සාමාන්යයෙන් , කාන්තාවන්ගෙන් 58% ක් අනවශ්ය රෝම ඉවත් කිරීමේ ක්රමයක් ලෙස රේසරය යොදාගන රෝම ඉවත්කිරීමට පෙළඹෙනවා. ඒ් වගේම පිරිමි පාර්ශවය කොහොමත් තමන්ගේ රුවුල බෑම සදහා රේසරය භාවිතා කරනවා . මෙයින් අදහස් වන්නේ මිලියන ගණනක ජනතාව දිනපතා අනවශ්ය රෝම ඉවත් කිරීම හා රැවුල බෑම සදහා රේසරය භාවිතා කිරීම හේතුවෙන් සමේ ආසාදනයන්ට ලක්වෙන බවයි. ඉතිං ගැස්ම හිතුවා රේසරය භාවිතා කිරීම නිසා ඇතිවෙන ආසාදනයන්ට හා කැලැල් වලට නිවසේදීම කරගන්න පුළුවන් පිළියම් ගැන ඔබව දැනුවත් කරන්න.
01- Cornstarch හෝ baby powder
Baby powder ඇතුළු සමහර රූපලාවණ්ය නිෂ්පාදන සඳහා පිරිසිදු බඩ ඉරිඟු පිටි භාවිතා කරන බව ඔබ දන්නවාද? රේසර් කිරීම නිසා ඇතිවන ආසාදනයනට සහ සමේ කැක්කුමට ප්රතිකාර කිරීමට Baby powder සහ Cornstarch හොඳ ආදේශකයක් ලෙස විශ්වාස කෙරෙනවා .Cornstarch ආලේප කිරීමෙන් සමේ ඇතිවන කැසීම්, ආසාදන සඳහා ක්ෂණික සහනයක් ලබාගන්න හැකියාව තිබෙනවා. සෑම නිවසකම වගේ Baby powder තිබෙනවා . ඔබට එය Shave කිරීමෙන් පසු ඇතිවෙන ආසාදනයන් වලක්වාගන්න භාවිතා කරන්න පුළුවන්. Baby powder නැත්නම් බඩ ඉරිඟු පිටි ස්වල්පයක් වතුර සමග මිශ්ර කර පාප්පයක් සාදා ආසාදනයටපත් ප්රදේශවල ආලේප කරන්න. විනාඩි 10 ක් තබා වතුරෙන් සෝදන්න. ඔබ මෙම ක්රමය අත්හදා බැලීමට තීරණය කරනවානම් ඔබේ සමේ වෙනත් ආසාදන නොමැති බවට වග බලා ගන්න.
02- මී පැණි
ශතවර්ෂ ගණනාවක් තිස්සේ මී පැණි, තුවාල හා සමේ ආබාධ සුව කිරීම සඳහා බහුලව භාවිතා කරපු බෙහෙතක්. එහි විද්යාත්මකව පිළිගත් anti-inflammatory සහ anti-microbial ආචරණය මඟින් ආසාදනයටපත් ප්රදේශය මත ආලේප කළවිට ඉක්මන් සුවවීමක් බලාපොරොත්තු වෙන්න හැකියාව තිබෙනවා. Shave කිරීමෙන් පසු ඇතිවෙන ආසාදනයන් වලක්වාගන්න අදාළ ස්ථානයේ මී පැණි ආලේප කර විනාඩි 10-15 අතර කාලයක් තබන්න. ඉන්පසු ඒම ස්ථානය උණුසුම් ජලය මගින් සෝදා හරින්න.
03- ඔලිව් ඔයිල් , විටමින් ඊ, ටී ට්රී ඔයිල්
ස්වාභාවික essential oils ඒවායේ සිනිඳු හා anti-inflammatory ගුණාංග සඳහා තමයි ගොඩක් ප්රසිද්ධ. ඉතින්, ස්වභාවිකම සමේ ඇතිවන ආසාදන සුවකරගන්න ඔලිව් තෙල් විශිෂ්ට පිළියමක් ලෙස හඳුන්වන්න පුළුවන්. Tea tree oil ඔබේ සමේ ඇතිවන ආසාදන වලට ප්රතිබැක්ටීරීය ප්රතිකාරයක් සිදුකරනවා. විටමින් ඊ තෙල් එහි ප්රතිඔක්සිකාරක ගුණ සඳහා ප්රසිද්ධ වන අතර එමඟින් විවිධ වර්ගයේ සමේ ගැටළු සඳහා ගුණාත්මක ප්රතිකාරයක් වෙනවා. ඉහතින් සදහන් කළ ඔබ කැමති තෙල් වර්ගයක් තෝරාගෙන cotton pad එකක් භාවිතයෙන් දිනකට දෙවරක් රේසර් කිරීම නිසා ආසාදනය වූ ස්ථානවල ආලේප කරන්න . ස්වාභාවික ශාක තෙල් (නිදසුනක් ලෙස ඔලිව් තෙල්) ආසාදනය වූ ස්ථානමත කෙලින්ම භාවිතා කළ හැකි බව මතකතබා ගන්න. නමුත් essential oil (ලැවෙන්ඩර් තෙල්, Tea tree oil) ජලය සමඟ මිශ්රකළ යුතු අතර essential oil බින්දු 4-5 වතුර තේ හැඳි 2 තේ දෙකක අනුපාතයට මිශ්රකර ආලේප කරන්න.
04- අයිස් යෙදුම
සම ආසාදනය වීමේ ගැටලුව විසඳීම සඳහා අයිස් යෙදුම කියන්නේ ගොඩක් ළුලදායී ක්රමයක් කිව්වොත් නිවැරදී. University of Rochester විසින් කරනලද අධ්යයනයකින් හෙළි වී තිබෙන්නේ අයිස් යෙදුම මගින් සමේ උෂ්ණත්වය අඩු කරන අතර ස්නායු ක්රියාකාරිත්වය ද අඩු කරන බවයි. එමගින් සමේ ඇතිවෙන රතු පැල්ලම් සහ කැසීම් වලින් ක්ෂණික සහනයක් ලබා ගැනීම සඳහා ඔබට අයිස් යෙදුම භාවිතා කරන්න හැකියාව තිබෙනවා. ඔබ අයිස් යෙදුම භාවිතා කරන්න හිතනවානම් කරන්න තියෙන්නේ මෙච්චරයි. අයිස් කැට කිහිපයක් රෙදි කෑල්ලකින් හෝ ප්ලාස්ටික් බෑග් එකකට දමා විනාඩි කිහිපයක් ආසාදනයට පත් ප්රදේශයේ තබන්න .
05- වැස්ලින්
ඔබ ශරීරයේ කුමන ප්රදේශයක වුණත් Shave කිරීමෙන් පසු සම වියළිම හා සමේ කැසීම් ඇතිකරනවා . ඔබ ගොඩක් වෙලාවට රේසරයක් භාවිතකරනවානම් Shave කරපු ගමන් සමේ ස්වාභාවික තෙතමනය සමතුලිත කරන්න උත්සහ කළයුතුයි. මේ සදහා පසුම ක්රමය වෙන්නේ පෙට්රෝලියම් ජෙල් වැනි මොයිස්චරයිසර් එකක් සමේ ආලේප කිරීමයි. ඔබේ සමේ Shave කිරීමෙන් පසු ඇතිවුණ ආසානයන් වලක්වා ගන්න එම ස්ථානවල වැස්ලින් ආලේප කර අවම වශයෙන් විනාඩි 10-15 අතර කාලයක් තබන්න. ඉන්පසුව තෙත් තුවායක් භාවිතයෙන් එය ඉවත් කරන්න.
06- ඇස්ප්රින්
වෛද්ය ක්ෂේත්රයට අමතරව, DIY භාවිතයන්ට ඇස්ප්රින් භාවිතා කිරීමට හැකියාව ඇති බවට සොයාගන තිබෙනවා. රැවුල බෑම නිසා ආසාදනයට පත්වූ සමට ප්රතිකාරයක් වශයෙන් ඇස්ප්රින් භාවිතාකරන්න හැකියාව තිබෙනවා. ආසාදනයට ලක් වූ ප්රදේශයට ඇස්පිරින් යොදන විට anti-inflammatory ලෙස ක්රියා කරන අතර රැවුල බෑමෙන් පසු ඇතිවෙන වේදනාකාරී තත්ත්වය සහ ආසාදනයන් අවම කරයි. ඒ් සදහා පේස්ට් එක සෑදීම සඳහා ඇස්පිරින් පෙති 2-3 ක් ජලයේ දියකරන්න. ආසාදනයට පත් ප්රදේශයට ය ආලේපකර කර විනාඩි 10 ක් පමණ තබන්න. ඉන්පසුව උණුසුම් ජලය මගින් එය සෝදා හරින්න. ඔබට සංවේදී සමක් තිබෙනවානම් මේය භාවිතයෙන් වළකින්න.
07- Apple cider vinegar
ඇපල් සයිඩර් විනාකිරි විෂබීජ හා බැක්ටීරියා විනාශ කර දැවිල්ල අඩු කිරීමට උපකාරී වන ntimicrobial ලෙස ක්රියා කරනවා. එහි ආම්ලික අන්තර්ගතය නිසා ඔබේ සමේ pH අගය අඩු වන අතර එය සම වඩාත් සුමටකර හා රතු පැහැය අවම කරනවා. ආසදනයටපත් ප්රදේශයට ආලේප කිරීමට පෙර සමාන ප්රමාණයට ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය මිශ්රකරන්න. කපු බෝලයක් භාවිතයෙන් එය ආලේප කරන්න, මිනිත්තු කිහිපයක් වියළීමට ඉඩ දෙන්න, ඉන්පසු සෝදා හරින්න. ඇසිටික් අම්ලය ආසද්මිකතා ඇති කළ හැකි බව මතක තබා ගන්න, ඒ්නිසා ඔබේ සම අසාත්මිකතාවන්ට ගොදුරු වේ නම්, මෙය භාවිතා නොකරන්න.
08- ඕට්ස්
ඕට්ස් වල anti-inflammatory ගුණ ඇති phenolicසංයෝග වන avenanthramides බහුල තිබෙනවා. අධ්යයනවලින් හෙළි වී තිබෙන්නේ ඕට්ස් වලට සමේ ඇතිවන ආසාදනයන් ඉක්මනින් ඉවත්කිරීමේ හැකියාව ඇති බවයි. පේස්ට් එක සාදාගැනීමට ඕට්ස් යෝගට් සමග මිශ්රකර ආසාදනයට පත්වුණ ප්රදේශවල ආලේප කරන්න. මිනිත්තු 30 ක් තබා උණුසුම් ජලය යොදා සෝදා හරින්න.
09- කෝමාරිකා
විවිධ වර්ගයේ සමේ රෝග සුව කිරීම සඳහා වඩාත් ජනප්රිය සහ විශ්වාසදායක ඒ් වගේම නිවසේදීම යොදාගන්න පුළුවන් ප්රතිකාරයක් ලෙස කොමාරිකා හඳුන්වන් පුළුවන් .ආසාදනයට හා හානියට පත් සමට සහනයක් ලබා දෙන විශිෂ්ට මොයිස්චරයිසර් සහ බැක්ටීරියා නාශක කාරකයක් වශයෙන් කෝමාරිකා ක්රියාකරනවා. කොමාරිකා ජෙල් එක අරගෙන සමේ ආසාදනය වුණ ස්ථානවල ආලේප කර වේලෙන්න හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
10-පිපිඤ්ඤා
විටමින් සහ ඛනිජ වලින් පිරී තිබීම හැරුණු විට පිපිඤ්ඤා වල සම්පූර්ණයෙන්ම පාහේ ජලය අඩංගුවන අතර එමඟින් හානියට පත් හා ආසාදනයට පත් සම සඳහා හොඳම ස්වාභාවික මොයිස්චරයිසර් වලින් එකක් ලෙස ක්රියාකරනවා. ආසාදනයට ලක් වූ ප්රදේශයට පිපිඤ්ඤා භාවිතා කරනවානම් එහි ඇති anti-inflammatory ගුණය නිසා ඉක්මන් සුව වීමක් බලාපොරොත්තුවෙන් හැකියාව තිබෙන බව අධ්යයනවලින් සොයාගන තිබෙනවා. නැවුම්ව පෙති කපන ලද පිපිඤ්ඤා සමේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබන්න. කැසීම් හෝ දැවිල්ල ඇති ස්ථානවලට ඉක්මන් සහනයක් අවශ්යනම් ශීතකරණයේ තැබූ පිපිඤ්ඤා භාවිතා කරන්න.