Blog Page 10

නිතරම අන්තර්ජාලයේ ඉන්න ඔබ www. ගැන දැනුවත්ද ?…

www. කියලා ඕනම දෙයක් online search කරන්න අපි හැමෝම දන්නවානේ. නමුත් ඇත්තටම මේ www කියන්නේ මොකද්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ. දන්න අයත් ඇති. නොදන්න ඕනෑම දෙයක් අපිට කියා දෙන www කියලා කියන්නේ world wide web කියන එකයි. හැම දේකටම විශේෂිත දවසක් තියනවනේ. www වලටත් දිනයක් තියනවා. ඒ තමයි අගෝස්තු පලවෙනිදා. මේ සැමරුම අන්තර්ජාලයේ සොයාගැනීම, එහි ඉතිහාසය මෙන්ම අප දැන් ගමන් කරන ආකාරය සහ අප දිගටම මුහුණ දෙන සියලු අභියෝග සඳහා බැදී තිබෙනවා. ඒ විදිහට බලනකොට ලෝක ව්‍යාප්ත වෙබ් දිනය නැතිනම් World wide web day එක කියලා කියන්නේ වෙබ් බ්‍රවුසින් කිරීම සඳහා වෙන්වුන ගෝලීය සැමරුමක්. මුළු ලෝකයම ඔබේ ඇඟිලි තුඩුවලින් ක්‍රියාකාරකම් සහ දැනුම් සම්භාරයක් ඔබේ ලගටම ගෙනත් දෙන්නේ World wide web එකයි.

 

World wide web එකෙන් අපිට මොන තරම් වැදගත් කමක් තියනවද කියලා අපිට අමතක කරන්න බෑ. සෑම දිනකම අන්තර්ජාලය හරහා තොරතුරු සොයා ගැනීමට හා විවිධ කාර්යයන් ඉටු කර ගන්න බොහෝ අය World wide web එක මත විශ්වාසය තියන බව ඔබ දන්නවද? එය බොහෝ රැකියාවන් වලටත් උදව් වෙනවා. ඒ නිසා, World wide web එකට ගෞරව කිරීමට අපට දිනයක් තිබීම ඉතාම සාධාරණය හේතුවක්.

World Wide Web අඩවිය 1989 දී ටිම් බර්නර්ස්-ලී විසින් නිර්මාණය කලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි CERN මධ්‍යස්ථානයේදී ඔහුට hyperlink හරහා සම සේවකයින් සමඟ සන්නිවේදනය කිරීමේ මාර්ගයක් ලෙසයි. අද වන විට www මිනිසුන් අතර අන්තර්ක්‍රියා, ගනුදෙනු සහ සන්නිවේදනයේ ප්‍රධාන මාධ්‍ය බවට පත් වෙලා තිබෙනවා. මේ නිසා කලින් පරම්පරාවන්ට හිතාගන්නවත් බැරි විදිහට වර්ථමාන මිනිසුන්ට විවිධ දෙවල් හා අවස්ථාවන් සදහා දොර විවර කරගෙන තිබෙනවා වගේම ඔවුන් සියලු දේ ගැන updated.

 

ඔබ බොහෝ වේලාවට “surfing the net” යන යෙදුම භාවිතා කරලා තියනවා නේද? මෙය නිර්මාණය කරලා තියෙන්නේ Jean Armor Polly නම් පුස්තකාලයාධිපතිනිය විසින් බව ඔබ දන්නවාද? මේ පදය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ ඇයටයි. 1992 මාර්තු මාසයේදී මිනසෝටා විශ්වවිද්‍යාලයේ විල්සන් පුස්තකාල බුලටින් සගරාවට ඇය විසින් පළ කරන ලද “අන්තර්ජාලයේ සැරිසැරීම” නැතිනම් “surfing the internet” කියලා ලියපු ලිපියක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ යෙදුම බාවිතයට ගැනුනේ.

ලෝක ව්‍යාප්ත වෙබ් අඩවිය ගැන ඔබ නොදන්නා තවත් කරුණු කිහිපයක් තියෙනවා.

Sir Tim Berners-Lee විසින් web server එකක් විදිහට භාවිතා කරන ලද පළමු පරිගණකය NeXT පරිගණකයයි.

පළමු වෙබ් බ්‍රව්සරය වන World Wide Web ලියන්නත් මේ පරිගණකය තමයි භාවිතා කරලා තියෙන්නේ.

World Wide Web එක ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා දෙනවා කියලා නිවේදනය කරලා තියෙන්නේ 1993 අවුරුද්දේ.

1993 දී Mosaic වෙබ් බ්‍රව්සරය දියත් කිරීම World Wide Web අඩවියේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. එය World Wide Web අඩවිය ජනප්‍රිය කිරීමේ ගෞරවයත් හිමි කර ගන්නවා.

ඒ වගේම පළමු ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය Yahoo!

 

 

Archie කියලා කියන්නේ සෙවුම් යන්ත්‍ර වල පළමුවැන්නා කියලයි විශ්වාස කරන්නේ. මෙය FTP සංරක්ෂිත සුචිගත කිරීම සඳහා වූ පළමු මෙවලම වන අතර, විශේෂිත ගොනු සොයා ගැනීමට මිනිසුන්ට හැකි වුනා.

අපි World Wide Web day එක සමරන්නේ අන්තර්ජාලයට පිවිසීම, social media platforms වල posts පළ කිරීමට ඉක්මන් සෙල්ෆි ගැනීම, බ්ලොග්ස්, පොඩ්කාස්ට් වලින් සටහන් ගැනීම, කාලගුණය ගැන සාකච්ඡා කිරීමට VoIP සම්මන්ත්‍රණ පැවැත්වීම, ලොව පුරා සේවාදායකයන් සමග දත්ත හුවමාරු කිරීම, ඡායාරූප sync කිරීම, වෛද්‍යවරයන්ගේ හමුවීම් online වෙන්කරවා ගැනීම සහ සාමාන්‍යයෙන් අපගේ අදහස් ප්‍රකාශ කිරීම,ආදි දේවල් අපට ලබා ගැනීමට හැකි වුන නිසයි.

 

 

දැන් අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් විවිධ දේවල් ගොඩක් තියෙනවා. World wide web අඩවියේ සම්පූර්ණ ශක්ති ධාරිතාවය බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ. World wide web දිනයේදී ලොව පුරා සිදුවන සිදුවීම් රාශියක් තිබෙනවා, ඔබ අන්තර්ජාලය හරහා මෙන්ම ඔබේ ප්‍රදේශයේ ව්‍යාපාරවලද සිදු විය හැකි ආකර්ෂණීය දේවල් රාශියක් සොයා ගැනීමට මින් හැකියාව තිබෙනවා. මේ වන ව්ට හොයාගෙන තිබෙන විශ්වයේ සියලුම තොරතුරු ඔබට එක මොහොතකින් දැනගන්න ඔබට පුලුවන්කම ලැබුනේ www නිසයි.

සෑම අගෝස්තු 1 දිනකම ලෝක ව්‍යාප්ත වෙබ් දිනය සමරන්නේ ඇයි කියලා දැන් ඔබට හිතෙන්න පුලුවන්. ඇත්තටම අන්තර්ජාලය නොමැතිව පෘථිවිය ඉතා පාළු ස්ථානයක් වනවා නොඅනුමානයි. ඔබ විශ්වාස කරන්නේ නැද්ද? හොඳයි, world wide web අඩවිය නිර්මාණය කරන්න කලින්, මිනිසුන්ට දුර බැහැර කෙනෙකු සම්බන්ධ කර ගන්න විශාල මුදලක් වැය කරන්න සිදු වුනා. අද, හඬ ඇමතුම්, කතාබස් සහ වීඩියෝ ඇමතුම් බොත්තමක් ක්ලික් කිරීමෙන් ලබාගන්න පුලුවන්. මෙය www ලෝකයට ගෙන ආ එක් වාසියක් විතරයි. තොරතුරු සෙවීමට, ගීතවලට ප්‍රවේශ වීමට, අන්තර්ජාලයෙන් පුවත් සෙවීමට සහ අද ලෝකය සවිබල ගැන්වූ තවත් දහස් ගණනක් දේවල් කිරීමටද එය පහසුවක්.

 

ප්‍රමෝධ්‍යා මීගපොල

මිශ්‍ර පලතුරු බීම | Seasonal Mixed Fruit Juice …

https://www.youtube.com/shorts/sbGiZ3uuVHE

අවශ්‍ය ද්‍රව්‍ය …

රඹුටන් (ඇට ඉවත් කළ) කෝප්ප 1
අඹ කෝප්ප 1
අන්නාසි කෝප්ප 1
අයිස් කැට
සීනි මේස හැඳි 1
වතුර කෝප්ප 3
නාරං බික් 2

සාදා ගන්නා ආකාරය …

පළමුවෙන් රඹුටන්, අඹ හා අන්නාසි හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

පලතුරු සුදුසු ප්‍රමාණයට කපා අයිස්, සීනි සහ ජලය සමග හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

හොඳින් බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණයට නාරං යුෂ ස්වල්පයක් මිරිකා ගන්න.

පසුව එම මිශ්‍රණය යුෂ පෙරනයක් හරහා භාජනයකට එක්කර ගන්න.

දැන් ඔබේ පලතුරු මිශ්‍ර පානය සූදානම්, ඔබට පුළුවන් එය රස විඳින්න!!!

මේ දවස්වල තමන්ගේ දේවල් පරිස්සම් කරගන්නේ කොහොමද?…

මේ දවස්වල අපි කාටත් අමාරු කාලයක් තමයි මේ ගත කරන්නේ. මේ නිසා සමහර අය තමන්ගේ අමාරුකම් නිසාම අනුන්ගේ දේවල් හොරකම් කරන්න, මංකොල්ල කන්න පවා පෙලඹිලා. අපි කවුරුත් එකම බෝට්ටුවක ඉන්නේ කියලා බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නෑ. ඒ නිසා අපි දැනගෙන ඉන්න ඕන අපේ දේවල් කොහොමද අපි පරිස්සම් කරගන්නේ කියලා.

රන් ආභරණ පැළඳීම අවම කිරීම

 

රන් ආභරණ පළඳින්න අපි කවුරුත් ආසයිනේ. නමුත් මේ වගේ අර්බුද කාලයක අපි වටිනා ආභරණ පැළඳීම ඒ තරම් නුවණට හුරු නෑ. මේ කාලයේ වටිනා රන් ආභරණ පැළඳීම මගින් ඔබට ඒවා අහිමි වීමටත් ඔබේ ජීවිතයට හානි වීම⁣ටත් පුලුවන්. මේ වගේ කාලයක වටිනා ආභරණ ගෙදර වත් තබා නොගෙන බැංකු සේප්පුවක තැන්පත් කරනවා නම් එය ඉතාම බුද්ධිමත් ක්‍රියාවක්.

අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ තබා ගැනීම

 

 

මුදල් මේ කාලයේ නම් මේ තියනවා මේ නෑ නේද? මුදල් වලට තටු ඇවිත් වගේ. නමුත් මුදල් ඔබ ලඟ තබා ගැනීමට වඩා ඔබ බැංකු කාඩ්පත් වලින්ම ගණුදෙනු කරනවා නම් මේ කාලයේ ඔබ ආරක්ෂාකාරි වෙනවා. මුදල් ලඟ තබා ගන්නවා නම් අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල් ලඟ තබා ගන්න. ඒ විදිහට මුදල් පරිහරණය කිරීමේදි කුඩා මුදල් පසුම්බියක් පාවිච්චි කරනවා නම් තවත් හොඳයි.

කුඩා අත් බෑගයක් පරිහරණය කිරීම

 

කාන්තාවන්ට ඉතින් මොනතරම් දේවල් තියෙනවද තමන්ගේ අත් බෑගයේ ගෙනියන්න? ඒත් මේ වගේ crisis එකකදි නම් හැම දේම බෑග් එකේ පුරවගෙන යන එක නම් ඒ තරම් හොඳ නෑ. නිතරම අත් බෑගයට අවශ්‍ය දේවල් විතරක් දමා ගන්න. බෑගයේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. කුඩා අත්බෑගයක් පරිහරණය කිරීම එය පරිස්සම් කිරීමට ඔබට පහසු කරනවා. ඔබ පිරිමි පුද්ගලයෙක් නම් ඔබ back pack එකක් වෙනුවට ඔබට පුලුවන් කුඩා side bag එකක ඔබේ බඩු බාහිරාදිය ගෙනියන්න.

Hands free, ear pod, ear buds head phone වැනි දේ පැළඳීම අවම කිරීම

 

 

Hands free, ear pod, ear buds head phone වැනි දේ පැළඳගෙන පාරේ ගමන් කිරීම නම් ඉතාමත් නරක පුරුද්දක්. එතකො⁣ට ඔබට ඔබේ වටපිටාවේ වෙන දේවල් ගැන කිසිම වැටහීමක් නැතුව යනවා වගේම එය ඔබේ සතුරාට ඔබව පහසුවෙන් ඉලක්ක කිරීමටත් හැකි වෙනවා. ඔබ ඔබේ විනෝදය පිණිස ear pods පාවිච්චි කරනවා වෙන්න පුලුවන්. නමුත් ඔබේ අවධානය අඩුවීම ඔබේම අයහපතට උදව්වක් වේවි.

ජංගම දුරකතනය අතේ රඳවා නොගැනීම

 

 

අද අපි කාටත් mobile phone එකක් තියනවා වගේම අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ phone එක අතේ තබා ගන්නයි. මේ කාලයේ ජංගම දුරකථනය අතේ තියා ගැනීම ඔබේ සතුරාට එය පහසුවෙන් උදුරාගන්න උපකාරයක් වේවි. හැම දේම ගණන් වැඩි වෙලා තියෙන මේ වගේ කාලයක ඔබේ දුරකථනය නැති වුනොත් ඔබ එය ගත්තා වගේ දෙගුණයක් ගෙවා තමයි නැවතත් දුරකථනයක් මිලදි ගන්න ඔබට සිදුවෙන්නේ. නිතරම ඔබේ ජංගම දුරකථනය අත් බෑගයේ හෝ කලිසම් සාක්කුවේ තබා ගන්න. අවශ්‍ය වෙලාවට පමණක් එය අතට ගන්න.

රාත්‍රි ගමන්

 

 

එක එක අයගේ රාජකාරි වෙලාවන් එක එක විදිහයි. ඒ වගේම අවශ්‍යතාවයන් සදහා රාත්‍රි ගමන් කිරීමටත් සමහර අය⁣⁣ට සිදු⁣වෙනවා ඇති. මේ වගේ වැලැක්වීමට නොහැකි රාත්‍රි ගමන් වලදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. මේ වගේ රාත්‍රි ගමනක් ඔබ යනවා නම් ඔබට පුලුවන් නිතරම ඔබේ location එක ඔබේ සමීපතයෙකු එක්ක share කරන්න. එය ඔබේ ආරක්ෂාවට ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ වගේම ඔබ මිතුරෙකු හෝ පවුලේ කෙනෙකු සමග දුරකථනයේ රැඳෙමින් රාත්‍රියේ ගමන් කරනවා නම් තවත් හොදයි. නමුත් ඔබ එසේ ගමන් කිරීමේදි ඔබේ වටපිටාව හා ඔබ පසුපස එන පුද්ගලයන් පිළිබඳවත් අවධානයෙන් ගමන් කරන්නත් අමතක කරන්න එපා.

බැංකු ගනුදෙනු හා ATM භාවිතය

 

 

බැංකු ගනුදෙනු හා ATM භාවිතා කිරීම ගැන ඔබ ඉතාම සුක්ෂම විය යුතුමයි. දැන් ගොඩක් සොර සතුරන් බැංකු හා ATM ආශ්‍රිතව ඉන්නවා වගේම ඔබ මුදල් අරගෙන එන විට ඔබේ මුදල් පැහැර ගන්නට ඔවුන් පසුබට වෙන්නේ නෑ. මේ නිසා ATM භාවිත කිරීමේදි දවල් කාලයේ පමණක් යන්න. සෙනග ගැවසෙන තැන් වලින් ඉක්මනින්ම මිදෙන්න. බැංකුවෙන් ඔබ මුදල් ගත් වහාම ඉන් පිට වෙන්න එපා. එවා ඔබේ අත් බෑගයේ හෝ පසුම්බියේ නිසි පරිදි රඳවන්න. පසුම්බියත් අත්බෑගයත් හොදින් වසා ඇතිදැයි සැක හැර දැනගන්න. ඔබ බැංකු කටයුතු සදහා යන විට මිතු⁣රෙකු හෝ සමීපතමයෙකු සමග යන්නේ නම් වඩාත් හොඳයි.

දුම්රිය හා පොදු ප්‍රවාහන වල ගමන් කිරීම

 

 

මේ දවස් වල පෙට්‍රල් හා ඩීසල් වල ඇති සීඝ්‍ර හිඟය නිසා බොහෝ දෙනෙක් ගමන් කරන්නේ දුම්රිය හා පොදු ප්‍රවාහන මගින්. මේ නිසා වෙනදාට වඩා වැඩි තදබදයක් ඇති වී තිබෙනවා. මෙය සොරුන් හා ගැට කපන්නන්ට ඉතා වාසිදායක වී තිබෙනවා. ඔබත් දුම්රිය හෝ පොදු වාහන වල ගමන් කිරීමේදි මේ නිසා වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන් ඔබ දුම්රිය දොරටු හෝ කවුළු අසල වාඩිවී ගමන් කරන කෙනෙක් නම් ඔබේ වටිනා බඩුබාහිරාදිය පිලිබඳව වැඩි අවධානයකින් සිටින්න.

තමා වටා සිටින අය ගැන විමසිලිමත් වීම

අවසාන වගේම වැදගත්ම කරුණ තමයි ඔබේ වටපිටාව ගැන හොඳ විමසිල්ලෙන් සිටීම. මේ කාලය ඔබේ අසල්වැසියාවත් විශ්වාස කරන්න පුලුවන් කාලයක් නෙවෙයි. ඒ නිසා ඔබේ වටපිටාවේ ඉන්නේ කවුද ඔවුන්ගේ හැසිරීම මොන වගේද යන්න පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න. සැක කටයුතු යමක් ඔබ අසල වෙනවා නම් ආරක්ෂිත ස්ථානයකට වහාම යන්න. ලඟම පොලීසිය පිලිබදව දැනුවත් වීම හා ඒවායේ දුරකථන අංක ලග තබා ගැනීම ඔබේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වෙනවා.

මේ අපි හැමෝටම අමාරු කාලයක්. අපේ ආරක්ෂාව අපිම සලසා ගැනීමට අප පුරුදු විය යුතුයි. වෙනදාට වඩා වැඩි සැලකිල්ලෙන් තමන්ගේ දේවල් පරිස්සම් කරගන්න. සමහර විට ඔබට අයිති දේවල් වල ඇති දත්ත හා තොරතුරු හිතනවාට වඩා වටිනා දේවල් විය හැකියි. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න.

ප්‍රමෝධ්‍යා මීගහපොල

රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ මෙහෙමයි…

ඔබ බොස් කෙනෙක් ලෙස මොනතරම් ඵලදායීද කියා තීරණය කරන්නේ ඔබ පෙන්වන නායකත්ව ලක්ෂණ අනුවයි. ලොක්කන් තම සේවකයින්ට යහපතක් කිරීමට සහ තම ආයතනයට පක්ෂපාතී වීමට උනන්දු කරනවා. ඔබේ ආයතනය සාර්ථක කර ගැනීමටත් එය පවත්වා ගැනීමටත් බලාපොරොත්තු වන දිගු කාලීන දේවල් සැලසුම් කිරීමට මේ ගුණාංග විශාල කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවද?

අවංකභාවය

අවංකකම නැත්නම් විශ්වාසයක් ද නැති තරම්. ගොඩක් බොස්ලා හිතන්නේ සේවකයා අවංකව සේවය කල යුතුයි කියායි. නමුත් ආයතන ප්‍රධානියාත් තමන්ගේ සේවකයන්ට අවංක වීම ඉතා වැදගත්. ඔබ කපටි බොස් කෙනෙක් වීම ඔබටම අවාසියක්. එය සේවකයාත් ඔබත් අතර විශ්වසනීයත්වය බිඳෙන්නට හේතු වෙනවා. අවංකකම පැහැදිලි මඟ පෙන්වීමක් සපයනවා මෙන්ම සේවකයින්ටද ඔවුන්ගේ නායකයා සහ ආයතනය පිළිබඳ වඩා හොඳ විශ්වාසයක් තබා ගැනීමට ඉඩ සලසනවා.

 

විශ්වාසය

විශ්වාසයත් අවංකභාවයත් යන කරුණු දෙකම එකම කාසියක දෙපැත්ත වගේ. සේවකයාගේත් ඔබේත් විශ්වසනීයත්වය මත ආයතනයක දියුණුව රඳා පවතිනවා. නිතරම ඔබ සේවකයන් දෙස සැකෙන් බලනවා නම් සේවකයාටද ඔබ එපා වීමට පුළුවන්. මොන තරම් අවංකව රැකියාව කලත් කිසිම වැඩක් නෑ කියා ඔවුන්ට හිතෙන්න පුළුවන්. මෙය ඔවුන්ගේ උපරිම දක්ෂතාවය ආයතනයට නොදෙන්නට හේතුවක් වෙනවා. මේ විශ්වාසය රැකියාව පැත්තෙන් විතරක් නෙවෙයි සේවකයාගේ පුද්ගලිකත්වය පිළිබඳවත් විහිදී යනවා.

සංවේදීබව

සංවේදීත්වය හොඳ බොස් කෙනෙක්ට තිබිය යුතු වැදගත්ම ලක්ෂණයක්. තමන් යටතේ සේවය කරන සේවකයන්ගේ ගැටළු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන් හොඳින් තේරුම් ගැනීමටත් සෘජුවම හෝ වක්‍රව ඒවාට වෘත්තීය මට්ටමෙන් උපකාර කිරීමට තරම් සංවේදීවීම හොඳ නායකත්ව ගතිගුණයක්. මෙය සේවකයාගේ දක්ෂතාවය හා ඔහුගේ ධාරිතාවය සම්පූර්ණයෙන්ම ආයතනයට ලබා ගැනීමට උපායක්ද වෙනවා.

 

දිරිගැන්වීම

හොඳ බොස් කෙනෙක් කියන්නේ තම සේවකයන්ට දක්ෂම අය වීමට පොළඹවන කෙනෙක්. ඔහුට සේවකයින්ගේ හොඳම ගුණාංග හඳුනාගෙන ඒවා පිටතට ගෙන ඒමට හැකිවිය යුතුයි. මීට අමතරව, ඔවුන්ගේ වර්ධන අවස්ථා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීමටත් උදව් කිරීම වැදගත්.

දැනුවත්භාවය

හොඳ බොස් කෙනෙක් හැමදෙයක් පිලිබඳවම දැනුවත් විය යුතුයි. මෙහිදි තම ආයතනය ගැන විතරක් නෙවෙයි. සේවකයන් පිළිබඳවත් ඒ ඒ සේවයකයන්ගේ දක්ෂතා පිළිබඳවත් ඔවුන්ගේ දැනුම, තත්වය හා සුදුසුකම් පිළිබඳවත් හොඳ බොස් කෙනෙක් දැනුවත් විය යුතු වෙනවා. දැනුවත් බව නිසා සේවකයන් අතර ගැටළු හා අර්බුද ඇති වීම වළක්වනවා සේම ඔබ හොඳ නායකයෙකු ලෙස සේවකයන් අතර ජනප්‍රිය වෙනවා.

 

 

සේවකයින්ට අවශ්‍ය දේ වටහා ගැනීම

ආයතනයක විවිධාකාර සේවකයන් සේවය කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ මට්ටම එකිනෙකට වෙනස්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් නොගෙන ඔබ ඔවුන් ලවා ඔබට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට යන්නේ නම් ඔබ තවදුරටත් හොඳ බොස් කෙනෙක් නෙවෙයි. ඔබට ආයතනය වෙනුවෙන් කර ගැනීමට අවශ්‍ය දේ සේවකයාගෙන් කර ගැනීමට නම් ඔබත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගත යුතු වෙනවා.

අනුකම්පාව

මෙය රළු පරුෂ නොවී කණ්ඩායමක් පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්න අවශ්‍ය ප්‍රධානම ගතිගුණයයි. අභියෝගවලට මුහුණ දෙන විට හොඳ නායකයන් දයානුකම්පිත විය යුතුයි. ඔබට දයානුකම්පාව වාචිකව හා ක්‍රියාවෙන් දැන්විය හැකියි. හිත්පිත් නැති සානුකම්පිත හැඟීම් වලින් තොර බොස් කෙනෙකු වීම ඔබේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ පිළිකුලට ලක් වෙන අතර ඔවුන්ට ඔබ එපා වනවා නියතයි.

 

 

මෙය ක්‍රියාවට නංවන්න

ඉතින් ඔබත් ආයතනයක බොස් කෙනෙක් නම් ඔබටත් මේ ගති ලක්ෂණ තියෙනවද? නැතිනම් ඔබ දැනටමත් ඔබේ කණ්ඩායම් සාමාජිකයන්ට එපා වුන බොස් කෙනෙක්ද? මේ ගති ලක්ෂණ ඔබ තුළ ඇති කර ගැනීමෙන් ඔබේ නායකත්ව කුසලතා ශක්තිමත් කිරීමට සහ ඔබේ සේවකයින්ට ඔවුන්ගේ කාර්යය වඩාත් හොඳින් කිරීමට දිරිමත් කරන්න පුළුවන්. එය ප්‍රීතිමත් හා ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමට උදව් වනවා වගේම අවසානයේ වඩාත් සාර්ථක ආයතනයක් ගොඩනගන්නටත් හැකි වෙනවා.

Pramodhya Meegahapola

Relationship එක Breakup වෙලා ඔයත් ඉන්නේ අවුලෙන්ද …?

අපි අද කතාකරන්නේ Relationship එකක් Breakup වුනොත් ඇත්තටම move වෙන්න පුළුවන්ද කියන එක ගැන, එහෙමත් නැත්තම් Move වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම Breakup වෙනවා කියලා කියන්නෙ දෙන්නෙක් Separate වෙන එකට. එතකොට Breakup එකක් වුණාට පස්සෙ ඇතිවෙන දුක වේදනාව නැති කරගන්නෙ කොහොමද?  Breakup එකට මුහුණ දෙන්නෙ කොහොමද? Breakup වුණාට පස්සෙ හිත වෙනස් කරගන්නෙ ඒ කියන්නෙ අලුත් විදියට ජීවිතය පටන්ගන්න තමන්ගේ ඔළුව හදාගන්නේ කොහොමද? අපෙන් වෙන් වුණ කෙනාගෙ මතකයන් සහ එයා අපිට සලකපු විදිය වගේ දේවල් ඔබේ ජීවිතයට බලපාන්නෙ කොහොමද කියන එක තමයි අපි වැඩිදුරටත් මේ ලිපිය හරහා කතාකරන්නෙ.

 

ඇත්තටම Breakup එකක් වුණාට පස්සෙ තමන් ඒ පුද්ගලයාට addict වෙලා නේද  ඉන්නෙ කියලා ඔයාට තේරුම් යන්න ගන්නවා. එහෙම Addict වෙන්න හේතුව අපි Relationship එකක ඉන්නකොට අනිත් පුද්ගලයාගේ හැඟීම් ගැනත් හිතලා තීරණ ගැනීමට හුරුවුණ නිසා. Breakup එකකින් පස්සේ ඔහුගේ හෝ ඇයගේ දේවල් අපිට ගුණනය වෙලා දැනෙන්න ගන්නවා. අපිට එම පුද්ගලයාගෙන් ගැලවෙන්න බැරි ලොකුම හේතුව ඒක තමයි . නමුත් අවසානයේ අපි තේරුම් ගන්නවා නම් breakup එක සිද්ධ වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතූන් නිසා කියලා අපිට ලොකු පහසුවක් දැනෙනවා. ධනාත්මක සහ ඝෘණාත්මක සන්සන්දනයක් කිරීමෙන් පසුව මගේ relationship එක තිබුණෙ මේ තැන කියලා ඔයාට තේරෙනවා නම්, ඔයාට pain එකක් දැනෙන්නෙ addiction එක නිසා සහ ඊට අමතරව ඔයාට පසුතැවීමක් ඇතිවෙන්න පුළුවන් ගෙවපු කාලය සහ ඔයා කරපු කැප කිරීම නිසා කියලා ඔයාට අවබෝධ වෙනවා.  නමුත් ඔයාට එතනින් ගැලවෙන්න බැරි මානසිකත්වය ගොඩනැගෙන්නෙ, මට එයා නැතුව බැහැ කියලා හිතෙන්නෙ ඒ addiction එක නිසාම පමණයි.

 

 

ඔයා ගත කරපු කාලය සහ ඒ කරපු කැප කිරීම් extra pain එකක් විදියට තමයි addiction එකට එකතු වෙන්නෙ. එතකොට ඒ දේවල් අනුව තමයි ඔයා අවසානයේ දී තීරණ ගන්න පෙළඹෙන්නෙ. කාට වුණත් මේ මොහොතේ breakup වෙනවා කියන දේ සහ ඒ පුද්ගලයා ඔයාගෙන් move වෙනවා කියන මොහොත දරාගන්න හරි අමාරුයි. මොකද ඒකට හේතුව තමයි addiction එකක ඉන්න නිසා brain එක ඔයාව පුළුවන් තරම් තල්ලු කරනවා අනිත් පුද්ගලයාට  attachment වෙන්න කියලා. එතකොට වෙනම circle එකක හිත ඔයාව හසුරවනවා. මෙහිදී හැඟීම් මත තීරණ ගන්න එක වැඩි නිසා Addiction Level එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම අවබෝධයෙන් මේ දේ තේරුම් ගන්න ප්‍රතිශතය ඉතාමත් අඩු වෙනවා. මොකද Professor කෙනෙක් වුණත් Doctor කෙනෙක් වුණත් මොන වගේ සමාජ ස්ථරයක ඉන්න කෙනෙක් වුණත් මොන විදියේ අධ්‍යාපන පසුබිමක් තිබුණත් තමන්ට මේ වගේ feeling වලින් attachment එකක් ඇතිකරගෙන ඒක continue කරගෙන marriage Life එකකට යනවා කියන එක‍ෙ වෙනම දෙයක්. එතකොට එතන දී තමන් Fail වෙනවා කියන එකට සමාජ මට්ටම සහ එයාගෙ අධ්‍යාපන තත්ත්වය අදාළ වෙන්නෙම නැහැ. මේ affair එක කරගෙන යනවා ද නැත්නම් breakup එකට මුහුණ දෙනවා ද කියන එක ගැන අවබෝධයෙන් තේරුම් ගන්න ප්‍රතිශතය මෙහිදී බොහෝදුරට අඩු වී හැඟීම් මතින් තීරණ ගන්න පෙළඹෙනවා .එතකොට එහිදී තමන්ගෙ සමාජ පරිසරයවත් අධ්‍යාපන පසුබිමවත් අදාළ වෙන්නෙ නැහැ. ඊට වඩා educated මිනිස්සු ඕන තරම් ඉන්නවා suicide කරගන්න පෙළඹෙන.  drugs වලට addict වෙලා වෙන දේවල් කරන්න පෙළඹෙන. ඒකට හේතුව තමයි මේ දේවල් දරාගන්න බැරිව පීඩනයෙන් ජීවත්වෙන එක.

 

මෙවැනි පුද්ගලයෙක් දිහා කවුරු හරි පිටින් බැලුවොත් පේනවා එයාට හොඳ අනාගතයක් තියෙනවා, එයා හොඳට ඉගෙනගෙන තියෙනවා, එයාට ඉස්සරහට හොඳට ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා. නමුත්  මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න පුද්ගලයට දැනෙන්නේ මේ වේදනාව විතරයි. ඒ කියන්නෙ අනිත් පුද්ගලයා නැති වුණොත් ඔයාට ජීවත්වෙන්න බැහැ කියන මානසිකත්වයක් තමයි එයාටගේ brain එකෙන් එයාට හදලා පෙන්නන්නෙ. තමන් ආදරය කරපු කෙනාගේ විශේෂත්වයන් සහ අතීත මතකයන් ලොකුවට හදලා පෙන්නනවා.  ඔයා අවසානෙදි හරියට තේරුම් ගන්නවා නම් ඔයා ඉන්නෙ addiction එකක කියලා, හරියටම සම්බන්ධතාවය අවසන් කරලා වෙනම step එකකට අඩිය තියන්න ඔයාට පුළුවන්.

එහෙම ඔයා අයින් වුණාට පස්සෙ ඒ පුද්ගලයාගෙ කිසිම දෙයක් ඔයාට අදාළ වෙන්නෙ නැහැ. ඒ වගේම ඔයාට ඔයාගෙ සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්නත් පුළුවන්. මුල්ම අවස්ථාවලදි කවදාවත් හිතන්නෙ නැහැ මට recover වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර හිතේ හිරකරන් ඉන්න circle එක ඇතුළෙ දරා ගන්න බැරි pain එකෙන් මිදෙන්න නිතරම උත්සාහ කරන්න ඕනෙ. ඉතින් මේ අවබෝධය තියෙනවානම් පොඩ්ඩක් ඉවසගෙන ටිකෙන් ටික පියවරෙන් පියවර ඔයාට එතනින් හරියටම move වෙන වාතාවරණය හදාගන්න පුළුවන්.

ඉතින් Relationship එකක් breakup එකක් වුණහම ඒකට කොහොමද මුහුණ දෙන්නේ? ඒ වෙලාවෙ ඔයාට දැනෙන feelings මොනවගේද? ඇත්තටම ඒවා true feeling ද? ඔයා කොහොමද ඒ දේවල් manage කරගන්නෙ කියන අවබෝධය ඔයාට මේ ලිපියෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා අපි හිතනවා.

Devilled Fish | ඩෙවල් කරන ලද මාලු …

https://www.youtube.com/shorts/8NR7LbWhNME

අවශ්‍ය ද්‍රව්‍ය …

තලපත් 450 g
ගම්මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 1ක්
විනාකිරි තේ හැඳි 1/2ක්
දෙහි යුෂ
මිනිත්තු 20 ක් Marinate කරන්න
ඉරිඟු පිටි කෝප්ප 1/8ක්
තිරිඟු පිටි කෝප්ප 1/8ක්
තෙල් තෙල් හැඳි 1ක්
ඉඟුරු / සුදුළූණු තේ හැඳි 1ක්
කැප්සිකම් + අමු මිරිස්
ලොකු ළූණු ගෙඩියක්
සෝයා සෝස් මේස හැඳි 1ක්
කෑලි මිරිස් මේස හැඳි 1ක්
තක්කාලි සෝස් මේස හැඳි 1ක්
ඉරිඟු පිටි තේ හැඳි 1ක්
බැදපු මාළු
සාමන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
ලුණු තේ හැඳි 1/4 ක්
සීනි තේ හැඳි 1ක්

 

සාදා ගන්නා ආකාරය …

 

තලපත් මාළු ගෙන හොඳින් සෝදා පිරිසිදු කර කුඩා කොටස් වලට කපා ගන්න.

කපා ගත් මාළු භාජනයකට දමා එයට ලුණු, ගම්මිරිස්, විනාකිරි සහ දෙහි යුෂ එකතු කරන්න.

දැන් එය හොඳින් මිශ්‍ර කර විනාඩි 20 ක් marinate කිරීමට පසෙකින් තබන්න.

ඊළඟට, marinated මාළු සඳහා ඉරිඟු පිටි සහ තිරිඟු පිටි ආලේප කර රන්වන් පාට වන තුරු බැද ගන්න.

දැන් භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.

එයට සිහින්ව කපාගත් ඉඟුරු හා සුදුළූණු, පෙති කපන ලද මාළු මිරිස්, අමු මිරිස් සහ ළූණු එක්කර හොඳින් පිසගන්න.

එම මිශ්‍රණයට සෝයා සෝස්, චිලි ෆ්ලේක්ස්, තක්කාලි සෝස් සහ ඉරිඟු පිටි බඳුනට එකතු කර මිශ්‍ර කරන්න.

අවසානයේදී, බැදගත් මාළු සහ තක්කාලි, ලුණු, සීනි, සෝස් එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර කර පිසගන්න.

Fish කට්ලට් …

 

https://www.youtube.com/shorts/HiN1F0jq3cI

 

අවශ්‍ය ද්‍රව්‍ය ….

අමු මිරිස් කරල් 6 ක්
සුදුළූණු බික් 8 ක්
කරපිංචා
ලොකු ළූණු ගෙඩි 1ක්
අල 300g
තැම්බූ ටූනා 250g
තැම්බූ තලපත් 250g
ගම්මිරිස් තේ හැඳි 1 ½ ක්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 1 ½ ක්
දෙහි යුෂ තේ හැඳි 1 ½ක්
තෙල් තේ හැඳි 1 ½ ක්
බිත්තර සාරු
පාන් කුඩු

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට අමු මිරිස්, සුදුළූණු, කරපිංචා සහ ළූණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

තම්බා ගත් ටූනා, තලපත්, ගම්මිරිස්, මිරිස්, ලුණු සහ දෙහි යුෂ සමග වෙනම භාජනයකට එක්කර එයට අල එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

පෑන් එකට තෙල් දමා රත් කර ගත් පසු සකස් කළ පළමු මිශ්‍රණය දමා තෙම්පරාදු කර ගන්න.

දැන් එයට අල මිශ්‍රණය ද එක්කර සියල්ල හොඳින් මිශ්‍ර වන තෙක් තෙම්පරාදු කරගන්න.

එය ලිපෙන් ඉවත් කරන්න, සිසිල් වීමට ඉඩ හරින්න.

දැන් එම මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන කට්ලට් බෝල සාදා ගන්න.

එම කට්ලට් බෝල මත බිත්තර සාරු දවටා එයට පාන් කුඩු මිශ්‍ර කර රන්වන් පැහැ වනතුරු තෙලේ බැද ගන්න.

මහපොළවට ඔබෙන් ලැබිය යුතු දේ දුන්නාද …?

අපට සන්තෝෂ විය හැකි එක වැදගත් කාරණයක් නම්, මිනිසා  සහ සොබාදහම අතර ඇති සම්බන්ධතාව තවමත් නොබිඳී පැවතීමයි. එහෙම කිවුවේ ලියෝ තෝල්ස්තෝයි. මට කේන්ති යන එකම කාරණය මිනිස්සු තවමත් අපට පාවිච්චි කරන්න  පුළුවන් මට්ටමේ දේවල් කසළ විදිහට බැහැර කරනවා දැකීම, එහෙම කියන්නේ දයාවේ දෙවඟන වූ තෙරේසා මව්තුමිය. මේ එකිනෙකාට වෙනස් නමුත් ලෝක පූජිත වූ පුද්ගලයින් දෙදෙනෙක් කළ ප්‍රකාශයන් දෙකක්. ඇයි අපි මේවා නැවත කියන්නෙ..? හේතුව ඉතාම සරළයි. මේ කියන කතාවන් ඇතුලේ හිතන්න, දකින්න සහ ක්‍රියාත්මක වෙන්න බොහෝ දේ තියෙන නිසා වගේම ඒ සියල්ල එදාටත් වඩා අද දවසට වලංගු වන නිසයි.

මේ කරුණු ගැන නැවත කතාබහ කරන්න සුදුසුම සහ හොඳම දවස අද. හේතුව, අද ලෝක පරිසර දිනය.ජුනි  05  වැනිදා ලෝක පරිසර දිනය සැමරෙනවා. 1974 ජුනි මාසේ 05 වැනිදායින් මේ සැමරුම ආරම්භ වනවා. ඇමරිකානුවන් තමයි මුලින්ම ලෝක පරිසර දිනය සැමරීම ආරම්භ කරන්නෙ. එදා පටන් අද දක්වාමත් ලෝක පරිසර දිනයේ පොදු තේමාව විදිහට “Only one earth” කියන තේමා පාඨය භාවිත කෙරෙනවා. පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙන් ලෝකය පුරා විවිධ පරිසර ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට අවධානය යොමු කිරීම ආරම්භ වුනා. ඒ එක්කම විවිධ පාරිසරික කොටස් සහ ඒවාට අවේනික වන ගැටළු පිලිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වන්නට වුනා. සාගරය, මහපොලව, වායුගෝලය, වනාන්තර, තෙත්බිම්, වගුරුබිම්, කඩොලාන, වනජීවීන්, ඇතුළු විවිධ පරිසර පද්ධතීන්ට අවේනික ගැටළු තාක්ෂණික දියුණුවත් සමග සිදුවූ මානව ක්‍රියාකාරකම් නිසාම පැනනැගී තිබෙනවා. මානව වර්ගයා, ගහකොළ සත්ව ප්‍රජාව මේ සියල්ල එකතුවී සකස් වුනු පරිසරයේ පවතින අර්බුධ කිහිපයක් පිළිබඳව පසුගිය දශක දෙක ඇතුළත වඩා වැඩි ගෝලීය අවධානයක් යොමුවුනා. සාගර දුෂණය, ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම, ගෝලීය උණුසුම, වායු දූෂණය, ශාඛ ගහණය විනාශ වීම, සත්ව වර්ග මිහිමතින් වඳවී යාම වැනි ගැටළු රැසක් මේ යටතේ හඳුනා ගැනීමෙන් පසුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහන මගින් සිදු කෙරෙනවා. මිහිතලය ආරක්ෂා කිරීමට, තිරසාර භාවිතයට සහ නැවත ස්ථාපනය කිරීමට ගෝලීය මට්ටමේ සාමුහික මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කිරීමින්ම 2022 වසරේත් ලෝක පරිසර දිනය සැමරෙනවා.

 

 

සමස්ථ ලෝකයම එකට පරිසර දිනය සමරන මොහොතක ශ්‍රී ලංකික පුරවැසියන් වශයෙන් අපි අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව නැවත නැවතත් සිහිපත් කරවීම වැදගත් වනවා. පරිසර දුෂණයට අපේ දායකත්වය කෙලෙසද කියන කාරණය අමුතුවෙන් සිහිපත් කළ යුත්තක් නොවුනත් බොහෝ දෙනෙක් තවමත් ඒ පිළිබඳව නොසලකා හරින්නේ ඇතිවිය හැකි විනාශය පිළිබඳව වූ අනවබෝධය නිසා විය හැකියි. මෙරට බොහෝ කර්මාන්ත පරිසර හිතකාමී නොවන අයුරින් ක්‍රියාත්මක වන බව ඔබ දැක ඇති. කර්මාන්ත ඔස්සේ වායු දූෂණය සහ ජල දුෂණය සිදුවීම අපේ රටේ තවමත් සුලභයි. මේ සම්බන්ධයෙන් අධිකාරී බලය පවතින ආයතන සහ පුද්ගලයින්ගේ අවධානය යොමු කරවීමත් පුරවැසියන් විදිහට සිදුකළ යුත්තක්. ඒ වගේම පෞද්ගලික මට්ටමින් අපට පරිසර තුලනාත්මක බව වෙනුවෙන් දායක විය හැකි ආකාර බොහෝයි. ගස් කපා දැමීම විවිධ හේතු නිසා සිදුවනවා. විශේෂයෙන් ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත රැසකට දැව භාවිතය අපේ රටේ සුලභ කාරණයක්. නමුත් තාක්ෂණිකව ඉතා දියුණු ලෝකයක විකල්ප ඕනා තරම් පවතින නිසා ඒවා භාවිතයට හුරුවීමෙන් අධික වනාන්තර විනාශය අවම කරගැනීමට හැකියාවක් ලැබේවි. ඒ වගේම අධි පරිභෝජනය නතර කිරීම පරිසර තුලනාත්මක බව පවත්වා ගැනීමට අතිශය වැදගත් සාධකයක්. මුලින් සඳහන් කළ විදිහටම තෙරේසා මව් තුමියගේ ප්‍රකාශයෙන් පවා කියවෙන පරිදි අධි පරිභෝජනයෙන් වැළකීම සහ නැවත පරිභෝජනයට හුරුවීම පරිසරයේ පැවැත්මටත් වැදගත් වේවි.

 

මහපොළව ඔබට මට පමණක් අයිති වන්නක් නොවන බවත් මෙලොව උපත ලබන ගහකොළ සතුන් ඇතුළු සමස්ථයටම සිය පැවැත්ම වෙනුවෙන් වූ ස්වභාවික අයිතියක් ඇති බවත් වටහා ගැනීම මේ පරිසර දිනයේදීවත් මිනිසුන් ලෙස අප කළ යුත්තක්. සොබාදහමේ නිමවුම් භාවිතයෙන් අපේ ජීවන රටාවන් පවත්වා ගන්නවා වගේම පෙරළා මහපොළවට සොබා දහමට අපෙන් ලැබිය යුතු කොටස ලබාදීම අත්‍යවශ්‍යයි. තිරසාර භාවිතය ලෙසින් අපි හඳුන්වන්නේ මේ සරළ සිද්ධාන්තය බව ඔබට සිහිපත් කළ යුතුමයි. ආරක්ෂා කිරීම, තිරසාර භාවිතය සහ නැවත ප්‍රතිනිර්මාණය කිරීම යන ක්‍රියාවලින් නිසි පරිදි සිදුකිරීමෙන් පමණක් පරිසරය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අපට හැකිවේවි. ඒ නිසා දෛනික ජිවිතයේ සියලු ක්‍රියාකාරකම් වලදීත් පරිසරය පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීම මේ පරිසර දිනයේ සිට හෝ ඇරඹීමට හැකි නම්, ගෝලීය මට්ටමින් පරිසර සුරක්ෂිතතාව පිලිබඳ සිදුකෙරෙන මහා පරිමාන ව්‍යාපෘතීන්ට පුද්ගල දායකත්වය එක් කිරීමට ඔබට හැකිවේවි.

 

නිසංක වෙහෙරදූව.

ශ්‍රී ලංකාවේ සුරතලුන්ට හිතකාමී හෝටල් සහ නවාතැන් …

ඉතිහාසයේ සිට මේ දක්වාම මිනිසුන් සහ සුරතල් සතුන් අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඔබ ඔබේ සුරතලාට ආදරය කරනවා හා සමානව සුරතලාද ඔබට ආදරය කරනවා.  සුරතලා තම ස්වාමියා සමග ඇතිකරගන්නා ඒ  බැඳීම සුරතලාගේ යහපැවැත්මට ඍජුවම බලපාන බව ඔබ දන්නවාද?
ඔබටත් සුරතලෙකු සිටිනවානම්, ඔබේ සුරතලා නැතුව කොහේ හෝ තැනක නිවාඩුවක් ගතකරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද සුරතල් සතුන් රැගෙන යන්න පුළුවන් ස්ථාන ලංකාවේ තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ හේතුව නිසා ඔබේ සුරතලා සමග නිවාඩුවක් ගතකිරීමට ලංකාව වටා ඇති සුරතලුන්ට හිතකාමී හෝටල් list එකක්ම අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.
Hilton Colombo Residence

 

 

කොළඹ ජීවත්වෙන අයටනම් Hilton Colombo Residence කියන්නෙ ආගන්තුක තැනක් නෙමෙයි.  H අක්ෂරය සහිත දැවැන්ත පුවරුවක් ඇති ගොඩනැගිල්ල කොළඹ පිහිටා ඇති අනෙක් ගොඩනැගිලි අතරින් ඉතාමත් ප්‍රසිද්ධයි. ඔයාට පුළුවන් ඔයාගේ සුරතලත් එක්කම ගිහින් Hilton එකේ නිවාඩුවක් ගතකරන්න.
ස්ථානය – 200, යුනියන් පෙදෙස, කොළඹ 02
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 011 534 4644
Foozoo Mantra – Lake Gardens

 

 

Royal Colombo Golf Club එක අසල පිහිටා ඇති Foozoo කියන්නේ නිවාඩුවක් ගත කිරීම සහ විනෝදාස්වාදය සඳහා අද්විතීය අත්දැකීමක් ලබා දෙන ඒ වගේම ආගන්තුක සත්කාර වලින් පිරිච්ච ස්ථානයක්. ඉතින් ඔයාගේ සුරතලාවත් ගෙනියන්න පුළුවන් ස්ථානයක් තමයි Foozoo Mantra කියන්නේ.
ස්ථානය – 40/12, Lake Gardens off Lake Drive, Colombo 08
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 076 044 5030
Plumeria Luxury Villas – Udawalawa

 

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට කිලෝමීටර 12ක් දුරින් පිහිටි නිස්කලංක පරිසරයක මෙම Villa එක පිහිටා තිබෙනවා. Plumeria Luxury Villas කියන්නේ සුරතල් සතුන් රැගෙන යන්න පුළුවන් ස්ථානයක් වගේම සුපිරි පහසුකම් සපිරි ආගන්තුක සත්කාර වලට ප්‍රසිද්ධ ස්ථානයක්.
ස්ථානය – 194/3, Maddyama Adoluwa, Udawalawa
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 076 305 0918
O2 Villas – Weligama

 

මනස්කාන්ත භූමි දර්ශනයකට මුහුණලා පිහිටා ඇති මේ O2 Villas – Weligama නිදහසේ සුවපහසු නිවාඩුවක් ගතකිරීමට කියාපු ස්ථානයක්. BBQ පහසුකම් වල සිට උද්‍යාන සහ ටෙරස් පහසුකමද තිබීම මෙහි විශේෂත්වයක් . ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ සුරතලා සමග නිවාඩුවක් ගත කරන්න මෙතන හොඳම තැනක්.
ස්ථානය – කල්දේරම වත්ත, වැලිගම
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 077 729 6051
Roseland Cottages – Bandarawela

 

 

මනරම් කඳු පන්තියකට මුහුණලා පිහිටා ඇති මෙම නවාතැනේ අපූරු අවන්හලක් වගේම සුවපහසු කාමර පහසුකම් සමන්විත වෙනවා. ඔබට ඔබේ සුරතලාද රැගෙනයා හැකි වීම මෙහි අනෙක් විශේෂත්වයයි.
ස්ථානය – Roseland Estate, Ambadandegama, Bandarawela
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 077 333 0950
Beach Wave Hotel – Arugam Bay

 

 

ආරුගම්බේ සර්ෆ් පොයින්ට් එක ආසන්නයේ පිහිටා ඇති මෙම හෝටලය ඔබේ සුරතලා සමග beach side එකේ නිවාඩුවක් ගත කිරීමට  ඔබ යා යුතුම ස්ථානයක්.
ස්ථානය – 43, Water Music Road, Sinna Ullai, Arugam Bay
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 075 273 3380
Highbury Colombo

 

 

 කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති නමුත් නිදහසේ නිවාඩුවක් ගතකරන්නට නියම තැනක් තමයි Highbury Colombo . ඒ වගේම කොළඹ තියෙන තරඟකාරී වටපිටාවෙන් ඈත් වෙලා නිදහසේ ඔබේ සුරතලාවත් රැගෙන නිවාඩුවක් ගතකරන්නට කියාපු ස්ථානයක්.
ස්ථානය – 14, ස්කෙල්ටන් පාර, කොළඹ 03
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – USD 10
ක්ෂණික ඇමතුම් අංකය – 077 436 6273
Dots Bay House – Dikwella

 

පාරාදීසයක් වගේ ලස්සන තැනක පිහිටා තිබෙන Dots Bay House ගියොත් ඔබට සුන්දර අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. ඒ  වගේම ඔබේ සුරතලාවත් මෙම ස්ථානයට ඔවුන් සාදරයෙන් පිළිගන්නවා.
ස්ථානය – හිරිකැටිය වෙරළ, දික්වැල්ල
සුරතල් සතුන් ගෙන ඒම සඳහා අමතර ගාස්තු – නැත
ක්ෂණික ඇමතුම් අංකය – 077 770 0926

ඔබට ඔබේ සුරතලා සමග සුවපහසු නිවාඩුවක් ගතකරන්නට හොඳම තැන් ලැයිස්තුවක් මෙම ලිපිය තුළ අන්තර්ගතයි. මීට අමතරව ඔබ දන්නා විශේෂ ස්ථාන තිබෙනවා නම් පහලින් සඳහන් කරන්නට අමතක කරන්නට එපා.

සැමන් සලාදය …

අවශ්‍ය ද්‍රව්‍ය

සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ළූණු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 3ක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
ලුණු තේ හැඳි 3/4ක්
දෙහි යුෂ
සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 2ක්
සැමන් ටින් 1ක්

සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට සිහින්ව කපා ගත් ලොකු ළූණු එක්කර ගන්න.
පසුව එයට පොඩියට කපා ගත් අමු මිරිස් එකතු කර ගන්න.
එයට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් හා ලුණු එක්කරන්න.
දැන් මෙයට දෙහි යුෂ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
මිශ්‍රණයට කැබලි වලට කපා ගත් තක්කාලි එක්කරන්න.
දැන් එයට සැමන් මාළු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

ඔබට සහනදායී මිලට දිවා ආහාර වේලක් මිලදී ගැනීමට හැකි ස්ථාන…

රට තුල ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ යාම නිසා වර්තමානයේ ආහාර වේලක් සකස්කරගන්න ඉතාමත් අසීරු අවස්ථාවක තමයි ශ්‍රී ලංකාවේ ජනතාව සිටින්නේ. මේ ආර්ථික අර්බුදය හමුවේ වුවද කොළඹ ආපනශාලා කිහිපයක් ලාභදායි මිලකට දිවා ආහාරවේල සැපයීම අගය කලයුතු කාරණයක්. අද අපි ඔයලා වෙනුවෙන්ම ඒ ආපනශාලා මොනවද සහ කෑම වල මිල ගණන් ගැන විස්තර අරගෙන ආවා.

 

 

01)Curry Pot

Curry Pot Restaurant කියන්නේ ශ්‍රී ලාංකීය ආහාරවේලක රසවිඳින්න කියාපු තැනක් .ඒ වගේම මේ වෙනතෙක් ඔවුන්ගේ ආහාරවල සුරක්ෂිතභාවයද, ප්‍රණීතභාවයද ඔවුන් අඩුකරගෙන නැහැ. Curry Pot Restaurant එකෙන් අතේ ඇති ගාණට ශ්‍රී ලාංකික ආහාරවේලක රස විඳින්න දැන් ඔයාට පුළුවන්.

ලිපිනය: 1) 314/1/A, කොල්ලුපිටිය පාර, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 03
2) අංක 25, ක්ලිෆර්ඩ් මාවත, ආර්.ඒ. ද මැල් මාවත,කොළඹ 03

දුරකථන අංකය: 1) 011 237 0119
2) 011 257 3800

ආහාර මෙනුව :
Rice and curry (Vegetable)   – LKR 500
Rice and curry (Egg)             – LKR 430
Rice and curry (Omelette)     – LKR 460
Rice and curry (Fish)             – LKR 500
Rice and curry (Chicken)       – LKR 500
Yellow rice (Fried Fish)           – LKR 500
Yellow rice (Chicken)             – LKR 550
Rice and curry (Fried Fish)   – LKR 530
Rice and curry (Fried Chicken) – LKR 550
Rice and curry (Cuttlefish)    – LKR 550
Rice and curry (Prawns)       – LKR 550
Rice and curry (Mutton)        – LKR 650

 

 

02)Hotel De Pilawoos (Kollupitiya)

Hotel De Pilawoos නමින් ආපනශාලා 10ක් පමණ කොළඹ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. නමුත් Pilawoos පවුලේ එන හොඳම ආපනශාලාව තමයි කොල්ලුපිටියේ පිහිටා තිබෙන ආපනශාලාව. ඔවුන්ගේ දිවා ආහාරවේලද ලාබදායි මිලට ලබාගතහැකි අතර මෙම ස්ථානය රසවත් ආහාරවේලක් මිලදී ගැනීමට ඇති තවත් හොඳම ස්ථානයක්.

ලිපිනය: 417, ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03
දුරකථන අංකය: 077 741 7417

ආහාර මෙනුව :
Simple rice packet (Vegetables, dhal and pol sambol) – LKR 250
Rice and curry (Vegetable) – LKR 325
Rice and curry (Egg) – LKR 370
Rice and curry (Fish) – LKR 430
Rice and curry (Chicken) – LKR 460
Rice and curry (Beef) – LKR 525

 

 

03)Yarl Hotel/Yarl Eat House

කොළඹ පිහිටා තිබෙන 600කට වැඩි අවන්හල් අතරින් Yarl Hotel/Yarl Eat House හොඳම අවන්හල් 200 අතර සිටීම විශේෂත්වයක්. මේ අවන්හල ගැන පැරණි පාරිභෝගිකයන් ධනාත්මක අදහස් දක්වන අතර වර්තමානයේදී ද ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් අවන්හලක් විදියට මෙය හඳුන්වන්නට පුළුවන්.

ලිපිනය: 46/1 දුම්රිය ස්ථානය පාර, වැල්ලවත්ත, කොළඹ 06
දුරකථන අංකය: 011 259 3905

ආහාර මෙනුව :
Rice and curry (Fish) – LKR 400
Rice and curry (Omelette) – LKR 400
Rice and curry (Broiler Chicken) – LKR 330
Rice and curry (Chicken) – LKR 650
Rice and curry (Devilled Chicken) – LKR 450
Rice and curry (Cuttlefish) – LKR 990
Rice and curry (Prawns) – LKR 720
Rice and curry (Mutton) – LKR 1050

 

 

04)Flower Drum Colombo

පරම්පරා ගණනාවක් පුරාවට පැවත එන සාම්ප්‍රදායික ශ්‍රී ලංකා-චීන ආහාර සඳහා Flower Drum ඉතාමත් ප්‍රසිද්ධයි. ඔවුන්ගේ රසවත් දිවා ආහාරවේල අතේ ඇති මුදලට මිලදී ගන්න දැන් ඔයාට පුළුවන්.

ලිපිනය: 273/1 Vauxhall St, කොළඹ 02
දුරකථන අංකය: 077 562 2457

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 350
Rice and curry (Egg) – LKR 400
Rice and curry (Chicken) – LKR 450
Rice and curry (Fish) – LKR 450
Basmati Rice (Vegetable pack) – LKR 520
Basmati Rice (Economy pack) – LKR 550

 

 

05)මිතුරෝ Café

ඉතාමත් ප්‍රණීත ආහාර සැපයීමේ ප්‍රමුඛයෝ වන Mithuro Café අවන්හල කුඩා අවන්හලක් වුවත් uber eats හී පාරිභෝගිකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබාගෙන ඇති ප්‍රසිද්ධ අවන්හලක්.  ඔවුන්ගේ ආහාර ඉතාමත් රසවත් මෙන්ම ඔවුන්ගේ ආහාර හිතාගන්නට බැරි තරමට මිල අඩුයි.

ලිපිනය: ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 05
දුරකථන අංකය: 077 991 5863

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 100
Rice and curry (Egg) – LKR 150
Nelum Kole Rice and curry (Vegetable) – LKR 250
Nelum Kole Rice and curry (Fish) – LKR 300
Nelum Kole Rice and curry (Chicken) – LKR 350

 

 

06)Nelum Kole with Sri Lankan

රසවත් වගේම ප්‍රණීත ආහාර වේලක රස විඳගන්නට හොඳම තැනක් තමයි Nelum Kole with Sri Lankan කියලා කියන්නේ. uber eats හී ඉතාමත් හොඳ ratings ලබාගෙන ඇති අවන්හලක් ලෙස මෙය ප්‍රසිද්ධයි.

ලිපිනය: 11 ලෝරිස් පාර, කොළඹ 04
දුරකථන අංකය: N/A (UberEats හි ඇණවුම් කරන්න)

ආහාර මෙනුව :
White Rice (Vegetables) – LKR 290
White Rice (Egg) – LKR 330
White Rice (Omelette) – LKR 330
Yellow Rice (Vegetables) – LKR 330
Yellow Rice (Egg) – LKR 365
Yellow Rice (Omelette) – LKR 365
White Rice (Devilled Sausages) – LKR 460
White Rice (Fried Fish) – LKR 460
Mixed Fried Rice (Budget) – LKR 490
Yellow Rice (Devilled Sausages) – LKR 495
Yellow Rice (Fried Fish) – LKR 495
White Rice (Devilled Chicken) – LKR 560
Yellow Rice (Devilled Chicken) – LKR 560

 

 

07)Praneetha Foods – ගමේ බත් කඩේ

ශ්‍රී ලාංකේය ආහාරවල රසය විඳගන්නට මෙන්න නියම තැනක්. උසස් තත්ත්වයෙන් ඒ වගේම අතේ ඇති ගානට ඔබට මෙහිදී දහවල් ආහාර ලබාගන්න පුළුවන්. ගමේ බත් කඩේ කියන්නේ කොළඹ නගරයේ ගමේ රසට කන්න පුළුවන් නියම තැනක්.

ලිපිනය : 201 මුහන්දිරම් පාර, කොළඹ 03
දුරකථන අංකය: 011 233 3399

ආහාර මෙනුව :
Red rice (Plain) – LKR 312
Rice and curry (Vegetable) – LKR 375
Rice and curry (Vegetable Red) – LKR 375
Rice and curry (Egg) – LKR 438
Rice and curry (Egg Red) – LKR 438
Rice and curry (Bullseye) – LKR 438
Rice and curry (Bullseye Red) – LKR 438
Rice and curry (Omelette) – LKR 500
Rice and curry (Fish) – LKR 500
Rice and curry (Mushrooms) – LKR 563
Rice and curry (Chicken) – LKR 625
Rice and curry (Beef Baabath) – LKR 625
Rice and curry (Mutton Baabath) – LKR 625
Rice and curry (Kelawalla) – LKR 700
Rice and curry (Fried Chicken) – LKR 750
Rice and curry (Chicken So) – LKR 750
Rice and curry (Pork So) – LKR 750
Rice and curry (Beef) – LKR 750
Rice and curry (Beef Red) – LKR 750
Rice and curry (Beef Live) – LKR 750
Rice and curry (Pork) – LKR 750
Rice and curry (Lingus) – LKR 750

 

 

08)Curry Pot Fusion

ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැකි ආහාර ලැයිස්තුවක්ම මොවුන්ගේ මෙනුවේ අන්තර්ගත වෙනවා. මෙහිදී ඔබට කැමති ව්‍යංජනයක් තෝරාගැනීමේ හැකියාවද  ලැබෙන අතර ආහාරවල ගුණාත්මකභාවයද ආරක්ෂා කරමින්  සහනදායි මිලට ආහාර ලබාදීමට ඔවුන් කටයුතු කරනවා.

ලිපිනය: 69 ශ්‍රී සුමනතිස්ස මාවත, කොළඹ
දුරකථන අංකය: 011 702 4820

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 190
Rice and curry (Boiled Egg) – LKR 220
Rice and curry (Fish) – LKR 260
Rice and curry (Chicken) – LKR 280

 

 

09)Kochchi Rice and Curry

Rice and Curry වලටම විශේෂ වූ අවන්හලක් වෙන Kochchi Rice and Curry හි ආහාර ඉතාමත් රසවත්. අතේ ඇති මුදලට මෙම අවන්හලෙන්ද ඔබට දහවල් ආහාරය මිලදී ගැනීමට පුළුවන්.

ලිපිනය: 61 ෆයිෆ් පාර, කොළඹ 05
දුරකථන අංකය: 077 414 7878

Yellow Rice (Vegetables) – LKR 390
Yellow Rice (Soya) – LKR 440
Yellow Rice (Dry Sprats) – LKR 490
Red Rice (Chicken) – LKR 550
Yellow Rice (Chicken) – LKR 550
Yellow Rice (Fish) – LKR 590
Yellow Rice (Prawns) – LKR 690

 

 

10)Herali Restaurant

අතේ ඇති මුදලට ඔබට දවල් ආහාර වේලක් ලබාගත හැකි තවත් ස්ථානයක් තමයි Herali Restaurant කියන්නේ.

ලිපිනය: 51 පෙරහැර මාවත, කොළඹ 03
දුරකථන අංකය: 077 700 2007

ආහාර මෙනුව  :
Rice and curry (Vegetables) – LKR 340
Rice and curry (Bullseye) – LKR 380
Rice and curry (Omelette) – LKR 450
Rice and curry (Sprats) – LKR 500
Rice and curry (Fish) – LKR 550
Rice and curry (Chicken) – LKR 550
Rice and curry (Pork) – LKR 550
Rice and curry (Fried Whole Fish) – LKR 700

 

 

11)Surya Catering Services

බොහෝදෙනා මෙම ස්ථානය පිළිබඳව දැනුවත් වීමක් නොමැති වුවත් දැරිය හැකි මුදලට ආහාරවේලක් ලබාගත හැකි හොඳම ස්ථානයක් ලෙස Surya Catering Services අපිට හඳුන්වන්නට පුළුවන්.

ලිපිනය: අංක 46, 42 නවම් මාවත, කොළඹ 02
දුරකථන අංකය: 077 045 6466

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 200
Rice and curry (Chicken) – LKR 290
Fried Rice (Chicken) – LKR 360

 

 

12)Ibrahim Eating House (Beruwala Kade)

විවිධ මස් වර්ග ඇතුලත් ව්‍යංජන ඒ වගේම රසම රස බිරියානි ඔබේ ආහාරවේලට එකතුකරගන්න ඔබ කැමතිනම් Ibrahim Eating House එකේ කෑම try කරල බලන්න අමතක කරන්න එපා.

ලිපිනය: පූජ්‍ය බද්දේගම විමලවංශ මාවත, කොළඹ 10
දුරකථන අංකය: 011 269 6930

ආහාර මෙනුව :
Rice and curry (Fish) – LKR 375
Rice and curry (Red rice & Beef) – LKR 390
Rice and curry (Beef/Half) – LKR 390
Rice and curry (Egg/Full) – LKR 390
Rice and curry (Beef/Full) – LKR 520
Rice and curry (Fried Beef) – LKR 520
Rice and curry (Red rice & Chicken/Half) – LKR 520
Rice and curry (Theecha Fish/Half) – LKR 525
Rice and curry (Roasted Chicken/Half) – LKR 750
Rice and curry (Red rice & Fried Beef/Half) – LKR 585
Rice and curry (Chicken/Full) – LKR 585
Rice and curry (Cooked Chicken) – LKR 585

 

 

13)Walanda Curry House

ඔබට දැරිය හැකි මුදලට ඔබේ ආහාරවේල ලබාගත හැකි තවත් තැනක් තමයි Walanda Curry House කියන්නේ. ආහාර ඉතාමත් රසවත් වගේම මෙම ස්ථානය පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රියයි.

ලිපිනය: 410 Deans පාර, කොළඹ 10
දුරකථන අංකය: 011 534 2833

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 300
Rice and curry (Egg) – LKR 400
Rice and curry (Fish) – LKR 450
Rice and curry (Chicken) – LKR 500

 

 

14)Gruhanees Restaurant

ගෙදර හැදුවා වගේ රසවත් ආහාර වේලක රසය විඳගන්නට ඔබ යා යුතුම තැනක් තමයි Gruhanees Restaurant කියන්නේ.

ලිපිනය: 76 බාන්ස් පීඑල්, කොළඹ 07
දුරකථන අංකය: 070 233 0044

ආහාර මෙනුව :
Fatima’s Rice and curry (Chicken) – LKR 420
Fatima’s Rice and curry (Sprats tempered & Egg) – LKR 420
Charuni’s Rice and Curry (Chicken Devilled) – LKR 520
Erandika’s Yellow Rice and Curry (Devilled Prawn) – LKR 520

ඔබට සහනදායි මිලට දිවා ආහාරය ලබාගත හැකි ආපනශාලා පිලිබඳ විස්තරාත්මක ලැයිස්තුවක් අපගේ ලිපිය තුළ ඇතුලත් වෙනවා. අපට කුමන හෝ ස්ථානයක් මඟහැරී ඇත්නම් පහතින් ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

HIV පැතිරීම පාලනය කරන PrEP ඖෂධ ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

 

මානව ප්රතිශක්ති ඌණතා වෛරසය (Human Immunodeficiency Virus) යනු අපගේ ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් එල්ල කරන වෛරස විශේෂයකි. AIDS වැනි රෝගී තත්ත්ව සඳහාත් මෙය බලපාන්නට පුලුවන්. HIV 1 ප්රභේදය ආසාදනය වූ රෝගියෙක් වසර 8-10 අතර කාලයකදී මරණයට පත් වීමේ අවදානමක් පවා තිබෙනවා. HIV 2 ප්රභේදය මිනිස් ශරීරයට සක්රීය බලපෑමක් ඇති නොකර ස්වභාවිකවම මිය යනවා.දරුණුතම කාරණය වන්නේ මෙම වෛරසය සඳහා නිශ්චිත ප්රතිකාරයක් තවමත් සොයාගෙන නොමැති වීමයි. HIV ආසාදනය වීම බොහෝවිට ලිංගික ක්‍රියාවන් හරහා සිදුවන්නක්. මත්ද්රව්ය එන්නත් කරගැනීමේදී, රුධිර පාරවිලයනයේදී වැනි ක්‍රම මගින්ද ආසාදිතයෙකුගේ රුධිරය හා මිශ්ර වී මෙම වෛරසය ව්යාප්ත වන්නට පුලුවන්. දැනට, ශ්රී ලංකාව HIV ව්යාප්තිය අඩු රටක් ලෙස සලකන නමුත් සක්රීය රෝගීන් 3600ක් පමණ හා වසරකට නව රෝගීන් 200ක් පමණ දිවයින පුරා වාර්තා වනවා.


මෙම තොරතුරු ජාතික ලිංගාශ්රිත රෝග පාලන වාර්තාව (National STD/AIDS Control Programme) තුළින් ඔබට ලබාගන්නට පුලුවන්.එබැවින්, HIV ආසාදනය වීම නිසා ඔබේ ජීවන රටාව සහමුලින්ම අත්හැර දැමීමට හෝ අවට සමාජයෙන් ඈත් වී සිටීමට අවශ්ය වන්නේ නැහැ. නිශ්චිතවම සුව කිරීමට ප්රතිකාරයක් නොතිබුණත්, නිසි වෛද්ය උපදෙස් අනුව HIV ලක්ෂණ පිටතට නොපෙනන අන්දමින් සහ අනෙකුත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීම වළකමින් එය මර්දනය කිරීමට හැකියාව පවතිනවා. එනිසා පිටත සමාජයට වෛරසය සම්ප්රේෂණය වේ යැයි බියෙන් තනිව හුදෙකලාව පසුවීමට හේතුවක් නැහැ.HIV ආසාදිතයින්ව ලාංකීය සමාජය තුළ විවේචනයට ලක් වීම සිදුවන්නේ ඔවුන් තුළ මේ ගැන නිසි අවබෝධයක් නොමැති පසුබිම නිසායි.

 

HIV සඳහා PrEP ලබා ගැනීම පිළිබඳ අවබෝධය….


Pre-Exposure Prophylaxis හෙවත් PrEP යනුවෙන් හැඳින්වෙන්නේ ඖෂධ මාත්රා ද්විත්වයක් කැටි කරගත් ටැබ්ලට් එකකි. තම ලිංගික සහකරුගෙන්/සහකාරියගෙන් HIV සම්ප්රේෂණය නොවේ යැයි සහතික කරගැනීම සඳහා රෝගය ආසාදනය නොවූ ඕනෑම අයෙකුට එය භාවිතා කළ හැකියි. එය ඔබේ ජීවන රටාව අනුව ගලපා ගනිමින් දිනපතා භාවිතා කරන්නට පුලුවන්. HIV ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ඔබට සිතෙන ඕනෑම අවස්ථාවක PrEP භාවිතා කිරීම ආරම්භ කළ හැකි අතර, HIV ආසාදනය වීමේ අවදානම තවදුරටත් නොමැති යැයි සිතූ පසු එය ලබා ගැනීම අත් හැර දැමිය හැකියි.

මෙහිදී වාර 2-1-1 ලෙසත් PrEP ලබා ගන්නවා. ඒ ලිංගිකව එක්වීමට පැය 2-24 පෙර කාලයේදී ද්විත්ව මාත්රාවකුත්, මුල් මාත්රාවෙන් පසු නැවත තනි මාත්රාවකුත්, ලිංගික එක්වීමකින් පැය 48කට පසු යළි තනි මාත්රාවකුත් ලෙසයි.
HIV ආසාදනය වැළැක්වීම සඳහා PrEP අතිශයින්ම ඵලදායි බව සායනික පරීක්ෂණ ගණනාවකින් තහවුරු වී තිබෙනවා. ලිංගික සම්ප්රේෂණ හරහා රෝගය බෝ නොවීමට 99% පමණ සාර්ථකත්වයක් එය සතු වන නමුත් එන්නත් කිරීම් හරහා සිදුවන ආසාදනවීම් වැළැක්වීමට දක්වන්නේ ඊට වඩා අඩු ප්රතිශතයකුයි. නමුත් එයත් 50%ට වඩා වැඩි අගයක් ගන්නා බවයි සැලකෙන්නේ…


එමෙන්ම PrEP භාවිතය අතුරුඵල බොහොම අඩු ඖෂධ ක්රමයකි. වාර්තා වී තිබෙන පරිදි, මුල්වරට PrEP ගත් ඇතැම් අයට උදරාශ්රිත ආබාධ තත්ත්ව ඇති වී තිබුණද, කාලයත් සමඟම ශරීරය ඊට අනුගත වී එම රෝග ලක්ෂණයත් අවම වනවා. මෙයින් ඇතමුන්ගේ වකුගඩු වලට සුලු බලපෑමක් වන බවත්, අස්ථිවල ඛණිජ ඝනත්වයේ සුලු අඩුවීමක් පෙන්නුම් කරන බවත් සායනික පරීක්ෂණවලදී සොයාගෙන තිබෙනවා. කෙසේ වුවත් එහිදී අස්ථිමය කොටස්වලට PrEP හරහා කිසිදු බලපෑමක් වී නැහැ.

 

PrEP ලබා ගැනීම….

PrEP යනු පෞද්ගලික කැමැත්ත මත ඔසුහලකින් ලබා ගත හැකි ඖෂධයක් නොවන බව මතක තබා ගැනීම වැදගත් ය. ඒ සඳහා ඔබට වෛද්යවරයෙකුගේ පිළිගත් නිර්දේශයක් අවශ්ය වන අතර සාමාන්යයෙන් මාස 1-3 අතර කාලයකට මෙය ලබා දේ. PrEP ලබා ගැනීමට පෙර HIV පරීක්ෂාවක් සහ ඖෂධයෙන් ඔබේ වකුගඩු ආරක්ෂිත දැයි සෙවීමට පරීක්ෂණයක් සිදු කරන නිසා වෛද්ය නිර්දේශයක් රැගෙන යාම වැදගත් වනවා. PrEP හි ඇතුළත් වන එක් ඖෂධ වර්ගයක් හෙපටයිටිස්-බී රෝගී තත්ත්වය සඳහාත් යොදා ගැනෙන නිසා, ඔබට හෙපටයිටිස්-බී පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත.

ජාතික ලිංගාශ්රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන හරහා ශ්රී ලංකාවේ ප්‍රධාන පෙලේ ලිංගාශ්රිත රෝග සායනයන් වන කොළඹ 10 ජාතික ලිංගාශ්රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන, අනුරාධපුර ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල සහ රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු සායන කිහිපයකදී මෙම ඖෂධ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම ඕනෑම සායනයකට පැමිණ, ඔබගේ මූලික පරීක්ෂණ සිදු කරගත් පසු අවශ්ය බෙහෙත් වට්ටෝරු නොමිලේ ලබා ගත හැකියි. මෙම සායන දැනට නියමු අදියරේ පවතින සායන 04ක් වන අතර ඉදිරියේදී ශ්රී ලංකාව වටා සෙසු සායන හරහාද PrEP පරීක්ෂණය කරවා ගැනීමට හැකි වනු ඇත. ඊට අමතරව සාමාන්ය ඔසුහල් සහ ප්රජා සායන හරහාද මෙය ලබා දීමට දැනටමත් සැලසුම් කෙරෙමින් පවතී.

වැඩිදුර විස්තර සඳහා ජාතික ලිංගාශ්රිත රෝග පාලන වැඩසටහනේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. www.aidscontrol.gov.lk

කොළඹදී ඔබේ HIV පරීක්ෂාවක් සිදු කරවා ගැනීමට www.know4sure.lk වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමටත් පුලුවන්. PrEP සමඟින්, ඔබට දැන් ආරක්ෂිත, ප්රීතිමත් සහ සෞඛ්ය සම්පන්න ලිංගික ජීවිතයක් ගත කළ හැකියි. ප්රජාවක් වශයෙන් HIV රෝගය පිළිබඳව සහ එය වැළඳී ඇති පුද්ගලයින්ගේ අපකීර්තිය තුරන් කිරීම සඳහා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපට පියවර ගත හැකියි.