Blog Page 18

Chicken වලට කැමති නම් Burning Bird Rotisserie එකෙන් order කරන්න…

Cloud Kitchen concept එකට අනුව හදලා තියෙන Burning Bird Rotisserie විසින් ඔයාලා කන්න කැමති විවිධ විදියේ rotisserie chicken සහ ඒත් එක්කම විවිධ වර්ගයේ dishes කිහිපයක්ම පිළිගන්නවා. Burning Bird Rotisserie ජර්මානු ආහාර පිසීමට ප්‍රසිද්ධියක් උසුලන නිසා The Bavarian සමග partner brand එකක් වශයෙන් එකතු වෙලා තිබෙනවා. ඉතින් අපි ගියා Burning Bird Rotisserie එකට එයාලගෙ කෑම වල රස බලන්න.

Appetizers

Macaroni and Cheese with Parmesan Crust (LKR 330)

මම pasta සහ cheese වලට ගොඩක් කැමති කෙනෙක් නිසා මේ dish එක try කරලා බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මේ dish එක හොඳ වුණාට improve වෙන්න දේවල් ටිකක් නම් තියෙනවා. කොහොම වුණත් crust එක රසයි වගේම chewy texture එක නිසා පළවෙනි පාර try කරපු ගමන් ඒකේ රස හොඳට දැනුනා. ඇත්තම Macaroni and Cheese වල රස මීට වඩා වෙනස්. මේ dish එකට තව cheese එකතු කරලා white sauce අඩු කලානම් තවත් හොඳයි.

 

Loaded Crisps (LKR 860)


Topping එකට cassava chips භාවිතා කරල තියෙන එක මට වෙනස්ම අත්දැකීමක් වුණා. මේ chips ටික thick සහ heavy නිසා guacamole සහ sour cream එක්ක මේ structure එක රඳවඟන තිබෙනවා. හැබැයි රසේ අඩුවක් තිබුණා වගේම සහ මේ dish එකේ topping එක අඩු නිසා ටිකක් dry වෙලා තිබුණා. minced beef, crispy chicken, sour cream සහ guacamole එකතු කරලා තිබුණ නිසා dish එකට රසයක් එකතු වෙලා තිබුණා. මේ dish එකේ topping එන හොඳට තිබුණනම් ගොඩක් රසවත් වෙන්න තිබුණා කියලා මට හිතෙනවා.

 

Creamed Spinach Gratin (LKR 330)

මේ dish එක ගැනනම් මම ඇත්තටම සතුටු වුණේ නැහැ. මේ dish එක menu එකේ තිබුණ හොඳ option එකක් නෙවෙයි. මේ dish එක deliver කරගන්නවනම් ගෙනාවට පස්සේ රත්කරලා ගන්න එක තමයි හොඳ මොකද නැත්තම් නිවිති සහ චීස් නැවුම්ම තියාගන් හැකියාව නැතිවෙනවා.
නිවිති වල රසය වැඩි නිසා චීස් වල රසය නැතිවෙලා ගිහින් තිබුණා. අනිත් දේ තමයි dish එක අවසානයේ strong sour එකක් දැනුනා. ඒ වගේම මේ dish එක season වෙලා මදි.

 

Rotisserie Chicken and Egg Fried Rice (LKR 330)

මම මේ dish එක menu එකේ තිබුණ එක ගැනත් ඇත්තටම පුදුම වුණා. තව chicken ටිකක් එකතු කරලා තිබුණා නම් හොඳයි කියලා තමයි මට හිතුනේ. හැබැයි smoked flavour සහ fluffy texture එකයි නිසා මේ dish එක රසවත් වුණා.

 

Bourbon and BBQ Wings 6 pc (LKR 690)


මේ Bourbon and BBQ Wings එක ඇත්තටම මාව satisfy කලා කිව්වොත් හරියටම හරි. Juicy chicken wings එක්ක BBQ sauceතිබුණ නිසා තමයි මේක රසවත් වෙලා තිබුණෙ කියලා මට හිතෙනවා.The Bourbon විසින් BBQ sauce වල depth එක වැඩි කරලා තිබුණත් overall flavour එකම රස බලන්න තිබුණනම් තවත් හොඳයි. මේක අපිට deliver කරනකොට ටිකක් පරක්කු වුණා. මම හිතන්නේ Burning Bird Rotisserie මේ dish එක pack කරලා එවනකොට sauces එක වෙනම එව්වනම් හොඳයි කියලා. මොකද එතකොට chicken එකේ crisp ගතිය customor අතට dish එක ලැබෙනකම් තියාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් portion එක wings 3.6 හෝ 12 වශයෙන් order කරන්න.

 

Buffalo and Blue Wings 6 pc (LKR 690)

Blue cheese කියන්නේ මගෙ උන්නදුව අවුස්සන තවත් දෙයක්. නමුත් පොරොන්දු වුණ Blue cheese Dip එක package එකත් එක්ක එවලා තිබුණේ නැහැ. මේ නිසා මම ගොඩක් dissapointed වුණා. නමුත් wings ටික හොඳට හදලා තිබුණ වගේම hot buffalo sauce එක නිසා මුළු dish එකටම smoky flavour එකක් ලැබිලා තිබුණා.

 

 

Mains

Classic Italian Rotisserie Chicken (LKR 690)

අපි order කලේ quarter size chicken එකක් . නමුත් ඔයාට පුළුවන් half chicken (LKR 1360) හෝ full chicken (LKR 2,700) oder කරන්න.
මේ chicken එක juicy සහ tender එකට හොඳට cook කරගන තිබුණා. crispy skin එකෙත් හොඳ texture එකක් තිබුණා. ඒ වගේම herbs එකතු කරලා තිබුණත් flavour ටික chicken එකේ ඇතුළටම කාවැදිලා තිබුණේ නැහැ.

 

 

Hickory BBQ Rotisserie Chicken (LKR 690)

මේ dish එකත් හොඳට cook කරලා තිබුණා. ඒත් flavour ගැන කතා කරනකොට මීට වැඩිය දෙයක් කරන්න තිබුණා කියලා මට හිතුණා. හැබැයි මේ dish එක Classic Italian එකට වැඩියනම් හොඳයි. ඒ ketchup, paprika, hickory smoke seasoning එක නිසා. කොහොම වුණත් මේ dish එකට තව attention එක දුන්නා නම් තවත් රසවත් කරගන්න තිබුණා.

 

The Process

අපි order කලේ උදේ 11.30ට වුණාට කෑම ටික අපි අතට ලැබුණේ දවල් 1.30 සහ 2.30ට. කොහොම වුණත් 12.30 අපි දැනත්තා අපේ order එක එයාලා cancelle කරලා කියලා. අපිට ආයේත් මේ නිසා order කරන්න සිදුවුණා. විනාඩි 45කින් විතර order එක අපිට ලැබුණා. කොහොම වුණත් එයාලා පැකිලීමක් නැතිව අපේ සල්ලි refund කළා. Burning Birdලට cloud kitchen දක්වා වර්ධනය වෙන්න හැකියාව තිබුණත් customer satisfaction එක ගැන මීට වැඩිය හිතන්න අවශ්‍යයි කියලා තමයි අපි හිතන්නේ.

තොප්පිය තට්ටයට හේතුවක්ද…?

කොණ්ඩය ගැලවී යාම, තට්ටය පෑදීම කියන්නෙ බහුතරයකට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයට මේ ගැටළුව වැඩිපුර තියෙනවා කියලා තමයි අපට අහන්න දකින්න ලැබෙන්නෙ. මේකට හේතුව මොකක්ද කියන එක නිශ්චිතවම කියන්න බැරි වුනත් ජානමය හේතු මේ තත්වයට තදින්ම බලපානවා කියල තමයි පොදුවේ මතයක් විදිහට පවතින්නේ. තට්ටය පෑදීම කියන්නේ පුරුෂ පාර්ශවය මානසිකව පීඩාවට පත්වන ප්‍රධාන හේතුවක්. තරුණ වියේ ඉන්න පිරිමි පුද්ගලයකු වුනත් කොණ්ඩය හැලී ගිහින් තට්ටය පෑදුනා කියන්නෙ ඔහුගෙන් පේන්නේ වයසක පෙනුමක්. ඉතින්, තමන් ඉන්නවාට වඩා වයසයි කියල පෙන්වන්න කවුද කැමති වෙන්නෙ..? නමුත් මේ තත්වයට මුහුණ දෙන්න සිදු වුනොත්..? ඔබට විකල්ප හොයන්න හෝ නැතිනම් පවතින තත්වය බාරගන්න සිදුවෙනවාම තමයි. කොහොම වුනත් මේ තට්ටය පෑදීම කියන කාරණය එක්ක කතාබහට එන අතුරු කතාවක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නෙ. මේක “පිරිමින්ට විශේෂයි” කියලත් කියන්න පුළුවන්. හේතුව වැඩිපුරම මේ තත්වයට මුහුණ දෙන්නේ පිරිමි අය නිසා.

තට්ටය පෑදීම සිද්ද වෙන්න ලොකු හේතුවක් තොප්පි පැළඳීම කියල පොදු සමාජයේ මතයක් පවතිනවා. ඔයා මේ ගැන අහලත් ඇති. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත..? අපි අද කතාබහ කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. දැන් මේ ගැටළුවට සෘජු පිළිතුරක් දුන්නොත්, අපට කියන්න තියෙන්නේ එහෙම පිළිගත හැකි සාක්ෂි නැහැ කියන එකයි. ඒ කියන්නේ දිනපතා හෝ නිතර නිතර තොප්පියක් පැළඳීම නිසා තට්ටය පෑදීම ඉක්මන් වෙනවා හෝ ඒ පිළිබඳ අවදානමක් තියෙනවා කියන කතාව කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් ඔප්පු කළ අදහසක් නොවෙයි. ඒ නිසා අපට සරළව එක මිත්‍යා විශ්වාසයක් පමණයි කියල ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද..?

Image result for hair loosing because of hat

 

එහෙම සරළව ප්‍රතික්ෂේප කරන්නත් ඔයාට පුළුවන් කමක් නැහැ. දැන් ඔයා ටිකක් ගැටළුසහගත තැනකට යනවා වන්න පුළුවන්. එතකොට මොකක්ද ඇත්තම කතාව..?

 

මෙහෙමයි. ඔය තොප්පි දැමීම කියන එක අපි එක වචනයක් විදිහට කිවුවා වුනත් ඒකෙත් ප්‍රබේද තියෙනවා. සාමාන්‍යෙන් විලාසිතාවක් විදිහට තොප්පියක් පැළඳීම සමහරු කරන දෙයක්. ඒ වගේම තවත් සමහරුන්ගේ පුරුද්දක්. ඒ අයට තොප්පිය අහිමි වෙනවා කියන්නේ තමන්ගේ අනන්‍යතාව අහිමි වුනා වගෙයි. මොකද ඒ අය තමන්ව ප්‍රතිරූපයක් විදිහට ගොඩනගාගෙන තියෙන්නෙම තොප්පියත් එක්කමයි. ඉතින් කොතන කොහොම වැඩකට ගියත් ඒ අය යන්නෙ තොප්පියත් එක්කමයි.

මෙන්න මේ වගේ පුරුද්දක් තියෙන අයට තොප්පිය කියන්නෙත් අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් මේ තොප්පි දැමීම ඔයාගේ කොණ්ඩය ගැලවී යාමට හේතුවක් කියල අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. ඒ කරුණ සනාථ කරන්න සාක්ෂි ලැබිලත් නැහැ. නමුත් ඔයා පළඳින තොප්පියේ තත්වය ගැන සැළකිලිමත් වීම නම් අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔයා පළඳින තොප්පිය ඔළුවට තදට හිර තොප්පියක් නම් එතන අවදානමක් තියෙනවාමයි. ඒ වගේම දහදිය රැඳෙන තරමට සම්පුර්ණයෙන් ආවරණය කළ තොප්පියක් ඔයා පළඳිනවා නම් එතැනත් හිසකෙස් වැටීමේ අවදානමක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඔයා නිතර තොප්පියක් පළඳින කෙනෙක් නම් දවසෙම තොප්පිය දාගෙන ඉඳල ගැලවීමේදී තොප්පිය ඇතුලේ ගැලවුණු හිසකෙස් තියෙනවා දකින්න පුළුවන්. එක සාමාන්‍ය තත්වයක්. තොප්පිය නිසා කොණ්ඩේ ගැලවී යනවා කියන අදහස ඔයාට ඇතිවෙන්න මේකත් බලපානවා ඇති. නමුත් ඔය දැනගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යෙන් දවසකට කෙස් ගස් 100ක වගේ ප්‍රමාණයක් අපේ හිසෙන් ගැලවී යනවා. එක ස්වභාවික තත්වයක්. තොප්පිය දවසෙම පළඳින කෙනෙකුට මේ හිසකෙස් ගැලවී යාම හොඳින් පෙනෙනවා වන්නට පුළුවන්. නමුත් ඒක ඔබ පසුතැවිල්ලට පත්විය යුතු කාරණයක් නොවෙයි. හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා දකින්න ලැබුනොත් පමණක් ඒ ගැන තරමක් සැළකිලිමත් වන්න කියලයි අපට කියන්න තියෙන්නෙ.

පරම්පරාවෙ ඉතිහාසය මත ජානමය බලපෑමෙන් ඔයාගේ හිසකෙස් ගැලවී යාමට අවදානම දැඩිව තියෙනවා වගේම තවත් සමහර අසනීප තත්වයන් නිසාත් මේ තත්වයට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඒ වගේම යම් ආසාත්මිකතා ඇතිවීම, හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් වගේ කරුණුත් මේකට බලපාන්න හැකියාව තිබෙනවා. ශරීර උෂ්ණත්වය අධික වීමත් තවත් හේතුවක් විය හැකි බව විශේෂඥයින් පවසනවා. සමහර අහාර සහ පාන වර්ග නිසාත්, මානසික ආතතිය නිසාත් මේ හිසකෙස් ගැලවී යාමේ තත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ හැර හිසකෙස් ගැලවෙයි කියන බය නිසා තමන් වඩා ප්‍රියකරන විලාසිතාවක් වන තොප්පිය පැළඳීම අත්හරින්න නම් සාධාරණ හේතුවක් නැහැ. නමුත් අපි මුලින් සඳහන් කළා වගේම ඒ පළඳින තොප්පියේ විලාසිතාව, ප්‍රමාණය සහ නිමවා තියෙන අමුද්‍රව්‍ය වගේ කාරණා ගැන නම් සැලකිලිමත් වීම වැදගත්.

උෂ්ණත්වය රඳවා නොගන්නා වගේම හිර නැති විලාසිතාවක් තොප්පියක් තෝරා ගැනීම, හිතකර අමුද්‍රව්‍ය වලින් නිපදවූවක් තෝරා ගැනීම වගේ සරළ කරුණු ගන විමසිලිමත් වන්න. නිසි අවබෝධය ඇතුව “කැමති තොප්පියක් දාගන්න” කියල තමයි ඔයාට කියන්න තියෙන්නෙ.

එන් . වෙහෙරදූව

ඔයා තාම තනිකඩයි නම් වැලන්ටයින් දවස සතුටින් ගෙවන්නේ කොහොමද..?

වැලන්ටයින් කියන්නේ ඇත්තටම හරිම විනෝදජනක දිනයක්. හැබැයි ඒ ඔයාගේ යාලුවෝ ඇතුළු දන්න කියන හැමෝම විවාහ වෙලා හෝ සම්බන්ධතා පටන්ගන්නකන් විතරයි. ඔයා තනිකඩ කෙනෙක් නම් අද තනියම පාලුවෙන් ඉන්න වුනොත් ? අපි මේ කියන්න යන්නේ ආදරවන්තයින්ගේ දිනයේදී කොළඹ නගරය වටේ අත් අල්ලන් යන ආදරවන්තයින් ගෙන් වෙන්වෙලා ඔයාට තනියම මේ විශේෂ දවස ගොඩක් සතුටින් ගෙවන්න පුළුවන් විධි කිහිපයක් ගැන. එහෙමත් නැතිනම් අද ඇතිවෙන පාළුව මකා ගන්න හොඳම ක්‍රම කිහිපයක් ගැන.

 

 

1. සම්ප්‍රධායික ක්‍රමයට වෙනස්ව හිතන්න.

Image result for a normal day

මුලින්ම මේ ආදරවන්තයින්ගේ දිනය දිරිගන්වන හේතුව ඔයා නොසලකා හරින්න ඕනේ. උදාහරණයක් විදිහට අම්මාවරුන්ගේ දිනය වගේම පියවරුන්ගේ දිනය කියලා විශේෂ දිනයක් වෙන් කරලා තිබුණට ටිකක් හිතලා බලන්න හැමදවසක්ම එයාලගේ දිනයක් විදිහට හිතලා එයාලට සලකනවානම් ? ඒ වගේ මේ සුභ පැතුම් පත් හදන්නන්ට සල්ලි හම්බකරගන්න මේ දිනයන් වෙන් වෙලා නොතිබෙවී. මේ ගැන වැඩිහිටි කෙනෙක් එක්ක සාකච්ඡ කරලා බලන්න. මේ ආදරවන්තයින්ගේ දිනයත් අනිත් හැම දිනයක් වගේම සාමාන්‍ය දිනයක් කියලා හිතන්න.

 

 

2. ඔයාට තෑගී හොයන්න මහන්සි නොවීම ගැන ස්තුතිවන්ත වෙන්න.

Image result for no gift

වැලන්ටයින් දිනයේ තනිකඩව ඉන්න එකේ තවත් ප්‍රධානම වාසියක් තමයි තමන්ගේ සහකරුට හෝ සහකාරියට තෑග්ගක් ගන්න පොරකන පිරිස දිහා බලලා හිත යටින් හිනාවෙන්න පුළුවන් වීම. එදාට සුපිරි වෙළදසැලකට ගියොත් ඔයාට පුළුවන් වේවි අවසන් මොහොත වෙනකන් තෑග්ගක් ගන්න බැරිවුණ එයාලගේ ඇස්වල තියෙන භීතිකාව වගේම සරින් සැරේ තමන්ගේ දුරකථනය පරීක්ෂා කරන විදිහ. ඔයාගේ පාඩුවේ නිදහසේ ආර්පිකෝ එකක් ඇතුලේ ඇවිදගෙන යද්දී රතු රෝස මලක් , ටෙඩි බෙයාර් කෙනෙක් සහ චොකලට් පෙට්ටියක් උස්සගෙන මුදල් අයකැමි ගාවට දුවගෙන යන නොසන්සුන් අය ඔයාට දැකගන්න පුළුවන් වේවි .ඒක වැලන්ටයින් දිනය ගැන ජීවිත කාලය පුරාවටම හිතලා සතුටුවෙන්න පුළුවන් තවත් එක මතකයක් වේවි.

 

 

3. මුදල් ඉතුරු කරන්න.

Image result for saving money

තුන්වෙනියට, ඔයාට මිලදී ගන්න වෙන චොක්ලට් කොච්චර මිළ අධිකද කියලා හිතන්න. ඒ වෙනුවෙන් ඔයාගේ වටිනා මුදල් නාස්ති නොවීම ගැන සතුටු වෙන්න. අවංකවම කිවුවොත් ඒක ඔයාගේ කකුලක් අතක් තරම් වටින ලින්ඩ්ට් හෝ ෆෙරේරෝ රොචර් චොකලට් එකක් මිසක් පරණ තාලයේ රිට්ස්බරි චොකලට් එකක් නෙමෙයි. ඒ වගේම ඒක සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවකට හේතුවක් වෙනවා. ඉතින් මේ ගැනත් වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. අනවශ්‍යව අධික මුදල් වියදම වගේම ශරීරයට සීනි වලින් තියෙන අහිතකර පැත්ත වගේ දේවල් ගැන කතාකරන්න එයාලත් කැමති වෙයි.

 

 

4. දැනෙන පීඩනය මග හැර ගන්න.

Image result for no stree

 

දවස ගෙවෙද්දී ඔයාට පාළුව තනිකම දැනෙන්න පටන් ගනීවි. සාමජයෙන් දැනෙන පීඩනයත් එක්ක ඔයා කොච්චර උත්සහ කළත් හැමදාම ඔයාට තනියම ඉන්න වෙයි කියලා පොඩි හරි සැකයක් හිතට දැනෙයි. ඉතින් මේ වේලාවේ මේ හැම දෙයක්ම අමතක කරලා ඔයා තනියම නැගී සිටින්න. අවුරුද්දේ දවස් 365 න් එක දවසක් විශේෂ විදිහට ගත කරන්න ඔයාගේ ජීවිතයට එක විශේෂ පුද්ගලයෙක් අනවශ්‍ය බව මතක් කරගන්න. ඒ නිසාම ඔයාගේ වටේ ඉන්න සමීප හැමෝටම ඔයාගේ valentine වෙන්න ආරාධනා කරන්න. ඔයාගේ ආදරණීයන්ට ආදරය කරන්න. එතකොට එක්කෙනෙක්ගෙන් ලබන අවධානයට වඩා දහ ගුණයකින් අවධානය ඔයාට ලැබේවි.

 

 

5. ඒ වෙනුවට වෙනස් දෙයක් කරන්න.

Image result for talking with friends using zoom

වෙනසකටත් එක්ක විනෝදජනක වෙනස් දෙයක් කරන්න. ඔයාගේ තනිකඩ අනෙක් යාළුවොත් එක්ක zoom හරහා කාලය ගෙවන්න. ඔයාගේ ඉලක්ක වලට වැඩ කරමින් , ඔයාගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරලා තනියම කාලය ගෙවන්න. මේ ආදරවන්තයින්ගේ දවස තාමටම ආදරය කරන්න පටන් ගන්නත් පුළුවන් දවසක් බව මතක තියාගන්න.

මේ දවස කවදාහරි ඔයාගේ දරුවන් එක්ක බෙදාගන්න පුළුවන් විදිහේ මතක තියෙන සුන්දර දවසක් කරගන්න. වැලන්ටයින් දවසට වගේම අනිත් දවස් වලටත් ඔයාට චොක්ලට් මිලදී ගන්න පුළුවන් වෙයි.නමුත් ලොකු මිලක් දීලා වැලන්ටයින් දවසට ගන්න ෆෙරේරෝ රොචර් එක ඒ ගාණෙන් භාගයක් දීලා වෙන දවසක ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ගැනත් හිතලා බලන්න.

අපේ ගෙදරට ආපු රේඩියෝව..ඔන්න උපන්දිනය සමරනවා .. රේඩියෝව ගැන ඔයා මේ දේවල් දන්නවද ..?

 

අද අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ හරියට ගහට වැල බැඳිලා වගේ හරිම යාලුකමකින් … ඒ යාළුකම කොච්චරද කියනවා නම් අපිට එන ගොඩක් ප්‍රශ්න අපේ මතකයෙන් ඈතට අරන් යන්න …. අපිට සතුට අරන් එන්න අද තාක්ෂණයට තියෙන්න උපන් හපන් කමක් …. අන්තර්ජාලය එක්ක තමයි අද අපි හැමෝගෙම ජිවිත ගෙවෙන්නේ ….. මොනවා උනත් අපි fun එකේ ඉන්නේ මෙන්න මේ නිසාම තමයි …. මෙහෙම fun එකේ ඉන්න කොට අපිට phone එක තමයි ඉතින් fun එකක් ගන්න එක එක දේවල් අපිට හොයල දෙන්නේ …. අපි ඉතින් ඒ මැජික්කාරයා එක්ක මැජික් ලොකෙක ඉන්නවා . මෙහෙම ඉන්න නිසා අපිට Television , Radio එක්ක යාලුවෙන්න වෙන්නෙම නෑ … ඒත් අපි සින්දුවක් අහන් එහෙ මෙහෙ යන්නේ ගොඩක් වෙලාවට අපිට tune වෙන Channel එකකට පින් සිද්ධ වෙන්න තමයි …. ලෝක ගුවන්විදුලි දිනය ඔන්න පෙබරවාරි 13…. ඉතින් මන් හිතුවා ගැස්ම කියවන ඔයාට ගුවන්විදුලි දිනය දවසේ ගුවන්විදුලි ගැන පොඩ්ඩක් කියන්න …

 

කොහොමද මේ ගුවන්විදුලිය හොයා ගත්තේ ?

Image result for who found the radio
අද ඉතින් රේඩියෝ කියලා අපි කටේ හුරුවට කිව්වට ඇත්තට ම එදා මේකට කිව්වේ වයර්ලස් කියලා .
ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විද්‍යුත් චුම්භක ශබ්ද තරංග බවට පත් කල නිසා ඔන්න ගුවන්විදුලි තරංග ලෝකෙට හදුන්වලා දෙනවා
හයින්රික් හර්ට්ස් මේ ක්‍රමය ලොවට වටින බලවේගයක් විදිහට භාවිතයට ගන්නවා .
ඔලිවර් ලොජ්ට පුළුවන් වෙනවා මේ ක්‍රමයේ තියෙන අඩු පාඩු හදන්න
ගුග්ලියමෝ මාර්කොනි තමයි ලොවට ගුවන්විදුලිය හදුන්වල දෙන්නේ . මෙන්න මෙහෙම තමයි ගුවන්විදුලිය මිනිස්සු කියන අපිට එන්නේ .

 

ලංකාවට ගුවන්විදුලිය ආවේ කොහොමද ?

Image result for edward harper

ඉස්සර අපේ මිනිස්සුන්ගේ පාළුව තනිකම මකන්න , දුකට සැපට හිටපු ලගම යාළුවා උනේ මෙන්න මේ කියන රේඩියෝ එක තමයි.
එඩ්වර්ඩ් හාපර් තමයි ලංකාවේ ගුවන්විදුලිය නිර්මාතෘ ….

1922 ජුනි මාසයේ පිහිටවපු ලංකා වයර්ලස් සමාජය වගේම 1922 නොවැම්බර් මාසයේ පිහිටවපු ලංකා ආධුනික ගුවන්විදුලි සංගමයත් , 1923 ජුලි මාසයේ පිහිටවපු ලංකා ආධුනික ගුවන්විදුලි සමාජයත් ලංකාවට ගුවන්විදුලිය අරගෙන එන්න මුල් වෙලා කටයුතු කරා .

විශේෂ කමිටු දෙකක් ගුවන්විදුලිය ආරම්භ කරන්න කලින් ඒ ගෙන හොයන්න , බලන්න පත් කරා .
1924 ජුනි මාසේ 24 වෙනිදා තමයි ලංකාවට ගුවන්විදුලිය නිල වශයෙන් හදුන්වලා දෙන්නේ …..

විලියම් හෙන්රි පළමු පළමු ගුවන්විදුලි ප්‍රචාරය විසිරුවා හරිනවා …

 

 

මොනවද ඉතින් විශේෂතා ?

Image result for radio

ශබ්දය මුලික කර ගත්ත හරි අපුරු මාධ්‍යයක් තමයි මේ ගුවන්විදුලිය කියන්නේ …… ඔන්න බලන්නකෝ මේ කතාව ….

රැහැන් රහිත නිසා ….. වයර්ලස් / වෑර්ලස් කිව්වා
ශබ්දය මාධ්‍ය කර ගත්තම ……… ශ්‍රව්‍ය වාහිනී කිව්වා
ගුවනේ යන විදුලිය නිසා ……. ගුවන්විදුලිය කිව්වා
ඉංග්‍රීසි වචනයෙන් අරන් ……. රෙදෙව්ව කිව්වා
අද ඔන්න අපි රේඩියෝව කියනවා ……..

ශබ්දය නිසා හරඹ පාන මේ ගුවන්විදුලිය කාගේ උනත් හිතට වදින . හිත පිස්සු වට්ටන , කන පිනවන …… අමුතුම උපකරණයක් …. නිවේදකයා පෙන්නේ නැති උනත් නිවේදකයාගේ ශබ්දයට වෙන වශීය නිසා තමයි මේ තරම් ගුවන්විදුලිය වටින්නේ …. ප්‍රේමකීර්ති ද අල්විස් කියන නම ඇහුන ගමන් අදටත් හිතට අමුතු ලෙන්ගතුකමක් දැනෙනවා … මොකද ඒ තරම් ඒ ශබ්දය අමරණිය උනා …. අපිට ඒ අත්දැකීම නැති උනාට …. අපේ අම්මා තාත්තට , ආච්චිට සීයට නම් …… ඒ සොදුරු මතක තියෙනවා මයි …… ගුවන්විදුලියෙන් එන ශබ්ද එක්ක අපි අමුතු බැදීමක් ඇති කර ගන්නවා ….. රූප නොපෙනුනාට අපේ මනසේ , හිතේ ලස්සන් ලස්සන රූප මවන්න ගුවන්විදුලියට පුලුවන් …

 

 

මොකටද ඉතින් රේඩියෝ අපිට ?

Image result for listen to the radio

අද වෙනකොට අපි හැමෝම කාර්යබහුල වෙලා . ඒක ඇත්ත . මොන රාජකාරී තිබ්බත් ඉතින් සින්දුවක් අහන් … රටේ ලෝකේ වෙන දේ ගැනත් පොඩ්ඩක් හොයා හොයා ඉන්න තමයි අපි හැමෝම කැමති …. රේඩියෝ එක නිසා අපි ඉතින් මේවා කරනවා ….. අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න ඕන කරන පාර රේඩියෝ එක පෙන්නනවා .. ඒ විතරක් ම නෙමේ අපිව සතුටු කරන්න මෙන්න මේ රේඩියෝ එකට පුළුවන් … අපි නොදන්න ගොඩක් තොරතුරු අපි ගාවට අරගෙන එන්න වගේම … අද වෙද්දී අපි දන්න දේවල් වෙන අය එක්ක හුවමාරු කර ගන්නත් මේ රේඩියෝ එක නිසා පුළුවන් වෙලා … අපි හැමෝම කැමති තොරතුරු එක්ක ජිවත් වෙන්න … ඇත්ත ම කතාව තමයි අපිට තොරතුරු නැතිව ජිවිතයක් නෑ කියන දේ … අපේ සම්බන්ධකම් ශක්තිමත් කරන්න …. රේඩියෝ එකට පුළුවන් වෙලා …… තරහ මරහා අමතක කරලා හැමෝම එක්ක සතුටින් ඉන්න රේඩියෝ එක අපිට කියලා දීලා …. අද ඉහේ කෙස් ගානට මාධ්‍ය සමාජෙට ආවට …. අපිට ගොඩක් කිට්ටුවෙන් , ලගින්ම ඉන්න තාමත් රේඩියෝ එකට පුළුවන් ….. එහෙම නේද …. අපේ මනසට අමුතුම රස ගෙන ඕනෑම මාධ්‍යයක් එක්ක ලගින් වගේම ……රස අතර අතරමන් නොවී සිහිබුද්ධියෙන් ඉන්නත් අපි දැන ගන්නම ඕන ……

ලෝක ගුවන්විදුලි දිනය අද වගේ දවසක දීලා තියෙන කොට මට හිතුනා ඒ ගැන ඔයාට මෙහෙම කියන්න ….. එදා ඉදන් අද වෙනකම් අපිව තනි නොකර , අපේ තනිය මකපු රේඩියෝ එක අපිත් තනි නොකර ඉමු නේද ……? ඔයා මොකද හිතන්නේ ඒ ගැන ……. දවසින් දවස , එක එක ජාතියේ මාධ්‍ය අපි ගාවට එනවා … අන්න එකත් ඇත්ත …. ඒත් ….. එදා ඉදන් අපි එක්ක හිටපු රේඩියෝ එක කියන අපේ සීයා අපිව තනි කරේ නෑ …… අන්න ඒක තමයි ඇත්ත කතාව ……. ලෝක ගුවන්විදුලි දිනය අභිමානයෙන් සමරන්න ගැස්ම කියවන ඔයාට මං ….. ආරාධනා කරනවා ……

සඳුනි අරවින්දිනී

මේ වැලන්ටයින් එකට වෙනස්ම විදියේ තෑගි ගන්න හොඳම තැන් මෙන්න…

මේ පාර ඔයත් එක්ක වැලන්ටයින් එක සමරන්න තවත් කෙනෙක් ඉන්න එක ඇත්තටම සතුටට කරුණක්! කොහොම වුණත් ඔයාගේ ඒ ආදරණීයයාට, පරිපූර්ණ හා අර්ථවත් තෑග්ගක් තෝරා ගන්න එක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. විශේෂයෙන්ම ඔයා රාමුවෙන් පිට හිතන, තෑග්ගේ පිටත පෙනුමට වඩා තේරුමක් තියෙන තෑග්ගක් දෙන්න හිතන කෙනෙක් නම් වාසනාවකට වගේ මේ අදහස් වලින් එකක් හරී ඔයාට උදවුවක් වෙයි.

 

 

1. Food Bouquets

මේක නම් කෑම වලට කැමති ඔයාලටම තමයි. ලස්සන bouquet එකක ඩෝනට්ස් හෝ චිකන් නගට්ස් දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙද්දී ඇයි පරණ තාලේ විදිහට තවමත් චොකලට් හා රෝස මල් දෙන්න උත්සහ කරන්නේ.

 

The Doughnuttery

කටට කෙල උනන රසයක් තියෙන, ඩෝනට් bouquets වලට ප්‍රසිද්ධ The Doughnuttery එකෙන් ඔයාට ඔයා කැමති විදිහට, කැමති අකුරු වල හැඩ තියෙන doughnut ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @the_doughnuttery

Facebook: The Doughnuttery

Doughnutty

ලස්සනම ලස්සන වගේම රසවත් ඩෝනට් bouquets ඔයාට ලබාගන්න පුළුවන් තවත් තැනක් තමයි මේ.

Instagram: @doughnutty._

Nuggs and Kisses

නමේ කියවෙන විදිහටම ,කෑමට කැමති ඔයාලට එයාලගෙන් chicken nuggets සහ french fries වලින් හදපු bouquet ලබාගන්න පුළුවන්.

Instagram: @nuggsandkisses.lk

Midnight Surprise

ඔයා මධ්‍යම රාත්‍රියේ වුණත් Suprise එකක් දෙන්න සැලසුම් කරලා තියෙනවා නම් මෙතැන තමයි ඒකට ගැළපෙනම තැන. කොළඹ අවට නම් ඔයා කැමති විදිහට customize කරපු තෑගී මධ්‍යම රාත්‍රියේ ගෙදරටම ගිහින් දෙන්න වගේම surprise party සුදානම් කරන්න, සැරසිලි කරන්න එයාලට පුළුවන්. curated boxes, balloon hampers, කේක්, brownie bouquets සහ ලස්සන heartbreaker smash cake මේකට ඇතුළත් වෙනවා.

Instagram: @midnight_surprise.lk

Facebook: Midnight Surprise

දුරකථන අංකය: 072 800 6118

The Giftery

The Giftery එකෙත් ඔයාට තෝරාගන්න පුළුවන් විදිහේ තෑගී ගොඩක් තියෙනවා. එයාලත් curated boxes, balloon hampers, කේක්, brownies සහ cakesicle bouquets සහ ලස්සන heartbreaker smash cake වගේ තෑගී වලට ප්‍රසිද්ධයි.

Instagram: @the.giftery__

දුරකථන අංකය: 076 053 3738

Candy Cravings

Candy Cravings මහනුවර සහ මාතලේ අවට ප්‍රදේශ වලට online deliver කරනවා. ඩෝනට් bouquets, තමන් කැමති විදිහේ කේක්, බ්‍රව්නී, කප් කේක් සහ කුකීස් එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: @candy.cravings_kandy

දුරකථන අංකය: 075 440 9000

The Bloom

වැඩිපුරම strawberry bouquets වලට ප්‍රසිද්ධ The Bloom ලාගෙන් , Flower bouquets, curations, කේක්, බ්‍රව්නී සහ platters ඔයාට ලබාගන්න පුළුවන්. මීගමුවේ පිහිටලා තිබුණත් එයාලා ලංකාව පුරාම බෙදාහැරීම සිද්ධ කරනවා.

Instagram: @__thebloom__

දුරකථන අංකය: 076 606 6501

Dessert Corner

බ්‍රවුනි bouquets වලට වගේම cake jars, තමන් කැමති විදිහේ monogram කේක්, සහ තවත් ගොඩක් desserts සහ sweets එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: @_dessert_corner_

Facebook: Dessert Corner

දුරකථන අංකය: 072 050 7474

Pick-Up Location: Gothatuwa

 

 

2. Love Jar

ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ඔයා එයාලගේ ආදරය කරන හැම දෙයක් ගැනම දැනගන්න වගේම එයාලව අගය කරන්නත් හොඳම ක්‍රමය මොකද්ද ? රළු දවසක අවසානයේ එයාලට දෙන්න හොඳම තෑග්ගත් මේක වෙන්න පුළුවන්.

Dazzling Crafts

මේක online store එකක් වගේම එක එක වර්ගයේ handmade crafts, love jars, bottle charms, memory boxes වගේ තව ගොඩක් දේවල්. කලින් දැනුම් දුන්නොත් customised orders එයාලා භාරගන්නවා විතරක්ම නෙමෙයි දිවයින පුරා නොමිලේ බෙදාහැරීම සිද්ධ කරනවා.

Instagram: @dazzling.crafts

Facebook: Dazzling Crafts

දුරකථන අංකය: 077 586 5817

Craft House

Handmade crafts වලට ප්‍රසිද්ධ තවත් තැනක් තමයි මේ. එයාලගේ ලස්සන love jars,Polaroids සහ handmade dream catchers වගේ ගොඩක් දේවල් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @__crafts_house_

දුරකථන අංකය: 078 512 6061

Rashi’s Craft Diaries

රාෂි ඇයගේ නිර්මාණශීලීත්වය සඳහා පැහැදිලිවම ප්‍රසිද්ධ කෙනෙක්! customize jars, photo frames, scrapbooks, string art සහ තවත් ගොඩක් දේවල් ඇය නිර්මාණය කරනවා. ඔයත් එයාගෙ page එක check කරලා බලන්න ඔයාගේ gift ideas පවා වැඩිකරගන්න ඒක උදවුවක් වේවි.

Instagram: @craftsbyr.lk

දුරකථන අංකය: 076 402 5834

Pick-Up Location: K C DeSilva Pura, Thimbirigaskatuwa, Negombo.

Dazzling Gifts of Love

නමේ කියලා තියෙන විදිහටම එයාලගේ නමට අර්ථයක් එකතු කරන මේ online store එක ඔයාගේ ආදරණීයයන්ට අතින් සාදන ලද අත්කම් සහ වෙනත් සිත් ඇදගන්නා සුළු තෑගි අදහස් ද ලබාදෙනවා. චමත්කාරජනක moon lamps වලටත් එයාලා ප්‍රසිද්ධයි. ඔයත් ඒවා check කරලා බලන්න.

Instagram: @dazzling_gifts_of_love

Facebook: Dazzling_gifts_of_love

දුරකථන අංකය: 075 480 5602

Craftastic LK

ලස්සන සුභ පැතුම් පත්,string art සහ තවත් විශිෂ්ට ඝනයේ shadow boxes, save-the-date frames, explosion boxes සහ love jars වගේ නිර්මාණ එයාලගෙන් ලබාගන්න පුළුවන්.

Instagram: @craftasticlk

Facebook: Craftastic_LK

දුරකථන අංකය: 077 119 2532

Art Attack LK

String-Art සහ සරල කාඩ් වාගේම අතිවිශිෂ්ට personalized box සහ memory box එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @art_attack_lk

දුරකථන අංකය: 076 523 4516

Pick-Up Location: Moratuwa

By.StarGirl

සරල බව සහ නිර්මාණශීලිත්වය සම්මිශ්‍රණයක් වෙන By.StarGirl එකෙන් එයාලගේ සරල කලාත්මක සහ නිර්මාණශීලි නිෂ්පාදන ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @by.stargirl

 

 

3. Personalised Apple/Spotify frames

හැඟීම් ගොඩක් වේලාවට ගීත තුළින් ප්‍රකාශ වෙනවා. ‘අපේ ගීතයක්’ කියලා අවේණික ගීතයක් තියෙන අයට නම් ලස්සන display එකක් හෝ wall display හුරුබුහුටි විදිහට ප්‍රදර්ශනය කරන්න මේක හොඳ අවස්ථාවක්.

Anim8.lk (Pvt) Ltd

විශ්මයජනක හා විශ්වාසදායක මුද්‍රණ කටයුතු වලට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන Anim8.lk (Pvt) Ltd ලාගෙන් customise තෑගි වර්ග එකතුවක්
අතරින් කැමති තෑග්ගක් තෝරාගන්න ඔයාට හැකියාව ලැබෙනවා. මෙතැන ආදර්ශමත් පාරිභෝගික සේවාවක් සහ තෘප්තියක් ලබා දෙන ස්ථානයක් විදිහට මෙතැන හඳුන්වන්න පුළුවන්.

Instagram: @anim8.lk

Facebook: Anim8.lk

Contact Number: 076 823 7271

ලිපිනය : 237, Thimbirigasyaya Road, Colombo 05.

Printiin.lk

එයාලා design කරනවා මුද්‍රණය කරනවා වගේම බෙදාහරිනවා. ඔයාට නිර්මාණශීලි අදහසක් නොමැතිව හිර වෙලා ඉන්නවා නම් ඔයාට නිර්මාණශීලි අදහස් ලබා දීලා උදවු කරන්න එයාලට පුළුවන්. නැත්තම් ඔයාගේ අදහස් වලට ජීවය දෙන්නත් එයාලට පුළුවන්.

Instagram: @printiin.lk

දුරකථන අංකය:: 077 273 8777

Comics.lk

ඇඟලුම් ,පෝස්ටර්,පොලරොයිඩ් සහ custom ලැප්ටොප් / දුරකථන කවර වගේ පුළුල් පරාසයක තෑගී එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාගේ සංගීත රාමුවට ජීවයක් දෙන්න ඔයාට සහය වෙන්න එයාලට පුළුවන්.

Instagram: @ comics.lk

ඇමතුම් අංකය: 066 771 1686

 

 

4. Heartbreaker smash cake

මේ ආහාරයට ගන්න පුළුවන් heart එකක් වගේම ඒක ඇතුලෙ පොඩි තෑගී සහ candy ඇතුළත් වෙලා තියෙනවා. ඇතුළේ තියෙන පණිවුඩය හෝ පොඩි තෑගී එළියට ගන්න මේ හදවත බිඳින්න පොඩි මිටියකුත් ඔයාට මේකත් එක්ක ලැබෙනවා. පුදුම කිරීම් වලට කැමති අයට නම් මේක ගොඩක් විනෝදජනක ක්‍රමයක් වෙයි.

BakeVille

එයාලගේ අරමුණ ඔයාගේ අවස්ථාවට ගැළපෙන පරිපුර්ණ තෑග්ගක් ලබා දීම. තෑගි පෙට්ටිවල සිට ලස්සන කේක් දක්වා සියල්ල එයාලා සාදනවා වගේම අතිවිශිෂ්ට කප් කේක් එකතුවක් එයාලා ළඟ තියෙනවා.

ෆේස්බුක්: Bakeville

Instagram:@bakeville.lk

ඇමතුම් අංකය: 077 139 7770

Pick-Up Location:: මහරගම

La Chocolatier

අද්විතීය hand made චොකලට් design මෙතනින් ලබාගන්න පුළුවන්. එයාලා සහතික කරන විදිහට ඒවා ආදරය හා උණුසුමෙන් සරසා තියෙනවා වගේම එයාලා විවිධ කුකීස් සහ වෙනත් චොකලට් අඩංගු දේවල් සාදනවා.

Instagram: @la.chocolatier__

Facebook: La Chocolatier

දුරකථන අංකය: 076 667 4631

Caked by Amna

එයාලා සතුව ලස්සන custom කේක් design විතරක් නෙමෙයි , ඔයාගේ පෞද්ගලික අවශ්‍යතාවයට අනුව ඔයා කැමති විදිහේ treat box එකක් එයාලගෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @caked_by_amna

Facebook: Caked by amna

දුරකථන අංකය: 077 780 9923

ලිපිනය : No.23, Murugan Place, Colombo 06.

Midnight Surprise

ඔයා suprises plan කරලා තියෙනවා නම් මධ්‍යම රාත්‍රියේ වුණත් ඔයාට ඒක ඉෂ්ට කරලා දෙන්න එයාලා සුදානම්. කොළඹ අවට ප්‍රදේශ වල suprise පාටි සැරසිලි කටයුතු වගේම පාටි සංවිධානයත් එයාලා සිද්ධ කරනවා. ඒ වගේම තෑගී deliver කරන්න විතරක්ම නෙමෙයි curated boxes, balloon hampers, කේක්, brownies bouquets සහ ලස්සන heartbreaker smash කේක් එයාලගෙන් ලබාගන්න ඔයාට පුළුවන්.

Instagram: @midnight_surprise.lk

Facebook: Midnight Surprise

දුරකථන අංකය: 072 800 6118

Sugar by Ru

නමේ කියලා තියෙන විදිහට හැම දෙයක්ම සීනි! එයාලා ස්මාෂ් කේක් වගේම එයාලගේ පොඩි ‘කේක්සිකල්ස්’ දක්වා ‘මිහිරි ’ වගේ සෑම දෙයක්ම හදනවා. විනාඩියක් හෝ දෙකක් අරගෙන එයාලගේ page එක check කරලා බලන්න. ඔයාට රසවත් අදහස් කිහිපයක්ම ලබාගන්න පුළුවන් වෙයි.

Instagram: @sugarbyru

Facebook: Sugar by Ru

දුරකථන අංකය: 074 151 0074

Pickup Location: 41/12, Pathalawatta Road, Nedimala, Dehiwala.

The Giftery

පුළුල් පරාසයක තෑගි තියෙන තවත් store එකක් විදිහට The Giftery හඳුවන්න පුළුවන්. curated boxes, balloon hampers, cakes, brownies සහ cakesicle bouquets වගේම ලස්සන heartbreaker smash cakes එයාලගෙන් ලබාගන්න ඔයාට පුළුවන්.

Instagram: @the.giftery__

දුරකථන අංකය: 076 053 3738

The Brownie and Tart Co

රසම රස චොකලට් වලින් ගෙදර හැදූ රසවත් බ්‍රව්නීස් The Brownie and Tart Co එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්. බ්‍රව්නීස් සහ ටාට්ස් වගේම සිත් ඇදගන්නාසුළු චොකලට් Bombs එයාලා ගාව තියෙනවා.

Instagram: @the_brownientart_co

Facebook: The Brownie and Tart Co.

දුරකථන අංකය: 076 475 0979

Pick-Up Location: Havelock Road, Colombo 5.

Sweet Treats by Humi

රසම රස චොකලට් විශේෂයන් වලට අමතරව Sweet Treats by Humi ලස්සන smash කේක් හදනවා. ඒවා එකින් එකට වෙනස් විවිධත්වයක් තියෙන නිසා අපි කැමති විදිහේ එකක් තොරගන්නත් පුළුවන්.

Instagram: @sweettreatsbyhumi

Facebook: Sweet Treats by Humi

දුරකථන අංකය: 077 733 4862

The Cakesmith

මේ bake කරන පවුලක්. කේක් වලට විශේෂත්වයක් දක්වන නිසාම ඔයා කැමති විදිහේ smash කේක් එකක් එයාලා ඔයාට හදලා දෙයි. ඒ නිසාම එයාලගේ selection එකත් බලන එක වටිනවා.

Instagram: @the_cakesmith_

Facebook: The Cakesmith

දුරකථන අංකය: 076 907 0125

Address: Park Road, Narahenpita

 

 

5. Memory Box

අපි හැමෝටම වගේ ගොඩක් වටිනා අමතක නොවන සුන්දර මතකයන් තියෙනවා. නමුත් අපි පළවෙනි හමුවීමේ දී බලන්න ගියපු ච්ත්‍රපටියේ ටිකට් එක, පළවෙනියටම ගියපු චාරිකාවේ සිහිවටනයක් වගේ සමහර වටිනා පොඩි පොඩි දේවල් නොවැදගත් දේවල් විදිහට සලකනවා. නමුත් ඒ හැමදෙයක්ම හුරුබුහුටි පෙට්ටියක තියාගන්න පුළුවන් නම් හැඟීම් තියෙන අයට මේක වටිනා දෙයක් වේවි.

Art Attack LK

String-Art, සරල සුභ පැතුම් පත් වගේම personalized boxes, විවිධ වර්ගයේ explosion boxes සහ memory boxes වගේ ගොඩක් කලාත්මක දේවල් Art Attack LK එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Instagram: @art_attack_lk

දුරකථන අංකය: 076 523 4516

Pick-Up Location: Moratuwa

Kikasho by Twins

මේ online store එක කරගෙන යන්නේ luxury rose frames වලට තරමක් ප්‍රසිද්ධ වුනු සහෝදරියන් දෙදෙනෙකු විසින්. ඔයා කැමති විදිහට customise කරපු shadow boxes වගේම ලස්සන පැලෑටි පෝච්චි (plant pots) සහ වෙනත් හුරුබුහුටි තෑගි අදහස් වලට එයාලා ගොඩක් ප්‍රසිද්ධයි.

Instagram: @kikasho_by_twins

Facebook: Kikasho by Twins

දුරකථන අංකය: 076 301 8611

Pickups: Maharagama, Panadura.

 

 

6. Make Memories: Polaroid Cameras

ජීවිතයටම මතක හිටින date එකක් plan කරලා ඒ සුන්දර මතක සටහන් හැමදාම මතක තියාගන්න ඒත් එක්කම instant polaroid camera වක් ඔයාගේ ආදරණීයයාට තෑගී කරන්න.

Urban.lk

Urban.lk එකේ ආදර්ශ පාඨය සහ දැක්ම වෙන්නේ පාරිභෝගිකයින්ට නාගරික පෙරළියක් ලබා දීම. එයාලා එයාලගේ නිෂ්පාදන වල අව්‍යාජභාවය ගැන පොරොන්දුවක් ලබාදෙනවා වගේම ඔයාගේ බොහෝ ඉලෙක්ට්‍රොනික අවශ්‍යතා ඔයාට ලබා දෙන්න එයාලා සන්නද්ධ වෙලා ඉන්නවා.

Instagram: @urban.lk

Facebook: Urban.lk

දුරකථන අංකය: 011 431 2516

ලිපිනය : 16, Station Road, Colombo 4, 00400.

CameraLK

කැමරා ලෝලීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට මෙතැන සුර ලොවක්. කැමරා ආශ්‍රිත අවශ්‍යතා තියෙන ඕනෑම කෙනෙක්ට සේවාව ලබාදෙන්න Camera.lk සුදානමින් ඉන්නවා.

Instagram: @cameralk_

Facebook: CameraLK Store

දුරකථන අංකය: 011 781 7870

ලිපිනය : 263 High Level Rd, Colombo 00500

Majestic City Showroom: No 28, 3rd Floor Majestic City Colombo 04, 00400

CameraPro.lk

කැමරා ලෝලීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට වටින තවත් තැනක් තමයි මේ. එයාලාගෙන් ඔයාට කැමරා සහ ඡායාරූප ආශ්‍රිත උපකරණ ගොඩක් ලබාගන්න පුළුවන්.

Instagram: @camerapro.lk

Facebook: CameraPro Sri Lanka

දුරකථන අංකය: 077 072 2200

ලිපිනය : No 120/11A, Vidya Mawatha, Colombo 07.

Rae Electronics

රේ පවුලේ ඉලෙක්ට්‍රොනික විශේෂඥයින් විදිහට ශ්‍රී ලංකාවෙන් හොයාගන්න පුළුවන් හොඳම පාරිභෝගික සේවාවක් ඔයාට ලබා දෙන්න එයාලා සහතික වෙලා ඉන්නවා. ඔයාට තවත් තෑගි අදහස් ලබා ගන්න තවත් දේවල් තියෙන වෙළඳසැල් කිහිපයක් එයාලා සතුව තියෙනවා.

Instagram: @rae_electronics

Facebook: Rae Electronics

දුරකථන අංකය: 077 712 5056

Pick-Up Location: Negombo Road, JaEla.

Daraz

ශ්‍රී ලංකාවේ ලොකුම online store එක වෙන Daraz ඔයාගේ අවශ්‍යතාවන්ට හරියන විදිහට ඕනෑම දෙයක් රැගෙන යන්න එන්න සහතික වෙලා ඉන්නවා. ඉතින් ඔයාගේ වැලන්ටයින්ට විශේෂ තෑග්ගක් ලබා දෙන්න අදහසක් ගන්න යන්න පුළුවන් තවත් හොඳම තැනක් තමයි මේ.

Instagram: @daraz.lk

Facebook: Daraz Online Shopping

දුරකථන අංකය: 011 757 5600

ඔයා කතා කරන විදියෙන් පුළුවන් ඔයා smart චරිතයක්ද කියලා හොයාගන්න..

Smart වෙන්න, නැතිනම් smart character එකක් වෙන්න කවුද අකමැති..? ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගැන අනික් අය ඒ විදිහට කතාබහ කෙරෙනවා අහන්න. ඒත් ඇත්තටම Smart වෙන්න නම්, ඔයා ඔයාගේ ජීවන රටාවට එකතු කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි විශේෂයෙන් මෙතැනදී කතාබහ කරන්නේ ඔයාගේ සන්නිවේදන හැකියාව ගැන. ඒක කොයි තරම් Smart විදිහට කරන්න ඔයා දැනුවත්ද කියන දේ ගැන. මේ ලිපියෙන් අපි කතාබහ කරන දේවල් ඔයා තුළ තියෙනවා නම් තමයි ඔයා ඇත්තටම “Smart communicator” කෙනෙක් විදිහට අනික් අයට පෙන්නේ. මොනවද මේ කාරණා…? අද gasma.lk කියවන ඔබ වෙනුවෙන් අපි ලැහැස්තියි මේ කරුණු ගැන කතාබහ කරන්න.

 

සන්නිවේදන හැකියාවන් 

Businesspeople having a discussion in office Free Photo

හොඳ සන්නිවේදකයෙක් වීම ඔයාට Smart චරිතයක් වෙන්න මූලිකම අවශ්‍යතාවක්. ඔයා කතාවක් අහල ඇති “අඩුවෙන් කතා කරන්න වැඩිපුර අහගෙන ඉන්න” කියල. හොඳ සන්නිවේදකයෙක් වීමේදී මේ කතාව අතිශය වැදගත්. වැඩිපුර අහගෙන ඉන්න තරමට ඔයාට දේවල් වැඩිපුර උකහා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අඩුවෙන් කතා කරන්න පුරුදු වුනොත් ඔයා අත්‍යවශ්‍ය දේ විතරක් නිවැරදිව පැහැදිළිව කතා කරන්න පුරුදු වෙනවා. හොඳ සන්නිවේදන කුසලතාවක් තියෙනවා කියන්නෙ මේ දෙකම නිසිආකාරව පුහුණු කිරීම. ඒ පුහුණුව ඔයාට තියෙනවා නම් ඔයා හොඳ සන්නිවේදකයෙක්. ඒ කියන්නෙ Smart චරිතයක් වෙන්න නම් ඔයාට අවශ්‍ය පළවෙනිම දේ හොඳ සන්නිවේදන හැකියාවක් ඇතිකර ගැනීම.

 

කතාබහ පැහැදිළි වීම 

People talking to each other over coffee during a meeting Free Photo

ඔයා රාජකාරි ස්ථානයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදීත් Smart කෙනෙක් වෙන්න කැමති නම් අපි මුලින් කිවුවා වගේ සන්නිවේදනයේදී smart වීම වැදගත්. ඔයාගේ කතාබහ පැහැදිළි වීම මේකේ ප්‍රධානම ලක්ෂණයක්. රැකියා ස්ථානයේ වුවත්, ගෙදරදොර වුනත්, මිතුරන් අතරේ වුනත්, ඔයා කතා කරන දේ ඉතා පැහැදිළිව කරන්න පුරුදු වෙන්න. තමන්ට කියන්න අවශ්‍ය දේ පැහැදිලිව නොකීම නිසා අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙන අවස්ථා ඔයා දැකලත් ඇති. අපි සාමාන්‍යෙන් මේවා හඳුන්වන්නේ Communication errors නැතිනම් miscommunication කියල. විශේෂයෙන් රැකියාවේදී වගේම ගෙදරදීත් මේ ගැටළුවට මුහුණ දෙන්න සිද්ද වෙන අවස්ථා වලට උදාහරණ බොහොමයි. ඔයාට කියන්න අවශ්‍ය දේ පැහැදිළිව අනිකාට නිවැරදිව අවබෝධ වන විදිහට කියාගන්න අපොහොසත් වුනොත් ප්‍රතිඵලය ලැබෙන්නේ අවශ්‍ය දේ නොවෙයි. එහෙම අවස්ථාවකදී ඔයාගේ සන්නිවේදන අපැහැදිලිතාව නිසා ඒ දේ සිදුවුණා බවට ඔයාට චෝදනා එල්ල වන්න පුළුවන්. රැකියාවේදී නම් ඒක ඔයාගේ වෘත්තීය බවට එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසා මේ පුහුණුව ඇති කරගැනීම අත්‍යවශ්‍ය වනවා.

 

කෙටි යෙදුම් භාවිතයෙන් වළකින්න.

Hipster using a touch screen smart phone hands close up, vintage colors. Free Photo

වර්ථමාන ලෝකයේ අපි වැඩිපුරම කරන්න පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි text කරන එක. ඇත්තටම කෝල් එකක් දෙනවට වඩා අපිට පහසු සහ ලේසි ක්‍රමය තමයි text massage එකක් යවන එක. WhatsApp, viber, messenger, hangouts, වගේ තව නොයෙකුත් ක්‍රම හරහා කෙටි පණිවිඩයකින් අදහස් හුවමාරු කරගන්න හුඟක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. මේ සන්නිවේදන ක්‍රමය ජනප්‍රිය වෙනවාත් එක්කම ඒ වෙනුවෙන්ම නිර්මාණය වුනු විශේෂිත කෙටි වචන බොහොමයක් භාවිතයට එන්න පටන් ගත්තා. නමුත් වෘත්තීය භාවයකින් යුතු සන්නිවේදන අවස්ථාවන්ට මේ කෙටි වචන සහ යෙදුම් පාවිච්චි නොකරන්න ඔයා සැළකිලිමත් විය යුතුමයි. OMG, LOL, IDK වගේ තවත් බොහොමයක් කෙටි යෙදුම් මේ කෙටි පණිවිඩ ක්‍රමවේදය නිසාම ජනප්‍රිය වෙලා තියෙනවා. සමහර විට පාවිච්චි කරන භාෂාව මොකක්ද කියන එක අදාළ නැතුවත් කතාබහේදී හෝ Online සංවාද වලදී මේ වචන පාවිච්චි කෙරෙනවා. නමුත් හොඳ සන්නිවේදකයෙක් smart විදිහට සංවාදයක් පවත්වද්දී මේ වචන සහ යෙදුම් භාවිතයෙන් වැළකිය යුතුමයි. විශේෂයෙන් වෘත්තීය මට්ටමේ සංවාද සහ සාකච්චා වලදී නම් මේ යෙදුම් භාවිතා නොකරම ඉන්න කියන එකයි ඔයාට කියන්න තියෙන්නෙ.

 

නොදන්නා විෂයකට සම්බන්ධ වීමෙන් වළකින්න.

Serious thoughtful man making assumption, looking right and thinking Free Photo

අපි හැමෝටම අපේ දැනුම් පරාසයක් සහ විෂය පථයක් තියෙනවා. කෙනෙක් විද්‍යා විෂය ගැන ලොකු දැනුමක් තියෙන අතරේ තව කෙනෙක් ඉලෙක්ට්‍රොනික හෝ පරිඝනක තාක්ෂණය ගැන දැනුමින් සන්නද්ධ වනවා විය හැකියි. ඒ අතරේම තව කෙනෙක් භාෂාව අතින් දැනුමින් වැඩි විය හැකියි.මේ සියල්ල ඒ ඒ එපුද්ගලයින් කලක් තිස්සේ ප්‍රගුණ කළ දේවල් මත පදනම් වනවා. ඔයා තේරුම් ගතයුතු වැදගත්ම කාරණය තමයි අපි හැමෝම සියලුම විෂයන් ගැන දැනුමින් සන්නද්ධ අය නොවන බව. එහෙම වෙන්න අපේ ජීවිත කාලය තුළ කිසිවකුටත් බැහැ. හැමෝටම තම තමන් ප්‍රගුණ කළ විශේෂිත විෂය ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ වගේම අපි හැමෝටම පවතින ඕනෑම සංවාදයකට සාකච්චාවකට වටිනා අදහස් එකතු කිරීමට හැකියාවක් නැහැ. අපිට හැකියාව තිබෙන්නේ අපි දන්නා විෂය ක්ෂේත්‍රයට අදාළ සාකච්චාවකට වටිනා අදහසක් එකතු කිරීමට පමණයි. එහෙම නොවන අපි හරියටම නොදන්නා මාතෘකාවක් ගැන කෙරෙන සංවාදයකට කොහෙන් හෝ අහුලාගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමට යෑමෙන් ඔයා අපහසුතාවයට වගේම අවඥාවටත් ලක්විය හැකියි. ඒ නිසා තමන් ඉතා හොඳින් දන්නා විෂයකට අදාළ කරුණු මිස ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට සහ උපදෙස් ලබාදීමට යෑම නොකළ යුතුමයි. එහෙම වුනොත් සිදුවන්නේ ඔබ සමච්චලයට ලක්වීම පමණයි. ඒ නිසා Smart වෙන්න නම් ඔයාගේ විෂය ඇතුලෙ පමණක් සංවාද කරන්න වගබලා ගන්න. ඉතිරිවාට සවන් දීම සහ යමක් උකහා ගැනීම පමණක් කරන්න පුරුදු වන්න.

 

Smart බව පෙන්වන්න උත්සාහ කිරීම 

Waist up portrait of handsome serious unshaven male keeps hands together, dressed in dark blue shirt, has talk with interlocutor, stands against white wall. self confident man freelancer Free Photo

මේකත් සමහරු තමන්ටම කරගන්න බරපතල හානියක්. තමන් හුඟක් දේවල් දන්නා බව පෙන්වන්න ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් තමන්ගේ අදහස, උපදෙස ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කියලද ඔයා හිතන්නේ..? තමන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව පෙන්වීම, එහෙම නැත්නම් තමන්ගේ දැනුම ගැන අනික් අයට පෙන්වීමෙන් ඔවුන් අතර නිළලත් තත්වයක් ලබාගැනීම වගේ යමක් විය හැකියි. ඒ කොහොම වුනත් එතනින් සිදුවන්නේ ඔවුන් පිළිබඳ අසුබවාදී ආකල්පයක් අනික් පිරිස තුළ ඇතිවීම. කල්පනා කර බලන්න. විශේෂයෙන්ම ඔයාගේ රැකියා ස්ථානයේදී ඔයාට මේ වර්ගයේ අය බොහොමයක් හමුවෙලා ඇති. ඔවුන් හැමෝගෙම අවඥාවට ලක්වනවා නේද..? බොහෝ දෙනෙක් ඔවුන් එක්ක එකට වැඩ කරන්න කැමති නැහැ නේද..? තමන් දන්නා බව පෙන්වීමට අනවශ්‍ය මැදිහත්වීම් කිරීමේ ප්‍රතිඵලය ඒක තමයි. ඒ නිසා හොඳම දේ තමන් ඉදිරිපත් විය යුතු තැනදී පමණක්ම කතාබහට සම්බන්ධ වී අනික් සෑම අවස්ථාවකම නිහඬ වීම සහ අසා සිටීම. ඒක තමයි ඔයා කළ යුතු හොඳම දේ.

 

විශ්වාසයෙන්, බුද්ධිමත් බවින්, පෞරුෂයෙන් සන්නද්ධ වීම 

Cheerful curly business girl wearing glasses Free Photo

ඔයා කතා කරන ඕනෑම දෙයක් ගැන දැඩි විශ්වාසයෙන් යුතුව ඉන්න පුරුදු වන්න. ඒක තීරණය වන සාධක බොහොමයක් තියෙනවා. ඔයාගේ විෂය ක්ෂේත්‍රය ගැන ඔයාගේ දැනුම, නිරන්තර අභ්‍යාසයේ දීම වගේ දේවල් වලින් මේ විශ්වාසය ඔයා තුළම ගොඩ නැගෙනවා. එහෙම විශ්වාසයක් ඔයාට තියෙනවා නම්, ඔයාගේ පෞරුෂයත් ගොඩනැගෙනවා. කිසිවකුට දෙවැනි වන්නට හෝ භීතියකින් පසුබෑමකින් කටයුතු කරන්න කොහෙත්ම අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. ඔයාට ඔයා ගැන සහ ඔයාගේ පරාසය ගැන විශ්වාසයි නම්, ඔයාගේ ක්ෂේත්‍රය ගැන ඕනෑම වෘත්තීය සංවාදයකට, සාකච්චාවකට එළඹෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසා මේ විශ්වාසය සහ පෞරුෂය ගොඩනගා ගැනීමත් ඉතාම වැදගත් කාරණයක්.

 

වෘත්තීය මට්ටමින් වගේම සාමාන්‍ය ජීවිතයේදී පවා තමන් smart කියල උවමනාවෙන් පෙන්වා ගන්න පිරිස වැඩියි. බොහෝ දෙනෙක් විවිධ ආකාර වලින් මේ වැඩේ කරනවා කියන කාරණය පැහැදිළියි. ඔබේ රැකියා ස්ථානය, මිතුරු කණ්ඩායම් වගේ තැන් දිහා හොඳින් බැලුවොත් ඔබට මෙවැනි මවාගත් චරිත හමුවනු ඇති. ඔවුන්ගේ වචන සහ අදහස් smart කියල පෙනෙනවා වුනත් අභ්‍යන්තරයේ ප්‍රායෝගික තලය අරගෙන බැලුවොත් මේ පුද්ගලයන් සම්පුර්ණයෙන්ම වෙනස්. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් “මේ ආකාරයි” කියල පෙන්වීම පමණයි. ඒ නිසා එවැනි පුද්ගලයින් පිළිබඳව අවබෝධයෙන් සිටීම සහ ඔබ තුළින් එවැනි දේ මතු නොවීමට වගබලා ගැනීම අතිශය වැදගත්.

Smart විදිහට සන්නිවේදනය කරනවා කියන්නේ මතුපිටින් පෙනෙන තරම් සරළ කාරණයක් නොවෙයි. වෘත්තීය සහ සාමාන්‍ය ජීවිතයේ හොඳ සන්නිවේදකයෙක් වීම තුළින් ඔබට නිසි වෘත්තීය භාවයක් වගේම ගැටළු අවම ජීවන රටාවකටත් හිමිකම් කියන්න හැකිවේවි. හොඳ සන්නිවේදකයකු සතුව ඉලක්කගත තියුණු සන්නිවේදන හැකියාවක් තිබෙන නිසා එවැනි අයෙක් සමග වැඩ කිරීම සහ ජීවත් වීම කියන දෙකම වඩා පහසු වනු ඇති. මේ කරුණු ගැන නැවත නැවතත් සිතා බලන්න අපි ඔයාට යෝජනා කරනවා. ඔයා ඉන්නේ කොතනද කියල ඔයාටම අදහසක් ගන්න වගේම වෙනස් කරගත යුත්තේ මොනවාද කියන කාරණයත් ඔයාටම අවබෝධ වේවි.

 

-එන් . වෙහෙරදූව-

 

ආසියාවේ විශිෂ්ටතම ගුරුවරිය ලෙස පිදුම් ලැබූ නිලූ ආනන්දප්පා…

මීගමුව නයිස් ජාත්‍යන්තර පාසලේ විශය සහ පන්ති භාර ගුරුවරියක වන නිලූ ආනන්දප්පා,’2020/2021 වසරේ ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය’ සහ ගෝලීය විශිෂ්ටතා සම්මානය යන ද්විත්ව ජයග්‍රහණයන්ගෙන් පිදුම් ලැබීය. මේ ආසියානු සම්මානය සඳහා අනුග්‍රහය සපයන RULA සම්මාන ප්‍රධානය කරනු ලබන්නේ විවිධ අංශවල වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වයන් සඳහා වූ කැපවීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් ලැබිය යුතු පුද්ගලයන්ටයි.

මෙම සම්මානය නිලූගෙ විශිෂ්ට පාසල් ගුරුවරියක වීමේ ගමනට විශාල විශ්වාසයක් සහ උද්‍යෝගයක් ඇතිකර තිබෙනවා.  “ගුරුවරයෙක් වෙන්න කැමැත්තක් ඇති වෙද්දි මට වයස අවුරුදු දහතුනක් විතර ඇති,දවසක් ඉස්කෝලෙදි මගේ යාළුවෙක් එක්ක ඇවිදගෙන යනකොට මම දැක්කා ගුරුවරියක් පුංචි දරුවන්ව පෝලිමකට හරියට පෙළගස්වන්න ගොඩක් උත්සහ දරනවා. එදා තමයි මට තේරුම් ගියේ දරුවෙක්ට නිවැරදි මාර්ගයට යන්න උදව් කරමින්,හරි විදිහට ඔවදන් දෙමින් සූදානම් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා. ඒ නිසාම ඕනෑම ගුරුවරයෙකුට විෂය කරුණු වලට පරිභාහිර ඇති වන ආතතිය ක්‍රමානුකූලව කළමනාකරණය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවට ඇය වැඩිදුරටත් පවසුවා.

ඇයගේ උසස් අධ්‍යාපනය අවසන් වෙලා,ඇය SGTTI (St.George International Teacher Training Institute) ආයතනයත් සමග සම්බන්ධ වුණා.ඇය AMI,MMI ඩිප්ලෝමාව සම්පූර්ණ කර, IVQ තුන්වන අදියරේ පුහුණු කිරීමේ නිපුණතා උසස් ඩිප්ලෝමාව ද, ළමා උපදේශනය පිළිබඳව උසස් ඩිප්ලෝමාව ද හදාරා ඇත. එමෙන්ම ලන්ඩන් විභාග සම්බන්ධ උසස් ඩිප්ලෝමාව ද, ට්‍රිනිටි විදුහලේ ශ්‍රේණිගත විභාග ද, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් අධ්‍යාපනය ඩිප්ලෝමාවක් ද, හැසිරීම සංවිධානය කිරීම සම්බන්ධව උසස් ඩිප්ලෝමාවද සම්පූර්ණ කර ඇත.

ඇය මෙම සහතිකපත් සමගම,ජාත්‍යන්තර පාසල් දෙකක් හා සම්බන්ධව සේවය කර ඇත. නිලූගේ ප්‍රධාන අරමුණයන් වූයේ දරුවන්ගේ කුසලතා වල උපරිම ඵල නෙළා ගැනීම සඳහා ඔවුන් සිතන ආකාරය දියුණු කර ඒ සඳහා දරුවන්ව උනන්දු කිරීමත්, වෘත්තීය ගුරුවරියක් ලෙස තම කුසලතා වැඩි දියුණු කර ගත හැකි පරිසරයක පළපුරුදු ගුරුවරියක් වීමත් යන මේවායි. එමෙන්ම අති නවීන ඉගැන්වීම් තාක්ෂණයන් යොදා ගනිමින් දරුවන්ට විෂය කරුණු ලබාදීමත් ඇයගේ ප්‍රධාන පරමාර්ථයක් විය.

ඇයගේ ශක්තීන් ගැන විමසා සිටි අවස්ථාවේ දී,
” මට ඉවසීම,සහකම්පනය,තමන්වම සංවර්ධනය කිරීම, ඉක්මනින්ම අනුවර්තනය වීමේ හැකියාව,ආතතිය කළමනාකරණය කර ගැනීමේ හැකියාව,හොඳ සන්නිවේදනයක් තිබීම යන දේවල් මා තුළ තිබෙනවා. දැනට නයිස් ජාත්‍යන්තර පාසලේ පන්තිභාර ගුරුවරියක සහ විශය ගුරුවරියක වන ඇය ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව භූගෝල විද්‍යාව, ඉතිහාසය උගන්වන අතර ඇය දරුවන්ට ගණිතය සම්බන්ධව වැඩිදුරටත් දැනුමක් ලබාදීම අපේක්ෂාවෙන් පාසලෙන් පසු ක්‍රියාකාරකමක් ලෙස “mental maths club” සමාජයේ පුරෝගාමීව කටයුතු කරනවා. මෙම පාසල ඇගේ දෙවැනි නිවහන බවට පත්වී ඇත. එමෙන්ම දේශීය මෙන්ම විදේශීය දරුවන්ටත් ආරක්ෂාකාරී සුරපුරකට මෙම පාසල සමාන කළ හැකියි.

2020 ආසියානු සම්මාන උළෙල සඳහා නීලු ඉල්ලුම් කරන විට,මෙය “මට සම්පූර්ණ කළ හැකිද?”යන්න ඇගේ සිතට නැගී තිබුනත්,අසීරු කර්තවයට ඉදිරිපත් වී රටවල් 50 ක අධික සහභාගී වූවන් සමඟ නිරූපණයන්,ඉදිරිපත් කිරීම්,විද්‍යුත් මාධ්‍ය හරහා තිබුණු සම්මුඛ පරීක්ෂණයන්ට ඇයට හොඳින් මුහුණ දී ජය ගැනීමට හැකි වූවා. හිතාගන්න බැරි පුදුමසහගත දවසක තමයි මේ උපහාරය ලැබුණේ කියමින් ඇය පැවසුවේ “මගේ උපන්දිනය දවසෙම තමයි මේ රාජකීය ගෞරවයෙන් යුත් ආසියාවේ විශිෂ්ටතම ගුරු සම්මානය මට ලැබුණේ”.

 

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පාසලක් ඉදිකිරීම ඇගේ සිහිනයයි.

සමාජයේ ගුරුවරයෙක් වීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබෙනවා. එමෙන්ම අද කාලයේ අඩුවෙන් සලකන වෘත්තියක් බවට ගුරුවෘත්තිය පත්වී තිබෙනවා.කෙසේවෙතත් ගුරුවරයෙකුගේ වගකීම වන්නේ හැම දරුවෙකුගේම ඉගෙනීමේ හැකියාව සහ එය ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස් බව වටහාගෙන ඔවුන්ගේ සැඟවී තිබෙන කුසලතාවයන් සොයාගෙන ඒවායේ උපරිමය කරා යාමට ඔවුන්ට උපකාර කිරීමයි. ගුරුවරියක් ලෙස ලැබුණු ප්‍රදානය සම්බන්ධයෙන් නිලූ පැවසුවේ මූල්‍යමය දේවල්වලට වඩා එවැනි උපහාර ගුරුවරුන්ට වටිනා බවයි.

“නිවැරදි තේරුම් ගැනීම ක්‍රියාවකට උත්ප්‍රේරකයයි” නීලූ පැවසුවා.මෙම වැකියෙන් විශිෂ්ට සුදුසුකම්ලත් ගුරුවරයෙකු වීමේ වැදගත්කම මනාව පෙන්නුම් කරනවා. නීලූ දැනටමත් එය අත්පත් කරගෙන ඇත.

ඇඟේ Muscles Tone කරගන්න Back Workouts…

ඇඟේ Muscles Tone කරගන්න එහෙම නැත්තම් Muscles build කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Back Workouts ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ..

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )

 

ඔයාට ගැළපෙන හරිම විලාසිතාව තෝරගන්න බැරිව අතරමං වෙලාද..?

දකින දකින කෙනාගේ ඇස් හොරා ගන්න පුළුවන් විදිහේ ලස්සනක් තමයි ඕනෑම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ? එදා ඉදන් ලංකාවේ කාන්තාව ගැන කවි කතා පවා ලියවුනා. අදත් ලියවෙනවා. නැවතිල්ලක් නැතුවම . එදා රෙද්ද හැට්ටය එක්ක විලි වහගත්ත කාන්තාව අද විලාසිතා ලෝකේ එක එක විලාසිතා අතර අතරමන් වෙලා. ඒ තරමට විලාසිතා . ලෝකය අද වෙනකොට තත්පරයක් ගානේ දියුණු වෙද්දී විලාසිතා ගොන්නක් අපිට එකතු වෙන එක ගැන ඉතින් කතා දෙකක් නෑ. එන හැම විලාසිතාවක් ම දෝතින් බදාගෙන තුරුලට නොගෙන ගැළපෙන දේ එක්ක ජිවිතේ ගෙවන්න පුළුවන් උනා නම් , ඔයා හොයපු , හිතපු, හීන මවපු , හීන දැකපු ලස්සන ඔයාට අනිවාර්යෙන් ම ලැබෙනවා . කතා දෙකක් නෑ ඒක නම් ඇත්ත. ඉතින් ගැස්ම කියවන ඔයාට මං කියන්නේ විලාසිතා එක්ක කොහොමද ඔයාගේ ජිවිතේ ලස්සන කරගන්නේ කියන දේ ?

 

 

ගවුම් අඳින්න ද ඩෙනිම් අඳින්න ද ඔයා කැමති ?

කාලෙන් කාලෙට විලසිතා වුනත් රැල්ලක් වෙනවා. ගවුම් අඳින්න මේ දවස්වල නම් ගොඩක් අය කැමතියි. මොකද මේ දවස්වල රැල්ල ගවුම නේ …. ඉතින් මේ ගවුම වුනත් සමහර අය කැමති දිගට අඳින්න … දිග කියන එකත් එක එක සයිස්වලට limit වෙලානේ … නේද ? විලුඹ ගානට ම දිග ගවුමක් අඳිනකොට, තවත් පිරිසක් කැමති විලුඹ ගාවට නැතුව පොඩ්ඩක් උඩට අදින්න . එහෙම ඇන්දමත් ඉතින් මාරම ලස්සනක් තියනවා. තවත් අයගේ කැමැත්ත තියෙන්නේ දණිස්ස ගාවට චූටි ගවුමක් අඳින්න. මෙහම අඳින ගොඩක් අය කියන්නේ පොඩි ළමයෙක් වගේ ඉන්න ආස නිසා එහෙම අඳිනවා කියලා . දණිස්සට වඩා කොටට ගවුම් අඳින්න කැමති කෙල්ලොත් ඉන්නවා …. මොනවා උනත් ඉතින් මෙහෙම ගවුම් අදිනකොට කෙල්ලෝ හරි ම ලස්සනයි. කතාවට උනත් කියනවනේ කෙල්ලොන්ගේ කෙලිකම , හුරතල්කම, සුන්දරකම , ලාලිත්‍ය ගවුම ඇන්දම හොදට පෙනවා කියලා . ඉඟ ලස්සනට , හැඩට පෙන්වා ඉතින් කෙල්ලෙක් ගවුමක් ඇන්දම … කවුරු වුනත් දැක්ක ගමන් පිස්සු වැටිලා , දෙපාරක් වුනත් හැරී හැරී බලයි. ඔයා ගොඩක් මහත වුනත් ගවුම නිසා ඔයාව ලස්සනට පේනවා. කොහොම වුනත් ඔයා ගවුම් අදිනකොට ඔයාගේ ඇගේ ප්‍රමණෙ ගැන හිතන්න. චූටි කෙනෙක් නම් ඔයා කොටට ගවුමක් අඳින්න. ඔයා තරමක් උසයි මහතයි නම් …. ගවුම අදිනකොට දිගට අඳින්න … අද ඩෙනිම් උනත් එක එක වර්ගයෙන් තියෙනවා. සමහරු ඇගට හිර වෙන්න ඩෙනිම් අඳිනකොට තවත් අය එහෙම අඳින්න කැමති නෑ . ඩෙනිම් විලාසිතාව අද ලෝකේ පුරාම කතාබහට ලක්වෙනවා. ඒ තරම් ඉල්ලුම . කෙල්ලෙක්ට ඩෙනිම ගැලපෙන්නේ නෑ කියලා සමාජය අතරේ හැම තිස්සෙම කතා වෙනවා. ඒත් ඒ කතාව අනුමත කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. තැනට ගැළපෙන්න සුදුසු ඇදුම අඳින්න අපි හැමෝම දැන ගන්න ඕන.

 

 

ගවුම , ඩෙනිම ඇඳලා විතරක් මදි නේද ?

අද වෙනකොට මිනිස්සුන්ගේ චරිතය ගැන නිර්ණය කරන නිර්ණායකයක් තමයි මේ ඇදුම කියන්නේ . ඒත් ඒක නොකළ යුතු දෙයක්. කෙනෙක් අඳින ඇදුමෙන් ඒ කෙනා ගැන හරියටම කියන්න නම් බෑ . මොනවා වුනත් ඔයා ගවුම අඳිනකොට ඔයාගේ හමේ පාටට match වෙන්න අඳින්න . වෛවාරණ පාට එක්ක වෛවාරණ මෝස්‌තරවලින් ගවුම් ඕන තරම් අද කඩ සාප්පුවල තියෙනවා. සාප්පු සවාරියේ යන ඔයා දකින දකින ගවුම ගන්න නම් එපා. ඔයාට ගොඩක් ම match වෙන දේ හොදට හිතලා බලලා ගන්න ඔයාට පුළුවන් . ඩෙනිම වුනත් අපිට ගැළපෙන පාටකින් තෝර ගන්න අපිට ඉවක් තියෙන්න ඕන. තමන් ගැන තමන්ට වඩා දන්න කවුරුත් මේ ලෝකේ නැති එකේ තමන්ට match වෙන ඇදුම මොකද්ද කියන එක දන්නෙත් තමන්ම තමයි .

 

 

කොහොමද ඉතින් කොණ්ඩෙ දාන්නේ ?

කොණ්ඩ මෝස්‌තර නම් හිසේ කෙස් ගාණට තියෙන්නේ නේද ? ඒත් ඉතින් ඔයාට ගැළපෙන ම කොණ්ඩ මෝස්‌තරය එක්ක ඔයා හැඩ වෙනවා නම් මරේ මාරු. ඔයාගේ මුණේ හැඩය එක්ක පුළුවන් ඔයාට ගැළපෙන හොදම දේ තෝර ගන්න. පුළුවන් හැම මොහොතක ම එළියට යනකොට කොණ්ඩෙ අනිත් අයට කරදරයක් නොවෙන්න තියා ගන්න. ඇදුමක් ඇන්දට විතරක් මදි. ඔයාට ඕන කරන ලස්සන ගන්න නම් කොණ්ඩෙ ගැනත් හිතන්නම වෙනවා. අඳින ඇදුමට match වෙන්න hair style එකක් තෝර ගන්න ඔයාට පුළුවන් වෙන්න ම ඕන . එතකොට තමයි ඔයාගේ ලස්සන තව තවත් වැඩියෙන් පෙන්න ගන්නේ. ඔයාගේ මුණෙ හැඩයත් එක්ක ඔයාට පුළුවන් ඔයාට match වෙන hair style එක මොකද්ද බලන්න. කර්ලි කොණ්ඩ, ස්ට්‍රේට් කොණ්ඩ වගේ එක එක කොණ්ඩ තියෙනවනේ . මේ මොන ජාතියේ කොණ්ඩයක් වුනත් හරියට තියා ගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩක්. කොණ්ඩෙ දිගට කඩන් යන්න වගේම තව ඕන තරම් style අද තියනවා . කොණ්ඩ මෝස්‌තර ගොඩක් අතරේ ඔයා ඉන්නකොට තැනට හරියට ම ගැළපෙන මොස්තරේ හොයාගන්න ඔයාට ඉවක් ඕනමයි. කෙල්ලෙක්ගෙ ලස්සන හොදටම පෙන්නේ කොණ්ඩෙන් කියන කතාව ගොඩක් අය අනුමත කරන්නේ අත්දැකිමෙන් ම ඒ දේ ඇත්ත නිසාම වෙන්න ඇති . කවියෝ වුනත් කාන්තාවගේ කොණ්ඩේ ගැන වර්ණනා කරේ අමුතු ම විදිහට. ඒ නිසාමයි මොණර පිලට කාන්තාවගේ කොණ්ඩේ සමාන කරේ. මොණරාගේ පිල ඉතින් කොයි තරම් නම් ලස්සන ද ? ඉතින් ….. අන්න ඒ වගේලු කාන්තාවගේ කොණ්ඩෙත්. කෙල්ලෝ හැමෝම කැමති දිග කොණ්ඩෙකට උරුමකම් කියන්න තමයි. ඒත් ඉතින් තියන කොණ්ඩේ ලස්සනට පිළිවෙලට තියා ගන්න අපි හැමෝටම පුළුවන් . මොකද අද වෙනකොට එක එක ජාතියේ hair style අපිට ඇවිත්. ඉතින් ඒ ඔක්කොම නෙමෙයි . අපිට හොදටම set වෙන එක අපි select කරමු .

 

 

කොණ්ඩෙ color කරනව ද ?

ස්වභාවිකව ලැබුණු කළු පාට කෙස් ගස්වල පාට වෙනස් කරගන්න එකත් අද අමුතුම, අලුත් විලාසිතාවක් වෙලා. ඉතින් මේ වැඩේදී නම් ඔයාගේ choice එකට වඩා ඒ choice එක ඔයාට match වෙනවද කියලා වැඩි වාර ගාණක්, වැඩි කාලයක් අරන් හිතලා බලන්නම වෙනවා. වෙන කෙනෙක්ට ලස්සන color එක ඔයාට ලස්සන නොවෙන්න පුළුවන්. එයා ගාපු පාට ඔයා තෝර ගත්තොත් ඔයාගේ තිබ්බ ලස්සනත් නැති වෙන්න පුළුවන් . ඔයා ඔයාගේ මූණ, හැඩය, පැහැය එක්ක කොණ්ඩෙට හරියටම set වෙන color එක තෝර ගන්න නම් අමතක කරන්න එපා . කොණ්ඩ පාට කරන රැල්ලට මෝඩ විදිහට නම් අහු වෙන්න එපා. මොන ජාතියේ කොණ්ඩයක් වුනත් ඔයාට හිතෙන දේ එක්ක නෙමෙයි ගැලපෙනම දේ එක්ක ලස්සන කර ගන්න. තව කෙනෙක් කිව්ව පලියට ඔයා ඔයාගේ කොණ්ඩේ වෙනස කර ගන්න ඉක්මන් වෙන්න එපා. ඔයාට උචිතම hair style එක අවශ්‍ය ගමනට බිමනට පාවිච්චි කරන්න .

 

 

මේ විතරක් ඇති ද ?

 

ඇදුම ගැනයි කොණ්ඩෙ ගැනයි විතරක් හිතුවට මදි . ඔයා අදින ඇදුමට match වෙන්න බෑග් එකකුත් තෝර ගන්න. ඔයාගේ අවශ්‍යතාවයත් එක්ක බෑග්වල ප්‍රමාණේ, හැඩය වෙනස් වෙන්න පුළුවන් . ඒ වෙනස වුනත් ගැළපෙන්න කරන්න අමතක කරන්න එපා. සෙරප්පු පවා ඔයා match කරන්න ඕනේ ඇදුමත් එක්ක ම තමයි. යන ගමන එක්ක , ඔයාගේ පහසුව ගැනත් එතැනදී හිතන්න . මොකද අමාරු විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට පත්වෙනවාට වඩා හොදයි විලාසිතා නොකර ඉන්නවා . නේද ? විලාසිතා ඉහේ කෙස් ගානට තිබ්බට ඒ ඔක්කොම කරන්න ඕනේ නෑ නේද ? ඉතින් …. ලස්සනට කියලා සෙරප්පු දානකොට ඔයා අපහසුතාවයට පත් නොවෙන විදිහට තෝර ගන්න. කෙල්ලෙක් උනාම පොඩියට හරි makeup එකකුත් දන්න ඕනේ . නැත්තම් ඉතින් වයසට ගිහින් ඒවා කරන්න ඈ . තැනට ගැලපෙන්න makeup එක කරා නම් …. ඔයා මාරම ලස්සනයි ….. makeup එක පවා අපි කරන්න ඕනේ අපේ මුණට හරියට Set වෙන විදිහට.සමාජේ මොනව ඔයාට කිව්වත් ඔයාගේ ලස්සනට make up ඕනෙම නම් limit එකක‍ට ඒ දේ කරන්න .. අන්න ඒක නම් අමතක කරන්න එපා . විලාසිතා ගැන අද කතා කරනකොට තමයි makeup අංක එක. ඒ තරමට වැහි වැහලා……. ඒ වැස්සට තෙමෙනකොට පරිස්සමින් …..

ලස්සන ගැන පමණ ඉක්මවා අද කෙල්ලෝ වද වෙනකොට ගැස්ම කියවන ඔයාට මෙන්න මේ දේ කියන්න මට හිතුනා . තැනේ හැටියට ඇණේ ගහන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. විලාසිතා කියන්නේ අද වෙනකොට අමුතුම රැල්ලක් . මේ රැල්ලට අහු වුනාම උමතුවෙන් වගේ ජිවත් වෙනවා . රැල්ලට අහු නොවී ඔයාට ඕන දේ විතරක් ඔයා ගන්න … විලාසිතා ලෝකෙන් ඔයාට ගැළපෙන විලාසිතා අරගෙන ලස්සනට සතුටින් ජිවිතේ ගෙවන්න….. ඔයාගේ ඇගේ හැඩය , පාට එක්ක හොදම විලාසිතාව ඔයා තෝර ගන්න…… අන්න ඒකයි මං ඔයාට කිව්වේ විලාසිතා වැස්සේ තෙමෙද්දී පරිස්සමින් කියලා .. සමහර වැහි බින්දු ඔයාට බර වැඩි වෙන්න පුළුවන් ….. ඒ නිසා කල්පනාවෙන් ………

සඳුනි අරවින්දිනී

රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි සමබරව ගෙනියන්නේ කොහොමද..?

ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට මට විතරක් තනිවම ඒ ක්‍රමයෙන් ගැලවිලා ක්‍රම විරෝධී ගමනක් යන්න හැකියාවක් නැහැ. ඒක තමයි සැබෑ තත්වය. නමුත් අපටත් යන්ත්‍ර වගේ වෙන්නත් හැකියාවක් නැහැ. මිනිස්සු විදිහට, ජීවින් විදිහට අපට තවත් බොහෝදේ කරන්න තියෙනවා වගේම ජීවිතය විඳිමින් ගෙවන්නත් අවශ්‍ය වනවා. එහෙම නොවුනොත් ශාරීරිකවත්, මානසිකවත් රෝගීන් බවට පත්වීමේ අවදානම අපි හැමෝටම තියෙනවා. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නූතන ලෝකයේ තමන්ගේ පැවැත්ම හදාගෙන සාර්ථක මිනිහෙක් බවට පත්වෙන්න නම් දිගින් දිගටම වැඩකළ යුතුයි කියලත්. එක පැත්තකින් ඒ අදහස සත්‍ය වෙන්න පුළුවන්. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ මහන්සි වී වැඩකළ යුතුයි. නමුත් මේ කියන මහන්සියේ ප්‍රමාණය කොතරම්ද..? කොහොමද මහන්සි වී වැඩ කරන්නේ..? මේ දේවල් නැවතත් ගැටළු විදිහට ඉතිරි වනවා. ඔබ හිතන්නේ දවසකට වැඩි වෙලාවක් කාර්යාලයේ රැඳෙමින් වැඩ කිරීම “සාර්ථකත්වය වෙනුවෙන් මහන්සිවී වැඩ කිරීම” කියල නම්, එතන ඔබට වැරදීමක් වෙලා. සාර්ථකත්වය හෝ ඵලදායිතාව තියෙන්නේ ඔබ වැඩ කරන පැය ගණනේ නොවෙයි. ඔබ වැඩ කරන පැය ගණනට සාපේක්ෂව ඔබේ ඵලදායිතාව කොපමණද කියන කාරණය පමණයි ඔබේ සාර්ථකත්වයට බලපාන්නේ. ඒ වගේම ඔබ ඔබේ සාමාන්‍ය ජීවිතය වෙනුවෙන් මොනවද කරන්නේ කියන එකත් ජීවිතයේ යම් දවසක ඔබට තදින්ම බලපාන කාරණයක්. ඒ නිසා, වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කියන දෙක සමබරව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. ඔබට සාර්ථක මිනිසෙකු වීමට නම් අවශ්‍ය වන්නේ මේ දෙකම සමබරව ඵලදායීව පවත්වා ගැනීමයි. gasma.lk කියවන ඔබ වෙනුවෙන්, මේ කාරණය ගැන ටිකක් ගැඹුරින් කතාබහ කරන්න අපි තීරණය කළා. ඔබේ සාමාන්‍ය ජීවිතය සහ වෘත්තීය ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට මේ කරුණු ගැන අවදානය යොමු කරන්න.

 

 

ඔබේ පවුල් ජීවිතය

Couple moving to a new home - happy married people buy a new apartment to start new life together Free Photo

ඔබ රැකියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කරමින් වෙහෙසෙන අතරතුර ඔබේ පවුල ගැනත් සිතනවාද..? මේක වර්තමානයේ බොහෝ දෙනෙකුට තියෙන බරපතල ගැටළුවක්. ඔවුන් රැකියාවේ වැඩකටයුතු එක්ක කාර්යබහුලයි. ඒ වගේම දිගු පැය ගණනක් වැඩ කිරීමට ඔවුන්ට සිදු වනවා. ඒ නිසාම ඔවුන්ට පවුල කියන ඒකකය මගහැරී යනවා. විශේෂයෙන් ඔබ දරුවන් සිටින මවක් හෝ පියෙක් නම්, ඔබ දරුවන් වෙනුවෙන් කොපමණ කාලයක් වෙන් කරනවාද කියන කාරණය අතිශය වැදගත්. බොහෝ දෙනෙක් වෘත්තීය ජිවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසෙමින් පියවරෙන් පියවර ඉදිරියට යන අතරතුර මේ පවුල සහ දරුවන් කියන ඒකකය ඔවුන්ට මගහැරෙනවා. ඒ බව වැටහෙන්නේ බොහෝ කල් ගතවීමෙන් පසුවයි. නමුත් ඒ අවස්ථාව වෙනකොට ඔවුන් ප්‍රමාද වැඩියි. නැවත සකස් කළ නොහැකි තරමටම ඒ ඒකකය පලුදු වී තිබෙන්නත් පුළුවන්. දැන් ඔබ සාර්ථකයි කියන සාධකයේ ප්‍රථිපලයක් තිබේද..? මේ දෙකම සමානව පවත්වා ගැනීමයි සාර්ථකත්වය කියන්නේ. එහෙම පවත්වා ගැනීමට හැකියාවක් තිබීම තමයි සාර්ථක මිනිසකුගේ ලක්ෂණය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වර්ථමානයේ දරුවන් බොහෝවිට තම තමන්ගේ ලෝකවල ජිවත් වන්න කැමතියි, ඔවුන්ට දෙමව්පියන්ගේ අවදානය එතරම් වැදගත් නැහැ කියල. නමුත් මනෝවිද්‍යා පර්යේෂණ වලින් හෙළිවන්නේ දරුවන් එහෙම හැඟීමක් පිටතට දෙන්නෙත් දෙමව්පියන් ඔවුන්ව මගහැරීමේ ප්‍රතිඵලයක් විදිහට බවයි. ඒ නිසා ඔබේ දරුවන්ට සහ පවුලට දවසෙන් පැය කිහිපයක් හෝ වෙන් කරන්න. දරුවන් නොමැති අවිවාහක තරුණ පිරිසට වුවත් තමන්ගේ පවුලේ අය වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන් මේ විදිහටම යම් කාලයක් වෙන් කරන්න ඔවුන්ට සවන් දෙන්න අත්‍යවශ්‍යයි. ඔබට වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය කළමනාකරණය කරගැනීමේ පුහුණුව ඇතිවන්නේත් එහෙමයි.

රැකියාව සහ සෞඛ්‍යය

Team of doctors in a meeting Free Photo

යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම රැකියාවට වගේම සාමාන්‍ය ජීවිතයටත් අතිශය වැදගත්. “ආරෝග්‍යා පරමා ලාභා” කියන අදහස, ඒ කියන්නේ හොඳම ලාභය නිරෝගීව ජීවත් වීමට ලැබීමයි කියන අදහස අපි අතර හුඟක් ජනප්‍රියයි. ඒක ඉතාමත් ප්‍රායෝගික අදහසක්. ඒ වගේම රැකියා ස්ථානයේ තියන කාර්යබහුල බව වගේම ආතතියත් මගහරවාගෙන, වැඩකටයුතු මනා කාර්යක්ෂමතාවකින් යුතුව කරගෙන යන්නත් නිවැරදි සෞඛ්‍ය පුරුදු සහිතව නිරෝගීව ජීවත් වීම අත්‍යවශ්‍යයි. නියමිත වේලාවන්ට නිසි පෝෂණය සහිත කෑම වේලක් ගැනීම සහ ව්‍යායාම කිරීම මේ සෞඛ්‍ය පුරුදු විදිහට පෙන්වා දිය හැකියි. නමුත් කනගාටුවට කරුණ නම්, බොහෝ දෙනෙකුට රැකියාවේ “වැඩ අධික” බව නිසා මේ දෙකම මගහැරෙනවා. ව්‍යායාම කරන්න කොහෙද වෙලාවක්, මේ ඔෆිස් එකේ තියන වැඩ ගොඩත් එක්ක” කියන පැමිණිල්ල නිතර අහන්න ලැබෙන දෙයක්. එහෙමත් නැතිනම්, වෙලාවට කන්න වෙන්නෙම නෑ වැඩත් එක්ක හිර වුනාම” කියන කතාවත් නිතර කියවෙන දෙයක්. නමුත් ඔබ දැනගත යුතුයි නිසි වෙලාවට පෝෂණය සහිත කෑම වේලක් ගැනීම මගහැරගෙන හෝ නියමිත ව්‍යායාම් කිරීම මගහැරගෙන ඔබ කොතරම් වැඩ කළත් එහි ඵලදායිතාව ගැන ගැටළු පවතින බව. ඔබ මේ දෙක මගහැර ඉන්නවා කියන්නෙම ඔබ සෞඛ්‍යසම්පන්න නැහැ. ඒ වගේම ඔබේ ක්‍රියාශීලි බව අඩු වනවා. ඒ නිසා ඔබ වැඩ කරන වේගය වගේම ඔබේ ධාරිතාවත් අඩු වනවා. ඒ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන සිතන්න සහ ඒ වෙනුවෙන් නිසි පියවර ගන්න රැකියාව බාධාවක් කරගන්න එපා. ඒ දෙක මොනයම්ම හෝ ආකාරයකින් කළමනාකරණය කරගැනීම ඔබ සතු වගකීමක් බව හොඳින් මතක තබාගන්න.

ඵලදායිතාව ගැන සැළකිලිමත් වන්න.

We have done it! amazed female and male show ok sign, express well done work, have cheerful expression Free Photo

සමහර දවස් වලට ඔබට ඔබ ගැනම තෘප්තියක් නැති වනවා නේද..? දිගු පැය ගණනක් කාර්යාලයේ රැඳෙමින් වැඩ කළා වුනත් ඔබේ ඵලදායිතාව ඉතාම අඩු බව ඔබටම දැනෙන දවස් තියෙනවා නේද..? ඒ ගැන ඔබ විශේෂයෙන් සැළකිලිමත් වන්න. ඔබ කොතරම් වෙලාවක් වැඩ කරමින් “වැඩ ටික ඉවර කරන්න” හිතුවත් ඔබේ ශරීරය සහ මනස ඊට සුදානම් නැහැ. ඒ දෙකටම විවේකය අවශ්‍යයි වගේම ඒ දෙකම ක්‍රියාත්මක වන්නේ ඊට ආවේණික රටාවකටයි. ඔබ ඒ ස්වභාව නියමයන් අභිබවා යන්න උත්සාහ කළත්, එහෙම කරනවා කියල ඔබ ඔබටම කියාගත්තත්, ඔබට ඒක කරන්න ලැබෙන්නේ නැහැ. ඵලදායිතාව අඩු දිගු පැය ගණනක් කාර්යාලයේ ගතකළා නේද කියන පසුතැවීම පමණක් ඔබට ඉතුරු වේවි. ඒ නිසා විවේකය අත්‍යවශ්‍යයි. ඒ අදාළ කාලය වැඩ කිරීමෙන් පස්සේ අවශ්‍ය විවේක කාලය වෙන් කරගන්න. ඒ වගේම නිසි ව්‍යායාම සැළසුමකට අනුව ව්‍යායාම කරන්න. ඔබට දිගු කලක් තිස්සේ පවතින ආතතියෙන් මිදීමට ඒක ලොකු රුකුලක් වේවි. වෙනස ඔබටම ඉතා ඉක්මනින් වැටහේවි. ඒ වගේම වෙනදාට වඩා ප්‍රභෝදයකින් සහ ක්‍රියාශීලිව වැඩ කරන්නත් හැකියාව ලැබේවි.

ඊළඟ වැදගත්ම දේ කාර්යාලයේ පීඩනය ආතතිය සහ ගැටළු ගෙදර අරගෙන යන්න එපා. හුඟක් දෙනෙක් කරන බරපතල වරදක් මේක. ඔබට කාර්යාලයේ පීඩාවෙන්, ගැටළුකාරී තත්වයෙන් හිඳිමින් නිවසේදීත් ඒ විදිහටම ඉන්න අවශ්‍යද..? නැහැ නේද.? ඒ නිසා ඔබේ කාර්යාලයේ වැඩ, ගැටළු, පීඩනය, ආතතිය මේ හැම දේම කාර්යාලයේම තබන්න. ගෙදරට යනවිට ඒ සැහැල්ලුව ඇති කරගෙන ගෙදර යන්න. නැතිනම් නැවත වරක් ඔබ නිවසේදීත් කාර්යාලයේ පීඩනයෙන්ම දවස ගෙවනු ඇති. වැඩ අවසන් කොට ගෙදරට යාම පවා ප්‍රථිපලයක් නැතිවේවි. ඒ නිසා අත්‍යවශ්‍ය අවස්ථාවක හැර කාර්යාලයේ වැඩ, ගැටළු මේ කිසිවක් ගෙදර ගෙන නොයන්න වගබලා ගන්න. ඒ දේවල් පිලිබඳ නිවැසියන් සමග කතාබහ කිරීමෙන් පවා වැලකි සම්පුර්ණයෙන්ම ඒවා කාර්යාලයේම තබා යා හැකිනම් එය වඩාත්ම යෝග්‍යයි.

සමජීය ජීවිතය

Illustration of social media concept Free Vector

ඔබ තවත් කරන වැරද්දක් තමයි මේ. රැකියාව පටන් ගැනීමත් එක්කම සමාජීය ජීවිතය අමතක කරනවා. නැතිනම් මගහැරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එය නොකළ යුත්තක්. ඔබේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ මූලිකවම කොටස් තුනක් තිබෙනවා. සාමාන්‍ය ගෘහස්ථ ජීවිතය (domestic life), වෘත්තීය ජීවිතය (professional life) සහ සමාජීය ජීවිතය (social life) කියන මේ කොටස් තුන ගැන හොඳ අවබෝධයකින් පසුවීම වැදගත්. ඒ වගේම මේ තුන එකිනෙක මිශ්‍ර කර නොගැනීමත් ඔබේ වගකීමක්. මොහොතක් සිතා බලන්න. ඔබ මිතුරන් හමුවීම, ඔවුන් සමග සුහද කතාබහ, dinner out එකක් වගේ දේවල් කොයි තරම් මගහැර තිබෙනවාද..? ඔබ කියන හේතුව වැඩ වැඩි වීම. ඒක හරිම සාම්ප්‍රදායික පිළිතුරක්. වැඩ සහ විවේකය කලමනාකරනය කරගැනීමයි වැදගත්. හොඳින් මතක තබාගන්න එය කළ නොහැකි නම් ඒක ඔබේ අසමත්කමක්. මොන තරම් වැඩ තිබුනත් සති අන්තය හෝ වෙනත් නිශ්චිත දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඔබේ මිතුරන් හමුවීම්, සුහද කතාබහක් පැවැත්වීම ගැන ඔවුන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුමයි. මෙතෙක් ඔබට ඔබේ සමාජීය ජීවිතය මගහැරුනා නම්, අදම මේ වෙනුවෙන් වෙලාව වෙන්කර ගනිමට කටයුතු කරන්න.

පෞද්ගලික කුසලතා ප්‍රවර්ධනය

Female student playing violin Free Photo

ඔබ විසින් අත්හැර දමන තවත් වැදගත්ම සාධකයක් මේ. ඔබ කිසියම් සුදුසුකමක් ගැනීම වෙනුවෙන් ඉගෙන ගැනීම වෙහෙසීම කරනවා. උපාධිය හෝ ඩිප්ලෝමාව ලබාගෙන ඔබ රැකියාවටත් ගිය පසු ඔබ කරන බරපතල වරද ඔබේ හැදැරීම් එතනින් නවතා දැමීම. එතැන් පටන් ඔබ වැඩ වෙනුවෙන් මහන්සි වනවා මිස ඔබේ පෞද්ගලික හැකියාවන් ප්‍රවර්ධනය වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ. නමුත් එක බරපතල වරදක්. ඔබ අනිවාර්යෙන්ම ඔබේ ක්ෂේත්‍රයේ නව දැනුම එකතු කරගත යුතුයි. තාක්ෂනය කොතරම් දියුණු වෙමින් යනවාද කියන දේ පසුගිය දශක දෙකේ ජිවත් වූ ඔබ හොඳින්ම දන්නවා. නමුත් මේ වෙනසට අනුගත වීම අපි කළ යුතුමයි. ඒ වෙනුවෙන් ඔබ වැඩකරන ක්ෂේත්‍රයේ ලෝකයේ පවතින නව දැනුම සොයාගන්න. ඒ පිලිබඳ යාවත්කාලීන වන්න. ඔබඔබේ ක්ෂේත්‍රය ගැන පවා නිවැරදි නවීන දැනුමින් සන්නද්ද නැතිනම් එය ඔබේ දුර්වලකමක් ලෙස හඳුනා ගැනීමට ඉඩකඩ තියනවා. ඒ නිසා මේ සතතාභ්‍යාසය සහ නව දැනුම සොයා යාම අත්‍යවශ්‍යයි.
අද ලෝකයේ බොහෝ දෙනෙක් මේ රැකියාව සහ ජීවිතය සමබරව පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ආතතියට ලක්වී තිබෙනවා. මේ තත්වයෙන් මිදීමට විශේෂඥයින් හඳුන්වා දෙන ක්‍රම කිහිපයකුයි අපි ඔබට ගෙන ආවේ. නැවත නැවතත් සිතා බලන්න. අවසානයේ ඔබ කියන පුද්ගල චරිතය හැමටම වඩා වැදගත්. ඒ නිසා රැකියාවට ඔබව පාලනය කිරීමට ඉඩ නොදී, රැකියාවත්, රැකියා ස්ථානයේ ආතතියත් ඔබේ පාලනය යටතට ගන්න. සාර්ථක මිනිසකු වීමට ඔබටම මගපාදා ගත හැකිවනු ඇති.

 

එන් වෙහෙරදූව

මේ වැරදි පුරුදු ඔයාගේ ජීවිතයෙත් තියනවනම් දැන්මම ඉවත් කරගන්න…

අපි හැමෝටම විවිධ පුරුදු තියෙනවා. පුංචිම කාලේ ඉඳන් අපි දිගින් දිගටම කරමින් ආව පුරුදු ගැන අපි වැඩිපුර නොසිතුවාට ඒවායින් සමහර පුරුදු අපට හානිකරයි. ශරීර සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාන මේ විදිහේ නොයෙක් පුරුදු අපි ලඟ තිබෙනවා. අපි කළ යුතු වන්නේ මුලින්ම එවැනි පුරුදු මොනවාද කියන දේ හඳුනා ගැනීම. ඉන් පස්සේ ඒවායින් අත්මිදෙන්න උත්සාහ කළ යුතුයි. ලෝකය පුරාම සිදුවන විවිධ සමීක්ෂණ ප්රථිපල සහ විශේෂඥ අදහස් අනුව අප විසින් අත්හළ යුතු පුරුදු පිළිබඳ ඔවුන් තොරතුරු ඉදිරිපත් කොට තියෙනවා. gasma.lk කියවන ඔබ වෙනුවෙන් ඔබ විසින් අත්හැරිය යුතු, පුරුදු කිහිපයක් ගැන තොරතුරු අප ඔබවෙත ගෙන එනවා.

 

01. ආතතිය සහ කෑම 

Young woman in cafe eating tasty sandwich Free Photo

සමහර පුද්ගලයන් තුළ තිබෙන නරකම පුරුද්දක් තමයි මේ. ආතතිය නැතිනම් stress වීම නිසා කෑම අනුභව කිරීම. එවැනි පුද්ගලයින් ඇත්තටම කන්නේ කෑම අවශ්‍ය නිසා හෝ බඩගින්නක් නිසාම නොවෙයි. ආතතිය, පීඩනය, විශාදය, අසතුට, සතුට වැනි ඕනෑම මනෝභාවයක් දරාගැනීමේ ක්‍රමයක් විදිහට ඔවුන් කරන්නේ දිගින් දිගටම කන එක. වැඩිපුර කෑම ගැනීම මොන විදිහේ ප්‍රතිළුලයක් විය හැකිදැයි ඔබට වැටහෙනවා ඇති. නිසා ඔබට මේ පුරුද්ද තිබෙනවා වාහාම එය අත්හරින්න. ඔබ ස්ථුලතාවට පත්වී රෝගී වීමේ ප්රවණතාවක්ද ඇතිවිය හැකියි. ආතතිය සඳහා වන නිවැරදි පාලන ක්‍රමය මිස හැඟීම් වලින් ඉවත් වීමට ආහාර අනුභවය නොකරන්න.

 

02. නියපොතු හැපීම 

Nail biting (onychophagia) concept : portrait people biting his nail. Premium Photo

බොහෝ දෙනකුට තිබෙන ඉතාම නරක පුරුද්දක්. මේ පුරුද්දත් හැඟීම් එක්ක සෘජුව සම්බන්ධ කාරණයක්. ඔබට දුකක් දැනුනු විට, භයක් දැනුනු විට හෝ වෙනත් ඕනෑම පීඩාකාරී හැඟීමක් දැනෙන අවස්ථාවක නියපොතු හැපීමට ඔබ පුරුදු වී සිටිනවාද..? එහෙම නම් හැකි ඉක්මනින් ඔබ එයින් ඉවත් විය යුතුමයි. මේ කාලයේ නම් අපි සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත්. නිතර නියපොතු හැපීම කියන්නේ ඔබව රෝගී කරවන්න ප්‍රධාන සාධකයක්. ඉක්මනින් සහ පහසුවෙන් විෂබීජ ශරීරයට ඇතුල් කිරීමට ක්‍රමය නිසා හැකියාව ලැබෙනවා. වගේම ඔබට කලක් ගතවීමේදී ඉතා අවලස්සන නියපොතු වලට උරුමකම් කියන්නත් සිදුවනවා. ඕන ප්‍රශ්නයක් නිසා මේ වැඩේ කරනවා නම්, ඔබ හොඳින් මතක තබාගන්න මේ ගැටළු විසඳාගන්න අවශ්‍ය වන්නේ සරළව නිවී සැනසිල්ලේ කල්පනා කිරීම පමණයි. නමුත් නියපොතුහපමින් කාලය ගත කිරීමෙන් ඔබේ සෞඛ්‍යට වගේම පෞරුශයටත් වන්නේ හානියක්.

 

03. සෘණාත්මක මිනිසුන්ගෙන් ඉවත් වන්න.

Unstable bearded boss gesturing at head while screaming Free Photo

ඔබට ඔබේ කියලා ඉලක්ක තිබෙනවා ඇති. පෞද්ගලික ජීවිතය අතින් ගත්තත්, කාර්යාලයේ සේවය කරන අන්දම ගත්තත් මේ ඉලක්ක අනිවාර්යෙන්ම ඔබ සතු විය හැකියි. මේ ඉලක්ක වලට ලඟා වන්න නම් ඔබ අනිවාර්යෙන්ම ධනාත්මක මිනිසුන් ඇසුර ලබාගත යුතුයි. ඔබේ සිතේ තියන ඉලක්ක සහ අරමුණු ගැන කියද්දී ප්‍රෙවේශම් වන්න. බෙදාගත යුතු සියල්ල එලෙස බෙදාගත යුතු හොඳම මිනිසුන් අතලොස්සක් නම් ඉන්නේ ප්‍රශ්ණයක් නැහැ. සුළු පිරිස පමණක්ම ඇසුරු කරන්න. වැඩි පිරිසක් ඔබේ සිහින සහ ඉලක්ක වලට සහයෝගය දක්වන්නේ හෝ ආශීර්වාද කරන්නේ නැහැ. නිසා ඔබට යහපත් ආකල්ප පමණක් ගෙනදෙන අයව ඇසුරු කිරීමට තොර ගන්න.

 

 

04. ඔබව අගය නොකරන්නන් ඇසුරෙන් වළකින්න

Dissatisfied female executive blaming threatening male employee at team meeting Free Photo

අපි අවට ඉන්න පුද්ගලයින් විවිධයි. ඒක එහෙම තමයි. නමුත් අපට අනිකා වෙනස් කළ නොහැකි වුවත්, තෝරා ගැනීමක් කළ හැකියි. නිසා ඔබ, ඔබේ අනාගතය වෙනුවෙන් තෝරා ගැනීම කළ යුතුමයි. ඔබව අගය නොකරන, ඔබේ ජයග්රහණ හෝ ඉදිරි ගමන පිලිබඳ අගයමින් කතාබහ නොකරන, ඔබේ ඉලක්ක සපුරා ගැනීමේදී අවංකව සතුටු නොවන සහ පිළිබඳව ඔබ සිටින තැන මෙන්ම නොසිටින තැනත් අගයමින් කතාබහ නොකරන පුද්ගලයින් කියන්නේ ඔබට කිසිදු ආශිර්වාදයක් නොවෙයි. නිසා එවැනි පුද්ගලයින් හඳුනා ගන්නත් ඔවුන්ව ඇසුරු කිරීමෙන් වළකින්නත් ඔබට හැකිවිය යුතුමයි.

 

05. දුම්පානයන කරනවාද..? ගැන යළි සිතා බලන්න.

Closeup shot of a person puffing on a cigarette surrounded with smoke Free Photo

සාමාන්‍යෙයන් මේ දුම්වැටි භාවිතය වගේ පුරුදු අතිශය පෞද්ගලික කාරණා. ඒවා තම තමන්ගේ තෝරා ගැනීම් මත තීරණය වන දේවල් නිසා පිලිබඳ පොදුවේ අදහසක් ඉදිරිපත් කිරීම සුදුසු නොවන්න පුළුවන්. නමුත් ලෝකය පුරාම පවතින පොදු පිළිගනිම අනුවත් සමීක්ෂණ දත්ත සටහන් අනුවත් දුම් බීම ඔබේ ශරීර සෞඛ්‍යට, මානසික සෞඛ්‍යට   වගේම පෞරුශයටත් කරන්නේ හානියක්. නිසා ඉන් වළකින්න හැකිනම් එය ඉතාමත් වැදගත්. ඔබේ මුහුණේ සමට, තොල් වලට වගේම ඔබේ අභ්යන්තර ශරීර අවයව වලටත් දුම්පානයෙන් හානි සිදුවන නිසා මේ පිලිබඳ අවබෝධයෙන් සිතා බලා තීරණයකට එළඹීම ඔබ සතු කටයුත්තක් බවත් අපි සටහන් කොට තබනවා.

 

 

06. පමණ ඉක්මවා ඇල්කොහොල් භාවිතය

Tired young businessman drinking Free Photo

ඇල්කොහොල් සහිත බීම භාවිතයට ගැනීමේදී නියමිත ප්‍රමාණයට අනුව පමණක් භාවිතයට ගන්න වගබලා ගැනීම වැදගත්. ඔබ පුරුද්දක් ලෙස ඇල්කොහොල් පානය කරන්නෙක් නම් පුරුද්දෙ තරම කොයි තරම්දැයි සිතා බලන්න. දිනපතා අධික ප්‍රමාණයන්ගෙන් ඇල්කොහොල් භාවිතය ඔබ ශාරීරිකව රෝගියකු බවට පත් කරවනවා වගේම ඔබ මානසිකවත් අකර්මණ් පුද්ගලයකු බවට පත් කරවනවා. නිසා ඔබේ සීමාවන් ඔබම සලකුණු කරගන්න. සීමාවන් තුළ සිටිමින් ඇල්කොහොල් භාවිතා කරන්න. එසේ නොමැති වුවහොත් ඔබේ ශරීර, මානසික සෞඛ්‍ය තත්වයට වගේම පෞරුෂයටත් හානි පැමිණවිය හැකියි. විශේෂයෙන් ඔබේ අක්මාව, හදවත සහ මොලය ආශ්රිත ගැටළු වලට ලක්වීමේ අවදානමක් තිබෙනවා වගේම පිළිකාවන්ට පවා ගොදුරු වීමේ අවදානමක් සහිතයි. නිසා මේකත් අවබෝධයෙන් යුතුව පාලනය කරගත යුතු පුරුද්දක් බව සටහන් කළ යුතුමයි.

 

 

07. Junk Foods වලින් ඉවත් වන්න.

Delicious grilled burgers Premium Photo

මේ පිළිබඳව අපි වඩා සවිස්තරාත්මක ලිපියක් මීට පෙරත් ඔබවෙත ගෙන ආවා. Junk foods කියන්නේ මේ වෙනකොට ලෝකයටම යම් ගැටළුවක් වී තිබෙන දෙයක්. පුද්ගල ශරීර සෞඛ් පැත්තෙන් සලකා බැලුවොත්, ලෝකය පුරා බොහෝ පුද්ගලයින් ප්රමාණයක් රෝගීන් බවට පත් කිරීමටත්, ස්ථුලතාවයට පත් කරවීමටත්, මේ ආහාර වර්ග හේතුවක් වී තිබෙනවා. බොහෝවිට පහසුව හෝ රසය ගැන සලක බැලීමෙන් මේ කෑම වර්ග වලට කෙනෙකු ඇබ්බැහි වීමක් සිදුවිය හැකියි. නමුත් මෙහි දීර්ඝ කාලින අහිතකර ප්රතිවිපාක පිලිබඳ ඊට වඩා ගැඹුරින් සිතා බලන්න කියලත් අපි ඔබට මතක් කරනවා. එවිට ඔබට ඉතා සාධාරණ හේතු රැසක් දැනගන්න ලැබේවි. ඔබ අනිවාර්යෙන්ම Junk foods වලින් ඉවත් වේවි.

 

08. Smart devices භාවිතය.

Group of people looking at smartphones Premium Psd

ඔබ හොඳින්ම දන්නා කාරණයක් තමයි මේ වනවිට ලෝකය පුරාම මේ Smart devices වලට පුද්ගලයින් ඇබ්බැහි වීමේ ප්රවණතාවක් තිබෙන බව. විශේෂයෙන් ඔස්සේ social media එක්ක බොහෝ දෙනෙක් තමන්ගේ වෙලාව ගෙවන්න පුරුදු වෙලා තිබෙනවා. ඒක අතහැරිය හැකි දෙයක් නොවෙයි තමයි. නමුත් ඔබට මේ උපකරණ වල ඇබ්බැහි වීමෙන් වැළකිය හැකියි. විශේෂයෙන් ඔබ නිරන්තරයෙන් මේවා සමගම ජීවත් වද්දී ඔබේ ඇසට සහ මනසට අවශ් කරන විවේකය අහිමිව යනවා. ශාරීරිකව එය යහපත් දෙයක් නොවනවා වගේම මානසිකවත් අහිතකර බලපෑම් ඇතිකරවන්නක් විය හැකියි. නිසා ඒවා සියල්ලෙන්ම ඉවත්ව මානසිකව විවේකයක් ලබාගත හැකි වෙලාවකුත් ඔබේ දවසේ කාල සටහනට එකතු කරගන්න. මේ උපකරණ වලින් තොරව සුළු වෙලාවක් හෝ ගෙවා දැමිය නොහැකි තරමට මේ වනවිටත් ඔබ ඇබ්බැහි වෙලා නම් හැකි ඉක්මනින් ඇබ්බැහියෙන් මිදීමට ක්රමවේදයක් සකස් කරගන්න.

 

09. ප්‍රමාද නොවීමට වගබලාගන්න.

Portrait of a shocked businessman looking at wristwatch Free Photo

ඔබට ජීවිතයේ බොහෝ පුද්ගලයින් හමුවී ඇති. ඉන් සමහරු නියමිත වෙලාවට නිශ්චිතව තමන් කරන ඕනෑම කටයුත්තක් කරනවා වගේම අනික් කොටස සියලුම කටයුතු වලට ප්රමාද වනවා ඔබ දැක ඇති. ඔබ විශ්වාස කරන්නේ මේ දෙකෙන් කවර ක්රමයක් සාර්ථකයිද..? අනිකා පිළිබඳව හෝ ලෝකයේ අනික් සිදුවීම් ගැන සැළකිලිමත් නොවී, නිදහසට හේතු නොසොයා ඔබ නියමිත වෙලාවට වැඩ කරන්න පුරුදු වන්න. ඔබ යම් තැනකට යා යුතුයි නම් නියමිත නිශ්චිත වෙලාවට එතනට යෑමට හැකි තරම් උත්සාහ කරන්න. ඔබට යම් වගකීමක් පැවරුණු විට නියමිත වෙලාවට එම වගකීම ඉටුකොට අවසන් කිරීමට හැකි සැම විටම උත්සාහ කරන්න. එය ඔබේ යහපත් පුරුෂ ලක්ෂණයක් විදිහට ලෝකය හඳුනා ගනීවි. වගේම ඔබ පිලිබඳ හොඳ විශ්වාසයක් අනිකා තුළ ගොඩ නැගේවි. නිසා ප්රමාද වී කටයුතු කිරීමට වඩා නියමිත වෙලාවට වැඩ කිරීමට හැකි සෑම විටම උත්සාහ කරන්න.

 

 

10. නොගැළපෙන / නුසුදුසු සම්බන්ධතා වලින් ඉවත් වන්න.

Concerned wife being sad about family problems Free Photo

අපි හැමෝටම සමාජීය සහ පෞද්ගලික සම්බන්ධතා තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික ජීවිතයේ ඔබට සහකරුවෙක් / සහකාරියක්, බිරිඳ / සැමියා මේ ඕනෑම ආකාරයක සම්බන්ධතාවක් තිබිය හැකියි, ඔබ සාර්ථක මිනිසකු ලෙස ජීවත් වීමට උත්සාහ කරන්නෙක් නම් මේ සම්බන්ධතා පිලිබඳ දැඩි අවධානයකින් යුතුව සිටිය යුතුමයි. ඔබ මේ පවත්වාගෙන යන සම්බන්ධතා ඔබට නොගැලපෙන ඒවා වීමට ඉඩකඩ තිබෙනවා. එවැනි අවස්තාවක ඔබ එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? ඔබට ඔබේ ජිවිතයේ සාර්ථකව ඉදිරියට යාමට නම් ඔබ පවත්වා ගත යුත්තේ වෙනුවෙන් රුකුලක් වන සම්බන්ධතාවක් පමණයි. මිනිසුන් විදිහට අපි කිසිවකුත් 100% අනිකට ගැලපෙන්නේ නැහැ. උත්සාහ කිරීමෙන් ගළපාගෙන ජීවත් වීම පමණයි කළ හැකි වන්නේ. නමුත් ගලපිමත් කොපමණ ප්රතිශතයක්ද කියන එක ඔබ තීරණය කළ යුතුයි. 60% – 70% ගැලපෙනවා නම් ඉතිරි කොටස වෙනුවෙන් ඔබට කැපකිරීමක් කළ හැකි වුනත් 20%ක් පමණක් ගැලපෙන සම්බන්ධතාවක ඉතිරි 80% වෙනුවෙන් කැපකිරීමක් කිරීම ප්රායෝගික නොවේවි. එවැනි කැපකිරීමකින් ඔබේ ඉදිරි ගමනට වන බලපෑම / හානිය වැඩිවිය හැකියි. නිසා මුලින්ම ඔබ ඔබේ සම්බන්ධතාවන්හි තත්වය පිලිබඳ ගැඹුරින් සිතා බලන්න. නොගැලපෙන සම්බන්දතා පවත්වා ගනිමින් ඔබේ ඉදිරි ගමන අඩාල කරගැනීම වෙනුවට අවබෝධයෙන් ඒවායින් ඉවත් වන්න. එසේ තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් වන්න. එය ඔබට වගේම අනිකාටත් වඩා යහපතක් වනු ඇති.

 

මේ කරුණු ඔබේ ජිවිතයට එකතු කරගත යුත්තේ කොහොමද කියන කාරණය පිලිබඳ ඔබ සිතා බලන්න. අවසානයේ වැඩ වැදගත් වන්නේ මිනිසකු ලෙස ඔබේ සතුට සහ ඔබේ ඉදිරි ගමන පමණයි. නිසා වෙනුවෙන් කළ යුතු කැපකිරීම් සහ ගත යුතු පියවර මොනවාද කියන දේ තීරණය කළ යුත්තේත් ඔබමයි. නැවත නැවතත් සිතා බලන්න. මේ කරුණු ඔබේ ජීවිතයට එක්කර ගැනීමට හොඳම කාලය මෙය විය හැකියි.

ඇඟේ Muscles Tone කරගන්න Chest Workouts…

ඇඟේ Muscles Tone කරගන්න එහෙම නැත්තම් Muscles build කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Chest Workouts ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ..

මේ Vimukthi Abeynayake – (Certified Under The Muay Thai Academy of America and The Muay Thai Association of Sri Lanka )