහට මැන්නත් අද මනින අගය හෙට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඕනෑම කෙනෙක්ට තමන්ගේ මනස දියුණු කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ක්‍රම අපි අදහන හැම ආගමක සදහන් වෙලා තියෙනවා, භාවනාව කියන්නෙත් මනස හැක් කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. හැබැයි මේ ලිපියෙන් භාවනා ක්‍රම ගැන නම් කියලා දෙන්න යන්නේ නෑ. මේ කියන්නේ අපි අහලා නැති ටිකක් වෙනස් දේවල් ගැන. ඉතින් අපි බලමු කොහොමද මේ මෙන්ටල් පවර්ස් වැඩි කරන්නේ කියලා.

 

මයින්ඩ් පැලස් /Method of loci

Sherlock's Mind Palace Explained: Is It Really Possible? - Forbes Alert

Method of loci එහෙමත් නැතිනම් මයින්ඩ් පැලස් කියන්නේ මොකද්ද කියලා ෂර්ලොක් ටී වී සීරීස් එක එහෙම බලපු උදවිය නම් දන්නවා ඇති. මේ කියන්නේ අපේ මතකය අපිට අවශ්‍ය විදිහට ක්ෂණිකව ඕන දෙයක් ඕන පිළිවෙලකට එකිනෙක දත්ත සමග ගළපලා නිවැරදි නිගමනයක් ගන්න තියෙන හැකියාව ගැන. (හැබැයි ෂර්ලොක් වගේ ඇස් පියාගෙන අතපය විසි කර කර දගලන්න නම් ඕන නෑ මේක කරන්න). පොඩි කාලේ අපේ වීරයා ෂර්ලොක්ට විතරක් නෙමෙයි ඇත්තටම මේ හැකියාව අපි හැමෝටම තියෙනවා. නමුත් මේ හැකියාව අපිට තිබ්බට අපි ඒක අපිට අවශ්‍ය විදිහට සුසර කරගෙන නෑ. විශ්වාස කරන්නත් අමාරුයි නේද ?

ඔයා ඔයාට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා පිළිගන්නේම නැත්තන් අපි මෙහෙම ක්‍රියාකාරකමක් කරලා බලමු. ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට ඔයාගේ ප්‍රදේශයේ ස්ථාන කියක් මතකද කියලා. ඔයාට හරියටම ගානක් කියන්න බැරි වුණත් ස්ථාන ලැයිස්තුවක් දෙන්න වගේම ඕනෑම තැනකට යන පාර කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් පැලස් එකේ පොඩි හැකියාවක් තියෙනවා ක්ෂණිකව දත්ත ප්‍රොසෙස් කරන්න, හැබැයි ඔයාගෙන් ඇහුවොත් අදාළ ස්ථානය තියෙන ගොඩනැගිල්ලෙ අංකය? ඔයාට මතක නෑ, තව උදාහරණයක් දෙන්නම් ඔයාට ඔය මොන මොන ගොඩනැගිලි, තැන් මතකේ තිබුනත් හදිසියේ අම්මා කඩෙන් ගේන්න කියලා දෙන බඩු ලිස්ට් එකේ එක බඩුවක් හෝ අමතක වෙලා අනිවාර්යයෙන්ම බැනුමක් අහලා ඇති. ලිස්ට් එකේ 7ක් 8ක් වගේ නම් ඔයා හරියට අරන් එයි, ඊට වැඩියෙන් වුණොත් නම් ගොඩක් වෙලාවට එකම එක දෙයක් හරි අමතක වෙනවා නේද. ඔයාගේ ගෙදර බඩුමුට්ටු ගැන ඇහුවොත් තියෙන තැන නම් කියයි නමුත් තියෙන ඔක්කොම ලිස්ට් එකක් දෙන්න බැහැ නේද? දැන් පැහැදිලිද ඔයාටත් සුපිරි මයින්ඩ් පැලස් එකක් තියෙනවා නමුත් ටියුන් කරලා නෑ කියලා ?

 

ඉතින් කොහොමද අපි මේ මයින්ඩ් පැලස් එක ටියුන් කර ගන්නේ.

From the archives #1: How to build your “Mind Palace” | by Content for Pragyan | The Pragyan Blog | Medium

මේක අද රෑ නිදියන් ඉඳලා හෙට උදේ වෙද්දී කරන්න නම් බෑ. උවමනාව තියෙන කෙනෙක්ට තමන්ගේ ආවේනික ක්‍රමයකටම මේක හදාගන්න පුළුවන්. කොයි ක්‍රමයට හැදුවත් මේකට නිරන්තර අභ්‍යාසය කියන එක අත්‍යවශ්‍යයි. කලින් කිවුවා වගේ ඔයාගේ ප්‍රදේශයේ හැම තැනම මතක වුණත් ගොඩනැගිලි අංකයි, සම්පුර්ණ බඩු ලිස්ට් එකයි මතක නෑ. ඇත්තටම මෙතැනදී වෙලා තියෙන්නේ ඔයා නොදැනුවත්වම නිතර අභ්‍යාස වෙලා. ඒ කියන්නේ ඔයාගේ මොලෙන් ඔයා නිතර යන එන පාරවල් සිතියම්ගත කරගෙන. ඒ වගේම ඔයාට ඔයාගේ ගෙදර බඩුමුට්ටු තියෙන තැන මතක හිටලා තියෙන්නෙත් ඔයා නිතර ඒ බඩුමුට්ටු පාවිච්චි කරන නිසා ඔයාගේ මොළය දන්නවා ඒවා තියෙන්නේ කොතනද කියලා.

දැන් ඉතින් ඔයා කල්පනා කරනවා ඇති මේ මොකද්ද මේ කියලා. ඔයාට ගෙදරට ගේන්න තියන බඩු ලිස්ට් එකත් මේ විදිහට මෙහෙම මතක් කර කර ඉන්න ඕනද කියලා. නෑ ඇත්තෙන්ම නෑ. ගෙදර බඩු ලිස්ට් එක ලියාගෙන ගිහින් ගන්න. හැබැයි මේ කියන දේවල් කරලා මොලය ට්‍රේන් කරාම ඔයාට දවසක පුළුවන් වෙනවා කිසි දෙයක් ලියාගෙන යන්නේ නැතුවම වගේම අමුතු ආයාසයකුත් නැතුවම මනසේ තැන්පත් කරගන ඒ දේවල් ගන්න. මයින්ඩ් පැල්ස් එකක් කියන්නේ මතක් කර කර ඉන්න එක නෙමෙයි. මතකය ඕන වෙලාවට තමන්ට ඕන විදිහට තමන්ගේ සිස්ටම් එකට අනුව හැන්ඩ්ල් කරන්න පුළුවන් හැකියාව.

ඉතින් ඔයාට මයින්ඩ් පැලස් එකක් හදාගන්න නම් කරන්න තියෙන්නේ නිතර ඔයාගේ මතකේ හාරලා බලන එක. ඒ කියන්නේ ඔයාට මොනවත් මතක නැති වුනත් ඔයා එදිනෙදා කරන දේවල්, දවසේ වෙච්ච ගනුදෙනු, කරන්න හිතා ගෙන ඉන්න වැඩ, සරලව කිව්වොත් හැමදෙයක්ම නිකන් මතකද බලන්න. එක අමතක වුනත් ඔයාට මනස හුරු වෙනවා ඔයාගේ මතකයේ තියෙන දේ පරික්ෂා කරන්න. ඒවා ඇනලයිස් කරන්න. සාමාන්‍යායෙන් මාස දෙකක් මෙහෙම කරද්දී මේ දේ ඉබේට සිද්ද වෙන්න ගන්නවා. ඒ වගේම ඔයා ගනුදෙනු හවස ලියනවා නම් පුරුද්දක් විදිහට ඔයාට පුළුවන් බිල් දිහා නොබලා ට්‍රයි කරන්න. ඊට පස්සේ පුළුවන් බිල් දිහා බලල ඔයා කොච්චරක් මතක තියන් ඉදලද කියලා බලන්න. ඒ වගේම ගණන් හදද්දී කැල්කියුලේටර් එකක් නැතුව හිතින්ම හදන්න බලන්න. මේ දේවල් ට්‍රේන් වෙද්දී ඔයාට ටික දවසක් යනකොට දැනෙයි ගොඩක් දේවල් ඉක්මනට මතකෙට එනවා කියලා. ඒ කියන්නේ සිහි මදි ගතියක් තේරෙන සිංහලෙන් කිවුවොත් ටියුබ්ලයිට් ගතියක් එහෙම තිබ්බ නම් දැන් එහෙම නෑ වගේ ඔයාට දැනෙයි.

ඒ වගේම මයින්ඩ් පැලස් එකක් හදාගෙන යන ඔයාගේ ගමනට ඔයා ඉන්න පරිසරය ගැන අවදානෙන් ඉන්න එක අනිවාර්ය දෙයක්. පොඩ්ඩක් වටේ පිටේ වෙන දේවල්, නිව්ස්, ලෝකේ වෙන දේවල් එහෙම දැනන් ඉන්න එක අමතර වාසියක් වෙයි. මේ කිවේ ගොසිප් ගැන නම් නෙමෙයි. වැදගත් දේවල් ගැන. ඒ වගේම පොත් පත් කියවන එකත් ලොකු වාසියක්. මොකද පොත් කියවද්දී ඔයාගේ මනස පුරුදු වෙනවා වේගයෙන් දත්ත ඇතුලට ගන්න. ඒ වගේම නොදන්නා දේවල් ඔලුවට වැටුනම ඔයාට ඔයාගේ ජීවිතේ කවදාහරි එහෙම අත්දැකීමක් ආවොත් ඔයාගේ මනස ක්ෂණිකව ක්‍රියාකාරී වෙලා ඒ අත්දැකීම ඔයා පොතෙන් ගත්ත දැනුම එක්ක සංසන්දනය වෙලා ඔයාගේ පෞර්ෂයට හොද දෙයක් එකතු කරනවා. ඉතින් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථා මග හැර ගන්න එපා. මේ කීව අමතර කරුණු ටික ඔයාගේ මයින්ඩ් පැලස් එකට එකතු වූනොත් ඔයාගේ මනසෙත් මොන තරම් දියුණු තත්වයක් ඇති වෙයිද කියල හිතන්නවත් බැහැ නේද.

මේක ඔයාගේ ඇබ්බැහියක් වෙනකන් පුරුදු කරන්න. ඇබ්බැහියක් වෙනකන් තමයි මේක කරන්නත් අමාරුම. මොකද මොලය කියන්නේ වැඩ ගොඩක් කරන දෙයක් නිසා අපි ගොඩක් මේවා කරන්න කම්මැලි වෙනවා. හැබැයි මේ දේවල් වලින් ඔයාට ලැබෙන වාසිය ගැනවත් හිතලා මේක පුරුදු පුහුණු කරන්න උත්සහ ගන්න.

අපේ මේ මනුෂ්‍ය ශරීරයත් පුදුම වැඩ කරනවා නේද. ඉතින් ඔයාගේ ජීවිතේට මයින්ඩ් පැලස් එක හදාගන්න උත්සහ කරන ගමන්ම මේ ගැන ඔයාගේ යාලුවෙක්ටත් කියලා දෙන්න. ඒක එයාලගේ ජීවිතයටත් ගොඩක් වැදගත් වේවි. මේ ගැන තව විස්තර ටිකක් අපි දෙවෙනි ලිපියෙන් කතා කරමු.

-සචිනිකා තත්සරණී-

නීතිය එළියයි…

‘නීතිය එළියයි’ යනු අපේ රටේ නීති පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසින් සංවිධානය කරන ලද ත්‍රිභාෂා නීති සාකච්ඡා මාලාවකි. පහත ලිපිය පදනම් වී ඇත්තේ කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසලේ උපදේශක සහ අපරාධ නීතිඥ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාගේ, ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් හි කොන්සල් ජෙනරාල්වරයා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්ය, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාගේ සහ රාජ්‍ය හා ජාත්‍යන්තර නීතිය, අපරාධ නීතිය සහ මානව හිමිකම් නීතිය යන ක්ෂේත්‍රවල සේවයේ යෙදෙන, 2005 දී කොළඹ නීති සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුණු නීතිඥ කනගසාබායි ෂන්මුගරත්නම් රත්නවෙල් මහතාගේ සහභාගීත්වයෙන් “අපරාධ හා නීතිය” පිළිබඳ සිදු කළ සාකච්ඡාව පදනම් කරගෙන ය.

අපරාධයක් යනු කුමක්ද?

අපරාධයක් යනු සමස්ත සමාජයටම එරෙහිව කරන ලද වරදක්. පුද්ගලයෙකු සමාජයක පවතින සමාජ පිළිවෙත (social order) උඩු යටිකුරු කළ විට එය අපරාධයක්.

අපරාධ වර්ග පිළිබඳව විස්තර කළ හැකිද?

පිළිගත් මූලික චින්තනය වන්නේ අපරාධයක් පුද්ගලික අපරාධ, දේපල අපරාධ, ව්‍යවස්ථාපිත අපරාධ, මූල්‍ය අපරාධ සහ අසම්පුර්ණ අපරාධ ලෙස බෙදිය හැකි බවයි.

පුද්ගලික අපරාධ නම්,පුද්ගලකුට බලපාන පහරදීම, පැහැරගෙන යාම යනාදී වූ පුද්ගලයන්ට එරෙහිව සිදු කරන අපරාධ යි.

දේපල අපරාධ ස්වභාවයෙන් වඩාත් බරපතලයි. උදාහරණයක් ලෙස, යමෙකු වෙනත් පුද්ගලයෙකුට අයත් දේපලක් සඳහා ව්‍යාජ ඔප්පුවක් ලියන්නේ නම් එයට අයිතියක් නැති පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාගේ අයිතිය දක්වමින් ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම සිදුවන්නේ. සොරකම එක් පාර්ශවයකට පමණක් බලපෑම් එල්ල වන පුද්ගලික හානියක් ඇති කරන දෙයක් වුණත්, සමාජය එවැනි ක්‍රියාකාරකම් දෙස පහත් කොට සලකන්නේ, එය සමාජයට එරෙහිව සිදු වන දෙයක් වීමත්, එයට එරෙහිව කටයුතු නොකළොත් සොරකම් කිරීමට අවසර දීමේ මනෝභාවයක් ඇති වීමත් සිදු වෙන්න පුළුවන් නිසා. මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් වඩාත් බරපතල දේපල අපරාධ ලෙස සැලකෙනවා.

ව්‍යවස්ථාපිත අපරාධ යනු සාම්ප්‍රදායික අපරාධ නොව විද්‍යාවේ හා සමාජයේ දියුණුවත් සමඟ ඔබටඅසන්නට ලැබෙන අපරාධයි. විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනතේ ප්‍රතිපාදන යටතට වැටෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වන ඇතැම් රසායනික අන්තර්ගතයන් සන්තකයේ තබා ගැනීම ගැන මේ සංවර්ධනයට කලින් සමාජය දැන සිටියේ නැහැ. එවැනි දෙයක් සන්තකයේ තබා ගැනීමම අපරාධයක් ලෙස සැලකෙනවා. මෙම අපරාධ සමාජයේ සමස්ත ව්‍යුහයටම බලපානවා. ඒ වගේම තමයි මත්පැන් ආශ්‍රිත වැරදි වන බීමතින් රිය පැදවීම සහ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සහ ළඟ තබා ගැනීම වැනි වැරදිත් මේ කොටසට වැටෙනවා.
මූල්‍ය අපරාධවලට චංචල දේපළ සම්බන්ධ වෙනවා. යම් පුද්ගලයෙකු සන්තකයේ දේපළක භාරකාරීත්වය ඇති විටක එම භාරකාරීත්වය උල්ලංඝනය කරමින් එම පුද්ගලයා එම දේපල භුක්ති විදීම හෝ භාවිතා කිරීම කරන විට එය සාපරාධී විශ්වාසය කඩ කිරීම බවට පත් වෙනවා. සාපරාධී අයථා පරිහරණය, වංචාව, සිදුවන්නේ කිසියම් අසත්‍ය නිරූපණයක් සිදු කර යම් දේපලක් පවරා ගැනීමට යමෙකුව යොමු කිරිමේදියි. ඒවා පරණ කාලයට අදාළ මූල්‍ය අපරාධ. සමාජයේ හා ජාත්‍යන්තර වෙළඳාමේ දියුණුවත් සමඟ අපරාධ අන්තර්ජාතික වී තිබෙනවා. එනිසා මිනිසුන් අල්ලස්, දූෂණ හෝ විනිමය පාලන උල්ලංඝනය කිරීම් වැනි අපරාධ සිදු කර අයථා ලෙස උපයාගත් මුදල් වෙනත් රටක මූල්‍ය පද්ධතිය තුළ ආයෝජනය කරන ත්‍රස්තවාදී මූල්‍යකරණය හෝ මුදල් විශුද්ධිකරණය වැනි අපරාධ මේ වනවිට පවතිනවා. අද පරිගණක අපරාධ බහුලව වාර්තා වෙනවා. බැංකුවක හෝ සමාගමක දත්ත ගබඩාවකට අනවසරයෙන් ඇතුලත් වෙලා වෙනත් ගිණුමකට යම් මුදලක් මාරු කිරීමට අණ කිරීම උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

අසම්පුර්ණ අපරාධ – කිසියම් ප්‍රධාන වරදකට ආධාර කිරීම සහ අනුබල දීම හෝ ඕනෑම ප්‍රධාන වරදක් කිරීමට කුමන්ත්‍රණය කිරීම අසම්පුර්ණ අපරාධ ලෙස හැඳින්වෙනවා. වැරදි කිරීමට උත්සාහ කිරීම මෙයට ඇතුළත්.

අප ජීවත් වන රාජ්‍යයට හෝ සමාජයට එරෙහි ඕනෑම ක්‍රියාවක් අපරාධයක් ලෙස සලකන්න පුළුවන්.

අත්අඩංගුවට ගැනීමක් කළ හැක්කේ කෙසේද?

අපරාධයක් සිදු වී ඇති බව දැනගත් විට අපි පොලිසියට යනවා. සාම නිලධාරීන් අතරින් අපි වැඩියෙන්ම දැනුවත් කොටස තමයි පොලිස් නිලධාරින්. සාම නිලධාරියෙක් කියන්නේ නීත්‍යානුකූලව පිළිගත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුටයි. පළමුව ඔබ පොලිස් නිලධාරියාට පැමිණිල්ලක් කළ විට, මෙම නිලධාරියා පවතින තොරතුරු අනුව වරදක් සිදුවී ඇති බවට සාධාරණ සැකයක් තිබේදැයි විමසා බැලීමක් සිදු කරනවා. සාධාරණ සැකයක් පවතිනවා නම්, අදාළ වරද වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැකි වරදක් දැයි පොලිස් නිලධාරියා සලකා බලනවා. වඩා බරපතළ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහිදී සලකා බැලෙන්නේ පොලිස් නිලධාරියාට මහේස්ත්‍රාත්වරයාගෙන් වරෙන්තුවක් ලබා ගැනීමට කාලය ප්‍රමාණවත් නොවන නිසා අත්අඩංගුවට ගැනීම සිදු නොකලොත් සමාජයට බරපතල හානියක් ඇති වන අවස්ථාවන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1 වන උපලේඛනයේ මෙම බරපතල වැරදි දක්වලා තිබෙනවා. එය සංඥය වරදක් (cognizable offence) නොවේ නම්, වරදට අදාළ කරුණු මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කළ යුතු වෙනවා වගේම ඇතැම් විටෙක මහේස්ත්‍රාත්වරයාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට හේතුවක් තිබේද යන කරුණ තෘප්තිමත් කිරීමට සාක්ෂි දැක්වීමටත් සිදුවෙනවා. වරෙන්තුවක් නිකුත් කළ පසු අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකියි.

අත්අඩංගුවට ගැනීම සිදු කළ හැකි ක්‍රම 2 ක් තිබෙනවා. එය සංඥය වරදක් නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන පුද්ගලයා උසාවියට ​​ඉදිරිපත් කළ හැකියි. එය සංඥය නොවන වරදක් (non-cognizable offence) නම්, අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්න අපට මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත්කළ යුතු වෙනවා .

පොලිසියට අමතරව අත්අඩංගුවට ගැනීමක් සිදු කළ හැක්කේ කා හටද?

අතීතයේදී ග්‍රාම සේවකවරුන්ට පොලිස් බලතල ලබා දී තිබුණා. වනජීවී ආඥා පනත (වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත) යටතේ වනජීවී නිලධාරීන් පොලිස් රාජකාරි ඉටු කරනවා. රේගු ආඥා පනත යටතේ රේගු නිලධාරීන්, වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නිලධාරීන් සහ ආහාර පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සාම නිලධාරීන් ලෙස දක්වා තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේදී එය සිදු කරන නිලධාරියා විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට ඒ සඳහා හේතු සඳහන් කළ යුතුද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අත්අඩංගුවට ගැනීම සිදු කල යුතුයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා තමාව අත්අඩංගුවට ගැනීමට හේතු දැන සිටීම එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකමක්. යම් පුද්ගලයෙකු තමාව අත්අඩංගුවට ගැනීම වළකන්න උත්සාහ කරන අවස්ථාවකදී, අත්අඩංගුවට ගැනීම සඳහා අවම බලය භාවිතා කරන්න පුළුවන්.

අවම බලය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බලයක් යොදවන්න හැකි නමුත් ඒ සඳහා සාධාරණ ලෙස අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් භාවිතා කිරීමට නොහැකි බව මෙයින් අදහස් කෙරෙනවා.

පුද්ගලයෙකු විමර්ශනයකට ලක්වන අවස්ථාවක දී, එම පුද්ගලයා නියෝජනය කිරීමට නීතිඥවරයෙකු සිටිය යුතුද?

අධිකරණ සංවිධාන පනතේ 41 වන වගන්තියේ සඳහන් වන්නේ, ඕනෑම අධිකරණයක හෝ යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති ඕනෑම ආයතනයක තම සේවාදායකයා නියෝජනය කිරීමට පුද්ගලයෙකුට අයිතියක් ඇති බවයි.

පොලිස්භාරයේ සිටින පුද්ගලයෙකු පිළිබඳව පොලිසිය සතු යුතුකම කුමක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට අනුව ඔවුන් කුරිරු හා අමානුෂික, පහත් සැලකීමට ලක් නොවිය යුතුයි. තම භාරයේ පසුවන්නන්ට ශාරීරික හෝ මානසික හානියක් නොකිරීමට පොලිසිය බැඳී සිටිනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව නිර්දෝෂත්වයේ පූර්වානුමිතිය (presumption of innocence) ගැන කථා කළත් සාමාන්‍ය ජනතාව ප්‍රවෘත්තියක් ඇසූ මොහොතේම පුද්ගලයෙකු වරදකරුවෙකු ලෙස නම් කිරීමට පෙළඹෙනවා. නීතිය මේ දෙස බලන ආකාරය ඔබට පැහැදිලි කළ හැකිද?

13 (5) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, පුද්ගලයෙකු වැරදිකරු බවට ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂී යැයි අනුමාන කරන බවයි. චූදිතයාට එරෙහිව නගා ඇති චෝදනාවට එම පුද්ගලයා වැරදිකරු බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුයි. අද සිදුවන්නේ, නඩු විභාගයකට පෙර මාධ්‍ය විසින් සිදු කරන ආනාවරණ තුලින් කිසිදු හරස් විභාගයකින් තොරව මතුපිට න්‍යායන් ඉදිරිපත් කිරීමයි. මෙවැනි අවස්ථාවලදී සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය ගැන පදනමක් නැහැ. යුක්තිය ඉටුවීම සඳහා සාක්ෂි නිසි ලෙස විමර්ශනය කළ යුතුයි.

උසාවියට ​​අපහාස කිරීම සාපරාධී වරදක්ද?

යුක්තිය පසිඳලීමට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු උසාවියට ​​අපහාස කිරීමේ වරද සිදු කරනවා. එය සිර දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදක්.

පොලිසිය ඔබ කරන පැමිණිල්ල පිළිගන්නේ නැත්නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පොලිසියට විමර්ශනය කළ හැක්කේ අපරාධ පැමිණිලි මිසක් සිවිල් පැමිණිලි නෙවෙයි. ඒ නිසා ඔවුන් අපරාධයක් පිළිබඳ පැමිණිල්ලක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, ඔබට පොලිස්පතිවරයාට, මානව හිමිකම් කොමිශන් සභාවට පැමිණිලි කළ හැකියි, නැතහොත් ඔබට අභියාචනාධිකරණයට යා හැකියි.

සම්පාදනය: සීනත් සකීර් (ලේකම්, මහජන සුභසාධක කමිටුව 2020-2021)

පරිවර්තනය:අංජලී උඩවත්ත (කමිටු සාමාජික, මහජන සුභසාධක කමිටුව 2020-2021)

ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නැරඹිය හැකියි.

Aftercare කියලා වෙන දේවල් ගාලා tattoo එක වන කරගත්තද..?

ටැටූ කලාව මේ වෙනකොට කා අතරත් ජනප්‍රිය කලාවක්. ටැටූ කියන කලාව එසේ මෙසේ කලාවක් නෙවෙයි. මෙම පච්ච කලාව ඉතාමත් පැරණි අතීතයකට දිවයනවා. මායාවරුන්ගේ ශිෂඨාරයටත් පෙර සිටම තමන්ගේ ශරීරය අලංකාර කරගන්න, තමන්ගේ තත්ත්වය පෙන්වන්න, තමන්ගේ rank එක පෙන්වන්න ටැටූ යොදාගන තිබෙනවා. ලෝකයේ මේ වෙනකොට ගැහැණු පිරිම් බේදයක් නැතිව ටැටූ සිරුරේ කොටාගන්නවා. ඒ වගේම ගැහැණු පිරිමි බේදයක් නැතුව මේ කලාවේ නියැලෙන බොහෝමයක් සිටිනවා. කියන්නට තියෙන සුබ කාරණය තමයි ලංකාව තුළත් ටැටූ කලාව සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබෙන එක. ඒ වගේම ඉතාමත් දක්ෂ කාන්තා සහ පිරිමි tattoo artistලා පිරිසක් ලංකාවේ බිහිවෙලා තිබෙනවා.

ඔයා ටැටූ එකක් ගහන්න හිතාගන ඉන්නවානම් මූලික වශයෙන් දැනගත යුතු දේවල් තිබෙනවා. ඒ අතරින් අද අපි කතා කරන්නේ ටැටූ එකක් ගැහුවට පස්සේ භාවිතා කරන Aftercare ගැන. ගොඩක් වෙලාවට අත්දැකීම අඩු හෝ නිවැරදි මගපෙන්වීමක්, නිසි දැනුමක් නැති tattoo artisලා ටැටූ ආර්ට් එකක් කලාට පස්සේ aftercare එකක් විදියට වැස්ලින් (Vaseline), පියුසිඩින් (Fucidin), සොප්රමයිසින්(Soframycin), සහ සෙප්ටෙක්ස්(septex)වැනි ආලේපන භාවිතා කරන්න නියම කරනවා. ඇත්තටම මෙම ආලේපන aftercare එකක් විදියට භාවිතා කරන්න සුදුසු ආලේපන නෙවෙයි. හේතුව,

වැස්ලින් වල අඩංගු වන්නේ පෙට්‍රෝලීයම් ජෙල්. මේ ජෙල් එකේ අඩංගුවෙලා තිබෙන බැක්ටීරියා නිසා ඔයාගේ ටැටූ එක පැසවන්න හැකියාව තිබෙනවා. නොදැනුවත්ව වැස්ලින් ආලේප කිරීම නිසා ටැටූ වලට ගැටළු ඇතිවුණ අවස්ථා බොහොමයක් තිබෙනවා.

ෆාමසි වලින් මිලදී ගන්න පියුසිඩින්, සොප්රමයිසින්, සහ සෙප්ටෙක්ස් වැනි ආලේපන තිබෙන්නේ තුවාල වැනි සමෙහි ඇතිවෙන තුවාල, ආසාදනයන් සදහා පමණයි. මෙය ටැටූ සදහා භාවිතය කොහෙත්ම සුදුසු නැහැ. ටැටූ එකක් කියන්නේ තුවාලයක් නෙවෙයි. ඒ නිසා මෙම ආලේපන භාවිතා කර ඔයාගේ ලස්සන ටැටූ එක විනාශ කරගන්න එපා. මෙම ආලේපන භාවිතා කිරීමෙන් සිදුවෙන්නේ ඔයාගේ ටැටූ එක heal වෙන්නත් කලින් එකෙ තිබෙන පාට අඩු වෙන එක විතරයි. ටැටූ එකක් heal වෙන්න ටැටූ එකට හොඳට හුළං වදින්න අවශ්‍යයි. ඉතින් මෙවැනි නිශ්පාදනයන් aftercare එකක් විදියට භාවිතා කරන්න කියලා කරණාකර අනිත් අයට වැරදි උපදෙස් දෙන්න එපා.

Tattoo වලට ඒ සඳහාම නිශ්පාදනය කර ඇති aftercare ඕනෑ තරම් තිබෙනවා. මේ පහතින් දක්වා තිබෙන්නේ ටැටූ සඳහාම නිශ්පාදනය කර ඇති ආලේප වර්ග කිහිපයක්.

මෙම ටැටූ ආලේපන වර්ග දවසකට දෙවරක් හෝ තුන්වරක් බැගින් දින 7-10 අතර කාලයක් ලෙස භාවිතා කළ යුතුයි. ඒ වගේම මතක තියාගත යුතු තවත් කාරණයක් තමයි මෙම ආලේපනය තුනී ලේයර් එකක් ලෙස භාවිතා කළ යුතුයි. ටැටූ එක කරපු දවසේ ඉදන්ම මේ aftercare එක භාවිතා කරන්න පටන් ගන්න අවශ්‍යයි. අදාළ කාලය තුළ ටැටූ එක heal වෙන ආකාරය ඔයාටම දැකගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි ඔයාගේ ටැටු එක heal වෙන්න පටන් ගත්තහම ටැටූ එක හමයන්න ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී ගොඩක් දෙනෙක් කරන වැරදි වැඩක් තමයි හම බලෙන් ඉවත් කරන්න හදන එක. එතකොට වෙන්නේ ටැටූ එක heal වෙලා නැති නිසා ටැටූ එක තුවාලවෙන්න ගන්නවා. ඒ වගේම ink එකත් ගැළවිලා එනවා. මේ නිසා ටැටූ එක heal වෙන කාලය ඇතුළත එය ස්භාවිකවම heal වෙලා හැලෙන්න දෙනවා මිස බලෙන් scab එක ගළවන්න යන්න හදන්න එපා.

මීට පස්සේ ඔබ ටැටූ එකක් කරන්න හිතනවානම් ඒ සම්බන්ධ පළපුරුදු කෙනෙක්ගෙන් ටැටූ එක කරගන්න එක තමයි හොඳම දේ. ගොඩක් දෙනෙක් ලාබෙට වැඩේ කරගන්න ගිහින් නාගෙන එන අවස්ථා බොහොමයක් ඔබට අහන්න දකින්න ලැබිලා ඇති. ඒ නිසා ටැටූ එකක් කරන්න යන්න කලින් ටැටූ ගැන දැනගන ඉන්න ඕන tattoo artist විතරක් නෙවෙයි ඔයත් මේ පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇතිව යන්න අවශ්‍යයි.

 

-උත්පලා පතිරණ-

ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සාර්ථකද?

ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, සහස්‍ර ගණනක් පුරා පැතිරී ඇති ඉතිහාසය හා සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් දූපතක්. කෘෂිකාර්මික ක්‍රම සහ ආයුර්වේද පිළිවෙත් සිට පන්සල් හා ස්මාරක ඉදිකිරීම දක්වා මුල් දූපත් වැසියන් පරම්පරා ගණනාවක දැනුම ප්‍රායෝගිකව හා කට වචනයෙන් ලබා අපට ලබා දී තිබෙනවා. අද වන විට මේවා දිවයින පුරා දැකිය හැකි අතර රටේ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක මුල් සලකුණු ලෙස පවතිනවා.

වර්තමානය වෙත වේගයෙන් ඉදිරියට යන විට, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම භාවිතා කරන ලද ප්‍රාථමික දැනුම බෙදා ගැනීමේ ක්‍රමවේදයන් කාමරයකට පමණක් සීමා වෙලා මේස පේළි බවට පමණක් පත්වෙලා. තනි ගුරුවරයෙකු සිසුන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා පාඩමක් ලබා දෙන සංකල්පය ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙනු ලැබුවේ විදේශීය බලවතුන්ගේ පැමිණීමෙන් පසුවයි. එකල ප්‍රදේශවාසීන් යටත් විජිතවාදීන්ගේ බලය දුටු අතර, ඔවුන්ගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ඔවුන් උසස් බවට පත් කළේ යැයි ඔවුන්ට හැඟී ගියේය. එබැවින් විධිමත් ‘පාසල්’ පිහිටුවීමට පෙර එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වූ අතර ළමයින්ට ඔවුන්ගේ දවසේ නිශ්චිත මුදලක් තනි පන්ති කාමරයකට වෙන් කිරීමට නියම කරන ලදී.

රටක අධ්‍යාපන ක්‍රමය එහි අනාගත නායකයින්ගේ මනස හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය අංශ කිහිපයක් විමසා බැලීමටත්, එහි සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව අවබෝධය ලබා දීමට අධ්‍යාපන හා ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයින් වන වෛද්‍ය තිලාන් හේවගේ සහ ආචාර්ය තුෂ් වික්‍රමනායක මහතාගෙන් උපදෙස් ලබා ගත්ත‍ා.

ශ්‍රී ලංකාවට 1943 දී නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න ගරු සී. ඩබ්ලිව්. කන්නංගර මහතා විසින් කටයුතු කරනු ලැබුවා. ඔහුගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සියලු දරුවන්ට ඔවුන්ගේ මූල්‍ය පසුබිම නොසලකා අධ්‍යාපනය ලබා ගැනීමට සමාන අවස්ථාවක් ලැබුණා.

මෙම ක්‍රමය මඟින් දිවයිනේ විවිධ ක්‍ෂේත්‍රයන්හි දීප්තිමත් වෘත්තිකයන් පෝෂණය කර ඇති අතර, මෙම සංකල්පය පිටුපස ඇති අභිප්‍රේරණය වසර ගණනාවක් තිස්සේ මැකී ගොස් ඇති බව ආචාර්ය තිලාන් ප්‍රකාශ කළා. සාමාන්‍ය ජනතාව බොහෝ විට එය සුළුකොට තැකීමක් කර ඇති අතර අධ්‍යාපනය නොමිලයේ ලබා දෙන බැවින් එහි අගයක් නැති වී තිබෙනවා.

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු අවධාරණය කරන්නේ, “සරසවියට ඇතුළු වන සිසුන්ගෙන් කොටසක් එයට සහභාගී වෙන්නේ එය සම්මතයක් නිසා සහ ඔවුන්ගේ නිවැසියන් විසින් කළ යුතු යැයි නියෝග කර ඇති නිසා මිස ඔවුන්ගේම උනන්දුවක් ඇති නිසා නොවේ. ” ඒ හා සමානව, පාඩම් පැවැත්වීම සඳහා වගකිව යුතු ඇතැම් අධ්‍යාපනිකයින් විසින් ලබා දෙන අන්තර්ගතය පිළිබඳ ගුණාත්මක බවක් නොමැති බව පෙන්නුම් කර ඇති අතර එය නොමිලේ ලබා දෙන බැවින් උපරිමයෙන් පාඩම් කියාදිය යුතුයැයි යන්න ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මෙහි අවධාරණය කර ඇත්තේ, අද දින වැරදි ලෙස පරිවර්තනය කර ඇති ‘නාමික ආධ්‍යාපන’ සංකල්පය ඉස්මතු වූ අවස්ථා කිහිපයක් පමණි.

පෞද්ගලික කැමැත්තට නොව බලහත්කාරයෙන් අධ්‍යාපනය ලැබීම

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බොහෝ දුරට ශාස්ත්‍රීය වශයෙන් කේන්ද්‍රගත වී ඇති අතර එය බොහෝ විට දක්නට ලැබෙන්නේ දෙමව්පියන් සමඟ මිස සිසුන් විසින්ම නොවේ” යැයි වෛද්‍ය තිලාන් පවසයි. 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සඳහා දෙමාපියන් විසින් බලාත්මක කරන ලද සෞඛ්‍ය සම්පන්න නොවන තරඟකාරිත්වය දරුවන්ගේ ස්වාභාවික නිර්මාණශීලිත්වය විනාශ කර ඇති අතර අධ්‍යාපනය දරිද්‍රතාවයෙන් මිදීමේ මාර්ගය යන වැරදි මතය ඔවුන්ට ලබා දී ඇත.

මේ නිසා නිවසේ සිට ඇති වන පීඩනය, විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම අඩු කිරීමට සහ පන්ති කාමරයක බිත්ති වලින් ඔබ්බට දෙයක් ඉගෙනීමට හැකියාවක් නොලැබෙන්න හේතු වී තිබේ. ඒ අනුව සිසුන්, මූලික සමාජ කුසලතා, සාමාන්‍ය බුද්ධිය සහ ආත්ම විශ්වාසය නොමැතිකම සමඟ වැඩෙන බව අප දැක තිබේ. මෙයට එරෙහිවීමේ උත්සාහයේ දී, බොහෝ රටවල් දැන් විභාග වලදී අනෙක් සිසුන් සමඟ තරඟ කිරීමට වඩා ‘beating your own mark’,යන ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කරති.

එපමණක් නොව, ළමයින්ට බලහත්කාරයෙන් අධ්‍යාපනයක් ලබා දීම නිසා ඔවුන් අමනාපයෙන් හා කලකිරීමෙන් පාසලට පැමිණීමට හේතු වී ඇති අතර එමඟින් සමස්ත අධ්‍යයන කාර්ය සාධනයම දුර්වල වී තිබේ.

 

ශ්‍රී ලංකාව අනුවර්තනය වන්නේ කෙසේද?

ආචාර්ය ටුෂ් පවසන පරිදි, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශයක් වන්නේ මානසික සෞඛ්‍ය, ලිංගික අධ්‍යාපනය සහ පුද්ගලික සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ආවරණය වන චිත්තවේගීය අත්දැකීම් ය. මෙය පුහුණු ගුරුවරුන් සමඟ කළ යුතු අතර පෙළපොත් හා ප්‍රායෝගික ප්‍රවේශයන් ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ.

වසංගතයත් සමඟ වෛද්‍ය තිලාන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන බවයි. කෙසේ වෙතත්, රටට සිය සාම්ප්‍රදායික විභාගයට නැඹුරු වූ ක්‍රමය අහෝසි කිරීමටත්, ගෙදර වැඩ නිම කිරීම, ඉගෙනීම කෙරෙහි ඔවුන්ගේ ආකල්පය, පන්ති සහභාගිත්වය සහ අඛණ්ඩ තක්සේරුව මත පදනම්ව සිසුන් ඇගයීමට ලක් කරන තරඟකාරී නොවන පරිසරයක් හඳුන්වා දීමටත් අවස්ථාව ලබා දී තිබේ.

‘අධ්‍යාපනය’ යන වචනයේ තේරුම ‘කෙනෙකුගේ නිර්මාණශීලිත්වය පිටතට ගෙන ඒම’ බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි. එමනිසා, දරුවෙකුගේ පළමු අවුරුදු 5 විධිමත් අධ්‍යාපනයට නිර්මාණශීලිත්වය තුළින් සාක්ෂරතාවය සහ සංඛ්‍යාකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය . සිසුන්ට තනිවම සිතීමට, අදහස් ගවේෂණය කිරීමට සහ ‘අධ්‍යාපනය ලැබීම’ යන්නෙහි අර්ථය වර්ධනය කිරීමට ඉඩ දියයුතුයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය…

මෙම ලිපිය පදනම් වී ඇත්තේ “නීතිය එළියයි – සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිඥයන් සමග පවත්වනු ලබන ත්‍රිභාෂා නීති සාකච්ඡා මාලාව ඇසුරෙනි. මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ මහජන සුභසාධක කමිටුව විසිනි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වූ කථිකයන් වුයේ,

අරිත වික්‍රමසිංහ මහතා – නීතිඥ සහ iProbono හි සමානාත්මතා අධ්‍යක්ෂක වන ඔහු සංවිධානයේ එල්ජීබීටී යුක්තිය සඳහා ප්‍රවේශ වීමට මුලික වී ක්‍රියාකරන අතර විවිධත්වය හා ඇතුළත් කිරීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමී ක්‍රියාකාරිකයෙකි. ගෝලීය වශයෙන් විවිධත්වය, සමානාත්මතාවය සහ මානව හිමිකම් – විශේෂයෙන් එල්ජීබීටී අයිතිවාසිකම් – ප්‍රවර්ධනය කිරීම සඳහා අරිත  විසින් මුල පිරීම් සහ ප්‍රෝ බෝනෝ ව්‍යාපෘති රාශියක් මෙහෙයවා ඇත.

වාසනා කන්නන්ගර මෙනවිය -නීතිඥ සහ Child Protection Force හි නීති නිලධාරී

ස්වස්තිකා අරුලිංගම් මෙනවිය – නීතිඥ, උතුරු හා නැගෙනහිර වැඩසටහන් ආධාරක ඒකකයේ නීති ආධාර කොමිෂන් සභාවේ හිටපු ව්‍යාපෘති කළමනාකාරිණි

ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය යනු කුමක්ද? ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේ වර්ග මොනවාද? මෙය සිදු කල හැක්කේ කාටද සහ මෙය සිදු වී හැකි ස්ථාන මොනවාද ?

අරිත – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය කියන යෙදුමේ ස්ත්‍රී පුරුෂභාවය උදාසීනයි. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙකුට එරෙහිව සිදුකරන ශාරීරික හෝ මානසික හිංසනය ඇති කරන ක්‍රියා. කාන්තාවන්ට එරෙහිව අධික ප්‍රචණ්ඩත්වයක් තිබෙනවා. මෑතකදී කරන ලද රජයේ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කාන්තාවන් පස්දෙනෙක්ගෙන් එක අයෙක් ශාරීරික හා ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බවයි.  පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන්ගෙන් 95% ක්ම ලිංගික හිරිහැරවලට ගොදුරු වන බව UNFPA වාර්තාවක් සඳහන් කරනවා. දිගු කාලයක් තිස්සේ පිරිමින් මෙම ප්‍රචණ්ඩත්වයේ වැරදිකරුවෙකු ලෙස ඔවුන්ගේ භූමිකාව ප්‍රතික්ෂේප කලත්  මේ වනවිට ඔවුන් වැඩි වැඩියෙන් තමන්ගේ ක්‍රියාවලට වගකීම ගන්න සිදුවන ලෙසට සමාජයෙන් පීඩනයක් එල්ල වෙලා තිබෙනවා. මේ දත්ත දිහා බලන විට පැහැදිලියි පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන්ගෙන් 95% ක්ම ලිංගික හිරිහැරවලට ලක්වන බව. එමගින් අදහස් වෙන්නේ පුරුෂයින්ගෙන් බහුතරයක් මෙවැනි හිංසනයන් සිදුවීමට  වගකිව යුතු වන බවයි. පුරුෂයන් ලෙස අප වගකීම ගත යුතු අතර මීට වඩා වගවීමක් තිබිය යුතුයි.අප සතු වගවීම ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදියට දුෂණය කිරීම ගත්තොත්, වාර්තා වුනු සිදිධි 6000 ක් පමණ තිබුනත් ගිය වසරේ එක පුද්ගලයෙක් පමණයි දුෂණය කිරීමට නීතියෙන් වරදකරු වුණේ.

ස්වස්තිකා – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සේවා ස්ථානයේ හෝ ඕනෑම පොදු ස්ථානයක සිදු විය හැකියි. හිංසනය ශාරීරිකව, ලිංගිකව හෝ මානසිකව සිදුවිය හැකියි. ගැහැණු ළමයින්ට දෙන සාමාන්‍ය උපදෙස තමයි “රෑට එලියට යන්න එපා, ඒක පරිස්සම් නෑ” කියන දේ. නමුත් අපි දකින්න අසමත් වෙලා තිබෙනවා කාන්තාවන් තමාගේ පවුලේ සාමාජිකයන්ගේ  හෝ සමීප සහකරුවන්ගේ හිංසනයට නිවසේදීම ලක්වෙනවා කියන දේ. මේක විවෘතව කතා කෙරෙන මාතෘකාවක් නෙවෙයි. තවදුරටත් කියනවා නම්, කාන්තාවෝ රැකියාවේදී සිදුවන හිංසනය ගැන පැමිණිලි කරන්නේ නැහැ රැකියාව අහිමි වෙයි කියන බය නිසා. මම දකින විදියට නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය බොහෝ විට සිදුවිය හැක්කේ පුද්ගලික අවකාශවලදියි.

අරිත – හිංසනය ශාරීරික, මානසික හෝ මුල්‍යමය විය හැකියි. මෙය පුද්ගලයෙකුට තවත් කෙනෙකුට පාලනය කළ හැකි මට්ටම මත පදනම් වෙනවා.

ශාරීරික හිංසනය

ස්පර්ශයක් මඟින් ඔබට ජීවිතයට තර්ජනයක් දැනිය හැකි නම්, එය ශාරීරික හිංසනයක් ලෙස සැලකිය හැකියි.

වාසනා පවසන්නේ, මේ සියල්ල පුද්ගලයෙකු කෙරෙහි බලය යෙදවීම පිළිබඳව වන බවත් එය විවාහක යුවළක් තුළ මෙන්ම විවාහයෙන් පිටතදී පවා  පුරුෂයෙකු විසින් ස්ත්‍රියකට ලිංගික සංසර්ගය සඳහා බල කිරීමේදී සිදුවන බවයි. ආරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීමට කාන්තාවන්ට අයිතියක් තිබෙනවා. පුද්ගලයෙකු මෙම අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය ලිංගික හිංසනයකට සමාන විය හැකියි .

චිත්තවේගීය හිංසනය

මෙය වින්දිතයාට මානසික හානියක් හෝ වේදනාවක් ගෙන දෙන සිදුවීම් මාලාවක්. එය චර්යාත්මක හා වාචික ආකාරයේ අපයෝජනයක් වන අතර එය සාමාන්‍යෙන් දිගු කාලයක් පුරාවට සිදු වෙනවා. වින්දිතයාට අනාරක්ෂිතබව සහ විශාද තත්ත්වයන් දැඩි ලෙස දැනීමට ඉඩ තිබෙනවා. වින්දිතයා චිත්තවේගීයව පහල තත්ත්වයක සිටීම, අතවරයට හෝ හිරිහැරයට ලක් වීමද විය හැකියි. ඔබේ සහකරුට කෑගැසීම, අපහාසයක් ලෙස නරක භාෂාව භාවිතා කිරීම, ඔබේ සහකරුට හානි කිරීමට තර්ජනය කිරීම චිත්තවේගීය අපයෝජනයක්.

මූල් අපයෝජනය

ගිණුම් අවහිර කිරීමෙන් සහ මුදල් සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් මූල්‍ය සම්පත් පාලනය කිරීම මගින් පුද්ගලයෙකු පාලනය මෙයින් අදහස් වෙනවා.

 

මෙම ප්රචණ්ඩත්වයට හේතු වන්නේ කවුද?

අරිත – සමීක්ෂණයට සහභාගී වූ සමහර කාන්තාවන් සිතුවේ ඔවුන් එවැනි සැලකීමක් ලැබීමට සුදුසුයි කියා සහ එය අපයෝජනය සිදුවන ආකාරයක් නොවේ කියායි. ඔවුන් හිතුවේ නැහැ ඔවුන්ට සලකන විදියේ වැරද්දක් තිබෙනවා කියල.  පුරුෂමුලික සමාජ ක්‍රමය ඉතා ශක්තිමත් සහ  කාන්තාවන් එහි කොටසක්. මෙම මතය බිඳ දැමීමට යම් කාලයක් ගත වේවි. නමුත් එය කාන්තාවන් නායකත්වය දැරිය යුතු පිරිමින් සමග එක්ව කල යුතු අරගලයක්.

ස්වස්තිකාපුද්ගලයෙක් ළමයෙක් ලෙස ප්‍රචණ්ඩත්වය අත්විඳිනවා නම්, එවැනි කෙනෙක් වැඩිහිටියෙක් ලෙස ප්‍රචණ්ඩ වීමට නැඹුරුවක්  දක්වනවා. මෙය හඳුන්වන්නේ “පරම්පරාගත ප්‍රචණ්ඩත්වය” ලෙසයි. කෙසේ වෙතත්  ප්‍රචණ්ඩත්වයට එකම හේතුව  මෙය නෙවෙයි. ළමයින් සමාජයේ පවතින මතවලින් බලපෑමට ලක් වන විට, ඔවුන් කාන්තාවන් සහ LGBTQ (පිළිවෙලින් L -සමරිසි ස්ත්‍රී, G -සමරිසි පිරිමි, B-ද්විරිසි, T -සංක්‍රාන්ති සමාජභාවී හා Q- ක්වියර) ප්‍රජාව හුදු වස්තුවක තත්ත්වයට ඇද දැමීමට පෙළඹෙන අතර පසු කාලිනව ප්‍රචණ්ඩත්වය ඇති කරන වැඩිහිටියන් බවට පත් වීමට නැඹුරුවක් දක්වනවා.

ඔබ හිරිහැරයට ලක් කිරීම (bullying) ගැන මොකක්ද හිතන්නේ? හිරිහැරයට ලක් කිරීමත් ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේම කොටසක්ද?

අරිත – හිරිහැරයට ලක් කිරීමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයේම කොටසක් තමයි. කිසියම් පුද්ගලයෙක් හිරිහැරයට ලක්වන විට (bully වන විට) එම පුද්ගලයාගේ චිත්තවේගිමය සහ ශාරීරික යහපැවැත්මට තර්ජනයක් වෙයි කියා එම පුද්ගලයාට දැනෙනවා. මෙසේ හිරිහැරයට ලක් කරන පුද්ගලයා විරුද්ධ ලිංගිකයෙක් වන විට, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය යටතට වැටෙනවා.

How do men face sexual violence?

පුරුෂයන් කොහොමද ලිංගික හිංසනයට ලක් වෙන්නේ?

අරිත – බොහෝ විට කාන්තාව වඩා බලවත් තැන සිටින විට හෝ පිරිමි දරුවාගේ වගකීම දැරීම කරන විට ස්ත්‍රීන් විසින් පුරුෂයින්ට ලිංගික හිංසනය සිදු කිරීමේ ප්‍රවණතාවක් අප දකිනවා. කෙසේ වෙතත් පුරුෂයන්ට සිදුවන ලිංගික හිංසා බොහෝමයක් සිදු කර තිබෙන්නේ වෙනත් පිරිමින් විසින්. බොහෝ පිරිමි වින්දිතයින් විවෘතව කතා කරන්නේ නැත්තේ එවැනි සිදුවීම් ලැජ්ජා සහගතයි ආදී ලෙස පවතින ගර්හාව නිසායි. අපට එරෙහිව බිහිසුණු අපරාධයක් කර ඇති බව පිළිගැනීම කාන්තා ලක්ෂණයක් කියා අපට හිතන්න සලස්වල තියෙනවා. මෙවැනි සිද්ධි එක්ක විශාල ලැජ්ජාවක් බැඳිලා තිබෙද්දීම අපට කියනවා මිනිහෙක් වෙන්න කියල. පුරුෂභාවයේ තිබෙන මෙවැනි විෂ සහිත අදහස්වලට අනුව අපි වින්දිතයන් බවට පත් වුනොත්, අපි ඒ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නෑ. අවාසනාවකට පසුව අපි ලිංගික හිංසනයේ වැරදිකරුවන් බවට පත් වෙනවා.

 

ස්වස්තිකා– අපි දකිනවා පුරුෂයන් තවත් පුරුෂයන්ව හිංසාවට ලක් කරනවා  පුරුෂභාවය ගැන අපහාස කරමින්. මෙය පිරිමි ළමුන් මුහුණ දෙන එක ආකාරයක හිංසනයක්. සංස්කෘතිමය වශයෙන් මේ වටා බැඳිලා තිබෙන සමාජ ආකල්පය නිසා අපි දකින්නේ නෑ පිරිමියෙක් කාන්තාවක් විසින් සිදු කල හිංසනයකට විරුද්ධව පැමිණිලි කරනවා. දුෂණය කිරීම සිදු කල හැක්කේ පුරුෂයෙක්ට පමණයි කියා උපකල්පනයක් තියෙනවා සහ මෙය අදටත් අපේ නීති තුල පිළිබිඹු වෙනවා. මේ නිසා  පුරුෂයන් ඉදිරියට පැමිණෙන්නේ නැහැ.

 

මෙම ප්රශ්නයට එරෙහිව සටන් කිරීමට සහ පුරුෂයන් මේ ගැන හඬක් නැගීමට දිරිමත් කිරීමට ඔබ යෝජනා කරන්නේ කෙසේද?

අරිත – පාසල් අධ්‍යාපනය. අපි හැමෝම දන්නවා අපිට පාසලෙන් කිසිම ආකාරයක ලිංගික අධ්‍යාපනයක් හෝ සම්බධතා පිලිබඳ අධ්‍යාපනයක් ලැබුනේ නැහැ. අපිට උගන්වල නැහැ කැමැත්ත (consent) යන්නහි තේරුම. බොහෝ පිරිමින් සහ කාන්තාවන් වටහාගෙන නැහැ කැමැත්ත යන වචනය. ළමයින් කාමුක අන්තර්ගතයන් (pornography) තුළින් සබඳතා ගැන ඉගෙන ගන්නවා. කාමුක අන්තර්ගතයන් විශාල ප්‍රමාණයක් ප්‍රචණ්ඩකාරී වන අතර ඒවා ඇතැම් ෆැන්ටසින් රඟ දක්වනවා. කැමැත්ත හෝ යහපත් සම්බන්ධතා ගැන උගන්වා නැති තරුණ දරුවෙකු මෙවැනි දේ  ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හැසිරීම් සාමාන්‍යකරණය කිරීමක් ලෙස දැකීම නිසා  ඔවුන් තම සහකරුට සලකන ආකාරය කෙරෙහි බලපෑම් කරනවා. අධ්‍යාපනය නොමැතිකම කාන්තාවන්ට එරෙහි හිංසනය දිගටම කරගෙන යෑමට හේතුවක් වෙනවා.

ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය අතර වෙනසක් තිබෙනවද? නැතිනම් මේ දෙකම එකක්ද?

අරිත – මේ දෙක එකක් නෙවෙයි. මේ අවස්ථාවල සන්දර්භය (context) වෙනස්.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඕනිම තැනක සිදුවිය හැකියි. එය බස් එකේදී හෝ මුහුදු වෙරළේදී සිදු විය හැකියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදු වෙන්නේ පෞද්ගලික ස්ථානයක, පෞද්ගලික සම්බන්ධතාවක් තුලයි. එය අත්‍යවශයෙන්ම නිවසේදී සිදු විය යුතු නැතත් එය සිදුවන්නේ සමීප සහකරුවන් අතර.

 

ඔබගේ සහකරු හෝ සහකාරිය විසින් සිදුකරන හිංසනයක් වාර්තා කිරීම ගැන බැඳුනු විවිධ සමාජ ආකල්ප (stigma) පවතිනවා. ඔබ මේ අයට දෙන උපදෙස් මොනවාද?

නීතිඥවරයෙක් ලෙස මම කියන්නේ ඔබ එවැනි දෙයක් ගැන පැමිණිලි කල යුතුයි නමුත් අපි තේරුම් ගත යුතුයි හැම පුද්ගලයෙක්ම මුහුණපාන තත්ත්වයන් වෙනස් කියන කරුණ. අපට ඉතා සානුකම්පිත පොලිසියක් ද අවශ්‍ය වෙනවා, මොකද පැමිණිලි කිරීමට ගිය කාන්තාවන් ආපසු හරවා යවා තිබෙන අවස්ථා තියෙනවා. කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමකින් තොරව,පොලිසිය අපයෝජිත සම්බන්ධතාවල සිටින සහකරුවන්ව තල්ලු කරලා තියෙනවා ඔවුන්ගේ ගැටළු විසඳගෙන සමථ වෙන්න. ඕනෑම ආකාරයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් කියන්නේ අපරාධමය කරුණක්. සමීප සහකරුවන් අතර මෙය සිදු වුණා කියන කරුණ එහි සාපරාධීත්වය අඩු කරන්නේ නැහැ.

ඔබට කතා කරන්න පුලුවන්ද ශ්රී ලංකාවේ LGBTQ ප්රජාව මුහුණදෙන ප්රචණ්ඩත්වය ගැන

අරිත – වසර 3කට පමණ පෙර Equal Ground විසින් රටේ දිස්ත්‍රික්ක 25 ඇසුරෙන් සිදු කල සමීක්ෂණයකින් හෙළි වුනේ LGBTQ ප්‍රජාවෙන් 70% කිසියම් ආකාරයක හිංසනයකට මුහුණ පා ඇති බවත් 50% ක් රැකියා අවස්ථාවලින් ප්‍රතික්ෂේප වී ඇති බවයි. iProBono සමග වැඩ කරන නීතිඥවරු හෙළි කරලා තියෙනවා LGBT පුද්ගලයන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ගුද සහ යෝනි පරික්ෂාවන්ට ලක් කර ඇති බව.

මේ ගැටලුවට පවතින නීතිමය රාමුව කුමක්ද?

වාසනා-  පළමුව ඔබ ළඟම ඇති පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කල යුතුයි. ඔබට කිට්ටුව පොලිස් ස්ථානයක් නැතිනම් හදිසි ඇමතුම් අංකය වන 119 ට දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන්. එහෙමත් නැති නම් ඔබට පුළුවන් පැමිණිල්ලක් කිරීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානය ලබා ගැනීමට පොලිස් ප්‍රධාන කාර්යාලය 0112 421111 අමතන්න. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා තිබෙන විශේෂ ඇමතුම් අංකය 1938.

අපි අද ජිවත් වෙන්නේ ඩිජිටල් ලෝකයක. ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද අන්තර්ජාලය තුල සිදුවන ලිංගික හිංසනය ගැන?

අරිත- අපි තරුණ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව සයිබර් හිරිහැර කිරීමවලට එරෙහිව සටන් කිරීමට කටයුතු කරනවා. සයිබර් අවකාශය තුල සිදු කරන හිරිහැර කිරීම්, පළිගැනීමේ අරමුණෙන් භාවිත කරන කාමුක අන්තර්ගතයන් (revenge porn) අපරාධකරණය කිරීම සඳහා අපරාධ නීති ප්‍රතිසංස්කරණය කරමින් ඉන්නේ.

ස්මාර්ට් ජංගම දුරකතනවල ව්‍යාප්තිය හේතුවෙන් මෙය ගැටළුවක් වෙලා තිබෙනවා. අපි දකිනවා ගමේ ක්‍රීඩා පිටියේ වුනු හිරිහැර කිරීම් (bullying),  නම් කියා ගැනිම සහ පුද්ගලයන් ලජ්ජාවට පත් කිරීම, අපහාස වන අයුරෙන් කතා කිරීම හෝ ප්‍රචණ්ඩ හෝ ලජ්ජාවට පත් කරන පණිවිඩ යැවීම සමාජ මාධ්‍ය තුල සිදු වෙනවා. විශාල වශයෙන් සයිබර් අවකාශය තුල ලිංගික හිරිහැර කිරීම් සිදුවෙනවා. අවාසනාවකට මෙන් වෙනත් පාසල් දැරියන්ගේ නිරුවත් රූප බෙදා හදා ගන්නා ඉතා හොදින් ස්ථාපිත වුනු, පාසල් පිරිමි ළමයින්ගේ සංවිධානාත්මක කල්ලි තිබෙනවා. ඉස්සර අපි බෙදා ගත්තේ සුපිරි වීරයන්ගේ ස්ටිකර්ස්. දැන් ඔවුන් පාසල් දැරියන්ගේ පින්තූර වෙළඳාම් කරන්නේ ඔවුන්ව සම්බන්ධතාවයකට පොළඹවා ගෙන සහ නිරුවත් පින්තූර යවන බවට තර්ජනය කරමින්. ගැහැණු ළමයා ලිංගික අවශ්‍යතාව  ඉටු කලේ නැතොත්, අනවසරයෙන් එම  ඡායාරුප ප්‍රසිද්ධ කරන, පළිගැනීමේ අරමුණෙන් කාමුක අන්තර්ගතයන් (revenge porn) භාවිත කරන ලිංගික හිංසන චක්‍රයක් බවට මෙය පත් වෙනවා. අවාසනාවට අපි දරුවන්ට ස්මාර්ට් දුරකථන ලබා දී තිබෙන්නේ එහි භාවිතය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමකින් තොරවයි.

 

  • ඔබට සම්පුර්ණ සාකච්ඡාව අපගේ Law Students’ Association Sri Lanka YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

 

සම කර්තෘවරුසීනත් සකිර්, අංජලී උඩවත්ත, ශලොමි තාසන් ( ශ්රී ලංකා නීති ශිෂ් සංසදයේ සමාජ සුභසාධක කමිටුව)

රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවන් විවිධ අවස්ථාවල, විවිධ තැන් වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වෙනවා. රැකියා ස්ථානයේ මෙවැනි ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන තත්ත්වය කාලයක් තිස්සේ අපිට අහන්න දකින්න ලැබෙනවා. කාන්තාවන් රැකියාවෙන් ඉවත් වෙන්න මේ හේතුව බොහෝ ලෙස බලපා තිබෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූ දෙයක් නෙවෙයි. අනිකුත් දියුණු රටවල් වලත් කාන්තාවෝ විවිධ ලිංගික හිරිහැරයන්ට ලක්වෙනවා. කාන්තාවන්ට තමන්ගේ නිවසේදී, මහමගදී මෙන්ම සේවා ස්ථානයේද විවිධ ප්‍රමාණ වලින් හිංසනයන්ට ළක් වීමට සිදුවෙන අතර සේවා ස්ථානයේදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය එතරම් කතා බහට ලක් වෙන්නේ නැහැ.

රැකියාවේ තිබෙන සුරක්ෂිතභාවය, ආර්ථික අපහසුතා සහ සමාජ අපවාදයන්ට මුහුණ දෙන්න වෙයි කියන බය නිසා බොහෝ කාන්තාවන් මේ දේවල් දරාගන දැඩි පීඩනයෙන් යුතුව රැකියවේ නිරත වෙනවා. රැකියා ස්ථානයේදී සිදුවන ලිංගික හිංසනය ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධානියෙකු හෝ යම් බලතල දරන පුද්ගලයෙකු තමන් යටතට සේවයට අනියුක්ත කරන කාන්තාවන්ට උසස්වීම් ලබා දීමට, සේවා ස්ථානයේ මාරු කිරීම්, සේවා ඇගයීම් හෝ ප්‍රසාද ලබා දීමට ලිංගික අල්ලස් ඉල්ලා සිටීම එක් ආකාරයක්. සේවා ස්ථානයේ සිටින අනෙකුත් පිරිමින් කාන්තා සේවිකාවන්ට සිදුකරන ඉඟිබිඟි, කතා, අයුතු ලෙස සිදු කරන කායික ප්‍රවේශ සහ ලිංගික වශයෙන් වෙනස්කොට සැලකීම් මෙන්ම එමගින් සේවය කිරීමට අපහසු පරිසරයක් ඇති කිරීම ලිංගික හිංසනයක් සිදුවන අනෙක් ප්‍රධාන ආකාරය ලෙස දක්වන්න පුළුවන්.

කාන්තාවන් තමන්ගේ සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයට ලක්විය හැකි ආකාරයන්
කායිකව සිදුකරන ලිංගික හිංසනය

■ අනවශ්‍ය පරිදි සමීප වී සිටගෙන සිටීම
■ ස්පර්ශ කිරීම, අතින් තට්ටු කිරීම, අතගෑම, සිර කිරීම, මිරිකීම හෝ වැළද ගැනීම
■ ලිංගික අවයව ස්පර්ශ වන ලෙස හැසිරීම
■ ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම.

වාචික ලිංගික හිංසනය

■ ලිංගිකත්වය පිළිබද වර්ණනා කිරීම හෝ ඒ සම්බන්ධයෙන් වක්‍රව අදහස් පළ කිරීම.
■ තවත් කෙනෙක්ගේ ලිංගිකත්වයට අපහාස කිරීම.
■ පුද්ගලයෙකුගේ කායික පෙනුම, වයස, පෞද්ගලික ජීවිතය, තනිකඩ හෝ විවාහ දිවියේ තත්ත්වය, මාතෘ භාවය හෝ මාතෘ භාවයට පත් නොවීම ගැන අදහස් පළ කිරීම
■ ලිංගිකත්වය මුල් කොටගත් විහිලු කතන්දර ගෙනහැර දැක්වීම, ලිංගික ආශාවන් පිළිබදව කරුණු විමසීම.
■ වැඩවලට අදාළ සාකච්ඡා ලිංගිකත්වය මුල්කොට ගත් මාතෘකා වලට හැරවීම.
■ උරුවම් බෑම හෝ ලිංගිකව කාමුක ශබ්ද ඇති කිරීම.
■ අසභ්‍ය සහ ප්‍රහාරාත්මක භාෂාවන් භාවිතය.
■ නිර්ණාමික දුරකථන පණිවුඩ ලබාදීම.
■ විටින් විට අයුතු සාද සදහා ආරාධනා කිරීම.
■ ඕපාදූප කීම, කේලාම් කීම හෝ කටකතා පැතිරවීම.

අභිනයෙන් සිදු කරන ලිංගික හිංසනය

■රැවීම, කාමුකව ඇස් කොණින් බලා විරිත්තීම, කතා කරන දේ නිරීක්ෂණය කිරීම, ඉගි මැරීම හෝ බලා සිටීම
■පිඹීම, දිව දික් කිරීම හෝ තොල් ලෙවකෑම
අත්/ඇගිලි යොදා ගනිමින් ලිංගික අදහස් පළ කිරීම
■ලිංගික කාමුක ක්‍රියා අභිනයෙන් දැක්වීම

දෘශ්‍ය ලිංගික හිංසනය

■අනිසි ඊමේල් පණිවිඩ, කෙටි පණිවිඩ යැවීම හෝ ලිංගික කරුණු ඉස්මතු වන විහිළු සහගත දේ තැපෑලෙන් යැවීම
■නිර්ණාමික ලිපි, ඊමේල්, ට්විටර්ස්, සමාජ මාධ්‍ය හරහා පණිවිඩ හෝ කෙටි පණිවිඩ යැවීම
■ලිංගික හැගීම් උපද්දන කුරුටු ගී ලිවීම
■ලිංගිකත්වය ගෙනහැර දක්වන පින්තූර, ඡායාරූප, පෝස්ටර්, දින දර්ශන සහ ඩෙස්ක්ටොප් බිත්ති, පත්‍රිකා හෝ අසභ්‍ය වෙබ් අඩවි ප්‍රදර්ශනය කරමින් තිබීම.
■තවත් පුද්ගලයෙකුගේ අනුකරණ, පිංතූර වීඩියෝ පට ඔවුන්ගේ අනුදැනුම හෝ කැමැත්ත නොමැතිව ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීම

ඔබට මෙවැනි ආකාරයේ කරදයක් සිදුවනවානම් එය දරාගන්නේ නැතිව මේ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඔබේ සේවා ස්ථානයේ කාන්තාවකට ඉහත සදහන් කළ ඕනෑම ආකාරයකින් ලිංගික හිංසනයක් සිදුවනු දුටුවහොත් වින්දිතයා එය පැමිණිලි නොකළද ඔබ ඊට එරෙහිව කතා කරන්නට වග බලාගන්න. ආයතනයේ අදාල බලධාරීන් දැනුවත් කරන්න. ආයතනය විසින් ක්‍රියාමාර්ග නොගන්නේ නම් රටේ පවතින නීතියට තමන්ට ලැබෙන හිංසනයට එරෙහිව නෛතික සුරක්ෂිතතාවය ලබා ගැනීමට ඕනෑම කාන්තාවකට හැකි බැවින් නීති උපදෙස් ලබා ගනිමින් ඒ සඳහා යොමු වීමට කටයුතු කරන්න.

කොරෝනා හදාගන්නේ නැතිව gym යමු..

ශරීර සුවතාවය ගැන හිතන ඕනම කෙනෙක්ට හොඳ Option එකක් තමයි ජිම් එක. අද වෙනකොට බොහෝ දෙනෙක් ජිම් එකට යන්න පෙළබිලා තිබෙනවා. හැබැයි මේ කොරෝනා වෛරසය නිසා අපි හැම කෙනෙක්ටම වගේ ජිම් එකට හරියට යන්න ලැබුනෙම නැහැ. දැන් තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. හැබැයි එහෙම වුණාට ජිම් නොගිහින් හිටියා කියලා වැඩකුත් නැහැ. ඒ නිසා පුළුවන් උපරිමෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපඳින ජිම් එකකට යන්න. අද අපි කතා කරමු මේ කෙරෝනාවෙන් හැකි තරම් පරිස්සම වෙලා කොහොමද ජිම් යන්නේ කියලා.

 

Face Mask

CDC updates: Wear a mask while exercising indoors at gyms

ගොඩක් දෙනෙක් හිතන්නේ මාස්ක් එකක් දාගන workout කරන්න බැහැ කියලා. ඒ වගේම හිතනවා හුස්ම ගන්න ප්‍රමාණය අඩු වෙලා කලාන්තයක් එයි කියලා. නමුත් ඇත්තටම එහෙම දෙයක් සිදුවෙන්නේ නැහැ. විද්‍යඥයන්ට අනුව මාස්ක් එකක් දාගන workout කරාට කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ජිම් එකේදි workout කරනකොට මාස්ක් එක දාගන්න . මේයින් හැමදෙනාම ආරක්ෂා වෙනවා.

හරි gym එකක්

Hotel Marino Beach | Colombo

ඉස්සරන්ම අපි හොඳ gym එකක් කියලා හෙව්වේ හොඳ උපකරණ තියෙන හොඳ කෝච් කෙනෙක් ඉන්න ජිම් එකක්. වර්තමානයේ මේ දේවල් විතරක් නෙවෙයි කොවිඩ් වෛරසය නිසා හොඳට ඉඩකඩ තියෙන හොඳට වාතාශ්‍රය එන වගේම covid guide line වලට අනුව කටයුතු කරන තැනක්ද කියලා හොඳට හොයලා බලන්න.

 

කණ්ඩායම් ලෙස පුහුණු වීම්

What is the difference between Zumba and dance aerobics? - Quora
ඇරොබික්ස්, සුම්බා වැනි එහෙමත් නැත්තම් කණ්ඩායමක් වශයෙන් එකුතු වෙලා කරන ව්‍යායාම වගේ දේවල් සිදුකලාට කමක් නැහැ. හැබැයි එකිනෙකා අතර මීටර් දෙකකවත් පරතරක් තියගන්න . එහෙම ඉඩපහසුකම අඩුයින්ම එවැනි ක්‍රියාකරකම් වලට මේ අවස්ථාවේ සහභාගී නොවෙන එක තමයි හොඳම දේ.

සැනටයිසර්

Keeping Your Club's Image Safe & Clean | IHRSA

මේ කාලේ නැතුවම බැරි දෙයක් තමයි සැනටයිසර්. ඒ වගේම ජිම් යනවා නම් අනිවාර්යෙන් ලඟතබා ගත යුතුම දෙයක් තමයි සෙනටයිසර්. ජිම් එකේදි ඔයා භාවිතයට ගන්න හැම උපකරණයක්ම සැනටයිසර් කරගන්න. ඒ වගේම මතක ඇතිව ඔයාගේ අත් දෙක සැනටයිස් කරගන්න.

 

ඕෆ් පීක්

Forum: ActiveSG gym users urged to plan before booking slots, Forum News &  Top Stories - The Straits Times

අපි හැම කෙනෙක්ම අපිට පහසු වෙලාවේ ජිම් යන්න තෝරගන්නවා. සමහර අය උදෙන්ම යනවා නැත්තම් හවස. මේ කොරොනා කාලේ සෙනග අඩු වෙලාවට ජිම් එකට යනවා නම් තමයි හොඳ. පීක් වෙලාව සහ ඕෆ් පීක් වෙලාව එක එක ජිම් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් කට්ටිය අඩුවෙන එන වෙලාවට workout කරන්න ජිම් එකට යන්න.

එලියට යනවානම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න…

COVID – 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියත් එක්ක රජය විසින් සංචරණ සීමා පැනවූයේ වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් වශයෙනුයි. කොහොම වුනත් සති හයක පමණ කාලයක් නිවෙස් වලටම වෙලා හිටපු බොහෝ දෙනෙක් සංචරණ සීමා ලිහිල් කිරීමත් සමගම තම තමන්ගේ කටයුතු වලට බැහැරට යන්න පටන් අරගෙන තිබෙනවා. මහාමාර්ග වල සාමාන්‍ය දිනවල වගේම රථ වාහන තදබදයකුත් තිබෙන බව තැනින් තැන අහන්න දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ගැන විවිධ පුද්ගලයින් විවිධ මත ප්‍රකාශ කරා වුනත්, නිශ්චිතවම මේ තත්ත්වය හරි හෝ වැරදි කියල ප්‍රකාශ කරන්නත් කිසිවෙකුට හැකියාවක් නැහැ. එකිනෙකාගේ අවශ්‍යතා සහ ජීවන විලාශය එකිනෙකට වෙනස් නිසා. කොහොම වුනත්, සංචරණ සීමා ඉවත් කළ පසු, අත්‍යවශ්‍ය කාරණා සහ වෘවත්තීය අවශ්‍යතා වෙනුවෙන් පිටතට යන ඔබ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු දේවල් කිහිපයක් ගැන නැවත වරක් ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා. මේ බොහොමයක් දේවල් ඔබ දැනටමත් හොඳින් දන්නවා වන්නටත් පුළුවන්. නමුත් නැවත නැවතත්, අපි ඔබව දැනුවත් කරන්නේ මේ සියල්ල පිළිපැදීම අත්‍යවශ්‍ය නිසාමයි. මේ වසංගත තත්වයෙන් රටක් වශයෙන් ආරක්ෂා වන්න නම් මේ කරුණු අනුගමනය කළ යුතුමයි.

ඔබ කිසියම් කාරණයක් වෙනුවෙන් පිටතට යනවා නම්, ඒ හැම අවස්ථාවකදීම ඔබේ දෑත් පිරිසිදු කරගැනීම මගහරින්න එපා. දෑත් සෝදා ගැනීමේ පහසුකම් නොමැති අවස්ථාවක් ආවොත් පාවිච්චිය වෙනුවෙන් සැනිටයිසර් බෝතලයක් අරගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම හැකි සෑම අවස්ථාවකම එකිනෙකා අතර මීටරයක පරතරය පවත්වා ගන්න වගබලා ගන්න. අත්‍යවශ්‍ය නොවන කාරණයක් නම් හැකි තරම් නිවසින් බැහැර යාමෙන් වැලකී සිටින්න කියන දේත් නැවත වරක් ඔබට සිහිපත් කළ යුතුමයි. ඒ වගේම නිවසින් පිටතට යන සෑම අවස්ථාවකම නිවැරදි මුහුණු ආවරණයක් පැළඳ ගන්න අමතක කරන්න එපා.

මොකක්ද මේ නිවැරදි මුහුණු ආවරණ පැළඳීම කියන්නෙ..? සමහර විට මේ ගැන ඔබට ගැටළුවක් තිබිය හැකියි. ඒ වගේම මුහුණු ආවරණ දෙකක් පැළඳිය යුතුයි කියන අදහසකුත් පැතිර ගියා ඔබට මතක ඇති. මේ කතාව ඇත්තක්ද..? මුහුණු ආවරණ දෙකක් පැළඳීමෙන් අමතර ආරක්ෂාවක් ලැබෙනවාද..? මේ ගැටළුවට පිළිතුරු දීමට අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිළ වෙබ් අඩවියේ සඳහන් තොරතුරු සහ රජයේ සෞඛ්‍ය නිර්දේශ පදනම් කරගන්නම්. ඔබ සාමාන්‍ය Surgical mask එකක් පළඳින කෙනෙක් නම් මෙතැනදී mask දෙකක් පැළඳීම කියන දේ ඔබට වැදගත් විය හැකියි. Surgical mask භාවිතයේ දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පිටත දාරය දිගේ ඇතැම් තැන්වල මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම. Surgical mask එකක් භාවිතා කිරීමේදී, එයට පිටතින්, අමතර රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, මේ විදිහට ඇතිවන හිඩැස් අවම කරගන්න පුළුවන් නිසා ඇතැම් අය එසේ කරනවා. මේ ක්‍රමය වසංගත තත්ත්ව පාලනයට කෙතරම් දුරකට උපකාරී වනවාද කියන දේ ගැන විද්‍යාත්මක සාක්ෂි තවමත් මුල් අවස්ථාවේ පවතිනවා. නමුත් ලෝකයේ ඇතැම් මහජන සෞඛ්‍ය ආයතන මගින් මෙම උපක්‍රමය පහුගිය කාලවල දී නිර්දේශ කරනු දකින්න ලැබුනා. මේ විදිහට රෙදි මුව ආවරණයක් පමණක් පැළඳීමත්, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවාට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක්. රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි තිබෙන ස්තර ගණන වගේම සාදා ඇති අමුද්‍රව්‍ය මතත් තීරණය වෙනවා. ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැක.

Cloth vs. Surgical Masks: Which Is Best? | Do Double Masks Work?

ඒ වගේම ඔබ දන්නවා වෛද්‍ය අංශයේ සේවය කරන පුද්ගලයින් පාවිච්චි කරන මේ වනවිට පොදුවේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන KN95 කියන මුව ආවරණය ගැන. ඔබේ මුහුණේ නාසය සහ මුඛය ආශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරගැනීමට මේ මුව ආවරණයට හැකියාව තිබෙනවා. ඒ නිසා මෙය පැළඳීම වඩාත් පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමවේදය බව තහවුරු කොට තිබෙනවා. KN 95 මුහුණු ආවරණයක් පළඳින විට තවත් මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. එය සම්පුර්ණයෙන්ම ආරාක්ෂාකාරියි. ඒ නිසා අමතර අපහසුවකින් තොරව නිවැරදි මුහුණු ආවරණය තෝරාගෙන පළඳින්න වගබලා ගන්න. ඒ වගේම ඔබට ඇතිවන අපහසුතාවකදී මුහුණු ආවරණය ලිහිල් කිරීමට අවශ්‍ය වුවහොත්, ඔබ ඉතා හොඳින් මතක තබාගත යුතුයි මිනිසුන්ගේ ඉවතට ගිහින් මදක් මුහුණු ආවරණය ලිහිල් කරගැනීමටත්. ඒ වගේම කිසිදු විටෙක මුහුණු ආවරණයේ මැදින් ඇල්ලීම සිදු නොකළ යුතුයි. කණ සමග සම්බන්ධ වන ආධාරක පටියේ එක පසකින් පමණක් අල්ලා එය ලිහිල් කිරීම කළ යුතුයි. ඒ වගේම Mask එක පැළඳීමට පෙර සහ ගලවා ඉවත් කළ පසුත් හොඳින් සබන් යොදා ඇත සේදීම කළ යුතුමයි. Surgical mask එකක් නම් වරක් භාවිතයෙන් පසු විනාශ කරන්නත්, රෙදි එකක් නම් හොඳින් සෝදා නැවත භාවිතා කිරීමත් කළ යුතුයි. Mask එක පැළඳි පසු ඔබේ නාසය, කට සහ නිකට යන සියල්ලම ආවරණය වී ඇතිදැයි හොඳින් පරික්ෂා කර බලා තහවුරු කරගන්නත් අමතක කරන්න එපා.

A Quick And Easy Guide to Face Steaming For Acne Prone Skin | Make Plus

ඔබ නිතර දෑත් සෝදනවා වගේම ඇස් සහ මුහුණේ නිරාවරණය වී ඇති ප්‍රදේශ ඇල්ලිමෙනුත් වැලකීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පොදුවේ කිහිප දෙනෙක් භාවිතා කරන කාර්යාලයීය උපකරණ, මේස ආදියත් නිතර නිතර විෂබීජ හරණය කිරීමට සැළකිලිමත් වන්න. සනිටයිසර් ස්ප්‍රේ බෝතලයක් භාවිතයෙන් මෙලෙස විෂබීජ හරණය සිදුකරගත හැකියි. ඒ වගේම මේ දවස් වල හැකි තරම් පෝෂ්‍යදායි ආහාර වලට යොමුවන්න. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම නිසි ව්‍යායාම් කරන්න අමතක කරන්නත් එපා. නිතර උණුසුම් ජලය පානය කිරීම උණුවෙන් පාවිච්චි කිරීම හැකි සෑම විටකම කරන්න. ඔබ පිටතට ගොස් පැමිණියේ නම් සෙල්සියස් අංශක 70කට වඩා වැඩි උණුසුම් වතුරින් හුමාලය ඇල්ලීම කළ යුතුයි. මේ පියවර අනුගමනය කිරීම ඔබ වගේම ඔබේ පවුලේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට උපකාරී වනවා.

මේ වනවිට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ලංකාවෙන් හමුවී ඇති බව ඔබ හොඳින් දන්නවා ඇති. ඔබ එන්නත් ලබාගත් පුද්ගලයෙක් වුනත්, එන්නත හේතුවෙන් වෛරසය ආසාදනය නොවනවා යැයි නොසිතා හැකි උපරිමයෙන් ආරක්ෂාකාරී වන්න. නිසි සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔබේ දෛනික කටයුතු කරගන්නා ලෙස අපි ඔබට මතක් කරනවා. මේ වෛද්‍ය නිර්දේශ දිගින් දිගටම යාවත්කාලීන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනිකුත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන නිසා, අලුත් තොරතුරු නිකුත් වන විට ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. එතෙක්, මතක තබාගන්න. එළියට යන්න, නමුත් සියලු ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරන්න.

 

-එන්. වෙහෙරදූව-