Blog Page 33

Sex ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඔයත් බයයිද?

අපේ රටේ මිනිස්සුන්ට sex ගැන කතා කරන්න තියෙන්නේ පුදුම බයක් වගේම ලැජ්ජාවක්. කරන්න හොඳයි හැබැයි මේ ගැන කතා කළොත් තමයි වැරදී. මේ සම්බන්ධව කතා කරන අයට අපේ මිනිස්සු පට්ටමකුත් දෙනවා හොඳට experience තියනවා නේද කියලා. ලෙකු ඔළුවක් තිබ්බට අබ ඇටයක් තරම්වත් මොළයක් නැති නිසා තමයි ලිංගික අධ්‍යාපනය කියන එක ලංකාවට මැජික් එකක් වෙලා තියෙන්නේ. අනෙකුත් රටවල විධිමත්ව මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දෙනවා. නමුත් ලංකාව තුළ එහෙම දෙයක් නැහැ. එකනේ මෙච්චර මේ මාතෘකාව මැජික් එකක් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ බටහිර රටවල ඉන්න ඈයොන්ට වඩා අපේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මේ සම්බන්ධව සෑහෙන්න දේවල් දන්නවා. ඉන්ටනෙට් එක නිසා මේ දේවල් ගැන සෑහෙන්න දේවල් දැනගන්නත් ලිංගිකත්වය කියන දේ බිල්ලට අරන් ජීවිතයක් දවසෙන් උනත් නැති කරන්නත් අපේ මිනිස්සු සෑහෙන්න දක්ෂයි. මේ ලඟදි දවසක ළමයි දෙන්නෙක් වීඩියෝ කරලා කුණුහරුපෙන් බැනලා ඒ වීඩියෝ එක අන්තර්ජාලයට මුදාහරින්න තරම් එතන පොර වෙන්න ගිය වැඩිහිටියෝ කියන උදවියගේ කෙරුවාව මොළයක් තියන උදවියට තේරෙනවා ඇතිනේ. ළමයෙක්ට දෙයක් පහදලා දීලා හරිමගට ගන්නවා වෙනුවට මුළු ජීවිත දෙකක්ම විනාශකරන තත්ත්වට පත්වෙන්න තරම්, මේ Sex කියන දේ ලැජ්ජාවක් කියන තැනට පත්වෙන්න තරම් අපේ රටේ ලිංගික අධ්‍යාපනය කොයි තරම් පහත් තැනකද තියෙන්නේ. මේ වගේ සිදුවීම් තව කොච්චර වෙනවාද?

 

මේ ලොකේ හැම දෙයක්ම Daily update වෙනවා. ඒ වුණාට අපේ මිනිස්සුන්ගේ මොළවල් තාම stuck වෙච්ච system එකක්. තමන්ගේ මතයට පරිබාහිර හැම දෙයක්ම වැරුද්දක් , අපරාධයක්. ප්‍රසිද්ධියේ අත්අල්ලන් ගියොත්, වැළඳගත්තොත් නැත්තම් බස් එකේ එකට වාඩිවෙලා කතා කරකර ගියොත් ලංකාවේ එක ලොකු වැරුද්දක්. මෙහෙම දෙයක් දැක්කොත් ඒ ළමයව Pregnant කරලා තමයි නවතින්නේ. මේ දේවල් අහිංසක විදිහට ආදරය විඳින දෙයක් කියන එක අපේ මිනිස්සුන්ට තාම පිළිගන්න අමාරු දෙයක් . මේ නිසා තමයි පොඩි උන් කාමර ගානේ රිංගගෙන ආදරය කියනදේ වෙන විදියකට හොයන්න යන්නේ.

 

ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මූලික ඉගැන්වීම කළ යුත්තේ නිවසෙන්. දෙමාපියන් තමයි එ් මූලික කාරණා දරුවන්ට කියලා දෙන්න අවශ්‍ය. ඒ වගේම පාසල් අධ්‍යපනය තුළිනුත් මේ දේවල් දරුවන්ට ඉගැන්විය යුතුයි. මේ දවස්වල කතාවෙන “ලිංගික අධ්‍යාපනය” ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ (sexuality education) විදියට. ඒක නිවැරදිව සිංහලට පරිවර්තනය වෙන්න ඕනෙ “ලිංගිකත්ව අධ්‍යාපනය” කියලා. ලිංගය (sex), ලිංගික (sexual), සහ ලිංගිකත්වය (sexuality) කියන්නෙ එකිනෙකට වෙනස් තේරුම් ඇති වචන තුනක්. ඒ නිසා මෙතැන ඉඳලා “ලිංගික අධ්‍යාපනය” කියන වැරදි යෙදුම වෙනුවට “ලිංගිකත්ව අධ්‍යාපනය” කියන නිවැරදි යෙදුම භාවිතා කරනවා.

 

මූලිකවම ලිංගිකත්ව අධ්‍යාපනයේ අරමුණ වෙලා තිබුණේ අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම. පසුව ඒඩ්ස් පැතිරීම වැලැක්වීම හා ලිංගික අපයෝජන පිළිබඳ දැනුම්වත් කිරීම. දැන් මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා සිදුවන වෙනස්කම් අවම කිරිම සහ අන්තර්ජාලය හරහා සිදුවන අයුතු බලපෑම් අවම කිරීම දක්වා ලිංගිකත්ව අධ්‍යාපනය පරිණාමය වෙලා තියෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය නිසි ලෙස ලබා දීම නිසා ලිංගික සම්බන්ධතා ඇතිකරගැනීම ප්‍රමාද වීම සහ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගණන අඩු වීම වගේම ලිංගික සම්බන්ධතාවල දී අවදානම් ගැනීමට පෙළඹීම අඩුවීම, උපත් පාලන කොපු (කොන්ඩම්) සහ උපත් පාලන ක්‍රම භාවිතය ඉහළ යාම වැනි දේවල් ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන රටවල් බොහෝමයක කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනවා.

 

ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකියව මේ අධ්‍යපනය හරහා තිබෙනවා. මිනිස්සු දන්නේ ඒඩ්ස් ගැන විතරයි. නමුත් තවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබෙනවා. ඒවා වළක්වාගන්නේ කොහොමද? ඒවට ප්‍රතිකාර ලබාගන්නේ කොහෙන්ද? ඒ රෝග මොනවද? කියලා මේ හරහා අවබෝධයක් ලබාගන්න හැකියාව තිබෙනවා.

 

ලිංගිකත්ව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන තවත් රටවලත් ලංකාවේ වගේම නැත්තම් ඊටත් වඩා විරෝධතා මතු වෙලා තියෙනවා. එහෙම විරෝධතා ඇතිකරලා තියෙන්නේ දරුවන් මේ හරහා ලිංගික චර්යාවන්වලට යොමු වෙන්න පුළුවන් කියන තර්කය මත. නමුත් ඒ මතයේ සත්‍යතාවයක් නෑ කියන එක නැවත නැවතත් සිදුකරපු සමීක්ෂණවලින් අවධාරණය වෙලා තියෙනවා . මේ ‍වෙනකොට ඒ තර්කය සම්පූර්ණයෙන්ම අවලංගුවෙලා තියෙන්නේ.

 

sex ගැන කතා කරනවා කිව්වහම අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන්නේ වෙනම බහුබූතයක්. sex ගැන එහෙමත් නැත්තම් මේ ලිංගිකත්වය සම්න්ධයෙන් කතා කරනවා කියන්නේ ඉහත සදහන් දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම .ලිංගිකත්වය විද්‍යාත්මකව විවෘතව සාකච්ඡා කළ හැකි මාතෘකා බවට පත් කළ යුතුයි. නිසි වයසේදී දරුවන්ට මේ සම්බන්ධයෙන් විදිමත් ලෙස අධ්‍යපනයක් ලබාදිය යුතුයි . මේ සම්බන්ධව අදහස් බෙදාහදා ගත යුතුයි. සමාජ පරිහානියන් අවම කරගන්න දැනුවත් සමාජයක අවශ්‍යතාවයක් බව තේරුම් ගැනීම ඔබේ වගකීමයි.

 

උත්පලා ඉන්ද්‍රචාපා

 

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අම්මට තෑග්ගක් දෙමුද..?

 

නිරෝධානය නිසා බොහෝ කාලයක් අපි නිවසේ රැඳි සිටියා. මේ අතරතුර දී අපි tik tok videos කරන්නත්, ඩල්ගොනා coffee හදන්නත්, සමාජ මාධ්‍ය සැරිසරන විවිධ අභියෝග කරන්නත්, සජීවී සම්මේලනවලට සහභාගි වෙන්නත් පුරුදු වුණා. ගෙදරට වෙලා හිටියත් පවුලේ සැමටම අලුත් අත්දැකීම් රාශියක් එකතු වුනා. ඉතින් ළග ළගම එන මවුවරුන්ගේ දිනයට අම්මට දෙන්න මොකුත් නෑ කියලා නිකන් ඉන්න එක නම් නිදහසට කාරණයක් නෙමෙයි. මව්වරුන්ගේ දිනය 2020 මැයි 10 වැනිදා තමයි යෙදීලා තියෙන්නේ. දවස නං ගොඩක් ළං වෙලා. ඉතිං අපි ඉක්මනින්ම අම්මලට තෑගි දෙන game එකකුත් තියමුනේ?

 

මේ මාස දෙකක කාලය තුළ අම්මලා කරපු කැපකිරීම් නම් මහමෙරයි. අපි වෙනදට වඩා නිදහසේ හිටියට අම්මලාට නම් වෙනදාට වඩා වැඩ ගොඩයි. තුනපහ,බඩු මුට්ටු ටික පිරිමහලා අපි හැමෝටම රසට කෑම උයලා දෙන්න වගේම, පාසල් නිවාඩු නිසා පොඩි ළමයි හොඳින් බලා ගන්නත්, පවුලේ හැමෝම සතුටින් තියන්නත් ඔවුන් අප්‍රමාණ වෙහෙසක් දරනවා. ඉතිං මේ සැරේ මව්වරුන්ගේ දිනයට ඔවුන්ට තෑග්ගක් ලැබිය යුතුමයි. ඇඳිරි නීතිය සහ අවශ්‍ය ද්‍රව්‍ය නැති නිසා අපිට තෑග්ගක් ගන්න වගේම හදන්න තියෙන අවකාශය අඩුයි. ඒ නිසාම අපි ඔයාලට අවස්ථා කිහිපයක් හඳුන්වලා දෙනවා.මේ අතරින් ඔයාගේ අම්මට ගැලපෙන දේ ඔයාට තෝරගන්න පුළුවන්.

~ තෑගි පෙට්ටි
~ කේක් සහ රස කැවිලි
~ මල්
~ ඇඳුම් පැළඳුම්
~ සුවතා නිෂ්පාදන

 

GIFT BOXES

තෑගි දීමේ කලාවෙහි ශිල්පීය ලෙස සකසන තෑගි පෙට්ටි තමයි අලුත්ම trend එක.මෙහි ප්‍රධාන කාරණා දෙකකි.
1). ඒවායේ අන්තර්ගතය එකිනෙකට වෙනස් වන අතර ඔබේ ආදරණීයන් සඳහා විශේෂයෙන්ම සකස් කර ගත හැකියි.
2).ඉතා අලංකාර පෙට්ටි වල එන බැවින් එතීම සහ ඇසුරුම්කරණය පිළිබඳව ඔබට කරදර විය යුතු නැහැ.

 

PlushBox

 

 

සකස් කරන ලද තෑගි පෙට්ටි වර්ගයකි. මව්වරුන් සදහා සුවිශේෂී පැකේජ් හඳුන්වා දී තිබේ. ඒ තුළ චට්නි බෝතල්,කෝපි වර්ග ,චොක්ලට්,සබන් සහ සුවඳ ද්‍රව්‍ය,ඉටිපන්දම් වැනි ගෘහ භාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය ඇතුළත් කර ඇත.ඒ හැම දෙයක්ම එකම පාට වර්ගයකින් පිළිවෙලට ඇසුරුම් කර ඇත. Instagram මගින් DM කර ඇණවුම් කළ හැකි අතර LRK 4000 සිට ඉහලට මිල ගණන් පවතී.

 

 

Robed Gift Works

Robed gift works, එක් එක් කෙනාගේ අවශ්‍යතා අනුව වෙනස් වෙමින් තෑගි ඇසුරුම් කර දෙන අතර,ඒ තුළ Lotions වර්ග,සුවඳ විලවුන්, සුවඳ තැවරූ ඉටිපන්දම්, ශරීරය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය (අතින් සෑදූ සබන් කෑල්ලක් ද ඇතුළු) සටහන් පොත්, රස කැවිලි වර්ග ඇතුළත් ව ඇත .

මවුවරුන්ගේ දිනයට ම සුවිශේෂීව සකස් කර ඇති දැනට පවතින තෑගි වර්ග නම්:
– කාශ්මීර් ශොල්
– කොට්ට සඳහා සුවඳ තැවරුම්
– සුවදැති ඉටිපන්දම්
– අතින් සෑදූ සබන්
– ඒප්‍රන්,ටොට් බෑග්,සැටින් සුවතා ඇඳුම්
– මල් සැරසිලි සහිත makeup බඩු රදවනය
– හිමාලයේ රෝස පැහැති ලුණු පිරිසිදු කාරකය
– රසවත් තේ
– මසාලා තේ
– akbahar ක්ශණික කෝපි
– කුළුබඩු සහිත කොපි මිශ්‍රණය
– මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ම සුවිශේෂී ව සකසන ලද අත් තුවා
– Cork coaster සෙට් එකක්

අම්මගේ ආසම පාටින් රිබන් එකකුත් තෑගි පෙට්ටියට එයාලා එකතු කරලා දෙනවා.මෙය ස්වං රැකියාවක් ලෙස ගෘහණියන් විසින් සිදුකරන දෙයක්. ඔයාටත් ඔයාගේ අම්මට තෑග්ගක් ලබා දෙනවා වගේම, තවත් අම්මා කෙනෙක්ට සහයෝගයක් සහ ශක්තියක් ලබා දෙන්න මින් හැකියාව ලැබෙනවා.

තෑගි පෙට්ටියක් LKR 4000 සිට ඉහලට ඇත. ඒ සමගම ගෝල්ඩ් පාට කාඩ් එකකුත් ඔබට හිමිවෙනවා.
Instagram මගින් DM කර හෝ whatsapp (0777965383) මගින් ඇණවුම් භාර දිය හැක .ඇඳිරිනීතිය හේතුවෙන් බෙදාහැරීම් ප්‍රදේශ සීමා කර ඇති නිසා කොළඹ1-15 , දෙහිවල,ගල්කිස්ස නුගේගොඩ,රාජගිරිය නාවල ,බත්තරමුල්ල කෝට්ටේ,පෑලියගොඩ සහ වත්තල යන ප්‍රදේශ කිහිපයට පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබයි.

 

 

Boxalate

Boxalate.lk මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔබේ පහසුව සඳහා, භාණ්ඩ කට්ටලයක් ලස්සනට ඇසුරුම් කර සකස් කර තිබෙනවා. ඔවුන්ගේ Instagram story මගින් තවත් අදහස් ඔබට දැනගන්න පුළුවන්. Instagram හරහා DM කර ඔබට ඇණවුම් ලබාදිය හැකියි.

 

 

Woah Beauty Box

ඔවුන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් තෑගි පෙට්ටි සහ කාඩ් නිර්මාණය කර තිබේ.ඒ පෙට්ටි තුළ සුවඳ ක්‍රීම්වර්ග (body cream, පිරිසුදු කිරීම සඳහා යොදා ගන්නා විවිධ සුවඳ ද්‍රව්‍ය),ගෘහ භාණ්ඩ වර්ග, රසවත් දෑ (ලුණු දමා සකස්කර ඇති කැරමල් භාජන) වැනි දෑ ඇතුළත් කර ඇත.මව්වරුන්ගේ වයස සැලකිල්ලට ගනිමින් එකිනෙකාට ගැලපෙන ලෙස වෙන් වෙන්ව පෙට්ටි සකස් කර ඇත.

instagram හරහා DM කර ඇණවුම් කළ හැකි අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා බෙදා හැරීම් කටයුතු කරයි.

 

 

Basketeer Sri Lanka

Basketeer Gift Box,එය ඉතා සරල මෙන්ම රසවත් දෑ එකතු කර සකස් කර ඇති පෙට්ටියකි.එකිනෙකාගේ අභිමතය පරිදි සකස් කර දෙන අතර එහි කෝප්පයක්, සටහන් පොත් ,ඉටිපන්දම් රසකැවිලි,ශරීරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා විවිධ නිෂ්පාදන ඇතුළත් කර ඇත. මව්වරුන්ගේ දිනයේදී “mum” නමින් කොප්පයක් ලැබීම අම්මට සුන්දර මතකයක් වේවි.
කලින් සාදන ලද තෑගි www.basketeer.lk හරහා online ඇණවුම් කළ හැකි අතර ඔබේ අභිමතය පරිදි තෑග්ග සකස් කර ගැනීම සඳහා ඔවුන්ගේ instagram page එකට DM කළ හැක. සියලුම බෙදාහැරිම් නොමිලේ සිදු කරයි. දැනට බෙදාහැරීම් කටයුතු කොළඹ 1-15 දෙහිවල,ගල්කිස්ස නුගේගොඩ, රාජගිරිය, නාවල,කළුබෝවිල,බත්තරමුල්ල, කෝට්ටේ,පැලවත්ත, ඇතුල්කෝට්ටේ,පිටකොටුව පෑලියගොඩ,වත්තල සඳහා සීමාවේ.

 

 

Twinkles & Tassels

මේක තෑගි පෙට්ටියක් නෙමෙයි හැබැයි ඊට වඩා වෙනස් දෙයක්.ඔබත් අම්මව වෙනස් විදිහකින් පුදුම කරවන්න බලාගෙන ඉන්නව නම් මෙන්න ඊට ගැලපෙනම දේ.මේ හීලියම් වායුවෙන් හදන බැලුම් වර්ගයක්.සැරසිල්ලක් හා සමානයි. බැලුන් වර්ග 3ක් ඔවුන් නිර්මාණය කර තිබෙනවා.ඔවුන්ගේ Instagram පිටුවට DM කර හෝ whatsapp (076-2246746) මගින් ඇණවුම් කළ හැකියි.

 

 

CAKES AND SWEETS

සැමරීමකදී කේක් වර්ග (බ්‍රවුනීස්,කූකීස්,කප් කේක්) නම් නැතුවම බැරි දෙයක්.මෙවැනි දිනකදී අම්මට රසවත් කෑම එකක් ලබා දෙන එක නම් හොද අදහසක්. මෙන්න ඔබට මේවා ලබා ගත හැකි තැන් කිහිපයක්..

 

 

Bakes by Bella

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් bakes by bella විසින් අම්මලා ආස කරන විදිහෙ රසකැවිලි පෙට්ටියක් සකස් කර තිබෙනවා. මේ හැම දෙයක්ම මවුවරුන් වෙනුවෙන්මයි. පෙට්ටියක මිල (LKR 2500+බෙදාහැරීමේ ගාස්තු).කලින්ම ඇනවුම් කිරීම සඳහා 0777445449 මැයි 9ට කලින් අමතන්න.

 

 

Hyve Dessert Bar

මවුවරුන්ගේ දිනය සඳහාම Hyve Dessert bar විසින් කප් කේක්(LKR 1500) සහ එක්ලෙයාර්ස් (මිල ටොපින් එක මත තීරණය වේ) වර්ග ගණනාවක් හඳුන්වා දී තිබේ .මොවුන් විසින් ම බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර මැයි 7ට පෙර 077-4545960 අමතා ඔබේ ඇණවුම් ලබා දෙන්න.

 

 

Bakes by BeeSalt

මේ බේකරිහල මව්වරුන්ගේ දිනය රසවත් කිරීමට මෙන්ම spice කිරීමට අවශ්‍ය සියලුම බේකරි කෑම සාදනු ලබයි .මවුවරුන්ගේ දිනය සඳහා ම සුවිශේෂි වූ කෑම වර්ග අතරින් “I love u mum” කප් කේක් සහ කුකීස් හඳුන්වා දී තිබේ . ඒ සමගම විශේෂිත වූ කේක් වර්ග,බිස්කට් පුඩිං, බ්‍රවුනීස්, එක්ලෙයාර්ස්,චිකන් රෝල්ස් මවුවරුන් වෙනුවෙන් ම සකස් කර ඇත.
ඇඳිරිනීතිය හේතුවෙන් බෙදාහැරීම් කටයුතු සීමා කර ඇති නිසා කැලණිය, කිරිබත්ගොඩ, ජා-ඇල, රාගම, වත්තල, අතුරුගිරිය, මාලඹේ,කඩුවෙල ඒ සඳහා පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරයි. ඇණවුම් 077-6076611 / 077-6078971 අමතා හෝ Instagram පිටුවට DM කර භාරදෙන්න.

 

 

For Heaven’s Cake

ස්වයං නිෂ්පාදන බේකරිකරුවෙකු විසින් Heaven’s cake මෙහෙයවනු ලබන අතර මව්වරුන්ගේ දිනයේදී ප්‍රණීත ආහාරපාන රැසක් එළිදක්වයි. බ්‍රවුනීස් සහ චොක්ලට් කුකීස්, කේක් ,ගුඩීස්,කැන්ඩීස් වර්ග රාශියක් ද ඒ අතර වේ.ඔවුන් සැබවින්ම රැජිනකට මංගල්ලයක් පිරිනමයි.

ඇණවුම් කිරීම සඳහා instagram පණිවිඩ මගින් හෝ 077 673 6782 යන දුරකථනයට අමතන්න .කොළඹ 3-7, කොහුවල , නාවල ,රාජගිරිය ,පිට කොට්ටේ,කළුබෝවිල ,දෙහිවල ,පැපිලියාන,අත්තිඩිය, ගල්කිස්ස ,රත්මලාන සහ බොරලැස්ගමුව යන ප්‍රදේශයන් වලට බෙදා හැරීමේ පහසුකම් සපයයි .

 

 

Miss Whisk

Miss wisk කියන්නේ, තවත් බේකරි නිෂ්පාදකයෙක් සහ නිර්මාණශීලීව කේක් නිෂ්පාදනය කරන කෝකිවරයෙක්.මෙවර මවුවරුන්ගේ දිනයට විශේෂ කේක් ඇණවුම් භාර ගනු ලබන අතර, layers දෙකකින් යුත් මල්වලින් අයිසිං කරපු ලස්සන කේක් වර්ග 5ක් හා අලංකාර ලෙස නිර්මාණය කරපු තවත් කේක් වර්ග පහක් හදුන්වා දී ඇත .කටට කෙළ උනන රසයෙන් යුත් වැනිලා ,වැනිලා චොක්ලට් චිප්,වැනිලා රාස්බෙරි,චොක්ලට් රිච්,රෙඩ් වෙල්වට් සහ එග්ලස් චොක්ලට් ,බටර් ක්‍රිම්,අයිසිං ටොපින් වැනි ඉතාමත් ප්‍රණීත රසයන්ගෙන් ඒවා පරිපූර්ණයි.
මෙහි මිල ගණන් ඒ ඒ රස සහ අලංකාර ක්‍රම, මල් අනුව වෙනස් වෙනවා .කොළඹ තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමේ පහසුකම් සපයයි .instagram පණිවිඩ හරහා සහ පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට ඇණවුම් භාර දිය හැකියි.077 0797 657 / 077 677 6304

 

 

Gerard Mendis Chocolatier

මෙවර මව්වරුන්ගේ දිනයට විවිධාකාර රසින් යුක්ත විශේෂ කේක් වර්ග gerard mendis chocolatier විසින් හඳුන්වා දී තිබේ. ඔපේරා කේක් , චීස් කේක් ,ගැටෝ,ස්පන්චි ඒ අතර වේ.මේ ඉරිදා අම්මා ව සතුටින් තියන්න මේ එකක් ට්‍රයි කරලා බලන්න.

ඇණවුම් කිරීම සඳහා (whatsapp ) 071 486 2407 යන දුරකථන අංකයට අමතන්න .කොළඹ 115, නාවල ,රාජගිරිය, බත්තරමුල්ල ,පැලවත්ත,තලවතුගොඩ, නුගේගොඩ, මිරිහාන පිටකෝට්ටේ ,දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශ වලට බෙදා හැරීමේ පහසුකම් සපයන අතර ,ඇණවුම් භාර ගනු ලබන අවම මිල රු.2000 කට සීමා වන අතර බෙදා හැරීම සඳහා රු. 500 ක් අයකරයි.

 

 

Ritzbury Caterers

 


ඔයාට නිදහස් වෙලාවක් තියෙනවා නම් අම්මට තියෙන ආදරේ පෙන්නන්න තවත් විශේෂ දෙයක් කරන්න පුළුවන් – ඔයාට පුලුවන් ඔයාගේ අම්මා වෙනුවෙන් රසම රස කේක් හදන්න.රිට්ස්බරි කේටර්ස් කියන්නේ උසස් තත්වයේ බේකින් අමුද්‍රව්‍ය සපයන ආයතනයක්. පිසින ලද සුදු සහ කළු චොක්ලට් , චොක්ලට් චිප්ස් ,කොකෝ පවුඩර්, ආහාර රසකාරක හා වර්ණක ,මාගරින් , අයිසිං ෂුගර් ,ජෙලටින් සහ බේකින් පවුඩර් වගේ අමුද්‍රව්‍ය ඒ ආයතනය සපයනවා .මේ වගේ දෙයක් කරලා මවුවරුන්ගේ දිනයේදී ඔයාගේ අම්මව සතුටින් තියන්න ඔයාට පුලුවන් වෙයි .

මේවා ඔයාට Online මගින් ඕඩර් කරන්න පුළුවන් .

දින තුනක් ඇතුළත නොමිලේ බෙදා හැරීමෙ පහසුකම් ද මේ ආයතනයේ විසින් සපයනවා .බෙදා හැරීමේ දිස්ත්‍රික්ක විදිහට කොළඹ ,ගම්පහ, කළුතර නම් කර තියෙනවා .( ඇණවුම් භාර ගනු ලබන අවම මිල රු.2000යි ).

 

 

Pendi

 

අපේ අම්මලා මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා.ගෙදරට ඕන බඩු ගන්න ,තියෙන බඩු අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා, පවුලේ අයට රසට කෑම හදන්න වගේ ගොඩක් දේවල් එයාලා මේ දවස් වල කරනවා .pendi කියන්නේ ,අපිට ගේ ඇතුල අලංකාර කරන්න අවශ්‍ය විවිධ මෝස්තරයෙන් යුත් අලංකාර භාණ්ඩ සපයන ආයතනයක් වගේම එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් .මේ මවුවරුන්ගේ දිනයට Pendi රසට කෑම හදන්න ,කෑම රෙසිපි පොත් දෙකක් එක්ක ලව් කේක් එකකට හෝ ඉගුරු බිස්කට් වලට කැරමල් තවරපු භාජනයකුත් දෙනවා . ඇණවුම් කරන්න අවශ්‍ය නම් instagram හෝ whatsapp වලට පණිවිඩයක් යවන්න. (0776640808)

 

 

Sprinkle Love Bakes

ඔයාගේ අම්මාට රැජිනක් වගේ සලකන්න ස්ප්‍රින්කල් ලව් බේක්ස් ඔයාට උදව් කරනවා .එයාලා මව්වරුන්ගේ දවසට ඔයා කැමති රසකැවිලි වලින් සුභ පැතුම් පෙට්ටියක් හදලා දෙනවා.මේ නිසා අම්මා ආස දේවල් වලින් එයාගේ මේ දවස තවත් ලස්සන කරන්න ඔයාට පුළුවන් වෙයි .ඒ වගේ ම ස්ප්‍රින්කල් ලව් බේක්ස් ඒ පෙට්ටියත් එක්ක මල්ද, සුබ පැතුම් පතක් ද එක් කරන්න අමතක කරන්නේ නෑ .

ඔයාට කරන්න තියෙන්නේ instagram එකෙන් එයාලට පණිවිඩයක් යවලා ඔයාට ඕන විදිහට මේ සුබපැතුම් පෙට්ටිය හදාගන්න විතරයි .

 

 

Happy Pill

හැපි පීල් විසින් නිෂ්පාදනය කරන රසවත් ,නැවුම් බේක් කරන ලද චොක්ලට් කුකීස් වලට ඔයාගේ අම්මගේ මූනේ සිනාවක් ඇති කරන බවට නම් සැකයක් නෑ .චොක්ලට් කුකීස් 12 කට වැඩියෙන් ඇණවුම් කරොත් ඒ ඇණවුමත් සමග අතින් හදපු, මෝස්තර පහකින් යුත් සුභ පැතුම් කාඩ්පත් පහක් ද ඔබට ලබා දෙනවා .මීට අමතරව, ඔවුන් 10% ක වට්ටමක් ද ලබා දෙනවා .

(බෙදාහැරීමේ කුලී එකතු නොකර )මේ චොක්ලට් කුකීස් පැක් එක රු.1800යි.ඇණවුම් කිරීම සඳහා instagram පණිවිඩයක් මඟින් හෝ 076 890 0748 යන දුරකථන අංකයට කතා කරන්න .

 

FLOWERS

මල් හරිම ලස්සනයි .ඒ වගේම ඒ සුවඳ, සුන්දරත්වය ,වර්ණ අපේ මනස තවත් සුවපත් කරනවා .දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවත් ඒවායේ සුන්දරත්වයේ නම් අඩුවක් පෙනෙන්න නෑ .හරියටම කිව්වොත් මල් කියන්නේ මාතෘත්වයේ සංකේතයක්.

 

 

Shiro Hana

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් shiro hana අලංකාර මල් කළඹක් එලි දක්වා තියෙනවා. තොග සීමිත බැවින් ඔබගේ ඇණවුමත් අදම වෙන්කරගන්න.
http://www.shirohanaflowers.com/

 

 

The Wedding Flowers

නුගේගොඩ මල් සැරසිලි ආයතනයක් වන The wedding flowers ආයතනය විසින් මෙවර මවුවරුන්ගේ දිනයට අලංකාර මල් කලඹවල් එළි දක්වා තිබේ .
(රු.2500 සිට ඉහලට )අම්මගෙ මුවේ සිනාවක් රඳවන්න ඔබත් මෙය ඇණවුම් කර බලන්න .කොළඹ දිස්ත්‍රික්කයේ අවට බෙදාහැරීමේ පහසු කම් සපයා ඇත .ඇණවුම් භාර දීම සඳහා ෆේස්බුක් messenger- instagram පණිවිඩ හෝ 077 314 9706 යන දුරකථන අංකයට අමතන්න .

 

 

Coco Verandah

රසවත් කේක් එකක් එක්කම ලස්සන මල් කලඹක් දෙන එක කොච්චර ලස්සනද? අපි හිතනවටත් කලින් coco verandah කැෆේ එක මවුවරුන්ගේ දිනය තවත් ලස්සන කරන්න සැලසුම් යොදලා .ඒ වගේම එයාලා පලතුරුත් ලස්සනට පැක් කරනවා . මේ වගේ හැම අතින්ම සම්පූර්ණ ,ලස්සන තෑග්ගක් ලබන්න ඔයාගේ අම්මත් ගොඩක් ආසා වෙයි.

ඇණවුම් භාර දීමට 076 944 9978 යන දුරකථන අංකයට අමතන්න . ( whatsapp )රු.150 සිට බෙදාහැරීමේ ගාස්තු අයකරන අතර පැලවත්ත ,බත්තරමුල්ල,කෝට්ටේ ,නාරහෙන්පිට රාජගිරිය, නාවලට බෙදා හැරීම් සිදු කරයි .

 

CLOTHING

Arienti

අපේ පෙනුම තවත් සුන්දරව දකින්න ,ලස්සනට ඇඳුම් අඳින්න ගැහැණු අය හුඟක් ආසයි .අම්මලා කියලා වෙනසක් නෑ එයාලත් ඒ වගේමයි ,ඉතින් ඇදුම් වලට වඩා තවත් හොඳ තෑග්ගක් තියෙනවද ?.Arienti හි තිබෙන විවිධ වර්ණයෙන් හා විවිධ මෝස්තරයේ යුක්ත :රෙදි පිළි ,කමිස,කාර්යාල ඇඳුම් හා tops ඔයාගේ අම්මට දෙන්න පුළුවන් කදිම තෑගි .ඔයාගේ අම්මගෙ fashion එක, අම්මා අඳින්න පළදින්න ආස විදිය හරියටම දන්නෙ නැත්නම් ඔයාට තවත් හොද අවස්ථාවක් තියෙනවා .ඔයාට පුළුවන් gift වවුචර් එකක් මිලදී ගන්න.

ඇණවුම් කිරීම සඳහා www.arienti.lk, හෝ 077 285 0666 අමතන්න . තවත් තොරතුරු දැනගන්න ෆේස්බුක් පිටුවට හෝ ඉන්ස්ටග්‍රම් වලින් arienti සමග එකතු වන්න.
මැයි මස පළවෙනිදා සිට දහ වෙනිදා දක්වා බෙදාහැරීම් ආරම්භ කරන අතර දිවයිනේ කුමන ස්ථානයකට වුවද රුපියල් 250 කට බෙදා හැරීමේ කටයුතු සිදු කරයි .රුපියල් 500කට වැඩි සහ 5000කට අඩු ඇණවුම් සඳහා නොමිලේ බෙදා හරියි.

 

 

WELLNESS PRODUCTS

 

මේ කාර්යබහුල අවධියේදී අම්මට එයා ගැන හිතන්න කාලය අඩුයි.ඉතින් ඒ නිසාම විශේෂ තෑග්ගක් අම්මා වෙනුවෙන්ම මව්වරුන්ගේ දිනයෙදී අපිට දෙන්න පුළුවන්.

 

 

Spa Ceylon

අම්මගෙ ශාරීරික, මානසික වගේම චිත්තවේගීය නැවත පුනර්ජීවනය කරන්න.මේ ශාරීර සුවතා නිෂ්පාදන ,හා ක්‍රම කදිම පිළිතුරක්. #ToMumWithLove තේමාව යටතේ spa ceylon 30% වට්ටමක් නිදහස් කර ඇති අතර ඒ සමග බණ්ඩල් හතරකින් සමන්විත ක්‍රීම් වර්ග සහ සබන් වර්ග ඇතුළත් කර ඇත .ඇණවුම් කිරීම සඳහා http://www.spaceylon.com/ පිවිසෙන්න .

බෙදාහැරීම කොළඹ 1-15,රාජගිරිය ,නාවල, නුගේගොඩ ,කෝට්ටේ සහ මහරගම යන පළාත්වල සිදුකරන අතර ,බෙදා හැරීම සඳහා රු.400 ක් අය කරයි .

 

 

Midnight Divas

අපිට මල් කෙටිකාලීන ජීවයක් විදියට පෙනුණත් ඒහි සුවද කොතරම් දුරකට දිව යා හැකි ද ?” ඇය ස්වර්ගයක් මෙන් සුවඳයි” යන තේමාව යටතේ midnight divas විසින් මවුවරුන්ගේ දිනයට පරිපූර්ණ සුවඳකින් යුත් victoria secret සුවඳ විලවුන් සමග body lotion හා body mist රු.3950 මිලකට ලබා දෙයි .කොළඹ තදාසන්න ප්‍රදේශ සඳහා බෙදාහැරීම සිදු කරන අතර ඇණවුම් භාර දීම සඳහා 072 700 3003 දුරකථන අංකයට අමතන්න.

 

 

Christell Clinic


අපේ අම්මා ඇතුළාන්තයෙන් වගේම පිටස්තරයෙනුත් ලස්සන වෙනවා දකින ඒකට අපි කැමති බවට කිසිම සැකයක් නෑ .හොඳයි…. .ඒ සඳහා හොඳම විසඳුම christell clinic !!!
ඔවුන් විසින් සම ආරක්ෂා කරන ආලේපණ සහිත තෑගි පෙට්ටියක් මව්වරුන්ගේ දිනයේ දී හඳුන්වා දී ඇත. මේ පැක් එක තුළ W+ whitening ක්‍රීම් – සමේ වර්ගය අනුව සම පැහැපත් කිරීම සහ ආරක්ෂා කිරීම ,ලප කැලැල් ඉවත් කිරීම ,සමට දීප්තියක් ගෙන ඒම ,මුහුනේ රැලි ස්වභාවය ඉවත් කිරීම,මුහුණේ වයස්ගත පෙනුම හා සම රැලි වීම් ඉවත් කර තරුණ පෙනුමක් ලබා දීම සිදු කරයි .මෙය දිවා ක්‍රීම් වර්ගයක් බැවින්,හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට ද මෙමගින් හැකිවේ.

කොළඹ අවට පමණක් බෙදාහැරීම් කටයුතු සිදු කරන අතර මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා instagram christell clinic පිටුව follow කරන්න .
ඇණවුම් භාර දීම සඳහා 0769 288 244 යන දුරකථන අංකයට අමතන්න.

ඔන්න කට්ටිය !!!!!!එහෙනම් ඔයාලා හොයපු දේ හම්බ වෙන්න ඇති කියලා අපි හිතනවා .සහෝදරයන්ට වඩා අම්මට ලස්සන තෑග්ගක් දෙන්න සූදානම් වෙන ඔයා හරි ,දරුවන් අභිබවා තමන්ගේ භාර්යාවට ලස්සන තෑග්ගක් හොයන ආදරණීය සැමියෙක් වන ඔයා හරි විලාසිතාවට කැමති ,ආහාරපාන වලට ප්‍රිය කරන, විනෝදාංශ වලට කැමති, මේ කුමන හෝ දෙයකට රුචිකත්වයක් දක්වන කෙනෙක් වුනත් ඇය.. අපි මේ දුන්න තෑගි ලයිස්තු තුළ ඇයට සුදුසුම දේ ඔයාට හම්බ වෙයි.

මව්වරුන්ගේ දිනය ලංකාවෙ ඉන්න හැම මවකගේම මුවට සිනහවක් නැගෙන ප්‍රීතිමත් දවසක් වේවා!!!!

උතුම් වූ වෙසක් පුන් පොහෝ මංගල්‍ය අදයි…

වෙසක් පුන් පොහෝ දිනය අදයි….
වෙසක් උත්සවය යනු ලෝ පුරා බොදු ජනයා විසින් සමරනු ලබන ප්‍රමුඛතම බොදු උත්සවය වන අතර බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධාන සිද්ධි 3ක් මෙහිදී සමරනු ලැබෙනවා. එම අවස්ථා නම් සිද්ධාර්ථකුමාරෝත්පත්තිය,ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම,පරිනිර්වාණය යන අවස්ථා ත්‍රිත්වය යි.

බුදුන් වහන්සේගේ උපත සිදුවීම
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම
බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම
කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම
බුදුන් වහන්සේ තුනවැනි වරට ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම
ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම
බොහෝ සිංහල බෞද්ධ රජවරු සිය අභිෂේක මංගල්‍ය සිදු කිරීම

සිදුහත් කුමරා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවන්හි සැප සම්පත් අත්විඳිමින් සිටියද තම මෙහෙසිය වූ යසෝදරාවන් සිඟිති රාහුල පුත් බිහි කළ දිනයේ ගිහි ගෙයින් නික්ම යන්නේ සියලු බැඳීම් අත්හැර දමමින් චතුරාර්ය සත්‍ය්‍ය අවබෝධයෙන් උතුම් බුද්ධත්වය ලබා ගැනීම උදෙසා වන අතර එතුමන් විවිධ ශාස්තෘවරුන් වෙත යමින්ද තම සිරුරට දැඩි දුක් දෙමින්ද විමුක්ති මාර්ගය සෙවූ අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වයට පත් වන්නේ අද වැනි වෙසක් ‍පුන් පෙහොය දිනයකයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවැනි වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝදායි. විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ දැක්වෙනවා.

අද වැනි උතුම් ‍පෝ දිනක දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන ‍පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළ සේක.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් පිරිනිවන් පා වදාළේ ද අද වැනි වෙසක් ‍පෝ දිනකය.

බටහිර ජාතීන් ලංකාව පාලනය කළ කාලයේ වෙසක් උත්සවය සැමරීම සම්බන්ධයෙන් බාධා පමුණවා තිබුණා. ක්‍රි.ව.1770 දී විශේෂ පනතක් මගින් ලන්දේසීන් වෙසක් උත්සවය මෙරට රජයේ නිවාඩු දිනයක් නො වන බව ප්‍රකාශයට පත් කළා. එකල ආණ්ඩුකාර විලියම් ෆැල්ක් මේ සමයේ බුදුසමය තදින් ම මර්දනය කිරීමේ නිරත වෙලා තිබුණා. 1815 දී උඩරට ගිවිසුමෙන් බුදුදහම ආරක්ෂා කරන බවට සුදු පාලකයන් එකඟ වුවත් එය එසේ සිදු නොවීය. 1848 නිදහස් අරගලයට පසු ඔවුන් ඒ මත දමා බුදු සසුන පිළිබඳ වගකීමෙන් ක්‍රමයෙන් නිදහස් වී කිතු දහම ප්‍රචාරය කිරීමේ නිරත වෙලා තිබෙනවා. 1873 ජුනි 12 දින පානදුර වෙස්ලියන් දේවස්ථානයේ එවක දේවගැතිවරයා වූ දාවිත් සිල්වා විසින් බුදුදහම අසත්‍ය මිථ්‍ය ආගමක් සේ හැඳින්වීමේ සිද්ධියෙන් ඇරඹි වාද මාලාවෙන් බෞද්ධයන් ජය ගැනීමෙන් පසු එහි වාර්තා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය මෙරටට පැමිණිය හ. ඕල්කට් තුමා එවක යටත්විජිත භාර ලේකම් වරයා වූ ඩර්බිසාමිවරයා හා සාකච්ඡා කර වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කරන ලදී . ඊට අනුව 1885 මාර්තු 27 දින ගෝඩ්න් ආණ්ඩුකරු විසින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. 1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කරන ලදී. වෙසක් දිනය යළි නිවාඩු දිනයක් බවට පත් කරන්නට ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කටයුතු කළ සේ 1999 වර්ෂයේ දී දමිළ ජාතික ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ බව දැක්වෙනවා. ඒ මහතාගේ කැපවීම අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේ සිට වෙසක් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙවන් ශාසනික වැදගත්කමින් යුත් උතුම් වෙසක් ‍පොහොය දා ශ්‍රී ලංකා වාසීන් මෙන්ම සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් වෙසක් උළෙල සමරයි.දන්සල් පැවත්වීම, බෝධි පූජා, පහන් පූජා, අභය දාන පූජා, ලේ දන්දීම්,පොදු ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදාන,රුක් රෝපණ ආදිය මේ යුගයේ බහුල වශයෙන් සිදු කෙරේ.ඊට අමතරව තොරණ ඉදිකිරිම,පහන්කූඩු දැල්වීම ධජ ප්‍රදර්ශනය කිරීම ආදියෙන් සැරසිලි කටයුතු ද කරති.පෙහෙවස් සමාදන් වීමෙන් ආගමික වතාවත්හි ද නිරත වෙති.

පාසල් යන දරුවන්ට උදේට බලෙන් කෑම කවන්න එපා…

අද අපි කතා කරන මාතෘකාව ඉගෙන ගන්න දරුවන්ටම විතරක් නෙවෙයි පොදුවේ සියළු දරුවන්ට වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට දරුවන් පාසලට හෝ විභාග සදහා මුහුණ දීමට ගෙදරින් පිටත් වෙන්නේ උදේ 6-7ට වගේ . මෙ වෙලාවට දරුවන් කෑම කන්න නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. මතක ඇතිනේ අපි පොඩි කාලේදිත් උදේට කෑම කාලා යන්න කොච්චර අකමැතිද කියලා. ඉතින් අපේ පොඩ්ඩොත් එහෙම තමයි. අම්ම හරි තාත්තා හරි උදේට යුද්ධයක් අල්ලනවා පොඩි එකාට බලෙන් හරි බත් කටක් කවලා යවන්න. සමහර වෙලාවට පොඩි එකා ඉස්කෝලෙ යන්නේ හිතත් රිද්දගන. ඔයාගේ දරුවා බත් කන්න කැමති නැත්තම් කොළ කැඳ කෝප්පයක් හරි ළමයට දෙන්න . ගොටුකොළ කැඳ කෝප්පයක් නම් ගොඩක් හොඳයි. පාසලේ දී හෝ විභාගයකට මුහුණ දෙන දරුවෙක්ට මානසිකව ඇතිවෙන චිත්ත පීඩා වලින් මිදෙන්න කැඳ කෝප්පය ගොඩක් උපකාරී වෙනවා.

හැබැයි සමහර දැරුවන්ට ගොඩක් වෙලාවට සෙම තිබෙනවා. එහෙම අයට ගොටුකොළ සහ රතුළුණු කොටලා ඒ ඉස්ම අරන් කැඳ හදලා දෙන්න පුළුවන්. එතකොට සෙම තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ඔයාලේ දරුවට කැස්ස තිබෙනවා නම් ගොටුකොළ දෙන්න එපා. එළබටු සහ වැල් තිබ්බොටු කොළ වලින් හදපු කැඳ වීදුරුවක් දෙන්න.

ඇස් පෙනීමේ දුර්වලතා තිබෙන දරුවන්ට මුකුණු වැන්න කැඳ හදලා ටික කාලයක් ලබා දීමෙන් ඒ තත්ත්වය මග හැරගන්න හැකියාව තිබෙනවා. මේ සඳහා ගොටුකොළ භාවිතා කරන්න එපා. විභාගයට පෙනී සිටින දරුවන් ගොඩක් වෙලාවට රෑට ඇහැරන් ඉදලා පාඩම් කරනවා. ඒ නිසා එයාලා දුර්වල වෙන්න ගන්නවා . මේ අයට හාතාවාරිය, වැල්පෙනල වලින් හදපු කැඳ ලබා දෙන්න. එතකොට ශරීරය දුර්වල වෙන එක මග ඇරිලා යයි.

ගොඩක් වෙලාවට ළමයි කැඳ බොන්නත් කැමති නැහැ. මේ වගේ වෙලාවට ළමයට ගහලා බැනලා හරියන්නේ නැහැ. උදේ කෑම කවද්දිත් එහෙමයි. පාසල් යන දරුවගේ හිත උදේම රිද්දන්න එපා . එයාලට ආදරෙන් හැමදේම කියලා දෙන්න . එතකොට ඒ අය තේරුම් ගනීවි.

ගෙදර ඉන්න ඔයාට තනියම හදාගන්න පුළුවන් icing recipes..

මේ දවස්වල ගෙදර ඉන්න එකේ අපේ කෙල්ලො ටික එක එක කෑම හදනවා. ඒ කෑම හදලා face book, whats-app, Instagram එකේ දාන්න අමතක කරලත් නැහැ. කොහොම වුණත් ගෙදරට වෙලා ඉන්න එකෙන් හොඳකුත් සිද්ද වෙලා තියෙනවා. කෙල්ලො ටික මොන මොනවා හරි හදන්න පුරුදුවෙලානේ. ඉතින් ඔන්න අපි අද හිතුවා කෑම හදන්න පුරුදුවෙන ඔයාලට කේක් හදනකොට අවශ්‍ය වෙන icing වර්ග මොනවද වගේම ඒවා හදාගන්නේ කොහොමද කියලා idea එකක් දෙන්න.

 

 

1. Hard butter icing

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 100g
අයිසින් ෂුගර් 500g
කිරි තේ හැඳි 2ක්
වර්ණ ගැන්වීමට කලරින්

බටර් ටික ක්‍රීම් වෙනකම් බීට් කරගන්න. ඒකට අයිසින් ෂුගර් ටික ටික එකතු කරන ගමන් දිගටම බීට් කරගන්න. කිරි හැන්ද බැගින් එකතු කරගන්න.
අවශ්‍ය පමණ කොටස් වලට වෙන් කර, කලරින් එක් කරගන්න. තද ගතිය වැඩි නම් කිරි ස්වල්පයක්ද තෙත ගතිය වැඩි නම් අයිසින් ෂුගර්ද එක් කරගන්න.

 

 

2. Basic butter icing

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 100g
අයිසින් ෂුගර් 200g
කිරි තේ හැඳි 1
වැනිලා හෝ කැමති එසන්ස් එකක් සහ කලරින්

බටර් ටික සොෆ්ට් වෙනකම් බීට් කරගන්න. එයට අයිසින් ෂුගර් සහ කිරි එක් කර බීට් කරගන්න. අවසානයට වැනිලා සහ කලරින් එක් කර බීට් කරගන්න.

 

 

3. Buttercream

 

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් 100g
අයිසින් ෂුගර් 200g
කිරි තේ හැඳි 3
වැනිලා හෝ කැමති එසන්ස් වර්ගයක්

බටර් ටික බීට් කරගෙන ඒකට අයිසින් ෂුගර් සහ කිරි එක් කර බීට් කරගන්න. අවසානයට එසන්ස් එක් කර බීට් කරගන්න.

 

 

4. Fondant Icing

අවශ්‍ය ද්‍රව්‍ය

අයිසින් ෂුගර් 500g
ග්ලිසරින් 10ml
ලික්විඩ් ග්ලූකෝස් 75g
ජෙලටින් 8g
බටර් මේස හැඳි 1
වැනිලා තේ හැඳි 1/2
අයිස් වතුර කප් 1/8

ජෙලටින් වලට වතුර එක් කර විනාඩි 10ක් පමණ පෙඟෙන්න තියාගන්න. ජෙලටින් දැමූ භාජනයට වඩා කට කුඩා භාජනයකට වතුර ටිකක් රත් වෙන්නට හැර, ජෙලටින් භාජනය ඒ මත තබා ඩබල් බොයිල් කර ජෙලටින් ටික දියකරගන්න. ජෙලටින් දිය වූ පසු එයට ලික්විඩ් ග්ලූකෝස් සහ ග්ලිසරින් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන, එයටම බටර් දමා මිශ්‍ර කර ලිපෙන් ඉවත් කරගන්න.
දැන් වැනිලා එක් කරගෙන එයට අයිසින් ෂුගර් ටිකෙන් ටික එක් කරමින් හොඳින් අනාගන්න. අතේ නොඇලෙන සොෆ්ට් ගතියට ආ පසු හොඳින් ආවරණය කර භාවිතා කරන්න.
ලික්විඩ් කලරින් පාවිච්චි කරනවා නම් තෙත ගතිය අඩු වෙන්න තව අයිසින් ෂුගර් එක් කර අනාගන්න.
ෆොන්ඩන්ට් අයිසින් සෑදීමේදී මාවෝ බටර් ගැනීමෙන් තනි සුදු පැහැයෙන් අයිසින් එක හදාගන්න පුළුවන්.

 

 

5.Parchment icing


අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුදු මද 1
අයිසින් ෂුගර් 200g
තයිලෝ පව්ඩර් තේ හැඳි 4 1/2
බටර් තේ හැඳි 2
වැනිලා තේ හැඳි 1/2

අයිසින් ෂුගර් වලින් බාගයක් ගෙන, එයට බිත්තර සුදු මද සහ වැනිලා එක් කර කැට නොසිටින්න හොඳින් අනාගන්න.
එයටම තයිලෝ පව්ඩර් සහ බටර් එක් කර නැවත අනාගන්න. දැන් ඉතිරි අයිසින් ෂුගර් ටිකෙන් ටික එක් කරමින් නොඇලෙන මෘදු ඩෝ එකක් වෙනතුරු අනාගන්න. අවශ්‍ය නම් තව අයිසින් ෂුගර් එක් කරගන්න.

 

 

6. Chocolate ganache

අවශ්‍ය ද්‍රව්‍ය

චොකලට් චිප්ස් හෝ කුඩාවට කපාගත් කුකින් චොකලට් කප් 1 1/3
විපින් ක්‍රීම් කප් 1

විපින් ක්‍රීම් ටික භාජනයකට දාල, හැඳිගාමින් රත් කරගන්න. වටෙන් බුබුළු දාගෙන එනකොටම ලිපෙන් ඉවත් කරල චොකලට් චිප්ස් ටික භාජනයට දාගන්න. මිශ්‍ර නොකර විනාඩි 5ක් වහල පැත්තකින් තියාගන්න.
විනාඩි පහකට පස්සෙ විස්ක් එකකින් චොකලට් ටික මිශ්‍ර කරන්න. කේක් එක දැලක් උඩ තියාගෙන ගනාශ් එක වත්කරගන්න.

 

 

7. Chocolate frosting

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් කප් 1 1/2
ඉන්ස්ටන්ට් කෝපි කුඩු තේ හැඳි 1/2
කොකෝවා පව්ඩර් කප් 1
අයිසින් ෂුගර් කප් 5
ෆ්‍රෙශ් මිල්ක් කප් 1/2
වැනිලා තේ හැඳි 1 1/2

කොකෝවා පව්ඩර් සහ අයිසින් ෂුගර් ටික වෙනම හලාගන්න. බටර් වලට කොකෝවා පව්ඩර් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
එයට අයිසින් ෂුගර් සහ කෝපි දියකරගත් කිරි මාරුවෙන් මාරුවට ටික ටික එක් කරගනිමින් විස්ක් කරගන්න.
මිශ්‍රණය තද වැඩි නම් හෝ වියලි නම් තව කිරි ස්වල්පයක්ද, දියාරු නම් තව අයිසින් සීනි ටිකක්ද එක් කරගන්න.

සංචාරකයින් යන්න අකමැතිම තැන්…

අපි සංචාරකයෙක් විදිහට කොහේ හරි තැනකට යන්නේ ඒ තැනේ තියෙන මිහිරි සුන්දරත්වය විදගන්න. කවුරු හරි ඒ තැන් වලට ගිහින් ලස්සන ෆොටෝ එකක් දැම්මම, ඔයාටත් හිතිලා ඇති මටත් ඇත්තටම මේ තැනට යන්න ඇත්නම් කියලා.අපි කොයි කවුරුත් වැඩිපුරම කතාකරන්න කැමති හොඳ ලස්සන තැන් ගැන වුණත් අද අපි කතාකරන්න යන්නේ සංචාරකයන් යන්න අකමැතිම ලෝකේ තියෙන තැන් කිහිපයක් ගැන. මේ තැන් ගැන ඇහුවම නම් මේ තැන් බලන්න යන්න ඔයාලට ආස හිතෙයිද කියන එකනම් ඇත්තටම සැකයි.

 

 

බෝනික්කන්ගේ දුපත

 

මෙක්සිකෝ වල තියෙන මේ දුපත නම් හරිම අමුතුයි.අත්භූත,විකෘති මුහුණවල් තියෙන බෝනික්කන් 100 ගාණක් මේ දුපතේ තැන් තැන් වල එල්ලලා තියෙනවා.මේ බෝනික්කන් දැක්කම භය හිතෙනවා වගේම ඒ බෝනික්කන් මේ දුපතට ආපු හැටි ඇහුවම ඊටත් වඩා භය හිතෙනවා. අවුරුදු ගාණකට කලින් මේ දුපත බලාගන්න හිටපු ජුලියන් කියලා මනුස්සෙක්ට හම්බවෙනවා මේ දුපතේ තිබුණු පොඩි ඇළක පාවෙවී තිබුණ පොඩි ගැහැණු ළමයෙක් ගේ මළ සිරුරක්. කවුරුත් දැනගෙන හිටියේ නැහැ ඒ මළ සිරුර එතනට ආවේ කොහොමද කියලා. පස්සේ දවසක ළමයා මැරිලා වැටිලා හිටපු තැනම තිබිලා එයාට හම්බවෙනවා ඒ ළමයාගේ බෝනික්කා. ඉතින් ඒ මැරුණු ළමයට ගෞරවයක් විදිහට එයා ඒ බෝනික්කාව ඒ දුපතේ ගහක එල්ලුවා. හැබැයි ගමේ මිනිස්සු කියන විදිහට නම් ළමයාගේ ආත්මය ජුලියන් තුළ හොල්මන් කළා. පොඩි ගැහැණු ළමයාගේ කටහඩ ඒ දුපත පුරාම ඇහෙන්න පටන් ගත්තා.ඉතින් ඇයව සතුටු කරන්න ජුලියන් තව තවත් බෝනික්කන් ගොඩක් දුපතේ තැන් තැන් වල,ගස් වල එල්ලුවා. දැන් ඒ දුපතේ බෝනික්කන් සිය ගණනක් ඉන්නවා. ඒ ගමේ මිනිස්සු කියන විදිහට නම් සමහර අයට ඇහිලා තියෙනවලු බෝනික්කන් එකිනෙකාට කොදුරන සද්දේ වගේම අත පය සොලවනවා,ඇස් අරිනවා වගේම ඒ දුපත ලඟින් යන අයව දුපතට එන්න කියලා පොළබවා ගන්නවා. කොහොමහරි අවුරුදු පණහකට විතර පස්සේ ගැහැණු ළමයා මැරිලා හිටිය තැනම ජුලියන්ගේ මළ සිරුරත් හම්බවෙලා තියෙනවා.

 

 

Christ Of The Abys

හැමෝගෙම ගෞරවයට පත්වුණු කලාත්මක දේවල් සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්න එක්කෝ කෞතුකාගාරයක,කලාගාරයක එහෙමත් නැත්නම් ජනාකීර්ණ මිනිස්සු ජීවත් වෙන තැනක. ඉතාලියේ San Fruttuoso වල තියෙන Christ Of The Abys පිළිමය නම් මීට හාත්පසින්ම වෙනස්. මොකද මේ ජේසු තුමාගේ පිළිමය තැන්පත් කරලා තියෙන්නේ සංචාරකයන්ට ලේසියෙන් බලන්න යන්න පුළුවන් තැනක නම් නෙමෙයි. ගයිඩෝ ගැලට්ටි හදපු මේ පිළිමය, මධ්‍යධරණී මුහුදේ මීටර් 17 යටට වෙන්න තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉතාලියේ මුළින්ම ස්කුබා කිමිදුම් කරපු ඩාරියෝ ගොන්සැට්ට ගෞරවයක් විදිහට තමයි 1954 අගෝස්තු මාසයෙදී මේ වගේ තැනක මේ ජේසු තුමාගේ පිළිමය තැන්පත් කරලා තියෙන්නේ.

 

 

එල්ලෙන මිනීපෙට්ටි

සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාම අපි නම් කරන්නේ ඒ මිනිය පොළොව යට වළලනවා,එහෙමත් නැත්තනම් පුච්චනවා. හැබැයි කවදාහරි අහලා තියෙනවද මීනිය පෙට්ට්යක් ඇතුළට දාලා ඒ මිනී පෙට්ට්ය උස තැනක එල්ලනවා කියලා. ටිකක් අමුතුයි නේද? ඔව් අපි දැන් කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.පිලිපීනයේ සාගාඩා වල තමයි මේ අපුරු සුසාන චාරිත්‍රය සිද්ධ කරන්නේ. වැඩිහිටියන් තමන්ගේම මිනීපෙට්ටි ගහක කඳක් අරගෙන කැටයම් කරලා හදාගන්නවා. හැබැයි එයාලා ගොඩක් දුර්වල හරි රෝගී හරි නම් එයාලගේ පවුලේ අය එයාලගේ මිනිපෙට්ට්ය සකස් කරලා දෙනවා. එයාලා මැරුණායින් පස්සේ එයාලගේ ශරීරය ඒ මිනී පෙට්ටි වල තැන්පත් කරනවා. සමහර වෙලාවට එහෙම තැන්පත් කරද්දී එයාලගේ ඇටකටු පවා කුඩුවෙන අවස්ථාවල් තියෙනවලු. ඊටපස්සේ ඒ මිනීපෙට්ටි පොළව යට භූමදානය කරනවා වෙනුවට ගුහාවකට අරගෙන ගිහින් ගුහාව ඇතුලේ හෝ කඳු මුදුනේ, එයාලගේ මුතුන් මිත්තන්ගේ එල්ලෙන මිනී පෙට්ටි අසල එල්ලනවා. සාගාඩා වල මිනිස්සු අවුරුදු 2,000 කට වැඩි කාලයක් තිස්සේ මේ චාරිත්‍රය සිදු කරනවා. ඒ කියන්නේ සමහර මිනීපෙට්ටි සියවසකටත් වඩා පැරැණියි. ඉතින් කාලයත් එක්ක මේ මිනීපෙට්ටි පරණ වෙලා ගහින් සමහර මිනීපෙට්ටි බිමට කඩාගෙන වැටෙනවලු. කොහොම වුණත් සාගාඩා ජනතාව මේ චාරිත්‍රය සිද්ධ කරන්නෙත් හරි අපුරු විශ්වාසයක් නිසා. එයාලා කියන විදිහට නම් මේ මිනීපෙට්ටි ඉහළ තැනක එල්ලුවාම මියගිය අය ඉහළ මට්ටමක තියනවා. ඒ නිසාම ආත්මයන් මරණින් පස්සේ ජීවිතයේදීත් ඉහළ තත්වයකට ළඟාවෙන්න තියෙන ඉඩකඩ වැඩි බව තමයි එයාලාගේ විශ්වාසය. මේ ගොඩක් මිනීපෙට්ටි තියෙන තැන් වලට ලඟා වෙන්න අමාරු වුණත් ඒවා දුර ඉදන් බලන්න පුළුවන්.

 

 

Veijo Rönkkönen මූර්ති උද්‍යානය

Veijo Rönkkönen කියන්නේ ෆින්ලන්තයේ ජීවත් වුණු ගොඩක් ජනප්‍රිය,දක්ෂ කලාකාරයෙක්. හැබැයි එයාගේ විශේෂත්වය තමයි එයා අකමැති වුණා ප්‍රසිද්ධ මිනිස්සු නිතර ගැවසෙන තැනක තමන්ගේ කලා නිර්මාණ ප්‍රදර්ශණය කරන්න. ඒ වෙනුවට එයා තමන්ගේ මිදුලේ කොන්ක්‍රීට් රූප 500 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරලා තමාගේම මූර්ති උද්‍යානයක් නිර්මාණය කළා. කොන්ක්‍රීට් වලින් හදලා තියෙන මේ පිළිමවල මුහුණේ ඉරියව් මේ ප්‍රතිමා මේ තරම් බියජනක වෙන්න එක හේතුවක්. සමහර ප්‍රතිමා වලට මිනිස්සුන්ගේ ඇත්ත දත් එකතු කරලා තියෙනවා වගේම උද්‍යානයෙන් ඇතිකරන ශබ්ධ නිසා මේ උද්‍යානය තවත් බියකරු වෙලා තිබෙනවා. රොන්කොනන් යෝගා වෘත්තිකයෙකු වුන නිසාම එක එක යොගා ඉරියව් වලින් ඉන්න තමන්ගේම රුපය තියෙන පිළිම 200 ක් විතර මේ උද්‍යානයේ අඹලා තියෙනවා. කිසිම ප්‍රසිද්ධියකට අකමැති වුණු රොන්කොනන් තමන්ගේ උද්‍යානය බලන්න එන කිසිම කෙනෙක්ව හම්බවෙන්න කැමති වුණේ නැහැ. අඩුම තරමේ මේ උද්‍යානය වෙනුවෙන් ඔහුට ලැබුණ සම්මානය ගන්න යන්න වුණෙත් එයාගේ සහෝදරයට. රොන්කොනන් කියලා තියෙන විදිහට ,මේ උද්‍යානය තමන්ටම ස්මාරකයක් විදිහට තමයි එයා නිර්මාණය කරලා තියෙන්නේ.කොහොම වුණත් මෙතනට යන සංචාරකයන්ට නම් දවස් කිහිපයක් යනකන් හිතේ භයක් නැති සුව නින්දක් ලබාගන්න නම් අමාරු වෙයි.

 

 

smoking ghost නගරය

1800 ගණන්වල අග භාගයේ ඉදන් 1960 දශකය දක්වා සෙන්ට්‍රලියාවේ ගල් අඟුරු ආකර පිහිටලා තිබුණ නිසාම සෙන්ට්‍රලියාව පෙන්සිල්වේනියාවේ තිබුණ සුන්දර, නමුත් අවුල් සහගත නගරයක්.කොහොම වුණත් 1962 දී පතලක අභිරහස් ගින්නක් හටගත්තා. ඒ ගින්න ඒ පතලට සම්බන්ධවෙලා තිබුණ අනිත් උමං වලටත් භූගතව පැතිරෙන්න පටන්ගත්ත. 1979 දී ගෑස් මධ්‍යස්ථාන හිමිකරුවෙක් තමන්ගේ භූගත ටැංකි වල අසාමාන්‍ය ලෙස ඉහළ පෙට්‍රල් උෂ්ණත්වයක් වාර්තා කරනකන් වගේම පොඩි පිරිමි ළමයෙක් තමන්ගේ වත්ත පිටිපස්සෙම අඩි 150 කට ආසන්න ප්‍රමාණයක් ගිලෙනකන් සෙන්ට්‍රලියාවේ මිනිස්සු මේ ගැන වැඩිය ගණන් ගත්තේ නැහැ. මේ ප්‍රශ්න නිසාම නගරයේ ජනගහනය ගොඩක් අඩුවුණා. 2014 ගණනය කිරීම් වල විදිහට නම් පවුල් 7ක් විතරයි මේ නගරේ ජීවත් වෙන්නේ. ඉතින් මේ සෙන්ට්‍රලියාවේ සංචාරකයන්ට පෙන්නේ නම් සම්පුර්ණයෙන්ම අවතාර නගරයක් විදිහට.ඔයා කවදාහරි අතඇරලා දාපු පාළු නගරයට ගියොත් ඉරිතලලා ගියපු ගොඩනැගිලි,කඩා වැටුණු පදික වේදිකා සහ ඉරිතලා තියෙන,ග්‍රැෆිටිවලින් පිරුණු 61 මාර්ගය ඔයාට හම්බවෙයි. ඒ වගේම මේ නගරය පාළු වෙලා තියෙන්නේ ඇයි කියලා ඔයාට අමතක වූනොත් ඔයාට ඉඳලා හිටලා දුමාරයක් දැකගන්න පුළුවන් වෙයි.

 

 

Beelitz-Heilstätten රෝහල

මේ කියන්න යන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය ඉස්පිරිතාලයක් ගැන නම් නෙමෙයි. මේ කතාව හමුදා රෝහලක් ගැන. 1898 සිට 1930 දක්වා කාලය තුළ බෙලිට්ස්-හයිල්ස්ටැටන් සංකීර්ණය ක්ෂය රෝග සනීපාරක්ෂක මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කළා. පළමුවන ලෝක සංග්‍රාමයේදී අබ ගෑස් සහ මැෂින් තුවක්කු වලට ගොදුරු වුණ අය මේකේ හිටියා, කකුලේ තුවාල ලබාපු ඇඩොල්ෆ් හිට්ලර් නම් තරුණ සොල්දාදුවත් ඒ අතර හිටියා. පස්සේ මේ රෝහල දෙවන ලෝක යුද්ධ කාලයේ නාසි සොල්දාදුවන්ගේ ප්‍රධාන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් වුණා. 1945 ඉදන් බර්ලින් තාප්පය කඩා වැටෙනකන්ම සෝවියට් හමුදා රෝහලක් ලෙස මේ රෝහල භාවිතා කළා. සංකීර්ණයේ තියෙන ගොඩක් වාට්ටු අතහැර දමා තිබුණත් අද රෝහල් වාට්ටු කිහිපයක් ස්නායු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරනවා. ශල්‍යකර්ම සහ මනෝචිකිත්සක වාට්ටු දෙකම දිරාපත් වෙන්න සොබාදහමට අතැරලා දාලා තියෙනවා.ඉතින් ඇමරිකාවේ හොල්මන් චිත්‍රපටියක පෙනුමක් මෙතනට ඇවිත් තියෙන නිසාම සංචාරකයන්ට මේ ගමන ගොඩක් විනෝදකාමී තැනක් වෙන එකක් නම් නැහැ.

 

 

Capuchin Catacombs

සල්ස්බර්ග් ඉදන් පැරිස් දක්වා ලෝකයේ ඇති සියලුම කැටකොම්බයන් අතුරින් කිසිවක් සිසිලියේ කැටකොම්බේ ඩී කපුචිනි තරම් අත්භූත නැහැ. Capuchin Catacombs කියන්නේ පුජකවරයන් භූමදාන කරන්න හදලා තියෙන සරල සුසාන භූමියක්.1534 දී පැලර්මෝ හි සැන්ටා මාරියා ඩෙලා පේස් දේවස්ථානයේ දී කපුචින් ඉදිකෙරුණා. ඔවුන් ශාන්ත ආනාගේ පූජාසනය යට ටැංකියක් මෙන් විවර වූණු සමූහ මිනීවළක් හාරමින් මියගිය සගයන් එකේ වැළලුවා. වැඩි කාලයක් යන්න කලින් කපුචින් ප්‍රජාව වර්ධනය වුන නිසාම 1597 වෙද්දී සුසාන භූමියේ පළවෙනි කාමරය වුණ වළ එහෙමත් නැත්නම් ටැංකිය ප්‍රමාණවත් වුණේ නැහැ. මේ හේතුව නිසාම පුරාණ ගුහා වල ක්‍රම උපයෝගී කරගෙන ප්‍රධාන පූජාසනය පිටුපස්සේ විශාල සුසාන භූමියක් නිර්මාණය කරන්න කැණීම් ආරම්භ කළා. වසර දෙකකට පස්සේ අලුත් සුසාන භූමිය සුදානම් වූණා. ඉතින් පරණ ටැංකියේ තිබුණු මළසිරුරු එයාලා අලුත් ගුහාවට මාරු කරන්න තීරණය කළා. කොහොම වුණත් මේ මළසිරුරු අලුත් තැනට මාරු කරද්දී මල සිරුරු 45ක් විතර මුහුණු දිරාපත් වෙලා තිබුණේ නැහැ වගේම එයාලා හදුනා ගන්න පුළුවන් තත්වයෙන් තිබුණා. ඉතින් මේ අවස්ථාව දෙවියන්ගේ ක්‍රියාවක් බව කපුචින්වරු විශ්වාස කළා, දේහය භූමදානය කරනවා වෙනුවට,එයාලගේ සොහොයුරන්ගේ දේහයන් ධාතු විදිහට ප්‍රදර්ශනය කරන්න වගේම අලංකාර කරන්න එයාලා තීරණය කළා. අලුත් සුසාන භූමියේ පළවෙනි කොරිඩෝවේ බිත්ති දිගේ ඒ මළසිරුරු රදවලා තියෙනවා.අළුතින් හදපු කැටකොම්බය තුළ මුලින්ම තැන්පත් කරපු සිරුර වූණේ ෆ්‍රා සිල්වෙස්ට්‍රෝ ඩා ගුබ්බියෝගේ සිරුරයි. ඒක තවමත් සරල දුඹුරු පාට සිවුරකින් හා හිස් වැස්මකින් ආවරණය කරලා තියෙනවා. හරි අමුතු අත්දැකීමක් වෙයි වගේ නේද ?

 

කොහොම වුනත් මේ වගේ අත්භූත අපුරු තැන් ගොඩක් අපි නොදන්නවා වුණාට ලෝකයේ සැඟවිලා තියෙනවා. ලෝකයේ අනිත් සංචාරක තැන් වලට තරම් මේ තැන් වලට ප්‍රසිද්ධියක් ලැබිලා නැත්තේ ඇත්තටම සංචාරකයන් මේ තැන් වලට යන්න අකමැත්තක් දක්වන නිසා වෙන්න පුලුවන්ද?

 

-එස්. එස් . තත්සරණි-

Covid-19 වසංගතය සමග සුන්දර නුවරඑළිය අද සහ එදා…

අප්‍රේල් මාසය තරම් “පුංචි එංගලන්තය” නැරඹීමට නම් තව හොඳ කාලයක් නෑ. ශීත කාලගුණය , විස්මය දනවන වටපිටාව තමයි ඒකට හේතුව. මෙහෙට ආවොත් පවුලක් විදිහට දිය ඇලි නරඹන්න , ගොල්ෆ් ක්‍රීඩා කරන්න, ස්ටෝබරි ආහාරයට ගන්න , අශ්වයන් පද්දන්න , නැවුම් තේ පානය කරලා අලුත් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. හැබැයි කොරොනා වෛරසය පැතිරීමත් සමග ම මේ අවුරුද්දෙ දේවල් ටිකක් වෙනස් වෙලා. නුවරඑළියත් ලෝකයේ අනිත් තැන් වගේ නිසොල්මන් වෙලා. ග්‍රෙගරි විල පාලුවට ගිහින්, ග්‍රන්ඩ් හෝටලයෙන් කෑම කමින් ඉන්න අය වත් , වතුයායේ දී උණුසුම් තේ කෝප්පයක් එක්ක චොකලට් කේක් කෑල්ලක් කමින් ඉන්න කවුරුවත් දැන් දකින්න නෑ. බලන්න පහත පින්තුර පෙළෙන් ඒ කාලේයි, දැනුයි වෙනස පැහැදිලිව පේනවා.

වෙනදා අප්‍රේල් කාලේ හැම උදෑසනක්ම හරි නිසංසලයි, ලස්සනයි. දහවල් වෙද්දි ඉර පායලා තිබුණට සීතලයි. නගරයේ වාහන තදබදයත් ගොඩක් වැඩියි. පාර දෙපැත්තෙ පොඩි පොඩි කඩ ඇරලා තියෙනවා. සීත දවස්වල දී තමන්ගේ ඇඟ උණුසුම්ව තියාගන්න අවශ්‍ය කෑම බීම,ඇඳුම් පැලඳුම් මේවා වලින් අරගන්නත් පුළුවන්. මේ පළාතේ ජනයාගේ තියෙන අව්‍යාජ සිනහව සහ සත්කාරක දෑත් නිසා ශ්‍රී ලංකාවේ උණුසුම් පළාත් තුළ ජීවත්ව සිටින ජනතාවට සීතල නුවරඑළිය කියන්නේ තමන්ගෙම නිවහන වගේ .වෙනද නම් නගර හිස්වෙන්නෙ කලාතුරකින් මොකද මිනිස්සු කෑමට අවශ්‍ය මස්, මාළු වර්ග කරවල වගේ අනෙකුත් අවශ්‍යතාවයන් මිලදී ගන්න නිතරම වගේ කඩවල් වලට එනවා. ඒ වගේ ම දෙස් විදෙස් සංචාරකයින් තම ලැගුම්හල්වලට යන්න කලින් නගරේ පුරාම සැරිසරනවා. හැබැයි වෙනද වගේ නෙමෙයි, කෝවිඩ් වයිරසයේ බලපෑමත් එක්ක දේවල් ගොඩක් වෙනස්වෙලා .ඉස්සර වගේම ස්වභාවදහම ගොඩක් ලස්සන වුණත් වීදි වල සෙනග කවුරුත් නැහැ, කඩමණ්ඩි වහලා දාලා, සංචාරකයින් වගේම පාරවල් වල කිසිම වාහනයක් දකින්න නැහැ.

 

 

1873 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරිගේ කාලය තුළ ඉදිකරන ලද ග්‍රෙගරි විල, නුවර එලියේ සුවිශේෂී ස්ථාන වලින් එකක්. සෑම අවුරුද්දකම අප්‍රේල් පළවෙනිදා, විල අසබඩ ඇති අලංකාර උද්‍යානයේ “සැළලිහිණි වසන්තය” නමින් විශාල උත්සවයක් සංවිධානය කරනවා. දහස් ගණන් ජනයා මීට සහභාගි වෙනවා. විවිධ ක්‍රීඩා, ක්‍රියාකාරකම් වගේම ත්‍රාසජනක අත්දැකීම් වලින් උත්සවය අලංකාර වී තිබීම මේකට හේතුව. නමුත් දැන් විල ලග ඇති උද්‍යානයේ සතුටු සාමිචියේ හඩවල් වෙනුවට සුළං හඩ පමණක් ඉතුරි වී,වෙනදා විලේ බෝට්ටු මගින් නැගෙන රළ බිඳීම් හඬ වෙනුවට විල නිසොල්මන්ව ගිමන් හරින හැඩයි.

 

 

නුවර එළියට එන සංචාරකයින් සංචාරය කරන තවත් ජනප්‍රියම තැනක් තමයි වික්ටෝරියා උයන. මේ උයනට හැම අවුරුද්දකම අප්‍රේල් මාසයේ සංචාරකයින් සිය ගණන් ,සමහර කාලවල් වල දහස් ගණන් එනවා .මෙහෙම සංචාරකයින්ව ආකර්ෂණය කර ගන්න කුරුලු උයන් වලටයි වසන්ත කාලයේ පිපෙන ලස්සන මල් වලටයි පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ උයනේ අන්තිමට වෙන්න ළමා ක්‍රීඩාංගණයක් තියෙනවා .එහි කෝච්චි සෙල්ලම් කිරීමට බොහෝ සංචාරක දරුවන් පුරුදු වෙලා තියෙනවා.හැබැයි වෙන අවුරුදු වගේ නෙමෙයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ වික්ටෝරියා උයනත් හරිම වෙනස් .

 

 


නුවරඑළියට එන සංචාරකයින්ගේ සිත් ඇද බැද ගන්නා තවත් සිද්ධියක් තමයි අශ්ව තරග .වර්ෂ 1800 ඉදන් අද වෙනකන් නුවරඑළිය, අශ්ව තරග වලට නිවහන කිව්වොත් නිවැරදියි .නුවරඑළියේ තියෙන මේ තුරග පිට්ටනිය හැම කෙනෙක්ගෙම පෞද්ගලික මතකයක් . ඒකට හේතුව හුඟක් අය අසු පිට නැගපු මුල්ම අත්දැකීම ලබලා තියෙන්නේ මෙතන වීමයි. නුවරඑළියේ අනිත් සංචාරක තැන් වගේම තුරඟ පිට්ටනියත් අද පාළුවට ගිහිල්ලා කාවුරුත් දකින්න නෑ .අවුරුදු ගාණක් පුරාවට දහස් ගණන් රැස්වී අශ්ව තරග නැරඹු මේ පිට්ටනිය අද නිසොල්මන්.

 

 


නුවරඑළියට සංචාරය කරන්න එන සංචාරකයන්ට අමතක නොවෙන නැවතුමක් තමයි අඹේවෙල – නිල් තණකොළ කඳු යාය කින් සමන්විත අඹේවෙල පිරිසිදු ගවයින්ගේ ලැගුම් හල .නුවරඑළියට පැමිණෙන බොහෝ සංචාරකයින් මේ නිල් තණ ගොඩබිම්වල සිසිලස විඳිමින් නැවුම් කිරි ,යෝගට් ,චීස් වැනි ආහාරවල රස විඳිමට ද අමතක කරන්නේ නැහැ.

 

අඹේවෙලට යන මාර්ගය දෙපස කඩවල් වල තිබෙන නැවුම් ස්ට්‍රෝබෙරි රසැති සිරප්, පෑන් කේක් සහ අයිස්ක්‍රීම් සංචාරකයින්ගේ ප්‍රණීත ආහාර යි .ඒත් අද වෙද්දි මේ හැම කඩයක් ම වහලා පාළුවට තිබෙනවා අපිට දකින්න පුළුවන් .

 

මේ වසන්ත කාලයේ නුවරඑළියේ ග්‍රෙගරි වැව වටේ සංචාරය කරමින් එහි සුන්දරත්වය විඳින්න අපිට නොහැකි වුනත් ,වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තත්ත්වය මැඬලීමට ඉදිරි පෙළේ සිට ගනිමින් ශ්‍රී ලාංකික අප සියලු දෙනා සුරක්ෂිත කිරීමට සහ ලංකාවට නැවත වසන්තය ගෙන ඒමට වෙර දරන සියලු ප්‍රධානීන්ට අපි ස්තුතිවන්ත වෙමු .

වකුගඩු රෝගවලින් අත් මිදෙන්නට නම්…

මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රිය වන්නේ වකුගඩු. අපේ ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම වකුගඩු යුගලය පිහිටා තිබෙනවා. මුත්‍ර නිපදවීම,අපද්‍රව්‍ය කොටස්, විෂ රසායනික සහ වැඩිපුර ජලය බැහැර කිරීම, ශරීරයේ ජලීය සහ ලවණ පදාර්ථවල සමතුලිතතාවය රැකගැනීම,රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම, විටමින් D නිපදවීමට දායකවීම සහ එමඟින් අස්ථි ශක්තිමත් කිරීම, රුධිර සෛල නිපදවීමට දායක වීම තමයි නිරෝගී වකුගඩුවල කාර්යභාරය. මේ වනකොට ශ්‍රි ලංකාව තුළ වකුගඩු රෝගීන් බොහොමයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ. රජය විසින් මෙම රෝගීන්ගේ සුවය සදහා ප්‍රතිකාර අඛණ්ඩව සිදුකරනවා. නමුත් අපිට පුළුවන් මේ තත්ත්වය ඇති නොවෙන්න වග බලාගන්න . ගැස්ම විසින් අද කියලා දෙනවා ඔයාගේ වකුගඩු දෙක පරිස්සම් කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා .

 

 

1. පිරිසිදු ජලය පානය කරන්න

කිවුල වැඩි, බැරලෝහ මිශ්‍ර ජලය පානය නිසා බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් වෙනවා. ඒ විතරක් නෙවේ, ජලය පානය නොකිරීම නිසාම වකුගඩුවල ගල් ඇතිවෙන්න පුළුවන්. වැඩුණු පුද්ගලයෙකුට දිනකට ලීටර් 3ක් පමණ ජලය බොන්න අවශ්‍යයි. ඊට අමතරව නිවසින් බැහැර වෙන හැම වෙලේම වතුර බෝතලයක් අරන් යන්න පුරුදු වෙන්න. වකුගඩු හරියට වැඩකරන්න ජලය අවශ්‍යයි.

 

 

2. රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න

 

දියවැඩියාව නිසා වකුගඩුවලට ක්‍රියාකාරීත්වය අඩපන කරනවා. දියවැඩියාවෙ දී රුධිර කේශ නාලිකාවලට හානි සිද්ධ වෙන එකයි වෙන්නේ. එතකොට වකුගඩුවල තියෙන රුධිර කේශ නාලිකාවලටත් හානි වෙනවා. එතනදි හරියට මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. පෙරෙන්නේ නැතුව ඉතිරි වුණ තරල සහ ලවණ නිසා තරබාරු වෙන්න පුළුවන්. වැඩි කාලයක් මේවා රැඳී පැවතීම නිසා වකුගඩුවලට බලපෑමක් ඇති වෙනවා.

 

 

3. දුම්බීම සහ මත්පැන් පානය නවත්වන්න

දුම්බීමෙන් වෙන්න පුළුවන් නරකම දේවල් විදියට අපි අහලා තියෙන්නේ පෙනහැල්ල ආශ්‍රිත පිළිකා සහ මුඛ පිළිකා. ඒත් දුම්බීම නිසා වකුගඩුවලත් පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මත්පැන් පානය කිරීමෙන් වැළකුණාම රුධිර පීඩනය වැඩි වීමට ඇති ප්‍රවණතාව අඩු වෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළීමේ අවදානම නැති වෙනවා. නිදන්ගත වකුගඩු රෝගය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ඇඟ ඇතුළේ තිබුණ වකුගඩු අකර්මණ්‍යතාව.

 

 

4. ව්‍යායාම කරනන්

සරල ව්‍යායාම තුළිනුත් වකුගඩු අවුල් යන්න නොදී බේරාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හෘදයාබාධ නිසා තමයි නිදන්ගත වකුගඩු රෝගීන් සමහරක් දුක් විඳින්නේ. ව්‍යායාම කරාම ඒ තත්ත්වය මග හැරෙනවා. ඊට අමතරව සිහින් සිරුරක් තිබීමත් වකුගඩු මනා ලෙස ක්‍රියාත්මක වීමට හේතුවක්.

 

 

5. පෝෂ්‍යදායී ආහාර වර්ග අනුභව කිරීම

අධික ලුණු භාවිතය වකුගඩු රෝගවලට කරන අත වැනීමක්. ලෙඩේ හැදෙන්න කලින් ලුණු මද වශයෙන් හරි භාවිත කරන්න පුළුවන්. ඒත් ඕක හැදුණම කොහොමවත් ලුණු භාවිතා කරන්න බැරි වෙනවා . කාබනේටඩ් බීම වර්ගත් පානය කරන්න එපා. අධික තෙලි සහිත කෑම කන්න එපා. වට්ටක්කා, ගෝවා, පිපිඤ්ඤා, කැකිරි, රාබු වගේ එළවලු. ඊට අමතරව දියර ගතිය වැඩි කොමඩු වගේ පළතුරුත් කොළකැඳ පානයත් වකුගඩුවලට හොඳයි.

 

 

6. ප්‍රමාණවත් නින්ද සහ විවේකය ලබාගන්න

හරිහැටි නිදාගන්නේ නැති වුණාමත්, විවේකය නැතුව වැඩ කිරීමෙන් ඇතිවන ආතතිය නිසාත් මිනිස්සු මහත් වෙනවා . තරබාරුව කෙලින්ම වකුගඩු රෝගය එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මානසික වශයෙන් නිදහස වකුගඩු රෝගවලින් වැළකෙන්න අවශ්‍ය කරනවා.

 

 

7. වකුගඩු පරික්ෂාව

වකුගඩු රෝගය තිබුණ, තියන, එහෙමත් නැත්නම් ඒ නිසා මියගිය කවුරුහරි පවුලේ හිටියා නම් ළඟම වෛද්‍යවරයා වෙත යොමුවන්න අවශ්‍යයි . ඊට අමතරව වකුගඩු රෝගය උත්සන්න පරිසරයක ජීවත් වෙනවා නම් ඒත් වෛද්‍ය සහාය සහ උපදෙස් ලබාගත යුතුයි.

ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…මේ අමාලිගේ කතාවයි – 02

කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඉටුවෙනවා කියන්නෙ හිතට මොන තරම් සන්තෝසයක්ද..? අමාලිත් කාලෙක ඉඳන් හිතේ තියාගෙන හිටපු බලාපොරොත්තුව ඉටුවුණ සතුටින් තමයි ඉන්නෙ. ඒ වුණත් ඒ සතුට එක්කම හිතේ දෙගේදියාවක්, පුංචි බයක් අමාලිගෙ හිතට ඇතුල් වුණේ ඉබේටමයි. හේතුව අමාලිගේ බලාපොරොත්තුව ඉටු වුණේ ඒකට තිබුණ හොඳම කාලේ නෙමෙයි නරකම කාලෙදි වීම. අමාලි හැම වෙලාවකම හිතේ චකිතයක් ඇතුවයි ජීවත් වෙන්නෙ.

 

දවසින් දවස ලැබෙන ආරංචි වලින් රටේ තත්වය එතරම් හොඳ නැතිවා වත්දෝ කියන සැකයකුත් අමාලිට ඇති නොවුනාම නොවෙයි. දවසින් දවස කොරෝනා වෛරසය ආසාදනය වෙච්ච රෝගීන් ගණන ඉහළ යනකොට අමාලි ටිකක් විමසිල්ලෙන් හිටියෙ ඒ ආරංචි ලැබෙන ප්‍රදේශ ගැන. කොහොම වුණත් මේ තත්ත්වය කවදා මොන විදිහට ඉවර වෙයිද කියන්න අමාලිට වගේම කිසි කෙනෙකුට අදහසක් නැති වීමත් ගැටළුවක්. අමාලි එකපාරටම ගැස්සුනා. තමන්ට වඩා අවදානමකට මුහුණදෙන මව්වරු ඉන්නව නේද කියන කාරණය අමාලිට එක පාරටම සිහියට ආව නිසයි එයා එකපාරටම තිගස්සුනේ. කලින් දවසේ නැන්දම්මට Midwife මිස්ගෙ Phone Number එක දුන්න සකුන්තලා එයින් එක්කෙනෙක්. සකුන්තලා මාස 6ක විතර ගැබිණියක් නේද කියන එක එක්වරම අමාලිට සිහිපත් වුණා. “කොහොම මේ දේවල් කරගන්නවද දන්නෙ නැහැ, මට නම් ගෙදර නැන්දම්මා වත් ඉන්නවා” අමාලිට එහෙම හිතුනා. සකුන්තලාට කතා කරලා බලන්න ඕන කියල අමාලිට මතක් වුනේ මේ සිතිවිලි එක්කමයි.

 

“හෙලෝ, සකුන්තලා අක්කෙ, අමාලි”

 

“කියන්න නංගි, මමත් මේ නංගිට කෝල් එකක් දෙන්නම කියල හිත හිතා හිටියේ, ඒ වුනාට වෙලාවක් හම්බවුනේ නැහැ, දන්නවනේ ඉතිං ගෙදර තත්ත්වේ”

 

“කමක් නෑ අක්කෙ, කොහොමද දැන් ඔයාට..?”

 

“විශේෂයක් නැහැ නංගි, වෙනද වගේ ඉන්නව. සමීර ගෙදර ඉන්න නිසා මට ටිකක් ලේසියි, ලොකුවට කරදර වෙන්න ඕන නැහැනෙ” සකුන්තලා කියන්නේ හිනාවෙන ගමන්මයි.

 

“අනේ මන්දා අක්කෙ, මේ කරදර කවදා ඉවර වෙයිද මංදා, මට නම් හිතද්දීත් බයයි”

 

“ඒ ගැන නම් ඉතින් කාටවත් කියන්න බැහැ තමයි, හැබැයි නංගි මේක ඉතින් අපට විතරක් නෙමෙයිනෙ, ලෝකෙටම එකපාර සිද්ද වෙච්ච කරදරයක්නේ, කොහොම හරි මේකට මුහුණ දෙන්නම වෙනවා ඉතිං”

 

අක්කට දැන් මාස කීයක්ද..? මට මතක තියෙන්නේ හයක් වගේ”

 

“ඔව් නංගි, දැන් පහක් ඉවරයි තමයි”

 

“අනෙ මංදා, මට නම් තව කල් තියෙනවා, ඒත් අක්කල ගැන හිතද්දීත් මට නම් බයයි, කොහොමද මේ දේවල් කරගන්නේ කියල හිතෙනවා”

 

“බය වෙන්න එපා නංගි, මොනදේ වුණත් උවමනා හැම දේම ඒ විදිහටම සිද්ද වෙනවා”

 

“ඒ කිවුවේ අක්කේ” අමාලි අහුවේම හිතේ තියන ප්‍රශ්න ගොඩක් නිසාමයි.

 

“මම නිතරම Midwife මිස් එක්ක කතා කරනවා, ඒගොල්ලෝ පුරුදු විදිහට් ක්ලිනික් එක තියන්න උත්සාහ කරනවා. හැබැයි වෙනද වගේ නෙමෙයි, දැන් දවසකට ගෙන්නන්නේ පොඩි පිරිසක් විතරයි. කලින් කතා කරලා දිනයක් වෙන් කරගන්න ඕනේ ඒකට, එතකොට එදාට යන්න පුළුවන්”

 

“මමත් කතා කරා අක්කෙ එදාම, මටත් දිනයක් දුන්නා”

 

“ඔව් ඒකනෙ, ඒගොල්ලෝ හුඟක් උත්සාහ කරනවා පුලුවන් උපරිමයෙන් අම්මලට උවමනා වැඩකටයුතු ටික කරන්න, දැන් මට ටෙටනස් ටෝක්සයිඩ් එකේ පළවෙනි දෙවනි ඩෝස් ගන්න තියනවා, මට ඒකට දවසක් දුන්නා. ඒ වගේම එන්න ඕන විදිහ හැම දෙයක්ම කියලා දුන්නා”

 

“කොහොමද එන්න කිවුවේ” අමාලිට හිතේ ප්‍රශ්න ගොඩක් තියනවා විසඳ ගන්න. තමන් මේ හැම දෙකටම සූදානම් වෙන්න ඕන කියන අදහස හැම වෙලාවකම ඇගේ හිතේ තියෙනවා.

 

“මෙහෙමනෙ නංගි, දැන් ඔයා හැමෝටම ආණ්ඩුවෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් දීල තියනව වගේ COVID-19 වෛරසය අසාදනය නොවෙන්න කරන්න දේවල් ටිකක් තියෙනවනේ, මට කිවුවේම මොනම හේතුවකටවත් එලියට නොගිහින් ඉන්න, ක්ලිනික් දවසට එන එක විතරක් කරන්න කියල. ඒකත් මාස්ක් එකක් දාගෙන එන්න කිවුවා. ඒ ආවත් නිතර සබන් දාල අත් සෝදන්න කිවුවා. සබන් වලින් හොඳට අත් හේදිමෙන් විතරලු ඒ වෛරසය විනාශ වෙන්නෙ. අපි නිතර මුහුණ, කට අල්ලන නිසා අත් නිතරම හෝදන්න කිවුවා. ගෙදර හිටියත් විනාඩි 20කට සැරයක් වත් සබන් දාල අත් සෝදන්න කිවුවා, ඒ වගේම එලියට ඇවිත් ගියපු ගමන් හොඳට සබන් දාල ඇඳපු ඇඳුම් හෝදන්න, ගෙනියපු බෑග් පවා පැය කීපයක් එළියේ තියන්න, නාගෙන ගෙදරට යන්න ඔන්න ඔය වගේ දේවල් ගොඩක් කියල දුන්නා”

 

“කෑම බීම ගැනත් මොනවහරි තියෙනවද අක්කෙ”

 

“ඔව්, මිස් කිවුවේ සීතල කෑම වර්ග කන්න එපා කියල. පුළුවන් තරම් ඇග උණුසුම්ව තියාගන්න එක වැදගත්ලු. විශේෂයෙන් සාමාන්‍ය හෙම්බිරිසාවක් වත් නොහදෙන්න මේ ටිකේ පරිස්සම් වෙන්න කිවුවා”

 

“අනෙ මන්දා අක්කෙ, වෙලාවකට හිතද්දී හිතට බයයි”

 

“ඒක හරි, ඒ වුණාට ඉතිං මොනවා කරන්නද..? අපි කොහොමහරි මේකෙන් ගැලවෙන්න පරිස්සම් වෙන්න එපැයි. නංගිට මතකද මාත් එක්ක ඉස්සර ක්ලිනික් ගියපු සමන්තිව”

 

“ඔව්, මම සමන්ති අක්කව දන්නවා, අපේ ඉස්කෝලෙනේ”

 

“ආ ඔව්, මට අමතක වුණා, සමන්තිට දැන් මාස අටක්නෙ, ඉතින් හිතන්නකෝ එයා කොහොම බයවෙලා ඇත්ද..? හැබැයි මිස් නිතරම කතා කරලා ඕන කරන ඔක්කොම කියල දෙනවා කිවුවා, එයාට පොඩි ප්‍රශ්නයක් තිබුණනෙ, ප්‍රෙෂර් වැඩිවෙලා එයාගෙ. ඉතින් කොහොමත් ඒවගේ අයට, හෘද රෝග තියන අයට, දියවැඩියාව තියන අයට, විශේෂයෙන් උපදෙස් දෙනවා. දැනුවත් කරනවා, එයාලට වෙනමම ක්ලිනික් දවස් දාල උවමනා උපදෙස් දීල තියෙනවා”

 

“එහෙනම් සමන්ති අක්ක බයෙන් ඉන්නවා ඇත්තේ, ඔක්කොමත් හරි තව අසනීපත් වුණාම” අමාලිට කියවුනේ ඉබේටම. තමන් බයවුනේ බොරුවට නේද කියලත් අමලිට හිතුනේ මේ අය ගැන විස්තර අහද්දියි.

 

“ඔව් එයත් මුලින් බයවෙලා හිටියේ, දැන් නම් ප්‍රශ්නයක් නැහැ, සති 32 පහුවුණ ගමන් බබාගේ දැඟලීම ගැන අවදානයෙන් ඉඳල සටහනක් තියාගන්න කියල කිවුවා. ඉතින් ඒ දේවල් හරියටම කරනවා. ඒ අතරේ ඔලුව කැක්කුම, ඔක්කාරය, වමනය, ඉදිමුම, උණගතිය, දියරයක් ගලන එක වගේ දේවල් තියේ නම් එක අවදානම් නිසා එහෙම යට විශේෂයෙන් පහසුකම් සපයනවා කිව්වලු”

 

“සමන්ති අක්ක එහෙම කරදරයක් නැතුව සනීපෙන් ඉන්නව නේද..?”

 

“ඔව් එයාට නම් එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි එයත් එක්ක ක්ලිනික් ආව තව යාලුවෙක් හිටියා, එයාට නම් දැන් බබා ලැබෙන්නත් කිට්ටුයි, එයා මේ දවස් වල ඉන්නේ නිරෝධායනයක. එයාගේ මහත්තය වැඩකරපු හොස්පිට්ල් එකට ආව කෙනෙකුට පොසිටිව් නිසා ඒගොල්ලෝ නිරෝධායනය වෙන්න කියල, ඉතින් එයා නම් ටිකක් බයේ හිටියලු දැන් අමාරු වුණොත් මොකද කරන්නෙ කියල, හැබැයි පස්සේ මිස්ට කතා කරාම එයාට නිරෝධානයනය වෙන්නත් උපදෙස් දීල, එයාට පොසිටිව් වුණොත්, ඒකට වෙනම පහසුකම් සලස්වල තියන් හොස්පිට්ල් එකකට යොමු කරන්නම් කිව්වලු, බය වෙන්න දෙයක් නැහැ කියලත් කිව්වලු”

 

අමාලිට මේ කතාව ඇහෙද්දී තමන් කලබල උනේ කිසිම හේතුවක් නැතුව බව හිතෙන්න ගත්තා. “අනේ මංදා අක්කෙ, මම නම් බයෙන් හිටියෙ, ඒත් මේ කතා අහද්දි මම මොකට බය වෙනවද කියල හිතුනා”

 

“ඔව් නංගි, ඔයා බයවෙන්න එපා. මේ කාලේ සැහැල්ලුවෙන් ඉන්න එක වැදගත්. ස්ට්‍රෙස් වෙන්න හොඳම නැහැ. කාලය අනුව එහෙම වෙනවා තමයි, ඒත් පුලුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න බලන්න. මොකක් හරි ගැටළුවක් තියෙනවා නං මිස්ට කතා කරන්න ඒගොල්ලෝ උපරිමයෙන් උදවු කරනව නංගි,”

 

“හරි අක්කෙ, එහෙනම් ඔයත් පරිස්සමින් ඉන්න, මේ කරදර කාලේ මගාරුනහම අපි මුණගැහෙමුකෝ නේද..?”

 

“ඔව්, ඉක්මනට මේක ඉවර වුණොත් අපට ක්ලිනික් යද්දීම මුණගැහෙන්න ලැබෙයි, එහෙනං පරිස්සමින් ඉන්න නංගි”

 

“හරි අක්කෙ, ඔයත් පරිස්සමින් එහෙනම් මම තියන්නම්”

 

අමාලි Phone එක තිවුවේ ඇත්තටම සැහැල්ලුවෙන්. තමන් කලබල විය යුතු නැති බවත් තමන්ට වඩා බරපතල ගැටළු තියාගෙනත් තවත් අය නිසි උපදෙස් අනුව වැඩ කරමින් ඒ අවදානම් මගහරින්න උත්සහ කරමින් ඉන්න බවත් අමාලිට වැටහුනා. හෙට දවස ගැන සුබවාදී බලාපොරොත්තුවක් තියාගැනීම හිතටත් හොඳයි නේද කියල අමලිට හිතුනා.

 

 

ඇඳිරිනීතිය වෙලාවේ හදිසියේ ගැබ් ගත්තද…? මේ අමාලිගේ කතාවයි – 01

බොහෙත් ගන්න දොස්තර ගාවට යනවා නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න..

අපි පොඩි අසනීපෙකට හරි දොස්තර මහත්තයා හොයාගන යන එක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. බේහෙත් ටිකක් ඇගට වැටුණෙ නැත්තම් මොකක්ද වගේ කියලා හිතෙනවා. කොහොම වුණත් දොස්තර මහත්තයා ළඟට ගිහින් තමන්ගෙ ලෙඩේ පරීක්ෂා කරගන්න එකනම් ඇත්තටම හොඳයි . මොකද මේ කාලේ මොනවගේ ලෙඩ හැදෙනවද කියලා හිතාගන්නත් බෑනේ. හැබැයි දොස්තර ළඟට යන්න කලින් අපි නොකල යුතු දේවල් කිහිපයක් තිබෙනවා. අද ගැස්ම හදන්නේ ඒ දේවල් මොනවද කියලා ඔයාට කියලා දෙන්න.

 

 

1. ගෙදර තියෙන බෙහෙත් බොන්න එපා

අපි දොස්තර වෙන්න යන අවස්ථා ඕන තරම් තියනවනේ . මොකක් හරි අසනීපයක් හැදුනහම ගෙදර තියන බෙහෙත් පෙත්තක් අරන් බොනවා. ඒ වුණාට ඒක හොඳ දෙයක් නෙවෙයි. අසනීපයක් තියෙනවා නම් දොස්තර හම්බවෙන්න යන්න කළින් බෙහෙත් බොන්න යන්න එපා. මොකද ඔයා බෙහෙත් බීලා ගියොත් දොස්තරට මොකක්ද ලෙඩේ කියලා හරියටම දැනගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දොස්තරට ලේසි වෙන්න ඔයා ගෙදර තියන බෙහෙත් බොන්නේ නැතුව දොස්තර ගාවට යන්න වගබලා ගන්න. ඔයාට බෙහෙත් පෙත්තක් ගන්නම ඕන වුණොත් මුල් අවස්ථාවේ තිබුණ රෝග ලක්ෂණ හොඳට මතක තියාගන්න.

 

 

2. රූපලාවණ්‍ය එපා

දැන් ඉන්න කෙල්ලන්ට wash room යන්නත් makeup ඕන වෙනවනේ. හැබැයි දොස්තර මහත්තයා ළගට යනවා නම් මේ මේකප් කෙරුවාව හරියන්නේ නැහැ මොකද සමහර රෝග ලක්ෂණ හරියට ම බලාගන්න වෙන්නේ හමේ වෙන වෙනස්කම් වලින් . මූණේ ඇස් වටා වගේ ම විශේෂයෙන් ම හමේ ප්‍රශ්නයක් නම් නියපොතු වටා බලන්න පුළුවන්. එතකොට තමයි ඒ ආශ්‍රිත දිලීරයක් මොකක් හරි තියෙනවා නම් ඒ කාරිය බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇඟිලිවල නියපොතුත් පාට කරන් ඉන්නවන්ම් ඒවා අයින් කරලා මේකප් දාගන ඉන්නවානම් ඒවත් අයින් කරලා දොස්ත්තර ගාවට යන්න මතක තියාගන්න.

 

 

3. ඇස් පරීක්ෂාවට පෙර ෆෝන් එක භාවිතා කරන්න එපා

ඇස්වල පෙනීම සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ගන්න අවශ්‍යතාවක් ඇති වුණා නම් අදාළ ස්ථානයට යන්න ඕනි ෆෝන් එක ගෙදර තියලා. එහෙම කියන්න හේතුව තමයි ඒ තිරය දිහා බලන් ඉඳීම හැර තමන්ගේ වෙලාව එනකන් කරන්න දෙයක් නොමැතිකම. එතකොට ඒක බලපාන්නේ කොහොමද? ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියන බ්ලූ ලයිට් එක අපේ ඇස්වලට වෙහෙසක් ඇති කරනවා. ඒ දිහා බලන් ඉඳලා ඇස් පරීක්ෂාවට ගියාම ගොඩක් දේවල් වරදින්න පුළුවන්. ඒ නිසා ඇස් පරික්ෂාවට යනවනම් ගෙදර ෆොන් එක තියලා යන්න වග බලාගන්න.

 

 

4. වතුර නොබී ඉන්න එපා

ලේ පරීක්ෂාවක් රුධිර පරීක්ෂාවක් කරන්න ඉන්නවා නම් කෑම සම්බන්ධයෙන් එක එක වාරණ තියනවා. නමුත් ඒක වතුර එක්ක පටලවා ගන්න නරකයි. හැකි තරම් වතුර බොන්න ඕනි. පරීක්ෂණවලට පමණක් ම නෙවෙයි දෛනික ජීවිතයේ පවා වතුර ඉතින් දෙයියනේ කියලා බොන්න එපැයි. මැරුණු ගහක් වුණත් දළු දාලා එනවනේ වතුර පොදක් වැටුණාම. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා හමුවන්න ගියත් රුධිර පීඩනය බැලීමේ අවශ්‍යතාවක් ආවොත් ඒකට වතුර නොබී සිටීම බලපානවා.

 

 

5. කැෆේන් අඩංගු පාන වර්ග එපා

බෙහෙත් ගන්න යනවනම් කෝපි වගේ කැෆේන් වර්ග පානය කරන්න එපා. කෝපි වගේ කැෆේන් සහිත පාන වර්ගවලින් ඔබේ රුධිර පීඩනය සෑහෙන වැඩි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩිස්පැන්සරිවල ඉන්න දොස්තර මහත්තුරු ඔබේ රුධිර පීඩනය බලනවා. වෛද්‍ය නිර්දේශය තමයි මෙහෙම වෛද්‍යවරයා හමුවන්න පෙර පැයක කාල සීමාවේ කැෆේන්වලින් ඈත් වෙලා ඉන්න කියන එක.

 

 

7. කොලෙස්ටරෝල් පරීක්ෂාවට පෙර ඇල්කොහොල් එපා

බියර් සහ අරක්කු වගේ මධ්‍යසාරවල කොලෙස්ටරෝල් කෙලින් ම නැතත් ඉතා ඉහළ ප්‍රමාණයක සීනි සහ කාබෝහයිඩ්‍රේට තියෙනවා. ඉතින් මේවා කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි කරනවා. කොලෙස්ටරෝල් නැතුව කොලෙස්ටරෝල් එක්ක ජීවත් වෙන්න මේ එක්ක සිද්ධ වෙනවා. ටිකකින් තත්ත්වය පහ වෙලා ගියත් අර මොහොතේ කොලෙස්ටරෝල් මට්ටම වැරදි ලෙස ගණනය වෙනවා.

 

 

6. මැමොග්‍රම් පරීක්ෂාවකට පෙර ඩියෝඩ්‍රන්ට් එපා

පියයුරු පිළිකා තත්ත්වයන් කලින් හඳුනා ගැනීමේ පරික්ෂාව වන මැමොග්‍රම් පරික්ෂාව අති සියුම් පරික්ෂාවක්. පොඩි ම හරි වෙනසක් වුණොත් ඒක ප්‍රතිඵලයට බලපානවා. ඒ කියන්නේ ඔබට පිළිකාවක් නැතත් පිළිකාවක් ඇතැයි හිතන තැනට පත් වෙනවා. එතකොට ඒක ඩියෝඩ්‍රන්ට් එකක් නිසා සිදුවෙන්නේ මෙහෙමයි. එහි අඩංගු සංඝටක කීපයක් පරීක්ෂාවෙන් වැරදි විදියට අපේ සිරුරේ ඇති දේවල් විදියට හඳුනා ගැනෙනවා. පිළිකාවක් නැතුව පිළිකාවක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා මැමොග්‍රම් පරීක්ෂාවකට යනවනම් ඩියෝඩ්‍රන්ට් පිවිච්චි කරන්න එපා.

සන්නිවේදනය වැඩි දියුණු කරන කථන චිකිත්සාවේ වැදගත්කම…

 

කතා කිරීමේ හැකියාව නැති අයට එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න උදවු වන වෘත්තියක් තමයි මේ කථන හා භාෂා චිකිත්සාව. තවමත් ශ්‍රී ලාංකිකයන්ට මේක ටිකක් අමුතු විෂයක්. Speech Language Pathologist (SLP) හෝ Speech-Language Therapist (SLT) කියන්නේ දරුවෙක්,යෞවනයෙක් විතරක්ම නෙමෙයි වැඩිහිටියෙකුට පවා කථා කිරීමේ නොහැකියාවක් තියෙනවා නම් උදව් කරන වෛද්‍ය සේවා සපයන්නෙක්.

ශ්‍රී ලංකා සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට (2012) අනුව වයස අවුරුදු 5 සහ ඊට වැඩි පුද්ගලයින් මිලියන 1.6 ක් යම් ආකාරයක ආබාධයකට ලක්ව සිටින බව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ මිලියන 1.6 න් 900,000 ක් සන්නිවේදනය,සංජානනය හෝ ශ්‍රවණ අපහසුතාවයට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් මේකෙන් පෙනී යන්නේ Speech Language Pathologist (SLP) හෝ Therapist කෙනෙකුගේ සහාය අවශ්‍ය වන මිලියනයකට අධික ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටින බව.

 

පහත සඳහන් කාණ්ඩවලට අයත් ඕනෑම කෙනෙක්ට Speech Language Pathologistගේ සහාය ලබා ගන්න පුළුවන්.

ළදරුවන්: කථන, භාෂාව හෝ ප්‍රජනන සංවර්ධනයට අහිතකර ලෙස බලපාන ජානමය ආබාධ, ක්ලෙෆ්ට් ලිප් සහ පැලට්,මන්ධ බුද්ධික බව,ශ්‍රවණාබාධ වගේ උපතේදී ඇතිවන සංකූලතා සදහා.

ළමුන්: ඔටිසම් වර්ණාවලී ආබාධය (ඒඑස්ඩී), Attention Deficit Hyperactivity Disorder (ඒඩීඑච්ඩී), Global Development Delay,Apraxia, කථන හා භාෂා ප්‍රමාදය, ශබ්ද කිරීමේ විශේෂිත දුෂ්කරතා (උදා: කාර් සඳහා තාර් ), Cerebral palsy (CP), ඉගෙනීමේ දුෂ්කරතා, Dyslexia, ශ්‍රවණය වීමේ ගැටළු, ශ්‍රවණ ස්නායු රෝග වගේ රෝග වලින් පෙළෙන්නන්.

යෞවනයන් හෝ වැඩිහිටියන්: කටහඩ නැතිවීම (ඇෆෝනියා),Puberphonia(ඉහළ හඩක් තියෙන පිරිමින් ) වගේ ආබාධවලින් පෙළීම.

SLP එකෙනුත් ඔලුවේ අබාධ ඇති (කම්පන සහගත මොළයේ තුවාල),ශ්‍රවණාබාධ,Stammering/stuttering (Disfluency),දුර්වල සමාජ අන්තර්ක්‍රියා (ප්‍රාග්මැටික්ස්) සහිත පුද්ගලයින්ට ප්‍රතිකාර කරනු ලැබේ.

වැඩිහිටි රෝගීන් ; කතාකිරීමේ සහ භාෂා ප්‍රශ්න,(Aphasia), Dysarthria,නම් කිරීමේ දුෂ්කරතා (ඇනෝමියාව),පෝෂණය හා ගිලීමේ දුෂ්කරතා (Dysphagia),සන්නිවේදනයට බලපාන Cranial nerve ස්නායු හානිය,Laryngectomies (ස්වරාලය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත් කිරීම) රෝග වලින් පෙළෙන්නන්.

SLP හෝ SLT එකේ කාර්යබාරය තමයි Motor neuron diseases, Alzheimer’s disease, Dementia, Huntington’s disease, Multiple sclerosis, Parkinson’s disease වගේ ස්නායු රෝග තත්වයන් සහිත වැඩිහිටියන්ට උපකාර කරන එක.

 

ප්‍රතිකාර

SLP හෝ SLT විසින් බෙහෙත් නියම කරන්නේ නැහැ. කොහොම වුණත් Speech Language Pathologist කෙනෙකුට, පුද්ගලයෙකුගේ (ළමා හෝ වැඩිහිටි) තත්වයක් හඳුනා ගැනීමට, තක්සේරු කිරීමට සහ ඇගයීමට ලක් කරන්න පුළුවන් වගේම එයාලට විශේෂිත චිකිත්සක ක්‍රමවේදයන් සමඟ ප්‍රතිකාර කරන්න පුළුවන්. කථන චිකිත්සාව, සන්නිවේදන ආබාධයේ බරපතලකම මත රඳා පවතිනවා.කොහොම වුණත් Speech Language Pathologist (SLP) හෝ Speech-Language Therapist (SLT)ට ඕනෑම පුද්ගලයෙකුට සහාය වීමට සහ ඔවුන්ගේ කථාව දක්ෂ ලෙස වර්ධනය කිරීම හොඳින් සිදු කරන්න පුළුවන්. කථනය වැඩි දියුණු කිරීම සඳහා, චිකිත්සකයෙකුට ඉලක්ක පදනම් කරගත් චිකිත්සාව, AAC හෝ පින්තූර සන්නිවේදන ක්‍රම, චර්යාත්මක වෙනස් කිරීම්, භාෂා උත්තේජක ක්‍රම, ක්‍රීඩා ප්‍රතිකාර ආදිය භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ දරුවාට හෝ ඔයාගේ ආදරණීයයන්ගෙන් කිසිවෙක්ට කථා කිරීමට අපහසු නම්, ඔයාට ඔවුන්ව වෘත්තීය SLT / SLP කෙනෙකු වෙත යොමු කරන්න පුළුවන්. ඒ වගේම මෙය ඔයා ලැජ්ජා නොවිය යුතු දෙයක්. වෛද්‍යවරයෙකුගෙන් අසනීපයකට ප්‍රතිකාර ලබා ගන්නවා වගේම මේ සම්බන්ධයෙන් සුදුසුකම් තියෙන Speech Language Pathologist (SLP) හෝ Speech-Language Therapist (SLT)ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
මුල් කාලීන මැදිහත්වීමෙන් වඩා හොඳ දිගු කාලීන ප්‍රතිළුල ලබා ගන්න පුළුවන් බව ඔප්පු වෙලා තියෙනවා.

එමනිසාම ඔයාගේ දරුවා හෝ ආදරණීයයෙකු සන්නිවේදන ආබාධයකින් පීඩා විඳිනවා නම්, ඔයාට www.speechandhearing.lk එකට ගහින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාගන්න පුළුවන්.එකෙන් නිසි සන්නිවේදන රටාවන් ලබා ගන්න පළමු පියවර ගන්න ඔයාට සහාය ලබාගන්න පුළුවන්.

Covid 19 ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කළ බලපෑම..

Covid 19 ලෝකයේ අඛණ්ඩව සිදුවෙන වසංගත තත්වයක්. වර්තමානයේ දී ලෝක ජනගහනයෙන් මිලියන 2.5 කට වඩා වැඩි සංඛ්‍යාවකට මෙම වසංගතය ආසාදනය වී ඇති අතර 2020 අප්‍රියෙල් මස 21 වන දිනට 171,300 දෙනෙකුගේ ජීවිත අහිමිව තිබේ. එය අනුපාතයක් ලෙස 6.8 % වේ . මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා ගෝලීය නායකයින් හා සෞඛ්‍යය විශේෂඥයින් විසින් සමාජය දුරස්ථභාවය, සංචාරකයින්ගේ පැමිණීම තහනම් කිරීම සහ සෞඛ්‍ය සේවා සඳහා වැඩි වශයෙන් මුදල් වෙන් කිරීමට කටයුතු කෙරුණි .

 

මෙම රෝගයේ මූලාරම්භය වූයේ ,චීනයේ වුහාන් නගරයයි. වර්තමානයේ දී එය වසංගත තත්වයක් ලෙස නම් කර ඇති අතර මෙහි කේන්ද්‍රස්ථානය ඉතාලිය හා පසුව ඇමරිකා එක්සත් ජනපදය ලෙස පිළිවෙලින් වෙනස් විය .මෙම අර්බුදය මාධ්‍යයේ,රටක ප්‍රධානම අරමුණ වන්නේ ජනගහනයේ යහපැවැත්ම වුවද,Covid 19 හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය කරුණකි. මෙය විශේෂඥයින් විසින් මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ආර්ථික බලපෑම ලෙසද නම් කර තිබේ .

 

ගෝලීය කැලඹිලි තත්වය ශ්‍රී ලංකාව තුළ ඇති කළ බලපෑම

පසුගිය ශත වර්ෂයන් තුළ ආර්ථිකයන් විශාල වශයෙන් වර්ධනය වූ අතර අන්තර්ජාතික වෙළෙඳාම සහ විදේශ සංක්‍රමණ මීට ප්‍රධාන වශයෙන් හේතු විය .වර්තමානයේ Covid 19 හි බලපෑම සමග චීනය හා ඇමරිකා එක්සත් ජනපදයන්හි ව්‍යාකූලත්වය ලෝකයේ සෑම තැනකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. මෙම වසංගතය මැඩ පවත්වා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2-4ක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
අවාසනාවකට , අපනයන සංවර්ධන ආයතන විසින් කරන ලද පරීක්ෂණයකින් චීන ආර්ථිකය පසු බෑමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් අවදානමකට ලක් විය හැකි බව හඳුනා ගෙන ඇත .

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වැනි ආර්ථික බලවතුන් සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ශක්තිමත් සබඳතා හේතුවෙන් ආර්ථිකයට හැකි විය හැකි බලපෑම් අවම කර ගැනීමට උපකාර කරන බව ප්‍රකාශ කර ඇත . 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව 4.5 -5.0% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නමුත් වර්තමානයෙහි ගෝලීය වසංගත තත්වය හේතුවෙන් එය 2.2 %කට සීමා වී ඇති බව ඇස්තමේන්තු කර ඇත .මෙම කාලය තුළ වැඩි වශයෙන් බලපෑම් ඇති වී ඇති අංශ ලෙස ඇඟලුම් ,නිෂ්පාදන, කෘෂිකර්මික,සංචාර, සිල්ලර හා පාරිභෝගික යන අංශයන් හඳුනාගෙන ඇති අතර, මෑත කාලයේදී ,ශ්‍රී ලංකාව වැටුප් කප්පාදු කිරීමක් හා විරැකියා තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය හැකි බව අපේක්ෂා කරයි.

 

ශ්‍රි ලංකාවේ නිෂ්පාදන කර්මාන්තය

සියළුම දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නිසා මිනිස් ශ්‍රමය හිඟ වීමත් , චීනයෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව නවතා තිබීමත් නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයට විශාල පහරක් එල්ල වී තිබේ .කෙසේ වෙතත් ,අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වන ආනයන තහනමත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයනය කරනු ලබන යෙදවුම් සඳහා වූ බදු ඉවත් කර ඇත.

රටේ නිෂ්පාදන හා අපනයනය සඳහා විශාලතම කාර්යභාරය ඉටු කරන්නේ ඇඟලුම් අංශයයි . චිනයේ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලබන යුරෝපීය හා එක්සත් ජනපද වෙලඳපොලවල් කඩා වැටීම හේතුවෙන් , 2020 මාර්තු සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ, ඇඟලුම් අංශය (ඇමරිකානු ඩොලර්) මිලියන 1.5 ක අලාභයක් ලැබිය හැකි බව විශ්ලේෂණය කර තිබේ.

වර්තමානයේ කෙටිකාලීන යාන්ත්‍රණයක් ලෙස, ඇගළුම් කර්මාන්තයේ ප්‍රධානීන් විසින් රට තුල විශාල ඉල්ලුමක්ව පවතින පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) අත්වැසුම් ,මුඛාවරණ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත .මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රබර් කර්මාන්තශාලා වලින් සපයා ගනු ලැබේ. රටක් ලෙස මුහුණ පා ඇති මෙම වසංගත තත්වය තුළ පෞද්ගලික අංශ විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියට රජය විසින් ප්‍රසාදය පළ කර තිබේ.මෙම පුද්ගලික ආරක්ෂක උපකරණ අවම ලාභයක් සහිතව විකුණනු ලබන අතර එමගින් ජාතියට මහඟු සේවාවක්ද ඉටු වේ .පුද්ගලික ආරක්ෂණ උපකරණ(PPE) වල සැපයුම දේශීය ඉල්ලුම ඉක්මවා ගිය පසු ,මෙහි අතිරික්ත තොග ලෝක සෞඛ්‍ය සංවිධානයට විකිණීමට බලාපොරොත්තු වන අතර මේ මගින් විදේශ ආදායම් ලබා ගැනීමට පෞද්ගලික අංශ විසින් අපේක්ෂා කරයි .

 

ආහාර සහ කෘෂි කර්මාන්තය ~ “අත්‍යවශ්‍ය සේවාවන්” ලෙස පවත්වාගෙන යාම කොතෙකුත්
දුරට සාර්ථකද?

ශ්‍රී ලංකා රජය විසින් දිවයිනේ කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීම මගින් භාවිතයට නොගත් ඉඩම්වල එළවළු වගා කිරීමට අවධාරණය යොමු කර ඇත .ඇඳිරිනීතිය මාධ්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික සේවා සඳහා රජය විසින් ලබාදී ඇති දීමනාව ට බැහැරව ,සිල්ලර භාණ්ඩ විකිණීමේ සමස්ත ක්‍රියාවලියම ඇනහිටීම හේතුවෙන් භාණ්ඩ යල් පැනීම දක්නට ලැබේ .මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ,තාවකාලික ඇඳිරි නීති තත්වය තුළ භාණ්ඩ නිෂ්පාදනය, ගබඩා කිරීම සහ සැපයුම් දුෂ්කරතා නිසා පාරිභෝගිකයන් වෙත ළඟාවීමට පෙර ඒවා යල් පැනීමයි. තම නිෂ්පාදන විකිණීමට අවශ්‍ය වෙළඳුන්ට ඇඳිරි නීති බලපත්‍ර ලබාදීම තුළින් මේ තත්ත්වය යම්තාක් දුරට මැඩ පවත්වා ගැනීමට හැකි වී තිබේ .

එමෙන්ම , කුළු බඩු ඉල්ලුමට වඩා සැපයුම සැලකියයුතු මට්ටමකට වැඩි වීම තුළින් විදේශිය වෙළඳාම සඳහා ඒ නිෂ්පාදන යොමු කිරිමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු කර ඇත .වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම කුළුබඩු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමට අපනයනය සමාගම් වලට යෝජනා කර ඇත .මේ තුළින් විදේශ ආදායම් ඉපැයීමට හැකි වන අතර Covid 19 හේතුවෙන් සිදු වූ ආර්ථික පසුබැස්මට මෙය කදිම විසදුමක්.

 

 

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය

2019 වර්ෂයේ ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති වුණි.මේ හේතුවෙන් අභ්‍යන්තර මගී ගුවන් යානා ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය . 2019 පළමු කාර්තුවට සාපේක්ෂව සංචාරකයින්ගේ පැමිණීම සියයට 30කින් අඩු වූ අතර ආසියානු සංවර්ධන බැංකුවට අනුව, අප්‍රේල් මාසයෙන් පසු අත්‍යවශ්‍ය නොවන මගීන්ගේ ගමනාගමනය හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 307 කින් පමණ ආදායම අඩුවී ඇති බව ප්‍රකාශ කෙරුණි .මෙහි බලපෑම අවම කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගැනුණි.ඒ අතර සංචාරක අංශයේ ආයතන සඳහා සපයා ඇති ණය මාස හයකට අත්හිටුවීමට තීරණය කෙරුණි. දිවයින තුළ covid-19 ආසාදනය වූ වන් අඩු සංඛ්‍යාවකට පාලනය කරගැනීමට හැකිවීම හේතුවෙන් යුරෝපා සංගමය සතුටට පත් වී,එම උත්සහය අගය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා යුරෝ මිලියන 3.5 ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.මෙයින් ප්‍රධාන වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණයේ සංචාරක කර්මාන්ත කරුවන්ට උපකාර කිරීමට අවධානය යොමු වී ඇත .යුරෝපා සංගමය මෙම මූල්‍ය ආධාරයෙන් කොටසක් ඉක්මනින් ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉතිරිය ඉදිරි කාලය තුළ ලබාදීමට කටයුතු කර ඇත.

 

 

වැටුප් කප්පාදුව සහ රැකියා වියුක්තිය

Covid-19 වසංගත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති තවත් ප්‍රහාරයක් වන්නේ, ඇඳිරි නීතිය මගින් ඇතිවී ඇති ඉහළ විරැකියා අනුපාතය යි. රටේ අපනයනය සඳහා වන ගෝලීය ඉල්ලුම පහත වැටීම සහ චීනය වැනි ප්‍රධාන ආනයනික රටවල් මගින් අමුද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම මෙයට බලපා ඇති ප්‍රබල හේතූන් වේ. කම්කරු දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට අනුව, මේ බලපෑම හේතුවෙන් මහා පරිමාණ ආයතන වල සේවකයින්ගේ වැටුප් කප්පාදුවකට යටත් නොවන නුමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ආදායම් උත්පාදනයට හැකියාවක් නොමැති හෙයින් එම ආයතනවල සේවය කරන සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාණය අඩු කිරීම හෝ කප්පාදු කිරීම සිදුවිය හැකි බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇති බාහිර ණය ගෙවීම් සහ රුපියලේ අගය අවප්‍රමාණය වීම මෙයට සාධකයකි. රැකියා වියුක්තිය ක්‍රමිකව වැඩි වීමටද මෙය බලපා ඇත.

දිවයිනේ වසංගතය පාලනය කර ජීවිත යථා තත්ත්වයට පත් වූවායින් පසු,ආර්ථිකයේ ඇති වන නව පුනර්ජීවනයත් සමඟ යම්කිසි කාලයකට ශ්‍රමිකයින්ට අඩු වැටුප් ලැබීමට ඉඩකඩ ඇත.

ධනාත්මක ඇසින් බැලූ කල ගෝලීය වසංගතය, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවල් වලට නව රැකියා අවස්ථා විවර කිරීමට පිටුවහලක් වී ඇති බව පෙනේ.
බොහෝ ජාත්‍යන්තර සමාගම් තම කර්මාන්තශාලා ලාභදායී මිනිස් බල සහිත රටවල් වලට ගෙන යමින් සිටී. උදාහරණයක් වශයෙන් පසු ගිය වසර පහක කාලය තුළ, වියට්නාමයේ කර්මාන්තශාලා ප්‍රමාණය වැඩිවී තිබේ. වසර 20 ක් වැනි කෙටි කාලයක් තුළ ඇති වී ඇති මෙම වෙනස හේතුවෙන් චීනෙට පසු වියට්නාමය ඊලග විශාලතම “ගෝලීය කර්මාන්ත ශාලාව” වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් විසින් අනාවැකි පළ කර ඇති අතර Covid-19 වසංගතය ආරම්භවිම සහ ව්‍යාප්තවිම සමඟ කර්මාන්තශාලා චීනයෙන් පිටත මාරු විය හැකි බව මතය යි.

දිවයිනේ භූගෝලීය පිහිටීම, ලාභදායී ශ්‍රම බලකාය සහ 2019 හි දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) හි වැඩිවීම සැලකීමේදී නිෂ්පාදන ශක්‍යතාවය ඉහළ නැංවීමත් සමග ශ්‍රී ලංකාව ද ඊට සුදුසු රටක් බවට ඔප්පු වී තිබේ.දිවයිනේ විරැකියා අනුපාතය අඩු වීම සහ ආර්ථිකයට විදේශ මුදල් ගලා ඒමට විවිධ ප්‍රභවයන් නිර්මාණය කිරීම ද මීට හේතූන් වේ.

 

 

කඩා වැටෙමින් තිබෙන ආර්ථිකයට අනුවර්තනය වීමට රජය විසින් ගනු ලබන උපාය මාර්ග

ඉහත සඳහන් කළ ඇතැම් අංශවල යාන්ත්‍රණයන් ට අමතර ව,දිවයිනේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට පෙරදැරිව ශ්‍රී ලංකා රජය කෙටි,මධ්‍යම හා දිගු කාලීන ලෙස ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පොදු උපායමාර්ග සකස් කර ඇත.කෙටි කාලීන ආර්ථික වර්ධනය සඳහා ආයතන වල ද්‍රවශීලතාවය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා රජය විසින් රුපියල් බිලියන 50 ක් වෙන් කර ඇත.එමගින් ආයතන වල පිරිවැය අවම කිරීමට භාණ්ඩ වලට පනවන බදු ඉවත් කිරීම හෝ අඩු කිරීමට කටයුතු කර ඇති අතර විවිධ අරමුදල් යෝජනා ක්‍රම ද හඳුන්වා දී ඇත .
අඩු ආදායම්ලාභීන්ගේ වැටුප් සැලකිල්ලට ගනිමින් රජය ණය තහනම් කිරීමට කටයුතු කළ අතර එමගින් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සහ පුද්ගලික ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දීමට පියවර ගැනුණි . අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද පහතට හෙළීය.රජයේ මධ්‍යකාලීන අරමුණක් වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනය හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීම කළ යුතුව තිබේ.

ඉදිකිරීම් කටයුතුවලට යොමුවීම මගින් ශ්‍රම බලකායට නව රැකියා උත්පාදනය වන අතර එමගින් අර්බුද මධ්‍යයේ වුවද ආයෝජකයින්ගේ නම්‍යශීලීත්වය ලබා ගැනීමට හැකි වේ.රජය විසින් සමාගම් වෙත යෝජනා කරන ලද දිගුකාලින ක්‍රියාමාර්ග අතරට සේවක ඵලදායිතාවය වර්ධනය කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය සඳහා නව තාක්ෂණික මෙවලම් මත ආයෝජනය කිරීම මෙන් ම විකුණුම් වැඩි කිරීම සඳහා ව්‍යාපාරික කටයුතු නැවත සමාලෝචනය කිරීම සහ නව වෙළෙඳ පොළ ඉලක්ක කෙරෙහි උනන්දු කිරීම මීට ඇතුළත් වේ.

මේ අර්බුද සමයේදී රජය ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍ර කළමනාකරණය කිරීම සඳහා වැඩි පිරිවැයක් දරා ඇත.මේ අවධිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ පුරෝගාමීන් මාස 18 ක ආර්ථික ප්‍රතිවිපාකයක් ගැන පුරෝකථනය කර ඇත.මෙම කාල පරිච්ඡේදය තුළ අත්විඳිය හැකි බලපෑම් මඟහරවා ගැනීම සඳහා රජය විසින් වසර 3 ක උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව ඔවුන් ගේ මතය යි.එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර සාර්ථක කරගැනීම තීරණය වනුයේ රට තුළ පවතින යන්ත්‍රෝපකරණ සහ පෞද්ගලික අංශයේ මැදිහත් වීම මතයි. මෙමගින් ලැබෙන ප්‍රතිලාභ එක් පාර්ශ්වයකට පමණක් සීමා නොකළ යුතු අතර ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධනය උදෙසා එය උපයෝගීකරගත යුතුයි. 2009 සිවිල් යුද්ධයෙන් සහ 2019 දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසු ව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම දැඩි කැප වීම හේතු කොටගෙන ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය සඳහා නිවැරදි මාවතක ගමන් කරන බව සහතික ය.