Blog Page 18

බය නැතුව ලංකාව පුරාම සංචාරය කරන්න ඔයාට වැදගත්වන කරුණු කිහිපයක්…

කොවිඩ් 19 නිසා මාස 09 කට ආසන්න කාලයක් තිස්සේ දුරස්ථව තිබුන ශ්‍රී ලංකාව දැන් නැවත සංචාරකයන්ට විවෘත වෙලා තියෙනවා. ඉතින් 2021 දී ලංකාවේ සංචාරය මොන වගේ එකක්ද කියලා ඔයාලත් කුතුහලයෙන් ඇති. දැනට ලංකාවේ සංචාරය කරන කෙනෙක්ට වැඩිය මේ ගැන කතාකරන්න වෙන කවුද හොඳ ?

පෝල් තෝමස් දැනට සතියකට විතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදන් ලංකාවට ඇවිත් මේ වෙද්දී කොළඹ මධ්‍යයේ තියෙන ME Colombo හෝටලයේ ලැගුම් ගෙන ඉන්නවා. ME Colombo හෝටලය Level 1 ‘Safe and Secure’ හෝටලයක් විදිහට නම් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අමුත්තන්ට එයාලා නැවතිලා ඉන්න පලවෙනි දවස් 14 දී ‘bio bubble’ යටතේ සත්කාරකත්වය ලබාදෙන්න පුළුවන් බවයි. “මම ශ්‍රී ලංකාව නරඹන්න තෝරා ගත්තේ එය මම ආදරය කරන ස්ථානයක් වෙන නිසාත්, කිහිප සැරයක්ම නැවත නැවත පැමිණීලා තියෙන නිසාත්. ඇත්තටම ලංකාවේ මුහුදු වෙරළට මම ගොඩක් කැමතියි ” කියලා පෝල් පැවසුවා.

ස්වයං රැකියාවක් කරන පෝල් අන්තිමට ලංකාවට ආවේ 2018 ගිම්හාන විවේක කාලයේදී. වීසා සහ booking ක්‍රියාවලියේ එදාට සාපේක්ෂව ලොකු වෙනසක් වෙලා නැති බව ඔහු හිතනවා. “නිසැකවම, අළුත් දේවල් කිහිපයක් තියෙනවා, නමුත් ඔයා පළවෙනි පාරට ඒක අත්හදා බැලුවම ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා ඔයාට වැටහෙයි. මගේ වීසා බලපත්‍රයට අයදුම් කරන්න, PCR පරීක්ෂණ සඳහා ගෙවන්න සහ COVID-19 සංචාරක රක්ෂණයක් අන්තර්ජාලය හරහා ලබා ගන්න මට පුළුවන් වුණා. එකම පූර්ව අවශ්‍යතාවය වුණේ ලෙවල් 1 හෝටලයක වෙන්කරවා ගැනීමක් කරගන්න. මම ඒකට ME Colombo තෝරාගත්තා.”

ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිරීති යටතේ අමුත්තන්ට ඇමරිකානු ඩොලර් 50,000 ක් වටිනා COVID-19 සංචාරක රක්ෂණ ඔප්පුවක් සඳහා ඇමරිකානු ඩොලර් 12 ක් ගෙවන්න වෙනවා වගේම ඒක මාසයක කාලයකට වලංගු වෙනවා. සිදු කරන PCR පරීක්ෂණ ගණන රැඳී ඉන්න කාලය මත රඳා පවතිනවා. උදාහරණයක් විදිහට , සංචාරකයෙකු රාත්‍රි 4 ක් / දින 5 ක් හෝ ඊට අඩු කාලයක් රැඳී හිටියොත් PCR පරීක්ෂණය සිද්ධ කරන්නේ 1 ක් විතරයි. රැඳී සිටීම දින 5 කට වඩා වැඩි නමුත් රාත්‍රී 13 ට / දින 14 ට අඩු නම්, PCR පරීක්ෂණ 2 ක් සිද්ධ කරනවා, රැඳී සිටීම දින 14 ක් හෝ ඊට වැඩි නම් PCR පරීක්ෂණ 3 ක් සිද්ධ කරනවා. වයස අවුරුදු 12 ට අඩු ළමයින් PCR පරීක්ෂණ වලින් නිදහස් වෙනවා.

පෝල් අනිත් හැම පාරම වගේ සංචාරක නියෝජිතයෙකු මාර්ගයෙන් තමන්ගේ ගුවන් ටිකට් පත වෙන් කරවා ගත්තා.”ඒක මගේ කාලය ඉතුරු කළා.” ඔහු කිවුවා. නමුත් මට කොරෝනා නැති බවට තහවුරු කරන PCR පරීක්ෂණයක් ගුවන් යානයට ගොඩවෙන්න පැය 96 කට කලින් ලබාදෙන්න මට සිද්ධ වුණා. ඔහු කොළඹට ආවයින් පස්සේ, ආගමන හා විගමන කවුන්ටරය හරහා යන්න කලින් සෞඛ්‍ය ප්‍රකාශන පෝරමයක් පුරවා ගන්න සිද්ධ වුණ බව පෝල් පැවසුවා. එයාගේ හෝටලය එයාව ගුවන් තොටුපලෙන් රැගෙන යන්න කටයුතු සූදානම් කර තිබුණා.

“ගුවන්තොටුපලේ නිලධාරීන් ගොඩක් උදවු කළා, ශ්‍රී ලාංකිකයන්ගෙන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උණුසුම් පිළිගැනීමක් මට ලැබුණා” කියා පෝල් පැවසුවා. හෝටල් කාර්යමණ්ඩලයටත් පෝල් ප්‍රශංසා කළා. “මම නැවතී සිටින කාලය පුරාම එයාලා පුදුම සහගතයි. නිමේෂ් සහ එයාගේ කණ්ඩායම මගේ නවාතැන් ගැනීම සතුටින් ගත කරන්න ඕනෑවටත් වඩා මහන්සි වුණා.”

 

සීමාවන් නැත (බොහෝ දුරට)

ශ්‍රී ලංකාව අමුත්තන්ට එයාලා නවාතැන් ගෙන ඉන්න හෝටල්වල තියෙන සියලු පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඉඩ ලබා දී තියෙනවා. හෝටල් වල පැත්තෙන් ගත්තොත් හෝටල් එයාලගේ අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන්න හැම සෞඛ්‍ය මාර්ගෝපදේශයක්ම අනුගමනය කරන්න වග බලා ගන්නවා. ඒ කියන්නේ පෝල් වගේ අමුත්තන්ට කාලෙකින් නොලැබුණු අත්දැකීමක් වන අවන්හලේ ආහාර ගැනීම වුණත් කරන්න පුළුවන්. ගෙදරදී, මට පිටතට යන්න පුළුවන් වුණත් මම පුළුවන් තරම් ගේ ඇතුළෙම රැඳී ඉන්න උත්සාහ කළා. නමුත් මෙහෙ මම Bio Bubble එකක ඉන්න නිසා බාර් එකේ බීමක් පානය කරන ගමන් කිසිම කරදරයක් නැතුව මට හොඳ භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හෝටලය (ME Colombo) ඉතා අපුරු තැනක් වගේම සූප වේදියා ගොඩක් ප්‍රවීණ කෙනෙක්.” පෝල් පෙන්වා දුන්නා.

උද්යෝගිමත් හා තරඟකාරී Surfer කෙනෙක් වෙන පෝල්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “මම පිහිනුම් තටාකයේ පිහිනමින්, GYM එකේ ව්‍යායාම කරමින් මගේ ශක්ති මට්ටම වැඩි කරගන්න විවේකයක් ලබා ගන්නවා . සමහර වෙලාවට මම rooftop එකේ හිරු එළියට වෙලා ඉන්නවා. ඒ වේලාවට පිහිනුම් තටාකයත් එක්ක ඒ දර්ශනය ඇත්තටම සුන්දරයි! Gym එකේ ඉහළ මට්ටමේ උපකරණ තියෙනවා. මම ගිහින් තියෙන හෝටල් අතරින් මට හම්බ වුණ හොඳම උපකරණ ඒ අතර තියෙනවා. සවස් වරුවේ නගරය සිසිල් වෙද්දී, හෝටලය විසින් නගරය වටා රිය පදවන්න රියදුරෙක් සූදානම් කරලා තියෙනවා. (කොළඹ පෙබරවාරි සහ මාර්තු මාසවලදී තරමක් උණුසුම්). ඔහු අපිට කිවුවා ඔහු කොළඹින් මහල් නිවාසයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන නිසා දකුණට යන්න කලින් නගරයේ යම් කාලයක් ගත කරන්න ඔහු කැමැත්තෙන් ඉන්න බව.

මට කෞතුකාගාරය නරඹන්න වගේම හොඳින් පිසපු ශ්‍රී ලංකා කකුළුවන් ව්‍යංජනයක් මෙහෙ අවන්හලකින් රස විඳීන්න පුළුවන් වුණා. “කවුරුහරි ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ අවවාදය, එහෙ යන්න. සමහර වේලාවට ඔයාට හිතෙන තරම් ඒක ඇත්තටම සංකීර්ණ නැහැ. ඒ වගේම වෙනදාට වඩා ගාස්තු ටිකක් අඩු වෙන්න පුළුවන් නිසාම ඒක ඔයාට වාසියක් වේවි.

ශ්‍රී ලංකාව දැන් රට වෙත පැමිණෙන සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා. වැඩි විස්තර සඳහා https://www.srilanka.travel/helloagain/ වෙත පිවිසෙන්න.

උගුර රිදෙනවාද..? කොරෝනා කියලා බයයිද..? එහෙනම් මේ tips ටික අත්හදා බලන්න…

උගුරේ අමාරුව කියන්නේ අපි ගොඩක් දෙනෙක් අත්විදලා තිබෙන දෙයක්. උගුරේ ආසාදන විවිධ හේතුනිසා ඇතිවෙන්න හැකියාව තිබෙනවා. වර්තමාන කොවිඩ් තත්ත්වයත් නිසා උගුරේ ආසාදන වලට වෛද්‍ය උපදෙස් පැතීම තමයි හොඳම දේ. ඒෙ වුණාට හේම්බිරිස්සාවක් හැදෙන්න එන වගේ අවස්ථාවක ඇතිවෙන උගුරේ අමාරුවට අපිට ගෙදරදීම කරන්න පුළුවන් පිළියම් තියනවා. ඉතින් ඔයාට ඒ විදිහේ පොඩි උගුරේ අමාරුවක් හැදෙන්න වගේ එනවනම් ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් අත්බෙහෙත් කීපයක් ගැනයි අද අපි ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න හදන්නේ.

 

වාෂ්ප ඇල්ලීම

Benefits of Steaming Face for Acne at Home, Facial Steaming

උගුර රිදෙනවා වගේ එනකොට බෙහෙත් වලට ඉක්මනින්ම යන්නේ නැතුව වාෂ්ප ඇල්ලී මගින් උගුර ඉදිමීම අඩුකරගන්න හැකියාව තිබෙනවා. ඔයා මුලින්ම වාශ්ප අල්ලනවානම් කරන්න තියෙන්නේ ඔයාගේ හිස තුවායෙන් ආවරණය කර උණු වතුර බේසමකට මුහුණ පහත් කර එයින් පිටවන වාෂ්ප අල්ලන්න එක විතරයි.

 

ලුණු වතුරෙන් උගුර සේදීම

Is it good or bad to gargle with salt water daily? - Quora

ලුණු වතුරෙන් උගුර සෝදන එක අපිට පොඩි කාලේ ඉදන් හුරුපුරුදු දෙයක්. ඔයාට මතක ඇති අ පිට උගුරේ අමාරුවක් හැදුනහම අම්මා ලුණු වතුර දෙනවා උගුර සෝදන්න. හැබැයි ලුණු වතුරෙන් උගුර සෝදනකොට දැනගන ඉන්න අවශ්‍ය කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඕනවට වඩා රස්නේ වතුර ගන්න හොඳනැහැ. ඒ වගේම ඕනවට වඩා ලුණු දාන්න හොඳත් නැහැ. මිලි ලීටර් 250ක මද රස්නෙ වතුරවලට ලුණු කුඩු තේ හැඳි කාලක් හෝ භාගයක් විතර මිශ්‍ර කරගන්න. මේක තමයි හරිම පදම. උගුර කියන්නේ සංවේදී ස්ථානයක්. ඒ නිසා හරිම පරිස්සමින් තමයි උගුර සෝදන එක කරන්න ඕනේ.

 

උළුහාල් ප්‍රතිකාරය

Here's Why You Should Drink A Glass Of Methi Water Everyday

මේකත් හරියට ලුණු වතුරෙන් උගුර සෝදනව වගේම කරන්න තිබෙන ලේසි ප්‍රතිකාරයක්. ඔයාට කරන්න තියෙන්නේ උළුහාල් තේ හැඳි දෙකක් නටන වතුරේ විනාඩි 30ක් විතර කාලයක් තම්බාගෙන උගුර හෝදන්න සුදුසු උණුසුමට එනකම් මද වේලාවක් නිවෙන්න තියලා උගුර සෙමින් සෝදන්න. මේක උගුරේ අමාරුවට වගේම කැස්ස​ට උගුර තුවාල වීම නිසා හටගන්නා උගුරේ වේදනාවටත් සහනයක් ලබා දෙනවා.

 

 

දෙහි යුෂ සමග මී පැණි පානය 

What are the benefits of lemon tea with honey?

ලෙමන් සහ දෙහි වැනි පැඟිරි පලතුරු ඔයාගේ උගුරෙ ඇතිවෙන ආබාධ අවම කරන්න ගොඩක් උපකාරී වෙනවා. මී පැණි හැන්දක් දෙහි යුෂ සමග මිශ්‍ර කරගෙන ඔයාගේ උගුරට සහනයක් අවශ්‍ය හැම වෙලාවකම පානය කරන්න හැකියාව තිබෙනවා. දෙහි යුෂ නැත්තනම් ඔයාට ඒ වෙනුවට ලෙමන් වතුර භාවිතා කරන්නත් පුළුවන්. මතක තියාගන්න දෙහි යුෂ හෝ ලෙමන් පානය කරන වෙලාවට ටික ටික පානය කරන්න. ඒ සඳහා බීම බටයක් භාවිතා කරන එක තමයි හොඳම දේ.

 

 

නිදා ගන්නා වෙලාවට හිස ඔසවා තබා ගන්න.

Best Pillows For Side Sleepers

ඔයාට මතකද අසනීප වෙලා ඉන්න වෙලාවක පොඩි නින්දක් ලබා ගත්තහම කොච්චර සනීපයක් දැනෙනවාද කියලා. උගුරෙ අමාරුවක් තිබෙන වෙලාවක ඔයා නිදාගන්න යනවා නම් හිස ඔසවා තබාගන්න .නිදාගන්න කලින් මුලින්ම කොට්ට 2 ක් හෝ 3 ක් මත හිස තබාගෙන හිස ඔසවා තබා ගන්න. මෙය ඔයාට පහසුවෙන් හුස්ම ගැනීමට උපකාරී වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ මුඛය වසා තබා ගැනීමටත් උගුරේ ඇතිවෙන පීඩා අවම වෙන්නත් හේතුවක් වෙනවා.

Sri Lankan- American Style එකේ Burgers කන්න යමුද “The Viking”…

අපි කවුරුත් කැමතියි Sri Lankan- American style එකේ Burgers කන්න.. එහෙම menu එකක් හොයාගෙන අපිත් ආවා.. මෙන්න අපිට හම්බුණු දේ..

 

Beverages

 

Cold Pressed Juice (Chili Pineapple) LKR 400

මේ කාලෙටම ගැලපෙන විදියට හදලා තියෙන පැණිරහ එක්කම කටට සැරක් දැනෙන juice එකක් තමයි Cold Pressed.මේ juice එක “අච්චරු රහ” හොයන කාගේත් සිත් ඇද ගන්නා බවට නම් සැකයක් නෑ. Viking අපිට මේ ජූස් එක serve කරපු විදියටත්, juice එකේ අන්නාසි රහත් එක්ක දැනෙන spicy ගතියටත් අපේ හිත එතන නතර වුණා.

 

Cold Pressed Juice (Soursop) LKR 400

අනෝදා අපේ ස්නායු පද්ධතියට ගුණදායක පලතුරක් වගේම ප්‍රතිශක්තිකරණය වඩවනවා. මේ cold pressed juice එකෙන් අනෝදා වල ඒ නැවුම් රසය අපිට ඒ විදියටම දැනුණා.පැණි රහත් එක්ක එකතු වුණු ඒ creamy ගතිය ගතටම අමුතු සිසිලසක් එක්කලා..

 

Chocolate Shake – LKR 400

පළවෙනි කටින්ම.. චොකලට් රසයෙන් අපේ කට පුරා දිව ගිය මිහිර අපිව චොක්ලට් ආකරයකට අරන් ගියා. UK කොඩිය emboss කරපු ලොකු jar එකක තමයි අපිට මේ chocolate shake එක serve කරේ…shake එකේ තියෙන කිරි රසයයි, මන්චි චොකලට් බිස්කට් වල රසයේ එකතුව චොකලට් ගතිය තවත් වැඩි කලා.

Starters

 

Ceylon Loaded Fries – (LKR 800)

ඔයා කවද හරිම එක එක කෑමවල රහ බලන්න එකම Place එකකට ගිහින් තියෙනවද?

Viking කියන්නේ , ඒ වගේ රහ බලන place එකක්…නිතරම පාහේ දන්න අදුනන customers ලා ඇවිල්ලා පුරුදු විදියට එයාලගේ dish රහබලනවා..මේ නිසාම මට හිතුණා, Viking Kitchen එකේ මොකක්හරිම රහසක් තියෙනවා කියලා.
Ceylon loaded fries dish එකේ portion එක ගොඩක් ලොකුයි. spicy topping එකත් එක්ක mix වුණු cheese Sause රස fries වලට අමුතුම flavor එකක් ගෙනවා.

 

Chicken Karaage – (LKR 550)

Sri lankan – American theme එකෙන් ටිකක් එහාට ගිය dish item එකක් නිසා ඔයලා confuse වෙන්න පුලුවන්. පලවෙනි කටින්ම දැනෙන්නේ ඒ රසවත් අත්දැකීම ඔයත් විඳින්නම ඕනි…batter එකේ තියෙන crunch රසයත් එක්ක BBQ Sause එකතු වුණාම, කටපුරා දැනෙන chicken flavor එක නම් නියමයි….

 

Beef satay – (LKR 550)

කටට කෙල උණන විදියට Beef Satay plate එක බර හිටින්නම පුරෝලා තිබුණා. උඩින් දාල තිබුන peanut sauce එක අනිත් හැම රසයක් ම අපේ දිවට පරාද කළා. Beef එක තද ගතියක් නැතුව හොදට හැපෙන juicy flavor එකකට තිබුණු නිසා..හැම කටක්ම නැවුම් විදියට තිබුණා…උඩින් එකතු කරලා තිබුණු veggies dish එකේ වටිනාකම වැඩි කලා.

 

Mains

 

Podduck (LKR 1200)

මං ආසම බාර්ගර් එක!මෙහි රස විඳ ගන්න උවමනා නිසාම මං ආපහු අනිවාර්යෙන්ම මෙතනට ඒවි…සාමාන්‍ය duck burger එකක් හැමදාම හදන තැනක් හොයාගන්න අමාරුයි. හැබැයි මෙතන ඔයා හැමදාම ආවත් duck burger එකක් රස විඳින්න පුළුවන් හොඳට මස් පුරවපු, හරි පදමටම bake වුන burger එකටම විශේෂ වූ curry sauce එකෙන් එන රසයනම් කියලා වැඩක් නෑ.ඒක කද්දී දැනෙන්නෙ soft savory cake එකක් කනවා වගෙයි!..

 

Deadly Rooster (LKR 850)

මේක ඇමරිකානු Nashville style එකට හැදුණු හොඳට සීසන් වුණ crunchy චිකන් බර්ගර් එකක්!…මෙකේ patty එක වැඩිපුර fried කරලා…මේ බර්ගර් එකේ ලස්සන exterior එකක් තියෙනවා.

 

Nai Miris Mac N Cheese (LKR 550)

Mac N cheese මැකරෝනි වෙනුවට spaghetti වලින් හදලා තිබුනේ..පළවෙනි කටින්ම ඔයා දන්නවා එකෙන් මොන රසයක්ද එන්න ඕනේ කියලා හැබැයි ඒ නයිමිරිස් රසය දැනෙන්නේ ඔයාගේ උගුරට.. මේ dish එකේ earthy flavor එකක් වගේම හොද crunchy texture එකක් තියෙනවා. ක්‍රීමි ස්පැගටි එක ගැන අපි හැමෝම කියන කැමති දෙයක් කියනවා නම්- American made Asian!!..

 

The “Hybrid” (LKR 1400)

හොදම ලෝකවල් දෙකක් එකම බර්ගර් එක ඇතුලේ..!! කුකුල් මස් සහ හරක් මස් වලට flavors ගොඩක් එකතු කරලා cook කරලා තමා බර්ගර් එකට දලා තියෙන්නේ…එක පැත්තක මේ curry එකත් අනික් පැත්තට fries ටිකයි එළවළුයි ටිකයි එකතු කරලා තියෙන මේ බර්ගර් එක ගන්න ගානට හොඳ වටිනාකමක් දිලා තියෙනවා.ඒ වගේම හරක් මස් වල රසය කුකුල් මස් වල රසයට වඩා දැනෙන්න සකස් කර තිබුණා.

 

The “Not-Really-Into-Meat” Burger (vegetarian-LKR 750)

එයාලාගේ menu එකෙ තියෙන meat options වලට අමතරව vegetarian අය වෙනුවෙන්ම සූදානම් කළ vegetarian burger එකක් අපි try කරා.මේ බර්ගර් එක ටිකක් ඝනකමින් වැඩියි.මේකෙ texture එකෙ falafel mix එකකුත් එකතු කරලා තියෙනවා.මේ ඔක්කොම එකතුවෙන් එන ඒ රසය විදගන්න එක බර්ගර් එකක් විතරක් try කරල නම් මදි කියලා ඔයාට හිතෙයි.

 

Viking Bleu (LKR 1250)

ඔක්කොම රසයන් බැලීමට ඇති නිසා මේසය මත එක එක meal වල කොටස් ඉතුරු වී තියෙනවා දකින එකනම් හරිම දුකක්..කෙසේවෙතත් මේ dish එකෙත් රසබැලීමට අපිට වුවමනා වුනා.හොදටම bake කල දුඹුරු පැහැයට තිබූ කුකුල් මස් පිරවුමට උඩින් ක්‍රීම් චීස් වක්කරලා තිබුණා.කට පුරාම දැනෙන රසක් මේ dish එකේ තිබ්බා.

 

Ambience

ගොඩක් ලස්සන සෞන්දර්යාත්මක පරිසරයක තමයි මේ place එක තියෙන්නේ..මෙතන්ට හැමදාම customers ලා එන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.-ඔවුන්ගේ menu range එක වගේම සුහදශීලි කාර්යමණ්ඩලයක් සිටීම..

Tip: chili pineapple එක නියම appetizer එකක්!…එකෙන් පටන් අරන් ඔයාගේ ආසම meal එකක් රසවිදලා chocolate shake එකකින් meal එක ඉවර කරන්න.

ඔයා, ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්නවද..?

“මම මේ හැමදේම කරන්නේ පවුල වෙනුවෙන්, මට මම ගැන හිතන්න වෙන්නේ නැහැ”
“ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි, office වැඩයි ඉවර වෙනකොට මට නම් ඇති වෙලා, කොහෙද මම ගැන හිතන්න වෙලාවක්..?”
“මන් කැමති විදිහට ජීවත් වෙන්න කවදාවත් මට ලැබිල නැහැ”
මේ අදහස් අපිට අපේ යහළුවන්ගෙන්, අවට සිටින අයගෙන් වගේම ගෙදර අයගෙනුත් අහන්න ලැබිල තියෙනවා. ඒවා අපිට අමුතු අදහසුත් නොවෙයි. මේ වගේ කතා අපට අහන්න ලැබෙන්නේ ඇයි..? නැත්නම් ඔබට / මට මේ වගේ හැඟීමක් ඇතිවෙන්නේ ඇයි..? පිළිතුර මොකක් කියලද ඔබ හිතන්නේ..?

ටිකක් කල්පනා කරලා බලන්න. ඔයා ඇත්තටම කවුරු වෙනුවෙන්ද වැඩ කරන්නේ..? මොකක් වෙනුවෙන්ද ජීවත් වෙන්නේ..? මේ ගැන හරියටම හොයල බැලුවොත් කලාතුරකින් කෙනෙක් තමයි තමන් වෙනුවෙන් දේවල් කරන්නේ. අනික් හුඟක් දෙනෙක් තමන් අවට තියන විවිධාකාර බැඳීම් නඩත්තු කරමින් ඒ අය වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරමින් ඉන්නවා දකින්න පුළුවන්.
මේක වරදක් නොවෙයි. තමන් ගැන සිතමින් තමන්ගේ කොටස පමණක් කරමින් ජීවත් වීම ආත්මාර්ථකාමී දෙයක් විදිහට කෙනෙකුට හිතෙන්න පුළුවන්. බැඳීම් කියන්නේ එහෙම තමයි ඉතිං කියල තවත් කෙනෙක් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ කොහොම වුනත්, අපි ඔයාට කියන්නේ ජීවත් වීම, වැඩ කිරීම කරන්නේ කා වෙනුවෙන්ද කියන එක ඔය තීරණය කළ යුත්තක්. එහෙම නොවුනොත් ඔයාටම ජීවිතේ එපා වෙලා අර අපි ඉහතින් කිවුව වගේ දෙබස් ඔයගෙනුත් කියවෙන්න පුළුවන්. මොකක්ද අපි කරන්න ඕනේ..? මේ සාමාන්‍ය තත්වයෙන් ගැලවිලා වෙනම ගමනක් යන්න අපට පුලුවන්ද..? එහෙම අදහසක් නොවෙයි මේ කියන්න යන්නෙ. සාමාන්‍ය ජීවිතය ඔයාගේ පවුල, දෙමව්පියන්, බිරිඳ හෝ සැමියා, පෙම්වතා හෝ පෙම්වතිය මේ ඕනෑම කෙනෙකු සමග ගතකරන අතරෙමත් තමන්ගේ ජීවිතේ හොයාගන්න, තමන් වෙනුවෙන් යමක් කරගන්න, සරලවම කිවුවොත් තමන්වත් සතුටු කරගන්න විදිහ ගැනයි අපි අද ඔයාට කියන්නෙ. අවසානයේදී තමන්ගේ ජීවිතේ සතුටින් සහ පහසුවෙන් ගත කරනවාද කියන කාරණයයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ පියවර කිහිපය උත්සාහ කරලා බලන්න. වෙනදාට වඩා තමන් ගැන අභිමායක් / සතුටක් ඔයාට දැනෙනවාමයි.

 

සතුටු වෙන්න උත්සාහ කරන්න.

Lovely asian woman standing on one leg. full length view of attractive stylish japanese woman jumping on purple background. Free Photo

අපි හුඟක් දෙනෙක් කරන දෙයක් තමයි සිහින වල ජීවත් වීම. එක විදිහකට ඒක හොඳ දෙයක්. සිහින තිබුනොත් තමයි අපි ඒවා හඹාගෙන යන්නෙ. නමුත් ඒ සිහින වටිනාකමක් වෙන්නේ සිහින සැබෑ කරගැනීම වෙනුවෙන් ඔයා මහන්සි වෙනවා නම් පමණයි. එහෙම නැතුව සිහින සිහිනම විතරක් විදිහට තියාගත්තොත් හැමදාම ඔයාට ඉතුරු වෙන්නේ පසුතැවිල්ලක්. කනගාටුවක් සහ කළකිරීමක්. නිකමට හිතන්න ඔයාට දැනට තියන ගෙදර, වාහනය, ඇඳුම් පැළඳුම්, මොබයිල් එක, ලැප්ටොප් එක, මේ වගේ දේවල් ගැන ඔයා තෘප්තිමත් නැති නම්..? ඔයාගේ සිහිනය ඊට වඩා හොඳ තත්වයේ එකක් නම්..? ඔයා කරන්න ඕනේ ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එක. ඉලක්කය ඉස්සරහින් තියාගෙන ඒක හඹාගෙන යන එක. එහෙම නැතුව ඒවා සිහින විදිහට තියාගෙන තියෙන දේවල් ගැන කළකිරීමෙන් ජීවත් වුනොත්, ඔයාට කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා එක්කෝ තිබෙන ප්‍රමාණයෙන් සැනසෙන්න. නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ලබාගන්න වෙහෙසෙන්න. මේ දෙකෙන් ඔයා කරන්න ඕන මොකක්ද කියන එක ඔයාම තීරණය කරගන්න. නමුත් මොනම හේතුවක් නිසාවත් කණගාටුවෙන් සහ කළකිරීමෙන් ජීවත් වෙන්න එපා.
තමන්ට වටිනාකමක් දෙන්න.

හුඟක් දෙනෙක් තමන්ගේ පවුලට / දරුවන්ට මුල් තැන දීල කටයුතු කරනවා සහ එහෙම කරද්දී තමන්ගේ අවශ්‍යතා මගහරිනවා. තමන්ට අවශ්‍ය දේවල්, තමන් කැමති දේවල් කැපකරනවා. ආසියාතික පවුල් සංස්කෘතිය ඇතුලේ අපි හැඩගැහිලා තියෙන්නේ එහෙම තමයි. නමුත් ගැටලුව අපි ඒක කරන්නේ ඇත්තටම සතුටින්ද කියන එක. බොහොමයක් වෙලාවට ඒ සියල්ල කිරීමෙන් පස්සෙත් තමන්ට අහිමි වෙන තමන් කැමති දේවල් ගැන පසුතැවීමක් ඉතිරි වෙනවා නේද..? ඒක සාමාන්‍ය දෙයක්. දැන් මේකට මොකද කරන්නෙ..? සියලු වගකීම්, යුතුකම් ඉටු කරන අතරෙත් ඔයා වෙනුවෙන් යම් කාලයක් සහ මුදලක් වෙන්කර ගන්න. සියල්ල කලමනාරණය කරන ඔයාට මේ කටයුත්ත අමාරුවෙන් නමුත් කරන්න බැරි නැහැ. උත්සාහය විතරයි අවශ්‍ය. ඒ නිසා තමන් වෙනුවෙන් යමක් වෙන්කර ගන්නත් අමතක කරන්න එපා. තමන්ව නඩත්තු කිරීම වෙනුවෙන් යමක් වෙන්කරගන්න තරම් කළමනාකාරී වෙන විදිහ ඉගෙන ගන්න.

 

කැමති දේ කරන්න වෙලාව හොයා ගන්න.

Young couple sitting on sofa enjoying playing the video game Free Photo

අපි හැමෝටම එකිනෙකාට වෙනස් විනෝදාංශ තියෙනවා. අපි කුඩා කාලේ, පාසල් කාලේ, තරුණ අවදියේ විදිහට එකිනෙකට වෙනස් විනෝදාංශ අපට තියෙනවා. සමහරු කැමැතියි චිත්‍රපටයක් බලන්න. තවත් කෙනෙක් පොත් කියවනවා. තවත් සමහරු සංගීතයට කැමතියි. හැබැයි ටිකක් වයසින් මුහුකුරා යනකොට, රැකියාවේ වගේම පවුලේත් වගකීම් වැඩිවෙනකොට මෙන්න මේ කොටස හැමෝටම වගේ මගහැරෙනවා. උපයන්න අවශ්‍ය නිසා රැකියාව කරලා ගෙදර දොර වගකීම් ඉටුකරාට පස්සේ තමාගේ විනෝදාංශ වෙනුවෙන් වෙලාව හොයාගන්න, ඒවා දිගින් දිගටම කරන්න හුඟ දෙනෙක් මහන්සි වෙන්නේ නැහැ. නමුත් මේක ඉතාම අහිතකර තත්වයක්. අපි හැමෝම මානසිකව ස්ථාවර වෙන්න නම් මේ සැහැල්ලුව, විවේකය සහ තෘප්තිය අවශ්‍යයි. එහෙම නොවී පීඩාකාරී අතෘප්තිකර ජීවන රටාවක ජීවත් වුනොත්, ඒක ආතතිය විදිහට වර්ධනය වෙලා විශාදය ඇතිවෙන්න පුළුවන්. නැතිනම් දරුණු මොළයේ අකර්මන්‍ය වීම් දක්වාත් මේ තත්වයන් වර්ධනය විය හැකි බව සමහර තොරතුරු වලින් කියවෙනවා. ඒ නිසා ඔයාගේ විනෝදාංශය මොකක් වුනත් ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න. දිනපතාම බැරි වුනත් සතියකට වතාවක් දකක් වත් ඔයාව සතුටු කරවන මේ වෙලාව වෙන්කරගන්න අමතක කරන්න එපා.

 

ඔයාට හරියට treat කරගන්න.

Masseur doing neck massage on man in the spa salon. Free Photo

මේ තවත් වැදගත් දෙයක්. තරුණ වයසේදී නැතිනම් 20 – 30 අතර වගේ කාලයේදී මොන තරම් ලස්සනට පිළිවෙලට ජීවත් වුන අය වයස 30 ඉක්මවුවාට පස්සෙ, කසාද බැන්දට පස්සෙ පෙනුමින් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවද..? නිකමට හිතල බලන්න. ආපහු අර පරණ හේතුවයි. ගෙදර දොර වැඩකටයුතු, දරුවන්, පවුල මේ සියල්ල වෙනුවෙන් කාලය ශ්‍රමය වෙන් කරාට පස්සේ ඔයා ඔයාව අමතක කරලා. ඒත් අමතක කරන්න එපා ඔයාත් සාමාන්‍ය මනුස්සයෙක්. වෘත්තියවෙදියෙක්. එතකොට ඔයාගේ පෞරුෂත්වය, වෘත්තීය තත්වය මේ සියල්ලම ඔයා ජීවත් වෙන විදිහත් එක්ක පෙනෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනික් සියලු කටයුතු අතරෙත් ඔයාගේ පෙනුම ගැන හිතන එක අමතක කරන්න එපා. ඔයාගේ සමේ සෞඛ්‍ය වෙනුවෙන් යමක් කරන්න. නිවැරදි කෑම වේලක් කන්න. ප්‍රමාණවත් වතුර බොන්න. සම පිරිසිදු කිරීම කරන්න. ඒ දේවල් වලට වෙලාව හොයාගන්න එක ඔයාට ලොකු අමාරුවක් නැතුවම කරන්න පුලවන්. අවශ්‍ය වන්නේ දැනුවත් බව සහ උවමනාව විතරයි. ඊළඟට ඔයා අඳින ඇඳුම පිරිසිදුව සහ පිළිවෙලට අඳින්න. ඒවා අපිළිවෙල විදිහට ඇඳගෙන යාමෙන් ඔයා කාර්යබහුලයි කියල පේනවට වඩා ඔයා අතෘප්තිකර ජීවිතයක් ගෙවනවා කියලයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම සමට, මුහුණට, අතපය වලට නිසි සත්කාර කරන්න. ලොකු වියදමක් කරගෙන වෙලාව වැය කරගෙන සැලුන් එකට නොගියත් ඉතාම සරළ ක්‍රම වලින් මේ දේවල් නඩත්තු කරගන්න ඔයාට පුළුවන්. ඒ වෙනුවෙන් අවදානය යොමු කරන්න.

 

 

ඉඳහිට හරි විනෝද වෙන්න

Happy dance with friends Free Photo

විනෝදය සතුට සැහැල්ලුව අපේ මානසික සෞඛ්‍යට අත්‍යවශ්‍යයි. ඒ නිසා විනෝද වෙන්න වෙලාවක් හොයා ගන්න අමතක කරන්නම එපා. “වෙලාවක් නැහැ” වැඩ වැඩියි” කියන්නෙම ඔයාගේ කළමනාකරණ කුසලතා වල අඩුපාඩුවක් මිස සාධාරණ හේතුවක් නොවෙයි. ඒ නිසා ඔයාගේ හොඳම යාළුවො එක්ක එලියට යන්න, යාළුවෙකු ගෙදර යන්න, එහෙමත් නැත්නම් යාලුවන්ට කෑමකට ආරාධනා කරන්න වගේ විනෝදාත්මක වැඩකට මාසයකට වතාවක් වත් ඔයාගේ වෙලාව වෙන්කර ගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් “මේ ළමයින්ගේ වැඩත් එක්ක අපි කොහොමද ඕව කරන්නේ” කියල. ළමයින්ගේ වැඩ සියල්ල අතරෙත් මේ දේවල් වලට වෙලාවක් වෙන්කර ගැනීම නැවතත් ඔයාගේ කළමනාකරණ කුසලතාව මත තීරණය වනවා. ඒ වගේම ඔයාගේ බිරිඳ / සැමියා එක්ක පවත්වන සම්බන්ධතාව අනුවත් මේ දේවල් කළමනාකරණය කරගැනීමේ හැකියාව තීරණය වෙනවා. ඒ කොහොම වුනත් වැදගත්ම දේ මේ වෙනුවෙන් වෙලාවක් හොයා ගැනීම. ඒ වගේම චිත්‍රපටයක් බලන්න යන්න, නාට්‍යක් බලන්න වගේ විනෝදාස්වාදය සපයන දෙයකටත් යොමු වෙන්න අවශ්‍යමයි. මානසික සුවය, පහසුව ඇතිකරන්න වගේම ඔයාගේ stress එක අඩු කරගන්නත් ඒක අතිශය වැදගත්.

ඔයා දක්ෂතා පෙන්වපු සහ කැමති වුන ක්ෂේත්‍රය අත් හරින්න ඔයාට සිදුවුනා වන්න පුළුවන්. අපේ වගේ රටකදී ඒක ඉතාම සාමාන්‍ය තත්වයක්. පිහිනීමට දක්ෂ කෙනෙක් ඊට හාත්පසින්ම වෙනස් වෘත්තියක යෙදෙනවා වෙන්න පුළුවන්. චිත්‍ර අඳින්න දක්ෂ කෙනෙක් ගිණුම් අංශයේ රැකියාවක යෙදෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් හරිම සුලභයි. නමුත් ඔයා දක්ෂ, ඔයා කැමති දේ සම්පුර්ණයෙන්ම අත්හැරීම කරන්න එපා. ඔයා චිත්‍ර අඳින්න දක්ෂයෙක් නම් ඒ වෙනුවෙන් සතියකට වතාවක් හරි වෙලාවක් වෙන්කර ගන්න. සින්දු කියන්න, වාදනය කරන්න, යම් ක්‍රීඩාවකට, හෝ වෙනත් ඕනෑම දෙයකට ඔබේ වැඩිම කැමැත්තක් තියේ නම් ඒ වෙනුවෙන් සතියකට පැය 2ක් 3ක් හෝ වෙන් කිරීම අනිවාර්යෙන්ම කරන්න. එහෙම නොවුනොත් ඔයා අතෘප්තිකර ආතතියෙන් පෙලෙන කෙනෙක් වෙන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා.

මදක් නවතිල්ලේ සිතා බලන්න. අපි කැමති, ආසා කරන කොයිතරම් දේවල් අපි ඇත හැරලා තියෙනවාද.? වෙනත් අරමුණු වෙනුවෙන්, අනිකා වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් වෙහෙසේනවාද? නමුත් මේ සියල්ල අතරෙත් ඔයා, ඔයා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න දැන් වත් මතකයේ තබාගන්න. සියල්ල තීරණය වන්නේ ඔබේ කළමනාකරණ හැකියාව මතයි. කිසිවක් අත නොහැර කළමනාකරණය කරගන්න ඔබට හැකියාව තිබෙනවා. උත්සාහ කිරීම පමණයි අවශ්‍ය. එනිසා ඔයා වෙනුවෙ, ඔයාගේ ජීවිතය වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න, ඔයාටම treat කරගන්න දැන් සිටවත් පටන් ගන්න. වෙනදාට වඩා සතුටින්, සහලුවෙන් සහ තෘප්තියෙන් ජීවිතය ගෙවන්න ඔයාට හැකිවේවි. ජීවත් වෙනවා කියල ඔයාටම දැනෙන්න පටන් ගනීවි.

-එන් වෙහෙරදූව-

පොඩ්ඩන්ට ආසාවෙන් කන්න පෑන් කේක්…

පොඩ්ඩො කැමති නැහැ හැමදාම එකම කෑම වර්ග කන්න. එයාලා කැමතී අලුත් අලුත් රස කෑම try කරලා බලන්න. ඒ නිසා වෙනසකටත් එක්ක ඔයාට පුළුවන් දැන් ලේසියෙන්ම මේ පෑන් කේක් එක ඔයාගේ පොඩ්ඩට හදලා දෙන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය-

පාන් පිටි කෝප්ප 1
බේකිං පව්ඩර් මේස හැඳි 1
ලුණු මේස හැඳි 1/4
වතුර කෝප්ප 1
කිරිපිටි මේස හැඳි 4
බිත්තර 1
වැනිලා මේස හැඳි 1
දියකරගත් බටර් කෝප්ප 1/4

 

සාදාගන්නා ආකාරය

  • භාජනයකට පාන් පිටි, බේකිං පව්ඩර් සහ ලුණු එකතු කරගන හොඳින් මිශ්‍ර කරගන්න .
  • වතුර කෝප්පයකට කිරිපිටි මේස හැඳි 4 එකතු කරගෙන කලවම් කරගන්න.
  • පිටි මිශුණයට, පිටි කිරි ටිකයි, දියකරගත් බටර් ටිකයි, බිත්තරයයි, වැනිලා ටිකයි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් එකතු කරගෙන සාදාගත් මිශ්‍රණය පෑන් එකට එකතු කරගෙන පෑන් කේක් එක සාදාගන්න.

ඔයා ආසවෙන් පාවිච්චි කරන handbag එක හරියට maintain කරනවාද..?

ඔයට අනිවාර්යයෙන් ගොඩක් ආස කරන අත් බෑග් එකක් තියෙනවා වෙන්න පුළුවන්. කොච්චර ආසායි ද කියනවනම් bag එක damage වුණොත් කොච්චර හිතට දුකක් දැනෙනවද නේද? අපි අත් බෑග් එක වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරාට වැඩක් නැහැ හරියට maintain කරන්නේ නැත්තම්. ඉතින් තමන් ආසම handbag එක දිගුකාලයක් තියාගන්න හරියට maintain කරන්නේ කොහොමද කියලා අද අපි බලමු.

ඔයාගේ handbag එක කිසි විටෙකත් බිම තියන්න එපා ..

යන යන තැන handbag එක බිම තියනවා කියන්නේ හොඳ වැඩක්නම් නෙවෙයි. බිම තියන දූවිලි, කුණු, විශබීජ, හැම එකක්ම ඔයාගෙ බෑග් එකේ ගැවිලා ඒක විනාශ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ඔයා ඔයාගේ බෑග් එක යන යන තැන බිම තියන්නේ නැතිව ඉදගන්න පුටුවේ එල්ලන්න පුළුවන්, එහෙමත් නැත්තම් උකුලේ හරි වෙන පුටුවක් උඩින් හරි තියන්න පුළුවන්.

ඔයාට තවත් විකල්පයක් ලබා දෙන්න අපිට පුළුවන්. මේසේ බෑග් එක එල්ලන්න පුළුවන් hook එකක් මිළදී ගන්න හැකියාව තිබෙනවා. එක ලොකු ගාණකුත් නැහැ අනික ලෙහෙසියෙන්ම තමන්ගේ බෑග් එකේම මේ කොක්ක දාගන යන්නත් පුළුවන්.

අපිරිසිදු අත්වලින් ඔයාගේ බෑග් එක අල්ලන්න එපා..

අපේ අත් ගොඩක් වෙලාවට අපිරිසිදු වෙන්න ඉඩකඩ වැඩියී. මොකද වැඩි වැඩ කොටසක් අපි කරන්නේ අපේ අත් දෙකෙන්. ඒ වගේම ස්භාවිකවම දහඩිය දැමීම සහ තෙල් ගතිය මතුවීම අපේ අත්වල සිදුවෙනවා. මේ නිසා අපේ handbag එකේ අත් පටි ඉක්මනින්ම විනාශවෙන්න පුළුවන්. මේ නිසා බෑග් එක අල්ලන්න කලින් අත් දෙක පිරිසිදු කරගන්න මතක තියාගන්න.

 

ඔබේ අත්බෑගය අධික ලෙස පිරිසිදු කිරීමෙන් වළකින්න..

සමහර කාන්තාවන් ඉන්නවා තමන්ගේ handbag එක පරිස්සම් කරන්න උවමනවාට ඕනවට වඩා පිරිසිදු කරනවා. ඕනවට වඩා පිරිසිදු කිරීම ඇත්තටම හොඳ නැහැ. රසායනික දේවල් යොදලා ඕනවට වැඩිය පිරිසදු කිරිමෙන් handbag එකේ කල්පැවැත්ම කෙටි වෙනවා. අවශ්‍ය අවස්ථාවේ පමණක් පිරිසිදු වතුර යොදාගන handbag එක පිරිසිදු කරන්න මතක තියාගන්න.

 

හැම handbag එකක්ම එකම අමුදූව්‍ය වලින් නිර්මාණය කරලා නැහැ කියලා මතක තියාගන්න..

ඔයා handbag එක මිලදී ගන්නකොට ඒක කුමන ආකාරයේ ද්‍රව්‍යකින් නිර්මාණය කරලා තියනවද කියලා හොයලා බලන්න. මොකද එක එක ද්‍රව්‍ය වලින් සාදා තිබෙන handbag පිරිසදු කරන්න සහ ආරක්ෂා කරන්න එකිනෙකට ආවේණික දේවල් සහ ක්‍රම තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ඔයාගේ handbag එක ලෙදර් වලින් සාදා තිබෙනවා නම් එය පිරිසිදු කරන්න ලෙදර් ක්ලීනර් එකක් යොදාගන්න සිදුවෙනවා.

 

 

ආවරණයක් හෝ ඇතුළත ආධාරකයක් නැතිව ඔයාගෙ handbag එක කිසි විටෙකත් ගබඩා කරන්නම් එපා..

handbag එක ගබඩා කිරීමේදී ඒක ඇතුලට ආධාරකයක් වශයෙන් පසුම්බියක් හෝ ස්පොන්ජ් එකක් භාවිතා කරන්න හැකියාව තිබෙනවා. එතකොට handbag එක නැවෙන්නේ නැතිවෙන්න ඒ ආකාරයෙන්න තියාගන්න පුළුවන්. ඒ වගේම ගබඩා කිරීමට පෙර දූවිලි ආවාරණයක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් handbag එකක් මිලදී ගන්නකොට දූවිලි ආවරණයක් ඒත් සමග ලැබෙනවා. ගොඩක් අය මේක විසිකරනවා. ඒ දේ කරන්න එපා. මොකද ඔයාගේ handbag එක පරිස්සම් කරන්න අත්‍යවශම දෙයක් තමයි මේ දූවිලි ආවරණය කියන්නේ. ඒ වගේම ඔයා handbag එක තියන තැන අනුව ලෙහෙසියෙන් එල්ලා තබන්න Hanging Handbag Organizer එකක් මිලදී ගන්න අමතක කරන්න එපා. handbag එකේ හැඩය පවත්වාගන යන්න යමක් ඇතුලට පුරවලා තියන්න මතක තියාගන්න.

Seafood කන්න ආසයිද? එහෙනම් මෙන්න ඒකට නියම තැනක්…

seafood වලට කැමති අයට නම් Manhattan Fish Market කියන්නේ අලුත් තැනක් නෙමෙයි. 2013 දී ආරම්භ කරපු Manhattan නගරයේ හොඳම seafood ලබා දෙනවා වගේම මේ වෙද්දී ලංකාවේ ආවේණික රසයන් වලට අලුත් රසයන් එකතු කරලා තියෙනවා. එයාලගේ අලුත්ම අලෙවිසැල ගාලු පාරේ විවෘත කළා. ඉතින් අපිට එයාලගේ ආවේණික කෑම වර්ග කිහිපයකම රස බලන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම එයාලට අපේ සිත් ගන්න පුළුවන් වුණා කිවුවොත් හරියටම හරි.

 

Drinks

නොයෙකුත් වර්ගයේ smoothies,shakes සහ mocktails වර්ග කිහිපයක්ම අතරින් රසවත් බීමක් තෝරාගෙන රසවත් කෑම වේලක් එක්ක ඒක රස විදින්න අපිට අවස්තාව ලැබුණා.

 

Citrus Mint (LKR 490)

ඇත්තටම Citrus Mint කියන නමට සදාරණයක් කරපු මේ බීම එක ‘මින්ට්’ ගතියට වගේම ‘නැවුම්’ ගතියට අලුත් අර්ථයක් එකතු කළා. ලෙමන් හා මින්ට් වලින් පුරවලා තිබුණු මේ පානය රස්නෙ දවසක ගන්න නම් ගොඩක් සුදුසුයි. මගේ මුණට සිනහවක් ගේන්න වගේම මාව සනසන්න මේකෙන් ගත්ත පළවෙනි උගුරම සමත් වුණා කිවුවොත් හරි. ඕනෑවට වඩා ඇඹුල් හෝ පැණිරස ගතියක් නොතිබුණා වගේම හැම රසයක්ම සමානව දැනුන එක මේ drink එකට මම ගොඩක් කැමති වෙන්න හේතුවක් වුණා. මේක ඇත්තටම බීලා බලන්නම ඕනේ දෙයක්.

 

 

Botanical Passion (LKR 490)

පැෂන්, ලෙමන්, ඇපල් යුෂ සහ මින්ට් Earl Grey tea වලට එකතු කරලා හදලා තිබුන මේ Botanical Passion එක මේ දේශගුණයත් එක්ක බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම drink එකක්. අර්ල් ග්‍රේ තේ වල උණුසුම් රසය පළතුරු යුෂ වල මිහිරි බව සහ රස සියල්ලම එකට එකතු වෙලා තිබුණා. මේ බීම එකේ සමස්ත රසය තවත් ඉහල නංවන්න මේ පානයට එකතු කරලා තිබුණ බැසිල් කොළත් උපකාරී වුණා. ඉතින් මේකත් බීලා බලන්නම ඕනේ බිමක් කියලා තවත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

 

 

Mains

 

Fish and Chips – Dory (LKR 1190)

Fish සහ chips කියන්නේ ගොඩක් දෙනෙක් කැමති කෑමක්. පිටින් Crispy ගතියට වගේම ඇතුලතින් soft ගතියට තියෙන විදිහට මේ dory එක කදිමට උයාගන තිබුණා. ක්‍රිමි tartar sauce එක මේකට හොඳ රසයක් එකතු කරලා තිබුනා වගේම paprika සහ මිරිස් කුඩු චිප්ස් වලට ඉහා තිබුනා. මේ dish එකට ලකුණු 10/10ක් දෙන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ.

 

 

Grilled Chicken (LKR 1090)

Manhattan Fish Market මුහුදු ආහාර වලට ප්‍රසිද්ධ වුණත්, මාංශ වලට කැමති අයවත් එයාලා අමතක කරලා නැහැ. මේ චිකන් එක පදමට ග්‍රිල් කරලා තිබුනා. මෘදු හා ඉස්ම සහිත වුණු smokey flavour එකක් මේ dish එකේ තිබුණා. මේ dish එක සම්පුර්ණ කරන්න එළවළු සහ බත් සරිලන ප්‍රමාණයක් පිළිගන්වලා තිබුණා.

 

 

Baked Dory with Seafood Sauce (LKR 1190)

ඔයත් සැර කෑම වලට කැමති කෙනෙක් නම් මේක තමයි ඔයාට කියාපු කෑම. කටේ දිය වෙලා යන තරම් මෘදු Dory එකත් එක්ක සැර සහ ඇඹුල් රසයක් තිබුණු සෝස් එක කදිමට ගැලපුණා. ඒක ඇත්තටම හොඳම ගැලපීමක්. මේ එක්ක පිළිගන්වපු බටර් ගතියක් තිබුන මෘදු බත් මාළු එකේ තිබුණ රසය සමතුලිත කරන්න උදවුවක් වුණා. මම ගත්ත කෑම වර්ග තුනෙන් මේක මගේ ප්‍රියතම dish එක වුණ නිසා මේක කාලා බලන එක මං 100% ක් නිර්දේශ කරනවා.

 

Desserts

 

Sizzling Brownie with Ice Cream (LKR 890)

කෑම වේලක් ඉවර කරන්න හොඳම විදිහ තමයි මේක. වැනිලා අයිස් ක්‍රීම් scoop එකක් උඩින් දාලා ඊට උඩින් උණුසුම් කැරමල් සෝස් දාලා රටකජු වලින් මේක ලස්සනට සරසලා තිබුණා. බ්‍රව්නී මෘදු සහ ඇලෙනසුලු ගතියක් තිබුණා. කැරමල් සෝස් මේ අතුරුපසට ඕනෑවට වඩා පැණි රසක් එකතු කරයි කියලා මේක දැක්ක ගමන් අවංකවම කනස්සල්ලට පත් වුනත් මාව පුදුම කරවමින් මේකේ රසය සමතුලිත කරන්න කැරමල් වල තිබුණු ලුණු ගතියට පුළුවන් වුණා.

 

 

Manhattan Mud Pie (LKR 690)

පිටතින් චොකලට් අයිස්ක්‍රීම් දාලා තිබුන මේ ගූයි චොකලට් පයි එක ප්‍රබෝධමත් බවක් එකතු කළා. මේකට එකතු කරලා තිබුන Dark chocolate sauce එක මේකේ තිබුන පැණිරස ගතිය සමතුලිත කරන්න උදවු වුණා. ඔයා ඕනෑවටත් වැඩිය පැණි රස කන්න අකමැති කෙනෙක්නම් මේ pie එක ඔයාට ගොඩක් ගැළපෙනවා.

 

 

Ambience

ඇසට ප්‍රියමනාප මේ Manhattan Fish Market outlet එක ලස්සන වගේම ගොඩක් සන්සුන් තැනක්. තට්ටු දෙකක් තිබුන නිසාම ගොඩක් අමුත්තන්ට ප්‍රමාණවත් ඉඩකඩක් තිබුණා. ඊටත් වඩා හොඳ දේ වුනේ ළමයින්ට විනෝද වෙන්න එයාලටම වෙන්කළ play area එකක් තිබීම.පවුලේ අය සහ මිතුරන් එක්ක හොඳ ආහාර වේලක් ගන්න කදිම පසුබිමක් මෙතන තිබුනා වගේම එයාලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ගොඩක් කාර්යක්ෂම වුණා. ඉතින් ඇත්තටම මේක හොඳ අත්දැකීමක් වුණා කිවුවොත් හරියටම හරි.

හොඳ ලෙඩ වලට ආයෝජනය කරමින් බය නැතුව ඉදිරියටම යමු..

අපි ජීවිත වලට එන ගැටලුකාරී දේවල් වලදීත්, අවිනිශ්චිතතා වලදීත් පවුල කියන තැනට අපි ලබාදෙන්නේ ඉහළම තැනක්. ලෝකයේ බලවත්ම රටවල් පවා හොල්ලන්න පුලුවන් වුණු මේ Covid-19 වෛරසය, පවුලක තියෙන වටිනාකම අපිට හොඳින්ම දැන්නුවා.රට රටවල් අතර තියෙන ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම් නිසාවත් Covid-19 වසංගතයේ තිබූ බලපෑම වෙනස් වුනේ නෑ. සෑම රටකටම එක හා සමානව එය බලපෑවා.

එ වගේම Covid-19 නිසා එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් මෙන්ම බොහෝ පවුල්වල ආර්ථිකයද යම්තාක් දුරට පහලට වැටිලා තියෙනවා. ලැබෙන මුදල් ප්‍රමාණය අඩු නිසා මේ කාලයේදී මුදල් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි. දරුවන්ට පාසල් වලට යන්න විදිහක් නෑ.ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න සිදුවෙලා තියෙන්නේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේයි.ඒ වගේම වැඩිහිටියන්ටත් නිවෙස් වලට වෙලාම ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා පවුලෙ හැමෝටම වගේ සමාජයත් එක්ක ගැටෙන්න තියෙන අවස්ථා ගොඩක් අවම වෙලා තියෙනවා. මේ කාලයේදී දෙමව්පියො දරුවො ගැනත් දරුවන් දෙමව්පියෝ ගැනත් වගේම තම පවුලේ සාමාජිකයන් එකිනෙකාට හොඳ අවධානයක් ලබා දිය යුතුයි. ඒ තුළින් පවුලේ සතුට,සමාදානය, එකමුතුකම වර්ධනය කරගන්න පුළුවන්.කොළඹ රිජ්වේ ළමා හා කාන්තා රෝහලේ මනෝ චිකිත්සක හා කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාජිකාවක් වන වෛද්‍ය දුලංගි දහනායක මහත්මිය කියා සිටියේ,

“මේ කාලෙදි, දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕනි. දරුවන්ට තියෙන ප්‍රශ්න ගැන හොඳට හොයලා ඒවාට විසඳුම් හොයාගන්න උපකාර කරන්න ඕනේ. ඕනෑම ගැටලුවක් නොභියව දෙමව්පියන්ට කියන්න පුළුවන් නිදහස් වටපිටාවක් දෙමව්පියෝ දරුවන්ට සකස්කළ දෙන්න ඕනේ”

 

දැනුවත් වෙන්න – ක්‍රියාත්මක කරන්න

මේ කාලේ අපි සෞඛ්‍ය නීති හරියටම පිළිපදින්න ඕනේ… ඒ නිසා අපිට සමාජයත් එක්ක ගැවසෙන්න තියෙන කාලය ගොඩක් සීමිතයි. වැඩිපුර නිවසට වෙලා ඉන්න එක තමයි ආරක්ෂිතම දේ. ඉතින් ඔයාටත් හිතෙන්න පුළුවන් අපි අපිවම හිරකර ගත් වටපිටාවක ඉන්නවා කියලා .හැබැයි මේ කාලෙදිත් අපේ පවුලේ හැමෝගෙම සතුට ,එකමුතුකම වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් මොනවද කියලා ඔයත් හිතල බැලුවද?

ඉතින් මේ නිසාම පවුල තුළ එකමුතුකම වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් softlogic life ආයතනය “හොඳ ලෙඩ සංකල්පය” ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත කළා. අලුත් දේවල් අත්හදා බලන්න උනන්දුවක් අපි තුළ තියෙනවා. ඒ වගේම එකම දෙයක් ගැන එක එක්කෙනාට වෙනස් වෙනස් විදිහේ අදහස් තියෙන්න පුළුවන්. තමන්ට ආස හිතෙන දෙයක් කරන්න හිතෙන එක “ලෙඩක්”. හරියටම කිව්වොත් ඒක “හොඳ ලෙඩක්” විදිහට තමයි softlogic life ආයතනය දකින්නේ. ශ්‍රී ලංකාවේ පිළිගත් සන්නාමයක් ලෙස Covid-19 මධ්‍යයේ පවා පවුලේ සෑම සාමාජිකයෙකුටම හොඳ ගුණාත්මක ජීවිතයක් ලබා දීමේ අපේක්ෂාවෙන් මානසික ආතතියකින් තොරව පවුල තුළ සතුට මෙන්ම එකමුතුකම වර්ධනය කිරීමට උනන්දු කිරීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණයි.

 

ඉතින් අපේ පවුල තුළ කොහොමද “හොඳ ලෙඩ” වැඩි කරගන්නේ?

ඔයාට අලුත් අලුත් කෑම අත්හදා බලන්න ආසාවක් එන්න පුළුවන්..ඉතිං මේ කාලෙ ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ අනිත් අයවත් එකතු කරගෙන මේ cookery ලෙඩේ එයාලටත් බෝ කරන්න. පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා වැඩ කරද්දි ආදරය, එකමුතුකම පවුල තුළ තියෙන සම්බන්ධතාවය තවත් වැඩි කරගන්න ඔයාගේ “හොඳ ලෙඩෙන්” පුළුවන්. ඒ වගේම ඔයාගේ පවුලෙ අනිත් අයටත් තියෙන පොත් කියවන්න, සින්දු කියන්න, මැච් බලන්න, ,කැරම් ගහන්න, music instruments play කරන්න වගේ තියෙන හොඳ ලෙඩ වලට ඔයාටත් support කරන්න පුළුවන්.

ඉතිං ඉදිරියටම යන්න! බය නැතිව හොඳ ලෙඩ වලට පවුලක් ලෙස යොමු වන්න.

Chicken වලට කැමති නම් Burning Bird Rotisserie එකෙන් order කරන්න…

Cloud Kitchen concept එකට අනුව හදලා තියෙන Burning Bird Rotisserie විසින් ඔයාලා කන්න කැමති විවිධ විදියේ rotisserie chicken සහ ඒත් එක්කම විවිධ වර්ගයේ dishes කිහිපයක්ම පිළිගන්නවා. Burning Bird Rotisserie ජර්මානු ආහාර පිසීමට ප්‍රසිද්ධියක් උසුලන නිසා The Bavarian සමග partner brand එකක් වශයෙන් එකතු වෙලා තිබෙනවා. ඉතින් අපි ගියා Burning Bird Rotisserie එකට එයාලගෙ කෑම වල රස බලන්න.

Appetizers

Macaroni and Cheese with Parmesan Crust (LKR 330)

මම pasta සහ cheese වලට ගොඩක් කැමති කෙනෙක් නිසා මේ dish එක try කරලා බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මේ dish එක හොඳ වුණාට improve වෙන්න දේවල් ටිකක් නම් තියෙනවා. කොහොම වුණත් crust එක රසයි වගේම chewy texture එක නිසා පළවෙනි පාර try කරපු ගමන් ඒකේ රස හොඳට දැනුනා. ඇත්තම Macaroni and Cheese වල රස මීට වඩා වෙනස්. මේ dish එකට තව cheese එකතු කරලා white sauce අඩු කලානම් තවත් හොඳයි.

 

Loaded Crisps (LKR 860)


Topping එකට cassava chips භාවිතා කරල තියෙන එක මට වෙනස්ම අත්දැකීමක් වුණා. මේ chips ටික thick සහ heavy නිසා guacamole සහ sour cream එක්ක මේ structure එක රඳවඟන තිබෙනවා. හැබැයි රසේ අඩුවක් තිබුණා වගේම සහ මේ dish එකේ topping එක අඩු නිසා ටිකක් dry වෙලා තිබුණා. minced beef, crispy chicken, sour cream සහ guacamole එකතු කරලා තිබුණ නිසා dish එකට රසයක් එකතු වෙලා තිබුණා. මේ dish එකේ topping එන හොඳට තිබුණනම් ගොඩක් රසවත් වෙන්න තිබුණා කියලා මට හිතෙනවා.

 

Creamed Spinach Gratin (LKR 330)

මේ dish එක ගැනනම් මම ඇත්තටම සතුටු වුණේ නැහැ. මේ dish එක menu එකේ තිබුණ හොඳ option එකක් නෙවෙයි. මේ dish එක deliver කරගන්නවනම් ගෙනාවට පස්සේ රත්කරලා ගන්න එක තමයි හොඳ මොකද නැත්තම් නිවිති සහ චීස් නැවුම්ම තියාගන් හැකියාව නැතිවෙනවා.
නිවිති වල රසය වැඩි නිසා චීස් වල රසය නැතිවෙලා ගිහින් තිබුණා. අනිත් දේ තමයි dish එක අවසානයේ strong sour එකක් දැනුනා. ඒ වගේම මේ dish එක season වෙලා මදි.

 

Rotisserie Chicken and Egg Fried Rice (LKR 330)

මම මේ dish එක menu එකේ තිබුණ එක ගැනත් ඇත්තටම පුදුම වුණා. තව chicken ටිකක් එකතු කරලා තිබුණා නම් හොඳයි කියලා තමයි මට හිතුනේ. හැබැයි smoked flavour සහ fluffy texture එකයි නිසා මේ dish එක රසවත් වුණා.

 

Bourbon and BBQ Wings 6 pc (LKR 690)


මේ Bourbon and BBQ Wings එක ඇත්තටම මාව satisfy කලා කිව්වොත් හරියටම හරි. Juicy chicken wings එක්ක BBQ sauceතිබුණ නිසා තමයි මේක රසවත් වෙලා තිබුණෙ කියලා මට හිතෙනවා.The Bourbon විසින් BBQ sauce වල depth එක වැඩි කරලා තිබුණත් overall flavour එකම රස බලන්න තිබුණනම් තවත් හොඳයි. මේක අපිට deliver කරනකොට ටිකක් පරක්කු වුණා. මම හිතන්නේ Burning Bird Rotisserie මේ dish එක pack කරලා එවනකොට sauces එක වෙනම එව්වනම් හොඳයි කියලා. මොකද එතකොට chicken එකේ crisp ගතිය customor අතට dish එක ලැබෙනකම් තියාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් portion එක wings 3.6 හෝ 12 වශයෙන් order කරන්න.

 

Buffalo and Blue Wings 6 pc (LKR 690)

Blue cheese කියන්නේ මගෙ උන්නදුව අවුස්සන තවත් දෙයක්. නමුත් පොරොන්දු වුණ Blue cheese Dip එක package එකත් එක්ක එවලා තිබුණේ නැහැ. මේ නිසා මම ගොඩක් dissapointed වුණා. නමුත් wings ටික හොඳට හදලා තිබුණ වගේම hot buffalo sauce එක නිසා මුළු dish එකටම smoky flavour එකක් ලැබිලා තිබුණා.

 

 

Mains

Classic Italian Rotisserie Chicken (LKR 690)

අපි order කලේ quarter size chicken එකක් . නමුත් ඔයාට පුළුවන් half chicken (LKR 1360) හෝ full chicken (LKR 2,700) oder කරන්න.
මේ chicken එක juicy සහ tender එකට හොඳට cook කරගන තිබුණා. crispy skin එකෙත් හොඳ texture එකක් තිබුණා. ඒ වගේම herbs එකතු කරලා තිබුණත් flavour ටික chicken එකේ ඇතුළටම කාවැදිලා තිබුණේ නැහැ.

 

 

Hickory BBQ Rotisserie Chicken (LKR 690)

මේ dish එකත් හොඳට cook කරලා තිබුණා. ඒත් flavour ගැන කතා කරනකොට මීට වැඩිය දෙයක් කරන්න තිබුණා කියලා මට හිතුණා. හැබැයි මේ dish එක Classic Italian එකට වැඩියනම් හොඳයි. ඒ ketchup, paprika, hickory smoke seasoning එක නිසා. කොහොම වුණත් මේ dish එකට තව attention එක දුන්නා නම් තවත් රසවත් කරගන්න තිබුණා.

 

The Process

අපි order කලේ උදේ 11.30ට වුණාට කෑම ටික අපි අතට ලැබුණේ දවල් 1.30 සහ 2.30ට. කොහොම වුණත් 12.30 අපි දැනත්තා අපේ order එක එයාලා cancelle කරලා කියලා. අපිට ආයේත් මේ නිසා order කරන්න සිදුවුණා. විනාඩි 45කින් විතර order එක අපිට ලැබුණා. කොහොම වුණත් එයාලා පැකිලීමක් නැතිව අපේ සල්ලි refund කළා. Burning Birdලට cloud kitchen දක්වා වර්ධනය වෙන්න හැකියාව තිබුණත් customer satisfaction එක ගැන මීට වැඩිය හිතන්න අවශ්‍යයි කියලා තමයි අපි හිතන්නේ.

තොප්පිය තට්ටයට හේතුවක්ද…?

කොණ්ඩය ගැලවී යාම, තට්ටය පෑදීම කියන්නෙ බහුතරයකට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයට මේ ගැටළුව වැඩිපුර තියෙනවා කියලා තමයි අපට අහන්න දකින්න ලැබෙන්නෙ. මේකට හේතුව මොකක්ද කියන එක නිශ්චිතවම කියන්න බැරි වුනත් ජානමය හේතු මේ තත්වයට තදින්ම බලපානවා කියල තමයි පොදුවේ මතයක් විදිහට පවතින්නේ. තට්ටය පෑදීම කියන්නේ පුරුෂ පාර්ශවය මානසිකව පීඩාවට පත්වන ප්‍රධාන හේතුවක්. තරුණ වියේ ඉන්න පිරිමි පුද්ගලයකු වුනත් කොණ්ඩය හැලී ගිහින් තට්ටය පෑදුනා කියන්නෙ ඔහුගෙන් පේන්නේ වයසක පෙනුමක්. ඉතින්, තමන් ඉන්නවාට වඩා වයසයි කියල පෙන්වන්න කවුද කැමති වෙන්නෙ..? නමුත් මේ තත්වයට මුහුණ දෙන්න සිදු වුනොත්..? ඔබට විකල්ප හොයන්න හෝ නැතිනම් පවතින තත්වය බාරගන්න සිදුවෙනවාම තමයි. කොහොම වුනත් මේ තට්ටය පෑදීම කියන කාරණය එක්ක කතාබහට එන අතුරු කතාවක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නෙ. මේක “පිරිමින්ට විශේෂයි” කියලත් කියන්න පුළුවන්. හේතුව වැඩිපුරම මේ තත්වයට මුහුණ දෙන්නේ පිරිමි අය නිසා.

තට්ටය පෑදීම සිද්ද වෙන්න ලොකු හේතුවක් තොප්පි පැළඳීම කියල පොදු සමාජයේ මතයක් පවතිනවා. ඔයා මේ ගැන අහලත් ඇති. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත..? අපි අද කතාබහ කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. දැන් මේ ගැටළුවට සෘජු පිළිතුරක් දුන්නොත්, අපට කියන්න තියෙන්නේ එහෙම පිළිගත හැකි සාක්ෂි නැහැ කියන එකයි. ඒ කියන්නේ දිනපතා හෝ නිතර නිතර තොප්පියක් පැළඳීම නිසා තට්ටය පෑදීම ඉක්මන් වෙනවා හෝ ඒ පිළිබඳ අවදානමක් තියෙනවා කියන කතාව කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් ඔප්පු කළ අදහසක් නොවෙයි. ඒ නිසා අපට සරළව එක මිත්‍යා විශ්වාසයක් පමණයි කියල ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද..?

Image result for hair loosing because of hat

 

එහෙම සරළව ප්‍රතික්ෂේප කරන්නත් ඔයාට පුළුවන් කමක් නැහැ. දැන් ඔයා ටිකක් ගැටළුසහගත තැනකට යනවා වන්න පුළුවන්. එතකොට මොකක්ද ඇත්තම කතාව..?

 

මෙහෙමයි. ඔය තොප්පි දැමීම කියන එක අපි එක වචනයක් විදිහට කිවුවා වුනත් ඒකෙත් ප්‍රබේද තියෙනවා. සාමාන්‍යෙන් විලාසිතාවක් විදිහට තොප්පියක් පැළඳීම සමහරු කරන දෙයක්. ඒ වගේම තවත් සමහරුන්ගේ පුරුද්දක්. ඒ අයට තොප්පිය අහිමි වෙනවා කියන්නේ තමන්ගේ අනන්‍යතාව අහිමි වුනා වගෙයි. මොකද ඒ අය තමන්ව ප්‍රතිරූපයක් විදිහට ගොඩනගාගෙන තියෙන්නෙම තොප්පියත් එක්කමයි. ඉතින් කොතන කොහොම වැඩකට ගියත් ඒ අය යන්නෙ තොප්පියත් එක්කමයි.

මෙන්න මේ වගේ පුරුද්දක් තියෙන අයට තොප්පිය කියන්නෙත් අත්‍යවශ්‍ය අංගයක්. ඉතින් මේ තොප්පි දැමීම ඔයාගේ කොණ්ඩය ගැලවී යාමට හේතුවක් කියල අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. ඒ කරුණ සනාථ කරන්න සාක්ෂි ලැබිලත් නැහැ. නමුත් ඔයා පළඳින තොප්පියේ තත්වය ගැන සැළකිලිමත් වීම නම් අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔයා පළඳින තොප්පිය ඔළුවට තදට හිර තොප්පියක් නම් එතන අවදානමක් තියෙනවාමයි. ඒ වගේම දහදිය රැඳෙන තරමට සම්පුර්ණයෙන් ආවරණය කළ තොප්පියක් ඔයා පළඳිනවා නම් එතැනත් හිසකෙස් වැටීමේ අවදානමක් තිබෙන බවට තොරතුරු තිබෙනවා. ඔයා නිතර තොප්පියක් පළඳින කෙනෙක් නම් දවසෙම තොප්පිය දාගෙන ඉඳල ගැලවීමේදී තොප්පිය ඇතුලේ ගැලවුණු හිසකෙස් තියෙනවා දකින්න පුළුවන්. එක සාමාන්‍ය තත්වයක්. තොප්පිය නිසා කොණ්ඩේ ගැලවී යනවා කියන අදහස ඔයාට ඇතිවෙන්න මේකත් බලපානවා ඇති. නමුත් ඔය දැනගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යෙන් දවසකට කෙස් ගස් 100ක වගේ ප්‍රමාණයක් අපේ හිසෙන් ගැලවී යනවා. එක ස්වභාවික තත්වයක්. තොප්පිය දවසෙම පළඳින කෙනෙකුට මේ හිසකෙස් ගැලවී යාම හොඳින් පෙනෙනවා වන්නට පුළුවන්. නමුත් ඒක ඔබ පසුතැවිල්ලට පත්විය යුතු කාරණයක් නොවෙයි. හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා දකින්න ලැබුනොත් පමණක් ඒ ගැන තරමක් සැළකිලිමත් වන්න කියලයි අපට කියන්න තියෙන්නෙ.

පරම්පරාවෙ ඉතිහාසය මත ජානමය බලපෑමෙන් ඔයාගේ හිසකෙස් ගැලවී යාමට අවදානම දැඩිව තියෙනවා වගේම තවත් සමහර අසනීප තත්වයන් නිසාත් මේ තත්වයට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඒ වගේම යම් ආසාත්මිකතා ඇතිවීම, හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් වගේ කරුණුත් මේකට බලපාන්න හැකියාව තිබෙනවා. ශරීර උෂ්ණත්වය අධික වීමත් තවත් හේතුවක් විය හැකි බව විශේෂඥයින් පවසනවා. සමහර අහාර සහ පාන වර්ග නිසාත්, මානසික ආතතිය නිසාත් මේ හිසකෙස් ගැලවී යාමේ තත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ හැර හිසකෙස් ගැලවෙයි කියන බය නිසා තමන් වඩා ප්‍රියකරන විලාසිතාවක් වන තොප්පිය පැළඳීම අත්හරින්න නම් සාධාරණ හේතුවක් නැහැ. නමුත් අපි මුලින් සඳහන් කළා වගේම ඒ පළඳින තොප්පියේ විලාසිතාව, ප්‍රමාණය සහ නිමවා තියෙන අමුද්‍රව්‍ය වගේ කාරණා ගැන නම් සැලකිලිමත් වීම වැදගත්.

උෂ්ණත්වය රඳවා නොගන්නා වගේම හිර නැති විලාසිතාවක් තොප්පියක් තෝරා ගැනීම, හිතකර අමුද්‍රව්‍ය වලින් නිපදවූවක් තෝරා ගැනීම වගේ සරළ කරුණු ගන විමසිලිමත් වන්න. නිසි අවබෝධය ඇතුව “කැමති තොප්පියක් දාගන්න” කියල තමයි ඔයාට කියන්න තියෙන්නෙ.

එන් . වෙහෙරදූව

ඔයා තාම තනිකඩයි නම් වැලන්ටයින් දවස සතුටින් ගෙවන්නේ කොහොමද..?

වැලන්ටයින් කියන්නේ ඇත්තටම හරිම විනෝදජනක දිනයක්. හැබැයි ඒ ඔයාගේ යාලුවෝ ඇතුළු දන්න කියන හැමෝම විවාහ වෙලා හෝ සම්බන්ධතා පටන්ගන්නකන් විතරයි. ඔයා තනිකඩ කෙනෙක් නම් අද තනියම පාලුවෙන් ඉන්න වුනොත් ? අපි මේ කියන්න යන්නේ ආදරවන්තයින්ගේ දිනයේදී කොළඹ නගරය වටේ අත් අල්ලන් යන ආදරවන්තයින් ගෙන් වෙන්වෙලා ඔයාට තනියම මේ විශේෂ දවස ගොඩක් සතුටින් ගෙවන්න පුළුවන් විධි කිහිපයක් ගැන. එහෙමත් නැතිනම් අද ඇතිවෙන පාළුව මකා ගන්න හොඳම ක්‍රම කිහිපයක් ගැන.

 

 

1. සම්ප්‍රධායික ක්‍රමයට වෙනස්ව හිතන්න.

Image result for a normal day

මුලින්ම මේ ආදරවන්තයින්ගේ දිනය දිරිගන්වන හේතුව ඔයා නොසලකා හරින්න ඕනේ. උදාහරණයක් විදිහට අම්මාවරුන්ගේ දිනය වගේම පියවරුන්ගේ දිනය කියලා විශේෂ දිනයක් වෙන් කරලා තිබුණට ටිකක් හිතලා බලන්න හැමදවසක්ම එයාලගේ දිනයක් විදිහට හිතලා එයාලට සලකනවානම් ? ඒ වගේ මේ සුභ පැතුම් පත් හදන්නන්ට සල්ලි හම්බකරගන්න මේ දිනයන් වෙන් වෙලා නොතිබෙවී. මේ ගැන වැඩිහිටි කෙනෙක් එක්ක සාකච්ඡ කරලා බලන්න. මේ ආදරවන්තයින්ගේ දිනයත් අනිත් හැම දිනයක් වගේම සාමාන්‍ය දිනයක් කියලා හිතන්න.

 

 

2. ඔයාට තෑගී හොයන්න මහන්සි නොවීම ගැන ස්තුතිවන්ත වෙන්න.

Image result for no gift

වැලන්ටයින් දිනයේ තනිකඩව ඉන්න එකේ තවත් ප්‍රධානම වාසියක් තමයි තමන්ගේ සහකරුට හෝ සහකාරියට තෑග්ගක් ගන්න පොරකන පිරිස දිහා බලලා හිත යටින් හිනාවෙන්න පුළුවන් වීම. එදාට සුපිරි වෙළදසැලකට ගියොත් ඔයාට පුළුවන් වේවි අවසන් මොහොත වෙනකන් තෑග්ගක් ගන්න බැරිවුණ එයාලගේ ඇස්වල තියෙන භීතිකාව වගේම සරින් සැරේ තමන්ගේ දුරකථනය පරීක්ෂා කරන විදිහ. ඔයාගේ පාඩුවේ නිදහසේ ආර්පිකෝ එකක් ඇතුලේ ඇවිදගෙන යද්දී රතු රෝස මලක් , ටෙඩි බෙයාර් කෙනෙක් සහ චොකලට් පෙට්ටියක් උස්සගෙන මුදල් අයකැමි ගාවට දුවගෙන යන නොසන්සුන් අය ඔයාට දැකගන්න පුළුවන් වේවි .ඒක වැලන්ටයින් දිනය ගැන ජීවිත කාලය පුරාවටම හිතලා සතුටුවෙන්න පුළුවන් තවත් එක මතකයක් වේවි.

 

 

3. මුදල් ඉතුරු කරන්න.

Image result for saving money

තුන්වෙනියට, ඔයාට මිලදී ගන්න වෙන චොක්ලට් කොච්චර මිළ අධිකද කියලා හිතන්න. ඒ වෙනුවෙන් ඔයාගේ වටිනා මුදල් නාස්ති නොවීම ගැන සතුටු වෙන්න. අවංකවම කිවුවොත් ඒක ඔයාගේ කකුලක් අතක් තරම් වටින ලින්ඩ්ට් හෝ ෆෙරේරෝ රොචර් චොකලට් එකක් මිසක් පරණ තාලයේ රිට්ස්බරි චොකලට් එකක් නෙමෙයි. ඒ වගේම ඒක සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවකට හේතුවක් වෙනවා. ඉතින් මේ ගැනත් වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. අනවශ්‍යව අධික මුදල් වියදම වගේම ශරීරයට සීනි වලින් තියෙන අහිතකර පැත්ත වගේ දේවල් ගැන කතාකරන්න එයාලත් කැමති වෙයි.

 

 

4. දැනෙන පීඩනය මග හැර ගන්න.

Image result for no stree

 

දවස ගෙවෙද්දී ඔයාට පාළුව තනිකම දැනෙන්න පටන් ගනීවි. සාමජයෙන් දැනෙන පීඩනයත් එක්ක ඔයා කොච්චර උත්සහ කළත් හැමදාම ඔයාට තනියම ඉන්න වෙයි කියලා පොඩි හරි සැකයක් හිතට දැනෙයි. ඉතින් මේ වේලාවේ මේ හැම දෙයක්ම අමතක කරලා ඔයා තනියම නැගී සිටින්න. අවුරුද්දේ දවස් 365 න් එක දවසක් විශේෂ විදිහට ගත කරන්න ඔයාගේ ජීවිතයට එක විශේෂ පුද්ගලයෙක් අනවශ්‍ය බව මතක් කරගන්න. ඒ නිසාම ඔයාගේ වටේ ඉන්න සමීප හැමෝටම ඔයාගේ valentine වෙන්න ආරාධනා කරන්න. ඔයාගේ ආදරණීයන්ට ආදරය කරන්න. එතකොට එක්කෙනෙක්ගෙන් ලබන අවධානයට වඩා දහ ගුණයකින් අවධානය ඔයාට ලැබේවි.

 

 

5. ඒ වෙනුවට වෙනස් දෙයක් කරන්න.

Image result for talking with friends using zoom

වෙනසකටත් එක්ක විනෝදජනක වෙනස් දෙයක් කරන්න. ඔයාගේ තනිකඩ අනෙක් යාළුවොත් එක්ක zoom හරහා කාලය ගෙවන්න. ඔයාගේ ඉලක්ක වලට වැඩ කරමින් , ඔයාගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කරලා තනියම කාලය ගෙවන්න. මේ ආදරවන්තයින්ගේ දවස තාමටම ආදරය කරන්න පටන් ගන්නත් පුළුවන් දවසක් බව මතක තියාගන්න.

මේ දවස කවදාහරි ඔයාගේ දරුවන් එක්ක බෙදාගන්න පුළුවන් විදිහේ මතක තියෙන සුන්දර දවසක් කරගන්න. වැලන්ටයින් දවසට වගේම අනිත් දවස් වලටත් ඔයාට චොක්ලට් මිලදී ගන්න පුළුවන් වෙයි.නමුත් ලොකු මිලක් දීලා වැලන්ටයින් දවසට ගන්න ෆෙරේරෝ රොචර් එක ඒ ගාණෙන් භාගයක් දීලා වෙන දවසක ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ගැනත් හිතලා බලන්න.

අපේ ගෙදරට ආපු රේඩියෝව..ඔන්න උපන්දිනය සමරනවා .. රේඩියෝව ගැන ඔයා මේ දේවල් දන්නවද ..?

 

අද අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ හරියට ගහට වැල බැඳිලා වගේ හරිම යාලුකමකින් … ඒ යාළුකම කොච්චරද කියනවා නම් අපිට එන ගොඩක් ප්‍රශ්න අපේ මතකයෙන් ඈතට අරන් යන්න …. අපිට සතුට අරන් එන්න අද තාක්ෂණයට තියෙන්න උපන් හපන් කමක් …. අන්තර්ජාලය එක්ක තමයි අද අපි හැමෝගෙම ජිවිත ගෙවෙන්නේ ….. මොනවා උනත් අපි fun එකේ ඉන්නේ මෙන්න මේ නිසාම තමයි …. මෙහෙම fun එකේ ඉන්න කොට අපිට phone එක තමයි ඉතින් fun එකක් ගන්න එක එක දේවල් අපිට හොයල දෙන්නේ …. අපි ඉතින් ඒ මැජික්කාරයා එක්ක මැජික් ලොකෙක ඉන්නවා . මෙහෙම ඉන්න නිසා අපිට Television , Radio එක්ක යාලුවෙන්න වෙන්නෙම නෑ … ඒත් අපි සින්දුවක් අහන් එහෙ මෙහෙ යන්නේ ගොඩක් වෙලාවට අපිට tune වෙන Channel එකකට පින් සිද්ධ වෙන්න තමයි …. ලෝක ගුවන්විදුලි දිනය ඔන්න පෙබරවාරි 13…. ඉතින් මන් හිතුවා ගැස්ම කියවන ඔයාට ගුවන්විදුලි දිනය දවසේ ගුවන්විදුලි ගැන පොඩ්ඩක් කියන්න …

 

කොහොමද මේ ගුවන්විදුලිය හොයා ගත්තේ ?

Image result for who found the radio
අද ඉතින් රේඩියෝ කියලා අපි කටේ හුරුවට කිව්වට ඇත්තට ම එදා මේකට කිව්වේ වයර්ලස් කියලා .
ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විද්‍යුත් චුම්භක ශබ්ද තරංග බවට පත් කල නිසා ඔන්න ගුවන්විදුලි තරංග ලෝකෙට හදුන්වලා දෙනවා
හයින්රික් හර්ට්ස් මේ ක්‍රමය ලොවට වටින බලවේගයක් විදිහට භාවිතයට ගන්නවා .
ඔලිවර් ලොජ්ට පුළුවන් වෙනවා මේ ක්‍රමයේ තියෙන අඩු පාඩු හදන්න
ගුග්ලියමෝ මාර්කොනි තමයි ලොවට ගුවන්විදුලිය හදුන්වල දෙන්නේ . මෙන්න මෙහෙම තමයි ගුවන්විදුලිය මිනිස්සු කියන අපිට එන්නේ .

 

ලංකාවට ගුවන්විදුලිය ආවේ කොහොමද ?

Image result for edward harper

ඉස්සර අපේ මිනිස්සුන්ගේ පාළුව තනිකම මකන්න , දුකට සැපට හිටපු ලගම යාළුවා උනේ මෙන්න මේ කියන රේඩියෝ එක තමයි.
එඩ්වර්ඩ් හාපර් තමයි ලංකාවේ ගුවන්විදුලිය නිර්මාතෘ ….

1922 ජුනි මාසයේ පිහිටවපු ලංකා වයර්ලස් සමාජය වගේම 1922 නොවැම්බර් මාසයේ පිහිටවපු ලංකා ආධුනික ගුවන්විදුලි සංගමයත් , 1923 ජුලි මාසයේ පිහිටවපු ලංකා ආධුනික ගුවන්විදුලි සමාජයත් ලංකාවට ගුවන්විදුලිය අරගෙන එන්න මුල් වෙලා කටයුතු කරා .

විශේෂ කමිටු දෙකක් ගුවන්විදුලිය ආරම්භ කරන්න කලින් ඒ ගෙන හොයන්න , බලන්න පත් කරා .
1924 ජුනි මාසේ 24 වෙනිදා තමයි ලංකාවට ගුවන්විදුලිය නිල වශයෙන් හදුන්වලා දෙන්නේ …..

විලියම් හෙන්රි පළමු පළමු ගුවන්විදුලි ප්‍රචාරය විසිරුවා හරිනවා …

 

 

මොනවද ඉතින් විශේෂතා ?

Image result for radio

ශබ්දය මුලික කර ගත්ත හරි අපුරු මාධ්‍යයක් තමයි මේ ගුවන්විදුලිය කියන්නේ …… ඔන්න බලන්නකෝ මේ කතාව ….

රැහැන් රහිත නිසා ….. වයර්ලස් / වෑර්ලස් කිව්වා
ශබ්දය මාධ්‍ය කර ගත්තම ……… ශ්‍රව්‍ය වාහිනී කිව්වා
ගුවනේ යන විදුලිය නිසා ……. ගුවන්විදුලිය කිව්වා
ඉංග්‍රීසි වචනයෙන් අරන් ……. රෙදෙව්ව කිව්වා
අද ඔන්න අපි රේඩියෝව කියනවා ……..

ශබ්දය නිසා හරඹ පාන මේ ගුවන්විදුලිය කාගේ උනත් හිතට වදින . හිත පිස්සු වට්ටන , කන පිනවන …… අමුතුම උපකරණයක් …. නිවේදකයා පෙන්නේ නැති උනත් නිවේදකයාගේ ශබ්දයට වෙන වශීය නිසා තමයි මේ තරම් ගුවන්විදුලිය වටින්නේ …. ප්‍රේමකීර්ති ද අල්විස් කියන නම ඇහුන ගමන් අදටත් හිතට අමුතු ලෙන්ගතුකමක් දැනෙනවා … මොකද ඒ තරම් ඒ ශබ්දය අමරණිය උනා …. අපිට ඒ අත්දැකීම නැති උනාට …. අපේ අම්මා තාත්තට , ආච්චිට සීයට නම් …… ඒ සොදුරු මතක තියෙනවා මයි …… ගුවන්විදුලියෙන් එන ශබ්ද එක්ක අපි අමුතු බැදීමක් ඇති කර ගන්නවා ….. රූප නොපෙනුනාට අපේ මනසේ , හිතේ ලස්සන් ලස්සන රූප මවන්න ගුවන්විදුලියට පුලුවන් …

 

 

මොකටද ඉතින් රේඩියෝ අපිට ?

Image result for listen to the radio

අද වෙනකොට අපි හැමෝම කාර්යබහුල වෙලා . ඒක ඇත්ත . මොන රාජකාරී තිබ්බත් ඉතින් සින්දුවක් අහන් … රටේ ලෝකේ වෙන දේ ගැනත් පොඩ්ඩක් හොයා හොයා ඉන්න තමයි අපි හැමෝම කැමති …. රේඩියෝ එක නිසා අපි ඉතින් මේවා කරනවා ….. අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න ඕන කරන පාර රේඩියෝ එක පෙන්නනවා .. ඒ විතරක් ම නෙමේ අපිව සතුටු කරන්න මෙන්න මේ රේඩියෝ එකට පුළුවන් … අපි නොදන්න ගොඩක් තොරතුරු අපි ගාවට අරගෙන එන්න වගේම … අද වෙද්දී අපි දන්න දේවල් වෙන අය එක්ක හුවමාරු කර ගන්නත් මේ රේඩියෝ එක නිසා පුළුවන් වෙලා … අපි හැමෝම කැමති තොරතුරු එක්ක ජිවත් වෙන්න … ඇත්ත ම කතාව තමයි අපිට තොරතුරු නැතිව ජිවිතයක් නෑ කියන දේ … අපේ සම්බන්ධකම් ශක්තිමත් කරන්න …. රේඩියෝ එකට පුළුවන් වෙලා …… තරහ මරහා අමතක කරලා හැමෝම එක්ක සතුටින් ඉන්න රේඩියෝ එක අපිට කියලා දීලා …. අද ඉහේ කෙස් ගානට මාධ්‍ය සමාජෙට ආවට …. අපිට ගොඩක් කිට්ටුවෙන් , ලගින්ම ඉන්න තාමත් රේඩියෝ එකට පුළුවන් ….. එහෙම නේද …. අපේ මනසට අමුතුම රස ගෙන ඕනෑම මාධ්‍යයක් එක්ක ලගින් වගේම ……රස අතර අතරමන් නොවී සිහිබුද්ධියෙන් ඉන්නත් අපි දැන ගන්නම ඕන ……

ලෝක ගුවන්විදුලි දිනය අද වගේ දවසක දීලා තියෙන කොට මට හිතුනා ඒ ගැන ඔයාට මෙහෙම කියන්න ….. එදා ඉදන් අද වෙනකම් අපිව තනි නොකර , අපේ තනිය මකපු රේඩියෝ එක අපිත් තනි නොකර ඉමු නේද ……? ඔයා මොකද හිතන්නේ ඒ ගැන ……. දවසින් දවස , එක එක ජාතියේ මාධ්‍ය අපි ගාවට එනවා … අන්න එකත් ඇත්ත …. ඒත් ….. එදා ඉදන් අපි එක්ක හිටපු රේඩියෝ එක කියන අපේ සීයා අපිව තනි කරේ නෑ …… අන්න ඒක තමයි ඇත්ත කතාව ……. ලෝක ගුවන්විදුලි දිනය අභිමානයෙන් සමරන්න ගැස්ම කියවන ඔයාට මං ….. ආරාධනා කරනවා ……

සඳුනි අරවින්දිනී